27 June 2013

අපිත් ගමේ කොල්ලෝ තමා... ඇයි අවුල්ද..?

මේ ඊයේ පෙරේදා දවසක මට පොඩි වැඩක් සිද්ධ උනා... මං හිතන්නේ ගිය සිකුරාදා වෙන්න ඕන... හුගිය ටිකේ තිබුන වරින් වර කඩං හැලෙන වරුසාවයි.. තව එක එක හේතු හින්දා මට සුපුරුදු විදිහට පිටෝටුවේ ගෙහුන් උයන්න පිහන්න ඕන කරන එලෝලු පලා වර්ග නියමිත වෙලාවට ගේන්න බැරි වෙලා තිබුනේ.. නැත්තං ඉතිං සාමාන්‍යෙයන් සතියකට දවසක් විතර පිටෝටුවේ ගෙහුන් එලෝලු පලතුරු පලා ටිකයි.. සති දෙහෙකට විතර වංගියක් ගෙහුන් පෑලියගොඩ මාළු මාකට් එකෙන් ය මාළු මොන මොනවා හරියි උස්සං එන එක පුරුද්දට ගෙහුන් තියෙන්නේ...

පිටෝටු යන එක කොයි තරං ලාබද කියලා හිතෙන්නේ හදිසියකටවත් මෙහෙ කොහෙන් හරි මොනවා හරි දෙයක් ගන්න ගියාම තමා.. ඕනනං එක උදාහරණයක් කියන්නං.. මේ ඊයේ මං හදිසියේ උවමනා වෙලා කීල්ස් සුපර් එහෙකින් ගත්තා මාළු මිරිස් කරල් ටිකක්.. කිරලා බැළුවම ග්‍රෑම් 188යි.. මිල රුපියල් 72ක් උනා කියහංකෝ... ඒත්  පිටෝටුවේ මාළු මිරිස් ග්‍රෑම් 500ම රුපියල් හතලිහකට පණහකට වැඩි වෙලා නැහැ මේ මෑත කාලෙක... අනිත්වා ගැන කුමන කතාද..?

හරි ඉතිං මං කියන්න ගියේ මේකයි...

ඉතිං ඔය නියමිත වෙලාවට ඕන කරන අඩුම කුඩුම ටික ගෙනල්ලා දාගන්න බැරි උන හින්දා ගෙදර උයන පිහන දේවල්වල අඩුපාඩු මතු වෙවී ඇවිත් තිබුනේ.. ඒත් ඉතිං එහෙම වෙලාවට අතට අහුවෙන මොන මොනවා හරි දේවල් අල්ලලා උයන එක තමා කරන්නේ.. මං ඉතිං එහෙම දවස්වලට කියන්නේ තොග අවසන් කිරීමේ මහා සේල් කියලා.. ඒ කියන්නේ ගෙදර තියෙන අන්තිම අල ගෙඩිය.. පරිප්පු මිට එහෙම හට්ටියට මුට්ටියට වඩින දවස් තමා ඔය.. සමහර විට ඉතිං මිරිස් කරල..කරපිංචා ඉත්ත නැතිව උයන වෙලාවලුත් ඔය අස්සේ එන්නේ ඒ වෙනුවෙන්ම කඩේ දුවන්ට බැරි හින්දා... 

ඉතිං එදා.ඒ කිව්වේ ඔය සිකුරාදා දිහාවේ ගෙදර තත්වය සෝචනීයයි... යන්තං ඉතිරි වෙලා තිබුන දේවල් වලින් ඔන්න වස්ටක්කා කෑල්ලකුයි තලපත් මාළු කෑල්ලකුයි තිබුනා... හරි ඉතිං... වස්ටක්කා උයලා..  මාළු කෑල්ල මිරිසට උයලා ගතෑකි.. ඒත් ඉතිං ඔය වස්ටක්කා මාළුව හැදුවාම ඕකට හරියන්න කරෝල ටිකක් හාල්මැස්සෝ ටිකක් තෙල් දානවා වගේම මිරිසට උයාපු හරි බැදපු හරි මාළුත් හරියනවා.. ඒ වගේම  අනිත් පැත්තෙන් මොනවා නමුත් කොල ජාතියක් තිබුනොත් තමා කෑමේ නියම පදම එන්නේ... ඒත් ඉතිං ගෙදර කොල නැත්තං මැරෙන්නයෑ..

 කොහොම හරි ඉතිං ඔහොම ඔය ටික හදන්න හිතං ඉද්දී මට තව මොනවා හරි උස්සං එන්ට යන්ට උනා පාර පැත්තට... ආ හරි මතක් උනා.. ගම්මිරිස් ඇට... ගම්මිරිස් කුඩුනං මේ අහල කඩේකත් තිබුනා.. ඒත් මං ගේන්නේ ඇට මිසක් කුඩු නෙවෙයි.. මොකද ඔය කුඩු කොරාපු ගම්මිරිස්වල සැරක් ඇත්තේම නැති තරං... නිකං ලී කුඩු ඉහින්නැහේ මොකටද ගම්මිරිස් කුඩු දාලා කෑම කාලා.. ඒ හින්දා මං කොරන්නේ ගම්මිරිස් ඇට ගෙනල්ලා එයින් ටිකක් කොටලා කුඩු කරලා තියං පල පොරයෝජනේට ගන්න එකයි..

ඉතිං අන්තිමට ගම්මිරිස් ඇටයක් හොයන්න සෑහෙන්න දුර ගෙවාගෙන කීල්ස් සුපර් එහෙකටම යන්ට උනා.. ඒ යද්දී මං හිතං ගියේ ගොටු කොල මිටියක්වත් උස්සං එන්ට ඕන කියලා... පලා වර්ග ගන්න ඇහැකි කඩ කිහිපයක් මේ අහල පහල තියෙනවා... ඉතිං හිතං ගියා එද්දි ඒ එහෙකින් පලා මිටියක් උස්සං එනවා කියලා... ඒ හින්දම කොහොම හරි කීල්ස් එකේ තිබිලත් මං කොල මිටියක් උස්සං ආවේ නැහැ...

හුට්ටාරේ..හුට්ට පටාරේ කියන්නේ මෙන්න වෙනදට ඇරලා තියෙන කඩ බක්කි එදා වහලා කියහං... දැන් මොකද කොරන්නේ..? ඇපහු යන්ටද දුර ගෙවාගෙන කීල්ස් සාප්පුවටම කොට ටිකක් උස්සං එන්ට.. ම්හූ..පට්ට කම්මැලියි... ඒත් ඉතිං කොල මිටක් නැතිවත් බැහැ බැහැ වගේ...

ඔන්න ඔය වෙලේ තමා මට මතක් උනේ ගෙදර යද්දී හම්බු වෙන ආණ්ඩුවේ ඉඩං කෑල්ලක සරුවට වැවුන වැල් කොහිල ගාලක් තියෙන වග... ඒවායින් කවුරුවත් පල පරයෝජනයක් ගන්න හැඩකුත් නැහැ... මං ඉතිං හිතා ගත්තා අද ඉතිං වැල් කොහිල කොල තමා කියලා.. ඒ හිතලා ඔය කියාපු තැනට ඇවිදින් බයිසි මොටෝව එහෙම නවත්තලා  හොඳ පිරිසිදු ලස්සන කොල වලින් ටිකක් කඩන්න ගත්තා...

මෙන්න ඔය වෙලාවේ ඒ අහල ගෙදරක ඉන්න කාන්තා රත්නයක් ඇස් පුංචි කොරගෙන බලනවා මං මේ කඩන්නේ මොනවද කියලා... මං හිතන්නේ උපන් තේකට උන්දෑ වැල් කොහිල කාලා නැද්ද කොහේද...? බලන බැලිල්ලෙන් පෙනුනේ එහෙමම තමා... මයෙ මොකෝ... උන්දෑ වැල් කොහිල ඇදුරුවත් නැතත් මට පාන්යෑ.. අනික උන්දලා කවදාවත් අත තියලා නැහැ කියලා හිතෙන මේ වැලෙන් මං කොල ටිකක් කඩා ගත්තාම මොකද..? උන්දලා නගරේ ජිවත් වෙන හින්දා ගස් කොලං වලින් නිකං හම්බු වෙන මේ වගේ කොල ජාති දන්නේ නැහැ කියලා මං මක්ක කොරන්නද..? ඒත් ඉතිං අපි ඇවිල්ලා එහෙමයෑ...

පුංචි කාලේ හිටං ගමේ හැදිලා වැඩිලා.. කමතේ..නියරේ හැදෙන.. බඩ වැටියේ ඒවිටේ හැදෙන කොල පලා ජාති යහමින් කාපු බීපු උන් නෙව... එහෙවු එකේ කොළඹ ආවා කියලා මෙච්චර යසට කන්ට හැකි පලා කොලයක් තියෙද්දී ඒක අතෑරලා ඇහැකියෑ... මං එදා ඉතිං බොහෝම හොදට දවල් බතට වස්ටක්කා උයලා.. මාළු මිරිසට හදලා.. වැල් කොහිල කොල මැල්ලුමකුත් එක්ක බයියං ඩිංග ගිල්ලා...

කොහොමින් කොහොම හරි ඔන්න ඔය විදිහට මං කොළඹ ගස් කොලං හීරීමේ වැඩ සටහනටත් අත තිබ්බා... මොකද අපි ඇවිල්ලා ගංවල හැදිලා ගස් කොලං වලින් කෑමට බීමට දේවල් හොයා සපයාගත්ත  අය මිස රන් හැන්දෙන් ටිං කිරි කට ගාන ජාතියේ රාජකුමාරයෝ නෙවෙයි නෙව... අපිත් ඇවිල්ලා නියම ගමේ කොල්ලෝ තමා... ඇන්ටිලා එක්කෙනෙක් නෙවෙයි සීයක් බලං හිටියත් දැන්නං ඉතිං කොළඹ ගස් කොලං වලට දෙයියන්ගේම පිහිට තමා... :D

45 comments:

  1. ෂොක් ගැණු පරානයක්

    ReplyDelete
    Replies
    1. මචං මාරයෝ ඔය උඩින් තියෙන්නේ මම කොටාපු එකක් නෙමෙයි අපේ උන්දැ බ්ලොග් එකකට කියලා ඉස්ඉස්සෙල්ලම කොටාපු කොමෙන්ටුව . කොහෙද ඉතින් ඒකි දන්න පෝපයිල්

      ''මේක කියවන ගමන් කියාපු එව්වා වලින් පෝස්ට් එකක් කොටතහැකි''

      ''අර දොස්තර කෙනෙක් බැන්දා කියුෙව් මෙයාද ඇහුවා''

      '' මේ බලකෝ ඇයි ලොකු ඔයා මේකත් ලියුවද කියලා අහනවා මෙන්න''

      ''ඇයි ඒක බොරුවක්ද''

      ''කෝ මේ මිනිහා ඒකත් ලියනවා. එපා මෝඩයෝ''

      ''මේ වාගේ මිනිහෙක් බැන්දානං වටිනවා''

      දැනුත් මේ ඔඩෙක්කේ ඉදගන ඔව්වා තමයි කියන්නේ

      හැබැයි රජෝ මේ පෝස්ට් එක කියවන ගමන් උබට කියාපුවා මෙතන කෙටුවොත් උඹ ආයේ බොග දාන්නේ නැ

      Delete
    2. කව්රු හරි කියවනකොට බ්ලොග් එකක් අහන එකත් හෙන රහයි බං .
      '' ඔය ඉතින් බලකෝ මෙන්නක මේකී මගේ බෙල්ල මිරිකනවා''

      Delete
    3. ඔන්න ඒපාර කියනවා පිස්සුද මනුස්සයෝ ඒකත් ලියන්නේ ඒ පාර කියලා .මොනවා හිතයිද මිනකිස්සු මාගැන කියලා මෙන්න ආයේ කියනවා.

      Delete
    4. අප්පට සිරි අපේ උන්දැ අද එක වෙලා නේද . යකෝ ගෑණු මයිනේ මේකේ එක වෙන්නේ. පුක ඉරාගන කමෙන්ට් කරලා අවුරැදු දෙකක් විතර මට තාම එක වෙන්ඩ බැරි උනා, ආපු ගමං අපේ උන්දැ එක,

      ඔව්වැයිං මෙවව්වැයින් අපේ ගෑණිටත් මේ කරුමාන්තේට හිට වැටිලා අටමිත් බොගක් දාපු දවසටය තමා මගේ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ.

      ( බත් ටිකක් බෙදලා දෙන්න කියලා ඇරලයි මේ ටික කෙටුවේ)

      Delete
    5. මේ මොකෝ මේ ..... අද ෂූට්ටක් වැඩි උනාද අටං අයියා.

      Delete
    6. අද අටංට බ්‍රෑන්ඩ් එක මාරු වෙලා වගෙයි. නරකද දෙහි ගෙඩියක්වත් ගාවගත්තොත්. :D

      Delete
    7. අදනං අටංගේ වයර් සේරම මාරු වෙලා තමා. හැක් හැක් හැක්

      Delete
    8. ළමයි ගෙදර නැතිවෙලේ අටමක්කත් උකුලෙ වාඩි කරගෙන.......................

      Delete
    9. හා.. හා.... අකලංක, උඹට ඉරිසියාද?

      Delete
    10. ඔක්කෝමත් හරි අටමා... මට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි... බොලාගේ ගෑණි මේ බ්ලොග් ලියන උන් ගැන දන්නේ උඹ කියාපුවගෙන් මිස වෙන එහෙකින් නෙවෙයිනේ නේද..? එතකොට මේ තාමත් තනිකඩව යස අගේට ජීවත් වෙන මම දොස්තර කෙනෙක්ව බැන්දා කියලා උන්දැට කිව්වේ කව්ද..?

      මේක මේ අහන්නේ විහිළුවට එහෙම නෙවෙයි සිරාවටම... සමහර විට උඹ මෙයින් පස්සේ මාත් එක්ක තරහා වෙයි.. ඒත් කියන්න තියෙන එක කියලා නොදැම්මොත් ඒක ලොකු අඩුවක්...

      ඇනෝලා දහ අතේ උන්ට ඕන ඕන හැටියට කතාවක් හදාගත්තට මට ප්‍රශ්නයක් නැහැ... ඒක උන්ගේ තියෙන මානසික අසහනේ හරි මොකක් හරි කියලා මං ගණන් නොගෙන ඉන්නවා.. ඒත් ඇනෝලා එහෙම කතා හදද්දී ඒකට විරුද්ධ වෙන්න කියලා හෙනට සද්දේ දාලා ෆේස් බුක් පේජ් එකක් හිටං අටවං දගලපු උඹ වගේ එකෙක් ගෙදර මනුස්සයට කියලා තියෙන දේවල් ගැන හිතුවම මට ආයෙමත් උඹ ගැනත් අමුතුවෙන් හිතන්න වෙන එක අසාධාරණද..?

      උඹ ඔය පේජ් එක අටෝගන්නකොටම මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම මට කිව්වේ අර අටමා නැති ප්‍රශ්න වවං කන්න හදන්නේ කියලා... උන්ට අනුව උඹත්.. තවත් දෙතුන් දෙනෙක් ඒ වෙලාවේ මඩ බ්ලොග් එහෙකට නැති ප්‍රසිද්ධියක් දීමත්.. ඒ හරහා රග දීලා පොරවල් වෙන්න දැගලීමත් විතරයි වෙන්නේ කියලා උන් කියද්දී මං සද්ද නැතිව හිටියේ මිනිස්සු ගැන හරියටම නොදැන සැක කරන්න උවමනාවක් නැති හින්දා... ඒක මං හිතන්නේ උඹත් දන්නවා.. උඹ මට එක්තරා පුද්ගලයෙක් ගැන කියලා ඌ මං ගන හිතන්නේ මෙහෙමයි කියලා කියපු වෙලේ උනත් මං ඒ කතාවට පෝර නොදාන්න ගියේ උඹ කියන පලියටම මං ඒකව අවිස්වාස කරන්න යන්න ඕන නැති හින්දා... ඒ සිද්ධාන්තෙම තමයි අනිත් යාළුවෝ උඹ ගැනත් තව දෙතුන් දෙනෙක් ගැනත් කියපු වෙලේ මං අනුගමනය කලෙත්.. ඒත් මේ අද දැකපු කතාවෙන් පස්සේ මං උන් කියපු දේ ගැන ආයේ පාරක් හිතන එකේ වරදක් තියේද කියලා විතරක් කියහං...

      ආයෙමත් කියන්න තියෙන්නේ මිනිහෙක් බැන්දා හරි නැතා හරි.. ඌ නැහැ කියනවනං එක්කෝ ඇත්තටම නැහැ.. නැත්තං ඒක හෙළි දරවු කරන්න බැරි තරමේ මොනවා හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා... මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොන වගේද කියලා උඹට අමුතුවෙන් කියන්න ඕන නැහැ... හැබැයි කවුරු හරි එහෙම කියද්දිත් ඒ පස්සෙම එල්ලි එල්ලි දුවන්නේ එක්කෝ කුහකකමට.. නැත්තං ඕපයක් හොයන්නේ නැතිව නිකං ඉන්න බැරි ජන්ම ගතියට... තව මට අවබෝධ නොවුන හේතුත් ඇති...

      කොහොම උනත් මං තාම බැඳලා නැහැ.. බැන්දනං ඒක හෙලි දරවු කරන්න බැරි තරමේ ප්‍රශ්නයකුත් මට නැහැ.. එහෙම වෙච්ච දවසට අනිත් කොහේ නැතත් මේ බ්ලොග් එකේ ලිපියක් පල වෙයි ඔන්න මං බැන්දෝ කියලා.. ඒ හින්දා කරුණාකරලා අටම් පවුලට කියහං “මං අරූ බැන්දා කියලා හරියටම දන්නේ නැතිවයි ඔයාට එහෙම කිව්වේ“ කියලා...

      බැඳපු දවසට කාට නැතත් මං උඹට කතා කරලා කියන්නං.. ආන්න එදාට පවුලට කියහං “හරි හරි අන්න අරූ බැන්දා“ කියලා...

      ටිකක් සැර කතාවක් වෙන්න පුළුවන් මේක.. ඒත් කියන්න ඕන තැන නොකියා වටේ යන්න ඕන නැහැනේ.. මෙච්චර වෙලා පරක්කු උනේ මේකට උත්තරයක් ලියන්න මං ඊයේ මේ පෝස්ට් එක දාලා එහෙමම වැටිලා නිදා ගත්තා.. එයින් පස්සේ අද දවල් යාළුවෙක් මැසේජ් එකක් එවලා තියෙනවා දැකලයි මේකට ලොග් උනේ. මට හෙට විභාගයක් හින්දා අද මේ පැත්තේ ආවේ නැහැ.. මේ රෙද්ද නැත්තං අද දවසටම එන්නේ නැතිව ඉන්නයි හිටියේ...

      Delete
    11. උඹ මං ගැන හිතන්නේ එහෙමද , ගොඩාක් ස්තූතියි මාරයෝ

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. ඉල්ලගෙන කෑවා නේද අටමෝ.

      Delete
    14. ඉල්ලගෙන කෑවා නෙමෙයි බං ඇදගන නෑවා

      Delete
  2. ගිය සතියෙ මම මෙහෙන් අරන් ආවෙ මාළුමිරිස් 500 රු.90 ට. ඊට කලින් සතියෙ 85 යි. පිටෝටුවේ එහෙම උනාට මෙහේ එහෙම වෙන්නෙ නෑ, හරිය.

    ගම්මිරිස් කුඩු දැම්මම එළවළුව ටිකක් කළුපාට වෙනව. ඇට තරමකට කුඩු කරල දැම්මම කටදැවිල්ලත් එක්කම එළවළුවෙ පාටත් රැකෙනව.

    ඔය වැල් කොහිල කියන්නෙ අර ලස්සනට හැදෙන/වවන වැල් ජාතියක් ද? කොහිල කොල නම් කන්නෙ නෑ, ඒත් කොහිල අල නම් මස්තුනපහ ටිකක් දමල තෙම්පරාදුකරල ඉව්වම ‘මාර‘ රහයි. ලා අල හම්බුනොත් ඒව හීනියට කපල අම්මා ඒ දවස්වල සම්බලක් හදනව උම්බලකඩ ලූනූ අමුමිරිස් ගම්මිරිස් එහෙම දමල. ඒකත් රසයි.

    ReplyDelete
    Replies
    1. වැල් කොහිල කියන්නෙ කිසිම විදියකින් විනාස කරන්න බැරි වල් පෑලෑටියක්..මුල් කෑල්ලක් ඉතූරු උනත් ගලක් උඩ හරි පැලවෙනව..!(කෘෂි කර්මෙ කට්ටිය කියන්නෙ එහෙමයි)
      ඒත් අපිට නම් සම්පතක්...වදයක් වෙන වෙලාවත් තියෙනව..!

      යන්තම් පීදුනු දලු(ලපටි දලු) පරිප්පු සුට්ටක් දාල..අර වට්ටක්කා කොල දාල හදනව වගේ මාලුවක් පිහලා ගත්ත නම්..බුරිය උල්වෙනකං වළදතෑකි බං..!

      Delete
  3. මාරේ පිටකොටුවට යන එකේ නරකද මිල දර්ශනයක් දැම්මොත්? කාටත් ප්‍රයෝජනවත් වෙයි. මොකද මේක කියවලා මගේ ඇස් උඩ ගියා. මැනින් මාකට් එකට රුපියල් නාමයේ දුරින් ඉන්න මමත් කීල්ස් එකෙන් තමා ගන්නේ. අස්ප ගණන් වුණාට රෑ වෙලා ගෙදර යත්දී වෙන ගන්න තැනකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. වෙලාවක මං පිටෝටුවේ සම්පූර්න විස්තරයක් වගේම මාළු කඩේ ගැනත් ලිපියක් දාන්න හිතං ඉන්නේ ඩිංගක් බවසලා ඉමු.. මේ ටිකේ වැඩ අම්බානකට...

      Delete
  4. ගමේ අපිට අපේ දේ සිරිසැපදේ නැත්ද මාරයියේ.(වැරදුනාදෝ මන්ද)

    ReplyDelete
  5. කෑමට මැල්ලුමක් නැත්තං කෑවෙ නැහැ වගේ තමයි.
    අර ඇස් පුංචි ඇත්තිටත් ටෝක් කරල මැල්ලු මෙ රස ගුණය පහදල දෙන්න තිබුනෙ.

    ReplyDelete
  6. එච්චර පණ යනකං හොයන්න ඔන නැ ඔය පාරවල් අයිනේ තැන් තැන්වල කං කුං හෙමත් තියෙනව ඕං

    ReplyDelete
  7. මගේ කොහොල කොරටුවේ කතාව උඹ කියවන්න ඇතිනේ..

    ReplyDelete
  8. මම කැමතිම කෑම වට්ටෝරුවක්, කටට කෙලත් උනනව,
    සිතුම් සයුර

    ReplyDelete
  9. වැල් කොහිල අපේ වත්තෙත් ඕනේ තරම් තියෙනවා ..අර හීනි කොලයක් තියෙන වැල නේද (මාරේ අය්යේ බැරිද ෆොටෝ එකක් දාන්න හරියටම ෂුවර් කරගන්න ) මම දන්නේ නැහැනේ ඒවා කන විත්තියක්..

    ReplyDelete
  10. ගමේ කොල්ල ගම්මිරිස් ඇටයක් හොයන්න කීල්ස් සුපර් යන්නෙ යකෝ ඔය අහල පහළක කඩයක් නැදද?

    යකෝ අර ගෑනු මනුස්සය වෙන මොනවහරි කොල ජාතියක් තම්බල කයිද දන්නෑ.

    ReplyDelete
  11. අපිට නං ඉතිං වැල් කොහිල ජපන් බටු මැල්ල අගුණ මේ සේරම දේවල් යහමිං තාම කන්න ලැබෙනවා.
    ඒවුණාට කොළ කඩන්න ගිහින් ඇන්ටලට බැල්ම දානවා එහෙම නොවෙයි ඔන්න.

    ReplyDelete
  12. ඒ පාර ගස් ටිකත් ඉවර කරන්න හදන්නේ.. හි හි...

    ReplyDelete
  13. ඩ්‍රැකියනං මනාප වැල්කොහිල දළු, පරිප්පු දාලා කිරට උයලා ගත්තම තමා. ඒකත් එක්ක ඉඳියාප්ප, පාං, බත්, ඔය ඕනෙ දේකට වගකියතෑකි.

    ReplyDelete
  14. පොඩි කේස් එකක් තියේ. මොකද ඔය මැල්ලුම් කන එක නම් මමත් හරකා වගේ තමයි. මැල්ලුම් නැත්නම් මටත් ඇගට හරි නැහැ. හැබැයි ගොයියො කොඹළ වැවෙන ඒව නම් බලාගෙන. ඔය තැන මොනවගේ එකක් ද දන්නෙ නැහැ. කාර්මික අපද්‍රව්‍ය නිසා බිම අපිරිසිදු වෙලා. බලු බෙට්ටක් වගේ නෙමේ මේවා. හෙවි මෙට්ල් නිසා වකුගඩු සහ අක්මාව පරිස්සම් කර ගන්න ඕනෙ. ඒ නිසා කොළ කනකොට ඒවායේ ජාතභූමියත් පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. වකුගඩු සහ අක්මාව, මේවට කෙල උනත් මොකද බන්, මැල්ලුම් ටිකක් කාලා. අර සුරියප්පෙරුම් ලොක්කා සුවා දිනේ නටන්නේ

      " හසන්ත මහත්තයෝ අපේ උන් යෝධ පැටවූ වගේ හැදුනේ මැල්ලුම් කාලා, ඒ දවස්වල අපේ ගෙවල්වල මැල්ලුම් මුට්ටියක් වැරදුනේ නැහැ" කියා කියා.

      Delete
  15. කොළඹ ඉතුරු වෙලා තිබ්බ තණකොළ ටිකත් ඉවරයි.මාරයියේ ඔය ප්‍රේමදාසේ, ඇස් ඇස් සී එකේ එහෙම තියෙනවා හොඳවැයිං තණකොළ.ඔය සුද්දෝ පොඩ්ඩක් කෙළ එහෙම ගහලා තියෙන්නේ.කෙළ උනත් මොකෝ සුද්දංගෙ නෙව.

    ReplyDelete
  16. කෙසෙල් කොළ මැල්ලුමකුයි පොල් සම්බෝලෙකුයි එක්ක බත් ටිකක් ලන්ච් ෂීට් එකක ඔතල කනකොට කොච්චරනම් රෂඩ

    ReplyDelete
  17. //අපිත් ගමේ කොල්ලෝ තමා... ඇයි අවුල්ද..?//

    නැහැ අවුල් නැහැ.

    ReplyDelete
  18. මමත් ගමේ කොල්ලෙක්මි :D

    ReplyDelete
  19. අපිත් රට රාජ්ජ වල කරක් ගැහැව්වට ගමේ බය්යො තමයි.
    ඔයාට අවුල් නැහැ නේද?

    ReplyDelete
  20. මෙහෙම ගියොත් මාරය කොළඹ තියෙන තණකොළ ටිකවත් ඉතුරු කරයිද කියල මට සැකයි. මාරයියේ ජෝක් පැත්තකට දැම්මත් උඹ කියන්නේ නියම අව්‍යාජ අවංක මනුස්සයෙක් මම නිතරම ගරුකරන්නේ අන්න ඒ නිහතමානි කමට කරවල කටු හොද්දත් එක්ක බත් කාලා හිල්ටන් එකෙන් සිනමන් ගාර්ඩන් එකෙන් කෑවා කියල කියන උන් ඉන්න කාලෙක උඹ වගේ මිනිස්සු රත්තරං වටිනවා මහත්තයෝ (අඩෝ මේ උඹ උඹ කිව්වට අවුල් ගන්න එපා සීනියර් සිටිසන් කෙනෙක් විත්තිය දන්නවා උනත් බොක්කෙන්ම තමයි කොමෙන්ටුව දැම්මේ)

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නේ උඹ උඹ කියන එකේ නෙවෙයි මහත්තයෝ කියන කෑල්ලේ බොල... :D

      Delete
  21. අනිත් උන්දලට උත්තර බඳින්න එන්නං විභාගේ අහවර වෙලා.. ටටා කිව්වා...

    ReplyDelete
  22. rajaye depala horen kanna thahanam haraya

    ReplyDelete
  23. කොච්චර කොළ කාලද කියනවනම් ඔං ඕන රෑක බිම ඉඳන් හරියටම කුරුම්බා ඉත්ත මොකක්ද කියලා කියන්න තරම් ඇස් පේනවා තාමත් මගේ .

    ReplyDelete
  24. මලේ අපේ ගේ වටේටත් ගස් දිගේ වැල් කොහිල හැදෙනවා. ඒවා කන බවක් අපි දැනගෙන හිටියේ නෑ. කොයි එකටත් පින්තූරයක් දාන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. උඹ නම් ලඟදිම නෝනා කෙනෙක්ගෙන් ගුටි කයි වගේ මල් ගස් වලින් කොල කඩන්න ගිහින්. ගම්වල උන් සිංහල නම් දාගත්ත කැලේට වැවෙන ගස් වැල් කොළඹ නෝනලා හදන්නේ ඉංගිරිස් නම් දාගෙන ලස්සනට බන්

    ReplyDelete