එතකොට මට වයස අවුරුදු දොළහකට ආසන්නයි මයෙ හිතේ... ඉස්කෝලේ හයේ නැත්තං හතේ වගේ... සුදු කොට කලිසං ගහන කාලේ... කඩවත ස්පාක්ලිට් එක ගාව තමා බස් හෝල්ට් එක තිබුනේ... මම ඉන්නවා බස් එකක් එනකල් ඉස්කෝල ඇදුමෙන්..පොත් බෑග් එකත් එක උරේක එල්ලෙනවා... ටික වෙලාවක් යද්දි මට පේනවා මට ටිකක් එහායින් තිබුන කඩල කරත්තේ පැත්තකින් ඉන්න අංකල් කාරයෙක් මා දිහා බලං ඉන්නවා... පෙනුම ටිකක් විතර සැමුවෙල් රොද්‍රිගු වගේ... කෙසඟ හාදයා..දුඹරු පාට හම ගිය දිග කලිසමක් ඇදලා..ඉරි ඉරි කමිසයක්.. කමිසය කලිසමට යට කරලා ටිකක් හම ගිය පාට තිබුනා උනත් පිලිවෙලකට ඉන්න පුරුදු උන ගතියක් තිබුනා...
මං මනුස්සයා මා දිහා බලං ඉන්නවා කියලා දැක්කම මෑන් මං දිහාට එන්න ගත්තා... මට ඒකේ වගක් ඒ හැටි තිබුනේ නැහැ... මනුස්සයා හිමිහිට මං ලගට ඇවිත් කතාව පටන් ගත්තා...
“පුතා පොඩ්ඩක් කතා කලාට කමක් නැද්ද..?“
ටිකක් විතර මං බය උනා කිව්වොත් ඒක හරි..නාදුනන මනුස්සයෙක්... පොඩි කාලේ ඉදලා කනට වැටෙන්නේ අදුරන්නේ නැති අය එක්ක බජනෙට යන්න එපා කියලා.. ඒත් මට කරන්න දෙයක් නැහැනේ... බය උන වග නොපෙන්නා හිතට හයිය අරං...
“කමක් නැහැ අංකල් මොකද..?“
“නැහැ පුතා මං ලොකු කරදරේක වැටිලා ඉන්නේ.. මං මේ දුවගේ ගෙදර යන ගමන්.. බස් එකේ එද්දී මගේ පොකට් එකට ගහලා... දැන් යන්න සල්ලි නැහැ.. පුතා ගාව තියෙනවනං මට රුපියල් දහයක් දෙන්න.. දුව ඉන්නේ පරකන්දෙනියේ.. මට එහෙට යා ගත්තොත් ප්‍රශ්නයක් නැහැ“
රුපියල් දහයක්... අද වෙද්දිනං රුපියල් දහයක් කියන්නේ මොකක්ද..? ඒත් මේ මං කියන්නේ එක්දහස් නවසිය අනූවේ අනූ එකේ වගේ කතාවක්... මාළු පාන් එක රුපියල් දෙකයි පණහයි.. රෝල්ස් එක දෙකයි.. ප්ලේන්ටිය රුපියලයි... කැන්ටිමෙන් මට උදේට කන්න යන්නෙත් රුපියල් පහයි පණහයි... මේක ඒ කාලේ හැටියට මට ලොකු ගානක්... එහෙං මෙහෙං ඉතිරි කරගත්ත සල්ලි වලින් කොහොමත් අතේ රුපියල් විස්සක් විසි පහක් වැඩි පුර තියෙනවා උනත්...
ඒත් මොනවා කරන්නද..? අපේ තාත්තාගේ වයසේ මනුස්සයා... අසරණ වෙලානේ... තාත්තට මේක උනොත් කවුරු හරි උදව් කරන්න එපෑ.. මං පිටිපස්සේ සාක්කුවේ තිබුන පර්ස් එක දිග ඇරලා රුපියල් දහයක් මනුස්සයා අතේ තිබ්බා...
“බොහොම ලොකු උදව්වක් පුතා...“
මනුස්සයා අඩියට දෙකට එතැනින් මාරු උනා...
එයින් දවස් දෙක තුනකට පස්සේ මං දළුගමින් බැස්සා පුස්තකාලෙට යන්න... ඒක තිබුනේ කන්ට්‍රාස් හෝල් එකට ටිකක් මෙහායින්..උඩ තට්ටුවක..ගෙවලා බැදෙන්න පුළුවන් එකක්..මගේ ඊරියවැටියේ හිටිය මිත්‍රයා..“දන්තනාරායනයා“ තමා ඒකට මට උදව් කලේ... පුස්ථකාලේ උඩ තට්ටුවේ ඉදලා පොත් තෝරන ගමන් මට පහල පාරෙන් එහා පැත්තේ මාළු ලෑල්ල ගාව බස් හෝල්ට් එකේ අඳුරන මූණක් පේනවා... මං බලං හිටියා...
අර අංකල්... ජැන්ඩියට ඇදගත්ත කොල්ලෙක් ගාවට කිට්ටු වෙලා මොන මොනවදෝ දොඩවනවා... ටික වෙලාවකින් කොල්ලා පර්ස් එක ඇදලා මුදල් නෝට්ටුවක් දෙනවා.. අංකල් මාරු...
අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි හොරෙකුට දුන්නා නේද කියලා... මට මං ගැනම කේන්තියක් ආවා...
අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි හොරෙකුට දුන්නා නේද කියලා... මට මං ගැනම කේන්තියක් ආවා...
------------------------------------
බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එක ගාව... වෙලාව තුනට විතර ඇති.. අද තුනයි තිහටයි හයයි හතළිස් පහටයි සිංහබාහු පෙන්නනවා... මං කාලෙක ඉදන් බලන්න හිතං හිටිය නාට්‍යයක්... ඒත් කලින් ටිකට් ගන්න බැරි උනා.. ඉක්මනට බයික් එක පාර අයිනේ ඉඩක් තියෙන තැනකින් නවත්තලා හෙල්මට් එක අතට අරං තියටර් එකට යන්න හැරුනා විතරයි... කවුදෝ වයසක ගෑණු කෙනෙක් මට කතා කලා බයිසිකලේ ගාවට වෙලා..මං හැරුනා... මෙතන පාකින් කඩන්නේ නැති වග මං දන්නවා..මෙයා මොකද එතකොට..? මං ගියා ළගට...
“ඇයි..?“
“නාට්ටිය බලන්න සල්ලි මදි..“
අතේ ගුලි කරං ඉන්න රුපියල් සීයේ කොල තුන හතරක් පෙන්නන ගමන් ගෑණු කෙනා මට කියනවා... තත්පර දෙකක් විතර ගියා.. මං බැළුවා ගෑණු කෙනා දිහා... රෙද්ද හැට්ට අදින අම්මා කෙනෙක්... වයස හැටක් හැත්තෑවක් විතර අතර වෙන්න ඇති...
“හුහ් අළුත් හිඟමන් සිස්ටම් එකක්.. මෙයා මොන නාට්‍ය බැළිල්ලක්ද..?“ මගේ හිත මට කිව්වා... පරක්කු වෙලා තියෙන හින්දා බනින්න හිතට ආව දේවල් පැත්තකින් තියලා මං ආයේ තත්පරයක්වත් එතැන නොයිද හැරුනා..මං ගියා කෙලින්ම තියටර් එක ඇතුලට... වෙලාවට පන්සීයේ..හත්සිය පණහේ.. ටිකට් ඉවර වෙලා උනත් දාහේ ඒවා තිබුනා ඉතිරි වෙලා... ඉක්මනට එකක් අරං ගිහිං වාඩි උනා මට අයිති සීට් එකෙන්...
නාට්‍යය පටන් ගන්න විනාඩි දෙකක් තුනක් තියලා එක පාරටම මං ගාවින් ඉස්සරහට යනවා අර ගෑණු මනුස්සයා... අමාරුවෙන් ඇවිදන් ගිහින් කොනේම සීට් එහෙක වාඩි වෙනවා...
“හත් දෙයියනේ මේ මනුස්සයා ඇත්ත නේද කියලා තියෙන්නේ..? නොදකින් විතරක් මම..“
මට මං ගැනම කේන්තියක් ආවා...
-------------------------------------------
;)
ReplyDeleteඔහොම තමා බං සිතුදේ නෙමෙයි නොසිතුදේ සිදුවෙයි
ReplyDeleteමෙන්න බලන්ඩකෝ "මෙන්න මේක"
\\\ඒත් මේ මං කියන්නේ එක්දහස් නවසිය අනූවේ අනූ එකේ වගේ කතාවක්...\\\
ReplyDelete\\\එතකොට මට වයස අවුරුදු දොළහකට ආසන්නයි මයෙ හිතේ... ඉස්කෝලේ හයේ නැත්තං හතේ වගේ... සුදු කොට කලිසං ගහන කාලේ...\\\
ඔතොකොට අපි හෝඩියට ගියේ 2000 දීද ...? ඇයි බන් මාරයියේ මෙහෙම කරන්නේ ...?
නා නා ප්‍රකාර බොරු කියලා මිනිස්සුන්ව රවට්ටලා "ලේසියට" ජීවත් වෙන මිනිස්සු හින්දා, මිනිස්සුන්ව විශ්වාස නොකර ඉන්න අපි හැමෝම පුරුදු වෙලා. කරන්න දෙයක් නැහැ.
ReplyDeleteදිනය පසුගිය සෙනසුරාදා, ස්ථානය රාගම ඔසුසල අසල, වේලාව රාත්‍රී. 8.00ට විතර ඇති,
ReplyDeleteබබාලා දෙන්නටම පොඩි පොඩි අසනීප තත්ත්ව නිසා දොස්තර නෝනා ගාවට ගිහින් බෙහෙත් ලියාගෙන ඒවා ගන්න එතැනට ගියා. බෙහෙත් අරං ආපු මගේ මහත්තයා එතැන හිටගෙන අඳුනන්නේ නැති මනුස්සයෙක් එක්ක කථාව. පොඩි ට්රැුවලින් බෑග් එකක් කරේ එල්ලගෙන හිටපු ඒ මනුස්සයාට අවුරුදු 50ක් විතර ඇති මයේ හිතේ. ඒත් මට බයකුත් හිතුනා. මං හිමීට, “අනේ යං අනේ. පරක්කු වෙනවා. මේ දෙන්නාට අමාරුයි“ කිය කියා හිටියා. ඇයි ඉතිං පිහියක් දික් කරොත් මොනවා කරන්නද? මේ ළමයි දෙන්නෙකුත් ඉන්න අතරේ. ඉතිං ටිකකින් පර්ස් එකෙන් සල්ලි අරං දීලා මහත්තයා වාහනේට නැග්ගා.
මං: කවුද ඒ?
එයා: දන්නේ නැහැ. පව්. උදේලු ආවේ. මේසන් වැඩක් බලන්න. වැඩේ හරි ගියේ නැහැල්ලු. උදේ ඉඳන් කෑවේ නැහැයි කිව්වා. සල්ලි එපා මහත්තයා අන්න අර කඩෙන් කෑම එකක් අරං දීලා යන්න කිව්වා.
මං: ඉතිං?
එයා: මොනවා වුනත් කන්නනේ ඉල්ලුවේ. බොරුවක් කිව්වත් නැති බැරි කම නිසානේ. මං රුපියල් 100ක් දුන්නා.
මං: හා. ඒක හොඳයි. බඩගින්න කාටත් එකයිනේ.
එයා: ඔව්. “අපිටත් තියෙනවාට නෙමෙයි. ඒත් නැතිකම කියලා ඉල්ලන්න තරම් අපට නැතිවෙලා නැහැනේ“
(මේ “ “ තුල ලියපු ටික ඒ වෙලාවේ මං ෆෝන් එකට සේව් කරගත්තා. ඒක නිසා මේ ඒ වචනමයි)
ඊට පහුවදා වගේ මං ෆේස් බුක් එකේ දැක්කා, කෙනෙකු හඳුනාගත හැක්කේ ඒ කෙනා, තමන්ට වාසියක් නැති කෙනෙකු වෙනුවෙන් කරනා දේ සලකා බැලීමෙනි වගේ අදහසක් දෙන වදන පේළියක්. මට සතුටක් දැනුනා.
එහෙම අහුවුනා කියලා දැනගත්තාම මටත් ඇතිවෙන්නේ පුදුමාකාර හිතේ අමාරුවක්.
ReplyDeleteමටනං මරාගන කන්ඩ හිතෙනවා
Deleteදුන්නනම් දුන්නා ආය මම ඒ ගැන හිතන්නේ නැ. එතකොට හිතට සැහැල්ලුයි.
Deleteමේ වගේ ස්ටෝරියක් ගැන බාගෙට ලියපු පොස්ට් එකක් තියනවා ඉතිරි ටික පුරවලා දාන්නම්.
දුන්න දේ ගැන හිතන්නවත් එපා.
Deleteඒ මනුස්සයා හොර වැඩ කරලා කරලා, දවල්ට කනකොට පාවිච්ච් කලේ ඔයාගෙ සල්ලි කියල හිතන්න.
ඔයා සල්ලි ඩිල තියෙන්නේ බඩගින්න නිවන්න.
මටනම් අනන්තවත් ඔය ජාතියෙ බොරු කාරයො හමු වෙලා තියනවා. අදුනගන්නත් පුලුවන් කරුමෙ කියන්නෙ ඇත්තටම උදවු ඕනකෙනාව අදුනගන්න බැරිකමනේ
ReplyDeleteඔය වගේ එක වංචා කාරයෙකුට අහු වුනාම ඇත්තටම උදව් ඕනෙ කෙනෙක් දිහා වුනත් අපි බලන්නේ මේත් තව අර වගේ කෙනෙක් වෙන්ඩැති කියලා..
ReplyDeleteමාරයා ඔබට ඔය වුන දේ ගොඩක් අයට වෙච්ච/වෙන දෙයක්.අතපසු වුන එකට පසුතැවීමක් අවශ්‍ය නැහැ කියල මම හිතන්නෙ.
ReplyDeleteමොකද අපි පිනට දීල,රැවටිලි වලට අහුවෙල එයිට වඩා දුන් දේවල් වැඩි නිසා.
මටත් ඉස්කෝලෙ යනකාලෙ නම් ඔය වගේ සල්ලි නැතිවෙච්ච පර්ස් නැතිවෙච්ච මිනිස්සු ඇතිවෙන්න හම්බෙලා ඇති.. බොහෝදෙනෙක් හොරු..
ReplyDeleteගිනිපෙනෙල්ලෙන් බැට කා කලාමැදිරි එලියට බය වීම ...
ReplyDeleteඅපොයි මටත් ඔහොම වෙලා ඇති අනන්ත ..හැබැයි ඉතින් ලොකු පාඩුවක් නෙමේනම් මක් කරන්නද .
ඉස්කෝලේ යන පොඩි එකෙක් රවට්ටන්න පුළුවන් එකා නම් අමුම හොරෙක්..
අනේ මන්දා ඉතින් ..සල්ලි එකතු කරගෙන නාට්‍ය බලන්න තරම් මනස උසස් ජාතියක් අපි එහෙනම් දැන්
ඔය වගේ සිදුවීම් මේ දවස්වල හරි සුලබයි මටත් ඔය වගේ කලකිරීම් ඇති වෙලා තියෙනවා. එත් දැන් මම කරන්නේ අතේ තියෙන ගානට ඉල්ලන කෙනාට පුළුවන් විදිහට දෙනවා. ආයේ ඒ ගැන හිතන්නේ නැහැ. ඌ එකෙන් කුඩු ගැහුවත් එක උගේ දෙයක් ඒ ගැන නොසිතා ඉල්ලන උදව්ව පුළුවන් විදිහට කරලා ඇත ඇරලා දානවා...
ReplyDeleteඔන්න මමත් පහක් දැම්මා !
Deleteමේ වගේ වෙන එකට කවුරුවත් වැරදි නෑ. මම නම් සාමාන්‍යයෙන් අනුකම්පා හිතෙන විදියට ඉන්න අයට දෙන්නේ නෑ. මොකද ඒ අය අනුකම්පා මූණක් හදාගෙන එන නිසා. ඒත් සමහර අය දිහා බැලුවම අමාරුවේ වැටුණා කියලා පේනවනම් තමයි උදව් කරන්නේ. බොහෝවිට ඒ වගේ අයගේ කලබලයට පත්වුණු ඒ වගේම කලකිරුණු මුහුණ තියෙන්නේ.
ReplyDeleteඅනූවේ අනූ එකේ රුපියල් දහයකට ලෝබ හිතපු එකා දැං දාහෙ පටි ඇදල නාට්‍ය බලන්නෙ. :D
ReplyDeleteඔය වගේ බොරු කරන මිනිස්සු හන්ද තමයි ඇත්තටම උදව්වක් ඕන මිනිහෙකුට උනත් ඒ අවස්ථාව නොලැබී යන්නෙ.
මෙ වෑඩෙ මටත් උන පිටකොටුවෙදි වයසක ගෑනු කෙනෙකුට.දුවලගෙ ගෙදර යන්න කියල කිව්වෙ.මම සල්ලි දිල තෙ එකක් බිල බස් එකට එනකොට තව කපල් එකක් ලග ඉන්නව.මම ගිහින් ඈහුව අම්මට කියක් මදිද කියල.මොකඩ ඉල්ලපු ගනට වෑඩීන් මම දිපු නිසා.මෙය ටක් ගල මාරු වෙල ගියා.
ReplyDeleteඒ වගේ වෙලාවට සල්ලි දෙන්නේ නැතුව ඒ මනුස්සයා ඉල්ලන උදව්ව කරලා දුන්නානම් හොර කරන්න අමාරුයි...
ReplyDeleteඋදා : උඹට ඒ ගැනුකෙනාට කියන්න තිවුනා යමු ටිකට් එකක් අරන්දෙන්න මාත් නාට්ටිය බලන්න තමයි යන්නේ කියලා...
මේ ඔයවගේ දෙයක් ගැන වචන සීයක්...
http://onezerozerowords.blogspot.com/2012/05/blog-post.html
සල්ලි හිඟාකාල නට්‍යයක් බලන්න නම් අර මනුස්සයා කොච්චර ආසා වෙන්න ඇත්ද ඒක බලන්න ? බඩගින්නට හිඟාකෑම නම් වෙනම දෙයක්..
ReplyDeleteබොරු කියන්නේ මොකටද.....
ReplyDeleteමොන පචයක් කිව්වත් මම ඉල්ලන මනුස්සයෙක්ට මගේ අතේ තියෙන හැටියට සල්ලි දෙනවා... හොරෙක් උනත් ඉල්ලන්නේ උන්ගේ පව්කාරකමට...
එක දවසක් බස් එකේ රබන් ගහපු වයසක මනුස්සයෙක්ට මම රුපියල් 100ක් දුන්නා. ඒ මනුස්සය අදහ ගන්න බැරුව මගේ දිහා බැලුවා.
"මම නොකිව්වට නෝනා මගේ හාමිනේ ලෙඩ ගානේ. එයට පිටි ගන්න තමයි මේ සල්ලි වැඩිපුර යන්නේ" කිව්වා. ඒ මනුස්සය මට ඒක කිව්වේ මම අහක බලාගත්තම. මම අතේ තිබ්බ සල්ලි ටික ඔක්කොම දුන්නා. මට හිතුනා.. දුන්නා.. ඒ මනුස්සය බොරු කිව්වද කියලා දන්නේ නැහැ. මම ඒවා ගැන හිතන්නේ නැහැ.
මෝඩයි තමයි... මගේ හැටි...