15 June 2013

රාජසිංහ සොහොන...

හරි මේ කියන්න යන්නේ මංතුමා වෙසක් දවසේ දන්සැල් වන්දනාවේ යන ගමන්ම බලා කියාගෙන ආව සීතාවක රාජධානියේ නටඹුන් ඉස්තාන අතරින් අවසාන පොට් එක ගැනයි... ඒ කිව්වේ සීතාවක රාජධානියේ මේන් කැරැක්ටර් එක වෙච්චි සීතාවක රාජසිංහ..එහෙම නැතිනං ටිකිරි කුමාරයගේ සොහොන පිහිටා තියෙන ස්ථානය ගැනයි...

මේක පිහිටලා තියෙන්නෙත් අවිස්සාවේල්ල නගරයට කිලෝ මීටර් හතරක් දුරින්.. යන්න තියෙන්නේ අවිස්සාවේල්ලෙන් හැටන් පාරට දාලා... කිලෝ මීටර් දෙකක් ගිය තැන හම්බු වෙන තුන්මන් හන්දියෙන් වමට හරෝලා තමයි.. ඒ හන්දිය ගාව තමා තල්දූව පොල එහෙම පිහිටලා තියෙන්නේ... එතැනින්  වමට හැරුනම ඒ පාර යන්නේ ගුරුගල්ලට... ඒ පාරේ හරියටම කිලෝ මීටර් දෙකක් ගිය තැන මේ ඉස්තානේ හම්බු වෙනවා...  

මෙන්න මාර්ගය ගැන ගූගල් මාමගේ සිතියමට ලින්කුව...  

මෙන්න පින්තූරේ...

මෙන්න අදාළ තැන පින්තූර...








 බොහෝම නිස්කලංක තැනක පාඩුවේ උන්නාන්සේ වැඩ හිටිනවා...

එහෙමනං ඔන්න ඒ මාර චාරිකාවත් අවසානයි... ආයේ ළගකදී යන්න හිතං ඉන්න පැතිනං බොහෝමයි... තාම මට මාතලේ පැත්තට අත තියන්න බැරි උනා නෙව... ඒ වගේම හිනිදුම පැත්තට යන්ටත් ආසාවක් තියේ... අපි බලමු...

11 comments:

  1. ඉවිල්ල ඉගෙන ගෙන ඉවරය?
    දැන් සංචාරක ව්‍යාපාරේට බැහැලය?
    කොහොමත් ඔබගෙ විස්තරත් සමග පිංතුර හැමෝටම වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔය කොයිකත් ටික ටික කොරං යන්න එපෑ නේද..?

      බොහෝම ස්තූතියි...

      Delete
  2. පේන විදියටනං මේ ටික හොඳට නඩත්තු කරනව වගෙයි මොකා උනත්.

    ඔන්න මූ මාතලේ පැත්තට අත තියෙන්න එනවලු. ඒ පැත්තෙ කෂ්ටිය පරිස්සං වෙලා ඉන්න වෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය ගූගල් මැප් එකේ තැනක් ලකුණු කළාට පස්සෙ ඒක පෙන්නන්න කොච්චර කාලයක් යනවද?

      Delete
    2. මං සලකුණු කරපු එක තැනක්නං දවස් තුනක් වගේ ඇතුලත පෙන්නුවා.. අර මීයාගල විදුහල... හැබැයි පෙතන්ගොඩ උයන පෙන්නන්න සති දෙකක් විතර ගියා මං හිතන්නේ...

      Delete
    3. maaare ayya nidan hoyantawath yawai???

      Delete
  3. අද මාර අයියගේ පෝස්ට් විතරයි වගේ...

    ReplyDelete
  4. සුද්දගේ කාලේදී අවිස්සාවේල්ලේ සිට යටියන්තොට දක්වා ගමන්කළ (කොළඹ සිට රත්නපුර හරහා ඕපනායක දක්වා ගිය පාරට අමතරව)පුංචි කෝච්චි පාරේ නටඹුන් බලන්න තිබුනා තල්දූවේදී. හැටන් පාරේ මාගම්මන දක්වා (කි.මී.7යි)ගියානම් අදටත් පැරණි මාගම්මන දුම්රියපොළේ ගොඩනැගිලිවල පවත්වාගන යන මාගම්මන කණිෂ්ඨ විද්‍යාලයත් බලන්න තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහතාට,
      අද තමයි අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා තිබුනු line එක ගැන දැනගත්තේ. ස්තුතියි
      එහි තිබුණු දුම්රිය ස්ථාන හෝ දුම්රිය ගමන්ගත් මාර්ගය ඔබතුමා දන්නවද?

      Delete
    2. ඔබ දන්නවනේ කැලණිවැලි දුම්රිය මාර්ගය. එය තිබුනේ කොළඹ කොටුවේ සිට ඕපනායක දක්වා. දුම්රිය පාරේ පීලි පරතරය අඩි 2 යි. දැන් මේ මාර්ගය පළල් මාර්ගයක් බවට පත් කර ඇති අතර අවිස්සාවේල්ල දක්වා පමණයි දුම්රිය ධාවනය වන්නේ. එතනින් එහා පාර ඉවත් කළා 1970 දශකයේ අග භාගයේ සිට. 1968 වසරේදී, මම කොළඹ කොටුවේ සිට, රාත්‍රී දුම්රියෙන් රත්නපුර දක්වා ගිහින්, පහුවදා ආපසු කොළඹට ආවා. හරිම විනෝද ජනකයි. සමහර තැන්වලදී, මිනිස්සු ටිකට් නැතුවම දුවන කෝච්චියට නැගලා, අවශ්‍ය තැනදී හෙමින් පැන ගන්නවා. අපි අර බස් එකක වේගය අඩුවෙනකොට, පා පුවරුවෙන් පනිනවා වගේ. එච්චර 'වේගෙන්' තමයි ගියේ. :D බ්‍රිතාන්‍ය පාලන සමයේදී, මේ මාර්ගයටම සම්බන්ධ කර, අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා දුම්රිය මාර්ගයක් තිබිලා තියනවා. එය, 1950 දශකයේදී තමයි ඉවත් කරලා තියෙන්නේ. අවිස්සාවේල්ලේ සිට තිබුන දුම්රියපොලවල් මේවායි. අවිස්සාවේල්ල, තල්දූව, දෙහිඕවිට, මාගම්මන, යටියන්තොට. (කි.මී 18 ක් පමණ) මේ දුම්රිය පාරේ, අද, දහස් ගණනක් ස්ථිර නිවාස සාදාගෙන පදිංචිවී සිටිනවා. මා දන්නා තරමින්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට, ඒ ඉඩම් සඳහා නීත්‍යානුකූල අයිතියක් නැහැ. දෙහිඕවිට දුම්රියපොළේ, අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවත්වාගෙන යනවා. මාගම්මන අර පාසල තියනවා. යටියන්තොට මට මතක නැහැ. පැරණි පාලම්, බෝක්කු බොහොමයක් අදටත් නිරුපද්‍රිතව තිබෙන අතර සමහර කොටස්වල වාහන යා හැකි ලෙස සකසා තිබෙනවා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  5. සීතාවක රාජධානිය, පෙතන්ගොඩ උයන ,රාජසිංහ සොහොන ගැන සහ මාර්ග විස්තර වලට මාර මලේ ස්තුතියි.

    ReplyDelete