18 June 2013

මාතලංට පවු සිද්ධ වෙන්න.. :D


අපි ඔය සමහර වෙලාවට කතාවට කියනව නෙව

“අනේ ඉතිං අරයට පිං සිද්ධ වෙන්න මගේ වැඩේ කෙරුනා..
“අහවලාට පිං සිද්ධ වෙන්න ඕන ඒ කාරණාවටනං...“


වගේ කියුං.. එහෙම කියන්නේ ඉතිං අපිට මොනවා හරි දෙයක් කරගන්න කවුරු හරි උදව් උනාම තමයි.. කරන කියන කාරණාව යහපත් එකක්නං ඉතිං අපි වැඩේ කරගෙන වැඩේට උදව් උන කෙනාට පිනුත් දීලා තමා නවතින්නේ.. අපි එහෙවු ජාතියක්නේ ආයිබෝං...

ඒ වගේම තමා මොකාක් නමුත් අවාසියක්.. විපත්තියක් වෙන විදිහට කවුරු හරි අපිට දෙයක් කොලාමත් අපි ලෝබ නැතිව කියනවා නෙව

“අරූට පවු සිද්ධ වෙන්න ඕන මේ කොරාපු වැඩේට...“
“ඒකට හෙන හත ගහන්න..මට මේ කොල අපරාදෙට..“

වගේ කියුනුත්... එහෙම විපත්තියක් උන වෙලාවට හත් පොලේ පලි ගහන්නත් අපි බොහෝම දස්සකං ඇති.. සමර්ථකං ඇති ජාතියක්ය කියලා ආයේ මං අමුතුවෙන් නොකිව්වට සාඩම්බර සිරිලාංකීකයෝ විදිහට ඔය හැමෝම දන්නවා නෙව...

ආයේ ඉතිං මේ කියන්න යන කාරණාවත් එහෙවු එකක් තමා... දැන් බලන්න මේ මංතුමා.. කුරා කූඹියෙකුට වරදක් නැති.. ඇල්වතුරත් නිවලා බොන සැදැහැවත් ධාර්මික උපාසක වෙච්චි.. එහෙවු මාවත් විපතට හෙලන විදියේ පවුකාරකං වලට යොමු කොරනවනං.. එහෙම කොල හාදයට මොකක්ද කියන්න වෙන්නේ... “ඒකට පවු සිද්ධ වෙන්න“ කියල නෙවෙයිද හා..?

ආන්න ඒකයි මං මේ උදේ පාන්දරම මාතලං ලොක්කට පිං පුදලා.. අහ් නැහැ වැරදුනා.. පව් පුදලාම කතාව ආරම්භ කොලේ...

ඔයාලට කියන්න මේ ඊයේ පෙරේදා මං අර ප්‍රෙෂර් කුකර් එක ගැන ලියාපු හෑල්ලෙදී.. ඒකට කොමෙන්ටුවක් හැටියට මේ මාතලං යෝධයා ලිව්ව නෙව මෙහෙවු කතාවක්...

“හරක් මස් චිකන් වගේ හැදෙනවා සුටුස් ගාලා.... “

ඔන්න ඔහොම... කිව්වම ඉතිං අර මුලින් කිව්වා වගේ “අපිට මොටද අපි අටසිල් උපාසක.. ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට“ ජාතියේ සැදැහැවත් උපාසකතුමා වෙච්ච මගෙත් සිල් බිඳුනනේ ආයිබෝංලා...

ඕක දැක්කයින් පස්සේ මටත් හිතුනා වෙලාවක හදලා බලන්න ඕන කියලා.. ඒ පාර මං අද නිකමට වගේ ඕක කොරලා බැළුවා.. මුලින්ම මස් ටික ගානට කපලා කොරලා ලුනු ඇඹුල් අතගාලා තියලා එයින් පස්සේ ප්‍රෙෂර්කුකරය ආධාරයෙන් තම්බගෙන එයින් පස්සේ සාමාන්‍ය විදිහට උයා ගත්තා.. අනෙ අම්මපා බොලවු මේකා කියාපු කතාව ඇත්ත නේන්නං.. මං කුකුල් මස්වත් මෙච්චර කාලෙකට මෙහෙම ළපටියට ගිලලා නැතුවා... එහෙවු මෙලෙකයි... යස අපූරුවට තැම්බිලා.. ඒ විතරක් නෙවෙයි හොදට ලුනු ඇඹුල් අල්ලලා... කවදාවත් මං හරක් මස් කෑල්ලක් අතින් මාළු කෑල්ලක් පොඩි කරනවා වගේ පොඩි කරලා කාලා නැහැ.. කාපු අය දන්නවා නෙව ඕක කොහොමත් රබර් වගේ හයියයි කියලා.. ඉදහිට හොදට උයාපු තැනකින් කනකොටනං තරමක් කීරි කීරි ගැලවෙන පදමට ඕක තැම්බිලා තියෙන තැන් අහු වෙලා තියෙනවා උනත් මෙහෙවු මෙලෙකක්නං ආයේ මේ වෙනතාක්කල් මට අහුවෙලා නැහැ...

      

                     
ඉතිං සැරෙන් සැරේට ඕක උයලා පිහලා තිබුනා උනත් අද තමා මංම උයලා කාපු දවසක හොදටම පදම අහු උනේ හරක් මස් කෑල්ලක...

හැබැයි ඉතිං මෙලෙක උනාට මේ මං හරක් මස් කාපු රසම විදිය කියලනං කියන්ට බැහැ... ආයේ බොරු මොටද.. මං මගේ ජීවිතේට කාපු රසම හරක් මස් කෑම කෑවේ දැනට අවුරුදු එකොළහකට විතර කලියෙන්.. ඒ ඔය හොරණ බුලත්සිංහල පැත්තේ රබර් වතු මැදින් කදු මූකලාං මැදින් බඩගාගෙන ගොහින් ගිහිං හම්බ උන කන්දක් උඩ තිබුන පන්සල් කොටේකදී... එදා රෑ අහල දෙමළ ගෙදරකින් උයා එවාලා තිබුන මස් හට්ටිය තමා ඒ අමතක නොවන මස් හට්ටිය... හනෙ හම්මේ එහෙවු රහක්... එයින් පස්සේ හම්බ උන හොදම කෑම තමා අද කෑවේ ඕං...

හා හා ඔය කතා මොටද දැන්... කියන්න ආවේ වෙන කතාවක් නෙව...

ඉතිං මං මේ කියන්න ගියේ මේ දැහැමින් හෙමින් ජීවත් වෙන මයේ ඒ දැහැමිකොම බිඳ හෙලලා මාව මේ වගේ දේවල්වලට යොමු කොලාට ඔය මාතලං ගොයියට පවු සිද්ධ වෙන්න ඕන නැද්ද හැබෑට...

බොරුනං අපේ හැළප කඩේ හැළපයියගෙන් අහන්ටලා... උන්දෑ උනත් සාක්කි දෙයි මයෙ පැත්තට..මොකද උන්දලා උනත් මස් කඩේට ගිහින් මරන්න ඕන කුකුළා පෙන්නුවට පස්සේ එතැනින් මාරු වෙලා යනවා නෙව.. මොකද එතකොට අර කුකුළා මරන පව එන්නේ නැති හින්දා... ඒ තියරියම මේකට දාලා ගත්තම ඉතිං මේ මං කොරගත්ත පවට පලි ඔය මාතලං ගොයියා මිසක් මේ අසරණ අහිංසක මංනං නෙවෙයි ඕං... 

-------------------------

පසු සටහන...
අන්තර්ජාලය.. මූණුපොත.. හා බ්ලොග්කරණය.. තුළින් ලෝක සාමය හා සදාචාරය උදාකරවන්නට අපරිමිත වෙහෙසක් හා මන්සියක් දරන උපාසක ඇත්තන් මේ ලිපිය ගැන නොකිපෙත්වා...

109 comments:

  1. හරක් මස් චිකන් කිරිමේ මහා ජාවාරමක් මාරයා වෙතින් හෙළිදරව් වෙයි.

    මේක දැකල කවුරු ගිනි තියාගනීද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. උඹට නිකමටවත් හිතෙන්නේ නැද්ද ගොඩකවෙල එකම මළ ගෙයක් කරන්න.. අපිටත් ට්‍රිපක් යන්න ඇහැකි එතකොට.. :D

      Delete
    2. යකෝ උඹ මිනීමස් කෑවත් අපි ගිනිතියාගන්නෙ නෑ බොල. :D

      Delete
    3. අනේ එහෙම කරන්න එපා බං.. නිකං ඉන්න එකේ ටිකක් සලකාවත් බලහංකෝ...

      Delete
    4. අඩුම ගානේ ගිනි ගොඩක් ගහලා මෙහා පැත්තෙන් ෆොටෝ එකක් අරන් පොඩි ජිල්මාට් එකක් වත් දාපං ප්‍රසෝ.

      Delete
    5. මාරයෝ, කැමතිද හමුදා පුහුණුව යටතේ වනයේ දිගුකල් දිවි රැකගැනුම සඳහා පුච්චපු ගැරඬි හෝ වෙනත් සර්ප මස්, අමු ගෙම්බෝ, අමු කඳ පනුවෝ රසවිඳින්න?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. අනේ ඔව්..ඕනනං අපිට බැරියෑ සීන් එක යද්දි පොඩි තල්ලුවක් දෙන්න හරි...

      Delete
  2. මම නම් හරක් මස් කන පව් සිද්ද කර ගන්න ජාතියේ නෙමේ.මම කන්නේ ගම්මාලු විතරයි.

    ReplyDelete
    Replies
    1. ගම්මාළු කියන්නේ ගහක් නෙව ගොයියෝ... බෙහෙතට ගන්න...

      Delete
    2. ඇයි බන් හරකට ගම්මාලු කියනවා නෙව ...

      Delete
    3. මෙයිට කලින් ඒ යෙදුම අහලා තිබුනේ නැහැ නෙව.. ස්තූතියි දැනුවත් කිරීමට... ඔය කොයි පළාතෙද..? අපේ පැත්තේ ඔය යෙදුම මං අහලා තිබුනේ නැහැ මෙයිට කලියෙන්... ඌරටනං ගොඩ පුහුල්.. දුවන පුහුල් වගේ යෙදුම් තියෙනවා... හරකට අහලා තිබුනේ නැහැ... ගම්මාලු කියන ඖෂධීය ශාකය ගැන විතරයි මං දැනං හිටියේ...

      Delete
  3. ශික් අම්මපා.... මම මාතලං ගැන තියාගෙන හිටපු ප්‍රතිරූපෙ මාරයා එහෙම පිටින්ම බිඳලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඇල්කෙමියා හිතුවේ මාතලං බොබසේ පොරක් කියලද.. අනේ අපොයි. ඌට එහෙම පිස්සුවක් ඇතෑ..

      Delete
    2. කඩතුරා ඉවතට... ඇත්ත එළියට...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේකා මේ පෙසර් කුකර් එකක් අරන් තියෙන වදයක් අම්මපා.. දෙන්න හිතෙනවා බොබලෙන් හොද එකක්. අර චිකන් වගේ හරක් මස් එපාය කියල පාගමන් යන කාලේ. හිටහං හෙට වෙන කොට අපි හරක් පෙරහැර වැල්ලවත්ත හරියට එවනවා..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බොබලෙන්නං එපා... රාබලෙන් නං තව කමක් නැහැ...

      Delete
  6. මම නම් හරක් මස් කන්නේ නෑ.....වෙන මොකක් හින්දවත් නෙමේ, තමන්ගේ ජාතිය මරන් කන්න හොඳනෑ කියනවනොවැ...

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං එහෙමට කැමැත්තකින් නෙවෙයි මේ කොරන්නේ... :D

      Delete
  7. කිරිමවගේ මස් කෑ වසවර්ති මාරයා.... :D

    ReplyDelete
    Replies
    1. අනේ මං කිරිත් බොනවා..කිරි මවත් කනවා... බිත්තරත් කනවා..බිත්තර මවගේ මසුත් කනවා... :D

      Delete
    2. පිස්සුද බන්.. මාරයා කෑවේ "වැස්සියක්" ගේ මස් නොවේ.
      "වස්සෙක්" ගේ මස්.
      ඒක නිසා ඕක ඔය "කිරි මවගේ" තියරියට අහු වෙන්නේ නැහැ.

      Delete
    3. අම්මපා අන්න ඒකත් හොද කතාවක්... දැන් එතකොට වස්සෙක්ගේ මස් කෑවම කිරි අප්පොච්චගේ මස් කෑව වෙයිද..?

      Delete
  8. උඹ හරක්මසුත් කනවද බං?

    ReplyDelete
    Replies
    1. ඇයි බොට අවුල් වගේද..? :p

      Delete
    2. ඇයි ඒකා කාපු එකකුත් දාලා තිබුණේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි නෙව...

      Delete
    2. //අන්තර්ජාලය.. මූණුපොත.. හා බ්ලොග්කරණය.. තුළින් ලෝක සාමය හා සදාචාරය උදාකරවන්නට අපරිමිත වෙහෙසක් හා මන්සියක් දරන උපාසක ඇත්තන් මේ ලිපිය ගැන නොකිපෙත්වා...//

      ඕං ආයි දැම්මා. කලින් පාර හරියට පේස්ට් වෙලා නෑ.

      Delete
    3. ආ ඒක මිසක්.. මං ඒත් බැළුවා මේ මක්ක කියනවද කියලා...

      දැන් මොනවත් කියන්න බැහැනේ ඩ්‍රැකී... ඔය උපාසක ඇත්තෝ කිපිලා නෙලනවා නෙව සර්ධාව වැගිරෙන්න... ඒ හින්දා
      “මං උපාසකට බයයි මල්ලියේ“
      කියලා මුලින්ම කියලා හිටියම ලේසියි...

      Delete
    4. පෂ්ට සින්දු කෑල්ල. ඒක නෙවේ අපේ පැත්තෙත් එන්නකො මෙයා

      Delete
    5. කෝ බොල.. ඒකෙන් යන්නේ වෙන අමුතුම බොලොගේකට නෙව... සික්... මොනවද මේ දෙන ලින්ක්..?

      Delete
    6. සොරි සොරි මං ලිංක් එක දානකං ට්‍රයි කොරන්ඩකො drackey.blogspot.com

      Delete
  10. මස් ටිකක් රසට උයල දීපං එක්කෝ අර දෙමළ ගෙදරට එක්කන් පලයන් මම ආපුවම මුණගැහෙන්නම්

    ReplyDelete
    Replies
    1. හපෝ..මෙන්න අපිව පාප කිරියාවලට ඇදලා දාන්න හදනවා... අපි අහුවෙයි ඕවට.. :D

      Delete
  11. තව එකෙක්ට ගිනි තියාගන්න වෙයි ද මන්ද මෙහෙ මාරයාත් මස් ගිලින්න තිබා ගත්තනෙ.

    ReplyDelete
    Replies
    1. මං ට්‍රයි කලේ අර ත්‍රිභාෂාවවත් අග්නිපූජාවට යවන්න කෝ කැමැත්තක් නැහැනේ ඒ හැටි.. බැයිද අයියටවත් නිකං ඉන්න එකේ ඉදිරිපත් වෙන්න... පැස්ටෝල් ලයිටර් සියල්ල නොමිලේ.. :D

      Delete
    2. ස්වර්ණවාහිනියටත් කියමු. ප්‍රසන්නයත් කැමති වෙයි මූණ ටීවී එකේ පෙන්න ගන්න මැරෙන්න මොහොතකට කලින් හරි.

      Delete
    3. අනිවා.. කෝ මේකා තාම වචනේ දුන්නේ නැහැනේ...

      Delete
    4. අඩෝ බොලා හිතා ඉන්න තරං ලේසියෙන් ඒ වැඩේ කෙරෙන්නෙ නෑ හරිය. අපි ඔක්කොම කරල ඉවරවෙලා ටේප් එක විතරයි මීඩියා වලට යවන්නෙ.

      Delete
    5. ඉතිං ටිකක් ඉක්මන් කොරහංකෝ දෙයියා...

      Delete
    6. @Praසන්ன
      මොන මඟුලක් හරි කොල්ලා, ඉක්මණට ගිණි තියාගං. ලොකු හයියක්.

      Delete
  12. යකෝ තම්බි මරන හරක් මස් කන්න එපා යකෝ . .

    තොට පව් සිද්ද වෙනවා ආච්චි අම්මව මරන් කෑවට අහ් සොරි කිරි අම්මාව මරන් කෑවට (කිරි අම්මා කියන්නේ ආච්චිට කියලයි මම හිතන් උන්නේ ලඟදී දන්නේ ඒ හරකට කියන නමක් කියල සොරි ඈ)

    ඩිංගක් ඉවසලා හිටහන් අපි මේ රජය ලව්වා හරක් මරන එකට විරුද්ධ යෝජනාව ගෙනත් රජයෙන්ම පිට රටින් පව් සිද්දවෙන්නේ නැති හරක් මස් ගෙන්වනකම් . .

    ඉන් පස්සේ රස කර කර උයපියව් . . උයල කාපියව් . .

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොලාත් කතා කරන්නේ කිරි අම්මලා ගැන විතරයි.. එකෙක් නැහැ අපේ බිත්තර අම්මව රහ කොර කොර කන එවුවෝ ගැන කියන්න... අනේ අපේ බිත්තර අම්මා... පව්ව්ව්ව්........ :D :D :D

      උඹ කිව්ව එක ඇත්ත දුකෝ.. රටින් ගෙන්නන්න තමා මේ හදන්නේ.. හැබැයි රටින් ගේන හරක් මස් කිලෝවක් හත් අට දහක්වත් වෙනවා... මොකද මෙහෙ වගේ අයාලේ යන උන් අල්ලලා මරනවා නෙවෙයිනේ... මසටම හදන අඩු වයසින් මරන එවුවනේ... එතකොට ඉතිං කන්න වෙන්නේ ඌරු මෂ් තමා.. ආ තව පුළුවන් කුකුල් මස් ගිල ගිල.. මාළු.. බිත්තර ගිල ගිල හරක් මස් විතරක් පිටින් ගෙන්නන්න වැඩේ කරන්න දගලන උන්ගේ මස් කන්නත්... :D :D :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හරකගෙ ෆොන්සේකලා එහෙම නැද්ද දන්නේ නෑ ?

      Delete
    4. "කක්කුස්සියේ වහලෙට ටකරන් දුන්නු නිසා"

      වගේ හේතුවලට පක්ශෙක සපෝටර්ලා වෙන, සපෝටර්ලා වෙලා . . .

      ඒ පක්ශේ කරන ඕනෑම ගොන් කමක්

      "හුරේ නියමායි" කියලා උඩ පැන පැන නටලා පිලිගන්න . . .

      ගොන් / බූරු / අමන / දීන / #$^$^ මහජනතාවක් ඉන්න රටක ජනතාවට . .

      පිට රටින් වැඩි ගානකට "මස්" නෙමේ ගෙනත් කවන්න ඕන මාරයෝ උන් උපන්න පොලොවේ "පස්" . . !!!!

      Delete
    5. දැං කොහොමත් උන්ට අපිට පස් තමා කන්න ඉතුරු වෙලා තියෙන්නෙ.

      Delete
  13. අර කකුලට පොල් පිත්තක් තියලා කකුල කපන් කන යට පව් අඩු ඇති නේද ? ඒ වගේ එකකට ගිනි තියා ගන්නවා නම් එක කකුලකට වගේ ගිනි තියාගෙන් අබ්බකාත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  14. චැක්, මාරයියෙ මේක අනික් පැත්තට බොල කරන්ට ඕන. කුකුල හරක වගේ උයතහැකි නම් ගොඩ යනව ෂුවර්. ජාතියේ අවශ්යතාවය ඒකනෙ.
    නැත්නම් හරක් මස් රසට සෝය වත් හදුකො.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... වැජිටේරියන් අයියලත් හොයන්නෙම කුකුළුමස් රස.. :D

      Delete
  15. මම නම් හොඳම කෑම කෑවෙ කුරුණෑගල මුස්ලිම් පල්ලියට අල්ලල හදපු කඩේකින්... හරක් මස් හොද්දක් එක්ක උණු උණූ පාන් පාරක් දෙනව එතන ආයි ලොවෙත් නෑ... (දැන් නම් ඒ කඩේ නැද්ද මන්දා..)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් ඌරු මස් හොඳට උයන්නේ කතෝලික උදවිය... හරක් මස් හොඳටම උයන්නේ මුස්ලිම් උදවිය... හැබැයි ඉතිං අතරින් පතර අපේ අයත් ඕවා ටිප් ටොප් එකට උයනවා... හොඳම උදාහරණේ තමා නිට්ටඹුවේ පොල් අතු බත් කඩේ ඌරු මස් එක... ආයේ ඉතිං ලංකාවේ කොයි පැත්තේ ගියත් ප්‍රසිද්ධ කෑමක් ඒක...

      මාත් බොහෝම රසට උයාපු හරක් මස් කරියක් කෑවා එක පාරක් මිනුවන්ගොඩ ටවුමේ අර හතර මං හන්දියට ටිකක් පහලින් පාලම පැත්තට වෙන්න තියෙන මුස්ලිම් කඩේකින්... ඒකත් සෑහෙන හොඳට තිබුනා...

      Delete
  16. මම නම් ඉතින් හරක්මස් කන එක නැවැත්තුවා ... හරකා ගැන අනුකම්පාවෙන්මත් නෙවෙයි හරක් නිසා මැරෙන මිනිසුන්ගේ ජිවිත ගැන හිතලා කලකිරිලා..

    ReplyDelete
  17. මමනම් කෑවේ හොඳම හරක් මස් මගේ පොඩි කාලේ ඉඳලම හොඳම යාළුවා වුන නලිම්ගේ ගෙදරින්. ඒ වගේම තමයි රාමසාන් කාලෙට පල්ලියේ දෙන සුප් එකත් නියමම නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සුප් එක කොහොමද කියලා බලන්න නම් මගෙත් ආසාවක් තියෙනවා. තාම චෑන්ස් එකක් වැදුනේ නැහැ...

      Delete
    2. ඒ සුප් එකේ රස නම් මන් දන් නෑ... හැබැයි ගඳයි පළාතේ ඉන්න බෑ... ( අපේ ඔෆිස් එකේ උන් උස්සන් එනවා ඉස්සර... )

      Delete
    3. නිකං ඉන්න එකේ ටිකක් බීලා බලන්න එපෑ...

      Delete
  18. තව ඉස්සරහට ප්‍රෙෂර් කුකර් රෙසපි එයි එළියට.

    ReplyDelete
    Replies
    1. එයිට කලියෙන් බොලාට පොරොන්දු උන තක්කාලි සෝස් එක දීලා ඉන්න තියේ... මට තාම කැමරා සිල්පියෙක් අහු උනේ නැහැ වැඩේට..කවුරු හරි එකෙක් ගෙදරට කඩං පාත් උන දවසට මං හදන ගමන් ඌට පොටෝ ටික ගන්න කියලා වැඩේ කරලා එවන්නං... සෝස් හදන ගමන් පොටෝ ගහන්න ගියොත් වැඩේ දෙල් වෙනවා...

      Delete
    2. ආ හරි, දවස කියපං මම එඤ්ඤං කැමරාවත් උස්සං

      Delete
    3. හපෝ හැලපයියගේ කැමරා ගැන මං දන්නේ නැද්ද..? අන්තිමට ගහපු පොටෝ හොයන්න පොලිසියෙන් දාන්න වෙයි...

      Delete
  19. මාතලන්ට මාරයාෙග් හෝරාව ලං වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. යාළුවා සිංහල කොටන්නේ මොන ක්‍රමේටද..? දැනට කරන විදිහ කිව්වනං හදා ගන්න උදව් කරන්න පුළුවන් වෙයි...

      Delete
  20. බුලත්සිංහලදී හරක් මස් ව්‍යංජනේ වැලදුවද ? කෑවද ?

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා..එතකොට වළඳන්න පටන් අරං නැහැ... එයිට කලියෙන්...

      Delete
  21. මේක අල දෙයියෙක් නෙ.මස් වලටත් අල දාල වෙනම අල හොදදකුත් හදාගෙන.

    ReplyDelete
    Replies
    1. හරක් මස් උයද්දී අල ගෙඩියක් දැම්මම තමා නියම කොලිටියට එන්නේ... ඉස්සර අපේ ගෙවල්වල ගං කුකුලෙක් ඉවුවත් ඒකට අලයක් දානවා පෙති ගහලා... අර මෙලෝ රහක් නැති වහුතු බ්‍රොයිලර් වලටනං අල නෙවෙයි කොල දැම්මත් වැඩක් නැහැ...

      Delete
    2. මිංචි ටිකකුයි අමු ගස්ලබු කෑලි ටිකකුයි දාල බලන්න වෙනස කොහොමද කියලා.

      Delete
    3. ගස් ලබු දාන්නේ මස් මෙලෙක් කර ගන්න කියලයි මං අහලා තිබුනේ.. මේ විදියට තම්බලා ගත්තමනං ආයේ වෙනම මෙලෙක් කරන්න දෙයක් නැති තරං.. මිංචිනං දාලා නැහැ මං සැලරි දණ්ඩක් සාමාන්‍යයෙන් දානවා මස් උයද්දි... ඊ ළග පාර ඔය කිව්ව දෙකම කරලා බලන්නංකෝ...

      Delete
  22. චැඃ...මේක බලන්න ගන්න කොටම කෑම පිඟානක්නෙ...දැන් ඉතින් මට බඩගිනියි..මම යනව කන්න...

    මාරයියා මාර කාලෙක නෙ මේ පෝස්ට් එක දැම්මෙ......උපාසක අයියලා එයි රෙදි උස්සගෙන....

    ReplyDelete
    Replies
    1. උපාසකලා හින්දා දැන් අපිට කන්න වෙලා තියෙන්නේ බිත්තර අම්මගේ මස් විතරයි... මුංදලා ප්‍රීමා එකෙන් හරි බහිරහා එකෙන් හරි එහෙමත් නැත්තං ක්‍රිස්බෝ එකෙන් හරි සල්ලි අරංද මංදා මෙච්චර කෑ ගහන්නේ කියලත් මට වෙලාවක හිතෙනවා...

      Delete
  23. අඩෝ......! බලාපිය.....පාරෙ යන එකෙක්ව හරි අල්ලලා හරි ගිණි තියනවා හරිද....?

    ReplyDelete
    Replies
    1. අයියා ලගදී එන්ට එහෙම හිතක් නැද්ද ලංකාවට..? මතකයි නේද අර කැකිල්ලේ තීන්දුව... අලියට පෑගෙන්න මස් තියෙන එකෙක් හොඳ උනා වගේ ගිනි තියන එකත් තියන්න ඕන ඇගක් පතක් හරි හමන් විදියට තියෙන හාදයෙකුට තමා.. අපි මේ ත්‍රිභාෂා ප්‍රසන්නව ගත්තේ මේ වෙලාවේ හරි හමන් කෙනෙක් නැති කම හින්ද මිස..අයියා එනවනං අයියට ගේමක් නැතිව අවස්ථාව තියේ... මොකද කියන්නේ.. එනවැයි...?

      Delete
    2. ගිණි තියන්න ඕනෙ ඇඟපත හොඳට තියෙන එකෙක් නෙවේ. දර ඉපළක් වගේ කෙෂ්ටු එකෙක්. ඒකට ප්‍රසන්නයම තමයි හොඳ.

      Delete
    3. මංනං හිතුවේ ඇගේ හොදට තෙල එහෙම තියෙන හින්දා හොදට ඇවිලිලා යයි කියලා.. ඒත් ඉතිං අපි ඕකට වාද කරන්න ඕන නැහැ.. අපිට පුළුවනි ඔය දෙජාතියෙන්ම දෙකක් ගිනි තියලාම බලන්න... අනික පවුනේ ප්‍රසා තරහා වෙයි දුමී අයියට විතරක් චෑන්ස් එක දුන්නා කියලා...

      Delete
    4. ඕකුං දෙන්නටම ගිණි තිබ්බොත්, හෙණ සමාජ සේවයක් කොළා කියලා අපි දෙන්නට ඡන්දෙත් ඉල්ලන්න පුළුවං වෙයි.

      Delete
    5. අඩේ හැබෑට මට ඒක කල්පනාවට ආවෙම නැහැනේ.. දැන්නං මේක ලේසියට අතෑරලා බැහැ...

      Delete
  24. මට නම් ගව මස් බොර සමග පොල් කිරි මිශ්‍ර කල මනි පිට්ටු තමා.බාබතුත් නරකම නැහැ.

    ReplyDelete
    Replies
    1. මං තාම ඔය බාබත් කේස් එක හරියටම දන්නේ නැහැ නෙව... මනි පිට්ටුවනං මට ඒ හැටි සෙට් උනේ නැහැ.. නිකං පිට්ටු උනත් මං කැමති පොල් කිරියි සීනියි එක්ක විතරක් කන්න... මස් හොදි එක්ක පොල් රොටී එහෙම සුපිරි උනාට පිට්ටුවට මට ඒ හැටි ඒක අල්ලන්නේ නැහැ.. හැබැයි ඉතිං කුරුළු හමුදාවේ ඉන්න කාලේ සතියට දවසක් උදේට හරක් මස් වෑංජනේකුත් එක්ක පිට්ටු ගිල්ලා.. මොනවා කොරන්නද දෙන දේ එපෑ කන්න...

      Delete
  25. මොන මසක්වත් කන එක කාටවත් නවත්වන්න බැ.එහෙනම් බුදු හමුදුරුවන්ටත් එක නවත්වන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. නංගි නම වෙනස් කරලද..?

      බුදු හාමුදුරුවෝ මොන බෞද්ධද..? මෙයාලනේ නියම බෞද්ධ...

      Delete
    2. එක නම් ඇත්ත.නම වෙනස් කරා අයියේ මම.

      Delete
  26. මම නම් හරක් මස් කන්නේ වෙන මොකටවත් නෙවෙයි උඹත් එක්ක තියෙන තරහට

    ReplyDelete
    Replies
    1. හුටා අර ඩ්‍රැකියට වුනා වගේ හරියට ඇලවිලා නෑනේ.

      මම නම් හරක් මස් කන්නේ වෙන මොකටවත් නෙවෙයි උඹත් එක්ක තියෙන තරහට කියලා එකෙක් තව එකෙකුට කිව්වා.

      Delete
    2. මං ඌරු මස් කන්නෙත් උඹ එක්ක තියෙන තරහට...

      Delete
    3. හුටා..බලන්නකෝ මටත් වැරදියට ලියවිලානේ.. :D

      මං කිව්වේ මේ අර කවුද එකෙක් තව එහෙකුට කිව්වළු “මං ඌරු මස් කන්නෙත් උඹ එක්ක තියෙන තරහට“ කියලා...

      :D :D :D

      Delete
    4. ඒක මිසක්! මේ බ්ලොගර් ගොයියා හරියට පිච්චු කෙලිනවා නේද?
      :D :D :D

      Delete
    5. හනේ ඔව්..පුදුම පිච්චුවක් තමා.. :D :D :D

      Delete
  27. මූ මාව නැතිකරලා නේ.. කොහෙද ඉතින් මුන් එක්ක හිතවත් කමට දෙයක් කතාකරන්නේ.. අන්තිමට පත්තරෙත් දාලා...

    යකෝ අල කෑලී ටික දැක්කම.. දෙපැත්තෙන් කෙළ බේරෙනවා...

    උඹ කාලා තියෙන්වද මට්න් බුරියානී එක...

    ඒකත් ඕකේ එළටම හදතෑකී....

    අපේ අම්මගේ තේ එක අජපල් උනාට. ඉස්සර හරක් මස් එකක් හදනවා බොරට.. විශේෂයෙන ආප්ප, පොල් රොටි එහෙම කන්න.. ඒකට ගහන්න එකක් නම් හම්බවෙලා නෑ... අද වෙනකන්. ඒත් දැන් අම්මා, හරක් මස් පැත්ත පලාතේ ගෙන්නේ නෑ...

    සුද්දෝ ඇහුවාම.. මම කැමති ලංකාවේ කෑම එක මොකක්ද කියලා.. මම කියන්නේ පොල් රොටියි, මස් කරියයි කියලා... කොහොම හරි මුන් දුන් දදා කාලා... පින් දීලා යන්නේ...

    ෂ්...............
    සද්ද කරන්න එපා.. බොබසේ ඇහුනොත් මම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියා.. අපි ඒමත් කරනවද..? ඕනනං හත් අට දෙනෙකුට කියලා තව ගෑණු එක්කෙනකුට නැත්තං දෙන්නෙකුට කියයි... එහෙම නැතිව අපේ නැහැනේ ඔය වගේ වැඩ.. හම්මපා.. :D

      ඇත්තම කිව්වොත් මාත් කැමතිම දෙයක් තමා මස් එකේ අල කෑලි ටික... අමර රහක්නේ තියෙන්නේ ඕකේ...

      මට්න් බුරියානි කාලා තියේ තාම හදලානං නැත.. අර කොළම එළුවා වෙනුවට බල්ලා දෙන කතාවෙන් පස්සේ එළුවා කන්න හිතුනෙම නැහැ නෙව... ඒත් වෙලාවක ට්‍රයි කරන්න ඕන.. ෂික් උඹලා දෙන්නෙම පවුකාර ඔත්තු...

      අපේ තාත්තා මස් කන කෙනෙක් නෙවෙයි ජීවිතේට.. පුදුම වදයක් විදලා සෝයා මිට් කවන්න හුරු කරගත්තෙත්... ඒත් නියම වැඩේ කියන්නේ කවදාවත් හොද්දේ ලුණු ඇඹුල් බලන්නෙවත් නැතිව මස් එක උයනවා සුවද දාන්න...

      පොල් රොටියයි මස් කරියයි ගැන කිව්වම මට මතක් වෙන්නේ ඉස්සර ඔය කලුඅග්ගල වක් ඔය ගාව පොඩි කඩයක් තිබුනා ඕකට ගිනි ගින්දර...

      බොබසේ විතරක් නෙවෙයි රාබසේ කියලා එහෙකුත් තියේ හිටහං දෙකටම... :D :D :D

      Delete
    2. එළු මස් කිළෝ එකක් 1100 යි....

      Delete
    3. උදේ පාන්දර ප්‍රෙෂර් නග්ගන්නේ නැතිව හිටහං...

      Delete
  28. දෑන් මෙක බලල හරක් මස් ගිල්ලම පව් සිද්ද වෙන්නෙ කාටද?ඔකට දෙල් ගෙඩියකුත් දෑම්මනම් කොහොමද

    ReplyDelete
    Replies
    1. හරක් මස් එකට දෙල් දානවට වඩා හොද දෙල් මාළුවට චූටියට කපලා හරක් මස් දාන එක...

      Delete
  29. මේ වෙන බ්ලොග් පෝස්ට් එකකට වැටිලා තිබ්බ කමෙන්ට් එකක්. අදාල නිසා මෙතනට දාන්නම්.

    ""හරක් මස් කන උන්ට ඒවා නොකන්න කියලා ගිණි තියාගන්න එකෙයි, උන් ගිණිතියාගන්න නිසා හරක් මස් නොකන උන් හරක් මස් කන්න ගන්න එකෙයි මටනම් කිසිම වෙනසක් පේන්නේ නෑ!""

    මෝඩකමට බේත් නැතෙයි කියලා බොහෝම පැරණි කියමනක් තියෙන්නේ නිකන් නොවෙයිනේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනං හරි... ඒත් ඔය සීන්වලට කලින් ඉදලා හරක් මස් කන අයට ඕක අදාල නැහැ... නමුත් හරක් මස් කන අයට කුකුල් මස්/මාළු/බිත්තර එහෙම කන අය විසින් කරන්න යන අසාධාරනේට විරුද්ධ වීම පිණිස මෙතුවක් දවස් හරක් මස් සම්බන්ධ කතා උජට අරං නොකියපු අයටත් ඒ ගැන ටිකක් කතා කරන්න වෙනවා... ඒක අළුතින් හරක් මස් කෑමක් නෙවෙයි... මෙතුවක් කල දේ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කිරීම.. මොකද නැත්තං පරක්කු උනොත් හරක් මස් කන එකාගේ අයිතියට අනිත් උන් කෙලලා යන හින්දා...

      මෝඩකමටනං බේත් නැහැ තමා... හැබැයි ඉතිං සමහර වෙලාවට මෝඩකම දාහෙන් සම්පතයි කියලා හිතෙන තැනුත් තියේ... :D

      Delete
  30. මෙයා ප්‍රෙශර් කුකර් එකක් අරන් දැන් එක එක වැඩ දානවා.. ඒකත් නරකම නෑ බලාගෙන යද්දී.. මාතලං හන්දා වෙච්චි දෙයක් බලන්නකො ඉතින්..

    ReplyDelete
    Replies
    1. හනේ මොන වැඩද මලයා... මේ මාතලන් මාව නරක් කොරන්න හැදුව හින්දා මාත් අහුඋනා නෙව...

      Delete
  31. හරක් මස් චිකන් වගේ උයනවා කියන්නෙ හරකාට කරන අගෞරවයක්....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හරි... එහෙමනං චිකන්ම කන්න බැරියෑ නේද..? ඒත් ඉතිං මේ කියන්නේ හරක් මස්වල තියෙන අර තද ගතිය ටිකක් අඩු කර ගත්තාම කාට උනත් ඒක පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් හින්දා ඒ ගැන නෙව...

      ඔය වෙජිටේරියන් උදවියත් සෝයා කන ගමන් එකේ චිකන් රස හොයන කතාවකුත් තිබුනා නෙව...

      Delete