21 July 2013

800... ලෙඩ ගානේ...

අම්මෝ රිදෙනවා මට බැහැ ඉවසන්න...
විටකදි හිතෙනවා වැලි අහුරක් කන්න...
එහෙම කොරලවත් මේකෙන් ගැලවෙන්න..
හැකිනම් අම්මපා කනවා වැලි ඔන්න...

දැන් දින තුනක් හතරක් වාගේ ගෙවුනා...
තාමත් සහනයක් නැත මා හට පෙනෙනා..
හෙටවත් අනේ හොඳ වීයන් යයි කියනා..
පැතුමින් දවස් ගානක් මේ හැටි ගෙවුනා...

මුලදි පටන් ගත්තේ ගෙල මුල දන්න...
පස්සෙදි මේක දිවුවා ඊටත් පහලට ඔන්න..
දැන් නම් පපුව එක්කම දනවා මෙන්න...
තවනං ඉතිං බැහැ ඉවසං මට ඉන්න...

සෙං ගෙඩි කියා ගෙඩියක් මොන එහෙකටද...
මනුස්ස සරිරේ හැදුනේ මල රෙද්ද..
මේ ගෙඩියක් නිසා විදිනා දහක් වද..
අවසන් වන්නේ අනෙ අම්මප කවදාද..
-------------------------

එකෙන් එක ලියා සෑහෙන කලක් සිට..
යන්තං ඔන්න අද පැන්නා සියය අට..
මෙතුවක් කලක් මෙහි ආ ගිය උදවියට..
බොහොමත් ඉස්තුතියි මට දුන් තල්ලුවට...

85 comments:

  1. එහෙනම් ඔන්න ඉස්සෙල්ලම 800 ට සුබ පැතුම් මාරයයියෙ.

    මම හිතුවෙ ඔහේටත් මේ හුදී ජනයාට තියෙන බඩ ගින්නවත් හැදිලද කියල. එහෙම වෙන්න පුළුවන්ය, නේද.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මල්ලියේ..

      පිස්සුද.. කොහොම මලත් බඩගින්නෙන්නං මැරෙන්නේ නැහැ අපිලා...

      Delete
  2. 800වැනි ලිපියට සුබ පැතුම්.
    ඔය මළ ලෙඩේ මටත් කාලයක්ම තිබුණා. පස්සේ ඔපරේෂන් කර අයින් කළා එදයින් පසු නම් තාම නෑ හැදුණේ.

    ReplyDelete
    Replies
    1. ඕක කපල කොටල දාන්නෙ ඇයි. මටත් සීතල කෑමක් කෑවොත් අනිවා ඔය සෙම් ලෙඩේ ෂුවර්. හැදීගෙන එනව දැනෙනකොටම ටිකක් රස්නෙ උණු වතුරට ලුණු ටිකක් කලවම් කරල උගුර හේදුවාම එහෙම්ම ඇරිලා යනවා. බෙහෙත් නම් පුරුදු කරාගන්න එපා. කීප පාරක් ගත්තම ආයෙ ඒක අහන්නෙ නැතුව යනවා. ඊළඟට ඩොකා තව එකක් ලියනව. ඒකටත් ඒ සෙතේම තමයි.

      Delete
    2. මේක මේ කාලෙකින් හැදුනේ.. හැබැයි මගේ පුංචි කාලෙනං ගෙවුනෙම මේ කරුම ලෙඩෙන් සෑහෙන්න දුක් විද විද... කපන්න කියලත් එක වංගියක් කතා උනාට උනේ නැහැ.. දැන්නං ආයෙම හිතිලා තියෙන්නේ එහෙමවත් කරලා ඉවරයක් කරලා දාන්න...

      බොහෝම ස්තූතියි නලින් අයියා සුභ පැතුමට...

      Delete
  3. මේ කය අනිත්තයි දුක්කයි දැනගන්න..
    එනිවේ සුබ පැතුම් අටසීයට මෙන්න...

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි කිව් පද දෙකට ඔබේ..
      කය නම් අනිත්‍යයි දුක්ඛයි තමා අපේ...

      Delete
  4. සෙම් ගෙඩි වලින් පට්ට කලක් දුක් වින්ද
    පොරක් ලෙසින් කව් පදයක් කොටමින්ද
    මොනවා කොලත් හරි යන්නැති ඔය රෙද්ද
    ගොඩ දැම්මේ දයානි ඇර වෙන කවුද

    අපේ ගෙවල් පැත්තේ ඉඩමක් රැගෙන
    ආවා කෙනෙක් වැලිසර දොස්තර නෝන
    දුන්නා බෙහෙත් අටමගේ හැඹිලිය හිදින
    දසක දෙකක අටමග සෙම්ගෙඩි නේන

    ලොකු දොස්තරල කපමුයි කපමුයි කීව
    අටමා‍ ඉන්න බැ මං මැරෙනව කීව
    දවස් දෙකෙන් සෙම් ගෙඩියට තිත තීව
    පෙන්නමී ඉන්න තැන මාරයේ නෝනාව




    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තුතියි දුන් මේ ඔත්තුවට...
      හැකිනං වෙලාවක එනවා රාගමට...
      ඇවිදින් හම්බෙලා ඔය වෙද නෝනාට..
      කියලා සෙම ඇරෝ ගන්නට හිතේ මට...

      Delete
  5. ලුණු සහ ගම්මිරිස් ගෙන සැම සමසේ
    මුහුකොට උණු වතුර පදමට හැකි පමණේ
    සොදාපන් උගුර නගමින් බුළු බුලූ නාදේ
    සත්තයි ගෙන දේවි ඉක්මන් සුව සහනේ...

    හැමදා ඇවිත් යනමුත් නැහැ මම සද්දේ
    කියවා බලා හැම දේ රසවිඳ ඇත්තේ
    මට බැහැ කවි ලියන්නට උඹලට මෙන් රිස්සේ
    සුභ පතනෙමි උඹට අද මේ පද ඔස්සේ

    ReplyDelete
    Replies
    1. ලුනු ගම්මිරිස් ගෙන කලතා සම සමව...
      මුහු කොට දෙහි ඇඹුල් සමඟින් ඇරිය සෙම...
      ඒ මුත් තවත් නැහැ ගුණයක් පෙනෙන්නට...
      බොහොමත් ස්තුතියි බෙහෙතට කිව්ව මට...

      බොහොමත් කල් ඉඳන් හිටියා මේ පැත්තේ..
      කුෂ් සොහොයුරා කිසි විට අමතක නැත්තේ..
      දුන් සහයෝගේ හැමදාත් එක තත්තේ..
      එනිසයි තවම ඉන්නේ මං බ්ලොග් මත්තේ...

      Delete
  6. 800ට සුභ පැතුම්!!!

    ReplyDelete
  7. SMS ලියා බොගෙ ලොකු අයියාට
    ගෙන්වා ගනින් උගෙ එලියන්තද වයිට
    ඒකා කොරයි බේතක් බොගෙ මරු කටට
    හරි නොගියොත් මේකත් කරපිය යසට

    ලුණු සහ ගම්මිරිස් දෙහි යුෂ ගෙන එකට
    ඇරපිය සෙමක් නහයෙන් දුම දාන්නට
    ඇරිය යුතුය ඔය සෙම හැම විටින් විට
    නැතහොත් දොසක් වන්නේ මට නොව නුඹට

    ReplyDelete
    Replies
    1. දහසක් එකක් තියෙනා වැඩ උන්දෑට..
      කරන්නේ කොහොමදෑ තව වද අයියාට..
      එලියන්තනං දැක්කෙත් නැහැ කලක සිට..
      එලියා මොටද ඇල්කෙමියා හිටින කොට..

      Delete
  8. 1000ත් ඉක්මනින්ම ලියාගන්න හැකිවේවා.. !!!!!!!!
    ඉදල හිටලාහරි දැන් බලන්න තියෙන බ්ලොග් කීපය අතර තියෙන මේක වැහිලායන්නනොදී ඉදහිටහරි අර මග නවත්වපු මාතෘකා ගැනත් ලියන්න.
    සුබ පතනවා ඔබට...

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ස්තුතීයි අමිල...

      පරණ මාත්තුරුකා ටික ආයෙම පටන් ගන්න ඕන තමා.. අඩුම ගානේ බණ කතා ටිකවත්...

      Delete
  9. අටසිය වෙනි පෝස්ට් එකට සුබ පැතුම් මාරයෝ..මුල හිටපු අය අද නැහැ , මැද හිටපු අය අද නැහැ , අද හිටපු අය හෙට නැහැ .. ඕක තමයි යථාර්තය. කෙසේ හෝ දිගටම ඉදිරියට යමු.. මට නම් 800 ගැන හීනෙකින් වත් හිතන්න බැහැ..කාලයකුත් නැහැ ..කකාටත් වඩා ස්පීඩ් එකෙන් පෝස්ට් දාල නේද ඒ කියන්නේ ...?

    දිගටම ලියන්න මෙව්වා එක ලැබේවා .සුබ පැතුම් නැවතත් මාරයෝ...!

    ReplyDelete
    Replies
    1. සහන් කියන කතාවේ ටිකක් හරි.. ටිකක් හරි නැත..ඒ කිව්වේ
      මුල හිටන් හිටිපු හැමෝම නැතත් සෑහෙන කට්ටියක් අදටත් එදා වගේම ඉන්නවා සහන්... ඒ වගේම මැදදි හම්බ වෙලා..මුලට ගිහින් ඇවිත් තාමත් ඉන්න අයත් ඉන්නවා... අද ඉන්න අය හෙට කොහොමද කියන එකනං කියන්න දැනට බැහැනේ...

      800ක් ගැන හිතන්න ඕන නැහැ සහන් ඔහේ ලියං යද්දි දන්නෙම නැතිව ඕවා ලියවෙනවා.. :D කතන්දරට මහත්තයා මට වඩා පැරණි කෙනෙක් නෙව මේ බ්ලොග් අවකාසෙට... ස්පීඩ් එකනං උන්නැහේට වඩා පොඩ්ඩක් වැඩියි වගේ තමා.. හැබැයි පහුගිය මාස හතර පහේ මගේ ස්පීඩ් බින්දුවට වැටිලා තියෙන්නේ...

      බොහෝමත්ම ස්තූතියි සහන් කාරණා දෙකකට.. එකක් මට සුභ පැතුව එකට... අනික මේ දවස්වල බ්ලොග් අවකාසේ ඇදන් යන්න තමුන්නැහේ වෙන මහන්සියට.. මං ඒක හැම තැනකදීම දැක්ක දෙයක්...

      Delete
  10. අටසීයට සුභ පතන ගමන්ම ඉක්මන් සුවයත් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..බොහෝම ස්තූතියි...

      Delete
  11. 800 වෙනි පෝස්ටුවට සුබපැතුම් එක්කම ඉක්මනට සනීප වෙන්ඩයි කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  12. 800ට සුබ පැතුම්!

    ඉක්මනින් සුවය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඩීන් අයියා...

      Delete
  13. ඉස්සෙල්ලාම අට සීයට සුභ පතලා
    කවියක් ලියමි මම අට කොන හෙම පැනලා
    යන්නට තොගේ සෙම ටික ඔක්කොම හැලිලා
    මැෂිමක් ගනින් පිට කොටුවෙන් වත් බලලා

    ReplyDelete
    Replies
    1. චීනා මතක් විය වැලිවේරිය උන්න..
      අටකොන පනින්නට සමතා මෙහි උන්න..
      පිටෝටු මැෂින් අරගත්තොත් සෙම යවන..
      සිදු වේ මටත් මහ විපතක් බොටත් උන...

      Delete
  14. :O මේ තරම් පච තිබ්බද අයියෙ කියන්න ? :O
    එනිවේ 1000 පචේ දක්වා සුභ පැතුම් ඇ! :D

    ReplyDelete
    Replies
    1. ආන්න ආන්න..වැරදි කතා...
      දැන් බලහං මං උඹ ගැනම කොයි තරං වතාවක් මේ බොලොගෙන් සත්ත සිද්දි කියලා තියේද..? ආන්න එහෙම ඇත්තම ඇත්ත කතා ටිකක් ලිව්වම අටසීයත් කජ්ජක්දෑ..?
      බොහෝම ස්තූතියි හා මල්ලියේ.. 1000 ලියන්නනං උඹ ගැනත් තව දෙතුන් පාරක්වත් ලියන්න වෙනවා... කමක් නැහැනේ..? :D

      Delete
  15. 800 ට උණුසුම් සුබ පැතුම්. 8000 ත් බලන්නට ලැබේවා.

    අනේ බොලං මාරයෝ.........සෙම්ගෙඩිත් ගෙඩියක්ද? කොහොමද අර්ශස් ගෙඩි හැදුනානම්. :D :D :D ප්‍රතිපත්තියක් වශයෙන් මම කාටවත් බෙහෙත් කියන්නේ නැහැ. ඒ සඳහා මට සුදුසුකම් නැහැ. ප්‍රතිකර්ම පමණක් කියන්නම්. සීතල වතුර/බීම පානය නොකිරීම, ගෙල සීතල සුළඟට නිරාවණය නොවන පරිදි තබාගැනීම. එක වෛද්‍ය ක්‍රමයක් (බටහිර හෝ ආයුර්වේද) පමණක් අනුගමනය කිරීම, කතාව අඩු කිරීම. මුඛය හැකිතරම් පිරිසිදුව තබාගැනීම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔක්කෝමත් හරි කතාව අඩු කොරන එක නෙව කාලා ඉවසන්ට අමාරු වැඩේ.. :D

      බොහෝම ස්තූතියි විචාරකතුමා...

      Delete
  16. 800 ට සුබ පැතුම්..
    ඩුබායි වල ලොකු හෝටලේක කුස්සියේ ඉඳන් 900 ලියන්න ලැබේවා!! ;)

    ReplyDelete
    Replies
    1. ඩුබායි..හම්මෝ..මාවත් ඔටුවෙක් කොරන්නද හදන්නේ... :D

      ස්තූතියි...

      Delete
    2. එල පැතුම.... මූ උයවලම මරවන්න ඇහැකි...

      Delete
    3. මංනං අහුවෙයි ඔවුවට... :D

      Delete
  17. අම්මටසිරි....800ක් ලිව්වද?
    මාර ලිවිල්ල කියන්නේ නිකන්ද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරිදත් අහනවා ලිව්වා නේන්නං.. :D

      බොහෝම ස්තූතියි රජෝ...

      Delete
  18. කම්මැලි කමට වැඩකට නැති වෙලාවට
    තවමත් වැටී ඇත යන එන තැන් ගොඩට
    වැඩක් නැතත් මේවා දැනුමට හිතට
    මාරයා අයියා හෙටටත් වටිනා අපිට..

    ආතල් එකට සෙට් වුණ මිහිරි අතීතයේ..
    තවමත් තියේ සලකුණු බොහෝ මතකයේ..
    පටන් ගත්ත ලිවිල්ල ඇදෙන කරුමයේ..
    මැරුණත් ලිපි තියෙයි තියෙයි අලු නොවී චිතකයේ..

    සුබ පැතුම් මාර අයියා.. 800 වෙනි ලිපිය ට 1000 ක් ලියන්නට හැකි වේවා...

    ReplyDelete
    Replies
    1. දැනුමක් ගන්න ඕනෑනං අනේ බොට..
      කියවිය යුතුය මා ලිවු ලිපි පිලිවෙලට..
      ගෙදරදි හදාගත හැකි දේශිය පානයට..
      ඇහැ දැම්මේ නැද්ද තෝ එක මොහොතකට...

      ආතල් සමය පැවතිය දුර අතිතයේ..
      ටකරම වගේ බ්ලොගයක් ලිවු මැන්ටලියේ..
      වලි දා ගත්ත තිමිරය අද නැහැ නෙව එළියේ..
      ඒකෙන් තමයි නිනුවා මතකේ හිටියේ...

      බොහෝමත් ස්තූතියි නිනුවෝ...

      Delete
  19. අටසීය අට දහස පසුකර යෑමට නිදුක් නීරෝගී "සුබ අනාගතයක්" පතනවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පෙට්ටි ජෝන් සහෝදරයා.. :D

      Delete
  20. 1000 sathapuma ikmanin pasu kireemata haki wewa!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුභ පැතුමට...

      Delete
  21. ජයවේවා මචං...8000 ම කරමු.. ** බහින්න කලියෙං

    ReplyDelete
    Replies
    1. **ද ***ද බං..?

      ස්තූතියි ඈ...

      Delete
  22. බීපන් උනු වතුර හැකි හැම වෙලාවෙම
    කාපන් උෂ්නෙ අඩු කෑම සෙම අඩු වෙනතුරුම
    රහ මෙර පානයෙන් හොඳ වෙන්නෑනෙ සෙම
    ටික දවසකට නවතාපන් ලඟ නැමුම.....

    සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර
    වා පෙත් සෙම්ද සමනය කර දෙන මිහිර
    වික්ටර් හෙට්ටිගොඩ කියලා ඇත එහෙම
    ගාපන් උඹේ ඔය බොටුවේ හැම තැනම

    ඔන්න දුන්න දෙන්නට හැකි උපරිමය
    කැහැ කැහැ නොයිද උගුරට දීපන් සුවය
    වැස්සේ කෙල්ලො බලනට නොගිහින් හිටිය
    හැකිනම් උගුර හොඳවීලා හුඟකල්ය

    ලොකු කම් මහන්තත්වෙයි මාරය ගැන ලීව
    ටොන් පච, කෑම, තව විකාර බ්ලොග් කෑව
    ලිපි අටසීයෙ මාරයාගෙ හෝරාව
    කංචුගෙ සුභපැතුම් කවියෙන් ඔන්න තව

    ReplyDelete
    Replies
    1. රහ මෙර පානේ නැති හින්දා තමයි අද..
      මේ වැනි ලෙඩ වලින් පීඩිත උනේ මම...
      ගල් වඩියක් දැම්මානම් අමුවටම..
      සියළු වේදනා කැකුකුම් යයි බැහැර...

      ලෙඩේට බෙහෙත් වට්ටෝරුව එක්කලම...
      විට්ටර් අයියටත් ඇඩ් එක දාලාම..
      අටසීයට සුභ පැතුවට කවියෙන්ම...
      බොහොමත් ඉස්තුතියි කංචන ලොක්කාට..

      Delete
  23. මා ආදර මාරය මලයගෙ 800ට සුභ පැතුම්..!
    මම නම් ගැටය කාලෙ ඉදංම සෙම් ගෙඩි ආවම කොලේ,ගැට අඹ/ඇඹරැල්ල ගම්මිරිස් ලුනු වනේ කොටල හක්කෙ තියෙල අල්ලපු වැටේ ගැටේට සෙම දැමිල්ල.
    බොහොම ඉක්මනට සුවයි.දවස් ගනන් විදවන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ ඇඹරැල්ලා ගැට ටිකක් තිබුනනං හොදා තමයි... සෙමෙ කෙසේ වෙතත් කාලෙකින් කෑව නැති එකේ... :D

      ස්තූතියි ලොකු උන්නැහේ... :D

      Delete
  24. Replies
    1. බොහෝමත්ම ස්තූතියි නෝනා මහත්මියටත්...

      Delete
  25. අටසීයට එක්දාස් අටසීයක් ආවඩා ආයුබෝ වේවා...

    අනේ බං ලංකාවෙ වැස්සට තෙමි තෙමි ඉඳලා මේකෙ කරවෙන්න ආව විතරයි අනේ මටත් හුස්මක් කටක් ගන්න බෑ සෙම... අද නම් නිවාඩු ගොඩ වෙදකමක් කරගන්න කියල බැලුවෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..ස්තූතියි...

      මදෑ කොලා.. සාත්තු සේවිකාවත් ළග නැති වෙලේ නේද වැඩේ උනේ.. :D

      Delete
  26. 800 ට සුභ පැතුම් ! ඉක්මනින් නිරෝගී සුව ලැබේවා !

    ReplyDelete
  27. තනමල් විලින් ගෙන්නාගෙන සුපිරි මලක්
    හවහට හදන් ඇදපන් දුම් පාර හතක්
    සෙම් කර වෙලා ඉක්මන් සුව ලැබේ නොවක්
    හඳේ ඉඳන් ලියපන් තව පොස්ට් ගොඩක්

    ReplyDelete
    Replies
    1. මතක නැතේ බොලේ..
      මලක් දුටුව කලක්..
      තිබුනානං මලක්..
      අද මං රජ කෙනෙක්..
      සෙමට පිතට වගේ..
      වාතයටත් හුගක්..
      ඇද්ද තවත් ලොවේ..
      මලක් මිසක් තවත්..

      Delete
  28. අම්මෝ උබ අට්සියක්ම ලිව්වද බන්..... ඇස්වහ කටවහ කලයක් මතුරගනින් මට ඉරිසියාවේ බෑ.......... මාර සන්තොසයි..... මාර සුභපැතුම් .....

    ReplyDelete
    Replies
    1. නොදෝ..මකින්.. ගහු කෙල පාරක්කත්... තූ..තූ... :D

      ස්තූතියි මැලේ... කම්මැලි නොවී ලියං ගියොත් තව ටික කාලෙකින් මැලේටත් ඔහොමම ඇස්වහ පාරක් වදින්න බැරි නැහැ තවත් කාගෙන් හරි..

      Delete
  29. අටසීයට අටදාහක්ම ලියන්න ලැබේවා...අර උස වීදුරුවේ පෙන දාන ඒවා පහුගිය ටිකේ වැඩිපුර ගත්තද? ඉක්මනින්ම සුව වේවා..

    ReplyDelete
    Replies
    1. උස වීදුරුවේ පෙන දාන එව්වා අරං මෙහෙම උනානං මට දුක නැහැ ආයිබෝං... එහෙමත් නැතිව මෙහෙම වෙද්දි තමා හිතට බොහෝම අමාරු... :D

      බොහෝම ස්තූතියි...

      Delete
  30. පන්කාදු කවි ටික. ඒවගේම ලස්සනට කවියෙන්ම කරපු comments ටිකකුත් තිබ්බා. මොකද කරන්නේ මට කවි ලියන්න බැරි කොට.

    ඔබේ blog එකට මා ලඟදි ආවත් පුරුද්දක් ලෙසින් ඔබේ අලුත් ලිපි ඔක්කොම කියවනවා.පැරණි ලිපිත් මට පුළුවන් වෙලාවට කියවනවා. නිරෝගී කමේ අගය තේරෙන්නේ අසනීපෙන් ඉන්න වෙලාවට මිස වෙන කොයි වෙලාවකටවත් නොවෙයි.මටත් මේ ඇලජික් එකක් හැදිලා අද යන්තම් ගොඩ ආව විතරයි.

    ලිපි 800ක් අඛණ්ඩවම ලියපු එකට සුභ පතන අතර තව දහස් ගණනක් ලිවීමට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොත් කිව්වා නෙව ආරෝග්‍යා පරමා ලාභා කියලා... එව්වා සිහි වෙන්නේ ඉතිං මෙහෙම උනාමම තමා...

      මහත්මයාටත් බොහෝම ස්තූතියි...

      Delete
  31. 800 ට සුබ පැතුම් සහ ඉක්මන් සුව පතමි..

    ReplyDelete
  32. අහ්, අටසීයකුත් ලියලා. තවත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්නට වාසනා.
    ඔය සෙම්ගෙඩිවලට හොඳයි මුළින් උණු වතුරින් නාලා, ඒ එක්කම සීතල වතුර නාලා, රියෝ අයිස්ක්‍රීම් එකක් කකා, ගෝල්ෆේස් පිට්ටනියෙ රෑ 12 විතර වෙනකම් මුහුදු සුළං වැදි වැදි ඇවිද්දනම්.

    ReplyDelete
  33. අටසීයත් ගැහුවයි අපෙ මාරයියා
    නවසිය පනස් ගානක් පන්නනවලු උඹේ පස්සා
    හක්ක පනින ගානක් බැලුවලු උඹේ මේ ලබ්බා
    සිහල බොගට වාසනාවන් අපෙ මාරයියා....

    ReplyDelete
  34. සුබ පැතුම් මචං..!...........800 ට තව ලියන්න දිරි ලැබේවා..!

    ReplyDelete
  35. මාර 800 ට සුභ පෑතුම්.මමත් පරන එව ගොඩාක් කියවල තියෙන්නෙ.සුපිරි කවි ටිකක් කොමෙන්ට් වලත් තිබුන.රස සාගරක්.නිරොගි සුව හා දිගාසිරි පතමි

    ReplyDelete
  36. අනේ ammoo 800ක් .... ඔය ඇති යකො..

    ReplyDelete
  37. 800යෙන් 8000 කට මෙන්න මගෙන් සුභ පැතුම්. මාර විෂ් by රතී...

    ReplyDelete
  38. 800 වැනි ලිපියට සුභ පැතුම්. ඒත් එක්කම ඔය හැදිල තියෙන ලෙඩ ‍‍රෝග ඉක්මණින් සුව වේවා කියලත් පතනවා.!

    ReplyDelete
  39. 800 සුභ පැතුම් මාරයා අය්යෙ මේ රස සාගරය තවත් කලම්බන්න නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා...........

    ReplyDelete
  40. 800 සුභ පැතුම් මාරයා අය්යෙ මේ රස සාගරය තවත් කලම්බන්න නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා...........

    ReplyDelete
  41. සිරාවටම ඈ! අටසීයට අටදාහක් ආයුබෝවේවා! සෙං ගෙඩියත් නැතිබගස්තාන වේවා!
    කාලෙකින් සෙං හලලා නෑ වගෙයි....:-)

    ReplyDelete
  42. මටත් මාරයා ආවේස වෙනවා හෆ්ෆා ... ඔය ලෙඩ හැදුනම අනං මනං . 800 ට සුභ පැතුම් .

    ReplyDelete
  43. ඊයෙ නිවාඩු හින්ද මේ පැත්තෙ එන්න බැරිඋනා.

    800 ත් ගානක්ද බං ඔන්නඔහෙ 8000 ක් වෙනකල්ම ලියමු.

    ඔන්න මගෙනුත් සුබ පැතුම් 8 සීයට.

    සෙම්ගෙඩි වලටනං කරන්න ඕන දේ අර නලිනි නෝන කියල තියෙන්නෙ. :D

    ReplyDelete
  44. 800 ට සුබ පැතුම්........:)

    ReplyDelete
  45. අටසීයට සුභපැතුම් මාරයියේ.සෙම් ගෙඩි කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද.ඕකනං කපලා දාන්ඩ යන්ඩ එපා.සෙං ගෙඩිවල ආතල් එක තේරෙන්නේ ඕක හොඳ උනාට පස්සේ දැනෙන සනීපෙත් එක්ක නෙව.

    ReplyDelete
  46. මගෙන් සුභ පැතුම්..
    ජයවේවා..!!!

    ReplyDelete
  47. මම අද තමා මෙහෙට ගොඩ උනේ...800ට සුභ පැතුම්...තව හත් අට දහක්වත් ලියන්න දහිරිය ලැබෙන්න ඕනේ...

    සෙම්ගෙඩි ගැන නම් කතා කරන්නෙපා...ජිවිතේ එපාවෙනවා එවෙලෙට...

    ReplyDelete
  48. අටසීයට සුභ පතන ගමන්ම සෙම් ගෙඩියටත් සුභ පැතුම් මාරේ. ඒකත් පොඩි කාලේ ඉඳන්ම තියන එකක් කියලා උඹ කිව්ව නිසා.

    ReplyDelete
  49. සුබ පැතුම්! (පරක්කුද මන්දා? ) සෙම් ගෙඩි නම් මතක් කරන්න එපා. කලකට පස්සෙ මේ ඊයෙ පෙරේදා මටත් හැදුනා. කට පාවිච්චි කරන රස්සාවක් කරනකොට තමයි ඉතින් ඒකෙ රඟේ තේරෙන්නෙ. අම්මෝ අර තිත්තම තිත්ත ස්ට්‍රෙප්සිල් දෙකක්ම කෑවා.(යැක්...)

    ReplyDelete