01 July 2013

දැන් මොකද කොරන්නේ..?

ක්‍රිස්තු වර්ෂ 2013 නේ ජූලි මාසයේ පළමුවැනිදා... ඒ කියන්නේ අද... බොහෝම නරක දවසක්... සාමාන්‍යයෙන් “හතේ හත“ කියලා අපි කියන්නේ ජූලි හත් වැනිදට... ඒ අවුරුද්දේ හත් වැනි මාසේ හත් වැනිදා හින්දා... සමහරු කියමනටත් කියන්නේ “ජූලි හතයි මල කෙලියයි“ කියලා... ඒත් මේ පාරනං ජූලි හත වෙන්න උනේ නැහැ.. ජූලි පලවෙනිදම කෙලිය කෙල උනා වගෙයි...

සමහර දේවල් තියෙනවා පුරුදු උනාම අත ඇරගන්න බැරි... ඒ වගේම සමහර දේවල් වලට හුරු උනාම ඒකම තමා වැඩියම හරියන්නේ.. එයින් පස්සේ මොනවා ආවත් ඒ දේවල් අර පුරුදු දේට වඩා කොයි තරං පහසු උනත් අපේ හිතට මොනවා නමුත් අඩුවක් දැනෙනවා... වින්ඩෝස් 98 වලට හුරු වෙලා හිටිය මට XP වලට හුරු වෙන්න ටික කාලයක් ගියා... හැබැයි 98 වලට ඒ හුරු වෙලා ඒ හැටිම කාලයක් ගිහින් තිබුනේ නැති හින්දා XP වලට හුරු වෙන්න ඒ හැටි අවුලක් උනේ නැහැ වගේම 98 වලට වඩා XP අල්ලලා ගියා.. හැබැයි එයිට වඩා ටිකක් අමාරු උනා XP වලින් Windows 7 වලට මාරු වෙන්න.. XP වල තිබුනු හුරු ගතිය තාමත් මේකේ නැහැ.. හැබැයි කාලයක් යද්දී හරියයි... ඒත් අද උන කෙලියට උත්තරයක් කවදා ලබෙයිද මංදා...

ඒ තමා මෙච්චර කාලයක් මාත් එක්ක අත්වැල් බැඳන් හිටිය ගූගල් රීඩරේ... 

සිංහල බ්ලොග් වලට කොහොම හරි එල්ලිලා..කොමෙන්ට් පස්සේ ගිහින් එක්කෙනාගෙන් එක්කෙනාට අදුරගෙන ඒ ඒ අයගේ බ්ලොග් කියවලා.. ඒවා ෆලෝ කරලා... අන්තිමට සින්ඩිවල එල්ලිලා..ඒවෑ පල වෙන හැම පෝස්ට් එකක්ම කියවලා... අපිත් බ්ලොග් ලියන්න අරගෙන ටික කාලයක් ගියාට පස්සේ තමා මට මේ රීඩරේ අහු උනේ.. මට මතක හැටියට මේක මට හඳුන්වා දෙන්න සෑහෙන දෙනෙක් මුල් උනා.. ඒ අතරින් බ්ලොග් අවකාසේ අස්පයා මැරිච්ච අසරුවා වෙච්ච සෝරෝ මල්ලි වගේම DCSL සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශකතුමා වෙච්ච මරණයත් ප්‍රධානයි.. තවත් කිහිප දෙනෙක්ම ඕකට හවුල්...

රීඩරේ මුලින්ම අල්ල ගත්ත දවසේ ටිකක් අවුල් වගේ තිබුනට දවසක් දෙකක් යද්දී මේක බොහෝම  හිත සුව ගෙන දෙන  මෙවලමක් උනා... එහෙම නැත්තං මේ වෙද්දී පන්සීයක් පමණ බ්ලොග් ප්‍රමාණයක් ෆලෝ කරන්නෙක් හැටියට ඒ ඒ බ්ලොග් හැම එකක්ම කියවනවා කියන එක හිතන්නවත් බැරි වැඩක්... ඒ එකින් එකට ගිහින් කියවන්න ගියානං මේ කපේට ඔය ටික කියවන්න වෙන්නේ නැහැ... එක දවසක් තුලදී රීඩරේට කොහොමටත් පෝස්ට් දෙසීය පැනලා එනවා.. කොයි තරං වැඩ රාජකාරි අස්සේ උනත් ඒ පෝස්ට් ටිකෙන් කිහිපයක් හැර අනිත් ඒවා ටික කියවන්නේ මේකට තියෙන ඇබ්බැහිය හින්දම තමා... එයිනුත් සමහර ඒවා හිතට වැදුනම දුවලා ගිහිං ඒ පෝස්ටුවට කොමෙන්ටුවක් කොටලා දුවලා එනවා ඇර..එකක් ගානේ බ්ලේග වලට ගිහින් කියවන්න ගියානං එක්කෝ දවසකට බ්ලොග් දහයකට පාලොහකට වඩා යන්න වෙන්නේ නැහැ.. නැත්තං‍ වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ...

ඒත් අනිත් වැඩත් කරන ගමන්... කොහොම හරි එදාට එදාට වැටෙන පෝස්ට් ටිකත් කියවගෙන.. ඒ අතරින් එහෙකට දෙහෙකට හරි කොමෙන්ටුවක් කොටාගෙන හරි හිටියේ මේ රීඩරේට පින් සිද්ධ වෙන්න...

ඒත් දැන්... 

Your reading list has no unread items.


ඔන්න ඔහොමයි කතන්දරේ...

ගූගල්කාරයා නිල වශයෙන්ම අද ඉදන් රීඩරේ නවත්තලා... ඉතිං මොකේදැයි දන් වළඳන්නේ..? අදින් පස්සේ බ්ලොග් කියවීම කොහොම වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ... කාට හරි මේකට විකල්පයක් හම්බ වෙලා තියේනං කරුණා කරලා උදව් කරන්න.. මාත් එහෙ මෙහෙ සර්ච් කලා.. ඒත් රීඩරේ තරං පහසු එකක් තාම හම්බු උනේ නැහැ...

අනිත් අයට මේ ප්‍රශ්නේ නැද්ද මංදා...? ඒත් මටනං තව දුරටත් බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න මේක ලොකු බාධාවක්... ලියන එකනං ඔහේ ලියලා දාන්න බැරියෑ වෙලාවක් ලැබුනම.. ඒත් දවස ගානේ කියවපු බ්ලොග් ටික අතෑරුනාම..? අයි ඩෝන්ට් නෝ මක්කා කොරන්නද කියලා...

27 comments:

  1. ඔන්න මංනං මොකුත් කළේ නෑ හරිය...

    ReplyDelete
    Replies
    1. නොදකින් යකෝ මම එක වෙන්න කියලා හිතන් ආව මදැයි...

      Delete
  2. මම නම් ඕක පාවිච්චි කලේ නෑ නොවැ... දැන් කොහොමත් බ්ලොග් බැලිල්ල එපා වෙලා තියෙන්නෙ ඔය එකකට දෙකකට රිංගුවට... :)

    ReplyDelete
  3. මාරයියා කියන කතාව සම්පූර්ණ ඇත්ත..රීඩර් එක නොවෙන්න ඩේටා සහ කාලය ඉතුරු කරගන්න වෙන්නේ නැහැ..( තව වාසි තියෙනවා ඕකේ ) මටත් තේරෙන්නේ නැහැ මොන දේකට ගූගල් සමාගම විසින් රීඩර් සේවය නැවත්තුවද කියලා..ඉන්නකෝ බලමු rss රීඩර් එකක් හොයාගන්න ඩේටා ඉතුරු වෙන..එහෙම උනොත් ඒ ගැන පෝස්ට් එකක් මගේ මෙන්න මේ බ්ලොග් එකෙත් දාන්න පුළුවන් නෙව...

    ReplyDelete
    Replies
    1. මාර සීන් එක මාරයියේ මම දැන් රීඩරේ පැත්තේ ගියාම දැක්කේ තාමත් රීඩර් එක වැඩ මට නම් ..( මම ඉන්න ටයිම් සෝන් එක වෙනස් නිසාද මන්දා )

      Delete
    2. මට හිතුනේ සහන් ඕක නවත්තන්න ඇත්තේ ප්ලස් එක ප්‍රමෝට් කරගන්න කියලා... හැම දේම එක වහලක් යටින් කියලා ෆේම් බුක් කමියුනිටි තත්වෙට මේකත් ගන්න හිතනවද දන්නෑ... කට්ටිය ප්ලස් එකේ ෂෙයාර් කරන්න ගත්තොත් රීඩ‌රේ වගේම අප්ඩේට් වෙනවා නේද... හැබැයි මං නං තාමත් ඔය ප්ලස් එක ගැන දන්නේ නෑ හරියට....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. 1-click to save your Google Reader

    http://cloud.feedly.com

    ReplyDelete
  6. ඕක ගූගල් කාරයා කලින්ම කියලා තිබ්බ නිසා මමත් විකල්පයක් හෙවුවා.. මෙන්න මේක තමා මට හම්බවුනු හොඳම එක.. කෙලින්ම ගූගල්වල තියෙන ලින්ක් ඔක්කොම මේකට ඉම්පෝර්ට් කරන්ට පුළුවනි.. මේකෙ මොබයිල් වර්ෂන් එකත් එළ..

    Feedly

    ReplyDelete
  7. මම එයාලත් එක්ක කතා කරලා බලන්නම්. මාරයා අප්සට් බවත් කියන්නම්. තව මොනවත් කියන්න තියෙනවද දන්නෙ නෑ.. උඹ කොහොමත් කාලෙක ඉඳන් කොමෙන්ට් දැමිල්ල නවත්තලා නේ තියෙන්නේ. ඕකත් උනක්. දැන් අර මැලේසියාවේ සිරාටත් බෝවෙලා. ඒක කියවන එක මම අත ඇරලා දැම්මා. උඹගේ එක ඉතින් ප්ටන් ගන්නත් කලින් කියවන එකක් නේ. පුරුද්දට කෙටෙනවා මේක උඩ.

    ReplyDelete
  8. Opera mini hari opera hari daagaththanam ekata update wenawa neda? Mama nam phone eke Opera daagena feeds walata daala thiyanne mama kiyawana tika. Mama blog walata aluth hinda google reader eka mokadda kiyanna nam danne na.

    ReplyDelete
  9. මං ඔය සේවේ භාවිතා කරල නෑනේ.

    ReplyDelete
  10. අපිනම් ඔය රිඩරේ භාවිතා කලේ නෑත... ඒක නිසා ඒක නැතිවුනා කියලා දැන ගත්තෙත් මාරයියාගේ පොස්ට් එකෙන්ම තමයි .

    ReplyDelete
  11. රිඩරේ පාවිච්චි නොකලනිසා නැති වීමේ දුක නොදැනේ. කොහොමද fb වගේ එකක් නැති උනොත්.......

    ReplyDelete
  12. මම ගූගල් තියෙනකාලේ ඉඳලම පාවිච්චි කරන්නේ ඩෙස්ක්ටොප් රීඩර් එකක්... එක කම්පියුටරයක්නම් හැමවෙලේම පාවිච්චි කරන්නේ මෙක හොඳා... අනික මේකේ එක වාසියක් තමයි ඉන්ටනෙට් නැතිවෙලාවට ඕෆ්ලයින් කියවන්නත් පුළුවන්...

    http://www.jetbrains.com/omea/reader/

    මීටවඩා හොඳ ඩෙස්ක්ටොප් රිඩරුත් ගොඩක් ඇති හොයලා බලන්න... මට මේක ඉස්සර ඉදන්ම පුරුදු හින්දා මම පාවිච්චිකරන්නේ...




    ReplyDelete
  13. කම්මැලියන්ට දස වද දීම ආරම්භ වෙයි..

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා හොඳ දෙයක් කියලා..

      Delete
  14. මමනං රීඩරෙන් බලන්නෙ කට්ටිය දාල ආපහු ඇදල ගන්න පෝස්ට් විතරයි. මොකද ඒක රීඩරෙන් මැකෙන්නෙ නැති හින්ද. නැත්තං කියවන්නෙ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකෙන් අදාල බ්ලොග් එකට ගිහිල්ල.

    මගේ ගූගල් රීඩරේනං මීට පැය 6 කට කලින් දාපු පෝස්ටුත් අප්ඩේට් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  15. ආදල නැති උනට් ඇවිට් ගියා

    ReplyDelete
  16. වින්ඩෝස් 8 වලට මාරු වෙන්න. ඒකෙ වැඩ කරන්න පුදුම ලේසියි. සෑහෙන ඇප්ස් තොගයකුත් තියෙනවා බොහොම පහසුවෙන් වැඩ කර ගන්න. රැම් එකයි ප්‍රොෙසසර් එකයි යුස් වෙන විදිහ නිසා ගොඩක් වේගය වැඩියි. අනවශ්‍ය ඇප්ලිකේෂන්ස් ලේසියෙන්ම නවත්තලා දාන්න පුළුවන්.

    එකම අවුලකට තියෙන්නේ සමහර මෘදුකාංග වල අප්ඩේට්ස් හරියට වැඩ කරන්නේ නැති එකයි. ඒකත් ඉදිරියේදී හරි යයි.

    ReplyDelete
  17. ලාංකීය සින්ඩිය නැතිවුනොත් තමා මට අවුල

    ReplyDelete
  18. මාරයා මල්ලි මං නම් ඔය අලුත් ගැජට් දන්නෙ නෑ. එන විදිහක් බලනවා.

    ReplyDelete
  19. මම නම් මගේ බ්ලොග් රෝල මිසක් ඕක පාවිච්චි කරන්නේ නෑ. ඒ වුනාට මේ කස්ටිය දීලා තියෙන්නේ තව විකල්ප.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මම හිතන්නේ සින්ඩි වලින් බ්ලොග් කියවන එක තමයි සාදාරන ක්‍රමේ. එතකොට කබ්බන්ගෙ ටොයියන්ගෙ අල්පේශාක්‍ය මහේශාක්‍ය ඔක්කොම කියවන්න පුළුවන්. මාතෘකාව බැලුවා කෙටියෙන් තියන විස්තරෙත් බැලුවා හොඳනම් කියෙවුවා කොමෙන්ට් කරා කෙස් එක ඉවරයි. පන්න පන්න බලන බ්ලොග් ටික රෝලට දාගත්තා.

    ReplyDelete