24 July 2013

දයා..සොරි...වෙයි...

අර පරණ ජන කතාවකුත් තියෙන්නේ කවුදෝ මංදා කොලුවෙක් කස්ටිය බය කරන්න “කොටියා ආවෝ..කොටියා ආවෝ..“ කියලා කෑ ගහපු... හැබැයි ඇත්තටම කොටියා ආපු දවසේ කොලුවට බඩු සැට් උනා...

එතකොට අර තව කතාවක් තියෙන්නේ නරියෙක් එළුවෙක් පස්සෙන් ගිය... අර එළුවගේ හෙල්ලි හෙල්ලි පැද්දි පැද්දි යන අණ්ඩ කෝෂ යුග්මය “දැන් හැලෙයි දැන් හැලෙයි“ කියලා හිත හිත එහෙම හැළුනොත් අහුලගන්න බලාගෙන... හැබැයි කවදාවත් ඒක හැළුනෙත් නැහැ..නරියට ඒක හම්බ උනෙත් නැහැ...

රයිටෝ ඔය පරණ ඉස්ටෝරි මෙතැනට වැඩක් නැහැ මං මේ ලියන්ට ගියේ දයා සොරි වීම ගැන නෙව...

ඇත්තටම කිව්වොත් මංනං මේ දයා සොරි වීම ගැන ඒ හැටි කැමැත්තක් නැහැ... මට අනුවනං විපස්සේ ටිකක් හරි හයියක් වෙන්න හිටිය එකා මේකා... නිකං අර මෙලෝ රහක් නැති උන් සොරි උනාට කමක් නැහැ..මොකද හිටියත් කරන්නේ පැත්තක් අල්ලං දපලා ඉන්න එක නිසා.. එහෙට මෙහෙට කොහෙට සොරි උනත් උන් එහෙමමයි.. රටේ එකාලට උන්ගෙන් ඇති තඹ දොයිතුවක වගක් නැහැ...

ඒත් දයා සොරි වීම රටේ ප්‍රජාතන්තරේට ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි... විපස්සේ උන්දලා නිකං හිටිය ගමන් සෝඩා බෝතලේ කැඩුනා වගේ මෙලෝ රහක් නැති පොරකාස කොරන අතරේ දයා ටිකක් වැදගැම්මක් ඇති විදිහට යමක් කියන්න දක්ෂ හාදයා... පාර්ලිමොන්තුවේ උනත් කතා කොරන්න ගිහාම ෆයිල් එක අතේ තියං බොහෝම පිළිවෙලට උපහාසයත් ඇතිව කොරන කියන චෝදනා හරි පිළිවෙලකට කොරපු හාදයා... කොටින්ම කිව්වොත් ආණ්ඩුවටයි.. ඒකට කඩේ යන අපි වගේ ගොබිලන්ටයි දයා වගේ උන් හෙන ඇනයක්.. :D

ඒත් ඉතිං එහෙමයි කියලා  මේ යෝධයව මේ පැත්තට පන්න ගත්ත එකනං හරි වැරදියි... නමට හරි විපස්සේ ඇදං යන්න හිටිය එකා... 

කොහොම හරි මේ නිව්ස් එක ආපු හැටියේ මට සෑහෙන දුකක් වගේම කේන්තියකුත් ආවා.. ඒ කේන්තිය පිටම විනාඩියට රුපියල් කීය කීය කැපෙයිද කියලා බලන්නේ නැතිව ටැලිපෝං එකෙන් කතා කොලා ඉහල තැන් කිහිපයකටම.. එයාලා මේක ගැන  මොකද හිතන්නේ කියලා බලන්න... ඕං බලමුකෝ එයාලා කියන කතා...

-----------------
මුලින්ම මං කතාකොලේ අපේ ලොකු අයියට...

“මහින්ද අයියේ... මං මේ මාරයා කතා කරන්නේ...“

“මාරයා...? ඒ මොකාද..?“

“ඇයි අයියේ... අර අයියට රෙදි නැතිව කඩේ යන බ්ලොග් එකක් ලියන එකා..“

“ආ ඇත්තද..? මේ ඒක නෙවෙයි ඕයි..මොනවද බ්ලොග් කියන්නේ..?“

“මල සේක මහ රජ...“

“මොකක් මොකක් කිව්වා...“

“නැහැ නැහැ අයියේ මං මේ කිව්වේ මලා කියලා.. ඇයි අයියේ අයියා දන්නේ නැද්ද සිංහල බ්ලොග් අවකාසේ... මං කියන්නේ මේ බ්ලොග් බ්ලොග්...?“

“පිස්සුද ඕයි මං දන්නේ නැහැ එහෙම එකක්..“

“ඇඩෙනවනේ ලොකු අයියේ... අපි හිතං හිටියේ මුළු ආණ්ඩුවම මේ බ්ලොග් ගැනයි..ෆේස් බුක් එක ගැනයි දන්නවා ඇති කියලා... ඒකනේ අපි මේවෑ පලු යන්න කෑගහන්නේ..“

“ආ ෆේස් බුක් එකනං දන්නවා හරිය... අර හුජ්ජ කොල්ලෝ කෙල්ලන්ට පැණි හලන්න ටැග් ගැහෙන තැන නේද..?“

“හම්මේ ඇති යන්තං..අයිය හරි අයියේ... ඒක තමා.. බ්ලොග් කියන්නෙත් ඒ වගේ එකක් තමා..“

“ආ ඒ කියන්නේ ඒකත් ඉන්ටනැට් මල මගුලක්ද..?“

“ඔව් බුදු අයියේ..ඔව්... හම්මේ ඔය ගානෙන් තේරුං ගත්තම මදෑ... ඉතිං ඒක නෙවෙයි අයියේ  මං මේ තක හනියක් කතා කොලේ අපේ දයා සොරි උන එක ගැන අයියා හිතන්නේ  මොකක්ද කියලා දැන ගන්න..“

“හොහ් හොහ් හොහ් හොහ්..................“

“අයියේ ඔය මදෑ හිනා උනා... කියන්නකෝ බලන්න අයියා හිතන දේ...“

“හොහ් හොහ් හොහ්... මං දැන් මොනවා හිතන්නද මල්ලි... මං හිතුවට පස්සේ තමා දයා සොරි උනේ හරිය.. ඉතිං මං තව මොනවා හිතන්නද..? හොහ් හොහ් හොහ්...“

“ආ හරි හරි අයියේ මටත් දැන් තමා ඒක මීටර් උනේ.. අයියට සුභ අනාගතයක් ඈ..“

“මල්ලිටත් එසේම වේවා හරිය.. වෙලාවක එමුකෝ මේ පැත්තේ කුරහං හැළපයක් කාලා... රණවරා කෝප්පයක් බීලා කියලා යන්ට..“

“හරි හරි අයියේ.. මං එන්නං.. එහෙමනං මං තිබ්බා..“

රුපියල්ම බර ගාණක් ඉවරයි යකෝ ඒ වැඩේට...
-------------------------------

එයින් පස්සේ මං ගත්තා අපේ අංකල් රනීට...

“අලෝ...ව්... අංකල් රනී... හව් ආ යූ...? මං මේ මාරයා කතා කරන්නේ...“

“මොම් මොම් මොක්කාක් කීව්වා.. මොක්කාද මාරයා... මං තාම තරුණ නායකයෙක්..මට මාරයා දැන්ම පේන්නේ නැහැ..“

“හරි හරි රනී අංකල් මං කිව්වේ මේ මගේ නම මාරයා කියලා... අර සිංහල බ්ලොග් එකක් කරන්නේ..“

“සිංහල... බ්ලොග්... අයිෂේ... ඒ මොනවද..?“

“අයියෝ අයියේ ඔයා ඒකවත් දන්නේ නැද්ද.. ඒකත් අර ඉන්ටනැට් එකේ තියෙන එකක්.. අර ඔයා ජනාධිපති උන ෆේස් බුක් එක තියෙන්නේ..ආන්න ඒක වගේ තව එකක්...“

“ඕ...හෝ... එහෙම කියන්න එපෑ... මං දන්නවා..මං දන්නවා..ෆේස් බුක් එකේ කොල්ලෝ කෙල්ලෝ..නංගිලා මල්ලිලා මට හරි ආදරෙයි කියලා.. එතකොට මොකද මේ හදිසියේ මල්ලිට මාව මතක් උනේ..?“

“නැහැ අයියේ මං මේ කතා කලේ අර..දයා සොරි උන එක ගැන අයියා මොකද හිතන්නේ කියලා දැන ගන්න...“

“කතා කරන්න එපා මල්ලියේ... ඌ සොරි උනාටනං කමක් නැහැ.. මොකද නැත්තං මගේ බෑණට සොරි වෙනවා උං මේකේ හිටියොත්.. දැන් ඌ සොරි උනාම මගේ විජේරුවන් පුතාට තියෙන ගේම අඩු වෙනවා.. අර සජී යකාත් සොරි උනානං මට නිවී හැනහිල්ලේ මගේ විජේරුවන් පුතාට පස්සේ බාර දීලා ඇහැ පියා ගන්න තිබුනා... හැබැයි ඉතිං දයා සොරි වෙච්ච විදිය තමා අවුල්.. මේකා යන්නේ නැහැ කියලා මාව අන්දලා..මමත් ඒක පොර වගේ ලෝකෙට අඩබෙර ගැහුවට පස්සේ මේකා ගියානේ මල්ලියේ... බලහංකෝ වෙච්ච දේ...“

“ඒක නේන්නං අයියේ.. ඉතිං අයියා මොකද හිතන්නේ මේ ගැන..“

“මොනවා හිතන්නද මල්ලියේ.. ඒ ගැන දැන් හිතන්න ඕන නැහැනේ.. දැන් හිතන්න තියෙන්නේ මගේ බෑණට උඩට එන්න බාධා වෙන අනිත් සැට් එක සොරි කරවන්නේ කොහොමද කියලා.. එච්චරයි... හෙහ් හෙහ්...“

“හරි අයියේ.. අයියට දෙයි පිහිටයි.. කොලු සරණයි.. මං නැවතුනා..“

-----------------------------

තව ඉතිං කතා කොරන්න කට්ටිය හිටියා උනත් පෝං එකේ සල්ලි අහවරයි.. තව කීයක් හරි දාගත්තට පස්සේ කතා කොරලි කියන්නං උන්නැහේලා කියාපු හරිය.. එතකං හැමෝටම සොරි වේ... නැහැ මං කිව්වේ ජය වේවා..!

42 comments:

  1. අපිටත් ඉතිං හෙහ් හෙහ් ගාන්න විතරයි ඉතුරු.. :)

    ReplyDelete
  2. දයාට ටොකෝ ටොකෝ

    ReplyDelete
  3. කව්ද වේස කොල්ලෙක් ලියලා තිබුනා. දයාට කෝටි 25 ක් දුන්නේ රනිල්ලු. යන්න දයා කියලා. මුන්ට හෙන ගහන්න එපාය මම කියන්නේ. මාධ්‍ය නිදහසේ වැරද්ද තමා. මම නම් මිසිස් දයාසිරිත් එක්ක කතා කලේ. ඕන් මගේ එකේ ඇති ඒ කතාව.

    ReplyDelete
  4. අපරාදේ සජිත් ලොක්කයි ඔය ඉතුරු දෙතුන් දෙනයිත් ඔහොමම ගියා නම් ඉවරයි......

    ReplyDelete
  5. මේ ... ඔහේ ඔය රනී අංකල් අයියා එක්ක කියෝපු වගේ නෙවි ලොකු අයියට සිංහල බ්ලොග් ගැන කියන්න යෑම. ඕව කියන්න ගිහින් කෙලෝ ගන්නව එහෙම නෙවි අන්තිමට. පොර සිංහල බ්ලොග් විතරක් නෙවි අන්තිමට ඉංගිරිස් එව්වත් එක්කම තහනම් කොරල දාවි. එහෙව් පොර. ගූ ගලුත් ඉතුරු කොරොත් ඇති, තොලේ ගලුත් උස්සන් පල නොකියා.

    ReplyDelete
  6. අපිත් යන්න ඕන බං.
    ඔය කෝටි ගණන් නැතුවත් දාහක්,දෙදාහක් දුන්නත් මැදෑ...:D

    ReplyDelete
  7. මාත් දැන් ලංකාවෙ දේසපාලනය විග්‍රහ කරන්න වගේ අර එක තුමියක් කරන්නා වාගේ ඇමරිකානු දේසපාලනේ විග්‍රහ කරන්න පටන් ගන්න ඕනි..
    දැන් මේකෙ කොරන්න කියලා දෙයක් නැහැ නෙව..
    ඔක්කොම එකම පැත්තෙ..

    ReplyDelete
  8. තුරහං හැලපයක් කන්න යන වෙලාව මටත් කියහං මාත් එනවා අපි එකටම කඩේ යං.

    ReplyDelete
    Replies
    1. ඒ ගමන්ම අරයටත් කිව්වනම් කළු කෝපි එකක් බොන්න මෑනුත් නෑවිදින් අරින එකක් නෑ. මොකද කියන්නෙ .... මාරෙට කියන්නද කීයක් හරි දාන් කෝල් එකක් දෙන්ට කියල.

      Delete
    2. ඕන නෑ මචෝ එයත් මගේ හොඳ යාලුවා.

      Delete
  9. ඒ කියන්නෙ වයඹ සටන ටිකක් අමාරුයි කියල ලොකු අයිය දන්නව. කෝටි 25ක් දීල මහ අැමති අපේක්ෂකයෙක් අානයනය කලේ ඒකයි. අතුල විජේසිංහට ඒහෙම රෙද්දක් අැදං පාරෙයන්න පුළුවන්ද මන්ද?

    ReplyDelete
    Replies
    1. //අතුල විජේසිංහට ඒහෙම රෙද්දක් අැදං පාරෙයන්න පුළුවන්ද මන්ද?//

      මක්කද මේ කතා, ඔක්කොමල හෙලුවෙන් යද්දි උන්දැට විතරක් ආයෙ මොන ප්‍රශ්නද අයියා.

      Delete
  10. ඔය අයියලා ෙදන්නාෙග mail id එක තිෙයනවනම් දියන්ෙකා මෙග් බ්ෙලාගත් බලන්න කියලා mail එකක් දාන්න

    ReplyDelete
  11. “හොහ් හොහ් හොහ් හොහ්. . . කාලෙකින් උබේ දේසපාලන කතාවක් කියෙව්වා . . හොහ් හොහ් හොහ් හොහ්.

    අහ් කියන්න බැරි උනා . .දාන්න පහක් . .

    ReplyDelete
  12. රනියට කොලු සරණයි කිව්වට කොල්ලො වුනත් දාල යන කාලයක් බං ලබල තියෙන්නෙ..

    සික් සංසාරේ සංසාරේ !

    ReplyDelete
  13. කවදාහරි රනිල් බෙරේ වැවට පනින්නේ මැන්ගියා පැන්න දවසට තමයි. මැන්ගියා පනින්නේ ඔක්කොම සාරේ උරා බීලා හප කරලා.



    ReplyDelete
    Replies
    1. මොනවද විචාරක මහත්තයා, යූ ඇන් පී කාරයන්ට වෙන මොනවද ඉතුරු වෙලා තියෙන්නෙ. මේ රනිල් කියන මිනිහා පක්ෂෙ කනවා විතරක් නෙවේ රටම කනවා. ප්‍රබල විපක්ෂයක් කියන්නෙ රටක තියෙන ප්‍රබලම හයියක්. මේ යකා නම් ආසියාවේ නෙමේ මුළු ලෝකෙම ආශ්චර්ය. මෙච්චර ලැජ්ජා නැති මිනිස්සු ඉන්නෙ ලෝකෙටම එකයිද කොහෙද?

      Delete
    2. මෙතන රනිල්ගෙ වැරැද්ද නෙමේ.
      දිනපු යුද්දෙ මාකට් කර කර ජනතාවගෙ මොල හේදිල්ලයි,මස් කටු දැක්කම පස්සෙන් දුවන බල්ලො වගෙ සල්ලි ඇතුලු වරදාන පෙන්නුවම ඒවාට කෑදරව පනින දෙස්පාලුවන්ව අවශ්‍ය වෙලාවට ගන්න ලොක්ක දක්ෂය නිසයි සියලුම පක්ෂ වලට හෙන ගැහිලා තියෙන්නෙ.
      ලොක්ක එයාට ඕන කරන පුද්ගලයන් හැමෝටම ආයෝජනය කරල තියෙන්නෙ.
      හෙට අනිද්ද මිනීමරු මාමන්ඩිගේ බෑන කේතලේ මල්ලෙන් පැන්නත් පුදුමයක් නැහැ.

      Delete
  14. ඊසී කෑස් එවන්නද ඉතිරි අයට කතාකරන්න ...

    ReplyDelete
  15. මම නං හිතන්නේ දයාසිරි කරගත්තේ වැරැද්දක්. නමුත් මේ පිම්මෙන් තමන්ගේ දේශපාලන ජීවිතේ පොර හැඩගස්ස ගන්න හැටි බලන්න පුළුවන් ඉස්සරහට තමයි.

    ඔය කොයි පක්ෂෙත් වැඩ වෙනසක් නැති නිසා, පොඩ්ඩක් හරි හොඳයි කියලා හිතෙන දේශපාලඥයෝ බලයට එන එකත් එක අතකින් වැරැද්දක් නැහැ.

    ReplyDelete
  16. අවසානේ රනිල් විතරක් ඉතිරි වෙයිද කියලයි මට සැක...

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ එතකොට එයත් පනී....

      Delete
  17. මට නම් හිතෙන්නෙ ඉරිදා ලක්බිමේ "මානි ගෙ තීරුවෙ" තමයි යූ.ඇන් .පී එක ගැන මෙතුවක් තිබුණු හොඳම කතාව තිබුණෙ. අර සිරිකොත ඉස්සරහ ගිනි තියාගත්ත මනුස්සයා ඉන්නවා නේද? මිනිහට තිබුණෙ තනියම ගිනිතියා ගන්න නෙවේ.... එහෙම උනානම් පක්ෂෙත් රැකිලා රටත් රැකිලා... :D

    ReplyDelete
  18. කවුද බං ඔය දයාසිරි මංත්‍රී තුමා මමනං දන්නෙ සිංගින් ස්ටාර් දයාසිරි විතරයි.

    අපේ ජනාධියතිතුමා බ්ලොග් ගැන දන්නැත්තං මගේ එක ලියන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම කරන්න එපා ප්‍රසන්න. කවුරු බ්ලොග් ලිවීම නැවැත්තුවත්කමක් නැහැ, ඔයා ඔය යන වේගෙන්ම ලියාගෙන යන්න.

      Delete
  19. ගිහිල්ලා ගොඩක් කල්...මාද්දිය සාකච්චාව තමයි පරක්කු වුනෙ....චැක් එක රියලයිස් උනේ පෙරේදා වෙන්ටැති :-)

    ReplyDelete
  20. මාරයා මහින්ද අයිය කියල කථාකලේ මහින්ද අබේසුන්දරට වෙන්න ඇති,හම්මේ හරිම ගුණයහපත් මනුස්සය

    ReplyDelete
    Replies
    1. නැහැ.. මහින්ද අබේසුන්දරට නෙවේ, මහින්ද පනාගොඩ කියලා අවමංගල අධ්‍යක්ෂක වර ඉන්නේ, අන්න එකේ ලොක්කට තමයි කතා කලේ.

      Delete
    2. එතකොට රනිල් අයිය කියල තියෙන්නෙ,රනිල් අබේනායකටද?

      Delete
    3. මට මතක හැටියට රනිල් අබේනායක අභාවප්‍රාප්ත වෙලා..!

      Delete
    4. ලියල ටිකකට පස්සෙ ඒ වගේ මතකයක් ආව.

      Delete
    5. අබේසුන්දර උන්නැහේ නං තාම කොල්ල වගේ ඉන්නවා. වයස 75ත් පැනලා.

      Delete
  21. පල ඇති රුකේ වැහුවා නේද වවුල්ලු කිව්වලු. හෙහ් හෙහ් හෙහ් මාතලන් එහෙන් ඉන්ටර්විව්. මාරයා මෙහෙන් කෝල්. අයියෝ සල්ලි ! අපි සිංදුවක් ගහන්න හැදුවේ. ඒකත් ගහලා ඉවරයිලු. ආතල් සින්දුවත් !

    ReplyDelete
  22. “හරි අයියේ.. අයියට දෙයි පිහිටයි.. කොලු සරණයි.. මං නැවතුනා..“
    හොඳ වෙලාවට මාරයා කලුපාට..

    ReplyDelete
  23. තනි ඇහෑට ඇඩෙනව මාරය මෙහෙ වෙන එඅව දෑක්කහම

    ReplyDelete
  24. මැච් එකක් වුනත් අර එකසිය පනහක් විතර ගහලා ෆයිට් එක දෙනකොට තමයි ආතල්. අර තුන්සීයක් පන්නල ගහලා එකසිය හැටට විතර අනිත් පැත්ත ගැලෙව්වම කිසි ආතල් එකක් නෑ. මේකත් ඒ වගේ වැඩක්. ආණ්ඩුවට 117ක් වගේ තිබිලා ඉතිරි ටික විපක්සේට තිබ්බ නම් තමයි නියම ආතල් තියෙන්නේ.

    ReplyDelete
  25. අනේ මන්දා..
    තාම චන්දෙ කතිරේ නැති මම උනත් මහා ගොඩක් ගරු කරපු කෙනෙක් තමයි දයාසිරි මහත්තයා. අපේ අප්පච්චියා බුලත් කොළේට කතිර සටහන ගැහුවත්, අපේ අම්මත් ඒකම කලත් අපේ වයඹ පුරවරයේ අප්පච්චියා ඇතුළු හැමෝම එයාට බුලත් කොලේ අයට වඩා ගරු කරනවා.

    ආයේ මක්කැයි.. සිරාම කතාව කියන්නේ මාර අයියේ,

    ඔය බුලත් හපයෝ එකෙක් අපේ ගමේ ලයිට් නැති උන්ට ලයිට් දුන්නේ නැහැ. මේක මචං පඬුවස්නුවර පණ්ඩුකාභය ගේ ආසනේ. විපක්ෂේ ඉඳලත් දයා මහත්තයා ගමේ සෑහෙන්ඩ අයට නොමිලයේ උදව් කළා. ගමේ මළගෙයක් උනත් බුලත් හප්පයෝ චන්දෙ දිනලත් එන්නේ නැහැ. විපක්ෂේ උන්නු දයා මහත්තයා එනවා.
    මිනිස්සු එක්ක බොහොම එකමුතුව ඉන්න මහතැන් කෙනෙක් කියලා කට හෝදන්නේ නැතුව උනත් මම කියන්න කැමතියි මේ අවස්ථාවේ.

    ගොඩක් වැදගත් මහතැන් කෙනෙක්.

    *** කඩේ ගියා නොව, ණයට කැස්සා නොව එසේ කෙරුවද මට මේ ලංකාව තුල චන්ද බලය හිමි නැත. ලැබෙන දෙයක් ද නැත. ඇත්ත කියන්න භිය නොවෙමි. ***

    ReplyDelete
    Replies
    1. චන්දෙන් දේශපාලකයෝ පත්කරලා යවන්නේ රටට සේවයක් කරන්න නෙමේ මළගෙවල් ගානේ තනිරකින්න කියල හිතන උඹල වගේ අනුවණයෝ හින්ද තමයි ලංකාව අද මේ තත්වයට වැටිලා තියෙන්නේ කියල කනගාටුවෙන් කියන්න වෙලා තිබේ.

      දේශපාලකයන්ගෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන ජඩ ජනතාව ඉන්නකම් , දේශපාලකයෝ උන් අල්ලේ නටවනවා. පලයන් ගිහිල්ල පාප්ප ගාපන් මම පත්වුනාම කොල්ලට ජොබ් එකක් අරන් දෙන්නම්!!! . මේ ජඩ චක්‍රය කඩන්න මේ කපේදී නම් බැරි වෙයි !

      Delete