14 July 2013

වෙනෂකටත් එක්ක මෙහෙම ෂුප් එකක් බිලා බලමු...


රයිටෝස්ලා... මං මේක දාන්න හිටියේ දැන් දවස් දෙක තුනකට කලියෙන් උනත් හදිසියේ වෙච්ච අධික කාරිය බහුල තත්තය මත වැඩේ ටිකක් පහු පහු උනා... ඇත්ත වෂයෙන්ම කිව්වොත් පින්වතුනි මේක හදන හැටි දාන්න කල්පනා උනේ අපේ මේ බුකියේ එකතු වෙලා කයිවාරු ගහන සුවිට් නංගිලා දෙතුන් දෙනෙක් ඉන්න ගුරුප් චැට් එහෙකදී කරපු ඉල්ලීමක් මත.. එයින් එක්කෙනෙක්නං මං කියපු සුළු විස්තරේට අනුව වැඩේ ගොඩ දාගෙන මේ වෙද්දී ෂුප් හදලා බීලත් අහවරයි...

හරි හරි වැඩි කතා පෂ්ෂට.. වැඩේ පෙරට...

ආ ඒත් මේකත් කියන්න එපෑ... ඔය පිට රටවල ගිය උදවියයි.. එතකොට ලංකාවේ හිටියා උනත් ලොකු ලොකු පොට් වලින් කන්න බොන්න චෑන්ස් තියෙන උදවියටයි ඇරුනම අපේ අනිත් හුදී ජන පහන් සගයින්ට ඉතිං වැඩිමනත්ම ෂුප් එකක් කියලා ෂැට් වෙන්නේ අර අර්තාපල් අලේකුයි..කැරට් බෝංචි ගෝවා ටිකකුයි දාලා ඕනනං පරිප්පු ඇට ටිකකුයි තලා ගත්ත කොත්තමල්ලි ඇට තුන හතරකුයි දාපු ලුනු ගම්මිරිස් රසට හදා ගන්න එලෝලු ෂුප් එක නෙව... එයිට අමතරව ඉතිං අහු උනොත් අහු වෙන්නේ ඔය මුස්ලිං කඩේකින් හවහට හවහට වගේ බොන්න සැට් වෙන මස් කටු ෂුප් එකක් තමා... බොහෝ විට ඒවෑ ඉතිං වැඩි හරිය තියෙන්නේ හරක් මෂ්..එළු මෂ් කටු සුප් තමා.. එහෙං මෙහෙං ඉතිං කුකුල් ෂුප් අහු වෙන වෙලාවලුත් තියේ... ඔය කටු ෂුප් කිව්වම මට මතක් උනේ ඒ දවෂ්වල ඔය නුවර පාරේ ඇල්දෙනිය හරියේ පොට් එහෙක හවහට දුන්නා එළු කටු ෂුප් එකක්.. අපිත් ඉතිං පුටාර් එකේ නැගලා හවහට ගෙහුං රුපියල් දහයක් දීලා ඔයින් එකක් නෙලලා එන දවස් තිබුනා...  අන්න ෂුප්.. ගෙදර ඉද හිට හදන කලවං එලෝලු ෂුප් එකට විතරක් හුරු වෙලා තිබුන දිව වෙනත් රහක ෂුප් එහෙකට හුරු උනේ ආන්න එහෙමයි... නැත්තං ඉතිං අපිත් තාම එලෝලු ෂුප් එකෙන් එහාට දෙයක් ගැන හිතන්නේ නැති එවුවෝ වෙන්ට තිබුනා...

එයින් පෂ්ෂේ මේ මෑත කාලීනව මං අර යක්කල කිස්ටුව ඉන්දැද්දී තිහාරිය ගොඩැල්ල කියන හරියට ගෙහුං ඉද හිට තම්බි කඩේකින් (තම්බි යනු අපහාසාත්මක යෙදූ යෙදුමක් නොවන බව කරුණාවෙන් ෂලකන්න.. අපේ වියවහාරයේ එන්නේ මුස්ලිම්..මුසල්මානු වගේ එව්වට වඩා ඔය වචනේ.. ඒ හැර අර ද්වේශසහගතව කස්ටිය යොදාගන්න වචනයෙන් මුස්ලිම් උදවිය හදුන්වා දීමට මගේ කිසිදු කැමැත්තක් නැත... ඒ වාගේම මුස්ලිම් ව්‍යාප්තවාදය කියා දෙයක් ලංකාවේ නැතිය කියා බොරු සර්වාගමික ටෝක් දෙන්නටද මංතුමා ෂූදානං නැති වගත් අවධාරණයෙන් කියා සිටිමි ඈ... අන්තවාදය එකක්... ඒකට මුහුණ දෙන ක්‍රමය තව එකක්... ඒකට වචන වලින් දමලා ගහලා කොරන්න ඇහැකි රෙද්දක් නැත) බොන්න පුරුදු වෙලා හිටිය හරක් ෂුප් එකයි පරාටා දෙකයි කියන්නෙත් අමතක කරන්න බැරි දෙයක් තමයි ඕං... 

ආන්න ඒ වගේ දේවල් හින්දා මගේ දිවේ අර එලෝව සුප් එහෙකට වඩා ගියරස හඳුනා ගැනිල්ලක් තිබුනා කිව්වොත් හරි... මං මේ ටික මුලින්ම කිව්වේ වෙන කාරණාවක් හින්දා නෙවෙයි අපේ අදවිය අළුත් කෑමක්.. අළුත් රසයක් හදුනා ගන්න සමහර විට බොහෝම පස්ස ගහනවා කියලා මේ වෙද්දී මට බොහෝම හොඳට තේරුං ගිහින් තියෙන හින්දා... ඇත්තම කිව්වොත් මේ සුද්දෝ කන කෑම සමහරක් මෙලෝ රහක් නැති රෙද්දවල් තමා අපේ දිවවල්වලට අනුව... ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැනේ එහෙම කෑමක් කාලා බලන එක අපරාදයක්ය කියලා... කාලා බලලා රහනං එහෙමයි.. නැත්තං එහෙමයි.. එහෙම නැතිව කන්නත් කලින් පස්ස ගහන එක අපරාදයක් නෙව...

මේකත් මේ එහෙම කේස් එකක්...

මොකද මේ ෂුප් එකේ පෙනුම සමහර විට කෙනෙකුට ඒ හැටි දිරවන්නේ නැතිව යයි.. අර පරණ පුරුදු වතුරයි එලෝලු කෑලියි විතරක් කෙලලා පුරුදු උන කෙනෙකුට ෂුප් කියන්නේ ඒකම විතරයි කියන කල්පනාව වෙනස් කරගන්න බැරි අනොත් ඒකට මට කොරන්න දෙයක් නැහැ... ඒත් පොඩි වෙනසකටත් එක්කලා මේක ට්‍රයි කරලා බලන්න... ජීවත් වෙනවා කියන්නේ ඔය හැම දෙයක්ම කරලා බලලා ඒවා ඇලෙන්නේ ගැලෙන්නේ නැතිව හැම දේ ගැනම අවබෝධයක් ඇතිව ඉන්න එකටයි කියලා මගේනං කල්පනාව.. ඒ හින්දා හැමදාම කරන දේට වඩා වෙනසක් කරලා බලමු...

රයිටෝ.. දේශනාව කෙලවර මෙන්න බඩු...

අපි හදන්න යන ෂුප් එක චිකන් ෂුප් එකක්.. හැබැයි ළමායි මේක චිකන් විතරක් නෙවෙයි තවත් මස් වර්ග වගේම මාළු වර්ගත් යොදාගෙන කරන්න පුළුවන්.. ඒ වගේම අල.. පරිප්පු..හතු වගේ දේවල් යොදාගෙනත් හදන්න පුළුවන් දෙයක්... ඔය කිහිපයක් කලවම් කරලත් හදන්න පුළුවන්... මූලික දේවල් ටික අල්ල ගත්තම අනිත්වා ඒ හැටි දේවල් නෙවෙයි... මං කියා දෙන්නං මෙකේ මූලික කරුණු මොනවද කියලා...

මේක ඇවිල්ලා ප්‍රංශ කුමයට කියන “රූ“(ROUX)  එකක් මගින් උකු කරගනු ලබන ක්‍රීම් සුප් එකක්... ඒ ටික තමා මූලිකම දේ...

මුලින්ම මේක හදා ගන්න අපිට ස්ටොක් එකක් හදා ගන්න ඕන... ඒ වගේම සුප් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන කුකුළු මස් කෑල්ල හොඳින් තම්බා ගන්න ඕන... අපිට පුළුවන් ඒ දෙකම එකට කරගන්න මෙන්න මෙහෙම...



ඔන්න අපිට ස්ටොක් එක හදාගන්න උවමනා දේවල්.. ඔතනින් ඔය අර්තාපල් ගෙඩිය/කැරට් කෑල්ල/ගෝවා කෑල්ල එහෙම නැති උ‍නත් කමක් නැහැ... ගෙදර තියෙනවනං විතරක් යොදා ගත්තට කමක් නැහැ.. එහෙම බැළුවම අපිට මේකට 

1-පිරිසිදු කුකුළු මස් කෑබැල්ලක්.. (මතක තියා ගන්න බොහෝම පුංචි කෑල්ලක් ඇති)
2-බී ලූණු කෑල්ලක්.. 
3-ගම්මිරිස් ඇට කිහිපයක්.. 
4-සැල්දිරි කෑල්ලක් (හොයා ගන්න බැරිනං ඒ හැටි වද වෙන්න එපා.. උයනකොට තියෙන අවමයකින් වැඩේ ගොඩ දාගන්න ඕන..)

එහෙම තිබුනම ඇති.. තව ඉතිං ඔය එක එක ජාති තියේ මේකට දාන්න ඇහැකි.. ඒත් අපිට මේක ගොඩ දාගන්න ඔයත් ඇති.. නැත්තං ඉතිං සුප් හැදිල්ල මරනවා වගේ වැඩක් වෙයි ඔයාකාර නහින්න ගියොත්...


මේ ටික වතුර ලීටරයකට එකතු කරලා අඩු ගින්දරේ තම්බා ගන්න විනාඩි 40ත් පැයත් අතර කාලයක්... (ඔය කිව්වට මංනං ප්‍රෙෂර් කුකර් තියරියට අනුකූලව විනාඩි 5න් වැඩේ අහවර කලා.. හැබැයි නියම ස්ටොක් එකක් හදද්දී ඔය කියන කාල වකවානු..උෂ්ණත්වය වැදගත්.. ඒත් ඉතිං නිතරම කියන්න තියෙන්නේ වැඩිය වද වෙන්න එපා ළඟ නවන්න.. මොකද මේක මේ අපි ගෙදර හදාගන්න එකක් මිස හෝටලයක මේසයකට යවන්න හදන වෘත්තීය මට්ටමේ එකක් නොවන හින්දා..)


රයිටෝ ඔන්න තැම්බිලා..පාට හොඳයි...


පෙරා ගත්තා... කෑලි ටික උඩ... වතුර ටික යට... :D


දැන් අපේ ස්ටොක් එක රෙඩී.. 

දැන් බලමු අනිත් අඩුම කුඩුම ටික... මං ඔය පහල දාලා තියෙන්නේ... වැඩිය බය වෙන්න එපා දාහක් ජාති ඕනය කියලා.. මට අතට අහුවෙන දේවල් මං සුදුසු විදියට එකතු කර ගත්තට ඔහෙලා ඒ හැටි කලබල වෙන්න එපා.. මං කියන්නං ඕනම දේවල් මොනවද.. උවමනාම කරන්නේ නැතිතේ මොනවද කියලා...



මෙන්න දැන් ඕනම දේවල් ටික..
1-ස්ටොක් එක (මස් තම්බා ගත් වතුර)
2-කිරි කෝප්ප බාගයක් (පොල් කිරි/එළ කිරි/ෆ්‍රෙෂ් ක්‍රීම්...ඔය ඕන එකක් ඔට්ටුයි)
3-තම්බා කුඩාවට කපා ගත් කුකුළු මස් 
4-පාන් පිටි මේස හැදි දෙකයි
5-මාගරින්/බටර් හෝ එළවළු තෙල් මේස හැඳි දෙකයි
6-කුඩාවට කපා ගත් ළුණු/සුදු ළුණු/අමු ඉගුරු ස්වල්පයක්
7-ලුනු/ගම්මිරිස් කුඩු...

ඔන්න ඔය මූලික ටික විතරයි ඕන කරන්නේ.. මංනං ඉතිං ගෙදර තිබුන හතු පොඩ්ඩකුයි.. අර ස්ටොක් එක හදද්දී තම්බ ගත්ත අල/කැරට්/ගෝවා ටිකත් කපලා ගත්තා... ඒවා නැති උනා කියලා කිසිම අවුලක් නැහැ...


අඩිය ටිකක් ඝණකම ඇති භාජනයක් ලිපේ තියලා රත් කරගමු...


ඒකට මුලින්ම දා ගන්න මාගරින් ටික.. 


එකතු කරන්න ළුණු/සුදුළුණු/අමු ඉඟුරු... ඊළගට අපි එකතු කරන්න ඕන පාන් පිටි.. ඒත් වැරදිලාවත් අපිට හතු එහෙම තියෙනවනං පිටි වලට කලින් ඒ ටිකත් එකතු කරලා පොඩ්ඩක් රත් වෙන්න අරින්න.. හතු වලින් මේක හදන්න හිතන අය මතක තියාගන්න මෙතන තමයි හතු එකතු වෙන තැන කියලා.. පැහැදිලියිනේ... හරි යං ඊ ළග එකට...


ඔන්න දැන් අපි එකතු කර ගත්තා පාන් පිටි ටික...

මෙන්න මේ සුප් එකේ මූලික සිද්ධාන්තයක් කියන්න යන්නේ.. ඒ තමයි නිතරම මේකෙදි ගන්න තෙල් ප්‍රමාණයයි.. පිටි ප්‍රමාණයයි සමාන විය යුතුයි... ඒ කිව්වේ පිටි මේස හැන්දට තෙල් මේස හැන්දයි කියන එක.. ලොකුවට හදනකොට තෙල් බෝතලයක් දානවනං දාපියවු පිටි බෝතලේකුත්.. :D එච්චරයි කතාව...

හරි දැන් නවත්තන්නේ නැතිව එක දිගට හැදි ගාමින් පිටි ටික බැදෙන්න අරින්න... වැඩිය බැදින්න දෙයක් නැහැ.. ඒ වගේම හැදි ගාන එක නවත්තන්නත් එපා.. මෙතැනදී කෝකියගේ අත හොදට වැඩ කරන්න ඕන... :D නැත්තං පිටි කැටි කැහෙන්න එහෙම පුළුවන් හරිය... පස්සේ අපි නැහැ ඕං වැඩ වරද්ද ගත්තොත්... ඔය මං කෝකියාගේ අත හුරුව කොහොමද කියලා ඔහෙලට හිතා ගතෑකිද... එක අතකින් හැදි ගාන ගමන් අනිත් අතින් පොටෝ ගන්නත් තරං... සුප් එක අල වෙන්න නොදී.. එක අතකින් ඒක හදන ගමන්..කැමරාව පරිස්සං කොරගෙන ඒකෙන් පොටෝත් අල්ලන ගමන් තමයි වැඩේ කොලේ...


පාන් පිටි එකතු කරලා අහවර වෙලා ඒක බැදී ගෙන එද්දී එකතු කරන්න අර කිරි ටික... ගෙදර තියෙන්නේ පොල් කිරිනං දාන්න බය නැතිව පොල් කිරි... කිසිම අවුලක් නැහැ...කිරි ටික දාලා ඉක්මනට හැදි ගාන ගමන් පිටි ටික ගුලි වෙන්න වගේ එනවනං එකතු කරන්න අර ස්ටොක් එකෙන් ඇබින්දකුත්.. එහෙම කරලා හොඳ උකු දියරයක් වන තුරු හැදි ගාන්න... හැදි ගාන්න.. හැදි ගෑවිලා යන්නම හැදි ගාන්න... හැදි ගෑවෙන තරමට තමා මේක සාර්ථක වෙන්නේ...


රයිටෝ දියරය පදමට ආවට පස්සේ එකතු කරන්න අර කුකුළු මස් කෑබලි ටික... තියෙනවනං තම්බා ගත්ත එළවළු එහෙම... ඒ එකතු කරලා පොඩ්ඩක් හැදි ගාලා..එකතු කරන්න අර ස්ටොක් එක... ඒක එකතු කරද්දී නිතරම හැදි ගාමින් පරීක්ෂා කර පලන්න සුප් එකේ ඝණත්වය කොහොමද කියලා.. තමුන්ට සුප් එක දියාරු උනා ඇති කියලා හිතෙන තැනින් ස්ටොක් එකතු කරන එක නවත්තන්න... සාමාන්‍යයෙන් ඔය ගත්ත ප්‍රමාණ වලට ස්ටොක් එකෙන් ලීටර් තුන් කාලක් විතර එකතු කලෑකි... ඒ කියන්නේ මිලි ලීටර් 750ක් විතර... දාපු කලමනා සහ කිරි එක්ක සුප් එක ලීටරයක් විතර හැදෙනවා කිසි අවුලක් නැතිව... ඒ කියන්නේ හතර දෙනෙකුට විතර සෑහෙන සුප් එකක්... 

රයිටෝ දැන් අපි සුප් එක හදලා ඉවරයි... මේ වෙලාවෙදි අපිට පුළුවන් රස බලලා ලුනු ගම්මිරිස් එකතු කරගන්න... සුප් වලට ලුනු දාන්න යන අය දන්නවා මුලදි ලුනු දැම්මොත් කොච්චර දැම්මත් ලුනු මදි මදි වගේ දැනෙනවා.. ඒ හින්දා ලුනු එකතු කරන්න හොඳම වෙලාව තමා අවසාන අවස්ථාව... ඒක සෑහෙන්න සාර්ථකයි... නැත්තං ඉතිං අර මාගරින් වල ළුණූ සුදුළුණූ තෙම්පරාදු වෙන වෙලාවෙදිත් කරන්න පුළුවන්.. හැබැයි එයිට වඩා අවසානය වඩාත් සුදුසුයි කියලා මං තුමා අනුමත කරනවා...


 පොටෝ එක ගන්න ටිකක් පරක්කු උන හින්දා සුප් එකේ උඩ ලස්සනට පාවෙවී පේන්න තිබුන කැරට් කෑලි එහෙම  ටිකක් යට බැහැලා.. ඒ ගැනි අහිතක් හිතන්න දෙයක් නැහැ.. මොකද අඩියේ හරි බඩු ෂුවර්නේ.. :D... මං ගාව ඔය සුප් වලට හරියන භාජන එහෙම නැති හින්දා ටිකක් කට ලොකු කෝප්පයක් අරං දාගත්තට..ඔය ගෙවල් දොරවල්වල පිළිවෙලකට බඩු මුට්ටු තියං ඉන්න අයට මේක මෙයිට වඩා ලස්සනට පිළිගන්නනන්න පුළුවන් වෙයි.. තව ඉතිං තියෙනවනං පාස්ලි කොල ඩිංගක් අරං චොප් කරලා අරං අවසාන මොහොතේදී සුප් එකට ඉහ ගන්න වැඩේ ලස්සනට තියෙයි... 

හරි එහෙමනං ඔන්න ඒ ෂුප් එක හදලා අහවරයි... කට්ටියට දැන් මේක බලලා හතු හරි..අල හරි.. වෙනත් එළවළු වලින් හරි මේ ෂුප් එක හදා ගන්න හැටි හිතා ගතෑකි නේද..?

කොතැනක හරි අවුලක් තියේනං අහන්ට... පුළුවං හැටියකට උත්තර දෙඤ්ඤං...

43 comments:

  1. වෙනදට කඩෙන් පැකට් එකක් ගෙනත් වතුර දාල හදාගන්න සුප් එක ගෙදරදී හදන්න මෙච්චර ලේසි කියල අදනේ දන්නේ... හදන්න ඕනේ වෙලාවක

    ReplyDelete
  2. හදලම බලන්නම්

    ReplyDelete
  3. පොස්ට් එක පරක්කුවෙනකොට මම උන්නෙ අමතකවෙලා කියලා

    ReplyDelete
  4. අඩේ උබ මරු කොල්ලෙක්නේ හැමදාම ෂුප්කියල චීන්නු දෙන ලුණු වතුර බීපු මට දැන් මේකත් ට්‍රය් කොරලා බලන්න පුළුවන්

    ReplyDelete
  5. නියමයි නියමයි මෙකනං මේ දැන්ම හදනවා. හදල බිලම කියන්නං ඉතිරි ටික

    ReplyDelete
  6. බොලා අර සුවිට් නංගිලට සුප් එක ටෙස් කොරන්න දීලද අපිට කියන්නෙ. :D

    ‍ප්‍රෙෂර් කුකර් එකේ යට කෑල්‍ල ලිපේ තියල නේද සුප් එක හදල තියෙන්නෙ.

    ඔන්න ප්‍රශ්න ඇහුව.

    ReplyDelete
  7. සුප් එකේ කැලරි තත්වයත් දැම්ම නම් මරු.
    ඔය බටර් පාන් පිටි කලවම් උනාම ටිකක් අප්ෂට් නැද්ද මල්ලි?
    ඔබ බීල තියෙනවද හරක් වලිගෙන් මුස්ලිම් අය හදන >>මොලග තන්නි<<සුප් එක අහල බලන්න අපි වගෙ නාකි පරන පොරවල් ගෙන්.අන්න බොන්නයි/කන්නයි සුප්.එයිට පස්සෙ බොරට හදපු හරක් මස් හොද්ද සමග,මද ලෙස ඉස්ස පොල් කිරි සමග මනි පිට්ටු.ආහ්.............දිවත් හැපුන.
    ඔබ කියන ක්‍රිමි ගතිය තිබෙන පැකට් තුට්ටු දෙකට මාකට් එකේ තියෙනව.

    ReplyDelete
  8. අයිෂ් අප්පා ගුණ්ඩු බේරුවල සෙයිදු නානගේ ෂුප් එක තමයි මතක් උනා. කිරි බොකු පිරවපුවත් මර්ම තමා.

    ReplyDelete
  9. මම කල්පනා කලේ ඉස්සර ඉංගිරිස් වලට ඇලර්ජික් මාරයා දැං ප්‍රංස පාවිච්චි කරන ලස්සන!

    ReplyDelete
  10. හදන හැටි කොෆි කර ගත්තා.රස නිවාඩු ගිහිං හදලා ඇවිත් කියන්නම්.

    ReplyDelete
  11. අෆ්ෆටෂිලි ෂිලි බඩගිනියි යකෝ :(

    ReplyDelete
  12. මරු කුකරි ක්ලාස් එකනෙ

    ReplyDelete
  13. හෙමීට කියවලා හදලා බලන්න ඕනේ...( තාම කියෙව්වේ නැහැ )

    ReplyDelete
    Replies
    1. කියවලා බලලා කියපන් ඕක ඇත්තටම ප්‍රංශ ක්‍රමේට හදපු එකක්ද කියලා.

      Delete
  14. නියමයි ආ හෙට දිහාට මාත් හදනවා සුප් එකක්

    ReplyDelete
  15. බටරුයි, පාන්පිටියි, පොල්කිරියි. ගෙදර නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට විතරක් බොන්න හොඳයි. අතුරු ආබාධ පිළිබඳ මාරය වග කියනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. ඕක බිලා කෙලින්ම යන්න ඕනේ ඉස්පිරිතාලෙට.

      Delete
  16. ෂුප් නම් ඕනෙම නෑ අප්පා...මේ දවස්වල නෝම්බි හින්දා හැමදාම වයිවාරන්න ෂුප් හම්බු වෙනා..

    ReplyDelete
  17. මම මේ පාන්දර ඇහැරිලා බඩගින්නේ ඉන්න අතර මේ මගුල බලලා බඩගින්න තවත් වැඩි වුණා.

    ReplyDelete
  18. මම මේ සුප් එක හදලා ලොකු කෝප්ප 3කට විතර වග කිව්වා කිසි කරදරයක් නැතිව . මේකට මම දැම්මෙ නිව්ඩේල් කිරි. ඒවගේම කුකුල්මස් ස්ටොක් එකත් ,හතු දඬු හීනියට කපලාත් එකතු කලා . තව කැරට් හා අල . අවසානයේ කොත්තමල්ලි කොල ටිකක් හීනියට කපලා දැම්මා . ඒකෙන් තවත් රසවත් වුනා .
    …පාන් පිටි දැම්ම කියල අහිතරකර දෙයක් වෙන්නෙ නෑ . ඉතාමත් රසවත් සුප් එකක් කියල කියන්න පුලුවන් .

    ReplyDelete
  19. ඉස්සර පුංචි බොරැල්ලේ තිබුනා ඩි මෙල් කියලා හෝටලයක්. ඕක හරි ප්‍රසිද්ධයි එළු සුප් එකට. රෝස්පාන් එකක් එක්ක සුප් ටිකක් කියන්නේ, දිවිය භෝජනයක් තමයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උපවන්සේ සුප් එක. එකත් නියමයි.

      දැන් පුංචි බොරැල්ලේ කැනිස් එකෙත් නියම එළු සුප් එකක් තියනවා. රෝස් පාන් එක්ක මරු, දවසක සෙට් වෙලා සුප් එකක් ගහමු.

      Delete
    2. ඉස්කෝලෙයන කාලේ ඩිමෙල් එකට රිංගුවෙම ඕකට. ඕකේ ආප්පත් මරුම තමා.

      Delete
    3. කැනිස් එකේ එළු සුප් එක නියමයි තමයි ඈ....

      Delete
    4. එහෙනම් කවුරු කලත්. එළු සුප් එක දිගටම යනවා... ආනන්දේ, නාලන්දේ, වෙස්ලි, කේරී ඉස්කෝලවල හැන්දැ වෙනකන් එක එක ඒවට හිටපු උන් ඔතන සෙට් වෙනවමයි.. ඔය නලියත් ඒකනේ මෙතන දන්නේ.. වෙලාවක් සෙට් වෙමු. හැබයි සුප් එකෙන් පස්සෙ.. අනිත්වත් පොඩ්ඩක් හරි ඕන..

      Delete
    5. හොඳ යෝජනාවක් මාතලන්. අපට බැරිවෙයිද මාර මලයගේ කොළඹ ගෙදර සෙට් වෙන්න. මාරයෝ ලෑස්ති කරපාන් අපි දෙතුන් දෙනකුට.හැලපෙ යන්න කලින් හැකිනං වැඩිය හොදයි. තව දවස් කීපයයි තියෙන්නේ.

      Delete
    6. නලියෝ සෙට්වෙමු කියලා යෝජනා කලේ මං තුමා, මහාචාර්ය මාතලන් තුමා යෝජනාව ඉස්තිර කරපු එකයි කලේ.

      Delete
    7. සමාවෙන්න සමාවෙන්න දිනේ කියන්න එපමණයි මං එතැන.

      Delete
    8. සමාවෙන්න කියන්න දෙයක් නැහැ මිත්‍රයා. :D

      Delete
  20. නියමයි ...හදලම බලන්න ඕනේ ..,

    ReplyDelete
  21. හෑ.... මාරයාගේ ෂුප් එක හැමෝටම රස වැටිලා වගේ....

    ReplyDelete
  22. පෙරදිග අපරදිග ඕනෑම රසයක්...මාර සරණිය හරහ දැන් ඉල්ලන්න..

    ReplyDelete
  23. මුං ඇට කන්ජි
    මිෂ්ශර් කන්ජි
    මුං ඇට කන්ජි
    ලාබයි සවු කන්ජි

    83 මගේ කඩ බඩ සේරම කලබල කාලෙම කුඩුකෙරුවා
    මැනේජර් මගේ නංගිගේ පුතාට හොඳටම ගුටි දීලා මැරුවා
    අනිත් ඇයො ටික විසා අදාගෙන එංගලන්තයට පැනලා ගියා
    කන්ජි පුරෝගෙන කරත්තේ දාගෙන තල්ලු කරාගෙන මම ආවා

    ReplyDelete
  24. හරි ඔන්න හදලා බ්ව්වා @ කක්කුස්සියේ

    ReplyDelete
  25. කෑල්ලක්, පොඩ්ඩක් වගේ ඒකක එච්චර ශුවර් නෑනේ මාරයියේ.දෙන්ඩකෝ එස් අයි ක්‍රමේට මෙට්‍රික් ඉලක්කංවලිං.එහෙමනේ වෘත්තීය සූපවේදියෝ මං කියන්නේ.

    ReplyDelete
  26. අන්න මාරයා දැන් ඉන්ටර්නැෂනල් වේගන එනවා. නියමයි එහෙම තමයි වෙන්න ඕනේ. හැමදාම කොල මැල්ලුමයි, අල තම්බලා කාලයි හරියන්නේ නැහැ. වෙන රටවලට ගියාම තමයි දැනෙන්නේ ලංකාවේ අපේ කෑම වල විවිධත්වය කොච්චර අඩුද කියලා. අපි හැමදාම චිකන්, මාළු බිත්තර.

    ReplyDelete
  27. ඈ බොල උගුඩුවෝ .මට කියහන් බලන්ඩ ඕකට දැම්ම මස් කෑල්ලට මොකද උනේ කියලා..

    ReplyDelete
  28. සුප් බීපු මාරයා තාම ටොයිලට් එකේ. ඒකයි කමෙන්ට් වලට උත්තර නැත්තේ.

    ReplyDelete
    Replies
    1. පාන් පිටි උණු වතුරේ දිය කලාම හැදෙන්නේ පාප්ප නේ, එකයි මාරයා තාම ටොයිලට් එකේ.

      Delete
  29. හ්ම්ම්ම් හදලා බලන්න ඕනා වෙලාවක. මාර සරණියෙන් මිසක් වෙන කොහෙන් මේ වගේ විස්තර ඇතුව දෙයක් දැනගන්න පුළුවන්ද? :P :P

    ReplyDelete
  30. කියවද්දී කෙල ගිලලාම කටේ කෙලත් හිඳුනා... මේ මේක ටෙස්ට් කොරලා බලලා දාපු එකක් නේ ?
    මේක බිලා බඩ යන්න ගනීද දන්නේ නැහැ 7 දවසක් ම.. :D

    ReplyDelete
  31. මේ සුප් එක අපේ ඉන්ස්ටිටියුට් එකෙත් (Sri Lanka Foundation Institute) හැදුව රසයනම් කියල වැඩක් නෑ පංකාදු 5යි...බොන්න පුලුවන් කෝප්ප ගානක් උනත්, ඇගටත් මාර ෆිට් බිව්වම :)

    ReplyDelete