16 July 2013

ඌ නොදකින ඒ පුර හඳ... තොපිට හැකිද දකින්න..?

මං දන්න කියන මල්ලි කෙනෙක් ඉන්නවා... හිත හොඳ එකා... බොහොම අඩු වයසින්ම ජිවන බරට කර ගහලා වැඩ කරන එකෙක්. ඇඟ නිකං හැලපේ ඔතන්න ගත්ත කැන්ද කොලේ වගේ උනාට වැඩට බැස්සම මී හකරා වගේ ඔහේ කරගෙන යනවා..මහන්සියක් බලන්නේ.. නිදා ගන්නේ අනං මනං නැහැ... ඒ වගේමයි කවදාවත් ඥං පචං නැහැ... තමන්ට පුළුහං හැටියකට අනිත් හැම එකාටම උදව් පදවු කොරං කාලේ ගත කොරනවා... ඕකා බඳින්න කියලා ගෑල්ලමෙක් එහෙමත් ඉන්නවා... (එවුවා කලින් කියලා තියෙන්න ඕන.. නැත්තං මේකේ ඉන්න නගාලා පැංචිලා..අරයලා මෙයාලා ගිහින් ඕකා පස්සේ වැටුනොත් අපිට නෙව පාඩුව..:D) කෙලී තාම විස්ස විජ්ජාලේ ඉගෙන ගන්න හින්දාත්.. මේකා දවල් තිස්සේ නැහිලා ඇවිත් රෑ එක දෙක වෙනකල් බාහිර උපාධියකටද කොහේද නහින හින්දත් මේකාට ඔය වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන යම් තරමක අවබෝධයක් එහෙමත් තියෙනවා... 

මං මේ ටික කියං ආවේ මේකා ලියනවා බ්ලොග් එකක්... මේකා ඒකේ මේ පාර ලියලා තියෙන ලිපිය කියෙව්වම මටත් ඉතිං නිකං කසනවා කසනවා වගේ... ඒ හින්දා මට හිතුනා ඒක කියවන්න තව එකෙක් දෙන්නෙක් හරි තල්ලු කොරන්න ඕනය කියලා...

ආයේ ඉතිං වැඩි කතා අනවශ්‍යයි.. මෙන්න ලින්කුව.. ගෙහුන් බලන්න.. බලලා හිතෙන දෙයක් එතැන කියලා එන්න...  ඒක කියෝලා ඌත් එක්ක කේන්ති එහෙම ගියානං ඌට එතැනම හොඳට බැනලා එන්න.. මොකද මේකට ලින්ක් දැම්මට ඌයි මායි අතර ලොකු වලියක් තියෙනවා නිකං හරියට අර ඇමරිකාවයි රුසියාවයි අතර තිබුන හීතල මොකක්ද එක වගේ... ඒ හින්දා මේ ලිපියට මං කැමති උනත් බුවා කාගෙන් හරි දෙකක් අහ ගන්නවා බලන එක වගේ ආතල් එකක් මටත් තව නැහැ... :D :D :D

ඒ හින්දා හොඳයි වගේනං එහෙම කියන්නත්... එහෙම නැත්තං පළු යන්න බනින්නත් බය වෙන්ට දෙයක් නැහැ... ඒ ගමන්ම මෑන්ගේ කලින් ලියුං එහෙමත් එහෙං මෙහෙං කියෙව්වට කමක් නැහැ...

හා එහෙමනං මං ගියා... ටටා බායිස් වේවා..!




20 comments:

  1. ආ ..... මාරයිය සමාජ සේවෙටත් බැහැල වගේ.

    ReplyDelete
  2. මගේ මල්ලි මට වැඩිය තත්පරයක් වත් වයස නෑ බොලව්. බොට එහෙම උනාට..

    ReplyDelete
  3. ඔන්න එහෙනං අපිත් ගියා බලන්ඩ.

    ReplyDelete
  4. උඹ ඉතිං කවදත් අනුන්ට උදව් උපකාර කොරන එකානේ. හොද වුණත් නරක වුණත් අම්මපා බයිනවා ඕකට අදනං අර අටමගේ යාලුවා ඉබ්බට රෙවුණා වගේ රෙවෙන්න.

    ReplyDelete
  5. අ‍‍ඩෝ ඒක ලියන එකා දන්න කියන එකෙක්නෙ. :D

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට පෝස්ට් 17 ක් ගණං තියලද කොහෙද ලියන්නෙ.

      Delete
    2. තව කෙනෙක් ඉන්නවා නෙද ගානට ගනන් තියාගෙන ලියන එකෙක්?

      Delete
    3. Maaluwage malu kapanne uge anga uda thiyalaa wageyi

      Delete
    4. දැං මාරය මාලු කපන්නෙ ප්‍රෙන්ච් විදියට වෙනී අයියා.. :D

      Delete
  6. බනින්නනේ ඔය නොකිය කියන්නේ....... හරි දෙන්නම් තව ටිකකින් අ පැත්තේ ඇවිල්ල බලපන්කො

    ReplyDelete
  7. ගොඩ වෙලා ආවේ ඒ පැත්තේ..කව්රුත් ගෙදර හිටියේ නැහැ...

    ReplyDelete
  8. අද වැඩි හරියක් කතා තියෙන්නේ මල්ලිලා ගැනනේ

    ReplyDelete
  9. හිටපිය ඊලග සතියෙ ඇවිත් තොට පුරහඳ පෙන්නන්ඩ.. මගේ කාමරේ ජනප්‍රිය බ්ලොග් කරුවා සිහිනය උබ විනාඩි 5න් කුඩු පට්ටම් කලානේ.

    ReplyDelete
  10. කඩෙ ගියෙ නෑ මම හිතන්නෙ.ඔන්න එහෙනම් අපිත් ගිහිල්ල බලල බෑනල එන්නම් හරිය

    ReplyDelete
  11. බලමුකෝ කෝකටත් ගිහිල්ලම...

    ReplyDelete
  12. ආයිබෝවන් ! මේ ඔබේ මාරයා මාර්ගෝපදේශක සේවයයි. දවසේ වැඩ කටයුතු ආරම්බ කිරීමට පන්සිල් සහ සෙත් පිරිත්.

    ReplyDelete
  13. ගියා ... දැක්ක පුරහඳ

    ReplyDelete
  14. ආ හරි ඔන්න මමත් ඒ බෝලොක්කුව කියවන්න දාගත්තා .

    ReplyDelete
  15. හප්පටසිලි බලමු ගිහින්

    ReplyDelete
  16. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්..

    ReplyDelete