19 July 2013

ඔටුව පිටෝටුව... සහ...

අද උදේ ඔන්න මං ගොයින් කොලා පිටෝටුවට...

පිටෝටුවත් ඇවිල්ලා අර මොකක්ද වගේ මගේ ජීවිතේට එක එක ආකාරයෙන් සම්බන්ධ තැනක් නෙව.. මුල්ම කාලේ. ඒ කිව්වේ හිච්චි එකා සංධියේ මං මතක තාත්තගේ අතේ එල්ලිලා පිටෝටුවට ආපු හැටි... ඒ අම්මා රට ඉඳන් එවාපු පාර්සලටක් ගන්න මහ තැපැල් කන්තෝරුවට යන්ට... ඒක ලොකු පාර්සලයක් නෙවෙයි බොහෝම පුංචි පාර්සලයක්. ඒකේ තිබුනේ මවුත් ඕගන් දෙකක්... එකක් රතු පාටයි.. අනික නිල් පාටයි... නෙට් එකේ සර්ච් කරද්දා මවුත් ඕගනයක රූපයක් හොයන්න..මෙන්න එදා අපිට ලැබුන ජාතියේම එකක් තිබුනා... අර මං කිව්ව නිල් පාට එක මෙහෙමම තමා.. වර්ගය හීරෝ...

මෙන්න පහසු පැනයක්...
මවුත් ඕගන් දෙකෙන් මා තෝරා ගත්තේ කුමන පැහැති මවුත් ඕගනයද..? :D

රයිටෝ මවුත් ඕගන් ගැන ලියන්න නෙවෙයිනේ මං ආවේ.. පිටෝටුව ගැනනේ කතාව...

ඉතිං එදා කොහොම හරි තාත්තා අපිව රජගේ ගාවිනුත් එක්ක ගියා කියලා මතකයි.. අර ඇහිපිල්ලං නොගහන ආරක්ෂක බටයෝ එහෙමත් මං මුලින්ම දැක බලා ගත්තේ එදා...

එයින් පස්සේනං ඔන්න මංතුමා පහේ විභාගේ සමර්ථ වෙලා කොළඹ ගාටන්න අරං අවුරුද්දක් විතර යද්දි පිටෝටුව කියන්නේ හැමදාම වන්දනා කොරන්න යන තැනක් ගානට වැටුනා...

මං තුමා සීසන් කාරයා.. ඒ කිව්වේ සීටීබී බස්වල යන්න මාසික සීසන් පතක් හිමි එකා.. ඒකේ ගාන රුපියල් 57යි..
ඕකේ ඉතිං මාක් කොරලා තියෙන ගමන් මාර්ග අංක හැටියට තිබුනේ 193 එහෙම තමයි...

ඒත් අපි මොකද කොරන්නේ ඒ පාටම පෑනක් අරං ඔය මාර්ග අංක තියෙන කොටුවේ ලියා ගන්නවා තව තව අංක... ඒ කියන්නේ 200/180/138/154 වගේ නානාප්‍රකාර අංක... කොළඹ යන එන උන්දලනං ය අංක කොහාට කොහාට යන ඒවද දන්නවනේ...

ඉතිං මෙහෙම මාක් කොරගන්නේ වෙන එහෙකට නෙවෙයි.. කඩෝත පුරහල බස් නැති වෙච්ච දවසට ඔටුවට හරි බේස් ලයින් එකට හරි ඇවිදං ගිහින් වෙන බස් එහෙක එන්න..
පිටෝටුවට ඇවිදං යන එක ඒ කාලේ ඒ හැටි දෙයක් නෙවෙයි... පුංචි බොරැල්ලේ ඉඳන් බස් එකක් ඔටුවට යනවට කලින් අපි පයින් යනවා... ඒ කාලේ තමා ඔය මරදානේ ඉදන් ටැක්නිකල් හන්දියට යන පාරේ පැති බැම්ම දදා හදන කාලේ.. ඉතිං පාර පුල් අවුල්... බස් යනවා නෙවෙයි පාවෙනවා... අනිත් පැත්තෙන් දෙමටගොඩ ගුවන් පාලම..මගෙ හම්මේ එහෙමත් කල් ගිය පාලමක්... මං ඉස්කොලෙට බාර දෙද්දිත් ඒක හදනවා.. මං ඉස්කෝලෙන් අහක් වෙද්දිත් ඒක හදනවා... එයින් පස්සේ මං රස්සා කොරන කාලෙත් එහෙමම තමා... 

ඉතිං ඒ කාලේ නිතරම පයින් කිලෝ මීටර් හතරක් පහක් යනවා කියන්නේ රුපියල් දෙහෙක කජු පැකට් එකක් කන වෙලාවෙන් කොර ගතෑකි දෙයක්.. මං වගේම ඒ ගමනට සැට් වෙච්ච මගේ මිත්තරයෝ දෙතුන් දෙනෙකුත් හිටියා.. එයින් දෙන්නෙක් තමා ලොකු කාලියා සහ පොඩි කාලියා.. කාලියා කියන්නේ කාලිදාස කියන එක කෙටි කරලා හදා ගත්ත නං... ඒ කාලේ මුළු ඉස්කොලේම වගේ ලොකු කාලියා සහ පොඩි කාලියාව දන්නවා... උන් දෙන්නා අයියලා මල්ලිලා... දෙන්නම මට වඩා වැඩිමල්.. හැබැයි මං පොඩි එකා කියලා නැහැ.. මාත් එක්ක බොහෝම හිතවත්.. උන් දෙන්නත් අයියයි මල්ලියි වගේ නෙවෙයි යාළුවෝ දෙන්නෙක් වගේ තමා හිටියේ.. ලොකු කාලියා බොහෝම නිවුන හාදයා.. පුදුම හොදයි... පොඩි කාලියා ඇම්ඩා... ඌ අයියටත් විදිනවා තියාගෙන.. ඒත් කවදාවත් වලි ගෝරි නැහැ.. ජීවිතේට හම්බ උන චරිත අතරේ අදටත් බොහෝම ගවුරවයෙන් මතක් කොරන්න ඇහැකි දෙන්නෙක් උන් දෙන්නා.. මේ වෙද්දී රටේ කොතැන හිටියත් දෙකක් නැහැ බොහෝම ආදර්ශමත් වටිනා කියන ජිවිත ගත කොරනවා ඇති... 

හා හා ආයේ පිටෝටු...

ඉතිං එහෙම ඒ කාලේ පිටෝටු ගෑටුවේ ඔටුවේ සීටීබී ස්ටෑන්ඩ් එකට ගෙහුන් එතැනින් යන ගම්පහ හරි නිට්ටඹු හරි බස් එහෙක එල්ලිලා රූං ගාලා ගෙදර යන්න...
ජීවිතේ හරි අපූරු කාලයක් ඒක.. බස් ටෑන්ඩ් එකට ඇතුල් වෙන තැනම තියෙන වැලි තාච්චියේ බදින රට කජුත් අරං තුන් දෙනා හතර දෙනා බෙදා හදාගෙන කාලා බස්වල සිංදු කියන කැලෑ ජෝතිලා.. මිල්ටන්ලාගේ සිංදු අහලා... පිං පත්තර.. මල් පත්තර කාරයින්ගේ කියුං අහලා... රටේ නැති තරං අංකූරංගෙන් පරිස්සං වෙලා කොහොම හරි ඩ්‍රැයිවින් සීට් එක කිට්ටුව සීට් එහෙක වාඩි වෙලා... ඩැයිවර් උතුමානන් නයිට් රයිඩර්ගේ බාප්පගේ පුතා වගේ සිං සිං ගාලා වෙට්ටු දදා බස් එක එලෝන හැටි බල බලා ආපු කාලේ...

ඩැයිබර් කිව්වම මට මතක් උනේ වයිටයියව...

වයිටයියා කියන්නේ සුදු අයියා කියන එකටම තමා... සුදු කියන්නේ සුදෙත් සුදු පොරක් තමා වයිටා අයියා... ගම්පහ ඩිපෝවේ බස්වල ගිය උන්නං වයිටයියව නොදන්න හැටියක් නැහැ... මොකද පොර ඒ තරමට ජනප්‍රිය බුවා.. හරි හිත හොද හාදයා... සුද්දෙකුගේ පෙනුම.. මෑන් විතරක් නෙවෙයි මෑන්ගේ මල්ලිත් ඒ වගේමයි.. උන් දෙන්නව වෙන වෙනම අදුර ගන්න බැරි තරමට දෙන්නා සමානයි...

වයිටයියා  ගම්පහ ඩිපෝවේ පරණම ඩැයිවර් කෙනෙක්... අපේ තාත්තා සීටීබී එකේ ඉන්න කාලෙත් මෑන් ඉදලා තියේ... තාත්තගේ දැන හැදුනුංකම හින්දා පොර මටත් බොහෝම සැලකුවා... අපි සැට් එක ස්ටෑන්ඩ් එකට ගියාම මොකක් හරි බස් එහෙකට දුවද්දී මැන් දැක්කොත් කතා කරලා කියනවා..
“මල්ලිලා..අපේ බස් එක ඊ ළගට ගහන්නේ“ කියලා...

එහෙම කිව්වොත් ඉතිං දෙකක් නැහැ අපි යන්න හිටිය බස් එක දාලා වයිටයියා එනකල් ඉන්නවා.. මොකද පොර එහෙම කියන්නේ නිකං නෙවෙයි... ඒ වචන ටික යට තියෙන්නේ 
“උඹලාට කලින් යන්න ඕනනං හිටහල්ලා..“

වයිටයියා මේ කපේට කොට කොට යන එකෙක් නෙවෙයි... බස් එක හරි තත්පරේට ස්ටෑන්ඩ් එකෙන් අද්දනවා... ආයේ ඉතිං විදිල්ල වගේ නවතින්නේ ගම්පහට ගෙහුං... ඒ විතරක් නෙවෙයි මෑන්ගේ රූඩ් එකත් ටිකක් වෙනස්... එක්කෝ කෙලින්ම ලේක් හවුසිය පැත්තෙන් දාලා මරදානට ඇවිත් එතැනින් මාළිගාවත්ත හරහා බේස් ලයින් එකට දාලා පාලම පැත්තට යයි.. ආමර් විදියට හැරෙන තැනින්ම මාළීගා වත්ත පැත්තට හරවයි... කොහොම හරි එදා දවසේ පාර හිර වෙන හැටි පොරට හොඳ දැනීමක් තිබුනා... ඒ හින්දා මෑන් කලින්ම තීරණය කරනවා කොයි පැත්තෙන්ද යන්නේ කියලා.. හිතුවාද.. ඒ පැත්තෙන් ගියා.. මොන විදියෙන් හරි බුවා විනාඩි ගානක් ඇතුලත අළුත් පාලමට එනවා... ඒ හින්දා බස් තුනකට පස්සේ තිබුනත් වයිටයියා ඉන්නවනං අපි බලං ඉන්නේ කලින් ගිය බස් දෙක තුනකට ඉස්සර කරලා අපිව පොර ගිහින් දාන බව දන්න හින්දම තමයි... හැබැයි ඒ වගේමයි එළවිල්ලත් බොහෝම ආරක්ෂාකාරීයි... කවදාවත් අපි ඉන්න වෙලාවක බස් එක කොහේවත් ගෑවෙන්නවත් ගෙහුං නැහැ...

හා හා පිටෝටුව...

ඉතිං එහෙම කාලයකින් පස්සේ ඔන්න ආයෙම ඔටුවේ යන්න උනේ කලිසමක් ගන්න... සපත්තු දෙකක් ගන්න වගේ වැඩට තමා... ඒ කාලේ කොටුවේ තරං ඇදුං ගාබෙට තිබුනේ නැහැ කොහේවත්... ගමට කිට්ටුව කඩ සාප්පුවල ගිණි ගානට තියෙන කලිසමම කොටුවෙන් එයින් බාගෙකට ගතෑකි... බොහෝම අමාරුවෙන් මොනවා හරි කොරලා එදා වේල හොයා ගන්න මට්ටමේ අපිට ඒක සෑහෙන වාසියක්... ඒ හින්දා මොකක් හරි කොරලා ගතමන්ට් එකක් හොයා ගත්තාම එන්නේ ඔටුවට...

හැබැයි ඔටුවෙන් බඩු ගැනිල්ලත් ලේසි නැහැ... අංකූරෝ එමටයි... බෙල්ට් කාරයෝ වගේ ජාතියක් තවත් නැහැ...

“ආ එන්න මාතියා.. බෙල්ට් එකටම රුපියාල් ඇටයි.. රුපියාල් ඇටයි...“

ඇටයි කියන්නේ හැටයි කියන එකට... අනේ ඉතිං හැටට බේල්ට් එකක් ගන්න හිතං “ඕන එකක් හැටද..“ කියලා අහන පරක්කුවට 

“ඔව් ඔව් මාතියා.. කෝකද ඕන.. කෝකද ඕන..?“

කියලා අහන්නේ බෙල්ට් එකක් ඉනවටේ දාන ගමන්ම තමයි.. බොහෝම අමාරුවෙන් තමුන් කැමති එකක් පෙන්නනවා මිසක් එතැනින් මාරු විල්ලනං බොරු... කොහොම හරි බෙල්ට් එක ඉණට තියලා එහෙම්ම අහන්නේ..
“හිල් විදින්නද මාත්තියාහ්...?“ 

කියලා... හා කිව්වොත් සුටුස් ගාලා නිකං ගිරයක් වගේ එහෙකින් හිල් හයක් විදිනවා...

මහත්තයා “අයිලට් ගහමු නේද“ කියන්නේ අයිලට් දෙකක් විතර ගහලා ඉවර කරන ගමන්මයි...

එහෙම කරලා බෙල්ට් එක අපේ අතේ තියන්නේ...

“ආ මෙන්න මාත්තියා.. රුපියල් එකසිය පණායි...“

ඇහ්.. එකසිය පණායි...? යකෝ හැටේ එක එකසිය පණා උනේ කොහොමද..?

ඕක ඇහුවොත් ලැබෙන්නේ මෙහෙම උත්තරයක්...

“බෙල්ට් එක ඇටයි  තමා මාත්තියා.. හිලක් විදින්න පහයි... හිල් හයට තිහයි... අයිලට් එකක් දහයයි..එතැනට හැටයි... එතකොට එකසිය පණායි..“

හරිනේ.. ඔය කෙලලා තියෙන්නේ... මොනවා කොරන්නද හංදුරුකං තියාගෙන එකසිය පණා දීලා ගේනවා ඇර... ඔය සිස්ටම් එකට අහු නොවුන එවුන් බොහෝම අඩුයි පිටෝටුවෙන් බඩු ගන්න ගිය... මමත් ලෙසටම අහු උනා නෙව... මක්කොරන්නද..?

හරි ඉතිං එහෙම කාලයක් ගෙවුනට පස්සේ ඔන්න ආයේ පිටෝටුවට නිතර යන්න උනේ සීටීබී එකේ වැඩ කොරන කාලේ.. මයේ රූට් එක කුරුණෑගල කොළඹ නෙව.. ඉතිං දවසට දෙපාරක් පිටෝටුවේ සීටීබී බස්ටෑන්ඩ් එකට ගෙහුන්... ටර්න් එක දාං..වෙලාව එනකල් උඩ තියෙන රෙස්ට් රූම් එකට වෙලා මකුණෝ පිරුණ ඇඳක් උඩ දපලා දොයියං.. වෙලාවට බස් එකට ගොඩ වෙන එක තමා වැඩි හරියක් කොලේ... ඉඳ හිට දවසක බස්ටෑන්ඩ් එක අවට අතුරු පාරවල් වලත් හක්කලං කොරනවා වෙලාව තියේනං...

එයිනුත් පස්සේ කාලෙක ප්‍රයිවට් බස් එහෙක කොන්දෙක් හැටියට හිටිය සමයේනං ඉතිං මං ඔය ඔටුවේ ඉඳන් උගුර ලේ රහ වෙනකල් කෑගහලා ඇති...

“ඔටුව..පිටෝටුව..පංචිකාවත්ත...“ කියාගෙන...

අදටත් මං පිටෝටු ගියාම බස් ලෝඩ් කරන හැටි බලං ඉන්නවා... අහං ඉන්න මිනිහට ඒක තොරතෝංචියක් නැති කියවිල්ලක් උනත් බස් එක ලෝඩ් කිරිල්ලත් එක්තරා විදියක සිල්පයක්... ඒ දවස්වලනං පිටෝටුවේ හිටියා බස් ලෝඩ් කරලා දීලා රුපියල් පහේ කාසියක් ගන්න බුවාලා සෙට් එහෙකුත්.. උනුත් වැඩේ කරනවා නියමෙටම... අපිට තියෙන්නේ අපේ රූඩ් එක මතක තියං ක ගහලා වැඩේ කරන්න උනාට.. උන්ට එතැනට ගහන හැම බස් එකේම රූඩ් මතක තියෙන්න ඕන.. මොකද තමන් ඉස්සරා ගහන ඕනම බස් එකක් යන්නේ කොහේටද කියලා බලන සැනින් රූඩ් එකේ තැන් කිය කිය කෑ ගහලා ලෝඩ් කරන්න එපෑ... 

ඔය බස් ලෝඩ් කිරිල්ල කොයි තරං ආතල් වැඩක්ද කියනවනං මං පස්සේ කාලවල් වලදී උනත් වෙන වෙන ගමන් යද්දී උනත් බස් එකේ පුට් බෝඩ් බැහැලා බස් එක යන දිහාවට ලෝඩ් කරනවා... කොන්දොස්තරලා උනත් එහෙම කරද්දි කවදාවත් අහිතක් නැහැ... ටිකට් එකේ සල්ලිත් ආපහු දෙන්න හැදුවොත් මිස... දුර යන බස්වලනං තේ බොන්න නැවැත්තුවාම උන්දලත් එක්කම එක්ක ගිහින් කන්න බොන්න අරං දෙනවා... ඒ වාසි නැතත් බස් එකක පුට් බෝඩ් එකේ එල්ලිලා... පරණ පුරුදු විදියට කෑ ගැහිල්ල හරහා හිතට දැනෙන සැහැල්ලුව විතරක්ම ඇති ඒ දෙයින් සංතෝස වෙන මිනිහෙකුට...

හා හා ආයේම පිටෝටුව...

ඉතිං එයිනුත් පස්සේ සැරින් සැරේ ඔටුවට ආවා ගියා උනත් දිගින් දිගට ඔටුවේ සැරිසරන්න උනේ නැහැ.. දැන් තමා ආයෙමත් වංගියක් ඔටුවට ඔළුව ඔබන්න කාලේ උදා වෙලා තියෙන්නේ... ඒ ගෙදර දොරේ උයන පිහන අඩුම කුඩුම ටික ගේන්න යන හින්දා... කොළඹ ජීවත් වෙන්න ආවයින් පස්සේ ආයෙම මගේ ඔටුවත් එක්ක තියෙන සම්බන්ධේ දියුණු වේගන එනවා කිව්වොත් තමා හරි...

ඔටුව ගැන අද මේ ලියන්න මතක් උනේ වෙන කෙංගෙඩියක් හින්දා නෙවෙයි... අද උදේ ඔටුවේ යද්දි කවදාවත් නැතිව මාර්ගයේ තද බදය අඩු වෙච්ච හින්දා... වෙනදට බයිසිමොටෝවෙන් ගියත් ඔය ටික යන්න ලේසි නැති උනත් අද නිකං වෙඩිල්ල වගේ යන්න ඇහැකි උනා නෙව... පස්සේ බැලින්නං අළුත් රථවාහන සැලැස්මක් කිරියාත්මක වෙන්න අරං... මරදානේ හිටං ටැක්නිකල් හන්දියටත්.. එතැනින් පංචිකාවත්ත වට රවුමටත්.. ආයේ එතැනින් මරදානටත් කියන ආකාරයට පාර වන් වේ කොරලා... වාහන යන්නේ නිකං මෝය කට කැපුවා වගේ... අඩු පාඩු කොහොමද කියන්නනං දන්නේ නැහැ.. හැබැයි වෙනදට වඩා මටනං අද පහසු උනා... වැඩේ සාර්ථක උනොත්නං ලොකු දෙයක්... අපේ අර මාතලං ගොයියත් උන්දැගේ බොගේ වංගියක් දමාපු කොළඹ වාහන සැලැස්මෙත් ඔහොම දෙයක් තිබුනා වගේ මතකයි... මං ඒත් කල්පනා කොලේ ආණ්ඩුවේ උන්දලා මාතලංගේ උපදෙස් අනුව වැඩේ කොලාවද්ද කියලා...

එහෙම උනොත්නං ලේසි නැහැ... මොකද ආණ්ඩුව මාතලංට යන හින්දා... :D

78 comments:

  1. "මෙන්න පහසු පැනයක්...
    මවුත් ඕගන් දෙකෙන් මා තෝරා ගත්තේ කුමන පැහැති මවුත් ඕගනයද..? "

    " රෝස පාට :D "

    මේ ඕක නෙවෙයි මේ ප්‍ර්ශ්න 2ට උත්තරයක් දියං කෝ.

    1 ) උඹ මේ වෙනකොට ජොබ් කියක් කරලා තියනවද.

    2) මේ ලොකේ තියන ජොබ් වලින් තව කීයද උඹට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු මං එක..

      Delete
    2. ආ, අසයින්මන්ට් ලියනව වගේ

      Delete
    3. ඕං පේනවනේ බ්ලොග් කැසිල්ල හැදුනම කාමරේ වීරයට වෙච්ච දේ.. :D :D :D

      Delete
  2. වෙනදා‍ වාගෙම අදත් එළ

    ReplyDelete
  3. ආණ්ඩුව මාතලංට යන හින්දා... :D

    ReplyDelete
  4. ඔය අංශෙ වැඩ ටිකනම් ටිකක් හොඳට කෙරෙනවා තමයි...

    ReplyDelete
    Replies
    1. කොයි අංසෙද..? තේරුනේ නැහ නෙව...

      Delete
    2. මාර්ග, රථ වාහන හැසිරවීම් සංවර්ධනය ....

      Delete
    3. ආ ඒක මිසක්.. මං කල්පොනා කොලා මොකක්ද කියලා.. :D

      Delete
  5. මේ ලඟදි අපි දෙන්නා උඹේ බස් කතා ඉවර වෙනකල්ම කියෙව්වා. බස් ජීවිතේ ඓට නොපෙනෙන පැත්ත ඒකෙන් ඉගෙන ගත්තා. මතකද අර සල්ලි ටික හුල‍ඟේ ගිය කතාව?

    ReplyDelete
    Replies
    1. ආයේ නැතිව.. අදටත් දළුගම හරහා යද්දී මට හැමැදාම ඔය සීන් එක මතක් වෙනවා...

      Delete
  6. අඩේ...කවදා ඉදන්ද ඔය සැලැස්ම????

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පෙරේදා ඉඳන්ද කොහේද...

      Delete
  7. එකෙන්ම එළ මාරයෝ...උඹල අපිලා හම්බෙලත් ඇති නෙව ඔය කියන හැටියට ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..මං දැකලා නැතත් මාව දැකලා ඇති...

      Delete
  8. ඔන්න මාරය මාත් ආව.මම නන් ඉටින් අලුත්.ලියන විදිහ නම් මරෙ මරු මාරය.දිගටම කියවන්නම්, සුබපතනව.
    :)

    ReplyDelete
    Replies
    1. බොහෝම සතුටින් පිළිගන්නවා මේ පැත්තට... ස්තූතියි...

      Delete
  9. පිටකොටුවේ ගැට කපන්නන්ගෙන් බෙරෙන්න අත්දෑකීම් ම අවශ්‍යයි නේද?

    පිටකොටුවට "ඔටුව" කියලා කෑ ගසනවා වාගේම, මීගමුවට "මීගොන්" කියා කෑ ගසනවා වැනි ස්වරයක් ඇසී නැති ද?

    ReplyDelete
    Replies
    1. ඔය පික් පොකට් කාරයෝ ගැන අහලා තියෙන කතා හින්දම මං අදටත් නිතරම අවධානයෙන් යන්නේ ඒ ගැන... මංනං හිතන්නේ ඕක වැඩි හරියක්ම වෙන්නේ සිහි කල්පනාවෙන් තොරව යන අයට කියලයි.. උන් එහෙම එවුන්ව ටාගට් කරලම ඇවිත් ගේම දෙනවා ඇති...

      Delete
  10. පිටකොටුවෙන් මම ඉඳහිට හරි ගත්ත දෙයක් තමයි රුපියල් සීයට තුබුන ටූල්ස්. ඒ කියන්නේ අඬු මිටි යතුරු ස්පනර් වගේ එව්වා. ඕල්කොට් මාවතේ පේමන්ට් එකේ තමයි බදු තියෙන්නේ. ඒ වගේම ලෝක වෙළඳ මධ්‍යස්ථානෙන් (දැන් ඒක තියෙනවා ද මන්ද) shirt දෙක තුනක් අරන් ඇති.
    මාරයා කියන අයිලට් කතාව ඒ දවස් වල මම අහල තිබුන නිසා බෙල්ට් එකක් ගන්නකොට අයිලට් විදින්න කලින් විදින්න කීයද අයිලට් වලට කීයද අල්ලන්න වෙනම ගණන් ගන්නවද කියල ඔක්කොම විස්තර අහනව. අනේ එතකොට නම් මෙයාල හොඳ ළමයි. අයිලට් අල්ලනවටත් එක්කම සීයක් දෙන්න සර් කියනවා.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ටූල්ස් වලින් තමා ගැරෙජ් එකක් දාන්න තරමට ලොකු ආයුධ පෙට්ටියක් හදා ගත්තේ... දෙදහා විතර වෙද්දි එතැන රුපියල් පන්දහක විතර ආයුධ තිබුනා ඒ කාලේ වටිනාකමින්.. මට ආයුද දැක්කමයි..හාඩ් වෙයාර් දැක්කමයි නිකංම පර්ස් එක එළියට ඇදෙන නරක පුරුද්දක් තියෙනවා නෙව... අඩුම ගානේ අගලේ ඇණ ග්‍රෑම් සීයක්වත් ගෙනියන්න හිතෙනවා ගෙදර...

      Delete
    2. මදෑ.. මං හිතුවේ ඒ ලෙඩේ ති‌ෙයන්නේ අපේ මහත්තයට විතරයි කියලා... හි හි...

      Delete
    3. පිස්සුද..මට ඒක හොඳම එකෙන් තියෙනවා... :D

      Delete
    4. අඩේ මටත් ඔය ලෙඩේ තියනවා බොල

      Delete
  11. මාරයවත් අන්දල එහෙනම්..... අප්පේ.. ඒ ඇති. :D

    ReplyDelete
    Replies
    1. ඔව් තොපිට ආතල්.. :D තුක් ඉතරක් මෙහෙම උන්වනේ අපිත් ආස්සරේ කොරන්නේ...

      Delete
  12. සීසන් එකේ වැඩේනම් අපිත් කොරලා තියේ.මාත් අවුරුදු දෙකක් ඔටුවේ උන්නා නෙව.විස්තර ටිකක් ලියන්න හිතුනා මේක දැක්කම

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ලියන්න... කොටුවේ විස්තර කියන්නේ බජාර් බාසාවෙන් ලියාපු රසවත් පොතක් වගේ දෙයක්..

      Delete
  13. මේ බෙල්ට් වගේම තමයි නේද "පිට නෑ" කියලා විකුනපු ෂර්ට්.. :D

    පිටකොටුවේ ගිහින් අතපය බේරන් එනවා කියන එකත් ලොකු ජයක් කියලයි මට නම් හිතෙන්නේ.

    අපේම රටේ දුක් විදින මිනිස්සු උනත් එයාලා හැම බොරුවක්ම කරන්නේ තමන්ගේම පංතියේ අයට කියන එකයි දුකයි. මොකද කෝටිපතියෝ කවුරුවත් පිටකොටුවෙ පෙව්මන්ට් එකෙන් බඩු ගන්න එන්නේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමිගේ ප්‍රකාශයට මුලු හිතින්ම එකඟයි. ඒ මිනිස්සු කෙලින්නෙත් මේ පීඩිත පන්තියෙ මිනිස්සුන්ටමයි.

      Delete
    2. පිට නැහැ කේස් එකත් හුගක් ප්‍රසිද්ධ එකක් තමා.. හැබැයි මටනං එහෙම සීන් එකක් අහු වෙලා නැහැ තාම...

      අවසාන පරිච්ඡේදය ගැනනං කුමන කතාද..? හොරකමටත් වඩා ඒක මහ තුච්ච අමන කිරියාවක්...

      Delete
  14. අවුරුදු ගානකට කලින් පිටෝටුවෙන් ෂර්ට් එකක් අරගෙන දාහක් දුන්නේ.මෙන්න මූ කියනවා “මල්ලී මාරු නෑ.ඔහොම ඉන්ඩ ටස් ගාලා මාරු කරන් එනවා කියලා“.පැය බාගයක් විතර ගියා පොර නෑ.මම ගත්තා ෂර්ට් 3 අතට.ඊට පස්සේ නම් ඈතින් පොර මතුවුනා.

    ReplyDelete
    Replies
    1. මුං ගල් ආදෝ.. අපිට උන්ව පෙනුනේ නැතිවට උන්ට අපි කොතැන හිටියත් පේනවා...

      Delete
  15. මාරය මලයත් නොකරපු දෙයක් නැහැනෙ.සතුටුයි.
    ඒ කියන්නෙ මාතලන් ලොක්කගෙ ප්ලෑනුත් ටික ටික ක්‍රියාත්මක වෙනව.සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මාතලං ලොක්කගේ ප්ලෑන් කිරියාත්මක වෙනවා කියන්නේ අති භයානක සංසිද්ධියක් නෙව කෙන්ජි අයියේ.. උඹනං කියයි.. නිකමට හරි කියෝලා තියේද ඕකගේ බ්ලොග් එකේ උඩින්ම ගහලා තියෙන උදාන වාක්කිය.. හුහ් කෙලවෙලා තියෙයි අපිට එකෙන්ම.. :D

      Delete
  16. මම මචෝ ඕක දන්න කියන කීප දෙනෙකුටම දුන්නා. සමහර විට ඒ නිසා වෙන්නත් ඇති. ඒ නැතත් ඔය හරියේ මෙගා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යන්නේ. සමහර විට ඒ නිසා වෙන්නත් ඇති. ඇයි නැත්තං අර උඹ මුලින් කියපු ට්‍රැෆික් බ්ලොක් එක ආයෙත් පටන් ගන්නවනේ.

    ආයේ දෙකක් නෑ උඹ තෝර ගන්න ඇත්තේ නිල් පාට එක.. කැපුවත් නිල් කස්ටියනේ..

    ReplyDelete
    Replies
    1. මගේ එකේ නම්, පංචිකාවත්තෙ බ්ලොක් එකටයි. මරදානේ තවමත් තියෙන බ්ලොක් එකටයිත් සොලියුෂන් තිබුනා. මරදානේ ට්‍රැෆික් ලයිට් අවශ්‍යම නෑ..

      Delete
    2. ඊයෙනං කලර් ලයිට් ඔෆ් කරලා තිබුනේ.. හැබැයි ඉක්මනටම පාරේ අර මැද තියෙන රෙද්දවල් ගලෝලා අහක් කරන්න වෙයි.. නැත්තං මේකේ රේස් යන උන් ඒවා කෙලවර වෙන තැන්වලදී ඇණ ගන්නවා.. කොහොම හරි වැඩේ උනානං අපිට හොදයි... පුදුම සංතෝසෙකින් මං ඊයේ ආවේ වැඩේ කෙරෙන හැටි දැකලා... ඒ එද්දිම මට උඹව මතක් උනා... ඒකයි මේක ලිව්වේ.. ලියන්න ගිහින් කැලේ ගිහින් තමා මේක ඔටුව උනේ.. පස්සේ ඒකට හරියන්නම වෙනස්කං ටිකක් කරලා ගත්තා...

      Delete
  17. අද පිටකොටුව ගැන වචනයක් කතා කරනවා නම්. එදා හිටපු ගැට කපන්නන් මං කොල්ල කාරයින් ආදිය අද වෙනකොට බොහෝ සෙයින් අඩු වෙලා. මම දැන් අවුරුදු තුන හතරක ඉදලා මාසෙට දෙවතාවක් වත් පිටකොටු යනවා. නමුත් කිසිම දවසක අතුරු ආන්තරාවක් වෙල නැහැ.

    පිටකොටුව කියන්නෙ දුප්පතුන් විතරක් ඉන්න තැනක් නෙමෙයි. හිතාගන්න බැරි තරම් සල්ලි තියෙන මිනිස්සුත් ඇවිල්ලා තොගේට බඩු අරන් යනවා. පිටකොටුවෙ තියෙන එකම අවුල තමමයි වාහන අවුල.


    යන කෙනෙක්ට වාහගේ පාක් කරගන්න හරිහමන් තැනක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එදා ඒ පිටඔටුවේ ඉදල අද නේ කියන කට්ටිය දැන් ඉන්නේ මැලේසියාවේ ඔව් බොරුනම් මෙන්න මෙහෙට ඇවිත් බලන්න
      http://onemalaysiasinhala.blogspot.com/

      Delete
    2. ඔවු අමිල... සල්ලි ඇති නැති කතාවක් ඔටුවට බලපාන්නේ නැහැ.. ඒකත් අර හැම පැත්තෙන්ම එන වතුර මුහුදට එකතු උනාම ලුණු රහ වෙනවා වගේ වැඩක්... මේකේ නැති එකෙක් නැහැ.. නැති දෙයක් නැහැ.. නොවෙන දෙයක් නැහැ..

      Delete
  18. අලුත් රථවාහන සැලැස්මනං ඉතාමත් කාලෝචිත බවක් තමා පේන්න තිබුණේ පහුගිය දින කිපයට දුටු හැටියට.

    ReplyDelete
    Replies
    1. අයියලගේ මහ ගෙදර ඉස්සරහ වට රවුමත් හීනි කොරලා නේද..?

      Delete
  19. පිටකොටුවේ හිටියා බුවාලා ටිකක් නිකම් හොරෙන් වගේ පැත්තකට කතා කරලා කියනවා වරායෙන් පන්නපු ඔර්ලෝසු වගයක් තිබෙනවා, අඩුවට දෙන්නම් කියන. මුලින් ගානක් කියලා කුණු කොල්ලෙට අඩු කරනවා. එපා කියන්න හම්බු වෙන්නේ නැහැ. මුං දුන්න ඔර්ලෝසුව ආයෙ අතට ගන්නේම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය කේස් එකත් මට වෙලා තියෙනවා.. හොද වෙලාවට එදා මගේ පර්ස් එකේ උඩින්ම පේන්න මං දාං ගියේ රුපියල් සීයේ කොල දෙකක්... ගෙදර යන්න වෙන කීයක්වත් නැති හින්දා කියලා උන්ගෙන් රුපියල් පණහක් ඉතුරුත් අරං මං එකසිය පණාට ගත්තා ඔරලෝසුව... උන් ලෑස්ති උනේ මට ඒක දීලා පන්සීයක් කපන්න.. හැබැයි එකසිය පණහට පාඩු උනේ නැහැ..මං ඒක අවුරුදු පහක් විතර කරදරයක් නැතිව පාට වෙනස් වෙන්නේ නැතිව පාවිච්චි කලා.. අන්තිමට මං දැක්කා අපේ මල්ලි ඒක බැදන් ඉන්නවා... නියම ගෝල්ඩ් කලර් ඔරලෝසුව...

      Delete
  20. මාත් කාලයක් කොළඹ බඩු ගේන්න ගියා. එතකොටත් ඔය පිටෝටුව ඔහොමම තිබ්බ. හැබැයි කවදාවත් මම පේමන්ට් එකෙන් බඩු අරන් නෑ. දැන්නං ඉතිං කලාතුරකින් තමයි යැවෙන්නෙ.
    අපේ අයියකාරයෙක් ඉන්න හින්ද මැනිං මාකට් එක ඇතුලෙත් ඉඳල ඕන තරං කුණුහරුප පාඩං කරගෙන තියෙනව. :D

    අර මාතලංව පොඩ්ඩක් සෙට් කරගන්න ඕන. මිනිහ ඊළඟ නායකය උනොත් අපිටත් ඔය මොනවහරි පට්ටමක් ලැබෙන්නෙ නැතැයි. :D :D

    ReplyDelete
    Replies
    1. උඹ තෝරගත්තෙ රතුපාට මවුත්ඕගන් එක.

      මටත් හම්බඋනා රට ගිහිල්ල ආපු අපේ අයිය කෙනෙක්ගෙන් ඕව එකක්. හැබැයි ඒකනං කළු පාටයි.

      Delete
    2. ප්‍රසාලා ඉතිං අපි වගේයෑ.. ධනපති පංතියේ බුවාලා නෙව.. ඉතිං ගනීද පිටෝටුවෙන් බඩු.. :D :D :D

      උඹ කියනවා රතුළු.. මාතලං ගොයියා කියනවා නිල්ළු.. ඒ අස්සේ අර හිපාටු හර්ෂණයා කියනවා රෝසළු.. (ඌටනං කොහොමත් මඤ්ඤං හින්දා අවුලක් නැහැ) :D

      Delete
  21. මටත් ඔය ෆොටෝ එකේ තියෙනවා වගේම මවුත් ඕගන් එකක් තිබුනා. එක මේ ලඟක් වෙනකල් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මේවත් සමහර විට තාම අපේ දිහා ඇති.. මං ගෙදරින් එනකොටත් යහතින් තිබුනා...

      Delete
  22. ඒකනං සිරා ලිවිල්ල.කොටුව ගැන බොහොම පොඩ්ඩයි තියෙන්නේ ඈ...

    ReplyDelete
    Replies
    1. ලියන්න යන්නේ එකක් ලියවෙන්නේ වෙන එකක්නේ බං.. :D

      Delete
  23. හප්පා පිටෝටුව.. දවස් තුනේ නිවාඩුව නිසා සෙනඟ වැඩිවෙයි කියලා හිතුන නිසා අද උදේම මහරගමින් බස් එකකට නැංගා පිටෝටු නොයා. අලුත් සැලැස්ම නිසා වෙනදට වඩා ඉක්මනින් පිටෝටුවටනම් යන්න පුලුවන් වුනා බ්‍රහස්පතින්දා. ඒත් ඊයෙ හවස නුවරපාර ටිකක් විතර බ්ලොක් වුනාලු වෙනදට වඩා.

    ReplyDelete
    Replies
    1. තව දවස් කීපයකින් තමා බලන්න ඕන බෙහෙතේ ගුණාගුන.. එක පැත්තකින් ගොඩ යද්දි තව පැත්තකින් කෙල වෙයිද දන්නේ නැහැ.. බලං ඉමු මොකද වෙන්නේ කියලා...

      Delete
  24. හප්පේ ... පිටෝටුව ගැන බරසාර නිබන්ධනයක්ම කොටලනේ.

    ReplyDelete
    Replies
    1. යන්නේ කොහේද මල්ලේ පොල් වෙච්ච සීන් එකක් බං මේක...

      Delete
  25. හොඳ ලස්සනට ලියල තියන ලිපියක්.මට නම් හිත ගියේ අර බස් එකේ 'ඩ්‍රැයිවින් සීට් එක කිට්ටුව 'කියන කොටසටයි. මමත් ඒකාලේ බස් එකේ යනකොට ඩ්‍රයිවර් මහත්තයා ලඟින් හිටගෙනමයි යන්නේ. එහෙම තමයි මම නොමිලේම කාර් එලවන්න පුරුදු උනේ.අපරාදේ කියන්න බැහැ C.T.B. රියදුරන්ගේ විනයානුකුල බව නම් ඉතාම ඉහලයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. ඔය බලං යෑමෙන් සෑහෙන්න හොඳ රියදුරු පුහුණුවක් ලැපෙනවා.. ඒකනං ඇත්තම ඇත්ත...

      සීටීබී රියදුරෙක්ව හදන්න සෑහෙන මුදලක් වියදම් කරනවා.. මොන ලයිසන් අරං තිබුනත්.. සෑහෙන දවසක් පුහුණු කරලා..වෙනම නීතී දාලා.. සෑහෙන පොලිෂ් කිරිල්ලකින් පස්සේ තමා පාරට දාන්නේ.. කොන්දොස්තර කෙනෙකුට උනත් එහෙම තමා... ප්‍රයිවට් අංසේ වගේ පාරේ යන උන් අල්ලලා එවෙලෙම වැඩට දාන්නේ නැහැ ස්ට්‍රයික් එහෙකදී ඇර...

      Delete
  26. පිටකොටු පුරාවෘත්තය, එක හුස්මට කියවගෙන ගියා. මමත් හුඟක්ම පිටකොටු ගියෙ ගෙදර යන්න බස් එකට. ඒ අතරෙ දවසක් යාළුවෙක් ඇඳුම් ගන්න ප්‍රධාන වීදියට එක්ක ගියා. මට හොඳටම හිතේ රැඳුනෙ අර අපූරු පාරවල්. ගඩොල් අතුරලා වගෙයි මෝස්තරේ. එයින් පස්සෙ දවසක කොටුවෙ අමුතු ලෝකය බලන්න ගිහින් අහම්බෙන්ම ඕලන්ද කෞතුකාගාරයකුත් දැක්කා.

    ReplyDelete
    Replies
    1. පිටෝටුවේ ස්ටේෂන් එක ගාවට ඔටුවේ ලස්සන පේන්නේ නැහැ..ඉස්සරහා කඩ සාප්පු හින්දා.. තාමත් ඔටුවේ තියෙන ලස්සන බලන්නනං වරාය පිවිසුම පැත්තෙන් යන්න ඕන...

      Delete
  27. අපේ ටෙක් එක පැත්තෙත් වාහන තද බදේ අඩුවුණා මේ වන්වේ කේස් එක නිසා.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. ටෙක් එක කිව්වේ කොයි එකද..මරදානෙද. නැත්තං ඔරු ගොඩ වත්ත පැත්තෙද..?

      Delete
  28. ඔය වයිටයියා නිට්ටඹුවෙ ඩිපෝ එකෙත් වැඩ කළා නේද මාරෙ...

    ReplyDelete
    Replies
    1. මල මගුලක් අපේ සෙන්කෝලයට දාපු එක හැලප තුමාට වැටිල.
      අරගොල්ලො කියන විදියට ශොරි ඔදේ එලප...:).හරිය..

      Delete
    2. සමහර විට වෙන්න ඇති හැලපයියේ.. මං ඉස්කෝලේ ගිය කාලේ මෑන් දිගටම හිටියේ ගම්පහ... සමහර විට එයිට කලියෙන් හරි එයින් පස්සේ හරි නිට්ටඹු යන්න ඇති... බොහෝ විට එයිට පස්සේ...

      Delete
  29. උඹ ඉදිමෙන්නෙ නැතිව "ලොරියගෙ"කතාවෙ කොමන්ට් කරපු හැමෝටම උත්තර දීල වරෙන්.
    මේක කියවනව ඔය සෙන්කොලේ තියෙන තැනට නොගියට,එතන පුටු රත් කරල,කැන්ටිමේ බාටා සෙරප්පු සයිස් එකේ තෝර මාළු සමග එළවලු,පලතුරු බුදින අයත්.
    අර අන්තිමට කොමන්ට් කරපු අයට ඔබ මග ඇරියම,අපේ කොමන්න්ට් වලට උත්තර දීපු ඔබටත් වෙන්නෙ අපිට මග හරින්න.
    වැව් ඉස්මත්ත කොහොමද කට්ටිය එක්ක ගැවසෙන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. මොකක් කියෝනවද මංදා මේ මනුස්සයා... :D

      Delete
    2. අද නං ෙකන්ජි අයියා කලින්ම ෙදකක් දාගන ව ෙග්

      Delete
    3. ඇයි අනේ එහෙම කියන්නෙ, කෙන්ජි අයියා ඔය සෙන්කෝලයා මල්ලිට උපදෙස් දීලනේ. හැබැයි වැරදි තැන කමෙන්ට් එක වැටිල තියෙන්නෙ. ටිකක් දවාලියෙන් දැම්මනම් හරි තැනට දාගන්ට තිබුන මයෙ හිතේ. :D

      Delete
  30. අඩේ මාතලන්ට ජනාධිපති උපදේශකමක් වත් හම්බුවෙයිද දන්නෑ.. මං අන්තිම කෑල්ල කියවන්න කලින්ම අපේ මහත්තයට කිව්වා අන්න මාතලන්ගේ ට්‍රැෆික් මැප් එක මරදානට ඇප්ලයි කරලා වගේ කියලා... මෙන්න මාරයියත් ඒකම කියල අන්තිමට... හි හි...

    ReplyDelete
    Replies
    1. මාතලංට දැනටම විපස්ස නායක උපදේශක කොමනං හම්බ වෙලා තියෙන්නේ... හැබැයි වෙන මනුස්සයෙක් විපස්ස නායක උනානං මාතලංට තිබුනා උපදෙස් දීලා ආණ්ඩුවක් අරං දීලාම ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න... ජාතියේ පවට හෝ පිනට දැන් ඉන්න විපස්ස නායක අයියා මල් මසුරං... මාතලං නෙවෙයි කවුරු උපදෙස් දුන්නත් නො හෙල්ලුං..පොල් මැල්ලුං.. බුවා සදාදරණීය විපස්ස නායකම තමා.. :D

      (දැන් ඕකා එයි ගිනි කබල අරං.. මං මාරු...)

      Delete
    2. පිස්සුද බන්... ඇත්ත කිව්වම ... හිනා වෙලා නිකා ඉන්නවා මිසක්..

      Delete
  31. කාලීන සටහන්. මමත් මගේ මතකය දිගේ ඔටුව - පිටෝටුව දැන හඳුනාගත් කාලය වෙත ආපසු ගියා. 1968 - 69 විතර කාලයේදී තමයි මම ඔටුව පිටෝටුව ගැන මූලික දැනුමක් ලබාගත්තේ. මෙවැනි සටහන් වල වටිනාකම වැඩිවෙන්නේ තවත් කල්ගියාමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  32. අම්මපා මාරයියෙ ඔය වාහන තදබදේ ඇත්තටම අඩුවෙලාද? ඒකනම් ඇත්තටම හොදයි. මං ගාල්ලෙ වැඩ කරන කාලෙ පිටඔටුව හරහ මාසෙට දෙපාරක් එහා මෙහා ආව ගියා නොවැ. ඒ කාලෙ මං පිටඔටුවට එන්නෙ පුළුවල් තරම් රෑ වෙන්න. වෙන මුකුත් නෙමෙයි ඔය තදබදේ හින්දමයි. ලගදිනම් පිටඔටුව පැත්තෙ එන්න බැරිඋනා උවමනාවක් නැති නිසා.

    ReplyDelete
  33. ඔය බස් ලෝඩ් කරන්න කෑ ගහන එක තමයි මට පේන්නම බැරි. බස්වල ඉස්සරහයි, පැත්තෙනුයි, පිටිපස්සෙනුයි තඩි බෝඩ් තුන හතරක් ගහලා තියෙද්දි, තව කෑ ගහනවා. දවසක් පිටරට මිනිහෙක් කිව්වා “උඔලාගේ රටේ සාක්ෂරතාව ලෝකයෝ හොඳම දියුණු රටවල ගාණට තිබ්බත් මිනිස්සුන්ට දෙයක් කියවන්න පුළුවන් වුනත් කියවන දේ තේරුම් ගන්න බැහැ නේද“ කියලා.

    ඇයි කියලා ඇහුවාම දුන්න උත්තරේ තමයි ලෝඩ් කරන බස් එකක් පෙන්නපු එක

    ReplyDelete