24 July 2013

කෝ අර අපේ දකුණේ පින්වතුන්..?

ඔය අපේ මූණු පොත තියෙනවා නේද..? ඒ කිව්වේ ෆේස් බුකිය.. ආන්න එකේ නිතර දකින්න තියෙන දෙයක් තමා කස්ටියක් හෙන ගැම්මෙන් කියනවා “අපි දකුණේ පොරවල්“ කියලා... හම්මේ බලන්න එපෑ එහෙම වෙලාවට දකුණ අහලින් පහලින් යන අයියලා මල්ලිලා අක්කලා නංගිලා සැට් පිටින් එකතු වෙලා තමුන්ගේ එකමුතුකොම පෙන්නන උජාරුව...

ඔය දකුණේ කස්ටිය කල්ලි කැහෙන එක බුකියේ විතරක් නෙවෙයි මං ඒ රස්සාවල් කොරපු බොහෝමයක් තැන්වල දකින්න තිබුන දෙයක්... විශේෂයෙන්ම හමුදාවේ පොලොසීයේ වගේ වැඩි පිරිසක් එක තැනක එක්කාසු වෙන තැන්වල... හැබැයි ඉතිං ඇත්තටම දකුණෙන් ආව හුග හරියක් බුවාලා අපරාදේ කියන්න බැහැ ලෝක අංකූරෝ... :D හැබැයි ඒ වගේම තමයි මොකක් හරි කොරන්න ගත්තොත් පණ ගියත් වැඩේ කොරන්නත් දස්සයි... ඒ කාලේ මංතුමා ඔය කුරුළු හමුදාවේ ඉන්න කාලේ අපේ බිලට්වලත් ඔය එක් එක් ප්‍රදේශවලට අනුව ගැහිච්ච කල්ලි කණ්ඩායම් තිබුනා... අපේ සැට් එකේ තුන් හාරසීයකගේ ලිපි ලේඛන කටයුතු අනං මනං වැඩි හරිය මගේ බාරේ තිබුන හින්දා මාත් ඔය කල්ලි සීන් එකට වැඩි විරෝධයක් දක්කන්න ගියේ නැහැ.. මොකද කියනවනං එකමුතු වෙලා ඉන්න උන් පාලනේ කොරනවට වඩා බෙදා වෙන් කොරලා පාලනේ කරන එක හරි පහසුයි නෙව.. :D

ඉතිං ඒ හින්දා මුංදලා වෙන වෙනම ප්‍රාදේශීය සැට් හැටියට එක්කාසු වෙද්දී මං කලේ ඒ ඒ සැට් වලට වැඩ රාජකාරි බෙදා දීමත්... ඒ ඒ කණ්ඩායං අතර තරඟයක් නිර්මාණය කරලා වැඩ ටික උපරිම හොඳින් කරගැනීමත් තමා... ඕක බොහෝම සාර්ථක ක්‍රමයක් වැඩ කරන්න උවමනාවක් තියේනං.. හැබැයි ඒ වගේම තමයි වැඩකට..තැනකට කෙලවගන්නත් ඔය බෙදීමම ඉවහල් වෙනවා උඩින් ඉන්න එකාලට වැඩ කිරීම ගැන හැබෑ උවමනාවක් නැතිනං... හැබැයි මංනං ගොඩ ගියා...

ඉතිං මං මේ කියන්න ගියේ දකුණේ සැට් ගැනනේ... ඇත්තම කිව්වොත් ඔය අපේ බල ඝණයේ හිටිය උන්ගෙන් නුවර අප්පොලා ටික.. ඇඹිළිපිටියේ මල් කුමාරලා ටික... කුරුණෑගල ඉබි සැට්එක..අනුරාජපුර ගොබිලෝ ටික..අම්පාරේ ගල් බිල්ලෝ ටික වගේම දකුණේ අංකූරෝ සැට් එක වගේ කල්ලි කිහිපයක්ම හිටියා... ඔතැනින් සමහර කල්ලි බොහෝම හොඳයි.. විස්සාස කරලා වැඩක් බාර දුන්නැකි.. සමහර උන් ඉන්නවා රටේ ඇම්ඩන්ලා.. සමහර විට මේක කිව්වාම කට්ටියක් මාත් එක්ක තරහා වෙන්නත් ඇහැකි.. ඒත් ඉතිං කට කෑවත් කියහං පුතා ඇත්ත කියලනේ අපිට උගන්නලා තියෙන්නේ... ඒ හින්දා ඔහෙලට කියඤ්ඤං... ඔය සැට් අතරින් නුවර උන් වගේ ඇග හොරු.. කම්මැලි... වැඩක් නොකරන සහ වැඩක් කරන උන්ටත් වැඩක් කරන්න නොදෙන... නිවාඩු ගැන විතරක්ම ඇහැ ගහගෙන ඉන්න වෙන කිසිම ගොබිලෝ ටිකක් මං දැකලා නැහැ... (හරි ගන්න නුවර අයියලා මල්ලිලා කැති පොලු...)

ඒ වගේමයි ඔතැනින් බොක්ක ගලවලා අතට දෙන්න ඇහැකි විස්වාසවන්තම බුවාලා තමයි දකුණේ... නෑ නෑ වැරදියට හිතන්න එපා.. දකුණේ සැට් එක නෙවෙයි.. ඇතත්ම කිව්වොත් හොඳම කොල්ලෝ මං දැක්කේ ඇඹිළිපිටිය පැත්තෙන් ආපු උන්... එච්චර මනුස්සකං තියෙන.. කිව්ව වචනයක් වෙනුවෙන් පණ උනත් දෙන සැට් එකක් මට මේ ජීවිතේට ආයේ හම්බ වෙලා නැහැ... වලියකදී.. අසාධාරණයකදී අනිකව මරාගෙන කන්න උනත් ලෑස්ති උනාට හිත හොද එවුන්ට පණ උනත් දෙන බොහෝම අහිංසක කොල්ලෝ තමයි ඔහෙන් ඇවිත් හිටියේ...

ආන්න ඇඹීළිපිටිය තැණමල්විල..මොනරාගල පැත්තෙන් ආව ඒ සැට් එක අතෑරියාම විස්වාසයක් තියන්න ඇහැකි හොදම සෙට් එක තමා දකුණු ලකෙන් ආව උන් ටික...
රයිටෝ.. මෙව්වා කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න කාරි නැහැ.. පොලෝසියේ රාජකාරි කොරද්දිත්.. හමුදාවේ රාජකාරි කොරද්දිත් මට හම්බ උන සිය ගානක් උදවිය එක්ක ඉදලම තේරුං ගත්ත හැබෑ කාරණා මෙව්වා...

හරි එතකොට කට්ටිය අහයි කෝ බස්නාහිර..එහෙම නැත්තං කොළඹ ගම්පහ උන් කියලා...

ආ උන් ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි... රටේ අනිත් පළාත්වලට සාපේක්ෂව ගත්තම බස්නාහිර පළාතෙන් හමුදාව පොලිසීය නියෝජනය කරන්නේ බොහෝම අල්පයයි... කොටින්ම කියනවනං අපේ ඔය 98 කොස් එකේ හිටිය දාහක් වගේ පිරිසෙන් බස්නාහිර පළාතෙන් හිටියේ නැහැ තිහක්වත්... හිතා ගතෑකිනේ බස්නාහිර පළාතේ නියෝජනය කොහොමද කියලා... :D

ඊළග පුරස්නේ..

එතකොට ඒ ගිය උන් ටික හරි කොහොමද..?

ආ උන්ද.. ඒ කිව්වේ මේ මං වගේ උන්නේ.. උන් ඉතිං රටේ හැමදාමත් වෙනවා වගේ අර හිටිය පිරිස අතරේ පරිපාලන වැඩට සැට් වෙනවා.. ඒ කිව්වේ මේ මං වගේම තවත් කිහිප දෙනෙක්ම සැට් උනේ පිරිස ඔය ඇඩ්ඩිං වැඩවලට.. :D ඒ ඇර උන්ගේ වෙනම කල්ලියක් නැහැ.. මොකද උන්ගේ අර පිට පළාත්වල උන්ගේ වගේ එකමුතුවක් ඇත්තේ නැහැ.. කොහොමම හරි උඩ පුටු ටික අල්ලගෙන වැජඹෙනවා ඇර.. :D

ඕක තමා සැබෑ යථාර්තය මේ ලංකාවේ පවතින.. :D :D :D
-------------------------

හරි ඒ කතා අවසානයි.. මං මේ මාත්තුරුකාව දැම්මේ වෙන එහෙකට නෙවෙයි.. දකුණේ කස්ටියනේ පුළුවන්නං පොඩි උදව්වක් බලාගෙන... ඇත්තටම උදව්ව මටත් නෙවෙයි අපේ තවත් බ්ලොග් කරුවෙකුට...

බ්ලොග් කරුවා ඔබ කවුරුත් දන්නා හදුන්න... පස්සා දොර ලියන චාර්මියා.. ඔව් ඔව් අර ඇන් ජී ඕ එකකින් ලිපියට ඩොලර් 10 ය ගානේ අරං ලියන හාදයා තමා.. :D (ඔන්න මං නෙවෙයි ඕකමයි මට ඒක කිව්වේ..)

හරි විහිළු කොලා ඇති.. මේක ඇත්තටම රියල් කේස් එකක්... චාර්මියා ජීවත් වෙන හලාවතට ආසන්න පැත්තේ ඉන්න දුප්පත්..වයසක.. අම්මලා තාත්තලා පිරිසක් වන්දනාවේ ගෙනියන පොඩි පිංකොමක්... ඕකා ඕක මට කියලා දැන් සෑහෙන දවසක්... ඒත් ආයේ මගේ මතකේ අළුත් උනේ මේ අද දාපු පෝස්ට් එක හින්දා... ඒක බලලා ඉතිං මං කල්පනා කොලේ මට මොකක්ද කොරන්න ඇහැකි දේ කියලා මේකට... දකුනේ උනානං මොනවා හරි කොරලා මේකට උදව්වක් කොරන්න තිබුනා.. ඒත් මං ඉන්නෙත් කොළඹ නෙව... ඉතිං මට ඇහැකි විදියට කවුරුම හරි පින්වතුන් පිරිසක් මේකට යොමු කරවන්න පුළුවන්ද කියලා බලන්න මගේ දුකට සැපට සනී වගේ ඉන්න මේ බ්ලොග් කටුවේම මේක ලියලා දාන්න හිතුවා...

කාරණාව මෙහෙමයි... බුවා සහ තවත් කිහිපදෙනෙක් එක්කාසු වෙලා වයසක පිරිස 60ක් විතර සැරෙන් සැරේ වන්දනා ගමන් එක්ක යනවා.. වෙදනා තනි දවසේ උනත් මේ පාර දවස් දෙකක් හෝ තුනක් වෙන්න ඉඩ තියෙනවා.. කට්ටිය යන්නේ දකුණු පළාතට.. ඉතිං මේ හැට දෙනාට නවාතැන් ගන්න කොහේ හරි සාලා පහසුකමකුයි.. ඒ ඇත්තන්ට කෑම බීම සපයා දෙන්න පින්වතුන් පිරිසකුයි තමා උවමනා කොරලා තියෙන්නේ...

දිනේ ගැන මටත් හරියටම කියන්න බැහැ..චාර්මියාගෙන් ඇහුවාම දැන ගතෑකි... පොඩ්ඩක් දකුනේ කට්ටිය බලන්න මේ වන්දනා නඩේට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලා... හැටක් වගේ කියන්නේ ගෙදරක නවත්තගන්න අමාරු හින්දා ජල පහසුකං වැසිකිලි පහසුකං තියෙන පන්සලක ශාලාවක්.. ඉස්කෝලෙක ගොඩනැගිල්ලක් වගේ දෙයක් සපයා දෙන්න ඇහැකිනං.. ඒ වගේම කවුරු කවුරු හරි එකතු වෙලා මෙයාලට කෑම වේලක් දෙන්න විදියක් හදා දෙන්න පුළුවන්නං.. මං හිතන්නේ ඒක ලොකු පිංකමක් වෙයි... ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි... අද කාලේ මිනිස්සු දන්සැල්වලට තොරණ්වලට වියදං කරන මිල මුදල්වල හැටියටයි.. ඒවෑයින් ඇත්තටම පිනක් සිද්ධ වෙනවද කියන කාරනෙයි සලකා බැළුවම මේක ඒ හැටියට වියදමක් යන දෙයක් නෙවෙයි.. ඒ වගේම පින් දහං පැත්තෙන් ගත්තාම කිසිම අඩුවක් පාඩුවක් නැති පින්කමක් වෙන දෙයක්...

මෙන්න චාර්මියාගේ පෝස්ටුවට ලින්ක් එක.. ගිහින් ඒකා කියන කතාව කියෝලා බලලා කරන්න පුළුවන් දෙයක් තියේනං කරන්න බලමු...

---------------------
(ටික කාලෙකට නුවර පැත්ත පළාතේ නොයමි..ඕ යේෂ්.. :D)

15 comments:

  1. චර්මි කරන්නේ ඉතා හොඳ වැඩක්. අගේ කල යුතුයි.

    (අඩෝ අහුවෙන්ට එපා කුරුණෑගල උන්ට මොනා හරි කියලා හරිද ? :D )

    ReplyDelete
  2. දකුණ දකුණ කියලා බලන් හිටියොත් ඕක වෙන්නෙ නෑ බන්
    හොයල බලහන් කීයක් හරි එකතු කරල ඔය අවශ්‍යතා ටික සම්පූර්න කරල දෙන්න පුලුවන් විදිහක්.

    ReplyDelete
  3. ර්‍රර්‍රා යිට් ඔකෙ බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.අපො නුවර උන්ද මුන් තරම් ලෑජ්ජ නෑති වෑඩ කරල නොකරවගෙ ඉන්න ජාතියක් මට ජිවිතෙට හම්බ වෙලා නෑ.එ උනාට ඉන්නෙ පට්ට ලොකු එකෙන්.කොහොමත් අර්ධ ශුශ්ක කලාපෙ මිනිස්සුනම් මාර සන්වෙදියි.

    ReplyDelete
  4. සිරාවටම හොඳ වැඩක්. ඒ අහිංසක මිනිස්සුන්ගේ හිත හරි පිරෙනවනෙ .. පානදුරෙන් එහා අයට බාරයි වැඩේ.. ( මොකද පානදුරෙන් එහා ඉඳන්ම ඔය ඌශේනේ තියෙනවා )

    අපිත් බෙන්තරින් එහා මිනිස්සු තමයි හරිය ? අපි බලමු ඇත්තටම ඔය පළාතේ පදිංචි අය උදව් කරාවි.. නිකිණි පෝයට නේද ඕනේ කරන්නේ තැන් ...?

    මාත් හොයලා බලන්නම් , ඔක්කෝටම කළින් කියන්න යන එන තැන් ...? ( වන්දනා කරන තැන් )

    ReplyDelete
  5. මාරය දකුණෙ උන්ට ඔළුව අතගාලා ටොකු ඇනලද මන්ද. හෙළා දකිනව, අරී..........

    දකුණෙ කිව්වට මගේ හිතේ වැඩියම වැඳපුදාගන්න තැන් නම් තියෙන්නෙ වෙහෙරහේනෙන් පස්සෙ ඔය දික්වැල්ලෙන් එහෙම එහා වෙන්ටෝන. වෙහෙරහේනෙ නම් ලොකු පිරිසකට නවතින්න පුළුවන් විශ්‍රාමශාලා පහසුකම් තියෙනවද කොහෙද.

    ReplyDelete
  6. ඇයි බං ඇඹිලිපිටියට ටිකක් මෙහා අපිත් දකුණෙ තමයි. :D

    ReplyDelete
  7. යකෝ..! අර කිව්වත් වගේ මුන්ගේ සහයෝගේ බලහල්ලකෝ.
    චාමියත් දෑත ශක්තිමත් කොළා එහෙනම්. ;)

    ReplyDelete
  8. හොඳම කොල්ලෝ මං දැක්කේ ඇඹිළිපිටිය පැත්තෙන් ආපු උන්... එච්චර මනුස්සකං තියෙන.. කිව්ව වචනයක් වෙනුවෙන් පණ උනත් දෙන සැට් එකක් මට මේ ජීවිතේට ආයේ හම්බ වෙලා නැහැ... වලියකදී.. අසාධාරණයකදී අනිකව මරාගෙන කන්න උනත් ලෑස්ති උනාට හිත හොද එවුන්ට පණ උනත් දෙන බොහෝම අහිංසක කොල්ලෝ තමයි ඔහෙන් ඇවිත් හිටියේ...

    අප්පොච්චියේ.. මම ගියපු උඩ.... චාහ්.. ආඩ්ම්බරේ බැහැ.. . මාත් අමබිලිපිටියේ.. ඔය කිලෝ මීටර් බර ගණන් ඈත නෙවෙයි ඈ.. කෙලින්ම ඇඹිලිපිටියේ..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් නවතන් පහසුකම් ගැන බලන්නන්... මම කල්පනා කරේ මොකද මේ .. මාරයා ඇඹිලිපිටියේ කොල්ලොන්ට බටර් පාර ගාන්නේ කියලා :P :v හිටින්න බලමු..

      Delete
  9. මොකද බොල කුරුනෑගල අපට ඉබ්බෝ කිවේ. අපි හොඳ හැන්ඩ්සම් කොල්ලෝ. හිත හොඳ බුවා ලා..
    ඉබ්බා ඉබ්බා ගාන්න එපා කොටනවා. :D

    ReplyDelete
  10. ඔය කතා කරලා තියෙන්නේ බහුතරය ගැන. ඔය ඕනෑම පළාතක ඕනෑම ජාතියක අයත් ඉන්නවා. ඒ වුණාට අපිත් දකුණේ.

    ReplyDelete
  11. දකුණෙ මිනිස්සු හරි එකමුතුයි.. බොරු පම්පෝරිය නෑ..

    ReplyDelete
    Replies
    1. මාතර බෝධිය එක්ක නම් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.. ඒත් උදව්ව ඉල්ලල තියෙන විදියට එපාම උනා

      Delete
  12. මේ පොස්ට් එක මම දැක්කේ නැ....

    ReplyDelete
  13. කැම්පස් වල තත්වෙත් ඕකම තමයි (කටුබැද්ද ගැනයි කියන්නෙ, අනික්වත් එහෙම ඇති)... බස්නාහිර පලාතෙන් ආපු උන් එච්චර එකමුතු නැහැ (මාත් එයින් එකෙක්)... ඔක්කොම ගැටි තියෙන්නෙ වෙන පලාත් වලින් ආපු එවුන්... ඒ ගැටි වල හොඳත් තියෙනවා නරකත් තියෙනවා... මං දැකල තියෙන තරමින් ඔය කොයි පලාතෙත් හැම ජාතියෙන්ම උන් හොයා ගන්න පුලුවන්...

    අපි අයිති වෙන්නෙ මොන පලාතටද කියන එක ගැටලුවක්... අපි දකුණේ කියන ගොඩ දෙනෙක් ගෙ අම්මල තාත්තල තමයි දකුණේ... මං ඉපදුනේ බස්නාහිර, අම්මල තාත්තල දකුණේ, ඊට පරම්පරා දෙකක් කලින් නුවර පැත්තෙ ලු... මං හිතන්නෙ රටේ ඔක්කොමල්ල එහෙම තමයි කියලා, රවුමෙන් හැමෝම හැම දිහාවකටම සම්බන්ධයි...

    :)

    ReplyDelete