27 July 2013

සමු ගැන්ම...

කිඳුරිදු ඔබ විය ඈත අතීතේ...
රජ හී පහරට ලය දී මියැඳුනු..
එදා පටන් මේ වන තුරු භවයේ..
ආවෙමු එක් වී යුග යුග ගණනේ..

වෙන් වී යන්නට යලි නොඑනා සේ..
අද දින අප හට සිදු විය මෙලෙසේ..
යුගෙන් යුගේ ආ මේ දුරු භවයේ..
අවසන මේ ලෙස වෙන් විය යුතුවේ..

දරු දන් දුන්නට වෙසතුරු භවයේ...
කිසිදු ලෙසින් නැත මා වෙර බැන්දේ..
පෙරුමන් පුරමින් බුදු බව පැතුයේ...
ඔබගේ අභිමන් අද පල දැරුවේ...

හිමියනි මෙතුවක් ආ මේ සසරේ..
වරදක් දැන දැන නැහැ මා කෙරුවේ...
යන්නට අවසර දෙනු මැන සුහදේ...
අවසන මෙය වේ අපගේ ගමනේ...

-------------
අනන්ත වූ භව කතර පුරා එක්ව බැඳී ආ ඇය..
අවසන භද්ද කච්චායනා යන නමින් සසර අවසන් කෙරුමට පෙර ඒ බව සිය භව සහකරුවානන් හට දන්වා පිටව යන මොහොත ගැන තවත් කෙනෙකු විසින් කල දෙසුම අසනා කල හිතේ ඇඳුනි මේ පද පෙල...

31 comments:

  1. ගොඩක් කල් ඉදන් මේ පැත්තෙ ආවට අද තමා කමෙන්ට් එකක් දාන්නෙ. ඇත්තටම හරි ලස්සනයි. මාරයගෙන් දැකපු ආදරණීයම කවි පෙලක්............... එළ..

    ReplyDelete
  2. ගීයකට නියමයි මචෝ.. කාළෙකින් උඹගේ සුපිරි කවි පන්තියක් කියෙව්වේ. ඉස්සර උඹ ළියපු ඔක්කෝම මල් මසුරන් කවි...

    ReplyDelete
  3. හ්ම්..ලස්සනයි..
    ජයවේවා..!!

    ReplyDelete
  4. පස්ට කවි සෙට් එකක් නේ...සරලයි සුගමයි. රිද්මයානුකූලයි අර්ථාන්විතයි.

    ReplyDelete
  5. කියන්න ඕන දේ මාතලන් නලින් අයියා කියලා තියෙන්නේ ආගේට

    ReplyDelete
  6. කවි ටිකනම් නියමෙටම තියෙනවා.දිවුල්ගනේගේ “ලා දලු බෝපත්“ ඇහුවා වගේ තමයි...

    ReplyDelete
  7. මාරයි.පළමුවරට ඔබගේ කවි කියෙව්වෙ.හරිම සරලයි.

    ReplyDelete
  8. කවිටික ලස්සනයි.

    ඌරුමස් එක්ක මොකවත් පාවිච්චි කළාද?

    ReplyDelete
  9. මම මේක මගේ මිතුරු නදීක ගුරුගේට යැවුවා.. අවශ්‍ය නම් භාවිතා කරන්න කියලා... ඒ වගේම අයිතිකාරයා සම්බන්ධකර දෙන්නම් කියලා...
    බලමු මාරයා ගීත රචකයෙක් කරන්න පුළුවන් ද කියලා...

    ReplyDelete
  10. මු ඇත්තටම් මාරයද බන් ????

    ReplyDelete
  11. මේ දවස්වල කවියෙන්ම වගේ රන් එක

    ReplyDelete
  12. මේක මාර කවිසරණිය කියා නම් කරමු.

    ReplyDelete
  13. ලස්සන කවිපෙළ මාරයෝ,උඹේ කවියා මෙච්චර කල් කොහෙද හිටියේ

    ReplyDelete
  14. ලස්සන පද පෙළ. ඊයෙ බණ ඇහුවද?

    ReplyDelete
  15. එකපාරම නියම ශාස්ත්‍රීය ලියවිල්ලක් හිතට ආවේ කෙහොමෙයි? ලස්සනම ලස්සනයි

    ReplyDelete
  16. මම මේ මාර කවියක් රස වින්දාමද මන්දා ....හරිම රසවත් ..

    ReplyDelete
  17. ඔය කූට මාර උපක්‍රම... අහුවෙනවනේ ඉතින් ඕවට ^_^

    රාජ සම්පත!!!

    ReplyDelete
  18. එල.. කාලෙකට පස්සෙ උඹේ කවියක් කියෙව්වේ... බණකුත් අහලා, පිරිත් පැනුත් බීලද කොහෙද :) විරිතක් ඇතුව දැන් කවියක් ලියන්නේ එහෙමත් එකෙක්...

    ReplyDelete
    Replies
    1. පිරිත් පැන් නැතුවනම් මෙහෙම ලියන්න අමාරුයි.බොක්ක දිග ඇරිලා ආපහු රෝල් උනා.හරිම ලස්සනයි.බලපන් අපිට අයනු ආයනු ලියාගන්නවත් බැහැනේ පිරිත් පැන් නැතුව.

      Delete
  19. පුහ්.. මූ මාර භාණ්ඩයක්නේ..

    ReplyDelete
  20. ඔයා මාරයිනෙ මාරයියේ... අනේ ඇත්තටම හරි ලස්සනයි කවි පෙළම.. :)

    ReplyDelete
  21. හැම දෙනාටම බොහෝම ස්තූතියි... ඇත්තටම මේ කවි ටික ලියන්න හේතු උන ඉංගිරිසි කැලෑසියේ ගුරුතුමාටත් බොහෝම ස්තූතියි.. මෑන් වැල් බයිලා කිය කිය උගන්නන අතරේ විනාඩි දෙකකින් විතර යසෝධරාව සසර පුරාවට බොහෝම ඉවසීමෙන් යුක්තව ඇවිත් අවසානයේදී රහත් වෙලා පිරිනිවන් පාන්න අවසර ගන්න එන තැනට එනකල් කිව්ව වෙලේ මං හිතින්ම කවි පද ටිකක් හදා ගත්තා..(ඉතිං කොහේද ඉංගිරිසි ඉගෙන ගන්නේ..ඒ ගිහිල්ලත් වෙන මගුල් හිතද්දී.. :D)

    හැබැයි ගෙදර ඇවිල්ලා දවසක් යනකල්ම මට ඒ ටික ලියන්න උනේ නැහැ... එක පාරට මහ රෑ ලියන්න හිතද්දී ඒවා අමතකයි.. ඒත් ඔහේ ලියං යද්දි ලිය උනේ මේ ටික...

    අගය කල සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි.. ඒ වගේම ඇලයියටත් විශේෂයෙන්ම ස්තූතියි...

    ReplyDelete
  22. කවියකට වඩා ගීතයකට අපූරුයි මලේ..

    ReplyDelete
  23. මේක කියවනකොට මට මතක් වුනා කාලෙකට ඉස්සර ඉස්කෝලෙ 10 පන්තියට 'ධීවරී ගීතය' කවි පෙල කියා දෙන වෙලාවෙ ළමයි කඳුළු සලපු හැටි... බොහොම සංවේදී අත් දැකීමක්... මටත් හිතෙනවා ගීතයකට සුදුසු පද වැළක් කියලා. ටික දවසක් ඔහොමම තියෙන්න ඇරලා, අමතක වෙනකම් ඉඳලා, ආයෙ පොඩි editing පාරක් දාන්න...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ධීවරී ගීතය ලියද්දි කවියා යසෝදරාවතේ කවි පාදක කරගෙන තියනව කියල (ඕලෙවල් කරද්දි ලිවුවට පස්සෙ මෙහෙම පේලියක් ලිවුවමද මන්දා)

      Delete
  24. බන අහද්දි මෝල චාජ් උනාම මේ වගේ කවි පංති බිහිවෙන්න පුලුවං

    ReplyDelete
  25. කවිටික කියෝලා කමෙන්ටුවක් දාන්න ඕනෑමයි කියල හිතා හිටියට වැඩේ කල්ගියා . ඇත්තටම වටිනා කවි පෙළක් .මාර කවියක් කියෙව්වේ කාලෙකින්

    ReplyDelete
  26. අගෙයි මාරයානෙනි අගෙයි

    ReplyDelete