05 July 2013

කන්‍යාපටල සැත්කමෙන් උදාවන කාන්තා නිදහසේ පෙර ගමන...

මේක මේ එක පාරටම ලියන්න හිතුනේ බුකියේ ටිකක් සැරි සරන කොට මේ දැන් දැකපු දෙයක් හින්දා...

කෙටියෙන් කිව්වොත් එකේ තිබුනේ 

“කඩා ගන්න දැන් බය වෙන්න ඕන නැහැ“ 

කියලා... 

මං ඉතිං එයින් එහාට කියවන්න ගියේ නැහැ... මට තේරුනේ  ඉතිං සරලව පැහැදිලිව කිව්වොත් කන්‍යාපටලය කඩා ගත්තට දැන් බය වෙන්න දෙයක් නැහැ සැත්කමකින් ඒක හරි ගස්ස ගතෑකි වගේ දෙයක් තමා... (ඔයිට වඩා මොකට ඕවා තේරුං ගන්න මහන්සි වෙනවද..?)

ඒත් ඇත්තටම මගේ හිතේ කල්පනාව ආවේ ඒ වෙලාවේ මේකත් අර අපේ සූරියප්පෙරුම මාමා කියනවා වගේ...

“ආශ්චර්යක්නේ හසන්ත මහත්තයෝ“ වගේ තමයි...

දැන් බලන්නකෝ මේක මේ මං විහිළු ටයිප් එකෙන් කියලා දැම්මට.. මේක ඇත්තටම කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තම පුදුමාකාර වටිනා කියන දෙයක්... 

ඇත්තටම කිව්වොත් වෙන්න ඕන ඔය කන්‍යාපටලය ගැන හොයන්නේ නැති සමාජයක් බිහිවෙන එක උනත්..ඒක අපි හිතන තරං මෑත කලෙකදි සිද්ධ වෙන දෙයක්නං නෙවෙයි... අතීතේ හිටියේ හණ මිටි කාරයෝය.. ඒ හින්දා උන් මේක හෙව්වය... ඕවා හොයන්නේ නූගතුන්ය... මෝඩයෝය.. කියලා ෂේප් වෙන්නත් හැටියක් නැත්තේ අපේ නවීන කියන අයියලාගෙන් බහුතරේ තාමත් ඔය කොහොම කිව්වත් ඕක හොයනවයි කියන එක රහසක් නොවන හින්දයි... මේක පිරිමින්ට විතරක් බාර දීලා නිකං ඉන්න හැටියකුත් නැත්තේ පිරිමි ගානටම ඕක හොයන්නේ ගෑණූ අයම වීමත් නිසයි... ඒ තමා බඳින ජෝඩුවල මනාල පාර්ශවේ මෑණියන්ගෙන් පටන් ගත්තම නැන්දලා පුංචි අම්මලා සෙට් එක..

බොක්කට කෙලින් කතා කලොත් පිරිමි අපට ඔය කොහේ උනත් රිංගලා ඕන වත්තක අලයක් හිටෝලා.. ඇවිත් අන්තිමට දෙයියනේ කියලා කසාඳයක් බැඳගෙන ඒ වෙනකල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කොල වටින කියන කුල කුමාරයෙක්ය කියලා ඉන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි..

ඒත් කාන්තා පාර්ෂවේට ඕක එහෙමටම ලේසි නැහැ... නිකමට හරි කාට හරි අලයක් හිටවන්න දුන්නා වගේ නෙවෙයි එයින් පස්සේ ඉතිං වත්තේ අල ගලෝපු මාක් එක හිටිනවා.. ඒකත් හා කියමුකෝ.. සමහර වෙලාවට අල නොහිටවාම වත්තේ ඔය අල හිටෙව්වේ නෑමය කියන මාක් එක නැති වෙලාවලුත් තියෙනවා කියමුකෝ... එහෙම උන්දලට ඉතිං අබ සරණයි... අල හිටෝලා බැනුං අහන එක එකක්.. අල නොහිටවාම අපවාදයක් අහන්න වෙන එක කොයිතරංනං අසාධාරණයක්ද..?

අනිත් එක මේ අල හිටවන එක මහා අපරාධයක්ය කියලා හිතන්න ඕන කාලයක් නෙවෙයි නෙව.. ඒකත් මේ මනුස්ස ජීවිතේ කනවා බොනවා නානවා වගේ තවත් එක සාමාන්‍ය කිරියාවක් විතරයි.. ඒත් අපේ උන්දලා මේක මහ අපරාධයක්ය..අරකය මේකය කියලා මනුස්ස ජිවිතේ තවත් උවමනා කරන අංශයකට අනිත් කිසිම දේකට නැති තරමේ නීතී රීති හැට හුට හමාරක් දාගෙන... අනිත් උන්ට හොරා පුළු පුළුවන් විදිහට ඒ නිති අස්සෙන් රිංගලා තමුන්ගේ කාරියත් කරගෙන අනිත් උන්ගේ රෙද්ද බලන්නම නෙව ට්‍රයි කරන්නේ...

ඉතිං ඔය කාරියෙදී ස්භාවධර්මයා විසින්ම පිරිමින්ට අයුතු වාසියක් දීලා තියේ... ගෑණුන්ට තද බල අසාධාරණයක් කොරලා තියේ... හරිනං හැම දේම හැමෝටම සාධාරණ වෙන්න එපෑ මං අහන්නේ... 

ඉතිං ඒ අසාධාරනේ නැති කරන්නනං තියෙන්නේ ඔය උලව් පටලේ එක්කෝ හැම එකාටම නැති වෙලා යන්න ඕන.. නැත්තං ඕක හොයන එක නවත්තලාම දාන්න ඕන... ඒ දේවල් පෙනෙන තෙක් මානයකවත් නැත්තං ඉතිං හොඳම දේ තමා ඔහොම සැත්කමක්වත් පහසුවෙන් කොරගන්න ලබෙන එක.. ඒකත් ඉතිං සීයට සියක් සාධාරණ දෙයක් නෙවෙයි.. ඒත් කාලයත් එක්ක ඔය සැත්කම සුලභ උනාට පස්සේ ඕක හොයන්න බලං ඉන්න උන්ට උනත් ඕක බලලා ඇති වැඩක් නැහැ කියන තැනට කල්පනා වෙයි නෙව... එහෙම බැළුවම වක්‍රාකාරයෙන් හරි මෙහෙම දේවල් හරහා අනාගත කාන්තාවන්ගේ අල හිටවන ගලවන අයිතියට සාධාරණයක් ඉස්ට සිද්ධ වෙනවාය කියලයි මගේනං අදහස...

ඔන්න අල අයිතිකාරයෝ කිසිම දවසක අලේ කොහේවත් හිටෝලා නැතිනං... අඩුම ගානේ අලේ නිකං ඉන්න ගමන් අතපත ගාලා පිහදාලාවත් නැති එවුවෝනං ඔහොම එව්වා තිබුනත් කමක් නැහැ... ඒත් අල අයිතිකාරයෝ හැම තැනම අල හිටෝලා අන්තිමට ඇවිල්ලා එතෙක් අලයක් හිටෝපු නැති වතු හොයන්න එන එක හරියෑ...

මේකත් අර හරක් මස් කතාවම තමා... තහනං නං කිරි අම්මා විතරක් නෙවෙයි බිත්තර අම්මාගේ ඉදන්ම තහනං කොරමු... 
අල හිටවිල්ල නරක වැඩක්නං අල වතුවලට වගේම අල අයිතිකාරයින්ටත් තහංචියක් දාමු...

එයින් එකක් විතරක් කොරලා අනික බැහැ බැහැ වගේනං දෙකම අල්ලලා දාලා නිකා ඉම්මු...

එහෙම සමාජයක්.. එහෙම කාලයක්.. එහෙම ලෝකයක්... එනකල් මෙහෙම පැලැස්තරයක්වත් දාලා ඔය අසාධාරන වැඩේට කොකා පෙන්නමු...

35 comments:

  1. උඹටත් මොකාක්ම හරි එකක් අහුවෙනව ලියන්න නේ...

    මම නම් කැමතී අල හිටවල හිටවල නෑ වගේ ඉන්න හදන උන්ට වඩා කොන්ද කෙලින් තියන් තමන් කරපුව ගැන වගකීම ගන්න උන්ට.. :)

    ReplyDelete
  2. මොකද මේ හිටි හැටිය අලයක් මතක්වෙලා. :D
    ඕකත් අර උණ්ඩුකපුච්චෙ වගේ තව ටික කාලයක් යනකොට ක්ෂය වෙලා යයි. එතකල් ඔය පටල බද්ධ දොස්තරලට ගානක් හොයාගන්න බැරියැ.

    ReplyDelete
  3. මොකෝ මේ හිටි ගමන් කරුණාවක් පහල උනේ :)

    ReplyDelete
  4. කෙල්ලන්ට කියමු නූල කැඩිලනම් බෑ කියන්න කියලා.. අල හිටවන්නේ නැතුවම හොයා බලන්න පුළුවන්නේ..

    ReplyDelete
  5. මේ ඕක උඹ කල්පනා කරන එක නං සුභ නෑ රජෝ.. මට හිතෙන්නේ.. මට හිතෙන්නේ... (එක්කෝ ඕන නැ)

    ReplyDelete
  6. කිව්වත් වගේ මේක විළුවක් නෙවෙයි. රට වටේ කෙල්ලො අරන් රවුන් ගහපු එවුන් හුඟදෙනෙක් අන්තිමට කසාද බඳින්න හොයන්නෙ මැස්සෙක්වත් වහල නැති කෙල්ලෙක්ව.

    අනික මටත් හිතෙනව අපේ සමාජෙ තියන මහ විකාර අදහසක්, කසාද බඳිනවය කියන්නෙ දෙදෙනෙකුට ලිංගිකව එකතුවීමට ලැබෙන ලයිෂන් එකක්ය කියල. එහෙම උනාම තමයි නැන්දම්මා රෙද්දෙ පැල්ලම බලන්න බලාගෙන ඉන්නෙ. අනික සමහර අය නිසිවයසට එළඹෙන්න කලින් තදියමට කරගන්න විවාහවලටත් මේ කාරණාව හේතුවෙනව ඇති. කොහොමටත් එහෙම නැතිවුනාය කියල මිනිස්සු බල්ලො වගේ හැමතැනටම අල්ලන්න යන්න ඕන නෑ, සමාජයක ජීවත් වෙද්දි අපි හැමදේකටම අපේම වූ සීමාවක සිටිනවා. නීතිරීති මගින් පාලනය වෙනවා. ඉතිං මිනිස්සුන්ගෙ ලිංගික අවශ්‍යතාත් ඒ විදියටම පාලනයක් ඇතුව සපුරගන්න එක තම තමන්ගෙ වගකිමක්. ආයෙ ඕක කසාද බැඳපු එවුන් දෙන්න හැමිනෙන එක ගැන පවුලෙ අනිත් උන් වදවෙන එක මහ මිලේච්ඡ සිරිතක් මට හිතෙන්නෙ. ඕක සුළු සැත්කමක් වෙන්න පුළුවන් උනත් නිකන් කරන්නෙ නැතුව ඇතිනේ, මිනිස්සුන්ගෙ මෝඩකම් නිසා නිකන් කොහෙවත් ඉන්න පිරිසකට සල්ලි ගරන්න චාන්ස් එකක්.

    ReplyDelete
    Replies
    1. "රට වටේ කෙල්ලො අරන් රවුන් ගහපු එවුන් හුඟදෙනෙක් අන්තිමට කසාද බඳින්න හොයන්නෙ මැස්සෙක්වත් වහල නැති කෙල්ලෙක්ව".


      +++++++++++++++++++++++++++++

      Delete
  7. වත්ත සරුසාර නං.... පස බුරුලට ඇත්නං... තනි අයිතියට වත්තම පවරලත් දෙනවා නං... ඊට පස්සෙ ඕන තරං අල හිටවන්නත් දෙනවා නං..... මගුලටයැ පරණ වලවල් හොයන්නෙ... ඇයි උන්ගේ මුල්ලු කැඩිලද?

    ReplyDelete
  8. ගොවියෙක් අල හිටවන්න වත්තක් හොයන කොට අල කලින් හිටවලද නැද්ද කියන එක වැදගත් නැහැ කියල හිතනවා කියමුකෝ.හැබැයි එතකොට හිටවල තියනවා නම් අලුත් ගොවියට ඒ ගැන දැනුම් දෙන එක වත්ත අයිති උදවියගේ යුතුකමක් කියල තමා මට නම් හිතෙන්නේ.ඉතින් අපි කතා කරන සමහර ඉඩම් හිමි වතු අයිතිකරුවන් ඔය වගේ දේවල් හංගනවනේ.අනික ගොවියෝ 10 ක් පහලවක් අල ඉන්දල 1 පාරක් අවාරෙට වගේ ඉන්දල තියනවා කියල කිවොත් එව්වා ප්‍රශ්න නේද පවරගන්න කොට.

    ReplyDelete
  9. මගෙ නුල කැපුවෙ ඔය ආමර් විදියෙ පැත්තෙ නර්සින් හෝම් එහෙක.හවස ඇඩ්මිට් වෙලා රාත්‍රී නිරාහාරව ඉදල උදේ තොන්ගලේ කපල දවල් බිලක් අතට දීල ගෙදර යැව්ව.
    ඕක මට වුනෙ බැදල මාස 3 කට පස්සෙ.
    මම ඒකෙන් මගේ තුමියට පෙන්නුව මගේ කන්‍යා භාවය.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි බැඳල මාස තුනක්ම හිටියද කන්‍යාභාවය පෙන්නන්න. :D

      Delete
  10. මේක ගැනනම් මොනව කථා කරන්නද? ඇත්තෝ කති බොති.. නැත්තෝ හූල්ලමින් බැන බැන සිටිති.. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ානෙ පල යන්න. ම යන්න මැ යන්න නොදන්න උඹයි මායි ගහන බඩු.

      Delete
  11. මූටයි මාතලන්ටයි අද නගාමැරූ අල කැවිල.

    ReplyDelete
  12. අනේ කියෙව්වේ නැහැ බන්..මේවා අහලම එපා වෙලා..කමෙන්ට් ටික නම් කියෙව්වා උඩින් පල්ලෙන්..

    ReplyDelete
  13. අල හිටෙව්වෙ නැතත්, වත්ත පිටිය සුද්ද කරල..අතුපතුගාල වතුර ටිකක් ඉහල...දාන ඒවත් ඉස්කෝලෙ කාලෙම කොරන එකේ ඔව්ව..ඉතින් කාරියක්ය. තව ටික කාලයක් යනකොට සාමාන්‍යදෙයක් වෙයි.

    ReplyDelete
  14. මේ කාලේ අලයක් නොහිටවපු වත්තක් හොයාගන්න එක ලේසි නැහැ.. දැන් අලුතින් වත්තක් ගන්න හදන අයත් අල හිටෙව්වද ගැලෙව්වද කියලා වැඩිය හොයලා බලන්නේ නැහැ මගේ හිතේ...දැන් කාලේ වෙනස් තාලේ අලුත් නෙවැ..

    ReplyDelete
  15. චමිය කියනව වගෙ දෑන් ඔක හොයනව ටිකක් අඩුයි.අනික උපතිම නොපිහිටන අය ඉන්නව.වෙන හේතු නිසාත් කෑඩෙන්න පුලුවන්.

    ReplyDelete
  16. අර තංගල්ලේදී මැරුණු (මරපු) බ්‍රිතාන්‍ය (කුරාම් ශේයික්)පොරගේ කෙල්ලව හත අට දෙනෙක් දූෂණය කරාලුනේ , ඒත් දැන් ඔප්පු කරන්න විදිහක් නෑලු , ලංකා හොස්පිටල් එකට ගෙනත් පටලේ බද්දකරලා, අරු නොමැරී හිටියනම් දිවිනහ ගන්නවා, මොකද ඌම කඩපු එක ආයෙත් ආපුවාම.

    ReplyDelete
  17. හදිසි කරුණාව අලයක් හිටවන්නද???

    ReplyDelete
  18. මොන වත්තක් කතා කරනවද මන්දා මේ වත්තා...

    ReplyDelete
  19. මාර අයියා හරි! කරනවං හැමදේම සාදාරණව! එක පාර්ශවයකට විතරක් නෑ!

    ReplyDelete
  20. උඩින්ම තියන සාතන්ගෙ කොමෙන්ට් එකට සියයට සියයක් එකගයි!

    ReplyDelete
  21. කාලෙකට අල උයනවා, කාලෙකට අල හිටවනවා අනේ මන්දා සංසාරේ..

    ReplyDelete
  22. අල බහිනකොට වැල මැරෙන කතාව පමණක් දනිමි. හිටවන, ගලවන කේස් නොදනිම් :)

    ReplyDelete
  23. වත්තේ අයිතිකාරයටත් වඩා මේ කොහෙවත් යන උන්ට වත්ත කළිං බදු අරං අල හිටෝපු උං ගැන කැක්කුමක් එන එක නෙව ප්‍රශ්නේ.මං හිතන්නේ ඕක හොයන්නේ ඔය කාගෙ හරි ලේ හොල්ලන්ඩ ආසාවක් තියෙන මිනීමරු පිරිමි තමයි.
    ඇයි යකෝ ගෑනියෙක් උනාම උයන්ඩ, ගෙවල් මිදුල් අස්පස් කරලා තියාගන්ඩ, රහට තේ එකක් හදන්ඩ පුරුදු වෙලා එනවා වගේ හොඳට අහවල් වැඩෙත් පුරුදු වෙලාම ආවනං කොච්චර එකක්ද?

    ReplyDelete
    Replies
    1. අන්න කිවුව වටිනා කියමනක්..

      Delete
  24. වත්තක් ඇතත් වල් බිහි වී යන හින්දා
    මුල්ලුත් ඇතත් මලකඩ කා යන හින්දා
    වත්තට වැස්ස කල හෑරිය හැකිමුත් හතිදා
    වත්තේ ගල් උඩ හාරති වලවල් නොහදා....

    ReplyDelete