06 August 2013

දන්න කියන බ්ලොග් කරුවකුගේ “පර“ වැඩක්...

“පර“ වැඩ කරන බ්ලොග්කාරයෝ මේ සිංහල බ්ලොග් අවකාසේ වැහි වැහැලා කියලා මං අමුතුවෙන් කියන්න ඕනයෑ.. හා නැද්ද..?

හැබැයි ඉතිං සමහර බ්ලොග් කාරයෝ “පර“ වැඩ කරලා සද්ද නැතිව ඉන්නවා. සමහරු “පර“ වැඩ කරලා ඒ වග කියලත් දානවා... මංනං ඉතිං වැඩිය කැමති අනිත් උන්දලා කරන පර වැඩ එළිදරවු කරලා දාන්නයි.. “පර“ වැඩ කොරලා තව හැංගිලා ඉන්න හිතුවට එහෙම ඉන්න දෙන්න හොඳ නැහැ..  

ඔය “පර“ වැඩ එක එක ආකාරයි.. සමහර උදවිය කරන “පර“ වැඩ හින්දා බ්ලොග් ලියන කියවන අය බොහෝම කණස්සල්ලෙනුත් ඉන්නවා... මොනවා කරන්නද සමාජයක් උනාම ඔහොම තමා... ඒ වගේ සමාජයට අහිතකර පර වැඩ කරන අයියලත් එමටයි... අපි ඒම අයට කියනවා “පරයෙක්“ කියලා...

ඒත් සමහර “පර“ වැඩ කරන උදවිය ඉන්නවා ඒ “පර“ වැඩ හින්දා රටට සමාජයට සෙතක් යහපතක් වෙනවා... හැබැයි අර අහිතකර “පර“ වැඩ කාරයින්ගේ “පර“ වැඩ හින්දා මේ යහපත් “පර“ වැඩ කාරයින්ටත් බ්ලොග් එපා වෙලා කියලනං මං හොඳටම දන්නවා.. ඒත් ඒ ඒ දේවල් කොහොම නමුත් විද දරාගෙන තව දුරටත් යහපත් “පර“ වැඩ කොරන අය නැතිවාමත් නෙවෙයි.. මේත් එහෙම “පර“ වැඩක් ගැන කතාවක්...

“පර“ වැඩ කිව්වාම ඉතිං සමහරුන්ට මතක් වෙන්නේ කාට නමුත් කැත වැඩක් කොරන... අයහපතක් කරන.. කන්න දුන්න අත හපා කන.. අසාධාරණයක් කරන කියන තේරුම නෙව.. ඒත් ඔය “පර“ වැඩ කියන එකේ තව තේරුං තියෙනවා...

 එකක් තමා...“පර හට කරන වැඩ“... ඒ කිව්වේ අන් අය හට හිත සුව පිණිස කටයුතු කරන අය.. අහලත් ඇතිනේ අර කියමන... “අත් වැඩ පර වැඩ සමව හිතන්නේ“ කියලා.. ඒ කියන්නේ තමාගේ අර්ථය..සුවය... දියුණුව පිණිස හිතනවා මෙන්ම..අන් අයගේත් අර්ථය..දියුණුව..සුවය ගැන සමානව හිතන.. කියන එක නෙව..

දෙවැනුව ඕකට කියනවා පර ලොවට කරන වැඩ කියලා.. ඒ කියන්නේ යනකොට අරං යන පින් පව් ගැන.. එතැනදී පරලොවට හිතසුව පිණිස කරන කියන දේවල් අපි පින් හැටියටත්... පරලොවට අහිතකර අන්දමට කරන කියන දේ අපි පව් හැටියටත් සරලව දක්වනවා... ඒ පින් පව් කියන්නෙත් පර වැඩ ජාතියක් තමයි...

හා හා ඔය වැදි බණ කිව්වා මදෑ.. කාරණාව මෙහෙමයි...

මේ පහුගිය වෙසක් මාසයේ මටත් චෑන්ස් එකක් වැඳුනා නෙව මොනරුන් ආ ගල පැත්තේ යන්න.. ඒ කිව්වේ මොනරාගල ප්‍රදේශයේ බොහෝමත්ම දුෂ්කර පාසලකට පොත් පත්..පාසල් බෑග් ආදිය බෙදා දීමේ කටයුත්තකට සහ සම්බන්ධ වෙන්න... හා හා එහෙම කිව්ව ගමන් සාධු කාර දෙන්න ඕන නැහැ.. මොකද මං ඒකට සත පහක්වත් දුන්නේ එහෙම නැහැ... :D ආයේ මොටද නැති සිල් පෙන්නන්නේ... මං ඕකට සම්බන්ධ උනේ අතර මැද්දෙදි... කොරාපු එකම දේ බඩු ටික ලාබෙට ගන්න පිටෝටුවෙන් කඩ ටිකක් අල්ලලා දීමයි.. ගමනට සහභාගී වෙච්ච එකයි විතරයි... වියදං කලේ පිංකමේ අයිතිකාර නෝනලා මහතැන්ලා... :D

අර වංගියක් බ්ලොග් එහෙක මට දමාන පෙරලං නෙලන ගමන් කියලා තිබුනා නෙව මාරයා රුපියල් පහක් දීලා සීයක ටෝක් දෙනවා වගේ කතාවක්.. :D මොනවා කොරන්නද ආයිබෝංලා තියෙන්නේ සුපියල් පහනං ඒක දෙනවා මිස.. හා නැද්ද හා..? මෙදා පාරනං ඕං ඒ සුපියල් පහත් නැහැ...  ඕං ඒ බ්ලොගේ ලියන අයට ලියනවනං තවත් ටොපික් එකක්... :D

හරි ඉතිං ඒ ගමන ගියේ මොනරාගලින් හැරිලා ගූගල් මාමගේ සිතියමේවත් සටහන් වෙලා නැති බොහෝම දුෂ්කර පාසලක් වෙච්ච මීයාගල විදුහලට.. ඒ විදුහලට විතරක් නෙවෙයි තව ඉහාව කියලා කණිෂ්ඨ පාසලකටයි.. මොනරාගල පිරිවෙන් දෙහෙකටයිත් එක්කම තමා පොත් පත් පරිත්‍යාග කොලේ...



ඉතිං ඔය ආ ගිය කතාව ඒ පින්කොම සිද්ධ කරන්ට මූලික වෙච්ච උදවිය මූණු පොතේ පින්තූර එහෙම දැම්මට පස්සේ ඒ පින්තූර දැකපු උන්නැහේ කෙනෙක් තමා මෙදා පාර මේ පින්කමට කොර ගත්තේ...

ඉතිං පින්කම මෙහෙමයි... අර මං කලින් ගිය වංගියේ බෙදා දුන්නේ දරුවන්ට උවමනා කොරන පෑන්..පැන්සල්.. කවකටු පෙට්ටි.. පාට පැන්සල්.. හොම්රන් පැස්ටල්... පොත්.. මකන කෑලි.. වතුර බෝතල්.. පාසල් බෑග් ඇතුළු ලොකු කලමනා මල්ලක් නෙව.. එයිට අමතරව පුස්තකාල වලට පොත් පත් විශාල ප්‍රමාණයකුත් දෙන්ට යෙදුනා.. හැබැයි ඒ වැඩේ පින්තූර දැම්මට පස්සේ ඒවා දැකපු හුග දෙනෙකුට හිතට ආව දෙයක් තිබුනා... ඔන්න එහෙමනං ඒ පින්තූරයක්.. බලන්ට ඒ දේම හිතට එයිද කියලා ඔහෙලගෙත්...




පේනවනේ කාරනේ... දරුවෙක්ගේ දෙන්නෙක්ගේ දෙපා විතරක් සපත්තු දෙකකින් වැහෙද්දී... අනිත් ළමයින්ගේ  දෙපා තියෙන ආකාරය...

ඔය කාරණාව දැකපු බොහෝමයක් දෙනා ඒ ගැන යමක් කරන්න උවමනා බව කිව්වත් ඒකට අත ගහන්න තරං වෙලාවක් අපි කාටවත් පහුගිය වකවානුවේ තිබුනේ නැහැ... ඒත්...

අපි හැමෝගෙම හිතට සහනයක් දෙමින් එක්කෙනෙක් ඒ වැඩේට අත තිබ්බා... ඒ දැනට විදේශගත වෙලා ඉන්න සිංහල බ්ලොග් කරුවෙක්... උන්නැහේ සිය පවුල පිටින්ම ලංකාවට ඇවිත් ඉන්න සුළු කාල සීමාවේදී කොහොම හරි මේක කරගන්න ඕන කියලා කල්පනා කරලා වැඩේට අත ගැහුවා... පාසල ගැන විස්තර අපෙනුත් අහලා කරලා විදුහල්පතිතුමාවත් සම්බන්ධීකරණය කරගෙන පාවහන් වල ප්‍රමාණයන් එහෙමත් ගෙන්නවගෙන..ඒවා මිලට අරං අර පට්ට දුෂ්කර පාරේ දුර ගෙවාගෙන ගොහින් අවසානෙදී ඒ හිස්ව තිබුන පුංචි දෙපා සියල්ලම ලස්සන පුංචි සපත්තු වලින් සරසවලා එන්න කටයුතු කලා...

 මේක මං මේ එක ජේදයකින් කියලා දැම්මට මේක මෙහෙම ලෙහෙසියට පහසුවට කරන්න ඇහැකි දෙයක් නොවන වග මං අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව... අපේ අල්ලපු වැටක තියෙන ඉස්කොලෙකට සපත්තු දෙන්න ලෑස්ති උනත් කන්න වෙන කට්ටේ හැටියට... යන්න එන්න පාරක් හරියට නැති... ළමයින්ගේ විස්තර ටික හරියට පැහැදිලිව ගෙන්න ගන්න දාහක් වද විදින්න වෙලා තියෙද්දී... සපත්තු ටික ගන්න ඒ ගැන හොයන්න බලන්න යන්න තමුන් මේ රටේ නැතිව ඉද්දි.. තියෙන කෙටි නිවාඩුව ඇතුලත දාහක් රාජකාරි කරන්න තියෙද්දී.. කාගෙවත් උදව්වක් උපකාරයක් හරියකට නැතිව මෙච්චර ලස්සනට කරන එක වචනයකින් දෙහෙකින් කියන්න ඇහැකි කාරණයක් නෙවෙයි...

හරි එහෙමනං අපි බලමු  උන්නැහේලගේ ගමනේ පින්තූර දෙක තුනක්...

 පාර තමා පාර... මං ගාව තියේ මෙයිටත් වඩා හොද පින්තූර ටිකක් පාරේ.. පස්සේ වෙලාවක දාඤ්ඤංකෝ
 වාරය එන තුර ඇස් පත්තු කොරං... (දෑස් දල්වා කියන්නේ ඉතිං පත්තු කොරං කියන එක නෙව.. )
 පොඩි උපාසක තැනගෙන් තමන් වගේම යාළුවෙකුට අත හිත...
 අපිට උනත් ඔහොම හම්බ උනාම ඇරලා බලනකල් ඉවසිල්ලක් නැහැ නෙව...
 හෙටින් පස්සේ මේ දෙපා මෙහෙම නැහැ....
වචන උවමනාමද..? සතුටේ තරම කියනට...

ඉතිං ඔන්න ඔහොමයි ඒ “පර“ වැඩේ.. එහෙමත් නැත්තං පරහට හිත සුව පිණිස.. පරලොවට පින් පිණිස.. එලොව මෙලොව දෙලොවටම වැඩදායක වන යහපත් කාර්යයක් ඉෂ්ඨ සිද්ධ උනේ...

දැන් ඉතිං මං පින් වාක්කිය කියාපු කාලේ ගියා.. :D නැත්තං ඉතිං පුණ්‍යානුමෝදනාව දෙන්න තිබුනා නැවිලා කරලා කනේ වැලි ගෑවිලා එන්න.. ඒත් ඒ කාලේ අහවර හින්දා කෙටියෙන් කියන්න තියෙන්නේ උපාසක උන්නැහේ තමුන් තමුන්ගේ දරු මල්ලෝ එක්කාසු කොරගෙන මේ කොරාපු පින්කොම තමුන්ගේත්.. පවුලේ සියළු දෙනාගේත් මෙලොව යහපත අභිවෘද්ධි වෙනුවෙනුත්.. පරලොව හිතසුව වෙනුවෙනුත් හේතු වේවා..වාසනා වේවා කියලා තමයි....

“පර“ වැඩක් කලා කිව්වට කල කෙනා කවුද කියලා මෙච්චර වෙලා කිව්වේ නැහැනේ... උන්නහේනං කැමති උනේ නැහැ  මේක පත්තරේ දාන්න... ඒත් මංම තමා කිව්වේ අපි ගිහින් ඇවිත් දාපු පොටෝ දැකලා ඔහේ මේ වැඩේට අත ගැහුවා සේම.. මේ කාරණාව දැකලා තව කෙනෙකුට තව පුංචිම හරි දෙයක් මේ දරුවෝ වෙනුවෙන් කරන්න හිතුනොත් ආන්න ඒ වෙනුවෙන් මේක අපි දාමු කියලා... යහපත් වැඩ කිරීම වගේම ඒවා තව කෙනෙකුට පෙන්නවලා ඒ අයත් යහපතට යොමු කිරීම කියන අරමුණ පෙරදැරිව ඒ ඒ දේවල් ප්‍රසිද්ධ කිරීම වරදක් නෙවෙයි...

 තමුන් කරපු දේ විශාලෙට උලුප්පලා පෙන්වීමේ ආසාවෙන් පින්කම් කරන... එහෙම කරලා ඒක හතර අතේ පෙන්න පෙන්න යන කෙනෙකුගේ අරමුණයි... තව තවත් අය යහපතට යොමුකරවීමේ අරමුණයි කියන්නේ දෙකක් නෙව... ඒ හින්දයි මං කලින්ම කිව්වේ මං මේක දැම්මට මේ වැඩ වලට මගේ සුපියලක්වත් දාලා නැහැ කියලා... මේ පල කරන්නේ තව කාට හෝ කෙනෙකුට මේ අහිංසක දරුවන්ගේ මූණු දැකලා ඒ අය වෙනුවෙන් මොනම හරි දෙයක් කරන්න හිතේවා කියන හිතිවිල්ලෙන්...

ඉතිං මේ වෙන කවුරුවත් නෙවෙයි බ්ලොග් අවකාසේ පහුගිය වකවානුවේ බොහෝමයක් දෙනා දැන හැදිනගත්ත කෙනෙක් උන “සැහැල්ලුව“ බ්ලොගය ලියන “ඉන්දික උපශාන්ත“ ගොයියා තමයි... නම කිව්ව ගමන් බොහෝමයක් දෙනා දන්නවා ඇති නෙව හාදයව... ඕන්න උන්දෑගේ “පර“ වැඩේ... :D

------------------------------------
මේ මීයාගල පාසල ඇවිල්ලා දරුවෝ හැටක් විතර ඉන්න බොහෝම දුෂ්කර පාසලක්... ප්‍රධාන පාරකට එන්න හැතැම්ම දහයක් විතර පයින් ගාටන්න වෙලා තියෙන.. ගමට තියෙන පාරත් පාරකට වඩා වාරිමාර්ගයක් වෙච්ච... රස්සාව ගොවිතැනම වෙච්ච දෙමාපියන්ගේ දරුවන් සිටින... පහසුකම් කිසිවක් නැති... දුප්පත් දරුවන් පිරිසකගේ අනාගතේට තියෙන එකම අත්වැල වෙච්චි... අඩුමගානේ බොන්න වතුර ටිකවත් පාසලට නැහැ... ඒකත් අහල පහල ගෙවල්වලින් අරං එන්න ඕන... සූර්ය කෝෂ පැනලයකින් ලැබෙන විදුලියෙන් තමයි පාසලේ විදුලි අවශ්‍යතාවය සුළුවෙන් හෝ පිරිමහගන්නේ... ඒ තියෙන අඩු ලුහුඩුකං විස්තර කරන්න මට තේරෙන්නෙත් නැහැ.. ගිය මනුස්සයෙක්ටම තමා තේරෙන්නේ...

කැලේ මැද්දෙම ඉපදිලා.. කැලේම කොටලා ගොයිතැන් බත් කරලා.. ලෙඩකට දුකකට බේතක් හේතක් නැතිව..යන්තං බඩට කාලා ජීවත් වෙලා.. ඒ කැලේම මැරිලා යන පරම්පරාවක ගමන පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන්නං ඒ පුළුවන්කම ලැබෙන්නේ කොහොම හරි ඉගෙනගෙන මේ කැලෙන් එළියට එන දරුවෙකුට විතරයි... ඒ වෙනස කරන්න පුළුවන් ශක්තිය තියෙන දක්ෂ දරුවෝ එතැන් ඉන්නවා... ඒත් ඒ වෙනස කරන්න යන ගමන අතර මගදී කඩා වැටෙනඑක නවත්තන්න ලේසි නැහැ.. ඒකට හේතුව දුප්පත්කම... ඉගෙන ගන්න ඕන කරන පොත් පත් ගන්න... අමතර අධ්‍යාපනයක් ලබන්න... ඒවා මේ දරුවන්ට සරල දේවල් නෙවෙයි... ආර්ථික දුෂ්කරතාවය හමුවේ.. ප්‍රදේශයේ ඇති දුෂ්කරතාවය හමුවේ... පවුල්වල ඇති ප්‍රශ්න හමුවේ ඇද වැටෙන මේ ළමයි අර අමාරු ලෝකයෙන් එළියට එන ගමන දවසින් දවස පරක්කු වෙනවා... ඒ ගමන අතර මගදී කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට යන්න ඒ දරුවන්ට පුංචිම හරි අත්වැලක් දෙන්න කාට හරි පුළුවන් නම්...

55 comments:

  1. Replies
    1. චන්දිමා ඔයා?

      Delete
    2. I am the 1st commenter this is my big chance: Hi Mom and I want to thankmy family, my friends, my parents, my uncle, my aunt, my grandmother, mygrandfather, my friend, my... "Friend," my neighbor, my compadres, mygossips, my Meuse, my moso, my colleagues, my girls, my babies, myparrot, my dog, my cat, my squirrel, my fish, my refrigerator, my TV, mycomputer, my facebook, my twitter my youtube channel, my mother, myfather, my lover, this is a great opportunity for me being the first commenter on this page and really want to say thanks, infinite thanks and I will never forget this special moment where I was finally first at something, plus I want to wish a special greeting to Tokyo Japan to make those Chinese puppets as impressive as Zidane, but not because I want to thank, but most importantly I want to wish all that in as much as the bottom of my heart never lose that feeling that many can not read this message as long as a bastard but I do not care I'm very happy of this event, do not fit with excitement and my life took an unimaginable sense, I applaud and I go for, aplaudanse yourself for giving me such a great opportunity to I can be the first to comment so similar publication and these small and short words that come from my heart just expressing a minimal part of the impressive emotion, thank you all and I hope they're right, oh I forgot, thanks to my guitar, my friends, the amixers, the wachiturros, the Flaites, the Cannis and all those people that make me feel special to know I'm not as stupid as them, deep and sincere thanks. want to say more but time I can see, all these few words express my greatest feelings and I hope I can present more opportunities in life, and continue to succeed, will remember this moment all my life and I am out but not before reminding my family, myfriends, my parents, my uncle, my aunt, my grandmother, my grandfather, myfriend, my friend, my neighbor, my compadres, my gossips, my Meuse, mymoso, my colleagues, my girls, my babies, my parrot, my dog, my cat, mysquirrel, I fish in my refrigerator, my TV, my computer, my facebook, mytwitter my youtube channel, my mother, my father, my lover, oh and also all those people who read this comment.​

      Delete
    3. my car, my petrol, my sql අමතක උනා නේද?
      පට්ට කමෙන්ටුව

      Delete
    4. Amen!
      Mmmm... Sorry, Come again. I wasn't listening.

      Delete
  2. කියන්න වචන නෑ. කියන්න ඕන ටික උඹම කියල තියෙනවනවෙ.

    ඉන්දිකට සහ පවුලේ අයටත්, මේවට මග පෙන්නපු අයටත් බොහොම පිං.

    ReplyDelete
  3. ඌ කරල තියෙන්නේ ඩබල් ත්‍රිබල් වෙලා පල දෙන පර වැඩක්. ඒ ගැන කතා දෙකක් නෑ.. උපේට මගේ ආචාරය. මොකද ඔය වැඩේ ලේසි පාසු වැඩක් නෙමෙයි පුතෝ... ජය වේවා උපේට. ඒක ලස්සනට රවුං කරල ලිව්ව මාරගොයියත් කරේ මහානුභාවසම්පන්න පර වැඩක්..

    ReplyDelete
  4. ඕනවට වැඩිය පර පර ගානකොට මම හිතුව මේක නං හැබෑම "පර" වැඩක් කියල. වැඩේ කල එකාටයි කිව්ව උඹටයි පින් සිදුවේවා!

    (පොඩි දෙයක් උනත් කරල කිව්වමත් පොඩි කික් එකක් ඇති වෙනව අනිත් අයට මේවගේ වැඩ කරන්න)

    ReplyDelete
  5. ඔය එළි කරලා තියෙන්නේ ගානට පින්තූරත් එක්කම... හි හි...

    අර මූණු ටික දැක්කම මටත් පුදුම සන්තෝසයක් දැනුනේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත ඇත්ත

      ඔබ තුමීට මගේ බ්ලොග් එක පැත්තේ එන්න බැරිද වෙලාවක?
      (http://dulageadawiya.blogspot.com)

      Delete
  6. ඉන්දික ඔයිට වඩා පින්කමුත් කරනවා නොවැ...

    ReplyDelete
  7. බොහොම අගේ ඇති වැඩක්...

    ReplyDelete
  8. තමන්ට ලැබුනු තෑගි පාර්සල් ටික මහා මෙරක් වගේ තුරුළු කරගෙන ඉන්න පොඩි උන්ගේ මූණු ටික දකිනකොට හිතට දැනෙන සැනසීමම ඇති මේ වගේ දේවල් තව තවත් කරන්න.

    ඉන්දික ඇතුළු පවුලේ හැමෝටම මේ කරපු "පර" වැඩේට පොඩි උන් පෙරලා දුන්න අහිංසක සිනා මල් පිකුරු ටික උපහාරයක්ම වේවා..!

    ReplyDelete
  9. වදෙකල සහ හෙලිකල දෙදෙනාටම පිං

    ReplyDelete
  10. ගොඩක් පින් සිද්දවෙන වැඩක්. කොච්චර හොඳද

    ReplyDelete
  11. අර ගම්පහ රතුපස්වල ඒරියා එකේ "පරයෝ" ටිකක් එන්ජියෝ කාරයන්ගෙ උසිගැන්වීම මත රාජ්‍ය විරෝධී උද්ගෝසනයක් කරලා, මහරජාණන්ටයි ආණ්ඩුවටයි මඩ ගහන්න උන්ම වෙඩි තියාගෙන. ඒ වුනාට ඔය රජාට රෙදි නැතිව කඩේ යන ගම්පහ පැත්තෙ ඉන්න දෙදාස් පන්සීයකින් මාසයක්ම ජයටම කාලා බීලා ඉන්න ගම්පහ පැත්තෙ පදිංචි එක "පරයෙක්" වත් හුම් කීවෙ නෑ. උන්ට කඩේ යන මම එක, මාරයි , නියමයි කියලා කොමෙන්ට් දාන ඊටත් එහා ගෝලබාල "පරයො" (ඇත්තටම පිංපියො)එකෙක්වත් ඒ ගැන හුම් කියන්නෙ නෑ. ඇයි ඒ?????

    ප.ලි/ ඔව් ඔව් මට තම්බලා කන්න හිට්ස් නැති නිසා ඒ ගැන ඊර්ෂියාවෙන්, ලිංගික කුහකත්වයෙන් අරකෙන් මේකෙන් සේරගෙන්ම ඉහවහා ගිහිල්ලා මේක ලිව්වේ.. දැන් සනීප ඇති..

    ReplyDelete
  12. වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවෝ වැනි මිනිසුන් ඇත... :)

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
  13. මේ උතුම් පර වැඩේට දායකත්වය දුන් හැමෝටම පින්.

    ReplyDelete
  14. මේ වගේ පිංකම් ඇත්තටම අහනකොට දකිනකොට ඇත්තටම ඇස් දෙකට කදුළු උනනවා . ඒ වෙනමොකටවත් නෙමේ ඇත්තටම අපිට එහෙම කරන්න හැකියාවක් නොතිබුණත් එහෙම කරන දෙවිවරු වන් මිනිස්සු මේ ලොකේ ජීවත් වෙනව කියල ඇහෙන නිසා. ඇත්තටම ස්තූතියි මාරයා මේ වගේ දෙයක් ප්‍රසිද්ධ කිරීමත් මහා ලොකු පිංකමක්

    ReplyDelete
  15. දෙස් තිය තියා නොඉඳ අඳුරට
    හැකි ලෙස දුරලන්නට දුකඳුර
    පහනක් දැල් වු සඳ මිතු සඳ
    නොදැකි බව කෙසේ අඟවමිද

    ReplyDelete
  16. පරම පර වැඩක්!

    අපිත් ඔය වගේ, නැතිනම් ඔයිටත් අන්ත දුශ්කර පළාත් වල උගන්නන්න තමයි අපේ ජීවිත වල හොඳම කාලය වැය කලේ.

    ReplyDelete
    Replies
    1. ඒ කරේ ඒ පැත්තෙ ළමයින් ගැන උපන් කරුණාව නිසාද නැත්තම් රටේ නීතිය නිසාද ආයිබෝන්?

      Delete
    2. අටේ නීතිය නිසා ආයිබොවං. දැනුත් එහෙමයි. මම හොඳ ගුරුවරයෙක් කියලා මම කිව්වේ නෑ. තව පාරක් කමෙන්ට් එක කියවලා බලන්න.

      Delete
  17. මේකට දායක වෙන්න මාර ආසාවෙන් හිටියා. අන්තිමට අන්තිම මොහොතේ අත්‍යාවශ්‍ය මූල්‍ය ප්‍රශ්නයක් ඇවිත් ඒක මඟ ඇරුණා. තිස්ස මහත්තයාට මූණ දෙන්නත් ලැජ්ජා හිතුණා. මොකද මම මයි පඬියා වගේ මාවත් එකතු කරගන්න කිව්වෙ.
    ඒකෙන් ඉගෙන ගත්ත පාඩම නිසා මේ පාර අවුලක් නොවෙන්න දැන් ඉඳම්ම පොඩි ගානක් වෙන් කරලා තියෙනවා. වෙසක් සත්කාරෙත් එක්ක නොවුණත් මේ පාර නම් කොහොම හරි මේ පින් කමට එකතුවෙනවාමයි!

    ReplyDelete
  18. මේ මාතෘකාව හරි නෑ බන් ....... මරයට පර වැඩක් කරපු එකාට දෙන්නම් ඇට්ටි හැලෙන්න කියල හිතන අවේ අන්තිමට මේක වෙනමම කතාවක් නේ ....... එනකොට තිබ්බ felling එකත් එක්ක දාන්න කොමෙන්ටුවක් හිතා ගන්න ත් බෑ

    ReplyDelete
  19. ඉතා හොඳ වැඩක්... මේවා තමයි කල යුතු වැඩ.... පිං පතනව හැමෝටම වචනෙකින් හරි දායක වෙච්ච හැමෝටම...

    ReplyDelete
    Replies
    1. පිං එපා බං... උගෙ සල්ලි ටික දීලා දාපන්....

      Delete
    2. අනේ පල යන්න අභියා. තෝ හවසට හවසට කොට්ටාවේ බාර්වල ලගින එකේ, මුගේ සල්ලිටික දුන්නනම් තවත් පොඩි එකෙක් සපත්තුවත් දානවා...මාරයා තව පෝස්ට් එකක් දානවා.

      ඇත්තටම පර වැඩ කිව්වහම මතක් වුනේ උඹව. ඒත් උඹ කරන්නේ නිකං පර වැඩ නෙමේනේ, පරබල්ලන්ගේ වැඩනේ.

      Delete
  20. ඒ ළමයින්ගේ සතුටු සිනා,දෙමව්පියන්ගේ කටින් පිටවෙන “පිංසිද්ධ වෙච්චාවේ“ කියන ටිකම ඇති ඉන්දික මහතාට..පත්තර ටීවී පිරිවරාගෙන හැමදාම ලැබෙන තැනකට තව තවත් දෙන ඇමති ගොල්ලන්ට වඩා මෙවන් මිනිසුන් උතුම්...
    මාර වාර්තාකරණයටත් ස්තූතියි...

    ReplyDelete
  21. මාර පර වැඩක් අයියේ.ඇති හැකි විදිහට නැති බැරි කෙනෙක්ට පොතක් පතක් දෙන්න පුළුවන් වුණා කියන්නෙ අඳ කෙනෙක්ට ඇස් පෑදුවා වගේ වැඩක් නේ..

    ReplyDelete
  22. ඇස් දෙකට කඳුලු ආවා බන් කියෙව්වාම. පොඩි උන්ගේ හිනා මූනු පින්තූර දැක්කාම පට්ට හැපී . .

    ඉන්දිකයටයි පවුලේ අයටයි මේ වැඩේට සහභාගී උනු හැමෝටමයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    ReplyDelete
  23. අහ් කියන්න අමතක උනා පරවැඩ කරන බ්ලොග් කාරයෙක් කිව්වාම මම හිතුවේ මේ වෙන කෙනෙක් ගැන ලියලා කියලා. :D

    පර වැඩ වල පරම පර කම කියන්නේ මොකුත් පර වැඩක් කලේ නෑ වගේ පොර ටෝක්ස් දෙන එකනේ බන් . .

    ReplyDelete
  24. aඇත්තටම ඔන්න කරනවා නම් පර වැඩ....

    මේ කරලා තියෙන එක හරිම ලොකු පින්කමක්... ඉන්දික උපශාන්ත මහතාට ඒ පින හොඳටම ඇති......

    ReplyDelete
  25. මේ යහපත් ක්‍රියාවට දායක වෙච්ච හැමෝටම පිං !

    ReplyDelete
  26. බත් හඳුනන්නෝ
    දරු දුක දන්නෝ.......

    ReplyDelete
  27. මේ පර වැඩේට මගෙත් සුභ පැතුම්..

    ReplyDelete
  28. අපිත් පිං අනුමෝදන් උනා

    ReplyDelete
  29. Indika thumaawa mama danne nam nadda koheda. Eth wade nam niyamayi. Karapu, eli karapu dennatama pin! Ara anumodanaawa ape Loku haamuduruwo dena ekamane!

    ReplyDelete
  30. කරපු එයාටයි කියපු ඔයාටයි ගොඩක් පිං.
    මේ වගේ යාළුවෙක් අපිත් එක්ක ඉන්න එකට අපිට ලොකු ආඩම්බරයක්...


    - http://www.sandainduwara.blogspot.com/

    ReplyDelete
  31. කොච්චර හොඳ වැඩක්ද .

    ReplyDelete
  32. ජය වේවා! පිං වෙවා!

    ReplyDelete
  33. මන් හිතුවෙ නෑ බුකියෙ ෂෙයා කරපු නිසා උඹ මේක දායි කියල. කමක් නෑ. එක අතකට වතුර දෙන්න යන වැඩේට මේක උදව්වක් උනොත් ලොකු දෙයක්නෙ.

    මීයගල කියන්නෙ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ගමක්. ට්‍රැක්ටරයකින්, ෆෝවීල් වාහනේකින් හෝ මෝටර් සයිකලයකින් විතරක් යන්න පුළුවන් ඒ ගමනත් වැහි කාලෙට නවතිනව. ඉතින් එහෙම තැනක තියෙන මේ ඉස්කෝලෙ ළමයින්ට උදව්වක් කරන්න පාර පෙන්නුවට මාරයට, තිස්ස දොඩංට, උපෙන්ද්‍රට, නලිනිට එහෙමත් පින්. අර මාරය කිව්වහෙ ඉස්කෝලෙට වතුර දෙන්න තිබ්බ කට්ටිය එකතු උනොත්.

    ReplyDelete
    Replies
    1. මේ පින්වන්තයට පින් පමුණුවන්න මේ ස්ථානය මම උදුරා ගත්තට අනිත් ය මං එක්ක තරහ වෙන එකක් නෑ නේද?

      වටිනාම දේ තමයි අපි අර පින කරා මේ පින කරා කියලා කියවන්නේ නැතිව ප්‍රායෝගිකව ක්රියාත්මක වීම.

      කෙනෙකුගේ හිතේ ඔබ වෙනුවෙන් කරුණාවක් උපදිනවා නම් මොහොතකට හරි ඒක තමයි හොඳම පුණ්‍යකර්මය.

      කෙනෙකුට මතු අත් බවයේ පිරිස් බලය ලැබෙන්නේ තමන් කරන පුණ්‍යකර්ම වලට තමන් දන්නා කියන අය එකතු කර ගත්තම.

      ඔබ ඇතුළු ඔබගේ පවුලේ සැමට යහපතක්ම උදා වේවා !!!

      මේකට හොඳ හිතින් වචනයකින් හරි දායක වෙච්ච අයටත් පින් සිදු වෙනවා.

      Delete
  34. අර දරුවන්ගේ මූණු වලින්ම පේනවා ඔවුන්ගේ සතුටේ තරම . මොන තරම් අගහිඟකම් තිබුනුත් හරිම් උද්යෝගිමත් සුන්දර මූණු ටිකක් .
    …මේ කටයුත්තට දායක වුන සියළුම දෙනාට බොහොම පිං .

    ReplyDelete
  35. ආයෙත් මේ වගේ වැඩක් කරනකොට වැඩේ සංවිධානය කරනකොට මීට වඩා ටිකක් අපිව දැනුවත් කරන්න. මේ වැඩේ වුනත් මම කලින් දැනගත්තා නම් ලොකු උදව්වක් කරන්න තිබ්බා. අවශ්‍ය සපත්තු බොහොම අඩු ගාණකට අරන් දෙන්න තිබ්බා.

    මට තියෙන ප්‍රශ්ණේ, මේ හැකියාව මට තිබුනට මේ වගේ වැඩක් සංවිධානය කිරීමේ හැකියාවක් මට නැහැ. මොකද තියෙන වැඩ කන්දරාවත් එක්ක.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මේ වගේ සත්කාරයක් සන්දහා මටත් දායක වෙන්න ආසයි. නැවතත් මෙවැනි පින්කමක් සන්විදානය උනොත් මටත් දැනුම් දෙන්න. ස්තුතියි මාරයියෙ.
    tharindu.cooray@gmail.com

    ReplyDelete
  38. සහභාගීවීම වගේම මේ වගේ සද් ක්‍රියාවලට ප්‍රසිද්ධියක් දීමත් වටිනවා මලේ.. ඒවාට තවත් අය පෙලෙඹෙන්නේ එහෙමයි.. අර ඉස්කෝලෙට ලිඳක් හදල දෙන්න ක්‍රමයක් බලමුද ?

    ReplyDelete
  39. ඉන්දික.. අගේ ඇති වැඩක්.. මාරයාටත් ස්තුතියි අපි එක්ක බෙදාගත්තට.. දුකාගෙ ශෙයාර් එකක් දැකලයි ආවෙ.. දුකාටත් පිං.. යහපත් ක්‍රියා ගැන කතා කිරීම ම සතුටක්.. අද දවස සතුටෙන් ගෙවන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  40. පොඩි කාලේ දවසක් දැක්කා "පරසන්තක මෝටර්ස්" කියාලා ගැරේජ් එකක් . මම හිතන් හිටියේ පර කියන්නේ නරක වචනයක් කියලා . ඊට වඩා ඒවා දැනගන්න කාලේ තමයි මම ඒකෙ තේරුම දැන ගත්තේ .

    කොහොම හරි පිංකම එල ......!
    වැඩි වැඩියෙන් ලැබේවා !
    සාධු සාධු සාධු !!!!

    ReplyDelete
  41. තව තව පිං කරන්න එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
  42. mama nalaka,panaduren. oya set eke blog tika nitarama mama kiyawanawa. me wage hoda wedakata suluwen hari dayaka wennna hari kemati

    ReplyDelete