17 August 2013

කුක්කු මාර...පළමු අදියර...

ඔහෙලට කියන්න ඕං... යාන්තං තව සහතික කෑල්ලක් හම්බ උනා...
ඔය උපන්නා කියන්න දුන්න උප්පැන්න සහතිකෙයි... එතැනින්  ගියාම ඉස්කෝලේ ගියා කියන්නයි..අස් උනා කියන්නයි දෙන අධ්‍යාපන සහතිකෙයි... එතකොට සාමාන්‍ය පෙළ යන්තං ගොඩ කියලා දීපු සහතිකෙයි ඇරුනම මේ මෑතක් වෙනකල්ම මං ගාව මොන සහතිකයක්වත් තිබුනේ නැහැ නෙව...

හා හෝව් හෝව්... හැබැයි මට දෙක වසරෙදි කියවීමේ තරගෙකින් පර්ෂද ගෙහුන් දිනලා සහතිකයක් තිබුනා... ඒකට වෙච්ච දෙයක් මං දන්නෙ නැහැ...

යාන්තං මෑතකදී කුරුළු හමුදාවේ සේවයෙන් අසවීම උදෙසා හම්බු වෙච්ච සහතිකෙත් තියෙනවා ඕං.. එයිට අමතරව සිකුරුටි සේවයේ හිටියදී OIC ගෙන් CSO ට උසස් වීමේදී ලැබුන සහතිකේකුත් තිබුනා...

සන්තකේටම තිබුනේ ඔය ටික විතරයි...

ඔන්න ඉතිං යාන්තං කාලෙකට පස්සේ අද සහතික කෑල්ලක් හම්බ උනා...ඒ ඇවිල්ලා කුකෙක් වීමේ මූලික හරිය ගොඩ කියලා කියන එක...  නිකං නෙවෙයි පාඨමාලාවේ හිටිය උන්දලගෙන්  තිබුන මූලික පරීක්ෂණ තුනෙදීත්.. අවසාන පරීක්ෂණයේත්.. කියන සියළුම එව්වෑයින් පලවෙනියා හැටියටත් තමා ගොඩ ගියේ... ( කන බොන කාලෙකනං අඩියක් ගහන්න වටින කේස් එකක් ඕයිලා.. :D )

 දැන් ඉතිං මෙයින් පස්සේ කොරගන්න තව දේවල් ටිකක් තියෙනවා... එයින් පළමු වැන්න තමා ඩිප්ලෝමාව... ඒ වගේම මේකෙන් මුලටම ආව පස් දෙනාට පුහුණුව සඳහා අවස්ථා දෙන්නත් හොටෙල් පාසලේ කළමණාකාරීත්වය පොඩි සූජානමක් තියෙනවා.. ඒ හින්දා සමහර විට ඉදිරි කාලයේදී උවමනානං නැගෙනහිර පළාතේ හෝටලයක ටික කාලයක් ආතල් එකක් ගැනීමේ හැකියාවත් තියේ... ඒත් ඉතිං ඒක කරනවද.. නැත්තං ඩිප්ලෝමාව බැරි බැරි ගාතේ හරි ඇදන් යනවද කියලා තමයි තාම මේ හිතන්නේ...

ආ තව එයිට කලියෙන් ලබන මාසේ තියෙනවා ලන්ඩොං විභාගයක්.. ඒකටත් පෙනී හිටලා ඒ සහතිකේ ගන්නත් ඕන...

කොහොම හරි ඔහොම තමා දැනට වැඩේ යන්නේ... බලමු මේ කොලා වගේ ඉතිරි ටිකත් මොනවා හරි වෙන්නේ නැතෑ..නේද..?

කොහොම උනත් ආයෙම ඉගෙන ගන්න මාව උනන්දු කල හැමෝටමත්.. විශේෂයෙන්ම උනන්දු කිරීමෙන් නවතින්නේ නැතිව තර්ජන ගර්ජන කරලා මරන්න ගෙනියන හරකා සේ.. බලහත්කාරයෙන්ම මේකට යොමු කරවපු හැම අතින්ම අනුග්‍රහය දක්වපු කෙනාටත් මේ වෙලාවේ ස්තූති කොරන්න එපැයි...

එහෙනං ඉතිං ඕං ඔය හැමෝටම බොහෝමත්ම ස්තූතියි කිව්වා.... අරයට ඩබල් එකෙන්ම ස්තූතියි කිව්වා ඕං...














හුටා හෙඩිමේ අකුරක් වැරදි තැනින් වෙන් වෙලා නේද...?

:D :D :D

117 comments:

  1. ජය වේවා මාරයා. ඔහොම යන් ඔහොම යන්.

    ReplyDelete
  2. යකෝ මූ ටයි එක දාල තියෙන්නෙත් නිල් පාටිං.

    හොඳයි හොඳයි. ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වේවා කියල පතනවා.

    අර බිත්තියෙ ගහල තියෙන බෝතල්වල බඩු තියෙනවද බං.

    ReplyDelete
    Replies
    1. //යකෝ මූ ටයි එක දාල තියෙන්නෙත් නිල් පාටිං.//

      නැතුව, ලොකු අයියා දැක්කොත් හොඳ නෑනේ.

      Delete
    2. කෝ සාටකේ ? ඒක නැතුව ලොකු අයියා පිලිගනී යෑ...

      මොනවා වුනත් ඉතිං ඕකට කොංකැපුලේෂන්ස් කිවුවා...

      ඔහොම යං... ඔහොම යං...
      කවදා හරි හොඳ හෝටලේකට ගියාම මාරයා ෂෙෆ් අතිං උයපු රස කෑමක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
    3. සාටකේ දාන්නෙ 'ආචාර්ය' K.V.C.T.K. Kekulawala උනාට පස්සෙලු.

      Delete
  3. ෂෙහ්, මාරය නිකන් මාරයා වගේ ඉන්නවනේ අර ෆොටෝවෙ.

    ReplyDelete
  4. කිරි ආච්චිට බල්ලො පැනපි කිව්වලු..
    හරි නම් ඔය ඉගෙන ගත්තු එව්වයි හදලා කරලා අපිට පාටියක් දෙන්ඩ ඕනි නේ හ් ?!
    සුබ පැතුම් සුබ පැතුම් ! යන අතකට යන්ඩෙයි කියලා ඔය ගැම්මටම අනිත් ටිකත් ඇදලා දාහන් මල්ලියෙ !

    ReplyDelete
    Replies
    1. අර සහතිකේ අතේ තියන් ඉන්න ෆොටෝ එක දැක්කහම නම් ...අනාගතේ තරු පහේ හෝටලේක චෙෆ් කෙනෙක්ගෙ මූන නොවැ !

      Delete
  5. ජය වේවා අයියේ.. ඉදිරි ගමනට සුබ පැතුම්!

    ReplyDelete
  6. අම්මට සිරි ගජ කිව්වලු... මෙයා මාර පොරක්නෙ...

    ReplyDelete
  7. ඈ මාරයියේ.. අර 18- 20 කොල්ලො කෙල්ලො ගොඩේ අංකල් වෙලා ඉඳලත් කොහොමහරි වැඩේ ගොඩ දාගත්තා නේ... හි හි...

    ReplyDelete
  8. සුභ පැතුම්. වෙනි කියනවා වගේ, ඔය ගැම්මෙන්ම ඉතිරි ඉගෙනීමෙ කටයුතුත් කරගත්තනම්නෙ හොඳ.

    ReplyDelete
  9. එල...එල...නියමයි මලය ඔය ගැම්මෙන්ම තියෙන කඩුළු ටික අමාරුවෙන් හරි පැනල යන්න.
    ඉදිරි ගමනට ජය පතමි.!

    ReplyDelete
  10. අම්මට සිරි ගජ කිව්වලු... මෙයා මාර පොරක්නෙ...

    ReplyDelete
  11. පින්තූර ටික නං පංකාදු යි! කන්න හිතෙනවෝ. මේ වගේ ඉදිරියටත් පළවෙනියා වෙමින් සාර්ථක ව ඉගෙනීමේ කටයුතු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!

    ReplyDelete
  12. සුබ පැතුම් මාර අයියා, මන්නම් කියන්නේ ඩිප්ලෝමාව බැරි බැරි ගාතේ හරි ඇදන් යන්න කියලා. අරමුණ රැකියාවක්නම් තවදුරටත් ඉගෙන ගන්න,
    අමාරුවේ වැටෙන සහතිකෙත් ඉක්මනින්ම ගන්න ලැබේවා..!!!

    ReplyDelete
  13. සුභ පැතුම් මාරෙ අයියා.. :)

    ReplyDelete
  14. උණුසුම් සුබ පැතුම් සමග ඉතිරි වැඩ කටයුතු ඉතා හොඳින් කර ගන්න ලැබේවා....

    ReplyDelete
  15. එල උඩින්ම... ජය වේවා... ඩිප්ලෝමාවත් කරලා දාමු....

    ReplyDelete
  16. අනාගතය සුබම සුබ වේවා මලේ ...! මාත් මේ අහන්න හිටියේ අර බිත්තියේ ගහලා තියෙන බෝතල් මොනවද කියලා. ග්‍රයිෆ් වෝටර් හරි අසමෝදගම් ස්ප්‍රීතු හරි වෙන්න ඇති ... බඩේ අමාරුවට ..

    ReplyDelete
  17. එලකිරි... අනෙකත් ඇදල දාහං මල්ලි...

    කොයිකටත් ටිකක් හයියෙං ඉස්තුති කොල එක හොඳා... නැත්නම් බොට හැඳි ගෑරුප්පු බන්ධනයක් කොරන්නත් බැරි නෑ... :D

    ReplyDelete
  18. හරි තැනින් වෙන් කරන්න සත්තිය දෛර්යය ලැබේවඃ!

    ReplyDelete
  19. මාරයෝ මොනවා උනත් දෙනවා කියන ට්‍රේනින් එකට ගිහින් වරෙන්....... ඔය දනුව ඔප මට්ටම් වෙන්න මේ වෙලාවේ ඔය වගේ ප්‍රැක්ටිකල් එකක් හොදටම වටිනවා

    ReplyDelete
  20. සුබ පැතුම් මාරෙ අයියේ ..තව ඉදිරියටම පලයන් .ජය වේවා !!

    ReplyDelete
  21. මාරෙ අයියට උණුසුම් සුභ පැතුම්.......!!!!

    ReplyDelete
  22. කතා කියවල කමෙන්ට් නොදා හදිසියට මාරු වුනාට මේකට එහෙම කරන්නෙ කොමැයි... මාරයියෙ එකෙන්ම සුභ පතනව... ලංකාවෙ බැබලෙන සූප වෙදියෙක් වෙන්න... ඊට පස්සෙ ටිවි වලට එන්න.. නලු නිලියො එක එක වැඩ සටහන් වල කැම හදන්න කවන්න කොළබ ලොකු ලොකු නොනලගෙන් එන කොල් වලට ආන්සර් කොරන්න රෙසපි කියාල දෙන්න කිරි කොස් හදල දෙන්න වගේම... ලංකාවට එන සුදු නොනලැයිට ප්‍රන්ශ මෙක්සිකානු ඉතාලි කැම හදල කවල පිනවල ඒ ඇත්තො එක්ක රට රට වල කරක් ගහන්ටත් ලැබේවා....

    ReplyDelete
  23. ෂා.. ටයි පොල්ල දාගෙන ඉන්නකොට නම් කුක් නෙවෙයි මැනේජර් ලුක් එකක් තියෙන්නේ. Anyway සුබ පැතුම් මාර තුමෝ.. සූප සාස්තරේ හැමෝටම පිහිටන දෙයක් නෙවෙයි.. අත් ගුනේ කියල දෙයකුත් තියෙනවා. (නැත්නම් මේ අපි උයන ඒවත් රහට තියෙන්න එපාය.. නැද්ද හා ??) ඒ හින්ද ඔය සහතික, දැනුම, පුහුණුව සහ අත්ගුණය ඔක්කොම එකතුවෙලා සිරා වැඩ්ඩෙක් වෙන්න කියලයි මගේ පැතුම.

    ReplyDelete
  24. අප්පට සිලි...නියමයිනේ..මහත් වෙලාද මන්දා ටිකක් විතර...ජයෙන් ජයම වේවා..

    ReplyDelete
  25. 1/13 මම හිතුවෙ මැනේජර් මහත්තෙක් කියලා ;) 12/13 හෙඩ් ෂෙෆා වගේ ;)

    මගෙනුත් අවංක, පිරිසිදු, ඊරිසියාවෙන් තොරවූ සුබ පැතුම්!!!!!

    ReplyDelete
  26. අම්මට සිරි නයි කයිද රෝස් පාන් කීව්වලු. පොටෝ එකනම් කියල වැඩක් නෑ නියම කුක්(කෙකුගෙ) පෙනුම තියනවා.සුලෝහිත ඉස්කෝලෙට ගිය එකෙක් සුබ පතනව කියල ලකුනු කරගනින්

    ReplyDelete
  27. සුබ පැතුම්.අර ෆොටෝ එකේ අතේ තියන ඉන්නේ රොටි හදන්න ගන්න ලී රෝලද????

    ReplyDelete
  28. දැන් එහෙනං හැමෝටම "මාර කෑම"ජයවේවා, සුබ පැතුම්.

    ReplyDelete
  29. පොඩ්ඩක් නිදා ගන්න ගිය ඩිංගට බ්ලොග් එකේ අම්මා අප්පා නැති අසරණයෙක් තමුන්ගේ මානසික පීඩනේ අඩු කරගන්න දගලලා තිබුනා... කට්ටියම ඒ ගැන වැඩිය අමනාප වෙන්න එපා... කවුරු නමුත් අසරණයෙක් නෙව...

    ReplyDelete
    Replies
    1. අනේ සූටි පැටියෝ මං ඒවා ටික අහක් කරලා දැම්මා.. තරහා නැහැ නේද සුදෝ..?

      Delete
    2. thopita ay bari mata sahayogayak denna aluth blog ekak patan gaththama.thopi okkoma ekathu wela aluth ekekta enna denne naththe ai?

      Delete
    3. ay ban mehema dewal karanne aluth kenekuta?

      Delete
    4. අනා... සූටියා... ඔයා බ්ලොග් එකක් පටන් ගත්තද..? අපි දන්නේ නැහැනේ පැටියෝ.. දාන්න බලන්න ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එකක්... අපිත් ආසයි බලන්න.. මොනවා උනත් අසරණ දරුවෙක්නේ... අම්මා තාත්තා නැතිව කොයි තරං අමාරුවෙන්ද මේ ලෝකේ හැදෙන්න ඇත්තේ... දාන්න පැට්ටෝ ලින්ක් එකක්.. අපි දෙන්නං සහයෝගේ... කාලෙකින් හිගන්නෙකුට දානයක් දෙන්නත් බැරි උන එකේ

      Delete
    5. ehema kartanna epa marayo.mama godak amaruwen e tika damme.pls ewa aye danawada?

      Delete
    6. මොනවා කරන්නද සුදු පුතේ.. මටත් දුකයි තමා... ඒත් ඉතිං පුතා වගේ අම්මා තාත්තා පුංචි කාලෙම පාරේ දාලා ගිය අය නෙවෙයිනේ අනිත් අය... ඒ හින්දා ඒවා හැමෝටම අදාල නැහැ නෙව... සුදු පුතාට දුකක් දෙන්න මගේ කැමැත්තක් නැහැ... ඒත් ඉතිං එහෙම නොකරත් බැහැ නෙව...

      Delete
    7. aluth kenek awama mehemada salakanne oyala? kisi kenek blog ekata enne naha.masa dekak thisse eka ballek naha.mul tike nam ehen mehen kattiya awa.dan kawruth enne naha.

      Delete
    8. http://kurundha.blogspot.com/2013/08/blog-post_15.html

      meka balanna ayiye

      Delete
    9. @chami foyu ;
      මල්ලි මොකද..?
      උණද....?
      බඩු ඇත මා ලග...
      පියාඹන්න ඇයි ඔතරම් කල බොල?

      Delete
    10. @chami foyuAugust 17, 2013 at 6:22 පම්
      හරි..හරි..මෙහෙට එන්න මල්ලි....අංශක 45 ට නැමියන්...................
      තාම ඔයා චිත්ත ලන්කට් අදින කෙනෙක් නේ.එක එක බ්ලොග් වල කුණු බෙටි
      නොදා පාඩුවෙ ඉන්නවද මෙයා.
      මොනව හරි ප්‍රශ්නයක් තියෙන වානම් සාකච්චා කරමු.
      පෝය කිට්ටු උනා ම හද මොරද්දී මොලේ කචල් වෙන කෙනෙක් නෙමේ
      නේද ඔබ?

      Delete
    11. මම හිතුවා මේ අනාථ දරුවා මගේ එකේ විතරයි කැත කරලා තියෙන්නේ කියලා. මට දැන් තේරෙනවා කවුද හොරා කියලා.

      Delete
    12. මූ හැමතැනම කැත කර කර ගිහින්.

      Delete
    13. මගේ එකෙත් කක්කි කොරලා මාට්ටු උනා..ගත් සැනින් ස්පෑම් කරලා දැම්මා..මාත් හිතුවෙ මගේ එකේ විතරයි කියලා..ඔය සරමේ පිහිදා ගන්ඩ ඕනි එකෙක් වැරදිලා හැදිලා..ඔහොම ගිහින් කාට හරි මාට්ටු වෙයිනෙ..මේ වෙනකන් මාට්ටු නොවෙච්ච එකෙක් වත් නෑනෙ අතීතෙ..

      Delete
    14. යකෝ මුගේ නමත් මගේ වගේ මනේ.. කවුද මේකා ..:O

      Delete
    15. අම්මට සිරි අටම්පහුරේ මේ කොමෙන්ට් එකකට රිප්ලයි එකක් දල තිබිල ඩිලීට් කරල තිබ්බේ.. මේකා. දපුවද මම හිතුවේ චමියා කියලා :O

      Delete
  30. සුභ පැතුම් මාරයියා.....

    කොයි ඉතින් කුක්කු....

    ReplyDelete
  31. සුබ පැතුම් !!!!!!!!!!!

    ReplyDelete
  32. ඔන්න අද සිංහලෙන්ම සුබ පැතුවා එහෙනම් මාර තුමාට හොඳේ! දිග ගමනකට ආසිරි!!

    ReplyDelete
  33. අඩෝ මේ බලහල්ලකෝ... සිරා හොදේ!!! වැඩි වැඩියෙන් උයන්නම ලැබේවා.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. සුභ පැතුම්. ලාංකීය කුක් කලාව මෙව්වා කරලා දාන්න උපරිම මෙව්වා ඒක ලැබේවා...

    ReplyDelete
  35. බොහොම සතුටුයි ලබපු ජයග්‍රහණය ගැන . මගේ අවංක සුභ පැතුම්. සූප වේදියෙක් විදියට යන්නට හැකි ඉහලම ස්ථානයට යන්නට හැකි වේවා !

    ReplyDelete
  36. සුභ පැතුම්....................! බොහොම සතුටුයි !

    ReplyDelete
  37. සුභ පැතුම්....................!

    ReplyDelete
  38. එහෙනම් මාරයා අතින් කෑම කටක් කන්න පුළුවන් වෙයි නේද හෝටලේකින් ලඟදි..... ;)

    ReplyDelete
  39. මිත්‍රය,

    සුභ පැතුම් මේකවත් ඉවරවෙනකල් කරාට.

    ඔය අංසෙ යන්න අදහසක් තියෙනවනම් කෙලිම්ම NAITA එකේ සූපවේදී පාඨමාලව කරහන්. කාලෙ අවුරුදු හතරයි. අවුරුදු තුනක්ම ට්‍රේනින් කුක් හොටෙල් එකක. කට්ට හොඳ එක ඒත් ඒ සර්ටිෆිකේට් එකට මාර තැනක් තියෙනව මම දන්න තරමට. අනික උන් උඹට ගෙවනව ( හොටෙල් එකෙන් service charge සහ ආන්ඩුවෙන් පොඩි ගානක් ) මිස අතින් සතයක් යන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලහන්.

    ReplyDelete
    Replies
    1. මාත් දන්න විදියට....අහංගම හා තංගල්ලෙ තියෙනව තවත් නගර වල ඇති.

      Delete
  40. හැටහුටාමාරක් ඇඩ් දාන ඩිප්ලෝමා කාරයො අතරෙ මෙහෙම උසස් ලෙස පාඨමාලා පවත්වන තැන් තිබීමත් සතුටක්.

    ජය වේවා..!

    ReplyDelete
  41. සුබ පැතුම්..සුබ පැතුම්...ඉදිරියටම යන්න...

    ReplyDelete
  42. සෑර් දෙකක් දා ගන්නව නම් ඔන්න දවස.
    චීයර්ස් කිව්වා එහෙනං ඈ.

    ReplyDelete
  43. සුභ පැතුම් මල්ලි.
    තරු පහේ හොටලයක ප්‍රධාන අරක්කැමියා වීමේ වාසනාව උදාවේවා!

    ReplyDelete
  44. අඩේ මාරයට මාර හැන්ඩ්සම් පෙනුමක් තියෙනවනෙ, ඕනෙ කරන තැනට.

    මාරයට සුබ පතන් නැතුව වෙන කාට සුබ පතන්ඩද? ඉදිරියටම යං මාරේ. ධෛර්යයෙන් ඉදිරියට ගියොත් උඹට වරදින්නෑ...

    ReplyDelete
  45. එල කිරි.. ජය වේවා.. මිට පස්සේ හෝටල් වල නවතින්න යනකොට මාරයා ඉන්න හෝටලේ හොයල නවතින අයත් ඉඳියි.. හිහි ඕනනම් උඹට වෙන කොමිස් එකක් ගන්නත් සෙට් කරගන්න පුළුවන්... ඔය වැඩේ දිගටම කරගෙන යන්න .. ඇගෙන්ම එන හැකියාව නිසා ඉහලටම යන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  46. දැන් උඹට බඩයාසරනිය අළුත් මුහුණුවරකින් ලියත හැකි . ජයවේවා

    ReplyDelete
  47. මම මෙහෙම කියන එක හරිද මන්දා.උඹ මාරයෙක් පමනක් නෙවෙයි මාර පොරක්.මම උඹට වඩා ගොඩාක් වැඩිමහල් මිනිහෙක්.මට උඹ ගැන ආඩම්බරයි.මටත් උඹට වගේම මහ ලොකු සහතික නැහැ.හැබැයි අමුතු කථාවක් තියෙනවා මගේ ජීවිතේ ඇතුලේ.මට හිතෙනවා උඹ ජීවිතේ දැන් තමයි පටන් ගන්න යන්නේ කියලා අලුත් වෘත්තියත් එක්ක.මම උඹලගේ කුරුලු හමුදාවේ මහ තැන ඉස්සරහ තිබුනු තරු පහේ හෝටලය අරාම්භයට දායකවෙච්ච බුවෙක්. මම ඊට පෙර ඔය වගේ තරු කිහිපයක් එලිය කරන්න දායක වුනා.මගේ ලොකු නංගිගේ ලොකු දුව අද උඹ වගේම එක පියවරක් තිබ්බා හෝටල් කෙරුවාවේ මැනේජ්මන්ට් ට්‍රේනී හැටියට තරු හෝටලයක. මම ඒක දැනගත්තේ උඹේ බ්ලොග කියව කියව ඉන්න ගමන්. තරු නෙමේ වැදගත්, තමන් කරන දේ හරියට කිරීම.මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා.ඒකට තැන මෙතන නොවේ.මම ගොඩක් දුරට ප්‍රගුන කරේ වයින් සහ චීස් විෂය.උඹට අවශ්‍ය පොත පත හෝටල් විෂය සම්බන්ධව දෙයක් තියනවානම් මට කියපන්. මට පොඩි පොඩි උදව් කර හැකි.මගේ දේශපාලණ අදහස් මේ විෂයට අදාල කරගන්න එපා.උඹ පටු මිනිහෙක් නොවන බව මට තේරෙනවා.උඹට ජයවේවා.

    ReplyDelete
  48. මේ... කවුද අර ඩබල් එකෙන් ඉස්තූති කරපු අරයා ?

    ReplyDelete
  49. බොහොම සං‍තෝසයි මලයෝ...උත්සහයෙන් ගොඩ යන කෙනෙක් දැක්කම ඒක සතුටක්.....

    ReplyDelete
  50. අඩෝ මාරයියේ...උඹට හදවතින් සුබ පැතුම්! වැඩේ දිගටම ඇදං පලයං. ජොබකට සෙට් වුනොත් ආයෙත් අරයට උඹව ඊළග ඩිප්ලොමා එකට ඇදං යන්න වෙන්නේ.

    හැමදාම මග අරින්නේ නැතිව, දැන්වත් අපිටත් කෑමක් අතින් හදල දීපංකෝ.

    ReplyDelete
  51. මාරයාට ලැබුණු මාර සැටිපිකේට් එක බොහොම වටිනවා. හදවතින්ම සුබ පතනවා. පොඩි කාලේ ඉඳලම කුක්කු පෙන්නන්න බැරි මාරයෙක්ද? :D :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  52. එළකිරි සමග කිරිබත් කිවලු. ජයෙන් ජය මාරයෝ. උඹේ අතින් උයපු කාම වේලක් තරු හොටලෙකදී අපිටත් කන්න වාසනාව ලැබෙයි එහනම් නොබෝ කලකින්ම.

    මා නිවත්ත අභික්කම

    ReplyDelete
    Replies
    1. නොදකින් මේ google transliterate මඟුල බලපන් කෑම වේලක් වෙනුවට "කාම වේලක්" කියලනේ වැදිලා තියෙන්නේ ශේහ් ..බලන එවුන් මොනවා හිතයිද මන්දා. අඩෝ ...එකේවත් හු කියන්නෑ හරිය..

      Delete
    2. කට බොරු කිව්වට දිව බොරු කියයියෑ !!!!

      Delete
  53. බලන්න ඉතිං..
    මාරයෙක් උනත් ගොඩ දාන්න අරයෙක් ඉන්නම ඕනා....
    මගේ උණුසුම් සුභ පැතුම් මාරයියේ!!!!!
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  54. සුබ පැතුම්!

    ReplyDelete
  55. උණුසුම් සුබ පැතුම්....!!!

    අත් නොහැර ඉදිරියටම....!!!

    ReplyDelete
  56. ජය වේවා.! දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  57. සුබ පැතුම් මිත්‍රයා ... රට ඇතුලේ වගේම එයින් පිට හොඳ ඉල්ලුමක් තිබෙන ක්ෂේත්‍රයකට එක් වෙන්නට ගත්තු උත්සාහය හරිම වටිනවා .

    ReplyDelete
  58. මේක බලාගෙන ඉඳිද්දී මගේ දකුණු ඇහෙන කඳුලක් ආවා. හේතුව නගනයක් ඇවිත් නිසා. මාරයා මලයා පොඩි විහිළුවක් කලේ. ඇත්තටම මට උඹ ගැන ආඩම්බරයි. අඳුරට සාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වැටී කියන කියමන උඹ ඇත්ත කරලා පෙන්නුවා. උඹට ගැලපෙන ක්ෂේත්‍රය මේකම තමයි. උඹගේ නොපසුබස්නා උත්සාහය අගය කනරන්න මෙතනට එකතු වූ සියලු දෙනාත් සමග මමත් එකතු වෙනවා. මම ලොකු කථා කියන්න යන්නේ නෑ. ඊළඟ පියවරත් සාර්ථකව නිමා කාරන්න ලැබේවා !!! සහතික වලට සීමා නොවූ ප්‍රයෝගික, ඒ වගේම අත්ගුණය සහිත බොහෝ රස වට්ටෝරු උඹ අතින් හැදේවා !!! මෙත් සමගම ඉංග්‍රීසි දැනුමත් වර්ධනය කර ගනින්. ඕනෑම දෙයක් තියෙනවනම් අපිට කියපන්. අපි ඉන්නවා උඹේ පිටිපස්සෙන්.

    ReplyDelete
    Replies
    1. ආහ් ! මට කියන්න අමතක වුණා. ඔය සුපවේදී ක්ෂේත්‍රයේ විතර කැපිලි කෙටිලි ගුරුමුෂ්ටි තියෙන තවත් තැනක් නෑ කියලා මම කලින් වැඩ කරපු හොටෙල් එකේ චෙෆ් මහත්මයෙක්ම කිව්වා. මොනවා හරි හොද කෑමක් හදනවා නම්, අලුත් එකෙක් බලන් ඉන්නවා කියල තේරෙනවා නම්, ඒකට කියනවලු මොනවා හරි අරන් එන්න කියලා. ඒ එනකොට දාන්න තියෙන විශේෂ වැඩ කෑලි දාල ඉවරලු. ගොනා සේ ඉඳගෙන වැඩ පෙන්නන්න ඕනේ තැනක්.

      Delete
  59. ජයවේවා... මතු දවසක ලංකාවේ ජනප්‍රියම සිලෙබ්‍රටි චෙෆ් වෙන්න ලැබේවා..!

    ReplyDelete
  60. ජය වේවා !
    මම හිතන්නේ මේක ලොකයේ වැදගත් ම රැකියාව කියල.අපි හැමදේම කරන්නේ කන්න කියලනේ කතාවටත් කියන්නනේ !

    ReplyDelete
  61. සුභ පැතුම් මාරෙ. මාරෙටත් කෑම අල්ලලා ගිහින් නේද.

    ReplyDelete
  62. ලද ජයග්‍රහණයට මගෙනුත් උණුසුම් සුබ පැතුම් මාරෙ,සුපිරි චෙප් කෙනෙක් වේවා

    ReplyDelete
  63. Congratulations!එහෙම තමා ඉන්න ඕනේ!

    ReplyDelete
  64. ඔබේ ජයග්‍රහනයට ඉතා සිතින් සුබ පතමි. සහතිකයක් තිබෙන එක හරියට වැදගත් දෙයක්. ඉතුරු ටිකත් (ඩිප්ලෝමාව සහ අතේ හුරුකම) අමාරුවෙන් හෝ නිම කරගන්න.

    ReplyDelete
  65. සුභ පැතුම්.... ඉදිරි ගමනට ජය.... කවදා හෝ උඹේ හෝටලයකින් බඩ පුරා කන්න ලැබේවා.. :)

    ReplyDelete
  66. සුබ පැතුම් ! මාරයො.. උඹ යන්නෙ කවදාවත් වරදින්නැති ට්‍රැක් එහෙක. මෙහෙ නැත්නම් ලෝකෙ පුරාම, එහෙම නැත්නම් නැව් වල හරි උඹලට ජොබ් තියනවා, ලක්ෂ ගානින් හොයන්න පුළුවන්.. ඔහොම්ම පලයන්. ආයෙ හැරෙන්න එහෙම එපා. ආයෙත් සුබ පැතුම් !!

    ReplyDelete
  67. අර අරයා කවද්ද අපි දකින්නේ ? ඔවුව අතරේ ඒකත් කරගම්මු..

    ReplyDelete
  68. එල..පටන් ගත්තු ගැම්මෙන් කෙළවරටම යන්න උත්සහ කරන්න අවශ්‍ය සහතික ටික කම්ප්ලිට් කරගෙන ඒකටම එක්ස්පිරියන්ස් එකත් එකතු කලානම් ආයේ ගොඩම තමයි ..එක්ස්පිරියන්ස් ගන්න හොටෙල් එකක් තෝරගද්දී ඒ හොටෙල් එක හදාගෙන තියෙන නම වැදගත්., ජනප්‍රිය හොටෙල් එකක එක්ස්පිරියන්ස් සෙටිපිකට් එකක් දාගන්න පුලුවන්නම් නියමයි.. ඒකට පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා බලන්න ..
    ජයවේවා !!!

    ReplyDelete
  69. ඇත්තටම හදවතින්ම සතු‍ටුයි මාරයා.. . කොච්ච්චරද කියනවනං ඇසට කඳුලක් ඉනීය.

    උඹට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ මේං 'උන්නැහේ'!!!!!!!!!
      මොකෑ වෙලා උන්නේ???

      Delete
    2. ඉස්ටිල් අලයිව් අයියා... ආපහු ලියන්න තමයි හිතා ඉන්නේ.

      Delete
  70. මගෙන් සුභ පැතුම්..
    ජයවේවා..!!!

    ReplyDelete
  71. සුබ පතන්න පරක්කු වුනා .අපිටත් හරිම සතුටුයි...තමන්ට හැකියාව වගේම ආශාව ඇති ක්ෂේත්‍රයක නිසා ඔබට වරදින්නේ නැහැ . ජය

    ReplyDelete
  72. අච්චර කඳු නැඟපු උඹට පල්ලමක් අහුවෙන්න යන්නේ මාරේ. You deserve it! ඇත්තෙන්ම අධ්‍යාපනයට වයසක්, කාලයක් නෑ කියන බව උඹ ක්‍රියාවෙනම ඔප්පු කරලා. උඹගේ ජයග්‍රහණය ගැන බ්ලොග් සගයින් වන අපි ආඩම්බර වෙනවා. උඹට ජයෙන් ජය. ඔහොම යං මලයා.

    ReplyDelete
  73. මාරයා අයියාට උණුසුම් සුබ පැතුම්....තමන්ට ගැලපෙන දේ මොකක්ද කියලා තේරුම් ගෙන අදාළ අංශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්නේ බොහොම ටික දෙනයි. බැරි වුණත් කමක් නෑ කියලා හැමෝම බලන්නේ දොස්තර-ඉංජිනේරු වෙන්නම නේ. බැරිම වුණොත් ගුරු වෘත්තිය.

    ඒ අතින් මාරයා අයියා තමන්ට ගැලපෙන , ඉදිරියට යා හැකි,හැකියාව තියන අංශයෙන් සහතිකයක් අරගෙන,අපටත් කෑම හදන හැටි කියලා දෙනවානේ.

    ඉතින් ඉදිරි ගමනට සුබ පැතුම්...ලංකාවේ සුපිරිම හෝටලයක කුක් වෙන්න වාසනාව ලැබේවා... ඉනුත් නො නැවතී ප්‍රධාන සුපවේදී මාරයා තනතුරද හිමි වේවා.....!

    ReplyDelete
  74. සුභ පැතුම්....................!

    ReplyDelete
  75. සතුටුයි සතුටුයි .... සුබ පැතුම් ඈ... :)

    ReplyDelete
  76. Congrats Maare... Diploma eka karapan.. Rassawata ara wede thiyenawane...

    ReplyDelete
  77. congrats maraya....


    අහන්නත් ආසයි මාරයා මේ වගේ කෝස් එකක් කරපු එක ගැන. (ෆූඩ් ගැන ඉගෙනගන්නවා දකින්න. )
    ඉස්සරහට තව ඉගෙනගෙන තව තව බොහෝ දේවල් කරන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  78. Maga nawathinna epa. Digatama karanna.

    ReplyDelete
  79. මුළු හදින්ම සුභ පතනවා මාරයියේ..

    ReplyDelete
  80. හරිම සතුටුයි!
    මචං මාරේ...
    අපි ගොඩක් දේවල් දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්, ඒත් මොකක් හරි එක දෙයකින් තමා ගොඩ යෑමක් තියෙන්නෙ. ඒක නිසා මේ සබ්ජෙක්ට් එකෙන් යන්න පුලුවන් උපරිමයටම යන්න ලැබේවා කියලා පතන්නම්. ඉතිරි ඉගෙනීම් කටයුතු ටිකත් කොහොම හරි ගොඩ දාගන්න.

    ReplyDelete
  81. ජයෙන් ජය වේවා.. අයියේ.. වරදින්නේ නැහැ ෂුවර් ^_^

    ReplyDelete
  82. මිනිහෙකුට තමන් කැමති ක්ෂේශ්ත්‍රයක උපන් නිපුණතාවයක් සහිත ක්ෂේශ්ත්‍රයක රැකියාවක යෙදෙන්න ලැබෙන්නේ බොහොම කළාතුරකින්.. උඹ ඒ අතින් වාසනාවන්තයි... සුභ පැතුම්.. ස්විස් ලන්කා කලාට පස්සේ ආයේ වෙන මොකුත් ගැන හිතන්න දෙයක් නෑ.. ගාන ටිකක් සැර වුනාට ඕන තැනක පිලිගන්නවා..

    මෙන්න මේකට උඹට ටිකක් හිනා යයි... හොටෙල් එකක් ඕනනම් කියපන්...;)

    ReplyDelete
  83. කවුරු කවුරු උනත් ගොඩ යනවා නම් එච්චරයි...මාරෙ නැගෙනහිර හෝටලයකට සැට් උනොත් අපිටත් හෝඩුවාවක් දෙන්න...ආතොල් එකක් ගන්න බැරියැ ඒ කිට්ටුව ...ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...උයන්න බැරි උයන්න ආශාවෙන් ඉන්න සියලු දන සුභසෙත පතා වෙනම බොගක් පටන් ගත්තොත් නරකද ?

    ReplyDelete