ඔය ආගම තියෙනවා නේද පින්වතුනි.. හරි අපූරු බඩුවක් නෙව... අනිත් දේවල් වගේ නෙවෙයි අපිට ඕන ඕන හැටියට එහෙට මෙහෙට පෙරළ පෙරළා සෙල්ලං දැම්මැකි.. හෝව් හෝව් මං මේ කිව්වේ කතෝලික ආගමවත්..එහෙමත් නැත්තං මුස්ලිම් ආගමක් ගැනවත්නං නෙවෙයි... අපේ මේ සිරි ගෞතම බුද්ධරාජෝත්තමයාණන් වහන්සේගේ සම්බුදු දහම... ඒක මිස ඔය අනිත් එව්වා එහෙ මෙහෙ කොරන්න ගියොත් එක්කෝ කලුවර කාමරේක මැරෙනකල් හිටියැකි.. නැත්තං ඉතිං අතක් පයක්..එහෙමත් නැතිනං බෙල්ල මුලින්ම ගහලා යයි... ඒත් ඉතිං අපේ මෙව්වා එකේ එහෙම නැහැ..
අපේ එක හරි අපූරු දහමක්.. ඕන එහෙකුට ඕන අතකට පෙරල පෙරලා උඩ දදා ගැහියැකි... ආයේ ඉතිං මොන අතුරු ආන්තරාවක්වත් නැහැ...
මොකක් කිව්වා.. ඒ ඉස්සර..දැන් එහෙම බැහැ කිව්වා.. ඇයි මොකද..? බොදුබල සේනාවෙන් නෙලයිද..? පිස්සුද පින්වතුනි.. උන්නැහේලට කොහෙද බණක දහමක අරුතක් ගැන හිත හිත වාද කොරන්න වෙලාවක්.. උන්නැහේලට තියෙන්නේ බණ විකුර්ති කොරන එක ගැන අවුලක් නෙවෙයි... වෙන මොකක්ද අවුලක්... ධර්මය විකුර්ති කොරන එක හරහා කවද්ද මේ සාසනේ නැති වෙන්නේ... සාසනේ නැති වෙන්නේ පන්සල් ආවාස.. දායක පින්වතුන්..පාංශුකූල නැති උනාම නෙව... බණ දහමනං කොහොම විකුර්ති උනාම මොකද මයෙ අම්මා.. එව්වා කවදා හරි ගස්ස ගන්න බැරිද..?
මං ඔය මහණ වෙලා හිටියට මොකද බණ දහංවල පරතෙර හොයන්න ගියපු එකෙක්නං නෙවෙයි... එකක් මට ධර්මධර වෙන්න උවමනාවක් තිබුනේ නැතිකම... ඒ කාලේ වෙද්දී ගිහියෙක් හැටියට සමාජයෙනුත්..පවුලේ උන්ගෙනුත් බැට කාලා කාලා හෙම්බත් වෙලා හිටිය වෙලේ අල්ලගෙන හිටිය බැමි ටික මුදෝලා දාලා හිතට සහනයක් හොයාගන්න එක තමා මූලිකම දේ උනේ... ඒකට බණ පොත් කට පාඩං කොර කොර නහින්න උවමනා උනේ නැහැ... මගේය කියලා අල්ලං හිටිය හුගාක් දේවල් කිසි ගේමක් නැතිවත්... ටිකක් දේවල් තරමක අමාරුවෙනුත් අතෑරලා දැම්මා විතරයි... හම්මා පුදුම සනීපයක්... එයින් පස්සේ ඉතිං පන්සලක් කොරං යන්න උවමනා තරමටයි... උපසම්පදාවට උවමනා තරමටයි... දහම්පාසලේ දූ දරුවන්ට උගන්වන්න උවමනා තරමටයි... දායක ඇත්තන්ගේ උවමනා එපාකං සපුරාලන්න සෑහෙන තරමටයි ඔන්න යම් යම් දේ සොයා බලා ඉගෙන ගත්තා... එහෙම යම් යම් දේවල් ඉගෙනගෙන යද්දී ඇතැම් වෙලාවට බොහෝම සිත්ගන්නා සුළු තැන් අහු උනාම ටිකක් වැඩිදුරට ඒ ගැන හොයා බලා ඉගෙන ගත්තා... ඔන්න ඔච්චරයි මගේ දැනුම... ත්‍රිපිටක පොත් ටික බොහෝම අමාරුවෙන් ගත්තට මොකද ඒ පොත් පනස් හයෙන් හතරෙන් එකක්වත් මට කියවලා අහවර කරන්න උනෙත් නැහැ.. ඒ කියෙව්වා කියලා කියෝපු හරිය මට කට පාඩං හිටියෙත් නැහැ අර කවුද වගේ මොකක් හරි කිව්ව ගමන් “අහවල් තැන ඕක ගැන අහවල් විදියට තියෙනවාය“ කියලා දෙසාබාන්න... ආයේ ටික කාලයක් භාවනාවට යොමු වෙච්ච හින්දා ඒ ගැන පොත පත කියවලා.. අත්දැකීම් ඇති අය හමුවෙලා යම් යම් කාරණා අහගෙන ඒ ගැන තරමක් දුරට හැදෑරුවා.. හැබැයි එතැනදිත් මං අවබෝධ කරගත්ත දේ තමයි පැරණි පොත පතේ..විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය වගේ මූලික දේශනාවල්වල තියෙන කරුණු මිස භාවනාවේ වැඩකරුවෝය කියලා හැදින්වෙන වර්ථමාන කම්මට්ඨාචාරිය වරුන්ගේ උපදෙස් ගැනිල්ල කෙලවෙන වැඩක්ය කියන එක... යකෝ අනිත් උන්ට හීන පෙන්නන්ට කලින් තමුන් හීන දැකලා තියෙන්න එපෑ... ඔය ගැන කියන්න කතා දෙක තුනක්ම තියෙනවා උනත් මංතුමා ප්‍රතිපත්තියක් හැටියට සාසනයේ පැවැත්ම එක තත්පරයකින්වත් අඩු වෙන්ට හේතු බූත වෙන කරුණු කාරණා කීමෙන් වැලකිලා ඉන්ට සෑහෙන්ට උත්සහ දරන හින්දා ඒ කතා ඕන නැහැ... මොනවා උනත් බුදු හාමුදුරුවෝ කියාපු විදියට මේ සාසනේ විනාස වෙන්නේ සාසනේ ඉන්න උන්දලගෙන්ම මිස ඔය වෙනත් ආගංවල උන්දලගේ අතින්නං නොවන වග සහසුද්දෙන්ම කීවැකි... (ඔව් ඔව් ඒක තමා ඒක විනාස නොකර මං මාරු උනේ.. :D )
-----------------------
ඔන්න අද සනත් ගුණතිලක උන්නැහේ මහණ උනාය කියලා කීපදෙනෙක්ම ආඩපාලි කියලා තිබුනා... විශේෂයෙන්ම පැවිදි කොට්ඨාශයේ උන්නාන්සෙලා... හත් ඉලව්වේ කවුරු හරි කෙනෙක් මේ සාසනේට සිය කැමැත්තෙන් ඇතුළු වෙනවනං ඒකට බාධා කරන්න මුන්නාන්සෙලාට තියෙන අයිතිය මොකක්ද..? මොකද මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියෙන කාරණා කියවන්න ඇහැකි ශක්තියක් මුංනාන්සේලාට පහළ වෙලාද..?
සනත් උන්නැහේ මහණ වෙන්න හදන්නේ චිත්තරපටියක් වෙනුවෙන්ය කියලා පිටින් කියඋනාට අපි දන්නවද ඒක එහෙමමයි කියලා.. උන්නැහෙත් සාමාන්‍ය මනුස්සයෙක් නෙව... කොරන්න තියෙන හැම කෙලියක්ම කොරලා අවසානයේ ඔය හැම දෙයක් ගැනම මොනවා නමුත් කලකිරීමක් ඇති වෙන්න බැරිද...? ඒත් එහෙමයි කියලා දමලා ගහලා ගෙහුන් සදහටම මහණ වෙනවා කියලා ලොකු තීරණයක් ගන්න තියෙන අපහසුවට ඔය මොකක් හරි පිට දාලා මහණකම කොහොම එකක්ද කියලා බලන්න මහණ වෙන්න හිතුනද කවුද දන්නේ... සමහර විට ඕක හිතට අල්ලලා ගොහින් සතිය මාසයක් වෙන්ට ඇහැකි.. මාසේ අවුරුද්දක් වෙන්ට ඇහැකි.. ඇතම් විට මැරෙනකල් සිවුරේ ඉන්ටත් ඇහැකි.. ඒ නැතත් දවසකින් ආයේ ගෙදර ගියත්..අඩුම ගානේ ශ්‍රමණ සාරුප්පේ තියාගෙන දවසක් හරි හිටියනං ඒකත් ලොකු දෙයක්නේ...
ඇත්ත ඇත්ත මහණ කරද්දී ඉතිං ඔය “සබ්බ දුක්ඛ නිස්සරණ.. නිබ්බාන සච්ඡිකරණත්ථාය“ කියලා සිවුරු පටිය කරේ ගැට ගහනවා තමා... (ඔව් ඔව් මගෙත් එහෙම තමා ගැට ගැහුවේ.. කෝ කොලායෑ.. දැන් ඔය කෑගහන උන්නාන්සේලත් එහෙමම තමා... කෝ ඉතිං එයාලත් තාම ඒ කාරිය කොරන්ට උත්සහ කෙරන බවක් පේන්න නැහැ.. නැත්තං මෙහෙම ප්‍රකාශ කරන්න කෝ වෙලාවක්..) ඒ දැන් නෙව.. ඒ කාලේ බුදු හාමුදුරුවෝ ඔය දේවල් කිය කිය මහණ කලායෑ... කොරන ලද පෙර පින් ඇති නම් “එව මහණ“ කියලා දකුණු ශ්‍රී හස්තය දිගු කල පමණින් හිස් රැවුල් අතුරුදන්ව.. සිවුරු පෙරවී පැවිදි ස්වරූප පහළ උනාය කියලා නෙව තියෙන්නේ... එතැනින් ගියාම ඔය සුනීත සෝපාක මහණ කොරණ කොට ඒ පැවිදිකම දීම ඇතුලේ තිබුණ මූලිකම දේවල් මොනවද..? අසරණයෙකුට සරණක් වීම.. ආරක්ෂාවක් වීම... පෝෂණය කිරීම... එයින් පස්සේ තමා බණ දහම් තිබුනේ.. කවදාවත් බඩගින්නේ ඉන්න කෙනෙකුටවත් බණ කියන්න ගියේ නැති උන්වහන්සේ බොහෝම සාධාරණ.. ලිහිල් වත් පිළිවෙත් ඇතිව සාසනය ඇති කලා වගේම විනය නීතියක් උනත් පැනවූවේ උවමනාම වූ විටක පමණයි.. ඒවාත් බොහෝමයක් බරපතල ඒවා නෙවෙයි... දැන් මේ ඉන්න උන්නාන්සේලා ඒ කාලේ හිටියනං එහෙම ඔය එහෙකුට මහණ වෙන්න වෙන්නේ නැහැ.. ඇයි..? මුංදලා කියනවනේ..“අරකා රොඩියා.. ඕකාට මහණ කම දෙන්න එපා.. අරකා කසල සෝධකයා.. ඌව මහණ කරන්න එපා.. අරූ ගස් බැලයා.. පන්සල් වත්තේ පොල් ටික කඩා ගන්න එකෙක් නැතිව යයි..ඌවත් එපා...“ අන්තිමට මහණ කරන්න ගේන් න වෙන්නේ අඟහරු ලෝකෙන් තමා...
කොටින්ම කිව්වොත් මුංදලා බුදු හාමුදුරුවන්වත් සිවුරු ඇරලා ගෙදර යවන්න බලයි එහෙවු කෙලියක් මේක...
ඔන්න එහෙනං බණ කතාවක්... සමහර විට මං කලියෙන් කියලත් ඇති...
ඔන්න බුදුන්ගේ කාලේ එක්තරා ගොයියෙක් හිටියා..මුංදෑ කරන්නේ ගොයිතැන.. එයිට අමතරව හරක් ටිකක් හිටියා ගොයිතැන් වැඩට යොදා ගන්න... දවසක් දා මෙයින් එක හරකෙක් කැලෑ වැදුන හින්දා කුඹුරේ වැඩ කර කර ඉන්න ගමන්ම සාගින්දරේම ගියා ඒකා හොයන්න.. අන්තිමට පාන් කියාගන්න බැරිව ගෙහුන් නැවතුනේ පන්සල් මිදුලක... හිතලා බලමුකෝ මෑන් ඉන්නේ පට්ට බඩගින්නේ.. ඒ වගේම මහන්සි උපරිමේ... අනික දුක් විදලා විදලාම මෑන් නිකං කෙහෙල් පරඩැලේ වගේ... බොඩිය ඇක්ස්රේ එකක් වගේ... ඔන්න ඉතිං අර පන්සලට ගියාම මේ උන්දෑ දකිනවා..හොදට දාන මාන ලැබිලා ඒවා වළදලා..බොහෝම ප්‍රසන්න සුබාවෙන් ඉන්න භික්ෂූන් වහන්සේලා...
යකෝ මේ ගොයිතැන් කෙලියක් හින්දා නහින නැහිල්ලක්... ඇගට කෑම ටික යහමින් වැටෙනවනං මෙහෙම හිටියම මක්කා වෙනවද කියලා මේ හාදයා අර යන ගමන නවත්තලා පන්සලේම වැටුනා.. ටික දවසකින් මහණත් උනා...
ඔහොම ටික දවසක් ඉදලා ඇගපත ආරලා තෙල්මන්ද මෝරලා එද්දී ඔන්න දැන් මේ මනුස්සයට ආයේ ගෙදර සිහි වෙනවා... පාළුවට ගිය කුඹුරු... අයාලේ යන හරක් ටික.. ඇයි උදේ හවහා අහවල් කාරිය කොර කොර හිටිය බාරියාව...
මොනවද ඉතිං මෑන් ගෙදර යනවා සිවුර පන්සලේ තියලා...
ඒත් ටික දවසක් යද්දී මෑන්ට ආයේ පරණ තෝත්තරේමයි.. කන්ට නැහැ..මහන්සි වෙන්ට ඕන... ආයෙම ඇගපත දිරලා යනවා... මෑන්ට ආයෙම ගිහි ජීවිතේ එපා වෙලා ගෙහුන් මහණ වෙනවා... පන්සලේ හිටිය හාමුදුරුවරුත් මේ මනුස්සයට කැමතියි.. මොකද ඉන්නකොට බොහෝම පිරිසිදුවට පිලිවෙලට ඉන්නවා... හදාරන බණ දහමක් නැතත්.. පන්සල අතුපතු ගාගෙන ජීවත් වෙන හින්දා ඔන්න ඔහේ මහණ කොරනවා... ආයේ ඉතිං මොකට මහණ වෙන්න ආවද කියලා හිතලා මාජ්ජ ප්‍රකාශ කරන්න ගියේ නැහැ..
ඔන්න ඔහොම මේ මනුස්සයා හය පාරක්ම මහණ වෙලා ටික කාලෙකින් සිවුර අතාරිනවා...දැන් එහෙමනං කොහොමට තියෙයිද..?
ඒත් ඒ කාලේ ඒක අවුලක් වෙන්නේ නැහැ.. මොකද ඒ කාලේ තිබුනේ සාසනේ විතරයි.. ඒකේ පොල්මක්කාරයෝ හිටියේ නැහැ නෙව...
ඔන්න හය වෙනි පාරටත් සිවුර ඇරලා ගෙදර ඇවිත් ඉන්න මනුස්සයා දවසක්දා දහවලේ හොදටෝම නැහිලා නැහිලා ඉන්න ගමන් හදිසියේ ගෙදර යනවා... ඒ යද්දී මුංදැගේ බාරියාව කට කපලා දොයි.. නිකං නෙවෙයි දරුවෙකුත් හම්බවෙන්ටද කොහේද.. රෙදි උඩ ගෙහුන් අහවල් ඒවත් එළියේ දමාගෙන කුණු කෙල පෙරාගෙන යකා පොළවේ ගැහුවා වගේ මේ ඇත්ති දොයි...
මල සංසාරේ මේ විකාරේ දකින අපේ කථානායක ගොයිතුමා කවදාවත් නැති තරමින් කලකිරෙනවා... “නොදෝමකින් මේ සිවුර දාලා දුවං එන්නේ මෙහෙම මල පෙරේත දුවක් එක්ක ඉන්ට නේද..? මේ බලහල්ලාකේ මේකේ හැටි කියලා...“ ඒත් එක්කම උන්දැට මෙතුවක් කාලයක් නොවිච්ච විදියට එක පාරටම අසුභය මෙනෙහි වෙනවා... එහෙමම දුවනවා ආයේ පන්සලට... හත් වැනි පාරටත් මහණ වෙනවා.. අර ආව කල්පනාව පිටම භාවනා කරලා රහත් වෙලා තමා නවතින්නේ...
ඔන්න ඔහොමයි ඒ කාලේ වැඩ සිද්ධ වෙන්නේ.. ඒකටත් එක්කලා අද..?
පළමුවෙනි පාර මහණ වෙන්ට ආ තැනින්ම වැඩේ හබක්... ආයේ හත් පාරක් ගැන කතා එපා...
(ඔය කතාවට සම්බන්ධ ගාථාවකුත් තිබුනා ධම්මපදේ..මට දැන් හරියට මතක නැහැ කෝකද කියලා..මතක් උනොත් කියඤ්ඤං... )
--------------------
මං දැක්කා සමහර ගිහි අයියලා මල්ලිලා අක්කලා නංගිලාත් බොහෝම තදින් මේක විවේචනය කරලා තියෙනවා.. අනේ පින් සිද්ධ වෙයි..අරයගේ මෙයාගේ පැවිද්ද ගැන හොයන්න කලියෙන් ගෙහුන් එක සතියක් මහණ වෙලා ඉඳලා එන්ට... වැඩිය එපා එක සතියක්... මෙච්චර සාසනේ රැකගන්ට කතා කරන එකේ.. ඒ වෙනුවෙන් මරාගන්ට ලෑස්ති එකේ ඒ කිසි දෙයක් ඕන නැති මහණ කම එක සතියක් පුරන්ට... එහෙම කරලා ඇවිත් ඔය කාරණාව ගැන ආයේ කතා කරන්නට..මං අහං ඉඤ්ඤං...
-------------------
මේකත් මේ කවුරු හරි යාළුවෙක් කියාපු කතාවක්..කවුරු කවදා කිව්වද කියලයි මතක නැත්තේ... ඒකත් මට කියාපු කෙනාට තව කවුරු හරි කියාපු දෙයක්...
“මොන සීලේ නැතත් මං හාමුදුරුවරුන්ට වදිනවා එක කාරණයක් හිතාගෙන.. මට මේ ගෑණු නැතිව එක දවසක් ගෙවන්ට බැහැ.. එහෙවු එකේ මේ උන්දලා එක දවසක් හරි එහෙම ඉන්න එක ගැන හිතලා මං වදිනවා“
ඒ ඒ මනුස්සයගේ අවංක හිතුවිල්ලක්...
ගෑණු නෙවෙයි තව බොහෝමයක් දේවල් අහිමි වෙන පැවිදි ජීවිතයට ගිහින් සති දෙකක් ඉන්න එක නෙවෙයි.. ඒ ගැන හිතන එකත් ලොකු දෙයක් මට වැටහෙන අන්දමටනං... සනත් ගුණතිලක මහණ වෙලා සතියක් හිටියත් උන්දැගෙන් සාසනේට සේවාවක් මිස අවැඩක් වෙයි කියලනං මං හිතන්නේ නැහැ..ඔය ප්‍රකාශකරන උන්නාන්සේලා එක්ක අරං බැළුවම... අඩුම තරමේ සතියකින් හෝ දෙකකින් යයිනේ යන්ට පන්සල උලාකන්නේ නැතිව.. ඒකම මදෑ...
-------------------
පටන් ගත්තේ එකක් කියන්ට..අන්තිමට කිය උනේ වෙන වෙන කතා ටිකක්... මුලින්ම හිතාගත්තේ මේ සාසනේට හාමුදුරුවරුන්ට පස්සේ වැඩියම වින කරන අය කිහිප පොළක් ගැන දෙසන්ට කියලා...පස්සේ වෙලාවකවත් බලමු ආයේ ඔය කියන්ට ගිය කාරනාව ගැන කියන්ට... අදට මේ මදෑ...
හරි හෝ වැරදි හරි මොනවා හරි දේකට විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන එක අපේ උරුමයක් නොවැ. ඕවා වෙනස් කරන්න කතා කරලා ක්ෂයරෝග උන්නැහැ එහෙම දැන ගත්තොත් උන්නැහෙත් එහමම කොරයි.
ReplyDeleteසාධු ! සාධු !! සාධු !!!
ReplyDeleteවෙන මොනව කියන්නද. හැබැයි දැන් ඉන්න හුඟක් උන්නාන්සෙල ගිහියොන්ට වඩා සුඛෝපභෝගීව ජීවත් වෙනවා. ‘මට මේ ගෑණු නැතිව එක දවසක් ගෙවන්ට බැහැ.. එහෙවු එකේ මේ උන්දලා එක දවසක් හරි එහෙම ඉන්න එක ගැන හිතලා මං වදිනවා‘ කියල හිත හදාගෙන වඳින්නත් බෑ ඒ උන්නාන්සෙලට.
සම්පූර්ණ ඇත්ත.
Deleteදැන් මාරේ මහන වෙලා ඉන්නකොට අහවල් ඇත්තී සිහි කොල්ලද ආපහු ගෙදර ආවේ ?
ReplyDeleteහාමුදුරු කෙනෙක් සිවුරක් දාගෙන ඔය ලෝකෙට පේන්න හරි සිල්වත් විදියට ඉන්න එකත් ලොකු කැප කිරීමක් කියන එක නම් මමත් පිලිගනවා. ඒ ඒ අය තම තම නැණ පමණින් හරි ලාභ ප්‍රයෝජනේට හරි කරන එක එක ප්‍රකාශ අපට නවත්තන්න බැහැ. ඔය මොන දේවල් තියාගෙන කෑ ගැහුවත් කවුරුවත් ඒ එකක්වත් යනකොට ගෙනියන්නේ නැහැ නේ, කවද හරි යනකොට ඒ ඒ අය කරගත්ත හොද නරක ඒ ඒ අය ගෙනියයි.
ReplyDeleteකරන හොද නරක ගෙනියන්නත් හොඳ නරක මොනාද කියල දැනගෙන ඉන්නෙපැයි.. දවසකදි හොද නරක මොකක්ද කියලවත් දැනගන්න ඉතුරුවෙයිද මේම ගියොත්?? තමංගෙ හිතට හොද හැමදේම හොද දේ නෙමෙයි..
Deleteඑයා ගියෙ හරියටම සතියකින් එන්න.. සතියකට පස්සෙ ගිහියෙක් වෙන්න .. චිත්‍ර පටේකට අත්දැකීම් ලබාගන්ඩ. ඉතින් ඕවට සාදු කියන්නෙ කෝමද සාධු?
ReplyDeleteමාරයත් අමනුෂ්‍යයෙක් ද? ගෑණු අය පිළිකුල් කරන, මිනිස් වර්ගයා වඳ කරන, හිඟනකම උතුම් යයි සිතන, දෙමළු උපායෙන් ගිල්ලූ හලාහල විෂ ගිල්ලම වතුරට වඩා ගව මුත්‍රා දිව්‍ය පානයක් වෙනවා. ඔල්මාදෙ නැත්නම් සිංහල වචන වලින් කියන දේ තේරෙන්නෙ නැද්ද? උඹලා ආවඩන අමනුෂ්යකමේ ඵලවිපාක ගැන කිව යුතු නැත. ඇස් ඉදිරියේ ඇත. මේවා තමන්ගෙ මව් බසින් ලිව්ව නම් හොඳයි. අවාසනාවට තාත්තා අම්මට කරල අම්මගෙ මොකක්ද එකෙන් ආපු උන් නේද මේ බයිල කියන්නෙ. අපායට පෝඩා.
ReplyDeleteපන්සලේදී බඩු කීයක් ගහයිද දන්නේ නෑ.. ඕවටම පේ වෙච්චි උපාසකම්මලා ඉන්නවා නොවැ.. මස් මාංස දන් දෙනවා වගේද මාළු පාන්, වට්ටක්කා, තැඹිලි දන් දෙන එක....
ReplyDeleteඇයි සීනි බනිස්?
Deleteමම හිතුවෙ හතු පිපෙනව වගේ තිබෙන එක එක සේනාවල පලු අරින්න කැහ පොට ගහනව කියල.
ReplyDeleteවෙන ඒවයින් වලින් කෙලවෙන්න ඉස්සෙල්ලා ඇතුලෙ ඉන්න අයගෙන්ම කෙලවෙනවා බලන් ඉන්නවා ඇරෙන්න අපියි කියලා අහවල් එක කොරන්නද මල්ලියෙ ?
ReplyDeleteමාරයා,
ReplyDeleteමා ඔබේ ලිපිය පරිස්සමෙන් කියවෙව්වා. කවුරු හරි කෙටි කාලයකට හෝ මහන දම් පිරිමම එකම අරමුණ කරගෙන මහනවිම නම් හොඳයි.දැනටත් අපේ රටේ එසේ තාවකාලික පැවිද්ද ලබා මහන දම් පුරමින් සිට ආයෙමත් උපවිදිවන අය ඉන්නවා. ඒ අයගේ එකම පරමාර්ථය මහණදම් පුරා ඉන් තම සිත පහන් කර ගැනීම පමණයි.එත් සනත් ගුණතිලකගේ මහණකම තවත් රංගනයක් විතරක් බව ඒහා බැඳුනු සිද්ධි ඔක්කොම කියවන විට තේරෙනවා.ඒක නම් අනුමත කරන්න බැහැ. මෙහෙම ගියොත් පැවිදි බවේ තිබෙන එක එකවාසි තකා බොහෝ දෙනා එසේ තාවකාලිකව පැවිදි වේවි.ඒක සාසනයට කරන අපරාධයක් බටහිරට යන්න ලෙහෙසි මගක් ලෙස බංගලාදේශයේ ඉන්න බැරිව මෙහෙ ඇවිත් මහණදම් පුරන භික්ෂුන් වහන්සේලා අපේ රටේ පන්සල්වල ඉන්නවා.ඒ අයගෙන් සමහර හිමිවරු තමන්ට ලැබෙන පිරික විකුණා මුදල් කර එරට සිටින තම දෙමාපියන්ගේ ජීවිකාව වෙනුවෙන් යවනවා. තව බංගලාදේශයේ අය මෙහෙ ඇවිත් තාවකාලිකව පැවිදි වේන එක ජාවාරමක් වෙලා.(ළඟදිත් එසේ තාවකාලිකව පැවිදිවූ කිහිප දෙනෙක් නිතිය මගින් මේ රටින් එලියට දාලත් තියෙනවා.)
අනුන්ගේ පැවිදි බවේ හොඳ නරක ගැන කතා කිරීම පසෙක තබා ඇයි ඔබ ඔබේ පැවිදි දිවියේ අත්දැකීම් පාදක කරගෙන,අද සමාජයේ ජිවත්වන අපට අද දිවිය සාර්ථක කරගැනීම ගැන කතා නොකරන්නෙ? භාවනාව ගැන ඔබ දරන අත්දැකීම් ගැන නම් මමත් එකඟයි.තමන් විසින් අත් නොවිඳි දෙයක් අනික් අයට කියා දෙන බොහෝ භාවනා ගුරුවරුන් සිටින බව ඇත්තයි. අනෙක් වැදගත් කාරණය භාවනාවේ පිරීමේදී එහි ප්‍රතිඵලයක් ලෙසින් යම් යම් තත්වයන් උදා වෙනවා කියල පොතපතේ තිබුනත් තමන් ඇත්තෙන්ම එවැනි තත්වයකට පත් උනාදැයි හරියටම ප්රත්යක්ෂ කර ගැනීමත් ගැටළුවක්? මම ඔබට මේ ගැන උගන්වන්නන්ට එහෙම යනවා නෙමෙයි. ඔබේ අතකින් පාදක කරගෙන ප්‍රයෝගිකව ආනාපානසති භාවනාව කිරීම(දැන් කාලේ හුඟ දෙනෙක් කරන්නේ ඒකනෙ) ඒ ගැන ලිපි ටිකක් ලිවිවොත් නරකද? මම නම් ඒගැන ටිකක් උනන්දුයි. ඔබ මගේ blog එක බැලුවොත් හොඳයි නේද?
++++++++++++++++++++++++++++++++
Deleteනායක කියලා පට්ටම් ගහගෙන ඉන්න හාමුදුරු වරු දේශපාලනීකරණය වෙලා..ශාසනේ වැඩ වලට වඩා ආසනේ වැඩ..එහෙමත් නැත්නම් ඡන්ද කොට්ඨාශෙ වැඩ...ඉතිං කොහොමද ශාසනේ රැකෙන්නෙ...ලංකාවෙ ඉතාම විනයගරුකව ඉන්න ධර්මදර ස්වාමීන් වහන්සේ නැතුව නෙවෙයි. නගරාශ්‍රිතව එහෙම අය බොහොම අඩු උනාට පිටිසර පළාත් වලට වෙන්න වැඩියෙන් ඉන්නවා...ගමට නායකත්වය දීලා, ගමේ අඩුපාඩු තමන්ට තියෙන සම්පත් වලින් ගොඩනගාගෙන, තමන්ගෙන් පසු ඉන්න සංඝ පරම්පරාවටත් නිසි මග කියාදෙමින් ඉන්න මෙවන් ස්වාමීන් වහන්සේලා තමයි මම අගය කරන්නෙ. නැතුව පන්සලට එන කොල්ලටයි , බල්ලටයි ඔළුව අතගාලා මොනවා හරි යමක් තමන්ට ලබාගන්න බොරු බණ දෙසන, ලංකාවේ ලොකු යයි සම්මත පන්සල් වල ඉන්න ගණින්නාන්සේලා නෙමෙයි.
ReplyDeleteඊයේ මටත් ඇහුණා ඔහොම නිව්ස් එකක්. මටත් මෙහෙමමයි හිතුනේ. ඇයි බොලේ මිනිහෙක් දවසකට හරි මහන වෙන එකේ වැරැද්ද මොකක්ද.
ReplyDeleteමාරයා කිවූ ජාතියේම බුරුම කෙටි කතාවක් මන් කියෝලා තියෙනව.දැන් ඔය කම්බෝජියාව බුරුමේ වගේ රටවල ඔය තාවකාලික පැවිද්ද අරුමයක් නොවේ.සිරිලංකාවේ කොයිකත් සර්ව සම්පුර්ණ කරන්න ගිහින් කොරස් කටෙත් ඇත දාගන්න බැරි වෙලා කියලයි මට හිතෙන්නේ.
මහණකමේ ඉඳගෙන වැරදි වැඩ කරනවට වඩා සිවුරු අරින එක හොඳ යි.
Deleteමට තියන අවුල චිත්‍රපටියට ඉන්න මහණවෙන්නම ඕනද? නිකංම සිවුරක් දාගත්තම රඟපාන්න බැරිද හොඳ නළුවෙක් නම්? නැත්තං චිත්‍රපටියට කලින් කරන මාකටින් වැඩක්ද? මට හිතෙන්නෙ මාකටින් පාරක්!
ReplyDeleteGuerrilla Marketing
Deleteමේවා මහ හිනායන වැඩ කියලා මට විතරක්ද හිතෙන්නෙ කියල මං දන්නේ නෑ.. ඒත් මට හිතිච්ච එක කියන්නංකෝ...
ReplyDeleteකාලෙකට කලින් ලොකූ කතාබහක් කිය සිද්ධියක් තමයි මොකද්ද මන්දා ෆිල්ම් එකකට සංගීතා හිස බූ ගාපු එක... හම්මෝ ඒ දවස්වල පත්තරවල ගිය කතන්දර ගොඩ... කට්ටිය ෆිල්ම් එක බලන්න ගියේ සංගීතා හිස බූ ගාලා ඉන්නවා බලන්නමයි... ඇයි මේකත් මේ ෆිල්ම් එකකට පූර්ව ප්‍රචාරය සඳහාම විතරක් කරපු දෙයක් කියලා කාටවත් තේරෙන්නේ නැත්තෙ කියල තමයි මට හිනා ගියේ... ඔය සිවුර පොරවන් ඉන්න සතිය කියන්නේ ෆිල්ම් එකට සල්ලි කන්දරාවක් වියදම් කරලා ලබාගන්න වෙන ප්‍රචාරයක් නෙවෙයිද... හනේ මන්ද...
අම්මපා බං රටේ වෙන අනිත් දේවල් එක්ක බලද්දී උඹ හිතපු විදිය හරියට හරි.
Deleteඔය උඩිං කට්ටිය කියල තියෙනව වගේ මේක මාකටිං වැඩක් වෙන්නත් පුලුවං. මොකද මෙච්චර කාලෙකට හාමුදුරුවරු වගේ රඟපාපු නලුවො මහනවෙලා අත්දැකීම් ලබාගෙන ඒ දේ කළයි කියල දැනගන්න නෑනෙ.
ReplyDeleteබලයක් තියෙනවයි කියල හිතාගෙන ඉන්න සේනාවල වැඩ ගැනනං කතා කරල වැඩක් නෑ. තමන්ට ගමට, රටට වැඩක් කරන්න ඕනකමක් තියෙනවනං ඒක සේනා හදාගන්නෙ නැතුව කරන්න පුලුවං කියන එකයි මගේ හැඟීම.
මේ වගේ
ලාංකේය වොලිබෝලයේ චීවර ලකුණ
Deleteඕපන් හැලපස්ටයිල්...
ReplyDelete//අනේ පින් සිද්ධ වෙයි..අරයගේ මෙයාගේ පැවිද්ද ගැන හොයන්න කලියෙන් ගෙහුන් එක සතියක් මහණ වෙලා ඉඳලා එන්ට... වැඩිය එපා එක සතියක්... මෙච්චර සාසනේ රැකගන්ට කතා කරන එකේ.. ඒ වෙනුවෙන් මරාගන්ට ලෑස්ති එකේ ඒ කිසි දෙයක් ඕන නැති මහණ කම එක සතියක් පුරන්ට... එහෙම කරලා ඇවිත් ඔය කාරණාව ගැන ආයේ කතා කරන්නට..මං අහං ඉඤ්ඤං...//
ReplyDeleteහරියට හරි මාරයා...
ඔව් ඉතින් සාසනේ දැන් තියන හැටියට... මහණකම කම පොඩි පොඩි සෙෂන්ස් වලට කඩලා දුන්නත් අවුලක් නෑ.
ReplyDeleteඑන්න මහණවෙන්න....
සිකුරාදා දිනවල උදේ 10 සිට සවස 2 දක්වා....
(දහවල් දානය ඇතුලත්)
රැකියාවේ නියුතු අයට ඉරිදා දින වලදී මහණවීම හැකිය....
විවාහක යුවලවල් වලට එකම කාමරයේ භාවනා කිරීමේ පහසුකම්...
ඔබත් අදම මහණ වී වෙනස වටහා ගන්න...
'විවාහක යුවලවල් වලට එකම කාමරයේ භාවනා කිරීමේ පහසුකම්'
Deleteඅර රාජ්ගේ වගේ දෙමව්පියන්ගෙ අහවල් ඒවට බාදා කරන පොඩිඋං ඉන්න ජෝඩු ඒ ක්‍රමේට කැමති වෙයි. :D
කොහොමත් ආගම අපිට සුවයක් සහනයක් දෙන තරමේ ලගින් තිය ගන්න එක කටත් හොදයි .... ඕනෑවට වඩා කිට්ටුකර ගන්න එකත් දුරස් කරගන්න එකත් එච්චර් හොඳ නෑ .... එත් තමන්ගේ ලංකර ගැනීමේ සීමාව අනික් අයගේ සිමවල් ගැන සංසන්දනය කරන්නැතුව ඉන්නවනම් අර මුලින් කව්වා ඔක්කොටම වැඩිය හොඳයි ...
ReplyDeleteමාරයා ඔයාගේ වගේ නමක් තියෙන වෙන බ්ලොගක් දැක්ක ගිහිල්ල බැලුවනම් හරි පොඩ්ඩක්
http://onemalaysiasinhala.blogspot.com/
මොනවා උනත් මහණ කම ඕපන් එදා විදියට ලොකු අවුලක් වුනේ නැහැ.අනික බුදුන් වැඩ හිටි කාලයේ සහ අද කාලයේ වෙනසක් තියන නිසා මේ කාලයේ නම් හරි දැනුමක් තියන උදවිය කල්පනා කරලා මහන කරන එක කලොත් හොදයි කියල තමා මගේ පුත්ගලික මතය.මොකද ශාසනේ විනාස වෙන්නේ ශාසනේ ඇතුළෙන්ම කියන්නේ ධර්මයෙන් නෙමේනේ.එක ඇතුලේ ඉන්න උදවියගෙන් නිසා.
ReplyDelete"පැරණි පොත පතේ..විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය වගේ මූලික දේශනාවල්වල තියෙන කරුණු මිස භාවනාවේ වැඩකරුවෝය කියලා හැදින්වෙන වර්ථමාන කම්මට්ඨාචාරිය වරුන්ගේ උපදෙස් ගැනිල්ල කෙලවෙන වැඩක්ය කියන එක"
ReplyDeleteමාරයා මල්ලි ගේ බ්ලොග් දිනපතාම වගේ කියවුවත් මුකුත් ලියන්නේ ඉතා කලාතුරකිනි. ඔබ සදහන් කල සියලු දෙයට එකග නොවුනත් ඉහත විස්තරය සමග එකග වෙමි. සුත්ත පිටකය ලියවී ඇති සිංහල කියවීමට පහසු නොවීමත් ඇත්ත වශයෙන්ම පිරිසිදු ඉගැනීමකින් පසු දීර්ග පුහුණුවක් කල ස්වාමීන්වහන්සේලා ඉතා අල්ප වීමත්, නිසා විවිද වැරදි ක්ර ම වලට විකුර්තිකිරීමේ ගිහි මෙන්ම පැවිදි ස්වාමීන්වහන්සේලත් විසින්ද සිදුකරනු ලබයි.
ඔබේ දැනගැනීමට ඉතා උගත් පුද්ගලයකු කරනලද මෙවැනි විකුර්ති කිරීමක් මා ලියන ලද බ්ලොග් අඩවියක සටහන් කරණ ලදී. මෙය ඔබට email කරමි. මෙහිදී අප වටහා ගත යුතු එකම දෙයනම් විවිද පොත් මගින් ධර්මය සෙවීමේදී අප පරිසම් විය යුතු බවයි. (අතිගරු රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ පොත් මෙහිදී ඉතා නිවැරදි බව කිවයුතුය ) නැත්නම් අප සැමවිටම සුත්රේ පිටකයට හුරු වෙනවනම් ඉතා හොද යයි සිතමි.
http://www.aathaapi.org/Thripitaka.php මහින් සිංහල සුත්ත පිටකය නොමිලේ ලබාගත හැක.
තිලින
අනේ ඇත්තමයි බන් මේ අද කාලේ සාසනේට පොල්මඃකාරයෝ ඉන්න නිසා තමයි සාසනේ විනාස වෙන්නේ කියලා මටත් හිතෙනවා. . .
ReplyDeleteයමෙක් මහන වෙනවා නම් අරමුණ දවසකින් හෝ සසර කෙටිකර ගැනීම. ඒ සඳහා යා යුතු මාර්ගය පැහැදිලිව බුදු දහමේ දැක වෙනවා. නමුත් එම මාර්ගයේ යන අය අඩුයි. දැන් ගොඩක් හාමුදුරුවරු බන කියන්න ගියාම කරන්නේ සසර කෙටිකරගන්න ආකාරය නොකියා සමාජය විවිචනය කිරීම. අනිත්‍යය මෙනිහි කරන එක පසෙකලා සමාජය වෙනස් නොවිය යුතුයි කියා හිතනවා. බොහෝ අය සසර කෙටිකර නොව වෙනත් දේ මුලික අරමුණු කොට පැවිදි වන එකේ පැවිදි වීමේ අරමුණ ෆිල්ම් එකක් කිරීම වීම ලොකු වරදක්ද?
ReplyDeleteඇත්තටම අර වෙන රටවල් වල කරනවා වගේ අපේ රටෙත් මාස 6ක විතර අනිවාර්ය යුධ පුහුණුවයි, සති දෙකක විතර මහණ දම් පිරිල්ලයි අනිවාර්ය උනා නම් හොඳයි කියලත් හිතෙනවා. ඒත් ඉතින් දැන් සමහර උන් පොෂ් නිකායවල් හදන ෆැෂන් ඒකට මහන වෙන හැටි දැක්කම නම් තුක් නොදකින් කියලා හිතෙනවා.
ReplyDeleteමරු අදහස් ටික.. ඉස්සර පන්සල් කථා ටිකත් මම හරි ආසාවෙන් කියෙව්වා..
ReplyDeleteමාකටිං හරි, ලෝකෙට පෙනෙන්න හරි සතියක්වත් අවංකවම ඔහොම ඉන්න පුළුවන්නම් ඒක වටිනවා.
ශාසණේ ගැන කෑගහන බහුතරයක් අඩුමගානේ පන්සිල් රකින්නවද කියලවත් විශ්වාස නෑ..
ජයවේවා..!!
පැවිදි නොකළ යුතු අය වර්ග 36ක් ද කොහෙදො තියෙනව නේද ? අන්ධ අය, ගොලු අය, කුෂ්ඨ රෝග තියෙන අය එහෙම කිය කිය. ඒ වර්ග 36 ට අයිති නොවන කෙනෙක් හිතේ මොන අරමුණ තියාගෙන පැවිද්ද ඉල්ලුවත් ඒක ලබා දිය යුතුයි නේද ? (හරියට පැවිදි කම කරන නොකරන එක ඒ අයගෙ වැඩක් ). බුදුහාමුදුරුවො දේවදත්ත හාමුදුරුවො වගේ අයව පැවිදි කළේ අනාගතයේ සංඝ භේදය කරන බව නොදැන නෙවෙයි නේද ?
ReplyDeleteමම අහල තියෙන විදිහටනම් නියම ක්‍රමයකට පැවිදි බව ලබන එකම අතීත කර්ම ගොඩක් අහෝසි කරන්න පුලුවන් තරම් ප්‍රබල කුසල කර්මයක්ලු. මිලින්ද නාගසේන සංවාදයේ ඔහොම එකක් තියෙනවද කොහෙදො? මිලින්ද රජ්ජුරුවො නාගසේන හාමුදුරුවන්ගෙන් දේවදත්ත හාමුදුරුවන්ව පැවිදි කරවපු එක ගැන අහන ප්‍රශ්නෙකට උත්තර හැටියට.
ආගම ඇදහීම යනු අබිං කෑමකි. මම නෙමෙයි කියන්නේ ? බලවත්තු බුද්ධියෙන් දකීවා.
ReplyDeleteමම බෞද්ධයෙක්. සිල් නොගත්තට බුදුන් සරණ ගිය.
Bora Diyaka Induwara
මාරයෝ මමත් ගිහියෙක් හැටියට අවුරුදු කීපයක් නාගරීක පන්සලක හිටියා.ඒ තිත්ත ඇත්ත මම හොඳට දන්නවා.සිවුරු හැර ගිය බොහොම දෙනෙක් මම දන්නවා.මිනිස්සු කවදාවත් ඔය සිවුරු හැරීම සම්බන්ධව තර්කානුකූලව හිතයි කියලා මම හිතන්නේ නැහැ.
ReplyDelete