28 August 2013

චූටි රාළහාමිගේ දානේ වැළදීම...

“හයියෝ යෝ යෝ... මොකක්ද හාමුදුරුවනේ අර කලේ...හාමුදුරුවෝ මාව කෑවනේ.. අහ් නැහැ වැළදුවනේ... දැන් ඉතිං ගෙදර වසලා හමාරයිනේ... ගෙදරනං කමක් නැහැ මාමලගේ ගෙදර ගිහිනුත් හමාරයි..විලිලැජ්ජා හතයි තව ටිකයි...“

--------------------
ලොකු රාළහාමි කියන්නේ මට හිටිය බොහෝම හොද දායක මහත්තයෙක්.. උන්නැහේගේ බාරියාව වගේම පුතණ්ඩියත් බොහෝම හොඳ දායක ඇත්තෝ... පන්සලේ කෙරෙන කොයියම්ම කටයුත්තකදී උනත් මුල්ම හරියෙන් අත ගහලා කොරන්න ඇහැකි උපරිමෙන්ම වැඩට පලට සහය දක්වනවා වගේම බොහෝමයක් දායකයෝ වගේ පන්සලේ ඇද කුද හොයන්න වැරදිලාවත් ඉදිරිපත් නොවන ඈයෝ වීම හින්ද විතරක් නෙවෙයි.. ලොකු රාළහාමිගේ එකම පුත්තර රත්නය වෙච්ච චූටි රාළහාමි සහෝදරයෙකුට වඩා ලෙංගතු කොමින් මාත් එක්ක කටයුතු කොල හින්දාත්.. පිස්සු නට නට හිටිය කොලුවාව පන්සල අවටම රැදෙන විදියට හිතවත්කම තියං හිටිය හින්දත් ඒ මහ ජෝඩුව මට උනත් සැලකුවේ තමන්ගේම පුත්තරයෙක් හැටියට සලකලා තමයි ඕං...

ලොකු රාළහාමි වැඩිය කතාවට බහට යන කෙනෙක් නෙවෙයි කා එක්කලා උනත්... ඒ අහල පහළින් යන එන කොට ගෙදරට ගොඩ උනත් ඉක්මනට ආසන පනෝලා පැත්තකට වෙලා හිටගෙන ඉදලා ගෙදර උන්දලා කරන කියන වැඩ කටයුතු අහවර උනාට පස්සේ “මොනවා හරි යමක් කෙරෙන්න එහෙම තියේනං කොලුවා අත කියලා එවන්න හාමුදුරුවනේ“ කියනවා ඇර ආයේ කට ඇරියොත් අරින්නේ කොලුවට බයින කියන දේකට විතරක්ම තමා... ඌට ඉතිං නොබැනත් බැහැ... 

සල්ලිය බාගේ තියෙන දෙමාපියන්ගේ එකම දරුවා වෙච්චි කොට... නෑදෑ වරිගේ පවුල් හත අටකටම හිටිය එකම පිරිමි දරුවා වෙච්චි කොට චූටි රාළහාමි හැදිලා තිබුනේ බොහෝම හුරතලේට තමා... ඒ හින්දම කොරන පිස්සු වැඩවල කෙලවරක් මේකගේ තිබුනේ නැහැ... විසේසයෙන්ම සල්ලිය බාගේ අතට දුන්නොත් ඒවට කොරන දෙයක් හොයාගන්න බැරි තාලේ හාදයා... ලස්සයක් දුන්නත් පහුවදාට ඒක අහවර කරං ඇවිත් හිටී... පස්සෙන් පහු තමා ඉතිං දැන ගත්තේ ගෑණු ලමයි මේකාව හාවා කරං කනවා බොනවා කියන කාරනේ... වයස අවුරුදු විස්සක් විතර වයසේ හිටිය කොලුවෙක් උනාම ඉතිං ඔය පිස්සු ටික ටික වෙන්න තියෙනවා නෙව... 

ඔය කාරණා හින්දා ලොකු රාළහාමි බොහෝම මනාපයි මේකා පන්සල හතර වටේ ගැවසෙන එකට... ඒ ඇර මේකාගෙන් වෙන ගන්න වැඩක් ඇත්තෙත් නැහැ.. මොනයම්ම හෝ වැඩක් කිව්වොත් ඒක මග ඇරලා පයින එක පුතයගේ හැටියක්මයි... රාළහාමිලා උනත් පුතණ්ඩියට එහෙමට වැඩක් කියන්න ගියේ නැත්තේ කොරතොත් වැඩක් හුරහටම කරන්න මේකා හුරු වෙලා තිබුන හින්දා... ඒත් ඉතිං ගමෙන් හැතැම්ම හතරකට පහකට එහායින් තිබුන රබර් වත්ත පැත්තේ පඩි ගෙවන්න එහෙම හිටි හැටියේ මේකාව යවන්න වෙනවා... ඒ යැව්වම ඉතිං සමහර වෙලාවට පඩි ගෙවලා තියෙන්නේ ඉන්න වැඩ කොරන උන්දලගෙන් බාගයකට වගේ තමා... ඉතිරිය ඉතිං බහිරවයා ගිලිනවා... පස්සේ දවසක ලොකු රාළහාමිට ආයේ යන්න වෙනවා ඉතිරිය ගෙවන්න... ඔන්න ඔහොමයි පුත්තරයාගේ වැඩ...

හැබැයි අපරාදේ කියන්න බැහැ පන්සලේ මොකක් හරි පින්කමක් තියේනං මේකා කිසිම ඥං පචං ගෑවිල්ලකින් තොරව බැහැලා වැඩ කරනවා... කලුවට කලුවේ කද බඩ ටිකක් ආරලා බෝලේ වගේ ඉන්න හින්දා එහෙට මෙහෙට දුවලා පැනලා වැඩ කරද්දි ඉතිං කාගේ උනත් අවධානයට නිතරම ලක් වෙන හාදයා නෙව... විසේසයෙන් ගෑණු ළමයි එහෙම හිනා වෙවී තමා පුතයා දිහා බලන්නේ... අපේ එකාටත් ඉතිං ඒ ඇති හොදටම... නිකං පුකට පැස්ටෝල් වැදුනා වගේ වැඩ කරනවා එක දිගට...

හා හා ඒ කතා මොකටද.. මං මේ කියන්ට ගියේ වෙන කතාවක්නේ...

ඉතිං පන්සලේ මාසික දාන සීට්ටුවේ ආකාරයට ලොකු රාළහාමිලටත් මාස්පතා දහවල දානයක් වෙන් වෙලා තිබුනා.. අර මං කලින් කියලා තියෙන ආකාරයට පන්සල නන්නත්තාර වෙලා දාන වේල් දහයට පාලොහට බැහැලා තිබුන කාලේත් වරද්දන්නේ නැතිව දාන වේල දුන්න දායක පවුලක් තමා මේක.. ඉතිං කොහොම හරි මේ දානේ දවසට කලින්දාට දානේ ගේන බාස්කට් සෙට් එක ගෙනියන එක දායක ඇත්තන්ගේ පුරුද්දක්නේ... ඉස්සරමනං ඕකට රාළහාමිලාගේ ගෙදරින් ආවේ රාළහාමිගේ නෝනා මහත්තයයි... අයියගේ දුවයි.. ඒ කිව්වේ චූටි රාළහාමිගේ අක්කා කෙනෙකුයි... පස්සේ ඉතිං මේකා තුන් වරුවේ පන්සලේම හින්දා උන්දලට එන්න ඕන උනේ නැහැ ඕකට.. මේකා හවහට ගෙදර යන ගමන් දාන සාලාවට ගිහින් බාස්කට් ටිකත් අරගෙනම යනවා නෙව...

ඒත් ඉතිං ඕං දවසක්දා හවස කලින් විදියටම රාළහාමිගේ නෝනා මහත්තයයි අර කිව්ව ලේලියි ආවා බාස්කට් ගෙනියන්න... එදා දවසටවත් මං චූටි රාළහාමිව දැක්කෙත් නැහැ... සමහර විට කොහේ හරි රස්තියාදුවක ගිහින් වෙන්ට ඇති...

කොහොම හරි බාස්කට් ගෙනියන්න ආව නෝන මහත්තයලා බාස්කට් ටික අරගෙන යන්ට ලෑස්ති වෙලා බොහෝමයක් උපාසක අම්මලා කරනවා වගේ අර සුපුරුදු ප්‍රශ්නේ ඇහුවා...

“අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ වළදන්ට වැඩියෙන් මනාප දෙයක් එහෙම තියෙනවැයි..?“

ඕක ඇවිල්ලා එහෙම ලේසි පහසු පුරස්නයක් නෙවෙයි ඕං පන්සල් කෙරුවාවේදි.. මං මේ කියන්නේ බොහෝම බරපතලෙට තමා ඕං...

මොකද ඔය ප්‍රශ්නේ අහන එක හැම තැනම වගේ සිද්ධ වෙන දෙයක් උනාට.. ඕකට උත්තර බඳිනකොට හරියට පරිස්සං වෙන්ට ඕනෑ.. මොකද වැරදිලාවත් හෙම පන්සලේ ඉන්න හාමුදුරුවන්ට ඇත්තටම මනාප දෙයක් කිව්වොත් ඒක පරහට හිටින්නත් ඇහැකි ඔය වෙලාවට... ඒ කිව්වේ ඉතිං මං දන්න පන්සලක නායක හාමුදුරු කෙනෙක් හිටියා... උන්නාන්සේගෙන් ඔහොම ඇහුව ගමන් උන්නාන්සේගේ කටින් පනිනවා මොනවා හරි මාංශ කතාවක්... ඔන්න ඉතිං දායක මහත්තයා පහුවදාට මාංසෙකුත් දීලා.. ගම පුරාම බැණ බැණත් යනවා... හැබැයි මං දන්න තරමින් උන්නාන්සේ කාටවත් විශේෂයෙන් කතා කරලා දනට අර වගේ දේවල් ඕනය කියන ජාතියෙත් නෙවෙයි... කවුරු හරි ඇහුවම විතරයි ඔය ආසාව කියන්නේ... හැබැයි කාලයක් එක්කලා හාමුදුරුවෝ ගැන ඇති උන චිත්තරේ ඒ හැටි හොද මදි... හේතුව මේ අහලා දානේ ගේන උදවියට උත්තර දෙද්දී පරිස්සං නොවීම...

ඔය ප්‍රශ්නේ අහන හුඟාක් ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ උත්තර.. “පොලොස් මාළුවක්... කොහිළ වෑංජනයක්... කෙසෙල් මුහ ටිකක්...“ ඔන්න ඔය වගේ දේවල් හාමුදුරුවන්ගේ කටින් පිට වෙයි කියලා... මොකද ඔය දේවල් හරි හිග දේවල් කියලා නෙව දායක ඇත්තෝ බොහෝමයක් හිතං ඉන්නේ.. ඒත් ඉතිං ඇත්ත කාරනේ තමා ඔය කොයි කොයි දේ උනත් වාරෙට පන්සල්වල උතුරනවා කියන එක.. ඒ කිව්වේ ඉතිං කොස් වාරෙට කොස්.. දෙල් වාරෙට දෙල්... පොලොස් කාලෙට පොලොස්... දවසගානේම පොලොස් කාලා කාලා ඉන්න හාමුදුරුකෙනෙකුගෙන් කොහොමද “අනේ උපාසකම්මේ පොළොස් වෑංජනයක් තිබුනොත් හොදා “ කියලා කියවෙන්නෙ..අනේ ඉතිං බොහෝමයක් හාමුදුරුවරු එහොම ඇහුව ගමන් ඔහේ වදාරණවා.. එයින් පස්සේ ඉතිං අර දායක ඇත්තෝ පස්පඩංගුවේ බයිනවා... මේවා මේ මං ආවට ගියාට කියන කතා එහෙම නෙවෙයි.. අවුරුද්දක් ඇබිත්තයෙක් හැටියටත්.. පස් අවුරුද්දක් පැවිද්දෙක් හැටියටත් හිටිය කාල සීමාවේ බොහෝම හොඳින් දැකපු කියාපු කාරණා...

ඉතිං ඔය ප්‍රශ්නය ආවම මං නිතරම හුරු වෙලා තිබුනේ පසුපාදයේ ආරක්ෂිත පහරට යොමු වෙන්න... ඒ කිව්වේ මෙහෙමයි...

“අනේ උපාසක අම්මේ ඔය මිනිස්සු කන බොන ඕන දෙයක්... ඔය කොයිකත් මං වළඳනවා... හැබැයි වැඩි විය හියදං වෙන දේවල් එපා ඔය ඇත්තෝ ගෙදර දොරේ කන බොන විදියටම මාළුවක් දෙකක් හදලා බය නැතිව ලුනු ඇඹුල් බලලා ගේන්ට..“

ඇත්තම කිව්වොත් අපි ගෙවල්වල කෑමට ඒ හැටි නහින්නේ නැහැනේ.. හැබැයි ඒ කෑම වේල බොහෝම රසයි නෙව... මං ඉතිං කොහොමත් කැමති මස් මාළු රසේට වඩා ඔය කරෝල හොද්දකුයි බතකුයි තියෙනං නෙව... හැබැයි මතක ඇතිව ලුනු ඇඹුල් බලන්න කියලනං කියනවම තමා.. නැත්තං ඉතිං කාහංකෝ එක එක අමුතු රහට...

ඉතිං ඔහොම කිව්වම අපේ උපාසක නෝනා මහත්තයා මගෙන් අහනවා මෙහෙම...

“හාමුදුරුවෝ දෙල් වෑංජනේ එහෙම වළදනවැයි..?“

යකෝ දෙල් කන්නේ නැද්ද මං.. ඒත් ඉතිං මේ දායක ගෙවල්වල උන්දලා දෙලුත් උයලා පරිප්පුත් උයලා..අලත් උයලා ගේනකොටනේ ඇඩෙන්නේ... ඒත් එහෙමයි කියලා ඒක කිව්වැකියෑ... ආයෙමත් පසු පාදයේ ආරක්ෂිත පහර..

“දෙල් වෑංජනේනං හොඳා.. ඒත් ඕකට තව තව ජාති හදන්නේ නැතිව ගැලපෙන එකක් හදාගෙන ආවනං ඇති..“

ආන්න එතකොට හරියන ප්‍රශ්නේ එනවා...

“හරියන දෙයක් කිව්වේ අපේ හාමුදුරුවනේ..?

“හරියන දෙයක් කිව්වේ ඔය දෙල් ලෙලි ටික විසික් නොකර ඒකත් හීනියට ලියලා තෙල් දාගෙන ආවනං ඒ ඇති හොඳටම...“

අන්න එතකොට ඉතිං අනිත් පැත්තෙන් නිකංම කියවෙනවා..

“ඇහ් දෙල් ලෙලි තෙල් දාලා..? ඒවා තෙල් දැම්මැකිද..?“

“මොකද බැරි.. නිකමට වගේ මං කියනවට කරලා උපාසක අම්මලත් කාලම බලන්නකෝ...“

“ඉතිං අපේ හාමුදුරුවනේ ඒකට උම්බලකට ටිකක්වත් දැම්මොත් නරකද...

“ආ ඒකට කමක් නැහැ..උම්බලකඩ හරි කරවල හරි.. හාල් මැස්සෝ හරි එය කෝකත් ඒකත් එක්ක හැදියැකි...“

අන්න දැන් වැඩේ සම්පූර්ණයි... දායක ඇත්තන්ගෙත් හිත සංතෝෂයි.. මගෙත් එහෙමයි... පහුවදාට දෙයියනේ කියලා දෙල් වෑංජනේකුයි දෙල් ලෙලි ටික තෙලටයි හම්බ වෙනවා... ආයේ ඉතිං දුප්පත් දායක ඇත්තෙකුට උනත් බරක් නැතිව දානේ දී ගතෑකි... මාත් මතක ඇතිව බොහෝම මනාපෙන් දානේ ටික වළදන වග කියනවා... බොහෝම හිතේ සංතෝසෙන් උන්දලා යන්නේ දුක් මහන්සියෙන් හම්බ කොරගත්ත දෙයින් දුන්න දානේ ගැන චිත්තප්පීරීතියෙන් පිනා යමින්...

ඉතිං එදත් ඔය සංවාදේ ඔය ආකාරයට සිද්ධ උනා කියමුකෝ...

ඒත් ඉතිං ඔහොම අහලා අවසානෙට “ඒත් හාමුදුරුවනේ මසක් මාළුවක් නැතිව මෙහෙම ඇතෑ..“  කියලත් අහපි...

“හපොයි ඔය හොඳටම ඇති..කොහොමටත් මගේ මස් මාළු පාවිච්චිය බොහෝම අඩුයි..“

 හැබැයි අවසානෙට ඒ වචන ටික පිටවෙනවත් එක්කලාම නෝනා මහත්තයයි..ලේලියි මොකාක් නමුත් දෙයක් හිතේ තියං හිනා වේගන මූණට මූණ බලා ගත්තා... මගේ හිතට විචිකිච්ඡාවක් නොදැනුනාමත් නෙවෙයි... හැබැයි ඉතිං මං දන්නවා මේ අයට මං මොනවා හදලා එවන්න කිව්වත් කිසිම පැකිලීමකින් තොරව ඒක හදලා එවන වග.. කොටින්ම ගෙදර දොරේ නෑදෑ හිතවතුන් ඇවිත් කෑමක් බීමක් හැදෙනකොට මහ රෑට උනත් මගේ පංගුව කොලුවා අතේ එවන ඈයෝ නෙව... ඒත් මේ හිනාව සහ දෙන්නාගේ මූණට මූණ බලාගෙන කරපු කතාව මට තේරුනේ නැහැ...

ඒක තේරුනේ පහුවදා දහවලේ දානේත් වළදලා හවස් අතේ පොතකුත් කියෝ කියෝ පන්සලේ ඉස්සරහා වාඩි වෙලා ඉද්දි නෙව...

මෙන්න හිටි හැටියේ පන්සලේ ඉස්සරහා පාර දිහාවෙන් සද්දේ දාගෙන එකෙක් එනවා...

“හයියෝ යෝ යෝ... මොකක්ද හාමුදුරුවනේ අර කලේ...හාමුදුරුවෝ මාව කෑවනේ.. අහ් නැහැ වැළදුවනේ... දැන් ඉතිං ගෙදර වසලා හමාරයිනේ... ගෙදරනං කමක් නැහැ මාමලගේ ගෙදර ගිහිනුත් හමාරයි..විලිලැජ්ජා හතයි තව ටිකයි...“

දෙයියෝ සාලේ චූටි රාළහාමි... මූ හිනා වෙවී මට බැන බැන එනවා කියහංකෝ...

පස්සෙනේ වැඩේ තේරුනේ...

මෙච්චර දවසක් මේකා දාන බාස්කට් අරං යන දවසට අර උපාසක අම්මලා මේකට කියලා එවලා නෙව මං කැමති ජාති මොනවද කියලා අහං යන්න කියලා... මේකා හැමදාම ගෙදර ගෙහුන් “හාමුදුරුවෝ කැමති අමුතු ජාති මොනවත් නැහැ“ කිව්වා කියලා ඌ කැමති ජාති කියවලා හදවගෙන.. මොකද මේකා පොඩි කාලේ ඉදලා කාලා කාලා බඩ එහෙම කලේ වගේ ආරලා ඇවිත් තිබුනේ... දන්නවනේ ඉතිං අපේ අම්මලා..ආදරේට කව්වලා කව්වලා ළමයි සෙම ගොඩවල් කොරනවනේ.. මේකත් ඉතිං එහෙම තමා.. ඒ වෙද්දිත් මේකට දියවැඩියාව... ඉතිං ගෙදරින් මේකට දැන් කෑම දෙන්නේ බොහෝම සැලකිල්ලෙන්... බැලින්නං මේකා දානේ දවසට තමා ඒකගේ හිතේ හැටියට මස් මාංස ජාති මගේ ගිණුමට දාලා හදවං කාලා තියෙන්නේ... බලං ගියාම මං කොටා බාද්දී..චූටි රාළහාමි තමා මෙච්චර දවසක් දානේ වළදලා තියෙන්නේ... 

ඒත් ඉතිං මෙදා පාර කෙලලා තියෙන්නේ තාප්පෙට.. මූ කොහේදෝ තේ උඩිච්චියක් බලන්න ගිහින් පන්සල් එන්න බැරි උන එක දවසට කෙලවෙන එක කෙලවෙලා සුපිරියටම... 

අර අම්මයි ලේලියි හිනා වෙවී ගිහින් තියෙන්නේ මෙච්චර දවසක් කොලුවා දීපූ ගේමට රිටන් එක දෙන්න හිතාගෙන තමා... අනේ කලින් දවසේ ගිය ගමන  ගෙහුන් දවල් වෙලා කොලුවා ඇවිත් තියෙන්නේ කර කර හිටිය වැඩ රාජකාරියකුත් දාලා... බඩකට පුරා දීලා අදින්න බලාගෙන... දැන් ඉතිං කාහංකෝ දෙල්... ඒ මදිවට ගෙදර උන්දලයි... නෑදෑ ගෙවල් ටිකෙයි මේක දැනගත්තට පස්සේ කොලුවගේ රෙදි නැහැ නෙව... බොහෝම අමාරුවෙන් දෙලුයි බතුයි කාලා ටිකක් වත්ත පහල කැරකිලා මේකා එක හුස්මට දුවං ආවේ පන්සලට...
----------------------
අද හදිසියේ මේක මතක් උනේ සෑහෙන දවසකින් අද දෙල් මාළුවක් හදාපු හින්දා තමා ඕං...

34 comments:

  1. Replies
    1. ඉස්සෙල්ල ඇවිල්ල ප්ලේස් එක වෙන්කොරල ගියා කියවන්න. :D

      'මහ රෑට උනත් මගේ පංගුව කොලුවා අතේ එවන ඈයෝ නෙව...' ඇයි හාමුදුරුවො රෑට වළඳන්නෙ නෑ කියල උපාසකම්මල දන්නෙ නැතෙයි.

      අරූ හාමුදුරුවන්ට ගේනව කියල මොනව හදාගෙන කෑවද දන්නෑ.

      Delete
  2. අහ්හ් අපේ ගෙදරත් දෙල් අද . පට්ට පට පට
    කතාව එළකිරි !

    ReplyDelete
  3. පට්ට අතල් ඔයි .... උබ ඇත්තටම මහන වෙලත් හිටියද බන් ???? අනික එක දවසෙම පට්ටු 2ක් දාන්න ඔට්ටු නෑ බන් කියවන්න වෙලා නෑ .......

    ReplyDelete
  4. පන්සල් කථා ගැන මතක් කරනකොටම මේ ලියලා තියෙන්නේ..
    මාරය නිසා පුත්‍රයට දාණෙ දවසටවත් හිතේ හැටියට කන්න ලැබෙන්න ඇති..

    ReplyDelete
  5. "වැඩේ දෙල්" කියන්නේ මේවට වෙන්න ඇති.

    ReplyDelete
  6. කතාව නම් මරු..මමත් ඔය දෙල් ලෙලි නම් කාල තියනවා....

    ReplyDelete
  7. රෑට වළඳන්නේ නැති නිසානේ රෑට කන්නේ

    ReplyDelete
  8. "යකෝ දෙල් කන්නේ නැද්ද මං.. ඒත් ඉතිං මේ දායක ගෙවල්වල උන්දලා දෙලුත් උයලා පරිප්පුත් උයලා..අලත් උයලා ගේනකොටනේ ඇඩෙන්නේ... ඒත් එහෙමයි කියලා ඒක කිව්වැකියෑ... "

    මැරෙන්න හිනා ඕයි . .

    ReplyDelete
  9. ඇති යන්තම් මේකට බ්ලොග් එක මතක් වෙලා... හි හි

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මටත් හිතුනේ..

      Delete
  10. අපේ උන්දැගේ පොලොස් මාළුව මල් මසුරන් කියලා දවසක් අපේ හාමුදුරුවන්ට නිකම්ම කියවුනා මමයි අපේ උන්දැයි ඉන්න තැනම. අම්මට සිරි අපේ උන්දැ අප් කරගන්න කොලර් එකක් නැතුව දුක්වුනා.

    හැබැයි මේ දවස්වල මම අපේ ලොකු හාමුදුරුවන්ව දැඩි පාලනයකට යටත් කරගෙන ඉන්නේ. දැනට මාසෙකට උඩදී අහඹු ලෙස ගත්ත රුධිර සීනි පරීක්ෂාවකදී (මට හිතුණා නිකමට කරලා බලන්න. අසල්වැසි දොස්තර මහත්තයෙකුත් අල්ලාගෙන පන්සලට ගිහින් කරේ) අගය තිබුනේ 380 යි. බුදු අම්මෝ..........එදාම හවස බලහත්කාරයෙන් මගේම වාහනේ දාගෙන ගිහින් විශේෂඥ වෛද්‍ය වරයකුට පෙන්නලා ප්‍රතිකාර අරන් දුන්නා. ඊට පස්සේ දායක සභාවට ගිහින් විශේෂයෙන් දායිකාවන්ට මම කිව්වා, හාමුදුරුවන්ගේ ජීවිතය රැක ගන්න අවශ්‍යනම් මෙන්න මේ දේවල් පමණක් දානයට සකස් කරන්න කියලා, අර විශේෂඥ වෛද්‍ය වරයාගේ උපදෙස් කිව්වා. හැබැයි මට ආරංචියි හොරෙන් හොරෙන් පැණිරස කනවා කියලා. අහුවෙච්චාවෙකෝ මට. :D :D

    ReplyDelete
  11. කතාවනම් මරු!
    ඒක නෙවෙයි මේක කියවනකොට වෙලාව 6.50යි.මේ පින්තූරය දැකලා බඩගින්න වැඩි වුනා !
    ජෝතිෂ්‍යය ඉගනගත්තෙ මහණ වෙලා ඉන්න කාලෙද?
    පැවිදි නම මොකද්ද?

    මේ පැත්තෙ ඇවිත් යන්න හොඳේ- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. නිට්ටඹුවේ මාරතන

      Delete
  12. දෙල් පොතු,වැටකොළු පොතු වලට,හාල්මැස්සෝ,කරවල කැබලි,උම්බලකඩ දාල තෙල් දාපුව එක එක කෑම එක්ක නියමයි.
    ඔය තෙල් දාපුව කිරි හොදි,පරිප්පු හොදි,අල හොදි සමග ඉදි ආප්ප මගේ ප්‍රියතම.

    ReplyDelete
  13. ඇත්තට දෙල් ලෙලි බදින්නේ කොහොමද? ඒවත් අර දෙල් පෙති අව්වේ දාල වේලලා බැදලා සීනි දාල ගන්නවා වගේ කල හැකිද?

    ReplyDelete
  14. අඩේ... මෙයත් එක්ක බෑ. මගේ බඩ ගින්න වැඩි උනා අර ෆොටෝ එක දැකල, මම ගිහින් කාලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඌ මාර පුතයෙක්නේ. මම ඒත් හිතුවා ඒකා දානෙ ගේන ගමන් මගදි කනව කියල. ඉස්සර අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් හිටියෙ ගමේ පන්සලේ හාමුදුරුවො. හාමුදුරුවො ඉස්කෝලෙ ලොකු පන්තියක ළමයෙන් දවල්ට පන්සලට යවනව හාමුදුරුවොන්ගෙ දානෙ පංගුව අරන් එන්න. හාමුදුරුවොන්ට ඉතිං එකහමාරට ගිහින් වළඳන්ට පුළුවන. ඊට පස්සෙ උන්නාන්සෙ ගුරු නිවාසෙට ගිහින් වළඳනවා. අර දානෙ ගේන්න යන එකා මගදි කෙටි පාරවල්වලින් එන අතරෙ කවුරුත් නැති තැනකදි භාජනෙන් මාළු කෑලි, බිත්තරේ එහෙම අරන් කටේ දාගන්නවලු.

      මම නම් දෙල් කිරිදාලා හදල කන්න කැමති නෑ, තම්බලා, ලූණු මිරිස් දාලා තෙම්පරාදු කරල තමයි කන්නෙ. දෙල් ලෙලි හදන බව නම් මම මේ ඇහුවමයි.

      Delete
  15. ආව්ස් අෆ්ෆා. ඇස්වහක් කටවහක් නැහැ මටත් ඔය දෙල් කොස්, කොස් ඇට ඇඹුල් නෙළුම් අල ඔය ජාති වලට හොඳට වග කියන්න ඇහැකි.
    කොතක් උසට බත් බුදලා බැලයා වගේ දොයියන්න ඇහැකි.

    ජය ශ්‍රී... ! කතාව එලස්..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මල්ලියේ මාරයියා නැට්ටට කැමති නෑ ඈ :P

      Delete
  16. මම ලිව්වා ඉංග්‍රීසි පාසැල් නාට්‍යයක් එක ඉංග්‍රීසි කතාවක් ආශ්‍රයෙන්. ඒකෙ නම The Nail Soup. මම ඒක් The Stone Soup කලා. ඒකෙත් ඔයවගේ ඇණයක් උයන්නේ. මේ ලඟදි මට බැංකුවට ගියාම එකෙක් මගේ වැඩේ කරන ගමන් ඇහුවා සර්ට මාව මතකද කියලා. මම නෑ කිව්වාම කිව්වා, "මම එක පාරක් සර්ගේ ස්ටෝන් සුප් නාට්‍යයේ ජෝන්ට හිටියා කියලා.

    ReplyDelete
  17. සෑහෙන කාලෙකින් පන්සල් කතාවක්,,කොහෙද ඉතින් නවත්තනවා කියනවා අරකයි මේකයි නේ,,,කමක් නෑ ආයෙත් මෙහෙම හරි පන්සල් කතාවක් බලන්න හම්බුනා

    ReplyDelete
  18. සිරා ම කතාවක්නේ :) දෙල් මාළුවක් කන්න හිත යි, අෆ්‍ෆා! හැබෑට කොහොම ද ඔය දෙල් පොතු හදන්නෙ? අළු කෙසෙල් පොතු නං කාල තියෙනවා. ඒත් දෙල් පොතු කන එක ගැන ඇහුවෙත් අද ම යි :) ඊළඟ පෝස්ටුවෙන් හදන හැටි දැම්මා නං.

    ReplyDelete
    Replies
    1. මමත් අහල නෑ නේ ජීවිතේට ම.

      Delete
  19. වහාම දෙල් පොතු හදන විදිහ ලියපං. එනවා මෙතන අපේ කට අවුස්සන්න.

    ReplyDelete
  20. ඇත්තමයි මාරයෝ දෙල් පොතු කනව කියල මම ඔය ඇහුවමයි.

    ReplyDelete
  21. මාරයෝ උඹට දැන් හැම කතාවක් එක්කම Receipe එහෙකුත් දාන්න වෙයි.උයනවා කියන්නෙත් කනවා වගේම රසවත් වැඩක් කාලයක් යනකම්.

    ReplyDelete
    Replies
    1. මට නිකං මැවිලා පේනවා සිවුර දාලා, චෙෆ් හැට් එක දාගෙන ඉන්නවා.

      Delete
  22. අර පාළොස්වකයි පුර හඳයි පන්සලට යද්දි අටවකයි අඩහඳයි උනා වගේ සීන් එකක් නෙව.ඇත්තට ඔය පැවිදි පක්ෂ‍ය නිසි ව්‍යායාමයක් නැතුව කකා බිබී ඉඳලා ලොවෙත් ලෙඩනං හදා ගන්නවා.මම හිතන්නේ බුදු හාමුදුරුවෝ රෑට කන්ඩ එපා කියන්ඩ ඕකත් එක හේතුවක් වෙන්ඩ ඇති.

    ReplyDelete
  23. මං කන්න කැමතිම කෑමක් තමයි දෙල්. වෙන මොන ක්‍රමේටවත් හරියන්නෑ. ඔය පොටෝ එකේ තියන ක්‍රමේට තමයි හරියන්නෙ

    මං දැක්කා පාං කාල තියනවා දෙල් එක්ක :D

    ReplyDelete
  24. උඹ කාල නැති දෙයක් නෑනේ බලාන යනකොට .. ඒක නෙවෙයි මාරෙ අයියේ උඹ පුලුවනිනම් කියහං උඹ ලබු කොල ගැඹුරු තෙලේ බැදලා කාලා තියේද ? (විහිළුවට නොවේ සිරා කෑමකි)

    ReplyDelete
  25. Ape pansale loku hamuduruwo nam inne hiree.
    mehe newee London Hiragedara ......

    ReplyDelete
  26. අපේ පන්සලේ හිටියා පඥඥාසිරි කියලා හාමුදුරු කෙනෙක්. දැන් ගිහියෙක්. සිවුරේ ඉන්න කාලේ රුවන්වැලි සෑය වගේ එකකට වග කියලා, තව ඒ වගේම එකක් අරං යනවා ප්‍රසිද්ධියේම රෑට.

    ReplyDelete