03 September 2013

මහාචාර්යතුමා තරහා වෙන එකක් නැහැ මං මෙහෙම කිව්වට ආයිබෝං...

යන්තං ඕං ටිකක් නිදහසක් තියෙන වෙලාවක් සැට් උනා... හැමදාම මේකේ මොනවා හරි කුරුටු ගාන්න කියලා හිතං හිටියට මොකද ඒක වෙන්නෙම නැහැ නෙව... අම්මපා කොහොම ලියාපු එකෙකුටද මෙහෙම උනේ... මතක් වෙද්දි ඇඩෙනවා පින්වතුනි...

 කොහොම උනත් ඉතිං අනං මනං වැඩ එව්වා මෙව්වා ටැපලෙනකොට මේවා කොහු කොහු වෙලා යනවා... එව්වා ඉතිං ලෝක සුභාව දරුමෙටම අයිති දේවල්..එහ්නං...

කොඹළ ආවට පස්සේ ඉස්සර තරමට මේක ලියන්න උනේ නැති උනාට මොකද ලියනවනං දේවල් ඉහටත් උඩින් දවසගානෙම සැට් වෙනවා... ඒත් කරුමෙට ෆෝ කකුල් කියන්නේ ලියා දාන්න වෙන්නෙම නැහැ...

අදනං ඔන්න ටිකක් කලියෙන් කාලා බීලා.. දවසට නියමිත රාජකාරි වේල පහින්ම අවසාන කොරලා පරණ හින්දි සිංදුවකුත් ටියුන් කොරං මෙතන වාඩි උනේ මොනවාම හරි ලියලා දාන්න කියලා හිතාගෙනයි...

ඔහෙලට කියන්න ඔන්න මේ පහුගිය දවස්වල මට පික්සු හැදෙන නාට්ටිය බැලිල්ලක් සැට් උනා නෙව...

මහාචාර්ය එදිරිවීර සරත්චන්දර උන්නැහේ පරලෝ සැපත් වෙලා දාහත් අවුරුද්දක්ද කොහේද වෙන හින්දා කියලා ඒ මහතැන්ගේ නෝනා මහත්මිය සහ නාට්ටිය කණ්ඩායම මූලික වෙලා උන්නැහේගේ නාට්ටිය එක දිගට දවස් දහයක්ම පෙන්නුවා නෙව මේ බොරැල්ල YMBA සාලාවේ... මට ඉතිං පයින් යන දුර නෙව ඕතන.. මාත් හිටු කියලා බැලුවා බැලිල්ලක්... ඒත් ඉතිං වැදගත්ම දෙකක් මිස් උනා මගේ මේ පංති කෙරුවාව හින්දා... මොනවා කොලත් ගෙඩි රුපියල් බර ගාණක්ම ගෙවලා යන ඉංගිරිසි කැලෑසිය කට් කොරන්න බැහැ නෙව මහාචාර්ය තුමා වෙනුවෙන් උනත්.. ඒ හින්දා දවස් දහයෙන් දවස් දෙකක් එහෙම නැති උනා.. එතැනින් ගියාම උන්නැහේලා මනමේ සහ සිංහ බාහු දවස් දෙක දෙක පෙන්නුව හින්දා එතැනිනුත් සිංහබාහු දෙකමයි.. මනමේ එක පාරකුයි අතෑරියා.. සිංහබාහු අතෑරියේනං මං මෙයිට ටික දවසකට කලියෙන් බොරැල්ල පුංචි තියටරයේ ඕක බලපු හින්දා..

ඔහෙලට කියන්න ඉතිං ලැජ්ජා වෙන්නේ මක්කටැයි.. අවංකවම කිව්වොත් දෙපාරක් බලන්න තරං මට හිතුනෙම නැහැ නෙව ඕක... මං නොගියට මගේ යාළුවෝ කිහිප දෙනෙක් ඒක බලන්න යන්න සැට් කරලා මං සාලාව ගාවටම ගිහින් ආපහු ගෙදර ගියා එදත්.. උන් ඒත් අහපි “ඇයි තව පාරක් බැළුවම මොකද වෙන්නේ“ කියලා... මං කිව්වා “උඹලත් බලලම කියහල්ලකෝ දෙපාරක් බැලියැකිද කියලා“..

අපරාදේ කියන්න බැහැ උන්දලත් ඒක බලලා ආපහු එන ගමන් මටම කිව්වා “කතාව ෂරිය.. දෙපාරක් තියා එක පාරක් බලන්නත් නිකං මෙව්වයි“ කියලා... එතැනින් එක්කෙනෙක් මෙයිට කලින් පේරාදෙණියේ වලේද කොහෙදත් ඕක බලාපු කෙනෙක්... උන්දැත් කියපි දැන් ඉන්න සිංහයා නිකං පූසෙක් වගේය කියලා.. :D ඉතිං උන්දලට එහෙමනං මේ  සරල සාමාන්නිය සිම්පල් මනුස්සයා වෙච්ච මට ඕක දිරවයියෑ... කොටින්ම කියන්න මෙච්චර කාලයක් ආසාවෙන් අහ අහ හිටිය “ගල්ලෙන බිදලා“ සිංදුව උනත් මේ සිංහයා කියද්දී ඒ හැටි ගැම්මක් මටනං ආවේ නැහැ...

මං දන්නේ නැහැ සරත්චන්දර මහාචාරියතුමා හදපු කාලේ වගේමද මේක දැනුත් තියෙන්නේ කියලා.. ඒ කොහොම උනත් මටනං දෙපාරක් බලන්න තරං ඒකේ කිසිම ගතියක් නැහැ.. ආයේ නිකං “වෙන්න ප්‍රබුද්ධ“ පොරක් වෙන්න  කියලා හිතලා අර මොකක්ද සළුව.. ආ මතක් උනා සීතාම්බර පට සළුව වගේ ඕක හරි අගෙයි කියලා වනන්න ඕන නැහැනේ ආයිබෝංලා... නාට්ටිය පුරාවටම ඒකේ රඟ පාපු උදවියගෙන් සුප්පාදේවියට හිටිය පැරණි නිළියක්ය කියන්න පුළුවන් කෙනා ඇර අනිත් උන්දලගේ මෙලෝ ලකයක් තිබුනේ නැහැ... සිංහබාහුට ඉන්නේ අර ටෙලිනාට්ටිය වලත් ඉන්න නළුවා.. සනත් විමලවීර... ඇඩෙනවා... 

ඇඩුනේ මොකවත් හින්දා නෙවෙයි මේ පාර මනමේ බලන්න ගියාම ඒකේ මනමේත් ඒකාමයි... නාට්ටිය දෙකේම එකම ඇදුම්..එකම රඟපෑම්.. කොටින්ම පොතේ ගුරාටත් ඒකෙයි මේකෙයි කෑලි ටැපලෙනවද මංදා... මනමේ සිංහබාහු ගැන කාලයක් තිස්සේ අහලා අහලා හිතේ ඇදිලා තිබුන ප්‍රතිරූප එක් සැනෙන් දියාරු කොරලා දාන්න සනත් මල්ලි දක්ෂ උනා කියලා නොකිවුවොත් හරි නැහැ නෙව... සනත් මල්ලි ඇත්තටම ඒකටනං දස්සයා... මට මනමේත් එපා උනා..සිංහබාහුත් එපා උනා...

හැබැයි ඉතිං ඔහොම වෙලා තිබුනට මොකද එක නාට්ටියක් ඔන්න යන්තං සරත්චන්දරතුමාගේ ජමේ බේරගත්තා.. ඒ තමා “මහාසාර...“

කිසිම අප්පිරියාවක් නැතිව බලන්න ඇහැකි.. තව පාරක් පෙන්නුවොත් එදාටත් ගිහින් බලන්නත් ඇහැකි... හැබැයි ඒ‍ක එහෙම වෙන්න නළු නිළියන්ගේ දස්සකම බලපෑවා කියලා කියන්නම ඕන... මැණිකේ අත්තනායක... විජය නන්දසිරි දෙපල තමා මේන් කැරැක්ටර්.. ආයේ ඉතිං කියලා වැඩක් නැහැ... උන්දලනං රඟ පාන්නම උපන්න උන්දලා... 

කට්ටිය පහුගිය දවස්වල කියනවා මං අහගෙන විජය නන්දසිරි මහත්තයගේ පාදයක් ඉවත් කරලා කියලා ශල්‍යකර්මයක් කරලා... ඒක කොහොමද කියලනං හරියටම කියන්න තේරුනේ නැහැ.. සමහර විට බොරු කකුලකින් වෙන්න ඇති මේකේ රඟපාන්න ඇත්තේ.. ඒත් ඒක එහෙමනං මල් තියලා වඳින්න වටිනවා උන්දැගේ රඟ පෑමට... මුල ඉදලම තාලයට අඩිය තියමින් රඟපෑවා උනත් ඒ වැඩි හරිය තරමක් හිමිහිට තමා කෙරුනේ.. ඒ හින්දයි මටත් හිතුනේ කතාව ඇත්තක් වෙන්න ඇති කියලා.. හැබැයි එහෙමයි කියලා කිසිම අඩුවක් පේන්න දුන්නේ නං නැහැ.. එහෙම ගිහින් එක තැනකදී රජතුමා හැටියට ඉන්න විජය නන්ද සිරි මහත්තයා තරමක් වේගවත් පාද චලනයක් එක්ක වේදිකාවට එන දර්ශනයකදී මෙන්න එනවා බොලේ පුදුමාකාර විදියකට රිද්මයකට පාද තියමින් නට නට... ඇත්තයි ඕං.. අර විදියේ කරදරයක් වෙලා තියෙද්දිනං උන්නැහේ ඒ වගේ ආවේ... ආයේ ඉතිං ඇස් වහක් කටවහක් නැහැ අපේ ආයුසත් අරං දීර්ඝ කාලයක් ඉන්න ඕන උන්නැහේ.. ඒ තරංම දස්සකමක් තමා ඒකනං...

අනික ඉතිං උන්නැහේත් මේකෙන් අහක් උන දාට ඒකටත් අර වගේ නළුවෙක් පැනලා මේකත් චකබ්ලාස් කරලා දාන්න ඉඩ තියේ... එහෙම නොවෙන්න අනේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා උන්නැහේ...

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම නාට්ටිය කිහිපයක්ම බලා ගන්න මට ඇහැකි උනා...

මනමේ..
මහාසාර..
හස්තිකාන්ත මන්තරේ..
ඒකට මට හිනා හිනා..
මඟුල් ප්‍රස්ථාව..
රත්නාවලී...

කියන නාට්ටිය ටික තමා ඉතිං බලන්න උනේ... කපුවා කපෝති / කඳා වළලු / එලොව ගිහින් මෙලොව ආවා.. කියන ඒවා මිස් උනා... ඔතනින් මහාසාර වගේම හස්තිකාන්ත මන්තරෙත් තරමක හොඳ තත්වයක තියෙනවා ඒකෙත් සනත් විමලවීර හිටියා උනත්... මගුල් ප්‍රස්ථාව හිනා සාගරයක්... (මගුල් ප්‍රස්ථාවනං අපි වගේ පීචං පංතියට සුපිරි... :D අහලා ඇතිනේ ඔහෙලා අර සුප්‍රසිද්ධ වික්ටර් රත්නායකයන්ගේ “ස“ ප්‍රසංගය ගැන වාර්ථාමය වැඩසටහන...) හැබැයි ඒකට මට හිනා හිනා කියලා හදලා තියෙන කාලගෝල කතාවනං මෙලෝ හිනාවක් යන්නේ නැති එකක් වෙනවා අර දික්තලාට හිටිය නළුවා නොහිටියනං.. (ඒකනං සුපිරි.. නළුවෙක් උනාට ගෑණු චරිතේ දෙනවා ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම..) කාල ගොලයට ඉන්නේ මොන ලෝකෙන් හොයා ගත්ත නළුවෙක්ද මංදා... එක්කෝ කාලගෝල ගැන කාලයක් තිස්සේ අපේ හිත්වල ඇදිලා තියෙන රූපයට සමාන එකෙක් දාන්න ඕන.. නැත්තං පෙනුම නැතත් රඟපාන්න ඇහැකි එකෙක් දාන්න ඕන.. මේකට ඒ දෙකම නැහැ... හදිසියට පාන් බාගයක් ගේන්න කඩේ යවන්න වගේනං නරක නැහැ.. මං හිතන්නේ නළුවෙක් නැති හින්දම ගත්ත එකෙක් හරි... එහෙමත් නැත්තං නාට්ටිය කණ්ඩායමට හත් අවුරුද්දක් විතර බැල මෙහෙ කරලා චරිතේ ඉල්ල ගත්ත එකෙක්ද කොහේද... මෙලෝ රහක් නැහැ... 

රත්නාවලීනං උසස් පෙළටත් නිර්දේශ කරලා තියේ කියලා කිව්වා.. ඒක එහෙමනං ඉතිං ඒක නිර්දේශ කරපු එකාට කීයක් හරි දෙවලා වෙන්න ඇති නිර්දේශ කොරන්න ඇත්තේ... පිස්සු විකාරයක්.. අන්තිම දුර්වල පිටපතක්.. හරියට නිකං අර හැටේ දසකේ දෙමළ චිත්තර පටියක් වගේ... කතාව අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගියෝය කියන්න හදපු මේ ලෝකේ විදියකට විස්වාස කල නොහැකි කතා වස්තුවක් සහිත නාට්ටියක්... ඔය තමා ඉතිං මට තේරුන හැටි... 

හැබැයි ඉතිං මෙව්වා මෙහෙම ප්‍රසිද්ධියේ කිව්වම ප්‍රබුද්ධ උන්නැහේලා මට නෙලයිද දන්නේ නැහැ බිම දමාන... අනේ ඉතිං මයේ වරදක් නැතිවා ආයිබෝං... ඉස්සර කොහොම උනත් දැන් ලගකදී මේව්වා බලලාම මං වරදක් කියනවා කියලා හිතෙනවනං නෙලන්න මයෙ අම්මා.. නෙලන්න... ලගකදී බලලා නැත්තං ගෙහුං බලලා ඇවිත්ම නෙලන්න.. හැබැයි මට නෙවෙයි නාට්ටිය ටිකටම.. :D

නාට්ටියවල තත්වය කොහොම උනත් රුපියල් 100ක් වගේ සුළු මුදලකට නාට්ටියක් බලන්න අවස්ථාව දීම අගේ කරන්න ඕනම කාරණයක්... අපරාදේ කියන්න බැහැ සෙනගත් සාලාව පිරෙන්නම... සමහර දවස්වල ටිකට් තිබුනෙත් නැහැ.. මගේ වෙලාව හොද කොමට මං කලියෙන්ම දවස් ඔක්කෝටම හරියන්න කල්පනා කොරලා ටිකට් එක පාර ගත්ත හින්දා කරදරයක් හිරිහැරයක් නැතිව නාට්ටිය ටික බලා කියා ගත්තා...

ආයේ ලබන අවුරුද්දේ අගෝස්තුවෙත් මේක මේ වගේම තියෙනවා කියලත් දැනුම් දුන්න හින්දා මේ පාර බැරි වෙච්ච ඒවා ලබන පාරවත් බලා කියා ගන්න ඕන මේ අහලක හිටියොත්... කවුද දන්නේ අද මෙහෙ හිටියට හෙට කොහේ හිටීද කියලා...

33 comments:

  1. අවංකවම ඒක බලලා ඉවර උනාම ලංකාවෙ කැලෑ වල සිංහයෝ නැත්තේ ඇයි කියලා තේරෙනවා

    ReplyDelete
  2. මම පොඩි කාලේ මනමේ නාට්‍ය බැලුව වගේ මතකයක් තියෙනවා අපි තංගල්ලේ ඉන්න කාලේ. ඒ කාලේ නම් ඉතින් අපේ ගෙදර අය ඒ පැත්තට එන එක වේදිකා නාට්‍යක්වත් අත ඇරියේ නෑ..

    ReplyDelete
  3. ශික් දැනගෙන හිටියේ නැහැ නැතිනම් බලනවා, මාරයා මල්ලියේ මිට පස්සේ ඔහොම් දෙයක් දැනගත්තම පොඩි දැනුම් දීමක් කරහන් තරහා නැතිව.

    ReplyDelete
  4. නිකං සැඟවුණු මැණිකක් වෙන්නේ නැතිව මාරතුමා ඉදිරිපත් වෙන්න රඟ පාන්න. ඒකත් කරලා බලමු(ද)? :D

    ReplyDelete
  5. එදා සහ අද ... :)


    // සපතේරු උන්නැහේ June 16, 2013 at 12:45 PM

    හැම රෙද්දටම "ඒ කාලෙනෙ කාලෙ දැන් කාලෙ මොන කාලයක්ද " කියන එකෙක් නෙමෙයි මම ".... ඒත් මේ සිංහය නම් අපේ කාලෙ සිංහය ( ජය ශ්‍රී චන්ද්‍රජිත් ) ගානට නෑ...


    Replies

    මාරයාගේ හෝරාව June 17, 2013 at 12:09 PM

    හපෝ මෙන්න අතීත කාමේ... :D :D :D //

    ReplyDelete
  6. මගුල් ප්‍රස්තාව ඇරෙන්න මම නම් අනික්වා එකක්වත් හරියකට බලල නෑ. විජය නන්දසිරි ගැන නම් මොකට කියනවද?? අන්න නළුවෝ!

    ReplyDelete
  7. සනත් විමලවීර නෙවෙයි සනත් විමලසිරි මං හිතන්නේ... යකෝ ඌ නිකම් ගෑනු පරාණයක් වගේ නළුවෙක්නේ. සිංහබාහුට නෙවෙයි සිංහසීවලීට වගේ නම් හොඳයි ඔන්න.

    ReplyDelete
  8. හැමදේම වෙනස්වන ලෝකයේ මලයෝ නාට්‍යයත් වෙනස් වෙලා. අපි විපරිත දකින ලෝකයේ මේවත් සෙප්පඩ විජ්ජා බවට පත් වෙලා. මෙන්න මෙතැනදි තමයි රසය කියන දෙයට නියම අරුත එන්නේ. එදා දිදාලා ජය ශ්‍රීලා කළ දේ අද නොවෙන්නේ ඇය කියන දේ. පිටපත එය මයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි සියල්ල වෙනස්වෙන ලෝකෙ ගල්ලෙන විතරක් බ්‍රෝක් වෙලා නවතියිද

      Delete
  9. මනමේට විජය නන්දසිරිත් ,සිංහයාට නිශ්ශංක දිද්දෙනියත් රගපානවා දැකලා තිබේ

    ReplyDelete
  10. ගල්ලෙන බ්‍රෝකන්.. ලෙන්දොර ඕපන්
    ලයන් බා..... ලයන් බා........ ලයන් බා...........

    ReplyDelete
    Replies
    1. ආ.......... ලයන් කියල දැන් බ්‍රාත් තියෙනවද බන්

      Delete
    2. චී.. කැත හිතනේ .. :D

      Delete
    3. සමියට අලුත් බිසිනොස් එකක් සෙට්වෙලාද බං, කොහේද පොළවල්වලද විකුණන්නෙ. දන්න කියන ගෑනු දැරිවියොන්ට කියඤ්ඤං, හෙලුප් එකක් දෙන්ටෙපෑයැ. :D

      Delete
  11. මනමේ එකේ "පොරණ දඹාදිව අතීතයේ සිට" කියලා පටන් ගත්තම ඉවර වෙනකම්ම මට කට පාඩම්.. සිංහභාහුත් එහෙම්මමයි.. සනතුත් දක්ශයා හැබැයි වේදිකාවට නෙවෙයි.. විශේශයෙන්ම නූර්ති, නාඩගම්වලට.. මේක ලෝක ධර්මය අනුව ඔහොමම විනාශ වෙලා යාවි.. බුදු දහමත් විනාශ වෙන ලෝකේ සරච්චන්ද්‍ර කවුද කියලා හිත හදා ගන්නවා.. පුරුදු විදිහට ධනාත්මක පැත්තෙන් බලලා මේ නාට්‍ය මාලාව නිසි පරිදි නරඹපු අන්තිම පරම්පරාව අපිනේ කියලා හිත හදාගන්නවා...

    ReplyDelete
  12. සනත් විමලවීර දක්ෂ නළුවෙක් රූපවාහිනියට, එත් මිනිහා සිංහ බාහුට නම් දශමයක් වත් ගැලපෙන්නේ නෑ කියලානම් දැනුනා එක බලපුවාම. හොඳ වෙලාවට්සා මම සිංහබාහු විතරයි බැලුවේ.

    ReplyDelete
  13. සිංහබාහු, ජය ශ්‍රී චන්ද්‍රජිත් සිංහයා කාලෙ බැලුවා.... ඒක මරු.... මාරයා කියනවා වගේ වේදිකා නාට්‍ය වල සාර්ථකත්වයට ඉන්න නළුවෝ ගොඩාක් බලපානවා. වේදිකාවෙන් ඉගෙනගෙන ටෙලිනාට්‍ය වලට ගිය අය තමයි අදටත් හොඳ නළුවෝ... අලුත් පරම්පරාවේ ගිහාන් ප්‍රනාන්දු උණත් වේදිකාවෙදිත් දක්ෂයෙක්... එතකොට සුජීව ප්‍රියලාල් එහෙමත් දක්ෂයි. සනත් විමලසිරි නම් වේදිකාවෙන් බිහිවුණ කෙනෙක්ද කියන්න දන්නේ නෑ... හැබැ‍යි ටෙලිනාට්‍ය වල රඟපෑමත් මට එච්චර දිරවන්නේ නෑ.

    ReplyDelete
  14. කියන්න නම් ලැජ්ජයි . මමනම් ඔය මොකවත් බලලා නෑ . ඒත් ඔක්කොම පිටපත් කියවලා තියෙනවා . ඒත් බලලා නැති නිසා කොල්ටියක් නෑ . පිටපත කියවලා අයිඩියා එකක් ගන්න එක හරියට තැපෑලෙන් පීනන්න ඉගෙනගත්තා වගේ .

    ReplyDelete
  15. මම සිංහබාහු බැලුවේ ඉස්කොලන් යන කාලේ යාලුවෙක්ගෙ ටියුෂන් පන්තියක හිටපු කෙල්ලෝ ටිකක් එක්ක ඉස්සරහම පේලියේ ..... මෙන්න බොලේ සිංහයා (නිශ්ශංක දිද්දෙණිය) එනවා කොට රෙදි කැල්ලක් ඇදගෙන යටට ජෝකේක් (වගේ එකක්) ඇදලා..... උඩ පැන පැන සිංහයා නටද්දී ඉස්සරහම හිටිය කට්ටියට අර පොට්ටනිය නියමෙට පේනවා .. කෙල්ලෝ ටික සිංහයා එනකොට බිම බලාගන්නවා
    අපි කෙල්ලෝ දිහා බලන් ඉන්නවා
    අදටත් දාන්නැ නාට්ටියේ මොකද උනේ කියලා

    ReplyDelete
  16. සෙනත් හිතාගෙන ඉන්නව ඇත්තෙ මිනිහ රඟපාන්නෙ ටෙලි නාට්ටෙක කියල වෙන්න ඇති.
    විජය නන්දසිරි ගැනනං කියල වැඩක් නෑ. මිනිහට කරන්න බැරි දෙයක් ඇතියි කියල මම හිතන්නෙ නෑ.

    ReplyDelete
  17. දැන් පෞර්ෂයක් තියෙන නළු නිළියෝ නෑ... ඒකයි ඇත්ත කතාව.. පෞර්ෂය නැති උනාට එකසිය ගානට උන නම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. අද ඒක උණක් වෙලා.

      Delete
  18. හ්ම්ම්.. දැන් ටෙලි නාට්ටි වල ඉන්න අයට රඟපාන්න බැරි නිසා ඒ අයට නළු නිළියො කියන්න පුළුවන්ද මන්ද.. ටීවි එකටත් හෙනම ගැහිලා ගියා... සිනමාවටත් එසේමයි... වේදිකාවටත් ඒ සෙතේම නං ඉතිං දැනට ඔය යන උණ කාරයෝ වත් නොයි ඉන්න එකයි වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ටීවී එකට නම් තාමත් හෙන ගැහිලා නෑ හිරූ මම හිතන්නේ. සමහර චැනල් වලටනම් හෙන ගැහිලා තියෙනවා... ජාතික රෘපවාහිනියෙ යන ටෙලි, මා, ත්‍රීතාල් වගේ සංගීත වැඩසටහන් තාමත් බලන්න ඉතිරි වෙලා තියෙනවා.. මම කිව්වේ පොඩ්ඩයි.. තව ගොඩාක් තියෙනවා...

      Delete
  19. මා.....ර විචාර.

    අර ගල්ලෙන බිඳලා ගීතය අපිට 11 වසරෙ සිංහල පොතේ තිබ්බා. ඔය පාඩම කරද්දි අපේ පන්තියෙ හිටපු එකෙක් ඕක කිව්වා උළු හෙල්ලෙන්න, හෝල් එකේ තිබුනු අනිත් පන්තිවල ගුරුවරුත් ඉගැන්නිල්ල තියෙද්දි ඒ පැත්ත බලාගෙන හිටියා.

    ReplyDelete
  20. සනත් විමලවීර ජගත් චමිල එහෙම මාර නලුවෝ කියලා ගොඩක් අය ලේබල් ගැහුවට අනේ ම්න්දා බන් මටත් ඒ අයගේ රඟපෑම් බලද්දී චන්න කියන ටෙලි නලුවගේ වගේ ඕවර් ඇක්ටින් මිසන් තාත්වික රඟපෑම් නම් දකින්න ලැබිලම නැති තරම් . .

    ReplyDelete
  21. මොන මහාචාර්ය තුමා ලිව්වත්..මොන නළුවා රඟ පෑවත් දිරවන්නෙ නැත්නම් ඒක කියන්න ඕනිනෙ මල්ලියෙ..බොලා ඒක නියමෙට කරලා තියෙනවා..

    ReplyDelete
  22. කියන්න දුකයි සුදෝ..මේ නාටක එකක්වත් මම බලලා නෑ...රත්නාවලී කිව්වම කට්ට කාගෙන ඉස්සර දවසක පස්සෙන් ගිය කොළ පාට ටයි දැරිවියන්ගෙ සීදේවි මූණු ටික තමයි මට මතක් වුනේ...

    ReplyDelete
  23. මං සිංහබාහු බැලුවේ පලවෙනි සැරේ 9 වසරේ ඉද්දි ඒ කියන්නේ 2009 වරුසේ . ඒ අපේ ඉස්කෝලේ ලොකු අයියලා අක්කලා ඔව්වා බලන්න එක්ක යද්දී මමත් ඒ අතරට පැනලා ගියා.
    උන්නු නළුවෝ නම් මං දන්නේ නැහැ. මමත් ඔය "ලෙන් දොර බිඳලා" කියන ගීතයට මං හෙන ආසයි.
    තව ඔකේ තියෙනවා නේද අර සිංහයා පීතෘ සෙනෙහස ගැන කියන හැටි අන්න ඒකටනම් කඳුළු එන තරම් දුක හිතෙනවා. දැන් ගොඩක් කල් මතකයේ එපමණයි. ආයේ බලන්න ඇත්නම් හිතෙනවා. නාට්‍ය කලාවට ආසයි. ඒ උනාට බලන්න අපිට විදියක් නැහැ.
    මෙහෙ ඉස්කෝල වලින් ගෙන්වලා කලොත් තමයි..

    Bora Diyaka Induwara

    ReplyDelete
  24. මටත් සිංහබාහු පාර එච්චරම වැදුනේ නැහැ මාරයා. එත් ලඟදි බලපු එව්වගෙන් බල්ලොත් එක්ක බෑ නම් බොක්කටම වැදුන.

    ReplyDelete
  25. විජය නන්දසිරි, ගිහාන් ප්‍රනාන්දු, මැණිකේ අත්තනායක අන්න වේදිකාවටම හරියන අය. පහුගිය දවසක ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙ ගැබ්බර මිනිසා බලලා මට නම් නාට්‍ය බැලිල්ලත් එපා උනා. එයාල රඟපාන්නෙ මෙගා ටෙලියක රඟපානව කියල හිතාගෙනද කොහෙද

    ReplyDelete
  26. විජය නන්දසිරි මේ දවස්වල මෙහේ. අධිරාජ්‍යවාදී ඇමරිකාවේ. අර කතාව ඇත්ත. සීනි වැඩි උදවිය පරිස්සම් වෙන්න ඕන කියන්නේ ඕක තමයි.

    ReplyDelete