13 September 2013

හැබෑටම කවුද ඒ..?

මං ඊයේ දාපු පොටෝ කෑල්ල මතකයිනේ... ඒ කිව්වේ මෙන්න මේක...

හරි එතකොට කවුද මේ කකුල් දෙකේ හිමිකාරයා... මං හිතන්නේ මේක හරියට කියා ගන්න ඇහැකි උනේ එකම කෙනෙකුට විතරයි... ඒ තමා අර අපේ වයෝවෘද්ධ තිස්ස සිරිමතාණන්.. උන්නැහේ වත්ත වටේ ගොහින් හරි ගහටම කොටලා තිබුනා... (කොහොමටත් උන්දැට ඔය එහෙට මෙහෙට කොටලා පුරුදුයි අපි දන්න හැටියට..)

ඉතිං මේ තමා අපේ බ්ලොග් හිතවතා.. මෙන්න මෙයා.... හැබැයි ඔය දීලා තියෙන්නේ මෑන් කරපු වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකේ ලින්ක් එක තමයි.. අපරාදේ කියන්න බැහැ අපි කීප දෙනෙක් වර්ඩ් ප්‍රෙස් කාරයින්ට පට්ට යන්න බනින වෙලාවක මෑන්ට බයටම හැදුවා බ්ලොගර් එහෙකුත්.. මේ ඒක... :D

ඉතිං කාලයක් බොහෝම අපූරුවට බ්ලොග් වල කොමෙන්ට් කොට කොට හිටපු.. ඒ වගේම බ්ලොග් එකත් බොහෝම සාර සුබාවට කොරගෙන ගියපු.. ඒත් මේ වෙද්දී හෙන ගහපු වැල ගෙඩිය ගානට බ්ලොග් එක පාළුවට ඇරලා දාලා හාන්චි පයිස් ගහලා ඉන්න සපතේරු උන්නැහේ ගැන තමා මේ කිව්වේ... මේ පොටෝව ගත්තේ මේ මෑතකදී උන්දෑ ලංකාවට ආව වෙලේ උන්දැව බලන්න ගිය වෙලාවක... රස්සාවට කරන්නේ සපත්තු වෙළදාම උනත්.. මේ යෝධයා හදිසියට දාගෙන දුවං ආවේ ළමයෙකුගේ සෙරෙප්පු දෙකක්.. ඒක දැක්ක ගමන්ම “සපතේරුවා“ කියන නමත් එක්ක මගේ හිතේ ඇදිලා තිබුන ප්‍රතිරූපය මං සුටුස් ගාලා වෙනස් කර ගත්තා “සෙරෙප්පුවා“ කියලා ඒකත් “කොට සෙරෙප්පුවා“ කියලම තමා ඕං.
.. මෑන් සම්බන්ධව වැඩි විස්තර කියන්න ඇහැකි උනත් හරි නැහැනේ.. පවුලත් නැතිව කන්නත් නැතිව රෙදි හෝදන්නත් නැතිව වේලි වේලි ඉන්න දවස් ටිකේ අපිත් වට වෙලා නෙලන එක...

( ඒ ඔක්කෝටමත් වඩා මට දුන්න වටිනා කියන සපත්තු දෙක ගැනවත් ඉවසලා කට පරිස්සං කරගන්න ඕන නෙව... :D :D :D)


11 comments:

  1. ඔක්කොමත් හරි උඹ මේ මනුස්සයව අර කෙන්ජිට සමාන කිරිල්ලත් හරි. දැන් ඉතින් කෙන්ජි දාන කමෙන්ට් ටිකක් එක්ක ඇනෝ රිප්ලයි ටිකක් කපල අලෝල සපාගෙ පවුලට දුන්නනම් බලාගන්න පුලුවන් සපා බෙයාර්ෆූට් දුවන හැටි.

    ReplyDelete
    Replies
    1. මාරයාගේ හෝරාවSeptember 12, 2013 at 10:04 PM
      කෙන්ජි අයියනං දන්නේ නැතිව ඇති... හදුනගන්න වටින හාදයෙක්.. මං පස්සේ හදුන්වා දෙන්නංකෝ... ඔයාටම හරියන තකට තක බුවා...

      Delete
  2. මේ සත්‍වය ගැනද කියැව්වෙ.
    මේකගෙ ලිපි වලට මට මතක හැටියට කොමන්ට් කරල ඇති.

    ReplyDelete
  3. වඩුවගෙ ගෙදර පුටුව නෑ කියන්නේ, කට කහනවටය... මූද බුවා...

    ReplyDelete
  4. මාරයා මොකද මේ දිගට හරහට එක එකාගේ ගුනකථනම කරන්නේ ??????????????????

    ReplyDelete
  5. දැන්නං මනුස්සයට සෙරෙප්පු දෙක ඔළුවෙ දාගන්න හිතිල ඇති. ;D

    ReplyDelete
  6. යකඩෝ . .. මේ සපාද . .. හෙ හෙ හේ . . ගිය සතියෙම මම මුගේ ගෙදර හිටියේ නිකම් වත් කිව්වේ නෑනේ මේ මූ කියලා . .

    ReplyDelete
  7. මෙහෙමත් රෙදි ගැලවිල්ලක්

    ReplyDelete
  8. මාර වැනුම්...++++++++++++++++

    ReplyDelete
  9. මෙන්න තවත් මාරයාගේ මඩක් අම්මපා මාරය කියන්නේ නිකන්ද? නිකන් මාරයා නෙවෙයි මඩ මාරයා කියල තමයි අලුත් නම පට බඳින්න වෙන්නේ හැක් හැක් හැක්

    ReplyDelete