17 September 2013

සියල්ල අතැර දමා මාරයා නැවු නගින ලද වගයි...

ඔන්න ඉතිං අවසානෙදි මාරයාතුමා වන මංතුමා නැවු නගින්න තීරණය කලා.. මේට එක පැත්තකින් බැළුවොත් හදිසි තීරණයක් තමයි... හැමදේම සැට් උනේ හදිසියේ... ඒත් ඉතිං හදිසි තීරණයක් කියලා කිව්වට මේක කරන්න ඕන කියලා මං තීරණය කරලා දැන් හුගක් කාලයක්... ඒත් ඒකට මෙහෙම හදිසියේම කටයුතු යෙදෙයි කියලා කවුද හිතුවේ.. ඒත්...

අවස්ථාව ලැබුන වෙලේ ආයේ දෙතුන් පාර කල්පනා කර කර ඉන්න දෙයක් මට තිබුනේ නැහැ... ඉස්සර ඉදන්ම මේක හිත හිතා හිටිය එකේ මේ හදිසියේ ලැබුණු චෑන්ස් එකට පයින් ගහන්න උවමනාවක් නැහැනේ.. ආන්න ඒ හින්දා අවසානයේදී හදිසියේ නමුත් මං මේ තීරණේ කිරියාත්මක කලා...

කට්ටිය සමා වෙන්ට ඕන කල් ඇතිව දැනුං දෙන්නේ නැතිව එක පාරටම නැවු නැගලම මෙහෙම කියන්න තියා ගත්ත එකට... ඇත්තටම මාත් මේ ගමන යොදා ගත්තේ හදිසියේ.. ඒ කිව්වේ පෙරේදා තමයි එක පාරටම මට හදිසියේ මේ අවස්ථාව ලැබුනේ.. ඉතිං ආයේ වන වන ඉන්නේ නැතිව ලැබුන පළමු අවස්ථාවෙන්ම මං පරයෝජනේ ගත්තා.. ඒ කියන්නේ නැවු නැග්ගා... හැබැයි ඉතිං ඔය එහෙට මෙහෙට පැන ගත්ත බොහෝම උදවිය කරන්නැහේ අනිත් උනුත් ඒ චෑන්ස් එක ගනී කියලා හිතලා තමුන් නැවු නැග්ග කොරමේ හංගං ඉන්න ජාතියේ එකෙක් නෙවෙයි නෙව මංතුමා... ඒ හින්දා අනිත් අයටත් දැන ගැනීම උදෙසා මෙන්න කොරමේ.. හැකි කෙනෙක් හැකි ඉක්මනට නැග ගන්න එකයි ඇත්තේ.. ඒ හැටි කාලයක් මේ චෑන්ස් එක නැහැ.. ලබන 22 විතර වෙනකල් තමා වැඩේ තියෙන්නේ... මෙන්න විස්තරේ...


ඔය ඈත පේන්නේ මං නැගපු නැව තමා...
 ඔන්න තව ටිකක් ළගට...
 මං නගිනකල් නැව් කඹ දාලා නැව බැදලා තිබුනේ මෙන්න මෙහෙම...
 නැවේ නම හෙමත් ඔය තියෙන්නේ...
 මං විතරක් නෙවෙයි තව බොහෝමයක් ඈයෝ නැවු නැග්ගා..බැස්සා... මේ කොළපාට උදවිය ඇවිල්ලා කළුතර ට්‍රේනින් කොලීජියක නංගිලා වගයක්... හම්මෝ නැවෙන් බාගයක්ම මෙයාලා පිරිලා හිටියේ...
 සුදු මල්ලිලා බොහෝම හොදට හිනා වෙලා නැවට පිලිගන්නවා...
 බුවා පුල් ආතල් එකේ බැරල් එහෙකට බෙර ගගහා ඉන්නවා...
 මේ වගේ දොරවල් තමා නැවේ  තිබුනේ...
 උඩට යටට බහින්න තිබුනේ මෙහෙම පඩි පේළි... (හැබැයි මංනං නැග්ගේ බැස්සේ නැහැ.. :D )
 මුලින්ම නැවට නැග්ගම මෙතන වාඩි කරවලා පොඩි පැහැදිලි කිරීමක් එහෙමත් කරලයි ඇතුලට දාන්නේ...
 නැව ඇතුලේ තිබුන ආපන ශාලාවේ නංගිලා...
 ඉතිං ආයිබොංස්ලා... මං නැවු නැග්ගේ මෙන්න මේ කියන පොත් ප්‍රදර්ශනේ බලන්ට නෙව... බලන්ටකෝ ඇවිත් ඉන්න සෙනග...
 ඔන්න ඉතිං නැවේ තිබුන අංගෝපාංග කිහිපයක්...
 නැවු ඇංජිමක් නෙව...
 දොස්තර හිතහොඳගේ නැව මතක් උනා...
 මංතුමා නැවේ ජනේලයක් ගාව...
 ද නළුවා...
 නැවු නැගලා අවසානේ නැවේ කපිතාන් තැනට මං තියාපු පණිවිඩ පොජ්ජ තමා මේ...
 නැවේ කාර්ය මණ්ඩලේනං කියලා වැඩක් නැහැ.. සුපිරිම සුපිරි... බොහෝම හිතවත් තරුණ පිරිසක්... මෙයා තායිලන්තේ හාදයෙක්...
 මෙන්න නැවු නැගිල්ලට මූලික උන දැන්වීම...


හරි මෙන්න ඔයාලටත් යනවනං අවස්ථාව.. මේ මාසේ 22 වෙනකල් විතරයි... දන් 2 ඉදන් රෑ 8 වෙනකල් මේ පොත් ප්‍රදර්ශනේ තියෙනවා... ඕන කෙනෙකුට ගිහින් පොත් ගන්නත්... නැව බලන්නත් ඇහැකි... දැන්වීමේ තිබුනේ නං රුපියල් 100ක ටිකට් එකක් ගන්න වෙනවා කියලා උනත් සල්ලි ගත්තෙම නැහැ... ඒ හින්දා කිසි අවුලක් නැතිව ගෙහුන් බලලා කරලා ආහැකි.. වරායේ අර චෛත්‍ය ගාවට ගියාම එතැන ඉදන් නැවට බස් එහෙක එක්ක ගෙහුන් ආයේ බලලා ඉවර වෙලා නැවෙන් එලියට බැස්සම ගෙනිච්ච තැනටම ගෙනත් බස්සනවා... වාහන වල යන අයටත් එතැන වාහනේ පාක් කරලා බස් එකේ ගිහින් ආහැකි...  තව මොනවා හරි දැන ගන්න උවමනා විස්තරයක් තියේනං අහන්ටලා...

ඔන්න ඔහොමයි මංතුමා නැවු නැග්ගේ... :D

34 comments:

  1. බඩ පපුව දාල ගියා,කෑම හදන්න උගත් එක පැත්තකට දාල සීමන් වුනාද කියල..

    ReplyDelete
    Replies
    1. කෙංජි,
      තාම මාරයව අඳුනගෙන නෑ මම නං කියන්නේ. පොර ඇත්තටම නැව් නැග්ගනං ඡේද තුනක් යනකල් වැඩේ අඳින්නේ නෑ. මාතෘකාවට නැව් නැග්ගා කියලා දාන්නෙත් නෑ. හෙහ් හේ....

      Delete
    2. සීමන් ? මේකා see-man නෙවෙ see-women :D

      Delete
  2. මේ දවස්වල ලංකාවේ පොත් ප්‍රදර්ශණ ..... දිය ගොඩ සැම තැන පොත් ඉතිරේ....
    අපිට කොයින්ද මෙහෙම වාසනාවක්!

    ReplyDelete
    Replies
    1. වැරදියි..වැරදියි
      දිය ගොඩ හැම තැන පොත් පෙරලේ... කියලා වෙනස් වෙන්න ඕන

      Delete
  3. කාලෙකට කලින් රට පනින්න හිතාගෙන බුවෙක් ගිහින් ඔය නැවේ එන්ජින් රුම් එකේ හැංගිලා ඉදල මාස්ටු වුනාලු..

    ReplyDelete
  4. මහත්මයා,
    පොත් බලනවට අමතරව වෙන මොනවද වටින කියන දේවල් තියෙන්නේ බලන්ඩ...... වෙන තැනක දකින්ඩ අමාරු....

    ස්තුතියි!

    ReplyDelete
  5. අපේ පුක් ප්‍රදර්ශනේ වගේ ගතියක් නැතිව ඇති.. සෙනසුරාදා යන්න ප්ලෑන් කොරන් ඉන්නේ..

    අර කොල පාට නංගිලා වෙනියටත් සෙට් වෙලා.. උන් පොත් කන්න ගෙනියනවා ඇති...

    ReplyDelete
    Replies
    1. අන්න වෙනියට මල පැනල ඉන්නෙ උඹ අහිංසක කෙල්ලන්ට කතන්දර පටබැඳල පුක ගැන කවි ලියල ඌ හදල තිබ්බ මාළිගේ සුනුවිසුනු කොලාය කියල,වල කතා කියල ඒ පැත්තේ ගිහිං අහුවෙන්න එපා

      Delete
  6. මං හිතුවෙ බොට්ටුවෙන් ඕස්ට්‍රෙලියවටවත් යයිදො කියලා. එහෙමනම් අනිවා ඩෙෆා බඩු පැකට් වෙනවා. සෝ මට තිබ්බ එක ඇනයක්/වාතයක්/මාරයෙක් දෙයියනෙ කියලා නැති වෙනවා.
    මගෙ hope කෑවා :-/

    ReplyDelete
  7. ට්‍රයියක් දාන්න ඕනි .. නැවු නගින්න..

    ReplyDelete
  8. මමත් හිතුවෙ රටකටවත් පැන්නදෝ කියල හික් ..
    ලියල තිබ්බ විදිහට
    වැඩේනම් නියමයි

    ReplyDelete
  9. මමත් හිතුවෙ රටකටවත් පැන්නදෝ කියල හික් ..
    ලියල තිබ්බ විදිහට
    වැඩේනම් නියමයි

    ReplyDelete
  10. වසවර්ති මාරයා කන්නාඩි දානවා කියලා අදනේ දන්නේ . හාහ් හාහ් හාහ් :p

    ReplyDelete
  11. ඔය නැව මාලේ තියෙනවා වගේ මම දැක්කා ජූනි මාසෙද කොහෙද. කලබලෙන් ගිය නිසා බැරි වුනා නැගලාවත් බලන්න.

    ReplyDelete
  12. මමත් පොඩි එකී එක්කන් ඊයේ යන්න හිටියේ. තියෙනවද කියලා හරියටම දැන ගන්න බැරි වුණා. ඒ නිසා අත ඇරලා දැම්මා.

    ReplyDelete
  13. ඉංගිරිස් නොතේරුනත් ඉතින් නැව හරි බලල එන්ඩ බැරියැ. අපේ ඉසව්වේ එවුන් නැවක් තියා අහස් නැවක්වත් දැකපු උන් නෙමෙනෙ ඉන්නේ. ඉතින් ඕක බලල ඇවිත් මම උන්ගෙ ඇස් උඩ යන්ඩ විස්තර දෙසාබාන හැටි දැනුත් පේනව පේනව වගේ.

    ReplyDelete
  14. මම හිතං ඉන්නේ නැවේ තියෙන සුපිරි “ලොගෝස් හෝප්“ වාහන වල නැගල ලංකාවේ කරක් ගහන නංගිල ටික වෙලාවක අල්ලගන්න තමා. ඒක පාරක් නං බෙන්තොටදි අල්ලගත්තා මීට අවුරුදු දෙක තුනකට කලින්...

    ReplyDelete
  15. මම හිතුවා නැව් නැග්ග කිව්වම අපිට පැපුවා නිව් ගිනියා පැත්තෙ යන්න වෙයි කියල මාරයියා සොයන්න..

    ReplyDelete
  16. අර කොල සාරි වෙනි ලොග් එකෙත් හිටියා.....

    එහෙනම් නැවුත් නැග්ගා නෙහ්... :D

    ReplyDelete
  17. ගියපාර ආපු වෙලේ මාත් ඔකේ නැග්ග නේව.....වැඩේ කියන්නේ මාරයියේ ඒ පාර තිබ්බ බඩුමුට්ටු ටික මේපාරත් එහේම්ම යස අගේට තියෙන අපූරුව ...පංකාදුයි නේව

    ReplyDelete
  18. අර හැලපයට වගේ නැවෙං බහිනකොට සැර ජාති එහෙම හම්බඋනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පස්සෙනෙ දැක්කෙ, මූ හම්බන්තොටට එන්න කියල නැව ගිල්ලවන්නද හදන්නෙ.

      Delete
  19. වරායෙ තිබුණලු නේද ලොරියකට උනත් නැව්?

    ReplyDelete
    Replies
    1. ඒ අම්බන්තොට වලායේ...

      Delete
  20. නැව් නැග්ග කිව්වම මම හිතුවේ මාරයා ලංකාවෙන් යන්නම නැග්ගා කියලා. අනේ ඉතින් එහෙම උනානම් අපේ මඩ චක්‍රවර්ති මාර තුමා නැතිව රොටියක් කෑමක් වත් හදාගණනේ කොහොමද කියල මම විස්සෝප උනා. හික් හික් හික්

    ReplyDelete
  21. අපිත් ඔය නැවට නැග්ගා........ ආයේ නැහැ නැව ඇවිල්ලා වරායේ නැවැත්තුව ගමන් නැග්ගා...... පහුවදා හිමිදිරියේ අඩනින්දේ මට හීනෙන් වගේ හිතුනා....... දෙයියනේ මේ වගේ නැවක සිරික්කිය දාගෙන එන නංගිලා මල්ලිලාට පොත් වලට අමතරව තව මොන මොන දේවල් රටකට ගේන්න පුළුවන්ද කියලා....... ඇයි පොත් ගන්න එන්නේ කවුද, අරං යන පොත් මොනවද, අරං යන්නේ පොත් විතරමද, වගේ ඒවා හොයන්නේ කවුද? ප්ලේන් එකෙන් එන දත් කුඩු විතරද කුඩු කියලාත් ඒ වෙලාවේ මට හිතුනා...... :) මෙයාටත් ඉතිං සුද්දන්ගේ සිරික්කිය දැක්කා විතරයි මෙහෙම ගුණ වයන්න පුළුවන් නම් ඉතිං අනිත් අයට මොන කථාද? :D

    ReplyDelete
  22. අද හැන්දෑ කොරේ වෙලාවක් තිබුණොත් ගොහින් එනවා මේකට.. ස්තුතියි.

    ReplyDelete
  23. ලොගෝස් හෝප්... ගිය සැරේ නම් නැව් නැග්ගා ..

    ReplyDelete
  24. හෙට තමා මගෙ දවස යනවනම්. ඔයාගෙන් තචමයි ආරංචිය දැනගත්තේ. දැනුවත් කිරීම නම් ඉහලින්ම අගයනවා මං.

    ReplyDelete
  25. මං හිතුවේ නැවක උයන්ඩ ගිහින් කියලා

    ReplyDelete
  26. මම හිතුවා බොලා රට දාලා ගිහින් කියලා..ලංකාවෙ හිටියා නම් අනිවාර්යෙන්ම එනවා...මොකද මම තාම නැවකට නැගලා නෑ...

    ReplyDelete
  27. නැවේ ආපන ශාලාවෙ වේකන්සියක් තියනවද බැලුවෙ නැද්ද?

    ReplyDelete