19 September 2013

බුක් වලි හා පුක් ප්‍රදර්ශන....

මේ ටිකේ හැමෝම වගේ ලියන කියවන මාත්තුරුකාවක් තමා ඉතිං මේ කොළඹ තියෙන ජාත්තියන්තර පොත් ප්‍රදර්සොනේ කියන්නේ.. ආයේ ඉතිං දවස් දෙකක්ම ඕකට ගෑටුව මංතුමා ඕක ගැන ලිව්වේ නැතොත් වැඩක් ඇතෑ.. ඉතිං මාත් කල්පනා කොලා ඔය ගැන ලියන්න... ඒ උනාට මොකද ඇත්තටම ලියන්න කියලා අමුතු දෙයක් නැහැ... :D

ඇයි ඒ... මේ වෙද්දී අපේ වෙනී අයියා.. එහෙමත් නැත්තං හැමෝම දන්න අර K.ලියන්නා ඔය ගැන ලිව්වා වගේම පොටෝ එහෙමත් දැම්මා.. හැබැයි ඉතිං දැකපු උන් කියන්නේ නං පොත් ප්‍රදර්ශනයක් කෙසේ වෙතත් ඒකාගේ පොටෝ දැක්කම වෙන මොනවද ප්‍රදර්ශනයක් තමා පේන්නේ කියලා.. හනේ මංදා ඕවා.. :D

ඒ අස්සේ මාතලං ගොයියත් ඔය ගැනම ලියලා මරේ මරු කයි ටිකකුත් ලියලා තිබුනා... හැබැයි ඔය දෙන්නම ලියාපුවට වඩා මට හිත ගියේ අපේ අමිලයා ලියාපු ලිපියටයි...

හරි ඒ කොහොම උනත් අවසානෙට මේකේ හොදම ආතල් එක තමා වෙනියා සහ මාතලංගේ ධාරානිපාත සංගරාමේ... වැඩේ යසට නැගගෙන ගෙහුන් තිබුනා... හනේ ඉතිං මාත් පුල් සංතෝසේ හරි බරි ගැහිලා වලිය බලන්න සැට් උනා...

හා හා දැන් එකෙක් හරි කියපියවුකෝ “සික් විතරක් මූ වගේ එකෙක් වලියක් දැක්කම ඒක බේරන්නේ නැතිව ඒක බලන්න සැට් වෙනවා“ කියලා...

අනේ යන්න මෙයාලා යන්න... හදවතින්ම සිරිලාංකිය උන අපි කවද්ද වලි බේරුවේ.. වලිය කොහොම හරි නග්ගලා අරං ඒක දිහා බල බල ආතල් එකක් ගන්නවා මිසක්... අනික මේක එසේ මෙසේ වලියක්ද..? දෙන්නම හතලිහ පැනලා..(එයාලාම කියන විදිහට.. හැබැයි ඉතිං දන්න උන්නං කියන්නේ හැට පේන මානේ කියලා..අනේ මට මොකටද ඔය ඕපා දූප... නේද..?) ඉතිං ඔය කවුරුත් දන්නවා නෙව වයසින් මෝරන්න මෝරන්න නෙව අත්දැකීම් ලැබිලා මිනිස්සු පරිපූර්ණත්වයට පත් වෙනවා කියන්නේ... ඉතිං ආන්න එහෙම අත්දැකීම් වලින්.. නැණ නුවණින් සපිරි පුග්ගලයෝ කරන කියන කොයි දේත් හරි තේරුමක් ඇති.. වැදගත්.. උසස් වැඩය කියලා නෙව කියන්නේ... ඉතිං හිතලා බලන්ටකෝ.. මෙහෙම අත්දැකිම් බහුල.. පරිණත.. දැන උගත්.. දෙන්නෙක් හැප්පෙද්දී ඒ වලිය උනත් කොයි තරං සම්බාවිය ඝනයේ එකක් වෙන්ට ඕනද කියලා...

ඉතිං ආයේ එහෙම වලියකට අත පය දාලා ඒක නැති නාස්ති කරන්නේ අහවල් ගස් ලබ්බකටද මෙයාලා.. අපිත් පුළුවන් හැටියකට පිදුරු ටිකක් පැස්ටෝල් ටිකක් ලංකරලා වැඩේ නග්ගලා ගන්නවා මිසක්.. මොකද අපේ අරමුණ මුං දෙන්නා බලු පොරයක් වගේ කා ගන්නවා දකින එකද..?

නැහැනේ.. අපේ ඒකායන අති උතුම් පරම පූජනීය පවිත්‍ර බලාපොරොත්තුව තමයි හර බර.. උසස්..සාම්බාවීය.. පට්ට වලියක් බලා ගැනීම.. හා නැද්ද හා..?

ඉතිං මාත් සැට් වෙලා දත කට මැදගෙන හිටියට මොකද අර මුලින් හා හෝ ගාලා නැගගෙන ආවට මොකද දෙන්නම බැහැලා ගියා නිකං මොකක්ද වගේ... සමහරුනං කියන්නේ ඕක ඔය වයසේ වැරැද්ද කියලා.. ගම රට හොල්ලන්න වගේ නැගගෙන ආවට දෙපාර වනද්දී බැහැලා යනවයි කියන්නේ...  අනේ ඉතිං ඒවා උනත් අපිට මොකටද නේද...? අපි ඒ කතා අතරිමුකෝ...

හරි එහෙමනං මං මේ පොත් ප්‍රදර්සොනේ ගැන වෙන අහවල් ලබ්බක් ලියන්නද..? ඒත් ඉතිං මේ පොත්ප්‍රදර්සොනේට සමගාමීව ගිය මේ මහා වලිරාජයා හින්දම මටත් හිතුනා මට ඔය පොත් ප්‍රදර්ශනේ ගැන හිතෙන දේ කියන්ට...

මේ අපේ පුග්ගලයන් දෙන්නගේ වලියෙදී මතු වෙච්ච කාරණා තමා එක පැත්තක් මේක මහ බොරු වැඩක් හැටියට දකින කොට අනිත් පැත්ත මේක හොද වැඩක් හැටියට දකින එක...

දැන් ඉතිං මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරද්දී මටත් හරිනං තියෙන්නේ මං ඔය දෙකටම මැද්දෙන් ඉන්නවා වගේ පෙන්නලා මැදිහත් ප්‍රකාශයක් කරලා දාන එක.. මොකද එතකොටනේ මගේ ජාමේ බේරෙන්නේ... එතකොට අරුන්ටත් හොදයි.. මුංටත් හොදයි.. දෙපැත්තම සේප් එකේ තියං හිටියැකි... (හැබැයි ඉතිං ඔකෙම අනිත් පැත්තත් වෙන වෙලාවල් තියෙනවා.. දෙපැත්තෙම උන්ගෙන් බැනුං අහතෑකි..) ඒත් මෙයාලා ඔයාලාට කියන්න මට ඒ කාලේ ඉදලම තියෙන ලෙඩක් තමා ඔය අපක්ෂපාතීය කියන පොයින්ට් එකේ ඉන්න බැරිම කේස් එක...

මට හිතෙන්නෙම කොයි පැත්තට හරි හේත්තුවක් දාලා සප් එකක් දීගෙන ඉන්නම නෙව... හැබැයි ඉතිං මං දන්නවා මේවා උපන් මරි මෝඩකං කියලා.. මොකද අද මේ රට ලෝකේ දුවන්නේ එහෙම නෙවෙයි.. හැම එකාම හොදින් තියාගෙන.. එහෙටත් මෙහෙටත් කිසිම තැනකට වරදක් නොකියා හැම එකා එක්කම සේප් එකේ ඉන්න එක... හැබැයි කරුමෙට කකුල් හතරයි කිව්වැහේ..මට ඕක කරන්න හිතෙන්නෙම නැහැ...

ආන්න ඒ හින්දා මටත් හිතුනා මොකක් හරි පැත්තක් ගන්න.. ඉතිං මං බැළුවා කොයි අතද මට ටිකක් හරි කිට්ටු පාත කියලා... ආන් එතකොට තමා මං දැක්කේ යකෝ පොත්ප්‍රදර්සනේ හොදයි නෙව කියලා...

ඉතිං ඇයි මේ පොත් ප්‍රදර්සනේ හොද වෙන්නේ...

පලවෙනිම කාරනේ සියට 20 වට්ටම නෙව...

ඔය වට්ටං ගැනනං මට තියෙන්නේ මහ හිරිකිත සංකල්පයක්... අපි කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියාම එකේ ගහලා තියෙනවා 2000යි කියලා.. ඒත් ඒක ගන්නකොට එකෙන් සියට විස්සක වට්ටමක් කියලා 200ක් අඩු කරලා 1800කට අපිට ඒක දෙනවා... මල විකාරයක්නේ මෙයාලා... ඔන්න අපි එක පාර තොගයක් ගන්නවනං ඔහොම අඩු කලාට කමක් නැහැ.. ඒත් මෙතැනදී වෙන්නේ එක කෑල්ලටත් වට්ටම දෙනවා.. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මුං කරන්නේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් සටහන් කරලා පස්සේ නියම වටිනාකමට බඩුව විකුණනවා.. ඒත් ඉතිං අපිට හෙන මෙව්වයි.. ඇයි යකෝ කීයක් හරි අඩු කලානේ කියලා... ඇත්තටම මටනං මේ වට්ටං කතාව ඇවිල්ලා බොරු සෝබන කේස් එකක් විතරයි... වෙළෙන්දංගේ ජරා උපක්‍රමයක්...

ඉතිං වැඩි දෙනෙක් මේ පොත් ගන්න යන්නේ ඔය කියන සීයට 20සේ වට්ටම බලං... හැබැයි මාතලං කියන විදියට ඔය සියට 20සේ වට්ටම කොළඹ තියෙන ප්‍රධාන පොත් හල් කිහියකම තියෙන දෙයක්..  හැබැයි මාතලං කියන විදියට හැම එකේමනං නැහැ... ප්‍රධාන කිහිපයක විතරයි.. ඒ වගේම රටේ අනිකුත් පළාත්වලත් තියෙන පොත්හල්වල ඔය වට්ටම් කේස් එකක් නැහැ...

උදාහරණයක් විදියට මං ඉස්සර පොතක් ගන්න ඕන උනාම යන්නේ කඩවත මහජන පොත්හලට... ඒ වගේ ඒවෑ ඔය වට්ටං කේස් නැහැ... එහෙම බැළුවම ඈත පළාත්වල ඉදන් මිනිස්සු පොත් ප්‍රදර්ශනේට එන එකේ වරදක් කියන්න බැහැ...

දෙවැනි කිරණාව තමා එකම තැනකින් සෑහෙන පොත් ගැනීමට තියෙන පහසුව...

ආන්න ඒකනං මං වැදගත්ම කොට සලකන එකක් තමා.. මොකද අපිට ගමේ..නගරයේ පොත් කඩේට ගියොත් තියෙන්නේ සීමිත පොත් ප්‍රමාණයක්.. සමහර විට අළුත් පොත් අපිට ඒවෑ හම්බ වෙන්නේ නැහැ.. ඒ වගේම පැරණි දුර්ලභ පොත් පත් උනත් හොයන්න අමාරුයි... ඒ ඔක්කෝටමත් වඩා යම් කිසි විෂය කරුණක් ගැන හොයන්න ගියොත් ඒ සම්බන්ධව විශාලා තේරිමකට යන්න අපිට විදිහක් නැහැ සාමාන්‍ය පොත් හලකදී.. ඕකට හොඳම උදාහරණය තමා මගේ විෂයට අයත්.. ඒ කියන්නේ කුකරි සම්බන්ධව ඇති තියරි පොත් ගැන මං ලබාපු අත්දැකීම... ඔන පොත් කඩේක කුකරි කිව්වම තියෙන්නේ රෙසිපි පොත් විතරමයි... නමුත් කුකරි කියන්නේ රෙසිපි විතරක්ම නෙවෙයි නෙව.. ඒත් ඒ එකකවත් ඒ සම්බන්ධ න්‍යායාත්මක කරුණු අඩංගු පොත් පත් වැරදිලාවත් නැහැ... ඉතිං මං කොහොමද කඩවතින් හරි නිට්ටඹුවෙන් හරි ඒ දේ අරගන්නේ... මං අඩුම ගානේ බස්නාහිර පළාතේ කියලවත් කිව්වැකි... අම්පාර.. මොනරාගල වගේ පැත්තක කෙනෙක් කොයි ලොකෙන්ද ඕකක් හොයා ගන්නේ..?

ආන්න ඒ හින්දා මේක බොහෝම වැදගත්.. කොටින්ම මේ පොත් ප්‍රදර්ශනේ උනත් මට උවමනා පොත් වලින් එකක් හොයා ගන්න කඩ හත අටකටම යන්න උනා... වැරදිලාවත් මං කොළඹ නගරය පුරා ඇවිදින්න ගියානං ඕක හොය හොය... ඔන්න මරදානේ කැරකෙනවා.. පොත නැහැ.. යනවා පිටෝටුවට... එතැන කැරකෙනවා.. පොත නැහැ.. ඉතිං දැන් මොකද කරන්නේ.. යනවා බම්බලපිටි..විජිතයාපා හොයාගෙන... අන්න සමහර විට ඒක එතැන තියෙනවා... හැබැයි ඒක අරං ඉවර වෙලා මට ඕන වෙනවා අතේ තව කීයක් හරි තියෙන හින්දා සිංහල නවකතාවක් හරි වෙන මොකක් හරි ගන්න.. දැන් මං ආයේ යන්න ඕන පිටෝටු හරි මරදානේ හරි... ඔය ටික කරගන්න මට කොච්චර වෙලාවක් යයිද මගේම වාහනේක ගියා උනත්...?

හැබැයි මට මෙතැනදී ඔය ටික කරගන්න පැයක් දෙකක් ඇතුලත පුළුවන්...

ආන්න ඒක තමයි මටනං මේකේ තියෙන හොදම දේ...

එහෙම බැළුවම මට ඔය කාරණා දෙකම ඇති මේ පොත් ප්‍රදර්ශනේ හොඳයි කියන්න..

ඒත් ඔයිට අමතරව තවත් හොදම දෙයක් තමා අළුතින් කියවන්න අය බිහිවෙන එක... 

දැන් අපේ හුග දෙනෙක් ඔය උඩදාගෙන පොත් ගත්තට ඕවා කියවන්නේ නැහැයි කියලා චෝදනාවක් තියෙනවනේ.. ඒක හරිය කියමුකො.. ඒත් උන්දලා මොකක් හරි පොතක් අරං ගිහාම උන්දෑ නොකියෙව්වත් ඕක ගෙදර ඉන්න ළමෙක් හරි.. ආච්චි අම්මෙක් හරි කියවන්නේ නැද්ද..? එහෙම තියෙද්දී ගෙදරට එන තව කාට හරි මේක කියවන්න හිතිලා ඕක ඉල්ලං ගිහින් කියවන්නේ නැද්ද...

හොදම කතාව තමයි මං මගේ ජිවිතේට සල්ලි දීලා අරගත්ත පොත් වලට වඩා කියවලා තියෙන්නේ ඔහොම අනුන්ගෙන් ඉල්ල ගත්ත පොත්... මගේ මහප්පලා දෙන්නගෙම විශාල පොත් එකතුවක් තිබුනා.. මං පොඩි කාලේ තනිකරම ඒවා කියවලා ඉවර කලා... සමහර විට ඒ අය ඒවා හැම එකම කියවලා නැති වෙන්නත් ඇති.. මොකද සමහර පොත් කියවද්දි මටමයි වෙන් නොවුන පිටු එහෙමත් වෙන් කරන්න උනේ... ඉතිං එයාලා නොකියෙව්වත් එයාලා පොත් එකතු කරපු නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුනේ.. පොත්වලට ආසාවක් ඇති උනේ.. එහෙම බැළුවම ඒ අයට පින් සිද්ධ වෙන්නයි මං කියවන්න හුරු මනුස්සයෙක් උනේ... වැරදිලාවත් එයාලත් “මොන පොත්ද කියවන්නවත් වෙලාවක් නැත්තං“ කියලා නිකං හිටියනං... 

ආන්න ඒක හින්දා පළමුවත්.. දෙවැනුවත්.. තෙවැනුවත් මේ පොත් ප්‍රදර්ශනේ අගනා කාරියක් කියලා මං විස්සාස කරනවා...

ඔකේ නරකක් මටනං පේන්නේ නැහැ.. ඇත්තම කිව්වොත් කිසිම නරකක් නැහැ.. තියෙන්නේ දුර්වලතා කිහිපයක් විතරයි... දුර්වලතා කියන්නේ හරිගස්සගත හැකි දේවල්..

ඒ කියන්නේ මේක ජාත්තියන්තර පොත් ප්‍රදර්ශණයක් කිව්වට මේකේ ඇති ජාත්තියන්තර පොතක් නැහය කියන එක වගේ එව්වා.. ඒවා විසදගන්න හැකි දේවල්... උවමනාව තියේනං මේකට ඉන්දීය පොත් ප්‍රකාශකයෝ ටිකක් ගේන්න පුළුවන්... මොකද මං දන්න විදියට තත්වයෙන් තරමක් බාල උනත් ජාත්තියන්තර පොත් බොහෝමයක් ඉන්දියාවේදී නැවත මුද්‍රණය වෙනවා අඩු මිල ප්‍රකාශන හැටියට... පොතේ කොලිටියට වඩා ඒ තුල ඇති දැනුමේ කොලිටිය වැදගත්කර සලකන මට ඉන්දීය ප්‍රකාශන උනත් මේකට එනවනං ඒ ඇති.. කරන්න බැරි දේකුත් නෙවෙයි...  අරක නැහැ මේක නැහැ කිය කිය හිත හිත ඉන්නේ නැතිව ඒ අයටත් ආරාධනය කරලා..පහසුකම් දීලා එයාලාවත් සම්බන්ධ කරගත්තනං ඔය අඩුපාඩු හදා ගතෑකි...

සමහර විට ලෝකයේ ලොකු ලොකු ප්‍රකාශන ආයතන ගැන දන්න කියන උදවියට.. වෙන රටවල් වලදී ලොකු ප්‍රදර්ශන දැකපු අයට මේවා විහිළු වෙන්න පුළුවන්.. ඒත් මෙහෙමවත් එකක් නැතිවාට වඩා මෙහෙම එකක් තියෙන එකත් හොදයි කියලයි මටනං හිතෙන්නේ... මේක ඇමරිකාව කරන්න කලින් අඩුම ගානේ ඉන්දියාවේ මට්ටමටවත් ගන්න එපෑ...

ප්‍රදර්ශන භූමියේ ඇති අවන් හල් ආදිය ගැනනං මට ඒ හැටි දෙයක් කියන්න නැහැ.. BMICH එකේ තියෙන කොයි ප්‍රදර්ශනේකදී උනත් ඕවෑ කෑම අස්ප ගණන්... ඒ හින්දා යන්න කලින් මොනවා හරි කාලා ගියාම වැඩේ ඉවරයි.. නැත්තං ඔතාගෙන ගෙහුන් එහෙදි කනවා.. වතුරනං ඔය තිබුනේ ඇති පදං බොන්න... සල්ලි තියෙන අය ඒවෑයින් අරං කෑවත් අපේ මොකෑ..

හැබැයි අර එටිසලාට් කාරයෝවගේ උන්ට වෙන්කරලා තියෙන ඉඩත් පේමන්ට් එකේ පරණ පොත් විකුණන අයට දුන්නනං තවත් හොදයි... මේ සිම් විකුණන උන්නං මහ ඇණයක්.. කෑමනං ප්‍රදර්ශනේ බලන්න එන අයගේ අවශ්‍යතාවයක් හින්දා අවන්හල් තිබුනට මොන එහෙටද සිම් විකුණන උන් මේකට...

ආන්න ඒ වගේ දුර්වල තැන් අහක් කරලා හදා ගත්තම මේක ගොඩ දා ගතෑකි...

ආ අවසාන වශයෙන් පොත් අරගැනිමයි.. ඒවා ප්‍රදර්ශනය කිරීමයි කියන කාරණාව ගැනත් කියන්න එපෑ... ඇත්තම කිව්වොත් මට උනත් ඔය එක දිගට කට්ටිය ගන්න පොත්වල පොටෝ දැම්මම ඒවා බලන්න එපා වෙනවා... සමහර විට ඒක මගේ හිත යට තියෙන ඉරිසියාවක් වෙන්න ඇති.. මොකද පොත්වලට මං බොහෝම කෑදරයි.. හැබැයි ඒ කියවන්න විතරයි.. පොත් අයිතිකරගෙන ළග තියාගෙන ඉන්න මං ඒ හැටි කැමැත්තක් නැහැ.. මං මේ වෙනකල් ගත්ත හැම පොතක්ම වගේ දැන් තියෙන්නේ එක්කෝ පුස්තකාලවල.. නැත්තං කියවන අය ගාව... ඔව්වා එක් රැස් කොර කොර ඉන්න මට තැනුත් නැහැ.. හැකියාවකුත් නැහැ.. ඕනත් නැහැ... එහෙමයි කියලා එහෙම එකතු කරන අයට මං වැරැද්දක් කියන්නෙත් නැහැ.. මොකද එහෙම අය හරහා තමයි මට පොතු ලැබුනේ කියන දේ මට තාමත් අමතක නැති හින්දා...

බුකියේ පොත්වල පොටෝ දානකොට මට ඉරිසියා හිතුනත් ඒ පොත් දිහා බලලා මං තාම කියෙව්වේ නැති.. ඒත් කියවිය යුතුයැයි හැගෙන පොත් ගැන අදහසක් මං ඇති කරගන්නවා... හොදම උදාහරෙන් තමයි ඔය ඇල්කෙමිස්ට් කතාව කියවන්න මට හිතුනේ අපේ දිල්ශාරාද කොහේද ඕක පාරට්ටු කල පාරට්ටුවේ හැටියටම තමා... සෙංකොට්ටං ගත්තේ මරණයාගේ වරුණාවට... සක්කාරං ගත්තෙත් එහෙමයි... උන් ඕවා ගැන කිව්වේ නැත්තං... බුකියේ කතා කලේ නැත්තං මං ඒ පොත් ගැන දැනුවත් වෙන්නේ නැහැ... එහෙම බැළුවම බුකියේ යන පොටෝ විස්තර ගැනත් වරදක් කියන්න බැහැ...

ඉතිං ඔන්න ඔහොමයි මගේනං අදහස පොත් ප්‍රදර්ශනේ ගැන... මාතලං කියනවා වගේ ඉතිං බුක්ස් කෙසේ වෙතත් පුක්ස් බලන්න යන අයත් ඉන්නවා තමයි... ඕක ඉතිං කොහේද නැත්තේ..? පන්සලේ පෙරහැරට යන උන් අස්සෙත් වැඩි හරිය යන්නේ ඕකට... එහෙවු එකේ අනිත්වා ගැන මොන කතාද.. අනික එහෙම පුක් බලන උනුයි.. පුක් පෙන්නන උනුයි එනවා කියලා මේවා නැති කරන්නයෑ... බුක් බලන උන් බුක් බැළුවාවේ..පුක් බලන උන් පුක් බැළුවාවේ... කාගේ කාගේ හිත් පිරුනාවේ...

සැමට යහපතක්ම වේවා..!

------------
පලි...

කලින් ලිපියේ කොමෙන්ටුවකට බුද්ධියා දාලා තිබුනා මගේ ලිවිල්ල ගැන පට්ට කතාවක්... පුදුම සංතෝසයක් දැනුනේ ඒක කියවලා... බුද්ධියා උඹලා වගේ පාඨකයෝ සිටීම ගැන මට හරිම ආඩම්බරයි... ඕ යේෂ් බොක්කෙන්ම...

51 comments:

  1. මාරයියා මැද ඉඳගෙනම තොප්පි විසිකරනවා නේද හිටු කියලා....මොනවා උනත් සිරි ලංකාවෙ මිනිස් ගතිගුණ නියමෙට ව්ග්‍රහ කරල තියෙනවා(මම කිව්වෙ වලි ගැන )

    පොත් ප්‍රදර්ශනේ ගැන නම් මටත් කියන්න තියෙන්නෙ යන එවුන්ව නවත්වන්නත් බෑ, යන්නෙ නැති උන්ව ඇදගෙන යන්නත් බෑ...යන්න පුලුවන් එවුන් යන්නෙ නැතෑ...

    ReplyDelete
  2. මම නම් කියන්නේ කඩල ගොට්ට උනත් කියවන්නෙයි කියලා. නමුත් මෙතන වෙන්නේ නම් වෙන කේස් එකක්. උඹ කිව්වා වගේ පොත් වල පොටෝ දානවට වඩා වටිනවා පොතක් ගැන බොගක් දාන එක. ඔය දිණමිනේ අමරයා පොත් ලියන උන් මලවලා දැම්මට. ඒකෙන් ඒ පොතට හොඳ පබ්ලිසිටියක් එනවා. කතා මේ මාසේ කරන්නේ ඒ වැදගත් කාර්යය. ඒ ගැන අපේ ප්‍රමාණය....... සමාවන්න ප්‍රණාමය උන්නැහේට හිමිවිය යුතියි.. (එයැයිම කියලා තිබ්බා, එයැයිතුත් දැන් තැලැත්තෑනී හාදයෙක්ය කියලා.)

    පොත් වල නම් අමතක වෙන නිසා වෙන්න ඇති හොම්මබ දිග කැමරාවක් උස්සගෙන ඕක අස්සේ රිංගන්නේ. කොලකෑල්ලකුයි පෑනකුයි ගෙනිච්චනම් ඇති නේ ආයිබෝවන්ඩ ඒකට.. (නැවත් වෙනියා හා හැමිනීම සඳහා...)

    ReplyDelete
    Replies
    1. අමරරත්නයා හෙට සිට සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා මාතලන්.

      Delete
    2. පොතක් ගැන බොගක් කියද්දී තමයි මතක් උනේ මට අද වෙනකම්ම පොතක් නැතුව බොගක් දාන්න බැරි සීන් එකක් තියෙනවා කියලා . දැන් දැන් නෝනා ඔය වැඩේට අමනාප නිසා පුරුද්ද හලා ගෙන යන්නේ.

      Delete
    3. මම දැක්කා, උන්න එකාට කෙලියා කියලා... උඹලත් බලාගෙන මහත්තයෝ..

      Delete
    4. Nalin ayye,
      kalakin dakke Sudussata sudusu thana labenawa.
      :)

      Delete
  3. මොනව වුනත් වෙනී - මාතලන් සටනෙන් පස්සෙ වෙන ප්ලේස් එකක වෙනී අය්යා මාතලන් ගොයියට ලෙස්සල වැටෙන්න ගහපු එක නම් මට මතක් වෙන මතක් වෙන සැරේට හිනා යනෝ.. ;)

    ඔය ඔක්කොම කාරණා හරිය කියමුකො.. මට මේ බුකියෙ පොත් ගත්තු කස්ටියගෙ පොටෝ දැකලම ප්‍රශ්නයක් ඇවිත් තියෙන වෙලාවක මේ පෝස්ටුව වැටුනෙ.. ඔය පොත් ප්‍රදර්ශනේ මල් මල් නවකතා, ෂර්ලොක් හොම්ස් කතා වගේ ප්‍රබුද්ධ නොවන පොත් නැද්ද බන්..
    පොත් අරන් කට්ටිය දාලා තිබුන එක පොටෝවකවත් මම ඔය වගේ එව්වා දැක්කෙ නෑ මාරෙ අයියා...

    ReplyDelete
    Replies
    1. යකෝ මුන් සේරමගෙ පුක කහන්නෙ මම ෆොටෝ ටිකක් අරගෙන දැම්මහම තමයි..පොත් ගැනයි පොත් ප්‍රදර්ශන ගැනයි කියවන්නම ඕනිද ? කවුරුවත් නොදාන නිසා මම ෆොටෝ දාන්නෙ

      Delete
    2. ෆොටෝ අනිවා දාන්න වෙනි.
      මාතලන් ලොක්ක ඔබව ඔරොප්පු කරන්න මොනවත් කිව්වට එයා හොද බොක්කක් කියල දන්නවනෙ.
      ෆොටෝ දැම්මාම අපිත් ගියා වගෙ ලාවට හැගීමක් එනව

      Delete
    3. මේවට කලබොල වෙන්නෙ මක්කටැයි වෙනී... කෙන්ජි කියල තියෙන්නේ ඇත්ත. උඹල දෙන්නගෙ වලිය හරි සුන්දරයිනේ. බලපං ඒ වලියේ තිබ්බ සංවරකම. උඹ පොටෝ දාපං බං.

      Delete
    4. පුද්ගලිකව එකවරක් හෝරා කීපයකට උනත් හමුවෙලා තියෙන මාතලන් ගැන මම පොඩ්ඩක් දන්නවා.. හිත හොඳ..නෑ ඕනි නෑ..මාත් එක්ක ඇර ගන්ඩ ආවොත් මාත් අත අරින්නෙ නෑ..ඇයි මම සෙකන්ඩ් වෙන්නෙ ???

      Delete
    5. වෙනී අයියට මාරෙට තරහ යනවනෙ මේ දවස් වල... මම ඔය පොටෝ කතාව කිව්වෙ උඹට නෙමෙයි අයියෙ.. එදා හම්බුවුන වෙලාවෙ මම ඇස් දෙකටම දැක්කා නෙව මල් නවකතා කියවන වයසක නෙමෙයි දැන් ඉන්නෙ කියන එක.. :P

      හැබැයි ඉතිං මාතලන් - වෙනී කොක්ක නම් මම ෆන් එකේ බලන් හිටියා.. මොකෑ ඉතිං ඕක මොන වචන වලින් ගියත් ඇත්තට මරාගැනිල්ලක් නෙමෙයි කියල දන්නවනෙ :)

      Delete
    6. "මාතලන් ගැන මම පොඩ්ඩක් දන්නවා.. හිත හොඳ..නෑ"

      sirasa final cut.

      Delete
    7. ඔව් ඔව් සාතන්..ඒක නිකං වලියක්...
      ඉන්දිකයෝ උඹ නම් ! ඔතන වාක්‍යය දෙකක් කෑලි තියෙන්නෙ.. චිහ් මාරයා තව හොඳයි..හිත හොඳ..කියලා ඉතුරු ටික නොකියා ඉන්නවා කියන එකයි ඔතන කියන්න හැදුවෙ..අම්ම්පා උඹලා වගේ යාළුවො !

      Delete
  4. විනෝදය කියන එක විවිධාකාරයි.. මං කාලයක් කියෙව්වෙ කේජී කරුණෘතිලක මහත්මයාගේ ටාසන්... පස්සෙ මොන්ත කිස්තෝ සිටුවරයා.. දැන් අපි නාකි වෙලා.. මං ගත්ත පොත් එකක් දැන් මේ මාගේ යාලුවෙක් බෝඩිමෙ ඉන්න ගමන් කියෝනවා.. මිනිහා ොපාත ගැන ගොඩක් හොද කියනවා..
    වෙන්නෙ ඕනි අපේ බේස්පුක් යාලුවො සහ බ්ලොග් ලියනයාලුවන්ගේ පරාසය වැඩි වෙන එක.. එහෙම වැඩිවුනා නම් අපිට පොත් ගෲප ්එකේ මල් කතා වලට ගරහන පොස්ට් වගේම ඒ මල් කතාවම හොදයි කියන අයත් දකින්න පුලුවන් වෙනවා..

    බඩු ගැසීම, අරක්කු බීම, ගංජා, වගේ කොච්චර සල්ලි වියදම් කරලත් තාවකාලික ආතල් එකක් විතරක් ලැබෙන දේවල් ප්‍රොමොට් කර්නවාට වඩා මෙ ්වගේ දීර්ඝකාලින ආතල් ප්‍රොමොට් කරන එක වැදගත්...

    ReplyDelete
  5. වෙනී මාමා බොහොම සංයමයෙන් නෙ හොම්බ දිග කැමරාවෙන් ෆොටෝ ගන්නෙ...මම එයත් එක්ක පොත් බෙදන්න අම්පාර ගිය ගමනෙදි ඒ බැව් දැක්කා...ඒ මේ ළමයි ඉදිරිය බලා ඉද්දි තමා ෆොටෝව ගහන්න සැරසෙන්නෙ ඒත්...ඒ අතර තුර කාලයෙදි තමයි උන්ට තියෙන දාංගලේට පුක පැත්ත කැමරාව පැත්තට හරවන්නෙ...ඒකට වෙනී අයියා මක්ක කොරන්නද හැබෑටම..

    මාරයා දැන් අපි උන්නද මලාද කියලාවත් බලන්න එන්නෙ නැති එක ගැන මගේ අතිශය සාතිශය සංවේගය පල කරමි.

    ReplyDelete
    Replies
    1. අර පජාත දියණියො තාමත් ලංකාවෙ මාකට්ද? මම දැක්කා වෙනී අයියගෙ එකේ සුජාත,අභීත,පජාත දියණියො ඔක්කොම 1000/- කියලා ෆොටෝ එකක්...

      Delete
    2. එ අපොත් ටික බෙස්ට් සෙලින් වෙන්න ඇති මල්ලි මෙහෙ..තාම ඒ පිස්සුව තියෙනවා..ඒකෙ දෙමලෙන් යන එකත් බලනවා කට්ටිය..

      Delete
  6. හොද ලිපියක්.
    මාතලන්ගෙනුත් වචනයක් නොඅහන ලෙසට ලිපිය අවසානෙ බටර් ගෑම නම් කදිමයි.නියම චෙෆ් කෙනකු ලෙසටම.
    මෙහෙම ලිව්වම කාටවත් කියන්න බැහැ "දෙපිට කාට්ටුව"කියල.

    ReplyDelete
    Replies
    1. මේක හොඳ ලිපියක් වෙන්නෙ ඔයගොල්ලො හැමෝම එකිනෙකාව අඳුරන නිසා...
      මට නං මේ ලිපියෙ වැඩක් තියෙන්නෙ 1/4ක් විතර... එක එක පුද්ගලයො ගැන විතරක් නං ලිපියෙ කතා වෙන්නෙ ගානක් නෑ. ඒත් අහවලාගෙ ලිපිය, අර ලිපිය, මේ ලිපිය කියලා කිව්වට ලිපි විතරක් කියවන බ්ලොග් කියවන්නෙක්ට මේවල කිසි අර්තයක් නෑ...
      යාළුවො ' අඳුරන අය තම තමන්ගෙ විස්තර කතා'කරගන්න එකේ කිසි අවුලක් නෑ, හැබැයි mention කරලා තියෙන ලිපි වල link 1 දැම්මනම් කිසි දෙයක් නොදැන කියවන කෙනෙකුටත් මේ ලිපිය ගොඩක් වටින ලිපියක් වෙනවා...

      to මාරයා -
      මම ඔයාලා කිසි කෙනෙක් පුද්ගලිකව අඳුනන්නෙ නෑ. වැදගත් දේවල් රහට ලියන නිසයි හැමෝගෙම ලිපි බලන්නෙ. මං වගෙම උඹලා කිසි කෙනෙක් ගැන නොදැන ලිපි බලන තව ගොඩක් අය ඇති. මේ බ්ලොග් බලන්නෙ යාළුවෝ විතරක් නෙමෙයි කියලා හිතාගෙන ලියන්න කියලා ඉල්ලමි. thanz

      Delete
    2. හොඳ අදහසක් තිළින

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. හරක් ගේ බ්ලොග් එක කරන තිළින ලමය උලා කන තැන් හැටියට - මාතලන් - සෑම්ස් ක්‍රියෙශන් - අටම් පහුර - ඔමාගෙ හීන - අරූගේ අඩවිය - ඇවිද්ද පය - අස්වැන්න (ඔය ටිකයි) සදහන් කොරල බ්ලොග් එකේ කට්ටිය දන්නෑ කියන එකේ තේරුම මොකද්ද බන් ?
      උබ අපිව හරක් ගානටම දාන්න හදනව නේ .. . හොරා . . . හිහි හි හී

      Delete
    6. එකම කොමෙන්‍ටුව තුන් පාරක් වැටීම හෙතුකොට ගෙන මා විසින්ම උඩ කොමෙන්‍ටු දෙකක් ඉවත් කරන ලදී :- )

      Delete
    7. @ තිලංග සජාන්
      ඔව් මචං හරක'ගෙ බ්ලොග් එක ලියන්නෙ මම. බ්ලොග් කෙරුවාව පටං අරං තවම මාස දෙකහමාරක් විතර වෙන්නෙ. 'උලා කන තැන්' විදිහට මං නිතර බලන බ්ලොග් කීපයක් දැම්මා උනාට ඒවා ලියන අයව මං දන්නෙ නෑ. මාතලන් අයියා එක්ක msg කීපෙකින් කතා කරලා තියෙනව. එච්චරම තමයි.

      ලිපි ලියපු අයගෙ නම් කියලා මිසක් අඩුගානෙ මාරයා එයාල ලියන බ්ලොග් එක මොකද්ද කියලවත් දාල නෑ. මට කියවගෙන යද්දි සමහර ලිපි ගැන තෙරුනා, මේ කියන්නෙ අහවල් බ්ලොග් එකේ ලිපිය බව.. ඒත් මන් තරංවත් නොදන්න උං කොච්චර කියවනව ඇත්ද... හය'ලක්ශ හැත්තැතුන්දාස් වාරෙකට වඩා බලපු බ්ලොග් එකක් මේක... so අනිවා මේක බලන්නෙ මාරයගෙ යාලුවො විතරක් නෙමෙය්.
      මං කලිං comment එකෙන් අදහස් කරපු සම්පූර්න දේ ඒකයි.

      Delete
    8. තිළිණ-යා මම උබත් සමග එකගයි .
      උබ කිව්වදේ වැ‍රැද්දක් දකිනව නෙමේ මට ප්‍රශ්නෙ උනේ කට්ටිය අදුරන්නෑ කිව්ව එක උබට ජය !

      Delete
    9. @ තිලංග සජාන්
      එල එල...
      මටත් කියාගන්න ඕන උනු දේ හරියට mention කරගන්න මීටර් උනේ උඹේ comment එකෙන් පස්සෙ...

      Delete
    10. මාත් මෙ බ්ලොග් බලන්නේ නම් සැහෙන කාලයක ඉදලා තමා... බ්ලොග් වල ලින්ක් නැති එක නම් සැහෙන අවුලක් තමා....

      Delete
  7. බුක්ස් අරගෙන හැරෙනකොටම පුක්ස්‌ වල වදිනවා

    ReplyDelete
    Replies
    1. අර කළු සුදු අක්කත් මේව බලනවා හසරැල්

      Delete
    2. අක්කා බැලුවත් ඇත්ත කියන්නෙපාය

      Delete
  8. මට නම් පොත් ප්‍රද්ර්ශනය ඉතාමත් වටිනවා.

    ReplyDelete
  9. මේක ඇමරිකාව කරන්න කලින් අඩුම ගානේ ඉන්දියාවේ මට්ටමටවත් ගන්න එපෑ.

    මේක තමා පට්ටම කියමන . මටත් පැත්තක් ගන්න බෑ කියෝන උන් කියෝව්වාවේ . යන උන් ගියාවේ .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. comment එකක් දැම්මා, දාල තියෙන්නෙ වැරදි තැන. ඕං හරි තැනට මාරු කරා.

      Delete
  10. කෙනෙක් ඉතින් ඔය බුක්ස් වල ෆොටෝ දාලා තියෙනවනම් තව කෙනෙක් ඔය පුක්ස් වල ෆොටෝත් දැම්මනම් අපිත් ඉතින් ප්‍රදර්ශනේට ගිය වගේ තියෙයි නේද ..... නැද්ද ????

    ReplyDelete
    Replies
    1. වෙනියා දාලා තිබුනා නෙවද

      Delete
    2. ආයි මම දාන්නෙ නෑ ඒ ෆොටෝ..මාතලන් මාව මරනවා කිව්වා !

      Delete
    3. ඇයි මාතලන්ට පුක්ස් ඇලජික්ද?

      Delete
  11. වට්ටම් ගැන කියනවානම් පහුගිය අවුරුදු කීපෙකම කොළඹ ප්‍රදර්ශනේ තියෙද්දි නුවර පොත් කඩවල (සරසවි,සමුද්‍රා) වට්ටම් දුන්නා පොත් ගනිද්දි සැප්තැම්බර් මාසය පුරාම වගේ.

    ReplyDelete
  12. මාරේ, 2000කින් 20% කියන්නෙ 400... 2000න් 200ක් කියන්නෙ 10%... :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මෙන්න මේ විදියට පුලුන්ව ඇවිලෙන ගින්නට බය නැතිව පිදුරු දාන්න

    ඔය පොත් ප්‍රදර්ශනේ තියෙන එකත් හොඳයි. නැති වුනත් ඉතිං මොකෝ.

    ReplyDelete
  15. උවමනාව තියේනං මේකට ඉන්දීය පොත් ප්‍රකාශකයෝ ටිකක් ගේන්න පුළුවන්...

    මං හිතන්නේ දැනටත් ඉංදියාවේ සම්බන්ධයක් තියෙනවා...

    ආ අයියාට ඇල්කෙමිස්ට් කියවන්න හිතුනු එක ගැන සංතෝෂයි... හොයා ගන්න ම බැරි වුනොත් මගේ ගාව තියෙනවා...

    ඒ කාලේ ගූගල් බස් වල ප්ලැටිනම් අවධියේ මට සිහිවෙනවා, ඒ පොතේ තිබුනු කරුණු උපුටා දාපු ඒවාට දුකායි මාරයායි ඒ අදහස් වලට විරුද්ධව ටයිප් කරලා, මේ අහිංසක මාව කේන්ති ගස්සන්න හදපු හැටි......... :D පස්සේ දුකාම ආයෙත් කොහේ හරි ඒ ගැන හොඳ කියලා තිබිලා මාරයයි මායි ගිහින් දුකාට අතීතය සිහි කරපු හැටි........ :)

    ReplyDelete
  16. අනේ අපිටනං ඔය බුක්ස් සහ පුක්ස් ප්‍රදර්ශන බලන්න යන්න වෙලාවක් නෑ. ගන්න ඕන පොතක් තිබ්බොත් ඔය නුගේගොඩ පැත්තෙ ගිය වෙලාවට සරසවි එකට රිංගල ගන්නව මිසක්ක. එහෙම අරන් තියෙන්නෙත් ඔය මාරය කියල තියෙනව වගේ ඉන්දියාවෙ ගහන පරිගණක ගැන ලියවෙච්ච පොත්. පොතේ කොළටිය කොහොම වෙතත් ඇතුලෙ තියෙන ඒවනං හොඳට තියෙනව.

    අනේ වෙනී අයියෙ, ඔය ලෝකයා කියන ඒව අහන්නෙ නැතුව බුක්ස් හරි පුක්ස් හරි දාල අපේ හිත සනසන්න අයියා.....

    @ මාරයා, උඹට ඒ වලිය අවුලවගන්න බැරිවීම ගැන මගේ සාතිෂය සංවේගය මේ අවස්ථාවේ පුදකරන්න කැමතියි.

    ReplyDelete
  17. මමත් ඔන්න ඇවිත් පොත් ටික නම් බලල කීපයක් උස්සන් ටිකිරි මැණිකේ එක්ක මාර ගමනක් ඈවිත් ගෙදර ආව. ගමන ගැන බ්ලොග් එකේ දාන්නම්කො.. වලිය නම් මම දැක්කේ නෑ!!

    ReplyDelete
  18. මෙන්න අපේ මඩ චක්‍රවර්ති ගරු තැම්පත් මාරයාගේ තවත් කැත විදියේ විශිෂ්ට මඩක් හික් හික් හික් සිරාවටම ඔය වයසක ජෝඩුවට හැටට කිට්ටු කරලද ඉන්නේ??????



    "ඒත් ඔයිට අමතරව තවත් හොදම දෙයක් තමා අළුතින් කියවන්න අය බිහිවෙන එක"

    මෙන් මේකනම් සහතික ඇත්ත

    ReplyDelete
  19. පොත් ප්‍රදර්ශනයට ඇවිදින දුරින් හිටියට මොකද මේ පාර ගියේ නෑ. පහුගිය අවුරුදු හැම එකේම වගේ ගියාට මොකද තවම ගත්තෙ පොත් 5යි. ඒ පොතුත් ඉල්ලගත්තු අය දුන්නෙ නෑ.
    මාරයා කිව්ව වගේ ප්‍රදර්ශනයේ හොඳ සහ නරක දෙකම තියෙනවා. එකම තැනකින් පොත් ගන්න පුළුවන්කම සහ බොරු මිල ගනන් දමා කරන රැවටිල්ල වගේ ම අනවශ්‍ය වෙලඳසල වල්.
    ඒ වගේම මම දැක්ක අඩුපාඩුවක් තමා පොත් නාමාවලියක් නැතිකම. එහෙම එකක් තිබුනනම් පොත හොයාගෙන වෙලඳසලට ගිහිල්ල ගන්න පුලුවන්. නම මිසක් ප්‍රකාශකය මතක නොතිය ගන්න මම වගේ අයට පහසුවක්. තදබදයත් අඩුවේවි.
    ඉන්දියානු අඩුමිල ප්‍රකාශන ලංකාවෙ වසර 15කට(මම මුලින්ම ගත්තෙ 15 කට කලින්) වැඩිකාලයක ඉඳන් තියනවා. කොළඹ වරාය ඉස්සරහ තියන Expographics ඒවගේ තැනක්. තව තැන් ඇති.
    පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්නවට වැඩිය අතේ තියෙන වෙලාවක සාප්පුවකින් පොත් ගන්න එක තමා ලෙහෙසි.

    ReplyDelete
  20. //පුක්ස් බලන්න// D:

    ReplyDelete
  21. ඇත්තටම පොත් නම් ලාබයි. අනික එකම තැනකට ගිහිල්ලා පොත් ගන්නවට වඩා පොඩ්ඩක් ඇවිදලා, මොනවහරි කනගමන්, තවත් එකම ආසාවක් තියෙන මිනිස්සුත් එක්ක පොත් ගන්න තියෙන එක තවත් වෙනසක් නේද?
    මමනම් ජීවිතේ රස විදින්නෙ වෙනස් වීම් එක්ක..

    ReplyDelete