06 September 2013

පොටෝවක පසුබිම හා දියුණුවට මඟක්...

මේක මේ හදිසියේ ලියන්න හිතුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි අපේ ලියන්නා නොහොත් කවුරුත් දන්න වෙනී අයියා..
 (පේනවනේ හිනාව...)
 එහෙමත් නැත්තං ප්‍රියන්ත වෙනිවැල් ගොයියා දාලා තිබුන පෝස්ටුවක් දැකලා... පොර ලොකු එකෙන්ම දීලා තියෙන්නේ පොරගේ පොටෝ සෑත්තරේ ගැන මහ ලොකු උජාරුවෙන්..

 ඒ කරලා මේකාගේ විසිස්සට ඡායාරූපය කියලා පොටෝ කෑලි දෙක තුනකුත් දාලා... එව්වා දැක්ක ගමන් මට බකස් ගාලා හිනා ගියා... ඒ වෙන මොකවත් නෙවෙයි පොර ඒ පොටෝ වල මුලටම දාලා තිබුන එක දැකලා...

සාමාන්‍යෙයන් කෙනෙක් ඔය වගේ දේකදී මුලටම හෝ අගටමනේ  හොඳම දේ දාන්නේ... ඉතිං මාත් කල්පනා කොලා මෑන් මේ මුලටම දාලා තියෙන්නේ පොරගේ හොදම එක වෙන්න ඇතිය කියලා... (කොහොමටත් අර අගටම දාලා තිබුන එකේ මෙලෝ රහක් නැහැ.. ආයේ ඉතිං කට කෑවත් ඇත්ත කියන්න එපෑ.. :D )

මෙන්න ඉතිං ඒ පලවැනි එක...


හරිනේ.. ඉතිං.. දැන් ඕක දැක්කම මට හිනා ගියේ කාරණා දෙකක් හින්දා...

මෙන්න පලමුවැනි කාරණාව... මේකා ඕක ගන්ට මහන්සි වෙච්ච හැටි...
     
                                    
පේනවනේ... දණ ගහගෙන.. පස්ස දික්කරගෙන.. (මේ පැත්තට පෙනුනේ නැතිවට මොකද දිව හපාගෙන එහෙමත් තමා.. ) අර මේකගේ විසිස්ට ඡායාරෑපය දිහා බලලා මේක බැළුවම පේනවා නේද ඒ පින්තූරේ තිබුන ආලෝකේ මේකෙත් පැත්තකින් යාන්තමට වගේ පේනවා කියලා...පුදුම දුකක් වින්දා ඕක ගන්න...
ආයේ ඉතිං මේකා ඔහොම මහන්සි වෙද්දී මමත් සුටුස් ගාලා මගේ කැමරා කට්ටෙන් මං දන්න සිල්ප දාලා මේ පින්තූරේ ගත්තා.. ඔය පලවෙනි එක.. මේ දෙවැනි එක..
(දෙකේ පැහැයේ එහෙම වෙනස්කම් තියෙන්නේ ඕකා ඕක ගන්න මහන්සි වෙද්දී මං වඩාත් හොද එකක් ගන්න අරමුණින් පට පට ගාලා සෙටින්ග්ස් එහෙම වෙනස් කරලා වැඩේ කොරපු හින්දයි ළගට ගනිද්දී ෆ්ලෑෂරේ ආලෝකට මුගේ පස්ස පැත්තේ හොදින් පතිත වෙලා පරාවර්ථනය වීමයි හින්දා තමයි... පොඩි එඩිටින් පාරකුත් තියෙනවා.. තමයි...)

                                    
(ඔය පොටෝව අරගෙන ඒ සතුටට විරිත්තගෙන ඉන්න හැටි තමා)

ඉතිං ඔය පොටෝව ගන්න මහන්සි උන හැටි මතක් වෙලා හිනා ගියා වගේම දෙවැනුව හිනා ගියේ තවත් කාරණාවකට තමයි... ඒ මොකක්ද ඒ...

ඔන්න බලන්න පින්වතුනි.. ඔහෙලා දන්නවා නෙව මාත් මෙහෙම හිටියට ඔය ලොකු ලොකු පින්තූර කාරයින්ට පවා උපදෙස් අවවාද දෙන බුවා කියලා... මතකනේ මේක එහෙම...

හොඳ ඡායාරූපයක් ගන්නේ කෙසේද..? විශිෂ්ඨයකුගේ උපදෙස්...


එතැනින් ගිහාම තව මගේ මේ පොටෝ ඇල්ලිල්ල ගැන ලියවුන ලිපි කිහිපයක්ම තියෙනවා... ආධුනිකයෙකුට ඉගෙනගන්න සෑහෙන් දේවල් ඒවෑ තියෙනවා.. කැමති කෙනෙකුට බැලියැකි...


ඔය වගේ තව කිහිපයක්ම තිබුනා.. හැබැයි ඒවා බුකියට පමණක් සීමා වෙච්ච එව්වා...
ඉතිං මං මේ කියන්න ගියේ... වෙනියට උනත් ඒකගේ විසිස්ටම ඡායාරූපේ ගන්න මං වගේ මේ සේස්තරයේ ප්‍රවීණ.. දැන උගත්.. දස්ස..විසිස්සට... පොරක් ලග ඉන්නම ඕන උනා නේද කියලා... ඒක සිහිපත් උනාම තමා මට දෙවැනියට හිනා ගියේ... :D

අන්න ඒකයි කියන්නේ ලමයි යහපත් ගුරු ඇසුර වැදගත්ය කියලා... අපි වගේ ගුරෙක් නිකමට පිටිපස්සෙන් හිටියත් ඇති මිනිහෙකුට දියුණු වෙන්නනං... තව කට්ටිය ඉන්නවනං දියුණු වෙන්න ආස..එමු බලන්න...
(ආයේ ඉතිං අපි පස්සෙන් හිටියොත් වෙන දේ ගැන එක එකා කට කැඩිච්ච කතා කියයි.. මංනං නෙවෙයි කනකට ගන්නේ.. :D  )

66 comments:

  1. බුදු අම්මෝ.. කෝ මේ වෙනි අන්කල්. කවුරුහරි කෝල් එකක් දිලා බලන්න එල්ලිලද කියලා බාල්කෙක හරි... මෙහෙමත් අපත මිත්‍රයොනෙ මං ආස්සරේ කොරලා තියෙන්නෙ කියල දුකට.. හි හි

    ReplyDelete
    Replies
    1. හුහ්.. මෙහෙම මිත්තරයෝ ආස්සරේ කරන්න ඒකා පින් කරලා තියෙන්න ඕන... බුදු බණෙත් තියෙනවා “භජේථ මිත්තේ කල්‍යාණේ.. භජේථ පුරි සුත්තමේ...“ කියලා...

      Delete
  2. අඩේ ඔය පොට් එක ෆොටො ගහන්ඩම හදපු පොට් එකක්ද මන්දා. ඔතෙන්ට යන හැම එකාම ඔය ෆොටෝ එක ගහනවනෙ. මාත් ෆෝන් කට්ටෙන් ගත්තා එකක්.

    http://imageshack.us/photo/my-images/607/ctah.jpg/

    ReplyDelete
    Replies
    1. ඔය පට්ට දවල්නේ.. මේ මහ රෑක...

      Delete
  3. හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තිබ්බොත් මාවත් මාට්ටු !

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ්.. තව කිපදෙනෙක්ම සිටී...

      Delete
  4. එතකොට එදා ගංගාරාමේ ගිය අනිකා තමා මේක ලියල තියෙන්නේ. ඔය ගමන අවසානයේ වූ සිද්ධියක් කාලෙකට කලින් වෙනි ලියල තිබුණ නේද? එහෙනං ඒ කතාව ලියල තියෙන්නේ මෙයා ගැන තමා.. හා හා හොරේ දැනුනා දැනුනා..
    දෙන්නටම ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මේ ගංගාරාමෙ නෙවෙයි නලින් මේ ගෝල් ෆේස් බන්..
      සාක්කි තියෙනවා..ඔය බොලාගෙ කමෙන්ටුවට උඩින් ඉන්න එකාව අල්ලා ගනින්...

      Delete
    2. නලින් අයියා ටපලෝගෙන නෙව... මේක මේ වෙන ගමනක්.. අපි දන්න කියන ඇත්තියක් ගැණු ළමයි බොහෝ ඉන්න රටකින් ඇවිත් අපි කීප දෙනෙකුට උස්මුරුත්තාවට කන්න කියලා කොළඹ දන්සැලක් දාලා තිබුනා.. මේ ඉතිං එකෙන් කාලා..ඇග බහින්න කියලා ඇවිදින්න ගිය වෙලේ ගත්ත එකක්...

      Delete
    3. මාරයා ආශ්‍රය කරන එක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ වැඩක් කියලා ඔන්න තව පාරක් ඔප්පු වුනා. උඹ ඔය කියන්නේ අර අණ්ඩක් හෙම කඩාගත්ත බූරු බබා ගැන වෙන්නැති.

      Delete
    4. නෑ හෙන්‍රි දන්නෙ නෑ මේ යාළුවව..බ්ලොග් ලියන්නෙ නෑ දන්න විදියටම නම්..

      Delete
  5. ඒ කියන්නෙ දෙන්න එක්කම අර කෙල්ල ව උස්සන්න හැදුවද?

    ReplyDelete
    Replies
    1. බෝපැල වගේ ඉන්න අපිට කයි කතන්දර හදන්ඩෙපා කෙන්ජි !

      Delete
  6. ඩබල් දාල රාත්තිරියේ ගමන් ගිහින් පස්සා පැති වල ෆොටෝසුත් ගහලා

    ReplyDelete
    Replies
    1. ඩබල් නෙවෙයි බං මේක ඇවිල්ලා ෆයුබල් දමලා යෑමක්.. අර හීනයා එහෙම උඩින් සාක්කිත් දෙන්නේ...

      Delete
  7. හයියෝ සල්ලි කිව්වලු. හා මමත් එහෙනම් එන්නම්කෝ ඉගෙනගන්න. දැකල දුවනවා එහෙම නෙවේ..
    මම නම් කැමරා නැති හින්ද (තිබ්බත් නෑ වගේනේ) ගන්නේම ෆෝන් එකෙන්..

    ReplyDelete
    Replies
    1. ඉන්ඩ මල්ලි..තැපෑලෙන් පොටෝ ගැනීම පුරුදු කරන පාඨමාලාව මේ අවුරුද්ද අග පටන් ගන්නවා.. ඒකටම සැට් වෙන්න...

      Delete
  8. බුහහහා... අයියෝ වෙනී මාමා.. ^_^

    ඒ උනාට වෙනී මාමා මේ මාරයට වඩා කොල්ලා වගේ දුවලා පැනලා ඉන්නවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මල්ලි මේ... නොදන්න ටෝක්ස් දෙන්න එපා... වෙනී මාමා කොහේද මාත් එක්ක දුවලා පැනලා දගලන්නේ... අඩි විස්සක් යද්දි ඔය හාදයා නිකං දෙක ශ්‍රී මයිනර් කස්ටක් වගේ ගැහෙනවා... :D

      Delete
  9. මීට පස්සෙ නම් ෆොටෝ එකකට පස්ස දුන්නත් මූණ නම් දෙන්නෙ නෑ..එහෙම නොවෙන්ඩ ඔය ඉන්නෙ මම නෙවෙයි කියලා හරි කියන්ඩ තිබුනා !

    ReplyDelete
    Replies
    1. ඔව්වා හිතන්න තිබුනේ කලින්.. :D

      Delete
  10. අයියෝ පව් අනේ කොච්චර ලස්සන ෆොටෝ ගන්නවද එයා. මේ මාර අයියට ඉරිසියාව

    ReplyDelete
    Replies
    1. ඕං ආවා පන්දං අල්ලන්න මහලොකු අයියට...

      Delete
  11. Replies
    1. දුමී අයියාගේ එකවුන්ට් එක ගම මහගේ විසින් හැක් කර ඇති වග පැහැදිලි වේ... :D

      Delete
    2. අත් අකුරු වලින් නම් එවැනි සොබාවයක් පෙනේ..

      Delete
    3. මාර්ස් කියන පරක්කුවට මාට්ටු වෙනවා.. ඒක අක්කණ්ඩි එදා ඉදන්ම මට ආමණ්ත්‍රණය කරන පදේ...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හෆොයි ! අර අහිංසකයගෙ පස්සත් ෆොටෝ ගහල බ්ලොගේ දාලා.

    ReplyDelete
  14. අඩේ වෙනියගෙ ශයින් එක . . . . ලකිං පුයිට් සීන් එකක් වගේ.
    කොහොම උනත් මේ පොටෝ ටික සහ විස්තරේ දකිද්දි මට උඹට දෙන්න තියන අවවාදෙ මේකයි මාරෙ
    අකේපුරිඤ්ඤංඡ පඪ්ඩඤ්ඡ
    ඨොප්ඵඤ්ඡ විනස්සතී

    ReplyDelete
    Replies
    1. “ඒක පුක්ඛං දානංච..
      දස දහසක් පුක්ඛ ලබ්භති..“
      කියලත් කොහේද මංදා පොතක තිබුනා.. :D

      Delete
    2. මුන්ගෙන් බන අහපු එවුන්ට ගහන්න ඕනේ මඩු වලිග වලින්.

      Delete
  15. එහෙම තමා මොකේකට හරි ආසා හිතුනොත් බඩගාගෙන ගිහින් හරි ෆොටෝ එක ගන්නවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙයා බඩ ගාන්නනං දස්සයා තමා...

      Delete
  16. දැන් පොටෝ විචාරය නවත්තලා පොටෝ ගන්න ඉරියව් විචාරය කරනවද? :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා මමත් බැලුවේ. හැබැයි මොන වැඩේ කළත් සාර්ථක වෙන්න නම් කැප කිරීම තියෙන්න ඕනෙ.

      Delete
    2. ඔව් නිකම්ම උළුක් කරන් හිටියට බැහැ ඉඳා කාපන් කියලා .. කැප වෙන්න ඕනේ ..

      Delete
    3. එදා වේල හොයා ගන්න මොනවාම හරි කොරන්න එබැයිලා බං..

      Delete
  17. වෙනී අයියගෙ පස්සෙන් මාරය හිටිය හින්ද හොඳයි. බැරි වෙලාවත් මාරය එහෙම ඔහොම හිටියනං මොනවගේ තත්වයක් ඇතිවෙන්න තිබුණද කියන එක හිතනකොටත් ශෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. ශෝචනීයයි නෙවේ ප්‍රසන්න අය්යේ ක්ලෙම් එකත් අරන් ඉවරයි මේ වෙද්දී ඒ පස්සට..

      Delete
    2. බුදු අම්මෝ.. ඒ ගැනනං හිතන්නවත් එපා...

      Delete
  18. අද තමයි මගේ එකවුන්ට් එක රෙකවර් කරගත්තේ පල වෙනියටම මේ වගේ අපත වැඩකට කොමෙන්ටුවක් දාන්න වුන එක ගැන හරිම සන්තෝසයි (දුකයි) මාරයාගේ තවත් කුජීත වැඩක්

    ReplyDelete
    Replies
    1. නරක් වෙලා තියෙයි මෙහෙම මල් වට්ටියකට අත ගැහුවම... :D

      Delete
  19. අයියෝ වෙනියෝ.....නියම තිරෙන් පිටුපස කතාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් ලේසියෙන් මෙහෙමත් කතා අහන්න හම්බ වෙයිද..?

      Delete
  20. වෙනි අයියාගේ නොදුටු පැත්තක් තමයි මාරයා අරගෙන තියෙන්නේ ..හික්..හික්..හි

    ReplyDelete
  21. මෙයා වෙන අයගේ ෆොටෝ මෙතන එල්ලනවා අරහේ මෙයාගේ නම වගේ නමක් විකුනනවා
    අරහේ කිව්වේ මෙන්න මෙහෙ
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
  22. නියම කැමරා කාරයාට අවශ්‍ය විටක 'පොකෙන් පුටෝ' ගන්නත් පුළුවන් වියයුතුය.

    ReplyDelete
    Replies
    1. මම ඔය ෆොටෝ එක ගද්දි මට ට්‍රයි පොඩ් එකක් තිබ්බෙ නෑ..මම කලේ මමම ට්‍රයිපොඩ් එකක් උනා..මට මොහොතකට අමතක උනා මට පිටි පස්සෙ ඉන්නෙ "නියම" කැමරා කාරයෙක් කියලා..චෙහ්..

      Delete
    2. එතකොට ට්‍රයි පොඩ් එකේ තුන්වෙනි කකුල මොකක්ද..? :D

      Delete
    3. ඕනි එකක් කියලා හිතා ගන් !

      Delete
  23. මාරයෝ උඹට පිටිපස්සවල් පේන්නම බැහැ වගේ නේද?

    ReplyDelete
  24. මම නං මේ වගේ සීන් වලට කියන්නේ, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා.

    ReplyDelete
  25. වෙනි අයියගෙ සිරියාව බලාන්කෝ :D

    ReplyDelete
    Replies
    1. සිරියාව ගැන කියන්ඩෙපා...ඇමරිකාව එලෝ එලෝ ගහන්ඩයි යන්නෙ !

      Delete
  26. Naleen Dilruksha | 3 hours ago
    වෙනිගේ කට හඩත් නරක නැ.

    Indika Kodithuwakku | 3 hours ago
    වෙනීගෙ හඬ කපුගේ වගේ ඇති ( පෙණුම එහෙම හින්ද කිව්වෙ )

    ReplyDelete
    Replies
    1. මම ඕක නොදැක්කා වගේ සද්ද නැතුව හිටියෙ..මම සින්දු කියලා අහන් ඉන්න මිනිස්සු රෑට හීනෙනුත් බය කරන්නෙ මොකටද ???

      Delete
  27. වෙනී මාමා හොම්බ දිග කැමරාවෙන් ෆොටෝ ගහන්න විදින දුක අම්පාර පොත් බෙදන්න ගිය ගමනෙදි මම සියසින්ම දැක්කා...වෙනී අයියට කෝණය හොයාගන්න තමයි ටිකක් වෙලා යන්නෙ...ගොඩාක් වෙලාවට අංශක 180 ට වැඩි කෝණ තමයි තෝරගන්නෙ..

    ReplyDelete
  28. රටක් වටින හිනාව පෙනි පෙනී හැමෝම පස්ස පැත්ත ගැන කතා කරන්නෙ මොකද මන්දා.

    ReplyDelete
  29. ඊට පස්සේ වෙනියගේ පශ්චාත් භාගයට මොකද උනේ?

    ReplyDelete
  30. වෙනි අයිය ෆොටෝ ගහන විදිය ෆොටෝ ගැහැව්වම වෙනි අයියගෙ ෆොටෝ වලට වැඩිය හොඳයි වගෙ .....

    ReplyDelete
  31. පවු යකුනේ වෙනිය,... ඇයි බන් ඒ අහිංසකයට එහෙම දෙයක් කොරේ....ඌට පින්තූර ගැනිල්ල එපා වෙන්ටෑති...

    ReplyDelete