01 October 2013

මව් ගුණ ගී සහ.. අහ“වල්“ අයියාගේ වග...

අද දවාලේ බුකියේ කරක් ගහද්දි අපේ යාළුවෙක් “අම්මලා“ ගැන කියාපු කතාවක් හින්දා මේක මතක් උනේ... යාළුවනං කිව්වේ “අම්මලා උන පලියට හැම අම්මම සීදේවී නැහැ“ වගේ කතාවක්...

ඇත්තටම ඒ කතාව දැක්කම මට ඒකගේ කටේ ඔබන්න හිතුනා... මං කිව්වේ මේ මසුරං... මසුරං ඔබන්න හිතුනා උගේ කටේ.. ඒ තරමට වැදගත් කතාවක් ඒක...

හැබැයි ඉතිං ඕවා කියන්න ගියාම ආයේම වතාවක් අපි “අමානුෂික පොරවල්“ වෙන්න බැරි නැහැ...

මේ රටේ තියෙන අමුතුම කේස් එකක් තමා වැරදි කල එකා පැත්තක හිටිද්දී ඌට දඩුවම් දුන්න එකා මරං කන කේස් එක...

ඔන්න එය කිව්වම මතක් උනේ මේ මෑතකදී මගේ යාළුවෙක් වැඩ කරන තැනක මරු සීන් එකක් වෙලා තිබුනා... ඒක ඇවිල්ලා ක්‍රෙඩිට් කාඩ් හොරකමක්...

ලංකාවේ උසස් ආයතනයක එකට සේවය කරන උසස් නිලධාරිනියන් දෙදෙනෙක් අතර තමා වැඩේ වෙලා තිබුනේ... එක්කෙනෙක් පිළිවෙලකට ජීවත් වෙන යමක් කමක් තියෙන කෙනෙක්.. මෙයාගේ තමා ක්‍රෙඩිට් කාඩ් එක... කොහොම හරි මේක අනිත් නිලධාරිනිය උස්සලා... අන්තිමට එයා මේකෙන් ලක්ෂයකටත් එහාද කොහේද බඩු අරං ඔය සුපර් මාකට් වලින් අනං මනං වලින්.. කොහොම හරි පස්සේ බඩු මාට්ටු උනා අර සීසී ටීවී කැමරාද මොනවද ඒවායින්.. කොහොම හරි කේස් එක ලොකුවට ඇදෙන්න යද්දි මේ ආයතනයේ හිටිය අනිත් උන්දලා මේක ගොඩින් බේරන්න දැගළුවා... “එයා පව්... මොනවා උනත් ඕක දිගට ඇදලා ගියොත් රස්සාව නැති වෙයි“

ඔන්න ඔහොම වැල් බයිලා කියලා කියලා කොහොම හරි මේක ගොඩින් ෂේප් කෙරෙවුවා.. ගත්තබඩුවල සල්ලි ආපහු දෙවන පොරොන්දුව උඩ... එයිට ටික දවසකට පස්සේ මේ “හෙර“ මාරුවක් හදං ගියා වෙන ස්ථානෙකට.. දැන් අර මුදල් ගෙවිල්ල බාගෙට නැවතිලා... අරකි අල්ලන්නත් නැහැ... අර “පව්“ කියපු උන් වෙච්ච අලාබේ අර ගෑනිට ගෙවනවද..?

ඕක තමා අපේ උන්ගේ හැටි... අපිනං අමානුෂිකයි තමා... මොකද මට අනුවනං රස්සාව රැකිමක් උවමනා වෙන්නේ නැහැ ඔය වගේ තැනකදී... ඇයි යකෝ එකට රස්සාව කරන තැන ඔහොම හොරකං කරන උන්ට මොන අනුකම්පාද..? නැති බැරිකමකටනං ඒත් හා කියමුකෝ.. (එව්වත් ඔට්ටු නැත) මේ හොඳ වැටුප් ගන්න උසස් රැකියා කරන අය... අනික අර ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරං තියෙන්නෙත් අරුමෝසං බඩු වැඩි හරිය... 

ඒ ඔක්කෝටමත් වඩා.. ඔය සිද්ධිය වෙන්න ටික දවසකට කලින් ඉදලා ඔතන ඉන්න අනිත් අයගෙත් බෑග් වලින් මිල මුදල් අඩු වෙලා තියෙනවා... ඒත් අන්තිමට හැමෝම සැක කරලා තිබුනේ ඒ ආයතනයේ සුළු සේවිකාවක්ව... අන්තිමට ඒ ගෑණි නිරපරාදේ අනිත් අයගේ සැකේට ලක් වෙලා වෙන තැනකට මාරු වෙලා ගියාදත් කොහේද... එතකොට ඒවා පව් නැහැ...

හොරකමක් කරන එකාට හොරා කියන එක කිසිම වරදක් ඇති දෙයක් නෙවෙයි.. හැබැයි ඒ වගේමයි නිරපරාදේ නිවැරදි කෙනෙකුට හොර ලේබලේ ඇලවිමත් හෙන ගහන අපරාදයක්...

ඔය ගැන කියන්න ගියාම මට මතක් උනේ.. මං ඔය වැඩ කරපු තැන් කිහිපයකම අපිට ලොකර් තිබුනා... ඒවා ඉතිං පරිස්සං කර ගන්න එක තම තමුන්ගේ වැඩක්... ඒත් අපේ සමහර එකාලා ඉන්නවා කිසි පරිස්සමක් නැති.. එහේ ලොකර් ඇරලා දාලා යනවා... පස්සේ අරක නැහැ මේක නැහැ කියලා අනිත් උන්ව සැක කර කර ඉන්නවා... ඕක තදින්ම දැක්කේ කුරුළු හමුදාවේ ඉද්දී... පස්සේ අහල පහල හිටිය හැම එකාටම පට්ට කුණු හරපෙන් බැනලා තමයි කොයි මගුලේ ගියත් ලොකර් ලොක් කරලා පලයව් කියලා කිව්වේ... මොකද මුංගේ මොකක් හරි රෙද්දක් නැති වෙලා මුං ඒක හොයන කොට නිකං ඉන්න අපිට උනත් හිතට හරි නැහැ.. “මූ මාවත් මේකට සැක කරනවා ඇති නේද“ කියලා හිතෙනකොට... මං මේ කියන අත්දැකීම විදලා ඇති අයට මේක තේරුම් ගන්න ඇහැකි වෙයි... ඒ හින්දාම තමා නිතරම කියන්නේ “තම තමන්ගේ දේවල් ආරක්ෂා කර ගනිවු.. ඔහේ ඇරලා දාලා ගිහිල්ලා අන්තිමට අරක නැහැ මේක නැහැ කියලා අපේ මූණු දිහා බල බල ඉන්න එන්න එපා“ කියලා...

හොරකම වැරැද්ද කල එකාගේ රස්සාව නැති වෙයිද..? ඌ දිවි නහ ගනීද කියන කාරණේට කලින් අගතියට පත් වෙච්ච එකාට සාධාරණේ සිද්ධ කරලා ඉන්න ඕන කියන එක අපේ මිනිස්සුන්ගේ ගෑවිලාවත් නැත්තේ එක්කෝ මුං හෙන මානුෂික පොරවල්... එහෙමත් නැත්තං මුනුත් හොරු... කවදා හරි තමන්ටත් කෙල උන දවසක ෂේප් වෙන්න ඕන හින්දා මුං හොරු සුද්ධ කරනවා කියල තමා මට හිතෙන්නේ... නැත්තං මොන මගුලක්ද..?

දැන් අර සුළු සේවිකාවට වෙච්ච අගතිය ගැන කවුද ගිහින් ඒ ගෑණිගෙන් සමාව ඉල්ලුවේ... කවුද අර නැති වෙච්ච සල්ලි ටික අර මනුස්සයට දෙන්නේ... ඒවට කවුරුවත්ම උත්තර බදින්න එන්නේ නැහැ.. ඇයි යකෝ ඒවට උත්තර බඳින්න බැරිනං නිකං හොරුන්ගේ රස්සාවල් රකින්න කතා කරන්නත් එන්නේ නැතිව උන්ගේ ප්‍රශ්න උන්ටම බේර ගන්න ඇරහල්ලකෝ...

හරි හරි ඒ කතාව එහෙම අතාරිමු.. මං මේ කියන්න ගියේ වෙන මගුලක්නේ.. තව ඩිංගෙන් ඒක අමතක වෙනවා...

මේක ඇවිල්ලා අර පොත් නැව ලංකාවට ආව දවස්වල උන දෙයක්... මං ඒ ගැන ලිව්වා නේද බ්ලොග් එකේ.. හිටහල්ලා බලන්න.. දැන් මේ බුකියයි මේකයි දෙක පැටලිලා හින්දා කෝකේ දැම්මද කියලා මට නිච්චි නැහැ...

හරි හරි තියෙනවා.. මේ තියෙන්නේ

ඉතිං ඔන්න ඔය පොත් නැවට යන්න කලින් වරායේ පිවිසුම ගාව පෝලිමක් තියේ දිගට... එක දවසක් මං ගිහින් ඕක බලලා ආවට පස්සේ ආයේ එයිට දවසකට නැත්තං දෙහෙකට පස්සේ යෙදුන පෝය දවසෙත් ආයෙම යන්න උනා.. ඒක උනේ එදා යාළුවෝ දෙතුන් දෙනෙකුත් ආව හින්දා අපි කට්ටිය ගියා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ තිබුන ජාත්තියන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න කියලා.. 

මොන පොත්ද..? මොන යාමක්ද... බුදු අම්මේ වාහන පෝලිම.. ඒත් ඉතිං අපිත් කොහොම හරි යන්න කියලා පෝලිං ගත වෙලා පාරක හිර වෙලා ඉන්න ගමන් කෝල් එකක් ගත්තා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ නිල ඡායාරූප සිල්පියා වෙලා ඉන්න මං දන්න කියන අයියා කෙනෙකුට... මොකද වෙන්නේ කියලා දැන ගන්න...

මෙන්න පොරත් එක්ක ගිය කතා බහ...
------------------------------------------
මම :- ** අයියේ... මේ මං මාරයා.. අපි සැට් එකක් ප්‍රදර්ශනේ බලන්න එන්න යන්නේ.. උඹ කොහේද...?

අහ“වල්“ අයියා :- ආ..ආ... මල්ලියේ... අහ.. අහ...

මම- මොකද බං...?

අහ“වල්“ අයියා :- ආ නැහැ නැහැ මල්ලියේ... මාත් මේ පෝලිමක හිර වෙලා.. මෙහෙ ගන්න දෙයක් නැහැ සෙනග... හිර වෙනවා බං..හිර වෙනවා.. අහ... අහා...
-------------------------------------
පව් අහිංසක අහ“වල්“ අයියා පෝලිමක හිර වෙලා... අපිත් ඉතිං වාහන පෝලිමක හිර වෙලානේ... ඒත් ඉතිං අපි හිර වෙච්ච පෝලිම වගේ නෙවෙයි මං හිතන්නේ අයියා හිර වෙච්ච පෝලිම... පොර අහා.. අහා.. ගගා ඉන්නේ හිර වෙලා වේදනාවටම වෙන්ට ඇති කියලා මං හිතුවා...

කොහොම හරි අපි ඒ පාර ගමන අතෑරලා දාන්ට හිතුවා.. ඒ හිතලා ආව එකේ ආයේ පොත් නැව බලන්ට යන්ට හිතුවේ මං ගියාට යාළුවෝ ගෙහුන් තිබුනේ නැති හින්දයි...

ආයේ පාරක් මට හිතුනා අපිත් යන එකේ අර කිව්ව අයියවත් එක්ක ගියෑකිනේ කියලා අපිත් එක්කම.. මොකද පොරත් ඔය මොකාද වගේ කොයි වෙලෙත් අරකේ තියෙන පොටෝම අල්ල අල්ල හිටියට එහෙ මෙහෙ ඇවිදින්න කියන්න හම්බ වෙනවා කියලෑ..

ඒ පාර මං ආයේ කතා කෙරුවා... 
--------------------------------------
මම :- අයියේ අපි ඕක බලන්න ආවේ.. ඒත් ඔහේ අමාරුයි වගේ නේද..?

අහ“වල්“ අයියා :- ඔව් ඔව් මල්ලියේ.. මෙහෙ එන්න එපා.. මෙහෙ එන්න එපා.. අර අපේ කෙහෙල් කොටුවේ පුතත් ඇවිත් මෙන්න පෝලිංගත වෙලා ඉන්නවා අමාරුවෙන්... උඹලා එන්න එපා...

මම :- ඒක තමා අයියේ.. අපි කල්පනා කලේ එහෙමනං මෙහෙමම ආයේ පාරක් නැවේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න කියලා.. උඹත් එනවද...?

අහ“වල්“ අයියා :- අහා... නැව නේද..? නැව නේද බං මල්ලියේ..? එක්කෝ ඕන නැහැ මල්ලියේ.. මං මෙහෙමම තව ටිකක් ඉඳලා ගෙදර යනවා... මේ හොඳා මල්ලියේ.. මේ හොදා... අහ...අහා...
----------------------------
ආයේ ඉතිං මං කියලා අයියව කරේ තියං යන්ටෑ.. අයියට පෝලිං ආතල් එක ගන්න ඇරලා අපි ගියා පොත් නැවට ආයේ වංගියක්... හප්පට සිරි.. මෙතන පෝලිම හොදා.. එතනනේ පෝලිම... කලින් දවසේ නිකං ආව ගමන් බලන්න ගියාට එදානං පට්ට පෝලිමක්... හරියටමගෝල් පේස් පිට්ටනිය ගාවටම.. කිලෝ මීටරේකට අඩු වැඩි නැති ගණන්... ඒකත් පෝලිම එකා පස්සේ එකා නෙවෙයි.. පස් දෙනා පස්සේ පස් දෙනා...

ඒත් ඉතිං මක් කරන්නද.. ආව එකේ කොහොම හරි බලමු කියලා හිතලා පෝලිමට එකතු උනා.. අනිත් කට්ටිය පෝලිමේ තියලා මං ගියා පොටෝ කෑලි අල්ලන්ට කියලා...

හැබැයි අපරාදේ කියන්න බැහැ.. අපේ කාලකණ්නි වගේ නෙවෙයි අර සුදු නංගිලා මල්ලිලා ටික.. රත්තරං වටිනවා... උන්ට සුදු කිව්වට ඉතිං හැම රටකින්ම වගේ ඇවිත් හිටියා.. හැබැයි ඉතිං පිට රට එකාලා අපි අදුරන්නේ සුද්දෝ හැටියටනේ.. ඒ හින්දා මේ අය අතරේ අප්‍රිකානු ජාතිකයෝ හිටියම ඒ අයත් අපි හදුන්වන්නේ කලු සුද්දෝ කියලා.. ආන්න එහෙම ඒ ඇවිත් හිටිය නැවේ සුදු සෙට් එක තමා පෝලිම බලා කියා ගත්තේ... පෝලිමේ අග කොහොම කද බැදං ගියත්... අවසානෙදී හරි කෙලින් එක්කෙනා පස්සේ එක්කෙනා යන විදියට පෝලිම හීනි කොරලා.. නියම විදියට ටිකට් කඩලා..කාටවත්ම පෝලිං පනින්න දෙන්නේ නැතිව වැඩේ ලස්සනට කරනවා... ඒ අස්සේ කපටි සූට් ගහලා ආව මංතිරියෙක්ගේ ලේකමෙක්ගේ පවුලේ යාළු සෙට් එකක් වගේ උන් වගයක් කෙලින්ම පෝලිමේ මුලට යන්ට ගියාට ඒකත් දෙල් උනා.. උන් සැට් එක එයින් පස්සේ කොහොට දිරා මාර් උනාද කියලා මට හොයා ගන්ට බැරි උනා... කාලකණ්නි හැතිකරේ...

කොහොම හරි ඔන්න අපි පෝලිමේ හිටලා හිටලා මුලට ඇවිත් බස් එකට නින්න ඔන්න මෙන්න කියලා ඉද්දි ළමයි දෙන්නෙක් එක්ක ආව අම්මා කෙනෙක්.. ටිකක් වැදගත් විදිහට පෝලිම පනින්න ට්‍රයි එක...  වහාම ක්‍රියාත්මක උන සුදු සෙට් එක එයාලවත්  හරවලා යවන්න ට්‍රයි කලාට මේ ගෑනි දන්න සිල්ප ඔක්කෝම දාලා.. එක ළමෙක්ව පෝලිමට රිංගවලා ඒ හරහා පෝලිම ආක්‍රමණය කලා... වැදගත් විදියට ඇදගෙන හිටියට මොකද බැල්ලියෙකුට අන්තයි... මේකි හොර වැඩ කරනවා මදිවට.. ළමයින්ටත් හොරකං පුරුදු කරවනවා... කවදා හරි දවසක අනිවා ඔය ගෑනි නවතින්නේ මහළු නිවාසෙක තමා... 

කොහොම හරි සුද්ධන්ට තේරුනේ නැති උනාට බලං හිටිය අපි හොදටම ගෑනිගේ ලැජ්ජා නැති වැඩේ  දැක්ක හින්දා බස් එක නැව ගාවට යනකල්ම දුන්නා නැති වෙන්නම... ගෑණි අපිට ඉස්සරහා සීට් එකේ වාඩි උනා.. අපි පටන් ගත්තා අම්මලා ළමයින්ව හොරුන්ව කරන්නේ කෙසේද යන කාරණාව සාකච්ඡා කොරන්න... ගෑණි ඇඹරි ඇඹරි ඉන්නවා මං දැක්කා... ආයේ ඉතිං ලැජ්ජාවක් කියලා බින්දුවක් හරි තියේනං මීට පස්සෙවත් නොකර ඉන්නේ නැතෑ ඔහොම වැඩ...

ඇත්ත ඒ ගෑනි එක්ක හිටියෙ පොඩි ළමයි දෙන්නෙක්... දෙන්නම කොල්ලෝ... වයස අවුරුදු දහයේ අටේ වගේ විතර ඇති මයෙ හිතේ... හැබැයි ඉතිං ළමයි එල්ලං එනවා කියන්නේ නිදහසට කාරණාවක් නෙවෙයිනේ.. මොකද එයිට වඩා අත දරුවෝ වඩාගෙන අවුවේ වේලි වේලි පෝලිමේ හිටිය අම්මලා දෙතුන් සීයක්වත් ඒ වෙද්දිත් හිටියා... මේ හොරෙන් පැනලා කරන්නේ අර මිනිස්සු සාධාරණ විදියට පෝලිමේ ඉන්න වෙලාව තව විනාඩියකින් හරි පරක්කු කරන එකනේ... අව්ව.. වැස්ස.. කියන දේවල් වැදගත් අයට එක විදියක්..නොවැදගත් අයට තව විදියක් නෙවෙයිනේ.. හැමෝම අව්වට පිච්චෙනවා.. වැස්සට තෙමෙනවා... එහෙම තැනකට ආවම සාධාරණව පෝලිමක ගිහින් ඒ දේවල් බලා ගන්න බැරිනං ගෙවල්වලට වෙලා ඉන්න ඕන... පොඩි ළමයි ඉන්නවා කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි.. මේ හදන්නේ ඒ පොඩි උනුත් හොරු කරන්න.. පෝලිම් පනින.. අනිකාගේ අවස්ථාව ගසා කන හොරු කරන්න... එයින් පස්සේ රට හදන්න කතා කරන්න... රෙද්ද තමා... රටවල් හදයි ඔහොම හොරු ගෙවල්වල හද හද...

ඔන්න ඔය කේස් එක තම මට මතක් උනේ අර කියාපු මගේ බුකියේ මිත්තරයා අම්මලා ගැන කියාපු කතාවෙදි... ඇත්තටම මේ ලෝකේ මං දන්න තරමින්.. අහ්..වැරදුනා.. ලෝකේ කියන පදේ මට පාවිච්චි කරන්න බැහැ මෙතනදී.. මොකද මං තාම දන්නේ මේ රටේ උන්දලා ගැන විතරයි.. ඉතිං මේ රටේ මං දන්න තරමින් අම්මලා තමා වැඩි හරියක් ළමයි නරක් කරන්නේ.. උන්ව හොරු වංචාකාරයෝ තක්කඩි කරවන්නේ... අනිකාගේ අවස්ථාව ගසා කෑම ලොකු වීරකමක් වගේ දරුවන්ට පුරුදු කරවන්නේ... මොන වංචාව හරි කරලා ලොකු මිනිහෙක් වෙයං මිස හොද මිනිහෙක් වෙලා දුප්පතෙක් උනත් කමක් නැහැ පුතේ කියන අම්මලා ඉන්නේ කීයෙන් කීදෙනාද කියලා මං දන්නේ නැහැ...

එහෙම හොඳ අම්මලා ඉන්නවනං... ඒ අය මට සමාවෙන්ට ඕන.. මේ කියන්නේ ඔයාලා ගැන නෙවෙයි... ඒ අය කරුණාකරලා මේක බාර ගන්න එපා...

හැබැයි බොරු කරන.. වංචා කරන.. ඒ දේවල්වලට නොදැනුවත්වම ළමයින්ව යොමු කරවන... හූරා කෑම.. අනිකාගේ දේ ගසා කෑම වීරකං හැටියටත්.. ඒවා වරදක් නැති හැටියටත් දරුවන්ට ආදර්ශයෙන් කියා දෙන... අර මං කිව්වා වගේ අර වගේ තැනකදිත් පෝලිං පනින ජාතියේ අම්මලා ඉන්නවනං ඒ අය මේක බාර ගන්ට... ඒ කිව්වේ තමුන්ලා සීදේවි අම්මලා නෙවෙයි කියන එක...

අනිත් අම්මලා සමා වෙන්ට..අම්මලාගේ නාමයටත් නිග්‍රහ කරවන අම්මලා හින්දා හිත් රිදෝ ගන්ට එපා...

ආ තව එකක්.. හොඳම වැඩේ තමා අර විදියට බොහෝම අමාරුවෙන් පිළිවෙලට පෝලිං කරවලා බස් එකට නැග්ගුවට පස්සේ මෙන්න ටික දුරක් ගිහින් එක පාරට බස් එක නවත්තලා අතර මගින් කට්ටියක් නග්ග ගත්තා බස් එකට.. බැලින්නං වරායේ ආරක්ෂක නිලධාරී කියන අමන හැත්තයි.. අර බස්වල එවුනුයි එකතු වෙලා පෝලිමේ එන්න අමාරු තවත් වැදගත් කාලකණ්නි හැතිකරයකගෙන් සල්ලි අරං මගින් පටෝනවා... ඒ හැතිකරෙත් කලිසං ගවුං එහෙම ඇදලා ආවට මටනං පෙනුනේ හෙළුබැල්ලෙන් එනවා වගේ.. අනේ උන් වගේ උන්ව හැදුව අම්මලා... අර වගේ සල්ලි වලට පෝලිං පන්නවන එකාලයේ අම්මලා...
මට ඉතිං මව්ගුණ උපහාර වදන් සෑහෙන්න කිය උනා...

===================================

හරි කොටින්ම කියතොත් මට කියන්න ඕන උනේ... අම්මලා උන පලියට හොර වැඩ කරන්න ලයිසන් දීලා නැත... හොර වැඩ කරන එකා හොරා..එකී හෙර.. ඒ ඇර වෙන හැදින්වීමක් නැත... ඒ වගේම හොර වැඩ කරන කොට ඒවායේ ගුණ තමුන්ගේ දෙමාපියන්ට යන එක වලක්වන්නත් බැරිය.. ඔව් ඔව් මේ ලියන මටත් අදාලය... ආයේ නැතිව... ඒ හින්දා කරුනාකරලා ළමයි හොරු නොකර හදාපියවු...

32 comments:

  1. මටත් පේන්ට බැරි කාරණාවක් ඔය පෝලිම් පැණීම. දෙන්ට හිතෙනවා හොම්බ රිවර්ට් වෙන්ට, අම්මපා!!!!

    ReplyDelete
  2. උපරිම මලක් පැනල වගේ...කාලෙකින් ටිකක් ලුනු ඇඹුල් ඇතුව ලියල තියෙන්නෙ...ඕක මොකක්ද මල්ලි දළදා හාමුදුරුවො වඳින්න යන පෝලිමත් පනින රටේ..

    ReplyDelete
  3. සමහරු ඕක පුරුද්දක් කරගෙන.බැංකුවකට ගියත් එහෙමයි.හෙමීට ඇවිත් පෝලිමේ මුල හරියට හේත්තු වෙනවා.කීප දෙනෙකුට නම් තට්ටු කරලම කියලා තියෙනවා පෝලිමේ එන්න කියාලා.පෝලිමේ ඉන්න අයත් සද්ද නැතුව ඉන්න එකයි වැරැද්ද

    ReplyDelete
  4. දැන් හොරෙක් වෙච්චි කොල්ලෙක් මම දන්නවා..ඌ පුංචි කාලෙ මූ හොරාය මූට දඩුවම් කරන්නය කියලා ඒ දෙමාපියන්ට කිව්වම දෙමාපියො අපේ ඇගට ගොඩ වුනා..දැන් තව ටික දවසකින් ඌ පසිද්දියෙ ගංජා ගහල ලොකු හොරකමකට හිරේට යාවි...
    මාරයියා අර රස්සාවලින් අයිං කරන කතාවට නම් මම හරි කැමති.මොකද රස්සා නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නව දාස් ගනන්..එහෙව් එකේ ඇතුලෙ ඉන්න පිස්සු කෙලින හොරකං කරන කාර්යාල වේලාව ඇතුලෙ වැඩකරන්න නැති හැත්ත බුරුත්ත පන්නල අර අලුත් අය ගන්නවනම් ඉතිරි ටික දෙනා හරි හදාගන්න පුලුවන් වෙනවා..

    ReplyDelete
  5. කොහෙද බං ලංකාවේ හරියට පෝලිමක් තියෙන්නේ

    ReplyDelete
  6. ලෝක වැඩිහිටි දිනේටම නියමෙට දීල තියෙන්නෙ‍.
    මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය පෝලිං පැනිල්ල.

    වල් අයිය කිවුවෙ අපේ වැල් අයිය වෙන්න ඇති නේද?

    ReplyDelete
  7. වල අයිය කවුද කියන එක නම් හොඳට වැටහුනා. හැබැයි ඕයි මටත් ඔය පොලින් පනින හැතිකරේ පෙන්නන්න බැහැ

    ReplyDelete
  8. සහතික ඇත්ත. පොඩි කාලෙ ඉඳන් ඔහොම දේවල් පුරුදු කරලා පස්සෙ ළමයින්ට දොස් කියන්න බෑ.

    ReplyDelete
  9. \\කවදා හරි දවසක අනිවා ඔය ගෑනි නවතින්නේ මහළු නිවාසෙක තමා\\

    ඔන්න තවත් හොද මාතෘකවක් මාරයො. හැම වෙලවෙම මේ සමාජය බනින්නෙ දෙමව්පියන්ව මහලු නිවාස වලට දානව කියල ළමයින්ට. ඒත් ළමයි ඒ තත්වෙට පත් වෙන්නෙ ඇයි කියල කවුරුවත් බලන්නෙ නැහැ.

    ReplyDelete
  10. දැන්නම් ලංකාවේ පෝලිමක ඉන්නත් ආසයි බන්....... අනේ මාරයෝ ඇනෝ කෙනෙක් වගේ ඇවිල්ල හරි අර අයියගේ නම කියපන්කො ..... නැත්නම් ඕක කල්පනා කර කර ඉදල අද හරියට වැඩක් කරගන්නත් බැරිවෙයි

    ReplyDelete
  11. පෝලිම් මනින එක මටත් පෙන්නන්න බැරි වැඩක්. අවස්ථා හොරකම කරන ලොකුම අවස්ථාවක් තමයි එක වසරට ළමයි දාන අවස්ථාව.

    ReplyDelete
  12. අර ක්‍රෙඩිට් කාඩ් සීන් එක පත්තරේ ගියා නේද? .....එකනේ කිඅන්නේ අපේ ජාතිය ඉස්සරහට යන ජාතියක් කියලා.ඕන පෝලිමක ඉස්සරහට රිංගන්න මාර දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. එයි උබ මොකද්ද අර අතන මකලා තියෙන්නේ?

      Delete
  13. හපෝ මට නම් මේවට කට දාන්න බැහැ.. ගිය පාර අර කාලකන්ණි කොල්ලෙක් නිසා මට වෙච්චි පාඩුව මතකයි තාමත්.. බ්ලොග් රෝල් කීයකින් නම් අයින් කරාද මාව..අම්මපා ඕකගේ ඔලුව තලන්න තරම් කේන්තියි මට මේ දැන් අහු උනත්...

    ReplyDelete
    Replies
    1. නොදකින් අවලං සහනයා.. :D
      යකෝ උදේටයි දවල්ටයි දෙකටම කියලා නූඩ්ල්ස් ටිකක් හදං කාලා ඇවිත් ඇදේ වාඩි වෙලා මේක ඕපන් කරං බලන ගමන් වතුර උගුරක් බොන්න කියලා හැදුවා විතරයි... බොහොම අමාරුවෙන් ලැප් එක බේරගත්තේ.. බලහං වතුර පාර ඇද පුරාම.. නොදකින් විතරක් තෝනං.. මාව කෑවා.. හෙහ් හෙහ්...

      Delete
    2. දැන් මොකෙයි වළදන්නේ ..?

      Delete

  14. //අහ“වල්“ අයියා :- අහා... නැව නේද..? නැව නේද බං මල්ලියේ..? එක්කෝ ඕන නැහැ මල්ලියේ.. මං මෙහෙමම තව ටිකක් ඉඳලා ගෙදර යනවා... මේ හොඳා මල්ලියේ.. මේ හොදා... අහ...අහා...//

    "ලියන්නා"ව දේ අමතක වෙලාද කියල හිතුන මේ කතාව දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මාරයා මේ ඉන්දික කියන හාදයව බ්ලොක් කරන්නෙ නැත්තෙ ? මම ටික කාලෙක ඉඳලා නෝට් කරා..නොහොබිනා කමෙන්ට්ම තමයි දාන්නෙ !

      Delete
    2. හා හා..බලාගෙන..වැට වැට... :D

      Delete
  15. බස් පෝලිං. ගැන නං කතාකරලා වැඩක් නෑ...
    පෝලිං ඩිසිප්ලින් ලංකාවේ නැතිහින්දා නේන්නං බැංකු වල පෝලිං සෙකුරුට්ටෙක් දාලා ඉන්නේ.... කස්ටිය ගානට පෝලිමේ යවන්ට...

    ReplyDelete
  16. /*එක්කෝ මුං හෙන මානුෂික පොරවල්... එහෙමත් නැත්තං මුනුත් හොරු...*/ මානුෂික පොරවල් 90%ක්ම හොරු තමා.. වැඩේ කියන්නෙ සමහර වෙලාවට උන්වත් දන්නෙ නෑ උන් හොරු කියල :)



    ReplyDelete
  17. ඔව්වා ඔහොම තමයි...අම්මලා තාත්තලා ගිය අඩි පාරෙ නොයන්නෙ කොයි ලමයිද ?
    අතුරු කතාවට නම් කියන්න තියෙන්නෙ..මම මෙච්චර කල් කෙහෙල් කොරොට්ටා ගැන හිතා හිටි විදිය මේ කතාව ඇහුවහම සම්පූර්නයෙන්ම වෙනස් උනා..බැඳලා ලමයිත් ඉන්න කෙනෙක් නේද ඔය කෙහෙලා..තාමත් පෝලිම් අස්සෙ ඔහොම අහා අහා ගගා ආතල් ගන්නවලුද බන් හැබෑටම ??? මට නම් විශ්වාස කරන්නත් අමාරුයි..ඒත් උඹ කියන නිසා...

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය බ.අ.ජා.ස.ශාවේ නිල ඡායාරූපශිපියත් ඔය කෙහෙක් කොරොට්ටාමද?

      Delete
    2. අපි නොදන්නවට වෙන්න ඇති බන්

      Delete
  18. ඔය මුල් කතාව වගේ එකක් LOLC වල උනා. ඒ හොරකං කරපු ගෑනු කෙනාට promotion එකක් එක්ක වෙන බ්‍රාන්ච් එකකට මාරුවක් හම්බ උනා.

    ReplyDelete
  19. අපි පොඩි හොරු පෝලිම් වලට යවා ලොකු හොරු පාර්ලිමේන්තු යවමු

    ReplyDelete
  20. පෝලිම් කඩන ඒවාට මාත් වැලි දාගෙන තියෙනවා ඕන තරම්.

    ReplyDelete
  21. නියමයි එළ . .
    කියවන්නනම් පට්ට පරක්කු උනා ගියටිකේම වැඩ .
    ජය !

    ReplyDelete