නම අහපු ගමන් එක්තරා සෙට් එකකට මයිල් ඉස්මයිල් වෙන බව දන්නා මුත් නොලියාම බැරි නිසා මේක ලියලා දාන්න හිතුනා ඕං... ඒ හින්දා මෙන්න කලියෙන්ම කියලා තියනවා... තරහා අවසර... අධික රුධිර පීඩනේ එහෙම තියේනං නිකං රෝගී තත්ව උත්සන්න කොර ගන්ට එපාලා... බලන්ට එපා... ඔන්න මුල් ඡේදෙටම මේ ටික දැම්මා.. ආයේ ඉතිං සින්ඩියකින් හරි රීඩරේකින් හරි මේ ඇහැ ගැහුන ඇත්තේ නිකංවත් පෝස්ට් එක උඩ ක්ලික් කොරලා නැති කරදර ඇති කර ගන්ට එපා...
රයිටෝ... ඔය වැඩිහිටියන්ට පමණයි ඒවා ලියද්දී 18+ කියල ගහනවා වගේ මේක ලියන්ට කලියෙන්ම අනතුරු ඇගවීම කොරලා හිටියා.. ආයේ ඉතිං කාගෙත් හිත් සුද්ධයි නෙව...
------------------
ගෝඨාභයගේ යුද්ධය.
(Gota's War හී සිංහල පරිවර්ථනය)
කතෘ- සී ඒ චන්ද්‍රප්‍රේම...
මිල රුපියල් 600/= යි
පිටු 543 යි
-----------------
මේ පාර BMICH එකේ තිබුන පොත් ප්‍රදර්ශනයෙන් මංතුමා සල්ලි දීලා ගත්ත පොත් අතරින් එකක් තමා මේ... හැබැයි ඉතිං ඇත්තම කිව්වොත් ගන්න වෙලේ හිතුනේ “මේක ගත්තා වගේ නෙවෙයි කියවන්න ගියාමනං මාර කම්මැලි හිතෙයි“ කියලා... ආයේ ඉතිං මුසාවාද කෙලින්න ඕනයෑ.. කට්ටිය එහෙං මෙහෙං ඕක ගැන බැණ අඩගහපු ඒවා හින්දා මං හිතුවේ මේක හෙන පුරාජේරු හෑල්ලක් කියලා තමා...
ඒත් ඇත්තටම පොතේ මුල් ටික කියවද්දි මට තේරුනේ මේක සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම කියවිය යුතු මෑත කාලීන ඉතිහාසය සම්බන්ධ වටිනා පොතක් කියන එකයි... විශේෂයෙන්ම ලංකාවට නිදහස ලැබීමේ සිට... යුධමය වාතාවරණයක් උතුරේ ඇති වෙන තැනට එනකල් එයට පසු බිම් උන දේශපාලන කතාව බොහෝම සීරු මාරුවට මේකේ ලියාගෙන ඇවිත් තියෙනවා...
පරිච්ඡේද 79 යකින් යුක්ත පෙතේ පළමු පරිච්ඡේද දෙක වෙන් වෙන්නේ ගෝඨාභය හමුදාවට බැඳුන ආකාරය ගැන පැහැදිලි කිරීමකින් හා මූලික පුහුණ කටයුතු හා බ්‍රිගේඩියර් විජය විමලරත්න වගේම... සරත් ෆොන්සේකා යන අය හමුවන ආකාරය ගැනයි... අවුලක් නැහැ ඒ ටිකට කතුවරයා පාවිච්චි කරලා තියෙන්නේ කොල 4යි..එහෙමත් නැතිනං පිටු අටයි... ඕවා කියවන්න අකමැතිනං තුන් වැනි පරිච්ඡේදේ ඉඳන් පොතට බැස්සැකි... :D
එයින් පස්සේ පොතේ 48 වැනි පරිච්ඡේදේ..එහෙමත් නැතිනං පිටු අංක 308 ට එනකල්ම මේකේ ගෝඨාභයගේ නම ලියවෙන්නේ එහෙමත් තැනකදී... ඒ ලියවෙන්නෙත් ඒ ඒ කාලයේ ගෝඨාභය හිටියේ කොහේද කියන එක ගැන විතරයි... එහෙම නැතිව ගෝඨාභය වෙඩි හඩ මැදින් සාරුක් කාන් වගේ පට පට ගාලා වෙඩි තියාගෙන සතුරු කදවුරු මැදට පැනලා ගේම දුන්නා වගේ ඒවා මේකේ නැහැ... ඇත්තටම කිව්වොත් ගෝඨාභයගේ නම ලියවෙලා තියෙන්නේ හතර පාරක්නං එයිට එක වතාවකටවත් වැඩියෙන් සරත් ෆොන්සේකාගේ නම ලියවෙලා තියෙනවා... ඔය අතරට වැටෙන්නේ පුරා විසි අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කරලා ගෝඨාභය විශ්‍රාම ගිහින් ඇමරිකාවට ගියා කියන ටික කෙටියෙන් විතරයි...
එතකොට පරිච්ඡේද අංක 3 (පිටු අංක 09) යේ සිට පරිච්ඡේද අංක 48 (පිටු අංක 308) දක්වාම සම්පූර්ණ පරිච්ඡේද 45 (පිටු 300) ක් පුරාවටම මේ පොතේ තියෙන්නේ නිදහසේ සිට මේ දක්වාම ලංකාවේ පැවති සිංහල ද්‍රවිඩ අර්බුධය ගැන කතාවම තමයි...
මං මුලින් කිව්වා වගේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම කියවිය යුතු කොටස තමයි මේ... හරියටම කිව්වොත් මෑත කාලීන ඉතිහාසය ගැන අත් පොතක් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්.. කොහොමත් අපේ රටේ ඉතිහාස පොත්වල..(මං කියන්නේ අපි ඉස්කෝලේ ගිය දවස්වල..දැන්නං ඒවා වෙනස් වෙලාද දන්නේ නැහැ) රජවරු ගැන එහෙං මෙහෙං කියා දීගෙන ඇවිල්ලා.. විදේශ ආක්‍රමණ ගැන කියලා..අවසානේ ඉංග්‍රීසි පාලන සමය හා අර ඩොනමොර් ආණ්ඩුක්රමය වගේ දේවල් ගැන විස්තර ටිකක් දීලා අවසානෙදී නිදහස ලැබීම කියන තැනින් අවසාන කරලනේ තියෙන්නේ... එයින් පස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය මං ඉස්කෝලේ යන කාලේ පොත්වල තිබුනේ නැහැ... ජාතික වීරයෝ යටතේ එහෙං මෙහෙං පාඩං වලදී ඔය ඩී එස් සේනානායක වගේ චරිත හම්බ උනාට ඒ අයගේ පාලන සමයන් ගැනවත් ක්‍රමවත් සටහනක් ඒවෑ නැහැ... එහෙම බැළුවම ලංකාවේ අජ්ජාපනේ ගැන ආයෙම මුල ඉදන් හිතන්න වෙනවා... අතීතයේ හිටිය රජවරු කොල හරිය වගේම මෑත කාලීන නායකයෝ කෙලිය හරියත් දැන ගන්න රටේ ඉගෙන ගන්න ළමයින්ගේ අයිතියක් වෙන්ට එපෑ...
නිදහස ලැබෙද්දී කාටවත් ණය නැතිව හිටිය ජාතියක් කවදා කොතැන ඉඳලද විදේශයන්වල ණය වෙන්න ගත්තේ.. ඇයි එහෙම උනේ කියන ටිකට උත්තර මං හිතන්නේ ළමයි නෙවෙයි මහ උන්වත් දන්නේ නැහැ... මේ තාක් කාලයටම මට ඔය ගැන යන්තම් හරි විස්තරයක් දකින්න උනේ චානුක වත්තේගම විසින් ලියපු සිහි සටහන් බ්ලොග් එකේ විතරයි... ඒත් මං අහපු ප්‍රශ්න වගයකට චානුක දුන්න උත්තර හින්දා...
නමුත් මේ පොතේ ලාංකීය ආර්ථික රටාව ගැනයි.. සාමාන්‍ය දකුණේ දේශපාලන ගමනයි ගැන විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා.. මේකෙදි සම්පූර්ණයෙන්ම කියවෙන්නේ උතුරේ ප්‍රශ්නයට හේතු උන කරුණු.. ඒවාට මුල් උන දෙපාර්ශවයේම දේශපාලඥයින්ගේ හැසිරීම්.. මේකට උතුරේ දකුණේ දේශපාලකයින් හා හරි හරියටම පංගුව බෙදාගෙන ප්‍රශ්නයට අතදාලා ප්රශ්නය වන කරන්න මූලික සාධකයක් උන ඉන්දියානු බලපෑම... මේ හැම දෙයක්ම සෑහෙන හොඳින් විස්තර කරලා තියෙනවා...
අඩු පාඩුකං නැතිවම නෙවෙයි... මොකද යාපනේ සංවර්ධන සභා චන්දය වෙලේ කොළඹින් යාපනයට ගිය කණ්ඩායමේ හිටිය අය ගැන හරි සඳහනක් නැතිකම... යාපනය පුස්ථකාලයට ඒ අය ගිනි තිබ්බ කතාව ගැන එහෙම තව සාර්ථක විස්තරයක් කරන්න කතුවරයා කරුණු දැනං ඉන්න ඕන කියන එක එහෙම මට කල්පනා උනා.. මොකද කතුවරයා මෑතක් වෙනකල්ම යූඇන්පී එකත් එක්ක හිටිය තද අලියෙක් හින්දා එදා වෙච්ච දේ හොදටම දන්න කෙනෙක් විය යුතුම නිසා...
හැබැයි ඒ හැම එකක් අතරෙම ඒ ඒ කාල වකවානුවෙදී මේ අර්බුධය ටිකෙන් ටික ලියලලා වැඩෙන්න හේතු උන කරුණු..සිදුවීම්..පුද්ගලයින් ගැන සෑහෙන තරමක විස්තරයක් ලියැවිලා තියෙනවා... ඇත්තටම කිව්වොත් එහෙං මෙහෙං පත්තර වලි ගිය ලිපි වලින්... වෙන වෙන මාධ්‍ය මගින් අහන්න දකින් උන අග මුල හරියට සම්බන්ධ නැති ලොකු කතාවක් එකින් එක ඈඳලා මුල මැද අග සම්පූර්ණ කරන්න මේ පොත සමත් වෙනවා... අඳූර් දර්ශී... සිංහල නායකයෝත්.. අවස්ථාවාදී ද්‍රවිඩ නායකයොත්... ඒ දෙගොල්ලටම වඩා අමන ඉන්දියානු දේශපාලකයෝත් කියන තුන් ගොල්ලක් හින්දා රටක්..ජාතින් කිහිපයක්..පරම්පරා කිහිපයක් කාලකණ්නි වෙලා යන ආකාරය ගැන සිහෙන හොඳ චිත්‍රයක් මෙයින් දැක බලා ගතෑකි...
එයින් පස්සේ.. ඒ කිව්වේ පිටු අංක 308 සිට අවසානය දක්වා ඇත්තේ විශ්‍රාම ලබා ඇමරිකාවට ගිය ගෝඨාභය යළි ආපසු ලංකාවට ආව තැන හිටං.. සිය සහෝදරයගේ දේශපාලන වැඩවලට හවුල් වීම හා ඒ හරහා සරත් ෆොන්සේකා නැවත වතාවක් මුණ ගැසීම... පැරණි දැන හැදුනුම්කම් මත සරත් ෆොන්සේකා ගෝඨාභය හරහා යුධ හමුදාපති වීමේ සිට... අවසානයේ නන්දි කඩාල් වලින් ප්රභාකරන්ගේ අවසානය සනිටුහන් වීම දක්වා ඇති අවසන් යුද්ධයේ කතාව කියවන්න පුළුවන්.. මේ හරියෙදිත් කතුවරයා අමුතු විදියකට ගෝඨාභයව පුම්බන්න හදලා නැති වග පොත කියවන කෙනෙකුට තේරුම් ගතෑකි.. මොකද ගෝඨාභය ගැන වගේම සරත් ෆොන්සේකා ගැනත් හරි හරියට මේකේ ලියවිලා තියෙනවා යුද්ධයට ඒ අයගේ දායකත්වය ලැබුන තැන් හරහා... හැබැයි කිසිම තැනක මේ පොතේ වීරයෝ කියලා කොටසක් පෙන්නුම් කරන්නේ නැහැ... අවසානෙදී යුද්ධය හමාර වීම හා රාජපක්ෂලා හා සරත් ෆොන්සේකා බිඳීම හා එයින් පසුව වූ දේ ගැන කෙටි සටහනකින් අනතුරුව ද්‍රවිඩ ප්රශ්නය හරහා අද ඇති වී තිබෙන ජ්‍යාත්‍යන්තර අර්බුධ කාරී තත්වය ගැන සටහනකින් පොත නිමා වෙනවා...
--------------------
මං මුලින් කිව්වා වගේම.. මෙම ලාංකීය අර්බුධය ගැනත්.. එයට හේතු වූ කරුණු..පුද්ගලයින්..සිද්දී ගැන වගේම එදා සිට මේ දක්වා මේ අර්බුධය නිසා සිංහල දුවිඩ හා මුස්ලිම් යන ජාතින් සියල්ලටම සිද්ධ වෙච්ච හානි... කොටින්ට වගේම ත්‍රිවිධ හමුදාවට එල්ල වූ ප්‍රහාර... ඒ හා සම්බන්ධව යන දේශපාලන හැසිරීම්.. විදේශ අත පෙවීම්... අවසාන මෙහෙයුම සිදු වූ ආකාරය... සමස්ථය අවසානයේ දෙපාර්ශවයටම සිදුවී ඇති හානි තක්සේරුව.. වැනි බොහෝම කාරණා ගණනාවකින් මේක සමන්විතයි...
මහින්ද රාජපක්ෂ ගැන ඇති දේශපාලන වෛරය හින්දා කියලා හිතලා මේ පොත කියවන්නේ නැතිව ඉන්නවනං ඇත්තටම ඒක ලොකු පාඩුවක්... මොකද මේක මහින්දට විරුද්ධ අය වගේම එදා ඉදන් අද වෙනකල් මොනවද උනේ කියලා හරියට දන්න අය වගේම.. නොදන්න අයත් කියවියි යුතුයි... දන්න අය කියවිය යුත්තේ කතුවරයා කියන්නේ ඇත්තමද කියන දේ අපිට දැන ගන්න වෙන්නේ ඒ වගේම මේ දේවල් ගැන දන්න අය මේක කියවලා දක්වන ගුණ දොස් දැක්වීමකින් විතරයි.. නොදන්න අයනං කියවිය යුත්තේ මෙහෙම කාලයක් තිබුනා.. මෙහෙම දේවල් සිද්ධ උනා... කියන දේ ගැන දැනුවත් වීමටයි... ඒ නිසා අවසාන වශයෙන් කිව යුත්තේ පොත පත කියවන්නට කැමති... ලංකාවේ ඉතිහාසය ගැන අවබෝධයක් ලැබීමට කැමති... මැදිහත් සිතින් කාරණා දැකීමට හැකියාවක් ඇති හැමෝටම මේක කියවන්න සුදුසුම පොතක් කියලාම තමයි...
-----------------------------
පසු සටහන...
හැබැයි මේ ගැන කියද්දී කියන්න ඕන තවත් දෙයක් තමා.. අතිමානුෂික උදවියනං මේක කියවද්දි ටිකක් සැලකිලිමත් වෙන්න.. මොකද ඒ අයට අඩලා ඉවර කරන්න බැරි තරං දුක හිතෙන්න පුළුවන්... මායිම් ගම්මාන වලට එල්ල වන ප්‍රහාර... කොළඹ බෝම්බ වගේ දේවල්නං අවුලක් නැහැ... උතුරේත් කොටි විසින් මරාපු අය ගැනත් අවුලක් නැහැ.. ඒත් දකුණේ හමුදාව විසින් උතුරේ කරපු ඝාතන ගැනත්... යුද්ධයේදී මිය ගිය අහිංසක ද්‍රවිඩ විමුක්ති සටන්කාමීන් ගැනත් ඔය එහෙං මෙහෙං ලිය වෙලා තියෙනවා...
චන්ද්‍රපේම ටොයිලට් එකට වතුර ගෙනියන එකා නිසා පොත හොඳ වෙන්න ම එපායැ.
ReplyDeleteමෙන්න මේ ටික හදපං
අර්බුධය=අර්බුදය
සමස්ථ=සමස්ත
පුස්ථකාලය=පුස්තකාලය
අනවශ්‍ය මහප්‍රාණ දැමිල්ල නවත්තගන්න තාම බැරිවුණා නේද.
දන්නවනේ අයියා... ලියාගෙන ගියා එබුවා පබිලිස් බටොන් එක.. ආයේ ඉතිං මලාට ඔය අකුරු අනං මනං බල බල ඉන්නේ නැහැ.. :D
Deleteචන්ද්‍රප්‍රේම මහත්තය 88 කාලේ තිබ්බ ප්‍රා සංවිඩ්ධානේ හොද වැඩ්ඩෙක් කියලා කියනවා...මොනව උනත් පොර ලිය කොට ෆැක්ට්ස් එක්ක තාර්කිකව තමයි ලියන්නේ.....කොයි පැත්තේ හිට ගෙන ලිව්වත් මෑන්ස් ලියන් දේවල් මහින්ද අබෙසුන්දර ගේ රචනා වගේ නෙවෙයි..ගත යුත්තක් තියෙනවා....
ReplyDeleteමාරයගේ පොත් විවේචනයත් හොදයි..ඒක හින්දම ප්‍රොෆයිල් එකට ලොග් වෙලාම කමෙන්ට් එකා දැම්මේ...
ඇත්තටම මං මෑන් යූ ඇන්පීය වෙනුවෙන් ලියාපු කාලෙත් කියෙව්වා... උපුල් ජෝසප්ලා වගේ හිතළු කියන මිනිහෙක් නෙවෙයි... කාලයක් සීජේ අමරතුංග ලියන ඒවත් ඔය වාගේම කැමැත්තෙන් කියෙව්වා.. ඒත් වංගියක් මෑන් ලංකාදීපෙ ලියාගෙන ගියා කිලිනොච්චි වන්ෆෝ බේස් කඳවුර ගැන නිකං දෑහින් දැක්කා වගේ... ඒ ලිව්ව විස්තර කියෙව්වම මෙලෝ යකෙක් කොටින්ට ගහන්න හීනෙන්වත් හිතන්නේ නැහැ...මං හිතන්නේ උම්මග්ග ජාතකේ විස්තර කෙරෙන උමගෙත් මේකත් එක්ක බැළුවම සෙල්ලං ගෙයක්... ඒත් පොර කියලා තියෙන දේවල් වැඩි හරිය අතින් දාපුවා කියලා තේරුනාම බුවා කියවන ඒවා අතෑරියා...
Deleteමහින්ද අබේසුන්දරගේ මං කියෙව්වේ ආ ගිය කතා.. එයින් පස්සේ මං පොරගේ කතා කියවන්න අහන්න ගියේ නැහැ ඒ හැටි කරට අරං... විනි හෙට්ටිගොඩ උනත් ඉස්සර ගිය පාරේ නෙවෙයි පස්සේ කාලෙක ගියේ... හැබැයි දැන් උනත් මානිගේ තීරුව පරණ කෑල්ලක් අහු උනත් කියෝනවා... හප්පා යන්නේ කොහෝද මල්ලේ කොකෝනට්...
තැන්කිවු මහන්සියෙන් දාපු කොමෙන්ටුවට...
මානීගේ තිරුව ලියන්නේ සුන්දර නේද?
Deleteඔව් නේද? මානි කියන්නෙම සුන්දර නිහතමානි ද මැල් නිසා නෙ. එතන විනී හෙට්ටිගොඩ කෙනෙක් නැහැ!
Deleteමාරය මලය ට රාජපක්ෂ ඩෙංගු වැළදිලා.
Deleteමරු කියවනව.
කඩේ ගිහිල්ල සිත අසුන්දර උනාට, ලක්බිමේ සුන්දරය තමයි ලියන්නෙ මානිගේ වස්ත්‍ර හෑල්ල.
විනිය අර සාම විනිසුරුල මුළු එකේ නේද රෙදි අපුල්ලන්නෙ
හෝව් හෝව්..කස්ටිය පටලෝගන්ට එපා... මං කියලා නැහැ විනී හෙට්ටිගොඩ මානිගේ තීරුව ලිව්වා කියලා.. මං කිව්වේ දැන් උනත් කියවන්න ආස ලිපියක් තමයි මානිගේ තීරුව කියන්නේ කියලා... මානී කියන්නේ සුන්දර නිහතමානීද මැල් කියලත් දනී.. මෑතකදී උන්නැහේගේ තීරු ලිපි එකතුවේ පොතකුත් කියවලා දැම්මා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපෝස්ට් එකේ ඔක්කොමත් හරි පසු සටහනත් හරි.. තාම පොත ගන්න ලැබුනෙ නෑ.. කියවන්න ඕන කොහොම හරි අරගෙන..
ReplyDeleteපෙර වදනයි පසු සටහනයි දෙකම කියවන්න ඕන පොත් කියවද්දී.. :D
Deleteදැන් ඉතින් කියන්න වෙනවනෙ මේක......
ReplyDelete:D
Deleteවැරදිලාවත් ඕක කියෙව්වොත් හාට් ඇටෑක් එකක් එයිද බං :/
ReplyDeleteකියන්ට බැහැ බං.. දන්නවනේ කස්ටියකගේ නාඩි වැටෙන්නෙත් අමුතු තාලෙකට කියලා..
Deleteපොතේ කවරේ නම ලොකුවට ලියලා තියෙද්දී ආය මොකටද ඇතුලේ ලියන්නේ :-)
ReplyDeleteකවරේ නම නැතිව ඇතුල පුරාවටම නම ලියවුනානං තමා මට අවුල යන්නේ...
Deleteඔය පිටටම මේකත් කියවන්න මාරයියේ ... යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! පුහු මානව හිතකාමී අයට නම් මේවා දැක්කම ඇහැට අනිනවා වගේ වෙන්න පුළුවන්.. මානව දයාවක් ගැන මහ ඉහළින් කියවන අයගේ වැඩ නිසා තමයි මේ ප්‍රශ්නේ අවුරුදු 30 ක් ඇදුනෙත් ,දෙපැත්තේම ලක්ෂ කීපයක ජීවිත නැති උනෙත් .. ගෝඨාබය නොහිටින්න කවදාවත් ප්‍රභාකරන්ව පරාජය කරන්න ලැබෙන්නේ නැහැ.. වැටිලා තිබ්බ හැම දේම නැවත සක්‍රීය කළේ ගෝඨාබය .. ඉල්ලන ඉල්ලන හැම දේම ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් දුන්නා ...
ReplyDeleteඔහු තමයි මේක කරන්න පුළුවන් තැනට ගෙනාවේ.. ඒ වගේම ජෙනරල් ෆොන්සේකා තමයි අල්ලගන්න හැම අඟලක්ම නැවත අහිමි වෙන්න නොදී බලාගත්තේ.. විශේෂෙන්ම කියන්න ඕනේ දේ තමයි දක්ෂ මිනිස්සුන්ට වැඩ කරන්න නිදහස දුන්නා.. එයාලගේ වයස , අරව , මේවා හෙව්වේ නැහැ.. විශාල ක්‍රියාදාමයක් හරහායි අපි මේ නිදහස ලබාගත්තේ...
ඒ ලිපියත් කියෙව්වා.. මං ඒ ගැන අදහස සහන්ට මේල් කරලා ඇති...
Deleteෆොන්සේකගේ කැපවීම වගේම තැනක දෙකක මේකේ මංගල සමරවීර විසින් කල හොද හා නරක දෙපැත්තේම වැඩ ගැනත් ලියවෙනවා... සාමාන්‍යෙයන් අගතිගාමී නොවූ කරපු පොතක්...
//විශේෂෙන්ම කියන්න ඕනේ දේ තමයි දක්ෂ මිනිස්සුන්ට වැඩ කරන්න නිදහස දුන්නා//
ඒකේ අනිත් පැත්ත.. ඒ කිව්වේ අදක්ෂ උන්ට පලු යන්න දුන්න එක හින්දා යුද්ධය දිනුවත් ඒ ගැන සතුටු නොවන සෙට් එහෙකුත් ඉන්නවා...
maaraya me wage pothuth kiyawanawada?????? me maarayiye oya potha scan karala net ekata dammanam apitath balanan thibuna
ReplyDeleteයකෝ තොගේ කොරලේ පට්ටමත් ගහලා යයි හොරකං කරන්න කතා කරලා...
Deleteමේකේ ඉංග්‍රීසි පිටපත ගත්තේ පිට වෙච්ච මුල් කාලේ. මුල් පරිච්ඡේද දෙක තුනක් කියෙව්වා. ඉන් පස්සේ මග ඇරුණා. බලමු ආයි කියවලා.
ReplyDeleteමම දැක්කා සමහර පොත් කඩවල 'Fiction' යටතේ තමයි ඔය ඉංගිරිසි පොත තිබ්බෙ..
Deleteසුදීක අයියා ඉංග්‍රිසි එක කියවලා පස්සේ වෙලාවක අහු උනොත් සිංහල එකත් කියවලා බලන්න බැරිද... පොත් දෙකේ වෙනස්කම් තියේද කියලා බලන්න...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම මේ පොතේ නමට නම් කැමති නෑ.මොකද ඒක්කෙනෙක් විතරක් නෙමේ නෙ යුද්ධ කළේ.
ReplyDeleteනම ගැනනං මටත් අවුලක් තිබුනා.. ඒත් පොත කියෙව්වම නම ගැන තිබුන අවුල මතක තිබුනෙත් නැහැ...
Deleteමරා ගෙ ගූ කප්පරක් කන මාරයාට ගෝඨාගෙ පඩෙත් කජ්ජක්ද ඇහුවලු....
ReplyDeleteමේ මොනවා කියනවද මෙයා.. :D
Delete++++++++++++++++++++++++++++++++++++++++
Delete:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
ඇයි ! රනිල් ගේ ගූ .. අන්න ඒවනේ නියම ගූ !
Deleteවටේට ඉහ ඉහ උඩ දදා කන්න පුලුවන් :D
ඔන්න ඕක තමයි අපේ පටු දෘශ්ඨිය කියන්නෙ..... දැන් මම මාරයා මරාගෙ ගූ කනවා කියපු ගමන් මූට හිතෙන්නෙ මම රනිල්ගෙ ගූ කන එකෙක් කියලා....
Deleteඇත්තටම ගූ නොකන එකෙකුට කට අරින්නම බැරිද?
ගූ කන එවුන් පටු විදිහටම හිතන්නෙ ඇයි?
පුළුවන් .. නමුත් කාගේවත් ගු නොකන එවුන් ඉන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ වගේම එහෙම ගූ නොකන පුළුල් අවබෝධයක් තියෙන , බුද්ධිමත් එකෙක් මේ වගේ වගේ ගු , පඩ , හුජ්ජ කොමෙන්ටු කොටන්නේ නැහැ කියල මට 100% ෂුවර් ;)
Delete//කාගේවත් ගු නොකන එවුන් ඉන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ වගේම එහෙම ගූ නොකන පුළුල් අවබෝධයක් තියෙන , බුද්ධිමත් එකෙක් මේ වගේ වගේ ගු , පඩ , හුජ්ජ කොමෙන්ටු කොටන්නේ නැහැ කියල මට 100% ෂුවර් //
Deleteකාලෙකින් දැකපු බොහෝම නිවැරදි කතාවක්... ඔය කියන තරම් මැදිහත් බුද්ධිමත් කෙනෙකුට තවත් කෙනෙකුගේ දේශපාලන මතවාදය උපේක්ෂාවෙන් ඉවසාගැනීමේ හැකියාව නැහැයි කියලා හිතන්න අමාරුයි... අනිකාගේ මතය ඉවසාගත නොහැකි..එසේ මතවාද දරන්නවුන් දුටු තැන කිපී තම කෝපය වචන මතින් පිට කරනා කෙනෙක් බුද්ධිමත් දේශපාලන අවබෝධයක් ඇති කෙනෙක් වෙන්නෙත් නැහැ... එහෙම කිපෙන..කිපී අනිකාට වචන වලින් රිද්දන්න පුළුවන්ද කියලා බලන කෙනෙකු තමා දරන දේශපාලන මතවාදයට විරුද්ධ පිලට විරුද්ධ හැම එකාම මරාගෙන කන කේන්තියකින් පසුවන.. තවත් කෙනෙකුට කඩේ යන කෙනෙක් විනා වෙන අමුතු බුද්ධියක් ඇති කෙනෙකු ලෙස හාදින්විය හැකිද...?
මාරයෝ යුද්දය ගැන නොදැනම හිටිය අයට මේකෙන් ලොකුදෙයක් දැනගන්න පුළුවන් උනාට ඒ වේලාවේ ඒ පැත්ත ගැන දැනන් හිටපු අයට මෙතන තියෙන්නේ හොද තිරනටකයකට නැගුනු එක සත්යකතාවක උපුටාගත් කොටස් විතරයි මාරයෝ
ReplyDeleteයුද්ධය ගැන කතාව හින්දා නෙවෙයි මං මේ පොත මූලිකවම අගය කරන්නේ... මෑත කාලීන ඉතිහාසය එක පෙලකට ගොනු කර දැක්වීම නිසා... කොටින්ම අද යුද්ධය හා යුධ වාතාවරණය අමතක (සමහරු ඒක බලෙන් අමතක කරන්න හදන එක වෙනම දෙයක් මං කියන්නේ ඇත්තටම ක්‍රමයෙන් අමතක වී යන අය ගැන) අයත්..යුද්ධයක් තිබුනත් ඒ මොකකටද කියලා හරියකට නොදන්න අයත් තමා වැඩි... බොහෝ වෙලාවට කොහොමද යුද්ධයක් ඇති උනේ කියලා ඇහුවොත් හුග දෙනෙක් කියන කතාව තමා අසූතුනේ කලු ජූලිය කියලා... එක්කෝ ප්රභාකරන්ගේ තාත්තව දකුනෙදි මැරුවා කියයි... ඒත් කිසිම කෙනෙක් ඒකට පසු බිම වැටුනු හැටි හරියකට දන්නේ නැහැ.. මේ පොත ඒකට සෑහෙන දුරකට හේතු දක්වන පොතක්.. ඒකයි මේක වැදගත්... පොතේ නම බලලා. ඒක නොකියවා හිතළු කියනවට වඩා කියවලාම අදහස් දැක්වීම හොඳා රාලේ...
Deleteඔබේ ලිපිය මම තාම කියෙව්වෙ නැහැ.
ReplyDeleteඅර වගේ පිස්සෙක්,පිස්සෙක් ගැන ලියපු පොතක් ඔබ වැනි පිස්සන් සල්ලි සල්ලි නොබලා මිලදී නොගත්ත නම් තමා මට පිස්සු හැදෙන්නෙ.
:D
Deleteඇත්ත ඇත්ත.. මේකට කෙන්ජි අයියා මෙහෙම කොමෙන්ට් එකක් නොදැම්මනං තමා මං අප්ෂෙට් යන්නේ... :D
++++++++++++++++++++++++++++++++++++++++
Delete:):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
1. කථා නායකයා හමුදාවෙන් විශ්‍රාම ගත්තේ කුමන පිළිවෙත අනුවද කියලා විස්තර තියනවද?
ReplyDelete2. සිරිමා / ශාස්ත්‍රී, ඩඩ්ලි / චෙල්වනායගම්, ගිවිසුම් ගැන විස්තර තියනවද? යාපනයේ පුස්තකාලය ගිනිතැබීම ගැන තියනවද? විජය කුමාරතුංග මොකද කලේ කියන එක තියනවද?
3. කොටි නායකයන්ට සමාව දී ඇමතිකම් දුන්නේ කුමන පදනම යටතේද යන්න විස්තර වෙනවද?
4. හමුදා උසාවියක් අනෙක් උසාවි වලට සමානයි යන තීරණය ගත්තේ කුමන පදනම මතදැයි විස්තර තියනවද?
5. වෙනත් කිසිදු අමාත්‍යංශ ලේකම් වරයකුට නැති සුපිරි බලතල ආරක්ෂක ලේකම්ට පමණක් ඇත්තේ ඇයිදැයි පැහැදිලිකර තිබෙනවාද?
අංක 4 සම්බන්ධ හරියට කථාව විස්තරාත්මකව ඇදිලා නැති හින්දා ඒ ගැන නැහැ.. අනිත් දේවල් සෑහෙන දුරට තියෙනවා.විශේෂයෙන්ම අංක 3 ගැන එහෙම පොල්ලෙන් ගැහුවා වගේ උත්තරයක් තියෙනවා මං දැක්කා..5 ටත් එහෙමම තමා.. අංක එක ගැන යුධ හමුදා නීති පොත ගැනනං නැහැ හැබැයි පැවති තත්වය.. සහ ඉල්ලා අස්වීමට තීරණය කිරීම..විජය විමලරත්න විසින් නැවත ගෙන්වා ගැනීම.. එයින් පසුව කාලයකදී නැවත ඉවත් වීම ආදිය විස්තර කෙරෙනවා... අංක දෙකේ යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන ඇති ගැටළුවම මං ලිපියේ කියලා ඇති.. විජය ගැන වැඩියම විස්තරයක් නැහැ.. අනිත් ගිවිසුම් හා ඒවාට පාර කැපීමත්.. ඒවාට අවසානයේදී උනේ මොකද යන්නත් හොදින් ලියවී තියෙනවා...
Deleteමේ තියෙන්නෙ මම බලාපොරොත්තු වෙච්ච කොමෙන්ටුව...දීහංකො මේවට උත්තර...
Deleteදෙවැනි කමෙන්ටුව දැක්කද..?
Deleteකවුරු කොහොම කියුවත් නිසි දේශපාලන නායකත්වයක් සහ සහයෝගයක් නැත්නම් යුද්ධය කවදාවත් ඉවර කරන්න කොතරම් දක්ෂ හමුදාවකටවත් බැහැ. වෙන දේශපාලන නායකත්වයක් යටතේ සරත් ෆොන්සේකා හමුදාපති වූවානම් යුද්ධය කෙසේ ඉවර වේද? මේ රටේ බහුතර මිනිසුන් තමන් අකමැති පක්ෂෙන් කොතරම් හොඳ කලත් පිළිගන්නේ නැහැ ඒ වගේම තමන් පිළිගන්නා පක්ෂයේ වැරදි පෙන්නේ නැහැ. මේ හැසිරීම අපේ උන් තුල තියෙන කම් මේ රට හදන්න බැහැ.
ReplyDelete\\\\\\මේ රටේ බහුතර මිනිසුන් තමන් අකමැති පක්ෂෙන් කොතරම් හොඳ කලත් පිළිගන්නේ නැහැ ඒ වගේම තමන් පිළිගන්නා පක්ෂයේ වැරදි පෙන්නේ නැහැ. මේ හැසිරීම අපේ උන් තුල තියෙන කම් මේ රට හදන්න බැහැ.\\\\\\\\
Delete+++++++++++++++++++++++++
මෙන්න මේ සාපයෙන් ගැලවෙනකම් අපිට ගොඩ එන්න බැහැ නරා වලෙන්...
මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට් වලින් හොඳටම බලාගන්න පුළුවන් කාගේ කාගේත් බඩේ තියෙන බිජු වල තරම ....
Deleteඅනිවා අනිවා ....
Deleteමම අපහු අවා කමෙන්ට් කියවන්න දැන් කාගේත් බිජු වල තරම හොඳට පේනවා.
Delete:D
Delete>>ඒත් ඇත්තටම පොතේ මුල් ටික කියවද්දි මට තේරුනේ මේක සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම කියවිය යුතු මෑත කාලීන ඉතිහාසය සම්බන්ධ වටිනා පොතක් කියන එකයි... විශේෂයෙන්ම ලංකාවට නිදහස ලැබීමේ සිට... යුධමය වාතාවරණයක් උතුරේ ඇති වෙන තැනට එනකල් එයට පසු බිම් උන දේශපාලන කතාව බොහෝම සීරු මාරුවට මේකේ ලියාගෙන ඇවිත් තියෙනවා...<<
ReplyDeleteතෝව කොටියෙක්ම කන්න ඕන.
:D
Deleteමම ඔය පොත බුක් ෆෙයාර් එකේදී දැක්කා මාතෘකාව දැක්ක ගමන්ම හිනහා ගියා මිසක පිටුවක්වත් පෙරලලා බලන්න හිතුනේ නැහැ ..පස්සේ කියවල බල්ලන්න ඕනේ
ReplyDeleteහුග දෙනෙක් මේකට හිනා වෙනවා තමා.. මට උනේ එයිට වෙනස් දෙයක්... මං සරසවි එකේ පොත් තෝර තෝර ඉද්දි ටිකක් තලත්තෑනි පිළිවෙලක් තිබුන මනුස්සයෙක් මං ගාවම පොත් තේරුවා.. ඒ වෙලේ මට අහු උනා මේ පොතේ එක කොපියක් එතන රාක්කේ තියලා.. ඒත් ඒක ගොඩ ගහලා තිබුනේ වෙන තැනක.. මං නිකමට වගේ පොත අතට අරං පිටුවක් දෙක්ක පෙරලද්දිම අර වයසක කෙනා මොනවද හොයනවා දැක්කා.. බැලින්නං මේ එයාගේ පොත.. තෝරලා අරං මෙතන තියං තව පොතක් හොයනවා... මෑන් හිනා වෙලා පොත ආපහු ඉල්ල ගද්දි තමා මට හිතුනේ මේක සල්ලිවලට ගන්න අයත් ඉන්නවා කියලා.. ඒ පාර තමා ගිහින් ඕන එකක් කියලා පොතක් ගත්තේ... එහෙම නොවුනනං සමහර විට මාත් නොගන්න තිබුනා...
Deleteමේකේ ඉංග්‍රීසි පොත මම දැක්ක. ඒ උනාට වැදගත්ම, කියවිය යුතුම සහ වෙන ඒ ටික කියවගන්න ක්‍රමයක්ම නැත්තම් ඇරෙන්න මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියවන එකෙක් නෙවේ :D කියවල තේරුම් ගන්න පුළුවන් උනාට මට ඉංග්‍රීසි කියවනකොට සිංහල පොතක තියන ගතිය නෑ. සිංහල පරිවර්තනයක් දැක්ක නම් අනිවාර්යෙන් ගන්නවා. ලබන පාර ගන්න බුක් කරගත්තා. ඊට පස්සේ බලමු පොත ගැන..
ReplyDeleteකාට හරි පුළුවන්නං මේකේ ඉංග්‍රිසි පොත කියවලා එයින් පස්සේ සිංහල පරිවර්ථනය කියවන්න ලොකු දෙයක් වෙයි... මොකද අපේ බොහෝමයක් අය ඉංග්‍රිසියෙන් එකක් ලියලා සිංහලෙන ලියද්දි තව එකක් ලියනවා... මේකෙත් එහෙම වෙලා තියේද කියලා දැන ගන්න මට ආසයි...
Deleteඅඟහරුවා. ගේ කතාවට මමත් ඒකගයි අවශ්‍යම එකක් නැතුව මමත් ඉංග්‍රීසි පොත් කියවන්න කැමති නෑ.... එත් මම Gota's War ඉංග්‍රීසි පොත කියවන්න ගත්තා එකෙන් මුල කියවන කොටම මට හිතුනේ මේක ඇත්තම නෙවි කියලා..... මම ඕක ඇහැව්වා කෙලින්ම ඒ වෙනකොට මෙහෙ හිටපු ගුවන්හමුදාවේ ලොකු මහතැන් කෙනෙක්ගෙන්.... එයාගේ උත්තරේ තමයි මම අර මගේ කොමෙන්ටුවට දැන්මේ...... හැබැයි මම දැන් කැමතියි සිංහල එකත් කියවල බලන්න උඩ මාරයියා කියල තියෙන නිසා
Deleteමරයා කියවලා තියෙනවද සී ඒ චන්ද්‍රප්‍රේමගේ "කොළ පාට සමාජය" පොත..?
ReplyDeleteමහින්ද මාමි කරන සමහර වැඩ දැක්කම හිතෙනවා මහින්ද මාමි මේ එයාගේ "මහින්ද චින්තන" පොත විසි කරලා මේ පොතේ විදිහටද වැඩ කියලා. ඒ පොතේ ඉහළින්ම නිර්දේශ කරලා තියෙන දෙ තමයි, ඔය කැසිනෝ, රාත්‍රී සමාජ වගේ ඒවා දියුණුවට ඉනිමං කියන එක.
කියවලා නැතිනම් කියවලා බලන්න, "කොළ පාට සමාජය"
හොය හොය ඉන්නේ.. අහු උනාම කියවලා බලන්න ඕන.. කලිනුත් ඕක ගැන අහලා තිබුනා...
Deleteමල්ලි උඹ පොලොවෙ පයගහල ඉන්න එකා... ජීවිතේ පොතෙන් පතෙන් නෙමෙයි ජීවත් වෙලා තේරුම් ගත්ත එකා... එහෙව් එකේ සමහර දේශපාලන කරුණු වලදි උඹේ ඇස් වලට බ්ලින්කර්ස් [ රේස් අස්සයට වටපිට පේන්නෙ නැතිවෙන්න ඇහැට දාන පියනක් වගේ එකක් ] වැටෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ...උඹෙයි මගෙයි දේශපාලන කතා නෑ නොවැ... මම මේ ටික කියන්නෙ උඹේ දේශපාලනය පැත්තෙන් බලල..
ReplyDeleteමල්ලි තඩි ප්‍රියන්ත කියන්නෙ නොම්මර එකේ යූ ඇන් පී කාරයෙක්... අති උග්‍ර ප්‍රේමදාස වාදියෙක්... දැන් ඔය පැත්තට වෙලා ඉන්නෙ රනිල් එක්ක තියෙන ගේම නිසා...අද මේක මතක තියාගෙන දවසක සජිත්ට තැනක් ආවොත් ඊට පහුවදා මෙයා ඉන්නෙ කොහේද කියල බලන්න...අවංකෙන්ම මම පිලිගන්නව අති සූක්ෂම තර්ක ගොඩනන්නෙක්... ගොරක නෙමෙයි ගල් සියඹලා උනත් දඩමස් කරන්න පුළුවන් පොරක්...
මල්ලි බැරිවෙලාවත් [ මෙවැනි දෙයක් කිසිදා නොවේවා ] යුද අපරාධ ගැන අධිකරණයකට මුහුණ දෙන්න හමුදාවට සිද්ධ වුණොත් ඒකට අනෙක් අයත් ගාවන්න සාක්කියකට ඔය පොත ඇති... ඒක නිසා කඩුව වඳුරට දීල නිදාගන්න රජවරු කල්පනා කරන්න ඕනෙ දැන් ඉන්න තොප්පි වෙළෙන්ද විසි කරපු තොප්පියත් අහුලගෙන ගිය පරම්පරාවෙ වඳුරො විත්තිය...
දේශපාලනේදී වෙන්නේ මොකක්ද කියලා සෑහෙන්න මට පේනවා අයියේ... නොපෙනෙනවා නෙවෙයි.. හැබැයි ඒ පේන දේවල් වෙනුවෙන් කතා කරන්න මේ බ්ලොග් අවකාශේ වගේම බුකියෙත් කට්ටිය ඕනෑ පදං ඉන්නවා... හැබැයි ඒ අය හංගන ටිකකුත් තියෙන හින්දා මං කරන්නේ ඒ හංගන ටිකේ කතාවට සහය දක්වන එක... මාත් තව කිහිප දෙනෙකුත් ඇර බොහෝ දෙනෙක් මෙතන කතා කරන විදියට දැනට ඉන්න පාලකයා අන්ත දූෂිතයෙක්.. විපක්ෂනායකයා ඇතුළු බහුතර විපක්ෂ බලවේග අහිංසක මුව පැටියෙක්...
Deleteඒත් මං දන්න තරමින් හා දැකපු තරමින් ඒක එහෙම නෙවෙයි.. පවතින පාලනයේ වැරදි අඩු පාඩු කම්වලට නොදෙවෙනි ඉතිහාසයක් ඔය බලවේගවලට තියෙනවා... ඉන්න යකා පරද්දන්න කතා කරද්දී කවුරුවත්ම නිකමටවත් කියන්නේ නැහැ ඊ ළගට ගේන්න යන යකා කොහොමද කියලා... මට ප්‍රශ්නේ තියෙන්නේ ආන්න එතන... කට්ටිය කතා කරන්නේ බලය නිතරම මාරු කිරීමෙන් රටට යහපතක් වෙනවා කියලා... ඒත් අවසන් තිස් වසර බලපුවාම ඕන කෙනෙකුට තේරෙනවා වැරදීමකින් බලය මාරු අනොත් මිස වෙන කිසිම විදියකින් ඒක එහෙම වෙන්නේ නැතිව බලයට පත් වෙන පක්ෂය සෑහෙන කාලයක් බලය අල්ලං ඉන්නවා කියන එක... මගේ දැක්මේ හැටියට දැන් ඉන්න පාලකයා අවුරුදු දොලහකදී කරන විපතට වඩා වැඩි දෙයක් විපක්ෂයේ බලය ගන්න බලං ඉන්න අයට අවුරුදු හයකදී කරන්න පුළුවන්... මං බය ඒ ටිකට... ඒක එහෙම නෙවෙයි කියන දේ වගකීමෙන් කියන්න පුළුවන් කාටද..? ඉතිහාසය එක්ක ගත්තාමත්.. වර්ථමානයේ සිද්ධ වෙන දේවල් එක්ක බැළුවාමත් මං කැමති නැහැ ඒ තත්වෙට රට යනවට... ආයෙම බයෙන් බිරන්තට්ටු වෙලා ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ... චන්දයකට පසුවදා ගුටි කන්න මට උවමනා නැහැ... බොහෝ දෙනා කියන පරිදි ආර්ථිකය ශක්තිමත් කරන්නය විපක්ෂයේ නායකයින්ට පුළුවන් කිව්වට ඒක කරන විදියවත්..රට යහමගට ගන්න නියම ක්‍රමය මේකයි කියලා පැහැදිලිව කියන්නේ නැති තාක් කල්.. මං ඒ බයිලා අහන්න සූදානම් නැහැ...
පොදුවේ මං දකින දෙයක් තමා එක කොට්ඨාශයක් රනිල් ප්‍රධාන යූ ඇන් පීය ආයේ බලයට එනවා බලන්න සෑහෙන ආසාවකින් ඉන්න වග.. හැබැයි ඒ අයගේ අරමුණ රට දියුණු වීමවත්... දූෂණ භීෂණ වංචා රටෙන් තුරන් වීමවත් කියලා මං විහ්වාස කරන්නේ නැහැ..ඒ වැඩි දෙනා තම තමන්ගේ පෞද්ගලික ලාභඅපේක්ෂාවෙන් වැඩ කර..ඒ ඒ න්‍යාය පත්‍ර අතේ තියං ඉන්න අය.. එක්කෝ රජයේ අයථා සහය නැතිව බිස්නස් කරගන්න බැරිව වැටිච්ච මිනිස්සු... එහෙමත් නැත්තං තමන්ගාව තියෙන මොකාටවත් වැඩක් නැති මොනවා හරි විකුණාගන්න බැරිව කල්පනා කර කර ඉන්න කම්මැලි මිනිස්සු... හොරාකාලම මිසක් මහන්සි වෙලා හම්බකරන්න බැරි... තමන්ට වරදින ඕනම දේකට වරද වෙන කාගෙවත් අතේ කියලා හිතන මිනිස්සු... එහෙම සෙට් එකක් ඉන්නවා.. තව කොටසක් ඉන්නවා පැවති හාහත් අවුරුදු යූ ඇන් පී පාලන කාලයේ රජවරු වගේ හිටලා.. දැන් බලු වෙලා ඉන්න... හේතුව බලය ගිලිහීම.. හොර ආදායම් මාර්ග අවහිර වීම... මේ අයට ඕන ඒ ඒ තම තමන්ට නැති වෙච්ච දේවල් නැවත ලබා ගැනීම.. එහෙම නැතිව රට හැදීම නෙවෙයි... ඒකයි ඒ කවුරුවත්ම රට නිවැරදි මාර්ගයට ගන්න ක්‍රමය මේකයි කියලා පැහැදිලිව කියන්න කවදාවත් උත්සහ නොකරන්නේ... වැරදිලාවත් අපි ඇහුවොත් කොහොමද ඒක කරන්නේ කියලා.. ඔන්න මරං කන්න හදනා.. නැත්තං බර වචන වලින් හරි කොහේ හරි පොතකින් උස්ස ගත්ත කෑලි වලින් හරි දමලා ගහනවා... ඒ හැර එකෙක් කියන්නේ නැහැ මේක ගොඩ දාන්නේ මෙහෙමයි කියලා...
එහෙම තත්වෙකදී මට ඉන්න යකා හොඳයි කියලා පවතින අඩුපාඩු අමතක කරලා ඉන්න එක සුදුසුයි කියලයි හිතෙන්නේ...
එහෙම නැතිව කවුරුවත් කියන පලියට මේ ආණ්ඩුවේ..පාලකයින්ගේ වැරදි තියෙනවා කියලා දන්න නිසාම උන්ව එලෝලා දාන්න කෑ ගහන්න මං කට ඉස්සර කරන්නේ නැහැ... උන් එලෝලා කරන්නේ කවුද කියන එක ගැන මං නිතරම අහන්නේ ඒකයි... ඒකට පැහැදිලි උත්තරයක් සහ ඇත්තටම පිළිගත හැකි විසදුමක් ලැබුන දවසට මං කට අරින්නං දැනට ආණ්ඩුවට බනින සෙට් එකට වඩා හොඳට.. ඒක මට කරන්න පුළුවන් ගින්නක් නැතිව... හැබැයි එහෙම හරි පාරක් නැතිව.. ආයෙම හොරුන්ගෙන් ගලෝලා ගිහින් කම්බ හොරුන්ට බාර දෙන ගේමකට කතා කරන තාක් කල්.. මං හොරා ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කරනවා කම්බහොරාගේ සෙට් එකට එක්කාසු නොවී...
Deleteඕකයි මගේ සරල පැහැදිලි කිරීම...එහෙම නැතිව කිසිම දෙයක් පේන්නේ නැති..ඇහෙන්නේ නැති කේස් එකක් නෙවෙයි මේක...
තවත් අතකින් මේක යූ ඇන් පී එකත් එක්ක වෛරයක්වත්.. රනිල් එක්ක තියෙන හතුරුකමක්වත් එහෙමත් නෙවෙයි... පැහැදිලිවම ඒ පක්ෂයේ තියෙන මැර ගතියයි.. නායකත්වයේ තියෙන ඒකාධිපති ගතියයි මං අවබෝධ කරං ඉන්න නිසා.. කාට හරි ඒක ගැන සැකයක් තියේනං ටිකක් පහුගිය දවස්වල දැක්ක වීදි හටන්වලින්.. නායකත්වයට එන්න ඉන්න දෙවැනි පෙල විනාශ කරමින්.. වන් මෑන් ෂෝ එකක් ගෙනියන නායකයා සහ හෙංචයියෝ රැලගේ වැඩ වලින් අදහසක් ගතෑකි.. ඔය බලය නැතිව.. බලය ඇති තැන එය හැම එකම එල්ල වෙන්නේ අපේ ඉහ මත...
තඩි ප්‍රියන්තගේ වගතුග ගැන බොහෝම දෙනා බොහෝම දේ කියනවා.. මාත් දන්නවා මෑන පට්ට යූ ඇන් පි කාරයා කියලා.. මේ පොත කියවද්දී උනත් ඒක පැහැදිලිව පේන තැන් තියෙනවා... ඒත් ඒ හැම දෙයක් එක්කම මෑන් කතා කරන දේට සාධාරණයක් කරනවා... සිද්ධ වෙන්න ඕන පොත නොකියවා විසික් කරන එකට වඩා කියවලා බලලා වැරදි තැන් ගැන මෑන්ට අභියෝග කිරිමයි.. ඒක කරන්න පුළුවන් මේ මට නෙවෙයි.. ඉතිහාසය මටත් වඩා හොඳින් දන්න කියන උදවියටයි.. ඒත් ඒ හැමෝම කවරේ නම බලලා අහක දැම්මොත් මේක කිසිම විරෝධතාවයකින් තොරව ඇත්තය කියලා හිතන මට්ටමට උනත් යන්න පුළුවන්...
අවසාන ඡේදය ගැන කියනවනං..ඇත්ත... මේක අනිත් පැත්තට ගතෑකි.. හැබැයි ඒ අර සිරස නිවුස් කියනවා වගේ ගත්තොත්... “ඌව මං මරනවා කියලා මං කියන්නේ නැහැ“ කියලා විමල් වීරවංශ කිව්වොත් සිරසේ යන්නේ “ඌව මං මරනවා“ කියන කෑල්ල විතරයි... (සිරස නැතිව ඕකට අයි ටී එන් කියලා දාගෙන කියෙව්වත් වැරැද්දක් නැහැ..) ඒ වගේ පොතේ තැනින් තැන ගත්තොත් එහෙම හදාගන්න පුළුවන් උනාට සමස්ථ පොත ගත්තම එහෙම ඔප්පු කරන්න තැනක් මේකේ නැහැ... කවුරු හරි පොතේ එක තැනකින් කරුණු අරං එහෙම දෙයක් ඔප්පු කරන්න යනවනං පොතේම තව තැනකින් ඒක නිශේධනය කරන්නත් කරුණු ගන්න පුළුවන්...
ඔබගේ දේශපාලන දැක්ම හරි. මෙතන කමෙන්ට් නොකර තව පොස්ට් එකක් දැම්මා නම් වටිනවා. හැබැයි හොඳ ආදේශකයක් නාවොත් මොකද කරන්නේ හැමදාම හොරා ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කරනවාද? රට හැර යනවාද?
Deleteනැහැ... අවසානෙටම අතෑරෙද්දී විශ්වාස කල හැකි එකෙක් ඉහලට ගන්න කතා කරනවා.. සරලම උදාහරණයක් කිව්වොත් මේ වෙලාවේ උනත් පාඨලී වගේ කෙනෙක් අර පොදු විපක්ෂයෙන් තොරව වෙනම බලවේගයක් බවට ලත් වෙනවනං මං ඒකට එකතු වෙනවා...
Deleteහැබෑටම අන්දකයිය්පු කැවිලද ඈ??
Deleteඑක අතකට තිලක් කරුණාරත්න, එස් එල් ගුණසේකර වාගේ මිනිස්සුන්ටත් කාලෙකදී ඔහොම හිතුණනේ
හැබැයි ඕං ප්‍රසිද්දියේ ලිබරල් මත දරන්නවුනට වඩා "කාලයේ තාලය - මාගේ පැවැත්ම" අනුව දේශපාලන භාවිතය වෙනස් කරගන්න ගොයියෝ නරුමයි ඈ!!
//හැබෑටම අන්දකයිය්පු කැවිලද ඈ??//
Deleteමෙච්චර කාලයක් ආස්සරේ කරලත් ඕක තේරුනේ නැද්ද..? :P
නමට තියෙන ප්‍රතිපත්ති ප්රකාශනවලට වඩා ඒවා ක්‍රියාත්මක කරන්න හැකි මිනිස්සු ගැන විශ්වාස කිරීම නරකදෑ..?
ඉන්න එකාව එළවන්න එපා. ඒත් ඌට තුනෙන් දෙක දීල නග්ගන්න එපා. එහෙම නැති උනාම තමයි බලයෙන් ඉදිමෙන්නෙ.
Deleteමාරයෝ, උඹේ ලිපිය දැක්කට පස්සෙ මම උඹේ බ්ලොගේ හැංගුවා. ඒක කියවනවා කියල කියන්නත් ලැජ්ජයි. මෙතන පොත දාගෙන, ඇඟිලි ගහ ගහ කියන මල්ල ඇරල බලන්න දන්න අපට, උඹේ නොදැනුම ගැන දුක හිතෙනවා. මම පැවතෙන්නේ බණ්ඩා 56 දී නටපු නෙයියාඩමට රැවටිල උන්ට දරදිය ඇදපු උන්ගෙන්. 1983 උඹ නලියන කාලේ, JR නානාගේ කලගෙඩි සෙල්ලමේ දී, පොලින් බූත් එකට යන්න එකෙක් හොයාගන්න බැරි කාලෙ, මම එහෙම ගිය එකෙක්. ඒ කාලේ මීටිමක් තියෙන්න තැනක් නැති වුනාම අනුර පිනා තිබ්බේ අපේ ගෙදර. අපේ උන් නැත්නම්, උඹ දරදිය අදින උන් හිටිය බවවත් උඹ දන්නේ නෑ. එහෙම කරපු අපට, යුද්දෙ දිනාගෙන අද කරන විනාශය දැක්කම හිතෙන්නෙ ප්‍රභාකරන්ලා දාහකට වඩා එහා කියලයි. එහෙම වෙලත් උඹ කියන දේ ඇහුවම උල තියන්න හිතෙනවා. බලපන් උඹේ කතා.
Delete//මාත් තව කිහිප දෙනෙකුත් ඇර බොහෝ දෙනෙක් මෙතන කතා කරන විදියට දැනට ඉන්න පාලකයා අන්ත දූෂිතයෙක්.. විපක්ෂනායකයා ඇතුළු බහුතර විපක්ෂ බලවේග අහිංසක මුව පැටියෙක්...// -
අඩා, යුද්දෙ දින්නෙ සිංහල කොල්ලො මිස, ඉංග්‍රීසි කන ගොබ්බයන් නොවේ. භාෂාව ඉංග්‍රීසි කාලෙ දින්නෙ නෑ. දෙපැත්තෙම උන් කෙළ පෙර පෙර ජයග්‍රහණ තමන්ගෙ කරගෙන රට කෑවා. මුන් ඔක්කොම එකයි. ඒ විතරක් නොවෙයි පාඨලිලා, වීරවංශලා, සෝමවංශලා මුන්ටත් එහා. උඹ දන්න දෙයක් නෑ වගෙයි. 1948 සුද්දා ගියාට, උන්ගෙ ආණ්ඩුව අදත් ගෙනියන්නේ, උන්ගෙ වැසිකිළි හෝදපු උන් නොවේ ද? අදත් ලංකාව සුද්දගෙ කොළණියක්.
//ඉන්න යකා පරද්දන්න කතා කරද්දී කවුරුවත්ම නිකමටවත් කියන්නේ නැහැ ඊ ළගට ගේන්න යන යකා කොහොමද කියලා...// -
ඔය කොයි යකාත් එකයි. ඊ ළගට ගේන්න යකෙක් නැත්නම්, වරෙං මාත් එක්ක. ඇයි උඹටත් ඕන කියල කිව්වේ. මට පුළුවන් උඹලගෙ රට ලෝකෙ බලවත් ම, දියුණු ම රට කරන්න. උඹේ මහ එකා මම කියපු දේ කරන්න, තනිය ම දඟලලා, අද රට විනාශ වෙලා. උඹ අහල තියෙනවා නේද බැරි වැඩ නොකරන් අබරෝ කතාව. හැබැයි පුතේ, මට පුළුවන් උඹල ඇති නැති කරන්නත්. ඇති කරන්නේ මනුෂ්‍යකම ඇති උන් විතරයි. රට කන උන්ට දේව පිහිටවත් නෑ. ඔය වගේ ගොන් මත නිසා තමයි, හිඟන බයියෝ රටේ නායකයෝ වුනේ. දැන් සිංහල උන් ඉදිරියට එන කාලෙ කියල දැනගන්. එතකොට උඹට තේරේවි වෙනස.
//මගේ දැක්මේ හැටියට දැන් ඉන්න පාලකයා අවුරුදු දොලහකදී කරන විපතට වඩා වැඩි දෙයක් විපක්ෂයේ බලය ගන්න බලං ඉන්න අයට අවුරුදු හයකදී කරන්න පුළුවන්... මං බය ඒ ටිකට...// - අනේ පලයං බං යන්න. විපක්ෂෙ උන්ට බැරි වෙලා ඉතිරි වුන ටිකට මුන් කරා. මොකක්ද බං මුන් දෙගොල්ලගෙ වෙනස. රට දවසෙන් දවස වලට. උඹ සුරුට්ටු පත්තු කරල උරපං. අද සිංහල රට කියන්නෙ, කුඩු ගහන උන්ගෙ, ගණිකාවන්ගෙ, සූදු කාරයන්ගෙ පාරදීසියක්. යුද්ධෙ දිනන්න මල උන් දැඟලුවට, අද ඊලම දණ ගහල දෙමළට පුදල ඉවරයි. උඹ දෙමළු ගැනවත් මුන් ගැනවත් නොදන්න පාටයි. ඊ ළඟ යුද්දෙ ඉන්දියාව එක්කයි. මුන්ට ඒක පුළුවන් ද? දිනන්න බැරි වුනොත් සිංහල ජාතිය ඉවරයි. භය වෙන්න එපා. දඹදිව කිව්වෙ සිංහල උන්ගෙ රටේ කෑල්ලක්. ඒකත් සිංහල උන්ට ලැබෙනවා. ඕන නම් වරෙන් මාත් එක්ක. නැත්නම් පල රට. කියපු ටික ම ඇති උඹව එල්ලන්නත්.
මගේ පෞද්ගලික මතය පොතකින් සනාත කරනවද නැද්ද කියන එක පොත් කියවද්දි මට අදාල නැහැ. විවේචනය කරන්නත් කියවලා ඉන්න එපැයි. පොතේ නම නිසාම එච්චර කියවන්න උවමනාවක් ඇති උනේ නැහැ... ඒත් දැන් හොයාගෙන කියවන්න ඕනේ....
ReplyDeleteමම හිතන්නෙ පොතේ නමේ අවුල නිසාම මේ පොතේ නම ගැන මිසක් අන්තර්ගතය ගැන කොහෙවත් හරියට විචාරයක් තිබ්බේ නැහැ.
තිසරගේ කතාව හරි... හැබැයි අපේ අය ඕක මේ වගේ පොතකට විතරයි ආදේශ කරන්නේ.. ඒ කියන්නේ මං දන්න තරමින් වැඩියෙන්ම අයිටීන් එකේ නිව්ස් බලන්නේ යූ ඇන් පී අය.. ශ්‍රීලංකා කාරයෝ බලන්නේ සිරසේ නිව්ස්... ඔය හවස හතට විතර පොඩ්ඩක් ගමක ඇවිදලා ගෙවල්වලට ගොඩ වෙලා බැළුවොත් ඕක දකින්න පුළුවන්... හැබැයි ඒක පොත් සම්බන්ධව නැත්තේ ඇයි කියලයි මට තේරෙන්නේ නැත්තේ.. පොතේ නම තමා සෑහෙන අවුලක් වෙලා තියෙන්නේ මේකේ.. එහෙම නැතිව පොත අසාදාරණ පොතක් කියලා කියන්න අමාරුයි... වැදගත්ම දේ තමා සල්ලිවලට බැරිනං ගත්ත කෙනෙක්ගෙන් ඉල්ලගෙන හරි කියවලා මේකේ වැරදි තැන් වලට ගැසීම... ඒක නොවෙන එකයි අවුල.. දැන් මේ පෝස්ට් එකේ කමෙන්ට් වල උනත් හුගක් කියවෙන දේ තමා නම හින්දම පොත හරි නැහැ වගේ කියන එක.. වැඩියම විවේචනය කරන අය කියවලා නැහැ... ඉතිං කොහොමද ඒ විවේචනයක් උනත් බාර ගන්නේ... එහෙම බැළුවාම පොතේ නම දැමිල්ල වගේම තමා ඒ විචාර පල කිරීමත්...
Deleteමේ පොත කියෙව්වහම ITN එක බැලුවා වගේ ඇති.. මාරේ අයියටම හොඳා ඉතිං...
ReplyDeleteමං කියනවට මල්ලි පොත ගන්න එපා.. කොහේ හරි තියෙනවා දැක්කොත් පිටු අංක 21/95/117 වගේ තැනකින් පටන් අරං ටිකක් කියවං යන්නකෝ...
Deleteඑයින් පස්සේ අයිටීඑන්ද.. සිරස...ස්වර්ණවාහිනියද කියලා මල්ලිම තීරණේ කරන්න...
ආන්ඩුව කියන්නෙ මහජනතාව.. ඉතිං බහුතරේකට හොද නං ඒ තාක් කල් ආන්ඩුව තිබෙනවා..
ReplyDeleteහොද පොතක් වාගෙයි පේන්නෙ.. පොත ලියපු කෙනා වගේම මාර තුමාත් මැදහත්ව පෝස්ට් එක ලියල තිනෙවා
පොත හොදයි අමිල... කාගෙන් හරි ඉල්ලගෙන හරි කියෙව්වට පාඩු නැහැ...
Deleteප්රජාතන්ත්රවාදය ගැන කියන බොහෝම දෙනෙක් ප්රජාතන්ත්රවාදය බාර ගන්න අකමැති සීන් එකක් තියෙන එකයි අපේ රටේ අවුල...
ඔය පොත් මේ පැත්තෙ හොයාගන්න දිහාවක් නෑ බං. අඩුම ගානෙ ගමේ එකා ලියපු සෙංකොට්ටං පොතත් තාම හොයනව.
ReplyDeleteඅලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ලංකාවෙ නූතන ඉතිහාසය එකතු කරන්නෙ කොහොමද කියල හොයල බලන්න කොමිසමක් පත්කරන්න යනවලු. ඒක ඒ තරම්ම පැටලලි සහිතයි කියල තමයි කියන්නෙ.
උඹට ගන්න බැරි උනොත් කියහං මං ඔය පැත්තෙන් යන වෙලාවක ගෙනත් දෙන්නං...
Deleteමාරය ,, තරහ නැතිව පොතේ ප්රකාශකයාගේ නම දන්න පුළුවන් ද.... මොකද මට ඕක ඔන්ලයින් තමයි ගෙන්නන්න වෙන්නෙ....
ReplyDeleteතව එකක් ,, මට උඹේ ඊ මේල් එක පොඩ්ඩක් එවපන් ,.. පොඩි දෙයක් තියනවා උඹත් එක්ක කතා කරන්න....
මේක කතෘ ප්රකාශනයක්...
Deletectkumara@gmail.com
Deleteayyooo..........ayyata me gu heththewe liyanna wena mukuth thibunema nadda a???
ReplyDeleteaparaade kaalaya...unge wadakida unma publish karagannawa. onna mamawath liwwanam me potha thawa kamakna... :) :)
වේලා තිබේ නම් කියවල බලන්න "පටිසෝතගාමීව තිස් වසක්" - නිකං කම්ප්‍රෙසර් එකක් ගත්ත වගේ දැනේවි!
ReplyDeleteමේක ලිව්වේ චම්පික රණවක නේද?
Deleteරයිටෝ...
Delete"පටිසෝතගාමීව තිස් වසක්"
Deleteඔන්න ලින්ක් එක...pdf එකෙ ඔතිනින් කියවන්න පුළුවන්..
බොහෝම ස්තූතියි... බාන්න දැම්මා...
Deleteඅනික "ජනවාර්ගික අර්බුධයට අපේ විසඳුම" කියන විජේවීරගෙ පොතත් අරන් බලන්න හොයාගතෑකිනන්. ඔය චන්ද්‍රපේම වමාරන්නෙ ඒ කතා මිස අලුත් දෙයක් නෙමෙයි.
Deleteමේ පොතේ නම නිසා එල්ලවූ විවේචන බොහොමයි.
ReplyDelete"ගෝඨාභයගේ යුද්ධය" කිව්වම තේරුම් දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි යුද්ධය කලේ තනිකරම ගෝඨා, එයාගෙ යුද්ධය ගැන ලියවුන පොත කියන එක.
අනිත්එක තමයි යුද්ධයට තමුන්ගේ තිබූ දායකත්වය, නැත්තං යුද්ධයේ එයා කල කොටස "ගෝඨාභයගේ යුද්ධය".
නමේ අදහස පළමුවැන්න නම් ඊට පස්සෙ කාටවත් "මහින්දගේ යුද්ධය", ෆොන්සේකාගේ යුද්ධය" වගේ දේවල් කියන්න බෑ!
දෙවැන්න අදහස් වෙනව නම් කැමති කෙනෙකුට තමුන්ගෙ නම දාල "තමාගෙ යුද්ධය" කියල කියන්න පුළුවන්.
පොත කවුරුහරි පීඩීඑෆ්-ස්කෑන් කරල දාපු කාලෙක අනිවාර්යෙන්ම කියවනව මාරයෝ!
ඇත්තටම නම බලලා තමා බොහෝ විචාර කෙරිලා තිබුනේ කියලා පොත කියෙව්වට පස්සෙයි මටත් තේරුනේ.. නැත්තං මටත් නමත් එක්ක අවුලක් තිබුනා...
Deleteසමහර විට මේ පොතට කෙරුනු ලොකුම අසාධාරණය පොතේ නම වෙන්න පුළුවන්...
@රාජ්
Deleteමේ පොත් අන්තර්ගතයේ නියම හරය වියයුත්තේ නම් ඔබ කියන දෙවන කාරණය, එනම් යුද්ධයට තමුන්ගේ තිබූ දායකත්වය, නැත්තං යුද්ධයේ එයා කල කොටස "යුද්ධයේ ගෝඨාභයගේ කාර්යභාරය". කියන එක. මාරයා කියන විදියට පොතේ අන්තර්ගතයත් ඒ වගෙයි. නමුත් යුද්ධයේදී තමන් කළ දේශපාලනමය මැදිහත්වීම සමග වූ පරිපාලනමය කාර්යභාරය ගැන ගෝඨාට තරමක අධිතක්සේරුවක් තියන බවයි පොතේ නමෙන් නම් හැඟෙන්නේ.
පොතේ නම නිසා නොගෙන ඉන්න කර තිබු තීරණය වැරදි බැව් වැටහේ.ස්තුතියි මාරේ ඔත්තුවට.
ReplyDelete//යාපනේ සංවර්ධන සභා චන්දය වෙලේ කොළඹින් යාපනයට ගිය කණ්ඩායමේ හිටිය අය
මේකටනම් වැඩියේ පිළියන්දල රිලව් ටිකක් කොහොමහරි ජන්දේ දිනවන්න(අර චන්ද්‍රිකාගේ වයඹ සිස්ටම් එකට ).තාම යහතින් උන්දලා ඉන්නවා.
//අඳූර් දර්ශී සිංහල නායකයෝත්
ඒකාලේ උඇන්පි ආණ්ඩුවෙන් උතුරට පත් කරපු ඇමැත්තෙක් (දිසා ඇමැත්තෙක් වගේ මතකය ) උතුරට යන්නේ මාසෙකට එක දවසක්.ඒ යන දවසෙත් බාගයක් හමුදා කඳවුරකට වෙලා සොට් එකක් දා ගෙන ජොකියා බුදි. මුන් කොච්චර දුරදර්ශිද?
නම හින්දා පලවෙනි දවසේ මං මේක ගත්තෙත් නැහැ.. පස්සේ දෙවැනි දවසේ ඕන එකක් වතුරේ ගියොත් ගියාවේ කියලා හයසීය දීලා දැම්මේ... හොද වෙලාවට මගේ සල්ලි බේරුනා...
Deleteකොළඹින් උතුරට පත් වෙන උන් එහෙ ගිහින් කරන ටිකයි.. උතුරින්ම පත් වෙන උන් කොළඹ ඇවිල්ලා කරන ටිකයි දෙකම එකයි... අන්තිමට කොහේ උනත් මිනිස්සු පව්...
මොනා උනත් හොද පොස්ට් එකක්.......
ReplyDeleteදැන් යුද්දයක් තිබුන ද කියලත් මිනිස්සුට අමතකයි......
යුද්දයට බොහෝ පිරිසක් දායක උන නිසා නම වෙනස් විනි නම් එල....
ඒත් marketing ගැන හිතලා ගෝඨාගෙ නම දාන්න ඇති...........
හොඳට නරකට දෙකට කටමය කිව්වා වගේ මේකෙත් හොඳට නරකට දෙකට නමමය... :D
Deleteපොත ගැන දුන්නු හෝඩුවාවට ස්තූතියි. කියවලා බලන්නම්කෝ...
ReplyDeleteකියවලා බලලා කොහොමද තත්වේ කියලා කියලත් යනවනං තවත් හොඳයි...
Deleteගෝටාගේ රෙද්ද :D
ReplyDeleteදැක්ක කල්... :D
Deleteපොතේ නම ඇහෙනකොට නම් මල පැන්නා. ඒත් මේ විචාරය කියෙව්වට පස්සේ නම් පොත කියවන්න හිතුණා. කොහෙන් හරි හොයාගෙන කියවන්න ඕනි අයියේ....
ReplyDeleteකියවලා බලලත් වචනයක් කියමුකෝ බලන්න...
Deleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
මමත් කියෙව්වා...අන්තර්ගතේ ගැන මාරයා කියලා තියෙන නිසා මම දැක්ක වැදගත්ම දේ තමයි පිටු 500 ගානක පොතක් රුපියල් 600 ගානකට ගන්න පුළුවන් වුනේ සෑහෙන කාලෙකින්.හැබැයි ඉංග්‍රීසි පොතනම් ගණන්.පොතේ තියෙන පින්තුර ටිකනම් සෑහෙන්න වටිනවා
ReplyDeleteහම්මේ ඔව් මේ දවස්වල පොත්වල ගණන්වල හැටියට මේක ලාබයි... අර පිටු 372ක් තියෙන උලව් කාලසර්පෙත් රුපියල් 525ක් උනා..
Deleteපින්තූර ටිකත් බොහෝම වටිනවා තමා...
පොත කියවලා නැහැ. මාරයාගේ ලිපිය නිසා කියවන්න හිතුනා. පොත කියෙව්වා මේ පලාතේ හිටපු උසස් හමුදා නිලදාරියෙක්. පොතේ දොරට වැඩුමටත් ගියා මගේ හිතේ. මම පොත ගැන ඇහුවාම මෙහෙම කිව්වා...."".හැබෑ සිදුවීම් තිබුනත් හමුදාවේ හිටිය කෙනෙක් ලිව්වා නම් මේක මෙහෙම නෙමෙයි ලියන්නේ " කියලා. මොන අර්ථයෙන් කිව්වාද කියන්න දන්නේ නැහැ.
ReplyDeleteඔබේ අඩවියට කමෙන්ට් කරන්න හරිම අමාරුයි. මම දෙපාරක්ම කමෙන්ට් කරා "අරූ"...
Deleteහොඳ ලිපියක්. comments ටිකත් ඒ තරම්ම වටිනවා. මම මේ පොත කියවල නැහැ.ඒ උනත් ඊළඟට පොත් ගන්න යන කොට මේ පොත මිලදී ගෙන මගේ පොත් ගොන්නට එකතු කර ගන්න ඕනෑ.ඔබ සහ අන් අයගේ අදහස් දුටුවිට මට හිතෙන්නේ මේ පොතට මැකියාවෙලිගේ the prince කියන පොතේ අභාෂය ලැබිල තියනවා කියලයි .ඔබ ලාංකික දේශපාලනය ගැන උනන්දු නිසා මේ පොත කියවිය යුතුයයි මා සිතනවා මේ පොත "කුමාරයා " නමින් සිංහලෙන් තියෙනවා.
ReplyDeleteමුළු ෙපාතම ගැන කෙමන්ට් කරන්න තරම් මම ෙපාත කියවලා නැහැ. නමුත් යුධ අපරාධ ගැන කියනවනම් මම හිතන්ෙන් අපි මීට වඩා ටැක්ටිකල් විදිහට ෙම්ක හසුරුවාගන්න (හැඬල් කරගන්න) තිබ්බා.
ReplyDeleteඅැමරිකාවටත් අැෆ්ගන් සහ ඉරාක යුද්ධ වලදී යුධ අපරාධ ෙචා්දනාව අාවා, ඒත් උන් ඒක පිළිඅරන් අදාල කීප ෙදෙනකුට දඩුවම් දීලා ෙෂ්ප් වුනා. අපි කරන්ෙන් අපි අතින් කිසිම ෙදයක් වුෙන් නැහැ කියලා තද ස්ථාවරයක ඉන්න ඒක. අපිටත් තිබුෙන් ෙම් සම්බන්ධව කීප ෙදෙනකුට ෙපෟද්ගලිකව දඩුවම් කරලා වැෙඩ් ෙගාඩින් ෙබ්රගන්න. පස්ෙස් ඔ්න්නම් ඒ් අයව ෙහමිහිට නිදහස් කරන්න වුනත් තිබ්බා.
මාරයගෙ ලිපියෙන් පස්සෙ තිබුන පුර්ව නිගමනෙ වෙනස් කලා.හැබැයි නම දාල තියෙන්නෙ වෙනම කොටසක් අල්ලගන්න වෙන්න ඔන.(කඩෙ යන )
ReplyDeleteපොත කියවල බලලම තමයි මොනා හරි කියන්න වෙන්නේ.
ReplyDeleteපොත කියෙව්වේ නැහැ. කියවන්න විශේෂ ආසාවකුත් නැහැ අවන්කවම.
ReplyDeleteදුටුගැමුණුගේ කාලේ ඉඳන් මේ වෙනකම්ම හැම දේම කරලා තියෙන්නේ ලොක්කෝ විතරයි. පොඩ්ඩෝ කරපු වැඩ ගැන එකකවත් සඳහනක් නෑ. එදා රජවරු වෙනුවෙන් මහාවංශය ලියපු හාමුදුරු ගොල්ලෝ කඩේ ගියා. අදත් ඒක නොවෙනස්ව සිද්ධ වෙනවා.
ඉතින් ඒක නිසා මම ඔය වීර කතා කියවන්න පිරියක් නැහැ.
ඔය පොත මාත් දැක්කා ඒත් අතින්වත් ඇල්ලුවෙ නැත්තේ //ඇයි එතකොට සරත් ෆොන්සේකා මහත්තයා පොල් ගෑවද// කියලා කල්පනා කරලා... මොකෝ භේද වෙලා හිටියත් මතක් කරන්න ඕන තැන අදාල පුද්ගලයන්ව මතක් කරන්න එපැයිනේ... මාරයියා කිව්ව හැටියට නම් ආයේ වරදින්න දෙයක් නෑ ලිස්ට් එකට මේ පොතත් වැටෙනවා... මෙච්චර කල් මාරයියා දීපු විචාර වැරදිලා නෑනේ
ReplyDeleteසමනල සංධ්වනිය ගැන ලියවිල්ලක් තාම ඇවිත් නැති පාටයි... රටකජු ගොට්ටෙ ලුණු හොඳදැ බලන්නවත් ගියෙ නැද්දෝ??