25 October 2013

නියම බ්ලොගයක් ගැන මෝඩ මාරයාට නොතේරෙන තැන් ටිකක්...


මුලින්ම මං මේ පෝස්ටුව කියවන්නයි කියලා අපේ බ්ලොග් හිතවතුන් දෙතුන් දෙනෙකුට ආරාධනා කරනවා විශේෂයෙන්ම...

අපේ හෙන්රි මාස්ටර්ට.. ලිෂාන්ට.. රංගිට.. අටම් පහුරට...සයිලන්ට් සහන්ට.. කියන අයට.. මොකද මේ අය මං මේ කියන්න යන වටිනා කියන බ්ලොගයේ කමෙන්ට් කරලා තිබුනා වගේම යම් යම් අංශ වලින් ප්‍රවීණතා තියෙන අය හැටියට මං අඳුරගෙන ඉන්න අය නිසා.. උදාහරණයක් හැටියට අපේ හෙන්රි අයියා ඇවිල්ලා ජ්‍යාත්‍යන්තර බාසාව ගැන විද්වතා.. එතකොට රංගි ඇවිල්ලා සංචාරය ගැන විදේශ රට රටවල් ගැන සෑහෙන දන්න කියන දීර්ඝ කාලීන විදෙස් වාසිනියක්.. ලිෂාන් ඇවිල්ලා බ්ලොග්කරණය ගැනත් පොටෝ ඇල්ලිල්ල ගැනත් දස්කං විස්කං තියෙන හාදයා.. අටමා ඉතිං මං වගේම නන්නත්තාර වෙලා හැම තැනම හිටිය එකා.. ඒ කිව්වේ මිනිස්සු ගැන තරමක් දන්න කියන එකා...


හරි මේ මං කියන බ්ලොගය මුලින්ම කියෝපු වෙලේ මං තීරණය කරපු දෙයක් තමා මේ ඇවිල්ලා ලෝකේ ඉන්න මං දකින විදියේ වාසනාවන්තම කිහිප දෙනාගෙන් එකෙක්ය කියලා... මං ඉතිං හිත හිත විතරක් නොයිද ඒක කොමෙන්ටුවක් හැටියට ඒකේ කොටලත් ආවා...

ඇත්තටම මේක සංචාරය ගැන ලියවුන බ්ලොගයක්... විශේෂයෙන්ම අපිට තරමක් ආගන්තුක සෝවියට් දේශය හරහා වැටුනු සංචාරයක් ගැනයි මේකේ වැඩිය ලියවෙලා තියෙන්නේ... ඒ වගේම බ්ලොග් රචකයාට ගරු කිරීමක් හැටියට මං කියන්න ඕන මේ ලිපි ඔක්කෝම කියවලා අහවර කරන්න උනේ නැතිවට කියෝපු ටිකෙන් මං සෑහෙන්න දේවල් දැක බලා ගත්තා...

මෙන්න මං මේ මෙච්චර පාරට්ටු කරන බ්ලොගයේ ලින්කුව... හැබැයි ඒක බලන්න යන්න කලින් මේ ලිපිය අවසන් වෙනකල්ම කියවලම යන්න... ඒකත් වැදගත්...


හරි ඉතිං මේ වගේ සංචාරක සටහන් වලට මං පුදුම කැමැත්තක් තියෙන්නේ..  මේ වගේ රට රටවල් ගානේ යන්න තාම බැරි උනත්.. ඔය අතේ තියෙන හැටියට පැස්ටෝල් ටිකක් ගහං ලංකාව ඇතුලේ හරි ඇවිදින්න යන්නේ ඒ කැමැත්ත හින්දා නෙව.. ඉතිං ඒ ආසාව කැමැත්ත හින්දම මට යන්න උනේ නැති ලෝකය බැලිල්ල මං මේ වගේ සටහන් හරහා හරි කරන්න කැමතියි.. ඒකයි මං මේ බ්ලොග් එකට කැමති වෙන්න හේතුව උනේ...

මං හිතන්නේ ඒ හේතුවට අමතරව තවත් මගේ සිත් ගත් දෙයක් තමා මේකේ අඩංගුවන චායාරූප... ඕන්නං මං එයින් එකක් මෙතන දාන්නංකෝ..



හොඳට බලන්න හරි අපූරු පින්තූරයක් නේද..? 

මේ පින්තූර ගැන විසේසයෙන් කියන්න හිතුනේ බ්ලොග් එක බලාපු කිහිප දෙනෙක්ම බොහෝම අගය කරපු දෙයක් තමා මේ පින්තූර ටික.. (මං ලිෂාන් මල්ලිට බුලත් අතක් දීලා ඇරියෙත් ඔය පින්තූර ටික ගැන කතා කරන්න මල්ලි හිටියොත් හොඳයි කියලා හිතුන හින්දම තමා..)

ඇත්තම කිව්වොත් මං මුලින් හිතුවේ කොහේ හරි සයිට් එහෙකින් ගත්ත පින්තූර වෙන්න ඇති කියලා... ඒත් පස්සේ දැක්කේ මේවෑ වෝටර් මාක් හිටන් දාලා තියෙනවා අදාල බ්ලොග් එක ලියන රචකයාගේ නමට කියලා... අනේ ඉතිං මං හරි සංතෝස උනා... කලාතුරකන් දකින්න වෙන විදියේ උසස් සංචාරකයෙක්.. ඒ වගේම දස්ස පොටෝ සිල්පියෙක් උන එකත්.. ඒකා අපේ එකෙක් වීමත් ගැන...

--------------------

මේක මේ වෙනම අතුරු කතාවක්...

අද මට එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මේ බ්ලොග් එක ගැන ආයේ ටිකක් හොයන්න හිතුනා... මං ඒ සුවිශේෂි හේතුව පස්සේ කියන්නං එන හැටි බලලා... 

ඉතිං එහෙම බලාගෙන යද්දි මට යම් යම් කරුණු වගේකදී පුදුම හිතුනා... විසේසයෙන්ම මේ බ්ලොගයේ පොටෝ එහෙම වෙන වෙන වෙබ් අඩවි වලත් පල වෙලා තියෙනවා දැක්කම... මං හිතන්නේ අපේ බ්ලොග් අඩවිය ලියන රචකයාගෙන්ම වෙන්ට ඇති එයාලා මේවා ඉල්ල ගන්ට ඇත්තේ.. මේ බලන්ටකෝ එයින් එකක් ඕනනං...



පේනවා නේද පැහැදිලිවම වෝටර් මාක් එහෙම දාලා තියෙනවා... එතකොට බලන්නකෝ මෙන්න මේ ලින්කුව හරහා ගිහින් “මේ වෙබ්“ සයිට් එක...

ඒ විතරක්යෑ මේ පොටෝ පස්සේ යද්දි මට හම්බ උනා තවත් අපූරු සයිට් එකක්.. ඒක හොයා ගත්තේ අපේ බ්ලොග් රචකයා විසින් දාලා තිබුන මෙන්න මේ “පෝස්ටුවේ“ තිබුන මෙන්න මේ


 පොටෝව පස්සේ ගියාම...

මේ තමා ඒ “අපූරු සයිට්“ එක...

හොඳට බලන්නලාකෝ කොයි තරං අපූරුද කියලා...

හා මං හිතන්නේ මං දැන් කියෙව්වා ඇති... තව ඕනනං පස්සේ ලිපියකින් බැරියෑ කියවන්න... කට්ටිය කම්මැලි නැතිව කියවලා බලලා මොනවා හරි අමුතු දේවල් හිතෙනවනං කියමුකෝ බලන්න... එහෙම මොනවා හරි අමුතු දෙයක් දැක්ක අය හිටියොත් මං තව රස කථාවක් කියනවා ඔය ළමයින්ට...

-----------------
විශේෂ ස්තූතිය නෙට් ස්ලෝ වෙලා හිටිය වෙලාවේ මේ කාරණා ටික හොයා දීපු දෙන්නට.. (ඇත්තම කිව්වොත් මට තිබුනේ මේ පෝස්ට් එක ලියන්න විතරයි.. අදාළ කරුණු සාකච්චා කරමින් තර්ක විතර්ක කරමින් වැඩේ ගොඩ දැම්මේ වෙන දෙන්නෙක්..)

113 comments:

  1. මාර රහස් පරීක්ෂක ගවේෂණ....

    ReplyDelete
    Replies
    1. මං නෙවෙයි බං මෙතන පරීක්ෂණය කරන්නේ වෙන දෙන්නෙක්.. මට තියෙන්නේ පරීක්ෂණ වාර්ථාව මගේ වචනයෙන් එළි දක්වන්න විතරයි... :D

      Delete
  2. ඔහුගෙ ලිපියට කොමන්ට් නොකලට,ලිපිය වගේම 100% සිත ගත්තෙ පිංතුර වලට.
    ස්තුතියි...රස්ති & මාර ...

    ReplyDelete
  3. යමක් කමක් තේරුම් තියෙන ඇත්තොත් කීපදෙනෙක්ම කමෙන්ට් කරලා තියෙනවනෙ අපූරු පින්තූර ටිකක් කියලා. නිකමටවත් සැක හිතිලා නැද්ද මංදා?

    ReplyDelete
    Replies
    1. දැන් දැන් කියවෙන කරුණු අනුවනං කීපදෙනෙක් සැක කරලා තියෙන හැඩයි...

      Delete
  4. මගේ රත්තරන්,

    ඇයි මගේ අය්යේ මේකට මාව පැටලුවේ ... උඹ දන්නේ නැද්ද මම බොහොම අමාරුවෙන් මගේ නැති වෙච්චි නම රැකගන්න වෙන මහන්සිය...? එක පාරක් දෙපාරක් නෙවේ..දැන් මම තුන් පාරක්ම මූණේ දැලි ගාගත්ත..තවත් නම් බැහැ ...:(

    යාන්තන් මේ කෙන්ජියා එක්ක තිබ්බ හුට පටේ විසන්දගත්තා දැන් විනාඩි 40 කට ඉස්සෙල්ලා... රංගි බබා එක්ක වෙච්චි පලහිලව්වත් යාන්තන් මෙව්වා කරගත්තා එදා බස් එකේදී හම්බෙලා ... කතන්දරයා එක්ක තමයි තාම පොඩි කොස්සක් තියෙන්නේ.. දැන් මේ උඹ හදන්නේ තව මරාලයක් පටලන්න... :(

    අනේ මම නම් කියන්නේ ඒ ඒ අය ගන්න ආතල් අපි ගන්න දෙමු... මම නම් මගේ බ්ලොග් එකේ දාලා තියෙන බොහෝ පොටෝ නෙට් එකෙන් ගත්තුවා.. අකුණ වගේ මගේ පෝස්ට් ගෙඩිය පිටින් කොපි කරන එක දැකපු නිසයි මම මගේ බ්ලොග් එකේ නම කොටන්නේ MS paint වලින්..

    මම දාපු රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරියේ පෝස්ට් එකට උනත් මම විසින් පොටෝ ගහන් ආවේ නෙට් එකේ නැතිම පින්තූර විතරයි... ඊයේ දාපු ටෙස්ලා කාර් එක , අර මලාලාගේ පින්තූර නම් පුද්ගලිකව මම ( සයිලන්ට් සහන් ) විසින් ජාලයට එකතු කළාවූ පොටෝ...මම ඊළඟට දාන්න ඉන්න සුළං බලාගාර පිහිටුවන හැටි , කෘතීම බුද්ධිය ඇති වාහන වගේ පෝස්ට් වලට දාන පොටෝත් මම විසින් ගත්තුවා.. මුළින්ම ජාලගත වෙන්නේ මගෙන්.. ( ප්‍රහාරක ජෙට් ගැන පෝස්ට් වලට නම් පොටෝ ගන්නේ බොහෝ විට නෙට් එකෙන්..මොකද මා ළඟ තියෙන ඒවා දැම්මොත් නීති ප්‍රශ්නයක් එන්න පුළුවන් රහස් එළි කරා කියලා)

    සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S මෙතන තියෙන පොටෝ නම් මුළින්ම ජාලගත කරේ සයිලන්ට් සහන් .......


    මම කියන්නේ මාරයෝ අපි ඒ අයට ඒ ගන්න ආතල් එක ගන්න දෙමු... නිකන් මක්කටයි හිත් අමනාප කරගන්නේ ඉඳගෙන..
    _______________________________________________





    පෝස්ටුවේ උක්ත කරුණට අදාළව වෙලා තියෙන සිදුවීම් මාළාව මට තනි ඇහැට තේරෙනවා .. අපි අමතක කරමු මාරයියේ.. ප්‍රභාකරන්ටත් සමාව දීපු ජාතියක් අපි... :) හා නැද්ද ...?


    ReplyDelete
    Replies
    1. :D

      උඹට වෙච්ච දේ දැකලා මට හිනා යනවා බං... හිටහං හිටහං මාත් සමාව දීලා දාලා නිකං ඉන්න...

      Delete
    2. අනේ ඔව් බං මාර මලයෝ සමාව දීලා දාහං මාත් ටිකක් දුරට ඇඳගත්තා මේ සීන් එකේදී. දැස පාදපු උඹටත් අර දෙන්නටත් ස්තුතියි.

      Delete
  5. ලස්සන ෆොටෝ ටික

    ReplyDelete
    Replies
    1. අනිවා.. පොටෝ ටිකනං මල් මසුරං...

      Delete
  6. උඹ විතරක් නෙමෙයි මාරයෝ , මාත් ඌ වාසනාවන්තයෙක් කියලා එතන කියුවා ,

    ඒ විතරක් නෙමෙයි කට්ටියට එතනට යන්න පාරත් පෙන්නුවා ( සමහරක් විට හොයන්නේ බලන්නේ නැතුව එහෙම කරපු එක වරදක් වෙන්න ඇති )

    ඒ බ්ලොග් එකේ තියෙන ඔක්කොම පීන්තූර උස්සපුවා වෙන්න බෑ නේද , එහෙම සංචාරයක් කෙරුවා කියලා කාගේ හරි ඉංගිරිසියෙන් තියන එකක් සිංහලෙන් ලියලා දැම්මා වෙන්නත් බෑ නේද.

    පිනී මුවන්ගේ ලේ එකතු කරන පීන්තුරක් පොරට ගන්න බැරි වෙච්ච හන්දා ඒක දාන්න ඇති ,

    හැබැයි ඒක නොකියා නං ගං ගහලා අපිව අන්දපු එකනං අන්තිම වැරදියි ,

    බලමුකෝ ඌත් මොනවා හරි කියයිනේ ,

    ෆොටෝ උස්සන එක නං එය හැම එකාම කරනවා , සමහරක් ගත්ත තැන දානවා , ( මම නං එහෙම කරන්නේ නෑ , දාලා ඔහේ නිකං ඉන්නවා , ඒකත් වැරදියි , අනුන්ගේ එව්වට තමන්ගේ නම දාන එකනං හෙනට වැරදියි )

    හැබැයි ෆොටෝ එකක් උස්සලා මාට්ටු උනාට ඒ බ්ලොග් එකේ වටිනාකමනං අඩු වෙන්නේ නෑ කියලා කියන්න ඕන

    ReplyDelete
    Replies
    1. මමත් මගේ බ්ලොග් එකේ නම ගහන්නේ වෙන මොකටවත් නෙවේ පෝස්ට් " ගෙඩිය පිටින් "කොපි කරන නිසා සහ ඒවා මිස් යූස් කරන නිසා ..

      උඹ දන්නවද අටම් මම ලියපු අකුණ පෝස්ට් එක දැනට බ්ලොග් 4 ක තියෙනවා එයාලා ලියපු සයිස් එකෙන් ..අන්න ඒවා දැකපු නිසයි මම බ්ලොග් එකේ නම ගහන්නේ... ඒ ඇර මට වෙන කිසිම උවමනාවක් නැහැ නම ගහන්න..

      Delete
    2. කමක් නැ බං ඉස්සුවට මොකද ලියන එකා ලියන්නේ කියවන්නනේ , උස්සලා උන් ලියුවා වාගේ දානකොට තමා මරාගන කන්ඩ හිතෙන්නේ

      Delete
    3. \\\\උස්සලා උන් ලියුවා වාගේ දානකොට තමා මරාගන කන්ඩ හිතෙන්නේ\\\\

      කට කට යකෝ..උඹ හදන්නේ මූණේ දැලි ගාගන්නද ....? දාහක් ඇස් අපි දිහාට එල්ල වෙලා තියෙන්නේ ඉඳගෙන...

      Delete
    4. ඉදගන කෑල්ල උඹත් අල්ල ගත්තද , මටත් දැන් නිතරම කියවෙනවා

      Delete
    5. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    6. ඇත්තටම එහෙම යන්න පුළුවන් එකෙක් ඉන්නවනං ඌ වාසනාවන්තයෙක්.. ඒක මං දැන් උනත් කියනවා..

      උඹේ වරදක් කියන්න බැහැ.. උඹ දකින්නේ බ්ලොග් එකේ අපූර්වත්වය විතරයිනේ.. මෑන්ගේ හැඩයක් දැකලම නැහැනේ...

      සංචාර සටහනුත් එක්තරා තැනකින් අරන් අතරින් පතරට තව තව කතාත් එකතු කරලා තියෙන වග තමා මේ සම්බන්ධව පර්යේෂණය කරං යන මගේ හිතවතුන් දෙන්නා මට කිව්වේ.. මේක බලහංකෝ ටිකක්..
      http://www.voxpopuli.kz/en/post/view/id/1181

      රියදුරු Omirzhan මෙයාගේ මග පෙන්වන ඊසෝප් වෙන්නේ ආන්න එහෙමයි...
      (මං දන්නවෑ බං ඔය සයිට් වල තියෙන ඉංගිරිසි හැලි කියෝලා..ඒවයි මේවයි සංසංදනය කරන්න) හැබැයි ඉතිං ඒකත් මට අවුලක් නෙවෙයි.. මං උනත් ඒ කතා රස වින්දා... මට අවුල තියෙන්නේ ඒවා ගැනම නෙවෙයි...

      පොටෝ එකනං කොතනින් ගත්තත් මොකද..වරද වෝටර්මාක් හරහා තමන්ගේ කර ගැනීම තමා...

      පොටෝ එකක් හින්දා හරි.. තමන් නොගිය ගමනක් ගියා වගේ ලියන එක හින්දා හරි බ්ලොග් එකේ වටිනාකමනං අඩු වෙන්න ඕන කියලා මාත් හිතන්නේ නැහැ... එහෙම උනොත් සුරංගනා කතාවක්වත් අපිට අහන්න වෙන්නෙත් නැහැ.. මෙතන අවුල තියෙන්නේ බ්ලොග් එකේ කියාපු සුරංගනා කතා වලින් ඔබ්බට ගිහින් මාටත් සුරංගනා කතාවක් කියන්න ආපු එකයි... හිටහංකෝ ටිකක්...

      Delete
    7. අපොයි නැහැ මාරය මම කියපු දේ ගැන තව සෑහෙන්න උඹට හිතන්න වෙයි ! :)

      Delete
    8. ඔව් ඔව් මං මේ තාම හිතනවා... ඒ හිතන හින්දා තමා තාම මොනවත්ම පිට උනේ නැත්තේ...

      Delete
    9. සහන් ,, අටම් මට ඔය වචනේ කතෘ භාගේ ඕනේ ඉදගෙන :)

      Delete
    10. @ ඔමා

      හපොයි ඒක ඔයාගේ එකක්ද ...? සමාවෙන්න ඕනේ ඉඳගෙන...

      Delete
    11. මෙන්න "ඉඳගෙන"වචනේ හිමිකරු ///

      Delete
    12. මේ පෝස්ට් එකේ උක්ත කාරණයට වඩා මේක බරපතල වරදක් :) අන්න ඒකයි මන් කියන්නේ ඉදගෙන

      Delete
    13. @ඔමාය දැන් මේකනේ කෙල්ලේ වැඩේ . . අපි ඔය වචනේ ගැන හොදට කතා කරලා ආවනේද නිගමනයකට අපි දෙයක් කියනකොට ඉන්න ඉරියව්ව ගැන සඳහන් කොරනවා කියල.ඒකෙ බෙනිෆිට් එක අපි උබ හැමෝටම ලබන්න නම් හැමෝම එක පාවිච්චි කරන්න ඕන.වැඩේ තියෙන්නේ උබල අපිට පිස්සු තිබ්බට හැමෝටම නැති නිසා වැඩි කොටසක් ඔය කෝඩ් එක පාවිච්චි කරන්නේ නැහැ.ඉතින් පාවිච්චි කරන ටික දෙනාට තග දන්නා එපා බන් . .

      Delete
    14. ඔයාට වෙච්චි දේ ගැන මගේ පපුව මේම මේම වෙනවා ඔමා ...:(

      Delete
    15. හලි බන් ඕන් උබලා කියහල්ලා ඉදගෙන සහන් පලිත්තමට ඈ

      Delete
  7. උඹත් ඉඳල ඉඳල දෙන්නේ සුපිරි ගේම් තමා :) පව් අසරණයා ගුගල් ඉමේජ් සර්ච් ගැන තවම දන්නේ නැතුව ඇති. ඉමේජ් උස්සන එක හැමෝම කරන වැඩක් උනත් අනුන්ගේ ඉමේජ් වලට් තමනේ වෝර්ට් මාර්ක් එක ගෙන මම ගහපු ඉමේජස් කියන එකනම් පහත් වැඩක්
    අය්යෝ සල්ලි කියන්නේ මේවට තමා

    ReplyDelete
    Replies
    1. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    2. පැහැදිලිවම ගූගග් ඉමේජ් සර්ච් කියන සරල කාරණාව නොදැන කරපු දෙයක් තමා...

      Delete
    3. :) නොදැන නෙවේ මාරය... වෙන කරන්න දෙයක් නැතිකමට

      Delete
  8. යකෝ..... මාරයා මඩ ගහනවට වඩා වැදගත් වැඩත් කරන්න අරගෙනද?????? හැබැයි ගූගල් ඉමේජ් වල වෝටර් මාක් ගහන වැඩේ මමත් කාලයක් කළා ඉහත නම් සඳහන් අයගෙන් එක්කෙනෙක් මට මගේ වරද වටහල දුන්නා. එදායින් පස්සේ මම ගණන් එහෙකට ඇර නෝ වෝටර් මාක්

    ReplyDelete
    Replies
    1. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    2. මෙතන එයිටත් එහා ගිය කේස් එකක් තියෙනවා කෝරළේ...

      Delete
  9. තමන් නොකල දෙයක් ගැන හෝ තමන් නොගිය ගමනක් ගැන නම් මේ කියා ඇත්තේ එය එහෙම්පිටින්ම අපරාධයක්..! ඒත් මේ මනුස්සයා මේකේ ඇතුලේ රූප වලින් නොසෑහී විස්තර කියා තියෙන ආකාරය දැක්කම මට පුදුම හිතුනා ඉතින් මම ඒ නිසා මේ යොමුවේ තියෙන කොමෙන්ටුව එතන හැලුවා [ http://is.gd/0iuUa6 ]
    ඒත් මම අනිත් අතටත් කල්පනා කලා මේ මනුස්සයා මේ තරම් ලස්සනට පින්තූර ගන්නේ කොහොමද? කියන එක ගැනත් ඒත් මම එතනදීවත් මොකවත් කියන්නටන් නොගියේ මට කලින් බොහෝ අය මේ ගන ගොඩක් දේවල් දාලා තියෙන නිසා.., සහ එතනදී උක්ත බ්ලොග් රචකයාව [විදුරව] කොමෙන්ට් වලින් පවා බොහෝ ඇඳුරුම් කම් තියෙනා අය ලෙස දුටු නිසා..!
    අනුන්ගේ සේයාරූ තමන්ගේ ඒවා ලෙස පෙනෙනා ලෙස දැමීම වරදක්.., එය කුමනාකාරයෙකින් හො ඔහු පිළිගතයුතුයි..! ඒත් ඔහු කොමෙන්ටුවක් යොදා තිබුනා ඔහුමේ පින්තූර HDR ක්‍රමයට සාදා බ්ලොග් ගත කල ඒවා බව... [ http://is.gd/33VFE5 ]
    වරද කොතනද? බ්ලොග් එක ලියූ ඔහුගේද නැතිනම් කොමෙන්ට් ලියූ අපගේද? මෙන්න මේ උභතෝකෝටිකයට මම මේ වනකොට මැදිවී තියෙනවා..!
    සමහර විටෙක ඔහුට ඒ පිළිබඳව කියන්නට ඔහුගේ පාර්ශවයෙන් නිදහසට කාරණා තියෙන්නට හැකියි..,
    හොඳම දේ මේ පිළිබඳව ඔහුගෙන් අසා දැනගැනීම.., මම හිතන්නේ අටම් මේ වෙනකොටත් විදුරගේ බ්ලොගේ මේ පිළිබඳව කියා තියෙනවා..!
    අපි බලාගෙන ඉමු..!

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ලිශාන් කියපු දේවල්මයි. මම පින්තූර ගැන හෙව්වේ නෑ. මට ඒවා ඒ බ්ලොගයට නොගැලපෙන තරම් විශාලයි කියලා විතරයි හිතුනේ. පින්තූර වෙන අයගේ නම් ඒ අයට ක්‍රෙඩිට් දියයුතුමයි. (මේවා එසේ මෙසේ පින්තූර නෙමෙයිනේ. )
      ඔහුගේ සටහන් අස්සේ තරුණ ළමයෙක් මට දැණුන විදියට අඩු වියදමෙන් සංචාරය කිරීම ගැන මා බොහෝ සතුටට පත්වී හිටියේ ඒ සටහන් කියවලා. ඒක හින්දාම මම ඒ ගැන ලිශාන්ගේ බ්ලොග් සටහනෙත් කිව්වා. (අපිට එක්ස්ට්‍රා සල්ලි මල්ලක් නැතිව ගමන් යන්න බැරි හින්දා. ) ඉතින් ඔහු නොගිය සංචාරයක් ලීවා කියලා මම හිතුවෙ නෑ. ඒත් ඔහු එහෙම කරනවා නම් ඔහු වැරදියි. විසේසයෙන්ම පොටෝ ක්‍රෙඩිට් නම් දිය යුතුමයි.

      Delete
    2. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    3. හිතා මතා කරපු රැවටීම් වැඩියි ලිෂා.. මෙන්න මේක බලහං...

      http://triptocub.blogspot.com/2013/10/blog-post.html?showComment=1381987412361#c3326332011924511852

      හොඳ උපදෙස් ටිකකුත් තියෙනවා ඒ විදියේ පොටෝ ගන්නේ කොහොමද කියලා.. :D

      නැවෙන්නලු..පෙරලෙන්නළු.. බඩගාන්නළු... (හැබැයි නෙට් එකෙන් උස්සලා වෝටර් මාක් දාන ක්‍රමේ කියලා නැහැ.. :D )

      Delete
    4. මම ෆොටෝ ගහන හැටි ගැන කොර්ස් එකක් කොර වගේ මතකයි මාරය....
      එහෙම අහපු දෙයක් තමයි මම කිව්වේ...:)

      Delete
  10. මොකුත් නොකියා ඉන්න එක වැඩිය හොඳයි වගේ, ඔන්න විදුර ඇවිත් උත්තර දීපන්.

    // අදාළ කරුණු සාකච්චා කරමින් තර්ක විතර්ක කරමින් වැඩේ ගොඩ දැම්මේ වෙන දෙන්නෙක්//

    මාරයයියෙ, ඔහේ මේ කියන දෙන්නා කව්ද මම දන්නෙ නෑ, ඒ වගේම විදුර මෙතන දෙන උත්තරෙත් මොකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේ කතාවෙන් වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන් කියල නම් මට තේරෙනවා. මම කවද හරි කාටහරි වචනයක් දුන්නොත් හිතාමතා ඒක කඩකරන්නෙ නැහැ කියල විතරක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා උඹ යමක් දන්නවා කියලා , මල්ලි දන්න දෙයක් කියහං , (මම මේ උඹේ වරදක් දකිනවා නෙමෙයි) , මට දැන් හිතෙනවා මමත් වරදක් කරාද කියලා

      Delete
    2. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    3. මට ඊයේ රෑ DDT දාපු කමෙන්ට් එක මොකක්ද කියලා ඇත්තටම තේරුනේ නැහැ.. දැන් උදේ විදුර දාලා තියෙන පෝස්ට් එකෙන් තමා පැහැදිලි උනේ...

      පැහැදිලිවම කියන්න ඕන මට මේකෙදි DDTගෙන් කිසිම දෙයක් හම්බ උනේ නැති විත්තිය.. මං කියාපු දෙන්නා මගේ පෞද්ගලික හිතවතුන් දෙන්නෙක්.. DDTව මං බ්ලොග්වලදී දැක්කා මිස වෙන විදියකින් දන්නේ නැහැ නෙව...

      Delete
    4. @ අටම්
      ඒක ගැන මම සමාව අයදිනවා. නිකන් උඹ මගේ ගැන ලියල උඹේ බ්ලොග කාලකන්නි කරගත්ත
      @ඩි.ඩි.ටි
      උඹ පොඩ්ඩක්වත් වැරදි නැහැ. මට උඹව විස්සාසයි...

      Delete
    5. විදුර, උඹ හෙන්රි අයියගෙ කමෙන්ට් එකට දාපු රිප්ලයි එකේ උඹම පිළිගන්නව උඹ කරපු වැඩේ බලු වැඩක් කියල.

      ෴//මොකක්ද බං ඒ පාඨකයෙක් කරපු හෙලිදරව්ව කිව්වේ?//
      ඒක මම කරපු පොඩි පහේ බලුවැඩක් බං , අනේ මන්ද මට කියන්න නිකන් බෑ වගේ බං ඩුඩ් , අමනාපයක් නැහැ නේද??෴

      ඒ වගේම උඹ කලින් පෝස්ට් එකේ දෙතුන් පලකම මේ ගැන සඳහන් කරලත් තියෙනව.

      //රස්තියාදුකාරයා සිතන විදිහට සැබෑ නිදහස එකතරා ආකාරයක භුතාර්ථයක්.ඔබ සිතන විදිහට එය එසේ නොවෙන්නත් පුළුවන්.ඇතැම් විටක යම්කෙනෙක් නිදහසට කම්මැළි බවේ අර්ථවාදී නිරුපනයක් ලබාදෙන්නත් පුළුවන්.එහෙව් එකේ අපට සදාකාලික නිදහසක් හිමිද? මේ රස්තියාදුකාරයා හිතවත් පාඨකයන්ට යොමුකරන ප්‍රශ්නය.ඔබ සිතන්නේ නැතිද ලෝකයම විකාරරූපී “රියැලිටි” , “වර්චුවල්” යථාර්තයක් ලෙස? //

      //රස්තියාදුකාරයාට මේ ආකාරයට ප්‍රශ්න නගන්න සිදු වුනේ යම් පුද්ගලයෙක් දේශාඨන වාර්තාවේ කමෙන්ටුවකින් රස්තියාදුකාරයාට කල හෙලිදරව්වක් නිසාවෙන්.අපි දැනට ඔහුට “හාවා” කියා පවසමු. “හාවා” යනු භයානක බලවත් යතාර්ථයක්.ඔහු රස්තියාදුකාරයාට දමා ගැසුවේ ගස් ගල් වලින් නොවුනත් මිනිසාට සදාකාලික ආයුධයක් වන “සත්‍යය” ඒක් ආකාරයක වැරදිකාරයෙකු වන රස්තියාදුකාරයායාගේ හෘදය සාක්ෂියට තට්ටු කරනට සමත් වුනු දෙයක්...//

      ඉතිං ..... ඒ ගැන තවත් කතාකරල වැඩක් නෑ. ඒවගේම ‘ඇයි උඹ මම උඹට එවපු මේල් මෙහෙම ප්‍රසිද්ධකළේ මගෙන් අහන්නෙවත් නැතුව‘ කියලත් මම අහන්නෙ නෑ, මොකද දැන් පේන හැටියට උඹෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන එකත් විහිළුවක්.

      //මාරයාට ඊයේ තකහනියක් මා එවූ ඊ-මේලය සපුරා සත්‍යයක් බවත් , එය ඔබ රහසක් ලෙස තබාගන්න..//

      දැන් මම අහන්නෙ උඹට මෙහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද කියල විතරයි.

      කට්ට කාගෙන ඇවිදින්න යන්න මගේ ආසාවක් නැති උනත් එහෙම යන අයගෙ අත්දැකීම් කියවන්න මම කැමතියි. මෙතන බොරුවක් රැවටීමක් තිබුනත් ඒකෙන් මහා විශාල හානියක් වෙන්නෙ නැහැ කියල මට හිතුන. මම දැක්කෙ ඒක අහිංසක උත්සාහයක් විදියට විතරයි. උඹට මුලින්ම ඇත්ත කියල පටන්ගන්න තිබුනත් ආයෙත් එතනට යන්න ක්‍රමයක් තිබුනෙ නැහැනෙව. ඉතිං ... තව දුරටත් ඒ සටහන් කියවීමේ අකමැත්තක් මට තිබුනෙත් නෑ. ඒත් දැන් පේන හැටියට උඹ ඊටත් එහා ගිහින් බං. අනෙක හෙන්රි අයියා උඹේ ඡායාරූපකරණය ගැන හුඟක් පැහැදිල තවත් තැනකත් ඒ ගැන කියල තියෙනව මම දැක්ක. මට ඕන උනා හෙන්රි අයියට මේ ෆොටෝ ගැන වැඩිය තකන්න එපා කියල කියන්න. ඒත් මම උඹට උන පොරොන්දුව නිසා ඒක කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැරි උනා. හෙන්රි අයියා මට වැඩිහිටි සහෝදරයෙක් වගේ මට උපදෙස් දුන්නා, අවවාද කළා මම ගැන හොයල බැලුව. ඉතිං මම ඒ ගැන හරි හිතේ කරදරෙන් හිටියෙ, ඒත් මේක තව දුරටත් ඕනවට වඩා දුරදිග ගියානම් මම අනිවාර්යෙන්ම හෙන්රි අයියට යම් විදියකින් ඒක දන්වනවා.
      ඊයෙ හවස උඹ මට එවල තිබුනු මේල් එකේ හැටියට ඒ වෙනකොටත් උඹ නැවත බ්ලොග් එක ලියන්න හිතන් හිටිය විය යුතුයි, ඒත් දැන්නම් උඹ ඒ අදහස අතෑරල කියල මට පේනවා. උඹ අපි අතර සිටිය යුතුයි කියල මම විශ්වාසකළා. මාරයියගෙ පෝස්ට් එක ඊයෙ රෑ කියෙව්වම ඇත්තටම මට මුලින්ම ඇති උනේ තරහක්. ඇයි මේවගේ වැඩක් කළේ කියල. ඒත් දැන් පේන හැටියට එයාටත් එහෙම කරන්න සාධාරණ හේතු තියෙනව වගේ. මාරයයියත් එක්ක මොකක්ද කතාකරගන්න තියෙනව කියල උඹ දවස් කීපයකට කලින් කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කා. ඒත් ඒකෙ අවසානය මෙහෙම වෙයි කියල නම් ඒ වෙලාවෙ මම හිතුවෙ නෑ. උඹ බ්ලොග් එක ලියාගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව ඇයි බං විදුර මේ මොනවද කළේ.
      මටත් දැන්නම් තියෙන්නෙ කළකිරීමක් විතරයි. උඹ මුලින්ම ලයිව් කතා කරන්න කරපු යෝජනාව ප්‍රතික්ෂේප කළෙත් මුල ඉඳලම අතේ දුරින් සිටිය යුතුයි කියල මම හිතුව නිසා. මේක විතරක් නෙවි, බ්ලොග්වල උන තවත් දේවල් නිසාම දැන් මට හිතෙනව ඊටත් දුරින්ම හිටිය නම් වඩා හොඳයි කියල.

      Delete

  11. සිරාවටම අපි මේ විදුරව අල්ලන් නටන්න හදන නාඩගම නවත්තමු... මේ අපේම සහෝදර බ්ලොග්කරුවන්ගෙන් කෙනෙක් නේද .....? ඌ නොහිටින්න අපි එකෙක් වත් ඕවා ඇහැකට දැකලා තිබ්බද අහ්හ්හ්හ්හ් .....................?

    ඒකෙ ගරුත්වේ හරි තියන් සාමෙන් ඉමු... ඌ මේ ගෑණියෙක් ධූෂණය කරලා නෙවේනේ මෙතන ඌව මරන් කන්න හදන්නේ .. ඕවට වඩා හානිදායක දේවල් වෙනවා මේ බ්ලොග් අවකාශය තුළ ..අන්න ඒ දේවල් වලට විරුද්ධ වෙමු එකා වගේ.. LTTE ප්‍රශ්නේ , රට එන්න එන්න අගාදයට යන එක , ආර්ථිකය කඩා වැටීම , විපක්ෂය දුර්වල වීම වගේ දේවල් ගැන කතා කරමු.. මේ විදුරව අල්ලන් ඌව හමගහලා තේරුමක් නැහැ...


    ......

    ReplyDelete
  12. මෙයා දැන් මාර රහස් පරීක්ෂකයෙක් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. එරිකෝ හන්ටර් පරාදයි වගේ හු හු..

      Delete
  13. මම නම් මේ වගේ එවුන්ට කැමතිම නෑ.... ඌ ඇත්තටම ඔය ගමන ගියත් දැන් නම් ඕක කියවන්න හිතෙන්නෙ නෑ.

    ඒකේ තියන ෆොටෝ ගැන කට්ටිය කරපු කොමෙන්ට් ඌ බාරගෙන තියනවා. හැබැයි විකිපීඩියාවෙන් ගත්ත ෆොටෝ එක ගත්තේ ඒකෙන් කියලා දාල තියනවා. ඒක පුළුවන් නම් ඇයි අනිත් ෆොටෝස් වලට නැත්තේ? මේක වැඩිහරියක්ම ෆොටෝ වලින් රන් වෙන බ්ලොගයක්... ඒ නිසා ඒවට අදාල ක්‍රෙඩිට් ඌ උපුටාගත්ත තැන් වලට දෙන්න ඕනෙමයි.

    අනික.. තමන්ගේ වෝටර්මාක් එකක් දාගන්න පුළුවන් තමන් ගත්ත ෆොටෝ එකකට විතරයි. මුල් රූපයට වඩා වෙනස්ම නිර්මානයක් ඒ ෆොටෝ එකෙන් කරලා වෝටර්මාක් දාගත්තට නම් අවුලක් නැහැ...

    දැන් මෙකෙ තියන "එරල්හි ලවනාධික විල්ලු" කියන ෆොටෝ එකේ ඔරිජිනල් වෝටර්මාක් එකක් තියනවා... මේ පුද්ගලයා ඒක අහක් කරලා තමයි තමන්ගේ එක දාගෙන තියෙන්නේ... ඒ පින්තුරේ පහ දකුණු කෙළවර හොඳින් බැලුවොත් පෙනෙයි.. අර වෝටර්මාක් එක වහන්න ඒ තණ බිස්ස කට් ඇන්ඩ් පේස්ට් කරපු බව. අයිඩෙන්ටිකල් තණ පඳුරු දෙකක්, සහ අඳුරු ලප දෙකක් පෙනේවි.

    මොන හැකියාව තිබ්බත්, මොන වාසනාව තිබ්බත් මට නම් මෙහෙම අය පේන්නේ හොරු හැටියට තමයි. මේක සුළු වැරැද්දක් කියන්න බැහැ. මාරයාගේ හෙළිදරව්ව බොහොම අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

      Delete
    2. ස්තූතියි තිසර... මටත් තියෙන්නේ එහෙම ගැටළුවක්... බොරුකාරයෙක් බොරු කියන එකටත් වඩා මට අවුල තියෙන්නේ ඒ බොරුව ඇපේට තියලා විශ්වාසයක් ගොඩනගාගෙන ඒ හරහා තව විශාල බොරුවකට යාම...

      Delete
    3. :) අන්න වැරදුන තැන මාරය...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. චිකේ, අනුන්ගෙ පින්තූරු වලට තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලයක් පාස් උනා වගේ තමුන්ගෙ නම දාගෙන ලෝකෙට පොරකාස කොල එකනම් හොඳ නෑ හොඳෙ???? දැන් තියෙන්නෙ දනින් වැටිලා කට්ටියගෙන් සමාව අරගෙන, ඔක්කොම අකුලගෙන ගිහින් ආයි එන එක, වෙන නමකින්. එහෙමවත් අවංක ජීවිතයක් ගොඩ නගා ගන්න. මේ නමින්නම් ආයි බෑ පුතෝ, ඩෝබිට දාලා අපුල්ලලවත් ගොඩ දාගන්න. :D

      Delete
  14. මාරයාත් මාර වැඩ නෙව කරන්නෙ.
    එතකොට මූ දේශාඨනේ ගිහිල්ලත් නැතෙයි?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ එහෙම සංචාරයක් ගිහින් තියෙනවා.. හැබැයි මට පේන විදියට වෙන පිරිසක්.. :D
      http://www.voxpopuli.kz/en/post/view/id/1181

      Delete
    2. යප් , වෙනන පිරිසක්!
      නමුත් ඒක කරුණු සහිත දේශාටනයක් නෙවෙයි...
      මුල වරදුනහම ඔහොම තමයි කොල්ලෝ :)

      Delete
  15. මාරයා,
    ඔබේ හෙළිදරව්ව බොහොම වැදගත් එකක්. පරණ කතාවක් තියෙනවානෙ වැඩි දෙනෙක් කෙටි කාලයකදී රවටන්න පුළුවන් උනත් ඒක හැමදාටම කරන්න බැහැ කියල. දැන් මට නම් මේ විදුර ගැන තිබ්බ හොඳ හැඟීම එහෙම පිටින්ම ඉවර වෙලා ගියා කියල හිතෙනවා. මෙයා කොම්පුටරයේ ඉස්සරහ ඉඳගෙන මේ සංචාරය කලාවද්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...

      ඔබේ සැකයට සාධාරණ හේතු තියෙනවා...

      Delete
    2. සමහරක් තැන් පුටුව උඩ ඉඳගෙන තමයි WMK , ඇත්තටම එහෙම වුනත් මම කියපු කරුණු සම්පුර්ණ ඇත්ත. අවිස්වාසයක් ඇතිකරගන්න එපා මම ඔබව බොරුවෙන් මුලා කළා කියල(ඔබ එය කියෙව්වා නම්) , මම මගේ බ්ලොගේ ඉදිරිපත් කරපු කරුණු සේරම ඇත්ත.ඒවා මේ ලෝකේ තවමත් ජනතාව අතර පවතින එව්ව. ප්‍රශ්නේ තිබුනේ මම එහෙ නොගිය එක විතරයි...

      //ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...//
      බොරුව කිව්වේ ඇතුලත් කරුණු නොවෙයි මාරය. ඔබ පොත් පත් වල සොයාබලන්න මම කියපු දේවල් කොච්චර සත්‍යද කියල. ප්‍රශ්නේ වුනේ මම ගියේ නැති එක විතරයි...
      මම කාවවත් දැනුමෙන් මුලා කළේ නැහැ !

      Delete
  16. අනුන්ගේ දෙයක් කොපි "කළානම්" ඒක දඬුවම් ලැබිය හැකි වරදක්..! තම වරද ප්‍රසිද්ධියේ පිළිගන්නේ නම්, ඒ පුද්ගලයාට තවත් අවස්තාවක් දිය යුතු බවයි මගේ නම් අදහස.

    ඒත් එක්කම මේකත් කියන්න ඕන, ගේමක් දීලා තව කෙනෙක්ට කෙළවන්න නම් අපේ අයියලා තරම් අය තවත් නැතුව ඇති. :D

    ReplyDelete
    Replies
    1. අපොයි මම කාටවත් කෙලෙව්වේ නැහැ මාලන් :)
      මේක දිග කතාවක්. ඔබ මැදින් සම්භන්ද වුනේ. පොඩි අපැහැදිලි බවක් ඇති. සමහරක් විට මාරයා ඉදිරියේදී මේ ගැන ප්‍රසිද්ධියේ කියයි...
      :)
      එතකන් ඇඟිලි ගැන ගැන ඉන්න තමයි වෙන්නෙ..

      Delete
    2. \\\ඒත් එක්කම මේකත් කියන්න ඕන, ගේමක් දීලා තව කෙනෙක්ට කෙළවන්න නම් අපේ අයියලා තරම් අය තවත් නැතුව ඇති. :D\\\

      මචන් විදුර ... මාලන් ඔය කොටස කියලා තියෙන්නේ මාරයා ඉලක්ක කරගෙන ... උඹට කියපු එකක් නෙවේ...

      Delete
    3. සහන්,

      මාරයා විතරක් නෙමෙයි, මම කිව්වේ සමස්තයක් විදිහට මේ වගේ සිදුවීමකදි අපේ මිනිස්සු සාමන්‍යයෙන් හැසිරෙන විදිහ ගැන. [වෙහර ගිලින මහ හොරු ගැන කටයි අහවල් එකයි වහගෙන ඉන්න අපේ අයියලා, කෙහෙල් කැනක් හොරෙන් කපපු එකෙක් අහුවුන ගමන් උට ගහනවා ආයේ ඇපත් නැති වෙන්න. ].

      උඩින් කිව්වා වගේ විදුර කරලා තියෙන්නේ ලොකු වරදක්. බුද්ධිමය දේපල සොරකම වෙනත් රටකනම් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ සේරම ඇත්ත.

      ඒත් විදුරගේ නිර්මාණශීලීත්වය සළකලා තවත් අවස්තාවක් දිය යුතු බවයි මගේ නම් අදහස. මිනිහෙක්ට පහර දීලා විනාශ කරන්න ලේසියි.

      Frank Abagnale කියන්නේ පොඩි කාලේ ඉදලම ලෝක හොරෙක්, වංචාකාරයෙක්. ඒත් ඔහුගේ සුවිශේෂ හැකියාවන් හදුනගත්තු රහස් පරීක්ශකය ඔහුට විශේෂ සමාවක් දීලා යොදවනවා ව්‍යාජ චෙක් සොයන්න සහ චෙක් වලට ආරක්ෂක පද්ධති නිර්මාණය කරන්න. මේ කතන්දරය පසු කාලීනව ෆිල්ම් එකකට නැගෙනව, නම Catch me if you can.

      ප.ලි: පසු කාලීනව සමහරට විට හෙළිදරවු වේවි විදුර කියන්නේ න්‍යෂ්ඨික ඉංජිනේරුවෙක් නෙමෙයිය, විදුර ඉන්නේ හංගේරියාව නෙමෙයිය කියලා. ඉතින් එතකොට..?

      මෙහෙම සිංහල බ්ලොග් අවකාශයේ කට්ටිය අන්දවපු පළවෙනිය විදුර නෙමෙයි. මටනම් හොඳට මතකයි කලින් සැරයක් පිළිකාවක් තියෙන නංගි කෙනෙක් ගැන ලියපු අක්කා කෙනෙක්, ඔය අයියලා මල්ලිලා සේරටම ටයිට් ස්කර්ට් එකක් ඇන්දුවා. :D

      Delete
    4. \\\\\ ඒ සේරම ඇත්ත.\\\\\\

      අනිවා මමත් මුල ඉඳන් කිව්වේ ඕකයි.. අද හවස මම මාරයට මේල් එහෙකුත් දැම්මා ඔය ගැන කියලා.. මේ ගැන මම කියපු අනිත් අදහස් ටික මේකෙම 2 වෙනි පෝස්ට් එකට දැම්මා මාලන්.. මන් හිතන්නේ තව ටිකකින් ඔබ ඒ ටික දකීවි...විදුර ඉන්නේ ලංකාවේ කියලා මම දැනගත්තේ අහම්බෙන්.. හොයන්න ගිහින් නෙවේ.. ඒත් මම කට වහන් හිටියා... මොකද ඒක ඒ මනුස්සයාගේ පුද්ගලිකත්වය ..

      මමත් කියන්නේ මාරයා මේ කරපු වැඩේ වැරදියි... මේ නිර්මාණකරුව මරලා දාපු එක සෑහෙන වැරදියි...

      @ විදුර

      උඹ මේක දැක්කොත් අනිවා බ්ලොග් එක ආයේ ලියපන් ...

      ( මේ කමෙන්ටුව මාලන් දකී කියලා හිතනවා )

      Delete
    5. \\\මටනම් හොඳට මතකයි\\\\

      වැදගත්ම කොටස වාක්‍යයේ :D

      Delete
  17. කරුණාකර මගේ බ්ලොග් එකට පිවිසෙන්න , නිදසහට කරුණු ? (එව්ව වෙන්නැති ) එතන ඇති .....

    ReplyDelete
    Replies
    1. බොහෝම හොඳයි... මේ පැහැදිලි කිරීම ගැන මං තෘප්තිමත්...

      හැබැයි මෙතනදී මට කියන්න ඕන දෙයක් තියෙනවා... ඒ තමයි විදුර මහත්මයා ඔබ කවරු උනත්.. මට ඔබගේ මේ සංචාරය ගැන ලියවෙන සටහන ගැන කිසිම අහිතක් නැහැ... ඒ වගේම ඔබ අනුන්ගේ පොටෝ ඔබේ නමට වෝටර් මාක් දාගෙන.. ඒ පොටෝ වල ගෞරවය ලබා ගැනීමත් මට ප්‍රශ්නයක් නෙවෙයි... කොටින්ම ඔබේ බ්ලොගයේ ඕනෑම දෙයක් ලිවීමේ හැකියාව ඔබට තියෙනවා... ඒවා ඇත්ත උනත් පට්ට පල් බොරු උනත්... ඒකට තහංචි දාන්න මටවත් වෙන කිසිවෙකුටත් බැහැ.. ඔබේ ලිපිවල අන්තර්ගතය ගැන විරෝදයක් තියෙනවනං අපිට කරන්න පුළුවන් එකම දේ ඒවා නොකියවා..නොසලකා හැරීම පමණයි..

      ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන මේ කතාවෙදි මට ඔබගේ බ්ලොගය සම්බන්ධවව කිසිම ආරවුලක් නැහැ...

      ඒත්...

      මට අවුල තියෙන්නේ ඔබ මාව වැරදි පාරක් යවන්න ගත්ත උත්සහය මතයි... ඔබ කියනවා වගේම ඔබ මට එවූ ඊ මේලය ගැනයි මට අවුල තියෙන්නේ... මොකද ඒක මට බොහෝම වැදගත් කාරණාවක්... මීවන පලානේ ජයරත්නයන් සමඟ එකතුව මා විසින් මීට ටික කලකට පෙර ගෙනගිය වැඩපිළිවෙල ගැන මට නැවත වතාවක් හිතන්න සිදුඋන මේලයක් එය...

      ඉතිං මං ඒ ගැන හිතුවා... බොහෝම තදින් හිතුවා... මං නොදැන හෝ කරගෙන තියෙන්නේ ලොකු වරදක් නේද කියලා... ඒ වගේම මං මේ හැම දේම දාලා විශාල ගමනක් යන්න හිතා ගත්තා... ඒත් එයට පෙර මට උවමනා උනා ඔබ කියන්නේ සත්‍යක්ද යන වග තව දුරටත් පැහැදිලි කරගන්න... එතනදී මං මුලින්ම හෙව්වේ ඔබේ අවංක භාවය...

      ආන්න එතනදී මට ඔබ ගැන හොයන්න තිබුන එකම මාර්ගය උනේ ඔබේ බ්ලොගය... කණගාටුයි මං තනිකරම කලකිරුණා... ඔබ ප්‍රබන්ධ රැසක් හරහා පාඨකයින් මුලා කරන්නෙක්.. (මුලින් කීවාක් මෙන් එය මට ගැටළුවක් නෙවෙයි) ඒ වගේම එකී ප්‍රබන්ධයන් හරහා දිගුවක් අරගෙන ඔබ මාව එයිට එහා ගිය ලොකු මුලාවකට පත් කරන්නට සැරසුන බවයි අවසානයේදී මට පැහැදිලි උනේ...

      අන්න එතනදී තමා මං මේ ගැන කතා කරන්න ලෑස්ති උනේ... මොකද ඒකට මට පැහැදිලි අයිතියක් තියෙනවා.. DDT ට නොකල ආකාරයේ මහා වංචාවක් ඔබ මට කරන්නට ලෑස්ති උනා.. DDT ට ඒක උනානං මෙතනදී ගන්නේ කොයි වගේ ක්‍රියා මාර්ගයක්ද කියන එක මං දන්නේ නැහැ.. හැබැයි මේ තමා මං ගන්න ක්‍රියා මාර්ගය... මොකද ඔබ රවටන්න හැදුවේ මාව.. ඔබ කඩේ යවන්න හැදුවේ මාව.. ඔබ පහර දුන්නේ මගේ විශ්වාසයට.. ඔබගේ වචන මත ජීවිතයේ විශාල තීරණයක් ගන්න හැදුවේ මම...

      පැහැදිලියිද..?

      Delete
    2. අපි නොදන්නා දෙයක් මාරයාට වෙලා. මාරයා විසින් රස්තියාදුකාරයා මැරුවේ ඒක නිසා. බොරුව තමයි නරකම දේ. මට මුලින්ම තේරුනත් මම සද්ද නැතිව කතාව රසවින්දා. සංචාරය virtual වුනත් බොහෙදේ ඉගෙන ගන්න පුළුවන් නිසා. සහ වෙන හානියක් අපිට නැති නිසා. මාරයා ගේ මිනී මැරීම සාධාරණ වෙන්න පුළුවන්.

      Delete
    3. :) අපුරු තර්ක රැසක් මාරය ... නමුත් ඔබට ඊයේ මම කියපු දේ තේරුම් යනකොට සමහරක් විට ඔබ පරක්කු වැඩි වෙයි. මේ හැමදේකටම හේතුව වුනේ කාලයේ වැරැද්ද නෙවේද?
      මම ඔබට ඊයේ මේලය යොමුකළේ වෙනත් හේතුවක් නිසා නෙවේ මාරය , මම නොදන්නා තැන් ගොඩක් උඹෙන් අහගන්න තිබුණු නිසා. මම ඔය පැත්ත ගැන හොයන්න පටන්ගත්තෙත් වෙන දෙයක් නිසා නෙවෙයි , අදාළ කරුණ ගැන මට බොළඳ , බොඳවුණු චිත්‍රයක් තිබෙන නිසා. නැතිනං මම CIA ඒජන්ත වරයෙක් වත් ඔබව මුලාවේ දන්නා පැමිණි අන්තවාදියෙක් නොවෙයි.

      උඹ දන්නවද මට මේ හැමදෙයක්ම වුනත් මේ ක්ෂණයේ අතහරින්න පුළුවන් :) මගේ මනසේ පහළවුණු සිතුවිලි විදිහට...
      හොඳට හිතපන් මම අන්තිමට කිව්ව දේ ගැන. මම හැදුවේ නොදන්නා දෙයක් දැනගන්න.මම දකපුවත් එක්ක ගලපන්න.සමහරක් විට ඔබ සුපිරි පුද්ගලයෙක් වෙන්න පුළුවන් , නමුත් මම මගේ බ්ලොගේ ලියපු කාරනා වලින් අදාළ සිද්ධිය ගලපන්න යන්න එපා මාරය. :) මොකද තවත් උඹ පටලව ගන්නව. මේලය හොඳට කියවපන්. අපි උඹ නොදන්න (සමහර විට උඹ දන්නවත් ඇති) තමන්ව අතහැරපු මිනිස්සු මේ ලෝකේ අතලොස්සක් ඉන්නව.(උඹත් ඒ කෙනෙක් වෙන්න පුළුවන්.) ඒ වුනත් උඹ එහෙම නෙවේ නම් හිතපන් , අපි නොදන්න , මම නොදන්නා ගොඩක් දේවල් ඒ මිනිස්සු දන්නව. හරියටම මීවනපලානේ මහත්මයට ඔහුගේ බ්ලොගේ දි වුන වගේ(මම හිතන්නේ එහෙම වුනා කියල.නමුත් පැහැදිලි නැහැ මාරය.).

      Delete
    4. තව එකක් තියෙනව මාරය , මට මිනිස්සු මුලා කරලා කරන්න වැඩක් නැහැ. මම බොහොම සාමාන්‍ය විදිහට පවුලක් නඩත්තු කරගෙන ජිවත් වෙන කෙනෙක්. :)
      ඔබේ කලකිරීමට හේතුව සිතා බලන්න. බලන්න ඔබ ගොඩනැගු එක් මානයෙන් පමණක් මම පැවසු දේ විසදන්න පුලුවන්ද කියල ... අපි සිතනවාට වඩා මේක දරුණු දෙයක්(මම හිතන විදිහට). නමුත් ඔබට ඒක "ගේමක් නැති" දෙයක් වෙන්න පුළුවන්.මොකද ඔබ මමත් එක්ක බැලුවහම අදාළ කරුණ සම්බන්ධයෙන් සැහෙන දැනුමක් කෙනෙක්. මට ගලපගන්න බැරිවුණු දෙය ඔබත් ගලපන්න. මොකද මම පැවසුවේ නොදන්නා නමුත් දුටු දෙයක් පිලිබදව...

      Delete
    5. හොඳයි ඔබ සම්පුර්ණ චිත්‍රය ගොඩනගා බලන්න.,, මෙය ගැටළු සහගතයි මාරය. මේ තරං පජාත වෙන්නෙ නැතිව ඔය දේ ගැන මං වෙන කෙනෙක් ගෙන් විමසුවහම හරිද ?
      නැතිනම් ඉතින් ඔබට පුළුවන් "විදුරගේ නිරුවත" නැත්නම් "රස්තියාදුකාරයාගේ නිරුවත" වගේ මාතෘකාවකින් ඔබට ඔබේ බ්ලෝගේ ලස්සන වාර්තාවක් ලියන්න. ඔබේ කැමැත්තක් මාරය , කොහොමටත් මම දැන් මෙහෙන් යනවනෙ, ඉතින් මම අන්තිමේදීත් කියන්නේ පොඩ්ඩක් මේ ගැන හිතපන්. සමහක් විට මම වැරදි ඇති.නමුත් ඒ මම දුටු දේ !

      Delete
    6. @ මාරයා

      //ඒ වගේම මං මේ හැම දේම දාලා විශාල ගමනක් යන්න හිතා ගත්තා...//

      උඹ ඔය කියන සීන් ඒක දැනගන්න දැන් අපිට අයිතිවාසිකමක් තියනවා , කරුණාකරලා ඒ අයිතිය අපිට දියන් , ඒක උබෙන් වෙන්න ඔන යුතුකමක්

      Delete
  18. ඕනෑම එකෙක් වරදිකරයෙක් කියලා අහුවෙනකම් ඌ නිවැරදියි.... වැරද්දක් කරලා අහු උනාමත් ... එම වැරැද්ද කරන්න සාදාරන හේතුවක් තිබුනානම් එට් ඌ නිවැරදියි ..... මම හිතන්නේ විදුර 100%ක් නිවැරදියි එකදෙයක් උනානම් ඒ ෆොටෝ වල තමන්ගේ නම නොදැ තිබ්බානම් මොකද මම මේ දැන් එයාගේ පිළිතුරු පොස්ටුව කියෙව්වා ....
    තවත් අපේ හිතවත්ම බ්ලොග් සගයෙක් මිට මාසයකට විතර කලින් ස්වතන්ත්‍ර නිර්මාණයක් හැටියට කෙටිකතාවක් පල කරලා තිබ්බ 95%ක් හින්දි පිචර් එකක කොපියක්. මෙතන ඉන්න 95% දෙනාම පොරගේ නිර්මාණය අගය කරලා කොමෙන්ටු දාලා තිබ්බා මම පිචර් එකේ ලින්ක් එකත් එක්කම කොමෙන්ටුවක් දැන්මා.. කොල්ලා එක ගිල්ලා අදටත් කට්ටිය හිතන්නේ එක එයාගෙම නිර්මාණයක් කියලා ඌත් වැරදිද නැද්ද කියල මට හිතා ගන්න බෑ..... ඇයි මෙහෙම දේවල් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මට මුල වැරදුනා රාල , දැන් ඕව හදන්න කල් වැඩියි :)

      Delete
  19. මමත් අටමගෙ ඔත්තුවකට ඔතනට ගියා, කොමෙන්ටුවකුත් දැම්ම ඒත් පසුව කියවද්දී විශ්වාසනීයත්වය ගැනනම් ප්‍රශ්නයක් අතිඋනා. කොහොම නමුත් ඔහු සිංහලට පරිවර්තනය කල අනුන්ගේ දෙයක් නම් එය සුපිරි ලෙසම කර තිබෙනවා.
    ෆොටෝ හංවඩු ගහන එක නවත්වල විදුර දිගටම ලියනවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මේක පරිවර්තනයක් නෙවෙයි කම්මල.
      ටිකක් අමාරුවෙන් කරුණු ගලපලා ලියන එකක්. මට මුල වැරදුනා ...
      :)

      Delete
  20. මටත් මේකෙ ෆොටෝ ගැන මුලදි සැකයක් ඇතිඋනා. නමුත් කතාව රසවත් ආකාරයෙන් ලියා ඇති නිසා ඒ ගැන සොයන්න ගියේ නෑ. අර කියනව වගේ තමංගෙ බ්ලොග් එකේ ඕන දෙයක් ලියන්න තමංට පුලුවං උනත් සැබෑ ලෝකයේදි මිනිහෙක් අමාරුවෙ දාන්න මේ බොරුවම ප්‍රයෝජනයට ගන්නවනං ඒක අතිශය භයානක කාරණාවක්. මට පේන්නෙ මාරයටත් වෙලා තියෙන්නෙ ඒ වගේ වැඩක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ Praසන්ன මා මාරයාව මුලාවේ දැම්මේ නැහැ. ඔබව මුලාවේ දැම්මෙත් නැහැ. සොයාබලන්න ජලයේ / පොත් පත් වල ; මම කියපු දේවල් ඇත්තද බොරුද කියල.. ප්‍රශ්නේ වුනේ මම නොගිය එක විතරයි. මම මුලින් කියපු විදිහට මට වුවමනා වුනේ (මගේ බ්ලොගේ)චරිතයක් බිහිකිරීම පමණයි...

      Delete
    2. මාරයාට වෙලා තිබෙන්නේ වෙන දෙයක්. මේ ගැන හෙළිදරව්ව ඒ ඔස්සේ සිදු වුනු දෙයක්. :)
      නමුත් ඒක ඔහුට තේරුම් යාවි ... :)
      මේක ටිකක් විතර විකාර ඇති Praසන්ன , මොකද ඒක ප්‍රසිද්ධියේ කියපු දෙයක් නොවෙයි...

      Delete
    3. මෙච්චර හරියක් ඒලියට දාපු ඒකත් කියුවනං දෙන්නා ඒක්කම ඒකතුවෙලා , නැත්තං අපිට අගක් මුලක් හිතාගන්ඩ බැ

      Delete
  21. බුදු සන්තෝ වෙලා තියෙන දේවල්..
    හොඳ වෙලාවට ලිශාන්, රංගි, සයිලන්ට් සහන් සහ අටමා අපේ බ්ලොග් වල වැඩිය කමෙන්ට් කරන්නෙ නෑ ! හෙන්‍රියවත් බ්ලොක් කරලා දාන්ඩ ඕනි !
    නැත්නම් මුන් දවසක අපෙත් රෙදි ගලවනවා !

    ReplyDelete
    Replies
    1. එහෙත් එනවා ඇවිත් යනවා කමෙන්ට් නොකලට , අනේ එන්ඩ එපා කියන්ඩ එපා බං , ඉදිරියටත් කමෙන්ට් නොකර යන්නං

      Delete
    2. විදුරත් මම කිව්ව එකේ හාස්‍යය තේරුම් ගත්තා අටමෝ..ඒත් උඹ ?

      Delete
  22. නුසුදුසු අවස්ථාවේ ඇත්තක් පැවසීම බොරුවක් පවසනවාට වඩා පව්කාරයි . . . ඒ වගේම විදුර පොඩි හෝ බොරුවක් මෙතරම් දුරක් ගෙන යාමත් වැරදි ....

    ReplyDelete
  23. මේ වගේ දේවල වලට වැඩි පැවැත්මක් නෑ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත සුදීක... මම මේ ඔබේ කොමෙන්ටුවකට ප්‍රතිචාරයක් දමන පලවෙනි වතාව.. මගේ කොමෙන්ටුවත් මෙයම කරගන්නම්...
      මේ සම්පූර්ණ සිද්ධි දාමය ගැන කියන්නට ඇති සියලු දේ ඔබේ කෙටි, පැහැදිලි කොමෙන්ටුවෙන් ඉදිරිපත්වෙනවා...

      මට එකතු කරන්නට ඇති එකම දේ... මේ පුද්ගලයා නිර්මාණාත්මක අතථ්‍ය ඉදිරිපත් කිරීමකට එහා ගිහිල්ල , ඒ හරහා තවදුරටත් තථ්‍ය සමාජය රැවටීමකට උත්සාහ කල බව පැහැදිලිව තිබියදීත් [ ඒ ගැන විස්තරාත්මක කරුණු නොදනිතත් මාරයාගේ වචනය ප්‍රමාණවත් ] , අපේ බ්ලොග් පාඨකයින් මේ පුද්ගලයා විසින් කරනු ලබන " මේ කොටස ඇත්ත , මේ කොටස බොරු " වැනි ප්‍රකාශ කිසිදු වග විභාගයකින් තොරව හිස් මුදුනින් පිලි ගැනීම විකාරයක් නොවේද යන වග පමණයි... දැන් සිදුවී ඇත්තේ " අනේ අපේ හංගේරියාවෙ ඉන්න න්‍යෂ්ඨික ඉංජිනේරු මහත්මය ඔය පොටෝ කෑල්ලක් ඉස්සුවට කමක් නෑ මේක ලියන්නැතුව නම් ඉන්න එපා හපෝයි ..." වැනි තත්වයකි..

      මේවා දකින මට අද ලංකාවේ දේශපාලනය සිහි වීමද වැලැක්විය නොහැකියි...

      Delete
  24. අනේ අම්මේ කිලෝමීටරයක් විතර කොමෙන්ට් ,, මං නම් අළුත් ඔවුවා දන්නේ නැහැ ,, ගුගල් ගිහින් මට ඕනේ ෆොටෝ එක හොයන් බ්ලොග් එකේ දානවා ,, නම් ගහන්නේ නම් නැහැ

    ReplyDelete
  25. මාරයෝ.......ඇත්ත ඇති සැටියෙන් එලි දැක්වීම ගැන ස්තූතිය. අන්දන්න ආපු කෙනා දැන් අඬනවානේ. දැන් තවතව අඬවන්නේ නැතුව ඉමු. මාරයෝ "රස්තියාදුකාරයාගේ කතන්දරය" කියලා තව බ්ලොගක් තියෙනවා. මේ දෙක කියවන අය පටලගනියිද?

    විදුර.....මේ ඔක්කොටම මුල තමයි අධික තන්හාව සහ ප්‍රසිද්ධියට ඇති ගිජුකම නිසා ඇතිවන මංපොර මානසිකත්වය. බ්ලොග් ගැන වැඩි තේරුමක් නැති උනාට සමාජය හොඳට අතපත ගාලා තියෙන මිනිහෙක් හැටියට මම කියන්නේ....මේ පුරුදුවලින් ඉවත්වෙන්න.

    ReplyDelete
  26. මාරයා...මෙන්න මේ පෝස්ට් එකට මං කමෙන්ට් එකක් දැම්මා ජූනි මාසයේ... ඒකේ ත්යෙන්නේ මොන්ගෝලියාවේ බල්ගන් ප්‍රදේශයට ගිය ගමනක විස්තරයක්. මගේ කමෙන්ට් එකට ලැබුණ පිළිතුර කියෙව්වාම මට සැකයක් ඇතිඋනා විදුර ඇත්තටම මොන්ගෝලියාවට ගියාද කියලා. මොකද ගෝබි කාන්තාරයේ තියෙන ග්ලැසියරය හරිම ප්‍රසිද්ධයි... ලස්සන තැනක්. ඒත් මං හිතුවා මං දන්නෙ නැති මට යන්ට බැරිඋන බැරිවුන තැනුත් ඇතිනේ කියලා.

    http://vidura-weerasinghe.blogspot.co.uk/2013/06/blog-post.html

    //අදයි මේ පැත්තේ ආවේ..අහම්බෙන්...
    මගෙත් විනෝදාංශය ඇවිදීම...මොන්ගෝලියාවෙත් මාස දෙකක් හිටියා රස්සාවේ වැඩකට ඇවිත්...ගෝබි පලාතේ සුමාන දෙකක් හිටියා... මම හරිම ආසා කරන තැනක්.. ගෝබි ග්ලසියර් බලන්න ගියාද?? ... අමතක වෙන්නැති අත්දැකීමක ලැබුවා...//

    vidura weerasingheSeptember 17, 2013 at 2:36 PM
    හඳුනාගැනීම සතුටක් Kandyan.....

    ඇවිදීම කියන්නේ මනසට ශරීරෙට බොහොම හොඳ දෙයක් දිගටම විනෝදාංශය පවත්වාගන්න.... :)
    ගොබිය කියන්නේ සුන්දර ඒ වුනත් බොහොම නපුරු පළාතක්. උෂ්න කළාපිය කාන්තාරෙකට වැඩිය සිතකලපිය කාන්තාරෙක තිබෙන අවධානම බොහොම වැඩියි.
    //ගෝබි ග්ලසියර් බලන්න ගියාද?? ...//
    මම හිතන්නේ ඔබ ඔය අදහස් කරන්නෙ ගිණිකඳු මුවදොර , උතුරු පළාතට වෙන්න පිහ්ටල තිබෙන. ... එහෙට නම් ගියා.... ගියා කිව්වට ඇත්තටම මම අතරමං වුනා.....

    //අමතක වෙන්නැති අත්දැකීමක ලැබුවා... //
    අනිවාර්යෙන්ම

    ReplyDelete
  27. ෆොටෝ එකක් අරන් තමන්ගේ බ්ලොග් එකේ දැම්මට නම් වැරදි නෑ. ඒත් නොගිය ගමනක් ගියා වගේ ලියන එක නම් අවුල් තමයි. ඒ ගමන තමන් නොගියට ඒ ගැන විස්තරයක් ලියන්න බැරි කමක් නෑ නේ ඕනේම නම්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එහෙම කරන එකෙන් මොනාද ලැබෙන්නේ ,,හිතට හිස් කමක් විතරයි ඉතුරුවෙන්නේ

      Delete
  28. මල්ලි උඹ මේක දිගෑරිය නම්... ඉතුරු ටිකත් කරන එක උඹේ වගකීම... මොකද කම්බ හොරා අතටම අහුවුණාම අනේ බුදු අයියේ මම කම්බාය නම් ගත්ත සරම ගත්තෙ නෑ මයි කියල කිව්වම... ඔව් ඔව් මූ මේ කම්බාය ගත්තු බව පිලිගත්තනෙ සරම නම් සුවර් අරන් නෑ කියන තත්වෙට මේක ඇවිල්ල තියෙන්නෙ දැන්... දැන් කතාව හරියට මූ සත් ගුණවත් කමට තමන්ම ඉදිරිපත් වෙලා මේක පිලිගත්ත වගේ... ඕවට අපි නම් කොල්ලො කාලෙ කියන්නෙ " දැක්කොත් බුවා නැත්නම් එබුව ..." දැන් කාලෙ නම් මොනව කියනවද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ම දන්නෙ නෑ කේස් එක මොකක්ද කියල , කොහොම හරි පොර මාරයව මයින කරන්න හදපු බව පැහැදිලියි.. අපි නිකමට හිතමුකො රාවණා ගෙ සොහොන ගැන හරි මොකක් හරි රාවණා ගැන සාක්ෂියක් පැහැදිලිව ඌ දන්නව වගේ දෙයක් කිව්ව කියල... ඉතින් දැන් මේක න්‍යෂ්ඨික පොරක් නෙ කියන්නෙ , ඉතින් කුතුහලයක් ඇතිවෙන එක සාධාරණයි.. උඹ වගේ තාමත් හෘදය සාක්ෂියක් තියන එකෙකුට අපි මී ජයා එක්ක ගත්තු ෆන් එක ගැන ගිල්ටි ෆීලිං එකක් ඇතිවෙන එක සාධාරණයි... ඒත් මූ පට්ට බේගල් කාරයෙක් නම්... ඒකයි මම කියන්නෙ උඹ මේ කතාව ඉවර කරන්නම ඕන...

      මීට කලිනුත් බ්ලොග් අවකාශෙ මේ වගේ පොරවල් ගැන හෙලි නොකර ඉඳල වෙච්ච හරිය දන්නවනෙ... පාලිත ගෙ කතාව මතක ඇති උඹට... ඒක අවබෝධ වුණේ කීයෙන් කී දෙනාටද... ඒක හින්ද වං වං එපා වංගෙඩිය නම් වංගෙඩිය...

      Delete
    2. බය වෙන්න එපා අයියා මං වංගෙඩිය පෙන්නනවාම තමා.. මං ටිකක් මේ කල් මැරුවේ වෙන දෙයක් හින්දා නෙවෙයි.. මෙහෙම කේස් එහෙකදී එක එක්කෙනා ගමන් කරන මාර්ගය ටිකක් බලන්න සහ අනිත් අයට පෙන්වන්න... මොකද අයියත් දන්නවා මේකේ හිටිය හොරුන්ව එක පාරට එළිකරපු අයට අද සමහර උන් කියන දේ...
      “උඹලගේ ප්‍රශනේ උඹලා විසඳගනිල්ලා“

      ඕක තමා පොදු කතාව... හැබැයි වැරදිලාවත් උන්ගෙන් එහෙකුට කෙල උනානං.. “තොපි මෙච්චර දෙයක් දැන දැනත් අපිට කිව්වේ නැහැ“ කියලා පට්ට යනකල් බනිනවා...

      අයියට උනත් පේනවා ඇති කට්ටිය මේක ඇතුලේ කොයි කොයි අත ගමන් කරනවද කියලා...

      මං වැඩියම කැමති මේ කමෙන්ට් එකේ තියෙන අර දේශපාලන කතාවට... හොරු සහ.. හොරු සුද්ද කරන මිනිස්සු පරම පවිත්‍ර දේශපාලන නායකයින්ව බලාපොරොත්තු වෙනවා.. ඒත් හොරුන්ට එයිට වඩා අමුතු නායකයෝ හම්බ වෙන්නේ නැහැ...

      Delete
    3. @ මාරස්

      මචන් මම දන්නේ පිංතූර වලට වෝර්ටර් මාර්ක් ගහපු සිද්දිය විතරයි... මම මෙතෙක් දැමු සියලු කමෙන්ට් දාලා තියෙන්නේ ඒ තොරතුරු අනුව.. දැන් මේ උඹලා කියන විදිහට මෙතන ඊට වඩා දෙයක් තියෙනවා වගේ නේද ....?

      අන්න ඒ පළහිලව්ව ගැන අපිට නොකියා ඔහොම කමෙන්ට් කරන එක හරි නැහැ නේද මාරයෝ ...? මම දන්නේ නැහැ උඹලා අතර පුද්ගලිකව උනේ " හලෝ මචන් මම මාරයා " ටයිප් එකේ දුරකථන ඇමතුමක්ද කියන්න.. එහෙම නැත්නම් ඊට එහා විදේශ සංචාරයක් ලෑස්ති කිරීමක්ද කියන්න මම දන්නෙත් නැහැ...

      ඔන්න ඕකයි අපේ තත්වේ මාරයෝ...

      කොහොම හරි මම උපන් දා සිට දැකපු දෙයක් තමයි මිනිස්සු ෆන් එකට සෙට් වෙන්නේ හොරෙන්.. හැබැයි කෙලවගත්තම ලෝකෙම හොයන් යනවා තමන්ගේ දුක කියන්න.. ( මගේ මේ කොටස මාරයට කිව්වා නෙවේ..කොක්කට නෙවේ හොඳද ... )

      මම දැනට දැකපු දේවල් වල හැටියට නම් මම දන්නේ විදුර පොටෝ ටිකකට නම ගහගත්තා කියන එක විතරයි... !

      Delete
  29. ඉතින් මොකෝ දන්කොරන්නේ මාත් මේකේ කොමෙන්ට් කලානේ ... පොඩි පුදුමයක් තිබ්බා චෙනොබිල් ප්‍රදේශවලට රහසින් ඇතුළු උනා කිව්වම .. තව නැෂනල් ජෝග්‍රපි " මට්ටමේ චායාරුප සියගනනක් දැම්මා ම ..මං එක ලිපියකදී එකත් කිව්වා .. " මේ ඡායාරුප නැෂනල් ජ්යෝග්‍රපි " මට්ටමේ ඒවා කියලා ..
    හැබැයි කීයටවත් මෙචර දෙයක් හිතුවේ නෑ ... කොටින්ම හොයන්ඩ උවමනාවක් තිබ්බෙත් නෑ ...

    ReplyDelete
  30. මොකට මේ කුණු ඇදගෙන නානවද මන්ද ... ඉඳල හිටලා කොල්ලෙක් සිරාවට බොරුවක් ගෙතුවත් මුන්ට වැරදි.. නිදහසේ බොරුවක් වත් කියන්න අයිතියක් නැද්ද බන් දැන්... මොනවා උනත් ඌ පාවුලෝ කොයියෝ එක්ක එක කෝච්චියේ නිදා ගත්ත කොල්ලෙක් .. පොත් කියවන මිනිස්සු වශයෙන් එහෙම කොල්ලෙක්ට මෙහෙම කරන එකට මම නම් පට්ට විරුද්දයි..

    http://vidura-weerasinghe.blogspot.com/2013/07/blog-post_6.html


    ඇඩම් ජෝසප්

    https://www.google.com/search?tbs=sbi:AMhZZiuT_1bUxp2yf2FROV8ebAhA44unkFRFCog7Wy47UhukwLITKOuEkDvrgjZwcUlWD0SjwjR-zX1pj7RzZFXkE272cglP26BIYYdpBWQAZE-qb_1qar5PKIfUY5_1FEPNQfg9eYOZNhp8op0UACRrkJ4cw1qWlO7LVN9ZPZUJ0i8E3kG9VwRjto9JUqIF3NQwr4tqFLOyU-RYB_1m0hKO8poiGvkbJ3JB9PeYvIkodXyhediepMGXk5wxQRYRiSXbxWvP5Hlle7vEWvsvJmX3Po1Ce_1mlF654RAR1l4ZyhCFWnsARy5bASbx0JdLlERilbewzz0LlzjgP59iIcZLbrEhLhmuriQ4qseCT8dunylMOtmj6ralrbjNdlbiJbKd2UzLuGW8ajBjZcsqtu2G6smUKelMhwTticyuvlBJ4c_1k3qSPB8Quw9L-wzLwUaYy0uMREg-744qoezZ5clZ20aj0haI57uNzggYAvx_1UyMF7oRbZsrBSFvtP-o5zgpKYZA0X4iNO2vLPWxZw7rTnEB-ESTyYee6DI_1rTRevSOmTb9EN071f76BWUmHezNni5d28JfSIEj7Q6W4KCbn9mkQbhsp8d5QGo9Xvcv9YEzEkw9k7GUunEcIXK7fFKu8Dq8dX7-T3smlOGHJtQe282nyt-04Sp9I4ds-ifSUAOqmWlgZC6UlmJSZ-a95jo0zJt50wHtIGqnz6zEhoLYQjyWhtvL9fpJMMSTHiiLZyQhg5g2_1QCi3L48iIr9fkmOdUHrIbnS4dP1o7ejW2CvDa5ephwE9vsPpL6jk06wCRiKc4Bv54Cv_1uPdxFryYJPAShFmtHVJYNZSdBQnirO9rPBZZ4LofEoLS93-MMQ4b2KfxMDrpdf8rCe5JGs2QzOe2lYTPBvPtvp-ccfk9oKY6ndEa84XbndLFkOJqHrYE4wFF9gUt_12gLPWw82nmx49ADMxrEUdwNayfHs0M-PUqZT2qvargH2FiQh3cHAF7z31ir5kW2egnb6IXJSfEMdFvazQdzOzMgnY8diEDR7veqHF7JTjnb9mg31sMjxLxi2buWzNH78tb0u_1A6SewycncKo06rUuYpOrvLQR04Q2kHXpQbF-K4Lm6HPrl-lfDKqzfC9w65ZJ5HRd0jeuDSRcntzt3hPJPknB5Xd7WEzrzNiquZtQlbg6DAmiXhH92a8ros4E2q0pLnHKPU64ukPwns57OLVvfD2xOQ0VMWmBybEJkVuTyd9UUmXPkVZGnTmesF5JCbhezRcNoTaD9T3c6BZeQjJEAPFG2DnKSBqvVcuSuLFqcJv5TZu4_18w

    මිනිස්සුන්ගේ නිර්මාණශීලි චින්තනය මොට වෙනවනේ බන්... නිදහසේ බොරුවක් වත් කියන්න බැරි වුණා ම..

    ReplyDelete
  31. මම සමහර බ්ලොග් පෝස්ට් ලියන්න පුදුමාකාර මහන්සියක් වෙලා තියෙනවා. නමුත් මේ මම ලියන්න යන්නේ මම අමාරුවෙන්ම ලියපු කමෙන්ට් එක.

    මාරයගේ FB notification එක දැකපු වෙලේ ඉඳලා පැය ගණනාවක් ගත වෙලත් මට තවම හිතාගන්න අමාරුයි මට කියන්න ඕනෙ මොනවද, ඒ දේ කියන්නේ කොහොමද කියලා.

    මටත් අහන්න ඕනේ විදුරගෙන් DDT අහපු ප්‍රශ්ණෙමයි. ඇයි විදුර උඹ මේවගේ වැඩක් කලේ?

    පුස්තකාලෙකට ගියොත් වැඩිහරියක් තියෙන්නේ ප්‍රබන්ධ බව ඇත්තයි, නමුත් ඒවා වර්ග කරලා තියෙන්නේ ප්‍රබන්ධ හැටියටයි. ඒ නිසා ඒවාගේ විශ්වසනීයභාවය ගැනගැටලුවක් ඇත්තෙම නැති තරම්.

    කතන්දරත් කියලා තිබ්බා වගේ උඹට මේක පටන් ගන්න තිබ්බේ ප්‍රබන්ධයක් බවට අපිට කියලා.

    මගේ හිතේ තියෙන්නේ කියාගන්න බැරි තරම් වේදනාවක්. ඒ වෙන මොකුත් නෙවෙයි. මම ඇතුලු අපි ඔක්කොම නිකම් ‍රැවටිල්ලකට අහුවුනා නේද කියන වේදනාව.

    බ්ලොග් ලෝකේ අපි එක එක මට්ටමින් virtual බව උඹ දන්නවා ඇති, මම ගැන කිව්වොත්, මගේ බ්ලොග්වෝකර් කියන කොටස සහ ඩූඩ් කියන nickname එක හැරුණු කොට මම හැංගිලා ඉන්න පුද්ගලයෙක් නෙවෙයි. හෙන්රි කියන්නේ මගේ නියම නම, ඕනෙ නම් කෙනෙකුට මාව ට්‍රැක් කරන්න අමාරු නැත්තේ මම තොරතුරු හංගන්න ඒ හැටි වෙහෙසක් නොගන්න නිසයි. මම ඇත්තෙන්ම ඉන්න පුද්ගලයෙක් බව උඹලට දැනගන්න පුලුවන් මම බ්ලොග් එකේ දාන මගේම ඡායාරූප වලින්. ඒ වගේම බ්ලොග් ලෝකෙම හිතවතුන් ගණනාවක් මාව දැකලා මුණ ගැහිලා ආශ්‍රය කරලාත් තියෙනවා.
    වෙනී, පන්සල් හන්දිය, ගෝල්ඩ්‍ෆිෂ්, නවමා, ඕනයා, කම්මල, අටමා, හංසකිංකිණි, අකමා, නලීන් දිල්රුක්ෂ ඉන් සමහරක්. මම නම නොකියන එක් බ්ලොග් කරුවෙක් මගෙන් පෞද්ගලිකව ඉගෙනගෙනත් තියෙනවා. මම ඇත්තම පුද්ගලයෙක්ද කියලා මේ අය ඔන්නම් කියාවි. :)

    ඊ ලඟට තමන් කැමති ප්‍රමානයකට අනන්‍යතාවය හෙලි කරන්න ඕනෙ කෙනෙකුට නිදහස තියෙනවා. සමහරු සම්පූර්ණයෙන්ම සැඟවිලා ඉන්නවා. සමහරු අතර මැද අවස්තාවල ඉන්නවා.

    නමුත් මේ කොයි කවුරුත් අතර ඇති එක දෙයක් තමයි අපි ගොඩනගන්නා විශ්වාසනීය භාවය. මේක අපි සැඟවී සිටින ප්‍රමාණය ඉක්මවා ගිය එකක්. විවෘත ප්‍රොෆයිල් එකකින් ඉන්න වෙනී ඇත්තෙන්ම මගේ පවුලේ හිතවතෙක් කියන්න පුලුවන්. අපි හැම නිවාඩුවකදිම වගේ මුණගැහිලා තියෙනවා.

    අකුරු තුනක් පිටිපස්සේ ඉන්න බ්ලොග් නොලියන නමුත් කමෙන්ට් කරන DDTයා, මට කිසිදා මුණ නොගැහුන කෙනෙක් වුනත්, තනිකරම වර්චුවල් චරිතයක් වුනත්, මගේ හදවතට සමීප චරිතයක්. ඇත්තෙන්ම ඒකා විශාල උණුසුම් හදවතක් තියෙන චරිතයක් බවට මම විශ්වාස කරනවා.

    දැන් ඔය මම කියන වෙනියා සහ DDT ගත්තොත්, උන් දෙන්නා සැඟවී සිටින ප්‍රමාණය ඒ විශ්වාසනීයභාවයට කිසිම බලපෑමක් ඇති කරලා නෑ.

    මම කියන්න තටමන්නේ, අන්න ඒ විශ්වාසනීයභාවය නැති වීම නිසා ඇතිවෙන සිත් වේදනාවේ තරමයි.

    ඉතිං බං විදුර ඇයි උඹ එහෙම දෙයක් කලේ.

    හොඳ පැත්ත ගැන බැලුවොත්, උඹ හොඳ ලියන්නෙක්. ඒක නෑයි කියන්න බෑ. ඉතින් උඹේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන අපි එකටම මේ ගමන යමු. උඹව අගය කරපු කටින්ම උඹට බනින්න මගේ දිව නැවෙන්නේ නෑ බං. මේ සිද්දිය නිසා උඹේ හැකියාවට මියෑදෙන්න දෙන්න එපා.

    අනිත් හොඳ දේ තමයි, මාරයා මොනවගේ තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්ද (මාරයා පිටිපස්සේ ඉන්නවයි කියන දෙන්නත් එක්ක) ඒ වගේම DDT මොනවගේ හිතක් තියෙන කොල්ලෙක්ද කියන එකත් අපිට මේ එක්කම තවදුරටත් වටහාගන්න ලැබුනා.

    ප ලි: ඒ එක්කම බං මාරේ, මම උඹ හිතුවා වගේ භාෂා විශාරදයෙක් නෙවෙයි කොහොමටවත්. නිකම්ම නිකං ඉංගිරිස් ගුරෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම එකඟයි හෙන්රි මේ කමෙන්ටුවට.

      Delete
    2. හෙන්රි ඔය මේකට රිප්ලයි එකක් දානකම් මම බලාගෙන හිටියේ.... මට නොකියවුණ එත් හරියටම කියන්න ඕන දේ ඔය කියලා තියෙනවා

      Delete
  32. විදුර උඹ නිර්මාණශීලියි,දක්ෂයි ඒත් පුතේ උඹේ බ්ලොගේ කමෙන්ට්ස් වලට උත්තර දෙන කොටවත් අවංක වුනා නම් මෙහෙම රෙදි ගැල වෙන්නේ නැහැ.
    කට්ටිය විදුරගේ බ්ලොගේ දාල තියන කමෙන්ට්ස් බැලුවම වර්ගපුර්නිකාවේ රාවනා කතා ඇත්ත කියල ඔප්පු කරන්නත් එච්චර ගේමක් දෙන්න ඕනි නැහැ වගේ :- )

    ReplyDelete