26 October 2013

සදාචාරය පැත්තකට දාලා... මෙන්න තොරණේ විස්තරේ...


හරි මෙන්න කතාව...

මේක ගෙඩිය පිටින් එළියට නොදා හිටිය එකට මට හේතු කිහිපයක් තිබුනා...

1-පට්ටපල් බොරුවක් උනත් සීයට බින්දුවයි දසම බින්දුවයි එහෙක හරි ඇත්තක් මේකේ තිබුනොත් මං කරන්නේ ලොකු අපරාදයක් වීම...

2- ආවට ගියාට මට එවාපු මේලයක් ප්‍රසිද්ධියේ දැමීම සදාචාරයට හොඳ මදි වීම...

3- මේක එව්වේ පට්ටපල් බොරුකාරයෙක්ය කියලා ටක්කෙටම කියන්න ඒ වෙද්දී පුළුවන්කමක් නොතිබීම...

ඒත්... මේ වෙද්දී ඒ ගැටළු අමතක කරන්න තරං මටත් හේතු තියෙනවා...
1- කලින් පෝස්ට් එක දැම්මට පස්සේ මේක එවපු කෙනා විසින්ම තමුන් කිසිම තැනක නොගිහින් ගියා වගේ ලිව්වාය  කියලා ප්‍රසිද්ධියේ පිළි ගැනීම... ඒ හරහා මෙම මේලයේ ඇති ගමනද ඔහුගේ හිතළුවක් ඇර වෙන යමක් නොවන බව තහවුරු වීම...


සමහරක් තැන් පුටුව උඩ ඉඳගෙන තමයි WMK , ඇත්තටම එහෙම වුනත් මම කියපු කරුණු සම්පුර්ණ ඇත්ත. අවිස්වාසයක් ඇතිකරගන්න එපා මම ඔබව බොරුවෙන් මුලා කළා කියල(ඔබ එය කියෙව්වා නම්) , මම මගේ බ්ලොගේ ඉදිරිපත් කරපු කරුණු සේරම ඇත්ත.ඒවා මේ ලෝකේ තවමත් ජනතාව අතර පවතින එව්ව. ප්‍රශ්නේ තිබුනේ මම එහෙ නොගිය එක විතරයි...

//ඇත්තටම කිව්වොත් අපූර්වත්වයක් තිබුන බ්ලොග් එකක්... ඒත් බොරුව මත පදනම් උන...//
බොරුව කිව්වේ ඇතුලත් කරුණු නොවෙයි මාරය. ඔබ පොත් පත් වල සොයාබලන්න මම කියපු දේවල් කොච්චර සත්‍යද කියල. ප්‍රශ්නේ වුනේ මම ගියේ නැති එක විතරයි...
මම කාවවත් දැනුමෙන් මුලා කළේ නැහැ !//


2- මං එහෙම නොකලත් කලින් දැම්ම ලිපියට උත්තරයක් හැටියට අදාල පුද්ගලයා විසින්ම තමාට තවෙකෙකු (DDT) එවනු ලැබූ මේලයක් කිසිම ඇහැල්ලකින් බැලිල්ලකින් තොරව ප්‍රසිද්ධ කිරීම නිසා අදාල මේලය එවූ අය (DDT) විසින් මං මේ මේලය ප්‍රසිද්ධ කිරීමේ ඇති වරද ගැන අසා තිබුනද.. එයට පිළිතුරක් බ්ලොගය හිමිකරුවා විසින් පැහැදිලිව දී නොතිබීම... හා මෙය නොදැමීම මේ වන විට අන්ද මන්ද වි සිටින පාඨකයින්ට කරනා අසාධාරණයක් විම... (මේලය එවූ කෙනාට සාධාරණයක්ද නැද්ද කියලා දැන් හොයන එකේ තේරුමක් නැහැ)

3- මේල් එක කියවලා බලලා... මේ වෙනකල් මං දාපු පෝස්ටුවට හා කමෙන්ට් ටිකත්.. ඔහු දාපු පෝස්ටුව හා කමෙන්ට් ටිකත් කියවපුවාම මං හිතන්නේ මේකට උත්තර ලැබෙයි... උදාහරණයක් හැටියට මං මේක විතරක් පෙන්වන්නම්.. මේ මේලයේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්..

//උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල (මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග)//


මම ඔහු තැන තැන යනවා කියලා දැනගත්තේ ඔහුගේ බ්ලොගයෙන් වගේම.. ඔහුගේ මේ ඉහතින් දක්වා ඇති කමෙන්ට් එකෙන් දැන ගත්තේ ඔහු එහෙම ඇවිදලා නැහැ කියලා.. ඉතිං මේ කියන ගමන කොහොම ඇත්තක් වෙන්නද..?

ඉතිං ඒ නිසා මේ වෙද්දී මට මේ මේලය පල කරන්න බැරි තරමේ අවුලක් පේන්නේ නැහැ... ඒ වගේමයි මං බලාපොරොත්තු උනා පලමු පෝස්ටුවෙන් පසුව කාරණා දෙකක් වෙයි කියලා.. එකක් තමා විදුර තව දුරටත් බොරු නොකර ඇත්තම කියලා සමාව ඉල්ලීම හා අනිත් අයටත් හෙලි කිරීම තමන් කල වරද ගැන.. 

අනික තමා තව දුරටත් තමා වැරදි නැති බව කියමින් දගලන්නේ නැතිව අඩුම ගානේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගනිමින් සිටීම.. නමුත් ඒ දෙකම සිද්ධ උනේ නැහැ... දිගින් දිගටම මට වරදක් කලේ නැහැ කියන කතාව කියනා ගමන් තව දුරටත් මේ මේලය ඇත්තක් යැයි මට හගිස්සවන්නට කමෙන්ට් කර කර හිටිය එක විතරයි කලේ...

අවසාන වශයෙන් මේ මේලය කියවද්දී ඔබට වැටහෙන්න ඕන මුලින් කියන්නේ මගෙන් උපදෙස් වගයක් ගන්න ඕන හින්දා මේක මට කියනවා කියන මුත් ඔහුට උවමනා කිසිම උපදේශයක් ගැන අවසානය වන විට කිසිදු සදහනක් හෝ නැති අතර මේක කියවලා විස්වාස කරනවනං තව තවත් ඔහුගේ සුරංගනා කතාව ඇසීමට මා හට කරන ආරාධනයක් පමණක්ය යන වග... තව ඉතිං මෙහි ඇති අභව්‍ය තැන් ගැන සිතා ගැන්ම ඔබ සියළු දෙනාට බාරයි...

ඉතිං තව දුරටත් වැල් වටාරං උවමනා නැහැ.. මෙන්න පාඨකයින් හට ඇති අයිතියට ඉඩ දෙමින් අදාල මේලය...

X අකුරුවලින් යොදා ඇති කොටස පමණක් මා විසින් සංස්කරණය කර ඇත.. එහි ඇත්තේ තවත් අපගේ බ්ලොග් කරුවකු ගැනයි.. ඔහු මෙයට අදාල නොවන නිසා ඉවත් කර ඇත.
------------------------

විකාරරූපී සිදුවීමක් සම්බන්ධයෙන්...


ඉතින් මාරය මම උඹව මිට ටික කාලෙකට කලින් තමයි දැනගෙන හිටිය... 

ඒත් මම දැනට මාස කීපෙකට  කලින් තමයි "මාරයාගේ හෝරාව" කියවන්න පටන් ගත්තෙත්. මේකයි මාරය මම මේ කියන කතාව උඹ කොයිතරම් දුරට විස්වාස කරයිද මන්ද...  එත් විස්වාස කරනවා නම් බොක්කෙන්ම විස්සාස කරපං...
මොකද මේ සිද්ධිය ගැන කියන්න වෙන මම දන්න කෙනෙක් නැහැ...

උඹ ගැන මම මිටකලින් පොඩි විමසීමක් (ඊ මේලය ලබාගන්න) කළාXXXX XX ලියන XXX ගෙන්. ඉතින් මම දැන් උඹට කියන්න යන කතාව තරමක් දුරට XXX දන්නව.ඒ ඇර මගේ බිරිඳ විතරයි මේක ගැන දන්නෙ.ඒ වගේම මමත් විස්වාස කරනවා උඹ මේ සිද්ධිය ගැන රහසිගතභාවය ආරක්ෂා කරයි කියල... මම උඹව මේ විදිහට මුණගැහෙන්න හිතුවෙත් මේ සිද්ධිය ගැන මට තිබෙන විකාර රූපී ගතිය ගැන පොඩි උපදේශයක් ලබාගන්න.....


ඒක පටන් ගත්තේ මෙහෙමයි.

උඹ දන්නවනෙ මම තැන් තැන් වල ඇවිදිනව කියල(මම දැක්ක උඹ  මගේ බ්ලොගිය කියවල තිබුන වග).ඉතින් මාරය මම හිතන්නේ ඒ සිද්ධිය සිදුවුනේ 2011 වෙන්න ඕනේ.
මම  වෘත්තියෙන් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, වැඩ කරන්නෙ සෝවියට් සංගමේට. ඉතින් සෝවියට් සංගමයේ උපකාර වලින් ආරම්භ කරන බලාගාර අවුල් වුනාම එව්ව හදන්න ඒ රටවල් වලට අපිට යන්න සිදුවෙනව.ඒත් ඒක මම තැන් තැන් වල ඇවිදින එකට අදාල දෙයක් නෙවෙයි.මොකද ඇවිදින වැඩේ මම පිලිවලට සැලසුමක් ඇතිව කරන දෙයක්.

ඉතින් මම දවසක් ගියා ඉන්දියාවේ කුඩන්කුලම් කියන පලාතට ඒ බලාගාරේ යුරේනියම් ලීක් එකක් වෙලා ඒක නවත්තන්න හිටපු අයට උදව් දෙන්න.ඒ වුනත් මම යනකොට ඒ අය ගානට වැඩේ කරලා වැඩේ ගොඩදාගෙන තිබුන,
ඉතින් මට ඒ වෙනකොට කරන්න වැඩක් නොතිබුණ නිසාත් මම හිතුව මගේ බොහොම  හිතවත් හිමිනමක් විසුව  පන්සලක් පිහිටලා තිබුණු හිමාචල් ප්‍රන්තේ පැත්තට යන්න. ඉතින් ඒ පන්සලට ගියාම මට තව හිමිනමක් හම්බ මුණගැහුන.එතුමාගේ නම මම දන්නේ නැතිවුනත් එතුමා බ්‍රහ්මවංසෝ කියන පරම්පරාවේ හිමිනමක්. ඉතින් කලින් සඳහන් කරපු හිමිනම මාව බොහොම හොඳින් අඳුරන නිසාත් , මම සිංහල නිසාත් දෙවෙනි හිමිනම මට හිමාලය වැටියේ එක තැනක පිහිටලා තිබුණු පුජාවක් නරබන්න යන්න කතා කළා. ඒත් මම/ලෝකයා  ඒ පුජාව ගැන දැනගෙන හිටියේ නැහැ මාරය.ඒක ඒ තරම්ම රහසිගතයි!

ඉතින් සති දෙකක් ඇතුලත පුජාභාන්ඩ එකතු කරගෙන අපි හිමාලය වැටියට පිටත් වුනා.
ඒ පුජාව පැවැත්වුවේ  හිමාලය කඳුවැටි දුර්ගයක පොලෝ මට්ටමෙන් මීටර් 3000 ක් විතර උසින් පිහිටලා , කන්ද හාරල නිමකරපු එක්තරා භූගත පන්සලක් ඇතුලත. ඒ පන්සලේ හිටපු සේරම නේපාල , භුතාන , රුසියානු (දකුණු) , මැලේසියානු , සිංහල හිමිවරු.ඔවුන්ගේ ඉගැන්වීම් ශැවොලින් නිකායික  ස්වරුපෙකට ආසන්න සම්ප්‍රදායක් මත පිහිටලා තිබුන එකක්.ඒ වගේම ඔවුන්ගෙන් සමහරක් යම් ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත් උදවියක්.මොකද අපි හිමාලය නගිද්දී එක් තැනක මම සිතියමක් දිගෑරගෙන  අපි හිටපු තැන ගැන පොඩි සංසන්දනයක් කළා.එතැනදී මගේ අතේ තිබුන ඩිජිටල් මාලිමාව මගේ අතින් වැටිල තියෙනව.  පන්සල ඇතුලට  ගිහින් ඉවරවුනායින් පස්සෙ ඔවුන් අගන්තුකයාගේ සේරම බඩු භාණ්ඩ ඔවුන් සන්තකේට ගන්නව.මොකද ඒ පන්සල ගැන කිසිම සාක්ෂියක් ඔවුන් පිටවෙනවට විරුද්ධ නිසා.ඒ වගේම ඔවුන් භාහිර සමාජෙන් වසන් වෙලා ඉන්න නිසා.ඉතින් ඒ වෙලාවේ  මගේ බඩු භාණ්ඩ බාරගත්තු හිමිනම මට කිව්ව, "පුතා ඔබ ඔබේ ඉලක්කන් වැටෙන  මාලිමාව නැතිකරගෙන කියල".. ඇත්තටම මම පුදුම වුනා. ඒ වගේම බය වුනා මාරය...

දීර්ඝ සාකච්ඡා කීපයක් අතරෙ ඔවුන් මට කිව්ව විදිහට ඔවුන් හිත දියුණු කරන්නෙ භාවනාවෙන් නෙවේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි අතහැරීමෙන්.ඒක තමයි බුදුන් වහන්සේ අනුගමනය කරපු නියම මැදුම් පිලිවත(ඔවුන් කියපු විදිහට මමත් දැකපු විදිහට).ඔවුන් මටත් ඒ ක්‍රමය පුරුදු කළා මාරය.එත් ඉතින් මම එච්චර සමතෙක් නෙවෙයි.මොකද මම ඒක පස්සෙ කළේ නැහැ.ඒ තරමටම ඒක අපහසු දෙයක්.

ඉතින් පුජාවටත් පටන් ගත්ත. මම මුලින් හිතුවේ ඒ බුදුහාමුදුරුවන්ට කරන පුජාවක් කියල. ඒත් ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒ පුජාව කරන්නෙ විශේෂ කුටියක මුද්‍රා විවෘත කරන වෙලාවට.ඒ කුටියේ තිබුනේ අපේ රටේ ඉස්සරම හිටිය රාවණා රජු පාවිච්චි කරපු පුස්තකාලය.

පන්සලේ හිටපු සිංහල හාමුදුරුවරු කියපු විදිහට රාවණා පැරදුනාට පසු ඒවා ආරක්ෂා සහිතව ලංකාවෙන් හිමාලයට රහසේ ගෙනාපු එව්ව.ඒවා කලින් තිබිල තියෙන්නෙ ලාමා හිමිවරු අතේ.නමුත් පසු කාලෙක ඒ පොත් වල ආරක්ෂාවට ප්‍රශ්නයක් වුනු නිසා එව්ව මේ විදිහට තැන්පත් කරලා තිබෙනව. හැම අවුරුදු තිහකටම සැරයක් මේ කුටි විවෘත කරන්නෙ පොත් පත් පරික්ෂා කරලා ඒවා සංරක්ෂණය කරන්න.

ඉතින් මටත් විනාඩි විස්සක විතර කාලයක් නායක හාමුදුරුවන්ගෙන් ලැබුන පොත්පත් අල්ලල බලන්න.ඒවා බහුතරේක පිටකවර රත්තරන් ආලේපිත එව්ව. ලියල තිබුන භාෂාව මම ජීවිතේට දැකල තිබුන එකක් නෙවෙයි. ඒ වගේම එව්ව ලියල තිබුනේ සංස්කෘත වලිනුත් නෙවෙයි. 
මම බලපු සමහරක් පොත් තාක්ෂණික කරුණු තිබුන එව්ව.සමහරක් පොත් යම් සංස්කෘතික (කවි මගේ හිතේ) දේවල් තිබුණු පොත්. තාක්ෂණික කරුණු තිබුන පොත් වල තිබුන පින්තුර මට අදහගන්නත් බැරිවුනා මාරය.  අපි මේ බටහිර ලෝකෙට සාපේක්ෂව දකින එව්ව මෙව්වා මොනවද කියල හිතුන ඒව දැක්කහම....

ඉතින් මට හාමුදුරුවරු කියපු විදිහට ඉස්සර මේ පොත් ගෙනාපු අලුතම  ඉදිරිය දැකපු හාමුදුරුවරුන්ගේ යෝජනා අනුව පොත් ලියවිලා තියෙනව මේ කරුණු වර්තමාන ලෝකයෙන් වසන් කරන්න.අපි හොඳටම දන්න භගවත් ගීතාව (රාමායනය ඇර) වගේ ග්‍රන්ථ ඉදිරි ලෝකයෙන් පෙර ලෝකයේ තාක්ෂණික කරුණු වසන් කරන්න ලියවුනු එව්ව. :) ඒත් ඒවා බොහොම සුක්ෂම ග්‍රන්ථ , මොකද ඒවගෙන් ඉතිහාසය ගැන ඇත්ත හෙළිකරන අතරෙ , තාක්ෂනය වගේ එව්ව ගැන පොඩි පොඩි බොරු කියනව.
අපි දන්න විමාන නෙවෙයි ඒවා. නියම විමාන වල පින්තුර ඕනේ නම් මම කියවපු පොත් දකින්න වෙනව...

ඉතින් තව ගොඩක් දේවල් මම ඒ හාමුදුරුවරුන්ගෙන් දැනගත්ත. උඹ උනන්දු නම් මම කියන්නම්..

මම උඹව මුලින්ම දැක්කෙ , මීවනපලානේ ජයරත්න ලියපු "වරිගපුර්නිකාව" බ්ලොග් එකේ. මම දන්නේ නැහැ ඒවගේ ලියල තියෙන ඒවා ගැන නං,, ඒ වගේම මීවනපලානේ ජයරත්න ගැන.එයාගේ කතා ගැන...
එත් ඉතින් මම හිතුව උඹ නාලන්දාවේ සහෝදරයෙක් නිසා උම්බට මේක ගැන කියන්න...

මම ගැන වැරදියට හිතන්න එපා මාරය ,, මට වරිග පුර්නිකාව බ්ලොග් එකේ ලියපුවා ජෝක් එකක්ද එහෙමත් නැත්තන් ඇත්තද කියල අඳුරගන්න බෑ.. :) ඒකයි මම අරෙහෙම කිව්වේ...

හැබැයි මම එක දෙයක් දන්නව ,,, මම ගිය පන්සලේ හාමුදුරුවරු එව්ව පන නහගෙන ආරක්ෂා කරන්නෙ වෙන දෙකට නෙවේ. අපහු ඒවා රවනාටම දෙන්න !    :)

උඹට ජය!
---------------------
උපුටා ගැනීම අවසානයි...

දැන් ඉතිං මේක කියවලා ඉවර වෙද්දී මං මොන වගේ තත්වයකට පත් වෙන්න ඕනද..? පහු ගිය කාලේ මීවන පලානේ ජයරත්නයන් විසින් කල “වර්ගපූර්ණිකාව“ බ්ලොගයට හැකි සෑම අයුරකින්ම සහය දක්වමින්.. කවුරුවත්ම හරියට නොදන්නා එහෙත් උඩදාගෙන මාකට් කරපු රාවණා රැල්ල උපහාසයට ලක් කල මට.. මෙහෙම එකක් ඇත්ත නම් කියන සිතිවිල්ල ආවම මං කල ක්‍රියාව ගැන පසුතැවිමක් එන්න බැරිද..?

කල වරද හරිගස්සන්න බැරි උනත් තියෙන හැම දෙයක්ම පැත්තක දාලා ඉන්දියාවට ගිහින් මේ කාරණාව ගැන හොයන්න යන්න මං වගේ (සයිබීරියාව හරහා අර විදියට යන්න බැරි උනත්.. ඔහේ මොකාද වගේ ඇවිදින) එහෙකුට නොහිතෙයිද..?

වැරදිලාවත් එහෙම වෙලා මං ඒ තීරනේ ක්‍රියාත්මක කලානං.. (ඇත්තටම මං ඒ තීරනේ අරං හිටියා පැය බාගයක් වගේ වෙලාවකට.. යාළුවෝ දෙන්නා නොහිටියනං) මොන මගුලක් වෙයිද..? ඒ හැම දෙයක්ම මං විස්වාස කරන්න ගියේ බ්ලොගය ඇත්ත බව හිතුව නිසා උනත් මොහොතකින් එය පරික්ෂා කරන්න හිතුනේ නැත්තං හෙම...????????????

එපමණයි... 

124 comments:

  1. හයියෝ සල්ලි...
    නිකම් කොයිල් වගේ මේක කියවල.. තොරණක් බලන්න කියල ආවේ..

    ReplyDelete
    Replies
    1. අඩේ අද මම එක නේද?? ශා මාර දවසක්නේ!!

      Delete
    2. අංක 01 උණ කාරයෝ මෙහෙත් ඉන්වද බොල.

      Delete
  2. එල...

    මේ න්‍යෂ්ඨික ඉංජිනේරුව දන්නෙ නෑ 2011 වෙනකොට සෝවියට් සංගමේ කියල දෙයක් ලොවෙත් නැති වෙලා අවුරුදු 20ක් වෙනව කියල..

    ReplyDelete
    Replies
    1. ""මේ න්‍යෂ්ඨික ඉංජිනේරුව දන්නෙ නෑ 2011 වෙනකොට සෝවියට් සංගමේ කියල දෙයක් ලොවෙත් නැති වෙලා අවුරුදු 20ක් වෙනව කියල..""

      ඇයි ඔය කතාව මාරයගෙන් අහන්නේ නැත්තේ..? ඔය පුංචි කෑල්ලම ඇති විදුර කියන්නේ බොරුවක් කියලා තේරෙන්න :D

      "කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා තමයි අපිටනම් උගන්නලා තියෙන්නේ.

      මෙතන මාරයනේ ඇදගෙන තියෙන්නේ. මාරයා, විදුර දීපු ගවුම ඇද ගත්තු එකට අපි මොනවා කරන්නද..? :D

      Delete
    2. මාරයා වගේ දේශපාලනේ ගැන සැහෙන උන්දුවක් දක්වන මනුස්සයෙක්ට ඕක මඟ ඇරුණේ මොකද මන්ද ? අනික තමිල්නාඩුවෙ බලාගරයක් බලන්න ගිය ගමන් (2011දි කුන්ඩලම් වල ර්යැක්ටර්ස් වැඩ කරන්න පටන් අරන් තිබුනදත් මන්ද ) හැතපුම් දාස් ගාණක් ගෙවන් හිමාචල් යනවා කියන එක වුනත් ඇති පොඩ්ඩක් ඉන්දියාවෙ මැප් එක මතක නම්

      Delete
    3. ඉන්දියාවේ කූඩකුලම් සහ හිමාචල් තියෙන්නේ කොන් දෙකක. ගූගල් මැප්ස් වලට අනුව වාහනයකින් පැය 48ක දුරක්.

      කූඩකුලම් සහ හිමාචල්

      අනිත් කාරණේ, මන් දන්න තරමට තාම න්‍යශ්ඨික බලාගාරය හදාගෙන යනවා. අනිත් අතට ඉන්දියාවේ වැඩකට කවද්ද සෝවියට් සංගමයට කතා කළේ..?

      Delete
    4. තනිකර සෙප්පඩ විජ්ජාවක්....නිමාවක් නැති බොරු ගංගාවක්....පිස්සුද කොහෙද මේ ශුක්‍රානුවාට.

      Delete
    5. @ මාලන්,
      //මෙතන මාරයනේ ඇදගෙන තියෙන්නේ. මාරයා, විදුර දීපු ගවුම ඇද ගත්තු එකට අපි මොනවා කරන්නද..? :D//
      මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි. මුලින්ම විදුර දීපු ලණු ටික කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාගෙන කාගෙන ගිහිල්ලා දැන් දිරවගන්න බැරුව හූල්ලනවා. ඒ මදිවට තමන් රැවටුන බව තමන්ගෙ අන්ධ අනුගාමික සෙට් එකටත් කියලා උන් ලවා කමෙන්ට් වලින් අර කියපු මෑන්ස්ගෙ පතුරු ඇරලා දැන් මෙතන ආතල් එකක් ගන්නවා.
      අන්ධ අනුගාමික සෙට් එකත් “අහෝ මාරයා තුමාත් රැවටිලා. මෙතුමව රවට්ටපු එකාව තියන්න වටින්නේ නෑ” කියලා හිතාගෙන උඩ පැන පැන පොරටෝක් දෙනවා.. හයියෝඕඕඕ... සල්ලි....

      Delete
  3. "මම වෘත්තියෙන් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, වැඩ කරන්නෙ සෝවියට් සංගමේට. "

    ඔක්කොටම කලින් මට කියහන් මාරයා අපි ඉපදෙන්ඩ කලින් හරි A/L 25 වතාවක් විතර කරලා කැම්පස් යන්ඩ පුලුවන් කාලයක් තිබ්බද ?

    අනේ මේ උබ නිකං හරි සෝවියට් සංගමෙට මේල් එකක් දාහන් , චර්නොබිල් පිපිරුවා ව්ගේ තව එකක් පුපුරයි මේ වගේ උත්තමයෝ ඉන්නකොට.


    ReplyDelete
  4. කුන්දම්කුලම් බලාගාරේ තියෙන්නේ කොහෙද හිමාචල් ප්‍රාන්තේ තියෙන්නේ කොහෙද .අහසයි පොලවයි වගේනේ බං...

    මට හිතාගන්න බැරි කාලය කන්න මේ වගේ මේල් කොටන එව්වොත් ඉන්නවද කියලා...අපරාදේ මේකත් උගේ බ්ලොගේ පොස්ට් එකක් විදිහට් දාන්න තිබ්බේ....ෆොටෝ නම් ඉතින් අර මොකක්ද ලෙන්ස් ඒකෙන් ගනිපුවා ඇතිනේ....හික්..හික්...

    ReplyDelete
  5. මටත් යන්න හිතෙනෝ...
    කියන්න බෑ ඇත්තද දන්නෑනේ... :/

    ReplyDelete
  6. දෙය්යෝ සාක්කි! කොලුවාට විකිරණ මොලේටම වැදිලා වගේ. මේ වගේ න්‍යෂ්ටික ඉංජිනේරුවරු සිරි ලංකාවේ ඉන්න බව අමතක කරලා මී ජයාගේ වර්ගපූර්නිකාව නග්ගපු උඹත් මේකාට වෙච්චි දේට සම්පුර්ණයෙන් වගකියන්න ඕනි මාරේ.

    ReplyDelete
  7. පොට්ට හැරි ගේ වගේ කතන්දර ටිකක් ගොතලා පොත් මාලාවක් පටන් ගත්තනම් සෑහෙන්න දියුණු වෙන්න තිබ්බා මෙයාට. එතෝට ඒවයෙන් චිත්තරපට හදලා ඒවා සිනමාවෙ දුවන දුවන ගානෙ ශල්ලීඊඊඊ!!!!!!

    ReplyDelete
  8. චක්‍රවර්ති සිල්වා උන්නැහැ, රයිඩර් හැගාඩ්ගෙනුත් කොපි නොකර ලිව්වය කිව්වට හපන් මචං විදුර උඹ. උඹ කරන්න තිබුනෙ අද්භූත කතා ලියන්න පටන් ගන්න එක. උඹට ගජ පෝසතෙක් වෙන්න තිබුනා. උඹ ඇත්තටම හොඳට ලියනවනේ.

    ඒ වගේම පේන හැටියට උඹ අහුවෙන අහුවෙන පැත්තට ඇම විසිකරන්නෙ නැතුව මාළුව තෝරලම ඇම දාල තියෙනව.

    මුලින් පෙණුනු හැටියට මේක නිකන් අහිංසක බොරුවක් විතරයි. ඒක මට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කාටවත් වෙන ලොකු හානියක් නැති නිසා ඒක වැඩිය ගනන් ගන්න දෙයක් කියල මම හිතුවෙ නෑ. දැන් කතන්දරේ ඊට එහා යනව, ඒත් මේ තාලෙන් උඹ මොන මඟුලක් කරන්න ගියාද කියල මම මේ තාම හිතනව.

    සම්පූර්ණයෙන්ම නොදන්න පුද්ගලයෙක් ලියන බ්ලොග් එකක් කියවල කමෙන්ට් කිරීම, ඒකෙ අන්තර්ගතය විශ්වාස කිරීම නොකිරීම එක දෙයක්. ඒත් එතනින් එහාට ගිහින් අපි ජීවිතේදි මොන විදියක හරි අවදානමක් අරන් තීරණයක් ගන්නව නම් අපි විස්වාසකරන පුද්ගලයා ගැන බ්ලොග්වලදි වගේ සැහැල්ලුවෙන් තකන්න බැහැ. මුලයි අගයි දෙකේම අභිරහස් තියෙන්න බැහැනෙව. තත්ත්වය එහෙම තියෙද්දි මාරය වගේ කෙනෙක් ඉස්සරහට අඩිය තියයි කියල හිතුවෙ කොහොමද. ඇයි විදුර ඒක තේරුම් ගන්නෙ නැතුව මාරයියට එහෙම කතාවක් කිව්වෙ, මට තාමත් මේකෙ යට තියෙන අරමුණ මොකක් වෙන්න ඇත්ද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
  9. විදුර මචන්, මම මෙතෙක් සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රබන්ධ කලාවේ උඩින්ම තියලා තිබ්බේ මීවන පලානේ ජයරත්න ශූරීන්ව. අද උබ ඔප්පු කරනවා උඹට මීවන පලානේ ශූරීන් මට්ටමටම නිර්මාණ කරන්න පුළුවන් කියලා. නියමයි මචන් දිගටම ලියපන්.

    ReplyDelete
  10. ""කල වරද හරිගස්සන්න බැරි උනත් තියෙන හැම දෙයක්ම පැත්තක දාලා ඉන්දියාවට ගිහින් මේ කාරණාව ගැන හොයන්න යන්න මං වගේ (සයිබීරියාව හරහා අර විදියට යන්න බැරි උනත්.. ඔහේ මොකාද වගේ ඇවිදින) එහෙකුට නොහිතෙයිද..?

    වැරදිලාවත් එහෙම වෙලා මං ඒ තීරනේ ක්‍රියාත්මක කලානං.. (ඇත්තටම මං ඒ තීරනේ අරං හිටියා පැය බාගයක් වගේ වෙලාවකට.. යාළුවෝ දෙන්නා නොහිටියනං) මොන මගුලක් වෙයිද..? ඒ හැම දෙයක්ම මං විස්වාස කරන්න ගියේ බ්ලොගය ඇත්ත බව හිතුව නිසා උනත් මොහොතකින් එය පරික්ෂා කරන්න හිතුනේ නැත්තං හෙම...????????????""

    මාරයා: විදුර උඹට කියපුවා විශ්වාස කරලා උබ ඇද ගත්තු එකට අපි මොනවා කරන්නද..?

    ReplyDelete
    Replies
    1. මාලන්... උඹ අන්තිමට අඹගහ යටට ලියපු පෝස්ට් එක ආපහු කියවලා බලපං... ඒ වගේ පෝස්ට් එකක් ලිව්වේ ඇයි කියලා හිතලා බලපං.... "මාරයා ඇඳගත්තට අපි මොනා කරන්නද?" කියන තර්කය වලංගු නැති බව උඹට තේරේවි...

      Delete
    2. තිසර, විදුර කළේ ලොකු වැරද්දක් බව මම කිහිප තැනකම කියලා තියෙනවා.

      මට මෙතන ප්‍රශ්නය තියෙන්නේ මාරයාගේ පෙනී සිටීම සම්බන්ධව.

      Delete
    3. මට පේන අවුල, විදුරගේ වැරැද්දට වඩා මාරයාගේ පෙනී සිටීම වැඩි අවුලක් වෙන්නේ කොහොමද කියන එක... මේ පෙනී සිටීම කරන්නේ මාරයාද, මාලන් ද, වෙන කවුරුහරිද කියන එක මට නම් වැදගත් නෑ.

      Delete
    4. ""මට පේන අවුල, විදුරගේ වැරැද්දට වඩා මාරයාගේ පෙනී සිටීම වැඩි අවුලක් වෙන්නේ කොහොමද කියන එක""

      මම කොතනවත් මාරයාව වත් විදුරවව වත් සංසන්ධනය කරලා නෑ. ඒ වගේම මම කොතනවත් කියලා නෑ මාරයා කළේ වැරැද්දක් කියලා.

      නැවත නැවතත් කියන්නේ විදුර කළේ වැරැද්දක්, ඒ ගැන ආයේ ආයෙත් කතා කරන එක බොරු වැඩක්. ඔහු ඒ සම්න්ධව යම්තාක් දුරකට ප්‍රසිද්ධියේ පිළිගත්තා ඔහුගෙන් වැරැද්දක් වූ බව. ඒක අගය කරන ගමන්ම; ඔහු සිදුවුන දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ගැනීම තමයි සුදුසු කියන එකයි මගේ පුද්ගලික මතය.

      විදුර කියන්නේ දක්ෂයෙක්. සාර්ථක ප්‍රබන්ධකරුවෙක්. ඔහුව විනාශ නොකර රැක ගැනීමයි මගේ අරමුණ. මගේ පෙනී සිටීම ඒ වෙනුවෙන්.

      ප.ලි: මීවන පලානේ ජයරත්න ශුරීන්ට මේදේ වුනානම් ඔහු වෙනුවෙනුත් මම මේ විදිහටම පෙනී සිටිනවා.

      Delete
    5. හරි උඹේ පෙනීසිටීම උඹේ අයිතියක්. මාත් පිළිගන්නවා "විදුර" කියන්නෙ හැකියාවක් තියන පොරක්ය කියලා. තමන් කලේ වැරැද්දක්ය, ඒක නැවත නොකල යුතුය කියන දේ ඌ ඉගෙන ගන්න ඕනේ. නමුත් ඌ වැරැද්ද පිළිඅරගෙන සමාව ගැනීම කියන එක තවත් ප්‍රබන්ධයක් වගේ මට නම් දැනෙන්නේ.

      හැකියාවක් තියන එකෙක් රැකගැනීම සහ උගේ වැරැද්ද මතුකර දැක්වීම කියන දේ දෙකක් කියලා මම දකින්නේ... ඌ වැරැද්ද කරලා හෙළිවෙච්ච අවස්ථාවක, උගේ හැකියාව වෙනුවෙන් පෙනී සිටීම, ඒ වැරැද්ද ගණන් නොගතයුතු එකක් බවට හිතන්නට ඌව පෙළඹීමක් කියලා මම දකින්නේ. ඒ මම හිතන හැටි...

      ඌට ඇඟිල්ල දික්කරන්න මම බලාගෙන ඉන්නකොට, ඌට අත දෙන්නත් කවුරුහරි ඉන්නවා කියන එක, මට වැඩි අවුලක් නැතුව පිළිගන්න පුලුවන් තත්වයක්... දැන් ඕක අපි සමාජයට ගැලපුවොත්, ඕනෙම වැරදිකාරයෙක්ට, තමන් කල වරදට උපරිම දඬුවම් ලැබෙන නීති පද්ධතියකුත්, ඌව සමාජයක වැඩදායී කරගැනීමට උත්සහකරන පුනරුත්ථාපනයකුත් තිබිය යුතුයි.

      Delete
    6. @ තිසර

      මෙතන මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ. විදුර කලේ වැරද්දක්.

      01. පොටෝ වලට නම ගහපු එක වැරදියි.

      02. නොගිය සංචාරයක් ගියා වගේ ලියන එක වැරදිද ? ( එතොකට ලීග දස දහසක් යට. හිම කුමාරි ? )

      03.කමෙන්ට් වලට උත්තර දෙන්න වෙනවා වැඩේ සාර්ථක කරගන්න.

      04.හෝටල් ගාස්තු , වීසා ගැන එයා බොරු කියලා තියෙනවද වංචනික ලෙස ? ( වරෙන් මචන් මම උඹට උදව් කරන්නම්.. මන් දන්න පොට් එකක් තියෙනවා වගේ දේවල් කියමින් )

      05.මාරයා රෙද්ද කපාගෙනම ඇඳගෙන.. ( විදුර රෙදි දීලා :D )

      06. දැන් මාරයා හදන්නේ වෙනම රෝල් එකක් ඇක්ට් කරන්න.

      07. තිසර හදන්නේ රෙද්ද කපාගන්න ...

      ( දැන් මිමි ටික එහෙම අරන් නේද තියෙන්නේ ? :P)


      රයිට් මහපන් මචන්...:)

      Delete
    7. රෙදි කපා ගැනීම්, මාරයාගේ රෝල් ගැන අදහසක් නැහැ. ඒ වගේම අදාලත් නැහැ කියලා මට හිතෙන්නේ.

      1. ඔව්.
      2. ප්‍රබන්ධ වලදි වැරදි නැහැ. ඔටෝ බයෝග්‍රෆියකදි වැරදියි.
      3. 1:1 මට්ටමෙන් රැවටීම?
      4. ඒ තැන් වලට යනවා නම් තමන්ට හැකි උදව්වක් කරන බව කියා තිබෙනවා.
      5. අදාල නැත.
      6. අදාල නැත.
      7. අනේ මන්දා...

      Delete
  11. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත!

    ReplyDelete
  12. මචන් හෙන දිග කමෙන්ට් එකක් ගහලා ඒක දැම්මේ නැහැ..

    ReplyDelete
    Replies
    1. අනේ බන් උඹට තිබ්බා නේද පුද්ගලිකව ඕක තේරුම් කරලා දීලා නිකන් ඉන්න... ඌ
      මෙතන මුදල් වංචාවක් හරි , ස්ත්‍රී දූෂණයක් හරි , වීසා වංචාවක් හරි ,
      සාපරාදී දෙයක් හරි කරලා නැහැ... කරපු එකම දේ ලෝකේ පුරා ඇවිදින කෙනෙක්ව
      නිර්මාණාත්මකව එළි දක්වපු එක විතරයි... අවංකවම මාරයෝ උඹ අපරාධ කියන දේවල්
      දැකලා නැද්ද ...? පණ පිටින් මහ දවල් වෙඩි තියන මිනිස්සු , කොහේ ගියත්
      පිස්තෝලේ ඉණේ ගහන් යන අයව දැකලා නැද්ද ...?


      එහෙම උන් එක්ක බලද්දී මේ අහිංසකයා මොනවද කරලා තියෙන්නේ ...? ඌ පොටෝ වලට
      නම ගහගත්තා නම් ඒක හෙමීට DDT වගේ ශේප් එකේ කිව්වා නම් ඉවරයි නේද ...? ඌ
      තවත් ටොම් පචයක් ගැහුවා නම් ; ඒ ටොම් පචේ නම් උඹ ඔය දාලා තියෙන්නේ ;
      බලපන් ඒක කොච්චර ක්‍රියේටිව්ද කියලා.. උඹට තිබ්බේ මී ජයේ වගේ ලස්සන වැඩක්
      කරන්න... එහෙම නැතුව මේ වගේ පුකේ අරින්න නෙවේ ...


      මම උඹට හවස කිව්වා මතකද දෙයක් ....? උඹ ඒක ඇහුවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ...


      ( මුදල් වංචා , ස්ත්‍රී දූෂණ , වීසා වංචා , සාපරාදී දේවල් , අපරාධ වැනි
      දේවල් වලට මම විරුද්ධයි..ඒ ගැන ගැටළුවක් ඇති කරගන්න එපා.. එවැනි දේවල්
      ගැන මම මීට කළින් උනත් කතා කරලා තියෙනවා.. දැන් පැය 4 කට වගේ කලිනුත්
      දෙයක් සිද්ද උනා..දකින්න ඇතිනේ...මම මෙහෙම කියන්නේ හිත් අමනාප කරගන්න
      නෙවේ.. පුද්ගලිකව මට විදුර එක්ක වත් උඹ එක්ක වත් තරහක් අමනාපයක් නැහැ ...
      )

      මෙතන උඹ මේ කරලා තියෙන්නේ උඹට වෙච්චි දේට අරූගේ චරිතය ඝාතනය කිරීම නේද
      ...? උඹට තියෙන පුකේ අමාරුවට රාවණෙක් ගැන හොයන්න ඉන්දියාවේ ගිහින් නන්නා
      උනාට අපිට මොකද බන් ... :)

      ( පුක යනු කුණුහරුපයක් නොවේ )

      ( මේක තමයි මම ගහපු කමෙන්ට් එක..)

      Delete
    2. උඹ ඔය දිග එක ගහලා කොච්චර කල්ද බං නොදා ඉන්නෙ..අපරාදෙ උඹ අනික් දවසෙ ගහන්න ඉස්සෙල්ලා වහිනවද කියලා බලල හිටපං..

      Delete
  13. මට නම් පෙනුනේ මීවණපලානයන්ගේ කකුලක් වගේ එකක්... මේ වගේ එව්වා දැනට ලියවෙන්නේ එයාගෙ අතින් විතරයිනේ... මේ වගේ කෙලිලි කෙලින්න පුළුවන් කමක් තියාගෙන මෙච්චර කල් නොලිව්වෙ ඇයි?? හේතුව වෙන මොකක් හරි ලියපු එක වෙන්න බැයිද.....

    ReplyDelete
    Replies
    1. මීවනපලාන තියෙන්නේ පාදුක්ක පැත්තේ නේද

      Delete
  14. මාරයා මේක දානවා කියාපු හන්දා මම දානකං බලාගන උන්නේ

    උඹට රෙද්දේ රෙවුන එක ඇත්ත ,

    උඹට රෙවෙනකොට අපේ ඇගෙත් උඹේ තරමටම ගූ ගැඋනා

    උඹ දක්ෂයයෙක් , ලියවිල්ල පට්ට රහයි ,

    ෆොටෝ වලට නං ගං නොගැහුවනං , වැටෙන කමෙන්ට් වලට පොර ටෝක් නොදුන්නානං (කමෙන්ට් වහලා තියන්න තිබ්බා) , අන්දන වැඩේ බ්ලොග්එකෙන් එලියට නොගෙනාවනං , අපි තවම උඹට රැවටිලා ,

    ඒක දැන් වෙලා ඉවරයී , එ කොහොම වෙතත් උඹ මේක ලියන එක නතර කරනන නං එපා , මේ විදිහේ එව්වා තියෙන්නේ එකයි , දිගටම ලියහං ,

    දිගටම ලියන එක තමා උඹට දැන් කරන්න තියන හොදම වැඩේ , අනිවා කියෙව්වට වඩා පිරිසක් දැන් මේ බ්ලොග් එක අනිවා කියවනවා .

    ‘‘විදුර විරසිංහ‘‘ ඉක්මනට ඊලග පෝස්ට් එක දාහං , එතකං බලාගන ඉන්නවා

    ReplyDelete
  15. යමෙක් කරන සුළු බොරුව හරි හෙළිදරව් කරන එක මම අගය කරනවා. මේක නිර්මාණාත්මක අරමුණකින් කරපු බොරුවක් කියලා මම හිතන්නේ නෑ. ඒ බ්ලොග් එකේ පරණ පෝස්ට් වල ඔහු විවිධ තැන් වල සංචාරය කරනවා නම් ඔහු උදව් කරන්න සූදානම් බවත්, යන වියදම් වගේ දේවල් ගැන උපදෙස් එහෙමත් දීලා තිබ්බා.

    මාරයා පෞද්ගලිකව මුහුණ දීපු සිද්ධියක් උණත්, මේකේ පොදු වැදගත්කමක් තියනවා. බ්ලොග් මගින් එකිනෙකා හඳුනාගැනීමෙන් එකිනෙකාට උදව් කිරීම් වගේම, එකිනෙකාට වංචා කිරීමත් පහුගිය කාලෙ අපි ඇහුවා. මේක මොනවගේ තැනක්ද ඉන්න මිනිස්සු මොනවගේද කියන එක සැරෙන් සැරේ මතක් කරලා දෙන මේ වගේ හෙළිදරව් මම අගය කරනවා කිව්වේ ඒකයි.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, මේ වගේ දෙයක් තේරුම් ගන්න, මේවට නොරැවටෙන්න තරම් බුද්ධියක් කෙනෙකුට තියෙන්න ඕනේ කියලා. ඔය ඔබට දිනුමක් තියනවා, ඔබව අරකට මේකට තෝරගෙන තියනවා, ඔබේ ඥාතියෙක් මියගිහින් ඔහුගේ මුදල් ලබා දෙන්න කෙනෙක් හොයනවා වගේ ඊමේලයක් නොලබපු කෙනෙක් මෙතන නැතුව ඇති. ඒ ව්‍යාපාරය තවමත් මිලියන ගණන් මුදල් උපයන ව්‍යාපාරයක්. තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය අතින් ඉහලම ඉන්න රටවල් වල මිනිස්සු පවා මේවට අහුවෙනවා. ඕනෙම තැනක මේවට අහුවෙන මිනිස්සු ඉන්නවා. අත්දැකීම් අඩුකම, ක්ෂ්ණික තීරණ, අධික උනන්දුව, වගේම හිත හොඳකමත් මිනිස්සු අමාරුවේ වැටෙන්න හේතු. ඒ නිසා සුළු හෝ බොරුවක් ගැන දැනුවත් කිරීම වටිනවා. අලුත් බ්ලොග්කරුවන්ට උනත් හොඳයි දැනගෙන ඉන්න එක මේ වගේ දේවලුත් සිද්ධවෙනවා කියලා.

    බ්ලොග් එකක් ලියන කෙනෙක් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම අවශ්‍ය නැතත්, තමන් ලියන දේ සම්බන්ධව අවංකකමක් තියෙන්න ඕනේ කියලා මම විස්වාසකරනවා. විදුර ඔය කියලා තියනවා වගේ චරිත නිර්මානය කරන්න පුළුවන්. එහෙම නිර්මාපිත චරිත ලියන බ්ලොග් ඕන තරම් තියනවා. නමුත් ඒ බව පාඨකයාට පැහැදිලි වෙන ඉඟිත් ඒ බ්ලොග් වල තියනවා. අනික චරිතයක් නිර්මාණය කරලා වර්චුවල් දේශාටනයේ යෙදවීම තුල ලොකු පරස්පරභාවයක් තියනවා. දේශාටනය කියන එකෙන්ම ඉඟිකරන්නේ පොතෙන් පතෙන්, වෙබ් අඩවි වලින්, ටී වී වලින් බලලා සැහීමකට පත්වෙන්නෙ නැතිව ඒ තැන් තමන්ගේම ඇසින් දැකගැනීමට යාමක්. විදුර ඒ මූලික සංකල්පයත් විකෘති කරලා.

    එතැනින් නොනැවතී ඔහු කොමෙන්ට් සහ ඊමේල් හරහා බ්ලොග්කරුවන් සමග අර බොරුව ආශ්‍රයෙන්ම හිතවත්කම් ගොඩනගාගන්නවා. යම් යම් අවස්ථාවල උදව් අවශ්‍ය අයට හැකිනම් උපකාරකරන්න කියලා ඉල්ලලපු ඉල්ලීම් කොච්චරක් මේ බ්ලොග් අවකාශේ තියනවද? මේ වගේ අවස්ථාවලදි ගොඩක් අය උදව් කරන්නේ අර ඉල්ලීම කරපු මනුස්සයාගේ පෞද්ගලික තොරතුරු දැනගෙනම නෙවෙයි. තමන්ගේ බ්ලොගය තුලින් ඔහු/ඇය ගොඩනගාගෙන තියන ප්‍රතිරූපය නිසා. මෙතැනදි එහෙම දෙයක් වෙලා නැතත්, එවැනි පරෝපකාරයක් කිරීමට ඇති ඉඩකඩ මේ වගේ මිනිස්සු තව තවත් අහුරනවා.

    මිනී මරලා නෑ කියලා, ඊට පහලින් තියන හැම වැරැද්දක්ම සාධාරණීකරණය කරන්න බැහැනේ. අපිට සාපේක්ෂව අඩුම බලපෑමක් කරන්න පුළුවන් ජාතික ප්‍රශ්න ගැන කතාකරනවට වඩා, බ්ලොග් අවකාශේ ඉන්න අපි අතරම තියන මේ වගේ බොරුවක් හෙළිදරව් කිරීම මම දකින්නේ වඩා ප්‍රතිඵලදායක දෙයක් විදිහට.

    ReplyDelete
    Replies
    1. මීවන පලානේ ජයරත්න කියන්නෙත් ප්‍රතිරූපකයෙක්. ඒ කියන්නේ වෙනත් චරිතයක් ලෙස පෙනී සිටින්නෙක්.

      ඔහු කළෙත් බොරුවක්නේ; මාරයා මීවන පලානේ ජයරත්නට අත උස්සලා සපෝර්ට් එකත් දෙනවනේ; මීවන පලානේ ජයරත්න කරපු බොරුවට මාරයා සහයෝගය දක්වපු එක ගැන තිසර මොකද හිතන්නේ..?

      Delete
    2. මචං මම ඔය වර්ගපූර්ණිකාවට කීප සැරයක් ගොඩ වැදිලා තියනවා. මුලින්ම මාත් හිතුවේ රවණාව අල්ලගෙන නටන තවත් බහුබූතයක් කියලා... මාරයාගේ සපෝට් කිරීමක් මම ඔතන නෝට් කරලා නැහැ. අපි බ්ලොග් වලට ආවට පස්සෙ වර්ගපූර්ණිකාවේ වැඩි යමක් ලියවුණේ නැහැ මම හිතන හැටියට... නමුත් අන්තිම කාලේ මේක "පැරඩි" (මේ වචනෙත් ඉගෙන ගත්තෙ උඹෙන්) එකක් කියලා තේරුණා. මාරයාගේ මේකට මැදිහත්වීම ගැන කතා කරන්න තරම් මට ඒ ගැන අවබෝධයක් නැහැ. වර්ගපූර්ණිකාවෙන් මිනිස්සු රැවටුවා කියන චෝදනාව මම අහලා නැහැ. නමුත් විදුරගේ බ්ලොගය පැරඩි වර්ගයට අයත් කියලා මම පිළිගන්නේ නැහැ.

      Delete
    3. උඹේ කතාව ඇතුළෙම කියවෙන මෙන්න මේ කතා ටිකට මම අවදානය යොමු කරන්න කැමතියි.

      1. ""මුලින්ම මාත් හිතුවේ රවණාව අල්ලගෙන නටන තවත් බහුබූතයක් කියලා""
      2. ""අන්තිම කාලේ මේක "පැරඩි" (මේ වචනෙත් ඉගෙන ගත්තෙ උඹෙන්) එකක් කියලා තේරුණා""

      උඹ වුනත් මුලින් හිතනවා "වර්ගපූර්ණිකාව" ඇත්තක් කියලා. උඹ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් එහෙම හිතනවා.

      රාවණාවාදීන් බෙල්ල කඩන් මිජයාට සපෝර්ට් කරන කොට සාමන්‍ය මිනිස්සු මීජයා පිස්සෙක් කියලා හංවඩු ගහනවා. මීජයා කරන්නේ මොකක්ද්ද කියලා ගොඩක් අයට තේරෙන්නේ පස්සේ.

      එතකන් මීජයා කරන්නේ බොරුවක්, ප්‍රතිරූපණයක්.

      උඹට මීජයාට මරයා දුන්න සපෝර්ට් එක අමතක වුනාට මටනම් හොඳට මතකයි [මාරයාගේ බ්ලොග් එකේ පස්සට ගියොත් මාරයා මීජයාට සපෝර්ට් කරලා ලියපු ලිපි හමු වෙයි]. ඒ විතරක් නෙමෙයි මාරයා ෆේස්බුක් එකෙන් සහ කමෙන්ට් වලින් මී ජයාට ලොකු සපෝර්ට් එකක් දෙනවා.

      මාරයා මේ ලිපියේ වුනත් පිළිගෙන තියෙනවා මාරයා මීජයාට සෑහෙන්න සපෝර්ට් එකක් දුන්නා කියලා, ""පහු ගිය කාලේ මීවන පලානේ ජයරත්නයන් විසින් කල “වර්ගපූර්ණිකාව“ බ්ලොගයට හැකි සෑම අයුරකින්ම සහය දක්වමින්..""

      දැන් අපි ආයේ මුලට එමු.

      මාරයා මීජයා කරන්නේ බොරුවක් බව දැන දැනත් මීජයා පෙනී ඉන්න මතය සමඟ මාරයා එකඟ නිසා මාරයා ඒකට අත උස්සලා සපෝර්ට් එක දෙනවා, පස්සේ විදුර දුන්න ලණුවක් කාලා රාවණා හොයන්න ඉන්දියා යන්න හදලා, දැන් මහා සොයා ගැනීමක් කළා වගේ විදුර කියන්නේ බොරු කාරයෙක් කියලා ඔප්පු කරන්න හදනවා.

      මම මුළ ඉදලම කිව්වේ එකම දෙයක්, විදුර කළේ වැරදි වැඩක්, හිතා මතා මිනිසුන් නොමඟ යැවීමක්, ඒත් මීජයාට අත උස්සලා සපෝර්ට් එක දීපු, මීජයා වෙනුවෙන් කැම්පේන් කරපු මාරයට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද විදුරව කුරුසයේ ඇණ ගහන්න..?

      Delete
    4. \\\දැන් අපි ආයේ මුලට එමු. \\\

      මේක ආතල් ලෝකයක් වෙන්න යන්නේ...

      මෙන්න මේ මාරයා කෝ.. ඌ මේ වගේ වැඩ කරන්න දස්සයා.. කට්ටිය ලස්සනට පණ කඩාගෙන මිමි ගන්නවා , රෙදි හොයනවා , රේන්ද අල්ලනවා , බෝරිච්චි මහනවා , වාටි මහනවා , බෝත්තන් අල්ලනවා , ෆිටෝන් කරනවා ...

      සමහරු ෆයිනල් ප්‍රොඩක්ට් එක ගන්න ඉන්නවා ...:)

      Delete
    5. මචං මාලන් අපි අවසානෙකට එමු.. මේක ඔච්චර දිගට ඇදගෙන යන්න බැහැ....

      විදුර කලේ වැරැද්දක්ය කියන එක ගැන අපි දෙන්නම එකඟයිනේ. ඒ මදැයි දැනට....

      Delete
    6. මීජයා ලිව්වෙ බොරුවක් කියන එක යමක් කමක් තේරෙන ඕන එකෙකුට තේරුම් යන්න ඕන දෙයක්. කොටිම්ම මීයගෙ බ්ලොගෙත් නිකන් අර ටී වී එකේ පෙන්න රෙස්ලින් නාට්ටි වගේ. පොඩි උන් හිතනව ඇත්ත කියල, ලොකු උන් උන්ට එහෙම හිතන්න දීල ආතල් ගන්නව හෝ පොඩි උන්ගෙ ආතල් නොකඩ ඉන්නව. අනික මීයගෙ බ්ලොග් එක තාලෙට ලෝකෙ පුරාම තීරු ලිපි පත්තරවල යනව.

      ඒත් මීය කාටවත් පුද්ගලික මේල් එවලහරි, උඅදව් කරන්නම් කියල කමෙන්ට් කරල හරි මිනිහගෙ විස්තරය බ්ලොගෙන් එහාට ගෙනියන්න ගොය අවස්ථාවක් වාර්ථාවෙන්නෙ නෑ.

      මෙතන කතාව වෙන එකක්. විදුර පැහැදිලිවම වංචාකාරයෙක්. ඒක ඔහු සමාව ගත්ත නිසා හරි දක්ෂ ලේඛකයෙක් නිසා හරි අමතක කරමු කියන එක තවත් අයට ඒ දේ හෝ ඊට එහා ගිය වංචාවලට අනුබල දීමක්. ඒ නිසා "විසඝෝර සරුපයා දැක නෑර මෝඩයා" කිව්වහෙ මාදිලිය මොකක් උනත් බොරු කාරය්න්ට, වංචා කාරයන්ව සමාජෙ ඉස්සහ නිරුවත් කරන එක පොදු වගකීමක්. ඒක එහෙම නෙමෙයිනම් අති දක්ෂ ඉංග්‍රීසි ගුරෙක් නිසා සක්විතිට සමාව දීල, අත දක්ෂ ක්‍රීඩිකාවක් නිසා මේරියන් ජෝන්ස්ටත් සමාව දීල ආයි අවස්ථාවක් දෙන්න ඕන කියලත් කට්ටිය කියාවි.

      Delete
    7. මහත්මයා නිකන් ඉන්න වෙලාවක Frank Abagnale ගැන කියවලා බලන්න. නැතිනම් Catch Me If You Can ෆිල්ම් එක බලන්න. :)



      http://www.youtube.com/watch?v=hFj3OXVL_wQ

      Delete
    8. මාලන්... උඩින් පල්ලෙන් දේවල් අල්ලගන්න එපා. උඹේ ලින්ක් එක අනුව පොර දෙවෙනි ජීවිතේ පටන් ගත්තේ අවුරුදු 12න් 5 හිරේ ඉඳලා, ආණ්ඩුවට වැඩ කලේ පඩි නැතුව. ඌව මුල් කාලෙ ජොබ් කීපයකින්ම අහක් කරනවා උගේ ඉතිහාසය දැනගත්තම.

      මිනීමරුවන්ට පවා ක්‍රමවේදයක් යටතේ පැරෝල්, පොදු සමා ලැබෙනවා. මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් දෙනවා කියන එක ගැන විරුද්ධත්වයක් නැහැ. නමුත් ඒක ලැබෙන්නේ උගේ වැරද්දට ඌව යම් දඬුවමකට යටත් කලායින් පස්සෙ තියන ක්‍රමවේදයකට. ඌ වැරදි කරලා අහුවෙච්ච වෙලාවෙදි, උගේ දක්ෂකම් ඉදිරියට දාගෙන ඌව පොරක් කරන්නෙ නෑ.

      ආණ්ඩුව කියන්නෙ කේපීව තියාගෙන ඉන්නේ ටැක්ටික් එකක් විදිහට කියලා. උඹ ඒකට එකඟද? හිතපං පොට්ටු අම්මාන් හමුදාවට අහු උණාය කියලා... පොර මාර ගේම් දුන්නේ කියලා කෙලින්ම හමුදාවේ බුද්ධි අංශයට ගන්නවට උඹ එකඟද? දැන් මචං මිනිස්සු කියන්නෙත් ඒකමනේ... මහින්ද යුද්දේ ඉවර කලා, මාර ගේම්ස් දෙන්නේ... පොරගේ ඔය තියන අනිත් වැරදි අමතකකරලා දාලා ඊලඟ සැරෙත් පත්කරමු කියලා.

      වැරදිකාරයෙකුට දඬුවම් දෙන්න ඕනේ කියන එකයි. දඬුවම් විඳින එකෙකුට හැදෙන්න චාන්ස් එකක් තියෙන්න ඕනේ කියන එකයි පටලව ගන්න එපා. උඹ දැන් කරන්නේ, ආණ්ඩුව කේපීට අර උතුර සංවර්ධනේ කරන්න බාර දුන්නා වගේ දෙයක්.

      Delete
    9. තිසර එල !!!
      මාලන් නිකං දෙකයි පනහේ මෝඩ තර්ක දාන්නේ නැතුව හිටහන් බං විදුරගේ බාප්පොච්චි වගේ .
      හිනා යනවා උඹේ මෝඩ තර්ක දැක්කම.

      Delete
    10. @මහසොහොන් පිල්ලිය:

      හා :)

      Delete
  16. කමෙන්ට් එකක් ගහල මැකුවා... :)

    ReplyDelete
  17. හැබැයි මේ මේල් එක දැකලා මාරයා ගිහින් ,මාරයාට රාවණා හම්බ වුනානම් එහෙම උඹලා හැමෝටම කටයි පුකයි වහගෙන ඉන්න වෙනවා .:D

    ReplyDelete
  18. බොහොම කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ. මෙන්න එනකොටම ගින්නක් පත්තුවෙලා. මේ ගින්නේ මුල් පුළිගු ගැන මාත් යමක් දැන සිටියත් විශ්වසනීයත්වයේ ගැටලු මත මෙතෙක් කිසිම හෙළිදරව්වක් නොකරම සිටියෙමි. ඉදිරියටද නොකරමි. මාරයා මේ ගැන හොදින් දන්නවා ඇත.

    ReplyDelete
  19. මම හිතුව අතටම මේක ගමන් කරනවා... :D

    @මාලන්...
    මෙතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මචං... මී ජයා උගේ නිර්මාණය කලා.. උගේ නිර්මාණයට මමත් මගේ පැත්තෙන් නිර්මාණමය විදියට උදව් කලා.. ඒ හැම දෙයක්ම වෙන්නේ එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ඔහුව කොටු කරගන්න බලාගෙන නෙවෙයි... ඒත් මෙතනදී විදුර පොදු නිර්මාණයෙන් ඔබ්බට ගිහින් පුද්ගලික ඉලක්කයක් ගත්ත එකයි මට තියෙන අවුල...

    විදුර මේ සම්බන්ධව කියද්දි මං දැක්කා තැනින් තැන කියලා තියෙනවා ඔහුගේ ආභාෂය ෂර්ලොක් හෝම්ස් කතා කියවීමෙන් වගේ දේවලින් ආවා කියලා.. ඒත් මං මේ දෙවැනි පෝස්ට් එක දාන්න කලින් කිහිප දෙනෙකුට කිව්වා විදුරගේ මේ බ්ලොග් එක ලියන්න මූලිකම හේතුව “වර්ගපූර්ණිකාව“ විය යුතුයි කියලා... මී ජයා ඉක්මවා යෑමේ නිර්මාණයකට ඔහු අත ගැහුවා... ඒක ඇත්තටම සාර්ථකයි... මී ජයාට රැවටුන උදවියට වඩා විදුරට රැවටුන උදවිය අද ඉන්නවා... (ඒ රැවටීමෙන් කී දෙනෙකුට හානි උනාද නැද්ද කියන එක මං දන්නේ නැහැ..නමුත් පැහැදිලිවම විදුර සෑහෙන පිරිසක් ඇන්දුවා)

    ReplyDelete
    Replies
    1. මං මුල ඉඳලම (පලවෙනි පෝස්ට් එක බලහං) කිව්වා බ්ලොග් එක නරක නැහැ කියලා.. ඇත්තටම විදුරට නිර්මාණාත්මක හැකියාව තියෙනවා... හැබැයි ඒක සීමාවක තියානොගෙන එයින් එළියට ගිහින් අනිත් අයව ඇන්දීමේ උවමනාවකුත් ඔහුට තියෙනවා.. මට ප්‍රශ්නේ තියෙන්නේ එතන... මට කමක් නැහැ ඔහු කොහොම මොන බොරු ලිව්වත්... මට අවුලක් නැහැ කොහේ හරි තියෙන පොටෝ අරං ඇවිත් මෑන්ගේ නම ගහං උමලට පෙන්නුවත්... හැබැයි ඒ පොටෝ ගැන පැහැදිලා ඒ ගැන ප්‍රශංසා කරද්දී විදුර ඒ ගේරවය ඉතා කැමැත්තෙන් බාර ගන්නනවා වගේම ඇතැම් තැන්වලදී උපදෙස් දෙන්නට පවා ඉදිරිපත් වෙනවා... හැබැයි ඒකත් මට ලොකුම දෙයක් නෙවෙයි.. මොකද බ්ලොග් ලියන අය අතර ඔයිට වඩා දේවල් කරන අය මම දැකලා තියෙන හින්දා... (අනුන්ගේ බ්ලොග් පෝස්ට් අකුරක්වත් වෙනස් නොකර පල කරලා අයිතිකාරයාට අහු උනාම පොර ටෝක් දෙන අයත් ඕන තරං මේකේ හිටියා)

      ඒ ඔක්කෝමත් තියෙද්දී බ්ලොග් එකට එහා ගිහින් විදුර මගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට මේ ඊමේලය එවන තැන ඉදන් තමයි මට විදුර ගැන අවුල හට ගන්නේ...

      ඔව් උඹ කියන විදියට මම ඇන්දුනා... ඒක මං පිළිගන්නවා.. ඒ වෙලාවේ මාත් එක්ක හිටිය යාළුවෝ දෙන්නා උනත් ඒක දන්නවා... හැබැයි විනාඩි ගානක් මේ ගැන කතා කර කර හිටලා මංම තමයි මුලින්ම ඒ දෙන්නට කියන්නේ “මට හොයා ගන්න ඕන මේ බ්ලොග් එක කවුරු හරි ලියන ඉංග්‍රිසි බ්ලොග් එකක් පරිවර්ථනය කර කර ලියන එකක්ද කියලා“
      එහෙම කිව්වම තමා යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් පොටෝ ටික සර්ච් කරන්න කතා කරන්නේ.. එතැනින් තමා සම්පූර්ණම විදුර කියන්නේ වෙනත් සංචාරක සටහන් වලින් පින්තූර සහ කතා උස්සලා තමන්ගේ වගේ දාන කෙනෙක් බව පැහැදිලි වෙන්නේ... එයින් පස්සේ තමා අපි විදුරගේ බ්ලොග් එකේ කමෙන්ට් කියවන්න පටන් ගන්නේ... එතකොට තව දුරටත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා මේ මනුස්සයා අර විදියට කොපි කිරිල්ලක් කරන අතරෙම තමුන්ගේ පාඨකයින්වත් ගොනාට අන්දනවා කියන එක... එතනින් එහාට වෙච්ච දේවල් කියන්න උවමනා නැහැනේ...

      මාලන් විදුර වගේම මමත් සාමාන්‍ය මනුස්සයෙක්... බුදු වෙලා රහත් වෙලා නැහැ... යම් තොරතුරක් හම්බ උන ගමන් තත්පර ගානක් ඇතුලත එයට සම්බන්ධ හැම දෙයක්ම අවබෝධ කරගෙන නියම තීරනේ ගන්න හැකියාවක් ඇත්තෙත් නැහැ... මේක දැක්ක ගමන් මං මුලින්ම කල්පනා කරන්නේ මේක ඇත්තක්ද..? මේක ලියපු පුද්ගලයා තමුන්ගේ බ්ලොග් එක හරහා කියන කතා ටික අනුව සුළු පටු කෙනෙක් වෙන්න බැහැ නේද..? එහෙම කෙනෙක් මෙහෙම බොරුවක් කියයිද..? වෙන්න බැහැ.. මේක ඇත්තක්නං මම විහිළුවට හරි කරලා තියෙන්නේ සෑහෙන තරමේ වරදක් නේද..? කියන ටිකයි මුලින්ම හිතට එන්නේ... ඒත් එක්කම කල්පනාවට එන්නේ වරදක් උනානං ඒක නිවැරදි කරන්නේ කොහොමද කියන එක.. මේල් එක ලැබුන පලියටම අනිත් අතට මං ලෝකෙට කෑ ගහනවද මෙහෙම දෙයක් තියෙනෝ කියලා.. එහෙම නැත්තං ඇත්තටම මේක ගැන හොයලාම කතා කරනවද..? අනිත් දේ තමා මේකට බ්‍රහ්මවංසෝ කියන නම මේ මනුස්සයා විසින් ගෑවීම... බ්‍රහ්ම වංසෝ කියන නමයි.. සිතිවිලි අතෑරීමේ ක්‍රමයයි ගැන කිය උනාම මට රාවණාට වඩා හොඳ තොරතුරක් උනා.. මොකද මම භාවනාව ගැනත්.. එහි විවිධ අංශ ගැනත්... විශේෂයෙන්ම දෙවන ධර්ම සංඝායනාවෙන් පසුව කොටසක් බිඳී මහායානය හදා ගත් තැන හිටන් අපට අහිමි උන ධර්ම කොටස් ගැන උනන්දු මනුස්සයෙක්... මං හිතන්නේ මං මෙයිට කලින් ඒ ගැන සුළුවෙන් හරි කියලත් ඇති...

      Delete
    2. හරි හම්බ උනා..
      http://ctkumara.blogspot.com/2010/03/blog-post_26.html

      සාමාන්‍යෙයන් මං වැඩිය ධර්ම සාකච්ඡා වලට යන්නේ නැහැ.. හේතුව අද අපේ රටේ සිද්ධ වෙන වැඩි හරියක් සාකච්ඡා “උඹට වඩා මං පොර“ කියලා පෙන්නන්න ට්‍රයි කරන ඒවා මිසක් එහෙකුටවත් අවබෝධයක් උවමනාවෙන් කෙරෙන ඒවා නොවීම.. ඒ හින්දා මං නිකං බණ කතාවක් කිය කිය හිටියත් එයින් එහාට දේවල් ගැන කතා කරන්නේ නැහැ.. ඒත් මං නිතරම ඇතුලට යොමු වෙච්ච පුද්ගලයෙක්... මොන පිස්සු කෙලියත්.. මොන දේ කලත් මං තාමත් එක්තරා මාර්ගයක් ඔළුවේ තියං යන එකෙක්.. එහෙම එහෙකුට රාවණා ගැන ඇහුවට වඩා හිත යන්නේ අර කියාපු බ්‍රහ්මවංසෝ කියන නමටත්.. භාවනා ක්‍රමයටත්... මගෙන් වෙච්ච වරදක් ඇත්නම් එය නිවැරදි කල යුතුයි කියන දේ වගේම මං හොයන දේ තිබිය හැකි තැනක් විය හැකියි කියන කල්පනාවත් එක පාරට මගේ ඔළුවට එන එක වලක්වන්න මට බැහැ... ඒක හරියට බඩගින්නේ දවස් ගානක් හිටිය සතෙකුට කෑම තියෙන තැනක් ගැන ලැබුන ඔත්තුවක් වගේ.. මං දන්නේ නැහැ මේ කියන දේ උඹට තේරුං ගන්න පුළුවන්ද කියලා... ඒත් රාවණා කේස් එකට වඩා හොය හොය හිටිය කෑම වේල ගැන ආරංචියක් ලැබුනම මගේ ඇස් වැහෙන එක සුළු මොහොතකට උනත් වලක්වා ගන්න මං සමත් වෙන්නේ නැහැ

      කොහොම උනත් අවසානයේදී මේ මනුස්සයා කරලා තියෙන්නේ බොරු වැලක් කියලා තේරුම් ගත්තට පස්සේ මට කේන්තියක් එන එක අසාධාරණයි කියලා උඹලා කියනවනං.. හා හොඳා...

      අවසාන වශයෙන් මං කියන්නේ... බ්ලොග් එක මට අවුලකුත් නැහැ... හොර පොටෝ බැරිනං මොක දාගත්තත් මට කමක් නැහැ... හැබැයි එයින් එහාට ගිහින් මනුස්සයින්ව තව දුරටත් අන්දන්න යන එක සහ මාව පුද්ගලිකව ඉලක්ක කරගැනීම ගැන මට කේස් එකක් තියෙනවා.. ඒකට හරියන්න මං මට කල හැකි දේ කලා... එච්චරයි... නමුත් මං හිතන්නේ නැහැ මෙයින් විදුරට ලොකු හානියක් උනා කියලා... අනිවාර්යයෙන්ම මෙයින් පස්සේ කලින්ට වඩා පිරිසක් ඔහුව කියවයි... එහෙම බැළුවම ඔහුත් මේ හරහා සාර්ථක වෙයි.. හැබැයි වැදගත්ම දේ ඔහු කරන්නේ නිර්මාණයක්ම පමණක් බව දන්න නිසා මෙයින් එහාට විදුරට කාවවත් අන්දන්න වෙන එකක් නැහැ...

      විදුර කිව්වා වගේම.. මාරයා අන්තිමයා වෙයි...

      :D

      මං මේක පටන් ගත්ත වාක්‍යය ආයේ කියවහං...
      අවසානයි...

      Delete
    3. ඔන්න ඕක අල්ලලා දාහං මාරයා ,

      ඇන්දිල්ල බ්ලොග් එකෙන් එලියට අරගන ඇවිත් උඹව අන්දන්ඩ හැදිල්ල ඇරෙන්ඩ , දැන් උඹම කියන විදිහට මේ ගැන උඹට වෙන අවුලක් නැනේ,

      හිතහන්කෝ උඹම ලියලා තියන විදිහට උඹ ඉස්සර උඹලගේ ගමේ ජුංඅලයව එහෙම කොච්චර අන්දලා තියනවද , අන්න එහෙම සීන් එකක් කියලා හිතහං බං ,

      මම මේ බ්ලොග් එකට හොදට අහු උනා තමයි මචං (ඒකනේ උඹ මගේ නමත් කලින් පෝස්ට් එකට දැම්මේ)

      හැබැයි මට ඒක විදුරයා කරපු මහා බක්කක් කියලා හිතුන් නැ ,

      කොටින්ම ඌ උඹටයි මටයි කරන්න බැරි වැඩක් කරා

      දැන් අපි උදව් කරමු ඌට ලියාගන ආපු ලියමන ඉස්සරහට කරගන යන්ඩ ,

      ඇත්තටම ඒ ලිවිල්ල හොදයිනේ බං



      Delete
    4. ඇත්තටම ඒ ලියවිල්ල හොඳයි... මං ඒක නැහැ කිව්වේ නැහැ කිසිම තැනක... නරක උනේ ලියවිල්ල හරහා පාඨකයාව නොමග ඇරියටත් වඩා එයින් ඔබ්බට ගිහින් මිනිස්සු අන්දන්න හදපු එකටයි...

      ඒ වගේම ආයේ අමුතුවෙන් උදව් කරන්න උවමනා නැහැ..මං හිතන්නේ දැන් මම මට කරන්න පුළුවන් ලොකුම උදව්ව මෑන්ට කරලා දීලා තියෙන්නේ... දැන් ඉතිං බුවාට තියෙන්නේ හිතේ සැනසිල්ලේ ලියාගෙන යන්න.. මොකද දැන් එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න ඕන නැහැ... එක එක්කෙනා අහන ප්‍රශ්න වලදී කොර වෙන්න ඕන නැහැ... තියෙන්නේ ලියං යන්න විතරයි.. එයිට අමතරව උවමනා කරන්නේ පොඩි අවංක කමක් විතරයි...

      අනික දැන් ඒක කියවන කෙනෙකුට උනත් කලින්ට වඩා හොදයි... මෙහෙම හිතේ හැටියට ලෝකේ පුරා ඇවිදින්න ඒ හැටි අමාරුවක් නැහැ කියලා රැවටිලා කියවනවට වඩා.. ලෝකය ගැන තොරතුරු බලාගෙන දැනුවත් වෙන්න කට්ටියට පුළුවන්... අමාරුවේ වැටෙන හීන බලන්නේ නැතිව...

      මං කොහොමටත් මෙයින් එහාට ඌ පස්සේ පන්නන්නේ නැහැ.. (ඌ කවුද.. කොහේද ඉන්නේ... ඇත්තම නම මොකක්ද කියන ටික කීප දෙනෙක් විසින් මට මේ වෙනකොට කියලා තියෙන්නේ.. ඒත් ඒ කිසිම දෙයක් පස්සේ දැන් මට එළවන්න උවමනාවක් නැහැ) මොකද දැන් මට ඕන හරිය වගේම ඌට ඕන හරියත් වෙලා ඉවරයි.. උඹ උගේ මිත්තරයෙක් හැටියට ඌට කියහං ලියාගෙන යන්න කියලා... මං කොහොමත් ඌව කියෙව්වේ රීඩරේ හරහා.. ඉස්සරහටත් හිතුනොත් රීඩරේ හරහා මං ඌව කියවයි... ඒ ඇර ගිහින් එකේ පදිංචි වෙන්නනං යන්නේ නැහැ... අනිත් අයත් කියවයි.. හැබැයි රැවටෙන එකක් නැහැ... හරි සරලයි...

      Delete
    5. \\\\\\\\\\\\\\\\\\\\මී ජයාට රැවටුන උදවියට වඩා විදුරට රැවටුන උදවිය අද ඉන්නවා... (ඒ රැවටීමෙන් කී දෙනෙකුට හානි උනාද නැද්ද කියන එක මං දන්නේ නැහැ..නමුත් පැහැදිලිවම විදුර සෑහෙන පිරිසක් ඇන්දුවා) \\\\\\\\\\\\\

      මාරයෝ මුල් වාක්‍ය දෙක සහ අන්තිම වාක්‍ය ගැළපෙන්නේ නැහැ... යකෝ මී ජයේ නිසා කීදෙනෙක් රැවටුනාද .......? ඒ දේවල් සීරියස් හිතපු අය කී දෙනෙක් අදටත් ඉන්නවද .....?

      එතකොට හොඳයි . මෙතකොට නරකයි... හනේ යකෝ... හරි උඹව පැත්තකට දාමු... මේ තිසරයා මොනවද කියවන්නේ.. හිටහන් එතනට යනකම් මම .... කෝ උඩද පහලද ... හොයන්නත් බැහැ යකෝ ....

      Delete
    6. මාරයා,

      ඉස්සර ඉදන්ම උඹයි මමයි හිටියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවල. ඒක නිසා මචන් උඹ හිතන්න එපා මම මේ හදන්නේ කළ දුටු කළ වල ඉහගන්න කියලා. [හැබැයි මචන් මම දැන්නම් මහින්ද මාමිට පොඩ්ඩක් ලයික්. පොර කැසිනෝ එහෙම දාලා. රෙඩ් ලයිට් ඩිස්ට්‍රික් දාලා ලංකාව රොක් කරලා ගන්නනේ හදන්නේ]

      ඒ වුනත් ඉස්සර උඹව වට කරගෙන එක එකා ගහද්දි, ඇටමැස්සා [Gladfly zone] බ්ලොග් එකේ විකාරරූපි නමකින් උඹව හාස්‍යයට ලක් කරද්දි මම උඹ වෙනුවෙන් පෙනී සිටියා. උඹට මතකනම් උඹ වෙනුවෙන් මගේ බ්ලොග් එකේ ලිපි දෙකක් දාලා තියෙනවා.
      1. ඇනෝනිමස් ආතල් – එන්න සිරිදාසගේ ඉරුණු කලිසමට හිනාවෙන්න
      2. දැන් පෙන්වනවා – “බේබදු හීරලු සික්කා”

      උඹේ බ්ලොග් එක තරම් මගේ එක මිනිස්සු නොබැලුවා වෙන්න පුළුවන්, හැබැයි මට කරන්න පුළුවන්දේ කළා. මම උඹ වෙනුවෙන් එහෙම පෙනි සිටියේ උඹවගේ උන් බ්ලොග් අවකාශයේ සිටියේ යුතුම නිසා. විදුර වෙනුවෙන් පෙනී ඉන්නෙත් ඒ කාරණය නිසා [මම ඌව පුද්ගලිකව දන්නේ නෑ].

      මීජයාට වුනත් මේ දේ වුනොත් ඌ වෙනුවෙනුත් මට කරන්න පුලුවන්දේ මම කරනවා.

      Delete
    7. මාලන්, මමයි මාරයයි ඉන්නෙත් ප්‍රතිවිරුද්ධ මත වල දේශපාලනයේදි... ඒ පැත්තෙන් ගත්තහම, ඒ තැන් වලදි උඹගෙයි මගෙයි අදහස් කිට්ටුයි.

      තමන් නොගිය තැන් ගැන, නොකරපු දේවල් ගැන බලං හිටියා වගේ ලියන්න පුළුවන් එවුන් කොච්චර ඉන්නවද බං බ්ලොග් වල. ප්‍රබන්ධ ලියන හැම එකාම කරන්නෙ ඒකනෙ. අර වෙනී එහෙම මිනී එම්බාම් කරන එකෙකුගේ චරිතයක් ගැනත් ලියලා තිබ්බේ.

      හැම හොරෙක්ම නිර්මාණශීලීයි. නමුත් එහෙමයි කියලා අපි හොරකමට දඬුවම් නොදී ඉන්නෙ නෑනේ.

      Delete
    8. @ මාරයා

      උඹ වාගෙම තමා බං ඌත් මගේ මිත්තරයෙක් නෙමෙයි

      Delete
  20. බ්ලොග් තුලින් හිතවත්කම් ගොඩ නගාගෙන ඒ ඇසුරෙන් පෞද්ගලික වාසි බලාපොරොත්තු වීම හෝ අමාරුවෙ දැමීම් සිදුකරනවනං බ්ලොගේ බොරු ලියනවට වඩා ඒක භයානක තත්වයක්. ඒ වගේ දෙයක් හෙළිදරවු කිරීම බ්ලොග් එක්ක ඉන්න හැමෝටම කරන සේවයක් විදියටයි මම දකින්නෙ.

    අර මේල් එක ස්පිල්බර්ග්ට ඇරියනං නියම ෆික්ෂන් ෆිල්ම් එකක් හදාගන්න තිබ්බ. :D

    ReplyDelete
  21. මාරේ.... ලංකාවෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කිව්වම කොටසක් නොසෑහෙන්න ඕකට අකමැති , සදාචාරය , මානව අයිතිවාසිකම් , මනුස්සකම වගේ ලොකු වචන සෙට් එකක් මුලට දාගෙන උන් අකමැත්ත ප්‍රකාශ කරනවා..

    ඒ ඇත්තටම සදාචාරය , මනුස්සකම ගැන ප්‍රශනයක් ද නැත්තං උන්ටත් අනාගතේ ගැන තියන බයටද ?

    මුල ඉදලා අගට ඔලුව යාන්තමින් හරි තියන එකෙක් මේක කිය්වෙව්වනම්.. ඌ උපන්දා ඉදලා එක පාරක් හරි බත් කාපු එකෙක් නම් ඌට තේරෙන්න ඕන මූ මොකාටද එන්න හැදුවේ කියලා..

    මූ න්‍යශ්ටික ඉංජිනේරුවෙක් කියලා මම නම් හිතන් නෑ.. හැබෙයි මූට කියලා ලෝකෙ මෙතෙක් බිහිවෙච්ච පට්ටම ෆිල්ම් එක හදාගන්ඩ තිබ්බා..

    ReplyDelete
    Replies
    1. //ඒ ඇත්තටම සදාචාරය , මනුස්සකම ගැන ප්‍රශනයක් ද නැත්තං උන්ටත් අනාගතේ ගැන තියන බයටද ?//

      ඕක ලොකු තිත්ත ඇත්තක් බං.. :D

      න්‍යෂ්ඨික ඉංජිනේරුවෙක් කියලා මං හිතන්නේ නැහැ තව දුරටත් කියයි කියලා... එහෙම කියනවනං ඒක ගැන ප්‍රශ්න කරන්නත් ඒ ගැන දන්න කෙනෙක් දැනටම සූදානමින් ඉන්නවා... ඒත් මේ පොඩි එකෙක් වෙනුවෙන් මිනිස්සු මහන්සි කරවන එක තේරුමක් ඇති වැඩක්යෑ බං...

      Delete
    2. මාරයෝ මු තවම ඉගෙන ගන්න පොඩි එකෙක් මට හිතින විදියට බොහෝ විට අවුරුදු 25 කට වඩා වයස අඩුයි. මොහු න්‍යෂ්ඨික ඉංජිනේරුවෙක් කියා කියනවා නම් කියන්න තියෙන්නේ එන්න තාක්ෂණික සංවාදයකට. ඔබේ දැනුම පෙන්වන්න.

      Delete
    3. @ රංග

      ඔහු න්‍යෂ්ඨික ඉංජිනේරුවෙක් නෙවේ නම් අපි කරන්න ඕනේ මොකක්ද ..........?

      ඔහුට එහෙම කෙනෙක් වෙන්න උදව් කරන එකද , උපන් ගෙයිම මරලා දාන එකද ...?

      මම විදුර ගැන දැනගත්තේ එදා මගෙ පයිලට් පෝස්ට් එකේ එයා මගෙන් ඇහුවනේ ජෙට් එක autonomous කරන සිස්ටම් එක මොකක්ද කියලා අහපු වෙලාවේ ...

      ඒත් මම මිහිහව මරලා දැම්මේ නැහැ..මම හිටියේ ඒ ගැන වෙලාවක ඉතාම සරළව කියලා දෙන්නම් කියලා..

      මනුස්සයෙක්ව මරන්න එපා රංග.. ආයේ පණ දෙන්න බැහැ මැරුවට පස්සේ..

      Delete
    4. උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා,

      [[මාරේ.... ලංකාවෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කිව්වම කොටසක් නොසෑහෙන්න ඕකට අකමැති , සදාචාරය , මානව අයිතිවාසිකම් , මනුස්සකම වගේ ලොකු වචන සෙට් එකක් මුලට දාගෙන උන් අකමැත්ත ප්‍රකාශ කරනවා..

      ඒ ඇත්තටම සදාචාරය , මනුස්සකම ගැන ප්‍රශනයක් ද නැත්තං උන්ටත් අනාගතේ ගැන තියන බයටද ?]]

      මොන මෝඩ කතාවක්ද ඒ. උඹට මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනේ නම් ලංකාවේ ඉන්නේ නැතුව පලයන් සෞදි, ඉරාන් වගේ රටකට. එතකොට උඹට තේරෙයි.

      Delete
    5. " කවුළුව "

      මහත්තයෝ නිකමට හරි පුංචි වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න ඔය මරණ දඩුවමට නියම වෙලා ඉන්න අහිංසකයෝ. මොන හේතු වලටද ඒකට නියම වෙලා ඉන්නෙ කියලා.

      කාක්කොන්ට ගල් ගහලවත්. මල් වලට වතුර දාලවත් නෙවේ නේ.

      ගොඩක් වෙලාවය ඔයා වගේ මහත්තුරුන්ට මෙව්වා මෝඩ කතා.

      Delete
    6. @සහන්
      රස්තියාදුකාරයා මැරෙනවාට මම කැමති නැහැ. ඔහුගේ කතාව රසවත්. ඒ වගේම ඔහුටත් හොඳ ප්‍රතිභාවක් තියෙනවා. නමුත් ඔහු වැරැද්ද පිළිගත් පොස්ට් එකෙන්ම අපිව තවත් අන්දවන්න හදපු එක වැරදියි. මිනිහෙක් මවාගත් චරිතයක් හරහා බොලොග් එකක් හැදුවත් පොතක් ලියුවත් කමක් නැහැ ප්‍රබන්දයක් විදියට. නමුත් මෙසේ විද්‍යුත් ලිපි මගිනුත් ප්‍රෝඩා කරනවා නම් ඒක වැරදියි. එක නිසා මම මාරයා ගේ වැඩේ සාධාරණව දකිනවා.
      විදුරගේ කථා අනුව පේනවා ඔහු තම පොරත්වය පෙන්වන්න හදන බව මෙන්ම ඔහු හිතනවා ඔහු පොරක් කියලා අන් අය හිතනවා කියලා එකට හොඳ සාක්ෂියක් තමයි //මම CIA ඒජන්ත වරයෙක් වත් ඔබව මුලාවේ දන්නා පැමිණි අන්තවාදියෙක් නොවෙයි.// කියන කතාවම ඒ කියන්නේ පොර හිතනවා පොර CIA ඒජන්ත වරයෙක් කියලා උපකල්පනයක් ඇතිවෙන්නත් පුළුවන් බව. ඔහු මුලින් පෙන්වුවේ ආයතන භූමියට නොගොස් කරන්න පුළුවන් රැකියාවක් කරන ගමන් ලෝකය වටේ යන බවක් පෙන්වනවා. ඉන්පසු මාරයාට එවපු ලියුමේ සහ වරද පිළිගත් ලිපියේ වෙන චරිතයක් හදන්න යනවා වෙන ස්වරුපයකට. ඔහු ලියපු සියල්ලම රැවටීමක් හැබැයි රැවටුනේ ඔහුමයි. අපි නොවේ. බොහෝ දෙනෙක් ඇත්ත කලිනුත් අවබෝද කරගෙනත් හානියක් නැතිනිසා සද්ද කලෙනැහැ.

      මම මුලින් උපකල්පනය කලේ විදුර software engineer වැනි කෙනෙක් කියා නමුත් ඇත්තටම ඔබේ පයිලට් පෝස්ට් එකේ එයා ඔබෙන් ඇහුව වගේම මමත් පිළිතුරු දුන් ජෙට් එක autonomous කරන සිස්ටම් එක මොකක්ද කියලා අහපු විදුරගේ පැනයෙන් මම ඔහු එහෙම කෙනෙක් නොවන බව ස්ථිර වුනා.

      Delete
  22. රස්තියාදුකාරයා ගැන මට කෙනෙක් පැවසුවා. ඒත් ඒ බ්ලොග් එක බලන්න බැරි වුණා. එහෙම වුණා එක හොඳයි කියලා දැන් හිතෙනවා. මොකද මමත් මාරයා වගේම තැන-තැන ඇවිදින්න කැමති කෙනෙක් නිසා.

    ReplyDelete
  23. මේ උඹ අර රාවණා ගුහාව හොයන්න පලයන් බන්... තව අවුරුද්දකින් විතර ඒ ගිය ගමන ගැන උඹ ලියපන්.. මම කියන්නේ සිරාවට (දන්නවනේ මම නම් ලියන්නේ සම්පුර්ණ ඇත්තම ඇත්ත විතරමයි මගේ බ්ලොග් එකේ.. හිකාස් බකාස්) උඹ මේ කරන රහස් පරීක්ෂක වැඩත් දිගටම කරපන් .. මම රස්තියාදු බ්ලොග් එක ගැන දැන ගත්තේ උඹේ හෙළිදරව්වෙන් ඊයේ රෑ..

    ReplyDelete
  24. මුලින්ම මාරයට ස්තුති වෙනවා මේ email එක හෙළිදරවුව පිළිඹඳව. මාරයාගේ කලින් පොස්ට් එකට විදුර ලියපු තවත් බොරුවක්ම වූ පිළිතුරු පොස්ට් එකේ අවසානයේ ලියලා තියනවා නේ මෙසේ
    //මාරයාට ඊයේ තකහනියක් මා එවූ ඊ-මේලය සපුරා සත්‍යයක් බවත් , එය ඔබ රහසක් ලෙස තබාගන්න.//
    එතකොට විදුර කියන්නේ ඔහු ලියපු අනෙක් සියල්ල බොරු වුවත් මාරයා මේ ප්‍රසිද්ද කරපු ඊ-මේලය සත්‍යක් බවයි.
    අතත්‍ය සංචාරයක් ගැන ප්‍රබන්දයක් ලියුවට කමක් නැත. දැනට පවතින තොරතුරු තාක්ෂනය අනුව සත්‍ය තොරතුරු යොදා පහසුවෙන් එවැන්නක් සිදුකල හැක. නමුත් දිය සලකුණු මකා පින්තුරයේ සැබෑ හිමිකරුට කිසිම සාධාරණයක් නොකර තමාගේ මෙන් දැමීම, කමෙන්ට් වලින් බොරුව තහවුරු කිරීම සඳහා තමන් පින්තුරය ගත ලේන්සය සහ ආකාරය පැහැදිලි කිරීම සහ වෙනත් සියුම් ප්‍රකාශ කිරීම. ඒ සියල්ලටම එහා ගොස් මාරයාට ප්‍රබන්ද ඊ මේලයක් එවීම තුලින් තම පාඨකයන් මුලාවේ හෙලීම සපුරා වැරදි වැඩකි. ඔහු වරද පිළිගත් ලිපියද සම්පුර්ණ අසත්‍ය මුලාවකි.

    ReplyDelete
    Replies
    1. "//මාරයාට ඊයේ තකහනියක් මා එවූ ඊ-මේලය සපුරා සත්‍යයක් බවත් , එය ඔබ රහසක් ලෙස තබාගන්න.// "
      මචං මිනිහා ඔය ටික කියන්නෙම ඕක ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා , මාරයා නොමිලේම ඒ වැඩේ කරලා දුන්නා. මාරයාම කියන විදිහට මේක මිනිහට මාර සප් එකක් දැන් ඒ බ්ලොගට කට්ටිය නිකන් හරි ගිහින් එනවා.
      හැබැයි මචෝ මට හිතෙන්නේ වැරදිලාවත් ඕක ඇත්ත වුනානම් කොහොම හිටියිද?

      Delete
  25. මොනා නැතත් ඒ විදුර කියන ළමයා රාවණා මෙහෙයුම කියන නවකතා පොත කියවලා තියෙන කෙනෙක් කියලා පොත් කියවන අය විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්..මම ඒකත් කියෙව්වා මේකත් කියෙව්වා... ඔයින් එහාට මට මේ බ්ලොග් පෝස්ට් දෙක ගැනම අදහසක් නෑ..

    හැබැයි නොදැනුවත් අපි වාගෙ මිනිස්සුන්ගෙ දැනුමට බොරු ප්‍රපංච ඉදිරිපත් කරලා වැරදි මත නම් හරිම වැරදියි. ජුංඩක් හරි මොලේ තියෙනවා නම් විචාර බුද්ධියට යන එක අපේ වැඩක් නිසා ඒකෙ ලොකු ගැටලුවකුත් නෑ...

    ඔබ සැමට ජය!

    ReplyDelete
  26. මේ ඔය රාවනා මාර්කට් කිරිල්ල දැන්වත් නවත්තපල්ලා බං මිනි වලෙන් නැගිටලා ඇවිල්ල වෙඩි තියනවා උඹල ඒ මිනිහව ජෝක් වලට අරන් කියල දන්නවද? බුදුන්ට වඳින්නේ නැති හාමුදුරුවරු
    සොවියට සංගමේ.
    න්‍යෂ්ටික ඉංජිනේරුවෙක් (මම දන්නාතරමින් මේ පහසුකම තියෙන එකම විශ්ව විද්‍යාලයක් වත් ලංකාවේ නැහැ)

    ReplyDelete
  27. @ මාලන්

    ගල් වදිනවා හෝ ගාලා ... ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි.. :)

    ReplyDelete
  28. මම මී ජයා කියෙව්වෙ එක දවසයි හෝ දෙකයි... කරන්නෙ රාවණා උඩ තියන් දඟලපු උන්ට බැටේ දීමක් කියල හිතුනා.. ඒකත් හොඳයි ඉන්න අසහන කාරයොන්ට කියල නිකා හිටිය... (සමහරවිට කලේ ඒ දේ නොවෙන්න පුළුවන්) පෝස්ට් එකකින් දෙකකින් වැඩේ නතර නොවී දිගින් දිගටම ඇදගෙන යනව කියල පෙනුනහම නම් මට ඒක ගැන පැහැදීමක් තිබුනෙ නෑ.. මම හිතන්න මාරෙ අයියට මම ඒ ගැන කමෙන්ට් කරලත් ඇති..

    හැබැයි මේ මේල් එක නම් මී ජයාටත් වඩා ඇඩ්වන්ස්.. :) ඒත් මොහොතකට හරි උඹ ඇන්දුනා කියන එක නම් අනේ මන්දා.. සමහර විට පුද්ගලය ගැන තියෙන ෂුවර් එක හින්ද එහෙම වෙන්න පුළුවන්....
    මනුස්සය කවුද, කරන වැඩ මොනාද කතන්දර නැතුව හිමාලයට ගිය වෙලාවක හාමුදුරු නමක් මුණ ගැහිල ගියා කියන තැනින් කතන්දරේ පටන් අරන් තිබුන නම් මමත් සෑහෙන දුරකට ඇඳගන්නව හැබැයි..

    ReplyDelete
  29. මං හිතන්නෙ මේ සිද්ධියෙන් හොඳ ෆිල්ම් එකක් ගහතෑකි.... දැං අර ඇමරිකාවේ තොරතුරු එළියට දීපු එකා ගැනත් ෆිල්ම් එකක් තියෙන්නෙ.. අන්න ඒ ජාතියෙ එකක්... හි හි

    මං මුල ඉඳලා බලං හිටියේ මේ කේස් එකේ තව ඉස්සරහට දෙයක් තියෙනවා කියන එක දැනගෙන... විදුරගෙ බ්ලොග් එකේ කතාවලට වඩා මට ඇල්ලුවෙ ෆොටෝ ටික... ඒ ෆොටෝ ලංකාවේ එකෙක් ගත්තාය කියල හිතුවම මට මාර සතුටක් දැනුන.. එහෙම නැති බව දැනගත්තම දුකක් ඇති උනා.. එච්චරයි...

    විදුර සම්බන්ධයෙන් කියන්න ඕනෙ දේ විදුර මේ ගැන දාපු පළවෙනි පෝස්ට් එකේ පළවෙනි කමෙන්ට් එකේ කකා කියලා තියෙනව... ප්‍රබන්ධයක් කරනවා නං පොඩි හරි ඉඟියක් තියෙන්න ඕනෙ.. නැත්තං ඒක මහජනතාව රවට්ටන්න ආණ්ඩු කරන දේවල් වල ගානට වැටෙනවා... ඒ කියන්නෙ හැරී පෝටර් වගේ නෙවෙයි, සීරෝ ඩාක් තර්ටි ගානට වැටෙනව... ඔය සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙන හදන ෆිල්ම් වල සහ ලියන පොත් වල කොහෙ හරි අහුමුල්ලක ගහනවා සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙන කියන කෑල්ල... ඒ කියන්නේ සිදුවීම ඇත්ත උනත්, කතාව ගොඩ නඟන්නෙ කල්පිත උදවු කරගෙන... විදුරට අන්න ඒ ඉඟිය දෙන්න තිබ්බ... එතකොට ඒක බ්ලොග් එකෙන් එහාට අරං යන එක නං සම්පූර්ණයෙන් වැරදියි කියල මං හිතනව...

    අනිත් අතට විදුරගෙ ලිවීම ගැන මම මේ සිද්ධියෙන් පස්සෙ තමයි ටිකක් ඕනෙකමින් බැලුවෙ... ඇත්තටම විදුරට නොවිච්ච දෙයක් උනා වගේ ලියන්න පුලුවන්කම තියෙනව... ඒක ලොකු හැකියාවක්.. අන්න ඒ හැකියාව, ඔය පාවිච්චිකරන තොරතුරු වල වලංගුභාවය ගැනත් සැලකිල්ලකින් කරගෙන ගියානං විදුරට පුළුවන් ඒන්ෂන්ට් ඒලියන්ස් ප්ලොට් එකට ගහන්න පුලුවන් ප්ලොට් එකක් ලියන්න...

    ReplyDelete
    Replies
    1. \\\\\\මං හිතන්නෙ මේ සිද්ධියෙන් හොඳ ෆිල්ම් එකක් ගහතෑකි...\\\\\

      ස්කර්ට් මසාගෙන ඇඳගැනීම ගැනද ...? රහස් පරීක්ෂක සීන් එකක් නම් හදන්න බැහැ.. සම්පත් වැඩිපුර තියෙන්නේ ස්කර්ට් ගැන ෆිල්ම් එහෙකට .. :)

      අපරාදේ මේකට අපේ පේට්‍රියට් කොලුවත් ඉන්න තිබ්බේ.. පට්ට ආතල් එකක් ගන්න තිබ්බා..හිරු මෙතනත් අර තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..? . එකේ මාතලන් ලොක්කා ඇදගෙන නෑව එකේ අනික වෙන්න යන්නේ..


      මුන් ටික ( මාරයාට අදාළ නැහැ.. මට ඕනේ නම් අකුරෙන් අකුර නම් කරන්න පුළුවන් ...මානුෂීය සෙට් එක ) පට්ටම බ්ලොගක් , පොරක් හම්බුණා කියලා උඩ දාගෙන ගියා.. පස්සේ චොර උනා.. දැන් හෙමීට බෝලේ විදුරට පාස් කරනවා..

      මේකේ ඉන්න උන්ට තියෙන්නේ පුද්ගල වන්දනාව..මුලින් වෙනි බම්බුව උස්සන් යද්දී ඌ පොර.. පස්සේ අයිලාෂ් කැමරා ගැන කියද්දී ඌ තමා ඒ කාලේ පොර.. ඊට පස්සේ විදුරයා HDC ද මොකක්ද එකක් කියවද්දී ඌ පොර උනා...

      කට්ටිය පුකේ ඇර ගත්තම විදුර පලි .. විදුර දුන්නේ මුන්ට ගැළපෙනම බෙහෙත..

      මම ඉන්නේ එකෙක් එනකම් මේකට ...කැමරා ගැන ඇම්ම තියෙන එකෙක් ඌ ... රටේ වෙන දෙයක් ගැන එක වචනයක් කියන්න බැහැ.. හැබැයි මේ වගේ අහිංසකයෙක් අල්ලන් ගහනවා.. වරෙන්කො අද ඕකා...

      Delete
    2. "පොර" කියන්නේ අනිත් අය අතරේ කැපී පෙනෙන කෙනෙක් නම්..බම්බුවක් උස්ස ගත්ත පමණින් කවුරුවත් පොරක් වෙන්නෙ නෑ...මම ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි. විනෝදාංශයට ෆොටෝ ගන්න කෙනෙක් විතරයි. එච්චරයි. ඡායාරූප ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ඨ පොරවල් ගොඩක් ඉන්නවා මගේ බුකියෙ යාළු ගොන්න අතරෙ ! ඒ අය කවදාවත් මගේ එකම එක ෆොටෝ එකක් වත් හොඳයි කියලා නෑ..හැබැයි අඩු පාඩු පෙන්වලා දීලා තියෙනවා...මම අදටත් අයිලාස්ගෙ බ්ලොග් එක කියවන්නෙ මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්න. එතනින් අල්ලා ගන්න දේවල් ගොඩක් තියෙනවා. සහන් කවුරු හරි මාව පුද්ගල වන්දනාවක යෙදෙනවා කියලා හිතුවෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..එහෙම දෙයක් වෙලා නොවී තියෙද්දි...මේ ටික ඇතිද මන්දා සහන්ට මම ගැන තියෙන අදහස වෙනස් කර ගන්න..

      Delete
  30. ඉන්දියාවෙ මැප් එකක් ගැන අවබෝධයක් නැති මං වගේ කෙනෙක් ඒ ඊ මේල් එක කියවපුවම නං ඇත්තම කියල හිතෙනව. (ඇත්තටම ඇත්ත කියල මං හිතුව) මේකෙ ඔක්කොම කියවපුවම අනේ මංද කියල හිතුව. විදුරත් රයිඩ හැගාඩ් වගේ පොත් ලියන්න ගත්තනං ඔය ඊ මේල් යව යව ඉන්නෙ නැතුව ඔයිට හොදයිනෙ. එහෙනං ඒ පොත් වල මුල්ම පාඨකයෙක් තමා මම. ඇයි අනේ ඒ තරං හොදට ඒ කතාව ලියල තියනවනෙ.

    ReplyDelete
  31. මාරයා අය්යා මට නං මේ මල විකාර බලලා කියන්ඩ තියන්නේ මෙච්චරයි ... මේ විදුර ළමයට හොද දොස්තර කෙනෙක් අල්ලලා දෙන්ඩ බේත් ටිකක් ගන්ඩ ... මෙතන මනෝ වෙය්ය්ද්‍යය වරයෙක් කමන්ට් කළා නං උන්දැ කියන්නෙත් ඒක ...
    කෙනෙක් ගේ පරිකල්පන ශක්තිය ඒ හරහා නිර්මාණ කිරීම ගැටලුවක් නෙවේ නමුත් දන දැන තවත් කෙනෙක් හෝ පිරිසක් ර්වැටීම වෙනත් කාරණයක් .. මෙතන මේ පුද්ගලයාට වෙනත් ගැටලුවක් තියනවනං ඔහු ප්‍රතිකාර ගත යුතුයි ...

    ReplyDelete
  32. මේ විදුර කියන කෙනාට වර්ගපුර්ණිකාව වගේ බ්ලොග් එකක් අලුතින් ලියන එක තමයි දැන් කරන්න තියෙන්නේ ... අර මේල් ඒක කියෙව්වම මම නිකන්ම සුරංගනා ලෝකෙකට ගියා ..

    ReplyDelete
  33. කාලෙකට කලින් එක්කෙනෙක් උඹව කඩේ යවන්න යදද්දී උඹට ඒක තේරුණා.. මේකට අහු උනානේ මරයියේ උඹත්..

    ReplyDelete
  34. ගොඩක් මිනිස්සු දකින හීන තියෙනවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න ගොඩක් අයට බෑ. "මම දවසක මෙහෙම කෙනෙක් වෙනවා" කියන හීනේ පුංචි කාලේ ඉදලම හැම ළමයගේම හිතේ තියෙන හීනයක්.

    තමන් බලාපොරොත්තු වුන කෙනා වෙන්න බැරි උනාම. අප්‍රසිද්ධි‍යේ හරි ඒ හීන ලෝකේ ජීවත් වෙන්න සමහරු ආසයි. හැබෑ කරගන්න බැරි වුන හීන සමහරු අමතක කරත් සමහරු ඒ හීනවලම එල්ලීගෙන ඉන්නව.

    එහෙම අය තමන්ව නොදන්න අයට "මම මෙහෙම කෙනෙක්, මේ තරම් ඉගෙන ගත්ත කෙනෙක්, මගේ පවුල් පසුබිම මෙහෙමයි" කියලා කියන්නේ ඇත්තටම අනික් අයව රවටන්නටත් වඩා තමන් බලාපොරොත්තු වුන ජීවිතේ ඒ විදියට හරි විඳගන්න.
    මම එහෙම අය ගොඩක් දැකලා තියෙනවා. ඇත්තටම එහෙම අයට දරුණු අපරාධ කාරයෝ කියන එක පව්. එයාලට සැබෑවට ගත කරන්න බැරි වුන ජීවිතේ එයාල මේ විදියට කවුරුත් නොදන්නා තැනකට හරි ඇවිත් හිතෙන් ජීවත් වෙලා සියුම් සතුටක් ලබනවා.

    මම මේ කිව්වේ "විදුර" කියන කෙනා සම්බන්දයෙන්ම නෙමෙයි. මොකද මම එයා ගැන පුද්ගලික විස්තර නොදන්න නිසා. හැබැයි මෙතන කතා වෙන විදියට එයා නොගියපු ගමන් ගියා වගේ, නොගත්ත ෆොටෝ ගත්තා වගේ කරපු නිසයි මම මේක කිව්වේ.
    කොහොම උනත් එයා නිර්මාණශීලි කෙනෙක් මගේ අදහසේ හැටියට නම්. ඒ නිර්මාණශීලි කම මිනිස්සු රවටන්න යොදානොගෙන හොද විදියට යොදාගන්නවනම් එයාට හොද ගමනක් යන්න පුළුවන් වෙයි.

    නිර්මාණ කරුවෙක් කියන්නෙම හිතින් දකින්නෙක්. අපි නොගියපු ගමන්, අපිට නොවුන දේවල් අපිට උනා වගේනේ අපි ලියන්නේ. නවකතාවකදී "මම" කියල උපකල්පනය කරලා අපි ලියන දේ අපිට සිද්ධවුන දේවල් නෙමෙයිනේ. එහෙම බැලුවම එයා දක්ෂයෙක්.

    මේ අදහස.. වැරදි නම් සමාවෙන්නලා.

    ReplyDelete
  35. කියන්න දෙයක් නැත

    ReplyDelete
  36. මම මාරයාගේ බොග කාලෙක ඉඳන් බැලුවත් කවදාවත් කමෙන්ට් කරලා නැහැ, ඇනෝ කමෙන්ට් බැරි නිසා, ප්‍රොෆයිල් එකක් හදා ගන්න ඕන කම තිබුනත් කම්මැලි කමක් තිබුනා. මෙතන මට පේන දේවල් ටිකක්:

    1. ලංකාවේ කවදත් වෙනව වගේ, දැන් විදුරත් අර බස් වල ජැක් ගහල අහු උනු එකෙක් ගානට වැටිල ඉවරයි. මුලින් අල්ලල දුන්නු එකා (මාරය) අල්ලල දෙන්නෙ හොඳ හිතින් වෙන්න පුලුවන්. නමුත් ගහන්න සෙට් වෙන බාගයක් උන් පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන බොරු චන්ඩි.

    2. මෙතන ගොඩක් උන් ගෙ බුද්ධිය ගැන මට මීට වඩා ලොකු තක්සේරුවක් තිබ්බා. මම විදුර ගෙ බ්ලොග් එක කියෙව්වෙත් ඊයෙ මාරයා හරහා. අර මුල පෝස්ට් වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගැන තිබ්බ විකාර සහන්ට තේරුනේ නැත්තෙ ඇයි? HTTP කනෙක්ෂන් තහනම් ඩේටා කනෙක්ෂන් එකක් දීල තියෙන්නෙ පරමානු බලාගාර වලට FTP/SSH කරල කන්ට්‍රෝල් කරන්න ද අර ඇක්ෂන් ෆිල්ම්ස් වල තියනව වගේ? කෝච්චියෙ ෆොටෝ කියල පැහැදිලිවම වෙනස් වයිට් බැලන්ස්, වෙනස් රෙසොලූෂන්, වෙනස් කොලිටි තියන තුන් දෙනෙකු ගෙ පින්තූර කාටවත් පෙනුනෙ නැත්තෙ ඇයි? HDR ලෙන්ස් කියල ලෙන්ස් ජාතියන් නැති බව හෙන්රි ල ලිෂාන් ලත් දැනං හිටියෙ නැද්ද, අනික ඔච්චර මාස්ටර් ෆොටෝග්‍රෆර් කෙනෙක් එහෙම වචනයක් වරද්ද ගනී ද? වයිඩ් ඈන්ගල් ලෙන්ස් ගැන කතාවෙ ලිස්සල ගිය හැටි දැක්කෙ නැද්ද? පහතට හරවන්න බය ඇයි ඒව සාමාන්යයෙන් පුංචි බර අඩු ම ලෙන්ස් නෙ. කැමරා ලෙන්ස් අක්‍රිය වෙන්න තරම් විකිරන තියන තැනක මිනිහෙක් කැෂුවල් ඇඳන් යන්න බැරි බව සහන් ට තේරුනේ නැද්ද? සෝවියට් සංගමයක් අද නැති බව මාරය උනත් දැනං හිටියෙ නැද්ද? (දැන් මේව කියවල කෙනෙක් කියාවි දෙයක් උනාට පස්සෙ මම පණ්ඩිතය වෙන්න යනව කියල, කමක් නෑ)

    3. ගොඩක් උන් කියන්නෙ ඕක සුළු දෙයක්, මාරය ඇන ගත්තට අපි මොනව කරන්න ද, ඌ ක්‍රියේටිව් පොරක් ඔහෙ දිගටම ලියපු දෙන් කියලා. උන්ට තියා මාරය ට වත් දැන් මතක නැති හැඩයි සමාව ඉල්ලන අතරෙත් විදුර නැවත නැවතත් කියනව පොර මාරයට යවපු ඊමේල් එකේ තිබ්බෙ ඇත්ත කියලා. ඒ ටික බොරු කියල විදුර කියනව මම නම් තාම දැක්කෙ නෑ. ඒක ගැන ඔය විදුර ක්‍රියේටිව් කතාවක් ලිව්ව කියන අය මොකද කියන්නෙ? විදුර බොරුව අහු උනාට පස්සෙ ත් අහු නොවුනු ටික හරි ඩිෆෙන්ඩ් කරන්න යනව ද, එහෙම නැත්නම් අය්යල ඔක්කොම ඒ ටික ඇත්ත කියල පිලි ගන්නව ද?

    4. මීවනපලානෙ ජයා ගෙයි මුගෙයි වෙනස තේරුම් ගන්න බැරි උන් ගැන නම් අනුකම්පාවයි. මාරය වගේ සාපේක්ෂ මෝඩයෙක්ටත් තේරුන ඒ පැරඩි එකට බලන් යන කොට සහන් නුත් ඇඳ ගත්ත ලු. (සහන් වරදවා වටහගන්න එපා මට උඹ ගැන පුද්ගලිකව තියෙන්නෙ ලොකු ගෞරවයක්). උගෙ නම ම උනත් නම් දෙකක් එකතු කරල හදපු උපහාසයක් කියල තේරුනේ නැද්ද? ඒ උනත් මීජයා පුද්ගලිකව අනුන් අන්දන්න හදල තියද?

    5. විදුර ඇත්තටම ක්‍රියේටිව් පොරක්. ඔහොම අවාසනාවන්ත චරිත ඕන තරම් ලංකාවෙ ඉන්නව මිනිස්සු රවට්ටල ලාබ ගන්න නෙවෙයි නිකන් අහිංසක පොරත්වෙට ලොරි ටෝක් දෙන. එහෙම නැතුව විදුර හුදු ක්‍රියේෂන් එක සඳහාම බොරු කරා නෙවෙයි කියන එක මේ වෙන කොට සහ සුද්දෙන්ම ඔප්පු වෙලා ඉවරයි. විදුරට තියෙන්නෙ ආයෙ ලියන්න. හැබැයි තමන්ගෙ සැබෑ ජීවිතේ පොරත්වය ගැන බොරු නොකියා එහෙම කරන එකෙන් විදුරට ආතල් එකක් තියෙයි කියන එක නම් මට සැකයි.

    6. විදුර බැඳලා කියල වත්, න්‍යෂ්ඨික මොකෙක් වත් කියල වත් මම නම් හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies

    1. මුලින්ම වැදගත් මහත්මයෙක් විදිහට අදහස් කීම ගැන ස්තූතියි අගුණ...


      01.මන් හිතන්නේ මට අදාළ නැහැ ...( බස් ජැක් ගහන උන්ට සපෝර්ට් දෙන එකෙක් කියලා නිගමනයක් ගන්න එපා.. දන්නවනේ කතාවල් යන දුර )

      02.\\\\\\අර මුල පෝස්ට් වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් ගැන තිබ්බ විකාර සහන්ට තේරුනේ නැත්තෙ ඇයි? \\\\\\\

      මචන් මම විදුරගේ බ්ලොග් එකට ගිහින් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ අන්තිම පෝස්ට් 3 ට වගේ.. එයාගේ පරණ පෝස්ට් මම කියෙව්වේ නැහැ.. මොකද මම සංචාර ගැන එච්චර කැමැත්තක් දක්වන කෙනෙක් නෙවේ.. පස්සේ මේ හුට පට වෙද්දී තමයි මම ඔක්කෝම බැලුවේ ( 100% නෙවේ.. තුරුම්පුවක් ගැහුවා නෙවේ හොඳද )..

      මචන් මම අනන්ත දැකලා තියෙනවා එක එක අය එක එක දේවල් ගැන කියනවා.. ඒත් මම ඕක මෙහෙමයි අරක මෙහෙමයි කියලා කියන්න යන්නේ නැහැ ; ඒකෙන් ඒ මනුස්සයාගේ නමට හානියක් වෙනවා නම්.. ( මන් කාගේවත් ආතල් කුඩු කරනවා දැකලා නැහැ නේද ? )

      ඉතින් මම ඔය HTTP සිද්දිය දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.. කොහොමවත් එයාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ...මචන් මම ලියපු ෆයිටර් පයිලට් කෙනෙක්ගේ මානසිකත්වය කෙබඳුද කියන පෝස්ට් එකේ විදුර මගෙන් අහලා තිබුණා කොහොමද ඔටෝ පයිලට් සිස්ටම් එක වැඩ කරන්නේ සහ එයා හදපු ඉමේජ් රෙකග්නයිසින් සිස්ටම් එකේ ගැටළුවක්... මම ඒකට උත්තර දුන්නා.. ඒ වගේම එයා අහපු විදිහෙන් මට දේවල් කීපයක් තේරුණා...මම හිටියේ වෙනම ඒ ගැන එයාට කියන්නම් කියලා අලුත් පෝස්ට් එකක් හරහා... ( මන් එදා දැක්කා තවත් දෙයක් විදුරගේ පුද්ගලික.. ඒත් මම ඇහුවේ නැහැ ඒ ගැන.. )


      කැමරා ගැන කියලා තියෙන දේට නම් අදාළ නැහැ මචන්..මොකද මට පොටෝ ගැහිල්ල ගැනත් උනන්දුවක් නැහැ ( මාධ්‍ය ආයතනයක සම්බන්ධයක් තිබ්බත් )  .. උඹම දකින්න ඇතිනේ පොටෝ කාපර්ලා ටික පස්සේ ගිය හැටි.. මන් ඉතින් ඒවට නැහැ.. ( ඇඟ බේර ගන්නවා නෙවේ හොඳද.. ගැටළු සහගත නම් නැවත ප්‍රශ්න කරන්න  ) හැබැයි මම පැහැදිළිව කිව්වා මේ පිංතූර නම් ඉතාම ඉහළයි කියලා.. ඒක එක හෙළා පිලිගන්නවා..

      දැන් දන්නවා ඒවා ගැහුවේ කව්ද කියලා.. බලද්දී ඉතින් මම කියපු දේ ඇත්ත පින්තූර වල කොලිටි එක ගැන...ඒවා ගහලා තියෙන්නේ ඇත්තටම දක්ෂයෙක් ...


      මචන් මේ න්‍යෂ්ටික කතාව දැකපු හැටියේම මට නම් යමක් තේරුණා.. මොකද සෝවියට් නෙවේ මොන ලෝකේ රටකින් වත් ස්වදේශික නොවන කෙනෙක්ට න්‍යෂ්ඨික බලාගාරයක් ඇතුළට යන්න වත් දෙන්නේ නැහැ..අඩුම තරමේ අපේ MCR එකට වත් කිසිම කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ . ගිහින් තිබ්බොත් පහුවදාම වැඩ තහනම් කරනවා මාස 3 ක පඩි දීලා..ඉතින් මේ න්‍යෂ්ටික කතා ගැන කවර කතාද ...? ( ඒත් ඉතින් මම ආතල් කඩන්නේ නැහැනේ .. ඉතින් හිටියා.. )

      අනිත් එක මචන් ඔහොම ඉංජිනේරුවෙක්ව පාරවල් ගානේ හිපාටුවෙක් වගේ ඇවිද ඇවිද යන්න තියන්නේ නැහැ රේඩියෝ බාස් කෙනෙක් වගේ...


      03. මචන් හරි සංකීර්ණයි ... මන් මේ ගැන දරණ ස්ථාවරය උඹ මේ වෙද්දීත් දකින්න ඇතිනේ..

      Delete

    2. 04.මචන් මී ජයේ + විදුර ගැන ඇදුණේ මාරයා පස්සේ කියපු දේවල් නිසානේ..එතෙක් මී ජයේ + විදුර අතර මුකුත් පලහිලව්වක් අපි කව්රුත් දන්නේ නැහැ...මේ රාවණා සීන් වෙලා තියෙන්නේ පුද්ගලික මේල් හරහා..( ඒකනේ මන් කියන්නේ මුන් ෆන් ගන්නේ ප්‍රයිවට් එකේ.. ෆන් එක කුඩු වෙලා ඔලුව පලන් ඇවිත් ලෝකෙටම කේස් එක කියනවා .. ඒක කියන්නේත් මන් හොඳයි , අරූ බල්ලා ක්‍රමයෙන් )


      හැබැයි මචන් මී ජයේව සීරියස් ගන්න අය තාමත් ඉන්නවා.. කොටින්ම මටත් ඉස්සර හිතාගන්න බැරි උනා මී ජයේ කරන්නේ සීරියස් දෙයක්ද නැද්ද කියලා ...ඒ තරම් මිනිහා දක්ෂයි ....

      05.\\\\\\හැබැයි තමන්ගෙ සැබෑ ජීවිතේ පොරත්වය ගැන බොරු නොකියා එහෙම කරන එකෙන් විදුරට ආතල් එකක් තියෙයි කියන එක නම් මට සැකයි.\\\\\

      වැදගත් කතාවක් අපි හැමෝටම.. අපි බලෙන් එන්ජිනේරුවෝ වෙන්න යන්න ඕනේ නැහැ..එහෙම පෙන්නන්න යන්න ඕනෙත් නැහැ..මේ බ්ලොග් අවකාශයේ මම පුද්ගලිකව දන්න ඉංජිනේරුවන් 9 දෙනෙක් විතර ඉන්නවා බ්ලොග් හිමි ( සයුරි ,කකා , මධු , රංග , ඒකාධිපතියා , පැතුම් , uk රංග , ......  )  ..ඒ අය කව්රුත් මම ඉංජිනේරුවෙක් කියලා කියන්න යන්නේ නැහැ...ඔහේ ඉන්නවා නිශ්ශබ්දව...



      6. දන්නවනේ මේ ගැන මගේ ප්‍රතිපත්තිය ...


      මචන් දැන් මේ කමෙන්ට් එක දිහා බලලා " අහ්හ්හ් එහෙනම් සහනුත් ඇඟ බේරාගත්තා " කියලා කිව්වට කමක් නැහැ ... එහෙම කියන්න හේතු තියෙනවා..

      මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විදුර මේල් හරහා කරන්න ගිය දේවල් වලට කව්ද වැරදි ...........? දැක්ක ගමන් "  අනේ මෙයා හරි ෂෝයි " කියලා හිතන්න යන්න එපා... මේ ලෝකේ හැමෝම ගේම දෙන්න පුළුවන් තැන ගේම දෙනවා..

      එහෙමත්ම කෙනෙක් විතරයි ඔහේ පාඩුවේ වෙන දේවල් බලන් ඉන්නේ...


      _______________________________

      මේ තියෙන්නේ මම දාපු කෙමෙන්ට් එක විදුර මගෙන් දෙයක් අහපු වෙලාවේ ... තද කළු අකුරෙන් මම කියපු දේ බලන්න ..

      SilentSahanOctober 9, 2013 at 2:07:00 PM GMT+5:30


      මට කියන්න විදුර බාධකයක් දැකපු හැටියේ යානයේ කොන්ට්‍රෝලින්ග් සිග්නල් ටික ඒ ඒ අනුව වෙනස් උනාද ..? යානය හැරවීම නොවීම නෙවේ යානයේ කොන්ට්‍රෝලින්ග් සිග්නල් ටික බාධක වලට අනුරූපව ආවද ...?

      අල්ට්‍රසොනික් වලින් බාධක හඳුනා ගෙන ඒ අනුව යානයේ ගමන් මග වෙනස් කරන්න සිස්ටම් එකක් හදන්න ලේසියෙන් බැහැ විදුර... ඉහල වේගයන් වලදී ඉතාම දුර්වලයි........


      නිකන් සෙල්ලන් කාර් එකක් හදන්න නම් පුළුවන්... ඒත් ඒවා නිකන් ටෝයිස් විතරයි... !
      ___________________________________

      පහල වැටුණ කමෙන්ට් එක මම අයින් කරනවා.. අකුරු 4000 වැඩි නිසා බ්ලොක් උනා කමෙන්ට් එක ...

      Delete
    3. මචන් සහන්,

      ෆොටෝ ගැන උඹට කියන්නෙ ගියේ නැහැ, අනික මම කිව්වෙත් හෙන්රි වගේ උන්ට වත් අපහාසයක් කරන අරමුනකින් නෙවෙයි. කැමර ගැන උඹට අදාල කතාව කිව්වෙ උඹේ ෆීල්ඩ් එකට සම්බන්ද දෙයක්. මූ කිව්ව නෙ විකිරන නිසා පොරගෙ ලෙන්ස් වැඩ කරේ නැහැ කියල, ඒක මත හිතුනෙ උඹට අහු වෙන්න ඕන කියලා ඉලෙක්ට්‍රොනික් කතාවක් නිසා. උඹ ඒව කියවල තිබුනෙ නැත්නම් සමා වෙයන්.
      ඉංජිනේරුවො ගැන නම් උඹ කියපු කතාව නම් ඇත්ත, හැබැයි මේ බ්ලොග් අවකාශෙමත් තමන්ගෙ ඉංජිනේරු කම අවස්තාවක් ආපු ගමන් කියන ඉංජිනේරුවො හෝ වෙන්න ඉංජිනේරුවොත් මම දැකල තියෙනව.

      මට නම් මේ සිද්දිය ගැන තියෙන්නෙ දුකක්, අර ගී ද මෝපසාං ගෙ කතාවක් කියෙව්ව වගේ. විදුර වගේ උන් නැති තත්ත්වයක් හීනෙන් දැක්ක විතරක් නෙවෙයි ඒකෙන් මිනිස්සු රවට්ටල බොරු නම්බු ගන්නත් බලනවා, උන්ව කියවන උනුත් සර්කස් කාරයෙක් දැක්ක ගමන් පොරව පෙඩස්ටල් එකකින් තියල මල් පූජ කරල, පස්සෙ ඒකටම කුළුගෙඩි ගහල lynching වලට යනවා. අපේ මිනිස්සු මෙහෙම රැවටෙන්නෙ හිත හොඳ වැඩි කමට ද එහෙම නැත්නම් අර මීවැල්ලාවෙ යන, දෙය්යො වඩිනව ලයිව් බලන්න කතරගම යන උන්ගෙ ජාන අපි කාටත් ටික ටික තියනවද ?

      මාරය සමාව්වෙන්න ඕනෙ, "සාපේක්ෂව මෝඩ" කියවුනේ වැරදිලා, සාපේක්ෂව නූගත් කියලයි කියන්න ගියේ. මට හිතෙන්නෙ මාරය අපි ගොඩක් දෙනෙක් ට වඩා සාපේක්ෂව මීටරේ නම් හොඳ ඩයල් එකක් කියලා.

      Delete
    4. \\\කැමර ගැන උඹට අදාල කතාව කිව්වෙ උඹේ ෆීල්ඩ් එකට සම්බන්ද දෙයක්. මූ කිව්ව නෙ විකිරන නිසා පොරගෙ ලෙන්ස් වැඩ කරේ නැහැ කියල, ඒක මත හිතුනෙ උඹට අහු වෙන්න ඕන කියලා ඉලෙක්ට්‍රොනික් කතාවක් නිසා.\\\\\

      මචන් ඔන්න ඕක ගැන අවස්ථා කීපයකින් කියන්න වෙනවා ..

      01. මචන් න්‍යෂ්ටික බලාගාරයකට කැමරා උස්සන් යන්න දෙන්නේ නැහැ. එහෙම දේවල් ලොවෙත් වෙන්නේ නැහැ..ඔය අපි පින්තූර වලින් දැකපු ඒවා අරන් ඇත්තේ විශේෂ අවසර පිට.. කුටියෙන් කුටියට , පියවරෙන් පියවරට එක එක ආරක්‍ෂිත සැළසුම් තියෙන්නේ.. අර කුටියට යන්න අවසර ඇති කෙනාට මේ කුටියට යන්න බැරි වෙන්න පුළුවන් ආරක්ෂක හේතු මත.. ඉතින් මචන් කොහෙත්ම කැමරාවක් නම් න්‍යෂ්ඨික බලාගාරයක් ඇතුළට යන්නේ නැහැ.." අනේ මචන් පටාර් ගාලා පොටෝ දෙකක් ගහන් එන්නම් " කියලා අවසර දෙන්නේ නැහැනේ..අනික මේ රුසියාව ..! සෙල්ලන් නැහැ..

      02.. අනික මචන් විකිරණ නිදහස් වෙන කුටි ඇතුළට යන්නේ කොහොමද ....? කුටියට පිටින් ඉඳගෙන නම් පොටෝ ගහන්න පුළුවන් කැමරාවකින්.. මොකද කුටියෙන් පිටතට විකිරණ එන්නේ නැහැ..." විකිරණ නිදහස් වෙන තැනක හිටපු නිසා කැමරාව වැඩ කරේ නැහැ "කියන කතාව බොරුවක්.. න්‍යෂ්ටික බලාගාර හදලා තියෙන්නේ " ඔන්න අයින් වෙයන් යකෝ ... විකිරණ පාරක් ඔන්න එනවෝ කැමරාව බේර ගනින් " කියන් දුවන්න නෙවේ... ( මට හිනා යනවා බන් ) එහෙම පිටතට විකිරණ නිදහස් වෙන්නේ නැහැ.. ( කොටින්ම රේඩියෝ සම්ප්‍රේෂණාගාර හදද්දීත් රේඩියෝ පවර් එක ලීක් නොවෙන්න හදන්නේ.. එහෙම එකේ විකිරණ ලීක් වීම් ගැන කවර කතාද .. මගේ අකුණ පෝස්ට් එකේ ඔන්න ඕවා ගැන ඇතුළත් .. දැනගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඒවා බලන්න .)

      03. කොහෙන් ගියත් විකිරණ සීන් එක බොරුවක් ඉලෙක්ට්‍රොනික දැනුමක් ඕනේ නැහැ ඒකට.. ඉලෙක්ට්‍රොනික් ගැන කිව්වොත් නම් කියන්න තියෙන්නේ සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ හානි වෙනවා විකිරණ නිසා..හැබැයි ලෙන්ස් එක යන්නේ නැහැ..මට මේ දැන් මා ළඟ තියෙන පින්තූර වගයක් දාන්න පුළුවන් අභ්‍යාවකාශගත කරන චන්ද්‍රිකාවක තියෙන කැමරා පද්ධතිය.. ( මන් ඒ පොටෝ දැම්මම ගූගල් ඉමේජ් සර්ච් කරලා බලන්න ඒවා වෙන කොහේ වත් නැහැ.. සයිලන්ට් සහන්ගෙන් පමණයි ...මම ඒ ටික තියන් ඉන්නේ මගේ වෙන වැඩකට ගන්න ) මොකද ප්‍රභලම විකිරණ වලට දවසෙන් පැය 12 ක් මුහුණ දෙනවා සැටලයිට් වල තියෙන කැමරා.. ඒත් ලස්සනට වැඩ..එක දිගට අවුරුදු 15 ක් විතර.. අනික මචන් ඒ ලෙන්ස් එකට පුළුවන් කිලෝමීටර් 35,000 Zoom කරන්න.. තේරෙනවනේ ඉතින්..විකිරණ වලින් හානි නොවෙන කැමරා ඕනේ තරම් තියෙනවා.. මම ඊළඟට දාන්නම් පෝස්ට් එකක් ..උඹ පුදුම වේවි...



      04. අනික මචන් ඇතුළට යන / එන හැම භාන්ඩයක් ගැනම ලියනවා නේද ඔහොම තැන් වල.. දූවිල්ලක් ගියත් ඒ ගැන සටහන් වෙන තැනක ගෙඩිය පිටින් කැමරාවක් ඇතුළට යන්නේ නැහැ.. ( බාලචන්ද්‍රන්ගේ පොටෝ එකට උනත් මේක පොදුයි.. ඒකයි එදා මම කිව්වේ මේ පොටෝ බොරු කියලා )


      \\\\\\\\\\\\\උන්ව කියවන උනුත් සර්කස් කාරයෙක් දැක්ක ගමන් පොරව පෙඩස්ටල් එකකින් තියල මල් පූජ කරල, පස්සෙ ඒකටම කුළුගෙඩි ගහල lynching වලට යනවා.\\\\\\\\\

      මාත් මෙච්චර වෙලා කිව්වේ ඔන්න ඔය ගැන.. බලහන් උඩ දාපු උන්මයි දැන් පාගන්නේ... මන් කියන්නේ දෙයක් උනා නම් ඒක සාමකාමීව බේරාගන්නේ නැතුව පුක පලන්න යන්නේ ඇයි ...?


      මටත් මාරයා එක්ක අවුලක් නැහැ ..මට අවුල තියෙන්නේ මේ සුචරිතවාදී උන් ගැන...

      ( පුක යනු කුණුහරුපයක් නෙවේ )

      Delete
    5. @සහන්
      උබේ බ්ලොග් එකේ පොර "ඉස්සර MIT ඉන්න කාලෙ" කියල පටන් ගත්තට පොර කියන රාස්ප්බෙරි පයි එක මුලින් ම මාකට් එකට ආවෙත් ඔය කමෙන්ට් එක දාන්න අවුරුදු එකහමාරකට වගේ කලින්, ඒත් මුල යුනිට්ස් වලට සති ගානක දිග පෝලිමක් තිබුනා.

      කොහොම උනත් විදුර ක්‍රියේටිව් සහ අනිවාර්යයෙන් දක්ෂ පොරක්. ඉන්ටර්නෙට් එකෙන් උනත් තනියම හදාරල රටක් ගැන උනත් ඔහොම ඉගෙන ගන්න නිකන් ගොබ්බයෙක් ට බැහැ. ස්තෙෆ්නි මෙයර් වගේ මෝඩ ගෑනු ලක්ෂ ගනන් හොයන කාලෙක මුන් වගේ උන්ට තැනක් එනව නම් හරි රටක, මාර සාර්තක වේවි. වැරැද්ද තියෙන්නෙ මුන්ගෙත් එක්ක, ගොඩක් උන් කැමති මහන්සි වෙනවට වඩා කෙටි පාරෙන් පොරක් වෙන්න. බලපන් ඔය ඉන්ටර්නෙට් එකේ ඇඩ්ස් ක්ලික් කරලා ඩොලර් එකක් විතර හම්බ කරන් හෙන ජයග්‍රහනයක් ලැබුන වගේ ස්ක්‍රීන්ෂොට් නුත් දාල බ්ලොග් ගනන් ලියන උන් ඉන්න රටක් නෙ මේක. වැඩක් නොකර පුටුව උඩ ඉඳන් හම්බ කරන එකේ බොරු ලොකු කම ඇරෙන්න උන්ට ඒ වෙලාවෙ ලියුම් කවර ඇලෙව්වත් රුපියල් වලින් ඊට වඩා ගානක් හොයන්න පුලුවන් කියල තේරෙන්නෙ නෑ.

      Delete
    6. මචන් මන් නම් ඔය MIT , CIT , HDC , CIA , WCD කතන්දර දන්නේ නැහැ..

      රාස්බෙරි පායි ගැනත් මේ ගමන්ම කියන්නම්...ඔය රාස්බෙරි පායි එකක් ඇවිත් නෙවේ මේ ලෝකේ මෙතෙක් කල් වැඩ කරේ.. ඕනෙම හාර්ඩ් වෙයාර් පද්ධතියක් ඇතුලේ ෆර්ම් වෙයාර් කීපයක් තියෙනවා පිටින් දමාපු.. සරළ කේත ටිකක්..ඒ කේත මගිනුයි හාර්ඩ් වෙයාර් එකට ජීවය ලැබෙන්නේ.. නැතුව මේ අහසෙන් ආව රස්බෙරි පායි එහෙකින් නෙවේ. ... රස්බෙරි කියන්නෙත් පරිගණකයක ෆන්ක්ෂන් එක ලබාගැනීම සඳහා සැකසු මොඩියුල් එකක් විතරයි.. මොකක් හරි අලුත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් සැළසුම් කරද්දී රස්බෙරි එකක් මත යැපෙන්නේ නැහැ..ඒවා නිකන් ටෝයිස් වැඩ ... අමිල උනත් දවසක් රස්බෙරි ගැන කියලා තිබ්බට මම එතන ගිහින් මොනවත් කිව්වේ නැහැ..ඒක අගේ කරලා ආවා...එච්චරයි ... ( දැන් ඒ පාර රස්බෙරි පයි එකක් අදෙයිද දන්නේ නැහැ )




      ඔබේ අවසන් චේදය මම ඉතාම අගේ කරනවා අගුණ ... දක්ෂ මනුස්සයෙක් වැරදි පාරක යනවා දැක්කොත් අපි කරන්න ඕනේ ඌව මරලා දාන එක නෙවේ... ඒ මනුස්සයට හරි පාරට එන්න උදව් කරන එක ...


      මමත් දැන් මෙතනින් ඉවත් වෙනවා... දැන් ඇති මේ ගැන කතා කරා...


      කෙටියෙන්ම මට විදුරට කියන්න තියෙන්නේ ආයෙම ලියන්න විදුර...

      Delete
    7. දක්ෂ මනුස්සයෙක් වැරදි පාරක යනවා දැක්කොත් අපි කරන්න ඕනේ ඌව මරලා දාන එක නෙවේ... ඒ මනුස්සයට හරි පාරට එන්න උදව් කරන එක
      නැත්නම් මිනිහා වෙන ප්‍රතිරුපයකින් කලින් පාරේ යයි.

      Delete
  37. මොක නැතත් සහන් කියපු එක දේකට එකඟයි. විදුරට දැන් කන්න වෙන කෑමේ සැර තීරනය වෙලා තියෙන්නෙ එක එකා කපාගෙන ඇඳ ගත්තු තරම උඩ.

    මේක මාරයට 100% අදාල නැහැ මට අනුව නම් (ටිකක් අදාලයි), මොකද විදුර සමාව ඉල්ලන ගමනුත් මැරෙන්න හදපු නිසා මාරයට කිව්ව ඔක්කොම ඇත්ත කියලා, මාරයට වෙන ඔප්ෂන් එකක් නැහැ ඒ ඊමේල් එක දානව ඇරෙන්න.
    ඒක bona-fide ක්ලේම් එකක් නෙවෙයි නෙ. මේ මාරය ගෙ ගැහිල්ල පවු උනත් ඉතින් ඕනෙ කටු බල්ලෙක්ටත් හැරිල හපන්න වෙන වෙලාවලුත් එනවා.

    ReplyDelete
  38. මිනිහෙක් බ්ලොග් එකක් හදාගෙන තමන් කැමති දෙයක් ලියන එක කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි... බොරු හරි ඇත්ත හරි ඒක උගෙ වැඩක්...

    නමුත් තවත් කෙනෙකුගෙ බ්ලොග් කියවල ඒ හරහ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වලට බලපෑම් වෙන විදිහෙ බොරු කරන එක හරියි කියන්නෙ මොන තේරුමෙන්ද...

    මාරයට මෙහෙම එවපු එකාටම ආර්ථික ප්‍රස්න තියෙන වගේ තරුණ කොල්ලො ඉලක්ක කරල ඉතාලියට බෝඩර් පන්නන්නම් වගේ දෙයක් කියල මුලා කරල ගසා කන්න මේ වගේ එකෙකුට බැරිද...

    මාරය මේ කරපු වැඩෙන් එහෙම වෙන්න පුංචි හරි ඉඩක් තිබුණ නම් ඒක නැති වුණා... එච්චරයි...

    ප.ලි.
    මී ජයා ගෙ බ්ලොගය යි මේකයි දෙකම එක වගේ කියන සහෘදයො ගැන නම් ඉතින් ... අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. ""මී ජයා ගෙ බ්ලොගය යි මේකයි දෙකම එක වගේ කියන සහෘදයො ගැන නම් ඉතින් ... අනේ මන්ද...""

      ඔබතුමා කාවවත් ඉලක්ක නොකර තොප්පිය පාවෙන්න විසි කරපු නිසා තොප්පිය කවුරු වෙනුවෙන් හැදුව එකක්ද කියලා හිතා ගන්න ටිකක් අමාරුයි. ඒත් තොප්පිය මගේ ඔලුවේ සයිස් එකට ගැලපෙන නිසා ඔන්න මම දාගත්තා.

      මම කොතනවත් කියලා නෑ මීජයාගේ බ්ලොග් එකයි, විදුරගේ බ්ලොග් එකයි දෙකම එකයි කියල.

      මම කිව්වේ;

      1. මීජයා මට්ටමටම විදුරට ප්‍රබන්ධ කළ හැකි බව
      1.1 මාරයාට විදුර එවු ලිපියේ ඇති නිර්මාණශීලීත්වය
      1.2 නොගිය රටක නොගිය ප්‍රදේශයක සැබැහින් ගියාක් මෙන් ලිවීමෙන් ඔහු ප්‍රකට කළ හැකියාවෙන් [ඡායාරූප නොදැම්මනම් ඔහු හසු වීමට තව කල් ගත වෙනු ඇති බවයි මගේ හැඟීම]

      2. මීජයා යනුත් විදුර යනුත් ප්‍රතිරූපකයන් බව. එනම් පෙනී සිටින්නන් බව. එනිසා දෙදෙනාටටම තිබුනේ රැවටීමේ උවමනාවක්. වෙනස ඔවුන්ගේ අරමුණ.
      2.1 මීජයා - දේශපාලනමය/සමාජීය උවමනාවක්
      2.2 විදුර - අන්‍යන්ගෙන් ප්‍රශංසා ලැබීමේ උවමනාවක්, නැති තත්ත්වයක් ආරෝපණය කර ගැනීමේ උවමනාවක්

      එනිසා ඔවුන් දෙදෙනගේම ප්‍රෝසෙස් එක සමනයි නමුත් ඇප්ලිකෙශන් එක වෙනස්.

      Delete
  39. මට මේ හාදයාගේ කතාවෙ තාක්ෂන පැත්ත සහ ෆොටෝ නොතේරුනත් මට තැන් තුනකදී තේරුනා මේ සෙප්පඩ විජ්ජාවක් කියලා

    1) Gypsies ගැන කෙරුනු සංවාදයේදි මම, රංගි සහ තවත් කෙනෙක් එකතුකල අදහස් සහ ඔහු දුන් උත්තර

    2) අර කොහෙද අස්සක හම්බවුනා කියන පූජකතුමා....මම ඇහුවා මොන භාශාවෙන්ද ඒ පූජක වරයා සහ බිරිඳ සාකාච්ඡා කලේ ලියලා..මොකද ඒ සාකච්ඡාව ආගම පිලිබඳ ගැඹුරු සාකාච්ඡාවක්. අතර මැදි උත්තරයක් මට ලැබුනේ.

    3) හැම තැනම ඇවිදින කෙනෙක් හැටියට ගැහැනු ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඉන්න බව නොදැනීම.

    මම මුල ඉඳන්ම ඔය බ්ලොග කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. \\\මම මුල ඉඳන්ම ඔය බ්ලොග කියෙව්ව.\\\

      අරූ වහ කෑවා වගේ කතාවක් මේ කියලා තියෙන්නේ.. දැන් කැටේ ඔයාට සෙට් වෙන්න බැරි නැහැ ..:)

      @ මාරස්

      මෙහෙ වරෙන් යකෝ... මෙතන හරි හරි ඒවා වෙන්නේ දැන්...:D

      Delete
    2. මොකද සහන් මේ හැම තැනම මාරයට අඬගගහ, රෙදි මහගන්න, වහ කන කතා කියන කියන යන්නේ?

      Delete
    3. ඉතින් අයිතීන් තිසර කලබල වෙලා තියෙන්නේ ...? මන් ඔයාට කියපු ටිකට එතනට ගිහින් උත්තර දීලා එන්නකෝ මුළින් ..ඊට පස්සේ අලුත් කතාවකට මුල පුරමු ... මේකට තව දෙන්නෙක් තුන් දෙනෙක් අඩුයි..උන් ටික නැහැ..කමක් නැහැ දැන් තිසර ඉන්නවනේ...

      මුලින්ම මම උඩ ඔයාට කියපු දේට උත්තර දීලා එන්න.. ඊට පස්සේ කතාව පටන් ගමු ...

      . තේරුණාද ..........?

      Delete
    4. ***** ඇයි ඉතින් තිසර

      Delete
    5. තිසර මට දැන් මේ පෝස්ට් එකේ තව මේ ගැන කතා කරන්න දෙයක් නැහැ.. ඒ නිසා මම ඉතාම කෙටියෙන් මේ දේ කියන්නම්.. තිසර , උදිත , අරුණි , රාමචන්ද්‍ර කියන බල්ලා , අජිත් කියන එකා , තව එකෙක්ට මම ඊයේ කිව්වා , තව ඉන්නවා 6 දෙනෙක් මේකේ නටන්න හදන්නේ වෙන නාඩගමක්.. මෙතන නාඩගම් නටන්න ලැස්ති වෙන්න එපා. ඒවා කරන්න ලැබෙන්නේ නැහැ. ලොකු පොත් වල පඩත්තර කතා වලින් බැහැ සත්‍ය වහන්න.. එක එක පොත් පෙරලන්න එපා.

      අද හොඳටම දැක්කා තිසර වගේ අයගේ හෙළුව. පොඩි කොල්ලෙක් අල්ලන් රටේ නැති මගුල් කියව කියව උඹලගේ තියෙන බලු කම පෙන්නනවා.. ඒ බලු ගතියේම හොඳම එක මම දැක්කනේ කලින්..මතක් කරලා දෙන්න ඕනේ නම් ඕනේ වෙලාවක කියන්න තිසර...

      ඒ නිසා තව තව විකාර කරන්න එපා. සමහර දේවල් අමතක වෙලා නම් කියන්න. මතක් වෙන විදිහට අපි හම්බෙමු වෙලාවක. එකෙක්ට නම් දැනුම් දුන්නා. හොඳට මතක තියාගන්න පඩත්තර වැඩ කරන්න එපා.. ආයේ වචනයක් හරි බබා වෙන්න ආවොත් ; අපි හම්බෙමු මතක් වෙන විදිහට ...

      ------------------

      Delete
    6. කියන මළදානයක් පැහැදිලිව කියන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලාම. නිකං වචන ගොඩවල් ටයිප් කරන්නෙ නැතුව. ඔය කියන කට්ටිය මේ සම්බන්ධව කිසිම අදහසක් කියලා තිබ්බා මම නම් දැක්කේ නැහැ.

      මම නටන නාඩගම හරි කෝලම හරි මම නටාගන්නම්. බලං ඉන්න කැතයි වගේ නම් අහක බලාගන්න. අනික මගේ හෙළුව හරි බලුකම හරිනේ පේන්නේ.. හරි නං අප්සැට් යන්න ඕනේ මටනේ.... මගේ හෙළුවයි බලුකමයි දැක්කහම මොකද උඹ අඬන්නේ?

      ආයෙත් කියන්නේ.... කියන මගුලක් පැහැදිලිව කෙලින් කියන්න... නිකං ලොරි ටෝක් වගේ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති වැල් බයිලා ටිකක් ලියලා පොර වෙන්න යන්නේ නැතුව.

      Delete
    7. විදුරගේ ප්‍රශ්නේ ගැන මම කියන්න ඕනේ ටික කෙටියෙන් කියලා ඇතිනේ October 27, 2013 at 1:10 AM මෙතන..අන්න එක බලපන් හරකෙක් නොවී. එතන කෙටියෙන් තියෙනවා.. අනිත් දේවල් ගැන කියලා තියෙන්නේ කෙනෙක් මගෙන් අහපු දේවල් වලට උත්තර විදිහට.. තමුසෙට ඒක අමාරු නම් ඇයි තමුසේ ඒවා බලන්නේ ? මන් තමුසෙව ක්වෝට් කරලා කියපු දේට උත්තර නොදී තමුසේ මොකද එහෙනම් වෙන තැනක තියෙන රෙද්දකට කතා කරන්නේ ? ලොකු ඒවා කරන්න බැහැ කියල නම් මන් දන්නවා තිසරට.. ඒ නිසා මම පොඩියට කියපු එක බලලා නිකන් ඉන්නවා සීනි කිරන්න එන්නේ නැතුව..


      \\\\\\\නිකං ලොරි ටෝක් වගේ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති වැල් බයිලා ටිකක් ලියලා පොර වෙන්න යන්නේ නැතුව. \\\\\

      මේ කොටස ගැළපෙන්නේ තිසරටම තමයි.. අර පොත් මේ පොත් , අර ආණ්ඩුව ගැන , මේ ආණ්ඩුව ගැන , අර රචකයා ගැන , මේ රචකයා ගැන කියලා තියෙන්නේ කව්ද ..?

      තිසරට මමයි මුලින්ම මෙහෙම උත්තරයක් දෙන්න ඕනේ.. රයිට් දැන් පටන් ගත්තනේ.. දැන් එමු කතාවට.. අයිසේ තිසර නිකන් බයිලා ගහන්න එපා ඕයි.. තමුසෙලා දන්නේ නිකන් පොත් පෙරලන්න විතරයි..සාහිත්‍ය කාරයෝ දන්නවද ඕයි ලෝකේ කරන්න..? තමුසෙගෙ සාහිත්‍ය මන් දැක්කනේඑදා බාලචන්ද්‍රන් ගැන කියවද්දී ...

      තමුසේ ඕයි නොදන්නා රෙද්දවල් කියවන්න එන්න එපා. තමුසෙගෙ සාහිත්‍ය අරන් වෙන කොහේ හරි යනවා. ඔච්චර මහ ලොකු කෙරුමට බැරි උනා විදුරට මේක තේරුම් කරලා දෙන්න වචනයක් කියන්න.. ලැජ්ජයිනේ ඕයි ... අනේ නිකන් පලයන් බන් යන්නේ රෙද්දේ මානූශියත්වය අරන් යන මගුලක... උඹලා එනවා අපිට මානුශීයත්වය උගන්නන්න...

      උඹ වගේ දෙබිඩි මිනිහෙක් එක්ක කතා කරන්න තව දෙයක් නැහැ.. තව තව ලොරි ටෝක් නම් දෙන්න එන්න එපා.. ( ආවත් කමක් නැහැ .උත්තර දෙන්න පුළුවන් )

      Delete
    8. මගේ සාහිත්‍ය මම තමුසෙට පෞද්ගලික ලියලා එවලා නැහැනෙ සහන්. ඒක හැමෝටම පේන්න ලියපු තැන් වල ඇති. තමුසෙට විතරක් අමුතුවෙන් දකින්න මම කිසි දෙයක් ලියලා නැහැ.

      ඔව් ඕයි පට්ට ලැජ්ජයි නේද විදුර බබාට මේක තේරුම් කරලා දෙන්න බැරි වුන එක... මං කියන්නෙ යකෝ මෙච්චර මානුෂීය පොරක් වෙලත්.... මොනා උණත් හුරතල් න්‍යෂ්ටික විද්‍යාඥයෙක්නේ...

      මා එකක් කතා කරන්න තව දෙයක් නැති බව දැන්වත් තේරිච්ච එක ලොකු දෙයක්... මාත් ඕක අඟවන්න සෑහෙන ට්‍රයි එකක් දුන්නා... කොහෙද තමුසෙට දැන්නෙ තේරිලා තියෙන්නෙ. දැන් හරිනේ?

      හැබැයි ඉතිං මගේ රෙද්දයි, සාහිත්‍යයයි, හෙළුවයි මානුෂීයබවයි, බලුකමයි, පොත් ටිකයි එක්ක මේකෙම තමයි ඉන්න වෙන්නේ... හදා ගත්ත ප්‍රොෆයිල් එක දාල කොහෙ යන්නද?

      Delete
    9. \\\\\\\\මගේ සාහිත්‍ය මම තමුසෙට පෞද්ගලික ලියලා එවලා නැහැනෙ සහන්. ඒක හැමෝටම පේන්න ලියපු තැන් වල ඇති. \\\\

      දැක්කා දැක්කා අම්බානට දැක්කා.. ලස්සන සුන්දර වචන වලින් කරන මොළ සේදීම... ඒවට උත්තරත් දීලා තියෙනවා දැක්කනේ.. පස්සේ පච වෙලා " අපි මචන් බොරුවට ඇඬුවේ " කියලත් කිව්වනේ රෙදි ඇඳගෙන.. මතක නැත්නම් කියන්න..මුල ඉඳන් මතක කරලා දෙන්නම්...

      \\\\\\\\\ඔව් ඕයි පට්ට ලැජ්ජයි නේද විදුර බබාට මේක තේරුම් කරලා දෙන්න බැරි වුන එක... මං කියන්නෙ යකෝ මෙච්චර මානුෂීය පොරක් වෙලත්...\\\\

      මේ තියෙන්නේ හෙළුව...ලොල් ..!

      \\\\දැන් හරිනේ?\\\\

      දැන් හරි නැහැ තිසර..දැනුයි පටන් ගත්තේ...!

      Delete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. මිනිස්සු තව අය උඩදාන්න ලොකු කරන්න යන්නෙ නැතුව තමුංගෙ පාඩුවෙ ලියාගෙන කියාගෙන නිකා ඉන්නවා නම් ඉවර නෙව...
    මම නම් කිසිම වෙලාවක කාවවත් රෙකමන්ඩ් කරන්නෙ නැහැ..
    යමෙක් යම් කිසි හොද දෙයක් ලියල තියේ නම් ඉතිං සෙයා කරනවා හැබැයි ඌ ගැන චරිත සහතික වරුණා නම් නැහැ..
    මේ අවුල් ඔක්කොම එන්නෙ එක එකාගේ රෙදි අස්සෙ වැඩිපුර අතගාන්න ගියාම.

    ReplyDelete
  42. කාලෙකින් ආපු ගමන් ඉස්සෙල්ලම කියෙව්වෙ මේක...හදිසියෙම යුද්දයක් මැද්දට වැටුන වගෙ....අඤ්ඤ කොරොස් වෙලා ගියානෙ....පොඩි රවුමක එහෙම දාල බලද්දි තම සීන් එක තේරුනෙ....බොරු කියල තිබුනත් විදුර දාල තියෙන ෆොටෝ නම් ඉස්තරම්...අනික ඉතින් ඕවා බලද්දි මේ ඇත්ත ඒවද බොරු ඒවද කියල හොය හොය ඉන්න වෙලාවක් නැහැනෙ..ඉතින් දාන එකා දැන ගන්න ඕන ඇත්ත කියන්න...බලන එකා අදාල විෂය ගැන දන්නව නම් ඇත්ත බොරු තේරෙනවා...

    මට තේරෙන හැටියට හැටියට විදුර උන්නැහේ මාරයියා ව ෆුල් සූට් අන්දවලම කඩේ යවන්න හදලා තියෙනවා....(මාරයියාටම මහපු එකක් එවලා තියෙන්නෙ[රාවණා]) මාරයියත් තමන් කැමති ජාතියෙ සූට් එකක් හින්ද පැනලම අරගෙන තියෙන පාටයි...ඒත් රෙද්දෙ පොඩි අවුලක් නිසා හොයල බලද්දි වැඩේ මාට්ටු උනා...සූට් එකක් අන්ඳවලම කඩේ යවන්න හැදුවට මල පැනපු මාරයියා වැඩේ බ්ලොග හරහාම විසදන්න යාමෙන් දෙන්නගෙම එක පුලියෙ බව කාට කාටත් වැටහුන...ඕකනෙ කතාව..

    ඒත් තාම කවුරුත් දන්නෙ නැහෙනෙ විදුර මාරයියාව කඩේ යවන්න හැදුවෙ ඇයි කියල...විදුරත් සොරි..සොරි..කියනව මිසක් ඒක කියන්නෙ නැහැනෙ.....

    අනික ඔය සිද්ධිය උනාම කියමුකෝ....ඔය වගේ රහස් තමන්ගෙ පණ වගේ රකින හාමුදුරුවො පිටස්තරයන්ට ඕවා කියනවැයි....අනික මේ වගේ බොරු කියන එකෙක්ට...අනික මාලිමාව නැතිඋනා කියල හාමුදුරුවන්ට කියන්න පුලුවන් එකේ විදුර මොන වගේ එකෙක්ද කියල නොදැනගන්න විදියක් නෑ නොවැ....

    ReplyDelete
  43. දැන් විදුර මහතා කියන්න බලන්න ඔබතුමාගෙ බ්ලොගේට මෙ නෑමට පෙර සහ පසු හිට් කවුන්ටරේ තිබුන ඉලාඅලක්කම කීයද කියල. . . :)

    ReplyDelete
  44. මෙයා ඇවිල්ලා ඔය තැන් තැන් වලින් වචන කෑලි ටිකක් අහුලගෙන (න්‍යෂ්ටික බලාගාර, සෝවියට් සංගමය, රාවණා, බ්‍රහ්මවංශ හිමි, බ්ලා බ්ලා) ඒවා එකතු කරලා කතන්දරයක් පටලවල. හින්දි ෆිල්ම් එකක ප්ලොට් එකක් වගේ. ඒ කිව්වේ හරිම අපුරු පුදුම හිතෙන කතාවක්. ඒත් plot holes ගොඩයි. අභව්‍ය යි.

    දැන් මේ කියන හැටියට ගමනට සුදානම් වෙන්නම සති දෙකක්. එතකොට ඔය හිමාලය ගමනටත් තව සතියක් වත් ගියා කියමු.
    ඔක්කොටම කළින් මට අහන්න තියෙන්නේ ලෝකේ කොයි රටේද ඔහොම හිතුනු හිතුනු විදිහට සති ගණන් නිවාඩු දෙන්නේ තමන්ගේ පුද්ගලික රෝන්ද ගහන්න??

    අනිත් එක මේ කියන තරම් රහස් දෙයක් මොන එහෙකටද මෙයා කවදාවත් හම්බ වෙලා නැති බ්ලොග් ලියන්නෙක් ට කියන්නේ? ඔය ඉතින් අර මාර්ග පල ලාභී හිමි වරුන්ගේ විශ්වාසය ආරක්ෂා කරපු හැටිද? අනික් අතට, ඒ හිමි වරුනුත් එහෙම නම් ලොකු වරදක් කරලා තියෙන්නේ.

    මෙතන බොරු කියපු වැරැද්ද පැත්තක දාල [ඒක ගොඩක් වැරදි වැඩක් තමයි] හුදෙක් නිර්මාණයක් විතරක් හැටියට බැලුවොත්,.....

    පරිකල්පනය නම් හොඳයි. ඒත් සාර්ථක ලියන්නෙක් වෙන්න පරිකල්පනය විතරක් මදියි නේද? පොඩ්ඩක් සත්‍ය තොරතුරු ගවේෂණය කරලා බලල ලිව්වනම් [සෝවියට් සංගමය ට වැඩ කරනවා කිවව් එක, ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර තියෙන තැන්, භූගෝල කාරනා වලට අදාළ දුර ගැන පිළිගන්න බැරි දේවල්, බ්‍රහ්මවංශ පරපුර] වැඩිය හොඳයි. මොකද පාඨකයාට ගරුත්වයක් දීල නැහැ මෙතෙන්දි.
    විදුර ඒ වැරදි හදාගෙන ලියනවා නම් මීට වඩා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි. :)

    ReplyDelete
  45. මොකක්ද මාරේ ඔය බ්ලොග් කටුව.. මටත් දීපං ලින්ක් එක.. තාම මැකුවේ නැතෙයි...

    ReplyDelete
    Replies
    1. මටත් දෙන්න. මෙතන දාන්න ලින්ක් එක.

      Delete
  46. මමත් පොඩිකාලෙ පොතක් කියවල බෝංචි වැලක් හැදුව දිවියලෝකෙ යන්න. හිටුකො පොත ලියපු එකා හොයල දෙන්න බැටේ...D
    මාරෙ උඹ මේ mail එක කියවල ගමන යන්න මොහොතකට හරි තීරණය කලානම්, උඹ වර්ගපූර්නිකාවට කොමෙන්ට් කරල තියෙන්නෙ වැට උඩ ඉදගෙන.
    කොහොම උනත් තේරුම් ගන්න බෑ විදුර මේ වගේ mail එකක් දාල ලබා ගන්න උත්සාහ කලේ මොකක්ද කියල.

    ReplyDelete
  47. යකෝ මම ඇනොනීමස් එවපු ලියුම ඔහොම ප්‍රසිද්ධ කරේ කාගෙන් අහලද ?

    ReplyDelete
  48. @ බ්ලොග් ලෝකේ බොසාලාට. බොසීලාට,සහ අයියලාට මට මල්ලිලාට....

    මේ සංවාදය තුල තොප්පියේ සිට මේස් දක්වා සියළු බ්ලොග් සත්වයෝ නිරුවත් වී ඇති බව තාම ජංගි හොයන මට පැහැදිලිය. සියල්ලෝම අයියලාය. තාක්ෂනික දැනුමක් නැතිවුනත් සමාජය දෙස මට පේන ඇස් දෙකින් ගොඩාක් අය නිරුවත්ය. සමහරුන් කියන්නේ මොනවාදැයි පැහැදිලි නැත. මම නම් වශයෙන් නොකියමි. මේවාට මම නම් කියන්නේ කුහක කමේ අයිස්බර්ග් එක කියලාය. ප්‍රශ්නය නිරාකරනය කරනවාට වඩා සමහර කුහකයින්ට උවමනා ,වැඩක් නැති කමට ප්‍රශ්නය ටොෆියක් කර ගැනීමය. ලැජ්ජය...දුකය.

    බොරුව කියන්නෙක් ඇත...එය කියන දෙයකි....ඇත්ත කියන්නෙක් නැත. එය කියවෙන දෙයකි................ මේ වාක්‍යය මගේ නොවේය. උපුටා ගත්තේ ජයතිස්ස කුමාරගේගේ පොතකිනි. ලියන්නට බොහෝ දේ ඇත. මගේ කතාවට පෙර බ්ලොග් කුහකයින් එලියට දැමිය යුතු යැයි හිතමි.

    මම එය ලියමි. මම එය වසර 3-4 හිට වටහා ගෙන සිටමි. මගේ කතාව නවතා මම එය ලියන්නට හිතුවෙමි.

    ReplyDelete
    Replies
    1. ( මෙතන පොස්ටුවට, වලියට :-) කිසිසේත් අදාල නොවුනත් )
      අරූ ඔය කියන පොත "අසම්මත විචාරය" නේද? ඔය පොතේ ජිවිතේ ගැන මාර කියුම් ටිකක් තියනවා අර ත්‍රස්තවාදයේ අදෘශ්‍යමාන පියවරුන් ගැන එහෙම.කියවා හිතන්න අගේ ඇති පොතක්.

      Delete
    2. @ නිකං....ඒක තමයි පොත... මම තාම කියෙව්වේ පෙරවදන සහ ප්‍රස්තාවනාව විතරයි. හොඳ අදහස් ටිකක් ඒ දෙපොලෙම තිබුනා. සිතන්නට යැයි ලියා තිබෙන දේවල් ඉතා වැදගත්.

      Delete
  49. @ බ්ලොග් ලෝකේ බොසාලාට. බොසීලාට,සහ අයියලාට මට මල්ලිලාට....

    ලස්සන සුන්දර වචන වලින් කුහක , තිරිසන් වැඩ කරන අයට මෙතන පහර පිට පහර වැදුණා. දැන් ඉතින් ඒ වාඩුව ගන්න බලයි ආයෙම සුන්දර වචන ටිකක් දාලා , පොත් පෙරලලා.. කලින් පාර බාලචන්ද්‍රන්ගේ සිද්දියේදී උනෙත් මේකමයි .. තමන්ගේ තියෙන අධි සංවේදී කමක් , මනුස්සකමක් පෙන්නන්න ගියා.. අන්තිමට මිණි මැරුම් චෝදනාවක් එල්ල වෙද්දී ලැජ්ජා නැතුව පොන්නයෝ ටික වගේ

    " අනේ මචන් අපි බොරුවට ඇඬුවේ " කියලා කිව්වා... එහෙම කිව්වෙත් පෝළිමේ ඇවිත් ඇරගත්තට පස්සේ... 4 දෙනෙක් ඉන්නවා ඇරගත්ත..සමහර අයට දෙයක් කොච්චර කිව්වත් තේරුම් ගන්න බැහැ.. බොරුවට නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න පුළුවන් ඕනෙම වෙලාවක... ඇහැට අනින්න විතරයි ඕනේ..

    ඊට පස්සේ ගෑණු වගේ අඬන් දුවනවා.. ඔන්න ඕකයි මේ පාරත් වෙන්න යන්නේ...දැන් පටන් ගත්තා විතරයි...!

    ReplyDelete
    Replies
    1. //අනේ මචන් අපි බොරුවට ඇඬුවේ
      හ්ම්, ගූ වලිවලත් හොඳක් තියනවා වගේ සහන්

      Delete
  50. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. @හීනෙන් වත් පවු නොකරන අයට:

      අන්න විදුර ආයෙමත් ලියන්න අරගෙන. කට්ටියම ගිහින් බැළුවනම්.
      එරල් මුහුද සහ නෝමැඩ් වරුන්

      :)

      ප.ලි: ලින්ක් එකේ ඇති වරදක් නිසා පෙර කමෙන්ටුව මකා නැවත පළ කරන ලදි.

      Delete
    2. ලින්ක් එක වැඩ නැත... හරි ලින්ක් එක මෙන්න...

      එරල් මුහුද සහ නෝමැඩ් වරුන් ( අවසාන කොටස)

      Delete
    3. @Thisara,

      Oh not again.

      Thanks for correcting me :)

      Delete
  51. මේ සිංහල බ්ලොග් අවකාශයයි. ඔහොම යංලා.....

    ReplyDelete
  52. වර්ගපූර්නිකාවේ මීජයා කලේ පැතිරෙමින් පැවති රාවණා රැල්ල හාස්යට ලක් කිරීමට නිර්මාත්මක වැඩක් ඒක මේ බ්ලොග් අවකාෂයේ කී බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ නෑ අදටත් ඒ තත්වය එහෙමමයි ටිකක් කල්පනා කරපල්ලා උගේ මේ ලිපි ගැන මාතෘකාව කියෙව්වම ඇති

    අවතාර යනු රාවණ රජතුමා අතීසාරයට හඳුන්වා දුන් ඖෂධයකි.
    කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම සහ පිට ඇතිල්ලීම
    බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.
    රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.
    රාවණා රජතුමාට එරෙහි උමා ඔය කුමන්ත්‍රණය වහා නවත්වනු!
    රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ...
    බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන් ආළෝකය ලබාගන්න හැටි.
    ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි
    නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.! (රාවණ ගවේශකයෙක් සොයාගනී)
    9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.
    රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!
    මෙම ලිපියට අදාල කොමෙන්ටු

    මාරයාගේ හෝරාවJuly 28, 2012 at 12:00 AM
    අගෙයි මීවනයෙනි..අගෙයි.. මෑතකදී මා විසින් මෙම පිසිනතලය ගැන වත් පොතෙහි සටහනක් දැමූ කල පරගැති කලු සුද්දන් විසින් මා හට කල සරදම් දැනුත් මා දෑස මානයේ මැවෙන්නාක් මෙනි.. උන් එදා අගෞරව කලේ මෙහෙව් ජාතියකටය.. මෙහෙවු තාක්ෂණයකටය... ඉතිං දැන් නම් මා හට සුව සේ සැතපිය හැක... ප්‍රීතී..ප්‍රීතී...

    Reply
    Replies

    ආචාර්ය මීවනපළානේ ජයරත්නJuly 28, 2012 at 12:11 AM
    රාවණ රජතුමාගේ පිසින තලය ගැන මුලින්ම සඳහන් කර තිබුණේ මාරයා විසිනුයි. මාරයා යනුත් රාවණ රජතුමාගේ කවුදෝ නෑදෑ කෙනෙක් බැවින් වර්තමානයේ සිටින මාරයාට එය හමු වීම මගිනුත් යමක් කියවෙන බව කවුරු හෝ එහි පවසා තිබෙනු දැක්කෙමි.

    Reply

    රාමාJuly 28, 2012 at 12:01 AM
    පිසිනතලය භාවිත කිරීමේදී ප්‍රවේසම් විය යුත්තේ කඩු කස පුරුද්දට හතර අතේ වැනිය නොහැකි නිසාය. ප්‍රවේසමින් භාවිතා නොකළහොත් උණ්ඩය වැරදි ඉලක්කයකට යාමට පුළුවන්. එසේත් නොවුනහොත් උණ්ඩය වක්‍ර මාර්ගයක ගමන් කර බිම පතිත වී අපතේ යාමටත් පුළුවන්.

    Reply
    Replies

    ආචාර්ය මීවනපළානේ ජයරත්නJuly 28, 2012 at 12:13 AM
    මේ පිසින තලයේ ඇති විශේෂත්වයනම් බුලට් ඉවර වූ පසුව බෝම්බයක් ලෙස දමා ගැසීමට හැකිව් වීමයි. එවිට එහි ඇති රසදිය පුපුරා යයි. වර්තමානයේදී හෙළ පිස්තෝල දක්නට නොලැබෙන්නේ ඒ සියල්ලම බෝම්බ ලෙස භාවිතා කර ඇති නිසාවෙනි.

    ReplyDelete