30 October 2013

දුක යනු... දාර්ශනිකයාගේ කතා...

එක්තරා මනුෂ්‍යයෙක් බොහෝම වෙහෙසින් යුක්තව තරමක් ප්‍රසිද්ධ දාර්ශනිකයකු වෙත ගියා... ඔහු වෙහෙසට පත් වෙලා තිබුනේ තමා හට නොතේරෙන කාරණාවක් පැහැදිලි කර ගැනීම වෙනුවෙන් හැමතැනම ඇවිදලා.. එම කාරණාවත් ඔහුගේ සිතින්ම උපන්නක් නොවෙයි.. තවත් අයකු ඔහුගෙන් ඇසූවක්... ඒ තමාගෙන් පැනය ඇසූ කෙනාත් ඒ වගේම තවත් අයකු අතින් එකී පැනය අසා තිබුනා...

කෙසේ හෝ අවසානයේදී මෙම පුද්ගලයා මෙම දාර්ශනිකයා වෙත ගියේ ඔහුගෙන් මෙම පැනයට නිසි පිළිතුරක් ලැබේවියැයි අපේක්ෂාවෙන්... අවසානයේ කෙසේ හෝ මනුෂ්‍යයා දාර්ශනිකයා වෙත එළඹ තම පැනය විමසනවා...

“දුක කියන්නේ මොකක්ද..?“

දාර්ශනිකයා තරමක් විමසිල්ලෙන් මනුෂ්‍යයා දෙස බලා ඔහුගෙන් නැවත මෙසේ ඇසුවා..

“ඔබ ඔය පැනය අසන්නේ ඔබ වෙනුවෙන්මද..?“

“නැත.. මෙම පැනයම මා වෙතින් තවත් අයකු විමසුවා... එයට නිසි පිළිතුර නොදන්නා හෙයින් මා එය සොයමින් තැන තැන ගියා.. අවසානයේදී ඔබ වෙත පැමිණ මෙසේ විමසන්නට සිතුණා“

දාර්ශනිකයා තරමක මදහසක් මුවට නගාගෙන මෙසේ පැවසූවා...

“දුක කියන්නේ නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් පෙනී සිටීමයි...“

එතෙකින් නොනැවතුන දාර්ශනිකයා අදාල මනුෂ්‍යයා වෙත මෙසේද පැවසූවා...

“යන්න.. ආපසු යන්න..ගොස් ඔබගෙන් ය පැනය විමසූ අය වෙත යන්න.. එසේ ගොස් ඔහුගෙනුත් එම පැනය විමසූ අයෙක් වෙත්නම් ඔහු වෙතත් යන්න... ඔබ අවසානයේ පැනය ඇති වූ තැන සොයා ගනු ඇත... එසේ නොවුනහොත් ඔබත් මේ විඳ ඇත්තේ දුකක් පමණයි.. ඔබ නොදන්නා දෙයක් වෙනුවෙන් කැප වී සිටිනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසී තිබෙනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන පෙනී සිට තිබෙනවා.. ඒ දුක නැති කරගන්න ඒ වෙත යන්න..එසේ ගොස් ඔබ විදි දුක නැති කරගන්න..එතෙකින් නොනැවතී එහි  ගොස් තවදුරටත් විමසන්න මෙකී දුකටත් වඩා යමක් තියෙනවාද කියා...“

ඒ පැවසූ ලෙසින්ම පෙර කී මනුෂ්‍යයා ආපසු ගියා.. ඔහුගෙන් පැනය විමසූ කෙනා හමු වූවා.. ඔහුගේ තොරතුරු අනුව එයට පෙර පැනය විමසූ කෙනා හමු වූවා.. මේ ආකාරයෙන් බොහෝ දෙනෙකු වෙත යාමට මේ මනුෂ්‍යයා හට සිදු වූවා.. අවසානයේ දිනක ඔහු නැවතත් අර දාර්ශනිකයා වෙත පැමිණියා... ඒ පැනය ඇති වූයේ වෙන කිසිවකුගෙන් නොව දාර්ශනිකයාගෙන්ම බව දැන ගැන්මට ලැබිමෙන් පසුවයි.. එසේ දෙවන වතාවටත් දාර්ශනිකයා හමු වූ මනුෂ්‍යයා විසින් තමාගේ අළුත්ම පැනය විමසා සිටියා...

“නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීම..වෙහෙසීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම කියන දුකටත් වඩා දුකක් තිබේද..“

දාර්ශනිකයා සිනාසී මෙසේ පිළිතුරු දුන්නා...

“ඔව්.. ඒ එකම දේ වෙනුවෙන් දෙපාරක්ම වෙහෙසිමයි.. කැපවීමයි.. ඒ වෙනුවෙන් පෙනි සිටීමයි.. ඔබ නැවතත් වින්දේ ඒ දුකමයි...කලින් ඔබ නොදැන විදි දුක මෙවර ඔබ දැන දැනම විඳිනු ලැබුවා.. මෙයයි බලවත්ම දුක වන්නේ... එනම් නොදැන විදිනා දුකටත් වඩා බලවත් දුක වන්නේ දැන දැන විදිනා දුකයි..“

---------------------------
හරි කතාව අදට අවසන්... මෙම කථාවෙන් අපහට උගත හැක්කේ කුමක්ද..? 

54 comments:

  1. මේ කතාවෙන් අපට උගත හැක්කේ කුමක්ද යන්න උගත හැකිය.

    ReplyDelete
  2. මේ කතාවෙන් අප හට උගත හැක්කේ මාරයා එකම දේ පසු පස දෙවතාවක් ගොස් දුක වැඩි වී ඇති බවය. එලෙසම 'අන් අය එසේ දුකට පත් වීම නොමැනව ' යැයි සිතා සද්භාවයෙන් ලෝකයාට උපදෙස් දීමෙන් මාරයා පකට කල පරාර්ථකාමය සියළු දෙනාටම ආදර්ශයකි.

    ReplyDelete
  3. හොද වෙලාවට ඔතෙන්ට මගෙ නම නොදා දාර්ශනිකයා කියලා දැම්මේ.. සැලෙන්ඩ එපා බං හිත හදාගනින්.. තව ප්‍රශ්න තියනවනම් නිවාඩු වෙලාවක .. වරෙන්

    ReplyDelete
  4. මට දුක් විදින්න ඕන නැති හින්දා උඹ අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරයක් දැනගන්න මට ඕන කමක් නෑ,. :)

    ReplyDelete
  5. දුක ගැන දුකෙන් හිත හිත ඉන්නෙ නැතුව, දුක සතුටකට හරවා ගන්න එකයි ජීවිතය කියන්නෙ කියලයි මම හිතන්නෙ ...

    ReplyDelete
  6. උගත හැක්කේ කුමක්දැයි සිත සිතා සිටීමෙන් දුකට පත්වන්නේ කුමටද ?

    ReplyDelete
  7. දැන් බාලාගෙන යනකොට මුලු ජිවිතෙම දුකක් නෙ .
    “දුක කියන්නේ නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසීමයි... නොදන්නා දෙයක් වෙනුවෙන් පෙනී සිටීමයි...“
    අපි මුලු ජිවිත කලෙම කරන්නෙ ඔය ටිකනෙ .මොනවා නැති උනත් නියම කතාව

    ReplyDelete
  8. මේ හාදයා 'තරමක්' ප්‍රසිද්ධ වුණේ මොකද කියල සොයන්නෝන!

    ReplyDelete
  9. මෙ කතාවෙන් අපට උගත හැක්කෙ මාරයා කතා දන්නව කියාය

    ReplyDelete
  10. මම නම් ඉගෙන ගත්ත පාඩම තමා කාල බීල වැඩක් බලාගෙන ඉන්න ඕනේ කියන එක දුකට පුං ගහගන්නේ නැතුව...

    ReplyDelete
  11. දුක ගැන කතා කිරීමත් ගොන් කමකි.

    ඉන්න ටිකේ ඉමුකො සුදෝ පාටි දමාලා.............

    ReplyDelete
    Replies
    1. දුක දන්නේ වෙන කව්ද ඇස් දෙක තරම් .....................

      Delete
  12. ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගතිමි.

    ReplyDelete
  13. දුක ඇති වූ විට කල යුත්තේ දුකට පුං ගැසීම ය.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න ඇත්තේ ඒ ටිකමය.... මට දුක දිනේශ් ඒක කියපු එක ගැනය.

      Delete
  14. නොදන්න මගුල් සෙවීමෙන් වල්කිනූ. . .

    ReplyDelete
  15. සැබෑව ඉඳුනිල් කියලා තියනවා මාර මලයා. අතීතය වර්ථමානය වැටහේ අනාගතයත් තේරුම් ගනිමු.

    ReplyDelete
  16. දුක කියන්නේ මුගේ බ්ලොග් එක බැලීමය...
    දුක වැඩි වෙන්නේ අපි කොමෙන්ටුත් දැමීමය...
    ඊටත් වඩා දුක ආයෙ ඇවිත් ඒකට රිප්ලයි තියෙනවාද කියා බැලීමය...
    දුක වැඩිම ඒකට රිප්ලයි එකක් නොතිබීමය..

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනව . මෙන්න කොමෙන්ට් +++++++++++++++++++++

      Delete
  17. කලින් එකේ මට වැටිලා තියෙන කමෙන්ට් බලන්න තාම උනේ නැහැ.. මොකද මම මේක ලිව්වා. අභ්‍යාවකාශගත කිරීමට නියමිත චන්ද්‍රිකාවක කිලෝමීටර් 35,000 ZooM වෙන කැමරා පද්ධතිය ? විකිරණ වලට ඔරොත්තු දෙන ලෙන්ස් එක.. ( මාරයාගේ බ්ලොග් එකේදී මා පොරොන්දු වූ පින්තූර )

    රයිට් දැන් ටිකක් නිවී සැනසිල්ලේ ඉඳලා ආයේ යන්න ඕනේ පරණ එකේ කමෙන්ට් බලන්න...

    \\\\\\\\\\හරි කතාව අදට අවසන්... මෙම කථාවෙන් අපහට උගත හැක්කේ කුමක්ද..? \\\\\

    දාර්ශනිකයෝ ඉන්න තැන් වල දුක කියන්න යන්න එපා. ඒ වගේම පළි ගන්න ඕනේ නම් කාටවත් කියන්න යන්න එපා.පළි ගන්න. පළි අරන් ඉවර උනාම ඒකට මානුෂීය මුහුණුවරක් දෙන්න යන්න එපා.. එතකොට සීන් එක නෝන්ඩි වෙනවා...

    අහ්හ්හ් තව එකක්...වාසි පැත්තට හෝයියා කියන , කුහකයෝ ඉන්න තැන් වල පරිස්සමින් වැඩ කරන්න මාරයෝ...දැක්කනේ දැන් රැල්ල අනික් පැත්තට ගහන හැටි ...?

    මායා බෝංචි වැල වගේ බන් මේක... වැල යන අතට මැස්ස වදිනවා.. :)

    ReplyDelete
    Replies
    1. @සහන්
      ඔයාගේ කතාව ඇත්ත...

      ඒ වගේම
      මහරජුව අබමල් රේණුවක් තරමින්වත් විවේචනය කරන අයෙක් හෝ යමක් දෙස නොබලා නෑසූ කන්ව සිටීමෙන්,
      හා
      අනුන්ගේ බ්ලොග් අඩවි වල අන්තර්ගත දෙයින් යම් රසයක් විඳිනු මිස හෝ ජීවිතයට අවශ්යඩ යමක් බුද්ධියෙන් උකහා ගනු මිස, ලියන එකාගේ හත්මුතු පරම්පරාවයි උගේ අරමුණේ සුජාත භාවය සොයන්නට නොයාමෙන්,
      යමෙකු එවන විද්යුලත් ලිපියක් කියවා එහි අන්තර්ගතය අවම වශයෙන් සිය සාමාන්ය් දැනුමවත් යොදවා විශ්ලේෂණය නොකර, තමා විසින්ම ‍රෙදි කඩෙන් ගෙන , මිනුම් ගෙන, කපා මසා ඇඳගන්නේ නැතිව සිටීමෙන්,
      තමා ඇන්දුදු බව පමණක් දැන නිශ්ශබ්දව සිටීමෙන්,
      දෙඤ්ඤං බැටේ න්යාදයෙන් පෙරකී පුද්ගලයාට තමන්ගේ බ්ගොගය හරහා පහර දෙන්නට ගොස් හත්පොළේ ගා ගැනීමෙන් වැලකීමෙන් හා
      තමාට අතිශය පක්ෂපාත යැයි සිතා සිටින නමුත්, සැබැවින්ම දෙපිටකාට්ටු සිය අනුගාමිකයන් රැළ පමණට වඩා විශ්වාස නොකිරීමෙන් ද,
      මාරයාට දුක් නොවී සිටිය හැකි වේ.

      Delete
    2. මාරයගෙ පෝස්ට් එක කියෙව්වම නිකන් කොයිල් වගේ උනා, ටාර්ගට් එක මොකක්ද කියල තේරුම් ගන්න බැරුව.

      සහන්ගේ කමෙන්ට් එකෙන් තමයි තේරුම් ගියේ මාරයා හිතපු දේවල්..!

      හොද පෝස්ට් එකක් සහ හොද කමෙන්ට් එකක්.

      Delete
  18. දුකත් පට්ට තමා . දුක නැත්නම් සතුටක් කෝ ?

    ReplyDelete
  19. ලැබෙන දෙයකින් සතුටු වෙලා ඉන්න පුරැදු උනාම දුක් වෙන්න දෙයක් නෑ. ඕනැම දෙයක් ගැන වැඩිය නොහිතා හිටියම ඉවරයි...

    ReplyDelete
  20. මෙතන මන් දකින්නේ අපි ගත යුතු දේ "දුක කියන වචනයට අර්ථකථනයක් දීමට උත්සහා කිරීම නෙමේ ,, මොකද එහෙම වුණොත් අපිත් අර මනුස්සයම වෙනවා..

    //එම කාරණාවත් ඔහුගේ සිතින්ම උපන්නක් නොවෙයි.///

    //ඔබ නොදන්නා දෙයක් වෙනුවෙන් කැප වී සිටිනවා.. නොදන්නා දෙයක් වෙනුවෙන් වෙහෙසී තිබෙනවා.. නොදන්නා දෙය ක් වෙනුවෙන පෙනී සිට තිබෙනවා..//// කියන මේ වාක්‍යන් අතර මන් දෙයක් ඉගෙනගත්තා ,, නිෂ්පලකම් ගැන ,,, තෑන්ක්ස් මාරයෝ

    ReplyDelete
  21. මේක ගැන වැඩිය හිතන්න ගියොත් අපිට ආයේ දුකේ වැටෙන්න වෙන්නේ.. ඒ හන්දා ඕන නෑ..

    ReplyDelete
  22. රිප්ලයි නෑ පින්වතුනී. .

    ReplyDelete
  23. ඒක නෙමේ දුකා කෝ කාළෙකින් දැක්කෙ නෑ...

    ReplyDelete
  24. දුක කියන්නෙ දාර්ශනිකයෙක් කියල අර මනුස්සය ගිහිල්ල තියෙන්නෙ අමු මෝඩයෙක් ගාවටය.
    අඩුම ගානෙ පොල්කොල මැල්ලුමක්වත් නොදා මේ වගේ පෝස්ට් දැමීමෙන් පාඨකයා දුකට පත්වෙන බව නොදන්නා එකා දුක ගැන දැනගෙන සිටිය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. බට්ටා බට්ටා
      17 hours ago
      දුක යනු
      .
      .
      .
      .
      .
      දු යන්න හා ක යන්නයි
      .................................................................
      සතුට යනු
      .
      .
      .
      .
      .
      ස යන්න හා තුට යන්නයි

      ඒක නිසා නවත්තපියව් මේ වගේ එකම දේ දාන එක — feeling tired.

      Delete
  25. පෙරුම් පුරාගෙන ආ සංසාරේ....... සේනානායක වේරලියද්ද

    දුකම කොයිතරම් සතුටක් දෝ...............

    ReplyDelete
  26. අනේ මන්ද අප්පා...දුක කියන්නෙ ඉතින් සතුට නැති එක නේ :)

    ReplyDelete
  27. හරී....ම දුක හිතෙන කතාවක්....

    ReplyDelete
  28. ඔන්න ඕක අල්ලලා දාපන් මාරේ...

    ReplyDelete
  29. දුක යනු සතුටේ විරුද්ද පදයයි.
    ....දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා...

    ReplyDelete
  30. ප්‍රශ්නය

    //හරි කතාව අදට අවසන්... මෙම කථාවෙන් අපහට උගත හැක්කේ කුමක්ද..?//


    පිළිතුර
    “නොදන්නා දෙයක් වෙනුවෙන් කැපවීම..වෙහෙසීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම කියන දුකටත් වඩා දුකක් තිබේද..“

    :D :D :D

    ReplyDelete
  31. ඇවිදලා ඇවිදලා මහන්සිවෙලා එපාවෙලා ඈවිත් වාඩිවුනාම පුටුවේ දුක.

    ReplyDelete
    Replies
    1. චිකේ චිකේ විචාරක තුමනි මේ විදිහට මාරයාගේ දුකෙන් පන් ගන්න එකට නම් මම විරුද්දයි ...

      Delete
    2. මාරයා කවදාවත් දුක්වෙන පසුතැවෙන මිනිහෙක් නෙවෙයි. මම දන්නවා මාරයාගේ හැටි.

      Delete
  32. කතාව කියවල ඒකට දාපු කමෙන්ටු ටික දැක්කම තවත් දුකයි.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න හිතුනේ මේකමයි...හික්ස්

      Delete
  33. දුක ගැන මම දන්නේ ඕක විදින හැමෝම හිතන්නේ ලෝකයේ ලොකුම දුක විදින්නේ මම කියාය

    ReplyDelete
  34. මනුස්ස සිතේ ඇති සරල සහ සංකීර්ණ ස්වභාවය වගේම ඒ අනුව මිනිස් හැසිරීම් සහ ක්‍රියාවන් වල ඇති අපූර්වත්වය ලස්සනට තමන්ගේ නිර්මාණ වලින් ඉදිරිපත් කරපු විසි වන සියවසේ විෂිශ්ඨ නාට්‍යකරුවෙක් බර්ටොල් බ්‍රෙෂ්ට්...

    ඔහුගෙ නිර්මාණයක සිංහල පරිවර්තනය හෙන් රි ජයසේන ගෙ හුණුවටයේ කතාව... එහි එක් ජවනිකාවක අවස්ථාවක් තියෙනව මෙන්න් මෙහෙම...

    ගෲෂා වැල් පාලමෙන් යන්න හදන අවස්ථාව... මම කතා කරන්නෙ ගෲෂා ගැන නෙමෙයි... ඒතන ඉන්න සාමාන්‍ය ගම්වැසි කාන්තාවකගෙ චරිතය ( චිත්‍රා වරකාගොඩ රඟ පෑවෙ ) ගැන... ඇය ගෲෂා කොහොමත් වැල් පාලමෙන් යන්න යන බව දැනගෙන... පොළොවෙ දනගහල දෑත් ඔසවල දෙවියන්ට යාඥා කරනව අනේ දෙවියනේ මේ අසරණ කාන්තාවට පිහිට වෙන්න අනතුරක් වෙන්න එපා කියල...

    [ මේක ඉතාම අවංක මානුෂීය හැසිරීමක් ; ඒ කතෝලික සමාජයේ ජීවත් වෙච්ච දෙවියන් කෙරේ අප්‍රමාණ භක්තියක් ඇති ඇය මේ කරන්නෙ ඇයට කල හැකි උපරිම දේ... හදවතින්ම උපන් දුක නිසා ]

    ඊළඟට මොකද වෙන්නෙ , ගෲෂා ආශ්චර්යයකින් වගේ අර වැල් පාලෙමෙන් එතෙර වෙනව නොවැටි... ඒ වගේම අර නපුරු සොලදාදුවන් ගෙන් බේරෙණව... අර යාඥා කරමින් හිටපු කාන්තාව ඇස් ඇරල බලනව... ඇය දකිනව ගෲෂාට අනතුරක් නෑ... ඇගේ කටින් ඉබේම පිටවෙන්නෙ මොකක්ද...
    " අපරාදෙ මම යාඥා කළේ... "

    [ මේකයි මම බ්‍රෙෂ්ට් ගෙ අපූරු දැක්ම අගේ කරන්නෙ , අර සුලු චරිතය තුළින් ඉදිරිපත් කරන මනුස්ස ස්වභාව බලන්න... ඇය දුක අරගෙන් ‍යාඥා කරනව, ඒත් ප්‍රතිඵලය ලැබුණම ඇයටවත් ඇය දුක් විඳගෙන ගත්තු ක්‍රියා මාර්ග ගැන වටිනාකමක් නෑ... ඉතින් එයින් ප්‍රතිලාභ ලැබූ කෙනාට හෝ පිටින් ඉන්න කෙනෙකුට ඒ ගැන අවබෝධයක් ලැබෙයිද ]

    මල්ලි උඹ කියන දේ තර්කයක් හැටියට හරි... දුක කියන්නෙ නොපෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීමයි කියල... ඒත් ඒක දුකක් වෙන්නෙ වෙහෙසීමේ ඵලය නොපෙනෙන නිසාය...

    රායිට්...ඒක ඇති.. පොඩි දේශපාලන කෑල්ලකුත් දාමු..

    [ බ්‍රේෂ්ට් ඔය කොකේසියන් චෝක් සර්කල් කියන කතාව ලිව්වෙම දේශපාලනික අදහසකින්... ඇත්තටම හෙන් රි ජය සේනයන්ගෙ නිර්මාණයෙ අපිට දකින්න තියෙන්නෙ සුන්දර කතාන්දරය විතරයි...]

    මම ඔය උඩින් ලියපු කාන්තාවගෙ හැසිරීමම ගම්මු.... අද ලංකාවෙ කිසිම කෙනෙකුට පිපිරුණේ නැති බෝම්බ හරි , සිද්ධ නොවුන දේපොළ විනාශ හරි කොටින්ම මැරුණෙ නැති මරණ ගැන වගේ වගක් තියෙනවද... ඒව සිද්ධ නොවුණෙ කවුරු හරි දුක ගත්තු නිසා කියල අංශු මාත්‍රයක අවබෝධයක් තියෙනවද...?

    මල්ලි එහෙමයි කියල හිතන්න එපා ගෲෂා බේරුණේ පරණ පිනකටය කියල...

    ReplyDelete
    Replies
    1. අවංකව කියනවා.. නං.. හරි අගේ ඇති කමෙන්ටුවක්..

      Delete
  35. අහෝ දුකකි ඉරකි තිතකි තිත් කොමාවකි ආයේ ඇරඹුමකි.

    ReplyDelete
  36. //එනම් නොදැන විදිනා දුකටත් වඩා බලවත් දුක වන්නේ දැන දැන විදිනා දුකයි// එකත් හරි... :/

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. දුක නම් මන්දා, සතුට යනු කුමක්ද කියලා නම් FB එකේ දිගින් දිගටම විස්තරකරන්නේ මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම සිංහලෙන් ටයිප් කරනව......

      Delete
    2. නියමයි. මොකෙන්ද ටයිප් කරන්නේ? සිංග්‍රීසි යුනිකෝඩ්?

      Delete
  39. අා මාරය අයියා...දැන් මම සිංහලෙන් කමෙන්ටු දානවා...........හි හි හි.....
    දුක ඉතින් හැමදාම තියෙන්නෙ නෑනෙ අයියා...
    සතුටත් ඒනවා දවසක.....

    ReplyDelete
  40. දුත යනු දුකමය.. සතුට යනු කෙටි කාලීන සැපතකි.. සතුටද විටෙක දුකකි.. *&^%^$

    ReplyDelete