31 October 2013

දුක තමයි...

හනෙ හම්මේ අපේ උන්දලා වගේ ජාතියක්... ඔන්න මං පෙරේදා රාත්තිරියේ කන්ට කියලා බත් ඩිංගක් උයන ගමන් මට එක පාරට සිහියට ආවා මේ දවස්වල එක දිගට බුකියේ එහෙ මෙහෙ යන “දුක යනු“  එහෙම නැත්තං “සතුට යනු“ කියලා දාන පින්තුර කෑලි ගැන.. ඕකත් කල්පනා කර කර මං පොල් ටිකක් ගාන අතරේ ඉතිං ඇත්තටම දුක කියන දේ ගැන බුද්ධ දේශනාව නැති උනානං අපි කොහොම තේරුං ගනීද කියලා හිතන්න පටන් ගත්තා.. එහෙම උනානං බුදු නොවුනත් තව මොන මොන නමින් හරි ඔය වගේ දේවල් ගැන හිතන කල්පනා කරන අය හිටිවී නේද කියලත් සිහියට ආවා...

ඔන්න ඔහොම හිතාගෙන හිතාගෙන හිතාගෙන යනකොට තමා මට ඔය දාර්ශනිකයාගේ කතා වස්තුව හිත ඇතුලේම නිර්මාණය කරගන්න පුළුවන් උනේ.. ඕක නිර්මාණය කරගත්තා කිව්වට ඕකට මේ ඒ හැටි වෙලාවක් ගියේ නැහැ.. හිරමනේ හෝදලා... පොල් බෑය ගාලා ආයෙම හිරමනේ සුද්ද කොරලා හෝදලා දාන කොට කතාවේ දඝ සටහන හිතේ ඇදිලා අහවරයි... ඉතිං මං උයලා කොරලා අහවර වෙලා දවසේ වැඩ අහවර උනාට පස්සේ තමා මේ හිතට ආව එක ඕන එකක් කියලා බ්ලොග් එකේ කොටලා දාන්න ගත්තේ.. හැබැයි ඉතිං ඔය වගේ කතා අනං මනං එක දවසකදී සිය දාස් ගානක් මගේ හිතේ ඇතිවෙලා නැති වෙලා යනවා උනත් එදා සෑහෙන හිතේ සැහැල්ලුවෙන් හිටිය දවසක් හින්දා මට ඕක කොටලා දාන්න හිතුනා...

ඇත්තටම ඕක අවසානයේ මං කල්පනා කොලේ මං ලියන ඔය කොයිකටත් වගේ දේසපාලනේ ඇදිලා යන හින්දා කවුරුම හරි මගෙන් අහන්ට පුළුවන් නේද..“ඈ බං උඹ ඔය දන්න දෙයක් වෙනුවෙන්ද... මහන්සි වෙන්නේ.. කැපවෙන්නේ... පෙනී හිටින්නේ.. කොටින්ම කිව්වොත් තෝ මහින්දගේ මොකක් දැනගෙනද ඌට කඩේ යන්නේ“ වගේ සිරා ප්‍රශ්නයක් අහන්න ඇහැකි නේද කියලා... :D

එහෙම හිතලාම තමා කෙනෙකුට උවමනා නම් ගනින් චෑන්ස් එක කියලා ඕක අවසානෙදී ප්‍රශ්නයකුත් අහගෙනම ගියේ...

හත් ඉලවුවේ.. මෙන්න පස්සේ බැලින්නං මුංදලා මේක වවාගෙන.. කොටාගෙන... බිං පෙරලාගෙන... අස්වද්දාගෙන... අස්වැන්න නෙලලත් හමාරයි... හැබැයි ඉතිං මං ඒකෙන් තේරුං ගත්ත දේවල් බොහෝමයි.. අපේ උන්දලා ඕනම දේකින් දකින්නේ තමුන්ට කැමති ටිකම තමා කියන එක... ඒ වගේම අර ලොකු හාමුදුරුවෝ ගෑණු ළමයව කරේ තියං මඩෙන් එතෙර කලත් පොඩි හාමුදුරුවෝ ළමයව හිතින් කරේ තියං පන්සලටත් ගෙනිච්චා වගේ මේ උන්දලා මං ලියලා කොරලා මලවලා අහක් කොරාපු දේවලුත් තාමත් හිත හිත ඉන්නවා කියන එක.. :D ඒකට ඉති කෙනෙක් මුල ඇල්ලුවාම ඇති.. කස්ටිය ඇදගෙන යනවා ලෙසටම.. විසේසයෙන්ම අපේ සහන් උන්නැහේ කොතැනදීත් වගේ උන්නැහේට හිතෙන මොක හරි කමක් නැහැ ඔහේ කියලා ඇරිය ගමන් වැඩි හරියකට මං ලියාපු එක මොකක්ද කියන එක කල්පනා කරනවටත් වඩා තමුන් කැමති පාරේ වේගයෙන් යන්න ඇති වෙන ආසාව ඔස්සේ ගමන් කලා හිටු කියලා... 

හැබැයි ඉතිං ඒකෙන් මේකෙන් උනේ.. මං බලාපොරොත්තු උන විදියට ඒ ලිපියේ දෙවැනි එක ලියලා තේරුමක් නැහැයි කියලා මට බොහෝමත්ම හොඳින් අවබෝධ උන එක... ඒ කිව්වේ ඕකෙම දෙවැනි කතාව හැටියට මං ඔය ලිපිය ලියන අතරතුරේදි හදා ගත්ත “සතුට කියන්නේ මොකක්ද“ කියන කෑල්ලට අදාල කතාව මං ලියන එක අතෑරලා දැම්මා... ඔයාකාර නහින්න ඕනෑ මේකක් ලියන්න.. ඔය කටට එන වචන දෙක තුනක් ලියලා දාලා පාඩුවේ හිටියම ඇති නෙව... ඒ ඒ අරමුණු ඇත්තෝ ඒ ඒ අයගේ අරමුණු ඔස්සේ කතාවක් හදාගන්නේ නැතෑ.. මං මොකට මහන්සි වෙනවැයි.. :D
ඕං ඔහොමයි දැන් කාරණා කාරණා සිද්ධ වෙන්නේ...

හැබැයි මං තව දෙයක් තේරුං ගත්තා.. අපේ අය හුග දෙනෙක් හිතන්න බයයි කියන එක... තව කවුරු හරි හිතපු දෙයක් ඔස්සේ හිතන්න හරි ඒ ගැන උඩින් පල්ලෙන් කියලා ඇග බේරගන්න හරි මිස කිසිම දෙයක් ගැන බරපතලෙට හිතන්න උනොත් ෂෝට් කට් එකක් හොයලා එතැනින් පනිනවා...

හරියටම බැළුවොත් මං උනත් වැඩි හරියක් කරන්නේ ඒකම තමා. මොකට ඔයාකාර මහන්සි වෙන්නද...? කොහොමටත් ඔය දාර්ශනික කතා ගැන වැඩි විච්චූරණ ලියන්න.. කතා කරන්න ගියොත් අපේ දාර්ශනිකකං නැති වෙලා ගිහින් අනිත් උන්ට අපිව පේන්න ගත්තොත් විලි ලැජ්ජා හතයි නෙව.. හා නැද්ද හා..?

18 comments:

  1. කලින් පෝස්ට් එකේ කියපු දේ එහෙමම කරලා තියෙනව :D

    ReplyDelete
  2. අම්මපා ඇත්තම ඇත්ත මාරයෝ මේ කියලා තියන දේවල්. සමහරු ඉන්නවා අපි 'රෙද්ද' කියලා විතරයි කියන්න ඕනේ. එයා කඩේ ගිහින් ගෙනත් කපලා මහලා ඇඳගන්නවා. තවත් වර්ගයක් ඉන්නවනේ කියන කියන එකට එහෙයි කියන වර්ගය. එයාලගෙන් අපට සත පහක වැඩක් නැහැ. ඒ වගේම අර කියමනක් තියනවනේ නිශ්ශබ්දව ඉන්නාතුරු මෝඩයාත් පණ්ඩිතයෙකි කියලා. නමුත් අනුන් මොනවා කිව්වත් තමන් විශ්වාස කරන ගරු කරන තමන්ගේ මතවාදයේ එල්බ සිටීමට ඇති අයිතියට අභියෝග කරන්න කාටවත් බැහැ.

    ReplyDelete
  3. ගිහිගෙය දුකයි නෙ... ( එහෙමනෙ කියන්නෙ...) ඇත්තටම දුකයි... උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නින්දට යනකල් අපි කරන්නෙ සටනක්... කවුරු කිව්වත් සතුටින් ඉන්නවා කියලා, 100%ක් කවුරුවත් සතුටින් නෑනෙ..
    ඒ ගිහිගෙය අත් ඇරලනෙ මාරයා මහණ වුනේ... ඉතිං පන්සලත් දුක ඇති... (අපි මහණ වෙලා ඉඳලා නෑ..) ඒ නිසානෙ නැවත ගිහි ගෙයට එන්න ඇත්තෙ... ඉතිං මාරයෝ... මේ ජීවිත දෙකෙන්ම තේරුම් ගත්තනෙ එක ජීවිතයකවත් සතුටක් නෑ කියලා ( මම දන්නෙ නෑ ඒක එහෙමද කියලා...) ඕක තමයි සත්‍යය... අපි කරන හැම දේකින්ම, අපේ හැම බැඳීමකින්ම වැඩි වෙන්නෙ දුක මිස සතුටක් නෙවෙයි..
    තනිකඩව ඉන්න එකා බඳිනවා.. එදා ඉඳලා ඌට වගකීම් වැඩි වෙනවා... රෑට විනාඩි පහලොවක් විතර සතුටින් හිටියට, බැඳීම් වැඩිවෙනකොට වගකීම් වැඩිවෙනකොට ඒක දුකක්.. ඒ සම්බන්ධතා කාලෙකදි එකින් එක බිඳ වැටෙනවා.. පියේහි විප්පයෝගෝ දුක්ඛො. ඒක දුකක්... මට වඩා මාරයා හාමුදුරුවො ඒක දන්නවා..
    ඉතිං ජීවිතේම දුකක්.... මාරයට මෙච්චර දුක නං අපි ඔක්කොම එකතු වෙලා මාරයගෙ දුක පරු වෙලා යන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු !

    ReplyDelete
  4. //හැබැයි මං තව දෙයක් තේරුං ගත්තා.. අපේ අය හුග දෙනෙක් හිතන්න බයයි කියන එක... තව කවුරු හරි හිතපු දෙයක් ඔස්සේ හිතන්න හරි ඒ ගැන උඩින් පල්ලෙන් කියලා ඇග බේරගන්න හරි මිස කිසිම දෙයක් ගැන බරපතලෙට හිතන්න උනොත් ෂෝට් කට් එකක් හොයලා එතැනින් පනිනවා..//

    හරියට උඹ පෝස්ට් ලියනවා වගේ,බොරු මහප්‍රාණ ගහල ගහල වැරදියි කිව්වහම, කවුද ඔව්ව ඔච්චර බලන්නෙ ගහල ගහල පබිලිස් බටොන් එක ඔබනව මිසක්ක කියල මාරු වෙනවනේ,ඉතිං ඔව්වත් එච්චර බරපතලෙට ගණන් ගන්න එපා.

    ReplyDelete
  5. මාර අයියාගෙ කතාව නම් ඇත්ත.. හැබැයි ලියන්න හිතන් හිටිය දේවල් නොලිය ඉන්න එක නම් හරි අපරාධයක් .

    ඒ නිසා සතුට ගැනත් ලියමු හොදේ.... අපි කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා....

    ReplyDelete
  6. මට මාරයා ආවේස කරන්නැතුව ලියන්ට ඕන හරි ???

    ReplyDelete
  7. පොල් ගගාද කල්පනා කරන්නේ. :D :D
    ඉදිරියට ඒ ගැන ලියයි කියලා හිතනවා. කියවන්න කැමතියි ඔබ ලියන දේවල්.


    ReplyDelete
  8. මේකේ කමෙන්ට් කොටන්න //මොකට ඔයාකාර මහන්සි වෙන්නද...//

    ReplyDelete
  9. හපොයි... කාලෙකට පස්සෙ දෙය්යිනේ කියලා කියවපු බ්ලොග් පෝස්ටුව....

    ReplyDelete
  10. දුක යනු හීනෙකින්වත් හිතල නැති සතුට ගැන දාන පෝස්ට් එක පෙර පෝස්ටුවේ කොමෙන්ට් නිසා දමන්නට අවශ්‍ය නැතැයි කියමින් පාඨකයා මුලා කර මූ සතුටු වීමයි.

    ReplyDelete
  11. බන්දු සමරසිංහ අතිසාර්ථක කොමඩි ෆිල්ම්ස් කීපයක් කරලා සිරියස් ෆිල්ම් එකක් කළාලු "රජ්ජුමාලා" කියලා, ප්‍රථිපලය ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
    ;)

    ReplyDelete
  12. මට දුක ට්‍රිප් යන්න හිටපු උන් ගැන... :(

    ReplyDelete
  13. //හැබැයි මං තව දෙයක් තේරුං ගත්තා.. අපේ අය හුග දෙනෙක් හිතන්න බයයි කියන එක...// බය මත් නෙමේ. කම්මැලි යි.

    ReplyDelete
  14. ඔන්න ඔය දුක පැත්තකට දාලා කලින් වගේ ලියපං මාරයියේ..

    ReplyDelete
  15. කාලයකට පස්සේ ආයෙත් මාර කතා බලන්න එන්න හිතුනා

    ReplyDelete
  16. දැන් උබ දුක දුන්නා අපිට සතුට දෙන්නේ නෑ එහෙනම්..... හරි සතුට බැරිනම් ප්‍රිතිවත් දීපන්කො

    ReplyDelete
  17. කලින් පෝස්ට් එකේ එච්චර දේවල් වුනාද බන්... මගේ නම් කොහොමත් දුක සතුට කියන එක ගැන හිත හිත ඉඳිල්ලක් නෑ මොක වුනත්...

    ReplyDelete
  18. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete