05 October 2013

රනිල් වෙනුවට දයාසිරි...

මාතර පට්ට වලිය... ඒ ගැන වැඩිය කතා කල යුතු නැත.. මේ අප හැමදාමත් දකිනා නියම යූ ඇන් පී කාරයින්ගේ කෙරුවාවය... බලය නැති කල කෙසේ වෙතත් බලයක් ලැබුනු විගස අනිත් පක්ෂවල උන්ට එළව එළවා පහර දෙන ගතිය යූ ඇන් පී ජාන වලින්ම එන දෙයකි.. එය දන්නා නිසා සැමදාමත් යූ ඇන්පිය බලයට ඒම ගැන සාධාරණ බියකින් මා මෙන්ම යූ ඇන් පී අළුගෝසුවාදය දන්නා මිනිසුන් පෙලෙති. බලේ නැතිව මෙහෙමනං බලේ තිබුනු විට ඔය පහරවල් එල්ල වන්නේ කාගේ හිස මතද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

ඒ කෙසේ වෙතත් මේ පාර වෙනදාට වඩා වැඩේ අමාරු හැඩය... රනිල්ට තව දුරටත් තමන්ගේ හෙංචයියන්ගේ ආරක්ෂාව මැද සිටිම අපහසුවන මට්ටමට වැඩේ පත්තු වේගන යයි... එහෙත් රනිල්ගේ විරුද්ධ පක්ෂයට ඇත්තේ රනිල් එළවීමටත් වඩා ඊ ළගට කරන්නේ මොකක්ද කියනා බරපතල පැනයයි... සජිත් කරූ ගැන කියෙව්වාට ඒ දෙකම පණ ඇති චරිත නොවන බව යූ ඇන් පී පාක්ෂිකයින් අත්දැකීමෙන්ම මේ වන විට වටහාගෙන ඇත...

එසේනම් කල යුත්තේ කුමක්ද..?

මෙන්න ආණ්ඩුවට කඩේ යන මංතුමාගෙන් හිතේ කහටක් නැතිව හොඳ විසඳුමක්...

පක්ෂ නායකත්වය වන වන නොසිට දයාසිරිට බාරදීමය...

දයාසිරි පක්ෂයේ ජේෂ්ඨත්ව අනුපිලිවෙලට අනුව සිටිනා තැන ගැන සිත සිතා සිටීම ඔවුන් විසින් කරගන්නා ඓතිහාසික වරදක් විය හැකි හෙයින් හැකි ඉක්මනින් මෙය කිරීම වැදගත්ය...

අනික රනිල් මේ පාර පැරදුනේ ආණ්ඩුවටත් වඩා දයාසිරිගෙනි... රනිල්ටත් ඔහුගේ නඩයටත් ආණ්ඩුව පැරදවීමට වඩා උවමනා වී තිබුනේ දයාසිරි පැරදවීමය... චන්ද සමයේ යූ ඇන්පී ප්‍රධාන කථීකයින්ගේ කතා වලින් ඒ බව මනාව පැහැදිලි විය... එහෙත් අවසානයේ ඔවුන් සියල්ල පරදා දයාසිරි ගේම දිනුවේ රනිල්ට මදි නොකියන්නට පාඩමක් කියා දෙමිනි...  එසේ බැළු කල රනිල්ව අමු අමුවේ පැරදවිමට සජිත්ලාට කරූලාට වඩා දයාසිරිට හැකි විය...

මේ මොහොතේ යූඇන්පීයේ මොලේ තියෙනා උන් සිටිනවා නං කල යුත්තේ නායකත්වය බාරගෙන නැවත පක්ෂයට පැමිණෙන ලෙසින් දයාසිරිට ආරාධනා කිරීමය... පණ ගොස් සිටිනා යූ ඇන්පී පාක්ෂිකයින්ට නැවත හුස්ම පොදක් පිඹීමට එවැනි යමකින් විනා රනිල්/කරු/සජිත් වැනි අස්පට් ජොකියන්ට නොහැකිය.. ඔවුන්ට මහින්ද වැනි අයකු සමග රේස් දුවනවා තබා හොඳ තරගයක් දීමටවත් හැකියාවක් නැත. දයාසිරි නැවත ආවොත් එය ආණ්ඩුවට විශාල පහරක් වීමත්.. පාක්ෂිකයින් පිබිදවීමට මෙන්ම තලතා/සුජීව/බුද්ධික/රෝසී වැනි අයගේ ජවයත් මද්දුම බණ්ඩාරලාගේ හයියත් නැවත ඒක රාශි කර ගැනිමට හැකිය. වැදගත්ම දේ රනිල්ට වඩා මිනිසුන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවක් දයාසිරිට තිබීමය... පක්ෂ මාරුවෙන් පසුව වූවත් ජොනී හැර අනිකුත් සංධාන කාරයින් සමඟ හොඳ හිත ආරක්සා කර ගනිමින්ම යූ ඇන් පී කාරයින්ද තමා වටා රදවා ගැනීමට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුය.. මෙය මහින්ද වටා පක්ෂ විපක්ෂ සියළු දෙනා කැරකෙනවාට සමාන තත්වයකි. ඒ නිසා රනිල් මෙන් පලි ගැනීමේ වැඩ.. කැපිලි නැතිව හරේන්ලට රංජන්ලට වූවද වගකීම් බාර දී වැඩ ගැනීමේ හැකියාව දයාසිරිට ඇත. පක්ෂයකට ඇවසි එවැනි නායකයෙකි... නොදන්නා දේවල් දන්නා අය ලවා කර ගැනීමේ හැකියාව සහිත නායකයෙකි... ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහතික වලට වඩා එය ක්‍රියාවේ යෙදවිය හැකි නායකයෙකි... කොටින්ම නායකයෙකි.. රෑකඩයක් නොවේ... 

දයා සිරිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති අඩුව ඒ සම්බන්ධ අංශ රනිල්ට පැවරීමෙන් මග හරවා ගත හැකිය... ගම් මට්ටමින් පක්ෂය නගා සිටුවීම සජිත්ට පැවරිය හැකිය... පැරණි පාක්ෂිකයින් රඳවා ගැනීම ගැන ගාමිණිලට රංජිත්ලට බාර දිය හැකිය... රෝසිට තලතාට වගකීම් වැඩි කොට කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට වැඩ සටහන් සෑදිය හැකිය...

මෙවැනි දෙයකට අකමැති වනවා නම් ඒ අන් කිසිවකුත් නොව රනිල් සරණං ගච්ඡාමි යැයි උදය සවස පවසමින් තමුන්ගේ බඩ ගෝස්තරවාදය රැක ගැනීමටම දත කකා බලා සිටින අර ගෝතයින් සැට් එකම පමණි...

රනිල් වන්දනාව කරනා අය තුන් තිස් පැයේ කියනා පරිදි හොඳ මොලයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබීම පමණක් පක්ෂයක දියුණුවට හේතු නොවේ... ඒ ඒ හැකියාවන් ඇති අය ඒ ඒ සම්බන්ධව යොදවාගෙන ඒ අයව නියම දිශාවකට මෙහෙයවිය හැකි.. ජනතාවට ගරු කරන..ජනතාවටත් විශ්වාස තැබිය හැකි නායකයෙක් සිටීම රනිල්ගේ උලව් රාජ්‍යතාන්ත්‍රිකත්වයට වඩා මේ මොහොතේ රටට ඇවසිය. නායකයා සියල්ල දැනගෙන සිටිය යුතු නම් කෙදිනකවත් අපේ රටට නායකයින් බිහි වන්නේ නැත. අද මහින්ද දන්නා දේවලුත් ඒ හැටි නැති බව ආණ්ඩු පාක්ෂිකයින් වන අපිදු දනිමු.. එහෙත් මහින්ද තමාට හැකි පරිදි හා.. තමාට විශ්වාසය තැබිය හැකි අයව හැකි මට්ටමින් ඒ ඒ තැන්වලට දමා තරඟය දුවන්නට උත්සහ ගනියි... ඒ සෑම දෙයක්ම සෑම විටම සාර්ථක නොවුනද ඔහු ඒ දේ කරන්නට බලයි.. රනිල් හදන්නේ තනියම දුවා පෙන්වන්නටය... රනිල්ට බැරි වෙන්නට හේතුවත් එයමය... කැබිනට් එකවත් නොදන්නා සාම ගිවිසුමක් ගෙනවිත් ඔහු ඔප්පු කරනු ලැබුවේත් එකී වන් මෑන් ෂෝ එකේ අපූරුවය... අඩුම තරමේ ජේආර් මාමා කොරපු ටිකවත් මේකාට මතක නැත. ප්‍රේමදාසට කොටසකුත්..ගාමිණිට ලලිත්ට තව කොටසකුත්.. රොනීට තවත් කොටසකුත් ආදී වශයෙන් ආණ්ඩුව ඇතුලේම බලතල බෙදා පාලනයක් ගෙන ගිය අන්දම තේරුම් ගත්තා නම් රනිල්ට මෙවැනි දුකක් අත් වන්නේ නැත. එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය...

ආණ්ඩු පාක්ෂිකයෙක් හැටියට දයාසිරි එවැනි තීරණයක් ගතහොත් ඒ ගැන කණගාටුවක් ඇති වන්නට ඉඩ ඇතත්.. ආණ්ඩුවට එක් අයකු නැතිවනවාට වඩා රටට යහපත් විපක්ෂයක් ලැබීමේ සතුට ලැබිමේ හැකියාව ඇති බවද කිව යුතුය... වැදගත්ම දේ හැම දේටම බටහිර සරණ නොපතන.. කොළඹින් පිටතත් ලංකාවක් තියෙනවා  සහ එහි ජනයාටත් ඡන්ද අයිතිය තිබෙනවා යැයි දන්නා නායකයකු විපක්ෂයේ සිටීම ගැන සිතා සතුටු විය හැකිය. බිස්නස් කාරයින්ගේ උවමනාවට පොඩි මිනිහා හූරාගන කන ප්‍රතිපත්තියෙන් තොර වූ පක්ෂයක් හා නායකයෙක් සිටිනවා නම් හා විරුද්ධ පාක්ෂිකයින්ට එළව එළවා ගසනා ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නම් යූ ඇන් පීය සමඟ මටද ඇති ආරෝවක් නැත...  අද වී ඇත්තේ වැරදීමකින්වත් මහින්දගෙන් බලය විපක්ෂයට ගියහොත් එය පත් වන්නේ කුමණ කණ්ඩායමක් අතටදැයි.. කුමන ආකාරයේ නායකයකුටදැයි දන්නා නිසා ආණ්ඩුවේ වැරදි නිසාවත් විපක්ෂයට ඡන්දය දීමට හිත හදාගත නොහැකි තත්වයකි. මූණත් එක්ක තරහට නහය කපා ගන්නා උන් දැන් හිගය...

හැමදාමත් ආණ්ඩුවට බැන බැන සිටිනවාට වඩා ආණ්ඩුව ආණ්ඩු මට්ටු කර හරි මගක යැවීමේ හැකියාව සහිත විපක්ෂයක අඩුව පුරවා ලීමට ඇවසි ඥාණ ශක්තිය යූ ඇන්පී පාක්ෂිකයින්ට පහල වේවා.. ලොකු කම් නැතිව දයාසිරිව නැවත කැඳවා පක්ෂයත්.. විපක්ෂයත්.. පොදුවේ ඒ හරහා රටත් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත්තේ යූ ඇන් පී පාක්ෂිකයින්ටය... ඒක කරන්නට කැමති නම් එසේය.. නැතහොත් තව දුරටත් රනිල් කරේ තබාගෙන ගොස් පක්ෂයත් රටත් අඳුරේ හෙලීමට උවමනා නම් ඒක කරන්නට හැක්කේත් ඔබටමය... 

සුදුස්සක් කරනු මැනවි...

42 comments:

  1. කවද හරි උබ ජනාධිපති වෙන රටක පුත්තලං බූරුවෙක් වෙලා උපදින්ඩ ප්‍රාර්ථනා කරගෙන හපාගෙන මැරෙන්ඩ හිතෙනවා බං..

    ReplyDelete
    Replies
    1. උඹට තැන්කිවු වේවා.. ඊ ළගට ලියන්න ඕන මගේ ජනාධිපති වීමේ හීනේ ගැන.. :D

      Delete
    2. @ උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
      //කවද හරි උබ ජනාධිපති වෙන රටක පුත්තලං බූරුවෙක් වෙලා උපදින්ඩ ප්‍රාර්ථනා කරගෙන හපාගෙන මැරෙන්ඩ හිතෙනවා බං..//

      ඒ කියන්නෙ පුත්තලං බූරුවෙක් ජනාදිපති වෙන රටක තවත් පුත්තලං බූරුවෙක් වෙලා උපදින්න කියලාද උඹ ප්‍රාර්ථනා කරන්නේ?

      Delete
  2. මමත් මේ පාර දීල දැම්ම චන්දෙ. දෙන්න ඕනේ නිසා මිසක් ආසාවට කැමැත්තෙන් නෙවේ.. මේ රටේ දේශපාලනේ නම් mata තිත්ත වෙලා තියන්නේ// දයාසිරි ආවොත් නම් වැඩක් කරයි තමා. ඒ උනාට ආරාධනාවකින් උනත් එයා ඒවිද?? අන්න එතනයි මට තියන ප්‍රශ්නේ..

    ReplyDelete
    Replies
    1. දයාසිරිට නියම තැන දෙනවනං මෑන් නෑවිත් ඉන්න එකක් නැහැ... මොනවා උනත් දේශපාලකයෙක්නේ...

      Delete
  3. මාර විචාර...රෝසිට බලතල වැඩිපුර බලතල දුන්නොත් ගමේ අම්මන්ඩිලා කෙසේවෙතත් නාකි මනමාලයෝ ටිකනම් එක්කාසු කොරගන්න පුළුවන් වෙයි.අනිත් අතට දයාසිරි විතරයි මාකට්කරන්න පුළුවන් එකෙක්ට හිටියේ ඌවත් එලොගෙන නටන මේ නෙය්යාඩගම බලං ඉන්න විතරයි දන තියෙන්නේ...හැබෑට කෝ අර රවින්ද්‍රන් කරුනානායගම් ...සැහෙන දවසකින් දැක්කේ නෑ

    ReplyDelete
    Replies
    1. නාකි මනමාලයෝ උනත් මොකද බොලේ..වලංගු ඡන්දයක් තියේනං.. :D

      කරුණානායගම් මේ දවස්වල කිලිනොච්චියේ ඉඳන් මැද වච්චියට යනකල් පයින් යනවළු... :D

      Delete
    2. ඇයි බං දැන් කෝච්චියෙම යතහැකිනේ....තව ටික දොහකින් අලිමංකඩ ඉදන් පාමංකඩ [නුගේගොඩ] ටත් කෝච්චියේ යන්න පුළුවන් වෙයි...

      Delete
  4. දයාසිරි ආපහු යූ ඇන් පි යට එයිද කියන එක තමයි පුරස්නේ

    ReplyDelete
    Replies
    1. නියම වටිනාකම ලැබුනොත් මෑන් නොසලකා හරින එකක් නැහැ...

      Delete
  5. මාරය මලේ මගේ යකා අවුස්සන්න එපා හොදේ.
    ලොක්කට පුක දෙන්න හදන එකේ සීමාවක් තියා ගත්තොත් හොදයි..හරිය..?

    ReplyDelete
    Replies
    1. ඔය මං කිව්වේ.. මං කිව්වේ... ජාන හරි ප්‍රභලයි... :D

      Delete
    2. අම්මට සිරි දැනුයි දැක්කේ... ( කලින් දැක්කා නම් එහෙම අතනින් තව 2 % ක් අඩු වෙන්න තිබ්බා )

      Delete
    3. @ Kenji
      ලොක්කට පුක (© කකා ) දීමත් රනිල් ට පුක දීමත් අතර ඇති වෙනස කුමක් ද ?

      Delete
    4. @MS පිල්ලිය;
      ඇත්ත නේන්නම් එහෙම වෙනසකුත් නැහැ නේද
      හොයන්නෙ බලන්නෙ නැතිව ක්ෂණික කෝපයට කියවෙන දේවල්නෙ බං.

      Delete
  6. අපිත් දැක්ක ඌ.එන්.පී කාරයෝ ටික දෙකට බෙදිල මරා ගන්නව.....අපරාදේ අපේ තාත්තා තව මාස දෙකක් ජීවත් වෙලා හිටියනම් සන්තෝසෙ වැඩි වෙලා අදයි මැරෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ප්‍රභාත්... අපේ තාත්තට අඩුම ගානේ යුද්ධයක් නැති රටක් දැකලවත් මැරෙන්න වාසනාව තිබුනේ නැහැ.. එහෙම බලද්දී ප්‍රභාත්ගේ තාත්තා සෑහෙන්න වාසනාවන්තයි...

      Delete
    2. කණගාටුදායක කතාවක් උනත් හිනා යනවා අප්පා මේවට...

      Delete
    3. ලියලා තියෙන විදියට කාට උනත් හිනා යනවා... ඒ තරං අපූරුවට කියමන යොදලා තියෙනවා..

      Delete
  7. යූ ඇන් පී එකේ නායකකමට නාමල් බේබිව ගෙන්න ගන්ඩ බැරි වෙයිද?අන්න එහෙම උනොත් නං බලාගන්ඩ තිබ්බා ගේම.

    ReplyDelete
    Replies
    1. ආ....එහෙමත් පුලුවන්ද ????

      Delete
    2. විහිළු නෙවෙයි බං..ඇත්තටම කරනවනං මේ වෙලාවේ කරන්න තියෙන සහ කල හැකි හොදම දේ තමා ඕක.. නැත්තං ඉතිං තවත් වැල් බයිලා කිය කිය අර යෝධයව කරේ තියං ඇවිද්දැකි තව දසකයක් දෙකක්...

      Delete
  8. එකෙන්ම මගෙන් වැටක් .... බොහෝ දේවල් ( 92 % වීතර ) සමග එකඟයි .........

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ ... වැට ගහන්න අමතක උනා..

      ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අපොයි 92 ක් වැඩිත් එක්කලා.. දෙන්නෙක්ගේ අදහස් එක ලගින් යන්නේ නැහැ කවදාවත්ම සීයට සියක්.. 92ක හොදටම ඇති... :D

      Delete
    3. ඉතුරු 8 ත් ගොඩ දාගන්න තිබ්බා මාරයියා අපේ පැත්තට ආව නම්..එක්කෝ මම එන්න ඕනේ ඔය පැත්තේ ...

      Delete
    4. ඔය කියන්නේ කොයි පැත්තද..?

      Delete
  9. දයසිරි එහෙන් මෙහාට පැන්නෝත් මෙහෙන් තව දහ පහලොවක් එහා පැත්තට ඇදලා ගනියි....

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අර කලයට කක්කා කර කර කන එකා කක්කා කලයා ආවේ නැද්ද මේ පැත්තේ. ඌට බඩු බනිස් වෙන්න කලින් උගේ අන්තිම කැමතිපත්තරේ ලියවාගන්නත් තියේ.

    ReplyDelete
  12. එක්සත් ජාතික පක්ෂෙ නායකකමට ගැලපෙනම කෙනා තමයි විමල් වීරවංශ. එක්සත් ජාතික පක්ෂෙ තියෙන අඩුපාඩුකම් ගැන හොඳම වැටහීම තියෙන්නෙ එයාට. අඩුපාඩුකම් ගැන වැටහීමක් තියෙන්න එපැයි හදන්නනම්. දයාසිරිට ආණ්ඩු පක්ෂෙ අඩුපාඩුකම් ගැන හොඳ අවබෝධයක් තිබ්බා. එයා දැන් ඒ අවබෝධය පාවිච්චි කරල රටට කෙසේ වෙතත් වයඹටවත් සිරි කරයි.

    විමල්ව එක්සත් ජාතික පක්ෂෙ නායකයා කරනකොට රනිල්ටත් මොකක් හරි තියෙන්න එපැයි. රනිල් වික්‍රමසිංහ ගැලපෙන්නෙ කතානායක කමට. චමල් රාජපක්ෂව දාමු දකුණු පළාත් මහඇමති කමට. ජනාධිපති කමට ගැලපෙන්නෙ මහින්ද රාජපක්ෂ නෙවෙයි. උන්නැහේව යවමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කමට. නවනීදන් පිල්ලේව් ගෙන්නල උතුරෙ ආණ්ඩුකාරකම දෙමු. දැන් ඉන්න ආණ්ඩුකාරයට කොහේ හරි දැනට තානාපතියෙක් නැති රටක තානාපතිකම දෙන්න පුලුවන්නෙ. එතකොට ලංකාවෙ ජ්නාධිපතිකම තවම හිස්නෙ. ඒකට ගැලපෙනම කෙනා මේ බ්ලොග් අවකාෂෙම ඉන්නවා. නෑ නෑ මාරයා නෙවෙයි. නෑ නෑ මමත් නෙවෙයි. ඒ කවුද කියල තමන්ම චුට්ටක් හිතල බලන්නකෝ. ඔන්න මම රටේ ලෝකෙ ප්‍රශන ඔක්කොම විසඳුවා

    ReplyDelete
  13. දයාසිරියට ඔය මනාප ටික දුන්නෙ මහින්දට එගේන්ස් කට්ටිය.
    එකේ විලි ලැජ්ජාව වහගන්න ආණ්ඩුවෙන් සහ මොලේ නැති සිරසෙන් රනිල් පැන්නීමේ මෙහෙයුම කරන්නෙ.
    මේ මෝඩ චුං දැකල මෙයාටත් චුං වෙලා.

    ReplyDelete
  14. රතුපස්වල මිනීමරන කොට අළුගෝසුවාදය මිනීමරු ජාන ගැන කටපුක වසා ගෙන සිටි මාරයා මාතර සිද්ධියෙන් තෘප්තිමත් වී ක්ෂණික මෝචනයට ලක්වී දමා ඇති පොස්‍ටුවට දේශප්‍රේමී ජනතා අචාරය

    ReplyDelete
    Replies
    1. රටේ මීට වඩා ප්‍රශ්න තියෙන කොට මුන් කටයි පුකයි වහගෙන කැම වට්ටොරුවක් දාගෙන ඉන්නව
      මේවගේ දෙයකදි වෙඩි සද්දෙටත් කලින් මුන්ගෙ පෝස්ට් එකක් වැටෙනව
      මට පේන්නෙ UNP එකටබලය එන්නෙ නැති එකට පුකේ අමාරුව හැදිල තියෙන්නෙ දේශප්‍රේමී ගැන්සියටනෙ ඒකනෙ ජනාදිපති උපදේශකවරු තුවක්කු අරන් උද්ගෝශන වල ආරක්ශාවට එන්නෙ

      Delete
  15. එතකොට රනිල් ගියාම පරදිද්දී බනින්නේ කාටද?

    ReplyDelete
  16. උඹට පිස්සුද බං. යූ ඇන් පී යෙන් රනිල් ගියාට පස්සෙ මිනිහට බෑ කිය කිය බනින්නෙ කාටද? දැන් ඔය සමහරු කෑ ගහන්නෙ යුද්දෙ නැති එක නිකං මොකක්ද වගේ කියල.

    ReplyDelete
  17. උඹටත් දැනෙනවා කියන්නේ ප්‍රභල විපක්ෂයක අවශ්‍යතාවය, ඒ කියන්නේ උඹටත් දැන් යමක් තේරිලා තියෙනවා කියන එක... ඒ කියන්නේ අද රට කොතැන ඇද්ද?

    ReplyDelete
  18. " එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය..."
    ඇයිබන් මේ උබලගෙ මහරජා ආශ්චර්යෙට රට අරන් යනව නෙ මොකටද ඉතින් විපක්ෂයක්. රනිල් තියා මොකා නාවත් රට පරාද වෙන්නෙ කොහොමද අති උතුම් මහරජ රට පාලනය කරනකොට.

    ReplyDelete
  19. ඕව එයාල බලා ගනී.

    ReplyDelete