06 October 2013

මගේ ජනාධිපති වීමේ සිහිනය...


අපේ බුද්ධියා මේ ලගදී මරු කතාවක් කියලා තිබුනා...

//කෙංජි,තාම මාරයව අඳුනගෙන නෑ මම නං කියන්නේ. පොර ඇත්තටම නැව් නැග්ගනං ඡේද තුනක් යනකල් වැඩේ අඳින්නේ නෑ. මාතෘකාවට නැව් නැග්ගා කියලා දාන්නෙත් නෑ. හෙහ් හේ....//

ඇත්ත කතාව.. මගේ පෝස්ට්වල මුල බලලා කවදාවත් එයිට යටින් තියෙන දේවල් මොනවද කියලා හිතන්න අමාරුයි.. ඒක මං ටිකක් හිතා මතා කරන දෙයක්... උඩින් පල්ලෙන් බලලා යන අයට නෙවෙයි කියවන්න බලං එන අයට ලියන එකයි මගේ සිස්ටොං එක වෙලා තිබුනේ...

රයිටෝ ඒත් අද කියන්න යන්නෙ නං මාත්තුරුකාවට අදාලවම කතාව තමා...

හරි අපි මෙහෙම පටං ගමුකෝ...

ඔය විහිළුවටවත් ඇහුවොත් ඕන එකෙක් “පිස්සුද බං“ කියලා කිව්වට මොකද වැඩි හරියක් එවුන්ගේ හිතේ තියෙන හීනයක් තමා තමන් ඉන්න රටේ ජනාධිපති වෙන එක.. හෝව් හෝව්..මට පේනවා දැන් කිහිප පොලක්ම ලෑස්ති වෙනවා “අනේ අපිනං එහෙම නෙවෙයි“ කියලා කියන්න.. අවුලක් නැහැ..මට වැරදුනා කියලා අපි හිතමුකෝ... ඔහේලාට එහෙම හීනයක් නැහැයි කියමුකෝ...

‍බොක්කට කෙලින් කතා කරනවනං මගේ එහෙම එකක් තිබුනා.. තියෙනවා සහ තිබේවි... ඒ කිව්වේ අතීත වර්ථමාන සහ අනාගත කාල තුනෙන්ම තමා... ඒ කිව්වේ මගේ මහ ගොඩක් අනාගත බලාපොරොත්තු නැති උනාට හීන කිහිපයක් තියෙනවා.. එයින් එකක් තමා ඔය ජනාධිපති හීනේ.. :D

තව ඉතිං දඟ පන්දු යවන්නෙක් හැටියට ජාතික කිරිකැට් කණ්ඩායමට එකතු වෙලා මුරලිදරන්ට එහා යන විදියට පන්දු යැවීම ගැන ඇති හීනේ.. තව එයින් එහා හීන මට නැහැ මං හිතන්නේ...

රයිටෝ ඒ කිරිකැට් හීනේ පැත්තක තියලා අපි මේකට බහිමු...

ආයේ ඉතිං බොරුවක් නෙවෙයි.. ඕකට ලැජ්ජා වෙන්ට දේකුත් නැහැ.. මං ඇත්තටම කැමැතියි නෙව මේ රටේ ජනාධිපති වෙන්ට.. මං ඉතිං ඕකට පුංචි එකා කාලයේ හිටං හීන දකිනවා...

හැබැයි ඒ හීනේ හැබෑ කරගන්න  ලේසි නැති උනත්.. ඒ හීනේ ඇතුලේ මං කරන්න ඕන දේවල් ගැන අදටත් හිතනවා... මේ කියන්නට යන්නේ ආන්න එහෙම උනොත් මං කොරන්ට හිතං ඉන්න දේවල් ටිකක් ගැන...

හරි හරි කවුරු මොන බයිලා ගැහුවත් එහොම එකක් ලැබුන ගමන් කරන්නේ තමන්ගේ හැත්ත බුරුත්තට අස්වද්දන එක තමා කියලා කවුද නොදන්නේ... මං උනත් එහෙම තමයි... ඒත් ඉතිං කරුමෙට වගේ මට අස්වද්දන්න එවුං නැහැ.. ඒ ගැන මටත් කණගාටුයි.. ගෙදර ඉන්න මට බාල එකා ගැන මට බලන්න දෙයක් නැහැ.. ඌ මං කියන දෙයක් අහන එකෙක් නෙවෙයි... ඒ හින්දා උන්දලාව අතෑරලා දාලා ඉන්න හින්දා වෙන එවුන් නැහැ මට සලකන්න... අනික ඉතිං අපිට කෙල වෙලා තියෙද්දී උදව් කරන්න හිටියේ නැති නෑදෑ හැත්ත බුරුත්තට මං මොකට අස්වද්දනවද..? ඒ හින්දා කැමති උනත් ඥාති හිතවත් සංගරහා කරන්න හැටියක් නැති එක ගැන මං අවංකවම කණගාටු වෙනවා...

අනික ඉතිං අර ඥාතින් ගැන කිව්වා වගේම තමා හිතවතුන් ගැනත් කියන්න තියෙන්නේ.. මොකද මට දැන් ආස්සරේ කරන මහ හිතවත් පිරිසක් නැහැ නෙව.. මගේ ආස්සරේ තියෙන්නේ මේ බ්ලොග් ලියන කියවන පිරිස ඇරුනාම මූණු පොතේ දන්න අදුරන අය විතරනේ.. ඒ අය කොහොමටවත් මගෙන් උදවු ඉල්ලන උන්දලා නෙවෙයි... මොකද මේ බ්ලොග් ලියන අය අතරේවත් බුකියේ ඉන්න අය අතරේවත් නැහැ ඔය බාල වැඩ.. මේ හැමෝම සරුව සාධාරන වංචාව දූෂණය එහෙං පිටිංම පිටු දැකපු හෙන අවංක කස්ටිය... ආයේ ඉතිං එහෙවු සාධාරණ අය තමන් දන්න කියන එකෙක් ජනාධිපති උනා කියලා උන් නෙවෙයි පණ යතත් ඔය රස්සාවල් ඉල්ලන්නේ..එහෙමත් නැත්තං ටෙන්ඩර් පාස් කරවගන්න කතා කරන්නේ.. අඩුම තරමේ ළමයා ඉස්කෝලෙකට දාගන්නවත් කතා කරන උන් මේකේ නැහැ.. මේකේ ඉන්න තරමක් ඉන්නේ හැම දේම නීතියට සාධාරනේට අනුව කරන කියන සද්ගුණවත් පිරිසක් නෙව.. ඒ හින්දා මං ඒ අතින් පට්ට වාසනාවන්තයි.. හොරු වංචාකාරයෝ..වචී පරමලා..අරුන් මුන් නැති සෑම අතින්ම සුපිරිසිදු හිතවතුන් පිරිසක් අතරේ ජීවත් වෙන්ට ලැබීම... එයිට වඩා මොන සැපයක්ද තවත් මිනිහෙකුට...

 ආන්න ඒ හින්දා ඔය කියාපු සංගරහා මට කරන්න ඕන වෙන්නේ නැහැ... මට කිසි ගේමක් නැතිව රාජ්ජ පාලනේට බැස්සැකි... අමුතුවෙන් ගසා කන්න දේකුත් නැහැ.. මොකද ජනාධිපති උනාම ලස්සෙකට විතර කිට්ටුවෙන් යන පඩියකුත් ලැබෙනවනේ.. තුන් දාස් පන්සීයෙනුත් මාසේ දුවවන්න ඇහැකි මට  ඒ මදෑ හොදටෝම.. පැන්සන් එකත් ලැබෙනවනං...මට දැන් මේ ජීවත් වෙනවා වගේ ආතල් එකේ කාලා බීලා..කරන දෙයක් කරගෙන... චිත්තර පටියක් නාට්ටියක් බලාගෙන ඇවිදලා කරලා හොදට හිටියැකිනේ.. ඒ මදෑ හොදටෝම...

රයිටෝ ඒ හින්දා මට තියෙන්නේ වැඩේ කරං යන්න විතරයි..

හැබැයි.. ඔතන පොඩි කොස්සක් තියෙනවා.. මොකද ඔය පුටුවේ වාඩි වෙන්න දැනට තියෙන්නේ එකම කරමයයි.. ඒ තමා පිළිගත්ත පක්ෂයකින් ඉදිරිපත් වෙලා.. ගන්න පුළුවන් තරං සල්ලි තියෙන බලය තියෙන තැන් වලින් උදවු අරං වියදං කරලා ඡන්ද කරලා කොහොම හරි දිනලා ඔය පුටුවට පැන ගැනීම..

හැබැයි ඉතිං ඒ කරමෙට ගියාට පස්සෙ අර මුලින් උදව් කල උන්ට නොසලකා බැරි වෙනවා.. ඒ හින්දා මගේ අරමුණ එහෙම පත් වෙන්ට නෙවෙයි...

ඔව් ඔව් මං දන්නවා ඩීබී මහත්තයට පහළ උන නිධානේ මට පහල වෙන්නේ නැහැ කියලා... ඒ හින්දා මට ඒකට වෙනම සැලසුමක් තියෙනවා වියදං නැති මැතිවරණ ප්‍රචාරණ ක්‍රමයක් ගැන... 

නැහැ නැහැ මේ බ්ලොග් ලියලවත් බුකියේ විකාර දොඩවලවත් නෙවෙයි.. බ්ලොග් වලින්.. බුකියෙන් නායකයෝ පහළ වෙනවනං දැන් ඉන්නේ පස් වෙනි මහින්ද රජු නෙවෙයිනේ.. එහෙමනං මෙලාට දෙවන දොන් ජුවන් ධර්මපාල හරි පළමුවැනි සරත් රජතුමානේ මේ රට පාලනේ කරන්නේ... ඒ හින්ද ඒ වගේ දඩි බිඩිස් ප්ලෑන් මයේ ගාව නැහැ.. මගේ ක්‍රමේ තියෙන්නේ  බොහෝම විධිමත් වැඩ පිළිවෙලක්.. ඒක සරලව කිව්වොත් මූලිකවම මං මගේ දැනුමේ හැටියට රටට  හරියන සෑම අංශයක්ම මනාව ආවරණය වෙච්ච ආකාරයේ ආණ්ඩුක්‍රම වියවස්ථාවක් සහ රාජ්ජ ප්‍රතිපත්ති විය්‍යුහයක් හදා ගැනීමත්... මහන්සි නොබලා අතේ තියෙන හැටියට කාලා රට පුරාම පයින්ම ගිහින් හරි.. (පයින්ම යන්න වෙන එකක් නැහැ.. බයික් කටුව තියෙනකල්.. අනික දන්න කියන රැකියා රට වටේම තියෙන හින්දා අතට අහුවෙන වැඩක් කර කර කීයක් හරි හොයා ගන්න ගමන්ම රට වටේ ගියෑකි) මගේ ප්‍රතිපත්ති සහ වියවස්ථාව ගැන රටේ මිනිස්සුන්ට කියා දෙමින් සරලව ඒ දේවල් පැහැදිලි කරමින් ගමින් ගමට ගිහින් කතා පවත්වන එක... (මොනවා නැතත් මට තාමත් කරන්න ඇහැකි දෙයක් තමා ඔය කතා පැවැත්විල්ල... ඒක මොකක් හරි පූරුවේ කොල පිනක බල මහිමෙන් උපතේදීම මට ලැබුන දෙයක්.. කොටින්ම මං මුලින්ම අපේ ගමේ හන්දියක දේශපාලන රැස්වීමක කරපු පිලිගැනීමේ කතාව අහං හිටිය ජේවීපී සැට් එකක් එයින් පස්සේ ගෙදරටම ඇවිල්ලා මාව ඒකට බදෝ ගන්න දවස් කිහිපයක්ම දත කෑවා.. හුහ් එහෙම යනවද මේ අනාගත ජනාධිපතිතුමා ඒ වගේ රටේ තුන් වැනි බලවේගෙවත් නොවෙන පක්ෂවලට.. :D ) ආන්න ඒ හින්දා මගේ කල්පනාව හරි ගියත් නොගියත් එහෙම අවුරුදු ගානක සංචාරයක නිරත වෙමින් රටේ හැම අස්සට මුල්ලටම යන එක... එක වංගියක් මං දැකපු හින්දි ෆිල්ම් එහෙකත් හිටියා ඔහොම පිස්සෙක්.. නළුවට හිටියේ නානා පටේකාර්.. ඌත් ඔහේ මොකාද එකා වගේ පකිස් පෙට්ටියක් උඩ නැගගෙන හරි මිනිස්සුන්ට කතා කරපු බුවෙක්... ඒක දැකපු දවසේ තමා මං තීරණේ කලේ කවදා හරි මගේ සිල්පේ වෙන්නේ මේක තමා කියලා... මිනිස්සු පිස්සෙක් ගානට හිතුවත් මයේ මොකද.. කවදා හරි මතක් වෙන්නේ නැතෑ මේ අරූනේ කියලා...

ඉතිං ආන්න එහෙම දීර්ඝ සංචාරයකින් පස්සේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඡන්දෙට ඉදිරිපත් වෙලා.. අපේක්ෂක වරප්‍රසාද යටතේ හම්බවෙන ටැලිවිසොන් කාල වේලාවෙන් පරයෝජන අරං මිනිස්සුන්ට මතක් කරලා දෙන්න අහවල් කාලේ ඇවිත් වැදි බණ කියලා ගියේ මේ පුතයා තමා කියලා...

ඔතනදී හරියන්න හරි වරදින්න හරි පුළුවන්.. ඒත් අර කිව්ව සංචාරක කතාවලට පදනම කරගන්න වියවස්ථාව සහ ප්‍රතිපත්ති හරි හමන් තත්වෙක තිබුනොත් මිනිස්සු ටිකක් හරි කල්පනා නොකර ඉන්න එකක් නැහැ.. උදාහරණයක් හැටියට “මං ආව ගමන් තමුන්නාන්සේලාට රැපියල් දා දහක් පඩි වැඩි කරනවා“ වගේ කතා නොකියා “මං ආවට පස්සේ මාස  කිහිපයක් අරං ගොවි මහත්තුරුන්ව ක්‍රමානුකූලව ලියා පදිංචි කොරං තමුන්නැහේලට අඩු පොලී සහිත කෙටි කාලීන ණය දෙනවා වගාව කර ගන්න සහ.. ඒ එක්කම වගා රක්ෂණ ක්‍රමයක් හරහා කෙල උනොත් ඒ ණය ගෙවෙන ක්‍රමයක් හදා දෙනවා..රක්ෂණයකින් තමුන්නාන්සේලාට පොඩි ලාභය අඩු වීමක් උනත් පාඩුව අවම වීමක් වෙනවා.. අපිටත් දිගටම ණය ක්‍රමය පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා“ කියනවා වගේ කරන්න ඇහැකි කාටත් සාධාරණ දේවල් ටිකක් හරහා මිනිස්සුන්ගේ විස්වාසේ දිනා ගන්න බැරි වෙන එකක්මත් නැහැ...

තව ඉතිං හුගක් ජාති ඔළුවේ තියෙනවා.. හැබැයි ඒ හැම එකම එළියට දාලා බැහැ.. මොකද ඒක මං මගේ දේශපාලන සංචාරේ යද්දි එළියට දාපුවාම මදෑ...

ඔය වියවස්ථාව ගැන කිව්වමත් මට මතක් වෙන්නේ එක වංගියක් මං මේ වනකල් පක්ෂ සාමාජිකත්වය ලබාගත්ත එකම පක්ෂය වෙන “සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂ“යේ නායකතුමා වෙච්ච හරිශ්චන්දර මහත්තයාගේ වියවස්ථාව... නීතිඥයෙක් වෙච්ච ඒ මහත්තයා බොහෝම මහන්සි වෙලා මේ රටටම හරියන ආකාරයේ වියවස්ථාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් හදාපු කෙනෙක්.. මං මේ වෙනකල් දැකලා නැහැ මහ පක්ස හෝ වෙනත් කිසිම පක්ෂයකින් ඒ තරම් පැහැදිලි වැඩ පිළිවෙලක්.. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට වගේම මේ රටේ හැදෙන ගම්මිරිස් ඇටයේ ඉදලා එප්පාවල පොස් පේට් දක්වා සෑම අංශයක්ම ආවරනය වෙන විදියට එතුමා ඒක හදලා තියෙනවා.. කවදා හරි මං හදන එකටත් ඒ ටික ගුරු උපදේශ හැටියට තියා ගත්තම මට වැඩි අමාරුවක් වෙන එකක් නැහැ... 

ඉතිං ආන්න එහෙම දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් හරහා තමයි මගේ ජනාධිපති හීනේ තියෙන්නේ... එහෙම නැතිව මාස තුනෙන් ආණ්ඩු අල්ලන හීන නැහැ හරිය...
(මට දැන් මැවිලා පේනවා තොපි මට හිනාවෙන කැත.. ‘‘මූට පිස්සු‘‘ කියලා.. හැබැයි මතක තියා ගනිවු... පිස්සෝ තමා මේ ලෝකේ වැඩිහරියක් වෙනස් කරලා තියෙන්නේ කියලා.. :D අනික ජනාධිපති උනාම සෑහෙන්න ඉවසීමක් උවමනා හින්දා මං දැන් හිටම ඒක පුහුණු වෙන්න ගන්නවා.. :D )

රයිටෝ දැන් කොහොම හරි මං ජනාධීපති උනාම එයින් පස්සේ මොකද කරන්නේ..?

මං මේ කියන්නේ මං අර මුලින් කියාපු ප්‍රතිපත්ති කිරියාවේ යොදවන අන්දම ගැන විතරක්ම නෙවෙයි.. දැනට රටේ ඉන්න දේශපාලකයින්ව හරස් කර නොගෙන මේක කරගෙන යන්නේ කොහොමද කියන කාරණේ...

මොකද මේ රටේ වෙනස්කං කරන්න ලොකුම හැකියාවක් තිබුන කෙනෙක් තමා ප්‍රේමදාස ලොක්කා.. උන්නැහේත් හොද සැලසුමකට අනුව බොහෝම ආත්ම විස්වාසෙන් වැඩ කරපු මනුස්සයෙක්.. ඒත් එක පැත්තකින් විපක්ෂය කකුලෙන් අදිද්දී.. තමන්ගේම පක්ෂයේ බමුණු කුල නායකයෝ ටිකත් උන්නැහේගේ පිටට පිහියෙන් අනින වැඩ තමා කලේ... කුල ප්‍රශ්නයක් අල්ලං මඩවන ගමන්.. උගත්කං ගැන කිය කියා කරන්න තියෙන හැම කෙණෙහිලි කමක්ම කලා.. ඒ අතරෙදිම උතුරයි දකුණයි දෙකම ඇවිලුනාම ආයේ ඉතිං පීඩනයට ඔරොත්තු නොදී පිස්සෙක් වගේ වෙලා මෑනුත් පිස්සු කෙලියා... එහෙම බාධාවන් නොතිබුනානං මේ වෙද්දී ප්‍රේමදාස ලංකාව සෑහෙන තරමකට ගොඩ දාලා... ඒ හින්දා ඔය නායකකං ලැබුනත් හැම එකාම සේප් එකේ තියං ඕන මේක කරන්න..කැත්තට පොල්ල වගේ උනොත් කවදාවත්ම වැඩක් කරන්න වෙලාවක් හොයා ගන්න වෙන්නේ නැහැ රණ්ඩු කර කර ඉන්නවා ඇර..

ආන්න ඒ හින්දා මගේ හිතේ තියෙන කල්පනාව තමා මහ මැතිවරණයෙන් මොක්කු වැඩි බලය ඇල්ලුවත් ජනාධිපති හැටියට පක්ෂ විපක්ෂ දෙකේම දක්ෂයින්ට තනතුරු දීලා හැම එකාටම වැඩක් පවරලා වැඩ ගන්න එක.. මහ පුටුවේ ඉදනං මං හොරකං කරන්නේ නැතිනං පහල පුටුවල උන් හොරකං කරන ඒවා සුටුස් ගාලා අල්ලලා පුකට පයින් ගහලා එලෝන එක මහ වැඩක් නෙවෙයි නෙව...

 ඒ හින්දා මං ජනාධිපති වෙන දවසක මගේ ඇමති මණ්ඩලේ පත් කරන්නේ කොහෙමද කියලා මං හිතුවා... ඒ වෙද්දී දැන් ඉන්න උන්දලා ජීවත් වෙලා හිටියොත්...

මූලික වශයෙන්ම මෙන්න මේ තනතුරු ටික දෙන්නේ මෙයාලට...

අගමැති- චම්පික රණවක
ආරක්ෂක ඇමති- ගෝටාභය රාජපක්ෂ
විදේශ ඇමති- රනිල් වික්‍රමසිංහ
රාජ්‍ය පරිපාලන- කරූ ජයසූරිය
මුදල් ඇමති- බන්ධුල ගුණවර්ධන

ඔය ටික තමා මගේ මූලික ඇමති පට්ටං.. එයිට අමතරව දැනට හැට හුට හමාරක් තියෙන අමාත්යන්සිය ටික පුළුහං තරං එක්කාසු කොරලා ඇමති පට්ටං දහයක් විතර හදනවා... උදාහරණයක් විදියට ඔය ආගමික/දේශීය වෙද්‍ය/සංස්කුරිතික/පුරාවිද්‍යා/ වගේ එකට යන පරණ ටයිටලේ ඒවා ටික එක්කාසු කරලා දෙනවා විජමු ලොකුබණ්ඩාර වගේ කෙනෙකුට.. එතකොට ඔය ගාමිය සංවර්ධන/කුඩා කර්මාන්ත/ වැවිලි කාර වැඩ වගේ දේවල් එක්කාසු කොරලා සජිත්ට කරේ ගස්සනවා වගේ දේවල් කලෑකි...

 එහෙම මූලික අමාත්යන්සිය පහලොහකට විතර ඔක්කෝම සීමා කරලා අනිත් මංතිරි වරුන් සියළු දෙනාම ඒ ඒ අමාත්යන්සිය වලට අනුබද්ධ කොරලා දානවා.. ඒ කිව්වේ ඔය දැන් ඇඹිලිපිටිය පැත්තේ ඉන්න පුෂ්පකුමාර ගොයියා වගේ උන්දලා ඇමතිවරු වෙන්න තරං ඇති රෙද්දක් නැහැනේ.. උන්දලා ඔය සීනි කර්මාන්තය අහු වෙන අමාත්යන්සියට අනුබද්ධ කරලා ඒ පළාතේ උක් සංවර්ධන වැඩ වලට දානවා වගේ වැඩ ටිකක් තමා ඔළුවේ තියෙන්නේ..
(කණගාටුයි මර්වින්ට දෙන දෙයක් ගැන මං හිතන එක නවත්තලා තියෙන්නේ.. )

මහින්ද ලොක්කට ආයේ තැනක් නැහැ නේද කියලා කාට හරි හිතෙයි... හිටපු ජනාධිපති කෙනෙකුට තව කෙනෙක් යටතේ වැඩ කරන්න දැමීම උන්නැහේට කරන අගවුරයක් හින්දා මහින්ද මහත්තයට පුළුහං තමුන් කැමති පළාතක බොහෝම නිවාඩු පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න..රජයේ සියළුම පහසුකං යටතේ.. මොනවා උනත් යුද්ධය අවසන් කල නායකයා හැටියට උන්නැහේ රජෙක් වගේ ඉතිරි කාලය ගත කරන්න වටිනවා... මං පොරොන්දු වෙනවා කිසිම විදියකින් අනං මනං නඩු දාලා උන්නැහේගේ විශ්‍රාම දිවියට බාධා කරන්නේ නැහැ කියලා... පරණ දේවල් හාර හාර ඉන්න ගියොත් කවදාවත් වැඩක් කරන්න වෙන්නෙත් නැහැනේ... ඔය ආගමන විගමන නීති යටතේ උනත් උන්නැහේට කිසිම බාධාවක් නොවෙන විදියේ පහසුකං සලසලා දෙන්ට ඕන... උන්නැහේට කරදර කලේ නැතිවට මට උන්නැහේගේ මල්ලිලා දෙන්නවම ඕන කරනවා.. ඒ කිව්වේ ගෝඨාබයයි.. බැසිල් උන්නැහෙයි.. ඒ දෙන්නම බොහෝම හොද කලමනාකරුවන් යම් යම් දේ සම්බන්ධව...

අර මුලින් කියාපු පත් වීම් ගැන කියනවනං... අගමැති හැටියට පත් කරන චම්පික ගොයියා තමයි මගෙන් පස්සේ රට බාර ගන්න ඕන... රනිල් ගැන තියෙන ප්‍රතිරූපේ හැටියට විදේස කටයුතු උන්නැහේට බාර දෙන එක වරදක් නැහැ නෙව... බන්ධුලට උනත් තමුන් දන්න දේ හරියට කරන්න නියම බලතල කවදාවත්ම ලැබුනේ නැති හින්දයි උන්දෑ ෆේල් වෙලා ඉන්නේ කියලා මට හිතෙන්නේ... කරූ ජයසූරිය කියන්නේ පහුගිය කාලේ රාජ්ජ පාරිපාලනේ මං දැකපු විදියට නියම පාරට ඇදං ආව මනුස්සයා..  රජයේ ආයතනවලට ආව ගිය..ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ක නිතර ගනුදෙනු කරන්න උන කාලයක් මට තිබුන හින්දා මං ඒක හොඳින්ම දැක්ක දෙයක්... මෑන් පරිපාලනේට සුපර්... එක එකා මොනවා කිව්වත්... මෑන්ට ටිකක් බලතල දීලා අල්ලස් ප්‍රශ්නවලටත් උත්තර හොයන්න ක්‍රමයක් හදා ගත්තම හරි...

ගෝටාභය නිකංම නිකං රාජ්ජ නිලධාරියෙක් නොකර ලිස්ට් එකෙන් හරි ගෙනල්ලා ඇමතිකම දෙන්න ඕන ආයේ කරන ටික හරියටම කරං යන්න... වැඩ කරන එකාට ඒකට සම්බන්ධ සියළු බලතල දීලා වැඩේ කරං යන්න දෙන එක තමා මේ රට ගොඩ දාන්න තියෙන හොදම ක්‍රමේ...

රටේ ආර්තික ප්‍රතිපත්ති ගැන කියනවනං දැන් කාලෙක ඉදන් මේක කෘෂිකාර්මික ආර්ථිකය යටතේ.. අපනයන ආර්ථිකය යටතේ.. කාර්මික ආර්ථීකය යටතේ ගොඩ දාන්න හැදුවට තාමත් ඒ හැටි වැඩක් උනේ නැති හින්දා මගේ අදහස තියෙන්නේ ඒ දේවල් ඒ විදියටම කරං යන ගමන්ම මේක අධ්‍යාපන ආර්ථීකයක් හැටියට ගොඩ දාගන්න උත්සහ කරන්න... ඒ කිව්වේ රජයේ මූලික අරමුණ අධ්‍යාපනය දියුණු කිරීමට යොමු කරවලා.. රටේ උසස් පෙල සමත්වෙන අන්තිම එකා දක්වා සරසවි යවලා ලෝකයේ රැකියා අවස්ථා අරමුණ කරගෙන (ඔන්න කලින්ම කිව්වා කලා උපාධියනං තහනංම කරලා දාලා කලා උපාධිකාරයෝ ඕනනං පිටරටින් ගෙන්නනවා.. ) පාඨමාලා හදලා උගන්නලා හැකි තරං කට්ටිය පිටරට පැටවිල්ලක් කරන්නයි හිතං ඉන්නේ.. අධ්‍යාපනය නොමිලේ වෙනුවට උසස් අධ්‍යාපනය ණය පහසුකම් යටතේ කෙරෙන විදියකට යන්න ඕන...  රට පටවන අය අවම වශයෙන් වසර දහයක්වත් රජයට යම් ගෙවීමක් කරන විදියට වැඩ පිළිවෙල සකස් කරන එක තමා කරගන්න ඕන... අර ඉස්සර මහා ප්‍රශ්නයක්ය කියලා කට්ටිය කෑ ගහන “බුද්ධි ගලනය“ද මොකක්ද  කියන එක රාජ්ජ අනුග්‍රහයෙන්ම කරන එක තමා ඕං මූලික ප්‍රතිපත්තිය... රටේ සම්පත් හූරං නොකා..පරිසරය දූෂණය නොකර.. වැඩේ ගොඩ දාගන්නනං මෙහෙම දෙයක් තමා කරන්න වෙන්නේ...
--------------------------

හප්පා... දැන් පොඩි නිදිමතක් වගේ දැනෙනවා.. ඊයේ නිදා ගද්දී රෑ දෙකට කිට්ටුයි... අනික අනාගත ජනාධිපතිතුමාට උනත් වැඩිය මොලේ වෙහෙසවන්න දෙන්න හොද නැහැනේ.. ඒ හින්දා දැනට මං නිදා ගන්න යනවා... ආයේ වංගියක් මගේ ජනාධිපති හීනේ ගැන ලියන්නංකෝ අතෑරුන දේවල් එක්කලාම පැහැදිලි කරලා.. කාට  හරි ප්‍රශ්නයක් තියෙනවනං අහවල් දේ කොහොමද තමුන් විසදන්නේ කියලා.. බය නැතිව සරලව පැහැදිලිව අහන්ට.. මං විස්තර කරලා දෙන්නං... 

--------------
හීන දකින එක නරක නැහැ නේද..? නැහැ මං කිව්වේ රටට නෙවෙයි මට...

54 comments:

  1. ග්‍රහ මාරුවෙන් මුගේ මොලේ කචල් වෙලා වගේ..

    ReplyDelete
  2. අනේ බං මාරයියේ මට විපස්ස නායකකම ඉතුරු කරහං ඈ.ඒක ජනාධිපතිකමට වඩා ආතල් බං.

    ReplyDelete
  3. මම දැක්කා කවුදෝ අනාගතය දිවැසින් බලන කෙනෙක් කියලා තියනවා කරූ ජයසූරිය මහත්තයා ආපහු කවදාවත් ඇමති කමක් ලබන්නේ නෑ කියලා... ඒ මනුස්සයා කියල තියන දේ හරි නම් ඒ කියන්නෙ මාර අයියා ජනාධිපති වෙන්නේ නෑ කියන එකනේ... හොයල බලන්න ඕනි ඒක ගැන... කොහොම වුනත් හීන බලන එක නම් හොද වැඩක්...

    ReplyDelete
  4. //ඒත් ඉතිං කරුමෙට වගේ මට අස්වද්දන්න එවුං නැහැ//

    ජේආර් පප්පත් ඔයවගේම කතාවක් කිව්වා "රකින්න පවුලක් නැත, මට ඔටුණු පළඳවන්න කුමාරයෙක් නැත" කියලා :-)

    ReplyDelete
  5. ප්‍රධාන ජෝතිෂ්‍ය උපදේශක තනතුර දෙන්නේ කාටද?

    සුමනයාටද නැතනං මංජුලයටද නැත්නං මාරයා තුමාම ඒ රාජකාරිය කොර ගන්නවද?

    ReplyDelete
  6. මම නම් පට්ට අවංක සර්ව සාධාරණ එකෙක් නෙමෙයි... ඒ හින්දා මාරෙ අයියෙ මට රස්සාවක් දීපන් ජනාධිපති ආරක්ෂකයෙක් විදිහට... වෙන වරප්‍රසාද මොකවත් ඕන් නෑ... ඒක මගේ පට්ට ආසාවක්... උඹට කියන්න ඔය ආසාව හින්දම ජනාධිපති හීනයක් නැති වුනා.. සැරයක් දෙකක් ජනාධිපති වුනොත් මොකෑ කරන්නෙ කියල නම් හිතල තියෙනෝ...

    ReplyDelete
  7. මචං මාරේ ඔහෙට තදේට පායනවද බං... පට්ට අව්වේ ඉදලා එකපාර නාන්ඩ එපා ඔ‍යි...


    ReplyDelete
  8. මේ මං නිකමට අහන්නෙ වනිතා කටයුතු පිලිබද අමාත්යාංශේ කාටද බං දෙන්ඩ හිතං ඉන්නෙ

    ReplyDelete
  9. පොඩි උදව්වක් ඉල්ලන්න ඕනා,,මට බාර් ලයිසමක් දුන්නොත් ඇති

    ReplyDelete
  10. මාරය අයියෙ, මට නං මුකුත් එපා. ඔය කියන විදිහට කොරල පෙන්නපන්කො ඒ ඇති.

    ReplyDelete
  11. මට හෙනම ආසාවක් තියෙනවා කැසිනෝ ක්ලබ් දෙක තුනක් දාන්න... මාරයාව දිනවන්න මම බොක්කෙන්ම වැඩ කරනවා...

    ReplyDelete
  12. අදහස් ටික නම් සෑහෙන්න වටිනවා මාරයෝ... මෙවැනි දේවල් විහිළුවක් බවට පත් වෙමින් පැවතීම තමයි දුක.. ඇත්තටම පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම " අනේ මුන්ට පිස්සු " කියලා හිතෙනවා කියන්නේ අපේ මෝඩ කම ............


    එහෙම රටකට කවදටත් ගොඩයන්න බැහැ මාරයියේ... පෝස්ට් එකේ කියලා තියෙන දේවල් ටික තමයි විය යුත්තේත්..... ඒත් මේ වෙද්දී ඒ අදහස් සහ යෝජනා ටික ජෝක් එකක් වෙලා ...අපිට කවදා පායයිද හඳ ...

    ReplyDelete
  13. මට වෙන මොකුත් එපා. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන ටිකට දෙනවා උඹට චන්දේ.

    ReplyDelete
  14. "(කණගාටුයි මර්වින්ට දෙන දෙයක් ගැන මං හිතන එක නවත්තලා තියෙන්නේ.. )"
    ඒකනම් ලොකු දෙයක්.

    ReplyDelete
  15. උඹ ජේ ආර්ගේ කපාපු පළුව අයියේ.
    ඌත් නොකියා නිවේ මේකමනේ
    //ඔන්න කලින්ම කිව්වා කලා උපාධියනං තහනංම කරලා දාලා කලා උපාධිකාරයෝ ඕනනං පිටරටින් ගෙන්නනවා..//

    අම්මපා උඹ ජනාධිපති වෙන්න ඉල්ලන දාක කියාන් ඡන්දේ දාන එක දානවා

    ReplyDelete
  16. මාරේ අයියේ අපිටත් පට්ටමක් ගන්න බැරි වෙයිද දන්නේ නෑ නේ.. රට රස්සා එපා වෙලා ඉන්නේ.. :)

    ReplyDelete
  17. විහිලුවට නෙවෙයි බං...මට ජනාධිපතිකම ලැබුනොත් මං කරන්න ඉන්නෙත් ඕකම තමා....හැබැයි මං හිතන විදිහට ඩලස් ගොය්යත් දක්ෂ එකෙක් ...මන්නම් මිනිහටත් වැඩක් පවරනවා...සුනිල් මාධව ප්‍රේමතිලක ලේක් හවුස් සභාපති කරනවා....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඩලස් ??????????????????

      Delete
  18. හරිස්චන්ද්‍ර මහත්තයා ඔය ප්‍රතිපත්ති මුලින්ම කියන කොට මම ඉස්කෝලේ යන පොඩි එකා. ඒකාලේ කතිකා කියලා රූපවාහිනී වැඩසටහනකට ගෙන්නලා අපේම උන් හෙන සෙට් එකක් ගෙන්නලා මනුස්සයව ජාති වාදියෙක් කියලා, සජීවීව අපහසුතාවයට පත් කලා. මම හිතුවා පොඩි කාලේ හින්දා මට නොතේරෙන දේවල් සභාවේ ඉන්න අයට තේරිලා වෙන්ඩැති හරිස්චන්ද්‍ර මහත්තයට මෙහෙම කියන්නේ කියලා.

    දැන් උඔ කියනවා, සමාවෙන්න දැන් ඔබතුමා කියනවා ඒ ප්‍රතිපත්ති ගරු කරනවා කියලා. ඒ කියන්නේ එක්කෝ ඔබතුමාට තියෙන්නේ මට ඒකාලේ තිබුනු බබා ඔලුවක්. නැත්තම් හරිස්චන්ද්‍ර මහත්තයයි උඔයි ඉපදිලා තියෙන්නෙ වැරදි රටේ.

    ReplyDelete
  19. මාරයාගේ ප්‍රතිපත්ති ටික නම් මාරයි. මමත් ජන්දේ දෙනවා මාරයා චන්දෙ ඉල්ලුවොත්. සුභ අනාගතයක් අපේ අනාගත ජනාධිපති මාරයාට.

    ReplyDelete
  20. මටනම් අවුරුදු ගානක් තිස්සෙ හිතෙන දෙයක් තමයි රනිල් ලොක්කාව ආණ්ඩුවට අරන් විදේශ අමාත්‍යාංශය දෙන එක... එතකොට හොඳ විපක්ශයක් බිහිවෙනවා වගේමා. රටේ විදේශ ප්‍රතිපත්තිත් ගොඩ දා ගන්න පුළුවන්......

    ReplyDelete
  21. මාරයාට ජය වේවා ....!!!

    ReplyDelete
  22. එතකොට මාරයා ජනාධිපති වුනාම මාතලන්ටයි කෙන්ජිටයි මොකද කරන්නේ .../

    ReplyDelete
  23. උඹේ ප්‍රතිපත්තිනං හොඳයි. ඒත් ඒව පිළිගන්න තරං මොළයක් ලංකාවෙ ඉන්න බහුතර මිනිස්සුන්ට තියෙයි කියල හිතන්නෙ නැති එකනං උඹේ අවාසනාව.
    උඹ ජනාධිපති වෙන කාලෙක මේ රට චීන මහජන සමූහාණ්ඩුවෙ කොටසක් වෙලා නොතිබ්බොත් ඇති.

    උඹ ජනාධිපති උනාට පස්සෙ ගොඩකවෙල තියෙන බාර් දෙකේ ලයිසන් දෙක මට අරං දියං හොඳේ.

    ReplyDelete
    Replies
    1. උඹ ජනාධිපති උනාට පස්සෙ ගොඩකවෙල තියෙන බාර් දෙකේ ලයිසන් දෙක මට අරං දියං හොඳේ.

      ඉහි ඉහි.....
      :D :D

      Delete
    2. ඔන්නඔහෙ එකක් රෙහානිටත් දියං බං. :D

      Delete
  24. ඔය ඉතින්, මම ජනාධිපති වෙන්න කැමති නෑ කියන්න කට අරිනකොටම උඹ ඒක දිවැසින් දැක්කනේ.

    ReplyDelete
  25. අනේ මන්දා ඉතින්...
    උඹලා ජනාධිපත්උනොත් මම නං එක මොහොතක් මේ ලංකාවේ ඉන්නේ නෑ..!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. විදෙස රැකියා ඇමතිකම මට දීපන් ..... හොර ඒජන්තල ඔක්කොටම මම *&*#$@^%&&

    ReplyDelete
  27. අඩේ උබව අපි ජනාදිපති කොරන්නද?? කමක් නැද්ද??

    ReplyDelete
  28. මම ජනාධිපති වුණොත් කියල අවුරුද්දකට කලින් හිතිච්ච වෙලේක කොටපු එකක්

    http://status-chanaka.blogspot.com/2012/03/blog-post.html

    (නෑ නෑ මේක හිට් බලාගෙන දාන ඇඩ් එකක් නෙවෙයි. මම දැන් බ්ලොග් එක ලියන එක අතඇරල අවුරුද්දක් විතර ඇති)

    ReplyDelete
    Replies
    1. මම ජනාධිපතිනම් ලයිට් නිවන්න කියල SMS යව යව ඉන්නෙ නෑ.
      8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.

      [ 30 - Mar - 2012 ]

      Delete
  29. umbage deshapalana danuma gana hitha ganna puluwani umbage amathi mandale inna ewun tika dakkama.

    ReplyDelete
  30. "මේ හැමෝම සරුව සාධාරන වංචාව දූෂණය එහෙං පිටිංම පිටු දැකපු හෙන අවංක කස්ටිය" hak hak hak me pishshuda???? mama nam ehema naha oya thorathuru thaakshanika wage amathi kamak matanam one. aneka lambogini deka thunakuth one reddak kiyawanna epa janadi pathi thumo

    ReplyDelete
  31. Replies
    1. අර උඩිංම බුද්ධිය කිවුව දේ හරිද වැරදිද කියල තේරුං ගන්න පුලුවං මේ කොමෙන්ට් එකෙන්ම. :D

      Delete
    2. නෑ බං ..... ඊ මේල් සබ්කයිබ් වෙන්නේ නෑ බං.... දැනුත් මේ තකහනිය ඇවිල්ලා බලලා යන ගමන්.

      Delete
  32. අනේ යකෝ මාරයියෙ... උඹත් අරින්ඩ ගත්තහම අළුතින් හිල් හද හදත් අරිනව නේද බන්.....

    ReplyDelete
  33. //බොක්කට කෙලින් කතා කරනවනං මගේ එහෙම එකක් තිබුනා.. තියෙනවා සහ තිබේවි...//

    අනේ අපි තව ජීවත් වෙන්න ඕනේ :D

    ReplyDelete
  34. වනිතා කටයුතු අමාත්‍යාංශය අපේ මංගල අයියටම දෙන්න තියා ගනින් මාරෙ...

    ReplyDelete
  35. උඹ ජනාධිපති වුනාට පස්සේ දැන් වගේ පට් පට් ගාලා අපේ කමෙන්ට් වලට රිප්ලයි කරන බ්ලොගර් කෙනෙක් හැටියට උඹට තියෙන කීර්ති නාමේ නැතිවෙලා යනවට නම් දුකයි බං.

    ReplyDelete
    Replies
    1. හැබෑටම මාරයා ඉදලා හිටලා දවසක තමයි රිප්ලයි කොටයක් අතඅරින්නෙ...දිවියොම කාපිය...

      Delete
  36. බර්ටිගෙන් හිස්‌ වූ කලාවැව සංවිධායක ධුරය චන්ද්‍රසේනට

    http://www.divaina.com/2013/10/08/news05.html

    මාර විග්‍රහයක් අවශ්ය වී ඇත

    ReplyDelete
  37. හනේ අම්මෝ...
    මේ එතකොට නම් නියම පෝස්ටර් ටිකක් බලාගන්න පුළුවන් වේවි නේද මාර තුමෝ?
    "මාරේ අපිට අපි මාරෙට"

    "රට දිනවන්න මාරයාට ඡන්දය දෙන්න"

    "මැරෙන දවස පවා ටක්කෙට කිව හැකි අපේ මාරයා දිනවමු"

    "රටේ අනාගතය මාරයාට"

    "රට මාරයාට- මාරයා රටට"

    ඔන්න ඔය වගේ එහෙම.. :D

    මම මේ නිකමට වගේ අහන්නේ.. රේල්ලුවට මොකද කරන්නේ? දාන්න කව්රුත් නැතිනම් ඒක මට දෙන්න. නියමෙට ගොඩ දාල දෙන්නම්..

    ReplyDelete
  38. මම උඹේ බයික්කෙට ෆුල් ටෑන්ක් තෙල් ගහල දෙන්නම් (එක පාරක්).. උඹ ඕනේ මගුලක් කර ගනින්...

    ReplyDelete
  39. එතකොට බ්ලොග් ලිවිල්ල අත අරිනවද?

    ReplyDelete
  40. අපිත් මනාපයක් දෙන්නම්කෝ ... මාර අය්යාට ජය වේවා ....!!!

    ReplyDelete
  41. මාරයත් මරු දකින වැඩක්. හම්බ වුනත් වැඩක් නෑ. දැන් නම් තියෙන්නෙ කටු ටික විතරයි. ගණිකා මඩමක්, කසිප්පු තිප්පලක්, ගැහැණුන් රට යවන තැනක්, සමලිංඟ ඇති/නැති සම්බාහන තැනක් පවත්වාගෙන යාහැකි පලපුරුද්ද ලබාගන්න වෙයි. කවුරුත්, එන්න කලින් සුදුනන් ය. ඊ ළඟට මාරයත් ජරාපස්සෙක් වේවි.

    අර හරිස්චන්ද්‍රගෙ කටුපොත කියවන්න විදියක් නැද්ද?

    ReplyDelete
  42. ඔය සිහිනය ඔය විදියටම ඉෂ්ට වුනොත් අපිටත් හරිම හරි සතුටුයි. ඉල්ලුවොත් ඡන්දෙත් දෙන්නම්. හැබැයි අන්තිමේට අපිට හොද බ්ලොගර් කෙනෙක් නැතිවෙයි ද මන්දා. මොකද මේ සිරි ලංකාව‍නේ... ‍කොච්චර හොද කෙනෙක් වුනත් දේශපාලනේට ගියාම අර හොද ටික ඉතුරු කරගෙන ජීවත් වෙන්න පට්ට අමාරුයි.

    ReplyDelete
  43. උඹේ ජනාධිපති කම අමතක කරලම දාමු , චම්පිකට අගමැති කමයි , රනිල්ට විදේශ ඇමති කමයි දෙනවය කියන්නෙම වැඩේ හොඳම එකෙන් නා ගැනිල්ලක් , ගෝඨට ආරක්ෂක ඇමති කම දීපන් , මාස 6 යන කොට උඹේ ජනාධිපති පුටුවටත් වැඩේ හම්බු වෙයි ලස්සනට

    ReplyDelete