10 November 2013

මයෝනීස්...

මෙව්වානං ලියන එකත් පාඩුයි.. ඒත් කවුරුම හරි මොනවා හරි දෙයක අනිත් පැත්ත ඉගෙන ගන්නේ නැතෑවත් කියලා හිතලා තමා ලියන්නේ...

කෑම බීම හදන හැටි දැමිල්ලෙන් ඉතිං මං බලාපොරොත්තු වෙන්නේ තවත් කවුරු හරි කෙනෙක් ඒක බලලා මොනවාම හරි යමක් හදන්ට ඉගෙන ගනී.. එහෙම කරලා කෑමක් රහට හදාගෙන කාවී.. තව කෙනෙකුට කන්ට ටිකක් හදලා දේවී.. වගේ දේවල් තමා.. ඒත් මේ අද කියා දෙන්නේ නං කෑමක් එපා කරවන සීන් එකක්... ඒ තමා මයෝනීස් සෝස්...
(ගූගල් මාමාගේ ආධාරයෙනි)

ඇත්තටම මේක ලියන්න හිතුනේ අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුල් පුරුක් අතරේ හිටිමින් තාමත් ඉඳ හිට ලියන.. විශේෂයෙන්ම මගේත් බ්ලොග් ගුරෙක් හැටියට මං නිතරම මතක් කරන අපේ ඉන්ද්‍රනාම මලයගේ අළුත් පෝස්ට් එක දැකලා.. මේ තියෙන්නේ ඒක...  ඉන්දරේ මල්ලි අද ලියලා තියෙන්නේ අපූරු සළාදයක් හදා ගන්න විදිය.. ඒක එතනින් බලා ගතෑකි...

ඒක කියෝපුවාම තමා මට හිතුනේ ඒකේ සළාදයට යොදා ගන්නා මයෝනීස් ගැන ලියන්න ඕන කියලා...

මයෝනීස් සෝස් එක අද වෙළඳ පොලේ ගන්න තියෙනවා බෝතල් හැටියට.. කවුරුවත් ඕක හදන්නං මහන්සි වෙන්නේ නැහැ.. ඒ හින්දම හුග දෙනෙක් දන්නෙත් නැහැ මේකේ මොනවා තියෙනවද කියලා... ඒ හින්දා මං හදන විදිය දාන්නං...

උවමනා ද්‍රව්‍ය...

බිත්තර කහ මද 2යි
විනාකිරි මේස හැන්දයි
අබ ක්‍රීම් තේ හැදි කාලයි
තෙල් ලීටර් කාලයි 
ලුනු/ගම්මිරිස්...

ඔතනදී ගන්න තෙල් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.. මූලිකවම පොල්තෙල්/පාම් තෙල් වගේ දේවල් හරියන්නේ නැහැ... හොඳම දේ තමා ඔලිව් තෙල්.. නැත්තං එළවළු තෙල්.. සූරියකාන්ත තෙල් වගේ ඒවා.... ගම්මිරිස් සුදු ගම්මිරිස් වීමෙන් පැහැය ආරක්ෂා කරගන්න පුළුවන්... 

ක්‍රමය...

ටිකක් ඉඩකඩ ඇති බෝල් එහෙකට බිත්තර කහමද දෙක දා ගන්න.. ඒකටම විනාකිරි ටිකයි.. අබ ක්‍රීම් ටිකයි එකතු කරන්න.. ලුනු ගම්මිරිසුත් ටිකක් වෙන්න දාගන්න... එයින් පස්සේ තියෙන්නේ ඉතිං බීට් කිරිල්ලක් තමා.. වැදගත්ම දේ තමා බීට් කරන එක නවත්තන්න බැහැ අවසානය වෙනකල්ම... ඒ කියන්නේ මෙතනදී උදව්වට තව කවුරු හිටීම වැදගත් වෙනවා.. ඒ තමා තෙල් එකතු කිරීමට...

දැන් මේක බීට් කරන ගමන්ම ඒකට අර තෙල් වලින් ස්වල්පය බැගින් එකතු කරන්න ඕන.. ඒ කියන්නේ මුලින්ම තෙල් මේස හැන්දක් පමණ... ඒ ටික හොඳට බිත්තර කහ මදය එක්ක මුසු වෙලා ක්‍රීම් ගතියට ආවම තත්පර තිහකින් විතර තව මේස හැන්දක් ආදි වශයෙන්... කවුරු හරි ළගට වෙලා තෙල් එකතු කරන අතරේ තවත් කෙනෙක් එක දිගටම බීට් කරං යන එකෙන් වැඩේ අවුලක් වෙන්නේ නැති වෙන්න ගොඩ දාගතෑකි.. හොදටම හුරු උනාමනං තනියම කලෑකි.. ඒත් ඔලිව් තෙල් කාලක් අහක යවනවා කියන්නේ හෙන ගහන අපරාදයක් හින්දා කවුරු හරි ලග තියං වැඩේ කිරීම ලාබයි...

ඔහොම දිගින් දිගටම බීට් කරං ගියාම තෙල් අවසාන වන තැනදී අපේ මයෝනී සෝස් එක හැදිලා ඉවර වෙනවා.. හරියට වැඩේ කෙරුනනං අවසානයේදී බොහෝම ලස්සන ලා ඇත්දල පාටක් වැනි සුදක් හිමි ලස්සන සෝස් එකක් අපිට ඉතිරි වෙනවා... දැක්කම කන්න ආසා හිතෙන විදියේ...

ඒත්....

හොඳට කල්පනා කලොත් දැන් තේරෙන්න ඕන ඕනෑම කෙනෙකුට මයෝනි කියන්නේ බිත්තර කහමදයෙන් අල්ලාගෙන ඉන්න තෙල් ගොඩක් විතරයි කියන එක... ඇත්තටම කිව්වොත් ඔය බිත්තර කහ මද දෙකට තෙල් බෝතලයක් උනත් අවුලක් නැතිව අල්ලං ඉන්න පුළුවන්.... එකම දේ බීට් කිරිල්ල හොදින් වෙන එක විතරයි...

දැන් මං ඔය කිව්වේ ගෙදරදී අපිට නියම විදියට ඕක හදාගන්න විදිය.. එහෙම හැදුවත් තෙල් ගොඩක් වෙන සෝස් එක ව්‍යාපාරයක් හැටියට කරන අය හදනකොට තව මොන මොනවා එකතු කරනවා වෙන්න පුළුවන්ද...?

දැන් හිතෙනවද මයෝනී සෝස් කන්න කාට හරි...? :D

රයිටෝ එතකොට ඉන්දරේ කියන සළාදේ කන්නේ කොහොමද..?

ගන්න එක එක රස වර්ග නැති පොඩි යෝගට් එකක්.. ඒකට දාන්න ලුනු ගම්මිරිස්.. තියෙනවනං ලියාගත්ත පාස්ලි ටිකක් හෝ නැතිනම් කරපිංචා දළු ටිකක්... අබ ක්‍රීම් තියෙනවනං එයිනුත් ඇබින්දක් එකතු කරන්න.. අබ රසයට කැමති නැත්තං නිකං ඉන්න.. හොදට බීට් කරලා සළාදෙට එකතු කරන්න... හරි සරළයි... මයෝනී වගේ තෙල් ගොඩක් නැතිව ඔය සළාදේ රසට කෑහැකි...

--------------
කෑමක් එපා කරවන්න මේ පෝස්ට් එකක් ලිව්වමයි.. :D
මං හදාපු පොටෝ නැති එක ගැන සමාවෙන්න... පුරුදු වෙන්න හැදුවට ගෙදරදිනං හදන්න කල්පනාවක් ඇත්තේම නැත...

48 comments:

  1. මං මෙච්චර කල් හිතන් හිටියේ මයෝනිස් කියන්නේ චීස් වලින් හදන කෑමක් කියලා ...

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි ඔබතුමාට මේ වගේ දේවල් අප සමග බෙදා ගන්නවට... (:P)

    ReplyDelete
  3. ඉන්දරේගේ ලිපියට කමෙන්ට් එකක් දැම්මා. ඔබවත් අගය කරලා. දෙන්නටම ස්තුතියි. වටින වැඩක්. මීකිරි තමයි හොද යෝගට් සීනි නැති එකත් කමක් නැහැ. මයෝනීස් වලට වඩා ඒ දෙකම ගැලපෙනවා.

    ReplyDelete
  4. මල්දෙනියේ සිමියෝනිස්!

    ReplyDelete
  5. ඔන්න මම මේයනේස් වලට කියන සිංහල වචනේ ඉගෙනගත්තා සූප වේදී මාරයා තුමාගෙන්.

    අගුණ වුනාට රහයි බං. මම හරි ආසයි අමු සලාදයකට ඩ්‍රෙසිං එකක් හැටියට ඕක පොඩ්ඩක් දාලා කන්න. මේයනේස් ටූත්පේස්ට් ටියුබ් වගේ ලොකු ටියුබ් වලත් එනවා. ඒක මිරිකන්න ලේසියි.

    උඹට ස්තුතියි මේක හදන හැටි කිව්වට

    ReplyDelete
    Replies
    1. හෙන්රි
      මේක ශබ්ද කරන්නෙ "මයෝනයිස්" කියල නෙමෙයිද?

      Delete
    2. @Kumara, හෙන්රි හරි. යට තියෙන වීඩියෝව බලන්න.

      Delete
    3. @Kumara:Praසන්ன: ඉංග්‍රීසියෙන් නම් මේයනේස්. සිංහලෙන් මොනවා කියනවද දන්නේ නෑ. මම හිතන්නේ ඔය මාරේ කියලා තියෙන විදිය වෙන්නැති

      Delete
    4. මැයොනෙයිස් වගේ හුරුවට කියන එක තමයි හරිම විදිහ. ක්ෂේත්‍රයේ නම් කියන්නේ මැයෝ කියන කෙටි නමින්. ඒ නම දැන් ගෘහස්ථවත් භාවිතා වෙනවා. මෙය ඉංග්‍රීසි වචනයක් නොව ස්පාඤ්ඤ ආභාශයක් ඇත.

      Delete
  6. අපි බලමු හදලා .... ස්තූතියි මාරයෝ...මේ ඒක නෙවේ මට කියන්න මස හයියට එන්න කුකුල් මස් උයන්නේ කොහොමද ...? නිකන් කරි චිකන් වගේම එන්න සමහර අය කුකුල් මස හදනවනේ... ඒ කොහොමද ...? දාන්න බලන්න ඊළඟ පෝස්ට් එකක...

    ReplyDelete
    Replies
    1. හනේ..හනේ..උඹ ට තදට මස් කන්න හිතිලා.... :)...
      මගෙන් ඇහැව්ව නම් හරිනේ,,,

      Delete
    2. කෙන්ජි අය්යේ අපි ඊළඟ පෝස්ට් එක විදිහට දාමුකෝ කුකුල් මස් කරියක් උයන හැටි .....

      Delete
    3. කෙන්ජි....ජැපනීස් කුකු....මස් තදද? මම නම් තවම රහ බලලා නැහැ..! බැරිද කිලෝ 40 - 45 ක් විතර මෙහෙ පටවන්න. අපිට නිකන් රහ බලන්න.

      Delete
    4. කෙන්ජියෝ මටත් මේක දැක්ක ගමං බකස් ගාලා හිනා ගියා

      Delete
    5. @ ඇල්බන් අය්යේ

      දන්නවද ජපානයේ මුළු අදායමෙන් 8% එන්නේ කොහොමද කියලා ....? මටත් හිතාගන්න බැරි උනා දැනගත්ත දවසේ...

      @ අටම්

      කියන්න බලන්න ක්‍රමේ....

      Delete
    6. සහන්..හිතාගත්තහැකි...!

      Delete
    7. 7 % විතර වග කියන්නෙ අපේ කෙන්ජි මාමා .

      Delete
  7. බොහොම ස්තූතියි.
    ලිපිය ගොඩක් වැදගත් වෙන්නෙ වයිෆ්ට නිසා අඩ ගහලා එයාටත් කියවන්න දෙන්න ඕන.

    ReplyDelete
  8. ඕක හදන හැටි මාත් දැකල තියෙනව ටීවී එකේ තියෙන කුකරි ප්‍රෝග්‍රෑම් වල. ඒත් කාලනං නෑ.

    දැං උඹ ඕක හදන්නෙ නැතුව ඉන්නෙ තෙල් එකතුකරන්න කෙනෙක් නැති හින්දද?

    ReplyDelete
  9. මම අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරනවා. මාරයත් දැන් හෙන සූපවේදියා නෙව. තව ටික දොහකින් සුවර්ණවාහිනියෙන් මතු වුණොත් පුදුම වෙන්න කාරී නෑ.

    ReplyDelete
  10. හෙහ්.....දැනගෙන හිටියෙ නෑ හදන විධිය නම්. අදම තමා දන්නෙ. මම නම් මේක දාලා හදන සළාදෙට ආසයි. ආසයි ඒත් ගෙදර උන්දැයි පොඩ්ඩොයි කටේ තියන්නෙ නෑ. මටත් ඉතින් එළියෙදි තමා කන්න වෙන්නෙ

    ReplyDelete
  11. බොහොම ස්තූතියි මේ වටිනා අදහස් බෙදා හදා ගත්තට! ඔබට ජය!!

    ReplyDelete
  12. ඔලිව් ඔයිල් කොලෙස්ටොරෝල් වලට නම් ගුණයි. කෑවම බර වැඩි වෙන එක තමයි අවුල. ඒ අතින් බැලුවම රෑට, ගෙදර හදපු මයොනීස් සෝස් දාලා ලොකු සලාදයක් කන එක ඇගට ගුණයි. තෑන්ක්ස් මාරයා ටිප් එකට.

    ReplyDelete
  13. මෙහෙනම් උපමාවකුත් තියෙනවා "මයෝනිස් නැති බර්ගර් බන් එක වගේ" කියලා

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙද ? ^_^

      Delete
  14. මයෝනිස් නැතිව සමහර වෙලාවට සලාද කන්න මොකක්ද වගේ හිතෙනවා. කොහොම හරි එක දවසක් අම්ම සෝයා සෝස් බෝතලේ හංගල ගිහින් මම චිලී පේස්ට් කනවට. පස්සේ මම චිලිපේස්ට් එකට සෝයා සෝස් වෙනුවට මයෝනිස් දාලා හැදුව අර තරම්ම නැතත් අමුතු කික් එකක් තිබුනා

    ReplyDelete
  15. මයෝනිස් කියන්නෙ දියෝනිස්ගෙයි තෙපානිස්ගෙයි බාල මල්ලි නෙවෙයිද ???? ඉන්දරේ මල්ලිගෙ නෑයෙක් එහෙනම්..කවුද බොලේ දන්නෙ ????

    ReplyDelete
  16. මයෝනිස් වල මොනවද තියෙන්න කියලා මාත් කලින් දැනගෙන හිටියෙ නෑ.. තොරතුරට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  17. උයන පිහන එව්ව ගැන නම් වැඩි අවධානයක් නෑ ඉතින්....

    ReplyDelete
  18. අම්ම ගහයි..මං ඔය මයෝ මොකද්ද එක ගැන ඇහුවෙත් අදමයි ඈ

    ReplyDelete
  19. මාළු සෝස් එකක් හදන හැටි කොහොමද කියල කියා දෙන්න පොස්ට් එකක් දහන්කෝ බන් . . .

    ReplyDelete
  20. මම දාන්නෙ ෆුල් ක්‍රීම් ඔය සලාදයට්.

    ReplyDelete
  21. හපොයි.... "අපි වෙජිටේරියන් " කිය කිය රස කර කර කාලා තියෙන්නෙ බිත්තරද එතකොට

    ReplyDelete
  22. මං කන්න හෙන ආසාවෙන් ඉදපු කෑමක්
    ඔය කියන ජාති දාලා හැදුවොත් පහුවෙනිදට මං ඉදිමිලා තියේවි
    අබයි විනාකිරියි දෙකම ඇලජික්

    ReplyDelete
  23. බලං ගියාම බිත්තර කහ මදේකට තෙල් ගොඩක් අල්ලගෙන ඉන්න පුළුවන්නේ....බඩ ඇතුලෙදී බීට් කොරන්න ක්‍රමයක් හොයා ගත්තනම් ටයර් වගේ තියෙන්නේ බඩේ තෙල් තට්‍ටුව අයින් කොරන්න බිත්තර කහ මදේ හොද බේතක් වගේ...

    ReplyDelete
  24. මයොනිස් තනියම නැගලා යන්නේ නෑ.. සැලඩ් වලට නම් පට්ට.. උණු බල්ලො කනකොට, බාබේ කිව් සෝස් එක්ක මික්ස් කර ගත්තා නම් දිවිය ළෝකේ ගියා වගේ තමයි. සමහර ඒවල පත්තර කොල රහක් එනවා.. ඊට වඩා ලේසියි ගෙදර හදා ගන්න එක..

    ReplyDelete
  25. මමනම් කාලම නෑ මම හිතුවෙ කිරිවලින් හදන චීස් වගේ දෙයක් කියලයි
    ස්තූතියි දැනුවත් කිරීමට .

    ReplyDelete
  26. යෝගට් දැම්මට ඔය සලාදේ නියම රහ ගන්න බෑ බන්..

    ඒකට හරියන්නෙ මයොනීස්ම තමා..
    මිළ වැඩි උනත් හොඳ නිශ්පාදනයක් මිළදී ගත්තොත්
    තෙල් ලොකුවට කන්න වෙන්නෙ නෑ.

    කොහොම උනත් ඔය කෑම උඹල වගේ වයසක උන්දැලට නම් හොඳ නෑ තමා...

    ReplyDelete
    Replies
    1. හපොයි කට්ටිය උඹව මුරුංග අත්තෙ තියල තියෙන තරම
      බලාගෙන පුතෝ...............

      Delete
    2. යෝගර්ට් වලට සිනි චුට්ටක් විනාකිරි පොඩ්ඩක් ලුණු ටිකක් කලවම් කරලා ගත්තම රසයි නිශ් . සැරට ඕන නම් ගම්මිරිස් කුඩු ටිකක් ඉහගන්න .මයෝනිස් රසය ඕනෑම නම් එයින් තේ හැඳි කාලක් විතර එක්කහු කරගන්න .

      Delete
  27. අපි ඕවට කියන්නේ " මයියෝනේසි" කියලනේ මාරයියේ..

    ReplyDelete
  28. බර්ගර් කද්දි මුල්ම දවසෙ අපි හිතුවෙ මයොනිස් දාලා හදපු දේ තියෙන්නෙ ලස්සනට කියලා නෙව. ඉතින් නොකා හිටියා අපි.

    ReplyDelete
  29. මාරයෝ......මේ කමෙන්ට් එක එකතුවක් පමනයි.....මැයෝ කියන්නේ කුකින් කියන සබ්ජෙක්ට් එකේ තියෙන basic sauces පහෙන් එකක්. මේ බේසික් සෝස් වලින් තව derivatives දහස් ගානක් හදන්න පුළුවන්.විශේෂයෙන් මැයෝ වලින්. මාරයා කියන විදිහට මස්ටඩ් ඇඩ් කරොත් මෙය Sauce Remoulade යනුවෙන් නම් කරනවා.

    මාරයා කියන විදිහටම තෙල් එකතු කිරීම සියුම්ව කලයුතු වැඩක්. සෝස් එක Thick වැඩිනම් Vinegar මගිනුත් Thin වැඩිනම් Oil මගිනුත් බැලන්ස් කර ගත හැක......මොනවා උනත් මැයෝ වැඩිපුර කෑමනම් හොඳ නැත. යුරෝපීය රටවල් මැයොනෙයිස් වලින් බැහැර වීම ආරම්භ කර ඇත.

    ReplyDelete
  30. මේ පැත්තේ කට්ටිය ඕක යහමින් කනවා ..ඒ කියන්නේ සම්ප්‍රදායික කෑම වල නෙමේ. අලුතින් එක්කහු වෙච්ච රෙසිපි වල . බුදු අම්මෝ ඔච්චර තෙල් ගොඩක් දාන බවක් නම් දැනන් හිටියේ නැහැ . සැලඩ් එකට පොඩ්ඩක් නම් එකතු කලාට අවුලක් නැහැ. කටේ දිවේ ඇලෙන්න නාගන්නේ නැතුව . යෝගර්ට් තමයි හොඳම මට නම් . අපේ දිහා ළමයි නම් සැලඩ් කන්නේ කිසිම දෙයක් නැතුව හුඟක් වෙලාවට . බැසිල් කොළ , නිවිති කොළ හිටන් මේ දෙන්න නිකන්ම හපල කන්නේ එළුවෝ වගේ...මටත් ලේසියි. ලඟදි හම්බ වුනා බැසිල් පැලයක් . අක්කයි නංගියි කොළ කඩාගෙන කනවා . තව මොනා හරි පැල ටිකක් ගෙනත් තිබ්බ නම් මට එලොළු උයන්නම ඕන නැහැ

    ReplyDelete
  31. උදේ පාන්දර කන්නෙත් නැතුව මේවා බලද්දි බඩගිනි වැඩි වෙනවා බන්

    ReplyDelete
  32. මං නං අහලා තියෙන්නේ මේක බීට් කරන්නේ අයිස් කැට පිරුනු භාජනයක් ඇතුලේ බෝල් එක තියාගන කියලයි මාරයෝ එතකොට තමා කැඩෙන්නේ නැතුව සෙට් වෙන්නේ මේක

    ReplyDelete