18 November 2013

කුකුල් මස තදට.. පෝය පන්නලා...

හුග දවසකින් ආයමත් රට තොට ඇවිදින්න ඇහැකි උනා නෙව... පහුගිය සිකුරාදා උදේ හතට විතර ගෙදරින් පිටත් වෙලා මාළඹේ.. පාදුක්ක.. ඉංගිරිය..රත්නපුරය..උඩවළව..තණමල්විල හරහා තිස්ස මහාරාමෙට ගියේ එදා හවස යෝධ කණ්ඩිය වැව අහල කොහේ හරි නවාතැන් අරං පහුවදා උදේ සිතුල් පව්ව බලන්න යන්න කියලා හිතං.. ඒත් අන්තිමට තිස්සට යද්දි හිතුව තරං හවස් උනේ නැහැ... (මොනවද ඉතිං ලොකු අයියගේ පාරවල් හැදිල්ලේ හොඳ කොම තමා... :D)

ඒ පාර හවස් අතේම ගියා සිතුල් පව්වට..ආයේ යෝධ කණ්ඩියේ නැවතිල්ලක් නැතිවම... ඒ ගෙහුන් අදුර වැටෙන්න ඔන්න මෙන්න තියා ආපහු එන්න එනකොට ගිය පාරෙම නෑවිත් කතරගමට තියෙන කැලෑ පාරෙන් එන්න හිතුවේ ඔය පාරේ නිතරම සත්තු එහෙම යහමින් ඉන්නවා කියලා කලින් වතාවක බයිසිමොටෝ එකේ ගිය සංචාරයක අත්දැකීම් තියෙන හින්දා... හැබැයි ඒ පාර පාරනං කිසිම විදියකින් හොද තත්වේ තිබුනේ නැහැ වැහි කාලෙක මං ගිය හින්දා.. ඒත් මේ පාරනං හොඳට පායලා වගේම පාර සෑහෙන්න හොද තත්වෙකින් සකස් කරලා තිබුන හින්දා පරිස්සමට යා ගන්න පුළුවන් උනා...

ඒ කියද්දී මතක් උනේ.. දැන්නං ඒ පාරේ කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුළුවන් උනාට මං කලින් යන කාලේ කොටි කරදර එහෙම තිබ්බා නෙව... කතර ගම පැත්තෙන් මං යාල හරහා සිතුල් පව්වට එන්න බයිසි මොටෝව හරවලා ටික දුරක් ආවම හම්බ උන මුර පොලකින් මට දුන්න උපදේසේ උනේ...
“කිසිම විදියකින් අතර මග නවත්තන්න යන්න එපා.. වාහනේ කැඩුනොත් ඒක හද හද ඉන්නවත් මහන්සි වෙන්නේ නැතිව ගිය දුරේ හැටියට වැඩියම ලග මේ පැත්තටනං අපහු හරි.. සිතුල් පව්ව පැත්තටනං ඒ පැත්තට හරි දුවලා හරි යන්න“

ඒත් මගේ හොද වෙලාවට ඒ පාරනං එහෙම කරදරයක් උනේ නැහැ.. හැබැයි ඉතිං මහ මඩ වලවල් හින්දා පාර මග ඇරලා කැලේ අයිනෙන් දාගෙන නං යන්න උනා තැන් කිහිපයකදීම... මේ පාරනං දෙයියන්ගේ පිහිටයි.. කිසිම අවුලක් නැහැ වගේම සෑහෙන හොදින් මොනරු..මුවෝ..වල් ඌරෝ.. කුරුළු වර්ග කිහිපයක්ම ඇතුළුව සතුන්ගේ දර්ශනයත් හොඳින් ලබාගෙන එන්ට ඇහැකි උනා...

කතරගමින් එළියට ඇවිත් තෙල් ටිකක් එහෙම වාහනේට පුරෝගෙන කෙලින්ම ආවේ කල මැටියට කිට්ටුව පාත නවාතැන් ගන්ට හිතාගෙන... මොකද ගමනේ දෙවැනි අංගය උනේ කල මැටියේ කුරුල්ලන් නැරඹීම... ඒකට ඉතිං උදේම හරි හවසම හරි මිස දවල් කාලයක් හරියන්නේ නැති හින්දා කලින් හිතං හිටියේ දෙවැන් දවසේ උදේ සිතුල් පව්ව බලලා හවස කලමැටියේ යනවා කියලා උනත් දැන් සිතුල් පව්ව බලලා අහවර හින්දා පහුවදා උදේම කුරුල්ලෝ බලන්න හිතා ගත්තා.. කොහොම හරි අන්තිමට අම්බලන්තොට තමා රෑ ලැගුම් ගත්තේ.. ඒකේ හොඳම හරිය තමා හම්බන්තොට පහු කරලා ඒම.. ඒ හරියෙන් එද්දී රෑ අටට විතර ඇති.. මගෙ අම්මේ... කොළඹ මොන ලස්සනක්ද.. හම්බන්තොට නෙව රෑට ලස්සන...පාරවල් ටික හොයාගෙන හම්බන්තොට පාස් කරන එක බය හිතෙන අත්දැකීමක්.. යකෝ ගාලු/කටුනායක හයිවේ පරාදයි හම්බන්තොට නගරේ මැදින් දාලා තියෙන සුපිරි මාර්ග ටික... බලන්ට ලස්සනේ බැහැ... කොහෙන් ගිහින් කොහෙන් නවතීද දන්නේ නැතිව..ටිකටුත් නැතිව හයිවේ එහෙක ගියා වගේ සංතෝසෙන් යන්තං අවුලක් නැතිව මාතර පැත්තට හරෝ ගත්තට පස්සේ තමා සැනසීමක් ලැබුනේ.. මං බයේ හිටියේ පාර මාරු වෙලා සූරිය වැව පැත්තේ යන්ට වෙයිද කියලා...

ඒ කරලා පහුවදා උදේ වරුවේ කල මැටියට ගෙහුන් කුරුල්ලොත් බලං.. ඒ අහලම තියෙන බොහෝම අපූරු තැනක් වෙච්ච උස්සන්ගොඩ භූමියත් බලලා..දවාලේ හුම්මානෙටත් ගෙහුන්.. හවස් වෙද්දි මාතර...ගාල්ල හරහා ඇවිත් හයිවේ එකෙන් කොස්ටාවට පාත් වෙලා ගෙදරට ඒ ගන්න ඇහැකි උනා.. දවස් තුනකට ප්ලෑන් කොල ගමන කේස් එකක් නැතිව දෙකෙන් හමාර උනා... මට ඉතිං ආපහු එද්දි මතක් උනේ අපි පුංචිකාල වල වන්දනා නඩත් එක්කලා පාන්දර හතරට විතර පිටත් වෙලත් කතරගමට යද්දී හවස හයට විතර වෙන හැටි... ඒ හැටියට දැන් කොයි තරම් දේවල් ඉක්මනින් වෙනවද..?

හරි.. මේක ලියන්න ගත්තේ මේ ගිය ගමන ගැන ලියන්ට නෙවෙයි.. අපේ සහන් උන්නැහේ කලින් ලිපියකදී මගෙන් අහලා තිබුන පුරස්නයකුත්.. ඒකට කෙන්ජි උන්නැහේ උත්තරයක් දෙන්න කියලා පටන් අරං අතර මගින් කඩාපු පෝස්ටුවකුයි දැක්කට පස්සේ වැඩිය දිගට නැති උනත් කෙටියෙන් හරි මං දන්න තරම ලියා දාන්ට කියලයි.. කෙටියෙන් ලියන්ට ගත්තට මොකද අන්තිමට උඩ හරියට වෙලා තියෙන දේ පේනවා නෙව.. :D

රයිටෝ වැල් බයිලා අහවරයි.. දැන් අපි බහිමු කුකුල් මස් ගැන අවුලට...

ඇත්තටම මං ඒ හැටි මස් මාංස කාපු එකෙක් නෙවෙයි නෙව පොඩි කාලේ... ඔය මස් මාංස කෑමට මං හුරු උනේ රස්සාවල් කොරන්න පාරට වැටිච්ච තැනේ හිටලා තමා.. ඒත් ඉඳ හිට දවසක පොඩි කාලේ කුකුල් මස් කෑල්ලක් කැවුනු දවස් තිබුනා.. ඒ ඉතිං වැඩි හරියක්ම අපේ පුංචි අම්මලා එහෙම නෑගං ආවම උන්දලා මට බලෙන් වගේ ඕවා උයලා කවද්දී තමා.. හැබැයි ඒ කාලේ ෆාම් කුකුල්ලු.. එහෙමත් නැත්තං මේ බ්‍රොයිලර් කුකුල්ලු කියලා ජාතියක් තිබුනේ නැහැ ගං වල... කොටින්ම කඩවල්වල සීත පෙට්ටි කියලා ජාතියක් තිබුනෙත් එහෙමත් එහෙක විතරයි... ඒවෑ දාගෙන මල කුණු විකුණනවා කියලා දෙයක් කරන්න උන්දලා හිතලවත් තිබුනෙත් නැහැ...

කාට හරි කුකුළු මසක් කන්න උනාම වැඩිහරියක්ම උනේ අහල පහල ගං කුකුලෙක් සල්ලිවලට අරං මරාගෙන කෑම තමා... මරන වැඩේට දක්ෂ උදවියත් ගංවල එහෙං මෙහෙං හිටියා... ඒ වගේම කුකුලා මරන්න ගිහින් බෙල්ල කැපුවම හිස සුන් කුකුළු කද පියාඹලා ගිහින් ගස්වල වහන කතා එහෙම බොහෝමයක් ගංවල නිතර අහන්නත් තිබුනා... ඒ කෝම උනත් මං කියන්න ගියේ ඒ කාලේ කුකුළු මස් කියලා කන්න තිබුනේ බ්‍රොයිලර් නොවන ගංවලම හැදුන කුකුළු නාම්බන්ගේ මස්ය කියන එකයි.. ඔය ගං කුකුළු මස බොහෝම හයියයි... හරියට නිකං රබර් කන්නැහේ... රසේ උනත් අමුතු වෙනසක් තියේ... 

පස්සේ කාලෙකට මස් කන්න ගත්තට පස්සේ තමා මට තේරුනේ ඔය දෙකේ වෙනස.. ඒ කිව්වේ අපි අද කුකුළු මස් කියලා කන බ්‍රොයිලර් මසේ ඇති දිය ගතියත්.. පොල් කන්නැහේ ඔහේ කාගෙන කාගෙන යන්ට ඇහැකි ගතියත්... ඉස්සර කාපු ගං කුකුළු මසේ තිබුන රසයත්... එහි ඇති තද බවත් යන දේ... විසේසයෙන්ම කාපු අය දන්නවා ගං කුකුළු මසේ වැඩියම රස හරිය තමා කලින් දවසේ උයලා.. ඒකේ ඉතිරි කොටහා පහුවදා උදේට රත් කලාම එන හොඳි බොරේ... ආන්න ඒකත් එක්කලා පාන් කන එක වගේ වැඩක් දැන් තියෙන බ්‍රොයිලර් මසත් එක්කවත්.. ඒ හොදි බොරේ එක්කවත් කොරන්න බැහැ... කොටින්ම කිව්වොත් මෙලේ රහක් නැහැ...

ඔය මස් මාංසවල තද ගතිය ගැනත්.. මස් ඉවිල්ල ගැනත් කතා කරද්දී ඒ ඒ මසට අදාලව ඇති ගති ලක්ෂණ ගැන වෙනස්කං වගේම උයද්දි කරන වෙනස් කනුත් තියෙනවා...

ඒ කිව්වේ ඉස්සර කාලේ මස් උයද්දි මස් ටික බුරුල් වෙන්න ඉවිල්ල තමා කෝකියගේ දස්ස කම උනේ... විසේසයෙන්ම ඔය හරක් මාංසේ එහෙම බොහෝම තදයි නෙව.. ගං කුකුළු මස උනත් එහෙමයි.. ඉතිං ඒ කාලේ ඕවා උයද්දී මස් බුරුල් වීම පිණිසය කියලා මුරුංගා පොතු.. අමු ගස් ලබු.. ඇතැම් වෙලාවක කංසා ටිකක් එහෙමත් පාවිච්චි වෙන තැන් තිබුනා..  ඒ වගේම බුරුල් මසක් හම්බ උනාම ඒක ටිකක් තද කරලා උයන්නත් ඇඹුල් වර්ග පාවිච්චි කරන පුරුද්දක් ගංගොඩවල්වල තිබුනා...

දැන් මේ සහන් උන්නැහේ අහන්නේ ආන්න ඒ කොරමේ ගැන තමා...

දැන් තියෙන කුකුළු මසේ මෙලෝ තද ගතියක් නැති හින්දා ඒක ටිකක් තදින් හපන්න ඇහැකි විදියට උයා ගන්න පරණ තාලෙට මස් කාලා තියෙන කවුරු උනත් අකමැති වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ... 

හැබැයි දැන් හෝටල් වලත්.. ඔය මගුල් ගෙවල්වලත් කුකුළු මස් උයද්දි කරන කරන දේ තමා මුලින්ම මස් ටික ගැඹුරු තෙලේ බදින එක... එහෙම බැදලා මස් ටිකේ ජලය ප්‍රමාණය සෑහෙන්න ඉවත් වෙලා..මස් ටික හැකිලිලා පිට පැත්ත රත්තරන් පාට හෝ තද දුඹුරු වර්ණය හෝ එන විදියට බැදුනම ඒ මස් ටික තුනපහ දාලා උයන එක...

හැබැයි කාට උනත් තේරෙන්න ඕන ඔහොම ඉව්වම මස් එකේ හොද්ද රහ නැහැ කියන දේ.. මොකද මස්වල සාරය හොද්දට උරන්න හැකියාවක් බැදුනු මසේ නැහැ... ඒ වගේමයි තෙල් අධිකයි... කුකුළු මසේ තියෙන තෙල් මදිවට පිටතින් එකතු වෙන තෙල් ප්‍රමාණයත් අධිකයි.. කොටින්ම ඒ විදියට උයන මස් නිතර කෑවොත් තව අවුරුදු පහක් හයක් ජීවිත කාලෙන් අඩු කොරගන්න බොහෝම පහසුයි...

ඒ වගේමයි ඉස්සර අපේ ගෙවල්වල කුකුළු මස් උයද්දී පොල් කිරි පාවිච්චි උනා.. දැන් කාට හරි පොල් කිරි දාලා කුකුළු මස් උයනවා කිව්වොත් “ඈක්කා“ කියයි.. මොකද දැන් හෝටල්වල මස් උයන්න පොල් කිරි දැමිල්ලක් නැහැ.. තනිකරම වතුරයි.. තෙලුයි..මිරිසුයි තමා... කිරි දාලා උයන හරි හමන් මස් කරියක් කාලා නැති කෙනාට ඒ ගැන පහදලා දෙන එක ලේසි නැහැ කියලා අවස්ථා දෙක තුනකදීම මට පැහැදිලි උනා... ඒත් ඇත්තටම ගං කුකුළු මස් උයද්දී පොල් කිරි දැමිල්ලෙන් පුදුම ප්‍රණිත රසයක් වගේම රසවත් හොඳි බොරයක් සකස් කර ගන්න පුළුවන් කම තිබුනා...

හරි ආයෙම මං යන්නේ වත්ත හතර වටේ නේද..?

ඒත් තවත් එකක් කියන්න එපෑ.. වත්තේ තුන් මුල්ලක් පැගුව එකේ මේ මුල්ලත් පාගං ගියා කියලා මොන වරදක්ද..?

ඔය සහන් වගේ හයියට කුකුල් මස් කෑල්ලක් කන්නේ කොහොමද කියලා කවුරු හරි ඇහුවම කට්ටිය වැඩියම දෙන උත්තරේ තමා කරි චිකන්.. එහෙමත් නැත්තං පේරන්ට්ස්ලා කියලා කට්ටිය හදුන්වන බිත්තර පිණිස ඇති දැඩි කරන ෆාම් කුකුළු මස් ගැන කතාව... ඇත්තටම මෑතක් වෙනකල් මං උනත් ඕක තමා කිව්වේ... කරි චිකන්.. ඇත්තටම සෑහෙන හොද විසදුමක්.. ඒ සත්තු බ්‍රොයිලර් කුකුලන්ට වඩා කලක් ජීවත් වෙලා තියෙන හින්දා මස හයියයි... විශේසයෙන්ම සතෙකුගේ මස් හයිය වෙන්න නම් වැඩි වයසක් වගේම සතා ටිකක් ඇවිදලා දුවලා කරලා මාංශ පේශි තද වෙලා තියෙන්න ඕන.. ඒකයි හරක් මස එහෙම ඔය තරං හයිය.. ඒත් බටහිර සූප සාස්ත්‍රයට අනුව ඒ ඒ රටවල් වල සකස් කෙරෙන හරක් මස අපේ වගේ හයිය නැහැ... හේතුව අවුරුදු එක හමාරට වඩා වයස සතුන් මස් පිණිස නොගැනීම.. හැකි තාක් මස් බුරුල් වන ලෙසින් සතුන් සෑදීම... අපේ රටේ තියෙන හරක් මසෙන් බටහිර කෑම හදන්න ගියාම කෙලවෙන තැනක් තමා ඔය කාරණාව... මලාට කාගන්න බැහැ... මොලොක් මසෙන් හදන දේ මේ ගල්ටික් වෙච්ච මස්වලින් කොහොම හදන්නද..?

හරි එහෙමනං අපි ප්‍රධාන කාරණාවට බහිමු.. කොහොමද කරි චිකනුත් නොවන... ගං කුකුළු මසුත් නොවන... සාමාන්‍යෙයන් වෙළද පොලේ ඇති බ්‍රොයිලර් චිකන් කෑල්ලක් තදට හැපෙන්න උයා ගන්නේ....

ඕක දුවන්නේ ඇඹුල් වැද්දීම කියන කොටස උඩයි...

ඒ කියන්නේ මස් ටික මුලින් හෝදලා කපාගෙන... (ආන්න ඒ කැල්ල මතක තියා ගන්න.. මස් ටික කපලා හෝදන එකයි... හොදින් සුද්ද කරගත්ත මස් කුට්ටිය සෝදා පසුව කෑලි කර ගැනීමයි කියන්නේ දෙකක්.. පලවෙනි ක්‍රමයට අනුව මස්වල රසය අඩු වෙනවා.. දෙවැනි ක්‍රමයෙන් රසය ආරස්සා වෙනවා... නැත්තං හොද්දෙදි දිය වෙන්න ඕන දේවල් වතුරට දිය වෙලා සින්ක් එකෙන් බැහැලා යන එක තමා වෙන්නේ.. :D

ඉතිං මස් ටික හෝදලා කපා ගත්තට පස්සේ ඒකට අපි එකතු කරන්න ඕන මේ කියන දේවල්...

ලුනු
ගම්මිරිස්
කහ
විනාකිරි
ගොරකා

පැහැදිලියිනේ... ඔතන මුලින් කියාපු තුන ඇරුනම අනිත් ජාත දෙකම ඇඹුල්නේ කියලා කියයි කවුරු හරි.. ඒත් ඇත්තටම ඕක තමා වෙන්න ඕන... හරක් මසට විනාකිරි එකතු කලාම හරක් මස බුරුල් වෙනවා.. ඒත් කුකුළු මසට විනාකිරි එකතු කලාම ඕක හයි වෙනවා... වෙන්නේ කොහොමද කියලනං අහන්න එපා මං දන්නේ නැහැ.. ඒත් වැඩේ වෙනවා... හැබැයි ගොරකත් අවශ්‍යයි... :D 

(මං හිතන තරමින් ඔතනදී වෙන්නේ හරක් මස් වලට විනාකිරි වගේ දේවල් දැම්මම ඒවා මසට අල්ලනවා.. මෙතනදී වෙන්නේ කුකුල් මස්වල අයිට වඩා අධික වතුර ගතියක් ඇති නිසා ඒවෑ තියෙන වතුර විනාකිරි හේතුවෙන් ඉවත් වෙන්න ගන්නවා... ආන්න එහෙම සිස්ටොං එකක්..)

ඔය ඉවිල්ලෙදි එකතු කරන ඇඹුල් වර්ග වලින් වෙන වෙනස්කං ගැන මට කවියකින්ම පැහැදිලි කරලා දුන්නේ අපේ  රමණී අක්කා තමා.. රමණි අක්කා ගැන මං හිතන්නේ මගේ බ්ලොග් එක කියවන පරණ උදවිය දන්නවා... මගේ කතා දෙක තුනකම උන්දෑ ගැන ලියවිලා තියෙනවා නෙව... හැබැයි මට දැන් ඒ කවිය මතක නැහැ.. එකෙන් කියැවෙන්නේ මාළු වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. සියඹලා වතුර එකතු කලාම මොකද වෙන්නේ.. මස් වලට ගොරකා එකතු කලාම මොකද වෙන්නේ.. ආදී වශයෙන් කරුණු වගයක්...

සාමාන්‍යයෙන් ඔතනදී කරන්න ඕන හරිම විදිය තමා මස් පදං වෙන්න දාන කොට ඒකට ගොරකා කෑල්ලක් දෙකක් එකතු කරලා තියලා.. මස්වලට දාන විනාකිරිවලත් ආධාරයෙන් ගොරකා කෑලි ටික මෙලෙක් කරං.. අවසානයේදි ඒ ගොරකා වලට ගම්මිරිස්..සුදු ළුණූ.. අමු ඉගුරු එහෙම එකතු කරලා මිරිස් ගලේ සියුම්ව අඹරාගෙන ඒ මිශ්‍රණය මස් ටික උයන කොට එකතු කිරීම... ඒත් ඉතිං දැන් හැම තැනම මිරිස්ගල් නැහැ නෙව.. ඒ හින්දා කරන්න වෙන්නේ නිකංම හොද්දට දාලා හොද්දේ පදමට ඇඹුල් අල්ල ගත්තට පස්සේ ගොරකා කෑලි අහක් කරලා දාන එක...

හරි දැන් මුලින් කිව්වා වගේ මස්වලට ගොරකා/ විනාකිරි/ගම්මිරිස්/ලුනු/කහ යන දේවලා දාලා හොදට අතගාලා පැයක් දෙකක් තියන්න ඕන.. ඔතනදී පැය තුන හතරක් තිබ්බත් අවුලක් නැහැ.. හැබැයි මතක ඇතිව මැටි හට්ටියක වගේ තමා තියන්න ඕන.. මොකද ඇඹුල් වර්ග වැඩි හින්දා.. එහෙම තියන්න තියන්න ඔය මස්වල තියෙන වතුර ගතිය බවත් වෙලා මස් සෑහෙන පදමකට හයි වෙන්න ගන්නවා... එයින් පස්සේ ඇතිලියක් රත්වෙන්න තියලා ඒකට තෙල් ඇබින්දක් දාලා.. තෙල් ටික රත් වෙද්දි පහේ කුඩු ටිකක් දාලා බැදෙන්න අරිනවා... පරණ ක්‍රමේටනං පහේ කුඩු ගන්නේ නැහැ.. සූදුරු/මාදුරු/කොත්තමල්ලි ටිකක් කබලේ කර කරලා අරං ඒකත් එක්කලා කරාපු නැටි එනසාල් කුරුඳු පොතු එහෙම අඹරලා අර ගොරකා ඇඹරුව එකත් එක්කම හොද්දට පදම බලලා යොදා ගන්නවා.. දැන් ඉතිං ඒවා අමාරු හින්දා තියෙන හැටියට එපෑ ගොඩ දාගන්න... ඒ හින්දා පහේ කුඩු ටිකක් බැදෙන්න ඇරලා ඒක කලු වෙන්න ඔන්න මෙන්න තියා මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා ඒක බැදෙන්න නොදි නිකං කලවං කරන ගමන්ම හීනියට කපා ගත්ත මිරිස් කරලක් (කොච්චි කරලක්නං සෝක්) රතු ළුණු ගෙඩියක්.. තලා ගත්ත අමු ඉගුරු සුදු ළුණු ටිකක් කරපිංචා කොල ස්වල්පයක්.. තියෙනවනං සේර කෑල්ලක්.. රම්පේ කොල කෑල්ලක් කරාබු නැට්ටක්..එනසාල් ඇටයක්..කුරුඳු පොත්තක් එහෙමත් එක්කම අර පදං කර ගත්ත මස් ටිකත් ගොරකා කෑලිත් එක්කම හනික එකතු කරලා පරිස්සමට ඒ මේ අත පෙරල ගන්න ඕන.. ඔතනදී වැඩේ ඉක්මනට කර නොගත්තොත් පහේ කර වීම.. මස් ටික පිච්චීම.. වගේ අති භයංකර ප්‍රතිපල අත් වෙනවා... ඒ හින්දා අත ඉක්මන් කරගන්න ඕන... 

අන්න එහෙම කලවං කරගෙන මස් ටිකයි..පහේ ටිකයි.. අනිත් කලමනායි හොදට මිශ්‍ර උන ගමන් භාජනය හොදට පියනකින් වහලා..ලිපේ ගින්දර අඩු කරලා මස් එකෙන්ම උනන වතුරෙන් තැම්බෙන්න අරින්න ඕන.. විනාඩි දෙකකට විතර සැරයක් පියන ඇරලා මස් ටික පැත්ත පෙරලලා හනික වහන්න ඕන... හැකි තාක් මස්වලින්ම උනන වතුරෙන් ඕක උයා ගන්න එක තමා දස්ස කම... සාමාන්‍යෙයන් විනාඩි දොළහක් විතර යනකල් වෙනම වතුර එකතු නොකර වැඩේ ඇදගන්න පුළුවන් නම් වැඩේ අති සාර්ථකයි.. ඒ කියන්නේ මස් ටික හොදට හයියට හිටින්න හදා ගතෑකි... එහෙම කරං යද්දි මස් ටික පිච්චෙන්න.. වතුර ගතිය නැති වෙලා කර වෙන්න බලනවනං ඉතා ස්වල්ප ප්‍රමාණ හැටියට වතුර ටික ටික එකතු කරගනිමින් තමා වැඩේ කරන්න වෙන්නේ... කොහොම හරි අවසානෙදි මස් ටික හොදින් තැම්බිලා.. ලස්සන දුඹුරු මිශ්‍ර පහේ තැවරුන කලු ගතියකට ආවම හොඳ උකුවට තියෙන පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕන...ඒ ගමන්ම මදි පාඩු බලලා ලුනු ටිකකුත් එකතු කලාම හරි... පොල් කිරි එකතු කරනවා කියලා පනිට්ටු ගානට එකතු කරන්න යන්න එපා.. භාජනයේ තියෙන මස් වැහෙන්න නොදී.. යන්තට සෙන්ටි මීටරයක් විතර මස් වල උඩ කොටස් පේන ගානට එකතු කලානං පදම ඇල්ලියෑකි.. එහෙම කිරි එකතු කරලා තවත් විනාඩි දහයක් විස්සක් අතර කාලයක් උයා ගත්තම හරි ගානට එනවා.. හැබැයි වඩාත් හොද ක්‍රමය තමා මුල් විනාඩි පහ වගේ ප්‍රවේසමට හැදි ගාමින් අඩු ගින්දරේම උයාගෙන පුළුවන් තරං ගින්දර උපරිමයෙන් අඩු කරලා පැයක් විතර මස් හට්ටියට රස්නේ වැදි වැදි තියෙන්න අරින එක.. ඕවා ඉතිං දර ලිප්වල කලාට මේ උලව් ගෑස් ලිප්වල කරන්න අමාරු එකයි කාරිය... දර ලිපේ ගිනි අගුරු රස්නෙන් උයන්න පුළුවන්නං ආයේ ඉතිං සුපිරි...

ඔය විදියට උයා ගත්තම අවසානේ අපිට බොහෝම රසවත් හොඳි තාවරයක් සහිත.. (තාවරයක් කියන්නේ උකු ඒ කිව්වේ තික් ග්‍රැවි එකක් ඈ.. එහෙම තමා මට ඕන පැහදිලි කරන්න පුළුවන් උපරිමේ... ) හොදින් සවිමත් උන... මස් කෑල්ලේ පිටත වගේම කටුවට යනකල්ම ඇතුලතත් හොදින් තැම්බී ඇති.. (දැකල ඇතිනේ බ්‍රොයිලර් උයලා තියෙන හුගක් තැන්වල උඩ බැදිලා..මැද සුදුම සුදුවට අමුවට තියෙනවා..සමහර විට අමු ලේ පාටටත් තියෙනවා මං දැකලා තියෙනවා.. මස් එපා වෙන්නේ එහෙම වෙලාවට..) ආයේ ඉතිං සුවඳත් එක්ක පාන් ගෙඩියක් කෑහැකි... තාවරේ ගෑවුන ගෑවුන තැන බත් හැලියක් කෑහැකි හොද මස් හට්ටියක් හදා ගතෑකි... ප්‍රවේසමට උයා පිහාගෙන කැමති කෙනෙක් කාලා බලලා කියන එකයි ඇත්තේ...

හැබැයි ඔන්න කිව්වා මස් ටික පදං කර ගන්න වේලාව... හොඳින් ගින්දර හැසිරවීම... පාවිච්චි කරන අමුද්‍රව්‍ය හොඳ තත්වයේ තිබීම වගේ දේවල්.. හරිම වැදගත්.. විශේෂයෙන්ම ගෑස් ලිපේ.. යකඩ හට්ටිවල මේක කරන එක ලේසි නැහැ.. දර ලිපක.. මැටි හට්ටියකනං ආයේ ඉතිං ලොවෙත් නැහැ.. ඒ වගේමයි.. අර මං කියලා තියෙන විදියට අමු ඉගුරු/ගොරකා/ගම්මිරිස්/කුරුදුපොතු/සුදුළුණූ/කරාබු නැටි/එනසාල්... සූදුරු/මාදුරු/කොත්තමල්ලි වගේ දේවල් ගලේ අඹරලා සියුම් තලපයක් හදාගෙන පාවිච්චි කරලා... උයා ගන්න පුළුවන්නං ආයෙමත් මීට අවුරුදු විස්සකට තිහකට එපිට කාලේ අපේ ගං ගොඩවල් වල කුකුළු මස් උයාපු විදියටම ඕක කර ගතෑකි... දැන් තියෙන විදියටනං ඒ තරමටම ගොඩ දමා ගැනීම බැරි උනත්..සහන් අහපු විදියට මස් ටික හයිය හිටින්න උයා ගතෑකි...

--------------------

ප/ලි...

ලියලා ඉවර උනාමයි කල්පනා කලේ.. අද පෝයක් එහෙම නැහැ නේද..? නැත්තං ඉතිං කුණු බැනුං අහන්න වෙයි... හැබැයි ඉතිං එහෙමමත් නැති වෙයි.. මොකද හරක් මරනවා තරං කුකුල්ලු මරන එකේ පවු නැහැ කියලා පව් සූත්තරේ තියෙනවා නෙව... ඒකනේ කට්ටිය කුකුල් මස් ගිලින ගමන් හරක් මරන්න විරුද්ධ වෙන්නේ... (ඒ සූත්තරේ කොහේද තියෙන්නේ කියලා මගෙන් අහන්න එපා.. ඒකත් අර බමුණෝ ගිනි තියාපු හෙළු පොත් පත් අතර තිබිලා විනාස වෙලා.. )

ප/ප/ලි...

තාප්පෙටම කෙලලා තිබුනයි කියහල්ලාකෝ.. ඔහොම පලියකුත් එක්ක ලියලා දාලා මේක ඊයේ පෝස්ට් කලාටත් පස්සේ පාර පැත්තෙන් ටිකක් සද්දෙට බණක් ඇහෙන්න ගත්තා.. කෝකටත් කියලා ලිත අරං බැළුවාම බඩුම තමා... පෝයනේ... සුටුස් ගාලා ඇවිදින් මේක ආයෙම හංගලා ගියා... තව පොඩ්ඩෙන් ඊයේ කනවා කෑමක් මං නැති වෙන්නම.. :D

36 comments:

  1. අපේ මායියත් බඩින් ඉන්න කාලේ උයා පිහා ගණන් වටිනා පොස්ටුවක්. මොකද පරිප්පුවක් හදාගන්න ඇහැකි වුනත් කුකුල් කාරියක් හදාගන්න බැරි අඩුව මට දැනුනා. අම්මප ඔය ගැන කුකුලගෙයි බෝයිලර් එකාගෙයි වෙනස මට තේරිලා නැහැ නේ.

    ReplyDelete
  2. ළමා මා යි ......හා හා කෙල පිහදාගන්න ළමා මා යි.... @ කෙල පිහින ගමන්

    ReplyDelete
  3. මදෑ මේක කියවන්න ඊයෙ ඉදන් බලා හිටියා... මූණු පොතේ විස්තර තිබුණට හෙව්වා හොයාගන්න බැරිව ගියා. ඔන්න දැන් ඒකටත් එක්ක කියෙව්වා... මචෝ මේකට සියඹලාත් දානවා නේද?

    ReplyDelete
  4. කොළඹ ආපු වෙලාවක අළුත්කඩේ පැත්තේ තම්බි පොරක් ගෙන් අහපන් "ෆාරුක් කඩේ" කොහෙද තියෙන්නේ කියලා.. කඩේ දැක්කම් නම් බල්ලො බත් කන්නෙත් නෑ.. ඒත් ඒකේ ෆ්‍රයිඩ් චිකන් කෑලි පට්ටම රහයි.. කේ එෆ් සී මුත්තා දැනගත්තා නම් නඩු දානවා.. පොර සීසනින් වලට දාන්නෙත් විනාකිරි බින්දුවයි.. ලුණුයි විතරයි...

    ReplyDelete
    Replies
    1. මුස්ටෑක් පාරුක් චිකන් කඩයක් දාලද..හප්පා යන්න ඕනි දඩයක් දාල එන්න..

      Delete
    2. මාතලං අයියෙ
      ඔය වගේම සීන් එකක් පාමංකඩ IAS ( බෝ ගහෙං කොහුවල පැත්තට වෙන්න ) තිබුන බං..
      පොඩි ගෙදරක කලේ පාර අයිනෙ.මං හිතන්නෙ ඇන්ටියි අංකලුයි බර්ගර් වෙන්න ඕන..
      බොහොම පොඩියට දන්න අයට විතරක් කෑම දුන්න ලන්ච්..සමහර විට කාල ඇති.
      ඇන්ටිගෙ චිකන් කරිය නං වැඩක් නෑ කියල !! උපරිමයි

      ( ඇනෝ කුනු හරුපෙකට ගන්නෙපා මේක ඇත්තම කෑම කඩයක් )

      Delete
    3. මැලේ වීදියේ කොණේ ඔය වගේ කඩයක් තිබ්බා නමක් තිබුනෙත් නැද්ද කොහෙද කුකුළා තලලා දාල රතුළූණු අත වැඩියෙන් දාල හදන කෝලි හොද්ද ගෑවුණු තැන කන්න පුළුවනි.හොද්දටයි බයිට් එකටයි දෙකටම එකවගේ පිරිමහිනව

      Delete
  5. ගොරකා වෙනුවට සියඹලා දාලා වැඩේ ගොඩ දාන්න පුළුවන් නේද?
    'මාර රෙසිපිය' අද හෝ හෙට හදලා බලන්න ඕනෙ. :D

    ReplyDelete
  6. මාරයා මල්ලි,අපේ සහන් මල්ලගෙ දොළ දුක පිනවීම ගැන ඔබට තුති...!

    ReplyDelete
    Replies
    1. දැක්කා නේද මන් කිව්ව් දේ සත්‍ය අසත්‍ය තාවය ...? සහන් කියන්නේ සාවධානව මස් රස බලපු මිනිහෙක්. ඒ ඒ රස ඒ ඒ විදිහට මතකයි මට... ඒ ඒ රස ඕනේ වෙද්දී ඒ ඒ තැනට යනවා මම ...

      Delete
    2. ආව් අම්මා ..

      මිහිරි මතක - හද රැඳේ !!

      Delete
    3. උඹ දන්නවනේ මම බොහොම නිශ්ශබ්ද මනුස්සයා..

      Delete
    4. සහන් මලයා ඒ ඒ රස ඕන වෙද්දී ඒ ඒ තැනට යනවලු..... :D

      Delete
    5. ඒ පැත්තෙත් එන්න ඕනේ අප්පා දවසක ...

      Delete
  7. මාරයියගේ ඉවුම් පිහුම් පාඩම හරි වටිනවා.. දැනගෙන හිටියේ නැති හුඟක් දේවල් දැනගත්තා ..

    ReplyDelete
  8. මටත් හරක් මස් ටිකක් වලදන්න ආසාවක් ආවා.. ඔය මෙතැඩිකල් හරියන් නැහැ..අපේ ගෙදර ඉන්න පන්ඩිත ඩබලට.. ඒ නිසා හරක් මස් ටිකක් ඇන්න ආවනං තාත්ත හදල ගනීවි යසට..

    ReplyDelete
  9. //ඒ කරලා පහුවදා උදේ වරුවේ කල මැටියට ගෙහුන් කුරුල්ලොත් බලං.. ඒ අහලම තියෙන බොහෝම අපූරු තැනක් වෙච්ච උස්සන්ගොඩ භූමියත් බලලා..දවාලේ හුම්මානෙටත් ගෙහුන්.. හවස් වෙද්දි මාතර//
    යකෝ(මාරයෝ) අපේ පැත්තෙ ඇවිත් තේ ටිකක් බීල යන්න තිබුනනේ...:)

    ReplyDelete
  10. කොහොමද හම්බන්තොට පහුකරල එනකොට සූරියවැවටයි ගාලු පාරටයි දාන්න තියෙන වංගු ටික.

    දැං ඉතිං මේ රෙසිපිය අදාල පුද්ගලයින් අතට පත් කරල බලන්න ඕන.

    ReplyDelete
  11. මං ඒත් බැලුවා මොකද මූ ඊයෙ පෝස්ට් එක දාලා ආයෙමත් හැංගුවෙ කියලා.. මං දැක්කෙ කොහොමැයි ඇහුවා! ඇයි බොලං රීඩර් එකේ පෙන්නනවා නෙවැ.. :)

    මමත් චිකන් උයද්දි උඹ කියන ඔය අඩුම කුඩුම ටික දාලා අතගාලා පැයක් දෙකක් තියලා අරන් තමා උයන්ට පට්ටාං ගන්නේ.. හැබැයි උයද්දී අර උඹ කියන ආලවට්ටං නම් දාන්ට යන්නෙ නෑ.. කොයින්ද බං ඔවුවට වෙලාවක්.. :D

    ReplyDelete
  12. අන්න හරි මාරයියේ මේ තියෙන්නේ සිස්ටොන් එක.. මේක තමයි මම කිව්වේ.. කරි චිකන් නම් කරි චිකන්.. ගම් කුකුල් නම් ගම් කුකුල්.. ඕනේ එකක් වෙන් කරලා අඳුනගන්න සහන්ට පුළුවන්.. තදට ඉවිල්ල ඇවිල්ලා සූප සාස්තරයේ රහසක්..නැතුව කරි චිකන් වීමේ/නොවීමේ ගැටළුවක් නෙවේ.. අන්තිමට මාත් වැඩේ අමතක කරා ...යාන්තන් ඇති උඹ වත් මේ හරුපේ තේරුම් ගත්තා.. මොකද ඕක කියලා තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ... හොඳම දේ නිශ්ශබ්දව බලා සිටීම ..

    එක එක ජාතියේ මස් නොකාපු උන්ට කොහේ තේරුම් කරන්නද එක එක මසේ රහ...! ගහ දන්න අපිට කොළ පාත් කරන්න එද්දී ඉතින් හිනා යනවා නේද ...? මස් ගැන දැනගන්න මාරයා සහ සහන් අමතන්න..

    බොහොම ස්තූතියි කොළ කඩලා පෙන්න පෙන්න වටේ යන්නේ නැතුව වැඩේ ගොඩ දැමීම ගැන...

    ReplyDelete
  13. තණමල්විල ගිහිල්ලත් හිස් අතිං ආවැයි .. ?

    ReplyDelete
    Replies
    1. මස් මෙලෙක් වෙන්ට දාන්නවත් ඩිංගක් .

      Delete
  14. ට්‍රිප් එක ගැන විතරයි කියෙව්වේ හොඳේ.. මම මස් කන්නේ නෑ.. ඒ නිසා ඒක බැලුවේ උඩින් පල්ලෙන්.. මේ සති අන්තේ මමත් ආවනේ කැළණි වැලිය පැත්තේ.. අන්න ෆොටෝ දෙක තුනක් දාල ඇති..

    ReplyDelete
  15. ඇයි යකෝ ගිහි වෙච්ච අපි පෝයට මස් කෑවම මොකද සිවුරේ ඉදගෙන මස් කන කාලෙ..

    ReplyDelete
  16. මස් කෑවට උයන්න දන්නේ නැත

    ReplyDelete
  17. මාරේ දවසක දාලා බලහං , සම පතට සියබලා ගොරකා , මස් එක්තරා ප්‍රමාණයකට තදවීම සහ මස් කෙදි එකින් එක වෙන් වීමක් වෙනවා , කරලා බලහං

    අංක 1

    ගම්බිරිස් කුඩු , මිරිස් කුඩු , තුනපහකුඩු , කහ එකට කබලේ දාලා ගානට බැදහං

    අංක දෙක

    ගොරකා , සියබලා , රතු ළුණු , සුදු ළුණු , අමු මිරිස් , රම්පේ ,කරපිංචා , අබ , ඉගුරු , එනසාල් , කරාබු නැටි , කුරුදු පොතු එකට අඹරහං ,

    අංක තුන

    මස් ටිකට අවශ්‍ය ලුණු ටික විතරක් අතගාහං

    අංක හතර

    පොල් තෙල් ටිකක් මැටි ඇතිලියට දාලා ලිපේ තියලා ඒකට අර කලින් හදා ගත්ත ගොරකා , සියබලා , රතු ළුණු , සුදු ළුණු , අමු මිරිස් , රම්පේ ,කරපිංචා , අබ , ඉගුරු , එනසාල් , කරාබු නැටි , කුරුදු පොතු එකට අඹරපු එක දාලා රන්වන් පාට නේන ඇරහං

    අංක පහ

    දැන් ඒකට අර

    ගම්බිරිස් කුඩු , මිරිස් කුඩු , තුනපහකුඩු , කහ එකට කබලේ දාලා ගානට බැදපු එක දාහං , ගානට රතු පාට මිස්ර කළුපාට වේගන එනකොට


    අංක හය

    දැන් ඉතින් අර ලුණු අතගාපු මස්ටික දාලා ටිකක් බැදෙන්ඩ එහෙට මෙහෙට පෙරලලා , යාන්තං වතුර පොඩ්ඩක් දාලා , විනාඩි දහයක් වහලා තම්බලා , අවශ්‍ය ගානට වතුර දාහං

    කරලා බලපු දාකට මට කියහං කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. එවෙලේ ඇහුවට එකෙක් කිව්වේ නැහැ...දැන් නම් ඉතින් හැම කෝකියම වට්ටෝරු දානවා..

      Delete
    2. අටමත් දන්න දේවල් ඈ :D මැෂින් හැදිල්ල පැත්තකින් තියල කොත්තු, රයිස් කඩයක් දාගත්තනම් හොදට බිස්නස් හිටී :D

      Delete
  18. මාරයගෙ හොඳම මාර සරනිය මේක!

    ReplyDelete
  19. පිස්සු හැදෙයි ඉස්සෝ මැරෙයි .... වැරදුනා කුකුලෝ මැරෙයි ....

    ReplyDelete
  20. මෙහෙ ආවට පස්සේ අපි උදේට නැගිටිනකොට ෂුවර් නෑ .. කරමලක් මතු වෙලා තියෙයි ද කියල .. ඒ තරමට එක එක විදියට හදපු කුකුල් මස් ගිලිනවා .. වෙන කන්න දෙයක් නෑ ඉතින් කඩේකින් කන්න ගියොත් .. ඔය කිව්ව විදියට ගෙදර ගිය කාලෙක තමා ට්‍රයි කරන්න වත් වෙන්නේ .. දැන් කිව්වොත් එහෙම ඉඳල හිටලා වික් එන්ඩ් එකක ලංකාවේ රහට හදන මස් කෑල්ලක් කාලත් ඉවරයි .....

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි පැතුම්, උදේට කතා නොකර කුක්කු කීක් කියයිද කියල භයයි කියහන්. ඒ තරමට කුකුල් මස් තමා කන්නෙ.

      Delete
  21. ඊලග පාර ගෙදර කුකුල් මස් උයන්නෙ මම,,බෝම ස්තූති මේ වගේ රෙසිපියක් දුන්නට :)

    ReplyDelete