19 November 2013

මල සේක... පැන්නා නෙව...

මේ කේස් එක වගේම කේස් එකක් මට මෙයිට කලින් උනේ දැනට අවුරුදු හයකට විතර කලියෙන්... ඒ පාරත් මේ වගේම වෙන වෙන වැඩ වලට ටැපලිලා හිටලා මටම සීන් එක අමතක උනා. මේ එකේ අනිත් එක... මුල් කාලේනං මලාට මෙහෙම දෙයක් උනේ නැහැ නෙව... කොයි හැටියෙන් හරි සිහි කල්පනාවට ආවා... ඉතිං මක්කා නමුත් විකාරයක් ඒ වෙනුවෙන් කොලා..

ඔය කලින් වතාවේ පැන්න වෙලේ මට ඕක මතක් කලේ අපේ මෑණියන් වහන්සේ... උන්දැ එක පාර එදා හවසම මට කතා කොරලා සිහිපත් කරද්දී තමයි මට කාරණාව මතක් උනේ.. ඒ වෙද්දී මං හිටියේ මගේ ප්‍රධාන දායක මහතැන් කෙනෙක් එක්කලා උන්නැහේගේ වාහනේම ගොඩ වෙලා ඒ දවස්වල වැඩ අවසන් වෙමින් පැවතුන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වටේ පිළිම ගෙවල්වල තැන්පත් කොරන්ට බුදු පිළිම වහන්සේලා වඩම්මගෙන එන්ට යන ගමන්... ඉතිං ඒ රාජකාරි අස්සේ මට ඕක අමතක උනා කියන්නේ අරුමයක්මත් නෙවෙයි... මං මේ කිව්වේ වෙන මොකවත් නෙවෙයි මගේ උපන් දිනේ... 

මෙලෝ මනුස්සයෙකුට ලේසියෙන් වෙන දෙයක්යෑ ඕක... හැබැයි ඉතිං ඔන්න ලව් කොරන කාලේ තමුන්ගේ ගෑණු ළමයට කිඹුහුමක් ගියානං ටිකක් තදේට.. ඒකත් මතක තියං හිටලා ඊ ළග අවුරුද්දේ ඒක සමරන තරමට සිහි කල්පනාව හොද උනත් අවසානෙදි බැදලා කොරලා හත් අට අවුරුද්ද යද්දී අර ගෑණු මනුස්සයට කිඹුහුං ගිය දවස්.. උපන් දින.. ඒ විතරක් නෙවෙයි අන්තිමට බැඳපු දවස පවා අමතක වෙන එක සාමාන්‍ය කාරණයක් වග තමා ඔය අපේ බැඳලා කොරලා ඉන්න යාළු මිත්තරයින්ගේ කතා බහෙන් මටනං වැටහිලා තියෙන්නේ.. ඒත් ඉතිං තමුන්ගේ උපන් දිනේනං එහෙමකට අමතක වෙන්නේ නැහැ නෙව මලාට මෙලෝ යකෙකුට... ඒත් ඉතිං ඒකත් මට එක වංගියක් ඔන්න ඔය කියාපු ආකාරයට අමතක වෙච්චි...

එතකොට මෙදා වංගියේ මොකක්දැ අමතක වෙච්ච දේ...

ඒ තමා මගේ මේ බ්ලොග් ජීවිතේට අවුරුදු හතරක් පිරීම කියන අවස්ථාව...  ඇත්තටම කියන්ට මට මේක දැනුත් මතක් උනේ නැහැ.. අපේ මේ දෙමළ ණයන්නේ හාදයා.. එහෙමත් නැත්තං කවුරුත් දන්න විදියට කියනවනං ත්‍රිභාෂා ප්‍රසන්න ගොයියා මේ දැන් ටිකකට කලියෙන් මට මූණු පොතේදී සිහිපත් කොලාම තමා මීටරේට ආවේ.. යකෝ හැබෑටම අමතක උනා නේද කියලා..

අනාථ නාථ වෙලා... පුල් හින්දුස්තානි වෙලා.. ඔහේ ජීවිතේ ගෙවාපු සමයක... ජීවිතේ දුකට සැපට හැම දේකටම මාත් එක්ක ඒ කාලේ හිටිය මගේ මේ බ්ලොග් රාජයාට අවුරුදු හතරක් පිරුණ එක අමතක වෙනවා කියන්නෙත් ඉතිං මයේ උපන් දිනේ අමතක වෙනවා කියන එකේ අනිකම තමා...

කොහොම උනත් මුලින්ම මේක ලියන්න එන වෙලාව වෙද්දි බොහෝමයක් දේවල් නැති වෙලා.. නැති කරගෙන.. කිසිම දෙයක ආසාවක් උවමනාවක් නැති මට්ටමට වැටිලා... ගෙදර ඉන්න හැම දවසෙම හොදට අඩියක් ගහගෙන ඔහේ ගෙවාපු කාලයක්... ඇත්තටම මේ බ්ලොග් එකේ ලිපි වලින් බාගෙකටත් වඩා.. වෙරි පිට ලියාපුවම තමා... විශේෂයෙන්ම කවි ලියාපුවා... ඒ ඇර මුල් කාලේ නොබී ලියාපු එකම එක පෝස්ට් එකක්වත් නැද්ද මංදා.. ඒ තරමට මමයි.. අරක්කුයි.. මේ බ්ලොග් එකයි කියන තුනම එකක් වෙලා තිබුන කාලයක්...

ඒත් දැන් අවුරුද්දක දෙහෙක ඉදලා බීම අඩු වෙලා ගිය හින්දා අවසානෙදි බ්ලොග් ලිවිල්ලත් මෙලෝ රහක් නැති වැඩක් වගේ උනා... ඔය දැන් මේක ලියවෙනවා හොර වෙන්නත්.. කොමෙන්ට් වලට උත්තර බැදිලා වැගේ වැඩ නැත්තටම නැති වෙලා යන්නත් හේතුව ඕකම තමා... දෙකක් දාගෙන මේක ඉස්සරහා වාඩි උන කාලේනං.. හිනා වෙවී ඔය හැම එහෙකටම උත්තර ලිය ලිය උන්නට... අමුවෙන් හිටං ඒ කාරිය කොරන එක ලේසි නැහැ... මං මේ කියන්නේ බොරුවක්ද කියලා ඕනනං ඔය කෙන්ජි ලොක්කගෙන් වගේ ඇහුවත් කමක් නැහැ.. ඔය යෝධයත් පිකප් වෙන්නේ මට පේන හැටියට දෙකක් නමා ගත්තමම තමා.... :D

කොහොමින් කොහොමින් හරි ඒකට කෙල වෙද්දි මේකටත් කෙල උනා කියලා තමයි කියන්න වෙන්නේ.. නැත්තං ඉතිං ඒ ලියං ගිය වේගෙට ලිව්වනං දැන් පෝස්ට් එක දහස් පන්සීය පයින නොපයින ගානේ වෙන්ට ඕන... එහෙවු එකේ මේකේ සංවත්සොරේ අමතක වීමත් ඒ හැටි දෙයක් නෙවෙයි...

මොනවා උනත් මේ බ්ලොග් එක හින්දා අළුත් යාළු මිත්තරයෝ රාසියක් දැන හදුනා ගන්න ලැබීමත්... ඒ අය අතරින් කිහිප දෙනෙක් අදටත් බොහෝම සමීපව ඇසුරු නිසුරු කිරීමත් වගේම එයින් කිහිපයක් හින්දා ජිවිතේ සෑහෙන්න අංශ වෙනස් වීමත් වගේ දේවල් රාශියක් නිසා මේ බ්ලොග් කෙරුවාව සෑහෙන් තදින් මගේ ජීවිතේට බලපෑවා කිව්වොත් ඒකත් වැරදි නැහැ...

ඒ වගේම ඒ දැන ඇදින ගත්ත අය අතර ඉතාමත් සුන්දර මිනිසුන් වගේම නයි පොලොංගු වගේ උන්දලත් සෑහෙන්න හිටියා... පය ගහලා ජීවත්වන සමාජයේ වගේම මේ සයිබර් අවකාසෙත් කිසිම වෙනසක් නැහැ කියලා මට කියා දුන්නේ ඒ හොඳ..නරක ඈයොම තමා... කොහොම උනත් මට මේ බ්ලොග් අවකාසේ ජිවත් වෙන හැටි ගැන වටිනාම කතාව අහන්න ලැබුනේ අපේ දුමී අයියාගෙන්... ඒක අකුරක් ගානේ පිළිවෙලකට කියන්න මතක නැති උනත්. දුමී අයියා කියන්නේ මෙහෙම කතාවක්...

“අපි මේකට එන්නේ ජීවිතේ සෑහෙන ප්‍රශ්න කරදර තියෙද්දි.. ඒවා අමතක කරලා ටිකක් සැහැල්ලුවෙන් ඉන්න.. එහෙම ඇවිත් තව මෙතනත් ප්‍රශ්න කරදර හදාගන්නේ මොන එහෙකටද..?“

ඔය ටික තමා මං මේ බ්ලොග් ලෝකෙදි දැකපු වටිනාම කතාව... ඇත්තටම කාට උනත් බ්ලොග් එකක් ලියනවනං.. බ්ලොග් කියවනවනං.. බ්ලොග් ලියන කියවන අය ඇසුරු කරන්න යනවනං ඕක හිතේ තියාගෙන වැඩ කිරීම හරහා සෑහෙන්න ප්‍රශ්න අඩුවෙන් මේක කරං ගියෑකි...

හරි ඒ කතා දැන් මොකටද.. කොයි විදියෙන් හරි ඔන්න මාත් බ්ලොග් කරණයේ අවුරුදු හතර පැන්නුවා.. (පන්නලා දවස් දහයක් විතර වෙනවා.. ඒක වෙනම කතාවක්.. :D ) යාන්තං ලිපි අටසීය පන්නලා ලියාගෙනත් තියේ... තව ඉස්සරහට ඉහේ පණ කෙන්ද තිබුනොත් ලියන්ටත් ඇහැකි වේවි... ආ ඒ කිව්වම මතක් උනේ... මේ ඊයේ පෙරේදා අපේ දිනේෂ් මලයත් බ්ලොග් පෝස්ට් පන්සීය පන්නලා තිබුනා... තනිව ලියන සිංහල බ්ලොග් අතරින් පන්සීයේ සීමාවට යන්න පුළුවන් උන කිහිප දෙනා අතරට එකතු උන දිනේෂ් මලයට ආයමත් සුභ පතන්නත් ඕන... මොනවා උනත් අපි හැමෝම එකතු වෙලා ලියන කියවන දෙයින් තමා මේක දුවන්නේ... පන්සල්වල තියෙන ත්‍රිපිටක පොත් වලින් ඒවා පරිස්සං කරන හැම හාමුදුරුවොම දෙයක් ගන්නේ නැති උනත්... එහෙම හරි පරිස්සං කිරිල්ලේ ලොකු වටිනාකමක් තියෙනවා... ඒ.. මොන විදියෙන් හරි පරිස්සං කරලා තිවිල්ල හින්දා උවමනාව ආව තැන.. උවමනාව තියෙන කෙනෙකුට කවදා හරි වැඩක් ගන්න ඒවා පරිස්සං වෙලා තයෙන හින්දා.. ආන්න ඒ වගේ අපිත් මේ ලියන කියවන දේවල් වලින් අද අපි වැඩක් ගත්තා නොගත්තා.. හෙට දවසේ මේකට එකතු වෙන කෙනෙක් හරි මොනවාම හරි වැඩක් ගනිවී... ඒ අයත් මේකට තව යමක් එකතු කරලා යාවී... අවසානයේ අපි හැමෝගෙම එකතුවෙන් මේ බ්ලොග් අවකාශය තව තවත් කරුණු කාරණා රාසියක් පිරුන.. දැනුම..විනෝදය.. අධ්‍යාපනය.. අත්දැකීම් රැසක් ගෙන දෙන අපූරු තැනක් බවට අදටත් වඩා හෙට දවසේදී පත් වේවී... එදාට නංගං නොකියවුනත් අපි හැමෝගෙන්ම පුංචිම හරි දායකත්වයක් මේකට තිබුනා නේද කියලා හිතන සතුට අපි කාගේ කාගෙත් හිත්වල තියේවී.. හිතේ සතුටට වඩා වෙන මොනවද ලොකු නේද...?

සන්තුට්ඨී පරමං ධනං කිව්වළු...

එදා සිට මේ දක්වා මෙහි ආව ගිය.. කතා බහ කල.. දැන හදුනාගත්ත... සියළු දෙනාටම ස්තූති වේවා... මේක කරං යන්න පහසුකං සපයා දුන් ගූගල් දෙයියාටත්... තාක්ෂණීක සහය හරහා සිංහලෙන් වැඩ කරන් යන්න හැකියාව ලබා දුන් ලාංකිය සහෘදයින්ටත්... හැමෝටම ස්තූති වේවා..!

සිංහල බ්ලොග් අවකාශය තව තවත් කල් රැකේවා.. දිනේවා..!

ස්තූතියි.........

61 comments:

  1. හැපි බෝත් ඩේ!!!

    ReplyDelete
  2. සුභ පැතුම් බොක්කෙන්ම මාරයියේ !!




    ReplyDelete
  3. හතරක් කියන්නෙ සෑහෙන කාලයක් නෙව.... ඔන්න මේ පැත්තෙනුත් සුභම සුභ පැතුම්! අර්ධ දශකයට කරදරයක් නැතුව යාගන්ට ලබේවා!

    ReplyDelete
  4. එල එල.. සුභ පැතුම් !...

    ReplyDelete
  5. එලකිරි ඈ....මම අවුරුදු දෙකෙන් නවත්තන්න කියලා ඉන්නේ :)

    පස්සේ තව ටිකක් නාකිවෙලා ආයේ එනවා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ලොකු දෙයක් උඹ හෙටම හරි ඔය වැසිකිලිය වහලා දානවානම්. මිනිහෙකුට ගන්න මෙලෝ දෙයක් නැති කුණු පොස්ට් දානවට වඩා ඒකනම් සිංහල බ්ලොග් වලට කරන ලොකු සේවයක්.

      පුක දේවා හිල ලොකු වේවා (පුක,පක,පයිය යනු කුණුහරප නොවේ- කතන්දර,මහ වේදනා, කෝරලේ මහත්තයා,බඩා මාමා)

      Delete
  6. සුභ පැතුම්......ඔහොම යමු

    ReplyDelete
  7. නිතර කමෙන්ට් නොකලට කියවන්න දෙයක් තියෙන බ්ලොග් එකක් හැටියට ආ ගමනට හදවතින්ම සුබ පතනවා..! තවත්දිගුකලක් මේවගේම ලියන්න හැකියාව ලැබේවා..!!

    ReplyDelete
  8. සුබ පැතුම්,අවුරුදු හතරක් බැට් කළා එහෙනං තවත් අවුරුදු හතලිහකවත් බැට් කරන්නට වාසනාව ලැබේවා.

    ReplyDelete
  9. දිගින් දිගටම ලියන්න. මෙචර කාලයක් ලියන අය මට හම්බ වෙලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. වාසනාවන්.

    ReplyDelete
  10. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, වැඩේවා! තවත් මාර ලිපි ගොඩක් ලියන්නට ලැබේවා!

    ReplyDelete
  11. මගෙනුත් සුභ පැතුම්! තව තව ලියන්න උඹට ශක්තිය, දහිරිය, වෙලාව හා ඕනෑකම ඇතිවේවා!!!

    ReplyDelete
  12. මාරේ උඹ 500 න් නවතිනවා කියලා නේද කියකියා හිටියේ....හැබැයි රජෝ ඕන්න 1000 න් නවත්තන කතානම් කියන්න එන්න එපා...සුබ පැතුම්

    ReplyDelete
  13. සුභ පැතුම්.තව තවත් ලිපි ලියන්න හිෙත්වා....

    ReplyDelete
  14. මාරයියා වයසට යනවා :v

    ReplyDelete
  15. 4 ට සුභ පැතුම් ...!!

    ReplyDelete
  16. සුභ පැතුම්....

    ReplyDelete
  17. මාත් අවුරුදු තුනයි මස පහක් තිස්සෙ බ්ලොගක් වගේ එකක් ලියනව. වෙනස මාස හතයි උනාට අපි මේ කෙරුවවෙ ඉන්නෙ අහසට පොළව වගේ දුරක. ලබා ගත්තු දේ පරිස්සන් කරගන්න නෙමෙයි වැඩි දියුනුකරන්න උත්සාහ කරං සහෝදරය. සුභ පැතුම් දිගට ලියන්න.

    ReplyDelete
  18. උපරිමයෙන් සුභ පැතුම් !
    තව තවත් ලියන්නට වාසනාව ලැබේවා!

    මම මාර අයියගෙ ඔක්කොම පෝස්ට් කියවල ඇතියි කියල හිතෙනව. බ්ලොග් එකක කමෙන්ට් දානව කියන එක මට මරන්න වගේ. ඒව කොහොම වුනත් මට නම් සයිබර් අවකාසෙ මුනගැහුණ හොඳම බ්ලොග් එක මේක. එහෙන් මෙහෙන් කෑලි අරන් ලියන ඒව මට වැඩක් නැහැ, මට ඒව ඕනි හැටිය හොයාගෙන කියවන්න පුලුවන්. මාර අයියගෙ කතා එහෙම නැහැ, ජෙනුයින්. කවද හරි කෙනෙක් ලංකාවෙ බ්ලොග් කලාව ගැන අධ්‍යයනය කලොත්, මේ බ්ලොග් එක අතහැර යා නොහැකි තැනක්.

    කිසිම වෙලාවවක අධෛර්ය වෙන්න එපා, පණ තියෙනකන් ලියන්න. අමුතු මනුස්සෙකුගෙ අමුතුම ජීවිත කතාවක පෙල්ගැසම තමයි මේ...

    ReplyDelete
  19. Athuru antharawak nomathiwa Ama rasayen musapathwa =D digatama liweemata obata haki wewa

    ReplyDelete
  20. ජයෙන් ජයම වේවා...තව තවත් ලියන්නට හැකියාව ලැබේවා

    ReplyDelete
  21. \\\\\\\\\\\\හෙට දවසේ මේකට එකතු වෙන කෙනෙක් හරි මොනවාම හරි වැඩක් ගනිවී... ඒ අයත් මේකට තව යමක් එකතු කරලා යාවී... අවසානයේ අපි හැමෝගෙම එකතුවෙන් මේ බ්ලොග් අවකාශය තව තවත් කරුණු කාරණා රාසියක් පිරුන.. දැනුම..විනෝදය.. අධ්‍යාපනය.. අත්දැකීම් රැසක් ගෙන දෙන අපූරු තැනක් බවට අදටත් වඩා හෙට දවසේදී පත් වේවී... එදාට නංගං නොකියවුනත් අපි හැමෝගෙන්ම පුංචිම හරි දායකත්වයක් මේකට තිබුනා නේද කියලා හිතන සතුට අපි කාගේ කාගෙත් හිත්වල තියේවී.. \\\\\\\\\\


    අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික සෑහෙන ඇත්ත... සිංහලෙන් මොකක් හෙව්වත් හොයන පමාවට එනවා ලිස්ට් එකක්.. ඉස්සර මට මතකයි කිසිම දෙයක් ආවේ නැහැ ප්‍රධාන පත්තර ටිකේ දෙයක් ඇරෙන්න.. තව තවත් අලුත් අය බ්ලොග් අවකාශෙට එනවා දකින්න ආසයි මන්.. ඒ වගේම සිංහල බ්ලොග් කියවනය , ලාංකීය , කොත්තු , හත්මාලුව වගේ වගේ සින්ඩිත් මාතලන් ගොයියගේ සින්ඩියත් අමතක කරන්න බැහැ.. මිනිහා තමයි හැංගිලා තියෙන බ්ලොග් එළියට ගත්තේ...

    එදා මෙදා තුර හිටපු සියලු අන්තර්ජාල සහෝදරයන්ට ප්‍රණාමය.. මොකද කෙනෙක් බ්ලොග් එකක් පටන් ගන්නේ තව කෙනෙක් කරනවා දැකලා ... ඒ නිසා මාරයාද ඇතුළු මුල් යුගයේ සිටි සියලුම දෙනාට ස්තූතියි...!

    ReplyDelete
  22. මාරයා මලයට බොක්කෙන්ම සුභ පැතුම් මගෙන්....!!!
    කෝ මාගම්පුර ගමනේ කතා/පින්තුර/විස්තර ...?

    ReplyDelete
  23. උනුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
  24. මන්නම් කියන්නේ මාරයියේ ඇත්ත උපන්දිනේ වගේම මේකත් දැන් දැන් අපි අමතක කරලා අඩුවෙන් කතා කරන එකම හොදයි වගේ.. මොකො නැත්නම් අළුත් කට්ටියට අපි හරි වයසයි වගේ පේනවනේ..

    ඒ කියන්නේ මාරයියා මට වැඩිය මාස 8ක් වැඩිමල්.. අයියා ඉතින් එදා ඉදන්ම අපිට හොද මඟ පෙන්වන්නෙක් වුනානේ.. අර කාලෙකට උඩදි ඔය බීම ගැන කියද්දීත් අපි කිවුවේ " හොදට ලියනවනම් ඔන්න ඔහේ පොඩ්ඩක් බීපං අයියේ " කියලා.. මතකද මන්දා.. අර සෙනසුරු මාරුව කාලේ ලිපි දැම්ම වේගෙට දැම්මනම් දැන් 1000හේ කෑලිත් නෑ..

    අවුරුදු 4ට සුභ පැතුම් අයියේ.. තව කාලයක් අපි ඔබ අනිවාර්‍යෙන් මුණ ගැහේවි..

    ReplyDelete
  25. උබේ බොගට මුල ඉදන් ආපු එකෙක් විදිහට,,අද මේ බොග තියන විදිහ ගැන නම් මට සතුටක් නෑ බන් මාරයියේ,,කොහොම තිබුනු පොට් එකක්ද මේ,,කොහොම හරි සුභ පැතුම්

    ReplyDelete
  26. අමුවෙන් හිටං ඒ කාරිය කොරන එක ලේසි නැහැ..///

    හැබෑට.. එතකොට මේ අපිත් බ්ලොග් ලියන්නෙ, කමෙන්ට් කොටන්නෙ, වලි දාගන්නෙ බීලා වෙන්නැති නේ... අනේද කියන්‌නෙ මේ පිරිමි ජාතිය නං... ඕක තමයි කියන්නෙ මෙයාල හොඳ සිහියෙන් ඉන්නකොටත් මෙලෝ රහක් නෑ.. බීපු වෙලාවට ළඟට ගන්න බෑ ගඳ හින්ද.. ඒක නිසා එතකොටත් මෙලෝ රහක් නෑ...

    හි හි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  27. ඔන්න මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  28. ඔන්න මාරයෝ.... මගෙනුත් උණුසුම් සුභ පැතුම්... තව නාකි වෙනකම්ම ලියපන්.....

    ReplyDelete
  29. අවුරුදු හතරට සුබ පැතුම්. තව දිගටම මේකෙ මොනවහරි ලියං යන්න හැකියාව ලැබේවා !

    මටනං ඔය අමතක වෙන ප්‍රශ්නෙ නෑනෙ. මොකද ඒකෙ මොනවහරි ලියන්න තියෙන්නෙ එදාට විතරනෙ. :D

    ReplyDelete
  30. ගොඩක් කැමතියි පරණ විදියට ආයෙත් ලියාගෙන ලියාගෙන යනවනම් . ඉස්සර මට මතකයි හිටි ගමන් රෑට කවි ලියාගෙන ලියාගෙන යනව . අපිත් ඇවිත් පිලිතුරු කවි ලියනවා . බ්ලොග් අවකාශයේ සුන්දරතම කාලයක් තිබුනා . ඔබගේ බ්ලොග් එකෙන් අපි ලබාගත් දේ බොහෝයි . තාමත් මාරසරණියේ පිහිට පතනවා . හැමදාම එකම විදියට ලියන්න වේලාව සොයා ගන්න අමාරුයි තමා . සුභ පතනවා !

    ReplyDelete
  31. සිරාවටම දැන් මාරයත් වයසට ගිහින් නේද? :) සුභපතනවා තව ලියන්න ඇහැකි වෙන්න කියල

    ReplyDelete
  32. මාරයාත් ටික ටික මාරයාට ලංවෙනවා වගේ ...:D (විහිලුවට ඈ)
    සුබ පැතුම් මාරයියට ,
    "ඒ ඇර මුල් කාලේ නොබී ලියාපු එකම එක පෝස්ට් එකක්වත් නැද්ද මංදා.." ඒ කියන්නේ මාරයාත් ඔමාර් ඛයියාම් වගේ ...!

    ReplyDelete
  33. ගූගල් බස් වලට ගොඩවුනු කාලෙ ඉඳන්ම ඉඳල හිටල හරි කියෝපු බ්ලොග් එක නොවැ. සුබ පතනව තවත් සෑහෙන කාලයක් හොඳ ලිපි ලියන්න ලැබේවා කියල.
    ජය ව්වා !

    ReplyDelete
  34. //ඔය ටික තමා මං මේ බ්ලොග් ලෝකෙදි දැකපු වටිනාම කතාව... ඇත්තටම කාට උනත් බ්ලොග් එකක් ලියනවනං.. බ්ලොග් කියවනවනං.. බ්ලොග් ලියන කියවන අය ඇසුරු කරන්න යනවනං ඕක හිතේ තියාගෙන වැඩ කිරීම හරහා සෑහෙන්න ප්‍රශ්න අඩුවෙන් මේක කරං ගියෑකි...// මේ කතාවට මම සම්පූර්ණයෙන් ම එකඟ යි!

    හතර වැනි සංවත්සරේට මගේ උණුසුම් සුභ පැතුම්! කරදරයක් නැතු ව දිගට ම ලියාගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  35. උනුසුම් සුභපැතුම් මාරයෝ. මාත් බ්ලොග් ලියන්න හේතුවුන එකෙක් තමා උඹ. හැබැයි බීපු කාලෙ ලිපි තමා රහ.

    ReplyDelete
  36. ඔන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්!!

    ReplyDelete
  37. සුභ පැතුම් අයියේ...

    ReplyDelete
  38. සුභ පැතුම් මාරයියේ !

    ReplyDelete
  39. සුබ පැතුම් ..........!

    ReplyDelete
  40. හරිම ශෝක්.....

    මට ඇඩුන බං.......

    ජය වේවා ....

    කොමෙන්ටුවට ප්‍රධාන අනුග්ග්‍රහය
    කකාගේ ඇනෝ
    සම අනුග්ග්‍රහය රජා සහ ලියන්නා

    ReplyDelete
  41. ඔය අවුරුදු 4 මමත් යලට මහට වගේ ඇවිත් බලල කොමෙන්ට් දැම්ම ... ඔන්න ඔහේ පුලුචාන් තරම් කල් ලියාගෙන යමන් ... 40 දී විතරත් සමහරවිට අපි ඉඳියි .. :)

    ReplyDelete
  42. මම බ්ලොග් වල මුලින්ම ආව බ්ලොග් 5 ඇතුලේ තියන බ්ලොග් එකක් තමා මාරයාගේ හෝරාව.
    පිලිවෙලින් කිව්වොත්;
    1. අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා..
    2. චාමිකයාගේ බ්ලොග් ඉසව්ව..
    3. මාරයාගේ හෝරාව.
    4. දුමීගේ කට කහන කතා.
    5. පොඩි කුමාරිහාමි.

    මෙතනින් තමා මම පටන් ගත්තේ.. මම මේකට මුලින්ම ආවේ ගෙහාන් අයියා කොත්තුවක් හදලා තව විස්තර අහපු වෙලාවේ හම්බ වෙච්ච ලින්කුවක් දිගේ.. ඒ ඇවිත්, ලෝක විනාස පොස්ට් එකට කමෙන්ට් කල දා ඉඳල, කමෙන්ට් කළා නොකලා මේකේ හැම පෝස්ට් එකක්ම වගේ කියෙව්වා... රස වින්දා. සමහරක් එව්වට බැන්නා :D
    ඒ කොහොම වෙතත්, අවුරුදු 4 40ක් දක්වා දීර්ඝ වෙලා අපිට තවත් රස සරණි, මාර චාරිකා වගේම මාර බණත් කියවන්න ලැබේවා කියල මේ වෙලාවේ අඟහරු අඩවියේ මම ඇතුළු සියලුම අඟහරුවන්ගේ සුභ පැතුම්!!!

    ReplyDelete
  43. මාර අයියට අපෙනුත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  44. උඹේ පරණ පෝස්ට්, විශේෂයෙන්ම උඹේ කතාව එහෙම බොහොම ආසවෙන් කියෙව්වා... ලියන්න ආසාව ඇති කල බ්ලොගයක් තමයි මේක... නමුත් මෑතකදි ඒ වගේ පෝස්ට් එකක් දැක්කෙ නෑ. 4ට සුභ පතන ගමන්ම, ඉල්ලා හිටිනවා උඹේම පරණ පෝස්ට් ටිකක් ගිහින් ආයෙ කියවන්න කියලා....

    ReplyDelete
  45. අරේවා!!!!!!!! මාර ජී,

    බොහොත් සුන්දර් හේ භයියා....! බොහොත් සුන්දර්.....!!

    මෙරේ උණුසුම් සුභ පැතුම්!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  46. අපි වගේ බ්ලොග් ලෝකයට අළුතින් ආපු ඇච්චන්ට, ඇච්චියන්ට කියෙව්වම තවත් බ්ලොග් ලියන්න ආස හිතෙන මේ වගේ බ්ලොග් එකක අවුරුදු 4ට සුභ පතන්නෙ නැතුව යන්නෙ කොහොමද ඉතිං?
    සුභ පැතුම් මාරයියේ! තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    ReplyDelete
  47. මේ බ්ලොග් අවකාශේ තියෙන බ්ලොග් වලින් අමුතුම එකක් තමයි මේක. හේතුව මේක ලියන භාෂාව මුළු රටේම වචන වල එකතුවක්. වෙන කිසිම කෙනෙකුට ඒ වග වචන සෙට් එකක් නෑ. මම පටන් ගත්ත කාලේ ගුරු කොට ගත්ත එක බ්ලොග් එකක් තමයි මේක. සුබපැතුම් !!! මාරයා මලයට.

    ReplyDelete
  48. අවුරුදු හතරක් මේක කරනව කියන එක ලෙසි වැඩක් නෙමේ.. ඒක මම බ්ලොග් ලොකෙට ආපු පහු ගිය අවුරුද්ද පුරාවටම දැනුනා.. ලොකු කැපකිරිමකුත් තියෙන්න ඕනි..

    . දැං ෆලෝවර්ස්ල 1000ක් වෙන්නත් ලඟයි ඕං.. තව අවුරුදු ගණනාවක් මේ විදියට බ්ලොග් කෙරුවාව කරන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනව.

    ReplyDelete
  49. ආපුදා ඉඳලා කොමෙන්ට් නොකලත් අනිවාර්යයෙන් කියවන බ්ලොග් එකක්.. මමත් හිතන්නේ උඹ බ්ලොග් නිසා ගොඩක් දේ ඉගෙන ගත්තාය කියන එක.. ඒක මේ පෝස්‍ර එකෙන්ම පේනවා..

    සුපැතුම් හිතවත් මාරේ.....!!!

    ReplyDelete
  50. මොකද මෙයා මකන්නෙ? අවුල්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ..අවුලක් නෙවෙයි... හොරෙකුගේ බ්ලොග් එහෙකට ලින්ක් එකක්වත් මේක හරහා යනවට කැමති නැති හින්දා...

      Delete
  51. මුලින්ම සුභ පැතුම් මාරයාට..... අවුරුදු හතරක් තිස්සෙ ලිවුවයි කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද........
    අනික් හැමදෙයක්ම වගේම, දෙකක් දාගත්තාම හොඳට සිතුවිලි එනවයි කියන එක ගැන මමත් එකඟයි.
    හිරුට කියන්න නම් තියෙන්නෙ, ගැහැනු කවදත් ඕපාදූප හොයන්න වගේම කියවන්නත් දස්සයිනෙ. ආයෙ ඉතින් අමුතුවෙන් මොනාටද. උපන් හැකියාවනෙ.
    ඉතින් මාරයෝ තවත් ලියපන්.....................

    ReplyDelete