30 November 2013

බටකොල ටිකක් නැතුවත් මගෙ හිතට මදී...

උන්නා මතකයිද ඔබ මා අත් නොහැර..
දහ නව වසක් රැක හිදිමින් මා අසල..
යන්නට ගිහින් ගෙවුනා සත් වසරක්ම...
එන්නේ කවදාද ආයේ හමු වෙන්න...

ළඟ උන් කලදි මෙතරම් නොදැනුනි අගය...
ගිය අළුතමත් ඒ හැටි ගානක් නොවින..
එනමුත් දැන් තමයි ඔබගේ වටිනකම..
මා හට දැනෙනුයේ දිනයක් පාසාම...

දුන් ගින්දරේ නිම නැත ඒ දවස්වල...
ඉන්න හිටින්නට දුන්නේ නැත මෙමට...
ඇහුව බැනුම් නින්දා කෙලවරක් නැත...
කන්න ගත්ත දේ වූවත් රහක් නැත...

කොතරම් දුක් දෙතත් ඒ දිනවල අගය..
වැටහෙන්නේ මේ වගෙ ඉන්නා විටය..
මෙලෝ රහක් නැහැ දුක් නැති ජීවිතය..
දුක් යනු ජීවිතේ පන නල හා සරිය...

පාරක් තොටක් ගානේ රස්තියාදුවේ...
කෑමක් නැතත් ඇවිදීමයි මං කෙරුවේ..
කීයක් උනත් අහු උන විදියෙන් හෙව්වේ..
ඒ කල තමයි පණ ඇති දිවියක් ගෙව්වේ..

අජ්ජාපනේ ගිය මුත් මගෙ බල්ලාට..
අඩුවක් දැනුනෙ නැහැ ඒ කල කොල්ලාට...
අවුලක් නැති දිනක් ගෙවුනේ නැහැ හොඳට..
අයියෝ ඒ  උනත් ආතල් තිබුනි මට...

ඔබ ගිය පසුව ජීවිතෙ පිළිවෙලක් උනා...
හැපෙමින් පෙරලෙමින් ගිය මග නිමා උනා...
ආයෙත් ඉගෙන ගන්නත් වැඩ සිදු කෙරුනා..
ඒ මුත් ඔබ නැති අඩුව අඩු නැතිවම දැනුනා...

දුකට අධිපතිය.. වයසක ගතිය ඇතී...
තරුණ කැලට නිති කරදර දුක් දෙවතී..
ඒ මුත් හරි ලෙසින් බැළුවොත් ඔහුගෙ ගතී...
සෙනසුරු තමයි දිවියක රස දෙන්නෙ නිතී...

බටකොල කැවුව විෂ්ණුට දහ නව වසරක්...
බලවත් සෙනසුරා යනු මටනං දැනුම පොතක්...
බල්ලෙකු හට මෙන්ම දුන්නත් සුපිරි දුකක්..
බයිනට කිසි විටක මට නැහැ දෙන්නෙ සිතක්..

දැන් ගෙවෙනුයේ බුධ හට හිමි දසාවය...
සද්ද බද්ද නැති සන්සුන් කලක්මය..
කරදර බාධක අවහිර එහි නැතිය..
ඒ නැති කමත් දැන්නං මට අඩුවක්ය...

දැන් ගෙවනා දිවිය මට කිසි දුකක් නැතී..
ඒ මුත් හිත් කොනේ අඩුවක් රැඳී ඇතී..
ඒ මොන එකක්දැයි බැලු විට සොයා ගතී..
බට කොල කන්න මට ආයෙත් ඇතේ හිතී...

33 comments:

  1. හෙනහුරා මට ලබන්නේ දැන් ලු... මොනවයිං මොනවා වෙයිද දන්නේ නෑ.. අපේ අම්ම හදහන බලාගන ඇවිත් අද කිව්වේ.. බලුකපුටු දාන දෙන්නලු එකතු කරලා දාන දෙන්නලු. මං ගණන් නොගෙන වගේ හිටියත් මගේම යටි හිත ඒ ගැන තාමත් දෙස් දෙනවා. එය දෙගුණ තෙගුණ වුණා මේ කවි පෙළින්

    ReplyDelete
    Replies
    1. අරක්කු දාන එහෙම දෙනවන් මටත් කියහන්..

      Delete
  2. හෙනහුරු නැති කලට
    ආතල් එකක් නැ මට
    ප්‍රශ්නයක් නැත්නම් හෙට
    ඉන්නේ මොන කෙල්මලට

    ReplyDelete
  3. ඒ කියන්නේ මාරයා දැංවත් බඳීද?

    ReplyDelete
  4. හෙනහුරා ආතල් දෙන දෙයියෙක් බං..
    නරක එකෙක් නෙවෙයි !

    ReplyDelete
  5. මගේ නම් තාම හෙනහුරා මගේ හිතේ... :)

    ReplyDelete
  6. මගේ හෙනහුරා ප්‍රස්න පිට ප්‍රස්න දුන්නත් අද මෙහෙම ඉන්න පුලුවන් උනෙත් ඒ ප්‍රස්න වලට උත්තර හොයන්න ගිහින්.ඒ නිසා මමත් හෙනහුරාට මනාපයි. . .

    ReplyDelete
  7. මාරයෝ උඹගේ කවිටික රහටම දැනුනී
    සෙනසුරාට ඇති උඹෙ පෙම හද ගැටිනී
    නාඬා හිටින් ඌ ගොස් ඇත උගෙ තුටිනී
    සිකුරා අත ළඟය ඉවසං හිටු සොඳිනී

    ReplyDelete
  8. ඔය සෙනසුරා ලබන්නෙ ජීවිතේට එක පාරක් විතරද?

    ReplyDelete
  9. සෙනසුරා කියන්නේ අපල කාරයා නේද? ඉන් පස්සේ එන්නේ හොඳ කාලයක්. එහෙනං ඉතිං අපිටත් කේක් කෑල්ලක් කන්න බැරියැයි.

    ReplyDelete
    Replies
    1. එදා අර අවුරුදු උත්සවේ බනිස් කනකොට තේරුණා නිකං තණකොළ-බටකොළ කනවා වගේ කන ගතියෙක්.

      Delete
  10. මාරයාට සෙනසුරාව අහිමි වෙලා
    පොලොවෙ හැපෙයි පාලුයි පාලුයි කියලා
    කවුරුත් කියයි බැදපන් මාරයො කියලා
    සැක නැ උබට සෙනසුරු නැවතත් ලබලා

    ReplyDelete
  11. දෙඤ්ඤං වියලාම රසවත් බට පැදුරූ
    ගෙවිලා යන්ට අපහට කල මහ නිගරූ
    'වයසක' තරුණ අයහට පණ තිබෙන තුරූ
    නොකරනු මින් මනත කෝ-චොක් මගෙ මිතුරූ

    ReplyDelete
  12. මහසෝනත් බය නැති මාරේ මල්ලි
    සෙනසුරු එන බව දැකලා යයි හෙල්ලි
    කෙලවන්නට ආවොත් හෙම මුට ජල්ලි
    හෙනහුරු බටකොල කනවා මොනවද සල්ලී

    ReplyDelete
  13. මටනම් හැමදාම හෙනහුරාලට හිටියේ අපේම එවුන් තමයි .... හි හි හි..... දන්නෝ දනිති....

    ReplyDelete
  14. බටකොළ කන්න හැකිවෙන්නට තුං වේලක්
    ගෙනෙං ගෑණියක් උයනට නොහැකි යමක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඊට පස්සෙ උඹ එහෙම කුස්සිය පැත්ත පළාතෙ යනව නෙමෙයි.

      Delete
    2. නියමම උපදේසෙනෙ.. හික්ස් :)

      Delete
  15. දැන් අපලේ තියෙන්නේ මාරයාටද? හෙනහුරාටද?

    ReplyDelete
  16. අනේ හෙනහුරා පව් මාරයියේ.. වරෙන් වරෙන් කියල ගෙන්නගෙන ඒකට ඔය හැටි වද දෙන්න එපා. බැරිම තැන වෙන්න ඇතිනෙ ගියෙ. සිකුරට එන්න කියාපන්කො. ඊට පස්සෙ ඔය පාලු ගතිය හරියයි. :)

    ReplyDelete
  17. ‍මේ කවි ටික දැක්ක ම හෙනහුරා යන්නේ නැතෑ :) එතකොට ඉතින් සිකුරා තමයි!

    ReplyDelete
  18. ඔය හෙනහුරාදී ග්‍රහයින් ඉන්න බව බලන්නෙ අපි ඉන්න ලොකේසන් එක අනුව ගනන් හදලා නේද? ඒ අනුව බලනකොට එයා හොස්ටස්ලාට හෙම හෙනහුරා ලබල තිබුනත් හෙනහුරාට පස්ට අවුල් ඇති. ඇයි ඉතිං හැමදාම ලොකේසන් එක වෙනස් වෙනවා නෙව.

    ReplyDelete
  19. මාරයාට හෙනහුරා නැතුව පාලු ඇතී...
    මටනම් සිකුරා ලබලා දැන් කලක් වෙතී...
    ඒත් අනේ ඌ මටදුන් බම්බුවක් නැතී...
    සිකුරෝ...දැන්නම් මට උඹත් ඇතී....

    ReplyDelete
  20. පව් මාරයා මල්ලි.

    ReplyDelete
  21. හෙනහුරා ගියපු නිසා ඉක්මනටම සිකුරා එයි..

    ReplyDelete
  22. මේක නම් ලියලා තියෙන්නේ ටිකක් අනුමත වෙලා වෙන්න ඕන ශුවර් එකටම.. සෑහෙන කාලෙකින් කවියක් නැත්නම් මෙයා ලියාවිද?

    ReplyDelete
  23. කව්ද්ද මාර මල්ලි උඹට සිකුර එන්නෙ ?

    ReplyDelete
  24. //මෙලෝ රහක් නැහැ දුක් නැති ජීවිතය..
    දුක් යනු ජීවිතේ පන නල හා සරිය...// එහෙමත් එකද්ද?

    ReplyDelete
  25. එන්ඩ හදන සිකුර අපි දන්න සිකුර වගේ උනොත් නම් උඹට බටකොළ කෑම කෙසේ වෙතත් වෙඩි නම් කතහැකි.

    ReplyDelete
  26. බට ගොන්නක්ම මේ වෙල අයිනෙ තියෙනෝ..මං මිටියක් කපලා ගෙනත් දෙන්නද ?

    ReplyDelete
  27. හෙනහුරැ ලබල කනකොට බටකොල බැද්දෙ
    බුධ ඇවිදිනුත් නැතුවට වැඩිපුර සද්‍ෙද
    සිකුරා කොටපු දාකට බොට නින්දක් නැත්තේ

    ReplyDelete