03 December 2013

නොදැවුණු ගසුත් ඉතිරිව ඇත ඒ හේනේ...


ඇත්තටම මේක ලියන්න ගත්තට මට ටිකක් විතර බයයි... මොකද මේක මට අයිති නැති.. ඒත් විසේසයෙන්ම අයිති එකෙක් ඉන්න කලාපයක කතාවක් හින්දා... ඒ අයිති එකාගෙන් අවසරයක් ගන්නේ නැතිව මේක ලිව්වා කියලා ඌ මට ගිනි.. නෑ මං කිව්වේ මට සෝලි තියයිද දන්නේ නැහැ... ඒත් ඉතිං ජීවිතේ ගැන ආසාව අතෑරලා... ගිනි තියවගෙන මැරෙන්න හරි හිත හදාගෙන මං ඔන්න මේක ලියනවා.. ඔන්න ඔහොමයි අපේ බ්ලොග් කෙරුවාව.. මැරෙන්න හරි සූජානමෙන් තමා මේක කොරගෙන යන්නේ.. එහෙවු අපිට මුංදලා සලකනවා මදි... හම්මපා...

ඊයේ දවාලේ මට මේ හදිසියේ වෙන කෙනෙකුගේ වැඩක් හින්දා යන්ට උනා මේ කියන පැත්තේ... ඒ ගිය ගමන මටත් ඉතිං කොරන්න වැඩක් නැති හින්දා මේ දවස්වල කොහේ යතත් එල්ලං යන කැමරාවත් එහෙට මෙහෙට මාන මාන පොටෝවක් දෙකක් ගන්න කොට තමා දැක්කේ ටිකක් විතර කට්ටිය මොකක් හරි බලන්න යනවා වගේ සීන් එකක්... ආන්න එතකොට තමා මට මතක් උනේ යකෝ ඒ කියන්නේ ගිනි ගත්තත් මේක තියෙනවා නේද කියලා...
-----------------------------------
හරි එහෙමනං මෙන්න මේකයි සීන් එක... මං ඊයේ ගියා BMICH එකට... ඒ ගිහින් ඉන්නකොට තමා අර නව නිපැයුම් ප්‍රදර්ශනේ ගින්නෙන් විනාස වෙලා (ඔය ගින්න ගැනනං හුගක් කට කතා තියෙනවා.. අයියා මලෝ දෙන්නෙක්ගේ කෙරුවාවක්ය.. එතකොට සංවිධායකයින්ගේ අවුලක්ය.. ඉස්තානේ සුදුසු නැති තැනක්ය වගේ.. ඒ අතරේ තව විසේස කතාවක් යනවා අර මං කලින් කිව්ව ප්‍රදේශය බාර නිල පොටෝ කාරයා වෙච්ච බ්ලොග් එහෙකුත් ලියන සුවිශේෂී කැඳ බොන අයියා කෙනෙකුගේ විශිෂ්ඨ ඡායාරූපකරණ අවශ්‍යතාවයට ගිනි තියාපු එකක්ය වගේ.. අනේ මංදා ඕවනං.. රට්ටු කියන කතානේ.. අපි ඕවා දන්නේ නැහැ...) සෑහෙන  නිර්මාණ කරුවන් පිරිසකගේ නිර්මාණ නැත්තටම නැති වෙලා තිබුනත් එදා ගින්නෙන් බේරුන කිහිප දෙනෙකුගේ ඒවත්.. පාසල් අංශයේ නිර්මාණත් තාම ප්‍රදර්ශනය කරන බව දැන ගත්තේ.. වැඩකුත් නැති එකේ ඉතිං මං ගියා ඒ පැත්තේ...

ආන්න ඒ ගිය වෙලේ තමා මට මේ නිර්මාණ කරුවා හම්බු උනේ... කෝට්ටේ හිටන් ආව සිරිල් මහත්තයා... ඒ මහත්තයගේ නිර්මාණේ තමා වඩු කර්මාන්තෙදී බොහෝම වැදගත් වෙන ලී පිරිද්දීමේ යන්ත්‍රය... 


මේක ක්‍රියා කරන හැටි කියන්න ගියොත්නං මට තව වචන තුන් හාර දාහක විතර සටහනක් ලියන්න වෙනවා.. ඒ හින්දා කෙටියෙන් කිව්වොත් මේක බොහෝම පල පරයෝජන ඇති භාණ්ඩයක්.. විසේසයෙන්ම පහුගිය විසි අවුරුද්දක විතර කාලේ මාත් ඔය සැරින් සැරේට කොරපු රස්සා අතරේ වඩු කර්මාන්තයටත් සම්බන්ධ රැකියා තිබුන හින්දා මං දන්නවා මේකේ ඇති වැදගත්කම.. විසේසයෙන්ම අපි ඔය ජනෙල් පියන් වල මුළු පුරුද්දන්න යද්දි එක ලීයක තුනී පැත්තෙන් කාලේ නියන උපයෝගි කොරගෙන අගල් දෙක තුනක් යටට බොහෝම මහන්සියෙන් හාර ගන්න හිලත්.. ඒකට සෙට් වෙන විදිහට අනිත් ලීයේ සාදන ලී කට්ටයයි (කෙටියෙන් කිව්වොත් මේල් ෆීමේල් කොටස් දෙක තමා) දෙකම හරියටම හරියන්න කිසිම ගේමක් නැතිව මේකෙන් කපා ගතෑකි.. විශේෂයෙන්ම අතින් කරන්න යද්දි සිද්ධ වෙන සෙලවීම්.. හිඩැස් තිබීම් වගේ දේවල් මේකෙන් වෙන්නේ නැහැ... හරියටම වාත්තු කලා වගේ හිටින්න පිරිද්දුම සකස් කර ගතෑකි... ඒ විතරක් නෙවෙයි අපි දෙන්නා ටික වෙලාවක් කතා කර කර හිටිය අතරේ මේක වැඩි දියුණු කරන්න පුළුවන් අංශ ගැනත් සාකච්ඡා කලා.. විසේසයෙන්ම ඔය කතාව අතරේ සිරිල් මහත්තයගේ හොඳ ගති ගුණ කිහිපයක් දැකපු හින්දයි මං මේක ලියන්න හිතුවෙත්...  එකක් තමා පුදුම කැමැත්තකින් හා ආසාවකින්.. මහන්සියක් නොබලා මේ නිර්මාණය ඉතාම සරලව එන අයට කියා දෙන්න තියෙන උනන්දුව... ඒ වගේම මේක  තව කොච්චර දුරට දියුණු කල හැකිද කියන කාරණය ගැන බලන්න එන අයගේ අදහස් බොහෝම සාවධානව අහං ඉදලා ඒවා කල හැකි අන්දම ගැන කතා කිරීම.. හරියටම කිව්වොත් අනිත් කවුරු හරි අදහසක් දුන්නොත් එවෙලෙම ඒක ගැන කල්පනා කරලා තව තවත් ඒ කෙනාගෙන් විස්තර අහලා.. ඒකට තමාටත් කරන්න පුළුවන් දේවල් එකතු කරලා මේක දියුණු කරන්න පුළුවන් හැටි ගැන තව තවත් හිතීම... ඉතිං ඒ විදියට කතා කරන කොට තමා මේකම කැටයං කපන මැෂිමක් හැටියට භාවිතා කල හැකි අන්දම ගැනත්... තව තව බොහෝමයක් වඩු කර්මාන්තයේදී අසීරු වැඩ පහසුවෙන් කිරීමට භාවිතා කිරීම ගැනත් කතා බහ කලේ... ඉතිං අපි බලමු මේකේ පොටෝ දෙක තුනක්...




  
හරි ඕක තමා මැසිම.. සිරිල් මහත්තයා කියන විදියට රුපියල් ලක්ෂයක් වටේ ගානකට මේක හදන්න වියදං වෙලා තියෙනවා.. මං හිතන්නේ ඒ මුල්ම නිර්මාණය වෙච්ච හින්දා වෙන්න ඇති.. මගේ කල්පනාවේ හැටියටනං එයින් අඩකටත් අඩුවෙන් උනත් මේක නිර්මාණය කරන්න පුළුවන් දෙවැනි නිශ්පාදනයකදී... 

කොහොම උනත් ගින්නෙන් බේරුනා උනත් මේ පාර මේක බලන්න සෙනග නැති වීම හින්දා මේ ඉතිරි වෙච්ච නිර්මාණ කිහිපය උනත් බලන්න අය නැති විමනං සෑහෙන අඩුවක්... මේ නිර්මාණ කරුවා උනත් මේක ගින්නෙන් පස්සේ ගෙදර ගෙනිහිල්ලා.. ඒත් අන්තිමට හැදුවේ පෙන්නන්නේ.. ගෙදර තියං හිටලා ඇති වැඩක් ඇතෑ.. එන කෙනෙකුට පෙන්නනවා කියලා හිතලා අයෙම වාහනේ දාං ගෙනත් මෙතන තියාගෙන ඉන්නවා... එහෙම ඉද්දි තමා ඉතිං මට හම්බ උනේ... කොහොම උනත් මේ මනුස්සයගේ මහන්සියට වටිනාකමක් මට පුළුවන් හැටියටවත් දෙන්න ඕන කියලා හිතුන හින්දා පොටෝ ටිකක් ගන්න ගමන්ම මං මට කරන්න පුළුවන් දේ කිව්වම බොහෝම සංතෝසෙන් පොටෝ ගන්න අවස්ථාව දුන්නා... ඒ වගේම මට කතාවෙදි තේරුන විදියට මේක කවුරු හරි කෙනෙක් නිෂ්පාදනය කරන්න කැමතිනං ව්‍යාපාරයක් විදියට... මේ මහත්තයත් කැමතියි සාධාරණ අයිතියක් ඇතිව එයට සහය දෙන්න... කතාවෙදි මට තේරුන දේ තමා මස් රාත්තලම ඉල්ලන ජාතියේ මනුස්සයෙක් නොවුන... තව තවත් නිර්මාණ කරන්න මිස එකම එකේ එල්ලිලා ඒකෙන්ම හම්බ කරන්න බලාගෙන ඉන්න ජාතියේ කෙනෙක් නොවෙයි කියන එක... ඒ ගති ගුණ හින්දයි මට පුළුවන් හැටියට මේ සම්මාදම දුන්නේ...

නිර්මාණ ගිනිබත් උන අය ගැන කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම.. ඉතිරි වී ඇති කිහිප දෙනාට පුළුවන් හැටියකට දිරියක් දීමට හැකි හැම කෙනෙක්ම කටයුතු කරත්වා...

කාට හරි සිරිල් මහත්මයාට කතා කරන්න උවමනා උනොත් මෙන්න අංකය...

------------------------
පලි...
අනේ මේ කලාපය බාර අර බ්ලොග් ලියන අයියා මට සමාවෙන්න ඕන මේ අවසරයක් නැතිව පැනලා කොරපු දේට.. හනේ මටනං ගිනි තියන්න එපා.. මං අහිංසකයි...

පපලි........

යන්ත්‍රයේ නිර්මාණකරු වන සිරිල් මහත්මා විසින්ම ඒ ගැන හොඳ පැහැදිලි කරීමක් කරලා තියෙනවා.. මෙන්න ඒ කමෙන්ටුව පෝස්ට් එකටම එකතු කරනවා...



//මෙම යන්ත්‍රය බහු කර්ය ලී වැඩ යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැක. ප්‍රධානම වූත් පළමුවටම වැදගත්වූත් කාර්ය්‍යය වශයෙන් කුඩුම්බිය කැපීම හෙවත් දොර ජනෙල් රේගල් වැද්දීම කළහැකි අතර රව්ටර් කිරීම,තට්ටුව ඇරීම (ෆින්ගර් ජොයින්ට්, ඩව්ටේල් ජොයින්ට් කැපීම, ලාච්චුසෑදීමේදී අවශ්‍ය වන අංගයකි), ලාච්චු ලිස්සා යාමට අවශ්‍ය රේලින් පහසුවෙන් කැපිය හැක. පනෙල් කැපීමද කළ හැකිය.උලූවහු කුඩුම්බි කැපීම සහ තට්ටු බේරීම සඳහා අවශ්‍ය තාවයට පමණක් යන්ත්‍රය වඩා දිගුකළ හැකි අන්දමට සාදා ඇත.
අද මෙවැනි වැඩ සියල්ල කල හැකි යන්ත්‍රයක් වෙළඳපොලෙහි තිබේදැයි නොදනිමි. කෙසේවෙතත් එවැනි යන්ත්‍ර මිල අධිකය. ලක්ශ දහයක් පමණ වේ.

මෙම විස්තරය දැමූ හිතවත් මල්ලීට මාගේ ස්තුතිය පළ කරමි.//

67 comments:

  1. එතකොට අරූද ඒකට ගිනි තියලා තියෙන්නේ පොටෝ අල්ලන්න..

    ReplyDelete
    Replies
    1. මංදා ඉතිං..රට්ටු තමා ඕවා කියන්නේ.. අපි නෙවෙයි... :D

      Delete
  2. අපේ රටේ මේ වගෙ නිර්මාණ කොච්චර නම් බිහි වෙනවද? ප්‍රශ්නෙ තියෙන්නෙ ඒව ප්‍රදර්ශනවලට විතර යි. ඒ මිස මිනිස්සු අතරට යවන්න අදාළ බලධාරීන් ක්‍රියා කරන බවක් නම් පේන්න නෑ.

    ReplyDelete
    Replies
    1. බලධාරීන්ටම විතරක් කියලා වැඩක් නැහැ දිලිනි... මං දැකලා තියෙන හුගක් නිර්මාණ ප්‍රයෝජනයක් නැති ඒවා.. සමහරක් ඒවා හොඳ උනාට මස් රාත්තලම ඉල්ලන හින්දා ආයෝජකයෝ අත ගහන්නේ නැහැ... අනික තමා අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන පිටරට දේම හොඳයි කියන ආකල්පේ..

      Delete
  3. 'වෙ' යන්න කපලා එහෙනම් 'ගි' යන්න දාමු ඒ අයියගෙ නමට....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. මංනං දැන් ඔය හාදයට විරුද්ධව මික් කියන්නේ නැහැ.. ආයේ මොකටද නිකං අකාල සන්ධ්‍යා වෙන්නේ... :D

      Delete
    3. අහුවෙයකො තිසර තන පාරකදිවත්..තලනවා ආයි වෙන කාවුරුවත් නොතැලූ විදියකට ! :-D

      Delete
    4. ෂික් විතරක් මොනවා උනත් අන්තිමට අහු වෙන්නේ මේකා තමයි.

      Delete
  4. උඹ මේ කරපු වැඩේටනං අර 'වැල්' අයියගෙන් කනව හොඳ කෑමක්.

    මාත් ඔය කට්ට කපල පුරුද්දන වැඩේ කොච්චර අමාරුවෙන්ද කරන්නෙ කියල දැකල තියෙනව. ඇත්තටම මේක හොඳ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. මං..වැල් අයියට බයයි නංගියේ... :D

      ඔව් ප්‍රසා..කාලෙයි... ශ්‍රමයයි.. ලීයයි කොටින්ම කිව්වම මේක ඇවිල්ලා තුනම බේරෙන සීන් එකක්...

      Delete
  5. කොච්චර දක්ෂ අය ලංකාවේ ඉන්නවද... ඒවට තැනක් දීලා ඒවා දියුණු කරන්න කවුරුත් කටයුතු නොකරන එක තමයි වැරැද්ද...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ලංකාවේ ඔය කිව්ව දක්ෂ අය වගේම හොරුත් ඉන්න හින්දා.. :D

      Delete
  6. මේ ගොං හැත්ත ගැන පුදුම කේන්තියක් එන්නෙ.
    ගිනි නිවන උපකරණ නැතිව කරන මගුල් වලින් කියල වැඩක් නැහැ.
    මාරයා මල්ලි අර උඹලගෙ මහා එකාගෙ බේබිල නයිට් රේස් වලට ගේන වැලි ගෝනි පහක් හයක් වත් තිබුන නම් අර අහිංසකයන්ගේ ,නිර්මාණ ටික කෙසේ වෙතත් බිත්තිවල ගහල තිබුන සහතික ටිකවත් බේරා ගන්න තිබ්බ.
    අඩ අඩා ගෑනු/මිනිස්සු දීපු වොයිස් කට් ඇහැව්වම මටත් ඇඩුන ඕයි.....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ/මිනිස්සුන්ගෙ වැරැද්දක් තමයි කවදාවත් හිතන්නෙ නෑ මොනව උනත් අපිට වරදීවි කියල. "සංවේදී" ගෙ පෝස්ටුවෙ තිබුන ලැප්ටොප් විනාශවූ බොහෝ දෙනෙකුගෙ වටිනා දත්ත වල බැකප් නැති බව. අනතුරක් වෙන්න ඕන වෙලාවක පුළුවන් කියල හිතල කටයුතු කරනකල් මේ වගේ විනාශ නවතින්නෙ නෑ. ඉස්සරහටත් වෙනව.

      Delete
    2. ඔය කතාවනං මටත් අදාළයි රාජ් මගෙත් බ්ලොගේ සියලුම පිංතුරවලට කෙළම උණා. බැකප් ගන්න මතක් වුණේ වැඩේ කෙළවුණාට පස්සේ තමා.

      Delete
    3. රාජ් කියන දේ හරියට හරි. මම සංවේදි එකෙත් මේ කතාවම ලිව්වා. ඕක අර චෝගම් මගුලට හදාපු තාවකාලික එකක්ලු. මේකේ තමයිලු මීඩියා යුනිට් එක තිබිලා තියෙන්නේ. රිජිෆෝම් වගේ මළදාන වලින් හදන්න ඇති. මම කල්පනා කලේ ඒ වෙලාවේ උනා නම් එහෙම සායම ඉවරයි නේ. මාධ්‍ය මර්ධනයේ නම්බර් වන් වෙනවා. මෙහෙම ගොන්නු ඉන්න රට්ක් මම හිතන්නේ අඟහරු ළෝකෙත් නැතිව ඇති.

      Delete
    4. ඔය හට් එක චෝගම් එකට කලින් හිටලා තිබුනා නේද මාතලං.. මට මතකයි මේ අවුරුද්දේ නෙවෙයි 2012 හේත් පොත් ප්‍රදර්ශනේ වෙලාවේ ඕක තිබුනා.. ආ ඒ විතරක් නෙවෙයි වික්ටර් රත්නායකගේ “ස“ බැළුවෙත් මම ඕකේ තිබිලා... මං හිතන්නේ චෝගම් එක වෙනුවෙන් ඒක ඇතුලත වෙනස්කම් කරලා හදා ගන්න ඇති... එහෙම නැතිව චෝගම් එකට හැදුවා කියන කතාවනං මොකක් හරි වැරදීමක් වෙන්න ඕන.. රිජිෆෝමක් නෙවෙයි බං එහෙං පිටින්ම සුදු පාට රෙක්සින් එකක් තිබුනේ.. ඕක ගිනි නොගත්ත එක තමා පුදුමේ මෙච්චර කාලයක්...

      බැකප් නේද...? ඒ කිව්වමයි මතක් උනේ දැන් මාස තුන කින් විතර බැකප් කරලා නැහැ... දැන්ම කරලා දාන්න ඕන... :D

      Delete
  7. සුවිශේෂී කැඳ බොන //

    ඒ කියන්නෙ අර...... ඒ කැඳද?

    ඒ මනුස්සයට කතා කල එකත් ලොකු දෙයක්. ඔය මැෂිමේ වටිනාකම මටත් හිතාගන්න පුළුවන් මොකද මාත් සබ්ජෙට් එක ටිකක් කරල තියන නිසා. දන්නව ඇතිනෙ කාලෙ නියනෙන් බොහොම චුට්ටක් ඉතිරි වෙන විදියට ෆීමේල් කොටස හැදිල්ලෙ අමාරුව!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... නම කියන්න එපා.. දන්නවනේ.. මෑන්ට හරි මදිනේ... වෙන කවුද ඉති කැඳ බීලා බුදියන අයියලා ඉන්නේ බ්ලොග් ලියන.. :D

      ඔව් රාජ් මං වැඩි විස්තර කරන්න ගියේ නැත්තේ ඕක වැඩේ නොදන්න කෙනෙකුට විස්තර කිරිල්ල ලේසි නැති හින්දා.... ඇත්තටම මේක නියම භාණ්ඩේ මේ වැඩේට...

      Delete
  8. මේල් කෑල්ල ෆීමේල් කෑල්ල..අනේ මගෙ කට !

    ReplyDelete
    Replies
    1. ඔව්! ඇයි අවුල්ද?

      Delete
    2. ඕකනේ ඉතිං ඕවාට හරි වචන දාලත් බැහැ කියන්නේ.. :D

      Delete
    3. ඔය කියන්නෙ මොර්ටිස් ඇන්ඩ් ටෙනන්ට් ජොයින්ට් එක ගැන වෙන්ටැ. ඕක පහසුවෙන් කරගන්න රවුටර් වලට හයි කරන පොඩි ජිග් එකකින් පුලුවන්. මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය පැහැදිලි මදි නිසා ඒක හොඳද නරකද කියල කියන්න අමාරුයි. කොයිකටත් අදාල පුද්ගලයගෙ විස්තර ගත්ත ආ දක හොයල බලන්න. ස්තූතියි තොරතුරට.

      Delete
  9. වඩු කර්මාන්තය ගැන අඩු දැනුම නිසා ප්‍රශ්න දෙකක්....
    1. ඔය කියන තනි ප්‍රයෝජනයට මෙවැනි විශාල යුනිට් එකක් තබා ගැනීම ප්‍රායෝගිකද.. ( ඉඩ කඩ පැත්තෙන් ).. මෙය බහුකාර්ය යන්ත්‍රයක එක් උපයෝගීතාවයක් ලෙස එක් කරන්නට හැකිනම් වඩා හොඳ නැද්ද..?
    2.රු 50,000 ක් ( මාරයගෙ ගානට හදාගත්තත් ) වැනි මිලක් තනි කාර්යයක් කරන යන්ත්‍රයකට යට කිරීම වඩු කාර්මික මහතෙකුට ලාභදායකද ...?

    ReplyDelete
    Replies
    1. සපතේරු,
      ටිකක් විතර විශාලයිනම් තමයි. මුදලත් සාපේක්ෂව වැඩියි (සාමාන්‍යයෙන් යතුගෑම, ලී ඉරන,.... වගේ බහු කාර්ය වැඩ කරන වඩු මැෂින් එකක ගාන වගේ) නමුත් වාසි නැත්තෙත් නෑ. මොකද මේ පිරිද්දුම් වැඩේට සෑහෙන වෙලාවක්, මහන්සියක් යනව. ඒ වගේම පලපුරුද්දත් ඕන වෙනව. එහෙම බැලුවම අවාසියකුත් නෑ. මම නං මේ ජාතියේ යන්ත්‍ර වලට බොහොම මනාපයි. මොකද සාමාන්‍යයෙන් අතින් කලයුතු වැඩක් තමයි මේ යන්ත්‍රයෙන් කෙරෙන්නෙ.
      මේවගේ තවත් එකක් දැක්ක දවසක් ටීවී එකේ. ඒක බිත්ති කපරාරු මැෂිමක්. පිටරටක හදල තිබුනෙ. හිතාගන්න බැරි තරමේ කාර්යක්ෂමතාවයක් තියනව. මේසන් බාස් කෙනෙකුගෙ දවසක වැඩ පැයකින් දෙකකින් කරන්න පුළුවන්.

      Delete
    2. අපේ උන් අළුත් දේවලට මාර බයයි. හයිබ්‍රිඩ් කාර් එනකොට බැටරි ලෙඩක් කියලා පන බයේ ඒවා දිහා බලන්නෙත් නෑ. දැන් පාර පුරා හයිබ්‍රිඩ්..

      Delete
    3. සපා අයියගේ ප්‍රශ්න...
      1) ඉඩ කඩ අතින් ගත්තමනං ටිකක් අවුල් වගේ පේන්නේ මේකේ මේ දෙපැත්තේ බංකු දෙක හින්දා.. ඒත් ඒ දෙක උවමනා වෙන්නේ දිගින් ඉතාම වැඩි ලී හරස් කර ගන්නවනම් විතරයි.. හැබැයි ඒවත් මෑන් හයි කරලා පෙන්නුවේ මට බ්ලොග් එකට දාන්න පින්තූර අවශ්‍යයි කියපු හින්දයි.. නැත්තං ඒවා පැත්තක තියලා වැඩ කරන්න පුළුවන්... එහෙම බැළුවොත් දැනට තියෙන මැෂිම සාමාන්‍ය ඩ්‍රිල් මැෂින් එකක් තියන ඉඩ කඩ ගනී... අනිත් පැත්තෙන් අපි දෙන්නම කතා කලේ මේක බහු කාර්ය කරන හැටි.. මං අර කියාපු කැටයම් කැපීමේ යන්ත්‍රයක් හැටියටත් මේක යොදා ගතෑකි ස්ටෙන්සිල් එකක් ආධාරයෙන්.. සමහර විට ලබන සෑරේ මේක ගෙනාවොත් ඒ අංගත් එකතු වෙලා තියේවී මේකට... අනික තනි නිශ්පාදනයක් හින්දා මේක ලොකු උනාට මේක තව බොහෝ කුඩා කරලා හදන්නත් බැරි වෙන එකක් නැහැ...

      දැනට ලංකාවේ බහුලව භාවිතාවන බහුකාර්ය ලී මැෂිමට මෙය එක් කිරීම තරමක් අසීරුයි.. මොකද ඒ මැෂිම ක්‍රියා කරන්නේ ප්‍රධාන එක් මෝටරයක් මගින්.. නමුත් මෙයට අනිවාර්යයෙන්ම චලනය වන කුඩා මෝටරයක් උවමනා කරනවා.. එහෙම බැළුවම මේක ඒ මැෂිමට එකතු කිරීමෙන් වෙන්නේ අවාසියක් මිස වාසියක් නෙවෙයි... අනික මෙය වෙනම තබා ගැනීම පාඩුවක් නෙවෙයි.. වැඩේ කුඩයි වගේ පෙනුනට මේක තමා උළුවහු ජනෙල් පියන් සකස් කිරීමේදී වැඩිම කාලයක් ගතවන කාර්යය... එහෙම බැළුවම මෙය සෑහෙන වාසිදායකයි...

      02) මාස තුනෙන් මෑෂිමෙ වියදමයි.. ලාභයයි හෙව්වැකි... (දන්නවනේ මෙහෙ වඩු වැඩවල අය කිරීම් කොහොමද කියලා.. :D )

      Delete
    4. I do not have Sinhala fonts.So I'll try to give some details about the machine.Main job is to make Mortise and Tenon in making joints in door ,window ,table etc,..Also can make Dow tail joint,finger joint, wood routering as well.
      fuu hka;%h nyq l¾h ,S jev hka;%hla f,i ye¢kaúh yel' m%Odku jQ;a m<uqjgu jeo.;ajQ;a ld¾hHh jYfhka l=vqïìh lemSu fyj;a fodr cfk,a f¾.,a jeoa§u l<yels w;r rõg¾ lsÍu";Ügqj weÍu"^*ska.¾ fcdhskaÜ"võfÜ,a fcdhskaÜ lemSu" ,dÉpqiE§fï§ wjYH jk wx.hls&
      ,dÉpq ,siaid hdug wjYH f¾,ska myiqfjka lemsh yel'mfk,a lemSuo l< yelsh'
      W¨jyq l=vqïì lemSu iy ;Ügq fíÍu i|yd wjYH ;djhg muKla hka;%h jvd È.=l< yels wkaoug idod we;'
      wo fujeks jev ish,a, l, yels hka;%hla fj<|fmdf,ys ;sfíoehs fkdoksñ' flfiafj;;a tjeks hka;% ñ, wêlh',laY oyhla muK fõ'

      fuu úia;rh oeuQ ys;j;a u,a,Sg udf.a ia;=;sh m< lrñ'

      Delete
    5. .Also can make Dow tail joint,finger joint, wood routering as well. මේකත් ලිපියට දාන්න මාර අය්යා.

      Delete
    6. cp20 සිංහලෙන් ලියලා තියෙන්නේ මේ ටික...

      -------------------------------------------

      මෙම යන්ත්‍රය බහු කර්ය ලී වැඩ යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැක. ප්‍රධානම වූත් පළමුවටම වැදගත්වූත් කාර්ය්‍යය වශයෙන් කුඩුම්බිය කැපීම හෙවත් දොර ජනෙල් රේගල් වැද්දීම කළහැකි අතර රව්ටර් කිරීම,තට්ටුව ඇරීම (ෆින්ගර් ජොයින්ට්, ඩව්ටේල් ජොයින්ට් කැපීම, ලාච්චුසෑදීමේදී අවශ්‍ය වන අංගයකි), ලාච්චු ලිස්සා යාමට අවශ්‍ය රේලින් පහසුවෙන් කැපිය හැක. පනෙල් කැපීමද කළ හැකිය.
      උලූවහු කුඩුම්බි කැපීම සහ තට්ටු බේරීම සඳහා අවශ්‍ය තාවයට පමණක් යන්ත්‍රය වඩා දිගුකළ හැකි අන්දමට සාදා ඇත.
      අද මෙවැනි වැඩ සියල්ල කල හැකි යන්ත්‍රයක් වෙළඳපොලෙහි තිබේදැයි නොදනිමි. කෙසේවෙතත් එවැනි යන්ත්‍ර මිල අධිකය. ලක්ශ දහයක් පමණ වේ.

      මෙම විස්තරය දැමූ හිතවත් මල්ලීට මාගේ ස්තුතිය පළ කරමි.

      Delete
    7. මේ කමෙන්ටුව දාලා තියෙන්නේ යන්ත්‍රෙය් නිර්මාණකරුවන සිරිල් මහතාම බව සතුටින් සදහන් කරමි... :D

      තිසරටත් ස්තූතියි...

      Delete
    8. ඒ මහත්මයාටත් , තිසර ටත් බොහොමත්ම ස්තුතියි...

      Delete
  10. ප්‍රදර්ශනේට නං මාර අපලයක් තමයි උනේ...

    දැංනේ දන්නෙ ඒ ඡායාරෑපකරණය වෙනුවෙන් කරපු ගිනි පූජාවක් කියල.. හි හි....

    වඩු වැඩ ගැන නං මෙලෝ දෙයක් නොදනිමි... හැබැයි මාරයියා කියපු මේ මනුස්සයගේ විස්තරේ ඇහුවම නං කොහොමහරි, කවුරුහරි මේ මැෂිම ගැන අවධානය දැක්වන එක හොදයි කියලා හිතෙනව.. මොකද මේ රටේ වැඩි හරියක් ඉන්නෙ මස් රාත්තලම ඉල්ලන ජාතියෙ කට්ටිය නිසා... සල්ලි නෙවෙයි කොලිටියයි, නිර්මාණයයි වැදගත් කියලා හිතන ඕනෙ කෙනෙක්ට වටිනාකමටත් එහා මිලක් දෙන එකයි මගේ ප්‍රතිපත්තියත්...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔය ගින්නෙන් වාසිත් තියෙන්න පුළුවන්.. (අරයගේ පොටෝ වලට විතරක් නෙවෙයි)

      අඩුම ගානේ නිර්මාණකරුවන් උනත් මෙයින් පස්සේ නිර්මාණකරණයට අමතරව ඒවෑ ආරක්ෂාව හා වගකීම ගැනවත් ඉගෙන ගනී...

      මටත් මෙයාගේ අල්ලලාම ගියේ මස් රාත්තලම හොයන්නේ නැති ගතිය...

      Delete
  11. මේකේ ඒ.සී. දෙකක් හයි කොරලා තියෙන්නේ බස්සුන්නහේට හුලං වදින්නද ? පව් අප්පා මේ මනුස්සය ලංකාවේ ඉපදුනේ. ඇමරිකාවේ වගේ ඉපදුනා නම් අපිත් අද ඔය මැෂිමෙන් තමයි වැද්දුම් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒසී මැෂින් දෙක තියෙන්නේ පිටිපස්සේ තියෙන ගොඩනැගිල්ලේ.. :D

      Delete
  12. "අපි ඔය ජනෙල් පියන් වල මුළු පුරුද්දන්න යද්දි එක ලීයක තුනී පැත්තෙන් කාලේ නියන උපයෝගි කොරගෙන අගල් දෙක තුනක් යටට බොහෝම මහන්සියෙන් හාර ගන්න හිලත්.. ඒකට සෙට් වෙන විදිහට අනිත් ලීයේ සාදන ලී කට්ටයයි"
    මේ වැඩේට වඩු බාසාවෙන් කියන්නේ කුඩුම්බි කපලා වද්දනවා කියලා
    මේක දැන් නියනෙන් නැතුව ඔය මාරයා කියන ගැබුරු හිල හදා ගන්න පුළුවන් රව්ටරය කියන මැෂින් එකෙන් ..... එකේ චීන එකක්නම් රු 15,000 කට විතරත් ජපන් එකක්නම් රු 60,000කට විතරත් ගන්න පුළුවන්
    http://en.wikipedia.org/wiki/Router_(woodworking)

    ReplyDelete
    Replies
    1. රව්ටරෙන් කලහම හරියට හේත්තු වෙන්නේ නැ නේද

      Delete
    2. ඔව්.. මේකට කියන්නේ කුඩුම්බි කැපිල්ල තමා...

      රවුටරේ වැඩේ සාර්ථක නැහැ මැලේ... මොකද හිල රවුටරෙන්... අනිත් කෑල්ල වඩු මැෂිමෙන් හෝ කියතින්.. නැත්තං නියනෙන්... ඒකට මේක නියම විදිහට ෆිට් වෙන්නේ නැහැ... එතකොට තමා බාස්ලා ලී කුඩුයි කෙමිෆික්ස් ගමුයි කලවං කරලා ෆිනිෂින් එක ගන්නේ.. කාලයක් යද්දී පිරිද්දුම් බුරුල් වෙනවා.. ජනෙල් පියන්වල බරට පැත්තක් සුළු වශයෙන් පාත් වෙනවා.. ජනෙල් වහන්න බැරි වෙනවා... නමුත් මේකේ මේල් ෆීමේල් දෙකම කැපෙන්නේ එකම මිනුමට.. ආයේ කිසිම විදියකින් දසමයකවත් තදයක්.. බුරුලක් නැහැ...

      Delete
    3. එහෙනම් ඇත්තටම සැහෙන්න මේක වටිනා දෙයක් ..... මොරටුවේ තියෙනවා එක්සත් වඩු කාර්මිකයන්ගේ සංගමය කියලා එකක්.... (ඔක්කොම වඩුවෝ ඒ උනාට ප්‍රදර්ශන බ්ලොග් බලන ජාතියේ අය නෙවි) බලන්න එයාලට මේ ගැන දන්නන්න පුළුවන් කොරමයක් තියෙයිද කියලා එයාල ගැන විස්තර මොරටුව නගර සබවෙන් ප්‍රාදේශීය කාර්යාලයෙන් මම පුළුවන් මොකද එයාලට ඒ තැන වලින් උදව් කරන්නවා

      Delete
    4. මෙන්න අදාල වැඩේ රවුටරෙන් කරන විදිය. ඔය ජිග් එක අපිටත් හදා ගන්න පුලුවන්.

      http://www.leighjigs.com/fmt_howto.php

      Delete
  13. මේ වගේ අයට ඉදිරියට එන්න අත නොදෙන එකනේ වැඩේ

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් විදිහට ඕං මං කකුලක් දුන්නා.. :D

      Delete
  14. දැන් එතකොට එයා ගිනි ........................
    මේ නිර්මාණයත් සුපිරි තමා..

    ReplyDelete
    Replies
    1. එයා ගිනි වැනී...

      නලින් අයියලා මෙයාලා ගැන මොනවත් ආටිකල් එකක් කලේ නැතෙයි..?

      Delete
  15. ගිනි ගත්තත් / තිබ්බත් නවනිර්මාණ කරුවන්ගේ ප්‍රදර්ශණ තියෙන එක හොඳයි. ඒ අයට හොඳ අවශ්ථාවක් හම්බවෙනවා තමන්ගේ නිර්මාණ එළියට දාන්ට. ඒත් කීයෙන් කීදෙනාද වාණිජමය වශයෙන් සාර්ථක වෙන්නේ. ඒ අයට අතහිත දෙන්ට විශේෂයෙන්ම නිර්මාණ වැඩිදියුණු කරලා වාණිජමය වශයෙන් සාර්ථක කරගන්ට තවමත් inventors commission සහයක් ලැබෙන්නේ නෑ. Innovation / invention / entrepreneurship මගේ වෘත්තියේ කොටසක් නිසා මේ ගැන මගේ උනන්දුවක් තියෙනවා. ඒ නිසා සමාජ සත්කාරයක් වශයෙන් එහෙම් දෙයක් පටන් ගැනීමට අපි කීපදෙනෙක් දැනට වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවා. තාම මූලික අවස්ථාවේ තියෙන නිසා ඒගැන වැඩිපුර විස්තර කියන්ට පුළුවන් තවා මාස කීපයකින්!

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක්.. පටං අරගෙන කියමු බලන්න...

      Delete
  16. ඇර තද කළු චුට්ටි අකුරෙන් තියෙන ටික මං කියෙව්වේ නෑ

    ReplyDelete
  17. මෙව්වා හදලා හූල්ල හූල්ලා ඉන්නවා එකෙක් බලන්නේ නැහැ. ලංකාවේ සමහර යුද්ධායුධ හදන්න පුළුවන් ඒත් කොමිස් කුට්ටි ලැබෙන්නැති නිසා එව්වා යට යනවා.

    ReplyDelete
    Replies
    1. ඕක හැම අංශයකටම තියෙන පිළිලයක්නේ... කොමිස් විතරක් නෙවෙයි ඇයි නිලධාරීන්ට හම්බ වෙන විදෙස් සවාරී... මගෙ අම්මේ ඒ කාලේ ආයුධ ගේන්න කලින් උන්දලා ගිය සවාරි ගාන.. යන්නේ පරීක්ෂා කරන්න කියලා.. ඒත් අන්තිමට බලලා බලලා ගේන ඒවා මෙලෝ රහක් නැහැ... විචාරක දන්නවනේ අර හොල්ලන්නවත් බැරි C 130 ය ගැන එහෙම... එකක් මගේ හිතේ ඉන්දියාවේ දාලා එන්නත් උනාද කොහේද... :D

      Delete
  18. ප්‍රයෝගික නිර්මාණයක්. නමුත් මේක සාමාන්‍ය වඩුමහතෙකුට එතරම් ප්‍රයෝගික නැහැ මොකද දැන් බාවිතා වන බහුකාර්ය වඩු මැෂිම මගින් ඔය වැඩේ කෙරෙනවා. අපේ ගෙදර ඉදිකිරීම් කරන විට දොර ජනෙල් හැදුවේ ගෙදර තියාගෙන. වඩු මහතෙක් ගෙන්වලා. ඔහු ගෙනාව සාමාන්‍ය බහුකාර්ය වඩු මැෂිම මගින් ඔය female සහ male කොටස් විනාඩියෙන් හදනවා. male කොටස නම් රවුටරයෙන් පහසුවෙන් හදන්න පුළුවන් නමුත් රවුටරයෙන් එකෙන් female කොටස හදනවට වඩා පහසුවෙන් බහුකාර්ය වඩු මැෂිම ඇති ඩ්‍රිල් එකෙන් වැඩේ කරන්න පුළුවන්.
    මෙවැනි විශේෂ නිර්මාණ මගින් එම වැඩය වඩා කාර්යක්ෂමව කරන්න පුළුවන් නිසා ඒක නිසා මේක වටින්නේ මහා පරිමාණ සහ මාධ්‍ය පරිමාණ ලී බඩු නිෂ්පාදකයන්ට මෙය ඉතා වටිනවා. නමුත් 50000 වගේ මිලකට නම් මෙය සුළු පරිමාණ ලී බඩු නිෂ්පාදකයන් අතරට යවන්න අමාරු වෙයි. නමුත් මෙය මෙයට වඩා කුඩා කරලා දියුණු කරලා මිල අඩු කරන්න පුළුවන්. මෝටරය සඳහා රවුටර් සහ ඩ්‍රිල් වල ඇති කුඩා මෝටරයක් දාලා මිල අඩුකරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන්.. ඒත් නිමාව මේ තරම් හොද නැහැ... අනිවාර්යයෙන්ම පැද්දුම් වාසියක් හිටිනවා...

      ඔව් මේක මහා පරිමාණයෙන් හදනවනං සෑහෙන්න මිල අඩු කලෑකි.. මං කිව්වේ දැනට තියෙන තත්වේ එකක් උනත් හදනවනං යන වියදම... ඒත් ලොකු නිෂ්පාදනයකදී මේක වැඩි මිලක් වෙන එකක් නැහැ...

      Delete
    2. මමත් ප්‍රදර්ශනය බලන්න යන්න හිටියේ. ගින්න සහ වෙනත් වැඩ ආව නිසා තවම යන්න බැරි වුනා. ඉවර වෙන්න කලින් යන්න ඕන.

      ලංකාවේ මේ වගේ හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා නමුත් බොහෝ නිර්මාණකරුවෝ හොඳ වෙළෙන්දෝ නොවන නිසා ඔවුන් බහුතරයකට නිර්මාණය වෙළඳ පොළ කරා ගෙනයන්න ලැබෙන්නේ නැහැ. ප්‍රදර්ශනය මගින්වත් එයට විසදුමක් එනවා නම් ලොකු දෙයක්.

      Delete
  19. මම හිතන්නෙ දැනට තියෙන කොයි මැෂිමෙත්..නිසි ආකාර නිමැවුමක් එන්නෙ නැහැ.කොච්චර මැෂින් තිබ්බත් නියනයි මිටියයි ආයිත් ඕකට පාරක් දෙන්නැතුව මුලු මට්ටමට ගන්න බැහැ. ඒ කියන්නෙ සීයේට සීයක් කුඩුම්බිය සැට් වෙන්නෑ...! එහෙම බැලුවම කාලය ඉතිරිවීම අතිනුත් මේක වටිනව.

    ReplyDelete
    Replies
    1. වීයට වැඩේ ගැන අවබෝධයක් තියෙනවා... ඇත්ත කතාව...

      Delete
  20. ඔක්කොටම මැසින් හදන කාලෙක නෙව අපි ඉන්නේ තව මොනවා පහසු කරගන්න මැසින් හදාවිද දැන් නෑ මැෂින් හැදිල්ලෙන් මිනිස්සු කම්මැලි වෙනවා

    ReplyDelete
    Replies
    1. බොරලුගොඩලා ගල්පාතලා කොහොමත් ගල් යුගයේ අය නේ.

      Delete
  21. බොහොම වටිනා ලිපියක් මාරයා මලේ. සිරිල් මහතා වගේ දක්ෂයෝ කොච්චර කැලේම පිපිලා කැලේම පරවෙලා යනවා ඇද්ද? ලංකාවේ විතරමද මංදා ඔවැනි දක්ෂයන්ට අත හිත දෙන්න ක්‍රම වේදයක් නැත්තේ. අර වතුරෙන් වාහන එන්ජිමක් දුවන්න හදපු කථාවක් දැක්කා කාලෙකට පෙර. ඒවට මොනවා උනාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. වතුරෙන් වාහන එන්ජිමක් ඒවා නම් හොර නිර්මාණ.

      Delete
  22. පාසල් අංශයද ගිණි අරන් තියෙන්නේ මාරයෝ ......?

    ReplyDelete