13 December 2013

සේල් සේල්..!!!


ඔය කොළඹ අවට ඉන්න අය වගේම බෝඩිං වෙලා ඉඳන් රස්සාවල් වලට යන අපේ බ්ලොග් කාරයින්ට කාරියන්ට තමා මේ පණිවිඩේ...

තියෙන්නේ BMICH එක ඉස්සරහා සුදර්ශියේ...  බොහෝම ලාබෙට හොද තත්වයේ කලිසං ගතෑකි... මේක හැම අවුරුද්දෙම වගේ මේ කාලෙට තියෙනවා... ගිය වංගියේ ගත්ත කලිසමේ ඉස්තරං කොම හින්දම මේ පාර දුවලා ගෙහුන් කලිසං කිහිපයක්ම උස්සං ආවා... ආයේ ඉතිං කඩෙන් ගන්න ගියානං දෙදහකටවත් තට්ටුවෙන තරමේ කලිසං 500 ගානේ ගතෑකි... රට පටෝන බඩු... ආයේ මෙහෙ විකුණන්න දාලා තියෙන ඒවට වඩා හොඳටම හොඳා... 

මේ පාර කාන්තා පාර්සවේටත් කලිසං එහෙම තියේ... 350 ක් වගේ ඒවනං වෙන්නේ.. ගාන ගැන බලලා හිතන්න එපා බඩුවල කොලිටිය.. ගිහින්ම බලන්න.. මේ අපි වගේ හාල් කෑලි නෙවෙයි ලොකු ලොකු කස්ටිය ඇවිල්ලා බැහැලා බඩු ගන්නේ...

යන අයට දෙන්න තියෙන හොම අවවාදය තමා හරියටම තමුන්ගේ කඳ බඩ මැනගෙන යන්න... එතන තියෙන කලිසංවල ගහලා තියෙන සයිස් ගැන ඒ හැටි හිතන්න එපා.. එව්වා සුද්දන්ගේ අගල් අඩි වලින් තියෙන්නේ.. :D
එතැන ඉන්න අය ලව්වා කලිසම් මැනගෙන හරියන එකක් තෝරගන්න...
මංනං ඉතිං කිව්වම මොකද රෙදි මනින ටේප් එකක් අරගෙන ගියා... :D

ආ ඒ විතරක් නෙවෙයි ඇතුළු වෙන තැනම පොඩි පොඩි ඇදුම් කඩත් තියේ.. ඒවායේ නවතින්නේ නැතිව කෙලින්ම ඇතුලේ තියෙන ගාමිණී ෆොන්සේකා ශාලාවට යන්න.. මේක තියෙන්නේ එතැන... ඒ විතරක් නෙවෙයි තවත් ශාලාවක මේ ඉරිදා වෙනකල් විතරක් පිලිප්ස් එකෙන් කරන සේල් එකකුත් තියේ.. එතැනත් ඔය කරන්ට් බඩු අනං මනං ගැජට් ලාබෙට තියේ...

රයිටෝ ඉක්මන් කරන්ඩලා.. පස්සේ ඔන්න කිව්වේ නැහැ කියලා කියන්න විතරක් එපා.. හැමදාම උදේම යන තරමට බඩු හොදයි... ඇති වෙන්න තෝරතෑකි...
(අරූ මේකත් ගිනි තියන්න බැරි නැහැ.. ඒ හින්දා එයිට කලින් කර ගන්න දෙයක්... :D )

40 comments:

  1. හොඳයි මාරයියා සේල් එක ඉවර වෙන්න කලින් කිව්ව එක... හෙට විතර ඒ පැත්තෙ රවුමක් දාන්න ඕනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. හෙට කීයටද එන්නෙ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාරයො ඔත්තුව නං නියමයි... හප්පේ බොහොම කලාතුරකින් හම්බුවෙන හොඳ ඩෙනිම් දෙකක් හොයා ගත්ත මම ඔතනින්... දැං තියෙන කකුල් හීනි, අර තෙල් ගාලා බහින්න ඕනෙ ජාතියෙ ඩෙනිම් නැතුව ටිකක් ඉඩකඩ තියෙන ඇඟට පහසු ඒව... හි හි...

      Delete
  2. Replies
    1. BMICH එක කිට්ටුවනං අහන්න දෙයක් නෑ අපේ ගිනිවැල් අයියත් ඔය පැත්තෙ කැරකෙනව ඇති. යන එකෙක් වැලි බාල්දියක්වත් අරගෙන යන එකයි ඇත්තෙ.

      Delete
    2. ආයෙ මක්කද ආයුබොවන්. මේක දැක්ක ගමන් මිනිහා කකුල් දෙකට පන පිහිටුවල දුවන්න ඇති ඒ පැත්තට. පයින් යන දුර කොට හෙට වෙනකන් ඉන්නෙ මක්කටෙයි.



      ෂික් ! මේ වයසක මනුස්සයෙක්ටවත් පිනක් දහමක් කොරන් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ මුං පද හදනවා. :)

      Delete
    3. මේ ඉන්නේ මදුරු නාශකයා. මම ඊයෙත් උඹ ගැන හෙව්වා මුනුපොතේ.. කොහෙද බං මකබෑවි හිටියේ...

      Delete
    4. මේ දවස්වල ඩෙංගු අඩුයි කියල හින්ද හැංගිලලු ඉන්නෙ.

      Delete
  3. ස්තුතියි෴ විස්තරයට

    ReplyDelete
  4. මෙය මුදල් ගෙව ප්‍රචරය කරන දැන්විමකි :P

    කලිසම් කිව්වෙ ඩෙනිම් කලිසනුත් තියෙද ?ඒම නම් මේ දාස් තිකේ කොලඹ යන එකේ ඒ පැත්තෙ හොම්බ දාල බලල එන්ට හිතයි..

    ReplyDelete
    Replies
    1. ආන්න කෙස් එක.මම ඔකටම කොලබ එනව එහෙනම්

      Delete
  5. අඩේ ස්තූතියි ඈ මාරයියෙ :)

    ReplyDelete
  6. පනස් ගණන් වල ඇඩ් කියල මේල් එකක් ගියා. මේ පින්තුරෙත් ඒකට දාන්න තිබ්බ.

    ReplyDelete
  7. වෙනියා හෙට ගේමක් ගහන්න BMICH පැත්තෙ යනවලු. ඊට කලින් ගනිල්ලා

    ReplyDelete
  8. බලමු ආවොත් බලන්න බැරිය...

    ReplyDelete
  9. මාරයටත් ලාබ ඇති නේ.. :3

    ReplyDelete
  10. :D හෙටම යායුතුය.. මට සයිස් තියෙයිද දන්නෙ නෑ.. :3

    ReplyDelete
  11. ශිහ් දුර වැඩියි......

    ReplyDelete
  12. අපිට කොහෙන්ද පූසො බැදපු මාළු !

    බලපන්කෝ ... එහෙම එව්ව දාන්නෙත් කොළඹටමයි. අපිට කැකිරි. පරණ පුරුදු විදියට ඩෙනිමක් ගන්න ගිහින් දෙදාහෙ කොළ අදින වෙලාවට මට ‘මාරය‘ සිහිවෙයිද මන්දා. :)

    ReplyDelete
    Replies
    1. උබ තරහ වෙලාද මාත් එක්ක :'(

      Delete
    2. මොකෑ ..... උඹට පිස්සුද සමියො. මොනව බෙදා ගන්න බැරිවටද? මේ දවස්වල ඉඳල හිටල තමා කියවන්නෙ. කියවන ඒවටත් ලොග් වෙල කමෙන්ට් එකක් දාන්න වෙන්නෙ නැති තරමයි. මම දැක්කා උඹ මොකක්ද මමී සීරිස් එකක් ලියල තියෙනව. හෙමීට කියවන්නම් බං.

      Delete
  13. ස්තූතියි ආරංචිය දුන්නට ..........

    ReplyDelete
  14. දැන් මේක දන්න දන්න අයට විතරක් කියලා නිකන් ඉන්න තිබ්බේ.. ප්‍රසිද්ධියේ දැම්මම ගිණි දෙයියෝ දැන ගන්නවනේ..

    ReplyDelete
  15. :3 free add ද මරයියේ.. සමාජ සේවේ ද.. :3

    ReplyDelete
  16. වරකො කලිසං ගන්ඩ මට එක එක කතන්දර හදපු එවුන්...ඔය සුදර්ෂි එක ඉස්සරහ පාර මැද තියලා කලිසං ගලෝනවා ඔළුවෙන් !

    ReplyDelete
    Replies
    1. යකෝ මූ චන්ඩියා වෙලා තියෙන හැටි. කෙසෙල් කාලා ඔහොම නම් ....

      Delete
  17. තොරතුරට තැන්ක්යූ ... අපිත් යන්නම්කෝ....

    ReplyDelete
  18. ඈ බොල මාරයියේ, ad දාන්නත් අරන්ද දැන් උබහෑ ? :o

    ReplyDelete
  19. අරූ මේකත් ගිනි තියන්න බැරි නැහැ.. ඒ හින්දා එයිට කලින් කර ගන්න දෙයක්... :D-----------> :v :v :v

    ReplyDelete
  20. මං මේ බැලුවේ තාම ගිණි නොගත්තේ ඇයි කියලා.

    ReplyDelete
  21. එතකොට පිටකොටුවෙ ගින්නත් වෙනියගේ වැඩක්ද

    ReplyDelete
  22. අනේ මේකත් හිනි තියහන්කෝ කව්රු හරි....... අපිට ගන්න බැරි එකේ අනික් එවුන්ටත් ගන්න බැරි වෙන්න

    ReplyDelete
  23. අය්යෝ වෙනි අයියා ... :v :v :v
    මාරයියේ අර අලුතෙන් ගත්තාය කිව්ව කලිසම ඇඳගෙන යන්ට වෙනියට ඔලුවෙන් ගලවන්ට :D

    ReplyDelete
  24. දැනුයි තේරුනේ.... එක එක්කෙනා එක එක කතා කිවුවට මාරයා ගිහින් ආවට පස්සෙලු BMICH එක ගිනි ගත්තෙ... මට අහන්න තියෙන්නෙ "කවුද ගින්නට වග කියන්නෙ ?"කියල තමයි

    ReplyDelete
  25. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    මාරයාගේ හොරාවේ (ඔබට නොවේ) මිනිසුන්ට අගතියක් නොවේවා!!

    ReplyDelete
    Replies
    1. තරහා අවසර! මාරයාගේ හෝරාව කියා කියුවේ ඔබට නොවේ.

      Delete