31 December 2013

ගිය අවුරුද්දට ටැංකිවු සමඟ.. ලබන වසරට සුභ පැතුං...

2014 ගැන කතාව පස්සට තියමුකෝ... ගත වෙච්ච 2013 අවුරුද්දනං ඉතිං කාට කොහොම උනත් මංතුමාටනං ඉතිං ජීවිතේ ගත වෙච්ච හොඳම අවුරුද්දක් තමා ඕං... ඒ හින්දා ඔන්න මුලින්ම මං කැමතියි 2012 අවුරුද්ද ගෙවිලා 2013 ලබන වෙලාවේ මට සුභ නව වසරක් වේවා කියලා සුභ පතපු හැමෝටම බොක්කෙන්ම ටැංකිවු පාරක් දාන්න.. මොකද කිව්වොත් ඒ අය කොරාපු ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉස්ඨ සිද්ධ වෙලා.. ගත වුන 2013 අවුරුද්ද මට බොහෝම සාර සුබාවට ජයම වෙච්ච අවුරුද්දක් උනා ඕං... ඒ හින්දා හැමෝටම ටැංකිවුලා ඈ...

ඔහෙලට කියන්න මේ ගෙවිච්ච අවුරුද්දේ තමා මං කාලයක් තිස්සේ කොර කොර හිටිය රස්සාව අල්ලලා දාලා කොළඹට පය ගැහුවේ හරි හමන් රස්සාවක්ය කියලා එකක් ගැන නොහිතා එන විදියකට අල්ලගෙන යන්න හිතාගෙන.. හැබැයි ඉතිං කිසිම අවුලක් නැති කොහොම හරි කාලේ ගත උනා.. මොන මොනවා හරි ඉගෙන ගත්තා... වෙනදා වගේම රටේ තොටේ ඇවිද්දා කලා... කොටින්ම කිව්වොත් සැපෙන් සනීපෙන්..ආතල් එකෙන් හිටියා... මං හිතන්නේ ගත උන ජීවිත කාලේ පුරාවටම මෙහෙම කිසි අවුලක් නැති අවුරුද්දක් කියලා කියන්න තිබුන එකම අවුරුද්ද 2013 අවුරුද්ද විතරක්මද මංදා... එහෙම බලද්දි ගත උන අවුරුද්දට මං ආයුබෝං කියන්නේ පුල් හැපී එකේ තමා ඕං...

හැබැයි ඉතිං මේ ලෝක ධාතුවේ අංග සම්පූර්ණ කිසිම දෙයක් නැහැ කිව්වැහේ.. ගත උන අවුරුද්ද මගේ මේ බ්ලොග් කටුවටනං ටිකක් විතර අපල දුන්න අවුරුද්දක් තමා... මේක කියනව බලන හැමෝටම ඒ ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැ නෙව... එයිට කලින් අවුරුදුවල හැටට හැටේ ලියං ගිය බ්ලොග් කටුව මේ ගත උන අවුරුද්දේ ගියේ පල්ලමටම නෙව... මක්කා කොරන්නද.. එක පැත්තක් උඩ යන කොට අනිත් මොකාක් හරි පැත්තක් පාත් වෙන්නම එපෑ.. මොකද මේ ජීවිතේ කියන එකත් හරියට තරාදියක් වගේ නෙව... ඒත් ඉතිං පහුගිය තිස් පස් අවුරුද්දක විතර කාලේ එක්කලා ගත්තම ජීවිතේ ඉස්සුන පාත් උන දේවල්වල හැටියට බ්ලොග් එක පාත් වෙලා විතරක් නැවතුන එක මදෑ වෙන මගුලක් නොවී.. හා නැද්ද හා...?

හරි එහෙමනං ඉතිං ඔන්න කොහොමින් කොහොම හරි අපි හැමෝම 2013 අවුරුද්දට ආයිබෝං කියන වෙලාවේ.. ඔය හැමෝමත් එක්කලාම එකතු වෙලා මාත් මේකට ආයිබෝං කියලා කියන්න කැමතියි... හැබැයි ඉතිං 2014 අවුරුද්දට අනිවාර්යයෙන්ම අමාරු වැඩ ටිකක් යෙදිලා තියෙන හින්දා  2013 වගේ ආතල් වර්ෂයක් වෙන එකක් නැහැ කියලා ටක්කෙටම කිව්වැකි... ඒ කොහොම උනත් අපි හැමෝටම එළඹෙන්නා වූ 2014 අවුරුද්ද පුළුවන් තරමේ හොද අවුරුද්දක් වේවා කියලා පතන ගමන්ම ඔන්න මේ අවුරුද්දේ අවසාන පෝස්ටුව හැටියට මේක දාලා මාත් කැපුනා...

සියළු දෙනාටම ලබන්නා වූ නව වසර කිරි පැණි කොහොම උනත්... ආදයම් සරු වෙන.. යහපත් සිතිවිලි ඇති වන.. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කොරගන්නට හම්බ වෙන... ඕන කේස් එකක් අවුලක් නොවී ගොඩ දාගන්න ලැබෙන... සාර්ථක වසරක් වේවා..!

(පොඩි ඉල්ලීමක්... හිතලා හෝ නොහිතා හෝ පත්තු කරන්න රතිඤ්ඤා ගෙනත් තියෙන උදවිය ඒවා පත්තු නොකර හිටිනවනං වඩා හොඳයි... අපිට ආතල් උනාට බල්ලෝ බළල්ලු ඇතුළු සත්තු පුදුම දුකක් විදිනවා මේ දවස් දෙක තුනේ... අපේ ආතල් වෙනුවෙන් අසරණයින්ගේ ආතල් නොකඩා ඉන්න බලමු... ඔය ඩෝං ඩෝං නැතිවට අපිට පාඩුවක් වෙන්නේ නැහැ නෙව... රයිටෝ.. ටටා බායි කිව්වා..)

59 comments:

  1. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි සචිත්...

      Delete
  2. "මාරයාගේ හෝරාව "'… රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  3. අළුත් අවුරුද්දේ ඇලුත් රස්සාවත් දියුණු වෙලා බ්ලොග් ජීවිතෙත් ආපහු පණ ගහලා ගෙනියන්ට වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අයියටත් සියළු ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා..!

      Delete
  4. බ්ලොග් පැත්තෙන් නම් මාරයියට වගේම මටත් සෑහෙන අපලයි.. අනික්වා නම් ඉතින් කියන්න දෙයක් නැහැනේ.. මේ අවුරුද්දේ කම්මැලි නොවි ලියමු මාරයියේ..

    සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොට වගේම තමා මටත්.. :D

      කොහොම හරි බලමු මල්ලියේ...

      Delete
  5. මක්කා කියනවද !! බ්ලොග එකනම් ඔය පොඩ්ඩක් නිදි මැරුවොත් උස්ස ගන්න බැරුවයෑ.. ඒ වගේද අනික්ව පාත් වුනොත් එහෙම මලාට ඉස්සිලි බොරු...

    ඔන්න එහෙනම් රතිඤ්ඤා ටික පත්තු නොකර ඉන්නවා මාරයගෙ ඉල්ලීම සලකලා. ඔය ගැන හිතුවෙම නෑනෙ මේ ආත්මාර්ත්කාමී මම.

    මාරයට සියලු පැතුම් ඉ‍ටුවන සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම පින් සෙන්නා... ඉල්ලීම සලකා බැලීම ගැන...

      Delete
  6. සියළු සිතුම් පැතුම් ඉටුවන, මාර දූ වරු මුණ ගැහෙන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මගෙනුත් මේ පැතුම. සුබ නව වසරක් වේවා!!! :)

      Delete
    2. ටැංකිවු වේවා සුදීක...

      පොඩ්ඩිටත් එසේම වේවා..!

      Delete
  7. අවුරුද්දටම දාපු කොටම පෝස්ට් එකද මන්දා..

    ජයෙන් ජයම වේවා මාර අයියා...

    ReplyDelete
    Replies
    1. ඒකනං අනේ මංදා බං.. කොහොමටත් ලබන අවුරුද්දේ මං හිතං ඉන්නේ පොඩි පෝස්ට් වලට බහින්න කියලා.. මදෑ දැන් මාගල් ලිව්වා.. අනික දැන් අපි නැතිවට මාගල් ලියන්න රියල් සෙට් එකක් ඉන්නවා නෙව.. :D

      Delete
  8. අම්මපා සුදීක කිව්වා වගේ මාර දූ වරු මුණ ගැහෙයිද ඈ? එහෙනම් මාර අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් මුණ ගැහුණු මාර දූවරු හැට හුට හමාරක් හමුවෙත් නොදැවී හිටිය මංතුමා ආයේ ඉදිරියේදීත් නොදැවී ඉන්ට තමා අදහස.. :D

      එසේම වේවා..!

      Delete

  9. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  10. සුභ 2014ක් වේවා!

    ReplyDelete
  11. හෆ්ෆේ මාරයා තුමාටත් එහෙනම් අවුරුදු හොඳලු..
    හාකෝ හාකෝ..
    එහෙනම් 2014ත් සුභම සුභ වසරක් වේවා කියන්නම් මම අඟහරු වාසීන් වෙනුවෙන්!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පෘතුවිවාසීන් වෙනුවෙන් මමත් ඔන්න...

      Delete
  12. මාර දූතියක් හමුවෙලා අපි වැටුනු අමාරුවෙ උඹත් වැටෙන හැපී නිව් ඉයර් එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. එව්වා ගැනනං කතා කොරන්න එපා බං..
      ටැංකිවු ඈ.. :D

      Delete
  13. 2014 ත් 2013 වගේ ම සුබ අවුරුද්දක් වෙන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු... ප්‍රසාටත්... හුටා මට දැන්නේ මතක් උනේ නියම විදියට සුභ පතන්න ගියානං මට සිද්ධ වෙන්නේ මාර වැඩක් කියලා.. :D

      Delete
  14. සියලු පැතුම් ඉටුවන ප්‍රෝඩා වලට නොරැවටෙන සුබ නව වසරක්.

    අන්තර්ජාලය ආශ්‍රිත අංශයක ප්‍රෝඩා වලින් නොරැවටෙන්න දැනුම දෙන පොස්ට් එකක් මම නව වසර වෙනුවෙන් දැම්මා පැමිණ බලන්න.
    අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව

    ReplyDelete
    Replies
    1. මහා කලු සිංහලයටත් එසේම වේවා කිව්වා ඕං...

      Delete
  15. 2014 මාරයට මාරම අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ටැංකිවු බීටලේ... බොටත් එසේම ඈ...

      Delete
  17. සුභම සුභ නව වසරක් වෙන්ඩ ඕනේ මාරයියාට.... !!!! ජිවිතේ මල් පිපෙන අවුරුද්දක් වේවා !!! ^_^ 

    ReplyDelete
    Replies
    1. කෙල්ලටත් කොල්ලටත් සැට්ල් වෙන්න ලැබෙන අවුරුද්ද මේක වේවා..!

      Delete
  18. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නලින් අයියටත් එසේම වේවා ඈ...

      Delete
  19. සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
  20. තන්හා රතී රඟා තිදෙනම හමුවන සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ බං අයියේ.. ඔහොමත් සුභ පතන සිරිතක් තියේදෑ..?

      Delete
  21. සුබ නව වසරක් වේවා මාරයියා !!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිටත් එසේම...

      Delete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    ReplyDelete
    Replies
    1. එසේම එසේම.. (දෙමළ දන්නේ නැහැ යකෝව්)

      Delete
  23. යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන, විනයගරුක ශිෂ්ඨසම්පන්න සමාජයක ජීවත්වීමට හැකි වටපිටාවක් සකස් වූ, අඟහිඟකම අඩුවූ, බොුරුව, පූච්චානම් කතා, රැවටීම් ආදිය අසන්නට, දකින්නට, විදින්නට නොලැබෙන හොද අවුරුද්දක් වේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ටත් පතන්නා වූ ආකාරයේම නව වසරක් වේවා..!

      Delete
  24. උඹ කියපු නිසා ඕන් මම රතින්නා ටික ගිනි තියලා දැම්මා... ආයේ මක්කටෙයි කාගෙවත් හිත් නරක් කොරන්නේ..

    හැපි නිව් ඉයර් ඈ.. ඒ කිව්වේ අලුත් කනක් නෙමෙයි.. අළුත් අවුරුද්දක්... හරිය...

    ReplyDelete
  25. උංගල් එල්ලෝරුක්කු මිනිය පුත්තන්ඩු වාල්තුක්කාල් !
    ඔබ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අර අවලං චාමියත් උදේම ඔහොම එකක් එවලා තිබුනා... අපේ ලොකු අයියව මුං ඔක්කෝම කොපි කොරන්න අරං... :D

      Delete
  26. 2013 මාරයට ආතල් වැඩි වෙලා වගේ සාපේක්ෂව අඩු පෝස්ට් ගාණක් ලියලා තියෙන්නේ... 2014 සුභ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ තිසර... සාමාන්‍ය ජීවිතේ ආතල් අඩු වෙද්දි මේකේ ආතල් වැඩි වෙනවා... සාමාන්‍ය ජීවිතේ ආතල් වැඩි වෙද්දී මේකේ ආතල් අඩු වෙනවා... හරි සරල කාරණාවක් නෙව.. :D

      තිසරටත් එසේම වේවා..!

      Delete