21 January 2013

දන්න යකා හොඳා...



පොරජා තන්තරෙ රකින්න..අයුක්තියට එරෙහි වන්න..
එන්න එන්න අපිත් එක්ක..ඇවිත් අපිට එකතු වෙන්න...
එහෙම කියලා උසි ගන්නලා..අපි ලව්වා ඇට බාවලා..
උන් සුදනෝ වගේ යනවා..කෝට් බෑය පොරවාගෙන...
සාධාරණ සමාජයක්...සැමට සුදුසු පරිසරයක්...
හැම දෙනාට එක හැන්දෙන්..බෙදලා දෙන රාජ්ජයක්..
සුචරිත ගැන කතා..නිතර කියන ගොතා..
මේ වාගේ ඈයෝ එක්ක..ගියොත් විපත තමා...
ඉන්න උන්ව පන්න ගන්න..අළුත් උන්ට බලය දෙන්න..
අළුත් උන්ට බලය දීලා..උන්ට කියල ඇරව ගන්න..
ආසවක් හිතේ..තාම නැහැනෙ පුතේ.. 
ඒ හින්දා පෙර වාගෙම..මම යනවා කඩේ...
දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..
නොදන්න දෙයියට වැඩියෙන්..දන්න යකා හොඳා...




ලියන්න වෙලාවක් නැති හින්දා මාතලංගේ බ්ලොග් එකේ ලියපු කොමෙන්ට් එහෙකින් වත් වේල පිරිමහ ගන්න හිතුවා... මේක පාළුවට යන්න දීලා බැහැනේ මොනවා උනත්...

18 January 2013

අවසන් මුරය...

සිව් වසරකුත් මාස හයක් එක දිගට...
මෙතුවක් කෙරුව රැකියාවට අද තිතය...
දුක සැප දෙකම එක ලෙසටම හිමි කෙරුව...
මුරකරු  දිවිය අද මෙතැනින් අහවරය...

අවුරුදු තිස්තුනක් වයසයි දැන් මෙමට...
තිස් හතරකට තව ඇත්තේ ටික දිනය...
එතුවක් කලක් කල රැකි රස්සා අතර...
මුරකරු දිවිය කිසිදා අමතක නැතිය...

පැය දොළොසකිය ෂිෆ්ට් එක මා වැඩ කෙරුව...
එයින් දෙකක් හැමදාමත් කල යුතුය...
දවසක් වැඩ පොලේ දවසක් නිවසේය..
ඒ ඔක්කොමත් අද මෙතැනින් අහවරය...

මුරකරු දිවිය තුල හමු වූ මිනිස් කැල...
අමන දනන් හා දෙවියන් වැනි අයද...
ගෙන දුන් මතකයන් සැමදා මා සතුය...
ඒ මතකයත් ගෙන මෙතැනින් යා යුතුය....

බ්ලොග් ලියනට නිදහස මා හට දුන්න...
මුරකරු රැකියාව මට නම්  සුන්දරය...
නිදි වරනට වුවත් හැම නිදනා රැයක...
මෙතරම් නිදහසක් වෙන කිසිවක නැතිය..

මෙතුවක් කලක් කල කී දේ තබා සිත..
මුර කුටියෙන් මා නික්මිය යුතුව ඇත..
අවසන් පැය ගෙවේ යන්නට තබා තිත...
යළි හෙට දිනේ මා මෙහි නොඑනවා ඇත...

17 January 2013

නංගී බැහැ කියයි... මාරයාට දුක තමා...

ජිවත් වෙනකල්ම අමතක නොවන..අමතක නොකරන කතාවක් තමා මේ... ඒක ඒ තරමටම සුන්දර මතකයක්.. අවසානය කොහොම උනත්... හැබැයි මේක අමුතුවෙන් කිය කියා ඉන්න  උවමනා නැහැ... මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්...

හරි..මේ තියෙන්නේ ඒ කතාවේ එක්තරා සැමරුමක්... මෙයින් තමා ඒ කතාව නැවතුනේ... ඒත් අදටත් මා ළග තියෙන දේවල් අතරින් එකක්... ඉතිං කොහොමද නිවන් දකින්නේ... මෙච්චර පුංචි දෙයක් අත්අරින්නේ නැතිව අවුරුදු දහ අටක් විතර තියාගෙන ඉන්නවනං...








16 January 2013

මාරයාට ලියුං...

රස්සාවෙන් වගේම ඉන්න තැනිනුත් යන්න ලක ලෑස්ති වෙන ගමන් බඩු මුට්ටු අස් පස් කොරද්දී මගේ අතින් නැති උනා කියලා හිතං හිටිය..ඒත් එහෙම වෙලා නැති බොහෝම වටිනා කියන පුරා වස්තු වගයක් හම්බ උනා... වෙනදා වගේ ලියන්න වෙලාවක් නැතිව ඉන්න අතරේ මේවා ලැබීම ගැන ඇති උන සංතෝසේ අච්චරයි මෙච්චරයි කියලා පමණ දක්වන්ට බැරි තරං... ඔන්න බලමු එයින් එකක්...

කොහොමද වැඩේ...


මේ මංතුමා කළුතර පොලිස් අභ්‍යාස විජ්ජාලේ පුහුණුව ලබන කාලේ මගේ මහප්පාගේ දරු කැල..ඒ කියන්නේ මගේ අයියා අක්කා සහ ඔය ඉඳහිට මගේ බ්ලොග් එකේ කොමෙන්ට් කොරන නංගිකාරයා ඇතුළු තිදෙනා විසින් මට එවාපු ලියුං කරදහිය..එකේ තිබුන අපූරු ආතල් එක හින්දම අවුරුදු පහලොහකට විතර පස්සෙත් තාමත් මං ගාව පරිස්සමට තියෙනවා කිව්වම පුදුමයි නේද..?

13 January 2013

කොතැනක සිටියත් මා මෙලොවේ...

ඉස්සරනං මෙහෙම හැම එකම ඔහේ ලියං ගියාට දැන් දැන් එහෙම ලියවෙනවා අඩුයි කියලා මටම දැනෙනවා... කම්මැලිකමද..? නැත්තං වෙන මොකක් හරිද කියන්න මටම තේරෙන්නේ නැහැ... කොහොම උනත් මේක ලියන්න ගත්ත මුල්ම කාලෙට වඩා දැන් වැඩ වැඩි වීමත් හේතුවක් වෙන්න ඇති...

අද ඉරිදා දවසනේ.. ඒ කියන්නේ මෙහෙ පොල දවස.. උදේ අටට වැඩට එන්නත් ඕන... ඒ කොහොම උනත් එයිට කලින් පොලට ගිහින් ඕන කරන අඩුම කුඩුම ගෙනත් තියලා වැඩට දුවන එක තමා මං ඉරිදට වැඩ වැටිලා තියෙන දවස්වලට කරන්නේ.. එහෙම නැතිව ඉරිදා නිවාඩුනං ඉතිං උදේ අටට වැඩ ඇරිලා ගිහින් නවයට දහයට විතර පොල පැත්තේ ඇවිත් නිවී හැනහිල්ලේ බඩු මුට්ටු අරං යනවා...

කොහොම උනත් අදනං ඇත්තටම පොලේ යන්න තරං දෙයක් තිබුනෙත් නැහැ.. ඒ කිව්වේ මේ ටිකේ කරන්නේ ගෙදර තිබුන උයන පිහන බඩු අහවර කරන එක... අනික වැඩ පලත් එක්ක උයන්න පිහන්න වෙලාවක් අහුවෙනවත් අඩුයි.. ඒ හින්දා වැඩි හරියක්ම කඩෙන් තමා කෑම... හදාගත්තත් ඔය සුළු දෙයක් තමා... ඒ හින්දා පොලේ ගිහින් ගේන්නය කියලා ඒ හැටි දෙයක් තිබුනේ නැහැ.. ඒ උනාට ආයේ මට මේ පොලට යන්න වෙන එකක් නැහැ කියලා දන්න හින්දා අන්තිම පාරටත් ඔන්න ඔහේ ගිහින් එන්න කියලා ගියා...

වෙනදා වගේ කරවල ජාති දෙකක්.. අනං මනං ගන්න තිබුනේ නැහැ..ගෙදර තව කරවල තියෙනවා... පොල් ගෙඩි දෙකකුයි.. අල ටිකකුයි... අමු මිරිස්..රතුළුණු රම්පේ කරපිංචා ටිකක් එහෙම අරං මං ආපහු ආවා... ඒ ගෙනාවත් උයන්න වෙයිද දන්නෙත් නැහැ...

කොහොම උනත් හැමදාමත් මං බඩු ගන්න කීප දෙනෙකුටම කියලයි ආවේ මං ආයේ එන එකක් නැහැ කියලා... බඩුවක් ගත්තත් නැතත් හැමදාමත් කතා බහ කරලා එන්න පුරුදු වෙච්ච වෙලෙන්දෝ වෙලෙන්දියෝ කිහිප දෙනෙක් හිටිය නෙව... ඉතිං උන්දලට මතක් කරලා එන එක හොදයි කියලා හිතුන හින්දම තමා ඔය පොලට අද අඩිය ගැහුවේ...

වෙනදට හැමදාමත් කරවල ගන්න තැන මල්ලි... වට්ටක්කා කෑල්ලක්..එලෝලුවක් ගන්න තැන අයියා... අල ලූණු ගන්න තැන ඉන්න මුදලාලියි එයාගේ හාමිනෙයි... රම්පේ කරපිංචා ගන්න අක්කා... ඒ වගේම මට හැමදාමත් දරුවෙකුට වගේ කතා බහ කරලා කොහිල අලයක්..කැකිරි ගෙඩියක්..අමු මිරිස් ටිකක් වගේ දෙයක් විකුණන නැන්දට එහෙම කියාගෙන ආව... උන්දැටනං ඇඩෙන සයිස්... මං ඉතිං තනියෙන් උයා පිහාගෙන කන හාදයා කියලා ඔය කට්ටියම දන්නවා.. මොකද පොලේ ගියාට මං හැම එකම ගන්නේ සීමිත ප්‍රමාණ වලින්නේ... එහෙම ගන්න ගියාම මුල්ම කාලේ ඔය හැමෝම වැඩියෙන් දේවල් දෙන්න හැදුවත් මං එච්චර වැඩියි මේ ටික තිබුනම ඇති කියලා මට ඕන ප්‍රමාණ කිව්වම අනිවාර්යෙයෙන්ම අහනවා ඔය කීදෙනෙකුටද කියලා.. එතකොට ඉතිං කියන්න එපෑ මට විතරයි කියලා.. එහෙම පටන් ගන්න කතාව අවසානෙදි අහවර වෙන්නේ මගේ වංහුං ටිකක් විතර දැනගෙන තමා.. හැබැයි එයින් පස්සේ උන්දලා හැමෝම මට හුගක් හිතවත් වෙනවා... ආයේ මං අමුතුවෙන් කියන්න ඕන නැහැ..මට ප්‍රමාණවත් වෙන තරමට දේවල් කිරලා මැනලා දෙන්න දන්නවා... 

ඔය අන්තිමට කිව්ව නැන්දත් එහෙමම තමා.. උන්දෑ ලොකුවට වෙළදාමක් කරන කෙනෙක් නෙවෙයි.. ඔය ගමේ ගොඩේ තියෙන දෙයක් උස්සං එන කෙනෙක්... බොහොම වෙලාවට තියෙන්නේ කොහිල අල..කොල ජාති... කොස් ඇට... කඩ මිරිස්..නාරං..කොච්චි..අමු ඉගුරු... කිරි අල ටිකක් වගේ දේවල්... ඉදහිට කැකිරි ටිකක්..වැටකොළු පතෝල වගේ දේකුත් තියෙන වෙලාවල් තියෙනවා... කොහොම උනත් පොල වටේම ගියත් අවසානෙදී උන්දැට රුපියල් දහයක් විස්සක් දීලා කැකිරි ගෙඩියක් කොහිල අල කෑල්ලක් නැති උනොත් මිරිස් ටිකක් දෙහි ගෙඩියක් හරි අරං එන එක මගේ පුරුද්ද... මං මෙහෙං යන වග කිව්වම වෙළදාම නවත්තලා බොහෝම දුකින් කතා බහ කොරලා ආයේ මේ පැත්තේ ආවොත් කතා කරලා හරි යන්න එන්න කියලා කිව්වේ අවුරුද්දක් විතර කාලයක් දැන හදුනාගත්ත ගනුදෙනු කාරයෙකුට වඩා තමුන්ගේම නෑයෙකුට සමාන විදියට...

අවුරුදු තිස් තුනක ජීවිත කාලයෙන් ගෙදර හිටිය කාලේ ටිකක් වැඩියි.. එයින් පස්සේ එක තැනක හිටිය කාල හරි අඩුයි... රංපොකුණුගමට මං ඇවිත් දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා... අනිත් හිටිය හැම තැනකදීම වගේම මෙහෙදිත් දැන හදුනාගත්ත අය අතරේ වැඩියම මට සමීප උනේ මේ වගේ බොහෝම පුංචි මිනිස්සු තමයි... මාත් එක්ක වැඩ කරපු සරා.. එතකොට කලින් වැඩ කරපු තැන හිටිය අපිට බත් දුන් රමණි අක්කා.. පන්සල ලග අමරේ අයියගේ පුත්තරයා... මේ පොලේ නැන්දා වගේ බොහෝමයක් අය හුගාක් ලොකු මිනිස්සුන්ට වඩා හරි අපූරු මිනිස්සු... අදටත් සරාලා.. රමණී අක්කලා.. මං කොහේ හිටියත් ඉද හිට කතා කරලා සැප දුක් අහන්න අමතක කරන අය නෙවෙයි... අමරේ අයියගේ පුත්තරයා අවුරුද්දකට දෙතුන් පාරක් මං බලන්න එන එකත් වරදින්නේ නැහැ... ඒ ඒ මිනිස්සුන්ට ඇති ලාබ ප්‍රයෝජනයකට නෙවෙයි.. තනිකරම මනුස්ස කමට කියන දේ මං දන්නවා... එහෙම නැතිව හිටි හැටියේ මතක් වෙලා කතා කරන අයත් නැතිවා නෙවෙයි... ඒත් අර මිනිස්සුන්ගේ තියෙන ලෙංගතුකම හිතවත්කම ඒ කට හඩවල් වලින් එන්නේ නැහැ... කතා කරනකොට මුලින්ම කියන්නේ නිකං මතක් උනාට කොහොමද කියලා බලන්න කතා කලා කියලා උනත් ටික වෙලාවක් යද්දිම හැබෑම උවමනාව කියලා දානවා... කොහොමටත් මිනිස්සු කවුද කියලා කල් ඇතිවම දන්න හින්දා එහෙම වෙලාවට හිතට අමුතුවෙන් කණගාටුවක් එන්නේ නැති උනත් මිනිස්සු වැඩේ පැත්තක තියෙද්දී වත්ත වටේ යන එක ගැන හිනානං යනවා...

කොහොම උනත් ජීවිත කාලයක් ආස්සරේ කරපු බොහෝම ලෙංගතු චරිත අතරේ ලී මැස්සක් උඩ තියං ගොඩේ එලොලුවක් දෙකක් විකුණං හිටිය වෙළෙන්දියෙක් උන මේ නැන්දවත් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ... එහෙම අය සමහරක් විට ආයේ ජීවිත කාලෙටම හමු නොවෙන්නත් පුළුවන්... උදේ හවස හමුවෙන කතා බහ කරන හුග දෙනෙකුට එහෙම හිත ඇතුලේ ඉඩක් වෙන්නේ නැති උනත්... ඒත් මේ ලොකේ කොයි කොනක මං හිටියත් හමු උන එක තත්පරේකට හරි මනුස්සකම අඩුවක් නැතිව පෙන්නපු උදවිය හැමදාමත් මගේ හිතේ මාත් එක්ක ජිවත් වේවි... 

11 January 2013

උසාවි..සිරගෙවල්..දඩුවම්..සමඟින් බඩාට සිදු වූ දේ...

“ඔව්වට සාක්කි දෙන්න යන්න පුළුවන්ද..? මේ රටේ නීතිත් එක්ක අන්තිමට සාක්කි දෙන්න ගිය අපිටයි කරදර වෙන්නේ... ඊට පස්සේ අපි මේ ගංවල ඉන්නත් ඕන... අනික දෙපැත්තෙම උන්ගේ වැරදි තියෙද්දී අපිට පැත්තක් අරං ගිහිං සාක්කි දෙන්න පුළුවන්ද..අන්තිමට වැරැදි කාරයා සනීප වෙලා එයි.. අර පවුලට කන්න අදින්න දීපු එකා හිරේ යයි... මොනවා උනත් ඌ ඕක කරන්න ඇත්තේ සහෝදර කැක්කුමට මිස ඌට අර යකාව මරන්න උවමනාවකට වෙන්න බැහැ.. ඒත් ඔය උසාවි පොලිසිවල වැඩ අපි දන්නේ නැද්ද..? අවුරුද්දකින් දෙහෙකින් අරුං නිදහස් වෙලා ආවට පස්සේ මුලින්ම මරන්නේ අපිව... එදාට ඔය එකෙක්වත් නැහැ අපිව බේරගන්න.. අපිත් දරු පවුල් කාරයෝ..“

එදා රාත්‍රියේ සිදු වූ දේ ගැන ඇසින් දුටු අයකුගේ කතාවයි ඒ... මෙය කියනා විට අසා සිටි මාගේ පියාද අද වන විට ජීවතුන් අතර නැත... ඇත්තේ ඔහු විසින් මෙසේ කියනා ලදයි කුඩා එකෙකු වූ මා විසින් අසනු ලැබූ මතකය පමණි...

පොඩි මුදලාලි බාප්පාව මරන්නට ගෙදර තිබූ පොරවත් රැගෙන කුණුහරප කියමින් දිව ගිය බඩාට සිය ඉලක්කය සපුරාගත නොහැකි විණි... කර දඩු උස් මහත් වූ කොල්ලන් දෙදෙනෙකු හා එයිට වඩා තව ටිකක් වයසින් අඩු වූවද ඇගේ පතේ හයිය හත්තිය ඇති කොල්ලන් දෙදෙනෙකුද වශයෙන් කොල්ලන්ම හතරදෙනෙකුගේ පියා වූ පොඩි මුදලාලි බාප්පාවට කොටන්නට ඔහුගේම නිවසට දෙවැට පාර දිගේ දිව ගිය බඩාට සිදු වූයේ එකී කොල්ලන් හතරදෙනාගේ අතින් දැඩි ප්‍රහාරයකට ලක්වන්නටය... ඔහු විසින් ගෙන ආ පොරවෙන්ම බඩාගේ ඇගේ මාංසය ඉරී යද්දී ගෙදර තිබූ මෝල් ගස් උදළු මිටි ආදිය පවා බඩාගේ ශරීරය චප්ප කරමින් පැවතිණ... උදෑසන වන විට මල සිරුරක්යැයි සිතා පිටි ගොනියක තබා පොලිස් ජිප් රථයට විසි කරන ලද බඩාගේ සුන් බුන් වූ සිරුරෙහි ඒ බඩාමදැයි හදුනාගත නොහැකි තරමට තැලුම් පාරවල් තිබිණි... අදටත් බඩාගේ උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් ඇත්තේ ස්වල්පයකි.. ඒද හක්කට ආසන්නවය... ඉදිරිපස දත් සියල්ල පොඩි මුදලාලි බාප්පාගේ මිදුලේ පස් හා මුහුව ගොස් තිබිණි...

එසේ නම් පොඩි මුදලාලි බාප්පා මිය ගියේ කෙසේද..?

සිය කරදරකාර වැඩිමාළු සොයුරා වූ බඩා අසල්වැසි බාප්පාව මරන්නට යැයි කියා සිය පියාගේ පොරෝ කෙටිය උස්සාගෙන දුවන කල ඒ කකා හිටි බත් පත පසෙක දමා ඉඳුල් පිරි අතත් සමගින් ඔහු පසු පසු දිව ගියේ බඩාට බාල සොයුරා වූ සනත්ය.. පවුලේ බරට අඩු වයසෙන්ම කර ගැසූ සනත් ඒ වෙනුවෙන්ම සිය අධ්‍යාපනය පවා කැප කරනු ලැබූ පවුලට ලැදි අයකු විය... තාත්තා සමගින්ම ගොස් දැව කර්මාන්තයට හුරු වූ සනත්ද උදේ සිට සවස්වනතුරු ගස් කුට්ටි සමඟ ඔට්ටු වී දවසේ ගතමනාව හොයා ගත් අතර මේ වන විට පවුල් කාරයකු වූ බඩාගේ ඇඹේණිය හා දියණියගේ වියදම්ද දරන්නට සිදුව තිබුනේ සනත්ටය... මොන තරම් නාස්තිකාර ජිවිතයක් ගත කලද බඩා ගැනද ඔහු තුල වූ සහෝදර කැක්කුම අඩුවක් නොවීය... බීමතින් ආයුධයක්ද රැගෙන දිව යන බඩා පසුපස දිව ගියද සනත් යන විට සිදුවිය යුතු දේ සිදු වෙමින් පැවතිණ... පොඩි මුදලාලි බාප්පාගේ මිදුල මැද බඩා වටකරගත් කොල්ලන් රැලක් විසින් බඩාට ඌරෙකුට තලන්නා සේ තලමින් සිටියහ... නිරායුධව ඉදුල් වැකි අතින් පමණක් පැමිණි සනත්ට කල හැක්කක් නොවීය.. ඔහු වහා තම නිවසට දිව ගියේය... දවල් තිස්සේ දෑතේ කරගැට එනතෙක් අල්ලාගෙන ගස් කොලං මට්ටු කල පොරව හැරුනු කල වෑයක්ද එහි තිබිණි... ගෙට ගිය විගස අතට හසු වූ වෑයත් රැගෙන නැවතත් පොඩි මුදලාලි බාප්පාගේ නිවස දෙසට දිව ගිය සනත්ට එහි යන්නට කලින් අතර මගදීම කරුමක්කාරයා හමු විය.. එනම් එදා රැයේ මාරයාට කැප වූ කෙනාය...

ඒ පොඩි මුදලාලි බාප්පාය...

තමාට කොටන්නට පොරවත් රැගෙන ආ බඩාට සිය දරුවන් විසින් ක්ෂණිකව එල්ල කල ප්‍රහාරය නිසා ඇති වූ මාරාන්තික තුවාල දැක සතුරාටත් අනුකම්පා කල පොඩි මුදලාලි බාප්පා අසීරුවෙන් හෝ දරුවන් මෙල්ල කර බඩාට කෙරුණු ප්‍රහාරය වලක්වා ඇග මස තැලී..දත් හැලී... කැපුම් කෙටුම් මැද පණ අදිමින් සිටි සිටි බඩාව කෙසේ හෝ බේරාගන්නටයැයි සිතා නැවත පාර පැත්තට දිව ගියේ බඩාව රෝහලකට ගෙන යාමට වාහනයක් සොයාගෙන එන අටියෙනි... එහෙත් ඔහුගේ ඒ යහපත් චේතනාවම ඔහුට මරු කැඳවීය...

වාහනයක් සොයන්නට පාරට දිව ගිය පොඩි මුදලාලි බාප්පාට හමු වූයේ කලුවරේම දිව එන සනත්ය... කතාව එතැනින් නිමා විණි...

පසුවදා උදේ පොලිසියෙන් පැමිණෙන විට දෙවැට පාරේ පොඩි මුදලාලි බාප්පා දරුණු කැපුම් පහරක් සමගින් මැරි වැටී තිබුණි.. බඩා බාප්පාගේ පිළිකන්නේ වැටී සිටියේය... කතාව එසේ නිම විය... මේ සිදු වීමත් සමඟ නැගුණු කෑ කෝ ගැහීමට වතු මැදින් බලන්නට ආ කිහිප දෙනෙකුම සිදු වූ දේ අඩු වැඩි වශයෙන් අන්ධකාරය මැද හෝ දැක තිබුණි.. අයෙක් දැක තිබුනේ බඩාට පහර දෙන බාප්පාගේ දරුවන්ය... තවත් අයකු දුටුවේ බඩා රෝහල් ගත කරන්නට වාහන සොයන්නට දුවන ලද පොඩි මුදලාලි බාප්පාය... තවත් අයකු දැක තිබුනේ ලේ වැකුණු වෑයත් රැගෙන නිවසට දුවන සනත්වය... කිසිවෙකු සිදු වූ සම්පූර්ණ සිද්ධීය දැක නොතිබුණි.. දුටු දුටු දේ ගලපාගෙන කතාව සම්පූර්ණ කරගන්නට හැකියාව තිබුනත් ඒ කිසිවකු සාක්කි දීමට ඉදිරිපත් වී තිබුනේ නැත...

බඩා මාස ගණනක් දැඩි සත්කාර ඒකකයේ සිට එතැනින් බන්ධනාගාර රොහලටත් එයින් පසුව බන්ධනාගාරයටත් යවන ලදි... සැක පිට අත්අඩංගුවට ගත් සනත්ද මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට නිවසට පැමිණියේය... පොඩි මුදලාලි බාප්පාගේ දරුවන් අතරින් වැඩිමලාද රිමාන්ඩ් බන්ධනාගාර ගති විණි... සියල්ලෝම වසර කිහිපයක්ම නඩු කියන ලදි... අවසන සිදු වූ දෙයක් නැත...

බඩා නැවතත් ගම පැමිණියේය... සනත් අද වන විට යුධ හමුදා සේවයට එක්ව විවාහයක් කරගෙන ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරනු ලබයි... පොඩි මුදලාලි බාප්පාගේ දරුවන් අතරින්ද වැඩිමලා ඇරුනු කල අන් සියල්ලන්ම පාහේ කෙසේ හෝ දියුණු පමුණු විය... මෙකී සිද්ධියට පෙර ඉතාමත් යහපත් දරුවකු වූ වැඩිමලා ටිකෙන් ටික නිවසින් ඈත්ව රස්තියාදුකාරයන්ගේ ගොඩට වැටී තරමක් අසීරු ජීවිතයක් ගෙවන ලදි.. ඇතැම් විට මේ වද්දී සහෝදරයින් විසින් ඔහුව එම ආගාධයෙන් ගොඩ ගෙන ඇති බව සිතිය හැකිය... මක් නිසාද යත් එකී සිදු වීමෙන් පසුව එම සහෝදරයින්ගේද එකමුතුව දිනෙන් දින වැඩි වුවා මිස කිසිදු අඩුවක් නොවී බැවිනි...

බඩා හැරුනු කල බඩාගේ අනිකුත් සහෝදරාදින්ද අද වන විට දියුණුවට පත්ව ඇත... බඩාට එයින් පසුව වූයේ කුමක්ද..?

09 January 2013

මේ මගුල හරියන්නේ නැහැ...

අන්න රිසානව මරලලු... ඒ අස්සේ අර නිකං හම්බ වෙන දානේ කාලා පන්සලටයි ගමටයි සේවයක් කරගෙන ඉන්නේ නැතිව සිවුරු කරේ තියං දුවන උන්නාන්සේලා ටිකක් මිනිහෙක් පස්සෙන් එලවං ගිහිං ගහන ගමන් ඒ යකා මර බයට බේරෙන්න අත උස්සද්දී ඒක පොටෝ ගහලා “මෙන්න හාමුදුරුවන්ට අත ඉස්සුවෝ“ කියලා මහා ආඩ පාලියක් කියනවා... මොන මගුලක් වේගන එනවද කියලා මට තේරෙන්නේ නැහැ...

මම සිංහල... කොටින්ම කිව්වොත් මං කැමතිත් නැහැ මේ රටේ සිංහලයට තියෙන ආධිපත්‍යය ගිලිහෙනවට.. මොකද ලංකාවට සිංහලය මහ ජාතිය උනාට ලෝකෙට මේක ඇවිල්ලා සුළුම සුළු ජාතියක්.. අපි සුළු ජාතිය කියන දෙමළ හා මුස්ලිම් ජාතිකයින් ලෝකෙත් එක්ක ගත්තම අපිට ලංවෙන්නවත් බැරි තරමේ මහ ජාතීන්... එහෙම බලං ගියාම අපි නිකංම නිකං අසරණයෝ ටිකක්.. එහෙවු එකේ අපිටය කියලා තියෙන එකම ලබු ඇටේ ඇතුලෙවත් දෙයියනේ කියලා ඔළුව උස්සලා ඉන්න තියෙන ටික නැති වෙන එක හොඳ දෙයක් නෙවෙයි... දෙමළ මිනිහට මොකක් උනත් ඒ ගැන අඩන්න තමිල්නාඩුවේ..කැනඩාවේ.. ඕස්ට්‍රේලියාවේ කට්ටිය ඕන තරං... මුස්ලිම් මිනිහට වෙන දේවල්වලදී කතා කරන්න අරාබි රටවල තානාපති කාර්යාල විසි හතර පැයේම ඇරලා... ඒත් අපිට වෙන දේ අහන්න අපේම ආණ්ඩුවක්වත් සූදානම් නැහැ... පප්පා සුළු ජාතීන් විපක්ෂයට එන එක වලක්කන්න ගහපු ගැටේ අන්තිමට මර උගුලක් උනේ සුළු ජාතීන් නැතිව රට කරවන්න හයිය හත්තිය ඇති ආණ්ඩුවක් හදා ගන්න බැරි තැනට ගෙනිහිල්ලයි... මං දන්න කියන කාලේ ඉදන් නැට්ටට ඕන විදියට බල්ලට වැනෙන්න උනා... සෞම්‍යමූර්ති තොණ්ඩමනුයි.. අෂ්රොෆ් කාරයයි මස් කුට්ටියම බදාගත්තා..

යන්තං අන්තිමේදී වයසක තොණ්ඩමන් මැරිලා ගියේ මුණුපුරා වෙච්ච නාස්තිකාර ආරුමුගම් පුටුවට දාලා... ආරුමුගම් උගේ සැප ඇර වෙන දෙයක් ගැන වැඩි හෙවිල්ලක් නැති හින්දා යාන්තමට වගේ සෞම්‍යමූර්ති හරහා ඇතිවෙලා තිබුන සැර බලපෑම ටිකක් විතර අඩු උනා.. සීයා හදපු චන්ද මල්ල මුණුපුරා විකුණං කනවා ඇර වෙන දෙයක් නොවන හින්දා කඳුකරයෙන් ඇවිලීගෙන ආව ගින්න ටිකක් විතර යට ගියා...

අර ගෑණි මොන දහදුරා වැඩේ කලත් කරපු හොද වැඩ දෙක තුන අතරේ තියෙන්නේ අර අනිත් වාහේව උතුවංකන්දෙන් අහවර කරපු එකයි.. ඒකා හිටියනං මෙලාට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. ජාතියේ පිනට වගේ මොනවා කලත් දැන් ඉන්න හකීම් කාරයාට ලොක්කාගේ මයිලක් තරමටවත් වැඩ කරන්න පුළුවන්කමක් නැහැ.. ඒත් ඌට බැරි උනත්..ඕන නැති උනත් උගේ පස්සේ ඉන්න උන් දක්කන දැක්කිල්ලට හකීම්ටත් නිකං ඉන්න බැරි තත්වයක් තියෙන්නේ.. ඒ හින්දා ඌත් හරියන එකෙක් නෙවෙයි..

හැබැයි මේ හැම එකම කියන්නේ මගේ පැත්තෙන්.. ඒ කියන්නේ සිංහල ජාතිවාදියාගේ ඇහෙන්... හැබැයි උන්ගේ පැති වලින් ගත්තම සෞම්‍යමූර්තිලා.. අෂ්රොෆ්ලා කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු ජාතියක්... උන් උන්ගේ ජනතාවට නියම නායකත්වයක් දෙමින් උන්ව ඉස්සරහට ගන්න කැප උන නියම මිනිස්සු... හරියටම කිව්වොත් නියම අන්තවාදීන්.. හැබැයි එහෙම අන්තවාදී නායකයින් හින්දයි උන්ගේ මිනිස්සු ඔළුව ඉස්සුවේ... ඒකටත් එක්ක අපිට හිටිය උන්... එකෙක් නැහැ ඒ අතින් බලද්දී හොඳයි කියන්න... මහ ජාතියේ චන්ද මල්ල සින්නක්කර අයිතිය කියලා හිතාගෙන සුළු ජාතිකයින්ගේ චන්ද ටික අරමුණු කරගෙනයි උන් වැඩ කරන්නේ... රනිල්ට කෙලවෙලාම ගිහින් තියෙන්නේ ඔය කාරනේ හින්දා... මහින්ද කවදා හරි කෙලව ගන්නෙත් ඔය ප්‍රශ්නේ හින්දා... චම්පික රණවකලත් නැතිව ගියානං මෙලහකට කෙලවගෙන ඉවරයි.

චම්පික රණවක කිව්ව ගමන් කට්ටිය රෙදි කරට ගන්න බැරි නැහැ.. ඒත් අරුන්ට සෞම්‍යමූර්තිලා ඉද්දි..අනිත් උන්ට අෂ්රොෆ්ලා ඉද්දී ඇයි අපිට විතරක් චම්පිකලා නරක් වෙන්නේ..? නැහැ උනුත් ඉන්න ඕන.. එහෙම නොවුනනං මොකාද අපි ගැන කතාකරන්නේ වචනෙකින් හරි... ආගමික සමගිය.. ජාතික සමගිය කිය කිය පාරම්බෑවට ඒ යටින් තියෙන ඇත්තම කතාව තමා මේ ජාතීන් අතර සීතල යුද්ධයක් තියෙන වග... හැබැයි ඒ දේ නැති කරන්නනං ඒ ඒ වෙලාවට එන ප්‍රශ්නවලට සීනී වතුර ගගා ඉදලා හරියන්නේ නැහැ... එක පාර බෙහෙතක් දීලා ඉවර කරන්න ඕන... බෙහෙත කියන්නේ අසූ ගණන් වල මුලදී දෙමළ ජාතිකයින්ටත් පනස් ගණන්වලදී මුස්ලිම් ජාතිකයින්ටවත් දුන්න බෙහෙත නෙවෙයි... ව්‍යවස්ථාව හරහා ඒ ඒ ජාතීන්ගේ තැන සීමා කරලා ඒ ඒ සිමාවන් තුල කල හැකි නොකල හැකි දේවල් පැහැදිලිව දක්වලා කරන දෙයක් මිසක්... 

කොහොම කලත් සිංහල ජාතිය වැඩි කරනවා කියන එක ආයේ ඉස්සරහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. වැඩිවෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දරුවෝ හදපියවු කිව්වට ඒක කරන්න කාටද පුළුවන්... නිදි වදින එකයි ගෑණිට කරන්න ඕන ටිකයි කරන්න බැරි කමක් නෙවෙයි එයින් පස්සේ උන්ට කන්න දෙන්නේ.. අදින්න දෙන්නේ.. උගන්නන්නේ..  කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර අර වදාපියවු හදාපියවු කියන උන්දලා ගාව නැති නිසා...

වැඩි හරියක් සිංහල මිනිස්සුන්ගේ පරමාර්ථය තමා එකෙක් හෝ වැඩිම උනොත් දෙන්නෙක් හදලා උන්ට හොදට උගන්නලා උඩට අරගෙන හොද ජිවිත හදා දෙන එක..එහෙම නැතිව පෝලිමක් හදලා දුක සේ වැඩෙන්න සලස්වන එක සිංහල මිනිස්සුන්ට දැන් හුරු නැහැ... අනිත් දේ තමා ලෝකයේ තියන ජනගහණ අර්බුධයට ඒක හොඳ තත්වයක් වෙන්නෙත් නැහැ.. එහෙම බැළුවම සිංහල මිනිස්සු ඉන්න තැන වැරදියි කියන්න බැහැ... වදන්න වදන්න තව තවත් ස්වාභාවික සම්පත්වලට කෙලවිමක් විතරයි වෙන්නේ...  හොඳම දේ තමා යම් කිසි නිශ්චිත සීමාවක් පනවලා දැනට පවතින ජන අනුපාත ඒ විදියටම පවත්වාගෙන යන ගමන් සෑම ජාතියකටම හොදින් ජීවත් වීමේ හැකියාව ඇති පරිසරයක් ගොඩ නංවන එක... රටේ බස්නාහිරට එක නීතියකුයි.. රට මැදට එකකුයි..  නැගෙනහිරට තව එහෙකුයි කරන්න බැහැ... මුස්ලිම් නීති..උඩරට නීතී... තේසවලාමේ නීති.. අරක මේක නැතිව නීතියනං රටටම එකයි වශයෙන් හදලා ඒවා තදින් ක්‍රියාත්මක කරවන්න ඕන... ඒත් ඒවා එහෙම වෙයි කියලනං මං හිතන්නේ නැහැ මේ තියෙන තත්වය යටතේ...

ඒ වගේ තත්වයක් යටතේ බොදු බල සේනාව බිහිවීම සාධාරණයි.. ඇත්තටම ඒ සම්බන්ධව කවුරු කොහොම කිව්වත් මං කැමතියි... හැබැයි... මේ යක්කු ටික මෙයිට වඩා මොලේ පාවිච්චි කරන්න දැන ගන්න ඕන... මොකක් හරි වලියක් තිබුනොත් ඒක ඉස්සරහින් සිවුරු පටලගත්තු කොණ්ඩ රැවුල් වවාගත්තු අයියලා ටිකක් දුවං යනවා... මොන රෙද්දක්ද මේ... මුං ගොං හරක්ද..? මුංට තේරෙන්නේ නැද්ද තව පැය දෙකක් යද්දී ඔය සේරම සෙල්ලං ටීවීවල යනවා කියලා ගෙඩි පිටින්ම... බලන උන් හරක්ද..? මේ කෙලවෙලා තියෙනවා මදිවට තව කෙලෝ ගන්න හොදයි ඒක... “එකක් කඩතොළු හදාගන්නට ගොසින් මට වූ කාරියා.. දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා“ කිව්වා වගේ බොදුබල සේනාවත් කරන්නේ තියෙන ප්‍රශ්න මදිවට තව රෙද්දවල් හදන එකයි... යකෝ කල යුතු දේ තියෙනවා.. ඒ කියන්නේ දෙමළු මරන්නවත් මුස්ලිමුන් මරන්නවත් නෙවෙයි... ඔය නමට වගේ තියෙන බුද්ධ ශාසන අමාත්‍යංශය වට කරලා ඉන්න හොරු ටිකට ගහනවා වගේ දේවල් වාහන හත අට දාගෙන සද්ද දාගෙන යන මැති ඇමැත්තන්ව පාර මැද්දේ නවත්තලා ගහනවා වගේ වැඩ වෙන්න ඕන මේ රටේ... පුළුවන්නං දියවන්නාව ආක්‍රමණය කරන්න බොදු බල සේනාව ගියත් කමක් නැහැ... මොකද නීති තිබ්බට ඒවා නිදිනං.. නීතිය උත්තරීතර වෙන්නේ උන්ට කෙලඋනාම විතරනං... මොන එහෙකටද එහෙවු නීති අපිට... පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ උන්ට කබරයා කන්න ඕන උනාම විතරනං ඒවා අපිට ඇති වැඩක් නැහැ... ගහන්නමයි තියෙන්නේ.. 

හැබැයි ඒකට මේ සිවුරු කරේ දාං මොකට යනවද..? තව දුරටත් මේ රටේ සාමකාමීව ප්‍රශ්න විසදගන්න පුළුවන්ය කියලා හීන දකිනවාට වඩා ටිකක් විතර මිනිස්සු ආක්‍රමණශීලී වෙන එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි ඒක ඒ මිනිස්සුන්ව පාගගෙන හිටිය මහ එවුන්ගේ වරදක්... හැමෝම ද්‍රවිඩ ජාතිකයින්ගේ නැගී සිටීම සාධාරණයි කියනවා වගේ දිගින් දිගිටම පීඩාවට පත් වෙමින් යන සිංහල මිනිහා වෙනුවෙන් සිංහල මිනිහා නැගී ඉන්න එක වරදක් නෙවෙයි... මහත්මා ගාන්ධි ක්‍රමය යල් පැන ගිය එකක්... මහත්මා ගාන්ධිලා බිහි වෙන්න වෙන්න පාලකයින්ටයි හොඳ.. උන් මහත්මා ගාන්ධිටත් අරින ජාතියේ උන්... හැමදාමත් ගහන්න ගහන්න ගුටි කන එකා මෝඩයා. තව දුරටත් ඇස් කං පියාගෙන සුළු ජාතීන් විසින් මහ ජාතියට එරෙහිව කරගෙන යන අසාධාරණකං නොසලකා හරින දේශපාලකයින්ටත් ගහනවා ඇර වෙන දෙයක් කරලා වැඩක් නැහැ... හැබැයි ඉතිං ඒ ගැහිල්ල සිවුරු කරේ දාං කැමරා මැද්දෙන් ගිහින් ගහන එකනං නෙවෙයි... ඒක ඇවිල්ලා බොදුබල සේනාව විසින් අපිටම ගහනවා වගේ වැඩක්...

මුලින්ම රටේ ඉන්න බෞද්ධ ආගමික නායකයින් ටික එකතු කරගෙන ඉන්න ඕන.. ඒකට එකතු නොවන මල්වත්තේ මුදලාලිලා.. අස්ගිරියේ මුදලාලිලා.. ඉනාමළුවේ මුදලාලිලා..  ඉන්නවනං ඒ අයටත් ගහලම පටන් ගන්න ඕන... එක අවුරුද්දක් අරකාට මේකාට ඕන හැටියටයි.. තම තමන්ගේ බිස්නස් ගැන තියෙන තණ්හාවයි අහකින් තියලා සිංහලයා ගැන හිතන්න බැරිනං උන්දලගෙන් ඇති සෙතේ මොකක්ද..? උන්දලටත් නෙලන්නයි තියෙන්නේ.. හැබැයි ඒ හැටි දෙයක් ඕන නැහැ නෙලන්නද එපාද කිව්ව ගමන් ඔය අය එකතු වෙනවා... අවුරුදු පහක් පන්සල් බත් කාපු මං උන්දලාගේ නාඩි වැටෙන හැටි හොඳටම දන්නවා... ඒ හින්දා අන්න උන්නාන්සේලා ටිකත් එක්කාසු කරං සමස්ථ සිංහල සියළු දේශපාලකයින්ට සද්දයක් දාන එකයි කරන්න උවමනා.. එහෙම නැතිව හලාල් ලේබලය පස්සෙයි.. නීති විද්‍යාලය පස්සෙයි දුවන එක නෙවෙයි. 

එහෙම තැන්වලට දුවන්න උවමනාමනං ඔය සිවුරු කට්ටිය දුවන්නේ නැතිව ඒවට දුවන්න හරියන කට්ටියක් යොදා ගන්න ඕන... අර මේ ටිකේ යන නිතී විද්‍යාල කෙරුවාවේ මහ ලොකුවට හාමුදුරුවන්ට ගැහුවෝ කියලා කෑ ගැහුවට වීඩියෝ එකේ හැටියටනං පේන්නේ අර මිනිහෙක් පස්සෙන් පන්න පන්න ගහපු සිවුරු කරේ දාගත්ත උන්දලා ටිකක් මිස වෙන එකක් නෙවෙයි... අර මිනිහා බේරෙන්න පොල්ලක් අරං මුංදලට නෙළුවේ නැතිවට ඒ මිනිහට සම්මාන දෙන්න ඕන... යකෝ සිවුරක් කරට දාගන්නේ එක එකාට ගහන්න යන්නයෑ...

රිසානාගේ කතාව අවසන්... ඒ කතාව ඇතුලේ පණිවිඩේ තියෙන්නේ අපිට නෙවෙයි ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් සමාජයටයි... ඔය තමා ඔහෙලට අත්වෙන ඉරණම... මේක වෙන රටක උනානං..එහෙමත් නැත්තං සිංහලයෙක්ව ඔය ඉරණමට ලක් උනානං ඒක හිතාගතෑකි.. ඒත් තමුන්ගේම ආගම අදහන.. කවදා හරි තමුන්ට  හදිසියකදී ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න මුස්ලිම් ලෝකයේ මහ උන්දලා මේ පොඩි රටක ඉන්න ඔහේලා අපි වගේ මිනිස්සුන්ව පයිසෙකට ගණන් ගන්නේ නැහැ කියන එක... 

අනික තමා දෙයියනේ කියලා කියලා ගෑණුන්ට කැමති ඇදුමක් ඇඳගෙන කැමති කෑමක් බීමක් කාලා පාරේ යන්න පුළුවන් රටක් නිකං ඉන්න බැරුවට ගල් යුගයේ නිති වලින් නාස්ති කරගෙන තමන්ගේ නිදහස තමන්ම නැති කරගන්න තත්වෙකට යන්න හිතනවනං අවසානෙදි වෙන්නේ ගල් වැදිලා..බෙලි කැපිලා මැරෙන්න කියන ටිකත් රිසානගේ කතාව ඇතුලේ තියෙනවා.. ඒ ටික තේරුම් ගත්තනං ඔය අන්තවාදේ නවත්තලා දාලා මේ නිකං ඉන්න සිංහල මිනිස්සුන්වත් නැති යුද්ධෙකට ඇදලා දාන්න උවමනා වෙන්නේ නැහැ...

 සිංහල මිනිස්සු පට්ට කම්මැලි ජාතියක්.. ඒ හින්දා උන් කරන්නේ කන්න බොන්න තියේනං වෙන දේකුත් නැත්තං කාලා බීලා වැටිලා ඉන්න එක.. ඒත් නිකං නැති රෙද්දවල් කරලා උන්ව අවුස්ස ගත්තම එක පාරටම කුපිත වෙලා අතට අහුවෙන දේ විනාස කරන්නත් ඒ හැටි නොහිතන ජාතියක්... අසූ එකේ දැක්කේ එහෙම කතාවක අවසානයක්... එහෙම එක පාරට එන රැල්ලකදී ඉස්සරහට මොකද වෙන්නේ..ලෝකේ මිනිස්සු මොනවා කරයිද කියලා හිත හිත ඉන්න ගති උන්ගේ නැහැ... අනිත් දේ තමා දෙයක් උනාට පස්සේ ලෝකේ ඉන්න උන් ඇවිත් මොන දේ කලත් ඇති වැඩකුත් නැහැ... ඒ හින්දා මේ රෙද්දවල් වලින් ඇති වැඩක් නැහැ..වැඩකට නැති මගුල් අතෑරහල්ලා...

මට එපා තිත්ත වෙලා ඉන්නේ...

06 January 2013

අංගං මාස්ටර්...


මේක මේ බුකියට ලියාගෙන ගිහිං අන්තිම මොහොතේ කල්පනා වෙලා මෙතනම අලවන්ට උස්සං ආපු එකක්... නිමිත්ත අංගං නග්ගන්න රාජ්‍ය අනුග්‍රහය කියලා දැකපු පෝස්ටරයක්...
-------------------------------

දැන් එහෙමට නැති..ඒ කාලේ බොහෝමයක් තාප්පවල පාප්ප වලින් ඇලවුන පින්තූර ටිකක් තිබුනා... මාස්ටර් ජී ටී ලිවේරා..සීවලී වික්‍රමආරච්චිලා වගේ අය.. පස්සෙන් පහු සේනක විජේසිංහලත් ආවා.. ඒත් අතින් පයින් සිල්ප දක්වන්න යනවට වඩා ඒ සල්ලි එකතු කරලා පිස්තෝල කට්ටක් ගන්න එක වඩා ලාභයි සහ ප්‍රයෝජනවත් කියලා ගංවල හිටිය කොල්ලෝ තේරුං ගත්තට පස්සේ ඒ උදවියට ගෝල බාලයෝ අඩු වෙන්න ගත්තා... ඉතිං ඒ අයගේ අර නිතර පාප්ප වලින් පෙගිලා තාප්පවල ඇලවෙන පෝස්ටර් එහෙමත් කාලයත් එක්කම අඩු වෙලා ගියා... එක එක්කෙනා වෙන වෙන රස්සා හොයා ගන්න ඇති... සේනක විජේසිංහලා එහෙම නළු කමට බැස්සා... දේශපාලනේට හේත්තු උනා... ඒත් ඉතිං එදාවේල හොයා ගත්ත හැමෝටම නළුවෝ වෙන්නත් බැරි උනා..දේශපාලනේට යන්නත් බැරි උනා... වෙන රස්සාවල් අහුවෙලත් නැහැ... හැබැයි එයාලටත් එල්ලෙන්න වලිගයක් අහු උනා... ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි  ඇම්බැක්කේ දේවාල කැටයමක් පසුබිම් කරගෙන යන්තං ඉතිහාස පොතක දෙකක ගෑවුන නමක් ගමක් හොයාගෙන ඒවා රසට කලවං කරලා.. සේනක විජේසිංහ විසින් තමුන් දන්න වූෂු කලවං කරලා නිර්මාණය කරපු සිංහලේ සටන් කලාව... “අංගම් පොර“

දැන් සුදලියේ පරම්පරාවෙන් මරුවල්ලියේ පරම්පරාවෙන් පැවත එනවයි කියාගත්ත අංගම් අයියලා වැහි වැහැලා... හැබැයි දැනට දසක දෙකකට කලින් උන් දැනං හිටියෙත් නැහැ ඔය මොන අංගමක්වත්... හොඳම විහිළුව තමා සමහර අංගං කාරයෝ දැන් උන් උන් වලි..ඒ නියම අංගං කාරයෝ තමුන්ය කියලා බෙදා ගන්න බැරිව...

මං දන්න කියන හංවැල්ල පැත්තේ අංගං පොරක් ඉන්නවා... පොර හෙනට ප්‍රසිද්ධයි ඔය අංගං දර්ශනවලට.. හැබැයි මෑන් ඉස්සර චීන සටන් ක්‍රම ටිකක් ඉගෙන ගෙන ඒවාම ළමයි හත් අට දෙනෙකුට උගන්නගෙන හිටිය හාදයා...  හැබැයි ජයන්ත චන්ද්‍රසිරි දඩුබස්නා මානය පෙන්නුවට පස්සේ නියම ලයින් එක අල්ලගෙන මෑන් ගැලෙව්වා සාම්ප්‍රචායික චීන සටන් කලා ඇදුම..ඇදගත්තා සුදු රෙදි කඩයි... රක්ත වර්ණ ඉනකඩයි.. ආන්න දැන් පොර අංගං බුවෙක්... ඒ විතරක් නෙවෙයි ඒකටම හරියන්න ඉතිහාස කතාවකුත් මෑන්ට දැන් තියෙනවා පොර අංගං පරම්පරාවකින් එන හැටි ලස්සනට කියැවෙන... කොණ්ඩෙත් වවලා දැන් නියම සිංහලයා... කතාව දෙබස් තිරනාටකය සේරමත් හරි... ගෝලබාලයොත් ඒවටම හරියන්න හදා ගත්තා... දැන් මෑන් නියම පරම්පරානුගත අංගමෙක්... අහල පහල උන්දලාගේ මතක පොතත් මකලා දැම්මනං ඉතිං ආයේ ලොවෙත් නැහැ...

එහෙම බිහිවෙච්ච අංගං පොරවල් තමා දැන් ඉන්නේ.. ඒත් ඕක කිව්වම අපේ හෙළුව අගයන කීප දෙනෙකුට තද වෙනවා..“ ඔය කිව්වට නියම පරම්පරාවෙන් පැවත එන අංගං පොරවල් තාමත් ඉන්නවා ලංකාවේ කියලා හත් පොලේ දිවුරනවා.. හැබැයි දැකපු එකෙක්නං නැහැ... දැක්කා උනත් මං අර කිව්ව හංවැල්ලේ අංගමා වගේ බුවාලා පණ පිහිටෝලා කියන කතාවක්නං ඉතිං තේරුමක් ඇතෑ...

වැලිවේරියේ චීනලගේ චීනඩිත්.. ගාමිණීලා ඉස්සර චිත්තර පටිවල ගහපු පොල් අඩිත් ඇරුනුකොට ලංකාවේ මෑත කාලයේ ඔය කියන තරං දියුණු අංගමක්නං තිබුනේ නැහැ ජයන්ත චන්ද්‍රසිරි දඩුබස්නාමානය හදනකල්ම... ඕක හදලා වැඩේ නැගලා යන මුල්ම කාලේ පත්තරේකට සේනක විජේසිංහ විසින් දීලා තිබුන සාකච්ඡාවකදී මෑන්ම කියලා තිබුනා ටෙලියට අංගං ගැන හොයද්දී එහෙමට ලොකු දෙයක් හොයා ගන්න බැරි උන හින්දා තමුන් දන්න වුෂූ සිල්පෙන් කොටස් අරං ඒක ටිකක් සිංහල කරලා අර ගත්ත වග... හැබැයි ඒ වෙද්දී ජයන්තවත්..සේනකවත් හිතන්න නැතිව ඇති තමනුත් සටන් කලාවක ආරම්භකයෝ කියලා... ඔය චීන සටන්ක්‍රම වල එන එක එක සත්තුන්ව අනුගමනය කරන සටන් ක්‍රම බිහි වුන හැටි ගැන හදන චිත්තර පටියක් වගේ එකක් දවසක හදන්න පුළුවන් වෙයි ජයන්ත සහ සේනක විසින් බිහි කරපු “නූතන අංගං පොර“ හැදුව හැටි ගැන... හැබැයි ඒක හදන්න ඒ හැටි වියදමක් යන එහෙකුත් නැහැ..දඩු බස්නාමානයෙන්ම වැඩි හරියක් කෑලි අරගෙන වැඩේ ගොඩ දා ගතෑකි...
----------------------------------
බුකියට දිග වැඩි හින්දා මේකේ දැම්මා මිස බ්ලොග් එකට හරියන ලිවිල්ලක්නං නෙවෙයි මේක...

හැකිනම් යමක්...


මේක මේ මට එක්තරා අයකු විසින් එවන ලද මේල්ලුවක්... 
----------------------------------------------------------------


මාරයා අයියේ පුළුවන් නම්  මේ ලිපියට සාධාරණයක් කරන්න 

පංසල අපේ හාමුදුරුවෝ අපේ
ශ‍්‍රී සම්බෝධි විහාරය කෝකිළායි (කුකුළෑව)


කෝකිළායි යනුඋතුරු පළාතේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩ පත්තුව උපදිසාපති කොට්ඨාශයේ පිහිටා ඇති ගම්මානයකි. ත‍්‍රිකුණාමලය සිට මුලතිවු දක්වා සංවධනය කෙරෙන මහාමාගයෙහි කෝකිළායි කළපුව හරහා ඉදිකිරීමට නියමිත දැවැන්ත පාළම තරණය කරමින් නැගෙනහිර පළාතෙන් උතුරු පළාතට සම්ප‍්‍රාප්තවන අයෙකුට අනාගතයේ දී මුණගැසෙන පළමුවන ජනාවාසය මෙම කෝකිළායි ගම්මානයයි. යටකී මාර්ගය මුලතිවු පටන් යාපනය දක්වා සංවධනය කෙරුණ පසු ශ‍්‍රී ලකාවේ උතුරුකරය දකුණුදිග සමග යා කරන ප‍්‍රධාන නැගෙනහිර මුහුදුබඩ මහාමාර්ගය බවට එය පත්වේ. එම කෝකිළායි පාළම තරණය කරන අනාගත පිරිසටඋතුරු පළාතට සම්ප‍්‍රාප්ත වුන විගසමඑම මාර්ගයේ වම් පසින් විහාරයක් දර්ශනය වනු ඇත.
පසුගිය කාලය තුළ මෙම ප‍්‍රදේශයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් මේ විහාර ස්ථානයේ දැනට ඉතිරිව ඇත්තේ ඉපැරණි බෝධීන් වහන්සේලා තුන්නම පමණි. එම විහාරස්ථානය නැවත පූජනීය ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට වත්මන් විහාරාධිපති පූජ්‍ය ශ‍්‍රී තිස්සපුර ගුණරතන ස්ථවිරයන් වහන්සේ ගෙනයන්නේ අතිශය දුෂ්කර ක‍්‍රියාවලියකි. හොරණ ප‍්‍රදේශයේ පොකුණුවිට කිත්සිරිමෙවන් රජ මහා විහාරයෙන් පැවිදිබිමට පත්වූ උන්වහන්සේ කෝකිළායි සිංහළ විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලබාගෙන එහි යන්නේ සංග‍්‍රාමයේ උච්චතම අවදිය වුන 2007වර්ෂයේදීය. ඒ අවධිය වනවිටඑම පාසැලේ සේවය කෙලේ එහි මුල් ගුරුතුමා පමණකි. මේ සා දුෂ්කර පෙදෙසක හා ඒසා බිහිසණු පරිසරයක් මැද සේවය සඳහා නාගරික සැපසම්පත් කැපකිරීමට උන්වහන්සේ පෙළඹුණේ,පදවි-සිරිපුර ප‍්‍රදේශයේ ඉපදී දුෂ්කර බිහිසණු අත්දැකීම් සමග ගත කළ උන්වහන්සේ ගේ ළමා කාලයේ මතකය විය යුතුය. තමන්ගේ එකකුස උපන් වැඬිමහල් සොහොයුරා හමුදා සේවයේ දී ජීවිතය පූජා කරද්දීත්දෙවැන්නා දිවිහිමියෙන් ආබාධයට පත්වෙද්දීත්අනෙක් තුන්වැන්නා දහමුදා සේවයටම බැඳෙන පවුලක සාමාජීයෙකු ලෙසතමන්ගේ සේවයද එම පීඩනයට පත්වූ පිරිස වෙනුවෙන්ම කැපකළ යුතුයයි උන්වහන්සේ සිතන්නට ඇත.
කෝකිළායි ප‍්‍රදේශය විවිධ ආගමිකයන් හා ජාතීන් වෙසෙන ප‍්‍රදේශයකිඅන්‍යාගමික බැතිමතුන් සඳහා සිය ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ආගමික සිද්ධස්ථාන ඇතත් බෞද්ධ ජනතාවට තම ආගමික අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට විහාරස්ථානයක් නොමැත. එනයින් තමන් පත්ව ඇති බලවත් අපහසුතාවය ගැන එම ගම්වැසියන් විසින් නිරතුරුව උන්වහන්සේට සැළකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසටමෙම විනාශවූ ස්ථානය නැවත පිළිසකර කරන්නට උන්වහන්සේ අධිෂ්ඨාන කරගනිති. බෞද්ධ ජනතාවගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සේමජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම පිණිසදමෙම බෞදධ සිද්ධස්ථානය ඉවහල් වෙනු අතැයි උන්වහන්සේ දැඬිලෙෂ විශ්වාස කරති.
කෝකිළායි බටහිර සහ නැගෙනහිර ග‍්‍රාමසේවා වසම් දෙකෙහි ම පදිංචි සමස්ථ පවුල් සංඛ්‍යාව 1000 ක් පමණ වන අතරඑයින් අඩක් පමණ දෙමළද ඉතිරිය සිංහළද යනුවෙන් හැඳින්වෙයි. හින්‍දුක‍්‍රිස්තියානි මෙන්ම බෞදධ යන ලබ්ධි තුටම අයත් මෙම සමහර පවුල්වල දෙමව්පියන් දෙමළ-සිංහළ යනුවෙන් මිශ‍්‍ර ගණයට ලා ගත හැකි අතරසමහර පවුල් හින්‍දු-ක‍්‍රිස්තියානි හෝ හින්‍දු-බෞදධ හො බෞදධ-ක‍්‍රිස්තියානි හෝ යනුවෙන්ද වර්ග කළ හැක.
මෙය සිංහළ ගම්මානය සහ දෙමළ ගම්මානය යනුවෙන් භෞතිකව කොටස් දෙකකට බෙදුනදයටකී සංකීර්ණ අන්තර් පවුල් සම්බන්‍ධතාවයන් නිසා මේ කෝකිළායි වැසියෝ ජාති-ආගම්-කුල යන බෙදීම් ඉක්මවා ගිය මිනිස්කම මෙන්ම තිත්‍වය මත පදනම්වුන හෘදයාංගම සජීවනයකින් බැඳී ජීවත්වෙති. යටකී යුධ සමයේදීමෙ ගම දෙමළ-සිංහළ භේදයකින් තොරව බොහෝ දෙනා ත‍්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වූහ. එයට ප‍්‍රධනතම හේතුව මෙම ගමේ පවුල් බොහෝමයක් ජාති-ආගම්-ගොත‍්‍ර යන පටු වර්ගීකරණය අභිබවා ගිය මිශ‍්‍ර සංයුතියකින් යුක්ත වීමයි.
මූලිකව මෙම විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර එය මුලතිව් දිස්ති‍්‍රක්කයේ ලියාපදිංචි කරන ලද දෙවන විහාරස්ථානය වග සහතිකයේ අංකනයෙන් පෙනේ,
වත_මානයේ මෙම භූමියෙහි තාවකාලික ආවාසයක්වෙයි. එහි බිත්ති සහ වහළය දැවදඩු සහ ටකරං තහඩු වලින් සාදා ඇත. සම්පත් බැංකුවේ අනුග‍්‍රහය හා යුධ සහ නාවික හමුදාවන්ගේ ආධාරයෙන් තනන ලද මෙම ආවාසය තුළ,අවාස-කුටියට අමතරවකුස්සිය සහ වැසිකිළියක් ඇත. සමස්ථ කෝකිළායි ගම්මානයටම තවම විදුලිබලය සපයා නැත. පන්සල් භමියෙහි කණින ලද නල ළිඳක් වෙයි. වැසිකිළියේ මෙන්ම කුස්සියේ කරාමවලින් ගලායන්නේ,වහලය මත ඇති ජලටැංකියට සැදැහැවතුන් විසින් තම භාහු බලයෙන් පොම්පරන ලද එම නල ළිඳෙහි ජලයයි. මෙම නල ළිඳෙහි ජලය සමස්ථ ගම්වාසීන් අතරම ඉතා ජනප‍්‍රියය. ඊටහේතුව නම් විශ්මිත ලෙස එහි කිවුල් බවක් නොමැති කමයි.
මේසා අතිශය දුෂ්කරතා මධ්‍යයේ දෛනිකව ජීවත් වෙමින්මෙම ප‍්‍රදේශ වාසීන්ගේ ආගමික සහ සාමාජයික උන්‍නතිය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේ ගෙනයන වැඩ පිළිවෙල දකින  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුගේ මනසෙහි මතු වන්නේ දැඬි ගෞරවයක් මුසු සෙනෙහසකි. එම වැදගත් කාර්යය වෙනු වෙන්ය මෙකුට කළහැකි හොඳම දේ වන්නේ උන්වහන්සේ ගේ පාරමිතාවට හැකි පමණකින් ධෛර්ය සහ ශක්තිය සැපයීමයි. මේ සම්බන්‍ධයෙන් අපේ ප‍්‍රයත්‍නය වී ඇත්තේ උන්වහන්සේ ගේ ආගමික සහ සාමාජයික කටයුතු තව තවත් තීව‍්‍රව හා ක‍්‍රමිකව කරගෙනයාමේ පහසුව සඳහාවර්ග අඬි 1000 ක පමණ වපසරියැති අවම පහසුකම් සහිත කුඩා ගොඩනැගිල්ලක් තනාදීමයි. එය කුඩා කාමර දෙකකින්එක් වැසිකිළියකින් සහ තරමක ශාලාවකින් යුක්ත වෙයි.
දැනට මෙහි දැනෙන බරපතල අඩුපාඩුවක් වන්නේඑහි යනෙන දුරස්ථ කිසිවෙකුට රාත‍්‍රිය එහි ගතකිරීමට කිසිදු පහසු කමක් නොවීමයි. කෝකිළායි ග‍්‍රාමයට ගොඩබිමින් යාමටපදවිය සහ කොක්‍කුතුඩුවායි හරහා අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළයුතුය. විකල්පය වන්නේ,ත‍්‍රිකුණාමලයෙන් උතුරට පුල්මුඩේ දක්වා ගමන් කොට කෝකිළායි කළපුව ඔරුවකින් තරණය කිරීමයි. මෙම ක‍්‍රම දෙකටම මහත්වූ කාලයක් අවශ්‍ය වෙන බැවින්කොළඹ වැනි දුරබැහැරින් පැමිණෙන  ඕනෑම ආගන්‍තුකයෙකුට පැය කීපයකට වඩා මෙම පුණ්‍ය භූමියේ රැඳීසිටීමට අවකාශ නොලැබේ. අප මෙහි ගොඩනැගීමට යෝජනා කරන නිවස්නෙහි තිබෙන අමතර කාමර මෙම අඩුපාඩුව මකා දමන්නට සමත් වෙනු ඇතැයි විශ්වාස කරමු. එ්අතර කුඩා වන්‍දනා කණ්ඩාය මකට වූවද එහි ඇති ශාලාව යම් ප‍්‍රමාණයකට හෝ අවම පහසුකම් සහිත සහනදායී නවාතැනක්වනු ඇත.
මෙම සීමිත භූමියෙන් උපරිම ඵලයක් නෙලා ගැනීම පිණිසවිහාරය,චෛත්‍යය,බෝධිඝරයන් ත‍්‍රිත්‍වයධර්මශාලාවපොහොය සීමාවසංඝාවාසය යනාදී ආගමික ගොඩනැගිලිදඒවායේ පූජනීයත්‍වයට හානියක් නොවන පරිදි,පෙර පාසලක්දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්පරිඝණක මධ්‍යස්ථානයක් හෙවත් නැණසලක්පුස්තකාලයක්ඉතුරුම්බැංකුවක්සේවාපියසක් හෙවත් වෘතීය පුහුණු මධ්‍යස්ථානයක්ආදර්ශ ගොවිපලක් යන සමස්ථ ගම්වැසියන්ගේ සාමාජයික උන්‍නතිය වෙනුවෙන් කැපවුන පහසුකම් සියල්ලමද විධිමත්ව කළමණාකරනය කරගත හැකි ගොඩනැගිලි සංකීර්ණයක මූලික වාස්තුවිද්‍යාත්මක සැලැස්මක් [ Master Plan Layout ]අවශ්‍යය තාක්‍ෂණික උපදේශ වලට අනුකූලව උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ සැලැසුම්කර ඇත. අප විසින් ගොඩනැගීමට යෝජීත නිවස්නය වනාහීමෙම මූලික සලැස්මේ අන්‍තර්ගත වෘතීය පුහුණු මධ්‍යස්ථානයවෙයි.
-------------------------------------

Kokilai is a village in the Maritime-pattu AGA Division of the Mulaitivu District of the Northern Province. This will be the very first habitat metupon crossing the future bridge over the KokilaiLagoonenteringtheNorthern Province from the Eastern, through the road under construction from Trincomalee to Mulaitivu,. This road when extended to Jaffna would be the main link between South and North along the Eastern Coast. In the future one will see a Viharayafacing the road on its’ left side, a few hundred meters after entering the Northern Province.

This Sri SmabodhiViharayahas been decimated,duringthe terrorist conflict, and the present remains there are Threeancient Bo-trees only. The incumbentpriest,RevSri TissapuraGunarathanaThero, is making a herculean effort to restore this temple to a place worthy of worship. Ordained at the PokunuwitaKithsirimevanRajamahaViharaya in Horana, he has moved in as a Volunteer Teacher to the KokilaiSinhalaVidyalaya,at the height of the troubles in 2007, whenit’s only other staff member was the Principal. His renouncement of the comforts of his urban temple to undergo unimaginable hardships within this conflict zone, must gave been an answer to thecall of duty, as one born and raised in Padavi-Siripura in a family of five where all the brothers enlisted with the forces to engage terrorists; one paying the supreme penalty, a second maimed for life, and a third still in service

The residents in Kokilaiare a mix of all religions and races. While there are several places of religious worship within the area, there is noproper place of worship for the Buddhist. His decision to rejuvenate this place is a result of the repeated requests made by the villagers while teaching there. He believes that apart from alleviating the difficulties of the Buddhists, it can contribute to the harmonious coexistence of the villagers as well. 

Demographical landscape of Kokilaiis unique. It holds about 1000 families, of which half can be classified as Tamil with the rest as Sinhalese. Significantly, Parents of some of thesefamily units are a mix of Sinhala and Tamil ancestry. Hence, thegeneralclassification does not portray the reality here. This is further complicated as the parents of some families are a mix of Hindu-Christian, Hindu-Buddhist and Buddhist-Christian faiths.

Although the Kokilai Village is geographically divided into two halves called the Sinhala half and Tamil half, the intermixing that has taken place among them have created a harmonious relationship that transcends all the narrow divisions of racial-religious-communal classifications. The people of this village were under threat from the terrorists, irrespective of their established racial nomenclature, particularly due to their transcendental racial and religious connections

TheViharayahas been registered with the Department of Buddhist Activities and it should be noted that this is the second such registered Viharaya within the entire Mulaitivu District.

At present there is a temporary timber shed clad with GI sheets on the roof and sides which is the Awasaya including the kitchen. Living and Toiletfor the Priest.This has been constructed by the Army and the Navy with the assistance of the Sampath Bank. There is no electricity in the entire village. A tube well has been dug in the premises, and an overhead tank provides running water to the Awasaya Toilet provided it is hand pumped to the Tank by some devotee. Water of this well is very popular among the villagers as it is miraculously free of alkalinity, which is helpful in this respect

When the abject hardships endured everyday, by our priest in the service of the Sasanaya and national harmonyisobserved, ones heart it filled awe and admiration, andcompels to make the maximum possible contribution towards his attempt, in whatever manner possible. We are trying to put up a modest building of 1000 sifts with the very basic comforts to make the life of this priest a little convenient, so that he can concentrate more productively on the religious and social undertakings that he is planning for the villagers. It will consist of two small rooms, a toilet, and a fairly large hall

One of the biggest drawbacks now is that there is no place to stay overnight for any visitor. To reach Kokilai by land one has to traverse through difficult terrain passing Padaviya through Kokutuduwai. The alternative route is to pass Trincomalee and travel north up to Pulimodai, and cross the Lagoon by boat. Both these routes take a lot of time.Any visitor from Colombo is thus left with only a couple of hours that can be spent in Kokilai. The planned building consists of an additional room which can be of help in that respect. It also has a fairly largehall that can provide overnight shelter to a larger group; though with minimal facilities, until better buildings are constructed some day

A Master Plan has been drawn by the Priest with some Professional Architectural Assistance, and our targeted building will eventually end up as the Vocational Training Institute, in the permanent complex ultimately. The Master Plan incorporates a Pre-school, Day Care Centre, Computer Centre – Nanasala, Library, Savings Bank, Vocational Training Institute and a Model Farmwithin this limited land area, to sit alongside the religious buildings such as the Viharaya, Chetiya, Three Bhodhigarayas, Dharmashalawa, PohoyaSeemawa, and the Sangawasaya without compromising the sanctity of them.
The monk who scarified his life for country 
VEN, MAHAMITHAWA PANNARATHANA THERO
(MahamithawaHamuduruwo)
(Tripitakacarya, B.A (sp), Director of MAGADHI, publication Institute of Pali and Buddhist Studies,Former project officer The Presidential Secretariat of the 2600th Sri SambuddhatvaJayanti Steering Committee , Coordinating office SamasthalankaSasanarakshakaMandalaya Department of Buddhist Affairs,Founder of “BODU PUBUDUWA”)

---------------------------------
ඔය තමා සටහන.. පස්සේ මං කතා කරලා එහෙ පින්තූර ටිකකුත් ගෙන්න ගත්තා...



මං අමුතුවෙන් දෙයක් එකතු කරන්න යන්නේ නැහැ... කැමති කෙනෙක් ඉන්නවනං මේ ගැන අවධානය යොමු කරමු... මේ ඒ සම්බන්ධ වැඩි විස්තර...

























01 January 2013

සතුටු වෙයල්ලා..ඉරිසියාව අත ඇරහල්ලා... ඉරිසියාකාර බ්ලොග් කාරයෝ...

අපේ රටේ ඉන්නේ මහ මොක්කුද වගේ ජාතියක්... එකාට එකෙක් නැහැ.. එකෙක් දියුණු වෙනවා බලං ඉන්ට බැහැ... මුංගේ ඇස් දනවා... ඇයි යකෝ කවුරු හරි එකෙක් දියුණු වෙන්ට තනනවනං ඒකට අකුල් හෙලුවා කියල හරි ඒකට විරුද්දව කතා කලා කියලා හරි ඒක නවත්තන්ට ඇහැකිද..? අනික කවුරු හරි මොනම ක්‍රමයකින් හරි දියුණු වෙන්ට හදද්දී ඒකට පඩත්තල කතා කියන්ට ඕනද..? මටනං මෙව්වා ගැන හිතද්දී අම්බානකට කල කිරෙනවා... පුදුම මිනිස්සු... මේ බ්ලොග් කාරයෝ අතරෙත් එහෙමමයි..මට මේ දැන් ටිකකට කලින් අහු උනා එහෙම අනුන්ගේ දියුණුව දකින්න බැරි ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ දෙන්නෙක්..මට කණගාටු එයින් එකෙක් මගේ බ්ලොග් ගමනට බොහෝම උපකාර වෙච්ච එකෙක් වීම... මං කවදාවත් හිතුවේ නැහැ ඌත් එහෙම එකෙක් කියලා..බලං ගියාම මුං ඔක්කෝම එකයි...

මෙහෙම වෙලාවක මං ඒ බ්ලොග් කාරයෝ දෙන්නගේ නං නොකියා හිටී කියලා හිතුවද පින්වතුනි.. හපෝ නැහැ උන්ගේ රෙදි ගලවන්න ඕන... මුං දෙන්නා තමා අර පාන්දරයා සහ රෙජිස්ටර් බෙබා... ආයේ මොකටද හංගන්නේ.මෙහෙම උන්ගේ නං ගං මෙහෙම කෙලින්ම කියන්ට ඕන...

දැන් මේ හදිසියේ කස්ටිය බලයි ඇයි මේ මං සරම කරට අරං සද්දේ දාන්නේ කියලා.. දැන් බලන්න පින්වතුනි මේ දැන් ටිකකට කලියෙන් වෙච්ච දෙයක් මේ...

අපේ ඔය පාන්දරයා කොහේද මංදා තිබුන ලින්ක් එකක් උස්සං ඇවිත් බුකියේ දැම්මා... ඒ ලින්ක් එකේ තියෙන්නේ අර පොලොන්නරුවේ මනංපිටිය දිඹුලාගල හරියේ අහිංසක ගෑණු මනුස්සයෙක් දියුණුවෙන්න හිතං කොල වැඩක් ගැන කියවිලා... ඒ උන්දෑ වැඩි යමක් කරලා නැහැ... කරලා තියෙන්නේ මේ අහසින් වැටුන උල්කාපාත කෑල්ලක් ඉඹලා බලන්න ගිය එක විතරයි.. ඒත් ඉතිං ඒක ඉඹලා උන්දැට සිහි නැති වෙලා... එහෙම දේවල් වෙනවා තමා ඉතිං.. මොකද දැන් ඔය ලෝක ප්‍රසිද්ධ සොයා ගැනීම් කරපු උන් ඒ දේවල් එක තත්පරෙන් හොයා ගත්තයෑ.. නැහැනේ... අවුරුදු බර ගානක් කැරකිලා..දත කට පූට්ටු කොරං..බුරිය විකං නැහිලානේ ඒ දේවල් හොයාගෙන තියෙන්නේ...සමහර උන් හෙළුවෙන් පාර පුරා දුවලා හිටං තියෙනවා... ඒ වගේම ඒ ඒ පරියේෂන වලදී මේ ගෑණියෙක් සිහි නැති වෙනවට වඩා එහා ගිය දේවල් ඕන තරං වෙලා තියෙනවා.. එහෙමයි කියලා ඒක පාච්චල් කොරලා කතා කරන්න වටිනවද මං අහන්නේ...

ඒත් මේ අපේ පාන්දරයා ඒ ලින්ක් එක බුකියේ දාන ගමන් පහලින් ලියනවා මෙහෙම...

//අපේ උන්දැලාට පිළිකා හැදුනත් කමක් නෑ පත්තරේ ටීවී එකේ පින්තූරේ වැටෙනවනං!//

ඌ එහෙම ලියද්දී අර අනිත් එකා..ඔව් ඔව් අර රෙජිස්ටර් බෙබා ඇවිත් කියනවා මෙහෙම...


//මන් අහලා තියෙන්නේ නම් ඔය උල්කාශ්ම කියන ඒවා අභ්‍යවකාශේ තියෙන නිසා අධික විශභීජ ප්‍රමානයක් අඩංගු නිසා අතින්වත් අල්ලන්න හොඳ නැහැ කියලා. ඕවා නිසා හඳුනා නොගත් ලෙඩක් උනත් හැදෙන්න පුළුවන් කියලා. දැන් ඕවා බදාගෙන ඉඹලා ෆොටෝ අරන් පත්තරේ දාන, ටීවී එකේ යන උන්ට ලෙඩ හැදුනොත් කියයි ඒකත් පිටසක්වල ප්‍රහාරයක් කියලා.//


අනේ ඉතිං මේක මුංටම ගිය රට... ඇයි යකුනේ මේ හැටි අර ගෑණිට මුංදලා ඉරිසියා කොරන්නේ..?

ඔන්න දැන් බලන්ට පින්වතුනි මේ කාරණා දිහා...

බොහෝම අහිංසක කොලුවෙක් ඉන්නවා... දවසක් ඌට මේ මකුළුවෙක් හපනවා... දැන් ඔය අපිටත් පොඩි කාලේ ඕන තරං කූඹී කාලා තියෙන්නේ..දිමි කාලා තියෙන්නේ..කඩි කාලා තියෙන්නේ.. ආන්න ඒ වගේ... හැබැයි මේ මකුළුවා කාපු කොල්ලා අර කඩි කාපු දිමි කාපු අපිට වඩා වාසනාවන්තයි... මොකද එයින් පස්සේ ඌ ලෝක ප්‍රසිද්ධ බුවෙක් වෙනවා..අම්බානක වැඩ කිඩ පුළුවන් වෙනවා.. කොටින්ම ඌ එදායින් පස්සේ බස් එහෙක කෝච්චියටකවත් සල්ලි දීලා ගිහින් නැහැ... පාන් බාගයක් ගේන්න කඩේට යන්නෙත් උගේම නූලක එල්ලිලා... ඒ හරහා ඌට ලැබුන චෑන්ස් ගැන කියන්න ගියොත් මේක කියලා ඉවර කරන්න වෙන්නේ නැහැ... 

හරි ඔන්න තව එකෙක් හිටියා... ඌ මොකක්ද මංදා පරීක්ෂණයක් කරන්න ගිහින් ඒක කෙලවෙලා අන්තිමට හෙන දඩාර සයිස් යෝධයෙක් වෙනවා... නිකං යෝධයෙක් නෙවෙයි ඌ  යූ ඇන්පී යෝධයෙක් වෙනවා... අර හල්ක්ද කවුද කියන්නේ... හිතලා බලන්ටකෝ..එසේ මෙසේ වැඩද කියලා...

තවත් ඔය වගේ සෙට් එකක් හිටියා... උන් ඔන්න ඔය අභ්‍යාවකාසේ ටුවර් එකක් යද්දී මොකක්ද මංදා වැහි කෝඩෙකට අහු වෙලා සෙට් එක පිටින්ම අමර බුවාලා උනා... උන්ට බැරි දෙයක් නැහැ... එකෙක් ඉබ්බෙක් වගේ හයිය හත්තිය ඇති පොරක් වෙද්දී..තව එකෙක් රබර් කෑල්ලක් වගේ වෙනවා... අනිකා ඇස් දෙකෙන් ගින්දර පිට කොරනවා... ඒ අස්සේ හිටිය තව එකියක් නොපෙනී යන්න ඇහැකි එකියක් බවට පත් වෙනවා... බලන්ටකෝ ආයිබෝං ඒ දවස්වල අපේ රාවණා රජතුමාගේ කෝකටත් තෛලේ වගේ තිබුන වරිගපූර්ණිකාව පොතේ තිබුන කලුවර අදුන වගේ දේකින් ඇර වෙන එහෙකුට පුළුහංද නොපෙනී යන්ට... එහෙව් වාසනාවක් අර කෙලීට ලැබුණා...

ඔය ඔක්කෝමත් පැත්තකින් තියමුකෝ... ඒ හැම එකටම වඩා හපං කතාව තමා අර ස්මෝල් විල්ද කොහේද කියන ගම්මානෙට අහසින් වැටුන පොඩි එකා... හප්පා ඌ යක්ෂ පැටියා... ඌට කරන්න බැරි කෙංගෙඩියක් නැහැ... අහසේ පියාඹනවා... ටොං ගනන් උස්සනවා ජිල් බෝල සයිස් එකට... වෙඩි උණ්ඩ කටින් අල්ලනවා... කලිසමට උඩින් ජොකා අඳීනවා... කොටින්ම ඌට බැරි අර අපේ ජේ ආර් පප්පටත් බැහැය කියලා තිබුන දේ විතරයි... අර ගෑණු මිනිස්සු කොරන්නයි මිනිස්සු ගැහැණු කොරන්නයි... (කෙල්ලෝ ගැහැණු කොරන්නනං පුළුහං වෙන්ට ඇති මයෙ හිතේ...)

ඉතිං බලහල්ලා මෙච්චර දේවල් පුළුහං උදවිය මේ නිකං පහල උනාද.. නැහැ අමුතු අමුතු දේවල් වලින් තමා ඔය හැම දේම සිද්ධ උනේ...

ඉතිං...

ඉතිං කියන්නේ දැන් මේ කියන මනංපිටියේ ගෑණු කෙනා උනත් ඔය උල්කාපාත කෑල්ල ඉඹින්ට ගොහින් නිකං හරි අර කලින් සිද්ධිවල වගේ අමුතු පවර් එකක් ලැබිලා අහසින් යන්ට එන්නට ගත්තනං... අතින් අල්ලලා පාරේ දුවන වාහන සුටුස් ගාලා නවත්තන්ට ගත්තනං... හොරු මංකොල්ල කාරයෝ තොග ගානට අල්ලලා පොලෝසියට බාර දෙන්න ගත්තනං... කාටද ආඩම්බර... කාටද ඒකේ නම්බුව.. මේ දුප්පත් පුංචි රටේ අපිට නේද..? ඒ ගෞරවේ අපිට ලබා දෙන්න නේද මේ ගෑණු මනුස්සයා තමුන්ගේ දිවි පරදුවට තියලා අර උත්සහය අරගන්නේ... මොන තරං උත්කුරුස්ඨ කාන්තාවක්ද..? මොන තරං දේෂහිතයිසී කාන්තා රත්නයක්ද.. එහෙව් අම්මණ්ඩිට නේද අර යක්කු අරෙහෙම පඩත්තල කතා කියන්නේ... අම්මපා ඉතිං මයේ යකා ඇවිස්සෙන එක අහන්ටත් දෙයක්ද..? මුංගේ ඉරිසියාවනේ ආයිබෝං.. අපේ එකෙක් උඩිං යයි කියලා... තුක් ඉරතක්...

අනික ඔය අල්කාපාත කෑල්ල ඉම්බා කියලා ඔයාකාර දෝස කියන්ට ඕනද අර ගමක අහිංසක ගෑණු මනුස්සයෙකුට.. දැන් ඔය අපේ උන්දලා අතේ තියෙන තුට්ටු දෙක විතරක් නෙවෙයි ඇදන් ඉන්න සරම කමිසේ හිටං උගස් කරලා ඒවා පරදුවට තියලා බූරු ගහන්නේ නිකංද..? එතකොට රුපියල් විස්ස විස්ස පුදලා ලේසියකට දිනුමක් නැහි බව දැන දැනම සුවිප් ටිකට් ගන්නේ නිකංද..? ඇයි එතකොට අස්ප රේස්වලට සල්ලි දාන්නේ..මොකද ඒවයින් ගොඩ ගිය උන් බුරුතු ගානට ඉන්නවා කියලද..? නැහැනේ.. මේ හැම එකක්ම කරන්නේ යම්කිසි දියුණුවක් ලබන්ට.. ඒත් ඉතිං ඒ හැම එකක්ම හරි යනවෑ.. එහෙමයි කියලා අපි එහෙම නොකර ඉන්නවෑ... ඒ හැම දෙයක්ම මනුස්සයෝ කරන්නේ දියුණු පමුණු වෙන්ට..ඉතිං එහෙවු එකේ මේ කොහේවත් යන ගල් කෑල්ලක් ඉම්ඹා කියලා ඇති වරද මොකක්ද.. අනික ඒ ගෑණු මනුස්සය ඉම්බේ ගල් කෑල්ලක් මිසක් අහල පහල අනුන්ගේ මිනිහෙක්වයෑ... එහෙම ඉම්බත් ඒ ගෑණු මනුස්සයගේ මිනිහටත් නැති රුදාවක්නේ මුංදලට තියෙන්නේ... තූ..තූ... මෙහෙමත් ඉරිසියාකාරයෝ....

හනේ ඉතිං අර උන්දෑ ඔය උල්කාපාතේ ඉඹලා.. කොහොම හරි අර සුපිරි පවර් එකක් ලබා ගත්තනං... අපිට කොයි තරං දෙයක්ද ඒක.. එහෙමනං උන්දෑ රෙද්ද හැට්ට ඇදලා... හැඳි මිටක් අතින් අල්ලගෙන.. අර හිට්ලර් අත දික් කරං ඉන්නවා වගේ ඒ හැදි මිටත් උරුක් කරං අහසේ වෙඩිල්ල වගේ විදලා යන ගමන් මේ අපිව දැක්කම ටටා පාරක් එහෙම දීගෙන යද්දී කාටද ඒකේ සංතේසේ... කාටද ඒකේ නම්බුව... ඒ ගැන හිතහල්ලාකෝ ටිකක්... හප්පා එහෙම හිතද්දිත් මට දැනෙන සංතෝසේ... අනේ මේක දකින ඔය ගංවල මලයලා නගාලා..නැන්දලා මාමිලා.. අක්කිලා අයියලා... හැමෝම ඔය පාන්දරයලා වගේ ඉරිසියාකාරයින්ගේ පඩත්තල කතාවලින් අදයිරියට පත් නොවී... අහසින් වැටෙන හැම ගස් ලබ්බම අල්ල අල්ල බලහල්ලා.. බලලා ඉඹහල්ලා... ඒ කොහොම හරි කරලා මේ මෙලෝ රහක් නැතිව ඉන්න අපිටත් අපේ පණ කෙන්ද ලිස්සලා යන්ට කලින් දැක බලා ගන්ට අහසේ වටයක් දෙකක් ගහපල්ලා... එච්චරයි වෙන්ට ඕන...

ඔය ඉරිසියාකාරකං කරන උනුත් ඒවා අතෑරලා මෙහෙම දේකදී ඒ අයව උනන්දු කරවන්ට උත්සහ ගනිල්ලා... ඒකයි අපෙන් වෙන්ට ඕන ජාතික මෙහෙවර... එහ්නං...

එහෙමනං ඕං ආයෙත්...



මේ පෝස්ට් එක ලියන්න කියලා පටන් ගද්දී තමා දැක්කේ යකෝ ගිය අවුරුද්දට ලියපු පෝස්ට් ගාන හරියටම 199ක්නේ කියලා... ඕක ඊයේ රාත්තිරියේ මයේ ඇහැ ගැටුනනං තව එකක් ලියලා 200ක් ගහනවනේ... නූලෙන් මිස් උනා නෙව... එයිට කලින් අවුරුදු දෙකේම පෝස්ට් 200 පැනලා ලියවිලා තිබුනා උනත් ගිය අවුරුද්දේ 200ට එකක් අඩු වෙලා.. ඕකට ඉතිං හේතුව ගමන් වැඩි වීමම තමා... අනිත් එක බ්ලොග් එක පමණටම මූණු පොතෙත් ජීවත් වීම... මෙතනම ලියන්න තිබුන හුග දේවල් මුණු පොතේ ලියැවිලා..පල වෙලා නැවතුන හින්දා වැඩි හරියක් මෙතනට එකතු වෙන දේවල් අඩු උනා... ආ ගිය ගමන්වල සටහන් සෑහෙන හරියකට ඒ දේ උනා...

කොහොම උනත් ඉස්සරහට ලිපි ලියන වේග තව දුරටත් අඩු වෙන්න හැකියාව තියෙනවා... අපි දැන් වයසක මෑන්ස්ලා නෙව... මුල්ම කාලේ අතට අහුවෙන හැම එකම ලිය ලිය හිටියා උනත් දැන් දැන් ඒ වගේ පොඩි පොඩි දේවල් බුකියෙන්ම අහවර වෙනවා... ආයේ මොටද මෙතන ඕවා ලියලා නිකං කොල්ලංගෙන් බැනුං අහගන්නේ... මට මහළු වයසේ බැරිය බ්ලොග් කෙරුවාව පෙර සේ කියලා හැකි දේ විතරක් ලියන්න ගත්තම ඔය ෂේප් එකේ හිටියැකි... එහෙම නැතිව පඩයක් ගියත් ඇවිත් මෙතන ලියන පරණ පුරුද්ද දැන් ටිකක් අඩු කොරන්ට ඕන... :D මෙව්වා තියෙන්නේ එහෙම ඒවට නෙවෙයි බොහෝම හර බර එව්වා මෙව්වා ලියන්න කියලයි ඒ දවස්වල සමහරු මට උපදෙස් දුන්නේ... කෝ ඉතිං මගේ තියෙන නොසණ්ඩාල කොමට මං ඕවා කනකට ඇහුවේ නැතිව අතට අහුවෙන හැම රෙද්දම මෙතන එබුවනේ... කයි කෑලි... කෑම ජාති... අරවා මේවා හැම එකම... එහෙම කරලා ප්‍රබුද්ධ පොරවල් වලින් ජාති කතා අහ ගත්තා... 

ඔය සමහර වෙලාවට මෑතකදී බ්ලොග් ලියන්න ගත්ත නංගිලා මල්ලිලා මාවත් ඔය ප්‍රබුද්ධ ප්‍රවීණ බ්ලොග්කරු ලේබලේ යටතේ අමතන්න ගත්තම මට පොළව පලං යන්න තරං ලැජ්ජාවක් උපදිනවා... මෙලෝ හරයක් නැතිව අරකයි මේකයි ලිය ලිය එදාවෙල හොයා ගන්න එකෙක් වෙච්ච මට මොන ප්‍රවීණ ලබ්බවල්ද..? මට ඉතිං අවුරුදු ගණන් පර්යේෂණ පවත්තලා කරුණු හොයාගෙන... නණ ලළ බේධ සලකමින් වියරණය තිතට රකිමින් ලියන ආකාරයේ ලිපි ලිව්ව හැකියෑ... එහෙම බැලුවම සිංහල බාෂාව ඊටින් කරන්න දායක උන තවත් එකෙක් විතරයි මංතුමා... ඒත් මක්කා කොරන්නද..? පුංචි අපිට නැද්ද ඉඩක් කියලා ඇහැකි විදියට ලියං යනවා ඇර...

මේ ඒක නෙවෙයි..අර මුලින් හෙන අස්ප ටෝකක් දුන්නට මොකද..මට ආයත් හිතෙනවනේ අද උදේ ඇරිය පඩයක් ගැන මෙතන ලියලා දාන්න...  මදෑ කොලා...අස්ප ටෝකක් දිලා විනාඩි පහක් යනකල් මට මගේ ටෝක පරිස්සං කර ගන්න බැරි හැටියක්...
------------------

අද උදේ මං කිරිබත් ඉව්වා නෙව... පහුගිය අවුරුදු එහෙකවත් මං කිරිබත් ඉව්වේ නැහැ මට මතක හැටියට... හැබැයි ඉතිං කොහෙන් හරි ජාතියේ පිනකට කිරිබත් ටික වැරදුනේ නං නැහැ... ඒත් මෙදා පාර මට හිතුනා ඔන්න ඔහේ කිරිබත් පාරක් දාලාම අවුරුද්ද පටන් ගන්න.. ඒ හින්දා ඊයේ ගෙහුන් සුදු කැකුළු හාලි ටිකකුත් ගෙනත් දැම්මා... අද උදේම ඉතිං තකහනියේ නැගිටලා කොරලා රයිස් කුකරය ආධාරයෙන් කිරිබතකුත් උයලා... ලුනු මිරිසකුත් හදාගෙන ඊයේ රෑම ඒදලා උයලා තියාපු මිරිස් මාළුත් එක්කම වළදලා කොරලා දවල්ටත් එයින්ම ටිකක් ඔතාන ආවා වැඩට...

අද ඉතිං මේවෑ ඒ හැටි වැඩක් කෙරෙන්නේ නැහැ.. ඔන්න උදේ ආවා කිරි ඉතිරෙව්වා... පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා වැඩක් කලා.. එකොළා හමාර වෙද්දී වර්ක් ෂොප් එකේ උදවිය යන්ටත් ගෙහුං අහවරයි... තව ටිකකින් ඔෆිස් ළමයි ටිකත් ගියාම පලවෙනිදා රාජකාරි අහවරයි... ඔහොම තමා කොයි අවුරද්දත් පටන් ගන්නේ... හෙට ඉදන් වැඩ තමා ඉතිං...
------------------

හම්මේ ඇති යන්තං..හිතට මාර හෑල්ලවක් දැනෙන්නේ ආන්න එහෙම ලියලා දැම්මම... එහෙම නැතිව හිතට අරං හර බර ඒවා ලියන්න ගියොත් මේක නිකං මගේ බ්ලොග් කටුව නෙවෙයි වෙන කාගෙදෝ එකක් වගේ කියලා මට හිතෙන්නේ... ඒ හින්දා මේ අවුරුද්දත් ඔය හිටියා වගේ සරල සිම්පල් වලින්ම ගෙවා දාන එක තමා හොඳම දේ... ආයේ නොදන්න සිල්පෙට ගොහින් මොකට වරිගේ නහ ගන්නවද..?

එහෙමනං ඕං පරණ විදියටම අළුත් අවුරුද්දත් ඇදං යං... තමන්ගේ මට්ටං තං මට්ටං කිව්වළු...