27 July 2013

සමු ගැන්ම...

කිඳුරිදු ඔබ විය ඈත අතීතේ...
රජ හී පහරට ලය දී මියැඳුනු..
එදා පටන් මේ වන තුරු භවයේ..
ආවෙමු එක් වී යුග යුග ගණනේ..

වෙන් වී යන්නට යලි නොඑනා සේ..
අද දින අප හට සිදු විය මෙලෙසේ..
යුගෙන් යුගේ ආ මේ දුරු භවයේ..
අවසන මේ ලෙස වෙන් විය යුතුවේ..

දරු දන් දුන්නට වෙසතුරු භවයේ...
කිසිදු ලෙසින් නැත මා වෙර බැන්දේ..
පෙරුමන් පුරමින් බුදු බව පැතුයේ...
ඔබගේ අභිමන් අද පල දැරුවේ...

හිමියනි මෙතුවක් ආ මේ සසරේ..
වරදක් දැන දැන නැහැ මා කෙරුවේ...
යන්නට අවසර දෙනු මැන සුහදේ...
අවසන මෙය වේ අපගේ ගමනේ...

-------------
අනන්ත වූ භව කතර පුරා එක්ව බැඳී ආ ඇය..
අවසන භද්ද කච්චායනා යන නමින් සසර අවසන් කෙරුමට පෙර ඒ බව සිය භව සහකරුවානන් හට දන්වා පිටව යන මොහොත ගැන තවත් කෙනෙකු විසින් කල දෙසුම අසනා කල හිතේ ඇඳුනි මේ පද පෙල...

24 July 2013

දයා..සොරි...වෙයි...

අර පරණ ජන කතාවකුත් තියෙන්නේ කවුදෝ මංදා කොලුවෙක් කස්ටිය බය කරන්න “කොටියා ආවෝ..කොටියා ආවෝ..“ කියලා කෑ ගහපු... හැබැයි ඇත්තටම කොටියා ආපු දවසේ කොලුවට බඩු සැට් උනා...

එතකොට අර තව කතාවක් තියෙන්නේ නරියෙක් එළුවෙක් පස්සෙන් ගිය... අර එළුවගේ හෙල්ලි හෙල්ලි පැද්දි පැද්දි යන අණ්ඩ කෝෂ යුග්මය “දැන් හැලෙයි දැන් හැලෙයි“ කියලා හිත හිත එහෙම හැළුනොත් අහුලගන්න බලාගෙන... හැබැයි කවදාවත් ඒක හැළුනෙත් නැහැ..නරියට ඒක හම්බ උනෙත් නැහැ...

රයිටෝ ඔය පරණ ඉස්ටෝරි මෙතැනට වැඩක් නැහැ මං මේ ලියන්ට ගියේ දයා සොරි වීම ගැන නෙව...

ඇත්තටම කිව්වොත් මංනං මේ දයා සොරි වීම ගැන ඒ හැටි කැමැත්තක් නැහැ... මට අනුවනං විපස්සේ ටිකක් හරි හයියක් වෙන්න හිටිය එකා මේකා... නිකං අර මෙලෝ රහක් නැති උන් සොරි උනාට කමක් නැහැ..මොකද හිටියත් කරන්නේ පැත්තක් අල්ලං දපලා ඉන්න එක නිසා.. එහෙට මෙහෙට කොහෙට සොරි උනත් උන් එහෙමමයි.. රටේ එකාලට උන්ගෙන් ඇති තඹ දොයිතුවක වගක් නැහැ...

ඒත් දයා සොරි වීම රටේ ප්‍රජාතන්තරේට ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි... විපස්සේ උන්දලා නිකං හිටිය ගමන් සෝඩා බෝතලේ කැඩුනා වගේ මෙලෝ රහක් නැති පොරකාස කොරන අතරේ දයා ටිකක් වැදගැම්මක් ඇති විදිහට යමක් කියන්න දක්ෂ හාදයා... පාර්ලිමොන්තුවේ උනත් කතා කොරන්න ගිහාම ෆයිල් එක අතේ තියං බොහෝම පිළිවෙලට උපහාසයත් ඇතිව කොරන කියන චෝදනා හරි පිළිවෙලකට කොරපු හාදයා... කොටින්ම කිව්වොත් ආණ්ඩුවටයි.. ඒකට කඩේ යන අපි වගේ ගොබිලන්ටයි දයා වගේ උන් හෙන ඇනයක්.. :D

ඒත් ඉතිං එහෙමයි කියලා  මේ යෝධයව මේ පැත්තට පන්න ගත්ත එකනං හරි වැරදියි... නමට හරි විපස්සේ ඇදං යන්න හිටිය එකා... 

කොහොම හරි මේ නිව්ස් එක ආපු හැටියේ මට සෑහෙන දුකක් වගේම කේන්තියකුත් ආවා.. ඒ කේන්තිය පිටම විනාඩියට රුපියල් කීය කීය කැපෙයිද කියලා බලන්නේ නැතිව ටැලිපෝං එකෙන් කතා කොලා ඉහල තැන් කිහිපයකටම.. එයාලා මේක ගැන  මොකද හිතන්නේ කියලා බලන්න... ඕං බලමුකෝ එයාලා කියන කතා...

-----------------
මුලින්ම මං කතාකොලේ අපේ ලොකු අයියට...

“මහින්ද අයියේ... මං මේ මාරයා කතා කරන්නේ...“

“මාරයා...? ඒ මොකාද..?“

“ඇයි අයියේ... අර අයියට රෙදි නැතිව කඩේ යන බ්ලොග් එකක් ලියන එකා..“

“ආ ඇත්තද..? මේ ඒක නෙවෙයි ඕයි..මොනවද බ්ලොග් කියන්නේ..?“

“මල සේක මහ රජ...“

“මොකක් මොකක් කිව්වා...“

“නැහැ නැහැ අයියේ මං මේ කිව්වේ මලා කියලා.. ඇයි අයියේ අයියා දන්නේ නැද්ද සිංහල බ්ලොග් අවකාසේ... මං කියන්නේ මේ බ්ලොග් බ්ලොග්...?“

“පිස්සුද ඕයි මං දන්නේ නැහැ එහෙම එකක්..“

“ඇඩෙනවනේ ලොකු අයියේ... අපි හිතං හිටියේ මුළු ආණ්ඩුවම මේ බ්ලොග් ගැනයි..ෆේස් බුක් එක ගැනයි දන්නවා ඇති කියලා... ඒකනේ අපි මේවෑ පලු යන්න කෑගහන්නේ..“

“ආ ෆේස් බුක් එකනං දන්නවා හරිය... අර හුජ්ජ කොල්ලෝ කෙල්ලන්ට පැණි හලන්න ටැග් ගැහෙන තැන නේද..?“

“හම්මේ ඇති යන්තං..අයිය හරි අයියේ... ඒක තමා.. බ්ලොග් කියන්නෙත් ඒ වගේ එකක් තමා..“

“ආ ඒ කියන්නේ ඒකත් ඉන්ටනැට් මල මගුලක්ද..?“

“ඔව් බුදු අයියේ..ඔව්... හම්මේ ඔය ගානෙන් තේරුං ගත්තම මදෑ... ඉතිං ඒක නෙවෙයි අයියේ  මං මේ තක හනියක් කතා කොලේ අපේ දයා සොරි උන එක ගැන අයියා හිතන්නේ  මොකක්ද කියලා දැන ගන්න..“

“හොහ් හොහ් හොහ් හොහ්..................“

“අයියේ ඔය මදෑ හිනා උනා... කියන්නකෝ බලන්න අයියා හිතන දේ...“

“හොහ් හොහ් හොහ්... මං දැන් මොනවා හිතන්නද මල්ලි... මං හිතුවට පස්සේ තමා දයා සොරි උනේ හරිය.. ඉතිං මං තව මොනවා හිතන්නද..? හොහ් හොහ් හොහ්...“

“ආ හරි හරි අයියේ මටත් දැන් තමා ඒක මීටර් උනේ.. අයියට සුභ අනාගතයක් ඈ..“

“මල්ලිටත් එසේම වේවා හරිය.. වෙලාවක එමුකෝ මේ පැත්තේ කුරහං හැළපයක් කාලා... රණවරා කෝප්පයක් බීලා කියලා යන්ට..“

“හරි හරි අයියේ.. මං එන්නං.. එහෙමනං මං තිබ්බා..“

රුපියල්ම බර ගාණක් ඉවරයි යකෝ ඒ වැඩේට...
-------------------------------

එයින් පස්සේ මං ගත්තා අපේ අංකල් රනීට...

“අලෝ...ව්... අංකල් රනී... හව් ආ යූ...? මං මේ මාරයා කතා කරන්නේ...“

“මොම් මොම් මොක්කාක් කීව්වා.. මොක්කාද මාරයා... මං තාම තරුණ නායකයෙක්..මට මාරයා දැන්ම පේන්නේ නැහැ..“

“හරි හරි රනී අංකල් මං කිව්වේ මේ මගේ නම මාරයා කියලා... අර සිංහල බ්ලොග් එකක් කරන්නේ..“

“සිංහල... බ්ලොග්... අයිෂේ... ඒ මොනවද..?“

“අයියෝ අයියේ ඔයා ඒකවත් දන්නේ නැද්ද.. ඒකත් අර ඉන්ටනැට් එකේ තියෙන එකක්.. අර ඔයා ජනාධිපති උන ෆේස් බුක් එක තියෙන්නේ..ආන්න ඒක වගේ තව එකක්...“

“ඕ...හෝ... එහෙම කියන්න එපෑ... මං දන්නවා..මං දන්නවා..ෆේස් බුක් එකේ කොල්ලෝ කෙල්ලෝ..නංගිලා මල්ලිලා මට හරි ආදරෙයි කියලා.. එතකොට මොකද මේ හදිසියේ මල්ලිට මාව මතක් උනේ..?“

“නැහැ අයියේ මං මේ කතා කලේ අර..දයා සොරි උන එක ගැන අයියා මොකද හිතන්නේ කියලා දැන ගන්න...“

“කතා කරන්න එපා මල්ලියේ... ඌ සොරි උනාටනං කමක් නැහැ.. මොකද නැත්තං මගේ බෑණට සොරි වෙනවා උං මේකේ හිටියොත්.. දැන් ඌ සොරි උනාම මගේ විජේරුවන් පුතාට තියෙන ගේම අඩු වෙනවා.. අර සජී යකාත් සොරි උනානං මට නිවී හැනහිල්ලේ මගේ විජේරුවන් පුතාට පස්සේ බාර දීලා ඇහැ පියා ගන්න තිබුනා... හැබැයි ඉතිං දයා සොරි වෙච්ච විදිය තමා අවුල්.. මේකා යන්නේ නැහැ කියලා මාව අන්දලා..මමත් ඒක පොර වගේ ලෝකෙට අඩබෙර ගැහුවට පස්සේ මේකා ගියානේ මල්ලියේ... බලහංකෝ වෙච්ච දේ...“

“ඒක නේන්නං අයියේ.. ඉතිං අයියා මොකද හිතන්නේ මේ ගැන..“

“මොනවා හිතන්නද මල්ලියේ.. ඒ ගැන දැන් හිතන්න ඕන නැහැනේ.. දැන් හිතන්න තියෙන්නේ මගේ බෑණට උඩට එන්න බාධා වෙන අනිත් සැට් එක සොරි කරවන්නේ කොහොමද කියලා.. එච්චරයි... හෙහ් හෙහ්...“

“හරි අයියේ.. අයියට දෙයි පිහිටයි.. කොලු සරණයි.. මං නැවතුනා..“

-----------------------------

තව ඉතිං කතා කොරන්න කට්ටිය හිටියා උනත් පෝං එකේ සල්ලි අහවරයි.. තව කීයක් හරි දාගත්තට පස්සේ කතා කොරලි කියන්නං උන්නැහේලා කියාපු හරිය.. එතකං හැමෝටම සොරි වේ... නැහැ මං කිව්වේ ජය වේවා..!

කෝ අර අපේ දකුණේ පින්වතුන්..?

ඔය අපේ මූණු පොත තියෙනවා නේද..? ඒ කිව්වේ ෆේස් බුකිය.. ආන්න එකේ නිතර දකින්න තියෙන දෙයක් තමා කස්ටියක් හෙන ගැම්මෙන් කියනවා “අපි දකුණේ පොරවල්“ කියලා... හම්මේ බලන්න එපෑ එහෙම වෙලාවට දකුණ අහලින් පහලින් යන අයියලා මල්ලිලා අක්කලා නංගිලා සැට් පිටින් එකතු වෙලා තමුන්ගේ එකමුතුකොම පෙන්නන උජාරුව...

ඔය දකුණේ කස්ටිය කල්ලි කැහෙන එක බුකියේ විතරක් නෙවෙයි මං ඒ රස්සාවල් කොරපු බොහෝමයක් තැන්වල දකින්න තිබුන දෙයක්... විශේෂයෙන්ම හමුදාවේ පොලොසීයේ වගේ වැඩි පිරිසක් එක තැනක එක්කාසු වෙන තැන්වල... හැබැයි ඉතිං ඇත්තටම දකුණෙන් ආව හුග හරියක් බුවාලා අපරාදේ කියන්න බැහැ ලෝක අංකූරෝ... :D හැබැයි ඒ වගේම තමයි මොකක් හරි කොරන්න ගත්තොත් පණ ගියත් වැඩේ කොරන්නත් දස්සයි... ඒ කාලේ මංතුමා ඔය කුරුළු හමුදාවේ ඉන්න කාලේ අපේ බිලට්වලත් ඔය එක් එක් ප්‍රදේශවලට අනුව ගැහිච්ච කල්ලි කණ්ඩායම් තිබුනා... අපේ සැට් එකේ තුන් හාරසීයකගේ ලිපි ලේඛන කටයුතු අනං මනං වැඩි හරිය මගේ බාරේ තිබුන හින්දා මාත් ඔය කල්ලි සීන් එකට වැඩි විරෝධයක් දක්කන්න ගියේ නැහැ.. මොකද කියනවනං එකමුතු වෙලා ඉන්න උන් පාලනේ කොරනවට වඩා බෙදා වෙන් කොරලා පාලනේ කරන එක හරි පහසුයි නෙව.. :D

ඉතිං ඒ හින්දා මුංදලා වෙන වෙනම ප්‍රාදේශීය සැට් හැටියට එක්කාසු වෙද්දී මං කලේ ඒ ඒ සැට් වලට වැඩ රාජකාරි බෙදා දීමත්... ඒ ඒ කණ්ඩායං අතර තරඟයක් නිර්මාණය කරලා වැඩ ටික උපරිම හොඳින් කරගැනීමත් තමා... ඕක බොහෝම සාර්ථක ක්‍රමයක් වැඩ කරන්න උවමනාවක් තියේනං.. හැබැයි ඒ වගේම තමයි වැඩකට..තැනකට කෙලවගන්නත් ඔය බෙදීමම ඉවහල් වෙනවා උඩින් ඉන්න එකාලට වැඩ කිරීම ගැන හැබෑ උවමනාවක් නැතිනං... හැබැයි මංනං ගොඩ ගියා...

ඉතිං මං මේ කියන්න ගියේ දකුණේ සැට් ගැනනේ... ඇත්තම කිව්වොත් ඔය අපේ බල ඝණයේ හිටිය උන්ගෙන් නුවර අප්පොලා ටික.. ඇඹිළිපිටියේ මල් කුමාරලා ටික... කුරුණෑගල ඉබි සැට්එක..අනුරාජපුර ගොබිලෝ ටික..අම්පාරේ ගල් බිල්ලෝ ටික වගේම දකුණේ අංකූරෝ සැට් එක වගේ කල්ලි කිහිපයක්ම හිටියා... ඔතැනින් සමහර කල්ලි බොහෝම හොඳයි.. විස්සාස කරලා වැඩක් බාර දුන්නැකි.. සමහර උන් ඉන්නවා රටේ ඇම්ඩන්ලා.. සමහර විට මේක කිව්වාම කට්ටියක් මාත් එක්ක තරහා වෙන්නත් ඇහැකි.. ඒත් ඉතිං කට කෑවත් කියහං පුතා ඇත්ත කියලනේ අපිට උගන්නලා තියෙන්නේ... ඒ හින්දා ඔහෙලට කියඤ්ඤං... ඔය සැට් අතරින් නුවර උන් වගේ ඇග හොරු.. කම්මැලි... වැඩක් නොකරන සහ වැඩක් කරන උන්ටත් වැඩක් කරන්න නොදෙන... නිවාඩු ගැන විතරක්ම ඇහැ ගහගෙන ඉන්න වෙන කිසිම ගොබිලෝ ටිකක් මං දැකලා නැහැ... (හරි ගන්න නුවර අයියලා මල්ලිලා කැති පොලු...)

ඒ වගේමයි ඔතැනින් බොක්ක ගලවලා අතට දෙන්න ඇහැකි විස්වාසවන්තම බුවාලා තමයි දකුණේ... නෑ නෑ වැරදියට හිතන්න එපා.. දකුණේ සැට් එක නෙවෙයි.. ඇතත්ම කිව්වොත් හොඳම කොල්ලෝ මං දැක්කේ ඇඹිළිපිටිය පැත්තෙන් ආපු උන්... එච්චර මනුස්සකං තියෙන.. කිව්ව වචනයක් වෙනුවෙන් පණ උනත් දෙන සැට් එකක් මට මේ ජීවිතේට ආයේ හම්බ වෙලා නැහැ... වලියකදී.. අසාධාරණයකදී අනිකව මරාගෙන කන්න උනත් ලෑස්ති උනාට හිත හොද එවුන්ට පණ උනත් දෙන බොහෝම අහිංසක කොල්ලෝ තමයි ඔහෙන් ඇවිත් හිටියේ...

ආන්න ඇඹීළිපිටිය තැණමල්විල..මොනරාගල පැත්තෙන් ආව ඒ සැට් එක අතෑරියාම විස්වාසයක් තියන්න ඇහැකි හොදම සෙට් එක තමා දකුණු ලකෙන් ආව උන් ටික...
රයිටෝ.. මෙව්වා කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න කාරි නැහැ.. පොලෝසියේ රාජකාරි කොරද්දිත්.. හමුදාවේ රාජකාරි කොරද්දිත් මට හම්බ උන සිය ගානක් උදවිය එක්ක ඉදලම තේරුං ගත්ත හැබෑ කාරණා මෙව්වා...

හරි එතකොට කට්ටිය අහයි කෝ බස්නාහිර..එහෙම නැත්තං කොළඹ ගම්පහ උන් කියලා...

ආ උන් ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි... රටේ අනිත් පළාත්වලට සාපේක්ෂව ගත්තම බස්නාහිර පළාතෙන් හමුදාව පොලිසීය නියෝජනය කරන්නේ බොහෝම අල්පයයි... කොටින්ම කියනවනං අපේ ඔය 98 කොස් එකේ හිටිය දාහක් වගේ පිරිසෙන් බස්නාහිර පළාතෙන් හිටියේ නැහැ තිහක්වත්... හිතා ගතෑකිනේ බස්නාහිර පළාතේ නියෝජනය කොහොමද කියලා... :D

ඊළග පුරස්නේ..

එතකොට ඒ ගිය උන් ටික හරි කොහොමද..?

ආ උන්ද.. ඒ කිව්වේ මේ මං වගේ උන්නේ.. උන් ඉතිං රටේ හැමදාමත් වෙනවා වගේ අර හිටිය පිරිස අතරේ පරිපාලන වැඩට සැට් වෙනවා.. ඒ කිව්වේ මේ මං වගේම තවත් කිහිප දෙනෙක්ම සැට් උනේ පිරිස ඔය ඇඩ්ඩිං වැඩවලට.. :D ඒ ඇර උන්ගේ වෙනම කල්ලියක් නැහැ.. මොකද උන්ගේ අර පිට පළාත්වල උන්ගේ වගේ එකමුතුවක් ඇත්තේ නැහැ.. කොහොමම හරි උඩ පුටු ටික අල්ලගෙන වැජඹෙනවා ඇර.. :D

ඕක තමා සැබෑ යථාර්තය මේ ලංකාවේ පවතින.. :D :D :D
-------------------------

හරි ඒ කතා අවසානයි.. මං මේ මාත්තුරුකාව දැම්මේ වෙන එහෙකට නෙවෙයි.. දකුණේ කස්ටියනේ පුළුවන්නං පොඩි උදව්වක් බලාගෙන... ඇත්තටම උදව්ව මටත් නෙවෙයි අපේ තවත් බ්ලොග් කරුවෙකුට...

බ්ලොග් කරුවා ඔබ කවුරුත් දන්නා හදුන්න... පස්සා දොර ලියන චාර්මියා.. ඔව් ඔව් අර ඇන් ජී ඕ එකකින් ලිපියට ඩොලර් 10 ය ගානේ අරං ලියන හාදයා තමා.. :D (ඔන්න මං නෙවෙයි ඕකමයි මට ඒක කිව්වේ..)

හරි විහිළු කොලා ඇති.. මේක ඇත්තටම රියල් කේස් එකක්... චාර්මියා ජීවත් වෙන හලාවතට ආසන්න පැත්තේ ඉන්න දුප්පත්..වයසක.. අම්මලා තාත්තලා පිරිසක් වන්දනාවේ ගෙනියන පොඩි පිංකොමක්... ඕකා ඕක මට කියලා දැන් සෑහෙන දවසක්... ඒත් ආයේ මගේ මතකේ අළුත් උනේ මේ අද දාපු පෝස්ට් එක හින්දා... ඒක බලලා ඉතිං මං කල්පනා කොලේ මට මොකක්ද කොරන්න ඇහැකි දේ කියලා මේකට... දකුනේ උනානං මොනවා හරි කොරලා මේකට උදව්වක් කොරන්න තිබුනා.. ඒත් මං ඉන්නෙත් කොළඹ නෙව... ඉතිං මට ඇහැකි විදියට කවුරුම හරි පින්වතුන් පිරිසක් මේකට යොමු කරවන්න පුළුවන්ද කියලා බලන්න මගේ දුකට සැපට සනී වගේ ඉන්න මේ බ්ලොග් කටුවේම මේක ලියලා දාන්න හිතුවා...

කාරණාව මෙහෙමයි... බුවා සහ තවත් කිහිපදෙනෙක් එක්කාසු වෙලා වයසක පිරිස 60ක් විතර සැරෙන් සැරේ වන්දනා ගමන් එක්ක යනවා.. වෙදනා තනි දවසේ උනත් මේ පාර දවස් දෙකක් හෝ තුනක් වෙන්න ඉඩ තියෙනවා.. කට්ටිය යන්නේ දකුණු පළාතට.. ඉතිං මේ හැට දෙනාට නවාතැන් ගන්න කොහේ හරි සාලා පහසුකමකුයි.. ඒ ඇත්තන්ට කෑම බීම සපයා දෙන්න පින්වතුන් පිරිසකුයි තමා උවමනා කොරලා තියෙන්නේ...

දිනේ ගැන මටත් හරියටම කියන්න බැහැ..චාර්මියාගෙන් ඇහුවාම දැන ගතෑකි... පොඩ්ඩක් දකුනේ කට්ටිය බලන්න මේ වන්දනා නඩේට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලා... හැටක් වගේ කියන්නේ ගෙදරක නවත්තගන්න අමාරු හින්දා ජල පහසුකං වැසිකිලි පහසුකං තියෙන පන්සලක ශාලාවක්.. ඉස්කෝලෙක ගොඩනැගිල්ලක් වගේ දෙයක් සපයා දෙන්න ඇහැකිනං.. ඒ වගේම කවුරු කවුරු හරි එකතු වෙලා මෙයාලට කෑම වේලක් දෙන්න විදියක් හදා දෙන්න පුළුවන්නං.. මං හිතන්නේ ඒක ලොකු පිංකමක් වෙයි... ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි... අද කාලේ මිනිස්සු දන්සැල්වලට තොරණ්වලට වියදං කරන මිල මුදල්වල හැටියටයි.. ඒවෑයින් ඇත්තටම පිනක් සිද්ධ වෙනවද කියන කාරනෙයි සලකා බැළුවම මේක ඒ හැටියට වියදමක් යන දෙයක් නෙවෙයි.. ඒ වගේම පින් දහං පැත්තෙන් ගත්තාම කිසිම අඩුවක් පාඩුවක් නැති පින්කමක් වෙන දෙයක්...

මෙන්න චාර්මියාගේ පෝස්ටුවට ලින්ක් එක.. ගිහින් ඒකා කියන කතාව කියෝලා බලලා කරන්න පුළුවන් දෙයක් තියේනං කරන්න බලමු...

---------------------
(ටික කාලෙකට නුවර පැත්ත පළාතේ නොයමි..ඕ යේෂ්.. :D)

21 July 2013

800... ලෙඩ ගානේ...

අම්මෝ රිදෙනවා මට බැහැ ඉවසන්න...
විටකදි හිතෙනවා වැලි අහුරක් කන්න...
එහෙම කොරලවත් මේකෙන් ගැලවෙන්න..
හැකිනම් අම්මපා කනවා වැලි ඔන්න...

දැන් දින තුනක් හතරක් වාගේ ගෙවුනා...
තාමත් සහනයක් නැත මා හට පෙනෙනා..
හෙටවත් අනේ හොඳ වීයන් යයි කියනා..
පැතුමින් දවස් ගානක් මේ හැටි ගෙවුනා...

මුලදි පටන් ගත්තේ ගෙල මුල දන්න...
පස්සෙදි මේක දිවුවා ඊටත් පහලට ඔන්න..
දැන් නම් පපුව එක්කම දනවා මෙන්න...
තවනං ඉතිං බැහැ ඉවසං මට ඉන්න...

සෙං ගෙඩි කියා ගෙඩියක් මොන එහෙකටද...
මනුස්ස සරිරේ හැදුනේ මල රෙද්ද..
මේ ගෙඩියක් නිසා විදිනා දහක් වද..
අවසන් වන්නේ අනෙ අම්මප කවදාද..
-------------------------

එකෙන් එක ලියා සෑහෙන කලක් සිට..
යන්තං ඔන්න අද පැන්නා සියය අට..
මෙතුවක් කලක් මෙහි ආ ගිය උදවියට..
බොහොමත් ඉස්තුතියි මට දුන් තල්ලුවට...

19 July 2013

ඔටුව පිටෝටුව... සහ...

අද උදේ ඔන්න මං ගොයින් කොලා පිටෝටුවට...

පිටෝටුවත් ඇවිල්ලා අර මොකක්ද වගේ මගේ ජීවිතේට එක එක ආකාරයෙන් සම්බන්ධ තැනක් නෙව.. මුල්ම කාලේ. ඒ කිව්වේ හිච්චි එකා සංධියේ මං මතක තාත්තගේ අතේ එල්ලිලා පිටෝටුවට ආපු හැටි... ඒ අම්මා රට ඉඳන් එවාපු පාර්සලටක් ගන්න මහ තැපැල් කන්තෝරුවට යන්ට... ඒක ලොකු පාර්සලයක් නෙවෙයි බොහෝම පුංචි පාර්සලයක්. ඒකේ තිබුනේ මවුත් ඕගන් දෙකක්... එකක් රතු පාටයි.. අනික නිල් පාටයි... නෙට් එකේ සර්ච් කරද්දා මවුත් ඕගනයක රූපයක් හොයන්න..මෙන්න එදා අපිට ලැබුන ජාතියේම එකක් තිබුනා... අර මං කිව්ව නිල් පාට එක මෙහෙමම තමා.. වර්ගය හීරෝ...

මෙන්න පහසු පැනයක්...
මවුත් ඕගන් දෙකෙන් මා තෝරා ගත්තේ කුමන පැහැති මවුත් ඕගනයද..? :D

රයිටෝ මවුත් ඕගන් ගැන ලියන්න නෙවෙයිනේ මං ආවේ.. පිටෝටුව ගැනනේ කතාව...

ඉතිං එදා කොහොම හරි තාත්තා අපිව රජගේ ගාවිනුත් එක්ක ගියා කියලා මතකයි.. අර ඇහිපිල්ලං නොගහන ආරක්ෂක බටයෝ එහෙමත් මං මුලින්ම දැක බලා ගත්තේ එදා...

එයින් පස්සේනං ඔන්න මංතුමා පහේ විභාගේ සමර්ථ වෙලා කොළඹ ගාටන්න අරං අවුරුද්දක් විතර යද්දි පිටෝටුව කියන්නේ හැමදාම වන්දනා කොරන්න යන තැනක් ගානට වැටුනා...

මං තුමා සීසන් කාරයා.. ඒ කිව්වේ සීටීබී බස්වල යන්න මාසික සීසන් පතක් හිමි එකා.. ඒකේ ගාන රුපියල් 57යි..
ඕකේ ඉතිං මාක් කොරලා තියෙන ගමන් මාර්ග අංක හැටියට තිබුනේ 193 එහෙම තමයි...

ඒත් අපි මොකද කොරන්නේ ඒ පාටම පෑනක් අරං ඔය මාර්ග අංක තියෙන කොටුවේ ලියා ගන්නවා තව තව අංක... ඒ කියන්නේ 200/180/138/154 වගේ නානාප්‍රකාර අංක... කොළඹ යන එන උන්දලනං ය අංක කොහාට කොහාට යන ඒවද දන්නවනේ...

ඉතිං මෙහෙම මාක් කොරගන්නේ වෙන එහෙකට නෙවෙයි.. කඩෝත පුරහල බස් නැති වෙච්ච දවසට ඔටුවට හරි බේස් ලයින් එකට හරි ඇවිදං ගිහින් වෙන බස් එහෙක එන්න..
පිටෝටුවට ඇවිදං යන එක ඒ කාලේ ඒ හැටි දෙයක් නෙවෙයි... පුංචි බොරැල්ලේ ඉඳන් බස් එකක් ඔටුවට යනවට කලින් අපි පයින් යනවා... ඒ කාලේ තමා ඔය මරදානේ ඉදන් ටැක්නිකල් හන්දියට යන පාරේ පැති බැම්ම දදා හදන කාලේ.. ඉතිං පාර පුල් අවුල්... බස් යනවා නෙවෙයි පාවෙනවා... අනිත් පැත්තෙන් දෙමටගොඩ ගුවන් පාලම..මගෙ හම්මේ එහෙමත් කල් ගිය පාලමක්... මං ඉස්කොලෙට බාර දෙද්දිත් ඒක හදනවා.. මං ඉස්කෝලෙන් අහක් වෙද්දිත් ඒක හදනවා... එයින් පස්සේ මං රස්සා කොරන කාලෙත් එහෙමම තමා... 

ඉතිං ඒ කාලේ නිතරම පයින් කිලෝ මීටර් හතරක් පහක් යනවා කියන්නේ රුපියල් දෙහෙක කජු පැකට් එකක් කන වෙලාවෙන් කොර ගතෑකි දෙයක්.. මං වගේම ඒ ගමනට සැට් වෙච්ච මගේ මිත්තරයෝ දෙතුන් දෙනෙකුත් හිටියා.. එයින් දෙන්නෙක් තමා ලොකු කාලියා සහ පොඩි කාලියා.. කාලියා කියන්නේ කාලිදාස කියන එක කෙටි කරලා හදා ගත්ත නං... ඒ කාලේ මුළු ඉස්කොලේම වගේ ලොකු කාලියා සහ පොඩි කාලියාව දන්නවා... උන් දෙන්නා අයියලා මල්ලිලා... දෙන්නම මට වඩා වැඩිමල්.. හැබැයි මං පොඩි එකා කියලා නැහැ.. මාත් එක්ක බොහෝම හිතවත්.. උන් දෙන්නත් අයියයි මල්ලියි වගේ නෙවෙයි යාළුවෝ දෙන්නෙක් වගේ තමා හිටියේ.. ලොකු කාලියා බොහෝම නිවුන හාදයා.. පුදුම හොදයි... පොඩි කාලියා ඇම්ඩා... ඌ අයියටත් විදිනවා තියාගෙන.. ඒත් කවදාවත් වලි ගෝරි නැහැ.. ජීවිතේට හම්බ උන චරිත අතරේ අදටත් බොහෝම ගවුරවයෙන් මතක් කොරන්න ඇහැකි දෙන්නෙක් උන් දෙන්නා.. මේ වෙද්දී රටේ කොතැන හිටියත් දෙකක් නැහැ බොහෝම ආදර්ශමත් වටිනා කියන ජිවිත ගත කොරනවා ඇති... 

හා හා ආයේ පිටෝටු...

ඉතිං එහෙම ඒ කාලේ පිටෝටු ගෑටුවේ ඔටුවේ සීටීබී ස්ටෑන්ඩ් එකට ගෙහුන් එතැනින් යන ගම්පහ හරි නිට්ටඹු හරි බස් එහෙක එල්ලිලා රූං ගාලා ගෙදර යන්න...
ජීවිතේ හරි අපූරු කාලයක් ඒක.. බස් ටෑන්ඩ් එකට ඇතුල් වෙන තැනම තියෙන වැලි තාච්චියේ බදින රට කජුත් අරං තුන් දෙනා හතර දෙනා බෙදා හදාගෙන කාලා බස්වල සිංදු කියන කැලෑ ජෝතිලා.. මිල්ටන්ලාගේ සිංදු අහලා... පිං පත්තර.. මල් පත්තර කාරයින්ගේ කියුං අහලා... රටේ නැති තරං අංකූරංගෙන් පරිස්සං වෙලා කොහොම හරි ඩ්‍රැයිවින් සීට් එක කිට්ටුව සීට් එහෙක වාඩි වෙලා... ඩැයිවර් උතුමානන් නයිට් රයිඩර්ගේ බාප්පගේ පුතා වගේ සිං සිං ගාලා වෙට්ටු දදා බස් එක එලෝන හැටි බල බලා ආපු කාලේ...

ඩැයිබර් කිව්වම මට මතක් උනේ වයිටයියව...

වයිටයියා කියන්නේ සුදු අයියා කියන එකටම තමා... සුදු කියන්නේ සුදෙත් සුදු පොරක් තමා වයිටා අයියා... ගම්පහ ඩිපෝවේ බස්වල ගිය උන්නං වයිටයියව නොදන්න හැටියක් නැහැ... මොකද පොර ඒ තරමට ජනප්‍රිය බුවා.. හරි හිත හොද හාදයා... සුද්දෙකුගේ පෙනුම.. මෑන් විතරක් නෙවෙයි මෑන්ගේ මල්ලිත් ඒ වගේමයි.. උන් දෙන්නව වෙන වෙනම අදුර ගන්න බැරි තරමට දෙන්නා සමානයි...

වයිටයියා  ගම්පහ ඩිපෝවේ පරණම ඩැයිවර් කෙනෙක්... අපේ තාත්තා සීටීබී එකේ ඉන්න කාලෙත් මෑන් ඉදලා තියේ... තාත්තගේ දැන හැදුනුංකම හින්දා පොර මටත් බොහෝම සැලකුවා... අපි සැට් එක ස්ටෑන්ඩ් එකට ගියාම මොකක් හරි බස් එහෙකට දුවද්දී මැන් දැක්කොත් කතා කරලා කියනවා..
“මල්ලිලා..අපේ බස් එක ඊ ළගට ගහන්නේ“ කියලා...

එහෙම කිව්වොත් ඉතිං දෙකක් නැහැ අපි යන්න හිටිය බස් එක දාලා වයිටයියා එනකල් ඉන්නවා.. මොකද පොර එහෙම කියන්නේ නිකං නෙවෙයි... ඒ වචන ටික යට තියෙන්නේ 
“උඹලාට කලින් යන්න ඕනනං හිටහල්ලා..“

වයිටයියා මේ කපේට කොට කොට යන එකෙක් නෙවෙයි... බස් එක හරි තත්පරේට ස්ටෑන්ඩ් එකෙන් අද්දනවා... ආයේ ඉතිං විදිල්ල වගේ නවතින්නේ ගම්පහට ගෙහුං... ඒ විතරක් නෙවෙයි මෑන්ගේ රූඩ් එකත් ටිකක් වෙනස්... එක්කෝ කෙලින්ම ලේක් හවුසිය පැත්තෙන් දාලා මරදානට ඇවිත් එතැනින් මාළිගාවත්ත හරහා බේස් ලයින් එකට දාලා පාලම පැත්තට යයි.. ආමර් විදියට හැරෙන තැනින්ම මාළීගා වත්ත පැත්තට හරවයි... කොහොම හරි එදා දවසේ පාර හිර වෙන හැටි පොරට හොඳ දැනීමක් තිබුනා... ඒ හින්දා මෑන් කලින්ම තීරණය කරනවා කොයි පැත්තෙන්ද යන්නේ කියලා.. හිතුවාද.. ඒ පැත්තෙන් ගියා.. මොන විදියෙන් හරි බුවා විනාඩි ගානක් ඇතුලත අළුත් පාලමට එනවා... ඒ හින්දා බස් තුනකට පස්සේ තිබුනත් වයිටයියා ඉන්නවනං අපි බලං ඉන්නේ කලින් ගිය බස් දෙක තුනකට ඉස්සර කරලා අපිව පොර ගිහින් දාන බව දන්න හින්දම තමයි... හැබැයි ඒ වගේමයි එළවිල්ලත් බොහෝම ආරක්ෂාකාරීයි... කවදාවත් අපි ඉන්න වෙලාවක බස් එක කොහේවත් ගෑවෙන්නවත් ගෙහුං නැහැ...

හා හා පිටෝටුව...

ඉතිං එහෙම කාලයකින් පස්සේ ඔන්න ආයෙම ඔටුවේ යන්න උනේ කලිසමක් ගන්න... සපත්තු දෙකක් ගන්න වගේ වැඩට තමා... ඒ කාලේ කොටුවේ තරං ඇදුං ගාබෙට තිබුනේ නැහැ කොහේවත්... ගමට කිට්ටුව කඩ සාප්පුවල ගිණි ගානට තියෙන කලිසමම කොටුවෙන් එයින් බාගෙකට ගතෑකි... බොහෝම අමාරුවෙන් මොනවා හරි කොරලා එදා වේල හොයා ගන්න මට්ටමේ අපිට ඒක සෑහෙන වාසියක්... ඒ හින්දා මොකක් හරි කොරලා ගතමන්ට් එකක් හොයා ගත්තාම එන්නේ ඔටුවට...

හැබැයි ඔටුවෙන් බඩු ගැනිල්ලත් ලේසි නැහැ... අංකූරෝ එමටයි... බෙල්ට් කාරයෝ වගේ ජාතියක් තවත් නැහැ...

“ආ එන්න මාතියා.. බෙල්ට් එකටම රුපියාල් ඇටයි.. රුපියාල් ඇටයි...“

ඇටයි කියන්නේ හැටයි කියන එකට... අනේ ඉතිං හැටට බේල්ට් එකක් ගන්න හිතං “ඕන එකක් හැටද..“ කියලා අහන පරක්කුවට 

“ඔව් ඔව් මාතියා.. කෝකද ඕන.. කෝකද ඕන..?“

කියලා අහන්නේ බෙල්ට් එකක් ඉනවටේ දාන ගමන්ම තමයි.. බොහෝම අමාරුවෙන් තමුන් කැමති එකක් පෙන්නනවා මිසක් එතැනින් මාරු විල්ලනං බොරු... කොහොම හරි බෙල්ට් එක ඉණට තියලා එහෙම්ම අහන්නේ..
“හිල් විදින්නද මාත්තියාහ්...?“ 

කියලා... හා කිව්වොත් සුටුස් ගාලා නිකං ගිරයක් වගේ එහෙකින් හිල් හයක් විදිනවා...

මහත්තයා “අයිලට් ගහමු නේද“ කියන්නේ අයිලට් දෙකක් විතර ගහලා ඉවර කරන ගමන්මයි...

එහෙම කරලා බෙල්ට් එක අපේ අතේ තියන්නේ...

“ආ මෙන්න මාත්තියා.. රුපියල් එකසිය පණායි...“

ඇහ්.. එකසිය පණායි...? යකෝ හැටේ එක එකසිය පණා උනේ කොහොමද..?

ඕක ඇහුවොත් ලැබෙන්නේ මෙහෙම උත්තරයක්...

“බෙල්ට් එක ඇටයි  තමා මාත්තියා.. හිලක් විදින්න පහයි... හිල් හයට තිහයි... අයිලට් එකක් දහයයි..එතැනට හැටයි... එතකොට එකසිය පණායි..“

හරිනේ.. ඔය කෙලලා තියෙන්නේ... මොනවා කොරන්නද හංදුරුකං තියාගෙන එකසිය පණා දීලා ගේනවා ඇර... ඔය සිස්ටම් එකට අහු නොවුන එවුන් බොහෝම අඩුයි පිටෝටුවෙන් බඩු ගන්න ගිය... මමත් ලෙසටම අහු උනා නෙව... මක්කොරන්නද..?

හරි ඉතිං එහෙම කාලයක් ගෙවුනට පස්සේ ඔන්න ආයේ පිටෝටුවට නිතර යන්න උනේ සීටීබී එකේ වැඩ කොරන කාලේ.. මයේ රූට් එක කුරුණෑගල කොළඹ නෙව.. ඉතිං දවසට දෙපාරක් පිටෝටුවේ සීටීබී බස්ටෑන්ඩ් එකට ගෙහුන්... ටර්න් එක දාං..වෙලාව එනකල් උඩ තියෙන රෙස්ට් රූම් එකට වෙලා මකුණෝ පිරුණ ඇඳක් උඩ දපලා දොයියං.. වෙලාවට බස් එකට ගොඩ වෙන එක තමා වැඩි හරියක් කොලේ... ඉඳ හිට දවසක බස්ටෑන්ඩ් එක අවට අතුරු පාරවල් වලත් හක්කලං කොරනවා වෙලාව තියේනං...

එයිනුත් පස්සේ කාලෙක ප්‍රයිවට් බස් එහෙක කොන්දෙක් හැටියට හිටිය සමයේනං ඉතිං මං ඔය ඔටුවේ ඉඳන් උගුර ලේ රහ වෙනකල් කෑගහලා ඇති...

“ඔටුව..පිටෝටුව..පංචිකාවත්ත...“ කියාගෙන...

අදටත් මං පිටෝටු ගියාම බස් ලෝඩ් කරන හැටි බලං ඉන්නවා... අහං ඉන්න මිනිහට ඒක තොරතෝංචියක් නැති කියවිල්ලක් උනත් බස් එක ලෝඩ් කිරිල්ලත් එක්තරා විදියක සිල්පයක්... ඒ දවස්වලනං පිටෝටුවේ හිටියා බස් ලෝඩ් කරලා දීලා රුපියල් පහේ කාසියක් ගන්න බුවාලා සෙට් එහෙකුත්.. උනුත් වැඩේ කරනවා නියමෙටම... අපිට තියෙන්නේ අපේ රූඩ් එක මතක තියං ක ගහලා වැඩේ කරන්න උනාට.. උන්ට එතැනට ගහන හැම බස් එකේම රූඩ් මතක තියෙන්න ඕන.. මොකද තමන් ඉස්සරා ගහන ඕනම බස් එකක් යන්නේ කොහේටද කියලා බලන සැනින් රූඩ් එකේ තැන් කිය කිය කෑ ගහලා ලෝඩ් කරන්න එපෑ... 

ඔය බස් ලෝඩ් කිරිල්ල කොයි තරං ආතල් වැඩක්ද කියනවනං මං පස්සේ කාලවල් වලදී උනත් වෙන වෙන ගමන් යද්දී උනත් බස් එකේ පුට් බෝඩ් බැහැලා බස් එක යන දිහාවට ලෝඩ් කරනවා... කොන්දොස්තරලා උනත් එහෙම කරද්දි කවදාවත් අහිතක් නැහැ... ටිකට් එකේ සල්ලිත් ආපහු දෙන්න හැදුවොත් මිස... දුර යන බස්වලනං තේ බොන්න නැවැත්තුවාම උන්දලත් එක්කම එක්ක ගිහින් කන්න බොන්න අරං දෙනවා... ඒ වාසි නැතත් බස් එකක පුට් බෝඩ් එකේ එල්ලිලා... පරණ පුරුදු විදියට කෑ ගැහිල්ල හරහා හිතට දැනෙන සැහැල්ලුව විතරක්ම ඇති ඒ දෙයින් සංතෝස වෙන මිනිහෙකුට...

හා හා ආයේම පිටෝටුව...

ඉතිං එයිනුත් පස්සේ සැරින් සැරේ ඔටුවට ආවා ගියා උනත් දිගින් දිගට ඔටුවේ සැරිසරන්න උනේ නැහැ.. දැන් තමා ආයෙමත් වංගියක් ඔටුවට ඔළුව ඔබන්න කාලේ උදා වෙලා තියෙන්නේ... ඒ ගෙදර දොරේ උයන පිහන අඩුම කුඩුම ටික ගේන්න යන හින්දා... කොළඹ ජීවත් වෙන්න ආවයින් පස්සේ ආයෙම මගේ ඔටුවත් එක්ක තියෙන සම්බන්ධේ දියුණු වේගන එනවා කිව්වොත් තමා හරි...

ඔටුව ගැන අද මේ ලියන්න මතක් උනේ වෙන කෙංගෙඩියක් හින්දා නෙවෙයි... අද උදේ ඔටුවේ යද්දි කවදාවත් නැතිව මාර්ගයේ තද බදය අඩු වෙච්ච හින්දා... වෙනදට බයිසිමොටෝවෙන් ගියත් ඔය ටික යන්න ලේසි නැති උනත් අද නිකං වෙඩිල්ල වගේ යන්න ඇහැකි උනා නෙව... පස්සේ බැලින්නං අළුත් රථවාහන සැලැස්මක් කිරියාත්මක වෙන්න අරං... මරදානේ හිටං ටැක්නිකල් හන්දියටත්.. එතැනින් පංචිකාවත්ත වට රවුමටත්.. ආයේ එතැනින් මරදානටත් කියන ආකාරයට පාර වන් වේ කොරලා... වාහන යන්නේ නිකං මෝය කට කැපුවා වගේ... අඩු පාඩු කොහොමද කියන්නනං දන්නේ නැහැ.. හැබැයි වෙනදට වඩා මටනං අද පහසු උනා... වැඩේ සාර්ථක උනොත්නං ලොකු දෙයක්... අපේ අර මාතලං ගොයියත් උන්දැගේ බොගේ වංගියක් දමාපු කොළඹ වාහන සැලැස්මෙත් ඔහොම දෙයක් තිබුනා වගේ මතකයි... මං ඒත් කල්පනා කොලේ ආණ්ඩුවේ උන්දලා මාතලංගේ උපදෙස් අනුව වැඩේ කොලාවද්ද කියලා...

එහෙම උනොත්නං ලේසි නැහැ... මොකද ආණ්ඩුව මාතලංට යන හින්දා... :D

16 July 2013

ඌ නොදකින ඒ පුර හඳ... තොපිට හැකිද දකින්න..?

මං දන්න කියන මල්ලි කෙනෙක් ඉන්නවා... හිත හොඳ එකා... බොහොම අඩු වයසින්ම ජිවන බරට කර ගහලා වැඩ කරන එකෙක්. ඇඟ නිකං හැලපේ ඔතන්න ගත්ත කැන්ද කොලේ වගේ උනාට වැඩට බැස්සම මී හකරා වගේ ඔහේ කරගෙන යනවා..මහන්සියක් බලන්නේ.. නිදා ගන්නේ අනං මනං නැහැ... ඒ වගේමයි කවදාවත් ඥං පචං නැහැ... තමන්ට පුළුහං හැටියකට අනිත් හැම එකාටම උදව් පදවු කොරං කාලේ ගත කොරනවා... ඕකා බඳින්න කියලා ගෑල්ලමෙක් එහෙමත් ඉන්නවා... (එවුවා කලින් කියලා තියෙන්න ඕන.. නැත්තං මේකේ ඉන්න නගාලා පැංචිලා..අරයලා මෙයාලා ගිහින් ඕකා පස්සේ වැටුනොත් අපිට නෙව පාඩුව..:D) කෙලී තාම විස්ස විජ්ජාලේ ඉගෙන ගන්න හින්දාත්.. මේකා දවල් තිස්සේ නැහිලා ඇවිත් රෑ එක දෙක වෙනකල් බාහිර උපාධියකටද කොහේද නහින හින්දත් මේකාට ඔය වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන යම් තරමක අවබෝධයක් එහෙමත් තියෙනවා... 

මං මේ ටික කියං ආවේ මේකා ලියනවා බ්ලොග් එකක්... මේකා ඒකේ මේ පාර ලියලා තියෙන ලිපිය කියෙව්වම මටත් ඉතිං නිකං කසනවා කසනවා වගේ... ඒ හින්දා මට හිතුනා ඒක කියවන්න තව එකෙක් දෙන්නෙක් හරි තල්ලු කොරන්න ඕනය කියලා...

ආයේ ඉතිං වැඩි කතා අනවශ්‍යයි.. මෙන්න ලින්කුව.. ගෙහුන් බලන්න.. බලලා හිතෙන දෙයක් එතැන කියලා එන්න...  ඒක කියෝලා ඌත් එක්ක කේන්ති එහෙම ගියානං ඌට එතැනම හොඳට බැනලා එන්න.. මොකද මේකට ලින්ක් දැම්මට ඌයි මායි අතර ලොකු වලියක් තියෙනවා නිකං හරියට අර ඇමරිකාවයි රුසියාවයි අතර තිබුන හීතල මොකක්ද එක වගේ... ඒ හින්දා මේ ලිපියට මං කැමති උනත් බුවා කාගෙන් හරි දෙකක් අහ ගන්නවා බලන එක වගේ ආතල් එකක් මටත් තව නැහැ... :D :D :D

ඒ හින්දා හොඳයි වගේනං එහෙම කියන්නත්... එහෙම නැත්තං පළු යන්න බනින්නත් බය වෙන්ට දෙයක් නැහැ... ඒ ගමන්ම මෑන්ගේ කලින් ලියුං එහෙමත් එහෙං මෙහෙං කියෙව්වට කමක් නැහැ...

හා එහෙමනං මං ගියා... ටටා බායිස් වේවා..!




14 July 2013

වෙනෂකටත් එක්ක මෙහෙම ෂුප් එකක් බිලා බලමු...


රයිටෝස්ලා... මං මේක දාන්න හිටියේ දැන් දවස් දෙක තුනකට කලියෙන් උනත් හදිසියේ වෙච්ච අධික කාරිය බහුල තත්තය මත වැඩේ ටිකක් පහු පහු උනා... ඇත්ත වෂයෙන්ම කිව්වොත් පින්වතුනි මේක හදන හැටි දාන්න කල්පනා උනේ අපේ මේ බුකියේ එකතු වෙලා කයිවාරු ගහන සුවිට් නංගිලා දෙතුන් දෙනෙක් ඉන්න ගුරුප් චැට් එහෙකදී කරපු ඉල්ලීමක් මත.. එයින් එක්කෙනෙක්නං මං කියපු සුළු විස්තරේට අනුව වැඩේ ගොඩ දාගෙන මේ වෙද්දී ෂුප් හදලා බීලත් අහවරයි...

හරි හරි වැඩි කතා පෂ්ෂට.. වැඩේ පෙරට...

ආ ඒත් මේකත් කියන්න එපෑ... ඔය පිට රටවල ගිය උදවියයි.. එතකොට ලංකාවේ හිටියා උනත් ලොකු ලොකු පොට් වලින් කන්න බොන්න චෑන්ස් තියෙන උදවියටයි ඇරුනම අපේ අනිත් හුදී ජන පහන් සගයින්ට ඉතිං වැඩිමනත්ම ෂුප් එකක් කියලා ෂැට් වෙන්නේ අර අර්තාපල් අලේකුයි..කැරට් බෝංචි ගෝවා ටිකකුයි දාලා ඕනනං පරිප්පු ඇට ටිකකුයි තලා ගත්ත කොත්තමල්ලි ඇට තුන හතරකුයි දාපු ලුනු ගම්මිරිස් රසට හදා ගන්න එලෝලු ෂුප් එක නෙව... එයිට අමතරව ඉතිං අහු උනොත් අහු වෙන්නේ ඔය මුස්ලිං කඩේකින් හවහට හවහට වගේ බොන්න සැට් වෙන මස් කටු ෂුප් එකක් තමා... බොහෝ විට ඒවෑ ඉතිං වැඩි හරිය තියෙන්නේ හරක් මෂ්..එළු මෂ් කටු සුප් තමා.. එහෙං මෙහෙං ඉතිං කුකුල් ෂුප් අහු වෙන වෙලාවලුත් තියේ... ඔය කටු ෂුප් කිව්වම මට මතක් උනේ ඒ දවෂ්වල ඔය නුවර පාරේ ඇල්දෙනිය හරියේ පොට් එහෙක හවහට දුන්නා එළු කටු ෂුප් එකක්.. අපිත් ඉතිං පුටාර් එකේ නැගලා හවහට ගෙහුං රුපියල් දහයක් දීලා ඔයින් එකක් නෙලලා එන දවස් තිබුනා...  අන්න ෂුප්.. ගෙදර ඉද හිට හදන කලවං එලෝලු ෂුප් එකට විතරක් හුරු වෙලා තිබුන දිව වෙනත් රහක ෂුප් එහෙකට හුරු උනේ ආන්න එහෙමයි... නැත්තං ඉතිං අපිත් තාම එලෝලු ෂුප් එකෙන් එහාට දෙයක් ගැන හිතන්නේ නැති එවුවෝ වෙන්ට තිබුනා...

එයින් පෂ්ෂේ මේ මෑත කාලීනව මං අර යක්කල කිස්ටුව ඉන්දැද්දී තිහාරිය ගොඩැල්ල කියන හරියට ගෙහුං ඉද හිට තම්බි කඩේකින් (තම්බි යනු අපහාසාත්මක යෙදූ යෙදුමක් නොවන බව කරුණාවෙන් ෂලකන්න.. අපේ වියවහාරයේ එන්නේ මුස්ලිම්..මුසල්මානු වගේ එව්වට වඩා ඔය වචනේ.. ඒ හැර අර ද්වේශසහගතව කස්ටිය යොදාගන්න වචනයෙන් මුස්ලිම් උදවිය හදුන්වා දීමට මගේ කිසිදු කැමැත්තක් නැත... ඒ වාගේම මුස්ලිම් ව්‍යාප්තවාදය කියා දෙයක් ලංකාවේ නැතිය කියා බොරු සර්වාගමික ටෝක් දෙන්නටද මංතුමා ෂූදානං නැති වගත් අවධාරණයෙන් කියා සිටිමි ඈ... අන්තවාදය එකක්... ඒකට මුහුණ දෙන ක්‍රමය තව එකක්... ඒකට වචන වලින් දමලා ගහලා කොරන්න ඇහැකි රෙද්දක් නැත) බොන්න පුරුදු වෙලා හිටිය හරක් ෂුප් එකයි පරාටා දෙකයි කියන්නෙත් අමතක කරන්න බැරි දෙයක් තමයි ඕං... 

ආන්න ඒ වගේ දේවල් හින්දා මගේ දිවේ අර එලෝව සුප් එහෙකට වඩා ගියරස හඳුනා ගැනිල්ලක් තිබුනා කිව්වොත් හරි... මං මේ ටික මුලින්ම කිව්වේ වෙන කාරණාවක් හින්දා නෙවෙයි අපේ අදවිය අළුත් කෑමක්.. අළුත් රසයක් හදුනා ගන්න සමහර විට බොහෝම පස්ස ගහනවා කියලා මේ වෙද්දී මට බොහෝම හොඳට තේරුං ගිහින් තියෙන හින්දා... ඇත්තම කිව්වොත් මේ සුද්දෝ කන කෑම සමහරක් මෙලෝ රහක් නැති රෙද්දවල් තමා අපේ දිවවල්වලට අනුව... ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැනේ එහෙම කෑමක් කාලා බලන එක අපරාදයක්ය කියලා... කාලා බලලා රහනං එහෙමයි.. නැත්තං එහෙමයි.. එහෙම නැතිව කන්නත් කලින් පස්ස ගහන එක අපරාදයක් නෙව...

මේකත් මේ එහෙම කේස් එකක්...

මොකද මේ ෂුප් එකේ පෙනුම සමහර විට කෙනෙකුට ඒ හැටි දිරවන්නේ නැතිව යයි.. අර පරණ පුරුදු වතුරයි එලෝලු කෑලියි විතරක් කෙලලා පුරුදු උන කෙනෙකුට ෂුප් කියන්නේ ඒකම විතරයි කියන කල්පනාව වෙනස් කරගන්න බැරි අනොත් ඒකට මට කොරන්න දෙයක් නැහැ... ඒත් පොඩි වෙනසකටත් එක්කලා මේක ට්‍රයි කරලා බලන්න... ජීවත් වෙනවා කියන්නේ ඔය හැම දෙයක්ම කරලා බලලා ඒවා ඇලෙන්නේ ගැලෙන්නේ නැතිව හැම දේ ගැනම අවබෝධයක් ඇතිව ඉන්න එකටයි කියලා මගේනං කල්පනාව.. ඒ හින්දා හැමදාම කරන දේට වඩා වෙනසක් කරලා බලමු...

රයිටෝ.. දේශනාව කෙලවර මෙන්න බඩු...

අපි හදන්න යන ෂුප් එක චිකන් ෂුප් එකක්.. හැබැයි ළමායි මේක චිකන් විතරක් නෙවෙයි තවත් මස් වර්ග වගේම මාළු වර්ගත් යොදාගෙන කරන්න පුළුවන්.. ඒ වගේම අල.. පරිප්පු..හතු වගේ දේවල් යොදාගෙනත් හදන්න පුළුවන් දෙයක්... ඔය කිහිපයක් කලවම් කරලත් හදන්න පුළුවන්... මූලික දේවල් ටික අල්ල ගත්තම අනිත්වා ඒ හැටි දේවල් නෙවෙයි... මං කියා දෙන්නං මෙකේ මූලික කරුණු මොනවද කියලා...

මේක ඇවිල්ලා ප්‍රංශ කුමයට කියන “රූ“(ROUX)  එකක් මගින් උකු කරගනු ලබන ක්‍රීම් සුප් එකක්... ඒ ටික තමා මූලිකම දේ...

මුලින්ම මේක හදා ගන්න අපිට ස්ටොක් එකක් හදා ගන්න ඕන... ඒ වගේම සුප් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන කුකුළු මස් කෑල්ල හොඳින් තම්බා ගන්න ඕන... අපිට පුළුවන් ඒ දෙකම එකට කරගන්න මෙන්න මෙහෙම...



ඔන්න අපිට ස්ටොක් එක හදාගන්න උවමනා දේවල්.. ඔතනින් ඔය අර්තාපල් ගෙඩිය/කැරට් කෑල්ල/ගෝවා කෑල්ල එහෙම නැති උ‍නත් කමක් නැහැ... ගෙදර තියෙනවනං විතරක් යොදා ගත්තට කමක් නැහැ.. එහෙම බැළුවම අපිට මේකට 

1-පිරිසිදු කුකුළු මස් කෑබැල්ලක්.. (මතක තියා ගන්න බොහෝම පුංචි කෑල්ලක් ඇති)
2-බී ලූණු කෑල්ලක්.. 
3-ගම්මිරිස් ඇට කිහිපයක්.. 
4-සැල්දිරි කෑල්ලක් (හොයා ගන්න බැරිනං ඒ හැටි වද වෙන්න එපා.. උයනකොට තියෙන අවමයකින් වැඩේ ගොඩ දාගන්න ඕන..)

එහෙම තිබුනම ඇති.. තව ඉතිං ඔය එක එක ජාති තියේ මේකට දාන්න ඇහැකි.. ඒත් අපිට මේක ගොඩ දාගන්න ඔයත් ඇති.. නැත්තං ඉතිං සුප් හැදිල්ල මරනවා වගේ වැඩක් වෙයි ඔයාකාර නහින්න ගියොත්...


මේ ටික වතුර ලීටරයකට එකතු කරලා අඩු ගින්දරේ තම්බා ගන්න විනාඩි 40ත් පැයත් අතර කාලයක්... (ඔය කිව්වට මංනං ප්‍රෙෂර් කුකර් තියරියට අනුකූලව විනාඩි 5න් වැඩේ අහවර කලා.. හැබැයි නියම ස්ටොක් එකක් හදද්දී ඔය කියන කාල වකවානු..උෂ්ණත්වය වැදගත්.. ඒත් ඉතිං නිතරම කියන්න තියෙන්නේ වැඩිය වද වෙන්න එපා ළඟ නවන්න.. මොකද මේක මේ අපි ගෙදර හදාගන්න එකක් මිස හෝටලයක මේසයකට යවන්න හදන වෘත්තීය මට්ටමේ එකක් නොවන හින්දා..)


රයිටෝ ඔන්න තැම්බිලා..පාට හොඳයි...


පෙරා ගත්තා... කෑලි ටික උඩ... වතුර ටික යට... :D


දැන් අපේ ස්ටොක් එක රෙඩී.. 

දැන් බලමු අනිත් අඩුම කුඩුම ටික... මං ඔය පහල දාලා තියෙන්නේ... වැඩිය බය වෙන්න එපා දාහක් ජාති ඕනය කියලා.. මට අතට අහුවෙන දේවල් මං සුදුසු විදියට එකතු කර ගත්තට ඔහෙලා ඒ හැටි කලබල වෙන්න එපා.. මං කියන්නං ඕනම දේවල් මොනවද.. උවමනාම කරන්නේ නැතිතේ මොනවද කියලා...



මෙන්න දැන් ඕනම දේවල් ටික..
1-ස්ටොක් එක (මස් තම්බා ගත් වතුර)
2-කිරි කෝප්ප බාගයක් (පොල් කිරි/එළ කිරි/ෆ්‍රෙෂ් ක්‍රීම්...ඔය ඕන එකක් ඔට්ටුයි)
3-තම්බා කුඩාවට කපා ගත් කුකුළු මස් 
4-පාන් පිටි මේස හැදි දෙකයි
5-මාගරින්/බටර් හෝ එළවළු තෙල් මේස හැඳි දෙකයි
6-කුඩාවට කපා ගත් ළුණු/සුදු ළුණු/අමු ඉගුරු ස්වල්පයක්
7-ලුනු/ගම්මිරිස් කුඩු...

ඔන්න ඔය මූලික ටික විතරයි ඕන කරන්නේ.. මංනං ඉතිං ගෙදර තිබුන හතු පොඩ්ඩකුයි.. අර ස්ටොක් එක හදද්දී තම්බ ගත්ත අල/කැරට්/ගෝවා ටිකත් කපලා ගත්තා... ඒවා නැති උනා කියලා කිසිම අවුලක් නැහැ...


අඩිය ටිකක් ඝණකම ඇති භාජනයක් ලිපේ තියලා රත් කරගමු...


ඒකට මුලින්ම දා ගන්න මාගරින් ටික.. 


එකතු කරන්න ළුණු/සුදුළුණු/අමු ඉඟුරු... ඊළගට අපි එකතු කරන්න ඕන පාන් පිටි.. ඒත් වැරදිලාවත් අපිට හතු එහෙම තියෙනවනං පිටි වලට කලින් ඒ ටිකත් එකතු කරලා පොඩ්ඩක් රත් වෙන්න අරින්න.. හතු වලින් මේක හදන්න හිතන අය මතක තියාගන්න මෙතන තමයි හතු එකතු වෙන තැන කියලා.. පැහැදිලියිනේ... හරි යං ඊ ළග එකට...


ඔන්න දැන් අපි එකතු කර ගත්තා පාන් පිටි ටික...

මෙන්න මේ සුප් එකේ මූලික සිද්ධාන්තයක් කියන්න යන්නේ.. ඒ තමයි නිතරම මේකෙදි ගන්න තෙල් ප්‍රමාණයයි.. පිටි ප්‍රමාණයයි සමාන විය යුතුයි... ඒ කිව්වේ පිටි මේස හැන්දට තෙල් මේස හැන්දයි කියන එක.. ලොකුවට හදනකොට තෙල් බෝතලයක් දානවනං දාපියවු පිටි බෝතලේකුත්.. :D එච්චරයි කතාව...

හරි දැන් නවත්තන්නේ නැතිව එක දිගට හැදි ගාමින් පිටි ටික බැදෙන්න අරින්න... වැඩිය බැදින්න දෙයක් නැහැ.. ඒ වගේම හැදි ගාන එක නවත්තන්නත් එපා.. මෙතැනදී කෝකියගේ අත හොදට වැඩ කරන්න ඕන... :D නැත්තං පිටි කැටි කැහෙන්න එහෙම පුළුවන් හරිය... පස්සේ අපි නැහැ ඕං වැඩ වරද්ද ගත්තොත්... ඔය මං කෝකියාගේ අත හුරුව කොහොමද කියලා ඔහෙලට හිතා ගතෑකිද... එක අතකින් හැදි ගාන ගමන් අනිත් අතින් පොටෝ ගන්නත් තරං... සුප් එක අල වෙන්න නොදී.. එක අතකින් ඒක හදන ගමන්..කැමරාව පරිස්සං කොරගෙන ඒකෙන් පොටෝත් අල්ලන ගමන් තමයි වැඩේ කොලේ...


පාන් පිටි එකතු කරලා අහවර වෙලා ඒක බැදී ගෙන එද්දී එකතු කරන්න අර කිරි ටික... ගෙදර තියෙන්නේ පොල් කිරිනං දාන්න බය නැතිව පොල් කිරි... කිසිම අවුලක් නැහැ...කිරි ටික දාලා ඉක්මනට හැදි ගාන ගමන් පිටි ටික ගුලි වෙන්න වගේ එනවනං එකතු කරන්න අර ස්ටොක් එකෙන් ඇබින්දකුත්.. එහෙම කරලා හොඳ උකු දියරයක් වන තුරු හැදි ගාන්න... හැදි ගාන්න.. හැදි ගෑවිලා යන්නම හැදි ගාන්න... හැදි ගෑවෙන තරමට තමා මේක සාර්ථක වෙන්නේ...


රයිටෝ දියරය පදමට ආවට පස්සේ එකතු කරන්න අර කුකුළු මස් කෑබලි ටික... තියෙනවනං තම්බා ගත්ත එළවළු එහෙම... ඒ එකතු කරලා පොඩ්ඩක් හැදි ගාලා..එකතු කරන්න අර ස්ටොක් එක... ඒක එකතු කරද්දී නිතරම හැදි ගාමින් පරීක්ෂා කර පලන්න සුප් එකේ ඝණත්වය කොහොමද කියලා.. තමුන්ට සුප් එක දියාරු උනා ඇති කියලා හිතෙන තැනින් ස්ටොක් එකතු කරන එක නවත්තන්න... සාමාන්‍යයෙන් ඔය ගත්ත ප්‍රමාණ වලට ස්ටොක් එකෙන් ලීටර් තුන් කාලක් විතර එකතු කලෑකි... ඒ කියන්නේ මිලි ලීටර් 750ක් විතර... දාපු කලමනා සහ කිරි එක්ක සුප් එක ලීටරයක් විතර හැදෙනවා කිසි අවුලක් නැතිව... ඒ කියන්නේ හතර දෙනෙකුට විතර සෑහෙන සුප් එකක්... 

රයිටෝ දැන් අපි සුප් එක හදලා ඉවරයි... මේ වෙලාවෙදි අපිට පුළුවන් රස බලලා ලුනු ගම්මිරිස් එකතු කරගන්න... සුප් වලට ලුනු දාන්න යන අය දන්නවා මුලදි ලුනු දැම්මොත් කොච්චර දැම්මත් ලුනු මදි මදි වගේ දැනෙනවා.. ඒ හින්දා ලුනු එකතු කරන්න හොඳම වෙලාව තමා අවසාන අවස්ථාව... ඒක සෑහෙන්න සාර්ථකයි... නැත්තං ඉතිං අර මාගරින් වල ළුණූ සුදුළුණූ තෙම්පරාදු වෙන වෙලාවෙදිත් කරන්න පුළුවන්.. හැබැයි එයිට වඩා අවසානය වඩාත් සුදුසුයි කියලා මං තුමා අනුමත කරනවා...


 පොටෝ එක ගන්න ටිකක් පරක්කු උන හින්දා සුප් එකේ උඩ ලස්සනට පාවෙවී පේන්න තිබුන කැරට් කෑලි එහෙම  ටිකක් යට බැහැලා.. ඒ ගැනි අහිතක් හිතන්න දෙයක් නැහැ.. මොකද අඩියේ හරි බඩු ෂුවර්නේ.. :D... මං ගාව ඔය සුප් වලට හරියන භාජන එහෙම නැති හින්දා ටිකක් කට ලොකු කෝප්පයක් අරං දාගත්තට..ඔය ගෙවල් දොරවල්වල පිළිවෙලකට බඩු මුට්ටු තියං ඉන්න අයට මේක මෙයිට වඩා ලස්සනට පිළිගන්නනන්න පුළුවන් වෙයි.. තව ඉතිං තියෙනවනං පාස්ලි කොල ඩිංගක් අරං චොප් කරලා අරං අවසාන මොහොතේදී සුප් එකට ඉහ ගන්න වැඩේ ලස්සනට තියෙයි... 

හරි එහෙමනං ඔන්න ඒ ෂුප් එක හදලා අහවරයි... කට්ටියට දැන් මේක බලලා හතු හරි..අල හරි.. වෙනත් එළවළු වලින් හරි මේ ෂුප් එක හදා ගන්න හැටි හිතා ගතෑකි නේද..?

කොතැනක හරි අවුලක් තියේනං අහන්ට... පුළුවං හැටියකට උත්තර දෙඤ්ඤං...

12 July 2013

මං විතරක් වැරදි නැහැ...

“ඒයි 12 වෙනිදා හවස ජනක් ප්‍රේමලාල්ගේ අළුත් නාට්ටියක මංගල දර්ශනේ තියෙනවා... අපිත් ආරාධිත අමුත්තෝ.. යමං බලන්න...“



දැන් සති දෙක තුනකට කලියෙන් දන්න අඳුරන මල්ලි කෙනෙක් ආරාධනාවක් කොලා... එහෙම ආරාධනාවක් කොලාම නොයා කොහොමද..? කොහොමත් මේ කොළඹ ආවයින් සිද්ධ උන හොඳ වැඩ කිහිපයෙන් එකක් තමා එක දිගට වේදිකා නාට්ටිය බලන්න සෙට්විල්ල... කොළම්බු සෙවන්වල ඉඳන් බොරැල්ලේ පුංචි තියටරයට පයින් යන්න එන්න ඇහැකි දුර හින්දා මාසයකට එකක් හෝ දෙකක් විතර එතැනින් නාට්ටිය බලන්න යනවා වගේම එහෙං මෙහෙං වදින අවස්ථා අනුව වෙන වෙන පොට් වලටත් සෙට් වෙන්න ඇහැකි උනා... අර කලින් වතාවක රාජ කපුරු බලන්න සැට් උනෙත් එහෙම තමා..

නිකංම නිකං මේ සයිඩ් එකේ ඉන්න හිපාටු ඩයල් එකක් වෙච්ච අපි කෝමද ආරාධිත අමුත්තෝ වෙන්නේ කියලා කාට හරි හිතුනනං ඉතිං ඒකෙත් වරදක් නැහැ..

ඒක වෙන්නේ මෙහෙමයි ඕං...

මයේ යාළු මල්ලි කෙනෙක් ඉන්නවා.. බුවාත් ඉතිං මේ බ්ලොග් එහෙම කියෝනවා.. ඒ වගේම බොහෝම සරුසාරෙට බ්ලොග් එකක් ලියනවත් එහෙම.. මෑන් කියන විදියට මෑන්ගේ බ්ලොග් එක තමා දැනට තියෙන හොඳම බ්ලොග් එක.. හැබැයි ඒක හොඳම බ්ලොග් එක වෙන්නේ මෑන්ස්ගේ කාමරයට බවත් බොහෝම නිහතමානීව පිළිගන්නවා.. :D සමහර විට මෑන්ගේ ගෙදරටත් හොඳම බ්ලොග් එක ඒක වෙන්න ඇහැකි උනත් හරියටම ෂුවර් නැහැ.. මොකද මෑන්ස්ලගේ ගෙදර බෝඩිමක් පවත්තාගෙන යන හින්දා එතැන නැවතිලා ඉන්න අය අතරෙත් බ්ලොග් ලියන එකෙක් හරි හිටියොත් අපේ මෑන්ට ලේසි වෙන්නේ නැහැනේ ගෙදරටම හොඳම බ්ලොග් කරු වෙන්න.. ඒ හින්දා බුවා ඒ හැටි දුර දිග හිතලා හිත් අමාරුකං හදාගන්නේ නැතිව පොර පොරගේ කාමරේට හොඳම බ්ලොග් කරුවා වෙලා නිහඩව ඉන්නවා...

ඉතිං බුවාගේ අයියා කාරයෙක් ඉන්නවා රේල්ලුවේ වැඩ කොරන... අන්න බුවා.. එළකිරි ඩයල්  එකක්... කොච්චර එළකිරිද කියනවනං මෑන්ස් තමා ඔය ඊයේ පෙරෙදා තිබුන රේල්ලු වැඩ වර්ජනෙත් මුල් පුටුව... ඕං බලමුකෝ.. අපිට සිද්ධ වෙන සන්තෑසි... අපේ මහින්ද අයියට ඇටෑක් කොරන බුවාලාගේ මල්ලිලා ආස්සරේ කොරන්න අපිටත් සිද්ධ උනානේ.. මොනවා කොරන්නද කරුමේ කරුමේ... :D

කොහොම හරි ඔය අයියා කාරයා හොඳ කලා රසිකයා... රසිකයා කිව්වේ මේ අර අපේ බ්ලොග් ලියන රසිකයා නෙවෙයි... ඔරිමජිනල් කලා රසිකයා... මෑන්ම තමා අර රේල්ලුවට ආධාර පිණිස කියලා ගිය වංගියේ ටවර් එකේ රාජකපුරු පෙන්නුවේ... ඉතිං ඔය කලාබර ගතිය හින්දම මෑන්ස් ජනක් ප්‍රේමලාල් උන්නැහේව එහෙම හොඳින් දැන හඳුනවා... ඒ ඇඳුනුංකම හින්දාම තමයි මේ මංගල දර්ශනේට මංගච්චන්න මට චෑන්ස් එක වඳින්නේ... එහෙම නැතිව මංවගේ එහෙකුට ඔය ලොකු ලොකු තැන්වල සම්බන්ධකං තියෙනවා කියලා ටොං පච අරින්න ඕන නැහැ නෙව... :D

ඉතිං කොහොම හරි ඔන්න ගියා අද මංගල දර්ශනේ බලන්න.. හප්පට සිරි ගජ... ඉස්සරහම පේළිය කියහංකෝ අපිට වෙන් කොරලා තියෙන්නේ... කවදා කාපු ටකරංද..? මාත් ඉතිං ඔටුවා වගේ සැට් උනා සීට් එහෙකට...

බුදු හප්පච්චියේ මෙන්න ටිකකින් මංතුමාගේ හදවතට පවන් සලමින්... මගේ අර දේශානුරාග මෙව්වා එක මෙව්වා කරමින්... ප්‍රධාන ආරාධිතයා කඩං පාත් උනා...

වෙන කවුරුවත් නෙවෙයි අපේ පොඩි අයියා නෙව.. පොඩි අයියා කිව්වේ පොඩි අයියට බොලවු... අපේ  ලොකු අයියා තමා ඉතිං කවුරුත් දන්න හැටියට මේ රටේ ලොකු පුටුවේ ඉන්නේ.. :D එයින් පස්සේ ඔය ගෙවල් ගැන පුටුවේ ඉන්නේ අපේ පොඩි අයියා නෙව... ආයේ ඉතිං කියන්න දෙයක් නැහැ නෙව.. මේ ඉන්නේ...




ඉතිං පොඩි අයියා වගේම අපේ ගුණදාස අමරසේකර සීයයි.. තව නළුවෝ කිහිප දෙනෙකුයිත් ඔන්න අපිත් එක්ක එක පෙලේ නාට්ටිය නැරඹුවා...

ආ දැන්නේ සීන් එක...

මං ගියේ මේක මේ ජනක් ප්‍රේමලාල් උන්නැහේගේ නාට්ටියක් කියලා හිතංනේ... ඒත් ඇත්තටම මේක උන්නැහේගේ නෙවෙයි... උන්නැහේගේ ගෝලයෙකුගේ එකක්.. තරහා අවසර..නමනං මතක නැහැ.. බොහෝම පුංචි හිනා වෙච්ච ගමන් ඉන්න අපූරු කොලු ගැටයකුගේ වැඩක්... හැබැයි අපරාදේ කියන්න බැහැ..ජනක් ප්‍රේමලාල් මහත්තයා තමුන්ගේ ගෝලයෙකුගේ වැඩක් උනත් තමන්ගේ එකක් වගේ හිතට අරං යන එන අය එක්ක කතා බහ කිරිල්ල එහෙම අඩුවක් නැතිව සිද්ධ කොලා... එහෙවු ගුරුවරු ලබන්න ගෝලයෝ මොන තරං පින් කොරලා තියෙන්න ඕනද... දැන් ඉන්න ගුරාලා වැඩි හරිය ගෝලයා උඩට එනවා වගේනං බෙල්ල මුලින් කපන එක නෙව කරන්නේ.. එහෙවු උන්දලා අතරේ ජනක් ප්‍රේමලාල් කියන මනුස්සයා රත්තරං වටිනවා කියලා මට ඔය අස්සේ කල්පනා උනා...

 කොහොම හරි නාට්ටිය පට්ටාං... ගත්තා...

නාට්ටිය ඇවිල්ලා මාජ්ජ වේදි කැමරාකාරයකුගේ හෘද සාක්ෂියත් එක්ක යන කතාවක්... මුලම පටන් ගන්නේ මේ මාජ්ජ වේදියා ලෝකයේම සම්මානයට පාත්‍ර වෙච්ච මිනිසකු සිය දිවි නසාගන්නා අවස්ථාවේ ගත් පොටෝවක් ගැන කියාගෙන... සම්මාන ලැබුනත් මාජ්ජවේදියට හිතට සැනසිල්ලක් නැහැ... හේතුව අර මිනිහා මැරුණ එක වලක්වන්නේ නැතිව පොටෝ ගන්න ගිය එක... ඒත් එතැන් හිටනං මාජ්ජවේදියා අපිට කියන්න පටන් ගන්නවා ඇත්තටම සිද්ධ උනේ මොකක්ද කියලා... ඒත් ඒ ඇත්ත අවසානයේදී එළි දරවු වෙන්නේ මොකක්ද..? එල්ලිලා මැරුන මනුස්සයා නිකංම එල්ලිලා මැරුවා නෙවෙයි..එල්ලලා මැරුවා කියලයි... එහෙම කොහොමද වෙන්නේ... මං කියන්න යන්නේ නැහැ... ඔහෙලත් කවදා හරි දවසක බලපුවාම තේරෙයි... එතකං මං කට ඉස්සර කරන එක හරි නැහැ නෙව...

ඇත්ත වශයෙන්ම කිව්වොත් මුල ටික මගේ හිතට ඇල්ලුවේ නැහැ..මගේ නෙවෙයි බලං හිටිය හැමෝටම ඒක ඒ වගේ උනත් මං පුදුම වෙන්නේ නැහැ...

ඒත්...

ඒත් පින්වතුනි නාට්ටිය මැදදි මේකට එක පාරටම එන්ටර් වෙනවා සුපිරි චරිතයක්... ආන්න ඒ චරිතේ තමා මුළු කතාවම නග්ගලා ගන්නේ... ඒ තමා හොඳ පදමට දෙක්ක ඇනගත්ත බේබදු පෙරකදෝරුවා... මෑන්ස් සීන් එකට එන්ටර් උන තැනේ ඉදන් ආයේ ඉතිං බලන කට්ටිය හොඳට හිනාගස්සන්න මෑන්ට හැකියාව ලබුනා.. බොහෝම දක්ෂ නළුවෙක් වගේම.. ඒ නළුවගෙන් වැඩ ගන්න ඇහැකි විදියේ පිටපතකුත්... එය හසුරුවාලන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුත් කියන කාරණා හරහා නාට්ටිය මැද විනෝද සාගරයක් වෙන්නේ වේදිකාව මත මේ දැන් කුමන හෝ වෙලාවක එල්ලිලා මැරෙන්න බලං ඉන්න මනුස්සයගේ වේදනාවල් අමතක කරවමින් කිව්වොත් මං හරි...
හැබැයි අවසානයේදී මේ හැම දෙයක්ම හරහා කතාව නොසිතූ තැනකින් අවසන් කෙරෙනවා... කතාව අවසාන වෙන්නේ ඒ මහා අපරාධයට අපිවත් කොටස් කාරයින් කරගනිමින්...

ඒ කියන්නේ මාජ්ජවේදියා කියනවා මෙන්න මෙහෙම...

“මං විතරක් වැරදි නැහැ“


ඇත්ත ඒකා විතරක් වැරදි නැහැ... අපි හැමෝටම සාමුහික වගකීමක් තියෙනවා මේ මරණය ගැන.. ආයේ ඒකට නැහැ කියන්න බැරි තැනකින් නාට්ටිය නිමාවට පත් වෙනවා...

මුලදී කම්මැලි උනත්..අවසානයේදී ඒ කම්මැලිකම අහක් කරවලා වැඩේ වැඩක් හැටියට කරන්න නාට්ටිය කණ්ඩායම සමත් වෙලා තියෙනවා... කට්ටියට පුළුවන් හැටියකට මේක බලන්න.. සමහර විට අර කිව්ව රේල්ලුවේ අයියත් මේක වේදිකා ගත කොරවන්න ඉඩක් තියේ ඉස්සරහදී... එහොම උනොත් එදාට මං කට්ටියට දැනුං දෙන්නං තැන වෙලාව එහෙම...


තව කියන්න ලියන්න දේවල් තිබුනත් ඇහි පිල්ලං දෙක සිටි සිටි ගාලා වදිනවා නෙව.. මං යනවා දොයිය ගන්න.. කට්ටියටම සුවදායී රාත්තිරියක් වෙත්වා...

05 July 2013

කන්‍යාපටල සැත්කමෙන් උදාවන කාන්තා නිදහසේ පෙර ගමන...

මේක මේ එක පාරටම ලියන්න හිතුනේ බුකියේ ටිකක් සැරි සරන කොට මේ දැන් දැකපු දෙයක් හින්දා...

කෙටියෙන් කිව්වොත් එකේ තිබුනේ 

“කඩා ගන්න දැන් බය වෙන්න ඕන නැහැ“ 

කියලා... 

මං ඉතිං එයින් එහාට කියවන්න ගියේ නැහැ... මට තේරුනේ  ඉතිං සරලව පැහැදිලිව කිව්වොත් කන්‍යාපටලය කඩා ගත්තට දැන් බය වෙන්න දෙයක් නැහැ සැත්කමකින් ඒක හරි ගස්ස ගතෑකි වගේ දෙයක් තමා... (ඔයිට වඩා මොකට ඕවා තේරුං ගන්න මහන්සි වෙනවද..?)

ඒත් ඇත්තටම මගේ හිතේ කල්පනාව ආවේ ඒ වෙලාවේ මේකත් අර අපේ සූරියප්පෙරුම මාමා කියනවා වගේ...

“ආශ්චර්යක්නේ හසන්ත මහත්තයෝ“ වගේ තමයි...

දැන් බලන්නකෝ මේක මේ මං විහිළු ටයිප් එකෙන් කියලා දැම්මට.. මේක ඇත්තටම කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තම පුදුමාකාර වටිනා කියන දෙයක්... 

ඇත්තටම කිව්වොත් වෙන්න ඕන ඔය කන්‍යාපටලය ගැන හොයන්නේ නැති සමාජයක් බිහිවෙන එක උනත්..ඒක අපි හිතන තරං මෑත කලෙකදි සිද්ධ වෙන දෙයක්නං නෙවෙයි... අතීතේ හිටියේ හණ මිටි කාරයෝය.. ඒ හින්දා උන් මේක හෙව්වය... ඕවා හොයන්නේ නූගතුන්ය... මෝඩයෝය.. කියලා ෂේප් වෙන්නත් හැටියක් නැත්තේ අපේ නවීන කියන අයියලාගෙන් බහුතරේ තාමත් ඔය කොහොම කිව්වත් ඕක හොයනවයි කියන එක රහසක් නොවන හින්දයි... මේක පිරිමින්ට විතරක් බාර දීලා නිකං ඉන්න හැටියකුත් නැත්තේ පිරිමි ගානටම ඕක හොයන්නේ ගෑණූ අයම වීමත් නිසයි... ඒ තමා බඳින ජෝඩුවල මනාල පාර්ශවේ මෑණියන්ගෙන් පටන් ගත්තම නැන්දලා පුංචි අම්මලා සෙට් එක..

බොක්කට කෙලින් කතා කලොත් පිරිමි අපට ඔය කොහේ උනත් රිංගලා ඕන වත්තක අලයක් හිටෝලා.. ඇවිත් අන්තිමට දෙයියනේ කියලා කසාඳයක් බැඳගෙන ඒ වෙනකල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කොල වටින කියන කුල කුමාරයෙක්ය කියලා ඉන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි..

ඒත් කාන්තා පාර්ෂවේට ඕක එහෙමටම ලේසි නැහැ... නිකමට හරි කාට හරි අලයක් හිටවන්න දුන්නා වගේ නෙවෙයි එයින් පස්සේ ඉතිං වත්තේ අල ගලෝපු මාක් එක හිටිනවා.. ඒකත් හා කියමුකෝ.. සමහර වෙලාවට අල නොහිටවාම වත්තේ ඔය අල හිටෙව්වේ නෑමය කියන මාක් එක නැති වෙලාවලුත් තියෙනවා කියමුකෝ... එහෙම උන්දලට ඉතිං අබ සරණයි... අල හිටෝලා බැනුං අහන එක එකක්.. අල නොහිටවාම අපවාදයක් අහන්න වෙන එක කොයිතරංනං අසාධාරණයක්ද..?

අනිත් එක මේ අල හිටවන එක මහා අපරාධයක්ය කියලා හිතන්න ඕන කාලයක් නෙවෙයි නෙව.. ඒකත් මේ මනුස්ස ජීවිතේ කනවා බොනවා නානවා වගේ තවත් එක සාමාන්‍ය කිරියාවක් විතරයි.. ඒත් අපේ උන්දලා මේක මහ අපරාධයක්ය..අරකය මේකය කියලා මනුස්ස ජිවිතේ තවත් උවමනා කරන අංශයකට අනිත් කිසිම දේකට නැති තරමේ නීතී රීති හැට හුට හමාරක් දාගෙන... අනිත් උන්ට හොරා පුළු පුළුවන් විදිහට ඒ නිති අස්සෙන් රිංගලා තමුන්ගේ කාරියත් කරගෙන අනිත් උන්ගේ රෙද්ද බලන්නම නෙව ට්‍රයි කරන්නේ...

ඉතිං ඔය කාරියෙදී ස්භාවධර්මයා විසින්ම පිරිමින්ට අයුතු වාසියක් දීලා තියේ... ගෑණුන්ට තද බල අසාධාරණයක් කොරලා තියේ... හරිනං හැම දේම හැමෝටම සාධාරණ වෙන්න එපෑ මං අහන්නේ... 

ඉතිං ඒ අසාධාරනේ නැති කරන්නනං තියෙන්නේ ඔය උලව් පටලේ එක්කෝ හැම එකාටම නැති වෙලා යන්න ඕන.. නැත්තං ඕක හොයන එක නවත්තලාම දාන්න ඕන... ඒ දේවල් පෙනෙන තෙක් මානයකවත් නැත්තං ඉතිං හොඳම දේ තමා ඔහොම සැත්කමක්වත් පහසුවෙන් කොරගන්න ලබෙන එක.. ඒකත් ඉතිං සීයට සියක් සාධාරණ දෙයක් නෙවෙයි.. ඒත් කාලයත් එක්ක ඔය සැත්කම සුලභ උනාට පස්සේ ඕක හොයන්න බලං ඉන්න උන්ට උනත් ඕක බලලා ඇති වැඩක් නැහැ කියන තැනට කල්පනා වෙයි නෙව... එහෙම බැළුවම වක්‍රාකාරයෙන් හරි මෙහෙම දේවල් හරහා අනාගත කාන්තාවන්ගේ අල හිටවන ගලවන අයිතියට සාධාරණයක් ඉස්ට සිද්ධ වෙනවාය කියලයි මගේනං අදහස...

ඔන්න අල අයිතිකාරයෝ කිසිම දවසක අලේ කොහේවත් හිටෝලා නැතිනං... අඩුම ගානේ අලේ නිකං ඉන්න ගමන් අතපත ගාලා පිහදාලාවත් නැති එවුවෝනං ඔහොම එව්වා තිබුනත් කමක් නැහැ... ඒත් අල අයිතිකාරයෝ හැම තැනම අල හිටෝලා අන්තිමට ඇවිල්ලා එතෙක් අලයක් හිටෝපු නැති වතු හොයන්න එන එක හරියෑ...

මේකත් අර හරක් මස් කතාවම තමා... තහනං නං කිරි අම්මා විතරක් නෙවෙයි බිත්තර අම්මාගේ ඉදන්ම තහනං කොරමු... 
අල හිටවිල්ල නරක වැඩක්නං අල වතුවලට වගේම අල අයිතිකාරයින්ටත් තහංචියක් දාමු...

එයින් එකක් විතරක් කොරලා අනික බැහැ බැහැ වගේනං දෙකම අල්ලලා දාලා නිකා ඉම්මු...

එහෙම සමාජයක්.. එහෙම කාලයක්.. එහෙම ලෝකයක්... එනකල් මෙහෙම පැලැස්තරයක්වත් දාලා ඔය අසාධාරන වැඩේට කොකා පෙන්නමු...

01 July 2013

දැන් මොකද කොරන්නේ..?

ක්‍රිස්තු වර්ෂ 2013 නේ ජූලි මාසයේ පළමුවැනිදා... ඒ කියන්නේ අද... බොහෝම නරක දවසක්... සාමාන්‍යයෙන් “හතේ හත“ කියලා අපි කියන්නේ ජූලි හත් වැනිදට... ඒ අවුරුද්දේ හත් වැනි මාසේ හත් වැනිදා හින්දා... සමහරු කියමනටත් කියන්නේ “ජූලි හතයි මල කෙලියයි“ කියලා... ඒත් මේ පාරනං ජූලි හත වෙන්න උනේ නැහැ.. ජූලි පලවෙනිදම කෙලිය කෙල උනා වගෙයි...

සමහර දේවල් තියෙනවා පුරුදු උනාම අත ඇරගන්න බැරි... ඒ වගේම සමහර දේවල් වලට හුරු උනාම ඒකම තමා වැඩියම හරියන්නේ.. එයින් පස්සේ මොනවා ආවත් ඒ දේවල් අර පුරුදු දේට වඩා කොයි තරං පහසු උනත් අපේ හිතට මොනවා නමුත් අඩුවක් දැනෙනවා... වින්ඩෝස් 98 වලට හුරු වෙලා හිටිය මට XP වලට හුරු වෙන්න ටික කාලයක් ගියා... හැබැයි 98 වලට ඒ හුරු වෙලා ඒ හැටිම කාලයක් ගිහින් තිබුනේ නැති හින්දා XP වලට හුරු වෙන්න ඒ හැටි අවුලක් උනේ නැහැ වගේම 98 වලට වඩා XP අල්ලලා ගියා.. හැබැයි එයිට වඩා ටිකක් අමාරු උනා XP වලින් Windows 7 වලට මාරු වෙන්න.. XP වල තිබුනු හුරු ගතිය තාමත් මේකේ නැහැ.. හැබැයි කාලයක් යද්දී හරියයි... ඒත් අද උන කෙලියට උත්තරයක් කවදා ලබෙයිද මංදා...

ඒ තමා මෙච්චර කාලයක් මාත් එක්ක අත්වැල් බැඳන් හිටිය ගූගල් රීඩරේ... 

සිංහල බ්ලොග් වලට කොහොම හරි එල්ලිලා..කොමෙන්ට් පස්සේ ගිහින් එක්කෙනාගෙන් එක්කෙනාට අදුරගෙන ඒ ඒ අයගේ බ්ලොග් කියවලා.. ඒවා ෆලෝ කරලා... අන්තිමට සින්ඩිවල එල්ලිලා..ඒවෑ පල වෙන හැම පෝස්ට් එකක්ම කියවලා... අපිත් බ්ලොග් ලියන්න අරගෙන ටික කාලයක් ගියාට පස්සේ තමා මට මේ රීඩරේ අහු උනේ.. මට මතක හැටියට මේක මට හඳුන්වා දෙන්න සෑහෙන දෙනෙක් මුල් උනා.. ඒ අතරින් බ්ලොග් අවකාසේ අස්පයා මැරිච්ච අසරුවා වෙච්ච සෝරෝ මල්ලි වගේම DCSL සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශකතුමා වෙච්ච මරණයත් ප්‍රධානයි.. තවත් කිහිප දෙනෙක්ම ඕකට හවුල්...

රීඩරේ මුලින්ම අල්ල ගත්ත දවසේ ටිකක් අවුල් වගේ තිබුනට දවසක් දෙකක් යද්දී මේක බොහෝම  හිත සුව ගෙන දෙන  මෙවලමක් උනා... එහෙම නැත්තං මේ වෙද්දී පන්සීයක් පමණ බ්ලොග් ප්‍රමාණයක් ෆලෝ කරන්නෙක් හැටියට ඒ ඒ බ්ලොග් හැම එකක්ම කියවනවා කියන එක හිතන්නවත් බැරි වැඩක්... ඒ එකින් එකට ගිහින් කියවන්න ගියානං මේ කපේට ඔය ටික කියවන්න වෙන්නේ නැහැ... එක දවසක් තුලදී රීඩරේට කොහොමටත් පෝස්ට් දෙසීය පැනලා එනවා.. කොයි තරං වැඩ රාජකාරි අස්සේ උනත් ඒ පෝස්ට් ටිකෙන් කිහිපයක් හැර අනිත් ඒවා ටික කියවන්නේ මේකට තියෙන ඇබ්බැහිය හින්දම තමා... එයිනුත් සමහර ඒවා හිතට වැදුනම දුවලා ගිහිං ඒ පෝස්ටුවට කොමෙන්ටුවක් කොටලා දුවලා එනවා ඇර..එකක් ගානේ බ්ලේග වලට ගිහින් කියවන්න ගියානං එක්කෝ දවසකට බ්ලොග් දහයකට පාලොහකට වඩා යන්න වෙන්නේ නැහැ.. නැත්තං‍ වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ...

ඒත් අනිත් වැඩත් කරන ගමන්... කොහොම හරි එදාට එදාට වැටෙන පෝස්ට් ටිකත් කියවගෙන.. ඒ අතරින් එහෙකට දෙහෙකට හරි කොමෙන්ටුවක් කොටාගෙන හරි හිටියේ මේ රීඩරේට පින් සිද්ධ වෙන්න...

ඒත් දැන්... 

Your reading list has no unread items.


ඔන්න ඔහොමයි කතන්දරේ...

ගූගල්කාරයා නිල වශයෙන්ම අද ඉදන් රීඩරේ නවත්තලා... ඉතිං මොකේදැයි දන් වළඳන්නේ..? අදින් පස්සේ බ්ලොග් කියවීම කොහොම වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ... කාට හරි මේකට විකල්පයක් හම්බ වෙලා තියේනං කරුණා කරලා උදව් කරන්න.. මාත් එහෙ මෙහෙ සර්ච් කලා.. ඒත් රීඩරේ තරං පහසු එකක් තාම හම්බු උනේ නැහැ...

අනිත් අයට මේ ප්‍රශ්නේ නැද්ද මංදා...? ඒත් මටනං තව දුරටත් බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න මේක ලොකු බාධාවක්... ලියන එකනං ඔහේ ලියලා දාන්න බැරියෑ වෙලාවක් ලැබුනම.. ඒත් දවස ගානේ කියවපු බ්ලොග් ටික අතෑරුනාම..? අයි ඩෝන්ට් නෝ මක්කා කොරන්නද කියලා...