මාත්තුරුකාව නිකං මඤ්ඤං මඤ්ඤං වගේ නේද..? හැබැයි ඉතිං වෙනදා ඒවත් එක්ක බලනකොට ඒ හැටි අවුලකුත් නැහැ.. :D
හරි වැල් බයිලා මොකටද මේ ලියන්න යන්නේ අපේ බ්ලොග් ලියන අයියා කෙනෙකුගේ නයා පැටවීමේ වියාප්පුරුතියේ තවත් කොටසක්.. ඒ අයියනං ඉතිං නිතරම ලියන්න ගිහාම ඔය එක එක නයි අතෑරියට මොකද මේ වගේ කේස් ගැන උන්දෑ නෙවෙයි මීක් කියන්නේ... ඒත් ඉතිං අපි වගේ දැහැමෙන් සෙමෙන් අනුන්ගේ ඕපයක් හොයලා දවස ගෙවා ගන්න සද්ගුණවත් බුවාලා ඉද්දි අයියලා කොහොමද ඔය වගේ කතා රට්ටුන්ගෙන් හංගන්නේ...
හරි කතාව කියන්න කලියෙන් මුලින්ම කියන්න එපෑ.. මේක ඇවිල්ලා එක්තරා මල ගෙයක් සම්බන්ධව සිද්ධ වෙච්චි.. තවත් මල ගෙදරකදී හෙලි දරවු වෙච්චි සීන් එකක්... කලින් මල ගෙදරට ගිය දෙන්නෙක් පස්සේ මල ගෙදරට සැට් වෙච්ච වෙලේ මාත් එතැන හිටිය හින්දා සීන් එක අඩු පාඩුවක් නැතිව අහ ගන්න හම්බ උනා කියමුකෝ...
ඔන්න ඉතිං අපේ මේ බ්ලොග් ලියන අයියා ඇතුළු තවත් කිහිප දෙනෙක්ම මේ සීන් එකට සම්බන්ධයි.... අපි ඉතිං කතාවේ පහසුවට ඔය නං කිහිපයක් දා ගමු. හරි නැහැනේ ඇත්ත නං කියන එක මොනවා උනත්.. හා නැද් මං අහන්නේ...?
ඔන්න ඉතිං මේ මෑතකදී ගාල්ල පැත්තේ අපේ බ්ලොග් ලියන කෙනෙකුගේ මෑණියන්ගේ අභාවය සිද්ධ උනා... අපි ඉතිං ඒ බ්ලොග් ලියන අයියට කියමුකෝ “ආරිය පියනන්ද“ වගේ නමක්... ඉතිං මේ ආරිය අයියගේ ගෙදර තියෙන මල ගෙදර යන්න අපේ දන්න කියන බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක් සැට් වෙලා තියෙනවා.. එක්කෙනෙක් තමා කරවල වාඩියක මොන්ටි සෝරියක් කරන සුදුම සුදු අයියා.. අපි ඉතිං එයාට “සුදු අයිය“ම කියලා කියමු... එතැනින් ගිහාම තව හිටිය සාමාජිකයෙක් තමා ඒ කරවල වාඩියේම කාලයක් මාළු අල්ල අල්ල හිටලා පස්සේ මදුරුවෝ තලලා එපාම වෙලා ලංකාවට ඇවිල්ලා දැන් මේ වෙද්දි අවුරුද්දක් වගේ කාලයකදී කොම්පැණි හත අටක්ම වස්සවන්න දායක උන අපේ “එපා“ අයියා..අපි එයාට කටට ලේසියටත් එක්ක කියමුකෝ “එපායියා“ කියලා...තව ඉතිං මේකට සම්බන්ධ උන අය හිටලා තියෙනවා.. ඒ අතරේ ඔය නැගීගෙන එන පරපුරේ බැසීගෙන යන දේසපාලක මල්ලි කෙනෙක් එහෙමත් හිටලා තියෙනවා... ඒ ඇරුනම ඉතිං අපේ කතා නායක බ්ලොග් ලියන අයියා තමා අනිත් ඩයල් එක... අයියා ඉතිං ඔය ගැජට් බැජට් වලට පොරසිද්ද හාදයා නිසා අපි “ගැජට්ටයියා“ කියලවත් කියමු නේද..?
ඉතිං මේ කස්ටිය කොහොමින් කොහොමින් හරි ආරිය අයියලගේ මල ගෙදර ගියා.. ඒ ඉතිං අපේ සුදු අයියගේ අළුත්ම අළුත්.. කිරි කිටි සුඛෝපභෝගී වෑන් රථයේ... ඒ වෑන් රථයේ ඇති සුවිශේෂී පහසුකං ගැනත් ඔය එක එක කතා ඇහුනා උනත් ඔය හැම එකක්ම මේකේ ලියන්න ගියොත් අද කතාව කියන්න වෙන්නේ නැහැ නෙව... :D
ඔන්න ඉතිං දැන් කස්ටියම අර වෑන් රථයේ ආසන අරා වැඩ සිටිමින් දැන් ගමනේ යා...
කොහොමින් කොහොම හරි කොස්ටාවෙන් වෑන් රතේ දාගත්තා කියමුකෝ ගාල්ල අධිවේගී මාර්ගෙටත්... ඔන්න දැන් තමා වැඩේ පටාන් ගන්නේ...
කට්ටියම මල ගෙදර යනවා උනාට එක්කෙනෙක්වත් කලින් ගිහින් තියෙන තැනක් නොවන හින්දා දැන් කට්ටියම යන පාර හොයාගෙන එපෑ යන්න.. හැබැයි ඉතිං ඒ ගැන වැඩිය කලබල වෙන්න දෙයක් තිබිලා නැහැ... අධිවේගෙට දැම්ම ගමන්ම ඕං අපේ “ගැජට්ටයියා“ නිකං රණ සූරයෙක් තමුන්ගේ කොපුව එළියට.. නැහැ මං කිව්වේ කඩුව කොපුවෙන් එළියට ඇඳලා ගන්නැහේ.. ඇඳලා ගත්තේ නැද්ද මොකක්ද මංදා “ගැජට්“ එකක්... ඇදලා ගත්තා විතරද පින්වතුනි.. නැහැ නැහැ.. ඔන්න දැන් මේ වෑන් රථයේ යන උදවියට අපේ “ගැජට්ටයියා“ හෙන විස්තරයක් දෙනවා...
ඔන්න ඉතිං දැන් කස්ටියම අර වෑන් රථයේ ආසන අරා වැඩ සිටිමින් දැන් ගමනේ යා...
කොහොමින් කොහොම හරි කොස්ටාවෙන් වෑන් රතේ දාගත්තා කියමුකෝ ගාල්ල අධිවේගී මාර්ගෙටත්... ඔන්න දැන් තමා වැඩේ පටාන් ගන්නේ...
කට්ටියම මල ගෙදර යනවා උනාට එක්කෙනෙක්වත් කලින් ගිහින් තියෙන තැනක් නොවන හින්දා දැන් කට්ටියම යන පාර හොයාගෙන එපෑ යන්න.. හැබැයි ඉතිං ඒ ගැන වැඩිය කලබල වෙන්න දෙයක් තිබිලා නැහැ... අධිවේගෙට දැම්ම ගමන්ම ඕං අපේ “ගැජට්ටයියා“ නිකං රණ සූරයෙක් තමුන්ගේ කොපුව එළියට.. නැහැ මං කිව්වේ කඩුව කොපුවෙන් එළියට ඇඳලා ගන්නැහේ.. ඇඳලා ගත්තේ නැද්ද මොකක්ද මංදා “ගැජට්“ එකක්... ඇදලා ගත්තා විතරද පින්වතුනි.. නැහැ නැහැ.. ඔන්න දැන් මේ වෑන් රථයේ යන උදවියට අපේ “ගැජට්ටයියා“ හෙන විස්තරයක් දෙනවා...
“මචංලා.. මේක ඇවිල්ලා අළුත්ම භාණ්ඩයක්... මේවා තව ලංකාවට ඇවිල්ලත් නැහැ... උඹලනං හීනෙන්වත් දැකලා නැතිව ඇති.. මේක මට හම්බ උනේ ජරමනියෙන්.. මේක ඇවිල්ලා GPS එකක්.. මේකෙන් පුළුවන් ලෝකේ ඕනම අස්සකට මුල්ලකට පාර හොයාන යන්න.. කොටින්ම කිව්වොත් කාගේ හරි ගෙදරට යන්න ඕන උනොත් මේකට ඒ යන්න ඕන ගෙදර ගැන විස්තර දුන්නම කෙලින්ම ගෙයි සාලේ මැදටම යන්න පාර පෙන්නනවා දසමෙට.. ඔව් ඔව්.. ආයේ ඉතිං මේක තියේනං වෙන කිසිම ගේමක් නැහැ.. කාගෙන්වත් පාරවල් අහ අහ ඉන්න ඕන නැහැ.. මේක බැළුවා ගියා.. එච්චරයි...“
හරිනේ ඉතිං දැන් මොකටද පාරවල් හොයන්න බය වෙන්නේ.. ගැජට්ටුව අත දරා “ගැජට්ටයියා“ නිකං මැජික් අරිස්ටේ ගහපු සූර පප්පා වගේ ඉද්දි මොන බයක්ද.. දැන් ඔන්න ගැජට්ටයියා අහන්නෙත් නැතිව පාර කියනවා...
හරිනේ ඉතිං දැන් මොකටද පාරවල් හොයන්න බය වෙන්නේ.. ගැජට්ටුව අත දරා “ගැජට්ටයියා“ නිකං මැජික් අරිස්ටේ ගහපු සූර පප්පා වගේ ඉද්දි මොන බයක්ද.. දැන් ඔන්න ගැජට්ටයියා අහන්නෙත් නැතිව පාර කියනවා...
“ආ සුදු මල්ලි ඔහොම කෙලින්ම යන්න.. ආ තව කෙලින්ම යන්න.. ඔහොම යන්න.. යන්න.. කෙලින්ම යන්න... කොහෙන්වත් හරවන්න එපා කෙලින්ම යන්න...“
හරිනේ ඉතිං අධිවේගේ යද්දි හරවා හරවා ඉන්න දෙයක් නැහැනේ.. කෙලින්ම යන්න නෙව තියෙන්නේ... ඒත් ඉතිං දැන් අයියා ගමන් මාර්ගේ විස්තර කරනවා දිගටම.. ඒ අතරින් පතර ආයේ ආයේ මේකේ පාරට්ටුවත් කෙරෙනවා... ඔන්න දැන් ඔහොම ගිහින් ගිහින් සෑහෙන දුරක් ගිහින් අධිවේගේ නිමා වෙන්න වගේ කිට්ටු වෙද්දී ටිකාක් විතර අයියගේ ගමන් මාර්ග විස්තරේ සද්දේ අඩු වෙනවා... ඔන්න හිටි හැටියේ එක පාරට අයියා කලබල වෙනවා... බලං ඉන්න කට්ටියට දැන් පේනවා අමුතු සීන් එකක්... මෙච්චර වෙලා අයියා අතේ තියාගෙන පාර කිය කිය ගිය GPS ගැජට් එක හිමිහිට අයියගේ සාක්කුවට යනවා... ඒ අතරේම අනිත් සාක්කුවෙන් තවත් මොකාක්දෝ එකක් හිමිහිට එළියට ඇඳලා ගන්නවා... ඔන්න දැන් කට්ටිය කොර වෙනවා... යකෝ මේකා එක GPS එක මදිවට තවත් GPS එකක් උස්සං ඇවිල්ලද.. මේකා යකෙක්නේ... කියලා එහෙම හිතනකොටම ඔන්න පේන්න ගන්නවා අයියා සාක්කුවෙන් ඇදලා ගත්ත අළුත්ම අළුත් අනිත් GPS එක...
අහෝ..!!! A4 කොළයක ලියා ගත් මාර්ග විස්තරයකි... :D අළුත්ම අළුත්.. නවීන පන්නේ.. ජරමනියෙන් ගෙනාව GPS රාජයා... අයියාගේ එක සාක්කුවක නිදා ගද්දී.. නිකංම නිකං කොල කැල්ලකින් පරණ පුරුදු ආකාරයටම පාර සොයාගෙන යාම... ඔන්න බලන්නලා තාක්ෂණේ දියුණුව.. :D
ඉතිං කථාව ඉවරයිද පින්වතුනි..? නැහැ නැහැ එහෙමත් ඉවර වෙනවද..?
කොහොමින් කොහොම හරි කොලේ බලාගෙන අතනින් මෙතනින් හරවං ගිහිං අවසානෙදි සුපිරියටම පාර වරද්දන්න අපේ ගැජට්ටයියා සමත් වෙලා තියෙනවා... කොලේ දිහා බලං හිටිය තව කෙනෙක් එක පාරක් පෙන්නලා එතැනින් නේද හැරෙන්න තියෙන්නේ කියලා කිව්වත් අයියා නෙවෙයි ඒක පිළි අරං තියෙන්නේ.. “නැහැ නැහැ ඔය වගේ පාරක් නෙවෙයි ඒක ලොකු පාරක් හිටහල්ලකෝ මං කියනකල්“
ඉතිං කථාව ඉවරයිද පින්වතුනි..? නැහැ නැහැ එහෙමත් ඉවර වෙනවද..?
කොහොමින් කොහොම හරි කොලේ බලාගෙන අතනින් මෙතනින් හරවං ගිහිං අවසානෙදි සුපිරියටම පාර වරද්දන්න අපේ ගැජට්ටයියා සමත් වෙලා තියෙනවා... කොලේ දිහා බලං හිටිය තව කෙනෙක් එක පාරක් පෙන්නලා එතැනින් නේද හැරෙන්න තියෙන්නේ කියලා කිව්වත් අයියා නෙවෙයි ඒක පිළි අරං තියෙන්නේ.. “නැහැ නැහැ ඔය වගේ පාරක් නෙවෙයි ඒක ලොකු පාරක් හිටහල්ලකෝ මං කියනකල්“
ආදී වශයෙන් ලොකු කතන්දර රාසියක් කියා අවසන පාර හමු නොවූ තැන පාරෙ සිටි කොල්ලන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් කලින් කී පාරටම හැරී ඇවිත් යාන්තමින් ආරිය අයියලගේ ගේ පේන නොපෙනන ගානට එද්දිම.. ඕං පින්වතුනි මෙච්චර වෙලා අතේ තියං හිටිය A4 GPS රාජයා නැවත සාක්කුවට වඩම්මවා.. මෙතෙක් වේලා අනිත් සාක්කුවට වී නිදි සුව විදිමින් සිටි පෙර කී GPS ගැජට්ටුව නැවතත් අතට ගෙන... මෙන්න අයියා ආයේ ගෙයි මිදුලට යන්න පාර කියනව.... “ළු“
ඉතිං ඕක ඔය “ළු“ උනේ ඔය කතාව මේ ඊයේ පෙරේදා දවසක තවත් අපේ හිතවත් බ්ලොග් ලියන අයියා කෙනෙකුගේ පිය තුමාගේ අවමංගල්ලයකට සභාගී වෙලා කට්ටියත් එක්කලා පාළු කප කප ඉන්න වෙලාවක නිසයි... කථාව කියන්න යෙදුනෙ නං අර මං කිව්ව “එපයියා“ තමා... මේක කියලා අවසානය වන විට එතැනටම වී හිටිය “ගැජට්ටයියා“ ගේ මූණත් තහඩුවේ සුන්දර දර්ශනයක් මේකේ දාන්න නොලැබීම ගැනනං ඔන්න මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා... :D ආයේ ඉතිං ඒ පොටෝ නැතිවට ඔයාලා නිකං මල ගෙදරක පොටෝවක් හිතෙන් මවා ගන්නලාකෝ.. ඒ ඇති...
අර ඉතිං යුතුකමක් හැටියට මේක කට්ටියට කිව්වා මිස නැත්තං ඉතිං මමනං ඔය වගේ කතා ඒ හැටි හොයන්නේ බලන්නේ නැහැ කියලා කට්ටිය දන්නවනේ... හා හා මං ගියා...
අර ඉතිං යුතුකමක් හැටියට මේක කට්ටියට කිව්වා මිස නැත්තං ඉතිං මමනං ඔය වගේ කතා ඒ හැටි හොයන්නේ බලන්නේ නැහැ කියලා කට්ටිය දන්නවනේ... හා හා මං ගියා...
// අර ඉතිං යුතුකමක් හැටියට මේක කට්ටියට කිව්වා මිස නැත්තං ඉතිං මමනං ඔය වගේ කතා ඒ හැටි හොයන්නේ බලන්නේ නැහැ කියලා කට්ටිය දන්නවනේ...//
ReplyDeleteහහහහහා ඒ ගැන නම් ඉතින් මොකට කියනවද :D
ඒකනේ.. කවුද නොදන්නේ මගේ සද්ගුණවත් මෙව්වා එක ගැන.. :D
Delete:)
ReplyDeleteරොයිලි පුතාව දැක්ක කල්... :)
Deleteමෙහෙමත් මඩ යකෝ... අරූ විනාසයිනේ....
ReplyDeleteමඩ..?
Deleteපිස්සුනං කතා කරන්න එපා... මට ඔය කාටවත්ම මඩ ගහන්න හැකියාවක් උප්පත්තියෙන්ම පිහිටලා නැහැ.. එහෙම හැකියාවක් තිබුනනං අද බොලාලැයි පත්තර කන්තෝරුවේ මුල් පුටුවෙම ඉන්නේ මං නෙව... :D
හෙහ් හෙහ්.. අයියල ටිකව අදුරගන්ඩ අමාරු උනේ නං නෑ :D
ReplyDeleteපොඩි ඌණ පූර්ණයක් දෙන්නං. ඔන්න දැං ආයෙ එද්දි ආයෙත් ජර්මන් GPS රාජයා අතට එනවලු. උන්න ඔය ඉස්සරහින් දකුණටවංගුවක් තියනව මල්ලි.. ඔන්න බලන්න.. තව ටිකකින් හන්දියක් තියනව.. ඔය විදියට ඒ වෙලේ යන පාර ගැන ඇත්ත අනාවැකි කියනවලු :D
ආ ඔය තියෙන්නේ අඩු පාඩු ටික..“එපායියා“ එහෙම තාම දැකලා නැහැ මේක.. එතකොට ඉතිරි සබ්බ සකල මනාවත් එළියට එයි.. :D
Deleteඔය කතාවත් කිව්වා තමා මට මේක දකිද්දී තමා මතක් උනේ.. කොහේ මතක තියාගන්නද බං.. එකක් කියලෑ.. කතා හැට හුට හමාරක් කිව්වා නෙව ගමන ගැන... :D :D :D
//“එපායියා“ එහෙම තාම දැකලා නැහැ මේක.. එතකොට ඉතිරි සබ්බ සකල මනාවත් එළියට එයි.. :D//
Deleteමග එනව
මග එනව
හාපොයි..විනාශයි..මේ කියන්නේ අර තම්බලා බොන අයියා වෙන්ටෑ...
ReplyDelete:D :D :D
Deleteඅනේ සාදු
ReplyDeleteමගේ සාපයකට අහුවෙච්ච එකෙක්ට මෙච්චර කාලයකට හොදක්වෙලා නැ
ඔය ගැජට්කාරයට කෙලවෙලා තියෙන්නේ මම කරපු සාපයේ බල මහිමයෙන් .
ඔය ගමන ගිහිල්ලා තියනවා මාරයෝ අර '' බිල් මාමට කෙලවන ගමං රනිල් ලොක්කට කෙලවන එකත් '' අර '' එපයියා '' වාගේම තමා , පොරත් මට හිතවත් එකා , මම කෙවගන්ඩ යනකොට උනත් මාව ගලවගන්ඩ වචනයක් හරි කියැපු උන් තමා ඔය දෙන්නා .
ඉතින් ඔය ගමන සංවිදානය කොරපු '' ගැජට් මුත්තට '' කියුවලු අර '' '' බිල් මාමට කෙලවන ගමං රනිල් ලොක්කටත් කෙලවන බුවා ''
'' උඹ අර අටමට කතා කලේ නැද්ද ''
කියලා , එතකොට පොර කියුවලු
'' එය හාල් කැලි වලට කතා කරන්ඩ එපා , මම නං මේ ගමන යන්නේ නැ ඔය යකා එනවනං ''
කියලා . ඉතින් කට්ටිය මාව හලලා ඔය ගමන ගියාලු . තව දේවල් වෙලා තියනවා මාව දාලා ගියාට , දඩුවම විදිහට , එව්වා මෙතන කියන්න ඕන නැ .
ඔය '' කොට කුම්බලාවගේ '' වාහනේ ගැනනං කියන්න දේවල් එමටයි . එව්වා මම නොකියා ඉන්නේ මොනවා උනත් වැඩිහිටියෙක් නේද කියලා .
ඒ කොහොම උනත් '' ඔය කොට කුම්බලාවා '' බේරිලා ඉන්නේ කරදිය වළල්ලෙන් පිට ඉන්න හන්දා , ඕකටත් කෙලවෙලා යන්ඩ පොල් ඩෙියක් ගහලා පලු දෙක මහ මුහුදට විසික් කරන්න හිතෙනවා , එහෙම නොකරන්නේ '' ඔය කොට ජිවිතය '' හොද එකා හන්දා.
ඒ අනාට වෙලාවකට මට පට්ට තරහයි
////// ඇයි යකෝකලින් දවසේ මාව හම්බෙන්ඩ ඇවිල්ලත් පොර මට කියුවේ නැනේ එහේ යන වගක් .
''' ඒ කොහොම උනත් අර නාකියට කෙලවලා මේක දැම්මට මං පට්ට ලයාක් ''
උඹ එන කතාවක් මම දන්නෙත් නෑ යකආම්මපල්ලා.. ඔය බොරුව කිව්වෙ රනා! උඹලා තාම ඔය තුමාලා කියන එව්වා විශ්වාස කරනවනෙ. උඹ එන්න හිටි කතාව දන්නෙත් උඹ රනාට කතා කරනකොට..මම කවුද බන් යන එන අය කවුද කියන්න. මාත් ගියෙ අනුන්ගෙ -සුදු අයියගෙ වාහනෙ - උඹ හිටියනම් හොන්න්දා අදි වෙගෙ බාගයක්ම ආවෙ ඔය අට මගල තල්ලු කරගෙන..
Deleteඇබං අයියේ උඹල තල්ලු කරනකොට වම් පැත්තේ දොරෙන් ඇල්ලුවේ නැ නේද , ඒක ගැලවිලා අතට එනවා
Deleteඑගෙමත් සින් එකක්ද ?ඒක තමයි අපිට වම් පැත්තට යන්නවත් දුන්නෙ නෑ බන්...
Deleteආයි නම් ඔය වාහනෙට අපිව වද්දගන්නෙ නෑ බුදු සුවර් !
ඔය තියෙන්නේ කතාවේ මදි පාඩු හරිය... :D
Deleteහැබැයි අටමෝ ඔය බිල් මාමටයි රනිල් මාමටයි දෙන්නටම එකට තියලා කෙලවන එකා කියන කතාත් දණිස්සෙන් ඉහලට ගන්න එපා.. දන්නවනේ මෑන්ලාගේ වගතුග... :D ඕකම ඔහොම කියලා වයසක ලොක්කා පිට පැටෙව්වද දන්නෙත් නැහැ... මතක අමතක වෙන ජාතිය නෙව... :D
(හොද වෙලාවට ඕකා මේ පැත්තේ එනවා හොරයි)
චරිත සැට් එකම මෙතැන තියෙනව නේ බොලව්..
Deleteඒකනේ බං, මාරය වහෙන්හොරා කිව්වට කට්ටිය එකා එකා එළිබැහැල මෙතන. :)
Deleteඅටමට පට්ට ආතල්
Deleteහෙහ් හෙහ්... එපායියා ලඟකදි කියල තිබුනා අර ජී පී එස් ගැජට් එකෙන් පාරෙ නිදන් ඉන්න බල්ලෙක් පවා පෙනුනා කියල....
ReplyDeleteගැජට්ටයියට හෙන අපලයි වගේ මේ කාලෙ... වෙලාවවත් බලල දීපන් මාරෙ අයියෙ... :)
“එපායියා“ තව කතා ගොඩක් කිව්වා බං.. ඒවා ලියන්න බ්ලොග් එක මදි.. පොතක්වත් ගහන්න ඕන පිටු දෙතුන් සීයක... :D
Deleteසැහ්... ආරිය අයියා ඔය කතාව දන්නෙ දැං නෙ...
ReplyDeleteඔන්න තුන්මාසෙ දානෙ තියනවා මාර්තු 15... ට්‍රිප් එකක් දානව නං "ඇට අයියා" ගෙන් අහගෙන එන්න පුළුවන්.... එපායියා සුදු අයියා සහ පවුල, ගැජටයියා සහ අනෙක් කට්ටියත් එක්කම එන්න...
යකෝ මං හිතං හිටියේ ආරිය අයියා වැඩේ දන්නවා ඇති කියලා.. හොඳ වෙලාවට මේවා මෙහෙමවත් ඇදෙන්නේ..
Deleteඔන්න කැලැන්ඩරේ ලියලා දැම්මා දැන්ම තියාම... අජ්ජාපන කටයුත්තක් නොවැටුනොත් එඤ්ඤං... හැබැයි ඉතිං සුදු අයියගේ වාහනේනං මාව දාං යන එකක් නැහැ... මේක කියෙව්වොත් එහෙම.. :D
මේ වාහෙත් ගෙදරට එන පාර කියලා තිබුනේ වංකගිරියට යනවා වගේ.. ගේ ගාවම් තියෙන පොලිසීයේ නම කිව්ව නම් කිසි අවුලක් නෑ.. පළාතෙම අය මෙයයිගේ අම්මව දන්නවා.. මට නම් අවුලක් උනේ නෑ.. ඇලාගේ ක්ලාස්මේට් කෙනෙක් මාත් අඳුනනවා.. ඌත් කෙම්ස්ට් කෙනෙක් තමයි.. ඒත් දැන් නවත්තලා..
Deleteඇයි බං එක දිගට පොලිසියෙන් අල්ලලාද..? :D
Deleteඔව්ලු බං. කොයිල් ටිකයි, බැරල් ටිකයි පොලිසියෙ ගහක් යට දිරනවා.
Deleteපුදුමයි ඌ අතාරිද්දී අපේ ආරිය අයියා වැඩේට බැස්සේ නැතිවා... ඌත් පරතෙට ඉගෙනගෙන අන්තිමට කරන්නේ ඉඟුරුවලින් කසිප්පු පෙරනවා වගේ රසායනඥ විශේෂඥ වැඩ.. :D
Deleteමා නොතලන් ගියෙ ඉස්සරින්දා නොවෙද ??
Deleteහ්ම්....
Deleteඅපි ඉතිං රෙදි ඇඳං ඔය වගේ වැඩ කොරන්නෙ කොහොමෙයි.... අපි කළොත් ඉතිං රෙද්දක් ගලවං කරන වැඩක් තමයි....
Deleteඋගෙ නමටම හරියන වැඩ... නම සිරිදේව... ඒවුනාට සිද්ධ වෙන්නෙ රසායනාගාරයෙ වැඩ... දැන් නං හොඳ මිනිහා... වීරප්පන්ට නොදෙවනි රැවුලකුත් වවං හිටියා කාළයක්.....
අන්තිමට ඉතිං මා-නොතලං ට මගේ ගාව තිබුණ ඉස්පැයිට් බෝතලේ නොතිබුණා නං තමයි අමුවෙන්ම දෙසා බාන්න වෙන්නෙ....
නැද්ද මං අහන්නෙ....
එහෙමනම් ඉතින් "ඇච් ටූ ඕ" වල පිහිට තමා... (කොහොමද මගේ විජ්ජාත්මක දැණීම.) අමුවෙන්ම ඇරලා දාන්න අමාරුයි.. ඔහේ ඒ වෙලාවේ මට සක්‍ර දෙයියටත් වඩා වටිනවා.. කොහොමත් මාතලන් කියන්නේ බොහොම ලකී කොල්ලෙක්.. (ඔව් යකෝ කොල්ලෙක් තමා.)
Delete@ මාතලන්...., හික්..!
Delete//දැන්විමයි..!
ReplyDeleteපහත සදහන් බ්ලොග් ලයිස්තුවේ ඔබගේ බ්ලොගය නැති බව පෙනේ නම් ලින්කුව එවන්න...//
උඹත් කතන්දරකාරයා වාගේ මාව ගලවලා නේද
ගලවලා නෙවෙයි බං එල්ලලා නැහැ... මේක අළුතින් දැම්මේ.. කලින් එක අහක් කරලා... අතට අහු උන ටික එල්ලුවා.. අඩු පාඩු තියෙනවා කියලා තේරුන හින්දා තමා ඔය වැකිය යටින් දැම්මේ.. හිටහං
Deleteමොකක් හරි අවුලක් යනවනේ බං... ඒක ඇඩ් කරන්න යද්දි... උඹ මොනවා හරි අවුල් සහගත ගැජට් එකක්වත් හයි කරංද ඉන්නේ... මේකා කියනවා ෂුවර් නැති එකක්ළු...
Deleteආ යන්තං ෂුවර් කොරගත්තද කොහේද...
Deleteබ්ලොග් රෝල් හතරක් දාලා හන්දද කොහෙද බං
Deleteඅදයි දැක්කෙ අටමා මාරයට බයිනවා තෝ මගේ බ්ලොග් එක ගලවලා තොගෙ ලිස්ට් හතරෙන්ම ! චිහ් මම දුටුවෙ නෑ ඉස්සෙල්ලා !
Deleteහමුදාවට GPS මුලින්ම ගෙනාව කාලේ එව්වා නිවැරදි අක්ෂාංශ දේශාංශ පෙන්නුවේ නැහැ. මීටර් හාරපන්සීයක වෙනසක් තිබුණා. කාලතුවක්කු වලින් මඩකලපුවට ගහපුවම අම්පාරට තමයි වදින්නේ. පස්සේ ඒ සමාගම් වලට කියලා නිවැරදි කරගත්තා.
ReplyDeleteඑව්වා එහෙමවත් පෙන්නුවා.. මේවා හිටි හැටියේ මැරිලම යනවා...
DeleteGPS කරන්නෙ ඇමෙරිකාවෙ ආරක්ෂක අමාතයාංශය, එයාල මුලින්ම තමුන්ගෙන් පිටට විකුනපු GPS වල නිවරද්‍යතාවය 200m. එයාල පාවිචිකල එකේ නිවරද්‍යතාවය 10m. පස්සෙන් පහු ලඟදි තමා 2m නිවරද්‍යතාවය තියන ඒවා පිටට දුන්නෙ.දැන් තියෙනවා 1mm නිවරද්‍යතාවය තියෙන ඒවත්. සිග්නල් ගැනනම් කියන්න තියෙන්නෙ 65000ක්ම් දුර ඉඳන් එන්නෙකියල තමා.
Deleteඉසුරු !!
Deleteඕව කිරිමේල් වෙන වැඩ පුතේ !!!
හතුරෙකුට උනත් ඔහොම මඩ ගහන සිරිතක් තියෙනවද??
ReplyDeleteහපෝ හතුරන්ට මඩ ගහහා ඉන්නේ නැහැ කෙලින්ම..............
Delete:D
අන්තිමට පරණ පුරුදු ජී පී ඇස් එක තමයි පොරෝජං උනේ එහෙනං :)
ReplyDeleteඒක 100% ක් ෂුවර් චන්දන. අත්දැකීමෙන් කියන්නෙ. ගැජටයිය අලුත් ඒවයෙ රීඩිං ගන්න පුරුදුවෙලා හින්ද පරණ ක්‍රමේ අමතක කරපු එකෙන් තමයි ඒකෙනුත් පාර වරද්දගෙන තියෙන්නෙ.
Deleteමට මෙ කතාවෙ චරිත ටික ගැන නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ. පහුගිය කාලෙ බ්ලොග් එක්ක හිටියෙ නැති හින්දා වෙන්න ඇති.. ඒත් මේක අර මොකක් ද කාටුන් එකක් තියන්නෙ; අන්න ඒක වගෙ. ජුන්ඩයිය, මොටයිය එහෙම ඉන්නෙ.
Deleteගැජට්ටයියා = මාරයියා හෙම නෙවෙයි නෙ . :D :D
යකෝ ගැජට්ටයියා දන්නේ නැහැ කිව්වා..? :D
Deleteටිකක් හොයලා බලන්ටකෝ දෙයියනේ සුප්‍රසිද්ධ බ්ලොග් “ලියන“ අයියා..එතකොට අර කැඳ වලට මනාප ගොයියා කවුද කියලා...
හෙහ් හේ... දැන් නම් මීටරේට වැටුනා.. :D
Deleteඅනිත් චරිත ටිකත් දැන් දැන් ඔය කොමෙන්ටු හරහා එළියට ඇවිල්ලා ඉන්නේ...
Deleteඔය ගැජටයිය කිවුවෙ අර කැඳ කෝප්පයක් බීල ඒක දිරෝගන්න බැරුව උදේට පාරවල් ගානෙ දුවල අර මොකක්ද ඇප් එකකින් බොරු ගණං හිලවු පෙන්නන අයිය වෙන්න ඇති මං හිතන්නෙ.
ReplyDeleteයකෝ ලංකාවෙ ඔය ගැජට් පාවිච්චි කරල පාරවල් හොයනවට වැඩිය 100% ක් ෂුවර් ඔය A4 GPS එක.
ඔය තරමිං හරි ගිය එවුවො බේරිච්ච එක ලොකු දෙයක්. මොකද ඕක ජරමනියෙ එකක් හින්ද වෑන් එකෙන් ජරමනියටම යන්න තිබුණ නැත්තං.
ඒ අයියා තමා ප්‍රසා... කිව්වොත් බොරුවක්.. ගැහුවොත් ගැටයක්... ආන්න එයා.. :D
Deleteමේ ලගකදිත් පොර ජරමන් ගිමිං ආවා.. මට දැන් තමා මීටර් උනේ.. ඒත් ෂුවර් එකට ඔය ගැජට් එකේ මොකක් හරි බලපෑමකින් වෙන්න ඇති.. :D
හොඳ වෙලාවට A4 GPS එකකුත් තිබිලා තියෙන්නේ... නැත්තම් දවසෙම පාර හොයන්න වෙයි නේද ?
ReplyDeleteඑහෙනං ඉතිං තාම හොයනවා.. තුන් මාසෙටම යන්න තිබුනා...
Deleteමඩ තලියයි ! :)
ReplyDeleteසිකේයියා.. මඩ නොවේ කියලා ලේබලෙත් අලෝලා දාලත් කියන කතා...
Deleteගැජටට මඩ ගහන්නෙපා බොලව් නිකං. ජර්මනියෙං ගෙනාවත් බැස්ටි බහිනවා නේද ගැජට් වල. A4 GPS එක බුදු ෂුවර් ඔය අනිත් එව්වට වඩා ගමනාන්තය හොයාගන්න. නමුත් මාර්ග විස්තරයට නම් අර ගැජට් එකට ගහන්ඩ බඩුවක් නෑ, ඈ. වංගුවේ නිදා ඉන්න බල්ලා. ඉස්සරහ තියෙන මඩ වලේ ගැඹුර, මඩ වල තික්නස් එක, වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් දැම්මාම ඒ ගැට්ටේ යට වදීද, එකී නොකී හැම දේම පෙන්නනවා.
ReplyDeleteආන් එහෙම එන්ඩ අයියෙ වෑන් එක ගැන ලිව්ව කතා ඔක්කොම ඩිලීට් කලා !B-)
Deleteඅන්න එහෙම වරෙං මල්ලි. හතර අතට වන්නනේ බලාගෙන. සතුරා අඳුනාගනිං.
Deleteඈ බං හෙන්රි අයියේ... බැස්ට බැස්ස එක සාක්කුවට දාලා පස්සේ ආයේ අතට ගත්තම බැස්ටි චාජ් වෙලා තිවුනේ කොහෙමෙයි..? යකෝ බලං ගියාම ගැජට්ටයියගේ සාක්කුවේ හෝ ඒ අවට චාජරයකුත් තිබිලද... මාරයි ඈ.. D
Deleteකිඹුලගෙන් බේරුනත් උගේ මල්ලිගෙන් බේරිලි බොරු කියනවනේ.. අපි නැතිවට අටමා ඉතිරි ටික බලා ගනී...
හිටහන් ඔය කොහිල කටු ගාලම ගිල්ලවන්නම් කිඹුලටයි උගෙ මල්ලිටයි..
Deleteඅප්පට සිරි. මට මේ මෙච්චර වෙලා ඔය ඉටිකිරිස් වෑන් එකේ අයිතිකාරය හොයාගන්න බැරුව හිටියෙ. දැං ඒකත් හරි.
Deleteයකෝ මෙන්න මාරය මල්ලි කමෙන්ට් වලට උත්තර දෙනවා. හරි පුදුමයි..
ReplyDeleteමේ ටිකේ ඇගිල්ලක් කැපිලා පට්ට දුකක් විදින්නේ.. හරි පරිස්සමට මේවා කොටන්න වෙලා තියෙන්නේ.. ඒ හින්දා මගේ සාමාන්‍ය වැඩ කොට උඩ ගිහින්.. ඒ හින්දා මේකේ අකුරු අමුණ අමුණ කොට කොට ඉන්න හම්බ උනා.. ඊයේ රෑ මේක ලියන්න ගිහිල්ලා තුන් හතර වතාවක්ම දෙයියෝ සිහි උනා අමතක වෙලා කැපුන ඇගිල්ල කී වල ඇනිලා.. ඒත් ඉතිං කතාව අමතක වෙන්න කලියෙන් කොහොම හරි ලියන්න ඕනනේ කියන හුදී ජන පහන් මෙව්වා එක හින්දම හිමිං හිමිං ලිව්වා.. දැන් ඉතිං ඔය හිමි හිමිහිට උත්තර බැඳ බැඳ ඉන්නවා... මක්කා කොරන්නද... :D
Deleteඅනේ සාදු !
Deleteඇයි උඹට මතක නැද්ද ගැජටයියා එදා අර මල ගෙදර එන වෙලා වෙත් ගෙදර පහු කරගෙන ගිහින් කිලෝ මීටරයක් විතර පයින් ආවේ.
ReplyDeleteඕක දිහා බලන්න අමතක වෙන්න ඇති නේ?
අම්මපා ඔව්නේ... හැබැයි ෂුවර් එකට එදත් ඕක දිහා බලාගෙන යන්න ඇත්තේ බං.. නැත්තං මේ මෙච්චර පාරේ සෙනඟ ඉන්නවා.. අපි හිටියා.. නිකමට ත්‍රීවීල් කට්ටෙන් එළිය බලං ආවනං පේන්න එපෑ.. ඔටුවා වගේ ඔහේ ගියා මිස... ෂුවර් එකට ඕක බල බල යන්න ඇත්තේ.. :D
Deleteඅනේ පල යන්ඩ නිශ් උඹලා මල ගෙදර හිටියද අර ? අපි එලිවෙනක් එතන..
Delete
ReplyDeleteඔය සුදු අය්ය එක්ක මගෙත් ගේමක් තීනව. අප්‍රමාණ සන්තෝසයි මේක දැකල. ඕකව මම අහුවෙනකල් ඉන්නෙ but තාම දෙන ගේම හිතා ගන්න බැරි උනා මිනිහ ටිකක් කබර සයිස් නිසා.
ගැජටයිය්ය කියන්නෙ අර තර්මො මීටරේ බෝඩිමේ ෆ්‍රිජ් එකේ දාල තියල අරන් පොටෝ ගහල මම ඉන්නෙ ජර්මනියෙ බොරුනං මෙන්න බලහල්ල අද සීතලඅඅඅ කියල පෙන්නල බුකියෙ පොටෝ දැම්ම මෑන් නේද?
එතකොට බැසයන දේශපාලුව කියන්නෙ "හොරු එක්ක හෙළුවෙන් වනන" උන්දැ වෙන්නැති?
එක නෙමෙයි, මාලු නංගිලට සපෙඔර්ට් එකට මංගල වගේ මඩ ලියන දස්සයෙක් හොයනවලු. නරකද ඉල්ලල බැලුවොත්?
ඕකට ගහද්දි ගහපන් කබරයෙක්ට ගහනවා වගේ මීමුරෙන් දුං එන්න...මාරයාලා වගේ පීචං පොරවල් වලට තමා ඕකුන් ලොකු....
Deleteඋන්දැ හරිම වැඩකරුවෙක් නොවෑ...අර A4 GPS එක දවසකට දෙකකට ඉල්ලගන්න බැරිද දන්නෑ, ඒක මාර ගැජමැටික්කුවක්නෙ :D
ReplyDeleteඔය කියන අය්යා පෙන්වන්න GPS එකක් ගෙනල්ලා හරි තියෙනවා නේ. අර සමහර බ්ලොග් කරුවෝ හිටියේ වීඩියෝ වලින් ගත් පොටෝ පෙන්වලා තමන්ගාව විතරක් තියෙන පොටෝ කියා කයිවාරු ගහපු.
ReplyDeleteපව් අසරණය, මෑන්ස් ගෙ ගැජට් එකේ ඇන්ටනාව වැඩ නෑ, ඒකයි සැරින් සැරේ සාක්කුවට ගැජට් එක දාන්නෙ
ReplyDeleteකියන්න නං තාරනා බොහෝමයි.
ReplyDelete1. ඔය ගැජ්ජයියගෙ (මට හිතෙන්නෙ මෙහෙම කීවාම ගති) ඒ හතරෙ ජීපීඑස් එකට පාර අයිනෙ නිදාගෙන ඉන්න බල්ලො බලල්ලු එහෙම අහුවෙනව කියල කොටයිය කියල තිබ්බනෙ
2. කොටයියගෙ අති නවීන සුකෝපබෝගී වෙහිකල් එකේ ඩීසල් ටැංකිය ඒ අයියගෙම මූත්රාශෙට ඩිරෙක්ට් ලිංක් වෙනව. ඒකනෙ මහ රෑ රබර් කැලයක් අස්සෙ ටැංකිය හිස් කලාම වාහනේ ඉස්ටාට් නොවුනෙ
3. කාටත් අමතක වෙච්චි තව සීන් එකක් තියනව. ගැජ්ජයියගෙ ගැජට් කුට්ටමේ එල්ලෙන කපල් යුනිට් එක දොස්තර අයිං කලා නෙව කාලෙකට කලිං (ඒක ප්‍රසිද්ද බ්ලොග් රහසක්). ඉතිං ගැජ්ජයිය මලගෙදර ඉන්න අස්සෙ වත්තෙ තිබ්බ ආමන්ඩ් ගහකිං ඇට දෙකක් අරගෙන හොරෙන්ම සාක්කුවේ දාගත්ත. (උඹල මේ ලගදි දැක්කෙ ගැජ්ජයියගෙ ඉකිල්ලෙ කොම්පෝස්ට් පොහොර ටික වැටිල සරුවට පැලවුන එයිං ඇටයක්)
දැනට ඔය ටික හොදටෝම ඇති මයෙ හිතේ
වැඩක් නෑ.... ඔය ඇට හයි කරගත්තත් ඉතිං...... වෙන කොහේවත් වදින්නෙ නෑනෙ.. අල්ලෙ මිසක්....
Deleteගැජයියා මහ ලොකුවට රට වටේ දුවනවා කියලා කොරන්නෙත් මම හිතන්නෙ අර හොර ජී පී එස් එක ගේ වටේ කරකවන එක වෙන්ටෑ....
ඔය කියන අයියා වගේ අයියා කෙනෙක්ගේ මෑණියන්ගේ අභාවයෙන් පස්සේ මම ඒ මළ ගෙදරට ගියා. කතා බහ කරමින් ඉන්න කොට උන්නැහේ කිව්වනේ "මාරයත් එනවා කිව්වා " කියල. ලඟින් ගිය කෙනෙක් මඥ්ඥංම වෙලා ගිය ඒක ඇහිලා..
ReplyDeleteහැබැයි මම විස්වාස කරන්නේ නෑ ඕක. ඔය අයියා අඩුම තරමේ ඉස්මාර්ට් ෆෝන් එකේ ඔය A4 එකේ ෆොටෝ එකක් වත් දාගෙන එනවා මිසක්, ඔය කොළ කෑලි අදින්න තරම් මෝඩ නෑ. මොනවා වුනත් මිනිහට දෙවන සැලසුමක්(Plan B) තිබිලා තියෙනවා. ඒක වැදගත්. අද කාලේ ඉලෙක්ට්‍රොනික් ගැජට් ගැන විස්වාසේ තියන් ඉන්න එක මහා මෝඩකමක්. ඒ අතින් ගැජටයියාට අත්දැකීම් තියෙන පාටයි.
ReplyDeleteඔවු ඔවු
Deleteඒ අයියට තිස්සෙම ප්ලෑන් බී එකක් තියනව . . . ඒකනෙ ගහකිං ඇට දෙකක් කඩාගත්තෙ
බොගෙ හාමිනේ කඩන කඩන ගෙඩිය ඉල්ලගත්තෙ මොකද ??? අන්තිමේ මම කාපු එකේ ඇටේ විතරයි මට. මම එක පැල කරා..කෝ උඹේ එව්වා ????
Deleteහා දීපන් උත්තර !
:-D
අනේ අපේ වයසක වෙනියා මාරයියේ මඩ කියල මෙහෙමත් ගහන සිරිතක් තියෙනවද ?
ReplyDeleteමෝඩ මාරයාණනි...
ReplyDeleteඅපේ ගෙදර එන්න බැරි නම් මේ ලෝකේ කිසිම තැනක යන්න බැහැ..
Blog ලියන මිනිස්සු කවදද ඇදක් නොදැක්කේ??
මෝඩ මාරයා ආවෙත් නෑ..ආපු මිනිස්සුන්ට තව අපහාසත් කරනවා...
බොහොම වැදගත් පොස්ට් එකක් කාලෙකට පස්සේ මේ වගේ එකක් කියෙව්වේ ලොකු දැනුමක් ලබා ගත්තා .... පිළිතුරු ගියකුත් ලියවිලාලු නේද ...........
ReplyDeleteඅර ගු රජා මඩ කියලා දාන ගු ගොඩවල් වගේද මේවා. මෙන්න නියම මඩ. කෝකටත් කලාවක් තියනවා.
ReplyDeletemeyata "like" ya. like button ekak nethi nisa mese kiya damuwemi.
Deleteපිළිතුරු ලිපිය බලලමයි මේ පැත්තේ ගොඩ වුනේ.. මුකුත් නොකියා යඤ්ඤං මම..
ReplyDeleteපාරවල් හොයාගෙන යන එක නම් මටත් එපා වෙන වැඩක්.
ReplyDeletehttp://kurutugegeepota.blogspot.com/2014/02/say-no-to-fake-profiles.html
Delete