01 January 2014

කඩුගන්නාවේ බසයක් අනතුරේ...

අළුත් අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලම දාන්න වෙන්නේ අප්සැට් පෝස්ට් එකක්නං තමා.. ඒත් ඉතිං දැක්ක දුටු දේ වාර්ථා කොරන එක මගේ මෙව්වා එක නෙව...
මේ අද උදේ කඩුගන්නාවේදී සිද්ධ උන බස් අනතුර මගේ කැමරාවට අහු උන හැටි තමා...

උදේම පොඩි වැඩකට නුවර ගෙහුන් ආපහු එද්දී තමා මේක උනේ... වැඩි වෙලා පොටෝ අල්ල අල්ල ඉන්න උනේ නැහැ.. මං ආව නුවර කොඹළ ඉන්ටසිටි බස් එක එහෙං මෙහෙං කපලා යන්න පාර හොයා ගන්නකල් බස් එකෙන් පැනලා ගත්ත පොටෝ ටිකයි මුලින්ම බස් එකේ ඉදලම ගත්ත දෙක තුනයි තමා තියෙන්නේ.. අර බස් එක පිටිපස්සේ සෙනඟ පිරිලා ඉන්න තැන කවුරු හරි කෙනෙක් බිම හිටියා වගේ පෙනුනා උනත් වැඩිය කිට්ටු වෙන්න උනේ නැහැ.. මට තිබුනේ විනාඩියකටත් අඩු වෙලාවක්.. එයිට වඩා ඉන්න ගියානං බස් එක මාව දාලා යනවා නෙව... වැඩි විස්තර පත්තර වල එහෙම යන්නේ නැතෑ...










37 comments:

  1. ඊයේ රෑ ගහපුවගේ කරන්ට් එකෙන්ද දන්නේ නෑ රියදුරා හිටියේ. නැත්නම් කොහොමද මේ විදිහට වංගුව කෙලින් කලේ.

    ReplyDelete
    Replies
    1. මේක වෙලා තියෙන විදිහනං මටත් හිතා ගන්න බැහැ.. අහපුවාම කෙනෙක් කිව්වෙනං බ්රේක් නැති වෙලා කියලා.. අනේ මංදා...

      Delete
  2. මූත් මම වගේ ළඟ නමන පොරක්ද කොහෙද. මෙච්චරකල් එලෝපු එකට වැඩිය දිග එකක් හම්බවෙච්චම ඔහොම වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. උඹ යන පාරකවත් යන්න හොද නැහැ...

      Delete
    2. අයියට කියන්ඩ අයියා එක සැරයක් එකෙක් කුරුනෑගලදි ලග නැවිල්ලක් නැව්වා 19 ශ්‍රී ලොරියක ඩ්‍රයිවර් අද වෙනකං එතන ඉදන් පිං දෙනවා උගේ හත්මුතු පරම්පරාවටම

      Delete
    3. හොඳ වෙලාවට ගොඩක වෙල වංගු තිබුනට මේ තරං පල්ලං නැහැ.. :D

      Delete
  3. බ්‍රෙක් නැති වෙලා කියන්ඩ අමාරුයි බං.. ඔතෙන්ට එනකං බස් එකක් බ්‍රේක් නැතුව ඇවිත් ඔය විදියට බස් එක හිට්ටා කියන්නෙ. එක්කෝ සක්කරයා ඇවිත් හෑන්ඩ් බ්‍රෙක් අදින්ඩ ඕන නැත්තං ඩ්‍රයිවර් ලොක්කා ආත්ම දහ පහලොවක ඉදන් එක දිගට පිං විතරක් කරලා තියෙන්ඩ ඕන.. මූ සුවර් එකටම පල්ලම 60ට පාගලා වංගුව කෙලිං කරන්ඩ ගිහින් වංගුවේ මොකෙක් හරි මූනට ඇවිත් බ්‍රෙක් කරන්ඩ ඇති. ඒකයි පස්ස ඇදිලා ගිහින් තියෙන්නෙ. ඕක බ්‍රෙක් නැතුව ආවනම් ඔතන හරි කෙලින් ඉස්සරහ තියන රොක් විව් එකේ කට්ටියට ඩ්‍රයිවර් ගානෙ තේ බොන්ඩ තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මටත් ඒ බ්‍රේක් නැති කතාව විස්වාස කරන්න අමාරුයි...

      Delete
    2. අනික බ්‍රෙක් නැතුව ආවනං ඕක TV ලයිසන් එකකින් බස් එලවන එකෙක් ඔයිට කලින් ඕන තරම් තැන් තියනවා ඕක නවත්තගන්න. මූ මෙතන තොංගලම ඇවිත් ඇල්ලවල් වලට අල්ලන්න ගියේ. ඒකත් පාරෙ අනිත් පැත්තට .

      Delete
    3. කොහොමත් ඔය බස්වල තියෙන වැකුම් බ්‍රේක් වැකුම් බැස්සම හිරවෙනව ගල තිබ්බ වගේ. ඒ හින්ද බ්‍රේක් නැතිවෙන්න විදියක් නෑ හිර උනොත් මිසක. බස් එකේ පිටිපස්ස පැත්තෙ ෆොටෝ එකක් තිබ්බන් මොකක්ද වෙලා තියෙන්නෙ කියල හිතාගන්න තිබ්බ.
      (‍රිපෝට් එකක් දෙනවනං සම්පූර්ණ විස්තර ඇතුව පින්තූර දාහං.) :D

      Delete
    4. දැන් කල්පනා කලාම හිතෙනවා සමහර විට එහෙම උනාද කියලත්... මෑන් ආව වේගෙට බ්‍රේක් නැති වෙලා බ්‍රේක් බයින් උනානං සහ ලයින්වල බැලන්සි නැති වීම හරි ලයිනර් වල අවුලක් නිසා එක පැත්තක (බොහෝ දුරට ඉස්සරහා වම් පැත්තට) බ්‍රේක් තදින් වැදීම නිසා බස් එකේ පස්ස කැරකිලා දකුණු පැත්තට ඇදිලා ගියාද කියලත්...

      Delete
  4. අනේ මුන් කැමරා අරන් අපිට තියෙන වදයක් ...... ජනවාරි පලවෙනිදාවත් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නෑ

    ReplyDelete
  5. අනතුරකුත් සමග නව වසරේ ඩ්‍රයිවර් මහත්තයා වැඩ අල්ලලා තියෙන්නේ ඔය හොඳටම. බ්රේක් නැති ව ආවා නම් ඔහොම පාරේ මැද කොහොම නව්ත්වන්නද? හිතාගන්න අමාරුය.

    මමත් ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා ලිපියක් ලියුවා මේ වසරේ වත් වංචා සහ ප්‍රෝඩා වලට අසු නොවෙන්න. අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව ඔබ සැම පැමිණ කියවන්න. මාරයා ඇතුළු සැමට සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. අන්තර් ජාල මුදල් ගැන මුල හිටන්ම උනන්දුවක් නැති හින්දා මංනං ඔය වංචාවලට අහු වෙන්නේ නෑම තමා... :D

      Delete
    2. ඔබ උනන්දුවන පැති වල වංචා වලිනුත් නොබෙරී ඉන්න.

      Delete
  6. අළුත් අවුරුදු ආතල්. drift කරන්න ගිහිං

    ReplyDelete
  7. උඹට ඉතින් පයිය කසනවා මේවා දැක්කාම.පල හීරලුවෝ පච කෙලින්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. මෙන්න ආචාරියා අලුත් අවුරුද්දේ වැඩ අල්ලලා

      Delete
    2. ඔය ආචාරියා වෙන්නත් පුළුවන්.. අචාරියාට බැන බැන ඉන්න තව කවුරු හරි එකෙක් ආචාරියාට අපි ලවා බන්නවන්න හදපු එකක් වෙන්නත් පුළුවන්...

      එහෙමත් නැත්තං ආචාරියා කියන චරිතයක් ගොඩ නංවලා ඒ හරහා පොඩි ගරිල්ලා මාකටින් පාරක් දාන කෙනෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන්.. ඒ හින්දා ආචාරියා තුමා කියන දේ ගැන ඒ හැටි වැදගත්කමක් දීලා වැඩක් නැහැ නිශාන්ත...

      Delete
  8. අද කොහුවල හන්දියේ මම බලන් ඉඳිද්දී නෝනා කෙනෙකුගේ ජීප් එකක් පිටිපස්සෙන් ඇන්නා මෝටර්සයිකල් එකක්.

    ReplyDelete
    Replies
    1. බයික් කාරයට ආතල් ඇති නෙහ්..? :D

      Delete
  9. 31රෑ නයිටේ ප්‍රතිඵලද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ මංදා.. වන්දනා නඩයක්ද කොහේද හිටියේ... සිසු සැරිය කියලා බෝඩ් එකක්නං තිබුනා...

      Delete
  10. මේ කැමරාව අර යක්කලට කපීර් කඩන් වැටුනු වෙලේ තිබුනා නම් කොහොම වෙන්න තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනං කතා කරලා වැඩක් නැහැ ඩිලා.. :D

      Delete
  11. මට හිතෙන්නෙ

    01. මූ 60 ට විතර එන්න ඇති..බ්‍රේක් ගහගන්න බැරි වෙන්න ඇති...

    02. බ්‍රේක් බයින්ඩ් වෙලාද දන්නෙත් නෑ...

    වැදගත්ම එක තමා

    මු හෙන ගේමක් දෙන්න ඇති බේරෙන්න නැත්තම් පල්ලෙහා තමා ඉන්න වෙන්නෙ... ඒ උගේ දක්ෂකම වෙන්න ඇති.... කාටවත් අනතුරක් නැතුව නවත්තගන්න....

    ReplyDelete
    Replies
    1. සෑහෙන හොඳ අනුමානයක්...

      Delete
  12. Replies
    1. හුම් හුම්... මක්කා කොරන්නද..?

      Delete
  13. යනින් ගමන් ගත්තු පොටෝ ටික කොහොමද

    ReplyDelete
  14. මාරයා මම හිතුවට වඩා ඉහල මධ්‍යම පාන්තිකයෙක්නේ. මම නම් පුරුද්දක් ලෙසින්ම සාමාන්‍ය බස් වල තමයි ගමන් බිමන් යන්නේ . නොකරම බැරි වෙලාවක හැර සෙමි ලක්ෂරි හෝ ඉන්ටර් සිටි ඒවායේ යන්නේනැහැ.

    ලදුවාවූ නව වසර ඔබ ඇතුළු සියලු මිතුරන්ගේ අපේක්ෂා ඉටු වන එකක් වේවා.

    ReplyDelete
    Replies
    1. හපොයි සමරසේකර මහත්තයෝ... ඉන්ට සිටියේ යෑමෙන් පංතිය තීරණය වෙනවනං මං තමුන්නාන්සෙට තව දෙයක් කියන්ටද..?

      ගිය අවුරුද්දටම මං බස් එහෙක ගියේ එකම එක වතාවයිද කොහේද... ඒකත් මේ යාළුවෙකුගේ පිරිතකට යන්න වෙලා... කොටින්ම කිව්වොත් පහුගිය අවුරුදු තුන හතරටම මං බස් එහෙක ගිහින් නෑ තුන් හතර වතාවටක වඩා... :D

      ඕකෙන් ඇහැකිද දෙයියනේ පංතිය මනින්න.. එහෙම මනිනවනං දැන් කොහොම පංතියකද මං ඉන්න ඕන... :D

      සමරසේකර මහත්මාටත් එසේම වේවා..!

      Delete
    2. මාරයා ඔබේ උත්තරයෙන් මා තවත් පැටලුනා.
      "ගිය අවුරුද්දටම මං බස් එහෙක ගියේ එකම එක වතාවයිද කොහේද.."
      මා මගේ මට්ටමෙන් ඔබවත් මැනලා. ඒකට සමාවෙන්න ඕනෑ. නුවර ටවුමේ ඉඳල කිලෝමීටර් 17ක් දුරින් ඉන්න මට සතියකට කිහිප වතාවක් නුවරට යන්න වෙනවා.මාසෙකට වරක් කුලියාපිටියට යන්න වෙනවා.අඩු තරමේ මාසෙකට කිහිප වරක් කොළඹට යන්න වෙනවා. මිට අමතරව මා මාසෙකට එක් වරක් හෝ වැලිමඩ සහ කොස්ගම (බෙරගල සහ බලන්ගොඩ අතර ) යනවා. මා මේ ගමන් සියල්ලම වාගේ යන්නේ සාමාන්‍ය බසයෙන් සහ 3 පන්තියේ දුම්රියෙන් . ඒකට එකම හේතුව පොකැට් එකම නෙමෙයි.(එකත් වැදගත් සාධකයක් තමයි) සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් අය කරන ඉන්ටර්සිටි බස් වල ac තියෙන්නෙ බස් එක start කරන කල් විතරයි. එකෙ අනිවාර්‍ය ප්‍රතිඵලය ඔලුවේ කැක්කුමක් හදාගෙන බැසීමයි. සාමාන්‍ය ගාස්තුව මෙන් 1 1/2 ක් අය කරන සෙමි ඉන්ටර්සිටි බස් වල පොල් පටවනවා වාගේ මගින් පටවන්නෙ. මේ දෙවර්ගයේම වේගය සාමාන්‍ය බස් එකේ වේගයට අඩුයි .
      එබැවින් මා ගමන් යාමේදී තෝරා ගන්නේ සාමාන්‍ය බස් රථයයි .C.T.B. බස් එකක් දැක්කාම ඒක තෝර ගන්නේ ඒක private බස් එකට වඩා ඉක්මනින් යන නිසයි.(ඒත් මාරු කාසි අරගෙනම යන්න ඕනෑ නැත්නම් ඉතුරු සල්ලි හරියට ලැබෙන්නෙ නැහැ.)

      Delete
    3. ඕක ඔය හැටි ලොකුවට හිතන්න එපා සමරසේකර මහත්මයා... මං බස්වල යන්නේ නැත්තේ ලොකු පොරක් වීමක් හින්දා නෙවෙයි... මගේ දුප්පත් මොටෝ බයිසිකලේ හින්දා.. :D

      එක අතකින් බස් ගාස්තුවට වඩා සුළු මුදලක් වියදං උනත් (උදා හරණයක් හැටියට කිව්වොත් මට මේකේ නුවර ගිහින් එන්න පැට්‍රල් ලීටර් හතරක් හොඳටම ඇති.. ඒ කියන්නේ රුපියල් 650 ක් විතර... මං ඉන්ට සිටියේ නුවර ගිහින් ආවොත් ඒත් 620ක් විතර යනවා... සාමාන්‍ය ගාස්තුව කීයද කියලනං දන්නේ නැහැ..) මට ඒ හරහා ඉතිරි වෙන කාලයත් එක්ක ගණනය කලාම වැඩිවෙන සුළු මුදල කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ... කාලය කියන්නෙත් මුදල් නෙව.. :D
      අනිත් දේ තමා මට උවමනා තැනක නැවැත්වීමට හැකි වීම... බස් එහෙක ගියොත් හදිසියේ මුත්තරා බරක් ආවත් ඉතිං දිව හපාගෙන යන්ට එපෑ.. අනික උන්දලට ඕන ඕන තැන්වල නෙව තේ බොන්න නවත්තන්නේ... එහෙම බැළුවම මේක පුදුම පහසුවක්... අව්වට කර වෙනවා වැස්සට තෙමෙනවානං තමා.. ඒත් ඉතිං ඔය හැම දේම බල බල ඉන්ට ඇහැකියෑ...

      ඔන්න ඕකයි මං බස්වල නොයන රහස.. නැතිව ලොකු සින් එකක් නෙවෙයි... ඉන්ට සිටියේ ආවෙත් මගේ කාලය ඉතිරි කර ගන්න උවමනා නිසා.. නැත්තං ඉතිං බස් එහෙක පුට් බෝඩ් එකට බැහැලා හුළං පාරක් වැදි වැදි එන එක සැපයි ඒසී එකේ වීදුරු වහං එනවට වඩා... අනික ඉතිං බස්වල කාලයක් කොන්දොස්තර රස්සාවටම එහෙ මෙහෙ ගිය මට බස් මහා අරුමයක්යෑ...

      Delete