21 January 2014

අනේ සුමනක්කේ...

ගයේෂත් එන්නේ...
නදීෂා කලියෙන්ම බැස්සේ...
ඔබ මොකද නැත්තේ...
ඔබත් ආවොත් වැඩක් වෙන්නේ...

ගයේෂට හැකිනම්..
නදීෂත් ඉල්ලයිනම්..
සුමනක්කා ආවොත්...
අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්...

හිරුනිකා දෝණී...
දැක්කත් සතුට දේවි..
අනර්කලී බට්ටි..
ඇඹරි ඇඹරි ඔමරි පාවී...

ඉඟුරු සුදු අක්කා..
කොලොන්නාවට බැස්සා...
මංගලා අක්කා
පවා සටනට මෙන්න බැස්සා...

මහ ඇමති වෙන්ටා
සාරිය කරට උස්සා..
මෙන්න දැන් එනවා...
අපේ ගීතක්කා...

පකිස් පෙට්ටිය වාගේ..
බබලන නාරි රූපේ..
ජීවන්ගේ දෝණී..
පවා ඉල්ලයි අපේ ඡන්දේ..

සුදු සුමන අක්කේ..
ඔබ පමණී නැත්තේ...
ඔබත් ආවෝතින්..
පමණි අපහට නින්ද යන්නේ...

ඇමරිකා සල්ලි..
තවත් මොකටද අක්කී..
එන්න තව නොරැඳී...
අක්කා ජනපති කරමි කැපවී...

60 comments:

  1. ලංකාවෙමි මිනිස්සු වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරමු.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඕක නිකං මගේ උදාන පාඨයක් වගේ එකක්...

      Delete
    2. වෙනස කියන්නෙ මචං වැල සයිට් වලත් කැටගරි තියෙනව නොවැ..

      ඒකෙ එක පැත්තක් තමා ඇන්ටා සීන්..
      රසයක් නැත්තෙමන් නැහැ නේ??

      Delete
  2. මුන්ට වැඩිය ඒකී හොඳයි.

    ReplyDelete
    Replies
    1. කණ්ඩායම් නායිකාව කරන්න පුළුවන් නෙව...

      Delete
  3. //අනර්කලී බට්ටි..//බට්ටි අනර්කාලි... එහෙම කිව්වොත් තාලේ ඒවි.

    (ලොග් වෙන්න බෑ. ඇනෝ කොටමි.)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ
      කමෙන්ට් එක විතරයි ඕන. කමෙන්ට් කරපු එකාගේ ජාතකෙන් වැඩක් නෑ.

      Delete
    2. මං ලිව්වේ අනර්කලී කියන එක කෙටියෙන් කියවෙන විදිහ හිතලා..බට්ටී ඇදෙන්න...
      ඔයා කියන විදිහට ලිව්වොත් ‘බට්ටී අනර්‘ කෑල්ල එකට කියලා ‘කාලී‘ ටිකක් ඇදලා කියන්න වෙනවා.. හැබැයි දෙකම ඒ ඒ විදියට කිව්වැකි...


      සමහර කමෙන්ට්වලදී බොක්කේ දඩමස් තියෙන හින්දා ජාතකේ නැතිවත් බැරි තැන් තියෙනවා... :D

      Delete
  4. අවුල මුන් චන්දෙ ඉල්ලන එක නෙමෙයි, මෙ වගේ ප්‍රතිපත්තියක්දේශපාලනික දැනුමක් නැති ළද බොළද සූකිරි බටිල්ලන්ට නාමයෝජනා දෙන එක සහ උන්ව පත් කරලා යවන්න ජන්දෙ දෙන එකයි අවුල.

    ReplyDelete
    Replies
    1. මුළු ලංකාවම අද ඉල්ලන්නේ මෙගා ස්ටාර්ලා වෙච්චි කොට.. එව්වම දෙනවා ඇර වෙන මොනවා කරන්නද...? කොයි පැත්තෙනුත් දැන් කරන්නේ ඒකම තමා...

      Delete
  5. ජීවිතේ තත්තේ...
    මෙයින් පෙනෙනවා මුත්තේ...
    කෙලින් කීවොත් අත්තේ..
    බලය ඇත්තේ ගෑණු *****තේ...

    ReplyDelete
  6. පොහ්....................ඈ බෝල මාරයො, එතකොට අපේ වයසේ වගේ තවම ටිං ටිං ගාන සුමනා අමරසිංහ දුව, ශ්‍රියානි අමරසේන දුව, එපාද?

    ReplyDelete
  7. නරකද ඉංදියාවෙනුත් සැට් එකක් අරං ආවොත්.

    ReplyDelete
    Replies
    1. ඉහත දමා ඇත්තේ 36000 වෙනි කොමෙන්ට් එකයි. :D

      Delete
    2. මේකා කැල් එකක් වගේ නේ. සීයේ ගුනාකාර පනහේ ගුණාකාර පෙන්නන්න බෑ..

      Delete
    3. එහ්ම තමයි බොල, අපි ඕපදූප හොයන්නටම උපන්නෙමු. හැක් හැක්...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  8. කොයි දෙස්පලුත් රඟපෑමයි කරන්නේ
    ඒකත් කරන්නට හරියට නොදන්නේ
    නළු බට්ටියෝ නෙව උන් හොඳහැටි දන්නේ
    ඒ හින්දයි උන් රජගෙට වඩින්නේ

    ReplyDelete
  9. මාරෙ....ඔහොම කවි ලියල බොට බේරෙන්න බෑ...!

    ReplyDelete
  10. ජින්ජරුත් ඉන්න නිසා ගාලික් එකකුත් හොයා ගමු. මේ පාර නම් නියම ඩෙවල් එකක් බලා ගත්ත හැකි.

    ReplyDelete
  11. යකෝ ඉස්සරහට තව මොක මොකා ඒවිද මන්දා..

    ReplyDelete
  12. හරි ආවයි කියමුකෝ.... ඇවිල්ල උබලගේ මනාපෙන් දින්නයි කියලත් කියමුකෝ..... මොකද්ද බාර දෙන අමාත්‍යන්ශේ ????

    ReplyDelete
    Replies
    1. මැලේසියානු කටයුතු අමාත්‍යාංශය

      Delete
    2. එහෙම වෙනවනම් ඉතින් අනේ වාසනාවන්!!

      Delete
  13. සමහර අයට ඡන්ද දෙක තුනක් වත් ලැබෙයිද කියන්න බෑ.. අන්තිමට එයාගේ ඡන්දේ විතරක් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තුෂානි @ මොන,...බලන්නකෝ අපේ අය දෙන්නේ නැද්ද කියලා

      Delete
  14. මේගොල්ලන් දේශපාලනය අතින් jokers බව ඈත්ත. නමුත් කුඩුකාරයන්, කුඩු මුදලාලිලා, චන්ඩින් (ගීතගෙ ටෝක් වලින් නම් ඒගනයටත් අයිති වගේ), ස්ත්‍රී/ලමා දූශකයින්, චන්ඩි හාමුදුරුවරු, සමාජවාදී වෘතියක් ලෙස වර්ජන කරන්නන්, මිනීමරුවන් ආදීන් මේගොල්ලන්ට වඩා හොදද?

    ReplyDelete
  15. පාර්ලිමේන්තුව දිහා බලන් අ* පාරක් උනත් ගහන්න පුළුවන් නෙව දැන්...

    ආශ්චර්ය ආශ්චර්ය...

    ReplyDelete
    Replies
    1. පෝලිමේ ගිහින් ටිකට් අරන් තමයි ඒ කිට්ටුව්ට ලං වෙන්න දෙන්නේ : D

      තවත් අදායම් මාර්ගයක් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට.

      Delete
  16. හි හි නියමයි ..ඇත්තටම ගයේෂත් ඉල්ලයිද ..
    ඔක්කොම සම්භාව්‍ය නිලියෝ ;)

    ReplyDelete
  17. අනේ අප්පේ මෙච්චරද ? තව කාට කාට හරි දෙන්ඩ තිබ්බනේ

    ReplyDelete
  18. හී හී සුමනක්ක කිව්වේ කසිප්පු සුමනා වෙන්න ඕන.අපේ උන්ගෙ චන්ද ටික ගන්නකං විතරයි ඔක්කොම සුකුරුත්තං.ඊටපස්සෙ උන්නද මලාද බලන්න පැත්ත පලාතෙ එන එකක් නෑ.ඕකුන්ට චන්දෙ ගන්න සාරි ගලවල උනත් ස්ටේජ් නගින්න බැරිකමක් නෑ

    ReplyDelete
    Replies
    1. //හී හී සුමනක්ක කිව්වේ කසිප්පු සුමනා වෙන්න ඕන//

      අයියෝ යුනිකෝඩ්

      Delete
    2. ඕනේ........ ඔන්න ඔහේ කියලා දීපන් බං ඒ සුමනා ගෝමස් කියලා. ඕවා ඔහොම තමයි. ඒ කාලය මල්මල් ළමයා දන්නේ නැතුව ඇති.

      Delete
    3. අඩේ ඔවුනෙ. මේ මල්ලි ඒ ස්වර්නමය යුගය දන්නෙ නැතුව ඇතිනෙව
      මල්ලි,
      සුමනා ගෝමස් කියන්නේ හෙල සිනමාවේ ගිනිසිලුව ලෙස කිරුලු පලන් අපේ සිහින කුමාරියයි. නෑදෑකමෙත් ගත්තාම ඇය සෙලීනා ගෝමස්ගේ ලොකු තාත්තාගේ දුවයි

      Delete
    4. ඕනමැන්ටල් නම් මාරයි ඈ....... පුදුමාකාර දැනුමක්නෙ තියෙන්නේ....

      Delete
  19. දැනට රළු පිරිමි හිනා මුහුනු ඇති පෝස්ටර් වල තන් සහ පුකවල් පෙන්වන නාරි රූප තිබෙනු දැකීම ජනතාවගේ ලේ පිරිසිදු වීමට හේතු විය හැකි බැවින් මෙලෙස නාටිකාංගනාවන් මැතිවරණයට ඉදිරිපත් වීම ගැන මට ඇත්තේ සතුටකි.

    ReplyDelete
    Replies
    1. කුණුහරප කියන්න තැනක් දැක්කොත් ඊට වඩා දෙයක් නැහැ නේද ..

      Delete
  20. මේවා දැකලා පන පලයං කිව්වලු.

    ReplyDelete
  21. Ganika wurthiya neethigatha karanu ;)

    ReplyDelete
  22. සන්ධානේ පැත්තේ....
    හොඳ හොඳ බඩුය ඇත්තේ...
    රනිල් අපෙ මුත්තේ...
    මොකද මන්දා සද්ද නැත්තේ...

    ReplyDelete
  23. මක්කැයි වෙලා තියෙන්නෙ ? කවුරුවත් ඡන්දෙ ඉල්ලනවා වත්ද ?

    ReplyDelete
  24. අම්මපා සුමන අක්කා
    ආවොත් චන්දෙ ඉල්ලා
    ඉදිරි පෙලටම බැහැලා
    චන්දෙ දෙමි ඇට දෙකම හොල්ලා

    කැහැටුය ආකර්සා
    වැහැරුනු ගීත අක්කා
    වැල උන උපෙක්සා
    වගෙද පිරිපුන් සුමනඅක්කා

    තන නැත මාලනීගේ
    වැඩ නැත උපේක්සාගේ
    ආවොත් සුමන අක්කේ
    මුන් ටික ලොවෙත් නැත්තේ

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ ඕයි මේවා..!!!:)))

      Delete
  25. ඊට පස්සේ ඉතින් අපිටත් බැරිය කට්ටිය ලයිට්ස් කැමරා සෙට් කරන් ඇක්ෂන් කිවුවම එයාලා කියන විදිහට රඟපාන්න..

    ReplyDelete
  26. අනේ බං ඒ කාලේ හිතේ ඇඳිච්චි සුමනක්කගේ රූපේ එහෙම්මම තියෙන්න ඇරලා ඒකිට ඔය ඉන්න විදිහට ඉන්න කියමු. දේශපාලනේට බැහැලා එයත් සාකච්ඡා වලට අරවට මේවට ගිහින් ඇන ගත්තහම, ගිරිය පුප්පලා රැස්වීම් වල කතා කරන්න ගත්තහම, ඇත් දෙක එකතු කරලා ආයුබෝවන් කියන්න ගත්තහම අපිට ඒකිව දවසෙන් දෙකෙන් එපාවෙයි.

    ReplyDelete
  27. පළාත් සභා සුදු අලියෙක් බව මින් පැහැදිලි වනවා. පාර්ලිමේන්තුවටත් ආසන පනහක් පමණ තිබීම සෑහෙන බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට පිස්සුද දැන් පන්සීය පනහත් මදිවෙන සයිස් එකක් තියෙන්නේ

      Delete
  28. ජාතික වස්තුවක් උන සුමන අක්කව පළාත් සබාවට යවල මොකටද ? යවන්ඩ ඕනෙ පාර්ලිමේන්තුවට.
    මේ කැහැටු කෙල්ලොත් එක්ක පෑහෙන්ඩ අපේ සුමන අක්ක ... හුග්

    ReplyDelete
  29. හැබැයි දැන් පලාබබා වලයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුනුයි දිහා බලනකොට මෙයාල හොඳයිනේ අප්පා , මෙලෝ වැඩක් නැති කවුන්සිලේ දිහා බලන් අඩු ගානේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්ටවත් බැරියැ

    ReplyDelete
  30. දැන් මේ හැම *ත්තිම පාර්ලිමේන්තුව අස්සෙ රිංගුවාම පුරුෂාධිපත්‍ය කියන එක බල්ලට යනවනෙ යකෝ :D

    ReplyDelete
  31. සුදු කකුල් දෙකකට කොළ හැකි හරිය තමා මේ..

    ReplyDelete
  32. Hi Maraya,
    Anna Sumana akka ubava hoyanava
    joke
    mama ube post aka ayata demma, aya ube Mobile No aka illanava kathakaranna asi kiyala
    mama email aka dunna
    Mobile no aka puluvan nam mail karanna
    rangana26@gmail.com
    thanks

    ReplyDelete
  33. https://www.youtube.com/watch?v=RblIuDKjsA8#t=236

    Menna Marayo , thawath mary Virindu Tikakk.....

    ReplyDelete
  34. යකෝ සුමනා කිව්වේ ගෝමස් සුමනද? හත් ඉලව්වේ කිව්වත් වගේ ඒ මනුස්සය විත්රයි දැන් නැත්තේ. සිරාවටම මාරයෝ ආවොත් ජන්දේ දෙනවයි කිව්වත් වගේ?

    ReplyDelete
  35. අපේ සීයා මේක දැකල කියවුවෙ ...

    ආදර අපේ ගෞරව සුමනා දෝණී
    රට ගැන හිතල සටනට එන්ඩකො පේවී
    වැඩිම මනාපෙන් ඔබ හෙට වැජඹේවී
    ඔබමයි රැජින දියවන්නාවට දේවී

    ReplyDelete