03 January 2014

මේකත් සංධිස්ථානයක් නෙව...

අද මොනවත් ලියන්ටනං නෙවෙයි හිතං හිටියේ... හොඳට බත් වේලක් උයං කාලා ආතල් එකේ ඉන්ට කියලා... ඒත් හදිසියේම අපේ අර ත්‍රිභාෂා වඩේ මුදලාලි බුකියේ කොල දැනුං දීමක් හින්දා ඔන්න ඔහේ වචනයක් හරි කොටලා යන්ට හිතුවා...

දැන් ආයිබෝංලා මගේ මේ දුප්පත් බ්ලොග් කස්ට ආරම්භ කොරලා යන්තං අවුරුදු හතරක් විතර වෙනවා නෙව... ඉතිං ඒ අවුරුදු හතරක විතර කාලේ තුලදී මේ බ්ලොග් කෙරුවාව හින්දා මං දැන හඳුනගත්ත අය බොහෝමයි.. ඒ වගේම ලැබුන අත්දැකීමුත් බොහෝමයි... ඇහුව බැනුං එහෙමත් ඉතිං බොහෝමයි තමා ඕං.. හොහ් හොහ්... :D

ඉතිං මුල්ම ලිපිය ලියපු දවසේ ඉඳන්.. හිමි හිමිහිට ඇවිල්ලා.. පෝස්ටු පණහේ සීමාව පැන්නා.. එයින් පස්සේ සීය..දෙසීය ආදී වශයෙන් ඇවිල්ලා මේ වෙද්දි පෝස්ටු අටසිය....... පොඩ්ඩක් හිටු ගාන හරියට බලලා එන්ට... :D

ආ හරි මේ වෙද්දි පෝස්ට් 834ක් තියෙනවා.. මේකත් එක්කලා 835 යි... ඉතිං බොහෝම පුංචියට පටන් ගත්තු මේ බ්ලොග් කෙරුවාව මෙච්චර කාලයක් දුරට ඇඳගෙන එන්ට මට උදවු කල අය බොහෝමයි.. ඒ අතරේ ප්‍රධාන කොටම මේක කියවපු අය.. කියවලා බලලා අදහස් දක්වපු අය.. ඒ වගේම තම තමන්ගේ කියවීම් ලයිස්තුවට ඇතුලත් කරගත්තු අය ආදී වශයෙන් බොහෝමයක් දෙනාගේ උදව්ව නැති වෙන්ට මේක මෙච්චර කාලයක් දුවයිද නැද්ද කියලා කියන්ට හැකියාවක් නැහැ.. ඒ හින්දා මෙතුවක් කාලයක් මාත් එක්කලා හිටිය ඔබ තමුන්නාන්සේලා.. සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි කියන අතරේ මේ වෙද්දී මගේ බ්ලොග් කටුව ෆලෝ කරන අයගේ ප්‍රමාණය 1000ක සීමාවට ඇවිත් තියෙනවාය කියන එක බොහෝම සතුටෙන් පොරකාස කොට සිටිනවා... (අරූ කිව්වේ නැත්තං කොරයි පොරකාස..:D)


බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට පත් වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න හදුනන..   මේ දවස්වල පලු යන්න බැනුං අහන.. :D උන්දැම කියන ආකාරයට බ්ලොග් අවකාසයේ මේ දවස්වල තරුව... ගෑණු දැරිවියන්ගේ සිහින තාරකාව.. ( දෙයියෝ තමා ඉතිං ඕවා දන්නේ..) කෙන්ජි ලොක්කා තමයි... (මෙව්වා කියන්න ගිහින් ඔය යෝධයා මටත් අර නලින් ලොක්කට වගේ දමලා අදීද දන්නේ නැහැ.. හැබැයි අවුලක් නැහැ තාම ජපානෙට රෑ වෙලා නැතිව ඇති. රෑ වෙන්න වෙන්න තමා ඔය හාදයා දරුණු වෙන්නේ... දෙකක් දාගන්න කලින් පූස් පැටියා වගේ අහිංෂකයි...  :D )   

ඉතිං උන්දෑ ඇතුළු මේ දාහක පිරිස අතරේ සිටින සෑම සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි මගේ මේ බ්ලොගයේ එක්තරා කඩ ඉමක් සටහන් කරන්නට මට උදව් කලාට... 

සිංහල බ්ලොග් කෙරුවාව තව තවත් දියුණු කරන්නට ඔබ අප සෑම දෙනාටම හැකියාව ලැබේවා..! තව තවත් විවිධත්වයෙන් පිරුණු සිංහල අන්තර්ජාලයකට දායක වීමට හැකියාව ලැබේවා..! වලි අඩු වේවා..! ඇනෝලා සුවපත් වෙත්වා..! සියළු දෙනාම නිවන් දකිත්වා..!

47 comments:

  1. Replies
    1. මාරයියේ,
      උඹ ඉස් ඉස්සෙල්ලම කෙල්ල ගැන කියලා අඩ අඩ ලියපු පොස්ට් එකේ ඉදන්, ජූන් අල කතා, පන්සල් කතා, කුරුළු හමුදා කතා, උඹේ පොලිටික් කතා එකී මෙකී නොකී හම කතා ආ අමතක උනා උඹේ කුකරි කතා එක පොස්ට් එකක්වත් මග නොහැර මෙ අවුරුදු 4 පුරාවටම බලලා තියනවා, ඒ දවස් වල ඉදන්ම කොමෙන්ට් කරලත් තියනවා, ( මුදියන්සේ කියන නමින් නොවේ, අමිල ආර්ට් කියලා)
      කොහොම වෙතත් උඹ මේ අවුරුදු 4 තුල උනු දියුණුව නියමයි, සුපිරියි අයියා.
      දිගටම ලියපන්, ඔයා 1000 ට අමතරව තව දෙතුන් දාහක් වැඩිකල් නොයා කියවාවි.
      ඕල් ද වෙරි බෙස්ට් ගොයියෝ.

      Delete
    2. අඩේ මේ උඹද බං..? කවුද ඒ වගක් දන්නේ... මට හුරු පරණ නමනේ...
      තැන්කූ වේවා..!

      Delete
  2. ඔන්න සුබ පතනවා මමත්! මම නම් ඉතින් බ්ලොග් ලෝකෙට ආව විතර යි වගේ නොවැ තාම.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. මාත් ඔය වගේ ආව කාලයක් තිබිලා තමා තාමත් මේ ලිය ලිය ඉන්නේ.. ඔබටත් එහෙම කාලයක් තිස්සේ ලියන්ට හැකියාව ශක්තිය ලැබේවා..!

      Delete
  3. සුබ පැතුං මාරේ අයියා.. !!
    එතකොට කකා, මාරයා සහ සඳරු ! තුන් කට්ටුවටම දාහක් ඉන්නවා එහෙනං !

    ReplyDelete
  4. සුබ පැතුම් මාරයෝ.
    ඔබ දන්නේ නැති වුනාට මම මේකට දිගටම ඇවිත් තියෙනවා. මගේ නියම නමින් කමෙන්ට් කරලත් තියෙනවා. ඔබ හිතුවට 1000 ක් ඉන්නවා කියලා ඇත්තට ඉන්නේ 999 යි. මොකද මගේ ප්‍රොෆයිල් දෙකම ඔය ලැයිස්තුව ඇතුලේ තියෙන නිසා. මගේ නියම නමත් ඔබ දන්නවා. හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒෙහනං ඔන්න මමයි 1000
      ඉස් ඉස්ෙසල්ලම ෙම් පැත්තට ෙගාඩ වැදුෙන් අදයි..
      දිගු ගමනට සුභ පැතුම්!!
      ජය ෙව්වා!!!

      Delete
  5. අයෙ ඉතිං මම අමුතුවෙන් සුබ පතන්නෙ මක්කටෙයි නේද.

    එනිවේ, 1000 දෙදාහ වෙනකල් ලියන්න හැකිවේවා කියල පතනව.

    ReplyDelete
  6. මාරයා මල්ලි බොගට විතරක් නෙමේ උඹ දැනට ආරම්භ කරලා තියන අලුත් ගමනටත් එක්ක මගේ බොක්කෙන්ම සුබ පැතුම් පිළිගන්න.
    මම 1000 ට ආපු නිසා එයිට පස්සේ එකෙක්වත් එයිද දන්නේ නැහැ :)
    ඇයි දෙයියනේ සුමානෙකට සැරයක් මා ගැන කතා වෙන මොනවා හරි දෙයක් එනවා.
    මට ඔබ සැම සමග සිටීම හරිම සතුටක්.
    ජය වේවා.....!!!

    ReplyDelete
  7. මාරෙ ලියපු කතා ඔක්කොම මම කියවල තියනවා,මට බ්ලොග් ලියන්න එක උත්තේජනයක් වුනේ මාරෙගෙ කතා කියල කිව්වොත් ඒ නිවැරදියි.
    ඉතිං තවත් කාලයක් බ්ලොග් පෝස්ට් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!

    ReplyDelete
  8. සුභ පැතුම් මාරයා... මම නම් කැමතිම මාරයාගේ ජීවන අත්දැකීම් ලියපු ඒවට, ඒ වගේම කවි... ඒත් ඒවා දැන් ලියවෙන්නෙ නැද්ද මන්දා...

    ReplyDelete
  9. සුබ පැතම් තතූත

    ReplyDelete
  10. අවුරුදු හතරටයි ,දාහටයි, අටසියතිස් පහටයි සියල්ලටම සුබ පැතුම මාර දිව්‍ය පුත්‍රයාණෙනි .....අපි වගේ අලුත් ගොයියලාට හයියට ඉන්න අයියලාට මායියලාටත් හොරෙන් සව්දිය පෙරුවා එහෙනං ඌං ඈ..................!

    ReplyDelete
  11. කරුමෙට අර කෙහෙල් කොරොට්ටා පට්ට බිසිලු.. නැත්තම උඹව කාටුන් එකක් වෙන එක වලක්වන්න අර වයිමටවත් බෑ....

    බොක්කෙන්ම සුබ පැතුම් !

    ReplyDelete
  12. සුභ පැතුම් !!! :)

    ReplyDelete
  13. ඔන්න මේ අවුරුද්දේ ටිකක් වැඩිපුර ලිපි ලියන්න ඕනේ . මාත් කැමතිනම් ජීවිත අත්දැකීම් අනුසාරයෙන් ලියන ලිපි වලට . කෙසේ වුවත් අර පරන විදියට ලියනවට තමා කැමති .
    …සුභ පැතුම් මාරයා !

    ReplyDelete
  14. මං කියන්නේ.. මේ ත්‍රයි ලෝක විජේපත්තර ත්‍රිභාශා ලොක්කටත් පුදුම එව්වා තමා උදේ පාන්දර පේන්නෙ

    උබට වෙලා තියන හැම එකටම සුබ පැතුම් ඈ........

    ReplyDelete
    Replies
    1. බොටත් මොනවහරි බලාගන්න ඕනනං ඔය විජයපත්තර ටිකක් ඇන්න මේ පැත්තතෙ වරෙං මල්ලි. :D

      Delete
  15. මම කවද හරි උඹව පහුකරගන යනවා

    ReplyDelete
    Replies
    1. ඔහොම හිමින් ලියන් ගියොත් හීනෙන් තමා පහුකරන්නෙ :D

      Delete
  16. මගෙනුත් සුබ පැතුම් අයියේ තව දාහක් ලියන්න .... මං ඊයේ දැක්කා 999 තියෙනවා .. හි හි .. අපිනම් අලුත් ඔයාගේ ලිපි කීපයයි කියෝලා තියෙන්නේ,, ජය වේවා

    ReplyDelete
  17. මාත් ඉතිං පැල් බැඳගෙන මේක කියව්වනෙ අප්පා කාලයක්... හි හි...

    ඔහොම යං මාරයියේ....

    ReplyDelete
  18. මට මතක විදියට 999 වුණේ මම... ඊයේ... :D උණුසුම් සුභ පැතුම්...! :)

    ReplyDelete
  19. මූණු පොතෙත් සුබ පතලයි මෙතැන්ට ආවේ..

    ReplyDelete
  20. මාත් 2010 විතර ඉඳල කියවනව මේ අඩවිය. උඹේ පන්සල් කතා සීරීස් එක අහම්බෙන් දැකල එක දිගටම පැය ගානක් කියෙව්ව ඉවර වෙනකල්ම. උඹ නිසා බ්ලොග් ලිවිල්ලට අත තියපු උදවිය අනන්තයි. 2013 නං ලියල තියනව මදිත් වගේ.

    මම ඔය ෆලෝ කිරිල්ල මේ වෙද්දි නං කරන්නෙම නෑ. සින්ඩි වලින් බැලුව හොඳ අඩවියක් තිබුනොත් රෝලට දාගත්ත. :-)

    ඒ විතරක්යැ බ්ලොග් අවකාශයේ වැඩිපුරම බැනුං අහපු මඩ කාපු උදවිය අතරිනුත් මුල් තැනක උඹ ඉන්නව!

    ReplyDelete
  21. ඔතන පෙන්වන්නේ Friend Connect මගින් සම්බන්ද වෙන අය විතරයි. RSS feed එක වෙන කොහෙන් හෝ සබ්ස්ක්‍රයිබ් කරන මම වගේ උන් ඔතන නෑ. එහෙම බැලුවම කියවන්නන් සංඛ්‍යාව ඔයිට වඩා තරමක් ලොකු ඇති.

    කමෙන්ට් නොකරට, මම සිංහල බ්ලොග් කියවීමට ඇබ්බැහි උනේ මාරයා ගේ බ්ලොගය නිසා. අත්දැකීම් වල තිබිනු විවිධ බවත්, රසවත් කමත්, "මම පොර" නොවී ඒවා කීමට තිබූ හැකියාවත් නිසා මාරයා ගේ බ්ලොග් පෝස්ට් නැගල ගියා මම හිතන්නෙ. විවිධත්වය සහ රසවත් කම අතින් ඒ කිට්ටුවට ආවෙ සඳරු තමයි. (දැන් නම් හැලපයා දෙන්නවම ඕවර්ටේක් කරල ඔය කියපු ඔක්කොම දේ වලින් - මාරයාට ලිවිල්ල එපා වෙලා ද?)

    දැන් බ්ලොග් එක වැඩිය නොලිව්වත් මාරයා, අරූ, හැලප වගේ සමාජය ගැන තේරෙන උන් මේකෙ ඉන්න එක වටිනවා.

    ReplyDelete
  22. අපි පොඩිවුන්.........කමක් නෑ මාරෙ උඹේ ගමන් මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මගේ පැතුමයි

    ReplyDelete
  23. මාරෙ අයියාට මගේ උණුසුම් සුභ පැතුම්...චිරාත් කාලයක් මේ විදියට බ්ලොග් අවකාශේ පෝස්ටු වලින් ස්ව්‍යංපෝශිත කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  24. සුබ පැතුම් මාරෙ අයියේ .. !

    ReplyDelete
  25. මම නම් පෝස්ට් එකකින්ම කිව්වා..මට සිංහල බ්ලොග් කියලා ජාතියක් හම්බ උනේ බොලාගෙ බ්ලොග් එකෙන් තමයි..මොනවා හරි හොයන කොට අහුවෙච්ච අර පන්සල් කතාවක් තමයි කියෙව්වෙ..ඊට පස්සෙ ඒ වෙනකොට ලියවෙලා තිබ්බ එව්වා සේරම කියවලා..අනිත් බ්ලොග්වල ලින්ක් වලටත් ගියා..ඔහොම කාලයක් කියවන් ඉන්නකොට තමයි ලියන්ඩ හිතුනෙ....

    ReplyDelete
  26. අනේ අපි කවදා මාරයා පරාජය කරනන ද? සංසාරේ සංසාරේ... සුභඅඅඅඅඅඅඅඅඅඅඅ පැතුම් ....

    ReplyDelete
  27. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. මාරයා මලේ උඹට මගේ අවංක සුභ පැතුම්!! තව චිරාත් කාලයක් උඹගේ බ්ලොගය පවතීවා!!!

    ReplyDelete
  29. ඇත්තටම කියනවා නම් මාරයාගේ ලිවීමේ ශෛලියට මමත් මාර ආසයි. බ්ලොග් ලෝකෙට ආව කාලේ හිතා ගත්තේ මාරයා වගේ වෙනවා කියලා. සියළුම කඩයිම් වලට හද පිරි සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ආහ! කියන්න බැරි වුණා. අර රෙඩ්බුල් කැම්පස් ලෝක කුසලානේදී මාව හඳුන්වලා දුන්නා විදේශිකයෙකුට කෙනෙක් ජනප්‍රිය බ්ලොග් කරුවෙක් කියලා. ඔහු එකවරම ඇහුවේ ෆලොවර්ස්ලා කීයද කියලා. මම කිව්වා 94 යි කියලා. ඒකා බොහොම විකට බැල්මක් එක්ක හිනා වුණා. ජනප්‍රියත්වය මනින මිම්මක් තමයි ෆලොවර්ස්ලා ගණන. යන්තමට මගෙත් දැන් 289ක් ඉන්නවා.

      Delete
  30. නීමයි මාරයා අයියේ....දිගටම ඔහොමම යමු නේද....?
    අනේ මාවත් එල්ල ගන්නකො ඔය බ්ලොග් රෝලේ.........
    http://www.dasunuma.blogspot.com/

    ReplyDelete
  31. උණුසුම් සුභ පැතුම් මාර තුමා. මමත් උඹේ ජීවන අත්දැකීම් වල රසිකයෙක්.

    ReplyDelete
  32. ජ්‍යොෂ්ඨයාණනි, ඔබට මාගේ උත්තමාචාරය!

    ReplyDelete
  33. මමත් ඉතින් 2010 ඉදන් මේ පැත්තේ එන යන මනුස්සයනේ ඉතින්.. මේ ඉතින් අපි ආව කාලේ ලොක්කො තමයි.. දැන් කියලත් වෙනසක් නෑ ඉතින්.. හැමදාම ඔබට ගරු කරමි.. සුභ පැතුම් වේවා අයියේ..

    ReplyDelete
  34. සුභ පැතුම් මාරයියේ,,,මදන මෝදකයක් නිසා උනු වින්නහිය මතක් උනා උබේ බ්ලොග් එකට

    ReplyDelete
  35. සුබ පැතුම් මාරයා අයියාට.බොහෝ කලක පටන් කියවුවත්,කමෙන්ට් නම් බොහොම අඩුයි. මගේ නමින්ම තව කෙනෙක් හිටිය නිසාත්,ඇත්තම කිව්වොත්,ටිකක් හීනමානයක් වගේ එකක් දැනුන නිසාත් තමයි කමෙන්ට් නොකළේ නම්. බ්ලොග් ලෝකේ රජ කෙනෙක් වගේ කෙනෙකුට කමෙන්ට් එකක් දාන්න තරම් මේ හිච්චි මී පැටියෙකුට පුළුවන්ද කියලා හිතුණා.අයියා අපේ පැත්තට නම් ගොඩ වෙලා නැතිව ඇති.ඔබතුමාට ත‍රම් රසවත්ව ලිපි ලියන්න බැරි වුණාට,අපේ පැත්තටත් ගොඩ වැදිලා අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කරලා යන්න වත් එන්න.

    ReplyDelete
  36. සුබ පැතුම් මාරෙ අයියේ .. !

    මමත් ලඟදිනේ මේ පැත්තට ආවේ.. හරිම සතුටුයි

    ReplyDelete
  37. නියමයි, සුපිරියි අයියා.
    දිගටම ලියපන්, ඔයා 1000 ට අමතරව තව දෙතුන් දාහක් වැඩිකල් නොයා කියවාවි.
    ඕල් ද වෙරි බෙස්ට් ගොයි

    ReplyDelete
  38. සුබ පැතුම් මාරයියේ :)

    ReplyDelete
  39. ඉස්සර නම් එකක් නෑර කියෙව්වට දැන් කියවන්න වෙන්නෙම නෑ. ආයේ ඉතිං දැන් අපිව මතක නැතුං වෙලත් නැතෑ. මොක උනත් සුභ පැතුම් මාරයියේ කියලා තේරුමක් නැති නිසා කියන්නේ නෑ.
    50,000ක් විතර ලියලා තියන්නකෝ වයසට ගියාට පස්සෙවත් කියවන්න.
    නෑ නෑ අයියා දැනටත් වයසයිනේ මං කිව්වේ මම.......
    අම්මටබොල හාවි දැක්ක කල් කියලා නම් කියන්න එපා. ඒකි දැන් මටවත් හොයා ගන්න නැ. මලා මයේ හිතේ....... :D

    ReplyDelete