04 January 2014

ලෝකයට අළුත් දහමක්...බුවා දහම හා එබුවා තුමා...

ඔන්න මුලින්ම කිව්වා බයින්න ඔට්ටු නැහැ... මොකද බයින්න ඕනනං බැන ගන්න මෙන්න මේක බලලා... මේ අහිංසක මට බනින්න සැට් වෙන්න එපා හරිය... :D 

රයිටෝ... හැමදාම මෙහෙම වේලි වේලි ඉඳලා හරියන්නේ නැති හින්දා මාත් කල්පනා කලා අළුත් වැඩක් කරන්න... අළුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියා උනත් ඒවට සල්ලිය බාගේ ඕන... මහන්සි වෙන්න ඕන... ඕවා ලේසි නැහැ.. ඒ හින්දා එයිට වඩා ලේසි දෙයක් කරලා ගොඩ යන්න ඕන කියලා හිතුන හින්දා මාත් කල්පනා කලා මේ කාලේ ලේසිම බිස්නස් එහෙකට අත ගහන්න.. ඒ තමා ආගමක් හදා ගන්න එක.. මොකද නරකද.. ඔය පාතාල කල්ලි.. ත්‍රස්ථවාදී සංවිධාන අනං මනං හදාගෙන කරන දේවල් වගේයෑ ආගමක් හදා ගන්නවා කියන එක... හරි සාමකාමී මෙවවා එකක් නෙව... (සමහර ආගංනං ඉතිං ටිකක් විතර සාමේ අඩුයි තමා.. ඒවා ඉතිං හදපු අය එක්ක බේර ගන්න ඕන දේවල්.. මං ඒවට නැහැ)

තියෙන ආගමකටම සැට් වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් උනත් ඔය උඩ ඉන්න හාදයා වගේ උනොත් මිනිස්සු මට ගල් ගහයි කියලත් බයයි නෙව අප්පා.. අනික ඉතිං ගහක මලක් කොලයක් වෙනවට වඩා නරකෑ ගහක්ම වෙන එක.. ඒ හින්දා ඔන්න මාත් හදාගෙන යනවා ආගමක්.. මේක ඇවිල්ලා මගේම ආගමක්.. හැබැයි හරිම නම්‍යශීලියි.. ඒ වගේම හරිම ගැඹුරුයි... හරිම පැහැදිලියි.. හරිම විචිත්‍රයි.. හැබැයි මෙහෙම කිව්වට මං දැන්ම එක පාරට මේ ධර්මය දේශනා කරන්න යන්නේ නැහැ.. ඔයාලට පුළුවන් ඇවිල්ලා මාත් එක්ක සැට් වෙලා (ඒ වගේ වචන ගැන කලබල වෙන්න එපා.. මං කිව්වනේ මේක හරිම නම්‍යශීලී ආගමක් කියලා.. ඒ අනුව ඒවත් අපේ ආගමේ ධාර්මික වචන.. අවුලක් තියේනං ආයෙම උඩ වීඩීයෝව බලන්න... :D ) මගේ පරම පවිත්‍ර... ආගම ගොඩනංවන්න දායක වෙන්න.. දැනටමත් මගේ ආගමේ ප්‍රධාන ශ්‍රාවකයා හැටියට අපේම බ්ලොග් කරුවෙක් පත් වෙලා තියෙනවා...(දෙබුවා තුමා) ඒ වගේම ශ්‍රාවිකාවකුත් ඉන්නවා... (දෙබුවී තුමී)  ඒ ඒ අය ගැන ඉදිරියේදී ඔයාලට මං පැහැදිලි කරලා දෙන්නං.. තව මේකේ තනතුරු රාසියක්ම ඉතිරි වෙලා තියෙනවා.. ඒ හින්දා ඔය හුගාක් දෙනෙකුට මේකට ඇතුලත් වෙලා පහසුවෙන්ම තනතුරු අනං මනං ගතෑකි.. තනතුරු නැති උනොත් හදලා හරි දෙනවා... මේක නිකං අපේ මහින්ද අයියගේ කැබිනට් එක වගේ තමා.. හරිම නම්‍යශීලියි.... :D

මගේ බුවා ආගමේ.. (ඔයාලට ඕනනං ඔය නම උනත් වෙනස් කරන්න මං ලෑස්තියි..) ප්‍රධාන ආගමික නායකයා ඉතිං මංම තමා... ඒ හින්දා මාව හඳුන්වා දෙන්නේ පළමු බුවා.. එහෙමත් නැත්තං අංක එකේ බුවා යන අරුත ඇති “එබුවා තුමා“ යන නාමයෙන්... මගේ බුවා ආගමේ ප්‍රධාන අත වැසියන් දෙදෙනා දෙබුවා සහ දෙබුවී යන ගරු නාම වලින් හැදින්වෙනවා... තව ඉතිං ඉස්සරහට තෙබුවා සෙබුවා වගේ සැට් එකක්ම පත් කරන්නත් නියමිතයි.. ඒ වගේම මගේ දහම මුලින්ම දේශනා කරන්න මං හිතං ඉන්නේ සිරිලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව ආසන්නයේ තමා.. මොකද මගේ කල්පනාවක් තියෙනවා මුලින්ම අපේ මැරවින් තුමා.. සරණතුමා.. රංගේ බණ්ඩාරේ.. තෙවරප්පෙරුමේ වගේ තුමාලා පමණක් නෙවෙයි හදිසියකදී සැට් එකක් පාරට බස්සන්න ඇහැකි ඕනම තුමෙක්.. ඒ කිව්වේ කුරුඳු පොලු හමුදාවක් ලීඩ් කරන්න පුළුවන් මට්ටමේ තුමාලා තුමීලා ටිකක් මුලින්ම පහදවා ගෙන සිටීම මගේ මතු ආරස්සාවට හොඳයි කියලා...

ඒ වගේම සෝමක්කා... ඔටාරා නංගි... වගේ අයත්..අනර්කලී..නදීසා ළමයා වගේ දහමට බර බලවත්.. වැරදුනා..බවලත් උදවිය එහෙමත් මේකට දායක කර ගන්න... ඒ ඒ අයට මගේ ආගමේ වැදගත් අංශ රාශියක් බාර දීලා මේක වැඩි දියුණු කරලා ගන්න අපි කිහිප දෙනෙකු දැනටමත් සාකච්ඡා කරගෙන යනවා බුකියේ... ආ කියන්නම එපෑ.. මගේ දහම ලොව පුරා ප්‍රචාරය කරන මාධ්‍යය තමා අන්තර්ජාලේ... විසේසයෙන් “බුකිය“... ඒ ඇරුනාම මේ “බ්ලොග්“ එක වගේ දේවල්... ඉදිරියේදී  “තෝ බටේ“ එහෙමක් යහමින් පාවිච්චි කරන්න තමා හිතං ඉන්නේ... දැනට ඉතිං ලොකු විස්තරයක් කියන්න අමාරුයි.. කාට හරි මේ දහම නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන සුළු හරි අවබෝධයක් ලබා ගන්න ඕනනං මෙන්න මේ ලින්කුව ඔස්සේ ඒ දහම් අවබෝධය ලබා ගතෑකි... එතැන තමා දහමේ මුල.. කවදා හරි දවසක බුකිය පූජනීය ස්ථානයක් බවට මේ නිසාම පත් වෙයි කියලත් මං හිතනවා... (බලන්න ඕන මාක් සකරබර්ග්ටත් තනතුරක් දෙන්න)

ඉතිං මෙන්න මගේ මේ අති උත්තම පූජනීය.. උත්කුරුස්ඨ දහම් ප්‍රචාරයේ පළමු හදුන්වා දීමේ වීඩියෝව... 

මේකේ දැනට මේ හැඳගෙන ඉන්නේ තාවකාලික යුනිෆෝම් එකක් විතරයි... ඉදිරියේදී අපි ඔටාරා නංගිව පහදවා ගත්තට පස්සේ එයා ලවා සුපිරි ආගමික යුනිෆෝම් එකක් නිර්මාණය කරලා.. ඒක එයා ලවාම පහසු මුදලකට ආගමික දායකයින්ට ලබා දෙන්නත් හිතං ඉන්නවා... දැනට ඉතිං මේ යුනිෆෝම් එක මදෑ..දියුණු වෙන ආගමක් හැටියට... (සරං පහෙන් දෙකක් හෝදලා.. ඇඳන් හිටිය එකත් එක්ක සරං තුනකින් ඔයිට වඩා දෙයක් නිර්මාණය කරන්න අමාරුයි නෙව.. :D )

හරි එහෙමනං ඔබ සියළු දෙනාටම බුවා දහමේ පිහිටයි ආරස්සාවයි... එබුවාතුමාගේ ආසිර්වාදය ඔබ සමඟයි...

----------------------
ලොකු ලොකු තනතුරු ගැනීමට බලාපොරොත්තු වන වියාපාරික කාන්තාවන් හා... මැර බලය..ධන බලය.. ඇති දේසපාලකතුමාලටත්... පැන්ෂන් එකට කරන්න දෙයක් හිතා ගන්න බැරිව රට වටේ වැඳ වැද යන උපාසක උපාසිකාවන්ටත් විශේෂ සැලකිලි දක්වනු ලැබේ... අදම එකතු වන්න.. පිහිට ආශීර්වාදය සලසා ගන්න.. මෙලොවදීම සුර සැප විදින්න.. මෙලොව ඇති එකම දහම.. බුවා දහම...

----------------------
ඔන්න ආයෙමත් කිව්වා... අවුල් වගේනං උඩ වීඩියෝව නැවත වතාවක් බලලා සිත පහදවා ගන්නලා....

84 comments:

  1. උදේම විකාර වීඩියෝ එකක් පෙන්නල‌, ලේ ටික කෝප කරවල, ඊට පස්සෙ නරක් වෙච්ච ලේ ටික සුද්ද කරලා දෙන්න දාපු පෝස්ට් එකක්ද කොහෙද... හි හි....

    තාම හිනා මාරයියෙ.... හි හි...

    ReplyDelete
    Replies
    1. උඹලා තමා මේක මේ තරං දුවවන්න පැස්ටෝල් ගැහුවේ... නැත්තං මේ ආගම මෙච්චර දියුණු වෙන්නේ නැහැ...

      Delete
    2. මාරේ අයියා .. මට මේ කතාව ඇතුලේ වෙන උපහාසාත්මක වෙනත් කතාවක් තියෙන බව යාන්තමට මීටර් වෙනවා. කොමෙන්ට් දාපු කාටවත් ඒක තේරිලා නැහැ වගේ. බ්ලොග් ලෝකේ මේ දවස් වල යන "මහාපරිමාණ" වලියකට මේකේ සම්බන්ධයක් තියෙනවා තියෙනවා වගේ .... හරියට මේ .. දැක්කොත් බුවා , නොදක්කොත් එබුවා වගේ සින් එකක් :D

      හැබැයි ඒකට සම්බන්ධයක් තියෙනවා නං මට කියන්න තියෙන්නේ ඔබගේ අදහස් ගැලපීම සහ නිර්මාණ ශීලිත්වය අති විශිෂ්ටයි කියල ...

      Delete
    3. ඒ වලිය නම් දැන් දැක්කත් බුවා නොදැක්කත් බුවා තත්වෙට පත්වෙලා. සමහර විට arch rivals ල වගේ පේන දෙන්නගෙන් එක්කෙනෙක් අනෙකාගේම foil එකක් නිසා වෙන්න ඇති. Critical points වලදී නොසිතූ plot twists වෙනවා දැකලා නැද්ද

      Delete
  2. බුවා දහම නම් හොඳයි... ශ්‍රාවකයන්ට එබුවා තුමාගේ හම්පඩ සරං වල ගඳ තමා ඉවසන්න අමාරු ඇත්තේ!

    ReplyDelete
    Replies
    1. ශ්‍රද්ධාවන්ත වෙයං පූසා.. ශ්‍රද්ධාවන්ත වෙයං... ඔය ඇවිල්ලා හම්පඩ ගඳ නෙවෙයි... බුවා දම් සුවඳ...

      Delete
  3. මෙන්න බොට ගහලා - http://www.maheshslife-multiaxial.blogspot.com/2014/01/01.html :D

    ReplyDelete
    Replies
    1. මගෙන් කෙසේ වෙතත් කෙන්ජියගෙන් පරිස්සං වෙයං... :D

      Delete
  4. හෙහ් හෙහ් උඹට මම හිතුවට වඩා පිස්සු නේ බන්... ලොලේ ලොල් .... සරම නිල ඇඳුම කර ගත්ත එකට නම් මගේ හිත හොඳටෝම පැහැදුනා... මම එදා ඉඳන් සරම සරණ ගිය කොල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්න එපා යකෝ... ඒ තමා ධර්මාවබෝධ වෙච්ච උතුමන්ලාගේ හැටි.. පලවෙනි වීඩියෝ එක බලහංකෝ... මාත් දැන් ඒ වගේ උතුමෙක්... :D

      ඔබගේ සරමට එබුවා තුමාගේත් එබුවා දහමෙත් ආසිර්වාදය හිමි වෙනවා දරුව...

      Delete
  5. අඩේ අන්තිම ටික කියද්දි එබුවා තුමා හිනාව තදකරගෙන කියන්නේ........ තව ඩිංගෙන් බුහ්හ්හ්හ්හා පිහිටයි කියලා කියවෙනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. :D
      ලේසි නැහැ පින්වතිය.. ලේසි නැහැ.. මේ වගේ ගැඹුරු දහමක් අවබෝධ උනාම ඔය වගේ තත්වයක් උදා වෙනවා.. බලහංකෝ තව ටික දවසකින් කී දෙනෙකුට ඔය වගේ දේවල් වෙයිද කියලා...

      Delete
  6. ඔය පලවෙනි වීඩියෝ එකේ ඉන්න හාදයගේ ආගමට (බුද්ධාගම නොවේ බඩගොස්තරවාදය) වඩා බුවා දහම දස දහසකින් නිර්මලයි, ශේෂ්ඨයි, උත්කෘෂ්ඨයි..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔය දරුවාටත් ඒ උතුම් බුවා දහමේ පිහිටයි...

      Delete
    2. විදානේ මහත්තයගෙ කතාවට මාත් ලයික්කියක් දැම්මා හරිය

      Delete
  7. අනේ අප්පේ පිස්සුවෙ හොඳම එක මේ මාරයානම් .අලුත් අවුරුද්දේ සෑහෙන වෙනසක් කරන්න යනව වගේ :D

    ReplyDelete
    Replies
    1. පිස්සුවේ නෙවෙයි ගිම්.. බුවෙක් වීමේ හොඳ එක කියලා නිවැරදිව කියන්න...
      මොනව හරි කරලා ගන්න එපෑ... :D

      Delete
  8. වෙන යුනිෆෝම් එකක් ඕන නෑ බං සරමම හොඳයි. මොකද දැන් දැන් කාන්තා පාර්ශවයත් අඳින එකේ ඕක අවුලක් වෙන එකක් නෑ.
    හැබැයි වොයිස් එකනං සැර මදි වගේ.

    එබුවා උනාට කමක්නෑ ඔය ඔටාරලට එහෙම ඔබන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසහං පින්වතෝ... ධර්මය ගැඹුරු වෙන්න වෙන්න වොයිස් එකත් සැර වෙයි... තාම බල්ලා බූරුවා ගොනා තක්කඩියා වගේ බර බර ධාර්මික ආමණ්ත්‍රණ වලින් අමතන්න ගත්තේ නැහැනේ.. එතකොට වොයිස් එක හරියට තියේවි.. :D

      සරම හොඳනං තමා.. ඒත් මට ඕන ඔටාරට කියලා ඔය වැඩිය රෙදි නැති විදියේ යුනිෆෝම් එකක් ඩිසයින් කරගෙන එයාවත් මේකට හවුල් කරගන්න... එහෙම නැත්තං මේ එබුවා ආගමෙන් මෙලෝ පලක් නැහැ...

      එබුවා ආගමේ මූලික අරමුනත් ඔබන එකම තමා දරුව... ඒක නොකර කොහොමද..?

      Delete
    2. ඔබන්න පොඩි අසපු පොඩ්ඩකුත් තිබුනනං පංකාදු පහයි !!!

      Delete
    3. ආයේ නැතිව සිරි බුවා මාළිගා අසපු රාජයා හදනවා සෝමක්කා පහදවා ගත්ත ගමන්...

      Delete
  9. එළ එළ මාරයියේ.මාත් සෙට් වෙනවා ඕකටනං.බැරිද මටත් මෙට්‍රික් ක්‍රමේට ලබන ආත්මෙ වගේ නිවං යන්ඩ සෙට් කරලා දෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. මේ බුවා ආගමේ නිවනක් කියලා දෙයක් නැහැ දරුව.. එම තැන එබුවා... මෙලොවම සුර සැප මවලා දෙනවා... එහෙම නැතිව පස්සට කල් දාන්නේ නැහැ...

      Delete
  10. :D :D
    මං කැමතියි දසබුවා වෙන්න...
    නියම සංකල්පයක්....මේක හරිම නම්‍යශීලියි. ඒකයි මං මේකට කැමති....

    ReplyDelete
    Replies
    1. වැඩිය නැමෙන්න එපා කොල්ලො, එබුව විස්වාස නෑ. :D

      Delete
    2. දස බුවා වෙන්න ලැබේවා.. ඒස්වාහ් පුහ්...

      Delete
  11. එබුවාතුමාගෙ යුනිපෝම් එකට පිඹුරු හමක් ගත්ත නං හරිම ලස්සනට තියේවි සරම පොරවන් ඉන්නවට වඩා.

    ReplyDelete
    Replies
    1. කබර හමක් හෙව්වේ..හම්බ උනේ නැහැ...

      Delete
  12. අරු මොකෙක් ද බං..
    බුද්ධ චීවරයට නිග්‍රහ කරන්නේ මොන අරමුණින් ද...? මේ රටේ මහා නායකවරු - අණු නායක වරු මෙව්වා බලාගෙන මොනවා කරනවද..? දෙයියනේ අර සේනා මේ සේනා වලට මේ දේවල් පේන්නේ නැත්ද..?

    එබුවා තමයි පට්ට ඈ :D

    ReplyDelete
    Replies
    1. අරූ අරූ කියන්න එපා... ඒත් මොකක්ද එකක් අවබෝධ වෙච්ච එක්තරා බුවෙක්.. හැබැයි ඉතිං ඒ බුවා වගේ නෙවෙයි මේ එබුවා...

      Delete
  13. ඇත්තම කියනව නම් උදේ පාන්දර මේක දැක්ක ගමන් ඇති වුනේ පුදුමාකාර සැනසීමක්, ශාන්තියක්... දෙබුවා තනතුර දීම සම්බන්දව අපේ ආගමික නායක එබුවා තුමාට මම එලම තමා (එලම තමා = පින් දීම බව සලකන්න) කියල ප්‍රකාශ කරන අතර ප්‍රමාදය ගැන සමාව බජනය කරනව...

    විඩියෝවනම් පට්ටයි ඈ... මේච්චර දෙයක් කොරයි කියල හිතුවෙම නෑ :)

    ReplyDelete
    Replies
    1. එළ එළ මා හිතවත් දෙබුවා... කෙසේද.. අර මා කී පරිදි අනර්කලීයන් පහදවන්නට සමත් වූයෙහිද..? කෙසේ හෝ එය කරන්නට උත්හස කරව... ඈ කෙරේ වූ මාගේ බුවා මෙව්වා එක තව තවත් උත්සන්න වෙමින් පවතී....

      :D

      Delete
  14. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා.
    හිනස්සනව කියල මෙහෙමත් හිනස්සනවද බං???

    ReplyDelete
    Replies
    1. බුවන්ගෙත් බුවා එබුවා... මහා අධ්‍යාත්මික නායක.. :D

      Delete
  15. අඩෝ මාරයියේ.................. යකෝ ආවයින් ආවේ නැහැ මෙහෙම අයිඩියා එකක් මාර දහම යකඩෝ එබුවා තුමා උපාසක අම්මල ඉන්න තැන වලින් ඈත් වෙන හිටියනම් හරි නැත්නම් ලොකු ලොකු කරදර වෙන්න පුළුවන් යකඩෝ මගේ වසමේ අලුත් ආගම් දාන්නට කලින් අවසර පත්තරයක් ගත්තද අහවල් අමාත්‍යාංශයෙන්?

    ReplyDelete
    Replies
    1. අනිත් ආගං වගේ නෙවෙයි කොරලේ.. මේ බුවා ආගමේ උපාසක අම්මලාට උපරිම නිදහසක් තියෙන්නේ... ඒකයි මේ බුවා දහමේ විසේසත්වයත්.. විසේසයෙන්ම තරුණ වියේ බුවීලට (බුවී = බුවා සරණ ගිය තැනැත්තිය) පුදුම සැලකිලි තියෙනවා මේ දහමේ...

      Delete
  16. මේ වගෙ දේවල් එක්ක විහිළු කරන්නෙ පරෙස්සමින් මාරයා හෙට උදේ දොර අරින කොට කලම්බු 5 ඇන්ටිල සෙට් එකක් තෙල් මල් අරන් ඇත්තටම දොරකඩ ඉන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ඇන්ටිලා සෙට් එක වෙනුවෙන්ම තමා මේ බුවා දහම උත්තරීතර ආගමික නායක එබුවාතුමා වන මා විසින් දේශනා කරන්නේ... :D

      Delete
  17. වියාපාරික කාන්තාවන්ට විතරද.....

    හික්ස්...........

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ... ඒ අයට ප්‍රමුඛත්වය නොදී මෙහෙම දහමක් ගොඩ නගන්න බැහැනේ.. දැන් බලන්නකෝ සෝමා අක්කා සෝවාන් කලාම මොන තරං දේවල් අර උඩ නටන කෙනාට ලැබෙනවද කියලා... ඉතිං මායි මගේ දහමයි ගොඩ යන්නනං එයාලා ඉන්නම ඕන... ඒත් එයිට අමතරව..ජනප්පිරිය නිළි නංගිලටත් මගේ දහම විවෘතයි.. එයට අමතරව පැන්ෂන් පඩියට කරන්න දෙයක් හිතා ගන්න බැරිව මල්ල කිහිල්ලේ ගහං දහ අතේ ඇවිදින උපාසක උපාසිකාවන්ටත්... වත්ත පිටියේ ආදායං වැඩි වීම හින්දා සල්ලිවලට කොර ගන්න දෙයක් නැති උදවියටත්... නහින දෙහින කාලේ රකින සීලයක් නැති උනත් රටේ අයට තමුන්ගේ ධාර්මික මෙව්වා එකයි.. සීලවන්ත කමයි ප්‍රකාශ කර කර ඇවිදින්න කැමති අයටත්.. තුන් මාසෙන් වගේ ආගමික පෝස්ට් එකක් අවබෝධ කරගත්තා කියලා හතර වටේට කිය කිය ඉන්න කැමති උදවියටත් මගේ දහම හැමදාමත් විවෘතයි.. මේ එයාලා වෙනුවෙන්ම පහල උන දහමක්....

      Delete
  18. බුවා තුමා
    40න් පහල දායිකාවන්ට විශේශ පැකේජ් එහෙම තියනවද ???
    තෙල් මල් වෙනුවට ගල් පොල් ඩබල් ඩිස්ටිල් කැපයිද බොස් ????

    ReplyDelete
    Replies
    1. ඒ සියළුම දේවල් නිසි පරිදි සංවිධානය වෙමින් පවතිනවා.. දෙබුවා තුමා තමා ඒවා බාරව ඉන්නේ...

      තෙල් මල් වගේ දේවල් අපේ බුවා දහමේ නැහැ... වැටේ සුදාගේ පටන් ඉහලම එක දන්වා බුවාලට කැපයි...

      Delete
  19. නම වෙනස් කරමු එහෙනම්..... දැන් දාලා තියෙන නම් ධාර්මික මදි වගේ.

    ReplyDelete
    Replies
    1. සිඳු කියනවනං ඒක වෙනස් කරන්නං.. අපි කොහොමත් නම්‍යශීලි ආගමක් කියලා කිව්වනේ... කියන්න බලන්න හොඳ ධාර්මික නමක්...

      එකම කමෙන්ට් එක දෙපාරක් තිබුන හින්දා එකක් මකලා දැම්මා ඈ...

      Delete
  20. මෙන්න නියම දහම් මාර්ගය. මේකේ වැටුප් වෙනුවට දීමනාවක් ලබන ෆේස්බුක් බලකායක් එහෙම ඇති කරන්න අදහසක් තියෙනවා නම් මම අනිවා එනවා ඈ

    ReplyDelete
    Replies
    1. ග්‍රැෆික් ඩිසයින් දන්න.. විසේසයෙන්ම ල් එබුවා තුමා විසින් ආශ්චර්යාත්මක දේවල් කරන ආකාරය නිර්මාණය කල හැකි අය බඳවා ගන්නවා...

      Delete
  21. හම්මේ බලන්න ගොඩක් පෝස්ට් තියනව නෙ කියවමුකො එහෙනම්

    ReplyDelete
  22. මැලේසියාවේ බුවා දහමේ නියෝජිතයාට මාව ගනින් ..... වෙනස් කර ගන්නවා බුවාරාළ කියලා ...........

    ReplyDelete
    Replies
    1. බර තියෙන දායිකාවෝ දහයක් විතර සැට් කරනවනං විසේස තනතුරුත් දෙනවා...

      Delete
    2. දැන් මේකට චීන දායිකාවොත් බඳවාගන්න පුලුවන්ද

      Delete
  23. Maraiye balagena , Nanasara lokka ussai sudu van 1ken

    ReplyDelete
    Replies
    1. අපොයි නැත.. මොකද අපි ඕනෑම ආගමක් එක්ක සහජීවනේට කැමතියි... සර්වාගමික කමිටුවලටත ඉතා කැමැත්තෙන් යනවා... (යටින් කෙලිනවා..)

      Delete
  24. මහාවීර ආභාෂය ගත්තනම් බ(ල)වලත් උදවිය පහදවා ගැනීම කඩිනම් කර ගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. මං මුලින්ම අපේ දෙබුවාතුමාට එහෙම කිව්වා..යුනිෆෝම් එක හදනකොට රෙදි අවමයක් යන විදිහට හදන්න කියලා ඔටාරට කියමු කියලා... මං අදහස් කලෙත් ඒකම තමා.. ඉන්නකෝ ටිකක්...

      Delete
  25. අපිත් බුවා දහමට අනුගත වෙනවෝ..

    ReplyDelete
    Replies
    1. බුවා ආශිර්වාදය ඔබ සමඟයි.. බැරිද පොඩි පබ්ලිසිටියක් දෙන්න පත්තරේ හරහා... මව්බිම කාරයාව හරි අල්ල ගන්න තමා මං මේ බල ඉන්නෙත්...

      Delete
  26. හෆ්ෆා මෙයා මේ අවුරුද්දේ අර කොළඹ ඉන්ටසිටිය රඹුක්කන පාස් කරා වගේ එක්ස්ප්‍රස් ලියාගෙන ලියාගෙන යනවා නේද.. හ්ම්.. අලුත් ආගමක්.. බලමුකෝ ඒ වැඩෙත්.. අඟහරුවන්ටත් ඔට්ටුද?

    ReplyDelete
  27. සාදු..සාදු..(එහෙම කියන එක හරිද මන්දා..? වෙන එකක් හඳුන්වලා දුන්නනම් හොඳා)

    එබුහ්..එබුහ්..! වගේ

    සරම් තුනම ගන්න තිබ්බනෙ. ඇඳන් ඉන්න එක පේන එකක්යැ..!
    ඇයි බං...අර හෙල හඬෙයි කිය කිය බෙරිහං දෙන වැන්ඩෝල් එෆ් එම් එකෙත් මුන්දැගෙ ..මෙව්ව යනවනෙ..!

    ReplyDelete
  28. මේ මාවත් බඳව ගනින්.
    යංග් උපාසිකා අංශේ මං බාරගන්නම්.

    ReplyDelete
  29. ඔය බුවාදහමේ බුකි සංවිධානේ ඇඩ්මින් තනතුරක් එහෙම දෙන්න බැරිද ?

    ReplyDelete
  30. ඔන්න එහෙනම් හෙබුවාත් බැ‍ඳෙනවා ඔය ආගමට.

    ReplyDelete
  31. මට මතක් වුනේම සූර පප්පා එකේ සාත්තර කාරයගේ ස්ටයිල් එක..යෂ්ටිය විතරයි මදි පාඩුව..මාරයා උඹ ඔය පහර දෙන්නේ මේ රටේ තියන දුර්වලම තැනකට..මේ රටේ පාලන තන්ත්‍රය භෞතිකවාදීන් වුණ කාලෙක රටේ බහුතරයක් සංකල්ප,මත බිහිවුණේ විද්‍යාව සහ ක්‍රමවේද පදනම් කරගෙන, ඒ වගේම මේ රටේ පාලන තන්ත්‍රය භෞතිකවාදයෙන් බැහැරව යද්දි රටේ මත සහ ක්‍රියාකාරකම් වඩාත් ලංවෙන්නේ භූත විද්‍යාව සහ මිත්‍යා විශ්වාස පැත්තට. ඒ වගේ අවස්ථාවල මෙවැනි චරිත බිහිවීම සාමාන්‍යයි..

    ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාජ විපර්යාසය කීයෙන් කීදෙනෙක් තේරුම් ගනීවිද කියන එකයි බං

    ReplyDelete
  32. හම්මෝ රස තියෙන්නෙ...සිවුරක් ඇදං කොරන මේවා මහ සහගහන වැඩ.ඔන්න මාත් බුවා දහමේ බුවෙක් උනා.මල් බුවා....!!ක්ෂණික බුවා ආතල් සදහා බුවා දහමේ තණමල්විල මල් පිළිබද ඉස්පෙසලිස්ට් (උපාසකවරු,උපාසිකාවරු සදහා නොමිලයේම එබුවට යාම සදහා )... හොදයිද මංදා????

    ReplyDelete
    Replies
    1. //හම්මෝ රස තියෙන්නෙ.//

      යකෝ මේක උඹේ උදාන වැකිය ද?

      Delete
    2. ඉතිං බං ඇත්තනෙ කිව්වේ

      Delete
  33. නිලි පරාන ටික ට අනුශාසක ලෙසට මාව ගන්න.

    ReplyDelete
  34. ඇතුලත්වීමේ ගාස්තු කීයද

    ReplyDelete
  35. මේ හුන්නස්ගිරි නැතුව අර පන්සල් කතාව ආයි ලියහන් බන්.

    ReplyDelete
  36. දොරමඩලාවට පින්සිද්ද වෙන්න තමයි මොළේ අමාරු ඇති මේ වගේ ගණින්නාන්සේ කෙනෙකුට හොද ප්‍රචාරයක් ලැබුනෙ...ඒකෙ ප්‍රතිඵල තමයි මේ...එබුවා තුමා තාම සකෘදාගාමි...අනාගාමී වෙලා නැද්ද ?

    ReplyDelete
  37. මදි මදි හොදටෝම මදි කට හඩ ඔයිට වඩා ගැබුරින් එන්න ඕනා සාවකයන්ගේ කොළ බොක්කටම වදින්න,,දැනට තියන හඩ කාටුන් ගතියක් එනවා,,,අනික ආභරනත් ඕනා අර ගලේතැන්න උන්නාන්සේ වගේ,,,

    ReplyDelete
  38. පිස්සු හැදෙනවා මාරයෝ.....උඹනම් එබුවාම තමයි. ෆොටෝ එකක් ගහලා එවපන්...මම මෙහේ ඉන්න අපේ අම්මන්ඩිලාට දෙන්නම් දේශනේ...ආයේ මොනවද එබුවා එබුවා කියලා හීනෙනුත් කැගහයි.

    ReplyDelete
  39. දීර්ඝායු වේවා අති $(උ)ත්තම එබුවා තුමනි, මටත් ආගමේ මොකක්හරි පට්ටමක් වෙන් කරල තියන්ඩ :D

    ReplyDelete
  40. අන්න බුවාගේ සිතුවිලි නඩු දාල උගේ නම හොරකන් කරාට

    ReplyDelete
  41. සරණ යන්ට මං හොයාපු
    මට එබුවා සරණයි
    සරම් වලට මීට පස්සෙ
    එබුවා සරණේ සරණයි
    "එබුව සරම "රට හැම තැන
    කොඩි වැල්වල ලෙලදෙන්ටයි
    එබුව දහම එබුව එක්ක
    සදාකල්ම වැජබෙන්ටයි

    ReplyDelete
  42. බුවා දහමෙ අග්ගිස්ස කපනවද? නැත්නං එහෙම්පිටින්ම කපනවද?

    ඇප්ලිකේශන් එකක් හදහං මාරය.

    ReplyDelete
  43. එබුවා තුමෝ, දැන් සරම උඩ කොටසට ගත්තම සරම තිබුණ හරියට මොකද වෙන්නේ?

    ඔටාරා ඇඳුමක් නිර්මාණය කරපුවහම ඉතින් ඇඳුම් නැතුව වැඩේ තමයි...

    ReplyDelete
  44. අවසර එබුවානෙණි, ඔබතුමාගේ එක වදනක් ඇසූ පමනින් මග්ෆේ හදවති නිමුනා.. තව ටිකක් කිව්වනං නිමිලම යනවා.. සාදු සාදු!! :3

    ReplyDelete
    Replies
    1. ඔය වයසට හදවත නිමාගන්න එපා මචං

      ඕක තියෙන්න ඕන මේ කාලෙ කල් කොරියෙ ක්‍රශර් එක වගේ ඩෝං පටෝං ගාල පත්තු වෙවී !!!

      Delete
  45. එබුවාතුමා නෑති වෙලාවට හරි නෑති කාලෙකට හරි වන්දනා කරන්න මොනවත් තියනවද?
    අනිත් සේනා වල වගේ බුවා බල සේනාවෙ අයටත් බොන්න පුලුවන්ද?

    ReplyDelete
  46. ලංකාවේ ජනප්‍රියම ආගම හින්දු කියල අපේ ළමයට ඉස්කෝලේ උගන්නලානේ . මන් ඕක නිවැරදි කරලා මේලක් යවන්න හිටියේ . ඔන්නොහෙ ඕන නැහැ . තව ටික දවසකින් බුවා ආගම තමයි ජනප්‍රිය කියල ලියල අරින්න බැරිය .

    ReplyDelete
  47. පුංචි කාලේ අපේ උක්කුං පටන් ගෙන පස්සේ මං බූරුවට කියල තියෙන්නේ බුවා නේ..... එතකොට මයේ විදියට අයියා එක බූරුවා. :D
    නම්‍යසීලී නිසා මට අපහාස නඩු දාන එකක් නැහැනේ.......
    මං කිව්වේ අර අයියගේ මන්නාරම් බූරුවෝ ටික...... :D

    ReplyDelete
  48. "ඔබලා" කියලා වචනයක් නෑ බන් "ඔබ" කියන්නේ බහු වචනේ තමයි ඊලග සැරේ බණ කියනකොට එහෙම කියපන් ලස්සනයි සෞම්‍යයි

    ReplyDelete
  49. "ඔබලා" කියලා වචනයක් නෑ බන් "ඔබ" කියන්නේ බහු වචනේ තමයි ඊලග සැරේ බණ කියනකොට එහෙම කියපන් ලස්සනයි සෞම්‍යයි

    ReplyDelete