03 January 2014

“රනිල්“ නම් වූ තරුණ උපාසකගේ කතා වස්තුව...

යන්තමින් මෙන් කැරළි ගැසුණු කොණ්ඩයත්.. මුවේ එක් කෙළවරක රැඳි නල දතක් නිසා මතකයේ සිටින සිනහවත්... ඒ සියල්ලටමත් වඩා කතා බහ කරන ඕනෑම අයකුගේ අවධානය මනාව ලබා ගැනීමට සමත් අපූරු වාග් විලාශයත් නිසා රනිල් තරුණ උපාසක මහත්මාගේ රුව මගේ නොව ඔහුව දිනක් හෝ ඇසුරු නිසුරු කල ඕනෑම අයකුගේ මතකයේ රැඳීම අරුමයක් නොබව බව කිව යුතුය. මතුපිටින් දකිනා කල කිව හැකි කිසිදු වරදක් නැති මේ අපූරු තරුණ උපාසක තැන ගැන මා මුලින් සිතා සිටි ආකාරය කොතරම් වැරදිදැයි මට පසක් වන විට අස්වයා ඉස්තාලෙන් පැන යන්නට ඔන්න මෙන්න තබා තිබිණි.. නමුත් මා හට ඉස්තාලයේ දොරටුව වසා ගැනීමට හැකි වූවාදැයි නැද්දැයි මා අදටත් දන්නේ නැත...

--------------------
“පන්සල් වත්ත...“ 
ඒ නමින් හැඳින්වූයේ මා විසින් විහාරාධිකාරීකම ඉසිලූ පන්සලට තරමක් ඈතින් තිබූ එහෙත් අප පන්සලටම අයත් දායක කොට්ඨාශයකි.. එයට පන්සල් වත්ත යනුවෙන් නම ලැබීමටත් හේතුවක් තිබිණි.. එනම් පැරණි රබර් වතු යායක් පසු කාලීනව වෙන්දේසි කොට ජනාවාස පිහිටවීමේදී එකී වෙන්දේසි වත්ත මැද එක බිම් කඩක් පන්සලක් වෙනුවෙන් වෙන් කර තිබීමයි.. පර්චස් විස්සක තිහක පමණ වපසරියකින් යුතු එම බිම් කඩ එසේ අතහැරීමට වෙන්දේසි කරුවා යොමු වූයේ ඔහු තුල වූ ශ්‍රද්ධාව භක්තිය කරණ කොටගෙනද.. නැතහොත් එහි වැවී තිබූ තරමක විශාල බෝධීන් වහන්සේ කපා දමා එයත් වෙන්දේසී කිරීමට තිබූ බියද.. යන්න දන්නේ ඔහුම පමණකි.. ඒ කෙසේ වෙතත් බෝධීන් වහන්සේ සහිත එම බිම් කඩ වෙන්දේසි වත්ත මැද්දෑවට වන්නට පිහිටා තිබුනු අතර එය පන්සල් වත්ත නමින් ප්‍රසිද්ධ විමත්.. ඒ හරහා එකී වෙන්දේසි ඉඩම සහිත ප්‍රදේශයම පන්සල් වත්ත නමින් ප්‍රකට වීමත් සිදුව තිබිණි. කෙසේ වෙතත් එම බිම් කඩ අයත් වෙන්දේසි වත්ත අප පන්සලට මායිම් වූ දායක ප්‍රදේශයට අයත්ව තිබූ නිසා පසු කලට වෙන්දේසි කරුවා විසින් එකී බිම් කඩ පන්සලේ වැඩ හුන් විහාරාධිපති හිමියන්ට ඔප්පුවකින්ම පවරා දී තිබුණි... එම නිසා එය අප පන්සල සතු දේපලක් ලෙසින් සැලකුණද සැබෑ ලෙසින්ම කිවහොත් එය පැවතියේ ලොකු හාමුදුරුවන්ගේ පෞද්ගලික දේපලක් ලෙසිනි. 

පසු කාලීනව පන්සල් වත්ත ක්‍රම ක්‍රමයෙන් දියුණ කරන්නට ගම් වැසියන් කිහිප දෙනෙකු විසින් දරණ ලද උත්සහය නිසා එහි බෝධිය වඩා කුඩා ප්‍රාකාරයක් බැ‍ඳී තිබූ අතර.. එහි පසක හුරුබුහුටි බුදු කුටියක්ද විය... එයටත් පසු කලක එකී භූමිය තුලම බ්ලොග් ගලින් බැඳ වහල නොගැසූ කාමර දෙකක පමණ ගොඩ නැගිල්ලක්ද තැනී තිබුණි.. මා මුල් වරට පන්සල් වත්තට යන විට තත්වය මෙසේ විය...

පන්සල් වත්ත ගැන කතා කිරීමේදී ප්‍රධාන චරිත කිහිපයක් ගැනම කතා කල යුතුය...

ඉඳිහේනේ සුනිල්...
පියරත්න ඉස්කෝල නෝනා...
ඉන්දරේ අයියා...
පියවතී අක්කා...
සහ මා මුලින් හඳුන්වා දුන් තරුණ උපාසක මහත්මා වන රනිල් උපාසක තැන...

මේ සියළුම චරිත පන්සල් ජීවිතය තුලදී මට හමු වූ අය අතුරින් අදටත් මාගේ මතකයේ ඇති සුවිශේෂී චරිත කිහිපයක් වේ.

ඉඳිහේනේ සුනිල් යනු මැරයෙකි... ගොවියෙකි... උපාසකයෙකි... 

හඳුන්වා දීම අමුතු විය හැකිය.. එහෙත් කල හැක්කක් නැත.. ඒ සුනිල්ගේ ස්වරූපයයි... සුනිල් අයියා සිය ආදායම් මාර්ගය ලෙසින් තෝරාගෙන තිබූයේ අන්නාසි වගාවය... පළාතේ විශාල ඉඩම් කට්ටි කිහිපයක්ම දීර්ඝ කාලීන බද්දට ගෙන ඒවායේ සේවකයින් යොදවාගෙන මහා පරිමාණ ලෙසින් අන්නාසි වගා කරවීම කරගෙන ගියද තතු දන්නෝ පවසන පරිදි ඔහු විසින් එයට පෙර කරනු ලැබුවේ මහා පරිමාණ වශයෙන් කසිප්පු ජාවාරම විය.. නමුත් මා විසින් ඔහුව හඳුනා ගන්නා අවධිය වන විට හෙතෙම එකී ව්‍යාපාරය අතැර දමා තිබුනා පමණක් නොව සිය ගම් පෙදෙසේ වෙන කිසිවකුටත් මත් ද්‍රව්‍ය වෙළ හෙළදාම කිරීමටද නොදී එයට එරෙහිව සිටි අයකු විය.. එමෙන්ම ඔහුගේ නිවුන් සහෝදරයා පැවිදිව මෙම ප්‍රදේශයට තරමක් දුරින් පිහිටි විහාරස්ථානයක විහාරාධිපතිකම  දරණු ලැබූ අයෙකි. කෙසේ වෙතත් මෙම සහෝදරයින් දෙදෙනා.. එනම් සුනිල් අයියා හා ධම්මතිලක පණ්ඩිත හාමුදුරුවෝ  මා දන්නා සෑම කලකම බොහෝම තදින් විරසක වූ දෙදෙනෙකු විය.. එම විරසකයට හේතුව හරියාකාරව දැන නොසිටියත් දෙදෙනා අතර ඇති විරසකය එසේ මෙසේ එක්ක නොවන වග එම දෙදෙනාම ඇසුරු කල මා හට අවබෝධ විය... එය නයි මුගටි වෛරයක් හා සමාන එකකි...

එකී තත්වයන් කෙසේ තිබුනද සුනිල් අයියා යනු තනි වචනයේ මිනිහෙකි... දෙයක් කිව්වොත් එය කෙසේ හෝ කරනු ලබයි... බැරි වැඩ බාර ගන්නේද නැත... සෑම දිනකම ඔහුගේ නිවසේ විස්සකට තිහකට බත් මාළු ඉදෙයි... එකී බත ඔහුගේ වතුවල වැඩ කරන අය හා ආව තේව කරනු ලබන කිහිප දෙනෙක් වෙනවෙනි.. එම බත කන්නට මෙන්ම සුනිල් අයියා වෙනුවෙන් පණ දෙන්නට වූවද මෙකී පිරිස සූදානම් බව වසර කිහිපයක සිදුවීම් නිසා මා හට අවබෝධ විණි... 

තරමක් දරදඩු පුද්ගලයකු වූ සුනිල් අයියාට මිනී මැරුම් නඩු කිහිපයක්ද තිබුණි... ස්භාවයෙන්ම කුකුල් කේන්තිකාරයකු වූ නිසා සුනිල් අයියාට එවැනි නඩු තිබීම අරුමයක්ද නොවේ... අයුක්තියක් අසාධාරණයක් දුටු තැන නයකු සේ කිපීම ඔහුගේ ගතියයි... ඔහු ඉදිරියේ සිටින්නේ දෙවියන්වහන්සේද කවුද යන වග එවිට ඔහුට වැදගත් නැත. මොන යකාගේ වූවද මූණටම කියන්නට ඇති දෙය කියන්නට දෙපාරක් නොසිතන ඔහු අසරණ අහිංසක මිනිහෙකුගේ දුකකදී කරදයකදී තව කෙනෙකුට කියන්නට කරන්නට කිසිවක් නොතබා තමාට හැකි උපරිමයෙන් උදව් පදවු කරයි... ඔහු නිසා යැපෙන පවුල් දහයක් පහලොහක්ම පන්සල් වත්ත ප්‍රදේශයේ තිබිණි. එයින් ඇතමකු ඔහු නිසා හිරේ විලංගුවේ සිටින අයගේ පවුල් වන අතර තවත් පවුල් ඔහුට  කිසිම සම්බන්ධයක් නැති.. එහෙත් කුමක් හෝ කරුණක් නිසා දුකට පත් වූ පවුලක් විය හැකිය... කුමන ආකාරයෙන් උදව් පදවු කලද කිසිම විටක එකී පවුලක ස්ත්‍රියකට අයුතු බලපෑමක් කරන්නට යන ආකාරයේ දේවල්ද සුනිල් අයියාගේ චරිතයේ තිබුනේ නැත.. සුනිල් අයියා සිය පවුලටත් දරු දෙදෙනාටත් බොහෝ ආදරය කල ඔවුන්ගේ දියුණුවට කටයුතු කල අයෙකි. එකී දරුවන් දෙදෙනාද ප්‍රදේශයේ සිටි ඉගෙනීමට දක්ෂතම දරුවන් දෙදෙනෙකු මෙන්ම ඉතා හොඳ හික්මීමක් සහිත අය බවත් මා දැන සිටියෙමි... කොටින්ම කියතහොත් සුනිල් අයියා හොඳද නරකද කියා කෙලින්ම කිමට මට අදටද හැකියාවක් නැත... මිනිසකු හොඳද නරකද කියා කෙලින් ඉරක් ගසා පෙන්වන්නට නොහැකි බව ජීවිත කාලය තුලදී මා හට වඩාත් හොදින් පසක් කල එක් අයකු වූයේ සුනිල් අයියා බව කිව යුතුය... ඔහු ඒ තරමටම අපූරු මිනිසකු විය...

සුනිල් අයියා පන්සල් වත්ත සම්බන්ධව ඉතා වැදගත් පුද්ගලයකු විය.. ඒ එහි දියුණුවට මුල පටන් කටයුතු කල කිහිප දෙනාගෙන් එක් අයකු වීම නිසාය... බෝධි ප්‍රාකාරය තැනීමේදීත්... බාගයට වැඩ අවසන් කොට තිබූ ගොඩනැගිල්ල තැනීමේදීත් ඔහුගේ පෞද්ගලික ධනයත්.. සේවක සහයත් ඉතා උසස් මට්ටමේ තිබී ඇත. වැඩ කිරීමේදී ඔහුට උවමනා වන්නේ අන් අය විසින් අත පොවන්නේ නැතිව වැඩ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සලසා දීම පමණි.. එසේ නිදහස දුන්නේ නම් එම වැඩය ගැන අමුතුවෙන් කිසිවක් හොයා බලන්නට වන්නේ නැති බව මා අත්දැකීමෙන්ම දනිමි.. ඒ පසු කලක විහාරස්තානයේ පැවති පිංකම් වලදී ඔහුගේ සහභාගීත්වය ලැබුනු ආකාරය නිසාය... තරමක බර වැඩක්  කරන්නට ඇති සෑම විටම ඔහු පැමිණෙන්නේ තුන් හතර දෙනෙකු රැගෙනය.. ඒ කිසි විටකත් මා විසින් දැක ඇති අය නොවේ... පන්සලට ආ පසු මා හමු වී වැඩේ එක්තරා කොටසක් බෙදා වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටීම සුනිල් අයියාගේ සිරිතයි.. ඒ ඔහුට හවුල් වැඩ බැරි නිසාය... ඒ ඉල්ලන වැඩෙත් අමාරු අසීරුම එක වීම ඔහුගේ සතුටට හේතු වෙයි... එයින් පසුව ඒ ගැන සොයා බලන්නට අමුතුවෙන් මහන්සි විය යුතු නැත.. කවුරු බාගෙට වැඩ කලත් සුනිල් අයියා බාර ගත් කොටස ඉතා හොදින් සිදු කර අවසන් කරයි... ආයේ එහි හොයන්නට.. ඇදයක් පෙන්වන්නට දෙයක් නැත... වැඩය අවසන් වූයේ කොයි වේලාවටද... “එහෙමනං හාමුදුරුවනේ අපිට යන්ට අවසර“ කියාගෙන පිටත්ව යෑම ඔහුගේ සිරිතයි... ඔහු හා පැමිණි පිරිසට වතුර වීදුරුවක්වත් පන්සලෙන් බොන්නට ඔහු ඉඩ තබන්නේ නැත.. ඔවුන්ට අවශ්‍ය බුලත් විටේ සිට ඔහු විසින් සපයයි... ඔවුන් හා හරි හරියට වෙහෙසී වැඩ කරයි... යකෙකුට කරන්නට බැරි වැඩක් වූවද ඔහුට බාර දුන් විට සිද්ධ වන වග නම් ස්ථීරය... ඒ සුනිල් අයියා ගැන පැහැදිලි කිරීමයි...

පියරතන ඉස්කෝල නෝනාත් පන්සල් කෑල්ලේ දියුනුවට අත හිත දුන් අනිත් ප්‍රභලම චරිතය වෙයි... අවිහිංසක ස්ත්‍රියක වූ ඇය.. වසර හැටත් හැත්තෑවත් අතර සුදු පාට පුළුන් වැනි කොණ්ඩයක් හිමි.. නිතරම සිනහවෙන් පිරි මුහුණකින් යුතු... අප කෙරෙහි පුත්‍ර සෙනේහයකින් කටයුතු කල උපාසක මෑණි කෙනෙක් විය... තරමක් විශාල වතු පිටි කිහිපයක උරුමය ඇතිව හුන්.. විශ්‍රාමික ගුරුවරියක් වූ ඇය ආර්ථික වශයෙන් ඉතා හොද තත්වයක සිටි අතරම සිය විශ්‍රාම වැටුප තනිකරම පාහේ වියදම් කලේ පින් අතේ වැඩටත්.. කවදාවත්ම නොලැබෙන බැව් දැන දැනම දෙනු ලබන ණය තුරුස් වලටත්ය.. ඇයගෙන් නිතර දෙවේලේ ණය ගත් අහල පහල දිළිඳු කිසිවකුත් කිසිම දිනක ඒවා නැවත ගෙවීමට උත්සහ කලේ නැත.. ඇය ඒවා ඉල්ලන්නට ගියෙත් නැත.. කලින් කීයක් ණය තිබුණත් නැවත ඉල්ලූ විට අත ඇති පමණින් දීලා දැමීම ඇයගේ සිරිතයි... ඉතා ඉවසිලිවන්ත ස්වාමියකු හිමිව තිබීම ඇය ලබා තිබූ උසස්ම ධනය විය.. සිය බිරිඳගේ නිමක් නැති දාන පාරමිතාව ඔහු විසින් සිනහවෙන් ඉවසා සිටීම පැසසුම් කටයුතුය... පියරතන ඉස්කෝල නෝනා දරුවන් තිදෙනෙකුගේ මවක් වූ අතර දරුවන් තිදෙනාම උසස් මට්ටමේ අධ්‍යාපන තත්වයක් අත්කරගෙන මේ වන විට රටේ උසස් තනතුරු දරණ අය වෙති...  ඇයටත් ස්වාමියාටත් දරුවන් සම්බන්ධව හෝ වෙනත් කිසිවක් සම්බන්ධව මහා ගොඩක් ප්‍රශ්න නොවූ අතර සමාජ සේවයට කැප වූ ජිවිත ගෙවන ලදි...

ඉන්දරේ අයියා අහිංසක දුප්පත් ගැමියෙකි.. රක්ෂාව වශයෙන් කලේ මල් පෝච්චි..මාළු ටැංකි වැනි අච්චුවේ තනන සිමෙන්ති ආශ්‍රිත නිර්මාණ තැනීමයි... පන්සල් වත්ත ප්‍රදේශයේ එක් පසක එක්තරා කුලයක් නියෝජනය කල ඔහු සිය කුලයේ අය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කල එක්තරා අන්දමක ග්‍රාම නායකයෙකි... සාම්ප්‍රධායික කර්මාන්තයත්.. දිවි පෙවෙතත්.. දුප්පත්කමත් අතරින් මතු වූ හොර බොරු වංචා නැති... අවිහිංසක මිනිසුන් අතර සැබෑ අවිහිංසකයකු ඉන්දරේ අයියාගේ චරිතය තුලින් පෙන්නුම් කෙරිනි...

පියවතී අක්කා යනු සාම්ප්‍රදායික ගොවි පවුලක ගෘහනියක වූවාය... තමන්ට අයත් හා අඳේට ගත් විශාල කුඹුරු රැසක් කරවන පවුලක ගෘහණියක වූවද.. දාහකුත් එකක් වැඩ රාජකාරි අතරේ දුව පැන සමාජසේවා වැඩට කැප වූ ඇය නිතරම වැඩ කිරීමට සූදානම් චරිතයකි... තරමක් ලජ්ජාශීලී නිසා කතාව බහ අඩු උනත් ගම් වැසියන් බොහෝ දෙනෙකු ඇයට වැඩ පල වලදී නායකත්වය දී කටයුතු කලේ ඇගේ ඇති මනා සංවිධාන හැකියාව හා කාත් සමඟත් හොඳින් කටයුතු කිරීමේ හැකියාව නිසාය.. පන්සල් වත්ත දියුණු කිරීමේදීත්.. පසු කලක මා විසින් අප විහාරයේ සංවර්ධන කටයුතු කිරීමේදීත් ඒ වෙනුවෙන් මහන්සි නොබලා ගෙයක් ගෙයක් පාසා ඇවිද යමින් බොහෝ මෙහෙයක්  ඇය විසින් කරනු ලැබුවාය... සාමාන්‍ය ගෙවිලියක වූවද ඇය මෙන් හොඳින් කාල කලමණාකරණය කල අය මට මේ වන තෙක් හමු වී ඇත්තේ අතලොස්සකි.. කවදාවත් කියන වෙලාවට තත්පරයක්වත් පරක්කු නොවී පැමිණෙන ඇයට සිය පවුලේ වැඩ අතරේම පන්සලේ වැඩට.. සමිති සමාගම් වැඩට කාලය සොයා ගැනීමට අපහසුවක් නොවීය... දුවා දරුවන් ලොකු මහත් කොට උගන්වා උසස් තනතුරු වලට යවා.. සිය සැමියාගේ ගොවිතැන් කටයුතුවල සෑම දෙයකටම ආධාර උපකාර කොට... ගම රට වෙනුවෙනුත් කාලය මිඩංගු කල ඇය ඒ සෑම දෙයක්ම වචනයක් නාහන අන්දමෙන් ඉටු කිරීමට වග බලා ගත්තාය.. ඒ හැර ඇය ගැන කීමට තවත් විශේෂ කරුණක් ඇත... එනම් කිසි විටකත් ඇයගේ වයස නිර්ණය කිරීම කිසිවකුටත් කල නොහැකි වීමයි... ඇයගේ මව වන දම්මවතී උපාසක අම්මාද ඒ වන විට අවුරුදු සියයකට ආසන්නව සිටි අතර ඇයත් කොන්ද කෙලින් තබාගෙන හොදින් ඇවිද යන එන ශක්තිමත් අයකු විය... අඩුම තරමේ අවුරුදු හැටක් පැන සිටිය යුතු යැයි අනුමාන කලද හතලිහකට වඩා පෙනුමක් පියවතී අක්කාගෙන් දිස් නොවිණි... ඇගේ වයස නොයෑමේ රහස නම් කාත් එක්කවත් හිතේ තරහක් මරහක් නැති වීම විය යුතුමය... ඇය විසින් කාට හෝ වරදක් කියනවා මා කවදාවත් අසා නැත.. වෙනත් අයකු කාට හෝ වරදක් කියන විටද ඒවා දුර දිග ගෙන නොයන තැනට කතා බහ කර විසදීම ඇයගේ ගතියයි.. ඇගේ මෑණියන්ද ඇය මෙන්ම ශ්‍රද්ධාවත්.. යහපත් ගති ගුණ සහිත කාන්තාවක් වූ අතර ඇයගේ හොදකම සිය මැණීයන්ගෙන් පැමිණ තිබූ බව සිතිය හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ අප කතානායකයාගේ විස්තරයයි... එනම් රනිල් තරුන උපාසක තැන ගැනයි...

හෙතෙම වයස විස්සක් විසි පහක් අතර තරුණයකු විය... පෙනුම ඉහත මා සඳහන් කල පරිදි විය... ඔහු ගැන සඳහන් කිරීමේදී කිව හැක්කේ මගේ මුළු ජිවිත කාලෙටම හම්බ වූ කට්ට කයිරාටික වෙට්ට පිත්තලයින් අතර ඔහුත් මුල්ම පෙලේ අයකු බවයි... එතරම් අඩු වයසකදී කෙසේ මේ තරම් කපටියකු වූවාදැයි සිතාගත නොහැකි තරමේ කපටියකු විය... ඔහුගේ තරම මා හට මුලින්ම කියන ලද්දේ සුනිල් අයියා විසිනි.. එහෙත් ඒ වන විට සුනිල් අයියා ගැන මා අසා තිබූ කරුණු නිසා මා ඔහුගේ වචනය ඒ හැටි ගණන් ගත්තේ නැත.. පසුව පියරතන ඉස්කෝල නෝනා විසින්ද හෙමිහිට අනතුරු ඇඟ වූවත් පරම්පරා දෙකක ගැටීම විය හැකියැයි සිතා එයද නොසලකා හැරියෙමි.. එහෙත් අවසන සර්පයා කෙසේදැයි මා විසින් හඳුනා ගතිමි...

ඒ කතාව ඉදිරියට බලා පොරොත්තු වන්න...

---------------------------------
(මෙහි එන නම් ගම් නියම ඒවා නොවන අතර ඔවුන්ගේ නියම නම් ගම් වලට ආසන්නයෙන් යන ඒවා පමණක් වන බව කරුණාවෙන් සලකන්න...)
......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

45 comments:

  1. ඒ කතාව ඉදිරියට බලා පොරොත්තු වන්න...// එහෙමයි!

    ReplyDelete
    Replies
    1. උඔ රිප්ලයි කරනවා කියලා දන්නවා නම් කමෙන්ට් එකක් දානවා... අපරාදේ :D

      Delete
  2. මාරය අයිය මහන වෙලා හිටියද? නැත්තන් මේක වෙන ස්වාමීන් වහන්සේ නමක් කිව්ව කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. http://ctkumara.blogspot.com/search/label/%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA...

      Delete
    2. දැන් මාරයිය වුනාට ඉස්සර පෙරාපු සාධු කෙනෙක්.

      Delete
    3. මාත් අහන්න උන්නේ .. මටත් හෙණ ප්‍රශ්නයක් උණා ඕක. දැන් හරි නෙහ්..

      Delete
  3. ඉතා ඉහලින් රසවිඳීමි.පෙරසූජානම අනුව නම් රසවත් කතා පුවතක්මැයි.

    ReplyDelete
  4. රනිල් උපාසක කිවුවම මම හිතුවෙ මහ අලිය ගැන ලියල කියල. ඉතිරිය කියවන්න එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ ඒ උපාසක නෙවෙයි.. මේ ඇවිල්ලා මං කියන කෙනාගේ සැබෑ නමට ලගින් යන නමක්...

      Delete
  5. කාලෙකින් පන්සල් කතාවක්.. ඊළඟ කොටස එන්නෙ 2015දී ද.?? :)

    ReplyDelete
    Replies
    1. අනිත් එකත් ලියලා ඉවර කරන්න ඔන්න මෙන්න... ඒත් දවස් තුනක්වත් ඇරලා දාන්නයි හිතං ඉන්නේ...

      Delete
    2. ඇති යන්තං දෙයියනේ අවුරුද්දකට විතර පස්සේ බලන්න කතාවක් දාල. පිං සිද්ද වෙච්චාවේ .

      ඊළඟ කොටස 2015 නොවේවා
      :)

      Delete
  6. "අවසනදී සර්පයා මා විසින්ම හඳුනා ගන්නා ලදී" අනරඝයි සහෝදරයා! අඟනා කථාවක අඩිතාලම අපූරැයි!! කථාව කියවන්න නොවරදවාම එන්නම්! උඹට ජය!!

    ReplyDelete
  7. දැන් ඩේලී පොස්ට් දානවා වාගේ. මොකක්ද මේ හදිසි වෙනස? බුකීයේ බූට් එකක්වත් කෑවද?

    ReplyDelete
    Replies
    1. අවුරුද්දේ මුලදි පොඩි නිවාඩුවක් ලැබුනා.. ඒකයි.. :D

      Delete
  8. ඉතිරි ටික බලාපොරොත්තු වෙනවා මාරයියා.

    ReplyDelete
  9. ගිය අවුරුද්දේ ඇරියස් වෙච්ච ඒවත් එක්ක දැන් අල්ලනවද කොහෙද දවසට දෙක ගානේ දාලා.. කමක් නෑ අපි කෝමත් කියවනවනේ.. දාමු බලන් එහෙනම් ඉතිරියත් මාරයියේ..

    ReplyDelete
    Replies
    1. දුවන්න වෙලාව ලැබුනම දුවන්න එපෑ මල්ලියේ... පහුගිය ටිකේ සෑහෙන පාළුවට ගියානේ මේක...

      Delete
  10. පන්සල් කතා අතරමග දාලා යන එක උබේ පුරුද්දක් නේ මාරයියේ,,ඊලග කොටස කවදා ඒවිද උබවත් දන්න එකක් නෑ

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මේ පාර ලග දෙනවා.. :D

      Delete
  11. මේ යකා එක්ක බෑ මේ වැඩේ... අවුරුද්ද පටං ගත්ත විතරයි... අද 4 වෙනිද.. මේකා පෝස්ට් 4ක් දාලා... තුනක්ම මාගල්... ගර්ර්ර්ර්ර්......

    ( මේ හැබැයි මේ මතුසම්බන්ධයි කෑලි වලට නං විරුද්ධයි ඔන්න... හි හි)

    ReplyDelete
    Replies
    1. :D මෙහෙමද දෙයියනේ මං ඉස්සර ලිව්වේ...

      Delete
  12. මම මාරයා මල්ලිගේ මෙවැනි කතාවක් පළමු වරට කියෙව්වෙ.
    රසවත්.
    අර විදියට බෝ ගස් කපන්නෙ නැතිව ඉතිරි කරන්නෙ බොහෝ විට එම බෝධියට අරක්ගත් නාගයකු සිටින බවට මතයක් තිබෙන නිසයි කියා මා අසා තිබෙනවා.
    පිල්ලෑව පන්සල හදන්න ප්‍රථම යාලුවෝ සමගින් වෙල මැදින් ඒ බෝධිය අවට සැරි සරපු අවධිය සිහි ගැන්වුවා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියට ඒ කියන්නේ පංසල් කතා ටික මිස් වෙලා වෙන්න ඕන.. වෙලාවක් තිබුනොත් උඩ තියෙන පන්සල් දිවිය කියන ලේබල් එක හරහා ගිහින් බලන්න...

      Delete
  13. අපේ රනිල් අයියට වචනයක් එහෙම කියල තිබ්බ නම් බලා ගන්න තිබුණා. මේ වෙන කොහෙද යන කබ්බෙක්නේ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හපොයි මං එහෙම මලාට වචනයක් කියනවද ඒ මනුස්සයට.. මිනිහා අයියා නෙවෙයි මටනං දෙයියා... දෙයියෝ රැක දේවා ඒ අයියා...

      Delete
  14. සුනිල් ගැන උඹ කියල තියෙන දේවල් දැක්කම ඇත්තටම ඒ මනුස්සය මොනවගේ එකෙක්ද කියල හිතාගන්න බැරි උන එක අහන්න දෙයක් නෑ. මැරයෙක් වෙලත් ඔය වගේ හැසිරෙනව කියන්නෙ අමුතුම චරිතයක් වෙන්න ඕන.

    (හෙඩිම දැක්කම මම හිතුවෙ වෙන රනිල් කෙනෙක් ගැන කියලයි කියන්න යන්නෙ.)

    ReplyDelete
    Replies
    1. අමුතු කියන්නේ මක් කරලවත් තේරුං ගන්න බැරි මනුස්සයෙක්... මෑන්ව ආස්සරේ කරනවා කියන්නේ දැළි පිහියෙන් කිරි කනවා වගේ හරි අමුතුම මෙව්වා එකක්...

      (පිස්සුද.. ඒ දෙයියට මං මොනවත් කියනවද..?)

      Delete
  15. පුද්ගල වර්ණනාවන් ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. මගේ කැමතිම අංසේ තමා මිනිස්සු තේරුං ගන්න උත්සහ කරන එක.. ලේසි නැහැ...

      Delete
  16. රනිල් උපාසක උන්නැගේ නැතුව වෙන නමක් දැම්මනං හරි කමක් නෑ ලස්සසනට චරිත ටික හදුන්වා දීල තියෙනවා.. මටනං දුක පියරත්න ඉස්කෝලේ නොනා ගැන .....
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නං දාන කොට දැම්මේ හැබෑ නමට ලගින් යන නම්.. මොකද පහු කාලෙක මං ආයෙම මේ සම්බන්ධ තවත් කතා ලියන්න ගත්තොත් මට කලින් දාපු නම අමතක වෙන්න පුළුවන් හින්දා...

      Delete
  17. මේවැනි රසවත් කතා මතු සම්බන්ධ කිරීම පිළිබඳ දැඩි විරොධය....!
    ග්ර්ර්ර්ර්ර්ර්ර්................

    ReplyDelete
    Replies
    1. ඉවසා වදාරන්න..ඉවසා වදාරන්න... :D

      Delete
  18. ජීවිත අත්දැකීමක්... හොඳා හොඳා....

    ReplyDelete
  19. මාරයියේ, මට මතකයි උඹ අන්තිමට දාල තියන කොටස මීට කලින් කතාවක හරි කොමෙන්ට් එකක හරි කියෙවුවා. හැමදාම කැමති පන්සල් කතා මාලාව ආය පටන් ගන්න එක නම් මරු

    ReplyDelete
  20. මදැයි කාලේකට පස්සේ මාස ගානකට පස්සේ ඇත්තෙන්ම බ්ලොග් එකක් දෙකක් කියවන්න කියලා හිතුවා. කෙන්ජිය ඇක්සිඩන්ට් වෙලා සිරාගේ මලයගේ උපන්දිනේ මාරයා පන්සල් කතාවක් ලියලා තියෙනවා දැකලා සතුට ඉස්මොල්ලේ නොගියා ඉතරයි . . . නෙදකින් තෝ කතාව කියන්නත් කලින් පෝස්ට් එක ඉවර කරලා . . . කොටියම කාපිය . .

    ReplyDelete
  21. කෝ මේ කතාවේ ඉතුරු කොටහ ??

    ReplyDelete