07 February 2014

පෙර කතාවක පසු වදනක්...



මේ පින්තූරය දුටු විට කෙනෙකුට සිතෙන්නේ මොනවගේ දෙයක්ද කියන්න මං දන්නේ නැහැ.. ඒත් මේක මටනං සෑහෙන දේවල් මතක් කරවන දර්ශනයක්... ඒ එහෙම වෙන්න මට හේතුවක් තියෙන හින්දා... හැබැයි මේ පින්තූරෙන් පෙන්වන ගේ ගැන මං මෙයිට කලින් වතාවක මේ බ්ලොග් එකේ සඳහන් කරලා තියෙනවා... මේක දිගටම කියවන අයටනං සමහර විට සුළු හෝ මතකයක් තියෙන්න පුළුවන්... එහෙම නැත්තං මං මතක් කරන්නම්...  ලේසිම දේ තමා මෙන්න මේ විදියට ලින්ක් එකක් දාලා ගිහින් බලන්න කියන එක.. ඒත් කාටද ඔය පරණ ඒවා හොය හොය කියව කියව ඉන්න වෙලාව තියෙන්නේ.. මමවත් එහෙම නොකරන කොට.. :D

ඒ හින්දා ඒ ලිපියෙන් කොටස් කිහිපයක් මෙහෙම ගෙනත් අතාරින්නං මෙතැන ඉදලම කියවන්න...

------------------------------
//අප එගොට යන විට පාරුව එහි ගොස් තිබූ අතර හමුදා සෙබළුන් විසින් භාණ්ඩ බෑම ආරම්භ කොටද තිබුණි..වහාම අපගේ නඩයද එයට එක් වී සියළුම දෑ ඉක්මන් කොට බා ගන්නා ලදි...මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් සියළුම දේ පිළිවෙලකට කතා බස් කරගෙන තිබුණි...බඩු ටික බා අවසන් කර විනාඩි දහයක් ගත වන විට එතැනට විශේෂ කාර්ය බලකායට අයත් ට්‍රැක්ටර් රථයක් එහි සෙබළකු විසින් පදවාගෙන ආ අතර අපහසුවෙන් හෝ ගෙන ගිය සියළු දෑ එයට පටවාගෙන සියළු දෙනාම එහි ගොඩ උන අතර විහාරාධිපති හිමියන් සහ මා ට්‍රැක්ටරයේ දෙපස මඩ්ගාඩ් දෙක මතට නැගුනෙමු...කලපුව අසල සිට තවත් මීටර් පන්සීයයක් පමණ අපට යායුතුව තිබිණි...පාලම තිබූ මග ඔස්සේ ඉදිරියට ගොස් ප්‍රධාන මාවතෙන් වම් පැත්තට එනම් නැවතත් මුහුද පැත්තට හැරී ගමන් කරන්නට විය.මෙම හැරෙන මංසන්ධිය පසු කාලීනව රටේ තරමක් ප්‍රසිද්ධියට පත් වූ මං සන්ධියකි..ඒ පිළිබඳ කතාව පසුවට තබමි...

කෙසේ හෝ නැවතත් අප පැමිණ තිබුනේ මුහුදු වෙරලටමය...එහි නිවාස රාශියක් තිබූ බවට සලකුණු පමණක් ඉතිරි වී තිබිණි... ඒ හැර කිසිවක් නොවූ අතර..ඉතිරිව තිබූ එකම ගොඩ නැගිල්ල වූයේ එක් ටැම් ගෙයක ආකාරයෙන් තනා තිබූ විදේශිකයෙකුට අයත් කුඩා සංචාරක නිකේතනයක් පමණි...

අප ගෙන ගිය භාණ්ඩ සියල්ල බෑමෙන් පසුව අපගේ හිතවත් හිමියන් විසින් එතැනට එක්තරා පිරිසක් කැඳවාගෙන එන ලදි.ඒ අය නම් අප විසින් සාදා දීමට යන නිවසට හිමිකම් කියන්නට යන උදවියයි...
එය සිංහල දෙමළ මිශ්‍ර වී සෑදුන පවුලකි..වැඩිහිටි යුවළත් ඔවුනගේ දරුවන් සිවු දෙනාගේ පවුල් හතරත් එකතු වූ විට එහි සාමාජික සංඛ්‍යාව දහ හතක් පමණ විය... පෙරදී ඔවුන් නිවාස දෙකක දිවි ගෙවූවද දැන් අප විසින් සාදන්නට යන එක නිවාසයේ සිටීමට බොහෝ කැමැත්තෙන් සිටියෝය...

දැනට සියළු දෙනාම රැඳී මිටියේ ඒ ආසන්නයේ සකස් කල තාවකාලික කූඩාරම් වලය... එසේ තැනූ කූඩාරම් දකින දකින අත විය.එම ජීවිතය පහසු නැත.එබැවින් පොල් අතු වලින් හෝ පැලක් අටවා ගෙන එහි විසීමට සියල්ලෝම රිසි වූහ...

ඔවුන් හා කතා බස් කොටගෙන කටයුත්ත ආරම්භ කරනා විට දහවල් දහය හමාරට ලංව තිබිණි.මෙතැනදී අප සිතාගෙන ගියාට වඩා යම් පහසුවක් අප හට සැලසිණි..එනම් අප සිතාගෙන ගියේ නිවස සකස් කර බිමට කටු සිමෙන්ති දමා දීමටය..නමුත් බිත්ති ගැලවී ගොස් ඉතිරි වී තිබූ නිවාස වල පාදමත්..බිම තිබූ සිමෙන්ති පොලවත් දුටු පස්ව මා ඔවුනගෙන් විමසා සිටියේ ඔවුන්ගේ නිවස තිබූ තැනම ඒ මතම අපේ නිවාසය ඉදි කරදෙන්නටදැයි කියාය..එයට ඔවුන් බොහෝ සේ සතුටට පත් විණී...//

------------------------------

//කෙසේ හෝ දහවල් ආහාරය ගෙන අවසන් වූ වහාම යළිත් වැඩට බැසීමට සියළු දෙනාම යුහුසුළු වූ අතර විනාඩි පහකවත් විවේකයක් නිවස සාදා අවසන් වන තුරුම කිසිවකුත් විසින් ගනු නොලැබීය...කෑමෙන් පසු පැයක් යන විට යට ලී සකස් කර ඒවා වහල මතට ගෙන සවිකර පරාල සවි කරද අවසන් කල හැකි විය.කෙසේ හෝ සවස පමට ආසන්න වන විට නිවසේ කටයුතු සියල්ල නිමා කිරීමට අප සමත් විය.

දිගින් අඩි 35කට පමණ ආසන්නව පළලින් අඩි විස්සකට මදක් වැඩි වන්නටත් නිවස තැණිනි.කනු සිටවා යටලී ඇද..පරාල හා හරස් රීප්ප ගසා..ටකරං තහඩු සවිකර මුදුන් උළු වෙනුවට වැඩි පුර ගෙන ගිය තහඩුම යොදා මුදුන් සකස් කර නිවසේ බිත්ති වලට එකක් මත එකක් ආකාරයට ලස්සනට ලෑලි ගසා ප්‍රධාන උළුවහු දෙකක් හා ජනේල තුනක්ද යොදා..ඇතුලේ කාමරයක් හා පිටුපස කුස්සියක් සේ යාලත්තක් බා සකස් කර දොර පියන් ජනේල පියන් සරනේරු වලින් සවි කොට..ඉබි යතුරු දැමිය හැකි පරිදි සකස් කර දී අවසන් කර තිබුණී...

වැඩේ අවසන් වූ වහාම නිවසේ හිමි කරුවන් හට නිවස බාරදී අප වහ වහා මුහුදු වෙරළ ඔස්සේ නැවතත් බෝට්ටු සේවය තියෙනා තැනට යාමට පටන් ගතිමු.ඒ අවස්ථාව වෙනකල් සැග වී සිටි බේබදු බාස්ලා දෙදෙනා වැනි වැනී වෙරළ දිගේ අප පිටුපස ගාටන්නට විය...

නැවතත් කලපුව අසලට පැමිණෙන විට බෝට්ටු සේවය නිමා වීමට ආසන්නව තිබිණි.එහෙත් අප විසින් පෙර කල දැනුම් දීම නිසා අප වෙනුවෙන් එක් බෝට්ටුවක් බලා සිටිනු දක්නා ලදි..පැවති ආරක්ෂක තත්වය හමුවේ සවස පහෙන් පසු බෝට්ටු සේවය පවත්වන්නේ නැති නිසා අප කෙසේ හෝ ඊට කලින් පිටත්ව යායුතුව තිබිණි.හරියටම පහට විනාඩි පමක් තිබියදී දුවගෙන මෙන් ඇවිත් අප වෙනුවෙන් තිබූ බෝට්ටුවට නැගී සියල්ලෝම යළි මෙගොඩට ආවෙමු.

නැවතත් අපගේ ලොරි රථ ඇද දීමේ කටයුත්ත ඇමරිකානු මැරීන් සෙබළුන් විසින් කර දෙනු ලැබීය...මුහුදු මහා විහාරයට ගොස් එහි හිමියන් හමුව..කටයුත්තේ අවසානය පිළීබඳව දැනුම් දී නැවතත් හැකියාවක් ඇතොත් එහි එන බව පවසා දඩි බිඩියේම සවස හයට ආසන්න වෙද්දී අප පොතු විල් වලින් පිටත් වීමු....//
----------------------------

දැන් මං හිතන්නේ හිතා ගන්න පුළුවන් ඇති... 

මේ තාවකාලික නිවස හදලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා උනත් තාමත් මේක මෙතැන මෙහෙම තියෙයි කියලා මං හීනෙන්වත් හිතුවේ නම් නැහැ. ඒත් පහුගිය නිදහස් දවසේ මම ගියා තවත් යාළුවෙක් එක්ක අම්පාරේ සංචාරයක... උදේ හතට විතර කොළඹින් පිටත් උනේ රෑ වෙද්දි වගේ පොතුවිල් වලට යන්න උනත් හවස දෙක විතර වෙද්දි යාගන්න අපිට පුළුවන් උනා.. 

නිදහස් දවස හින්දා වැඩිය වාහන පාරේ නොතිබීමත්.. විශේෂයෙන්ම පොලිස් මාමලා නිදහස් උත්සව ආදියට රාජකාරි ගොහින් හින්දද කොහේද ගස් අස්සේ ..හුඹස් අස්සේ හිටං පාරට පනින්න කවුරුවත් හිටියේ නැති හින්දත්.. :D මංතුමාගේ අර ෂුපිරි ධාවනය...
(හරි හරි ආපහු එද්දි අවිස්සාවේල්ලෙදී සුපියල් 500 ක දඩයක් වැදුනා තමා.. :D :D :D) 
හින්දා එහෙම වේලාසනින් යා ගන්න පුළුවන් උනා... බෙරගල ඉඳන් වැල්ලවායට තියෙන කිලෝ මීටර් 35හේ දුර ගෙවන්න පැය දෙකක් විතර ගිය හින්දා මිස නැත්තං තවත් වේලපහ යන්න තිබුනා.. ඒත් ඉතිං ඒ පාර ඒ හැටි පළල නැති හින්දයි.. දියළුම ඇල්ල ගාව එහෙම සැලකිය යුතු වෙලාවක් නතර කරගෙන හිටිය හින්දයි පොඩ්ඩක් පරමාද උනා..
(ඒත් එද්දිනං මං වෙලාව බල බල ආවේ පැයකට අඩුවෙන් එන්න පුළුවන්ද කියලා බලන්න... හරියටම විනාඩි 53 කින් ඒ කිලෝමීටර් 35 හ ඒ ගන්න පුළුවන් උනා.. රෝද හතරකින් ඔයිට වඩා එන්න ලේසි නැහැ පාරේ තියෙන වංගුත් එක්කලා)

කොහොම හරි වේලපහින්ම නවාතැන් පොලට වාර්ථා කරපු එකේ එහෙමම මුහුදු මහා විහාරයටත් ගොහින් තවත් වෙලාව තිබුන හින්දා ගියා බලන්න දහ අවුරුද්දකට කලින් තාවකාලික ගෙවල් හදා දෙන්න ආපු අරුගම්බේවල “උල්ල“ කියන හරිය දැක බලා ගන්න...

හැබැයි සුනාමියෙන් පස්සේ දින දෙක තුනකින් එද්දි මේ හරිය තනිකර පිට්ටනියක් වෙලා තිබුනේ... එහෙමත් තැනක තමා මොනවා හරි දෙයක් ශේෂ වෙලා තිබුනේ.. දැන් ඒ හරිය එකම ගොඩනැගිලි ගොඩක්... ඒකේ අපි ගෙවල් හදපු හරිය හොයනවා කියන්නේ පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයන්නැහේ වැඩක්... ඒක තේරුනේ සලකුණු හොය හොය එහාට මෙහාට ඇවිදිද්දි තමයි.. හැබැයි ඒ අතරේ මට එක දෙයක් ගැන පොඩි මතකයක් තිබ්බා.. ඒ තමා මෙන්න මේ කොටස...

//කෙසේ හෝ නැවතත් අප පැමිණ තිබුනේ මුහුදු වෙරලටමය...එහි නිවාස රාශියක් තිබූ බවට සලකුණු පමණක් ඉතිරි වී තිබිණි... ඒ හැර කිසිවක් නොවූ අතර..ඉතිරිව තිබූ එකම ගොඩ නැගිල්ල වූයේ එක් ටැම් ගෙයක ආකාරයෙන් තනා තිබූ විදේශිකයෙකුට අයත් කුඩා සංචාරක නිකේතනයක් පමණි...//

ඔන්න ඔතැන කියන එක්ටැම් ගේ වගේ කෑල්ල කොහේ හරි තියේවි කියන බලාපොරොත්තුව ඇතිවයි කැරකුනේ... හදපු ගෙවල් නැතත් තැන හොයා ගතෑකිනේ කියලා කැරකිලා කැරකිලා අන්තිමට ඔය කියපු සලකුණත් හොයා ගන්න බැරිව ආපහු එන්න හැරෙද්දී තමා මං ගස් අස්සෙන් යන්තමට ඡායාවක් වගේ එකක් දැක්කේ... ඔය පින්තූරේ ගෙට පිටිපස්සෙන් තියෙන්නේ ඒ මං දැකපු දේ තමා...

තාමත් ඒ එක්ටැම්ගේ වගේ එක තියෙනවා.. :D

එයින් පස්සේ ඔතැන හොයා ගන්න අමාරුවක් උනේ නැහැ.. ඒත් ගේ මේ තරමින්වත් ආරස්සා වෙලා තියෙයි කියලනං මං හිතුවේ නැහැ... කොහොම හරි මුහුදු වෙරලට මුහුණලා තිබුන පොඩි කඩයක් වගේ තැනකින් ඇවිත් මං සුනාමි කාලේ හාමුදුරු කෙනෙක් ඇවිත් ලෑලි ගහලා ගෙයක් හදලා දුන්න කට්ටියක් මේ හරියේ හිටියද කියලා අහනකොට ඒ අහලා තියෙන්නේ අපි ගේ හදලා දීලා ගිය පවුලේ ලොකු පුත්තරයගෙන්... කොහොම තත්පර කිහිපයකදී පරණ මතකයන් අළුත් කරගෙන බොහෝම සංතෝසෙන් තාමත් ඒ ගේ තියෙනවා කියලා කියලා ගේ බලන්න එක්ක ගියේ බොහෝම සංතෝසෙන්... මේක දැකලා මට ඇති වෙච්ච සංතෝෂය වගේම.. මාව දැකලා ඒ මනුස්සයටත් අම්මටත් ලොකු සතුටක් දැනුන වග මට තේරුනා... 

සෑහෙන වෙලාවක් පරණ මතක අතරේ රිංගමින් කතා බස් කරලා තේකක් කාරිය බීලා.. යන්න කලියෙන් කෑම ටිකක් කාලා යන්න එන්න කියපු සුහද ආරාධනාව ගමනේ සැලැස්මට අනුව කරන්න බැරි වග පැහැදිලි කරලා දීලා අපි එද්දි සෑහෙන්න රෑ බෝවෙලා...

කොහොම උනත් සෑහෙන කාලයකින් මං බොහෝම චිත්තප්පිරීතියක් අත් වින්ද පැය කිහිපයක් ඒ ගෙවුවේ කියලා කිව්වොත් හරියටම හරි... “සුනාමියට අහු උන අයගෙන් මුලින්ම ගෙයක් හම්බ උනේ අපිට“ කියලා ඒ මනුස්සයා පුදුම සංතෝසෙකින් කියද්දී ඒ වචන හරහා මගේ හිතේ ඇති වෙච්ච හැගීම මොන වගේද කියලා මට හරියටම පැහැදිලි කරන්න බැහැ.. ඒත් “චිත්තං පුනාතීතී පුඤ්ඤං..හදයං පුනාතීති පුඤ්ඤං“ කියලා කියන්නේ ඒ වගේ එහෙකට වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා... ජීවිතේ කරපු කියපු දේවල් ගැන ආහු හැරිලා බලද්දී කරපු අමන මෝඩ මරි වැඩ වගේම... යක්ෂ පරාක්ෂ වැඩ වගේම.. ඒ අතරට මෙහෙම එකක් දෙකක්වත් තියෙන එකවත් මදෑ... :D

----------------------
චාරිකා විස්තරේ පස්සේ ලියන්න හිතං ඉන්නවා..බලමු ලියවෙයිද කියලා....

40 comments:

  1. හෑලි කියවිල්ල එපා වෙලා බන්..

    ReplyDelete
    Replies
    1. ජංගියක් ලිව්වා නම් උඹ හෑලි නෙමේ පල් හෑලි උනත් කියවයි....:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කොල්ලෙක් ලියපු හින්දද හැලි කියන්නේ ????????????

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @කෙන්ජි......සිනහව සහ සුහදශීලීත්වය තමයි උඹේ බ්ලොග් සලකුන වුනේ, වෙන කිසීම දෙයකට වැඩිය.. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. උඹ යන්ත්‍රයක් නොවුනේ මේ සයිබරයේ නිදහස් අදහස් කීම තුලින් විය හැකියි. පෞද්ගලිකත්වය සහ නිදහස් මිනිසා මේ ඉලෙක්ට්‍රොනික් ලෝකය තුල වෙනස් කරගන්න එපා. අපි යන්ත්‍ර වෙලා ඉවරයි. ඒ සිනහවත්, සරල සුහදත්වයත් වෙනුවට ,දඩබ්බර ,කිපෙන සුළු ස්වාභාවයන් තුල ජීවිතය තේරුම් ගන්න තව කල් ගත වෙනවා. එය මේ කගෙවත් වැරදි නොවේ. මට මතක් වෙනවා කෙන්ජි ලියපු එක කමෙන්ට් එකක්.

      ඒ තමයි....මම උඹ ලියන දේවල් කියවලා හිනා වෙන හැටි කිව්වාම..
      උඹ රිප්ලයි කරා....."ඇනෝලා මට කියන කුණුහරුප සහ බැනුම් අහලා මම මුළු දවසම හිනා වෙනවා කියලා"

      ඒ කෙන්ජිද මේ පොලු අරන් නොදකින මිනිස්සු පස්සේ පන්නන්නේ.

      ආදරයෙන් කියන්නේ..නොදැකපු,නොදන්නා උඹට.....මේ හැම දෙයක්ම ඇඟට ගන්න එපා. උඹ ගෙනියන්නේ උඹ සතු හොඳ මිසක් සයිබර් වල්පල් නෙවෙයි. හිනාවෙයන් . උපේක්ශාශීලි වෙයන්.

      Delete
    6. හැමදාම වගේ මගේ ලිපි/කමෙන්ට් කියවීමෙන් මාව නිසි මග යවන්න ගන්න උත්සාහයට මම හිස නමා ආචාර කරනවා අරූ....
      මේ මෑතක ඉදල අපේම එකෙක් මට මට පහර දෙනවා මචන් ...
      පෙරේදා ඔමාය දාපු පෝස්ට් එකේ මම හැමෝටම thanks කරලා දාපු කමෙන්ට් එකට ඒක කතා කතා කියල දාල තිබුන.
      ඒ ආපු කෙන්තියටයි මෙය දැම්මේ...
      උඹ කිව්වා දේ තේරුම් ගත්ත මචන් Thanks ....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මාත් සුනාමියෙන් සතියකට විතර පස්සෙ ඔය පැත්තෙ ගියා. ඔය අරුගම්බෙ පාළම කැඩිල කැනඩා ආමි එකෙන් ගෙනාපු දිය ගොඩ යන අරුම වාහනේක නැගල එගොඩ ගිහින් ආ කාරිය කරන් ආව මතකයෙ දුකයි රසයි අතරෙ එකක්.

    අපි කල නරක ගැන අනෙක් අය මතක් කරයි හොඳ ගැන අපිම මතක් කරගමු!

    ReplyDelete
    Replies
    1. වායුපා යානයක් (හුවර්කාෆ්ට්) එකක් ගැනද ඔය කියන්නේ , අපේ නේවි එකටත් එව්වා එකක් තියනවා නේද

      Delete
  4. පින්කමක සතුට හිතට මොනතරම් දේ ගෙනෙනවද මාරයෝ........නියමයි... චාරිකා සටහනත් දාමු ලොක්කා..

    ReplyDelete
  5. ශා.. ඔය පැත්තේ ගිහින් එන්ඩත් ආසයි.. ඒත් කොයි.. !

    ReplyDelete
  6. //මේ තාවකාලික නිවස හදලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා උනත් තාමත් මේක මෙතැන මෙහෙම තියෙයි කියලා මං හීනෙන්වත් හිතුවේ නම් නැහැ//
    මේ වගේ දෙයක් දැක්කම තියන සංතෝෂය හිතාගන්න පුළුවන්. නිකං මැරිල කියල හිතං හිටිය යාළුවෙක් ඉන්නව දකිනව වගේ නේද?

    ReplyDelete
  7. නියමයි. මට හිතාගන්න පුලුවං උඹට ඒ අවස්ථාවෙ ඇතිවිච්ච සතුට.
    ගමනේ විස්තරත් දාහං.

    ReplyDelete
  8. පට්ට ගති මාරයෝ... කියල වැඩක් නෑ... කරපු දෙයක් ගැන සතුටු වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..

    ReplyDelete
  9. //ඒත් “චිත්තං පුනාතීතී පුඤ්ඤං..හදයං පුනාතීති පුඤ්ඤං“ කියලා කියන්නේ ඒ වගේ //

    සාදු ...සාදු ..!!!!


    ආපහු හැරිල බලද්දි සතුටු වෙන්න පුලුවන් මතක‍යක් මාරෙ බොස් !!!

    ReplyDelete
  10. a4 GPS එක අරන් ගියේ නැද්ද මේ පාර යනකොට ???

    ReplyDelete
  11. ලින්කුව දාල තියෙන කතාව කියෙව්වා හොඳට මතකයි,තමන් කරපු දෙයක් කාලෙකට පස්සෙ ආයෙම දකින්නට ලැබීම කොච්චර සතුටක්ද කියන එක හිතාගන්නට පුළුවනි.

    ReplyDelete
  12. නියමයි අයියේ ,, ඒ අවස්ථාව ඔයාට ලොකු සතුටක් දෙන්න ඇති

    ReplyDelete
  13. සුනාමි එන්න බොහොම ඉස්සර ඉදන් ආරුගම්බේ සුනාමි කියල hotel / restaurant එකක් තිබුන

    ReplyDelete
    Replies
    1. Est toujours, mon ami.

      Delete
  14. ගමනෙ විස්තර කොටස් කිහිපයකට හරි, සාරාංශ කරල හරි දැම්මොත් හොදයි නැත්තන් මේකටත් වඩා දිග ලිපියක් වෙයි :D

    ReplyDelete
  15. කවදා හරි දවසක ඉතිරි වෙන්නේ කරපු දෙයක් විතරයි නේ

    ReplyDelete
  16. Bon travail. Vous pouvez être heureux.

    ReplyDelete
  17. නියමයිනේ බං. මට ඔය හැඟීම හිතාගන්න අමාරු නෑ. කලින් හිටපු තැන්වලට ගියාම ඔයිට ආසන්න හැඟීමක් මටත් ඇතිවෙනවා. ඒකට පෙරේත කමේම මම ඒ තැන් හොයාගෙන යනවා.

    ReplyDelete
  18. අතීත කාම රෝගය උඹටත් තදටම තියනවානේද , උඹට විතරක් නෙමෙයි බං මටත් සන්තෝසයි , ඇයි ඉතින් අර කතාව සන්තෝසෙන් කියෙව්වනේ ඒ දවස්වල

    ReplyDelete
    Replies
    1. කෝ ඇත්තටම ඇනෝ ඇරල නේද , එළ මචං එල

      Delete
  19. දැනුන සතුට හිතාගන්න පුළුවන් ... හරිම අපූරුයි.. චාරිකා විස්තරෙත් ලියන්න ..

    ReplyDelete
  20. බෙරගල හරහා නොගිහිං පැල්මඩුල්ලෙන් උඩවලව තනමල්විල හරහා වැල්ලවායට ගියානම් පාර අමාරු නැහැ වංගුත් අඩුයි දුර නම් කිමි 15ක් විතර වැඩියි එත් ගමන ඉක්මන්. මග ඇරෙන්නේ දියලුම විතරයි ඒ වෙනුවට උඩවලව සෙට් වෙනවා....
    ඔය උල්ල බීච් එක අර සර්ෆින් වලට ගොඩක් ප්‍රසිද්දයි නොවැ..
    (මං මේ මක්ක දොඩොනෝද මන්ද) එල ටිප් එකක් ගිහින් තියෙන්නේ

    ජය වේවා!!!

    ReplyDelete
  21. ගොඩක් හොද වැඩක් කරලා තියනවා
    මචෝ ජය වේවා

    ReplyDelete
  22. ඔයවගේ අවස්ථාවක ඇතිවන සතුට ගැන කියලා වැඩක් නැහැ. මම ඒ දවස්වල සේවය කරපු ආයතනය විසින් ඉදිකරන ලද සුනාමි නිවාස ඉදිකරපු පළාතට ළඟකදී ගිහින් බැලුවා. ඔය සතුට මමත් වින්දා.

    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ පිළිඹඳ කතාව කියවන්න එන්න.

    ReplyDelete
  23. ඔව්වා ඉතින් ලබන ආත්මවලටත් බලපානවා කියනවා නේ.. මම හිතන්නේ මේ ආත්මෙම උඹට මේ පින් පලදුන්නා කියලා..

    ReplyDelete
  24. හ්ම්ම්.... හ්ම්ම්.... ගමන් විස්තරෙත් කියන්නකො ඉතින්.

    ReplyDelete
  25. කාලෙකට පස්සේ දරුවෙක්ව දැක්කා වගේ සතුටක් ඇතිවෙන්න ඇති උඹේ හිතේ.

    ReplyDelete
  26. මේ වගේ දේකදි ඇති වෙන සතුට ඉතින් හිතා ගන්න පුළුවන්.. තමන් කරපු දේ තමන් ලගම රැදේවි..

    ReplyDelete
  27. KB - XXXX swift car ekaka neda giye?

    ReplyDelete
  28. හිතා ගන්න පුලුවන් උඹට දැනිච්ච සතුට..තව ඔය වගේ ගොඩක් තැන් ඇති නේද ? එව්වටත් ගිහින් බලන්න..

    ReplyDelete
  29. තල වැපිරුවොත් තල, මුං වැපිරුවොත් මුං

    ReplyDelete
    Replies
    1. මොක වැපිරුවත් බං
      මුන්ට පං පං පං

      Delete
  30. guys let me to be anno due to the issu,
    we recently went to Paasikuda area. we went the beach outside the famous bathing area where in-front of some developing hotels. We had a bath infornt of one hotel sea, then hotel security asked us to vacate the area as we use their sea !!! they said that that they have spend milions and remove the corals from the sea only to use their guests... then we refused to go out and continued. Next we got a message from the person who facilitate us to go there. Hence we come back... then we saw that police came to the location and inquire from the security guards, but did not come to us... so this is the situation around the east coast.. you people went there for help them when the tsunami comes... and still their homes are same.. the south people now control the sea too.. what a pity !!

    ReplyDelete