20 February 2014

නංගිගේ රොටිය දැකලා වෙච්ච දෙයක් ඕං...


අද උදේ ඉතිං සුපුරුදු පදිරිද්දෙන් දවස ආරම්භ කොරන්ටය කියලා හිතාගෙන නමෝ විත්තියෙන් ලැප් ටොප් රාජයාට නමස්කාරය කියලා.. සුවද දුං අල්ලලා එහෙම ලොග් උනාය කියමුකෝ... අංග පිළිවෙලට ඉතිං මුලින්ම ඊමේල් කාරිය එහෙම බලලා කොරලා... උත්තර යවන්ට ඕන ඒවට උත්තර යවලා... වැඩක් නැති එව්වා මකලා... ඒ රාජකාරි අහවර කොරලා ඔන්න ගියා රීඩරේ පැත්තේ.. ඒ ගෙහුන් ඉතිං එක්කාසු වෙලා තිබුන බ්ලොග් පෝස්ට්ද.. ගොසිප් සයිට්වල නිව්ස් පඩංගුද.. අරවද මේවද ටිකත් උඩින් පල්ලෙන් බලා කියාගෙන ගෙහුන් අවසාන වශයෙන් මේ දවස්වල සදාතනික නවාතැන වෙලා තියෙන අභිමානවත් වීර වික්‍රමාන්විත පුරුෂයින්.. කාන්තාවන් සිය සිල්ප දක්වන්නා වූ මාක් සකරබර්ගයන්ගේ බුකී රාජයා වෙත පිවිසියා කියමුකෝ.. ආන්න එහෙම පිවිසිලා එහෙට මෙහෙට හක්කලං කොරන්න කියලා තනද්දිම තමා ඕන් මේක උනේ...

එක පාරටම අමුතුම අමුතු පිංතූරෙකට මයේ ඇහැ ගියා... පිංතූරෙටත් වැඩිය ඇහැ ගියේ ඒකේ උඩින් කොටලා තිබුනු අකුරු ටිකට.. “මයි බ්‍රේක්ෆස්ට්“ය කියලා කඩ්ඩෙන් තමා කොටලා තිබුනේ.. ඒත් හත් ඉලව්වේ මට මේ පිංතූරේ මහ අමුතු එකක් උනා... සුදු පාට පසුබිමක.. අදුරු පැහැ ලප සහිත රෑපයක්... බැළුවා බැළුවා මක් කොරලවත් හිතා ගන්ට බැහැ මේ මොන වදුරු කුණුහබ්බයක්දෑ කියලා... නංගිත් නිකං කොච්චි මිරිස් කරල වගේ හින්දා එක පාරට මොනවත් කියන්ටත් බයයි බයයි වගේ.. ඇයි උලව්වේ මයේ දෑසේ දෝසයක් එහෙම තිබිලානං එහෙම.. කෝකටත් කියලා බලලා මට මේක තේරුං ගන්ටම බැරි හින්දා බොහෝම බයෙන් බයෙන් වගේ... ( ගෑල්ලමයින්ට ඉතිං කතා කොරනකොට මං හරි කුලෑටියි නෙව.. ඕක ඉතිං මේ බ්ලොග් අවකාසේ ඉන්න ගෑණු දැරිවියෝ හොදාකාරවම දන්නවා.. හා හා දැන ගත්තම ඇති දැන් මෙතන සාක්කි දෙන්ට ඇවිල්ලා මයේ සායම යවන්නේ නැතිව හිටහල්ලා.. :D ) අවසානෙදි ඇහුවා මේ මක්කැයි කියලා...

හත් ඉලව්වේ එතකොටනේ කිව්වේ මේ කාලා ඉවර වෙලා ගත්ත පොටොවක් කියලා.. :D

බැලින්නං ළමයා උදේ පාන්දරම කුකුල් මස් හොද්දක් එක්කලා පරාටා වගයකට වග කියලා අවසානේ ඉතිරි වෙච්ච පොලිතීන් කොලේ තමා මේ පොටෝ ගහලා දාලා තියෙන්නේ... :D

 අනේ ඉතිං කාට කියන්නද මෙව්වා.. ඒ කොහොම උනත් එතැනින් පස්සේ එහෙට මෙහෙම කතා කොරද්දි මට මතක් උනේ මංතුමා කුරුළු හමුදාවේ ඉන්න සංධීයේ රත්මලාන කඳවුරු ජීවිත කාලේ.. ඒ කාලේ ඉතිං බුරහස්පතින්දා රාත්තිරියටද කොහේද අපිට කෑමට තිබුනේ පරාටා... අපි ඉතිං ඔය පරාටා කිව්වට මං හිතන්නේ ඒකේ හරිම නම ගෝදම්බ රොටීද කොහේද... පරාට කියන්නේ අර රවුං කරලා පොඩිවට හදලා දෙන ගෝදම්බ රොටියමනේ... ගෝදම්බ රොටිය කියන්නේ අර මහ විසාලෙට පැදුරක් වගේ හතරැහේට තියෙන ලේන්සු රොටී වලට.. ඉතිං අපිට ඒ කාලේ රාත්තිරියට මේ කියන රොටී එක්කලා බොහෝම රහට උයාපු කුකුල් මස් හොද්දකුයි.. අල කිරි හොද්දකුයි එක්කලා කෝපි එහෙමත් දෙනවා... කුරුළු හමුදා විධිවිධාන යටතේ කුකුල් මස් හදන කොට කුකුලා කෑලි අටකට වඩා කුඩාවට කපන්න තහනම් හින්දා පතරංග සයිස් කුකුල් මස් කුට්ටියක් හම්බ වෙන හින්දත්... මිරිස් රසට මිස කිරි රසට ඒ කාලේ ඒ හැටි මනාපයක් ඇත්තෙත් නැති හින්දා අල කිරි හොද්ද දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති අපිතුමාලා බුරිය උල් වෙන්නම රොටී පාරක් දාලා පහුවදා උදේට දෙයියන්නේම පිහිටයි කියලා හිතාගෙන ලොකුවෑයින් කෝපි ජොග්ගුවකුත් දමලා ඇරලා බැරැක්ක වලට මාරු වෙනවා... ඉතිං ඔය අතීතයයි.. නංගි පෙන්නුව රොටී කාලා හිස් කොරාපු කොලෙයි දැක්කම මටත් නිකං ඉන්න බැරිව හිතුනා අදනං පරාට පාරක් දාන්ට ඕනය කියලා..

ඒත් ඉතිං එහෙම හිතලා දහවලේ ගෙහුන් අඩුම කුඩුමත් උස්සං ඇවිත් හදාගෙන හදාගෙන යද්දි නිකංම පරාට කන අදහස මෙව්වා වෙලා අන්තිමට කොත්තුවක්ම හදන්ට හිතුනා නෙව.. හිතුනට පස්සේ ආයේ මක්කටද පස්ස ගහන්නේ.. හදලා දැම්මා ඕං... දහලා විතරක් නෙවෙයි කොටා බාලත් හමාර කොරලා තමා මේ ඉතිං මේක කොටන්ට ගත්තේ... 

ආයේ ඉතිං කොත්තු හදන හැටි අමුතුවෙන් කියා දෙන්ට ඕනයෑ..

රොටී ටික හදාගත්තා කෑලි කපා ගත්තා...
කුකුල් මස් කරියක් සැරට උයා ගත්තා...

භාජනයක් ලිප තියලා ඒක රත් වෙද්දි ඒකට තලා ගත්ත අමු ඉගුරු සුදුළුණූ ටිකක් එක්කලා  කපා ගත්ත ළුණු/අමුමිරිස්/කරපිංචා .. පොඩි කරගත්ත කරාබු නැට්ටක් කරඳමුංගු ඇටයක් එහෙම දාලා ඒ ටික පොඩ්ඩක් රත් වේගන එද්දිම තෙල් ටිකක් වක්කරලා.. ඒ තෙල් වලින් දාපු කලමනා බැදෙන කොටම ඒ උඩට බිත්තරයක් දෙකක් කඩා දාලා හොදින් කෑලි කැඩෙන විදියට කලවං කොරන ගමන් සිහිනියට කපා ගත්ත එළවළු (කැරට්/ලීක්ස්/ගෝවා... තියෙනවනං මාළු මිරිසුත් හොදා..) ටික දාලාහොදට මිශ්‍ර කරමින් විනාඩියක් විතර හිටලා.. ඒකට ලුනු කුඩු.. කෑලි මිරිස්.. ගම්මිරිස් කුඩු ටිකක්.. සීනි ස්වල්පයක් දාලා කලවං කරලා.. අවසානෙට කපා ගත්ත රොටී ටික එක්කාසු කොරලා ඒ උඩට  තියෙනවනං සෝයා සෝස් ටිකක් යහමින් දාලා තවත් තියේනං තක්කාලි සෝස් පොඩ්ඩකුත් දාලා උයා ගත්ත කුකුල් මස් එකේ හොදි වලිනුත් තමන් කැමති ප්‍රමාණයක් යොදලා හොදින් කලවං කරලා ගන්නයි තියෙන්නේ.. 

ඔය කිව්ව අවසාන හරියෙදී ලිපේ ගින්දර තරමක් වැඩි කරලා වැඩි රස්නයකින් සුළු වේලාවක් පිස ගන්න එක තමා සාර්ථක.. අඩු ගින්දරේ වැඩි වෙලා තියන්න ගියොත් කොත්තුවට දාලා තියෙන එළවළු අනං මනං තැම්බිලා ඒවායේ යුෂ එකතු වෙන්න අරං කොත්තුව දියාරු වෙන්න පුළුවන්.. ඒ හින්දා වැඩි ගින්දරේ අඩු වේලාවක් කියන එක මුල හිටලාම මතක තියාගෙන වැඩේ කොලොත් ගේමක් නැහැ... ඒ කියන්නේ උවමනා කරන කලමනා ලගට අරං මිස වැඩේට අත ගහන්න එපා...

ඔය කියාපු විදියට කරලා හදා ගත්ත කොත්තුව තමා මේ තියෙන්නේ... ඔන්න මුල හිටං පින්තූර ටිකක් තියේ... තනියම උයන්න පිහන්නයි.. පොටෝ ගන්නයි දෙකක් බැරි හින්දා හැම පියවරක්ම නැති එක ගැන සමාව භාජනයකට දාලා ඒකත් පැත්තකින් තියාගෙන කොත්තුව කන්න තමා තියෙන්නේ...

ටටා වේවා.. මං ගියා.. :D


 රොටී වැඩුවේ ප්ලාස්ටික් ට්‍රේ එකක් උඩ...

 රොටී පිච්චුවේ පොඩි තෝස තැටියක් උඩ...

 රොටී හැදීගෙන එනවා...

 රොටී ටික කපා ගන්නයි තියෙන්නේ... අනිත්වා රෙඩී...

 හදා ගත්ත රොටී ටික...

 හරි.. රොටී ටික කපා ගත්තා.. මස් එකත් ලෑස්තියි... දැන් ඉතිං තියෙන්නේ වැඩේ දෙන්න බාස් සෙට් වෙන එක තමා....

ගේම ෆිනිෂ්... දැන් තියෙන්නේ කන්න තමා... :D

88 comments:

  1. Replies
    1. ඒ පාර මෙයා කල එළි බැස්සද..?

      Delete
  2. මොනා හරි තාලෙකට ගහන්නෙ නැති කොත්තු රොටී කාලා වැඩක් තියේද බන් ???

    ReplyDelete
    Replies
    1. පලතුරු විතරක් කන කට්ටියට පිටි වලින් හදන කෑම ගැන විවේචන එල්ල කිරීම සපුරා තහනම් ...

      Delete
    2. කොත්තුවෙ රහ එන්නෙ හොඳ තනුවකට කෙටුවහම බන්..මේ කොත්තුව වහතු රහට තියෙන්ඩ ඇති..මට ඔක්කාරෙට එන්ඩත් වගෙයි ...ඕක් !

      Delete
    3. උත්තරේ ලැබී ඇති හෙයින් නැවත කිව යුතු නැත... :D
      (මහ ලොකු පලතුරු කාරයා.. දේවාලේ පූජාව නැත්තං හවසට පෙට්ටි කඩේ කොත්තුව තමා.. )

      Delete
    4. ඇන්ටා කියන්නා වගේ වැදගත් සින්දුවක් කියාගෙන ගහද්දි තමා කොත්තුවත් පදමට එන්නෙ :D

      Delete
    5. ඇන්ටා කියන්නා වගේ වැදගත් සින්දුවක් කියාගෙන ගහද්දි තමා කොත්තුවත් පදමට එන්නෙ :D

      Delete
    6. හැබැයි තාච්චි කොත්තු වලත් මරු ගතියක් තියනව නෙ?

      Delete
  3. වන්නි රොටී කාල රහ බල්නන ඕනෙ මරේ මරු

    ReplyDelete
  4. කඩ කොත්තු (රුපියල් 150/=,200/= ඒවා)_

    තැටියේ ගානවා තෙල්..තැටිය රත්වෙන්න අරිනවා.
    මැද රවුමක් හිස්ව හිටින්න ,වළල්ල වගේ දානවා.කැරට් ,ලික්ස්,ගෝවා.
    මැද හිස් තැනට තෙල් වක්කරනවා.කෑලි මිරිස් දානවා.ලුණු දානවා.බිත්තරයක් හෝ දෙකක් කඩලා දානවා(මේ ඔක්කොම මැද හිස් තැනට)
    සේරම ටික කලවම් කරනවා.දානවා පරාට කෑලි ටික.
    ඔන්න දෙපාරක් තුන්පාරක් සවල් ගහලා ඔක්කොම ටික මැදට එක්කහු කරලා.දානවා හොදි ,ලොකුවයින් හැදි දෙකක්(මස් හෝ මාළු මිරිසට)

    මස් හෝ මාලු කැලි දෙකක්, ඒවා කපනවා සවලෙන්.
    සුදුළුනු,අර ළුනු මේ ළුනු දාන්නේ නැත

    ආයෙත් සංගීත සාජ්ජේ..

    සද්ද නැති කොත්තු??කොත්තුද?

    ReplyDelete
    Replies
    1. තාත්තා කොත්තු කඩයක්වත් කොරනවදෑ..? :P

      Delete
    2. කිව්වය...කියලා හිතාගන්න

      Delete
    3. ලන්කාවෙ ඔතෙන්ටික් කොත්ටුවක් කන්න ටිකක් අමාරුයි දැන්.. අධික ලාබ ලබන්න හදන නිසා හරියට හදන්නෙ නෑ

      Delete
  5. තමන්ම හදාගෙන කන එක තමයි හොද.

    ReplyDelete
  6. එතකොට බං අර සංගීතේ ඕනෙම නැද්ද කොත්තු හදනකොට? ඒක තනිකර බොරුවද?

    ReplyDelete
    Replies
    1. ඒක හෙන්රි අයියා හදන කෙනාගේ වෙහෙස නිවන කෑල්ලක්.. හිතලා බලහංකෝ එකම ටික නැවත නැවත කරමින් පැය දෙක තුනක් ඇතුලත කොත්තු සීයක් විතර දාන්න වෙන එකාට ආතල් එකට කියලා තියෙන්නේ ඔච්චරයිනේ... :D

      Delete
    2. අපේ කෑම්ප් එකෙත් තිබුනා ගහන්නැතුව කොත්තු දාන තැනක්. ප්‍රයිඩ් රයිස් දාන ලොකු තාච්චියෙම දාලා ගන්න....

      Delete
    3. මචං ඒක තැටියේ ානවට වඩා රහයි

      Delete
  7. ෂා මරුනේ .. මේ මගේ පලවෙනි comment එක .. (බ්ලොග් එක කියෙව්වට comment කරන්න බැරිවුණා මට බ්ලොග් එකක් නොතිබුන නිසා ..)
    මම ෆන්ටග්හිරෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම හොඳයි.. සාදරයෙන් පිළිගනු ලබනවා සිංහල බ්ලොග් අවකාශයට...

      (යකෝ නම කියවන්න ගිහින් හක්ක පැන්නා.. )

      Delete
    2. ෆන්ටග්හිරෝ කියන්නෙ The cave of the Golden Rose ඉතාලි ටෙලි නාට්ටියෙ ඉන්න ලස්සනම ලස්සන කුමාරිකාවක්.... කුමාරිකාවක් උනාට හොඳට කඩු සටන් එහෙමත් පුලුවන්....
      අපේ ෆන්ටග්හිරෝ නම් ඉතින්.... ඉතාලියට ලඟ පාත මුහුදින් එතෙර රටක ඉන්න පුන්චි කුමරිකාවක් (ලමයෙක්)...

      Delete
    3. @Anonymous හා ..හා ..බොහොම ස්තුති හැදින්වීමට ..

      Delete
  8. අනික් පොටෝ එකත් දැම්ම නම්.....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ නංගිගේ පොටෝවද... හම්මියා තලයි මට බැට් එකෙන් ඒක දාන්න ගියොත්.. :D

      Delete
    2. ලොකු අයියගෙ දූල තුන් දෙනාගෙන් එක්කෙනෙක් ද එයා.........

      Delete
  9. කොත්තුවේ නියම ගතිය එන්න නම් හෝටලේ ඊයේ මාලු බැදපු තෙලුයි තැටියේ අහුමුළු වල තියෙන පරන රොටී කෑලි ඇදල අරන් තලන්ඩ ඕනේ....:-)

    ReplyDelete
    Replies
    1. ඇයි තලන එකාගෙ දාඩිය වැටෙන්නත් ඕන. නැත්තං රෙසිපි එක අප්ෂට් යනව.

      Delete
    2. එව්වා ඇවිල්ලා ගුරු “මුට්ටි“ :D

      Delete
  10. දැං කෝ මේක කෑවට පස්සෙ කාපු එකාගෙ ෆොටෝ එක. ඒක තමයි අපට අවශ්‍ය.
    නංගිගෙ කොලේ දැකල ඔහොමනං.... එක්කො ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මගෙත් අත පය නලියනවා ඔය කතාව දැකලා..ඒත් පරිස්සම් උනා නංගි කවුද කියලා දන්නෙ නෑනෙ ඒ නිසා...

      Delete
    2. වෙන මොනවත් නලියන්නේ නැද්ද දන්නේ නැහැ.. :P

      වෙනී අංකල් යන්න මෙයා යන්න.. ඔයාට එයා නංගි නෙවෙයි දුව.. දුව.. කවුද..? දුව...

      අඩෝ ප්‍රසා.. කෑවේ ඉතිං වෙන කවුද අති උත්තම මහා පුරුෂ මම්ම විනා.. :D
      නංගි ගැන කතා කරන්න එපා... සරීර සවුක්කියට අහිතකරයි... මාත් මේ පසු පාදයේ ආරක්ෂිත පහරෙන් බේරුනේ.. :D

      Delete
  11. ගෝදම්බ රොටි කියන්නෙ පොල් එක්ක කන, ලුණු නැති, අඟලක් විතර ඝන රොටි වර්ගය නෙවෙයිද ? අර මොකක්ද ශාන්තිකර්මයකට හෙම හදන්නෙ..

    දැං මාරය මේ කෑම ටිකක් පෙන්නල මට බඩගින්නකුත් ආව. රෑට කනකල් ඉන්න බෑ.. යන්න ඕනෙ මොනව පරාටා පාරක් දාන්න. :D

    ReplyDelete
    Replies
    1. ඒකට අපි කියන්නේ ඊස් රොටී කියලා.. එක එක පළාත්වල නම් වෙනස්ද දන්නේ නැහැ...

      Delete
  12. ගෝදම්බ රොටි ටිකක් කඩෙන් ගෙනිහින් අපිටත් කොත්තු දාන්න පුලුවන් නේද? ඒකත් යසයි..බිත්තරෙ ්වෙනමයි ආප්පෙ වෙනමයි අරගනෙ බිත්තර ආප්ප හැදුවා වගේ යසට තියෙයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙමත් කොත්තු හදලා තියෙනවා.. හැබැයි බිත්තර ආප්පනං එහෙම බැහැ...

      Delete
  13. කොහොමද උදේ පාන්දරම හෝම් එකේ අර පින්තුර කෑල්ල තියෙනකොට මන් දාන්න හදපු කමෙන්ට් එක අයියා උදේම දාලා තිබ්බ නිසා මන් සද්දේ වහලා හිටියා

    ReplyDelete
  14. අනේ අම්මප තොට කිව්වා කියල හිතා ගනින් ගොයියෝ

    ReplyDelete
  15. පරාටා එකපාරක් හැදුවට ආවෙ නෑ හරියට... පිටි ටික අනාගැනිල්ල කේස්...

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙනකල් තෙල් වැඉියෙන් දාලා අනහං... පුරුදු උනාම තෙල් අඩු කර ගතෑකි.

      Delete
    2. මචං එය වැඩේ කරන විදිහ දවසක දාහන්කෝ හරියට

      Delete
    3. මචං මට එකෙක් කියලා දුන්නා රොටිය අනද්දි මුලින් වතුරෙං අනාගෙන අන්තිමට තෙල් ටිකක් දාල හොඳටම අනලා ගුලිය පිටින් තෙල් ටිකක් වටේ අතගාල තෙත රෙදි කෑල්ලකිං වහල තියන්න.. කියලා .. මං හදන්නෙ එහෙම .හොඳට එනවා අවුලක් නෑ !!

      Delete
    4. PM, අනා ගෑනීම තමයි වෑදගත් නේ?

      Delete
    5. ප්‍රා ජේ ,
      ආයෙ ඉතිං දන්නවනේ !!! :D

      Delete
    6. ප්‍රොෆෙෂනල් ඩයල් අනන වැඩේ දෙතුන් පාරකුත් කරනව සමහර විට. පැතලි කරල ආයෙත් නවල තිබ්බම තමයි අර පෙති පෙති වගේ flakes ගතිය එන්නෙ පේස්ට්‍රි වල වගේ. පත්තරේ කිව්ව වගේ මතුපිට තෙල් තියන නිසා, පැතලි කරල ආයෙ නැව්වම පිටි ගුලිය හා වෙන්නෙ නෑ හරියටම.

      Delete
  16. මම මෙතන පණ නැහීගෙන ඩයට් කරලා යාන්තම් දිවි රැකගෙන ඉන්නවා. එනවා මෙතන තව කොත්තු හදලා ෆොටෝ දාන්න.

    ReplyDelete
    Replies
    1. නංගි.. මිනිස්සු කියන උන් වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ.. වැඩිය මහන්සි නොවී හොදට කාලා ඉන්න මෙයා...

      Delete
  17. මම සින්ගපූරුවේදී හැදුවනේ කොත්තු. කියලා වැඩක් නෑ. හැමෝම හොල්මන්.

    ලංකාවේ හොඳම කොත්තු තියෙන්නේ අක්කරපත්තු වල. එයාලා කොත්තුව ගහලා විනාඩි දහයක් විතර වේලෙන්න තියනවා.

    මම තව කාලා තියෙනවා දර කොත්තු කියලා ජාතියක් තිස්සමහාරාමෙදී. බැරල් එකක දර වලින් තමයි තැටිය රත් කරන්නේ. මාර අතු තමයි දර වලට දාන්නේ. ගින්දර ලස්සනට තියෙනවා.

    තව ඉතිං මුව කොත්තු එහෙමත් කාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කනත්තකද කොත්තුව හැදුවේ..?

      Delete
    2. කනත්තකද කොත්තුව හැදුවේ..?

      Delete
    3. හරියටම මීට සති දෙකකට කලින් සිකුරාද අපි මෙ දෝහා වල කොත්තු හැදුවනෙ...ඇත්තටම අපි නම් නෙමේ හැදුවෙ. මගේ යාලුවෙක්ගෙ තැනක වැඩ කරන මඩකලපුව පැත්තෙ අය්යල දෙන්නෙක් තමයි හදල දුන්නෙ ..එලියෙ ලොකු ගිනි මැලයක් ගහල ඒකෙ උඩට අඟලක් විතර ඝනකම තියන වානේ තහඩුවක් තිබිල දැම්ම..එදා නම් කොත්තු විතරක් නෙමෙයි. ගොදම්බ රොටි,පරාටා එක්ක බිත්තර රොටිත් හැදුව..උණු උණුවෙ තැටියෙන් බාපු ගමන්ම..
      එදා ඒ හදපු කොත්තුව නම් මන් කාපු හොඳම කොත්තු වලින් එකක්..
      දැනට මගේ ආසම කොත්තුව තියෙන්නෙ මාබොලේ අල් මාස් එකේ..පොහ්.අන්න කොත්තු

      Delete
  18. නංගිටත් බඩු පැකැට් වෙන්න යන්නේ.... අල්ලාහු අක්බර්....

    ReplyDelete
    Replies
    1. නානා මුක්කද පය වෙලා...?

      Delete
    2. යෙක නංගිගෙ රොටිය ඔක්කොම කන්න වගේ මාරයා මාතියා ලෑස්තිවෙන්නෙ.ශරියා. මාරයා මතියාට පුරුදු නැති දේකුත් නෙමෙ. යා අල්ලාහ්

      අල්ලා...හු...අක්බර්

      Delete
  19. ඕක නම් උඹ හැදුවෙ තනියම කන්න නම් නෙවෙයි ඕන්..
    අර උඩ දාපු ලූනු රවුම් ටිකෙන්ම කියතහැකි බබලතෙක් ඔතනට සැට් වුනා කියලා හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  20. මාත් ඔය විදිහටම හදල තියනව අයියෙ :D

    ReplyDelete
  21. ලට්ට ලොට්ට දාල හදපු කොත්තුවද

    ReplyDelete
  22. පොඩි ට්‍රයි එකක් දාලා බලන්ඩ ඕන.. :)

    ReplyDelete
  23. කොත්තුවට වඩා හිත ගත්තේ පසුබිම.අපූරු ටයිල් ටික.

    ReplyDelete
  24. නියමයිනේ,මාරෙ සුපිරියටම පොෂ් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  25. පරාටා කියන්නෙ ගෝදම්බ රොටිම කියල හිතපු එක නම් මාරය වගේ එකෙක්ට වටින්නෙ නෑ. දෙකේ ප්‍රොසෙස් එක සමාන උනාට එකම නෙවෙයි. රසත් ටෙක්ස්චර් එකත් සෑහෙන්න වෙනස්. කොත්තු වලට කපන්න හදන ගනකම රොටි ඇරුනම නියම ගෝදම්බ රොටිය පරාටෙට වඩා වියලියි, හැදුවට පස්සෙත් රෙද්දක් වගේ තුනී, තෙල් පාවිච්චියත් සෑහ්න්න අඩුයි. (කොත්තුවට කපන ගනකම රොටි නිකන් කන්න දෙන්නෙ නෑ)

    ඔය ටක ටකේ ගැන මෙහෙම කතාවක් තියෙනවා. වැඩි පිරිසිදු කමක් නැති ඔය තැන්වල තැටියෙ තියන විසබීජ ටකටකේට අහුවෙලා චප්ප වෙනව ලු. තව පිරිසක් බයට තැටියෙන් එලියට පනිනවලු. ඒකෙන් කොත්තුවෙ සෞඛ්‍යාරක්ෂිත බව රැකෙනවලු.

    මාරය ඉස්සර කාපු පිඟන් පස්සෙ කාපු පිඟන් වල කොලිටි සංසන්දනේ කරපු උන් පපුව පැලිල මැරේවි ඒක නිසා ඔය පොෂ් කුස්සි වල පින්තූර දාන්නෙ බලාගෙන මාරයා ....

    ReplyDelete
    Replies
    1. මාත් මේ පහලට ආවෙ මූට කියන්න පරාට ( පරෝට ) එහෙම නැත්තන් මයිද චපාති කියන්නෙ ගොදම්බ රොටි නෙමෙයි කියන්න. අනික කොත්තුවට හදන රොටියට තෙල් නොදාන තරම්. ඒ රොටිය අමුවෙන් කන්න බෑ හොදි එක්ක ඒ නිසා.

      කොත්තු කියන්නෙ ලංකාවෙ අක්කරෙපත්තුව පැත්තෙ කෑමක් කිව්වට "මොන්ගෝලියන් බාබිකිව්" කියල ඔය වගෙම තව කෑමක් තීනව.

      අපිත් ඔහොම පරෝට ගෙනත් කපල කොත්තු හදනව. වැඩිපුරම ඔය සුපර් මාර්කට් වල ග්‍රිල් චිකන් හරි රෝස්ට් චිකන් හරි ප්‍රමෝෂන් දපුවම ( ඒ කියන්නෙ කල් පනින්න කිට්ටු කුකුලො රෝස්ට් කරල වෙනදට වඩා අඩු ගානට විකුණනව :D )

      Delete
    2. ඇනෝ මචං !!
      උඹ ලියන එක නැවැත්තුවෙ ඇයි ??

      Delete
    3. පත්තරේ මචෝ වැඩ වැඩි කම වගේ ගොඩක් හේතු නිසා බං. අනික එල රයිටර් ල මෙච්චර ඉඳිද්දි අපි ආයෙ මොනව ලියන්නද බන්, අර සහන් තරයේම ඉල්ලපු නිසා ලිව්ව මිසක් :P

      Delete
    4. ලිව්වට වැඩියක් වෙන්නෙ නෑනෙ මචං .. බිසි නං ඉතින් බල කරන්න මට් බෑ. ඒත් පුලුවන්නං ඉඳ හිට හරි ලියපං... ලියපු පෝස්ට් තුන හතර ( සහන්ට එරෙහිව කියන දේ පොඩ්ඩකට අමතක කරමු ) විශිෂ්ඨ‍යි මචං .. !! පුද්ගලිකව මම ගොඩ්ක් දේ උඹෙන් ඉගනගත්තා.

      Delete
    5. පත්තරේ මම එහෙම දිගට ලියන්න හිතන් නෙවෙයි මචන් ආවෙම ... මට කිය කිය ඉන්නෙ උඹ ලියහන් කෝ උඹේ කමෙන්ට් වල හැටියට උඹට බ්ලොග් එකක් ලියන්න බැරිවෙන්න කිසිම හේතුවක් වත් නිදහසට කරුණක් වත් නෑ. :D

      Delete
    6. මං ඔය කමෙන්ට් එකක් දාං විහිලුවක් තහලුවක් කරං ඉන්න මනුස්සය නොවැ ..ඇත්තම හේතුව මට කම්මැලියි ඕවට .. !!

      Delete
  26. අපිනම් අළුත් ඈ..
    මේවා අදිරාජ්ජිවාදී කුම්න්ත්‍රණ.පාන්පිටි තස්තවාදෙ

    ReplyDelete
  27. අනේමන්දා රැට කාලත් ඉන්නේ දැන් නම් බඩගිනි වගේ

    ReplyDelete
  28. හිටපු ගමන් මමත් ඔය කොත්තුවක් ගහනවා. හැබැයි සුපර් මාකට් එකෙන් ගේන රෙඩි මේඩ් පරාට වලින්. ගොදම්බ රොටී හදන්න හැදුවට කවදාවත් හරි ගියෙ නෑ. හිටපු ගමන් නුඩ්ල්ස් වලිනුත් කොත්තුවක් දානවා.

    ReplyDelete
    Replies
    1. හොඳ ඔත්තුවක් දුන්නේ..හදලා බලන්න ඕනේ..රෙඩිමේඩ් පරාටේ නම් මෙහෙත් තියෙනවා..ඒත් රෙඩිමේඩ් පරාටා එක අල්ලපුවාම කෑලි කෑලි කැඩෙනවා නේද?..

      Delete
  29. අර ප්‍රමාණේ දැක්කම තනියම කන්න හදා ගත්ත වෙන්න බෑනේ.. ඕකට බෝතලයක් කාරිය සෙට් උනේ නැද්ද.. අර කතන්දර වගේ අන්තිමේ වීදුරුවකුත් දැම්මනම් නේ හරි යන්නේ..

    ReplyDelete
  30. පින්තුර ටික දැක්කත් හරි දැන් පට්ට කොත්තු බඩගිනියි

    ReplyDelete
  31. මං නම් කොත්තු හදන්නෙ කඩෙන් ගන්න පරාතා රත් කරලා කෑලි කපල අරගෙන...
    අර ඉන්දික කියන 'මොන්ගෝලියන් බාබෙකිව්' එක මාත් කාල තියෙනව ලංකාවෙදි... කොටුවෙ කාගිල්ස් එක කිට්ටුව තියෙන හොඳ කඩයකින් කෑවෙ... කඩේ නම මතක නෑනෙ... එතැනින් කේක් ගෙනියනවා කට්ටිය හරියට...
    මාරයාගෙ මාර සරණියෙ කෑම බොහොමයක් මං හදලා තියෙනවා... අර පතෝල වැඩේ තමයි හරි ගියේම නැත්තෙ මෙහේ ඒවා සොයාගන්න බැරි වුනු නිසා... මාර කෑම වලට වඩා වෙන වෙන ක්‍රමවලට ඒ දේවල් හදලා තිබුණට මාරයගෙ ක්‍රම වලට හැදුවම ඒවට වැඩිය රසයි... ඒ නිසා ඔක්කොම රෙසිපි ටික මං එකතු කරලා තියාගෙන ඉන්නෙ... බොහොම ස්තුතියි...

    ReplyDelete
  32. අර මුලින් කිව්ව කොලේ සීන් එක ගැන කියනවනම් අයියේ තව ඉස්සරහදි කෙල්ලෙක් ටොයිලට් ගිහින් ඒකේ ටොයිලට් පේපර් එකේ පොටෝවක් ගහලා ඒකත් බුකියට අප්ලෝඩ් කරයි මං අද උදේ බාත්රූම් ගියා කියලා. අපේ උනුත් "අනෝ නංගි..සෝ කියුටි..ඔයා ඊයෙට වඩා කෙට්ටු වෙලා " කියලත් කියයි.

    බඩගින්නේ බැලුවේ..මේවා ටික දැක්කාම ඒක වැඩි උනා..රෙද්ද..කන්න දේකුත් නෑ

    ReplyDelete
  33. ගෙදරත් කඩෙන් රොටි ගෙනල්ලා නම් කොත්තු හදලා තියෙනවා..
    රොටී හදන්න නම් දන්නෙ නැතෝ..

    මරයා අයියා වැඩේ පිලිවලටම කරල තියෙනවා නෙ. නැත්තම් ඉතින් පිරිමි ළමයි වැඩ කරන්න ගියාම කුස්සිය කනවා නේ.. :

    ReplyDelete
  34. කොත්තු ඇවිල්ල අපේ ජාතික ආහාරයනෙ බං !!

    ReplyDelete
  35. මාර සරණිය අද කොත්තු රොටි :D


    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  36. මාත් කැමතිම කෑමක්!!

    ReplyDelete
  37. ඔය රොටිය හදන හැටිත් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  38. මේ දවස්වල හාමිනේත් දරුවා ලැබෙන්න ඉන්න එකේ මේ වගේ පෝස්ටු මට නම් හොඳයි උයා පිහාගෙන කන්න

    ReplyDelete
  39. http://arugeadaviya.wordpress.com/2010/09/05/ මේ රෙසිපි එක හොඳද බලන්න :

    ReplyDelete
  40. රජ කෑමක්නෙ බොල. මමත් හිටිගමන් ගෙදරම හදනවා :D

    ReplyDelete