රයිටෝ...දැන් තුනයිනේ.. ඒ හින්දා මේක තව දිගට යයි වගේ.. ඒ හින්දා දන්න කියන අයව දැනුවත් කරන්න එපෑ... මොකද නංගිලා වැඩක් කරගන්න ගිහාම කොයි වෙලෙත් ඒ කරන්න යන වැඩේ ගැන කාගෙන් කාගෙන් හරි දැන කියාගෙන වැඩට බැස්සම වැඩේ සාර්ථකයිනේ... ඒත් ඉතිං මේකේ ඉන්න එකාලා මං වගේ නංගිලාට ආදරේ ඇති අයියලා නොවන නිසා මං හිතුවා මේ යුතුකම මගෙන්ම තමා ඉස්ට සිද්ධ වෙන්ට ඕන කියලා...
හරි අපි බලමු කොතැනින්ද මේක පටන් ගන්න ඕන කියලා... මුලින්ම වැඩේ කරන තැන පිළීවෙලක් කරන්න ඕන.. ඒ කියන්නේ මුලින්ම තමන්ගේ කාමරේ අස්පස් කරන්න.. මොකද පොලිසියෙන්.. පත්තර ටීවී වලින් ඇවිත් බලනකොට කාමරේ නිකං ඔය දැන් ඉන්න විදියට තිබුනොත් බල්ලොත් බත් කන එකක් නැහැ.. ඒ විතරක්යෑ ඔයාටමයි හොඳ නැත්තේ.. ටිකක් ලස්සනට කාමරේ හරි ගස්සලා... පුළුවන්නං අම්මට හරි තාත්තට හරි කියලා තීන්ත ටිකක් ගෙන්නවගෙන ඒකත් ගාලා කරලා.. හොඳලා නැති රෙදි එහෙමත් හෝදලා දාලා හැම දේම නීට් එකට තියලා වැඩේට බහින්න... බාගෙට වැඩ කරපු පොත් පත් එහෙම ගිනි තියලා දාන්න.. එහෙම නැත්තං පොත් පත්වල වැඩ හොදට කරලා ඒවා පිළිවෙලට තියන්න.. මොකද පස්සේ ටීවීවල පත්තර වල යන්න ඕන දක්ෂ දරුවෙක් කියලා මිසක් ගොං බඳින කනුවක් කියලා නෙවෙයිනේ... නංගිලට මං කියන්න ඕන නැහැනේ දැක්කනේ පහුගිය දවස්වල එක්කෙනෙක් උඩ යනකොට අනිත් කෙනා දෙකයි පණහට වැටුන වැටිල්ල... මං කැමති නැහැ මගේ නංගිලාට එහෙම තත්තයක් අත් වෙනවට... ඕ යේෂ්...
ඊ ළගට මතක ඇතිව හොඳට නා ගන්න... හොඳ මේකප් පාරක් එහෙම දාගන්න... විශේෂයෙන් අදින කරන සියළුම ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න..උඩ යට හැම එකම ඈ... මොකද කී දෙනෙක් දකීද දන්නේ නැහැනේ.. නිකං මොකටද නෝන්ඩි වෙන්නේ නේද..?
මතක ඇතිව ටිකක් ලියුං ලියනවනං ටිකක් පැහැදිලි ලොකු අකුරු වලින් ලියන්න.. නැත්තං අපේ ඇස්වලට අමාරුයි ඕවා පොටෝ ගහලා ගොසිප් සයිට් වල දැම්මම ඒවා කියවන්න... අපිත් පව්නේ නේද..?
ආ මතක ඇතිව ඔයා ලියන ලියුමක ලියන්න මේකට මොන විදියකින් හරි බුකිය සම්බන්ධයි කියලා.. නැත්තං ඒකත් මේ දවසකට රටේ සිද්ධ වෙන දාහකුත් එකක් අවැදගත් මරණ අතරින් එකක් වෙයි... එහෙම වෙලා පුළුවන්ද නේද..? හොදට හේතුවක් පටලෝලා ලියන්න නංගි... ඒ ලියන හේතුවත් ලියන්න කලින් දෙතුන් පාරක් කල්පනා කරලා ලියන්න.. මොකද ඒක ඔයාටම දොස් පැවරෙන එකක් උනොත් විලි ලැජ්ජාවයිනේ.. අම්මා තාත්තා.. ගුරුවරු... අහල පහල උන්.. යාළු වෙලා හිටිය කොල්ලෝ බල්ලෝ.. හැම එකාවම කොහොම හරි ගාවන්න.. එකෙක් අතාරින්න එපා හරිය...
ආ තව ටිකෙන් අමතක වෙනවා.. මතක ඇතිව වේල පහින්ම ලස්සන පොටෝ ටිකක් ගහලා දන්න කියන අයට දීලා තියන්න.. පුළුවන්නං බුකියට අප් කරලාම තියන්න.. එතකොට හැමෝටම ලේසියි.. පොටෝ ගන්නකොට ආවට ගියාට ගන්න එපා... හොද සැලුන් එහෙකට ගිහින් බියුටි කචල් එක හොඳට ඔප් නංවගෙන පළපුරුදු ඡායාරූප ශිල්පියෙකුට කියලා හොද වර්ගයේ කැමරාවකින් පොටෝ ටික ගන්න.. බාල පොටෝ දැම්මම ඔයාවත් බාල වෙයි.. හරි නැහැනේ නංගි.. මොකද හැමදාම කරනවා කියලෑ.. ජීවිතේටම එක පාරනේ... පොඩි ගානක් වියදං උනාට මොකද.. ඔයාලව උස් මහත් කරන්න අම්මලා තාත්තලා වියදං කරපු සල්ලි කන්දරාවයි මහන්සියයි එක්ක බලපුවාම ඔය තීන්ත ටිකකට.. පොටෝ එහෙකට.. සැලුන් එහෙකට දාහේ කොල හත අටක් ගියාම මක් වෙනවද..?
නිකං බාල සාරි වලින් ඕක කරන්න යන්න එපා... තත්තෙට හරි මදිනේ.. වටින කියන හයිය හත්තිය තියෙන එකක් තෝර ගන්න.. ටිකක් විතර සිනිදු වෙන එකත් වැදගත්.. මොකද අමු අමුවේ බෙල්ල ඕකට හිර වෙද්දි රිදෙන රිදිල්ල පොඩ්ඩක් හරි අඩු කරගන්න එපෑ... කොහොමත් වැඩි වෙලාවක් යන්න කලින් ඔයාලගේ උගුරු දන්ඩ කැඩෙනවා මොකෙන් එල්ලුනත්... ටිකක් රිදෙයි.. ටිකක් කිව්වට ඉතිං මල මුත්තරා පිටවෙන වේදනාවක් එක්කම තමා ඕක වෙන්නේ.. ඒත් ඉතිං එහෙමයි කියලා වැඩේ අතෑරියෑකියෑ.. නේද..?
ආ තව ඉතිං මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරි මදි උනත් මං නංගිලට තියෙන ආදරේ හින්දා මේ ටිකත් නොකියා බැහැනේ... මතක ඇතිව කලින් දවසේ විරේක බෙහෙත් එහෙම අරං හොඳට බඩ සුද්ද කරගන්න... වතුර බොන එක එහෙම අඩු කරලා ලෑස්ති වෙන්න.. මොකද කොච්චර කලත් ඔය වෙලාවට කාට උනත් මල මුත්තරා පහ වෙනවා... විරේක බෙහෙත් ගත්තත් ඉතිං ඒක නවත්තන්න බැහැ.. ඒත් ඉතිං ප්‍රමාණෙවත් අඩු වෙන එකත් මදෑ නේද... නැත්තං මුළු ගමම දකින කොට මල මුත්තරා පෙරාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක.. හරි නැහැනේ නේද..?
හරි දැන්නං ඕන්න තත්වේ ටිකක් විතර පිළිවෙලයි... වැඩක් කරනකොට වැඩේ වැඩක් හැටියට කරන්න ඉගෙන ගන්න කියලා වැඩිහිටියෝ නිතරම කියනවනේ.. ඒ හින්දා ඔන්න නංගිලත් මේ උපදෙස් හිතට අරං වැඩේට බහින්න... ආයේ මොකටද නිකං පුස් ගඳ ගහන.. කිසිම පිළිවෙලක් නැති අවුල් ජාලයක් උන කාමරයක.. කිසිම පිළිවෙලක් නැතිව හිටිය මෝඩ කෙල්ලෙක් වගේ එල්ලෙන්නේ.. අනික නිකං වැඳිරියෙක් මල මුත්තරා පෙරාගෙන ඇස් එළියට දාං ඉන්නවා වගේ මැරිලා යන්නේ.. පුල් පොෂ් විදියට එපෑ ඒක කරන්න නේද..? දැන් ඔයාලට පුළුවන් එහෙම නිකංම නිකං තුට්ටු දෙකේ මරණයක් වෙනුවට හරි ලස්සන පිළිවෙල එල්ලිල්ලක් අත්පත් කර ගන්න...
බලාගෙන ගිහාම මැරෙනවා කියන එකත් මහ පණ යන වැඩක්ම තමා නේද..? අවුලක් නැහැ.. නංගිලා තාමත් වැඩේට ෆිට් එකේ ඉන්නවා කියලා මං දන්නවා.. හරි එහෙමනං මේ ටික ලෑස්තිනං නංගි දැන් අභිමානවත් එල්ලිලා මැරිල්ලකට සූදානං... අතාරින්න එපා නංගි.. දැන් වැඩේට බහින්න... අම්මලා තාත්තලා රට්ටුන්ගෙන් බැනුං අහ ගන්න එකයි.. පවුලේ අවුල් එළීයට එන එකයි ගැන නංගි මේ වේලේ හිතන්න ඕනම නැහැ...
එව්වා එයාලා බලා ගනී.. ණය වෙලා හරි මරණේ කටයුතු කරලා දානෙත් එයාලා දී ගනී... නංගිට තියෙන්නේ ඔය උඩ කිව්ව ටික පිළිවෙලට කරන්න විතරයි...
රයිටෝ එහෙමනං අයියා කැපුනා.. නංගිලාට සුභ ගමන්...
-------------------------
මේ ටික ලියලා තියෙන්නේ දෙමාපියන්ට පමණක් පෙනෙනා විශේෂ තීන්ත වර්ගයකින් වන අතර මෙය කියවා බලා සද්ද නැතිව ඉන්නට දෙමාපියන් වග බලා ගත යුතුය... වැරදිලාවත් ළමයින්ට එහෙම කියන්න යන්න එපා...
හරි මං මේ කියන්න ගියේ වෙන එකක් නෙවෙයි.. තමුන්ගේ ළමයා කාමරේ අස් කරලා.. තීන්ත ගාලා.. හැම දේම අස්පස් කරං ලස්සන වෙවී මොනවා හරි අමුතු හැසිරීම් රටාවක් පෙන්නුං කරනවනං මතක ඇතිව දන්න කියන කෙනෙකුගෙන් අත මාරුවක් ඉල්ලං හරි ලස්සයක් දෙකක් හොයාගෙන තියා ගන්න.. මොකද ඔයාලට තියෙනවා හෙටානිද්දට මල ගේකට ලෑස්ති වෙන්න... ආයේ හදිසියේ සල්ලි හොය හොය ඉන්නවට වඩා කලින් දැන ගන්න ලැබීමත් ලොකු දෙයක්නේ නේද..? ළමයින්ගේ හැසිරීම් රටාව ගැන හොයලා බලන්න වෙලාවක් නැති කාර්ය බහුල දෙමාපියන් හැටියට මෙහෙම දෙයක්වත් කලින් දැන ගන්න ලැබෙන එකත් මදිද මං අහන්නේ.. ඒ උදව්ව ඔන්න මං ගානේ ඔහෙලට...
හරි මං මේ කියන්න ගියේ වෙන එකක් නෙවෙයි.. තමුන්ගේ ළමයා කාමරේ අස් කරලා.. තීන්ත ගාලා.. හැම දේම අස්පස් කරං ලස්සන වෙවී මොනවා හරි අමුතු හැසිරීම් රටාවක් පෙන්නුං කරනවනං මතක ඇතිව දන්න කියන කෙනෙකුගෙන් අත මාරුවක් ඉල්ලං හරි ලස්සයක් දෙකක් හොයාගෙන තියා ගන්න.. මොකද ඔයාලට තියෙනවා හෙටානිද්දට මල ගේකට ලෑස්ති වෙන්න... ආයේ හදිසියේ සල්ලි හොය හොය ඉන්නවට වඩා කලින් දැන ගන්න ලැබීමත් ලොකු දෙයක්නේ නේද..? ළමයින්ගේ හැසිරීම් රටාව ගැන හොයලා බලන්න වෙලාවක් නැති කාර්ය බහුල දෙමාපියන් හැටියට මෙහෙම දෙයක්වත් කලින් දැන ගන්න ලැබෙන එකත් මදිද මං අහන්නේ.. ඒ උදව්ව ඔන්න මං ගානේ ඔහෙලට...
හි
ReplyDeleteනංගිලාට විතරද?
ReplyDeleteමල්ලිලාට මුකුත් නැද්ද?
//අම්මා තාත්තා.. ගුරුවරු... අහල පහල උන්.. යාළු වෙලා හිටිය කොල්ලෝ බල්ලෝ.. හැම එකාවම කොහොම හරි ගාවන්න.. එකෙක් අතාරින්න එපා හරිය... //
වසරේ කතාව..
සේරටම වඩා ලියුමක් ලියලා නොතියා නම් මැරෙන්න එපා නංගියේ
මල්ලිලා එල්ලිලා මලාට බල්ලෙක්වත් උනන්දු වෙන්නේ නැහැ බං... දැක්කනේ පහුගිය ටිකේ එකෙක් එල්ලුනා... කෝ අර නංගිලගේ ඒවයින් සීයෙන් පංගුවක වටිනාකමක් තිබුනද ඒකට... එල්ලෙනවටත් පාඩුයි.. ඒ හින්දා උන්ට කියන්න තියෙන්නේ කෙල්ලෙක් නොවී එල්ලෙන එකේ මෙලෝ තේරුමක් නැහැ අපරාදේ සල්ලි නාස්ති කරලා කඹ ගන්න එපා පුළුවන්නං ඒ සල්ලි එකතු කොරලා හොංකොං පැත්තේ ගිහින් වෑයෙන් එකයි.. පොරොවන් එකයි ගහං වරෙල්ලා එල්ලෙන්න කලියෙන් කියලා තමා.. :D
Delete++++++++++++++++++++++
Deleteමල්ලිලා ඉතින් නිතරම වගේ එල්ලෙන නිසා එච්චර අගයක් නැහැ මයෙ හිතේ..!
Deleteපිලේ පැදුර,
Deleteමට හිතෙන්නෙම මේ කමෙන්ට් එකේ එක අකුරක් අඩුයි කියලයි :D
අඩුද..? නැත්තං වැඩිද..? :D
Deleteවැඩි කියන්නත් පුළුවන් තමයි. එහෙම බලපුවාම අර තියන විදිහත් හරි. බහුවචනයෙන්... :D :D
Deleteසාරියෙන් එල්ලෙන ගැටේ දාන හැටි ලියලා නැහැ.ගැටේ ලිහෙන්නැතිවෙන්න දාන හැටි ලියන්නෝ
ReplyDeleteනංගිලට ගැට දාන හැටි කියාදෙන්න..? මේ මං..? හෙහ් හෙහ්.. අනිත් කෝක කියා දුන්නත් ඒක ඕන වෙන්නේ නැහැ.. එයාලගේ ගැටවලට අපිත් අහු වෙන කොට... :D
Delete++++++++++
Deleteගැටේ ඇලවෙන්න දාන්න නංගියා...
Deleteකාගේද නලින් මාමාගේ බෙල්ල ගැලවෙන්නද..
Deleteනලින් මාමාට බෙල්ලෙන් උඩ තියේනම්..
වැව් ගෙදර මාලු බායිද
නලින් අයියාගේ ගැටේනං ඇල උනා වගේ ඒ පාර.. :D
Deleteහොඳ මල් ශාලාවකින් හොඳ පෙට්ටියක් ගන්න කියලයි, ඩිජිටල් බැනර් වල ගහන්න කවි පද පේලි කීපයකුයි අර මැරෙන්න කලින් ලියන ලියුමේම ලියන්න.
ReplyDeleteපෙට්ටිය ගැන විතරයි එයාලට මතක් කරන්න ඕන.. කවිනං බුකියේ අයියලාම ලියලා එවයි තොග ගානට.. :D
Deleteඕකට තව එකක් එක්කහු උනානම් හරි නේද මාරයියෙ, කන්‍ය පටලෙට හානි වෙලා එහෙම තියනවනම් ඒකත් රෙපෙයාර් කරන් මැරෙන්න කියල, කරුමෙටවත් කැඩිල කියල ආරන්චි උනොත් ඒකත් නන්ගිලගෙ නමට හොද නෑනෙ. :D
ReplyDeleteඒකනං කියන්න ඕන නංගිලට නෙවෙයි.. දෙමවුපියන්ට.. කෙල්ල මෙච්චර මහන්සියක් අරං එල්ලිලා මලාට පස්සේ ඔය ඕන නැති පරීක්ෂණ කරන්න දෙන්නේ නැතිව ඉන්න කියලා...
Deleteela macan
ReplyDeleteමාරයාගේ ලිපියේ ඇතුලේ ලොකු කතාවක් සැඟවිලා තියෙනවා.මාරයාට බොහොම ස්තුතියි.
ReplyDeleteප.ලි. මතක ඇතුලේ ලියුමේ කෙළවරේ හරි ලියල තියන්න මාරයා සොයා යෑමේ සාදර සම අනුග්‍රහය සහ උපදෙස්...මාරයාගේ හෝරාවෙන් කියල. නැත්නම් හරි මදිනේ. නෙහ්.
ReplyDeleteශා.. කොයි තරම් නම් ගෞරවනීය විදිහට මැරෙන ක්රමයක්ද මාරේ අයියා කියලා තියෙන්නේ....
ReplyDeleteගෑල්ලමයින්ට හොඳ ටොක්කක් ඇනල නේද :D
ReplyDeleteඋඹනං මාර මාරයෙක්ම තමා මලයා..... කියල වැඩක් නැත.
ReplyDeleteඅමතක වුණා හදහනත් කලින්ම බලලා ඒකේ පිටපතකුත් කොහේ හරි අහුවෙන තැනක තියන්නත් කියන්නකෝ අනේ කාටද පබ්ලිසිටිය.
Deleteඅයියේ අව් කන්නාඩි පැළඳ ගෙන එල්ලීම මේකට එකතු වෙන්න ඕන නේද?
ReplyDeleteවටේටම නෙලලා තියෙනවා...ලස්සනට...නියමයි....විසේසෙන්ම අර දෙමව්පියන්ට අතගාලා ඇනලා තියෙනවා ටොක්ක රිදෙන්නම...
ReplyDeleteදැං කියහංකො බලන්න මල්ලිලටත් ඔය වගේ උපදෙස් ටිකක්. මොකද මං දන්න තරමිං කොල්ලෙක්ගෙ කාමරයක් ඔය විදියට තිබුණොත් ඌ මානසික ලෙඩක් තියෙන එකෙක්ය කියල පබ්ලිසිටිය යන්න පුලුවං නෙ. ඒක මල්ලිලට හොඳ නෑනෙ.
ReplyDeleteමතක ඇතුව ඔය ලියුමෙ කොනක මෙවන් අලංකාර මරණයක් උදාකර දීමේ සාදර අනුග්‍රහය මාරයාගේ හෝරාව කියලත් ලියල තියන්න.
ඔය මැරෙන වෙලාවට කක්කි සහ චූ ගිහින් ගඳ ගහන එකට හොඳම වැඩිහිටියන්ට අන්දවන පැම්පර්ස් . ඒක ගැලපෙනවා පොෂ් මරනෙකට !
ReplyDelete+++++
ReplyDeleteසාරි ගත්ත කඩේටත් නොමිලෙම පබ්ලිසිටියක් දෙන්න පුළුවනි නේද.
ReplyDeleteපට්ට මාරේ පරිස්සමෙන් දැන් හිටපන් එනපාර නංගි උඹේ බෝග ඇඩ්රස් දීල තිබුනොත් ඇපත් නෑ සුවර් නෑ ඒ තරම් මොලේ
ReplyDeleteඅනේ පල මල්ලි යන්න...උඹ/අපි කියන දේ අහන නන්ගිස්ල ලංකාවෙ ඉන්නවද බං .....
ReplyDeleteඅහවල් මරණය විතරයි තම්න්ගෙ ප්‍රශ්නයට එකම විසඳුම කියලා හිතන් ඉන්න කොයි කවුරුත් මේක කියෙව්වා නම්, එකේ ප්‍රතිඑලය ගැන දෙපාරක් හිතයි.!
ReplyDeleteහැමදාමත් අසරණවෙලා ඉන්න නංගිලාට පිහිට වෙන මාරෙ අය්යට පිං...!!
මුන් හරක් මචන්
ReplyDeletehttp://jayasrilanka.net
කාට වුණත් එහෙම හිතෙන වෙලාවල් තියෙන්න පුළුවන්. http://bassigenawathana.blogspot.com/2014/02/blog-post_24.html බලන්න.
Deleteපුද්ගලයෙක් ගැන හරියට නොදැන එයාලට අපහාස කරන්න එපා. ඒ එක නංගි කෙනෙක්වත් ඔබ පුද්ගලිකව හඳුනන්නෙ නෑ නේද?
Deleteමල්ලිලා එච්චර මෝඩ නෑ....
ReplyDeleteයකෝ මේක කියෙව්වම මැරෙන්න ඉන්න එකාට මැරෙනවට වැඩිය හොදයි පනපිටින් වැළලෙනවා කියල හිතෙනවනේ....
ReplyDeleteමොනව උනත් හැමෝටම කියවල හිතන්න සලස්වන ලිපියක්...
ජය වේවා!!!!
මාරයා මාතියා ගෑනු ගැන හරි කැක්කුම් පානවා. අප්පිලගේ ආගමේ වගේ තමා. අල්ලහු අක්බර්
ReplyDeleteකෝකටත් කල්පනාවෙන් මාරෙ අයියා... මෙහෙ ඉන්න ගොන් නෑම්බියන්ගෙ හැටියට උඹේ බ්ලොගේ ලිංක් එකත් ලියලම එකෙක් දෙන්නෙක් මැරෙන්න බැරි නෑ...
ReplyDeleteහැබැයි ඉතිං අර සිරිදාසය කියනව වගේ මැරෙන්න වහ ඉල්ලන එකාට ලෙමනේඩ් දීල හරියන්නෙත් නෑ....
ඔිං මම ලවු ලෙටර් ලියන කොළයක් සල්ලි වලට අරං ලස්සන ලියුමක් ලියන්න හිතාගත්තා..
ReplyDeleteප.ලි. - මාරයාට සහයෝගයක් වශයෙන් බ්ලොගේ මේ පෝස්ටුවෙ ලිංකුවත් ලියලා දැම්මා! ජයවේවා
මාරයෝ මොනවද ඔට්ටු හෙට අනිද්දට මේ බොගෙ ලියුමේ විදියට එකෙක් දෙන්නෙක් මැරුනේ නැත්නම්... දැන්මම ලෑස්ති වෙලා හිටියා නම් හරි පොලීසියේ මහත්වරුන්ට කට උත්තර හෙම දෙන්නත්.
ReplyDeleteමිනිස්සු මැරෙන තරමටලු නේ මාරයා සතුටු වෙන්නේ.. මම මේ කිවුවේ ජනප්‍රවාද වල එන මාරයා ගැන හොදේ.. චතූෂ ගැන නෙමෙයි..
ReplyDeleteමේවා ලියලා මරණයට හේතුව අහවල් අයියගේ ලිපිය නිසා සිතේ ඇති වුන උනන්දුව හන්දා කියලා තිබුනොත් තමා සතුට..
ලබන ආත්මේ වත් මම නංගි කෙනෙක් වෙලා ඉපදුනොත් මටත් මේ වගේ වැදගත් විදියට මැරිලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්... ඕයේහ්....
ReplyDeleteමේක අපහාසයක් කියලා පෙනුනත්, ගොන් බූරු මැටි මෝල් කෙල්ලන්ට මීට වඩා කියන්න දෙයක් තියෙනවද....?
ReplyDelete//ගොන් බූරු මැටි මෝල් කෙල්ලන්ට//
Deleteඔබතුමා මේ කලේ සියදිවි හානි කර ගන්නා තත්වයට පත් වූවන්ට කරන සමච්චලයක් නම්; මේකත් කියවන්න.
ඔයාටත් මැරෙන්න හිතිලද???
මාතලන් තරහට නෙමේ . මං කාත් එක්කවත් තරහ තියා ගන්නේ නැහැ. එක හින්ද හිතන්න එපා ඇරියස් ගන්න ලියනවා කියල. මේක දැක්කම නොලිය බැරි උනා.
Deleteකුඩා දරුවෝ කියන්නේ ගැඹුරු තීරණ ගන්න පුළුවන්, හැට පැනපු මිනිස්සු වගේ ලොජිකල් තීරණ ගන්න පුළුවන් අය කියල හිතන එක වැරදියි. බොහෝ මේ වගේ දරුවන් බොහෝකොට මැරෙන්නේ හදිසි තීරණ මත නෙවෙයි. කාලයක් තිස්සේ පවතින ඩිප්ප්රේශන තත්ත්වය මත. ඒ වගේ තත්වයකට පත් වුන කෙනෙක්ට විතරයි ඒකෙ බරපතල කම තේරෙන්නේ. ඔබ දියුණු රටවල සංචාරය කරන නිසා දන්නවා ඇති ඒ රටවල මේ වයසේ ළමයින්ට (සහ වැඩිහිටියන්ටත් ) සියදිවි නසා ගැනීමේ අදහස් ආවොත් එවෙලේම කතා කරලා සහනයක් පතන්න ආයතන තියෙනවා කියල. ඉස්කෝල වලිනුත් සියදිවි නසාගැනීමේ , මානසිකව වැටිලා වගේ පේන ළමයින් මේ ආයතන වලට යොමු කරනවා
මෙන්න කීපයක්.
1. Suicide Line
2. lifeline
3. National Suicide Prevention Lifeline
4. kidshelp
හැබැයි පිටරට ගිහිලලා බ්‍රොතල් ගානේ රින්ගුවට නං මේවා දකින්න ලැබෙන්නේ නැහැ. අන්තිමට අහන්න තියෙන්නේ පෙනහල්ල තම්ඹ , තම්ඹ පිළිකා හැදිලා කුණුවෙලා ,අනිත් මිනිස්සුන්ටත් වදයක් වෙලා , විඳවලා මැරෙන්න වෙන බව දැන දැනම සිගරට් බොන ගොන් බූරු මැටි මෝල් හරකුත් ඉන්නවා නේද කියල. ;)
අන්තිමේ බැලුවම මානසිකව නොවැඩුණු අඳබාළ ලෙඩ්ඩු උන්ද , මේ පොඩි දරුවන්ද ?
ඇයි මචං. දැන් ළමයි ඉපදෙන්නත් වෙලාව බලන එකේ මේ නංගිලට එල්ලෙන්නත් වෙලාවක් බලාගත්තොත් නරකද.
ReplyDeleteමේක දැක්කහම එල්ලෙන්ඩ ඉන්න උන් එල්ලෙන්නේ නැ වලක් කපාගන වැලලෙනවා
ReplyDeleteමාරයියගෙන් උපදෙස් එල්ලෙන එවුන් කියවපල්ලා
ReplyDelete'මාරයා' පවා මේ විදියට ගොනාට අන්දවන්න පුළුවන්නම්.....මේ මරණ පිටිපස්සේ තියෙන ඛේදවාචක ජෝක් කරලා, ඇත්ත හේතු හංගලා, 'ෆේස්බුක්' හා 'නංගිලා' ගැන බාල ආතල් එකකට මේ සිද්ධි සිමා කරන්න පුළුවන්නම්....අපි ඉන්න ඇත්ත ඛේදවාචකය කොයි තරම් දරුණුද කියල හිතාගන්නත් බැරි තරම් වෙනවා !
ReplyDeleteඔව් අර කිව්වත් වගේ හොද වෙලාවකුත් බලලම මැරුනොත් හොදයි නේද? මාර අයියනම් මාරයෙක්ම තමා හික්ස්
ReplyDeleteබොහොම වටිනා උපදෙස් ... බුක්මාර්ක් එකක් දා ගත්තා අයියේ දන්නා කියන නංගිලාට ලින්ක් එක යවන්න
ReplyDeleteනංගිලාගේ දෙමාපියන්ටත් එක්කම යැවුවනං තවත් හොදා.. ;D
Deleteඅයියා මේ ලිපිය ලීවෙ සමහර විට මට තේරුම් නොගිය වැදගත් අරුතක් යටිපෙළෙ තියාගෙන වෙන්න ඇති. අවාසනාවට මම මේක තේරුම් ගත්තේ සියදිවි හානිකරගත්ත නංගිලාව සමච්චලයක් විදියටයි. ඒ අදහස නෙවේනම සමාවෙන්න. මම තේරුම් ගත්ත විදියයි වැරදි.
ReplyDeleteමං තේරුම ගත්ත විදියට අනුවනම්;
ඒ නංගිලා වගේම මල්ලිලාත්...සියදිවි හානිකරගත්ත බහුතරයක් නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා, මාමලා, නැන්දලා, වගේම සීයලා අච්චිලාට පවා සමහර විට විශාදය කියන මානසික තත්වය නිසා පීඩා වින්දා වෙන්න පුලුවන්. ඒ වගේම ඒ මානසික තත්වය තියන අයෙකු හරිඑහෙම කෙනෙකුගෙ සමීපතමයෙකුට මේ වගේ දෙයක් දකින්න හෝ අහන්න ලැබෙන එක කොයිතරම් වේදනාවක්ද කියලා අයියට අත්දැකීමක් නැතුව ඇති.
ඒ සමහරවිට උදවු අවශ්‍ය පිරිසක්. ඒ ගැන දැනුවත් නොවීම හරි මොකක්හරි අවාසනාවන්ත හේතුවක් නිසා ජීවිතය නැතිඋන පිරිසක්.
තමන්වම මරන්න තීරනය කරපු කෙනා ගෙ ඇත්තම මානසික තත්වය හරියට නොදැන ඔවුන්ව පිළිබඳ නිගමනයකට එන්න තව කෙනෙකුට අයිතියක් නෑ. තව දෙයක් විශාදය නිසා සියදිවි හානිකරගන්න කිසිම කෙනෙක් ජීවිතයට ආදරේ නැති කෙනෙක් නෙවේ. ඔවුන් ඒ තරම්ම ජීවිත් වෙන්න ආසයි. අවාසනාව ඔවුන්ගේ මානසික තත්වයට නිසි වෙලාවට නිසි පිළියම නොලැබීම විතරයි.
මෙතැනදී මං අදහස් කරපු මූලික කාරණා දෙකයි තියෙන්නේ.. ඒත් මේ විදිහට කෙලින්ම ඒ දෙක කියන්න මට උවමනාවක් තිබුනේ නැහැ.. ඒත් කියවන හැමෝටම ලියන කෙනා අදහස් කල දේ තේරුම් ගැනීමේ හැකියාවක් නැති හින්දා නංගි ඇහුව හින්දා ඒක කියලා දාන්නං...
Delete1- මොන තරමේ ප්‍රශ්නයක් තිබුනා උනත්.. එල්ලිලා මැරෙන එක කොයි තරං වේදනාත්මක අත්දැකීමක්ද හා එයින් පසුව තමන්ගේ ප්‍රතිරූපයට මොන තරමේ හානියක් වෙනවද කියන කාරණාව ඉස්මතු කිරීම. එක සරල උදාහරණයකින් කිව්වොත් කොච්චර මැරෙන්න හිතිවා උනත් ඒ වෙලාවකට කෙනෙකුට අමතක වෙනවා මලාට පස්සේ තමුන්ගේ ශරීරය කීදෙනක් කී විදියකට දකිනවද.. කියන කාරණ වගේ දේවල්.. මොනවා උනත් මං හිතන්නේ නැහැ විශේෂයෙන්ම කෙල්ලෙක් මලාට පස්සෙවත් තමන්ගේ ශරීරයේ ප්‍රදර්ශනය කරන්න අකමැති දේවල් මිනිය බාන තැනේ හිටන් එම්බාම් කරලා ඇදුම් අන්දලා පෙට්ටියෙන් තියෙන තැනට එනකල් කී දෙනෙක්නං දකිනවද කියන එක.. මං හිතන්නේ මෙයිට වඩා විස්තර කරන්න උවමනා වෙන එකක් නැහැ..
2- මලාට පස්සේ අඩනවට වඩා තමන්ගේ ළමයින්ගේ හැසිරීමේ සුළු හෝ වෙනසක් තියෙනවනං ඒ දේවල් දැන හඳුනාගන්න බැරි දෙමාපියන්ගේ මරණයෙන් පස්සේ කඳුළු වල ඇති වටිනාකමක් නැති බව කියන එක...
ස්තූතියි පිළිතුරට.
Delete1. කෙනෙකුට ලියුකේමියාව හැදුනොත්, ඒක ඒ පුද්ගලයාගේ වැරැද්දද? ඒ රෝගය නිසා ඇතිවෙන සංකූලතාවයන් හංදා අපි හිතමු කෑම කන්න බැරි වීම රෝගියා හිතාමතා කරනවද? එයාගෙ මෝඩකමද? නැත්තන් ජීවිතය නහගන්න කරනවද? ලියුකේමියාවෙන් පෙළෙන නංගි කෙනෙකුත් "මැරෙන එක කොයි තරං වේදනාත්මක අත්දැකීමක්ද හා එයින් පසුව තමන්ගේ ප්‍රතිරූපයට මොන තරමේ හානියක් වෙනවද කියන කාරණාව ඉස්මතු කිරීම. එක සරල උදාහරණයකින් කිව්වොත් කොච්චර මැරෙන්න හිතිවා උනත් ඒ වෙලාවකට කෙනෙකුට අමතක වෙනවා මලාට පස්සේ තමුන්ගේ ශරීරය කීදෙනක් කී විදියකට දකිනවද.. කියන කාරණ වගේ දේවල්.. මොනවා උනත් මං හිතන්නේ නැහැ විශේෂයෙන්ම කෙල්ලෙක් මලාට පස්සෙවත් තමන්ගේ ශරීරයේ ප්‍රදර්ශනය කරන්න අකමැති දේවල් මිනිය බාන තැනේ හිටන් එම්බාම් කරලා ඇදුම් අන්දලා පෙට්ටියෙන් තියෙන තැනට එනකල් කී දෙනෙක්නං දකිනවද කියන එක.." පොඩ්ඩක් හිතුවනම් නේද හොද?
ඇයි මානසික තත්ව විතරක් වෙනස් ආකාරයකට දකින්නේ?
2. එකඟයි.
පිළිතුරක් උවමනායි
//කෙනෙකුට ලියුකේමියාව හැදුනොත්, ඒක ඒ පුද්ගලයාගේ වැරැද්දද?//
Deleteනැත.
// ඒ රෝගය නිසා ඇතිවෙන සංකූලතාවයන් හංදා අපි හිතමු කෑම කන්න බැරි වීම රෝගියා හිතාමතා කරනවද? එයාගෙ මෝඩකමද? නැත්තන් ජීවිතය නහගන්න කරනවද?//
නැත.
මෙතනදී මම ලියුකේමියාව හෝ ඒ වැනි වේදනාත්මක අසනීප තත්වයන් ගැන ගැන අදහස් කිරීමක් කරලා නැහැ. කොටින්ම කිව්වොත් මේ දවස්වල යන කාගේ හෝ ඇනුමක් බැනුමක් නිසා වැඩිදුරට නොහිතා කරන එල්ලී මැරීම හා ඒවාට දෙන අධික ප්රදචාරය නිසා වන පෙළඹවීම ගැනයි අදහස් කරලා තියෙන්නේ. මට උවමනා සරල කාරණාවකට එල්ලෙන්න හිතන කෙනෙක්ව මොනම විදියකින් හරි අධෛර්ය්දහසමත් කිරීම කියන දේ විතරයි. ලෝකයේ මිනිස්සු සියදිවි හානි කරගන්න හේතු රාශීයක් තියෙනවා.. මෙතනදී මං ඒ හැම හේතුවක්ම ගැන අදහස් කරන්නේ නැහැ... කාලීනව මේ ඇති වෙලා තියෙන ක්ෂණීක තීන්දු මත ගන්නා සියදිවි හානි කරගැනීම් ගැන විතරයි අරමුණු කරගත්තේ.. එතැනින් ගිහාම ලෝකයේ මිනිස්සු සිය දිවි හානි කරගන්නා ක්රතම හැට හුට හමාරක් තියෙනවා.. ඒත් මං මෙතනදී එල්ලිල්ල ගැන විතරයි කතා කලේ... එහෙම නැතිව මිනිස්සු හැමෝම සියදිවි හානි කරගන්නේ ඇයිද.. ඒ අය සියදිවි හානි කරගන්නා සෑම ක්ර මයක්ම වැලැක්වීම වගේ පුළුල් පරාසයකට ආමණ්ත්රිණය කිරීමක් නැහැ. මේ ටිකේ අපි දැකපු අහපු මරණ තුනම දීර්ඝකාලීන මානසික අබාධයක් නිසා වෙච්ච දේවල් ගොඩට දාන්න පුළුවන් ඒවා නෙවෙයි. හැම එකකදීම ක්ෂණික ආවේගයන් බල පෑව බව පමණයි පේන්න තිබුනේ. ඒ වගේම ඒවාට දීපු ප්රනචාරය හා ඒ මරණයන්ට ලැබුණ අනුකම්පාව වැනි තත්වයන් තව තවත් ඒ දේට කෙනෙක් පොළඹවන්න තියෙන අවස්ථාව වැඩියි... මං හිතන්නේ නංගි දන්නවා ඇති කනේරු කන කාලෙට සෙට් පිටින් කනේරු කනවා.. මැහිතෙල් බොන කාලෙට ඒකත් එහෙමයි.. කාලයක් ලෝකාන්තේ වගේ උස තැන්වලින් පනින්න ගත්තා... එක එක කාලෙට එන රැල්ලට යන සිය දිවි හානිකරගැනීම් ගැනයි මගේ අරමුණ තියෙන්නේ.. සහ ඒවා දිරිමත් නොකෙරන තැනට කතා කරීම.. එහෙම නැතිව දීර්ඝ කාලීනව මානසික ආබාධ තිබිලා එල්ලිලා මැරෙන උදවිය ගැන හෝ නිදි පෙති බීලා හෝ රේල්ලුවට පැනලා හෝ වෙන මොනයම්ම ක්රආමයකින් හෝ මැරෙන අය ගැන නෙවෙයි. ඒ හින්දා අච්චර දේවල් එක්ක මේක පටලවා ගන්න එපා... ඒත් සමහර විට ඔයාට මේක පෞද්ගලිකව දැනෙනවා ඇති.. (මට මතක හැටියට තාතතා ගැන කතාවක් වෙන්න ඕන ) ඒත් මේක තමන්ගේ ප්රශ්නය කරගන්න එපා. මේක මේ යන රැල්ල නවත්තන්න පොඩි හරි පෙළඹවිමක් වෙනුවෙන් කරපු සටහනක් විතරයි. එතැනින් එහාට දෙයක් නැහැ.
මේකට අදාල නැති වෙන්න පුළුවන්.. ඒත් මෙයිට කලින් සිය දිවි නසා ගැනීම සඳහා එල්ලීම උපයෝගී කරගත්ත මං දන්න කියන දෙන්නෙක් ගැන ලියවුන පෝස්ට් දෙකක් මේ.. එතැනින් එක්කෙනෙක් දීර්ඝකාලීන ප්‍රශ්නයක් තිබුන කෙනෙක් හැටියටත්.. අනිත් කෙනා කෙටිකාලීන කාරණයක් මතත් දිවි නසා ගත්ත බව තමා මට තේරුනේ...
Delete1 http://ctkumara.blogspot.com/2011/06/blog-post_22.html
2 http://ctkumara.blogspot.com/2011/06/blog-post_27.html
මම ඒ වගේ අය ගැන කියන්න හදන දේ අයියා තේරුම් අරගෙන නෑ.
Deleteඒ වගේම තමයි එහෙම මානසිකත්වයක් තියන කෙනෙක්වත් තව කෙනෙක් හරියට තේරුම් ගන්නෙ නෑ. එහෙම කෙනෙක්ට බරපතල තීරණයක් ගන්න බොහොම සුලු දෙයක් ප්‍රමානවත්.
"ලියුකේමියාව හෝ ඒ වැනි වේදනාත්මක අසනීප" විශාදයත් ඒ හා සමානම වේදනාත්මක අසනීපයයක් තමයි. වෙනස ශාරිරික මානසික කියන වෙනස විතරයි. මානසික වේදනාවක් වෙන කෙනෙක් තේරුම් ගන්නෙ කොහොමද? ලියුකේමියාව හෝ එවන් අසනීප ඇති අය පවු. මානසික ව්‍යාකූලතාවය ඇති අය සමාජයට විහිලුවක්. ඔවුන් හැමෝම පිස්සන්.
අයියගෙ අරමුණ මීට වඩා (උපහාසාත්මකවම පවා)හොඳ විදියකට ලියන්න තිබ්බා. "අධෛර්ය්යමත් කිරීමක්" එහෙම කෙනෙක්ට අමුතුවෙන් උවමනා නෑ. ඒකම තමා එයාලගෙ මානසිකත්වය.
ඒ වගේම ගොනා, බූරුවා, මෝඩයා, පිස්සා කියන වචන එහෙම කෙනෙක් ආමාන්ත්රණයට යොදාගන්න මිනිස්සු පිළිකුල්සහගතයි.
මේ කරුණ මගේ තාත්තා සම්බන්දව නෙවෙයි.
පිලිතුරට ස්තූතියි
මට නම් හිතෙන්නේ අරමුණ ඉෂ්ට වී ඇති බවය,හොදින් ලියා ඇත.
Deleteමැරුනට පස්සෙ දකින තැන්, දේවල්.. මැරුනට පස්සෙ දකින අය දකිනව... එල්ලිලා මරුනාම බලන අය, දකින්න අය වැඩි නම් තමයි.
Deleteකොහොමත් අපි කවුරුත් මැරුනට පස්සෙ, මල් ශාලාවෙ එම්බාම් කාමරේ ඇතුලට ගන්න වෙලාවෙයි එලියට ගෙනෙන වෙලාවෙයි අතර මොනව වෙනවද දන්නෙ නෑනෙ. මම ඉස්සර පත්තරේක කියෙවුව තරුණ ගෑනු කෙනෙකුගෙ මිනියට වෙච්ච දෙයක්. බ්ලොගයක දැක්ක සමහර කෑලි කපල කරන දෙයක් ගැන.
වැදගත් දේ ඒව නෙමේ සුලු දේවල් වලට හිත කලකිරිල සියදිවි හානිකර ගන්න එක මෝඩකමක් කියල තේරුම් ගන්න එක....
මේ කලේ සියදිවි හානි කර ගන්නා තත්වයට පත් වූවන්ට කරන සමච්චලයක් නම්; මේකත් කියවන්න.
ReplyDeleteඔයාටත් මැරෙන්න හිතිලද???
සමච්චලයක් නොවේ අධෛර්ය්යමත් කිරීමක්.. ඒ නිසා අදාල ලින්කුවට පිවිසීමට උවමනාවක් නැහැ නේද..?
Deleteසමාවෙන්න බොස්. එහෙනම් මට මේ ලිපිය පේන විදියෙ වරදක් වෙන්නැති! :3
Deleteඅනේ ඇත්තටම මේ මාරයාට කට වහගෙන ඉන්න බැරි හැටි .. දැන් ඉතින් මර උපදෙස් අනුව බෙල්ලේ වැල ද ගත්ත කියල දෙනෙක් තුන්දනෙක් ලියල තියල ගියහම ,තේරෙයි පොලිසි උසාවි ගානේ යනකොට.. හපොයි එතකොට කෝ අපිට බලන්න මාර සරණිය , මාර චාරිකා ..
ReplyDeleteආ එතකොට මං මාර හිර කතා කියලා හිරේ ඉඳන් ලියනවා අළුත් කතා පෙලක්.. :D
Deleteමේ දවස් වල නංඟිලා මල්ලිල සේරම අළුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරං. අනික් අයට පාඩම් උගන්වන්න මැරෙනවා. අපේ ජනමාධ්‍යත් එයාලව ලොකු වැඩක් කල විරවරයෝ වගේ උඩින් තියාගන්නවා. ඒ අස්සේ කොහෙන් හරි ෆෙස්බූක් එකත් ගාවගන්නවා. අයියෝ සල්ලි :(
ReplyDeleteඕක තමා සම්පූර්ණ චිත්‍රය...
Deleteඅර පොටො අල්ලන වැඩෙ නම් වෙනි අයියට කියල අඩුවට කරගන්න බැරු වෙන එකක් නැ.
ReplyDelete:D උෟ ගහන පොටෝ දැක්කොත් කෙල්ල එතනම වහ බොනවා.. :D
Deleteමට කීවොත් ඉතින් හොඳ කලාත්මක කෝණ කීපයකින්ම ෆොටෝ ටිකක් අඩුවට ගහලා දෙන්නම් !
Deleteමරේ මරු මාරයෝ,මේ වගේ තේරුමක් ඇති දෙයක් බුකියේත් දාන්ටකෝ
ReplyDeleteවිරේක බේත් බොන්ට වෙන එක දැන් නේ දන්නේ
ලස්සන සාරියක් අරන් තියා ගන්ට ඕන
සමහරුන්ට මොන තරම් රළු කටෝර ලිපියක් වගේ පෙනුනත්, යන්තමින් හරි සියදිවි නසා ගන්න අදහසක් තියෙන කවුරුහරි මේක කියෙව්වොත් තමන්ගේ අදහස වෙනස් කර ගනීවි. මේක තිත්ත කසායක් වගේ.ඒත් වැඩදායකයි.
ReplyDeleteමාරේ අයියා මරු කතාව, හැබැයි දැන් කට්ටිය බුකිය බ්ලොක් කරරොත් ඒක යන හැටි ගැන හෝ ගාල ලියනව, හරියට තමන් හම්බ කරන් කන රස්සාව නැති වෙන්න යනව වගේ. :D
ReplyDeleteමාරයා මහතාණෙනි.මාහට පෙම් කරන්නට නංගියෙක් නැත.එ නිසා ඒ ගැන බියවිය යුතු නැත.සාරි අඳින කවුරුත් අප නිවසේ නැත.එනිසා ඒ ගැන කම්පාවක්ද නැත.මා හට අවශ්‍යව ඇත්තේ මාගේ බ්ලොගයට ඔබතුමාගේ පැමිනීමය.එය අලුත සෑදූ එකකි.බලන්නට වටින පට්ට වීඩියෝ ටිකක් ඇත.දවසින් දවස අලුත් අලුත් වීඩියෝද ඇතුල් කරමි.එ නිසා මාගේ බ්ලොගයට පැමිණ පොඩි සපොර්ට් එකක් පමනක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteමාරයා කියන්නේ නිකන්ද ?
ReplyDeleteමයි ගෑණු ගැන නොහිතන තාත්තා අසරණ වුනත් එකයි ආඩම්බර වුනත් එකයි...මට දුක ලමයි ගැන...එහෙම නැතුව මේ පිම්පියා ගැන නොවේ.
ReplyDeleteReply
AnonymousMarch 2, 2014 at 10:02 AM
සාමාන්‍යයෙන් ගම්මන්පිළ කියන කක්කා ගොඩ දැක්කාම මාරයා කියන නිළ මැස්සා පියාඹගෙන එන එක අනිවාර්යයි. තවම නැත්තෙ මොකද????
Reply
AnonymousMarch 2, 2014 at 9:23 PM
අනේ මාරයියේ, එන්නකෝ මාරයියේ. මාරයියා නැතුව මේ බ්ලොග් පෝස්ට් එක මනමාලයා නැති මඟුල් ගෙයක් වගේ. මිනියක් නැති අවමඟුල් ගෙදරක් වගේ. කෙල්ලෙක් නැති කොටහළු මඟුලක් වගේ. හාමුදුරුකෙනෙක් නැති පන්සලක් වගේ.
Reply
AnonymousMarch 3, 2014 at 10:23 AM
නව ගුණ වැල අතේ තියන් මගඩි දේශපාලනයක් කරන ගොම්මන්පිලලගෙ රෙදි ගැලවෙන්නම්ම උඹ ලියල තියෙනවා.. ජයවේවා චාමි,, දිගටම බ්ලොග් එකත් අප්ඩේට් කරපන්...
Reply
AnonymousMarch 3, 2014 at 11:10 AM
මට චාමිගේ ලිවීමේ හැකියාව ගැන ඉරිසියයි.
Reply
නිකන් ගොන් ආතල් දෙන්න එපා මනුස්සයෝ
ReplyDeleteමාරයෝ මම යකා. මම උබලගෙ දිහා ආපු පළමුවෙනි වතාව මේ. අනේ බන් මගෙ බ්ලොග් කට්ටත් උඹේ බ්ලොග් ලැයිස්තුවෙ එල්ල ගනින් .මචන් මම බ්ලොග් ලෝකෙට අළුත් එකෙක්. මම ඉතා ගෞරවයෙන් ඔබතුමාට මගෙ බ්ලොග් එකට ආරාධනා කරනවා.
ReplyDeleteමගෙ බ්ලොග් එකේ ලින්ක් එක.http://yakaageadaviya.blogspot.com/