08 February 2014

ළමයි හැදිල්ල...

මේක මේ අතුරු කථාවක්...
පහුගිය දවසක අර ගෑණු ළමෙක් එල්ලිලා මැරිච්ච සීන් එකක් යනවනේ.. මොකක්ද මංදා ෆේස්බුක් එකේ දාපු පොටෝවකට ප්‍රින්සිපල් බැන්නය කියලා... ඔය සිද්ධිය කොහොම උනත් දැන් ඒ ගැන යන වාද විවාද ගොසිප් සයිට් වලයි.. බුකියෙයි කොයි වෙලෙත් බලා කියා ගන්න පුළුවන්.. ඕවා බලං ඉද්දි තමා මට මේවා කල්පනාවට එන්නේ...

මේ ඊයේ පෙරේදා මං අර කලින් ලිපියේ කිව්වා වගේ අර සුනාමියට හදාපු ගේ බලන්න ගිය වෙලේ තව අපූරු දෙයක් දැක්කා... ඒ තමා පොඩි ළමයෙක්... ළමයා හිටියේ මං අර ගිය ගෙදරම තමා.. 

එයාලා ගේ ඉස්සරහා පොඩියට කඩයක් කරනවා... ගෙ පිටිපස්සේ වෙනම ගෙදරක සුද්දන්ට නවාතැන් දෙනවා වගේ වැඩත් කෙරෙනවා... සුද්දන්ට නවාතැන් කිව්ව ගමන් අපිට හිතෙන්නේ හෙන පිරිසුදු පට්ට පොෂ් පොට් කියලනේ.. හැබැයි ඉතිං මේ තැන්නං එහෙම නෙවෙයි... මොකද සුද්දෝ මෙහෙ එන්නේ කාමරවල වැටිලා දොයියන්න නෙවෙයිනේ... ඇවිදින්න.. අවුව තපින්න.. මුහුදේ නාන්න වගේ දේවල්වලටනේ.. අපේ අය නෙව ඔය බර ගණන් වියදං කරං රටේ අනිත් කෙලෝරටම ගෙහුං හොඳ සැප පහසු කාමරයක් අරං කාමරේට වෙලා නිදාගෙන ඉඳලා ආපහු එන්නේ... අඩුම ගානේ හෝටලේ නාන තටාකෙටවත් බහින්නේ නැතිව...:D

මේ වගේ තැන් ඉතිං එහෙම ඒවා නෙවෙයි... මං හිතන්නේ නිදා ගන්නයි ඇඳුමක් මාරු කරගන්නයි වගේ සරල දේවල් වලට විතරක් ඉඩ පහසුකං තියෙන තැන්...

කොහොම උනත් මං දැකපු මේ ළමයා සුදුම සුදු ළමයෙක්.. ඔව් ඔව් සුද්දා පැටියෙක් තමා.. මං මුලින්ම හිතුවේ මෙහෙ ආපු සුද්දෙක් කාට හරි තනා වඩා දීලා ගිය ළමෙක්වත්ද කියලා.. එහෙම සීනුත් ඉතිං තියෙනවා නෙව.. ඒත් අහන්නත් කලියෙන් මට ළමයා ගැන විස්තරේ එයාලම කිව්වා...

“අපේ අක්කා මේ ළමෙක් බලා ගන්නවනේ“ කියලා.. 
බැලින්නං ඒ ළමයා ප්‍රංශ.. අම්මලා තාත්තලා මාස කිහිපයක නිවාඩුවට ඇවිත් ළමයා මෙයාලට බලා ගන්න දීලා එයාලගේ සංචාර කටයුතු ආදියේ නිරත වෙනවා... ටිකක් විතර අපිටනං මේක අමුතු දෙයක්නේ...

ඔය වගේ දෙයක් ගැන අපේ අයගේ අදහස් ඇහුවොත් ඉතිං කියයි දෙසවන් පිනවෙන්ටම...

“දරුවන්ට ආදරේ නැති දෙමාපියෝ“
“ළමයි ගැන සැලකිල්ලක් නැති උන්“
“මෙහෙමත් අනුන්ගේ තැනවල දාලා යනවද ළමයින්ව.. මූං අම්මලද..?“

ඔන්න ඔය වගේ එකි නොකී කතා බර ගානක් අහගතෑකි... හැබැයි ඉතිං මං දකිනකොට ළමයා හිටිය හැටි දැක්කනං ඔයිටත් වඩා කතා කියවෙන්න පුළුවන් අපේ උදවියගෙන්... මොකද පොඩි එකාව බලා ගන්නවා කියලා මෙලෝ දෙයක් ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ.. ඒකා ඔහේ වත්ත පුරා තමන්ට ඕන තැනක ඇවිද ඇවිද ඉන්නවා.. හිටිය ගමන් කඩේ මැදින් පාර අයියනට ගිහිල්ලා බලලා ආපහු කඩේ හරහා ගේ පිටිපස්සේ වත්තට යනවා... එක පාරක් මං බලද්දී කොහෙන්ද මංදා ඉඳලකුත් අරං ළමයා මිදුල අතු ගානවා... වටේම තියෙන කුණු තමන් ගාවට ඇදලා අරං කුණුගොඩ මැද ළමයා හිටගෙන හරි අපූරුවට අතු ගානවා... දූවිල්ල නාලා.. ඒ මදිවට ගෝනි පඩංගුවකුත් ඇගේ පැටලිලා...  බොහෝම ක්‍රියාශීලී දරුවෙක්... හැබැයි විශේෂත්වය තමා දරුවට වයස අවුරුදු පහක්වත් නැති බව පෙනිල්ල.. අවුරුදු තුනක හතරක දරුවෙක්... ඉඳලේ ඉරටු වලට චුට්ටක් උඩින් අල්ලං තමා අතු ගාන්නේ... වැඩේ කියන්නේ දැන් මේකට සිංහලත් තේරෙනවා... අර කඩේ හිටිය අම්මා කියනවා... අපි දන්නවෑ ප්‍රංශ... අපි සිංහලෙන්ම කතා කරනවා.. දැන් එයාත් සිංහල දන්නවා කියලා... ළමයත් හිනා වෙවී ඉන්නවා... 

මං ඉතිං කල්පනා කලේ යකෝ අපේ අවුරුදු තුන හතරක නෙවෙයි අවුරුදු දහයක පාලොහක එකෙක්වත් ඔහොම තනියම දාලා යන්ට පුළුවන්ද කියලා තැනක... දාලනං ගියෑකි.. හැබැයි ඉතිං වරුවක් යනකොට එතැන මල ගෙයක් කරයි.. කෑ ගහලා විලාප තියලා... එක ගිනි විජ්ජුම්බරයයි... ළමයනං ඕන එකක් කියමුකෝ.. එහෙම ළමෙක්ව දාලා අපේ අම්මලා යයිද එහෙ මෙහෙ... වැඩිය ඕන නැහැ මං දනුවත්ව ඉස්සර අපේ දායක මහත්තයෙක් හිටියා අවුරුදු විසි පහක් විතර වෙන තමන්ගේ පුතාව බස් හෝල්ට් එකෙන් ගේ ගාවට ඇවිදං එන්න තියෙන මීටර් තුන් සීයක දුර තනියම එන්න දෙන්නේ නැහැ... ඒ ළමයගේ හැම එකටම ඇගිල්ලෙන් ඇන ඇන හොයනවා... ළමයත් ඒකටම හුරු වෙලා රෙද්දක් හෝද ගන්නේ නැහැ තනියම... ගමනක් ගියොත් කඩේකින් තේ එකක් බොන්නේ නැහැ.. 

අපේ ළමයි ගැනනං මං කියන්න ඕන නැහැනේ කවුරු කවුරුත් දන්නවා නෙව... ඔයිට කලියෙන් මං දවසක් පොලොන්නරුවේ ගෙහුං එහෙ තියෙන පුරාවිද්‍යා කෞතුකාගාරය බල බල ඉද්දි ඔන්න එතැනටත් ආවා සුද්දෙකුයි පොඩි ළමයි දෙන්නෙකුයි.. ඒ අය එක්ක ආව මග පෙන්වන සිරිලාංකිකයෙකුයි... ළමයි දෙන්නට වයස ඇති අවුරුදු 8 ක් සහ 12 ක් වගේ... මොනවද ඉතිං වැඩිහිටියන්ට වඩා හොඳින් කෞතුකාගාරය බලනවා.. නොදන්න තැනකදී මාර්ගෝපදේශකතුමාගෙන් ප්‍රශ්න කරනවා.. බොහෝම සංවරව පාඩුවේ වැඩේ කරං යනවා... අර සුද්දත් තමන්ගේ පාඩුවේ කෞතුකාගාරේ බල බල යනවා... ළමයි බලන්න කියලා මෙලෝ මහන්සියක් නැහැ... ළමයි ළමයි ගැන බලා ගන්නවා...

මට ඉතිං ඔය වගේ ඒවා දැක්කම තමා කල්පනා වෙන්නේ අපේ අය ළමයි හදන  ක්‍රමේ අවුලක්ද..? නැත්තං මේ සුද්දන්ට පිස්සුද කියලා... හැබැයි ඉතිං සුද්දන්ට පිස්සු වෙන්න ඇති... 


ඔය සිද්ධිය ගැන අපේ සුජීව කොකාවල ලිපියක් ලියලා තිබුනා... එකේ අවසානෙදී මෙහෙම කියනවා...



//අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.//




ඇත්තටම අපේ අයට මෙහෙම ළමයි හදන්න පුළුවන් වෙයිද..? සමහර පරිසර තත්වයන් යටතේ හැදෙන ළමයින්ටනං අමුතුවෙන් ඉගැන්නුවේ නැතත් දෙන්න ඕන උත්තරේ හැරෙන තැපෑලට දෙන තැන් මං දැකලා තියෙනවා උනත් මං මේ කියන්නේ ඒ අය ගැන නෙවෙයි.. සුජීවලත් ඇතුළු බහුතර සරල සාමාන්‍ය සිරි ලාංකීක දෙමාපියන් ගැන... 


අඩුම ගානේ ළමයා යනු තවත් එක නිදහස් සත්වයෙක්ය කියලා හිතලා ළමෙකුට නිදහසක් නොදෙන රටේ... රළු පරිසරයකදී එයට ඔරොත්තු දෙන්න ඇහැකි විදියේ දරුවන් අපේ අය හදාවිද..? ඕක ඇහුවොත්නං අපේ අය උත්තර දෙයි එලෝ කෝටියට... ඔය කිව්වම තව එකක් මතක් උනා...

 මේ ළගදී අපේ යාළුවෙක් ෆේස් බුක් එකේ දාලා තිබුනා එක් එක් මනුෂ්‍යයින්ව වර්ගීකරණය කරලා... ඒකේ හැටියට සත්තුන්ගේ නම් වලින් තමා වර්ගීකරණය කරලා තිබුනේ... අනේ ඉතිං ටිකක් වෙලා මේක දිහා බලං හිටියම මට ඇඩෙන්න වගේ ආවා.. එන එන එකා ඉත්තෑවෙක් වෙන්න යනවා.. මොකද ඉත්තෑවා එතැන හිටිය සත්තුන්ගෙන් ටිකක් බැලන්ස් සතෙක්.. තව තව අය එයිටත් වඩා හොඳ සත්තු වෙන්නත් හීනියට ට්‍රයි එකක් දෙනවා.. සමහරු හොඳ වුන් දෙන්නෙක්ව කලවං කොරං දෙමුහුං වෙන්නත් යනවා... බලං ගියාම අපේ සමාජේ ඉන්නේ හොඳ මිනිස්සු විතරමයි වගේ පේන්නේ ඒකේ කමෙන්ට් බැළුවාම... ඇත්තටම මට ඇඩුනා.. යකෝ මං විතරයි එතන ඌරෙකුටයි ගොනෙකුටයි බූරුවෙකුටයි හරියන ගති ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන්නේ කියලා... :D ඇයි ඉතිං මෙච්චර හොද මිනිස්සු කන්දරාවක් අස්සේ බෙහෙතකට නරක එකෙක්.. මෝඩ එකෙක්... හොයාගන්නම නැහැ... කොටින්ම නරක ගෑවිලාවත් නැති සුදුම සුදු චරිත තමා බුකියේ ඉන්නේ... 

ඉතිං එහෙම තැනක මෙහෙම කතා කියන්න ගිහාම අන්තිමට අපි පිස්සෝ අමනයෝ ගානට වැටෙන එක විතරයි නෙව වෙන්නේ.. :D

කොහොම උනත් ළමයි හැදිල්ලෙදී අපේ අය කොයිතරං දුරට සාධාරණද.. සාර්ථකද.. කියලා මට නිතරම හිතෙන එකනං වලක්වන්න බැහැ... පාරේ තොටේ යද්දි ළමයව වඩාගෙන යන ගමන් ළමයගේ සපත්තුවල තියෙන දේවල් අනිත් අයගේ ඇගවල් වල අතුල්ලගෙන ගානක් නැතිව යන එක... මිනිස්සු වාඩිවෙන බංකු.. පුටු ආදියේ කුණු වැකුණු සපත්තු සහිතව දරුවන් සිටවා තැබීම වගේ දේවල් ගැන කතා කරන්න ගියොත්නං මට තව තව දේවල් කියන්න හිතෙනවා.. එක්කෝ ඕන නැහැ... ළමයිත් හරි.. දෙමාපියනුත් හරි... බුකියත් හරි.. ප්‍රින්සිපලුත් හරි...  මේ රෙද්දවල් හිතන මං වැරදි...

48 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සුජීව කියන්න ඕනිම දේ නියමෙටම කෙටි කරලා කියලා තියෙනවා. ලමයි නොහදන අපි දන්න මේ පොඩි දේවල් ලමයි හදන උන්ට පේන්නෙ නෑ බන්. කියන්ඩ ගියොත් අපියි මෝඩයෝ. මම නම් පුද්ගලිකව කියන්ඩ යන්නෙම නෑ. මම හිටිය එක කුලී ගෙදරක අයිතිකාර ගෙදර ලමයා දුවන්නෙම මම ඉන්න වෙලාවට මම ඉන්න ගෙට..මුලින්ම රටේ ලෝකෙ වෙන දේවල් කිව්වා මුන් දෙන්නට තේරෙන්නෙ නෑ. ඇයි යකෝ වෙන මොකෙක් හරි ඇඟීල්ලක් හරි ගැහැව්වොත් මටනෙ වග කියන්න වෙන්නෙ. අන්තිමේ කිව්වා තේරෙන සින්හලෙන් ලමයව එවන්න එපා හරි කරදරේ මටත් නිදහසක් නෑ කියලා. සුද්දන්ගෙ ලමයි හැදෙන්නෙ පරිසරයට නියමෙට ඔරොත්තු දෙන්න.

    ReplyDelete
  3. මේ වගේ දේ ගැන මගේ අදහස ඔබාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එහෙක මම ලිව්ව. මෙන්න මගේ අදහස පොඩි උන් ගැන ( මේ මගේ අදහස මිසක් මගෙ නෝනගෙ නෙමෙයි ).

    //ඕනවට වඩා තුරුල් කරන්, පොඩ්ඩ වැටුනම අතගාල, ඇඬුව ගමන් ඒක නවත්තන්න ඉල්ලන දේ දීල වැඩි හුරතලේට හදන ලංකාවෙ ළමයි ඉන්දියාවෙ ළමයි අති බහුතරය අවසානෙ බෙළහීන පෙන්දො. ලොකු උනාමත් පොඩ්ඩ ඇත්තන් මානසිකව සහ ශාරීරිකව වැටෙනව. ඒ නිසා අර අටම් කිව්ව වගේ පොඩි උන්ට ආදරේ පෙන්නන අතරෙ එයාලට තේරෙන්න දෙන්න ඕන ඇඬුමට වේදනවට ලැබෙන නොලැබෙන දේ. ඒ අයට ඉගෙන ගන්න දෙන්න ඕන තනියම නැගිටින හැටි.

    අපේ පොඩි පුතා වැටුනම අම්ම හරි වෙන කෙනෙක් හරි දැක්කොත් අඬනව, නැත්තන් සද්ද නැතුව පිහදාගෙන ආයි සෙල්ලම. මම ඉන්නව දැක්කොත් අඬන්නෙ නෑ. හේතුව අම්මල කොච්චර උනත් ටිකක් වැඩිය අඬනකොට වඩා ගන්න බව දන්න නිසා.

    ළමයි බුද්ධිමත් වෙන්නෙ, දැණුම අත්දැකීම් හොයාගෙන යන්නෙ, සමාජෙ ප්‍රශ්ණ ඉස්සරහ වැටෙන්නෙ නැතුව ඉන්නෙ පොඩි කාලෙ ඒ අයට දෙන සිවාධීන වීමේ පාඩම නිසා. ඕනවට වඩා තුරුල් කරන් ඒක කරන්න බෑ.

    අනික ළමයි ලොකුවෙලා අපිව බලාගනියි කියල හිතන් එක ආත්මාර්ථකමී හැඟීමක්. අපේ පවුලෙ සහෝදර සහෝදරියො හතරයි. දැන් අම්ම තාත්ත ලඟ ඉන්නෙ එක්කෙනයි. අනෙක් අය රට රටවල. අපේ දරුවො දෙන්නෙක් හදල අපි ඉතින් කොහෙ බලාපොරොත්තුවෙන්නෙද? ඒවට දැම්ම සැළසුම් කරල ලැහැස්තිවෙන්න ඕන. ඒකයි මගෙයි වයිෆ්ගෙයි තියරිය. නැතුව ළමයි කරේ නෑ කියල පස්සෙ ඒ යට දෙස් දෙන එක නෙමෙයි. ඒ දේ තේරුන් නොගන්න අය වයසට ගියාම දුක් විඳිනව. තව කට්ටියක් දරුවො ලඟ ඉන්න ගිහින් බේබි සිටින් කරනව වයසට ගිහිනුත්. අනික ඉස්සර අත්තම්මල දරුවොන්ගෙ සබ්බ සකල මනාවම කරේ නෑ, හේතුව අම්මලත් ගෙවල් වලම උන්න. ඉතින් ඒ අයට උනේ කවන්න නිදි කරන්න වගේ දේකදි උදව් වෙන්න විතරයි. ඒත් අද අම්මල තාත්තල ඔෆිස්, අත්තමල සීයල බැරි බැරි ගාතෙ බේබි සිටින්.

    ඇත්ත තිත්තයි, ඒත් කරන්න දෙයක් නෑ මුණ දෙනව හැර! //

    ReplyDelete
    Replies
    1. වැරදීමක්, මේක ලිව්වෙ ඔමාගෙ හීන කියන බ්ලොග් එකේ තිරිසන් ව්ස් මනුසත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් හැටියට. මියගිය "ඔබා" මහත්තයගෙ ගෙ නම වැරදිල ලියවිල තීන්නෙ.

      Delete
  4. //මට ඉතිං ඔය වගේ ඒවා දැක්කම තමා කල්පනා වෙන්නේ අපේ අය ළමයි හදන ක්‍රමේ අවුලක්ද..? නැත්තං මේ සුද්දන්ට පිස්සුද කියලා... හැබැයි ඉතිං සුද්දන්ට පිස්සු වෙන්න ඇති... //

    ඇත්තටම අපේ රටේ අය ලමයිට ආදරේ වැඩිද මන්දා..

    ජය වේවා!!!

    ReplyDelete
  5. මාරයා කතාව සහතික ඇත්ත. මෙහෙ ළමයි හදන විදිය වැරදියි. ලංකාවේ සමාජයේ ළමයින් නිදහස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙහෙ ඉන්න අවලන් ලිංගික ආශාවන් සහිත පොරවල් නිසා. සුද්දා ළමයා නවතලා ගියේ ඔහුට හොඳටම විශ්වාස හොඳ පවුලක වෙන්න ඕන. නැත්නම් එතන බාල අපචාර වෙයි. එහෙම උනත් ගානක් නැති සුද්දෝ ඉන්න පුළුවන් උනාට අපිට එහෙම ඉන්න බැහැ.

    ලංකාවේ ළමයින්ට අනතුරක් නොවෙන විදියට ඉන්න පුරුදු කරන්නේ නැහැ. හොඳම උදාහරණය අර ගල් රෝල්ට අසුවූ ළමයා. කවුරුත් කතාකලේ ගල්රෝල තියපු විදිය වැරදියි කියලා විතරයි. පොඩි උන්ට තේරෙන්න ඕන තමන් සෙල්ලම් කරන එක අනතුරු දායකයි ද නැද්ද යන බව. දෙමවුපියන් සහ ගුරුවරුන් දැනගන්න ඕන ළමයින්ට ඒ බව කියලා දෙන්න. ගින්දරට පිච්චෙන නිසා ගිනි දැල්වීම තහනම් කරන එක නොවේ කරන්න ඕන ගින්දරට පිච්චෙන බව අවබෝධ කර දීම. ඒ වගේම දෙමවුපියෝ මෙන්ම ගුරුවරු අවධානය යොමු කරන්න ඕන ළමයා දැනුවත් කර අනතුරු වලින් වැළකීම වගේම ළමයා නොදන්නා දේ නිසා අනතුරු වෙයි කියා විමසිලිමත් වීම. අඹ කැපු පිහිය ගෙන දුවන විට වැටී මොලය දක්වා පිහිය ගියා. ඉතින් වැරදි කරු කවුද පිහිය නිසි තැන නොතැබූ වැඩිහිටියෝ නේද. ක්‍රමවත්ව පිලිවලට වැඩ කරන්න පුරුදු වූ මිනිසුන් ඉන්න රටවල ළමයින් ගැන අවදානය අඩු කරාට ලංකාවේ එසේ කරන්න බැහැ. එක පැත්තකින් සුද්දා කරලා තියෙන්නේ ඔහුගේ රට වගේ ආරක්ෂත රටක් කියලා හිතලා ළමයා මෙහි දමා යාමක්. ඔහු අනිවාර්යෙන්ම වැරදියි ඒ පැත්තෙන්.

    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ
    තමයි මගේ අලුත් ලිපිය

    ReplyDelete
  6. අපේ මිනිස්සු ඉන්නේ තනිකරම යැපුම් මානසිකත්වයේ බං.තමුන් තනියම නැගිටින්න කවදාවත් හිතන්නේ නැහැ.ඔයතරම් ළමයින්ට සලකන්නේ වයසට ගියාම ඒ වගේම බලාගනියි කියන මානසිකත්වයෙන්.අපි මෙහෙමයි ඔයාලට කලේ.දැන් අපිට ඒ විදිහට සලකන්න ඕන.ඔන්න ඕකයි හිතන්නේ.
    වයසට ගියාම කාටවත් ඇත නොපා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නේ නෑ.ළමයට තනියෙන් ජීවත් වෙන්න ඉඩක් දෙන්නෙත් නෑ.

    ReplyDelete
  7. මේක ලංකාවෙ ළමයි හදන ක්‍රමේ වැරැද්ද තමයි බං. යංතං අවුරුදු හතර පිරෙනකොට මොන්ටිසෝරියට ඇදගෙන ගිහිල්ල එතනිං පස්සෙ ශිෂ්‍යත්ව පංතියි අරවයි මේවටයි යවනව මිසක්ක ළමයට සමාජෙ තියෙන දේවල් වලින් අත්දැකීමක් ලැබෙන්න ඉඩ දෙන්නෙ නෑනෙ. ඇලක දොලක පැනල පීනන්න ඉගෙන ගන්නවත්, ගහක නැගල පරිස්සමෙන් බහින හැටිවත් ඉගෙන ගන්නෙ නැතුව දොස්තර කෙනෙක් උනත් වැඩක් තියෙයි කියල මම හිතන්නෙ නෑ. මොකද මේ ළඟදිත් පත්තරේක තිබුණ කොහෙද නාන්න ගිහිල්ල ඩොකෙක් ගිලිල මැරුණය කියල.
    නමුත් පිට රටවල් වල පාසල්වලින්ම සෑහෙන ප්‍රායෝගික දැනුමක් ළමයින්ට දෙනව.

    ReplyDelete
  8. Français savent à bien élever les enfants. Merci pour le conte.

    ReplyDelete
  9. මේක අපේ සංස්කෘතිය තමයි ලෝකේ උසස්ම සංස්කෘතිය කියලා හිතාගෙන ඉන්න අයට තේරුම්ගන්න අමාරු වුනත් මධ්‍යස්තව හිතන කෙනෙකුට එහෙම නොවෙන දෙයක්.

    අපේ ළමයි ස්වාධීන නෑ. අපි එහෙම ස්වාධීන වෙන්න දෙන්නෙත් නෑ. දැන් බලමු.

    ළමයින්ව පොඩි කාලේ ඉන්දන්ම වෙනම කාමරේක (නර්සරි) තනියෙම නිදාගන්න පුරුදු කරන එක. (සුද්දන්ට හිතක් පපුවක් නෑ. අපි එහෙමද. අපි ලිංගික ජීවිතෙත් කැප කරගෙන ළමයි ඉලන්දාරි ලමිස්සියෝ වෙනකල්ම එකම කාමරේ නිදිකරවගන්නවා.)

    පොදේකටවත් තෙමෙන්න පිණිබාන්න දෙන්නේ නෑ. අව්ව්වුවේ ඉන්න, වතුරේ සෙල්ලස් කරන්න දෙන්නේ නෑ. (සුද්දො ළමයින්ට ආදරේ නෑ. උන් හිතක් පපුවක් නැති ජාතිය...)

    ඔය විදියට තව ලැයිස්තුවක් තියෙනවා. අනිත් උන් ලියන්නේ නැතෑ ඉතුරු ටික.
    .....

    ඒක නෙවෙයි. සාමාන්‍යයෙන් සුද්දෝ ළමයිව ඔහොම දාලා යන්න නම් ඔය බලාගන්න මිනිස්සු ගැන සෑහෙන විශ්වාසයක් ඇති. මොකද මේක ළමා අපචාර වලට ප්‍රසිද්ධ දේශයක්. ඒ වගේම සුද්දෝ ඒ ගැන නම් සෙවිල්ලෙන් ඉන්නේ.

    ReplyDelete
  10. සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
  11. එකඟයි.
    ඒ ඇරෙන්න තව මුකුත් කියන්නේ නැත්තේ, හිතේ තියෙන ඔක්කොම කියන්න ගියොත් මේ කොමෙන්ට් එක පෝස්ට් එකට වඩා දිග වන නිසා.

    ReplyDelete
    Replies
    1. එච්චර දිගට ලියන්ඩ බෑ.. උපරිම කොමෙන්ටුවේ අකුරු 4096යි !

      Delete
  12. අපොයි ඔවු.. මේක කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක් වාගේ :)

    ReplyDelete
  13. අපේ ළමයි හදන්නේ, බෝගම්බර, වැලිකඩ හිරගෙවල් වල ඉන්න හිර කාරයෝ වගේ..

    ReplyDelete
  14. මං හිතං ඉන්නේ ළමයි හදන්නැතුව බල්ලො දෙතුන් දෙනෙක් හදන්ඩ.ඉස්කෝල හොයන්ඩ ඕනෙ නෑ.පස්සෙං ගිහිං මහන්සි වෙන්ඩ ඕනේ නෑ.ඔක්කොමත් වෙලා පස්සේ කාලෙක සළකන්නෑ කියලා දුක් වෙන්ඩ ඕනෙත් නෑ.කන්ඩ මොනවා හරි දීලා ඉජු ඉජු කිව්වම නැට්ට හරි වනනවනේ.

    ReplyDelete
  15. කථාව ඇත්ත...ලංකාවේ ලමයිනුයි දෙමපියොයි දෙගොල්ලොම විදවනවා.....

    එහෙම බැළුවම ලංකවේ පොරවල්ගේ ජීවීත කාලේ මුල් අවධිය ආතල් එක දෙමව්පියෝ හින්දා කැඩෙනවා..... පසු අවදියේ ආතල් එක දරුවෝ හින්දා කැඩෙනවා...අන්තිමේදී ජීවිතේ විදිනවා වෙනුවට විදිවනවා......

    මොනා උනත් ලමයි හදපු එවුන් ලමයි හදන එක ගැන කථා කලෝත් නම් හොදයි.....::))

    ReplyDelete
  16. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete
  17. හරිම වටිනා අදහසක්. හැබැයි එතරම් පොඩි ළමයෙක් නොදන්න රටක තනියම තියලා ගිය එක නම් මම අනුමත කරන්නේ නෑ. ඒත් ළමයි මල් වගේ නොහදා එයාලට පොලොවේ පය ගහලා ස්වාධීනව හිතන්න ක්‍රියා කරන්න පොඩි දොහේ සිටම පුරැදු කරන එකනම් හොඳයි.
    මොකද මටම තේරෙනවා අපි කොච්චර පසුගාමීද කියලා මේ රටවල මිනිසුන් එක්ක බලනකොට. අපි හරි බයෙන් හැදිලා තියෙන්නේ. මුලින්ම දෙමාපියන්ට. ඊට පස්සේ ගුරැවරැන්ට. අපි ගූ බයයිනේ. මම කියන්නේ නෑ ගරැ කිරීම සවන්දීම හොඳනෑ කියලා. ඒත් අපි අපේ අසහස් ප්‍රකාශ කරන්න බයයි. කලත් ආ.. මූ මොනවා දන්නවද නිකං පන්ඩිතයා නොවී හිටපං කියලා අහගන්න වෙන නිසා අදහස් තිබුනත් ගොලු වෙලා ඉන්නේ. ඉතිං ලොකු වෙලා සමාජයට ගියාම තනියම තීරනයක් ගන්න බෑ. ප්‍රශ්නයක් ආවාම වෙව්ලනවා. ආත්ම විශ්වාසය නෑ. ඔවැනි රටේ නැති ප්‍රශ්න....

    ReplyDelete
  18. " හැබැයි ඉතිං සුද්දන්ට පිස්සු වෙන්න ඇති... " :D
    ඔව් ඉතින් ඒක ලංකාවේ හැටි නේ.. මටත් පොඩි කාලේ ඔහොම තමා.. විශේෂෙන් අම්ම. අප්පච්චි ගාවට ආවම නම් පොඩ්ඩ පොඩ්ඩ සමාජේ එක්ක තනියම ගනුදෙනු කරන්න නිදහස හම්බ උනා.. තාම අම්ම ගාව හිටිය නම්, මමත් අර උඩින් කියල තියන විදියේ දෙපැත්තටම නැති එකෙක් වෙන්න තිබුනා.

    ReplyDelete
  19. කසාදයක් බැදල ළමෙක් දෙන්නෙක් හදාගන්න මාරයියෙ කලවයසත් පහුවෙනවනෙ :D

    ReplyDelete
  20. මම මේ බුකියේ උඹේ යාළුවෝ සෙට් එකේ, අර පිනාව මරන් කන්න හදන ලිපිය කියෙව්වා විතරයි. මම හිතුවා උඹත් සෙට් වෙන්නේ පිනාට කෙළින්න කියලා.

    පිනා වැඩිහිටියෙක් වශයෙන් වැරදිය කියමුකෝ, ඒත් සමහර ගමේ ඉස්කෝල තනිකරම දුවන්නේ ඔය [දමිත්ගේ වචන වලින්ම කියනවනම්] "කැරි" පිනාලගේ, "කැරි" ගුරාලගේ හයියෙන්. උන්ගේ හයිය නැතිනම් ඔය කැලෑ මල් ගම්වලම පරවෙලා.

    දමිත්ලා නදීශලා ගියපු නඟරේ ඉස්කොල වලට ඔය කියන දියුණු ගුරුවරු ඉන්න පුළුවන්. මොකද නඟරේ ගුරුවරුන්ට තියෙන්නේ උගන්වන්න විතරයි. ඒතකොට ඒ අයටම මානසික නිදහසක් තියෙනවා ළමයි ගැන නිවිහැනහිල්ලේ බලන්න. ඒත් ගම්වල ඉස්කෝලවල එහෙම නෑ. සමහර "කැරි" පිනාලට "කැරි" ගුරාලට සිද්ධ වෙනවා ගුරු කමින් එළියට ගිහින් සමාජයටම නායක්ත්වය දෙන්න.

    උන්ගෙන් සිද්ද වෙන වැරදි පට්ට පතුරු ගහනවනම්, අපි කියමු "කැරි" පිනාලට "කැරි" ගුරාලට "පුක" නොදි රස්සාව විතරක් කරගෙන ඉන්න කියලා.

    හරි, ආයෙත් උඹේ ලිපියට ආවොත්...

    සිරා ලිපියක් මචන්. උබෙන් ලියවිච්ච හොඳම ලිපි වලින් එකක්.

    උඹ කියන දේත් එක්ක සෑහෙන්න දුරට එකඟයි. මම ගිහින් තියෙන විදේශ රටවල සමහර අම්මලා ළමයි දෙක තුන අරගෙන කිසි ආරවුලක් නැතිව පොදු ප්‍රාවහන සේවා වල ගමන් යනවා. ඒ ළමයි අඬනවා, කලබල කරනවා මම කවදාවත් අහලා නෑ. ඒ ළමයින්ට පොඩි කාලේ ඉදන්ම අදහසක් දීලා තියෙනවා "පුතා දගලන්න එපා අම්මට අමාරුයි" කියන එක. ලංකාවේ වුනානම් බස් දෙක වෙන්න පොඩි එවුන් කෑගහනවා. ඊට පස්සේ බස් එකේම ඉන්න උන් එන්න ඕන අර පොඩි එවුන් සනස්සන්න. විදේශ රටවල පුද්ගලික නිදහසට ගොඩක් ගරු කරන නිසා ළමයෙක් අඬන එක වුනත් කරදරයක් විදිහටයි සළකන්නේ [දැන් කියන්න එපා ඒ රටවල මිනිස්සු අමානුෂිකයි කියල] ඒ රටවල මිනිස්සු හිතන්නේ ළමයෙක් අඬනවා කියන්නේ ඒ අම්මගේ තියෙන නොහැකියාව කියලා. ඒ වගේම අපේ රටවල වගේ පගා දීලා ළමයි අඬන එක නවත් වන්නෙත් නෑ [මම කියන්නේ ළමයි අඬන එක නවත්වන්න ළමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් දීලා].

    කොහොමහරි ඒ අය පොඩි එවුන් හඬන්නේ යකඩයෝ වගේ [කෙල්ලොන්වත් එහෙමයි]. උන්ව පොඩි කාලේ ඉදලම පීනන්න, ක්‍රීඩාවලට, එළියේ පහ්ලියේ වැඩ වලට යොමු කරනවා. මොකද උන් යකඩයෝ වගේ හැදුනේ නැතිනම් ඒ සමාජයේ පවතින්න අමාරුයි. ලංකාවේ වගේ "වේසී" කියපු ගමන් බෙල්ල වැළදාගන්න සමාජයක් නෙමෙයි එහේ තියෙන්නේ. අර සුජිව කිව්ව දේ හරියට හරි. හැබැයි ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. උන්ගේ ළමයි හරි ඉක්මනට මෝරනවා. ඒ නිසා උන් හරි ඉක්මනට කරන්න ඕන දේවල් කරගන්නවා, හරි ඉක්මනට ගෙවල් වලින් එළියට බහිනවා. සමහරුන්ට හරියනවා සමහරුන්ට කෙළ වෙනවා. ඕක ඉතින් අපේ සගිස්කෘතියත් එක්ක කොයිතරම් ගැලපෙනවද කියන එක තමයි අවුල.

    අවසාන වශයෙන්, ලංකාවේ ඔය මල් වගේ ළමයි හැදෙන එක, පගවා දීලා ළමයි නළවගන්න එකනම් වහාම නවත්ත ගන්න ඕන. නැතිනම් හැදෙන්නේ ලතාලා වගේ පරපුරක්. උන්ට අවුරුදු 30 පැන්නහමත් අම්මලා ඕන.

    ReplyDelete
    Replies
    1. මාලන්,

      ඔය කියන ගමේ ඉස්කෝලවල කතාවෙ තරමක ඇත්තක් තීනව.

      ඒත් මේ කියන කුරුනෑගල ඉස්කෝලෙ ගමේ එකක් නෙමෙයි. අනික ඒ කියන පිනා නොම්මර එකේ "පොන්නයෙක්" කියන එක පැහැදිලි මේ කරල තීන වැඩේ බැලුවම.

      එහෙව් එකෙක්ට තඩි බාන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ.

      Delete
    2. මම උඩින් කියලා තියෙනවා පිනා මේ සිද්ධියෙදි වැරදියි කියලා.

      ""පිනා වැඩිහිටියෙක් වශයෙන් වැරදිය කියමුකෝ, ඒත් සමහර ගමේ ඉස්කෝල තනිකරම දුවන්නේ ඔය [දමිත්ගේ වචන වලින්ම කියනවනම්] "කැරි" පිනාලගේ, "කැරි" ගුරාලගේ හයියෙන්.""

      මම හෙළා දකින්නේ එක් අයෙක් කරපු වරදක් අල්ලගෙන මුළු ගුරු පරපුරටම එළව එළව ගහන එක. මොකද ලංකාවේ ගොඩක් ගුරුවරුන්ට කරන්න වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ "job description" එකට අදාල කොටස විතරක් නෙමෙයි.

      දියුණු රටවල ගුරුවරයා කරන්නේ රස්සාවක්. ඒත් ලංකාවේ ගුරුවරයා කරන්නේ රස්සාවක් විතරක් නෙමෙයි. එතනින් එහාට ගිය සමාජ භූමිකාවක්.

      Delete
  21. මාරයා නිවාඩුවකටවත් ලංකාවට එන්නැතුව පිරටකම ජිවත් වෙන කෙනෙක්ද කොහෙද... සුද්දන්ට හැරෙන්ඩවත් පුළුවන්ද ලංකාවේ අපේ තාත්තලා රළු පරිසර වලට ළමයි පුංචි කාලෙම පුරුදු කරන හැටියට...

    බොරුනං මේ බලන්න :D :D

    ReplyDelete
  22. ඔච්චර කරුනු කාරනා තේරෙන එකේ නරකද ඉතින් ලමෙක් එහෙම හදාගන්න විදියක් ගැන හිතුවොත්...

    ReplyDelete
  23. අපේ අය ළමයි හදන ක්‍රමේ අවුලක්ද..? නැත්තං මේ සුද්දන්ට පිස්සුද කියලා... හැබැයි ඉතිං සුද්දන්ට පිස්සු වෙන්න ඇති...
    --------------------
    මට තේරෙන විදිහට සුද්දෝ ළමයි හදන ක්‍රමය තමයි ඔවුන්ට මුල ඉඳලම ස්වයං විනයක් ඇතිව හැසිරෙන්න උගන්වන එක. මා බොහෝවිට දැක තිබෙනවා දෙමාපියන්ට ඉස්සරවෙලා පාර අයිනේ ඇවිද ගෙන යන කුඩා ළමයි. ඒ අය හරස් පාරක් හමු උනාම (මා සිටියේ හරස් පාරක් අසලම නිවසකයි) තම ඉක්මන් ගමන මදකට නවතා වාහන ගමන් කරනවාද කියා විමසිලිමත්වීම මා නිතරම දැක තිබෙනවා.වාහනයක් නොඑන වෙලාවේදී තමයි පාර මාරු වෙන්නේ. පිටිපස්සෙන් එන මව හෝ පියා මේ ගැන වැඩ වෙන්නේ නැහැ.ඔවුන්ට තම දරුවන්ගේ ස්වයං විනය ගැන විශ්වාසයක් තියෙනවා. මේ දරුවන් කුඩාකල පටන් ඉගෙන ගන්නා මේ
    ස්වයං විනය ඔවුන්ගේ ජිවිතයේ අඩුවැඩි වශයෙන් හැම තැනකදීම වගේ දකින්නට ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් එක දාන්න හොඳම තැන මෙතන. සුදු පොඩි එවුන්ට ක්‍රියා කරන්න ඕනේ විදිය කියලා දෙන්න පුළුවන්. මොකද ඒ රටවල නීතිය හැමෝටම එකයි. උදාහරණෙකට පාර මාරු වෙන විදිය එක පාරක් කියලා දුන්නම ඇති. හැම තැනකටම ඒ විදිය හරි යනවා. අපේ රටේ එහෙමද අතනින් පාර පනිනවා නම් එහමයි. මෙතන කලර් ලයිට් එක මෙහෙමයි. ලෝකයක් දේවල්. ඒ වගේමයි ළමයෙක් අතරමං වුණොත් හැම ලමයම දන්නවා කරන්න ඕනේ දේ. අපේ රටේ එක එක තැන් වලට එක එක විදිය. කියන්නේ නම් අපේ රටේ මිනිස්සු වෙනස් කියලා. ඇත්තටම ඔව්. එහෙම ළමයෙක් අහු වුණොත් අපචාරයක් කරලමයි පස්ස බලන්නේ. ඒ රටවල නීති තදයි. ඒ වගේම නිදහසත් උපරිමයි. අපේ රටේ අපචාරයට ලක් වෙන ළමයි ප්‍රමාණයයි, ඒ රටවල ප්‍රමාණයයි සංසන්දනය කරලා බලන්න. එහෙම වුණා කියලා කසාද බඳින්න ඒ රටවල මිනිස්සු ආගත නාගත හොයන්නෙත් නෑ. ධර්මද්වීපය තමයි. ඒ වුණාට එහෙමයි.
      ඔය කියන සුද්දට සිංහල පත්තර කියවන්න පුළුවන් වුණා නම්, ළමයාව බදාගෙන ආපහු මව් රටට යනවා. මෙහෙ ඉන්න තිරිසනුන්ගේ හැටි දැක්කම. ඒ රටවල් වල තව කෙනෙකුගේ ඇඟට අනවසරයෙන් අත තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. දේශපාලකයාගේ හෙන්චයියන් කියලා වෙනස් නීති නෑ. අපේ රටවල ළමයි ප්‍රවේසම් කර ගන්නවා ඇරෙන්න වෙන පිහිටක් නෑ.

      මාරයාගේ මේ පොස්ට් එක හොඳයි. ඒත් දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක මේක නැවතත් කියවලා බලන්න.

      Delete
    2. සුදික ඔබ කියන දේ ගැන එකඟයි නමුත් ඒ සමගම මම දැනට සුමානෙකට කලින් දැක්ක දේකුත් කියන්නන්.

      බටහිර රටක කෝපි කඩයක් ඉස්සරහ පොඩි කාණුවක් වගේ හදල එකේ ලස්සනට වතුර හදල තියෙනවා. ගැඹුර අඟල් 6 යි. වතුරේ ගැඹුර අඟලයි. අම්මල එක්ක ආපු අවුරුදු 3,4, 5 පොඩි ළමයි ඒකෙ බැහැල එහාට මෙහාට දුවනවා. අම්මල පැත්තක වාඩි වෙලා බලං ඉන්නවා. මේක අස්සේ අපේ සිරිලංකා අම්මණ්ඩි කෙනෙක් උන්දැගේ ළමය (අවුරුදු 7,8 විතර ඇති ) අතෙන් අල්ලාගෙන බබා වැටෙයි පරිස්සමට කිය කියා එක්කගෙන යනවා කාණුවේ උඩ පල්ලෙහාට හෙමිහිට . දෙන්නම කාණුවේ. මේක බලල මට පුකෙන් (© කකා , all rights reserved ) හිනා. සුදු අම්මලත් පුදුමෙන් වගේ මේ ගොන් අම්මන්ඩිගේ විකාරේ නරඹනවා.

      දැන් මෙතන මෙහෙම උනේ නීති වැඩි හින්දද , ළමා අපචාර හින්දද ? දරුවෝ මල්ලෝ හදන්න ඕනෙමද හරි වැරැද්ද තේරුන් ගන්න ?

      Delete
  24. " මේ රෙද්දවල් හිතන මං වැරදි..." හරි වැරදිකාරයම යන්තන් වැරැද්ද පිළිඅරගෙන තියෙනවා ... දැන් එහෙනම් බලන් ඉඳපන් අනුර සේනානායක එනකම් කුදලාගෙන ගිහින් දඩුවම් දෙන්න

    ReplyDelete
  25. මේ බැනේ මම දහස් වාරයක් විතර දෙසනා කරලා තියනවා මාරයෝ සෑහෙන දෙමවුපියන් ගණනකට. මොන.......එකෙක් කනකට ගන්නවායැ. නිකං හුලන් අස්සයෝ තමයි හදන්නේ ළමයි කියලා.

    ReplyDelete
  26. ගොඩ සිට පිහිනන්නට ඉගැන්වීම මුල සිට :D

    හොඳ ලිපියක් . වැඩේ කියන්නේ බැඳීම දුකයි කියල කිව්වේ බුදු දහමේ . බෞද්ධ අපිටමනෙ දෙය්යනේ තෘෂ්ණාව වැඩි. ලි බඩුවක් ගන්නේ පරම්පරා ගණනකට .කැඩිච්ච දෙයක් විසිකරන්න ලෝබයි. ඉතින් ආයේ ළමයි ගැන කවර කතාද . නැද්ද .

    දැන් ඔය ප්‍රංශ ජෝඩුවට වඩා මිනිස්සු ලංකාවෙත් නැතුවය . උපන් ගමන් පාරවල් වලත් දාල යන්නේ ඇහැක් විදිහට හදියන් කියල. බටහිර රටවල වුනත් ඔය තරම් අන්තයකට ගියොත් ළමා ආරක්ෂණ අධිකාරි වලින් නඩු තමයි. එව්වා කෙසේ වෙතත් ලිපියේ මුලික අර්ථයත් එක්ක එකඟයි. ඕනවට වඩා පරිස්සමත් ඈලියාවට යනවා කියලත් කියන්නේ ඕකනේ . බොරු කියන්නේ මොකටද මම වුනත් ටිකක් වෙනස්ව හිතන්න පුරුදු වුනා රටින් එලියට ඇවිත් . හැබැයි අවන්කවම ඔය ප්‍රංශ ළමයා වගේම නම් අත අරින්න අමාරුයි. මධ්‍යම ප්‍රතිපදාව කොයිකටත් හොඳයි නේ

    ReplyDelete
  27. මට නම් තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපිට ඕන විදිහට ළමයි හදන්න පුලුවන්ද කියන එකයි.

    ReplyDelete
  28. මම මේ කල්පනා කලේ මාරයියා ලමයි හදලා එක්ස්පීරියන්ස් ගත්තේ කවද්ද කියලා..

    කෝම වුනත් කතාව ඇත්තයැයි සිතමි.. ඊට වඩා දේවල් කියන්න යන්න අපිට දැනුමක් තවම නෑ නේ..

    ReplyDelete
  29. අඩේ මාරයියා තාම ලියනවා නේද?

    ReplyDelete
  30. මේ ෆේස්බුක් සිද්ධියට සම්බන්ධ දැරියගේ කතාව කියවනකොට මට හිතෙන්නේ, තමන් මෙච්චර ආදරේ කරන තාත්තාට මේ සිද්ධිය ටිකක් හරි පැහැදිලි කරලා දෙන්න ඇය උත්සාහ නොකලේ ඇ‍යි කියලා. අඩුම ගානෙ තව ගුරුවරයෙකුට?

    මේ දැරියගේ පැත්තෙන් ඒකටත් හේතු තියෙන්න පුළුවන්. ඇයගේ ලියුමේ තියන විදිහට තාත්තාට ගොඩක් ප්‍රශ්න තියනවා කියලා ඇය හිතනවා. අපි මේවට බටහිර රටවල් උදාහරණෙට ගත්තට, ඒ රටවල් වලත් මීට සමාන සිද්ධි නිසා දරුවන් සියදිවි හානි කරගන්නවා. ගුරුවරුන් ළමයින්ගේ පෞද්ගලික දේවල් ගැන විශාල මැදිහත් වීමක් කරන්න නැති නිසා මේ රටවල ප්‍රශ්නය තියෙන්නේ බොහෝ විට ළමයි ළමයි අතර. bullying කියල හඳුන්වන මේ හේතුව නිසා මෙවැනි යොවුන් දැරියන් සෑහෙන පිරිසක් සියදිවි නසාගෙන තියනවා.

    හැබැයි අපි මොනවා කලත් ලෝකේ තියන සියළුම නරක අපිට නැති කරන්න බැරි නිසා, ළමයින්ට ඒ ගැන අවබෝධයක් ද දිය යුතු වෙනවා. ළමයින්ට ප්‍රශ්නයක් ඇති වුණාම කතාබහ කරන්න කවුරු හරි ඉන්නවද කියන එක ගැන සිතීම වැදගත්. මේක පොඩ්ඩක් අතුරේ යනවා වගේ බැලන්ස් කරගෙන කරන්න ඕනෙ වැඩක්. ළමයින්ට තනියම ඉගෙනගන්න දෙනවා වගේම, ඕනෑම අවස්ථාවකදි දෙමාව්පියන් උදව්වට ඉන්න බවත් පෙන්වන්න ඕනේ. දෙමව්පියන් ළමයින් එක්ක මිත්‍රශීලීවීම ඉතාම වැදගත් ඒ නිසයි. ඇත්තටම ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියෙකුට උණත් ප්‍රශ්නයක් ආවහම ඒ ගැන කියන්න කතාබහ කරන්න කෙනෙක් නැති නම් කොච්චර මානසික පීඩාවකට පත්වෙනවද? එවන් වැඩිහිටියෝ කොච්චර සියදිවි නසාගෙන ඇද්ද? ෆේස්බුක් තහනම් කර හෝ, ගුරුවරුන්ට නීති පනවා හෝ මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

    ළමයින්ගේ ජීවිතේ ප්‍රධාන තැනක් පාසලට වෙන්වෙන නිසා පාසල් තුල ළමයින්ගේ ප්‍රශ්න විසඳීම ගැන යම් පුහුණුවක් දැනුවත් කිරීමක් නම් අවශ්‍යයි කියන එක පිළිගන්නවා. අපේ ගුරු පරම්පරාව, අලුත් පරම්පරාව ගැන දැනුවත් කිරීම නම් අත්‍යාවශ්‍ය කාරණයක්. පාසල් වල විනය මණ්ඩල පිහිටවලා, ඒවාට පත්වෙන ගුරුවරුන්ව පුහුණු කරන්න ඕනේ, ළමයින්ගේ ප්‍රශ්න වලදී හැසිරිය යුතු ආකාරය. නැතිනම් සමහර රටවල තියනවා වගේ මුළු ලංකාවටම අදාල යොවුන් ප්‍රශ්න පිළිබඳ කතාකල හැකි helpline ලයින් එකක් පිහිටුවන්න ඕනේ.

    මගේ ළමයින්ට කවදා හරි මූණපාන්න වෙන ප්‍රශ්නය මොකද්ද කියලා මට දැන් අනාවැකි කියන්න බැහැ. ඒ නිසා මේවා දැක්කහම මම නිතරම හිතන්නේ, මොන ප්‍රශ්නයක් ආවත්, ළමයාට තනිවම දරාගන්න බැරි එකක් නම්, ඒක අපිත් එක්ක කතා කරන්න පුළුවන් විවෘත භාවයක් ළමයා සමග තබාගැනීම කලයුතුයි කියන එක.


    මාරයගේ පොයින්ට් එකට එනවා නම්, ළමයින්ට හොඳට දුවලා පැනලා නටන්න ඉඩ දෙන්න ඕනේ, ඒකෙ දෙකක් නෑ. නමුත් මේ ප්‍රංශ ජෝඩුවගේ වැඩේ නං ටිකක් අවුල් වගේ මට නම්. මම නම් දැකලා තියෙන්නේ ඔය පිට රටවල ජෝඩු ළමයිවත් එක්කගෙන ඔහොම ඇවිදින්න යාම තමයි. අපි දූවිලි ගෑවෙයි, හෙම්බිරිස්සාව හැදෙයි කියලා එක්ක නොයන තැන් බොහොමයකට ළමයින්ව එක්කගෙන යන්නේ ගොඩක් බටහිර දෙමාපියෝ මැලිවෙන්නේ නෑ.

    ළමයින් පොඩි කාලේ තනියම වැඩ කරගන්න පුරුදු වෙන එක හොඳයි. පොඩ්ඩක් එළි පහළියට පැනලා නටන එක හොඳයි. නමුත් ඒකෙන් ළමයින්ගේ අනාගත හැසිරීමට තීරණාත්මක වෙනසක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. බොහොමයක් සීනිබෝල ළමයි වුණත් රළු පරිසරයකට වැටුණහම ඒ අනුව හැඩගැහෙනවා මම දැකලා තියනවා. බඳිනකම්ම හැමදේම අම්මා කරලා දීපු කොල්ලෝ, බැඳලා බොහොම සාර්ථකව ඉන්න හැටි දැකලා තියනවා. මේ ළමාකාලෙ ඉගෙන ගන්න 'හැකියාවන්' බොහොම සංකීර්න ඒවා නෙමෙයි. කෙනෙක් තරමක වැඩිහිටි වියට වූ පසුත් ඒවා ඉගෙන ගන්න බැරිකමක් නැහැ, පරිසරය විසින් බලකරනවා නම්. හැබැ‍යි වැදගත් වෙන්නේ ළමයින්ගේ මානසික පදනම.

    අපි තරමක දුෂ්කර ගමක් ගත්තොත් ඒකෙ හැදෙන සේරම ළමයි එක වගේ. උන් ඔක්කොම ගමේ දුවලා පැනලා වැඩිහරියක් තනියම හැදෙන්නේ. නමුත් මානසික සංවර්ධනය පැත්තෙන් බැලුවොත් එතනින් ඉතා සුළු පිරිසකට තමයි තමන්ගේ දෙමාපියන්ගෙන් ඊට අදාල අවවාද අත්දැකීම් ලැබෙන්නේ. අපි ගොඩ දෙනෙක්ගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් පෙනෙයි, යම් කිසි පුද්ගලයෙකුගේ උපදෙසක්, උදව්වක්, ප්‍රශ්නයකදී පිළිසරණ වීමක් අපේ ජීවිතේට කොච්චර බලපාලා ඇතිද කියලා.

    ළමයි පොඩි කාලේ තනියම හැදෙන එක සහ ළමයින්ට ප්‍රශ්නයක් ආවාම මුහුණ දීම කියන එක ඉතා සුළු සම්බන්ධයක් ඇති, වෙනස් කාරණා දෙකක් කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  31. ඉපදිද්ද දාට පහුවේදා ඌව තනියම කොට් එකක නිදි කරවනවා.....
    අන්න එදා ඉඳන් තමා මේ සුද්දො තමන්ගෙ දේවල් තනියම කර ගන්න ඉගෙන ගන්නෙ .. අනිත් අයගෙන් නොයැපෙන්නෙ ඉගෙන ගන්නෙ.....
    මේවා අපේ රටේදි කතා කළොත් බලු බැනුම් අහන්නයි වෙන්නෙ

    ReplyDelete
  32. ලිපිය අගෙයි ඔබ පෙන්වා දෙන්න යනු කරුණුත් අගෙයි... දැන් මාරයා තාත්තෙක් වෙච්චි දවසට කොහොමෙයි දරුවෝ හදන්නේ සුද්දගේ තාලෙටද ලංකාවේ තාලෙටද?...

    ReplyDelete
  33. මේක ඇත්තටම අපේ ළමයි හැදිල්ලේ වැරැද්ද තමයි. අපි ළමයි ඉපදුනාම කොට් එකක් ගන්නවා. හැබැයි ලමයා ඒකේ ඉන්නේ සෙල්ලම් කරද්දි විතරයි. නිදියන්නේ අම්මා ළඟ, තාත්තා බිම. හැබැයි සුද්දෝ මාස දෙක තුනේ ඉඳළම ළමයා නිදි කරවන්නේ කොට් එකේ. ළමයාව කොට් එකේ තියලා හොලවපුවාම නිදියගන්නවා. අපි කකුල් රිදෙනකම් කකුල් වල තියලා හොලවනවා. ඊට පස්සේ කවනවා. අවුරුදු 5ක් වත් වෙනකම් කවනවා. ඒ රටවල් වල මම දැකලා තියෙනවා අවුරුද්ද පැනපු ගමන් ඒකටම හරියන පුටුවකුයි මේසයකුයි තියලා තනියම කන්න පුරුදු කරවනවා.

    අපි ළමයා සෙල්ලම් කරන්න ඇරියොත් අම්මා හැහ වෙලාවෙම පස්සෙන් ඉන්නවා වැටෙයි කියලා. පාරේ යන්නේ වඩාගෙන. අවුරුදු 5-6 ළමයි පවා වඩා ගන්නවා. ඊට පස්සේ ළමයාට ලොකු වෙලාවත් තනියම පරෙස්සමට පාරේ යන්න බැරි වෙනවා. ජපානේ අවුරුදු 2-3 වයස් වල ළමයි අම්මලාගේ අත් අල්ලන්නෙවත් නැතුව පාරේ ඇවිදගෙන යනවා. කවදාවත් කානු වලට වතුරට වැටෙන්නේ නැහැ.

    මමනම් මගේ දරුවට පොඩි කාලෙ ඉඳලම මේවා පුරුදු කළා. මගේ අම්මා ළඟ හිටපු නිසා ටිකක් විතර අමාරු වුනා මොකද අම්මා මටත් බනිනවා ළමයා තනියම යවන්න එපා කියලා. මම නම් ඒවා ඇහුවේ නැහැ. දරුවා අව්රුදු දෙකෙන් පස්සේ කවදාවත් ඇඳේ මුත්‍ර කරගත්තේ නැහැ. ඒ හැමදේම පිළිවෙලට කරගත්තා. ඒත් පාරේ තනියම යවන එක තමා තාම කරන්න අමාරු, මොකද ලංකාවේ වාහන ඩ්‍රයිව් කරන අය ෂුවර් නැති නිසා.

    ReplyDelete
  34. කොහොම වුනත් සුද්දෝන්ගේ ළමයි හැදෙන්නේ හරි අමුතු විදියට නමුත් අපේ රටවල් වල ළමයි හදන විදිය නරකයි කියන්නත් බැහැ මොකද අපේ සංස්කෘතියට අනුව බැලුවොත්

    ReplyDelete
  35. අර ප්‍රංශ පොඩ්ඩා ගැන කියද්දි මට මතක් වුණා අපේ වාට්‍ටුවකට පොලිසියෙන් ගෙනත් අතෑරිය අම්ම කෙනෙක්වයි මාස 8ක 9ක පොඩි එකෙක්වයි.

    අම්මා කෙලින් ඉන්න බැරි තරම් බීලා පාරෙ වැටිලා සිහියක් පතක් නැතිව. එහෙම ඉද්දි පොලිසියට හම්බෙලා අරන් ඇවිත් තිබුණෙ. ඒ අස්සෙ පාරෙ එහෙ මෙහෙ බඩ ගගා හිටිය පොඩි එකාවත් අරන් ඇවිල්ල තිබුණා. අම්මාට සිහියක් පතක් ආවෙ පහුවදා. ඒ වෙනකම් අර පොඩි එකා හිටිය හැටි මතක් වෙනව. ඇවිදින්නවත් බෑ. තොටිල්ලක තිබ්බාම ඉන්නෙත් නෑ. වාට්‍ටුව දෙක වෙන්න කෑ ගහනව. ඉතින් වාට්‍ටුවෙ අනිත් අය පොඩ්ඩව අරන් බිමින් තියෙනව. ඒ තරම් සතුටක් එයාට නෑ. වාට්‍ටුව පුරාම දණගානවා.... හිනා වෙනවා.... අම්ම ඉන්නවද නැද්ද කියලවත් ගාණක් නෑ.....
    වාට්‍ටුවට එන දොස්තරලා , නර්ස්ලා හැමෝම කිවුවෙ "කොහොමද අපේ එකෙක් එහෙම මෙහෙම හිටිය නම්" කියල

    ReplyDelete
  36. අනික දැන් දෙමව්පියොත් ඕනවට වඩා ගුරුවරු සහ ප්‍රින්සිපල්ලා ඉස්සරහා දෙකට නැවෙනවා තමන්ගෙ දරුවට තැන අරන් දෙන්න. කොඳු තියෙන දෙමව්පියෝ ඉන්නෙ කීයෙන් කීදෙනාද?

    ReplyDelete
  37. "ඕනවට වඩා" නෙවේ "අනවශ්‍ය විධියට"

    ReplyDelete
  38. ගොන් හුරතලේට ගිහින් ගොබ්බයෙක් සමාජෙට දෙනවාද...දරු සෙනෙහසින් හරි නිරීක්ෂනයකින් හිඳ අව්වට වැස්සට හුරු මිනිහෙක් සමාජෙට දෙනවාද කියන එක ගැන අපේ සමාජයට හරි මග පෙන්වීමක් නැහැ.

    ReplyDelete
  39. අපේ ඉන්න මිනිස්සු ඕනාවට වඩා ළමයි ගැන හිතන්න යනවා,වැස්සකට තෙමුනත් ළමයින්ට බනිනවා.එත් පිටරට වල නම් ඕනෙනම් ඇතුලට එන්න මට්ටමේ ඉන්නේ.මොකද ළමයින්ට කොන්දක් පන ඇතුව ජිවත් වෙන්න කියල දෙනවා.එක නිසා තමයි අවුරුදු පහළොවේදී විතර පාට් ටයිම් ජොබ් එකක් කරන්නේ.ලංකාවේ ළමයි කුලෑටි වෙන්න හේතුවක් තමා දෙමාපිය බලපෑම,ළමයින්ගේ විමසිලිමත් බවට වැඩ බැඳලා, ප්‍රශ්න අහන අයිතිය නැති කරලා, කොටින්ම කිව්වොත් ළමයාගේ භූමිකාව කර අඹපු හරකෙක්ගේ වගේ කරලා,ඉතින් රටක් වශයෙන් දියුණු වෙන්න බැහැ. අනේ මන්ද,අපේ ඉස්කෝලෙනම් හිටිය කොන්ද පන තිබ්බ සෙට් එකක්,රගර් මැච් එකක දිනුම නීති විරෝධී විදියට ගත්ත ඉස්කෝලෙකට විරුද්දව මුකුත් කීම ප්‍රතික්ෂේප කරපු ප්‍රින්සිපල්ට බලපෑම් කරන්න තරම් උන්ගේ හයිය තිබ්බ,එත් දැන් ඉන්න සමස්ත ළමයි කොට්ටසයම ගුරා බැන්නොත් හොට්ට පෙරාගෙන අඬන තොත්ත බබාලා,මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනේ,එත් කරන්න හරි හමන් කෙනෙක් නෑ,ඕවා කෙරෙන්න ඕනේ පවුල් මුලික කරගෙන,එත් කවුරු හරි දේශපාලකයෙක් කතා කලොත් " උට තියෙන පුකේ අමාරුව මොකද අපේ ළමයි ගැන " කියල අම්මල කියන නිසා එවන් තත්වයක් එන්න තව සැහෙන්න කල් යයි.උනහපුලුවාට උගේ පුතා මැණිකක් උනාට අද තත්වේ අනුව මණික තිරිවාන ගලක් වෙනවා අල්මාරියක දාල රකින්න ගියොත්,.නිතරම පරිහරණය කරද්දී තමා ඔපේ වෙනස් වීම,අඩු පාඩු හදුනා ගන්න පුළුවන් වෙන්නේ

    ReplyDelete