මුලින්ම කියන්ට ඕන ඉතිං මේක බ්ලොග් එකේ මේ හදිසියට ලිව්වට මොකද සිංහල බ්ලොග් කාලයක් තිස්සේ කියවන කරන අයට තමා මේක මීටර් උනොත් වෙන්නේ.. එහෙම නැත්තං ඉතිං මේක මෙලෝ රහක් නැති කේස් එකක් විතරයි... ඔන්න මෑතකදී බ්ලොග් කියවන්න ආව... පරණ බ්ලොග් ලියන කියවන කට්ටිය ගැන ඒ හැටි අවබෝධයක් නැති උදවිය මාත් එක්කලා අමනාප වෙන්ට කාරි නැහැ...
ඉතිං මෙන්න මේකයි නිව්ස් එක...
අපේ ප්රවිණ බ්ලොග් කරුවකු වූද... ඉතා දස්ස පොටෝ සිල්පියෙකු වූද... අග්‍රගණ්‍ය සිත්තරකු වූද... බොහෝම බුද්දිමත් බ්ලොග් කරුවකු විසින් මේ දැන් සුළු මොහොතකට පෙර... (ඔව් ඔව් තාම මෑන් කන්ද බහිනවා..) සිය දරු පවුලත් රැගෙන මේ නිවාඩු දින කිහිපය සුවසේ ගත කිරීම පිනිස කන්ද උඩරට රාජධානියක ගොස් සිටිනා අතරතුරේ... කන්ද උඩ රට සුපතල බහිරව කඳු මුදුනට බඩ ගා ගොස් සිය හොම්බ දිග කැමරා රාජයාණන් ගෙල මත එල්වාගෙන... බොහෝ ගාම්භීර ලෙසින් ඒ මේ අත ඇවිද බලා... සිය පොටෝ සිල්පයෙහි කෙල පැමිණී සියළුම අංග ලක්ෂණ එක් පොටෝවක් තුලින් විදහා පෑමෙහි අභිප්‍රායෙන් යුතුව.. සිය කැමරාවට සුදුසු කෝණයක් සොයමින් ඒ මේ අත ඇවිද බලා.. එයට සුදුසු යැයි සිතුනු තැනක නැවති හරි බරි ගැහී සිය කැමරාව මහත් වූ භක්ත්‍යාදරයෙන් යුතුව දරුවෙක් දෝතට වඩනා වූ මවක් පරිද්දෙන් මනාව සිය දෑතට ගෙන.. මෙම ගමනෙහි සිය පළමු සේයා රුව ගැනීමට සූදානම් වූ මොහොතේ...
“හුටා බැටරිය කාර් එකේ දාලා ඇවිල්ලා නේද..?“
යනුවෙන් හඩ නගා ප්‍රකාශ කොට වහ වහා සිය රථයේ ඇති බැටරිය ගෙන ඒම පිණිස වේගයෙන් පල්ලම් බසිමින් සිටිනු ලබයි... :D
කරුමයකි හිතවතුනි.. මෙම පෝස්ටුව කොටමින් සිටිනා සඳ මෙම කතාවේ දෙවැනි කොටසද එහි සිටින මා මිත්‍ර අදාල බුද්ධිමත් බ්ලොග්කරුවානන්ට අද දවසේ ගමන් උපදේශයකයකු ලෙසින් කටයුතු කරන කොලුවා විසින් මේ දැන් දන්වන ලදි...
මහත් වූ වෙහෙසින් යුතුව සිය රථය වෙත දුව ගොස් කැමරාවෙහි බැටරිය ගෙන හති හලමින් නැවතත් කදු මුදුනට දිව ආ මානවක තෙමේ... බැටරිය දමා සිය කැමරාව පණ ගන්වා දෙවැනි වතාවටද අදාල පොටෝව ගන්නට සූදානම්ව තවත් කිසිවක අඩුවක් දැනී පරීක්ෂා කරන කල්හී...
“හුටා.. ඒ පාර චිප් එක ගෙනත් නැහැනේ“
යි පවසමින්... ආන්න නැවතත් එය ගෙන ඒම පිණිස සිය රථය වෙත දිව යනවා “ළු“ පින්වතුනි...
---------------------
තමා පසුපස හඹා ආ කොටියකු උපායෙන් ගස් දෙබලක සිර කොට කොටියාව අපහරණයට ලක් කරන ලද නරියකු පසුව ගොස් ගම ගෙදරක සැඟවී පත්‍රයක් බලනා නියාවෙන් සිටිනා කල නරියා සොයමින් කෝපයෙන් එතැනින් යන්නට ආ කොටියා පත්‍රය බලමින් සිටින්නේ ගම ගෙදර ගමයා යැයි සිතා...
“මෙතැනින් නරියකු යනවා දකින ලද්දේදැ“යි පත්‍රයෙන් මුහුණ වැසී සිටි නරියාගෙන්ම ඇසූ කල...
“මෙතැනින් නරියකු යනවා දකින ලද්දේදැ“යි පත්‍රයෙන් මුහුණ වැසී සිටි නරියාගෙන්ම ඇසූ කල...
“මෙතැනින් නරියෙක් ගියේ නම් නැත.. එහෙත් නරියකු විසින් කොටියකුව අපහරණයට ලක් කරන ලදැයි පත්‍රයේ පුවතක් ඇතැයි“ පැවසූ කල...
“යකෝ අපහරණයට ලක් වී පස්සා පැත්ත වේලෙන්නටත් කලියෙන් ඒක පත්තරේත් ගියා දැයි“
කියමින් විස්සෝප වූ කොටියා එතැනින් මාරු වූ බව සඳහන් කතාව මා හිතවත් පාඨකයින් විසින් මින් පෙර අසා කියවා ඇතැයි සිතමි... :D
කියමින් විස්සෝප වූ කොටියා එතැනින් මාරු වූ බව සඳහන් කතාව මා හිතවත් පාඨකයින් විසින් මින් පෙර අසා කියවා ඇතැයි සිතමි... :D
kesel korotta wathda?
ReplyDeleteඅතීතය රිපීට් වීම
ReplyDeleteතාම තෙතයි :D :D
ReplyDeleteකැද මාම ගැනද මේ කියන්නෙ? :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletemanda buddhika me kathaa?
ReplyDeleteඒක තමා මමත් බැලුවේ....
Deleteඑකී බ්ලොග් කරුවා යැයි සැකැ කල හැක්කෙකුගේ අඩවියකට පිවිසෙන ලදුව මඤ්ඤං වී වට පිට බලන සඳ, මේ පුවත ඇස ගැටුනෙන් වහ වහා දුවගෙන ආපීමි... :D :D
ReplyDeleteහෙහ් හෙහ්.. මාර වාර්තා කරණය... ඇඬෙනව.. :)
ReplyDeleteවැල් පෙනෙල මාමා නෙවේද? ;)
ReplyDeleteඑහෙම අමතක වෙන බුවාලට කියන්න තියෙන්නේ "ගොබ්බය" කියල විතරයි...
ReplyDeleteපුදුම අමතක විල්ලක්නේ රෙද්ද...
ඕකා කවද හරි නෝනවයි,දරුවන් වයි කොහේ හරි අමතක කරලා දාල එනවා
අනං මනං කියලා අහු වෙන්න එපා.. ඔය කියන බ්ලොග්කරුවා හෙන කායවර්ධන සූරයෙක්... වයසක කෙන්ජි අයියව නිකං හාල් මැස්සා පොඩි කොරන්නැහේ ඇගිලි දෙකෙන් පොඩි කොරයි...
Deleteඋඹල හිතන් ඉන්න ඩයල් එකක් නෙමේ මම බං...
Deleteමට ඔය ර්දනල ,සිංහ ල ,නායක ල කවුරුත් එකයි .. :) :)
චූටි මහත්තයා පව් අප්පා...:D
ReplyDeleteඅපි කොහොමත් පව් තමා
Deleteඒපාර තව එකෙක් අල්ලගෙන. මාරය දැන් මාරයෙක් ම වෙලා නෙව. :)
ReplyDeleteඊයෙද කොහෙද බිත්තියෙ කුරුටුගාල තිබුණ නුවරින් බුදියගන්ඩ තැනක් ඕනැ කියල .. එහෙනම් මේ කඳු නැගිල්ලටයි ගොහින් තියෙන්නෙ ...
ReplyDeleteඒක නෙමෙයි හොයාගන්ඩ ඕන.. කඳු මුදුනෙ ඉඳනුත් මේ ඕප බෙදාහරින සහයට ඩැනී කවුද කියල ...කොටු පැනිල්ලකට හෙම එක්ක යන්න ෂෝයි (...යාන්තමට පූස් ගඳකුත් එන..වා ... )
ඔව්වට කරන්න දෙයක් නැහැ සපා අයියා.. අද උදේ බුද්ධියා මට කතා කරලා අයියා වගේ කිව්වා අහවලා එක්ක ඉන්නේ.. ඌ අපිට නුවර පෙන්නනවා කියලා.. හෙන ආඩම්බර සීන් එකක් දුන්නේ මට.. මං ඒ වෙලේම ඕකට කිව්වා පරිස්සං වෙයං සතා භයානකයි කියලා.. කෝ ඇහුවෑ.. ගියා උඩ දාගෙන... ඔය තියෙන්නේ දැන්..
Deleteඒ ගඳ තමා.. නිකං පූස් නෙවෙයි හඩු..හඩු... :D
කොටු පැනිල්ලකට හෙම එක්ක යන්න ෂෝයි// හෙහ් හේ.... ඌටම හරියන තව යාලුවෙකුත් ඉන්නවා..... හොඳ වෙලාවට ඌ බ්ලොග් ලියන්නේ එහෙම නෑ......
DeleteI.O බුද්ධි...
ReplyDeleteමන්ද බුද්ධි කියනවට වඩා මේක හොඳයි!
Deleteඔය මනුස්සයා ඉස්සර හොද පොටෝ කාරයෙක්,,ඒත් ආරන්චිය දැන් කැමරාව ගෙනියන්නේ මම පොටෝ කාරයෙක් කියලා පෙන්නන්න සහ අද කාලෙ කොල්ලන්ගේ පොශ් බඩුවක් විදිහට තැන තැන ගෙනියන්නේ හොම්බ දිග කැමරාවක් නිසා,,,නාකිත් ගෙනියනවා තමා ඒත් කොල්ලෝ කරේ එල්ලන් යද්දි තමා ලකේට තියෙන්නේ,,,ඉස්සර පොටෝ ඇල්ලුවට දැන් පොටෝ අල්ලන්නෙ නෑ ඔය උන්දෑ,,ඒකයි ඔය අමතකවීම,,,
ReplyDeleteඈ බං ඩිලෝ... උඹ මට වඩා දස්සයිනේ.. එක පාරින් දෙන්නෙකුටම නෙළුවා නෙද.. පවු යකෝ “අයියා“ :D
Deleteහතර හන්දි කඩනවා ඉතාලි හන්දියෙ තියලා ඩිලාගෙ..අද පෝය නේද ? නිදුක් වේවා පිංවත නිදුක් වේවා ! :-D
Deleteහුටස් වෙනී අයියට මොකෝ තරහා ගියේ අපි මේ කිවුවෙ වෙන නාකියෙක් ගැන වෙනී අයියා කියන්නේ රත්තරන් කදක් අප්පා,,අපි ඔයාට විහිලු කරනවද නාකියා කියලා,,වෙනී අයියා කියන්නේ ඉටිකිරිස් එල කොල්ලෙක් නේ,,,අනික ඔය බුද්දියලා වගේ ජොල් බොඩිකාරයෙක් නෙමේ,හැන්ඩි පෙනුමක් තියන රියල් කොල්ලෙක්..
Deleteඩිලාන් මල්ලි ඔහෙ ඇස් කණ්නාඩි මාර ගනන්ද බං? ඒ උනාට ඇස්වලට හොඳ නෑ පරණ එව්ව දිගට දාන එක!
Deleteමයෙන් ගුටි කන ලිස්ට් එකේ උඩට ඉන්දිකයත් වේගයෙන් එනවා පේනවා ! :-)
Deleteහෙහ් හේ..... නියම කොන්වසේසන් එක.... ඩිලාන් කොහොමත් කට පරිස්සමට කතා කරන්නෙ කියලා මම දන්නවා.... නැත්තං එයාපෝට් හන්දියෙදි ඉතාලි චොකෝ ටික දීලා යන්න වෙන්නේ කියලා ඌට ඉවෙන් වගේ දැනෙනවා ඇති....
Deleteපවු කොටියා..
ReplyDeleteඑයා a4 gps එකත් අරන්ද දන්නේ නෑ ගියේ
ReplyDeleteහොඳ වැඩේ බොටත් . මඩ ගහන කොට සැමට සමව ගහ ! පේනවනෙ මේකෙ කමෙන්ට් වලින් ඒකෙ ප්‍රතිපල..
ReplyDelete:-D
උපහැරනේ නම් කැතයි හොඳේ
ReplyDeleteඋඹ කියල තියෙන විදියෙ විස්තර වලට ගැලපෙන බුද්ධි මත් එකෙක් විතරයි මම දන්නෙ. ඉතිං තාම ෆොටෝ එක ගහන්න කෑල්ල කෑල්ල උඩට ගන්නව ලු ද?
ReplyDeleteකෑල්ල කෑල්ල ගත්තු කාලේ ගියා
Deleteයාලුවා බ්ලොග් කියවන්න එන්න අපේ සින්ඩියට http://lankablogs.com
ReplyDeleteකෝ කට්ටිය පෝලිමේ ඇවිල්ල සත පනහ ගානෙ දාන්න මේ මල්ලිට
Deleteහා හා නදුන් මල්ලිට මුකුත් කියන්න එපා ඕනේ.. ඔය ඇවිල්ලා බ්ලොග් ලොව සලිත කල එක්තරා යුගයක වැදගත්ම පුරුකක්... කොටින්ම කිව්වොත් අපේම නොවන අපේම එකෙක්... අනුරාධපුර සෝන් නොහොත් සොහොනා කියන ආදර නාමයෙන් හඳුන්වපු නදුන් මල්ලිව දැන් කට්ටියට අමතක වෙලා ගියත් ඒ කාලේ අපිට හිටිය සුපිරි බුලට් එකක් තමා ඔය.. :D
Deleteමතකයි මතකයි. තවම තියෙනවා කමෙන්ට් දාපුවා අතරින් පතර.
Deleteඅනේ අම්මො බුදු මල්ලි ෆිට් එක කොහොම අමතක කරන්නද? හැබැයි දැන් හොද එකා වෙලා කියලා තමා ආරන්චිය.... බ්ලොග් ලොව සලිත කලා නෙන්නම් ඒ කාලේ...
Deleteප්‍රතිභාපුර්ණ ලිපියක්. පසුව මෙ ගැන කතා කරමු... :D
ReplyDeleteස්තූතියි බුද්ධි මහත්මයා...
Delete(මං මාරු... )
ස්තුතියි මහ රෑ නම්බර් එක හොයාගන්න උදව් කලාට.... අපි මළත් ඔච්චර තමයි
Deleteමම එක... :D
ReplyDeleteඑහෙනං මං දෙක වෙන්නැති :D
Deleteඉබ්බා කවදා වතුරට දායිද ? කියල පෝස්ට් එකක් ඊයෙ තිබුනා ...හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නවද්ද...
ReplyDeleteහපොයි ඒ ඉබ්බා අයියා නෙවෙයි මේ.. උන්දැ කවද්ද සිත්තර ඇන්දේ.. අනික පොටෝ සිල්පේ ගැන.. නෑ එක්කෝ ඕන නැහැ.. ඕකා වැරදිලාවත් සාරියකින් එල්ලුනොත් මට දොස් කියාවි අපේ උන්...
Deleteකොටින්ම කිව්වොත් මේ එයා නෙවෙයි.. බොහොම බුද්දිමත් කෙනෙක්... :D
යහපත් මිනිස්සුන්ට මඩ ගහන එක ලේසි වැඩැක් නෙමයි කියලා මේ කමෙන්ටුවෙන්ම තේරෙනවා!
Deleteකාට හරි පන නහගන්න හිතුනොත් මට call කරන්න හොඳේ. අඩුම මිලට තෝරා ගන්න හොඳම පැකේජ් ටිකක් තියනවා.
ReplyDeleteමෙන්න මුං ඒ වලත් ඉහගෙන කන්න හදනවා.. :D
Deleteපහුගිය දවස් ටිකේ අර වල පයයි ගොඩ පයයි ඉඳන් හති දදා පාරේ දුවන, දුවන ගමන් පාර මාර්ක් කරලා ෆේස්බුක් දාන අහිංසක මනුස්සයා අල්ලන් කන්න හැදුවා. දැන් උඹ එපාර මේ අහිංසකයට ගමනක් බිමනක් වත් යන්න දෙන්නේ නැද්ද බොල
ReplyDeleteඔය ඉතිං උමටත් වෙන්නේ අර ඩිලාට වගේම හන්දයකදී ගුටි කන්න.. වයසක මෑන් අන්න ධර්මෙන් ගහනවා...
Deleteවාර්ථාව හරිම රසවත්! කවුද කියලා හිතා ගන්න බෑ. අර රන් ටැබේ පැත්තේ ගිය හාදයා නොවේ නේ? කොටියාගේ කථාවත් මරැ. බොහෝම සංවර වචන යොඳමින් අවශ්‍ය කරැණ කීම ඉතාම සාර්ථකයි මචං! උඹට ජය!!
ReplyDeleteඅර ඉබ්බෙක්ගේ පෝස්ට් එක කියවලා මේක මුලින්ම දකිද්දී හිතුවේ මේක ඉබ්බර සම්භන්දයි කියලා.. පස්සෙනේ මීටර් වුනේ මේක මේ සම්මාන දෙකක් ගත්ත කෙනෙක් ගැන කියලා.. අපි ඉතින් ඒ හන්දා ඔන්න ඒ ගැන මුකුත් කියන්නේ නෑ..
ReplyDeleteමිනිස්සුන්ගේ වචන වලට කුලප්පු නොවෙන අපේ කාලයේ තරුණයෙක්!
Deleteමේකනම් සහතික ඇත්ත. ඔය කියන උන්දෑ යන යන තැන කැමරාවෙ කෑලි දාලා යනවා කියලා ඕන් මාත් සාක්කි... හෙහ් හෙහ්...
ReplyDeleteකෝ..... මගේ බැට්ටි කේස් එක දීපාං.....!
Deleteකුරුළු හමුදාවෙන් පැනලා ආවට පස්සේ ඔය යෝධයාට හරි හමන් ව්‍යායාමයක් නැති නිසා ඇඟ බහින්නත් එක්කත් එක්ක වුණු වැඩේ නරක නැහැ :D
ReplyDeleteමෙන්න බිල් ගේට්ස් වගේ මනුස්සයෙක්.... ඕනම නරක දේක හොඳ පැත්ත දකිනවා...
Deleteවැඩේ මාට්ටු !!!
ReplyDeleteමේ බුද්ධි කොලුවා නේදෑ.. :)
බුද්ධිලානං හෙනට, ඒත් බුද්ධි කොලුවෝ නං එකයි!
Deleteබුද්ධි ද එහෙමත් නැත්නම් ඩුඩ් අයියද කියලත් සැකයි............
ReplyDeleteඩූඩ් වෙන්නැති තමා.... නැත්තං මට එහෙම මසක්කමක් නෑ :D
Deleteපහළින් පෙනී ඇත්තේ කෙහෙල් කොටුවක් බවත් පසුව වාර්තා විය.
ReplyDeleteපසුව වාර්තා විය කිව්වේ.....
Deleteඌට පින්තූර ගන්න ඕනි කමක් නෑ බං අයියේ..
ReplyDeleteපස්සෙ ගිහිං කම්පනා කරල අර ගැජට් එකෙන් අඳින්න පුලුවන්නේ
මටත් හිතුනේ බුද්දි අය්යා මොකටද ෆොටො ගන්න මහන්සි වෙන්නේ කියලා.... ඔන එකක ඔන විදිහකට ඇද ගන්න පුලුවන්නේ..
ReplyDeleteමොනවා උනත් වසරේ හොදම වාර්තාකරු විදිහට මාරයා අයියා සම්මාන ගනිවි වගේ
සම්මානේ දෙන්න ඕනෑ මාරයට නෙමෙයි.... මෙකේ නියම වාර්තාකරුට... මිනිහට සම්මානේ දෙනවා ලබන සති අන්තේ..... :D
Delete